9. අලීනසත්ත චරියං
9. අලීනසත්ත චරියං
9. අලීනසත්ත චරියාව
221. පඤ්චාලරට්ඨෙ නගරවරෙ කම්පිල්ලායං පුරුත්තමෙ රාජා ජයද්දිසො නාම සීලගුණමුපාගතො.
221. පඤ්චාල රටැ පිහිටි, දඹදිව අගනුවර වූ කම්පිල්ල නම් නගර වරයෙහි ආචාරශීලයෙන් හා රාජගුණයෙන් ද යුක්ත වූ ජයද්දිස නම් රජෙක් වී.
222. තස්ස රඤ්ඤො අහං පුත්තො සුතධම්මො සුසීලවා අලීනසත්තො ගුණවා අනුරත්තපරිජනො සදා.
222. මම් එරජහට බහුශ්‍රුත වූ සිල්වත් වූ ගුණසම්පන්න වූ හැම කල්හි අනුරක්ත වූ පරිවාර ජනයා ඇති අලීනසත්ත, නම් පුත්‍ර වැ උපන්මි.
223. පිතා මෙ මිගවං ගන්ත්වා පොරිසාදං උපාගමි සො මෙ පිතුමග්ගහෙසි භක්ඛොසි මම මා චලි.
223. (එක් දවසක්) මා ගේ පියරජ මුවදඩ ගොස් පෝරිසාදයා වෙත එළැඹියේ යැ. ඒ පෝරිසාද තෙම ‘තෝ මට ගොදුරු වූයෙහි, නහමක් සැලෙව යි මපියාණන් (අත) අල්ලාගත්තේ යැ.
224. තස්ස තං වචනං සුත්වා භීතො තසිතවෙධිතො ඌරුක්ඛම්භො අහූ තස්ස දිස්වාන පොරිසාදකං.
224. ඒ පෝරිසාදයා ගේ වචනය අසා බියපත් වූයේ ත්‍රස්ත වැ කම්පා වූයේ යැ, පෝරිසාදයා දැක රජහුගේ ඌරුස්තම්භය විය.
225. මිගවං ගහෙත්වා මුඤ්චස්සු කත්වා ආගමනං පුන බ්රාහ්මණස්ස ධනං දත්වා පිතා ආමන්තයී මමං.
225. (රජ) මේ මුවමස ගෙන මා මුදාහරුව’යි කී. පෙරළා ඊමට ප්‍රතිඥා දී අවුත් ඒ නන්ද බමුණුට ධනය දී (ඉක්බිති) පිය රජ තෙම මා කැඳවී.
226. රජ්ජං පුත්ත, පටිපජ්ජ මා පමජ්ජී පුරං ඉදං කතං මෙ පොරිසාදෙන මම ආගමනං පුන.
226. පුත, රජය පිළිගනුව, මේ පුරය රක්නෙහි, නහමක් පමා වෙව, නැවත මා ගේ ඊමට මවිසින් පෝරිසාදයාහට ප්‍රතිඥා දෙනලද.
227. මාතු පිතු ච වන්දිත්වා නිස්සජිත්වාන අත්තානං නික්ඛිපිත්වා ධනුං ඛග්ගං පොරිසාද මුපාගමිං.
227. මම් මාපියන් වැඳ පියා සඳහා ආත්මය පරිත්‍යාග කොට දුන්න හා කඩුව බහා තබා පෝරිසාදයා වෙත එළඹියෙමි.
228. සසත්ථහත්ථූපගතං කදාචි සො තසිස්සතී තෙන භිජ්ජිස්සතී සීලං පරිත්තාසං කතෙ මයි.
228. ආයුධ ගත් අත් ඇති වැ පැමිණි මා දැක හේ ත්‍රස්ත වී නම් මා ඔහු තැතිගැන්වූ කල්හි ඒ හේතුවින් මාගේ ශීලය බිඳෙන්නේ යැ.
229. සීල ඛණ්ඩභයා, මය්හං තස්ස දෙස්සං න බ්යාහරීං මෙත්තචිත්තො හිතවාදී ඉදං වචනමබ්රවිං.
229. ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ඔහුට අප්‍රිය වූ බසක් නො කීමි. මෙත්සිත් ඇතියෙම් හිතවාදී වැ මෙවදන් කීමි.
230. උජ්ජාලෙහි මහාඅග්ගිං පපතිස්සාමි රුක්ඛතො සම්පක්ක කාලමඤ්ඤාය භක්ඛය ත්වං පිතාමහ,
230. මහපියාණෙනි, මහගිනි දල්වාලව. මම් රුකට නැඟී පනින්නෙමි. තෙපි පැලැහුණු කල් දැන මා (මස්) කව.
231. ඉති සීලවතං හෙතු නාරක්ඛිං මම ජීවිතං පබ්බාජෙසිං චහං තස්ස සදා පාණාතිපාතිකන්ති.
231. මෙසෙයින් ශීලව්‍රත හේතුයෙන් මාගේ දිවි නො රැක්කෙමි මම හැම කල්හි ප්‍රාණවධ කරන ඔහු පැවිදි කරවීමි.
අලීනසත්ත චරියං නවමං.
නව වැනි අලීනසත්ත චරියා යි.