යෙදුමෙන් කියවන්න

1. යුධඤ‍්ජයචරියාවණ‍්ණනා අට‍්ඨකථා

1. යුධඤ‍්ජයචරියාවණ‍්ණනා

1. යුධඤ්ජය චරියා වර්ණනාව

242. “යදා අහං අමිතයසො රාජපුත්තො යුධඤ්ජයො” උස්සාව බින්‍දුං සුරියාතපෙ පතිතං දිස්වාන සංවිජිං (චරියා පිටක)

“යම් කලෙක මම අපමණ පිරිවර සම්පත් ඇති යුධඤ්ජය නම් රාජ පුත්‍රයෙක් වීම් ද”

තතියවග‍්ගස‍්ස පඨමෙ අමිතයසොති අපරිමිතපරිවාරවිභවො. රාජපුත‍්තො යුධඤ‍්ජයොති රම‍්මනගරෙ සබ‍්බදත‍්තස‍්ස නාම රඤ‍්ඤො පුත‍්තො නාමෙන යුධඤ‍්ජයො නාම.

තුන්වන වර්‍ගයෙහි පළමුවෙනි (යුධඤ්ජය චරිතයෙහි) “අමිත යසො” යනු අප්‍රමාණ පිරිවර සම්පත් ඇති, “රාජ පුත්තො යුධඤ්ජයො” යනු රම්‍ය නගරයෙහි සබ්බදත්ත නම් රජුගේ පුතා, නමින් යුධඤ්ජය නම් විය.

අයඤ‍්හි බාරාණසී උදයජාතකෙ (ජා· 1.11.37 ආදයො) සුරුන්‍ධනනගරං නාම ජාතා. චූළසුතසොමජාතකෙ (ජා· 2.17.195 ආදයො) සුදස‍්සනං නාම, සොණනන්‍දජාතකෙ (ජා· 2.20.92 ආදයො) බ්‍රහ‍්මවඩ‍්ඪනං නාම, ඛණ‍්ඩහාලජාතකෙ(ජා· 2.22.982 ආදයො) පුප‍්ඵවතී නාම, ඉමස‍්මිං පන යුධඤ‍්ජයජාතකෙ (ජා· 1.11.73 ආදයො) රම‍්මනගරං නාම අහොසි, එවමස‍්ස කදාචි නාමං පරිවත‍්තති. තෙන වුත‍්තං – “රාජපුත‍්තොති රම‍්මනගරෙ සබ‍්බදත‍්තස‍්ස නාම රඤ‍්ඤො පුත‍්තො”ති. තස‍්ස පන රඤ‍්ඤො පුත‍්තසහස‍්සං අහොසි. බොධිසත‍්තො ජෙට‍්ඨපුත‍්තො, තස‍්ස රාජා උපරජ‍්ජං අදාසි. සො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව දිවසෙ දිවසෙ මහාදානං පවත‍්තෙසි. එවං ගච‍්ඡන‍්තෙ කාලෙ බොධිසත‍්තො එකදිවසං පාතොව රථවරං අභිරුහිත්‍වා මහන‍්තෙන සිරිවිභවෙන උය්‍යානකීළං ගච‍්ඡන‍්තො රුක‍්ඛග‍්ගතිණග‍්ගසාඛග‍්ගමක‍්කටකසුත‍්තජාලාදීසු මුත‍්තාජාලාකාරෙන ලග‍්ගෙ උස‍්සාවබින්‍දූ දිස‍්වා “සම‍්ම සාරථි, කිං නාමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “එතෙ, දෙව, හිමසමයෙ පතනකඋස‍්සාවබින්‍දූ නාමා”ති සුත්‍වා දිවසභාගං උය්‍යානෙ කීළිත්‍වා සායන‍්හකාලෙ පච‍්චාගච‍්ඡන‍්තො තෙ අදිස‍්වා “සම‍්ම සාරථි, කහං තෙ උස‍්සාවබින්‍දූ, න තෙ ඉදානි පස‍්සාමී”ති පුච‍්ඡිත්‍වා “දෙව, සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ සබ‍්බෙ භිජ‍්ජිත්‍වා විලයං ගච‍්ඡන‍්තී”ති සුත්‍වා “යථා ඉමෙ උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජන‍්ති, එවං ඉමෙසං සත‍්තානං ජීවිතසඞ‍්ඛාරාපි තිණග‍්ගෙ උස‍්සාවබින්‍දුසදිසාව, තස‍්මා මයා බ්‍යාධිජරාමරණෙහි අපීළිතෙනෙව මාතාපිතරො ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිතුං වට‍්ටතී”ති උස‍්සාවබින්‍දුමෙව ආරම‍්මණං කත්‍වා ආදිත‍්තෙ විය තයො භවෙ පස‍්සන‍්තො අත‍්තනො ගෙහං ආගන‍්ත්‍වා අලඞ‍්කතපටියත‍්තාය විනිච‍්ඡයසාලාය නිසින‍්නස‍්ස පිතු සන‍්තිකමෙව ගන‍්ත්‍වා පිතරං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො පබ‍්බජ‍්ජං යාචි. තෙන වුත‍්තං –

මේ බරණැස් නුවර උදය ජාතකයෙහි “සුදුද්ද” නගරය නම් විය. චූළසුතසෝම ජාතකයෙහි සුදර්‍ශන නම් විය. සොනනන්‍ද ජාතකයෙහි “බ්‍රහ්මවර්‍ධන” නම් විය. ඛණ්ඩහාල ජාතකයෙහි “පුෂ්පවතී” නම් විය. මේ යුධඤ්ජය ජාතකයෙහි රම්‍ය නගරය නම් විය. මෙසේ මේ නගරයෙහි නම සමහර කාලයන්හි වෙනස් වේ. එහෙයින් “රාජපුත්තොති රම්මනගරෙ සබ්බදත්තස්ස නාම රඤ්ඤෙ පුත්තො” යයි කියන ලදී. ඒ රජුට පුත්‍රයෝ දහසක් වූහ. බෝධිසත්ත්‍වයෝ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. රජතුමා ඔහුට යුවරජකම දුන්නේය. ඔහු යට සඳහන් පරිදිම දවස් පතා මහදන් පැවැත්වීය. මෙසේ කල්ගතවන විට බෝධිසත්ත්‍වයෝ එක් දිනක් උදෑසනම උතුම් රථයට නැගී මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් උයන් කෙළියට යන්නාහු ගස් අග, තණ අග, අතු අග, මකුළු දැල් ආදියෙහි මුතු දැල් සේ එල්ලුනා වූ පිනි බිඳු දැක “යහළු රියදුර, මේ කිමෙක්දැයි අසා දේවයන් වහන්ස, මේ හිම ඇති කල්හි වැටෙන පිනි බිඳුය’යි අසා දිවා කාලය උයනෙහි ක්‍රීඩාකොට සවස් කල ආපසු යන්නාහු ඒ පිනිබිඳු නො දැක “යහළු රියැදුර, ඒ පිනි බිඳු කොහිද? ඒවා දැන් නො දකිමි’යි විමසා “දේවයන් වහන්ස, හිරු උදාවන විට සියල්ල බිඳී වියලී යති”යි අසා “යම්සේ මේවා ඉපදී බිඳේ ද මෙසේ මේ සත්ත්‍වයන්ගේ ජීවිත සංස්කාරයෝද තණ අග පිනිබිඳු වැනියහ. එහෙයින් මවිසින් ව්‍යාධි, ජරා, මරණයෙන් පීඩාවන්ට පෙරම මවුපියන් විමසා පැවිදි වීමට වටීයයි පිනි බිඳුම අරමුණු කොට භවත්‍රය ගිනි ගෙන දිලිසෙන්නාක් මෙන් දකින්නාහු තම ගෙට පැමිණ සරසා පිළියෙළ කළ විනිශ්චය ශාලාවේ හුන් පියාණන් සමීපයට ගොස් පියාට වැඳ එකත්පසෙක සිට පැවිදිවන්නට අවසර ඉල්ලූහ. එහෙයින් වදාළහ.

“උස‍්සාවබින්‍දුං සූරියාතපෙ, පතිතං දිස‍්වාන සංවිජිං.

උස්සාවබින්‍දුං සුරියාතපෙ පතිතං දිස්වාන සංවිජිං

“තඤ‍්ඤෙවාධිපතිං කත්‍වා, සංවෙගමනුබ්‍රූහයිං; මාතාපිතූ ච වන්‍දිත්‍වා, පබ‍්බජ‍්ජමනුයාචහ”න‍්ති.

243. “තඤ්ඤෙවාධිපතිං කත්‍වා සංවෙගමනුබ්‍රෑහයිං, මාතාපිතුච වන්‍දිත්‍වා පබ්බජ්ජමනුයාචහන්ති. (චරියා පිටක)

“සූර්‍ය්‍ය රශ්මියෙන් විනාශ වූ පිනි බින්දු දැක සංවේගයට පැමිණියෙමි. ඒ පිනි බින්දුන්ගේ අනිත්‍යතාව නිමිතිකොට ගෙන සංවේගය වැඩුයෙමි. මම මවු ද පියා ද වැඳ පැවිදිවීම පිණිස අවසර ඉල්ලීමි.

තත්‍ථ සූරියාතපෙති සූරියාතපහෙතු, සූරියරස‍්මිසම‍්ඵස‍්සනිමිත‍්තං. “සූරියාතපෙනා”තිපි පාඨො. පතිතං දිස‍්වානාති විනට‍්ඨං පස‍්සිත්‍වා, පුබ‍්බෙ රුක‍්ඛග‍්ගාදීසු මුත‍්තාජාලාදිආකාරෙන ලග‍්ගං හුත්‍වා දිස‍්සමානං සූරියරස‍්මිසම‍්ඵස‍්සෙන විනට‍්ඨං පඤ‍්ඤාචක‍්ඛුනා ඔලොකෙත්‍වා. සංවිජින‍්ති යථා එතානි, එවං සත‍්තානං ජීවිතානිපි ලහුං ලහුං භිජ‍්ජමානසභාවානීති අනිච‍්චතාමනසිකාරවසෙන සංවෙගමාපජ‍්ජිං.

එහි “සුරියාතපෙ” යනු සූර්‍ය්‍ය රශ්මිය හේතුවෙන්, සූර්‍ය්‍ය රශ්මිය වැදීම නිමිතිකොට, “සුරියාතපෙන” යයිද පාඨයකි. “පතිතං දිස්වාන” යනු විනාශ වූ බව දැක, පෙර ගස් අග ආදියෙහි මුතුදැල් ආදි ආකාරයෙන් එල්ලී පෙනෙමින් තිබූ පිනිබිඳු සූර්‍ය්‍ය රශ්මිය වැටීමෙන් විනාශ වූ බව පැණසින් දැක, “සංවිජිං” යනු මේවා යම්සේද එසේ සත්ත්‍වයන්ගේ ජීවිතයෝ ද වහවහා බිඳීම ස්වභාව කොට ඇත්තාහ’යි අනිත්‍යතාව මෙනෙහි කිරීම් වශයෙන් සංවේගයට පැමිණියෙමි.

තඤ‍්ඤෙවාධිපතිං කත්‍වා, සංවෙගමනුබ්‍රූහයින‍්ති තඤ‍්ඤෙව උස‍්සාවබින්‍දූනං අනිච‍්චතං අධිපතිං මුඛං පුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං කත්‍වා තථෙව සබ‍්බසඞ‍්ඛාරානං ඉත‍්තරට‍්ඨිතිකතං පරිත‍්තකාලතං මනසිකරොන‍්තො එකවාරං උප‍්පන‍්නං සංවෙගං පුනප‍්පුනං උප‍්පාදනෙන අනුවඩ‍්ඪෙසිං. පබ‍්බජ‍්ජමනුයාචහන‍්ති “තිණග‍්ගෙ උස‍්සාවබින්‍දූ විය න චිරට‍්ඨිතිකෙ සත‍්තානං ජීවිතෙ මයා බ්‍යාධිජරාමරණෙහි අනභිභූතෙනෙව පබ‍්බජිත්‍වා යත්‍ථ එතානි න සන‍්ති, තං අමතං මහානිබ‍්බානං ගවෙසිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා මාතාපිතරො උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “පබ‍්බජ‍්ජං මෙ අනුජානාථා”ති තෙ අහං පබ‍්බජ‍්ජං යාචිං. එවං මහාසත‍්තෙන පබ‍්බජ‍්ජාය යාචිතාය සකලනගරෙ මහන‍්තං කොලාහලමහොසි – “උපරාජා කිර යුධඤ‍්ජයො පබ‍්බජිතුකාමො”ති .

“තඤ්ඤෙවාධිපතිං කත්‍වා සංවෙගමනුබ්‍රෑහයිං” යනු එම පිනිබින්දුන්ගේ අනිත්‍යතාවම අධිපතිකොට, ප්‍රමුඛකොට, පූර්‍වඞ්ගම කොට, ඉදිරියෙන් යන්නෙක් කොට, එසේ සියලු සංස්කාරයන්ගේ අස්ථිර බව, මඳකලක් පවත්නා බව සිහිකරන්නේ එක්වරක් උපන් සංවේගය නැවත නැවත ඉපිදවීම් වශයෙන් වැඩූයෙමි. “පබ්බජ්ජ මනුයාචහං” යනු තණ අග පිනිබිඳු මෙන් සත්ත්‍වයන්ගේ ජීවිත චිරස්ථායි නොවන කල ව්‍යාධි, ජරා මරණයෙන් නොමැඬුනා වූම මවිසින් පැවිදිව යම් තැනෙක්හි මේවා නොවේ ද ඒ අමෘතමහා නිර්‍වාණය සෙවිය යුතුයයි සිතා මවුපියන් වෙත එළඹ වැඳ මට පැවිදි වීමට කැමැත්ත දෙනු මැනවැයි මම ඔවුන්ගෙන් පැවිද්ද ඉල්ලීමි. මෙසේ මහාසත්ත්‍වයන් විසින් පැවිද්ද සඳහා අවසර ඉල්ලූ කල්හි “යුධඤ්ජය යුවරජු වනාහි පැවිදිවනු කැමැත්තේ ය’යි සියලු නගරයෙහි කෝලහලයක් විය.

තෙන ච සමයෙන කාසිරට‍්ඨවාසිනො රාජානං දට‍්ඨුං ආගන‍්ත්‍වා රම‍්මකෙ පටිවසන‍්ති. තෙ සබ‍්බෙපි සන‍්නිපතිංසු. ඉති සපරිසො රාජා නෙගමා චෙව ජානපදා ච බොධිසත‍්තස‍්ස මාතා දෙවී ච සබ‍්බෙ ච ඔරොධා මහාසත‍්තං “මා ඛො ත්‍වං, තාත කුමාර, පබ‍්බජී”ති නිවාරෙසුං. තත්‍ථ රාජා “සචෙ තෙ කාමෙහි ඌනං, අහං තෙ පරිපූරයාමි, අජ‍්ජෙව රජ‍්ජං පටිපජ‍්ජාහී”ති ආහ. තස‍්ස මහාසත‍්තො –

එසමයෙහි කසීරටවාසීහු රජු දැකීමට පැමිණ රම්‍ය නගරයෙහි වෙසෙති. ඔවුහු සියල්ලෝම එහි රැස්වූහ. මෙසේ පිරිවර සහිත රජතුමා ද නියම්ගම් වැසියෝ මෙන්ම ජනපද වැසියෝ ද බෝධිසත්ත්‍වයන්ගේ මවුදේවිය ද අන්තඃපුර සියලු ස්ත්‍රීහු ද “පුත, කුමාරයෙනි, පැවිදි නොවනු මැනව’යි මහාසත්ත්‍වයන් වැළැක්වූහ. එහිදී රජතුමා ඉදින් නුඹට පඤ්චකාමයෙන් අඩුවක් වී නම් මම එය පුරවන්නෙමි. අදම රාජ්‍යය පිළිගනුව’යි කීය බෝධිසත්ත්‍වයෝ පියාණන්ට,

“මා මං දෙව නිවාරෙහි, පබ‍්බජන‍්තං රථෙසභ; මාහං කාමෙහි සම‍්මත‍්තො, ජරාය වසමන්‍වගූ”ති. (ජා· 1.11.77) –

“පියරජතුමනි, පැවිදිවන මා නොවළක්වනු මැනවි. මා කාමයෙන් මත්වූවෙක් නො වෙම්වා. ජරාවේ වසඟයට යන්නෙක් නොවෙම්වා’යි” (ජාතක පාලි)

අත‍්තනො පබ‍්බජ‍්ජාඡන්‍දමෙව වත්‍වා තං සුත්‍වා සද‍්ධිං ඔරොධෙහි මාතුයා කරුණං පරිදෙවන‍්තියා –

තමාගේ පැවිද්දට ඇති කැමැත්තම කියා - එය අසා අන්තඃපුර ස්ත්‍රීන් සමග අනුකම්පා කටයුතු සේ වැලපෙන මෑණියන්ට,

“උස‍්සාවොව තිණග‍්ගම‍්හි, සූරියුග‍්ගමනං පති; එවමායු මනුස‍්සානං, මා මං අම‍්ම නිවාරයා”ති. (ජා· 1.11.79) –

“මනුෂ්‍යයන්ගේ ආයුෂ හිරු උදාවන සමයේ තණ අග පිනිබිඳු වැනිය. මෑණියනි, මා නො වළක්වනු මැනවි’යි (ජාතක පාලිය)

අත‍්තනො පබ‍්බජ‍්ජාකාරණං කථෙත්‍වා නානප‍්පකාරං තෙහි යාචියමානොපි අභිසංවඩ‍්ඪමානසංවෙගත‍්තා අනොසක‍්කිතමානසො පියතරෙ මහති ඤාතිපරිවට‍්ටෙ උළාරෙ රාජිස‍්සරියෙ ච නිරපෙක‍්ඛචිත‍්තො පබ‍්බජි. තෙන වුත‍්තං –

තමා පැවිදි වීමට හේතුව කියා ඔවුන් විසින් නොයෙක් ආකාරයෙන් ඉල්ලා සිටිනු ලබන කල්හිත් වැඩෙන සංවේග ඇති බැවින් නොපසුබස්නා සිත් ඇත්තාහු ඉතා ප්‍රිය වූ මහත් ඥාති වර්‍ගයා කෙරෙහිත් උදාර රාජසම්පත් කෙරෙහිත් අපේක්‍ෂා රහිත සිත් ඇත්තාහු පැවිදි වූහ. එහෙයින් වදාරණ ලදී:-

“යාචන‍්ති මං පඤ‍්ජලිකා, සනෙගමා සරට‍්ඨකා; අජ‍්ජෙව පුත‍්ත පටිපජ‍්ජ, ඉද‍්ධං ඵීතං මහාමහිං.

244. “යාචන්ති මං පඤ්ජලිකා සනෙගමා සරට්ඨකා අජ්ජෙව පුත්ත පටිපජ්ජ ඉද්ධංඵිතං මහාමහිං”

“සරාජකෙ සහොරොධෙ, සනෙගමෙ සරට‍්ඨකෙ; කරුණං පරිදෙවන‍්තෙ, අනපෙක‍්ඛො පරිච‍්චජි”න‍්ති.

245. “සරාජකෙ සහොරොධෙ සනෙගමෙ සරට්ඨකෙ කරුණං පරිදෙවන්තෙ අනපෙක්‍ඛො හි පබ්බජිං” (චරියා පිටක)

“නියම්ගම් වැස්සන් සහිත වූද රට වැස්සන් සහිත වූද සියලු රාජ පුරුෂයෝ බඳනා ලද ඇඳිලි ඇතිව මට යාඥා කෙරෙත් (මවුපියෝ ද) “පුත්‍රය, සමෘද්ධ වූ (සම්පත්තියෙන්) පිරුණා වූ මේ මහා පෘථිවිය අදම අනුශාසනා කරව’යි යාඥා කෙරෙත්.

රජුන් සහිත වූ අන්තඃපුර ස්ත්‍රීන් සහිත වූ නියම්ගම් වැස්සන් සහිත වූ රට වැසියන් සහිත වූ (මහජනයා) බැගෑපත්ව වැළපෙන කල්හි නොඇලුණු සිත් ඇතිව (රජ ඉසුරු ආදිය) පරිත්‍යාග කළෙමි.

තත්‍ථ පඤ‍්ජලිකාති පග‍්ගහිතඅඤ‍්ජලිකා. සනෙගමා සරට‍්ඨකාති නෙගමෙහි චෙව රට‍්ඨවාසීහි ච සද‍්ධිං සබ‍්බෙ රාජපුරිසා “මා ඛො, ත්‍වං දෙව, පබ‍්බජී”ති මං යාචන‍්ති. මාතාපිතරො පන අජ‍්ජෙව පුත‍්ත පටිපජ‍්ජ, ගාමනිගමරාජධානිඅභිවුද‍්ධියා වෙපුල‍්ලප‍්පත‍්තියා ච, ඉද‍්ධං විභවසාරසම‍්පත‍්තියා සස‍්සාදිනිප‍්ඵත‍්තියා ච, ඵීතං ඉමං මහාමහිං අනුසාස, ඡත‍්තං උස‍්සාපෙත්‍වා රජ‍්ජං කාරෙහීති යාචන‍්ති. එවං පන සහ රඤ‍්ඤාති සරාජකෙ, තථා සහොරොධෙ සනෙගමෙ සරට‍්ඨකෙ මහාජනෙ යථා සුණන‍්තානම‍්පි පගෙව පස‍්සන‍්තානං මහන‍්තං කාරුඤ‍්ඤං හොති, එවං කරුණං පරිදෙවන‍්තෙ තත්‍ථ තත්‍ථ අනපෙක‍්ඛො අලග‍්ගචිත‍්තො “අහං තදා පබ‍්බජි”න‍්ති දස‍්සෙති.

එහි “පඤ්ජලිකා” යනු බඳින ලද ඇඳිලි ඇත්තාහු “සනෙගමා සරට්ඨකා” යනු නියම්ගම් වැසියන් මෙන්ම රට වැසියන් ද සමග සියලු රාජ පුරුෂයෝ දේවයන් වහන්ස, නුඹවහන්සේ පැවිදි නොවනු මැනව’යි මගෙන් ඉල්ලා සිටිති. මවුපියෝ වනාහි “අජ්ජෙව පුත්ත පටිපජ්ජ” පුත, අදම රාජ්‍යය පිළිපදුව. ගම් නියම්ගම් රාජධානීන්හි අභිවෘද්ධියෙන්ද විපුලත්‍වයට පැමිණීමෙන්ද “ඉද්ධ” වූ, ධනසාර සම්පත්තියෙන් සහ ධ්‍යන්‍යාදිය නිෂ්පාදනයෙන් ද “ඵිතං” සමෘද්ධ වූ මේ “මහාමහිං” (මහා පෘථිවිය) අනුශාසනා කරව, ඡත්‍ර නංවා රාජ්‍යය කරව’යි යාඥා කෙරෙත් (ඉල්ලා සිටිති) මෙසේ වනාහි රජු සහිත වූයේ “සරාජකෙ”යි “සහොරොධෙ, සනෙගමෙ, සරට්ඨකෙ යන පදද එසේමය. යම්සේ මහජනයාට මහත් වූ කරුණාවක් ඇතිවේද අසන්නන්ට ද එසේමය. දකින්නන්ට මහත් කරුණාවක් ඇතිවීම ගැන කියනුම කවරේද? එසේ “කරුණං පරිදෙවන්තෙ” (බැගෑපත්ව වැළපෙන කල්හි) එහි “අනපෙක්‍ඛො” නොඇලුණු සිත් ඇතිව මම එදින පැවිදිවීමි’යි දක්වයි.

ඉදානි යදත්‍ථං චක‍්කවත‍්තිසිරිසදිසං රජ‍්ජසිරිං පියතරෙ ඤාතිබන්‍ධවෙ පහාය සිනිද‍්ධං පරිග‍්ගහපරිජනං ලොකාභිමතං මහන‍්තං යසඤ‍්ච නිරපෙක‍්ඛො පරිච‍්චජින‍්ති දස‍්සෙතුං ද‍්වෙ ගාථා අභාසි.

දැන් චක්‍රවර්ති සම්පත් සමාන රාජ්‍ය සම්පත් ද, අතිශයින් ප්‍රිය වූ ඥාති බන්‍ධූන් ද අත්හැර, සෙනෙහැති පිරිවර ජනයා ද ලෝකාභිමත මහත් කීර්තිය ද අපේක්‍ෂා නොකරමින් යම් අර්‍ථයක් සඳහා අත්හැරියෙම් ද යන්න දැක්වීමට ගාථා දෙකක් වදාළහ.

246. “කෙවලං පඨවිං රජ්ජං ඤාතිපරිජනං යසං චජමානො න චින්තෙ සිං බොධියායෙව කාරණා

247. “මාතා පිතා න මෙ දෙස්සා නපි මෙ දෙස්සං මහායසං සබ්බඤ්ඤුතං තං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජින්ති”

“සියලු පෘථිවිය ද රජ ඉසුරු ද නෑයන්ද පිරිවර ජනයා ද කීර්තිය ද පරිත්‍යාග කරමින් ඒ ගැන නොසිතුවෙමි සර්‍වඥතා ඥානය ලැබීමට ඇති කැමැත්තම එයට හේතුවයි.

මවුපිය දෙදෙනා මට අප්‍රියයෝ නොවෙති. මහත් ඓශ්වර්‍ය්‍යයද මට අප්‍රිය නොවෙයි. මට සර්‍වඥතා ඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය අත්හළෙමි.

තත්‍ථ කෙවලන‍්ති අනවසෙසං ඉත්‍ථාගාරං සමුද‍්දපරියන‍්තඤ‍්ච පථවිං පබ‍්බජ‍්ජාධිප‍්පායෙන චජමානො එවං මෙ සම‍්මාසම‍්බොධි සක‍්කා අධිගන‍්තුන‍්ති බොධියායෙව කාරණා න කිඤ‍්චි චින‍්තෙසිං, න තත්‍ථ ඊසකං ලග‍්ගං ජනෙසින‍්ති අත්‍ථො. තස‍්මාති යස‍්මා මාතාපිතරො තඤ‍්ච මහායසං රජ‍්ජඤ‍්ච මෙ න දෙස‍්සං , පියමෙව, තතො පන සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමෙව මය‍්හං පියතරං, තස‍්මා මාතාදීහි සද‍්ධිං රජ‍්ජං අහං තදා පරිච‍්චජින‍්ති.

එහි “කෙවලං” යනු ඉතිරියක් නැතිව අන්තඃපුරය ද මුහුද කෙළවර කොට ඇති පොළොව ද පැවිදිවීමේ අදහසින් අත්හරින්නේ මෙසේ සම්මා සම්බෝධිය අවබෝධ කරගැනීමට හැකියයි “බොධියා යෙව කාරණා” (සර්‍වඥතා ඥානයම කරුණු වශයෙන් සලකා) අන් කිසිවක් නො සිතුවෙමි. එහි ස්වල්පයක්වත් ඇලීමක් නුපදවීමි යන අර්‍ථයයි. “තස්මා” යනු මවුපියන් මෙන්ම ඒ මහා සම්පත් ද රාජ්‍යය ද මට අප්‍රිය නොවේ. ප්‍රියමය. යම්හෙයකින් ඊට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ලක්‍ෂ ගුණයකින් සර්‍වඥතා ඥානයම මට ඉතාමත් ප්‍රියවේද එහෙයින් මවුපියන් සමග රාජ්‍යය මම එකල්හි පරිත්‍යාග කෙළෙමි’ යනුයි.

තදෙතං සබ‍්බං පරිච‍්චජිත්‍වා පබ‍්බජ‍්ජාය මහාසත‍්තෙ නික‍්ඛමන‍්තෙ තස‍්ස කනිට‍්ඨභාතා යුධිට‍්ඨිලකුමාරො නාම පිතරං වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා බොධිසත‍්තං අනුබන්‍ධි. තෙ උභොපි නගරා නික‍්ඛම‍්ම මහාජනං නිවත‍්තෙත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා මනොරමෙ ඨානෙ අස‍්සමපදං කත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා වනමූලඵලාදීහි යාවජීවං යාපෙත්‍වා බ්‍රහ‍්මලොකපරායනා අහෙසුං. තෙනාහ භගවා –

එකල්හි මේ සියල්ල පරිත්‍යාග කොට පැවිදි වීමට මහාසත්ත්‍වයන් නික්මෙන කල්හි එතුමන්ගේ බාල සොහොයුරු යුධිට්ඨිල නම් කුමාරයා පියාණන්ට වැඳ පැවිද්දට අවසර ගෙන බෝධිසත්ත්‍වයන් ලුහුබැඳ ගියේය. ඒ දෙදෙනාම නගරයෙන් නික්ම මහජනයා නවතා හිමවතට පිවිස මනරම් තැනක අසපුවක් කොට ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ධ්‍යාන අභිඥා උපදවා වනමුල් ගෙඩි ආදියෙන් දිවිතෙක් යැපී බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබූහ. භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළහ.

“උභො කුමාරා පබ‍්බජිතා, යුධඤ‍්ජයො යුධිට‍්ඨිලො; පහාය මාතාපිතරො, සඞ‍්ගං ඡෙත්‍වාන මච‍්චුනො”ති. (ජා· 1.11.83);

“උභො කුමාරා පබ්බජිතා යුධඤ්ජයො යුධිට්ඨිලො පහාය මාතා පිතරො සඞ්ගං ඡෙත්‍වාන මච්චුනො’ති (ජාතක පාලිය)

“යුධඤ්ජය, යුධිට්ඨිල යන කුමාරවරු මවුපියන් හැරදමා මරුවාගේ බැමි කපා පැවිදි වූහ.

තත්‍ථ සඞ‍්ගං ඡෙත්‍වාන මච‍්චුනොති මච‍්චුමාරස‍්ස සහකාරිකාරණභූතත‍්තා සන‍්තකං රාගදොසමොහසඞ‍්ගං වික‍්ඛම‍්භනවසෙන ඡින්‍දිත්‍වා උභොපි පබ‍්බජිතාති.

එහි “සඞ්ගං ජෙත්‍වාන මච්චුනො” යනු මෘත්‍යු මාරයාට සහකාරි කරුණු වූ හෙයින් සන්තානගත රාගදෝස මෝහ සඞ්ඛ්‍යාත සඞ්ගයන් වික්‍ඛම්භණ වශයෙන් සිඳ දෙදෙනාම පැවිදිවූහ යනුයි.

තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, යුධිට‍්ඨිලකුමාරො ආනන්‍දත්‍ථෙරො, යුධඤ‍්ජයො ලොකනාථො.

එකල්හි මවුපියෝ මහාරාජ කුලයෝ වූහ. යුධිට්ඨිල කුමාරයා ආනන්‍ද තෙරය. යුධඤ්ජය නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස පබ‍්බජ‍්ජතො පුබ‍්බෙ පවත‍්තිතමහාදානානි චෙව රජ‍්ජාදිපරිච‍්චාගො ච දානපාරමී, කායවචීසංවරො සීලපාරමී, පබ‍්බජ‍්ජා ච ඣානාධිගමො ච නෙක‍්ඛම‍්මපාරමී, අනිච‍්චතො මනසිකාරං ආදිං කත්‍වා අභිඤ‍්ඤාධිගමපරියොසානා පඤ‍්ඤා දානාදීනං උපකාරානුපකාරධම‍්මපරිග‍්ගණ‍්හනපඤ‍්ඤා ච පඤ‍්ඤාපාරමී, සබ‍්බත්‍ථ තදත්‍ථසාධනං වීරියං වීරියපාරමී , ඤාණඛන‍්ති අධිවාසනඛන‍්ති ච ඛන‍්තිපාරමී, පටිඤ‍්ඤාය අවිසංවාදනං සච‍්චපාරමී, සබ‍්බත්‍ථ අචලසමාදානාධිට‍්ඨානං අධිට‍්ඨානපාරමී, සබ‍්බසත‍්තෙසු හිතචිත‍්තතාය මෙත‍්තාබ්‍රහ‍්මවිහාරවසෙන ච මෙත‍්තාපාරමී, සත‍්තසඞ‍්ඛාරකතවිප‍්පකාරඋපෙක‍්ඛනවසෙන උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරවසෙන ච උපෙක‍්ඛාපාරමීති දස පාරමියො ලබ‍්භන‍්ති. විසෙසතො පන නෙක‍්ඛම‍්මපාරමීති වෙදිතබ‍්බා. තථා අකිත‍්තිචරියායං විය ඉධාපි මහාපුරිසස‍්ස අච‍්ඡරියගුණා යථාරහං නිද‍්ධාරෙතබ‍්බා. තෙන වුච‍්චති “එවං අච‍්ඡරියා හෙතෙ, අබ‍්භුතා ච මහෙසිනො…පෙ… ධම‍්මස‍්ස අනුධම‍්මතො”ති.

එතුමන්ගේ පැවිදි වීමට පෙර පැවැත්වූ මහාදානාදිය මෙන්ම රාජ්‍යාදිය පරිත්‍යාග කිරීමත් දාන පාරමීය. කායවාග් සංවරය ශීල පාරමීය. ප්‍රව්‍රජ්‍යාදී ධ්‍යානධිගමය නෙක්‍ඛම්ම පාරමීය, අනිත්‍යතාදී ලක්‍ෂණ මෙනෙහි කිරීම ආදි කොට අභිඥා අධිගමය අවසන් කොට ඇති ප්‍රඥාව, දානාදියට උපකාර අනුපකාර ධර්‍ම පරීක්‍ෂා කරන ප්‍රඥාව ද ප්‍රඥා පාරමීය. සියලු තන්හි එම අර්‍ථසාධන වීර්‍ය්‍යය විරිය පාරමීය, ඥාන ක්‍ෂාන්තිය හා අධිවාසන ක්‍ෂාන්තිය ඛන්ති පාරමීය, ප්‍රතිඥාවට විරුද්ධව කථා නොකිරීම සච්චපාරමීය, සියලු තන්හි අචල සමාදානයාගේ අධිෂ්ඨානය අධිට්ඨාන පාරමීය. සියලු සත්ත්‍වයන් කෙරෙහි හිත සිත් ඇති බවද, මෛත්‍රී බ්‍රහ්ම විහාර වශයෙන්ද මෙත්තා පාරමීය. සත්ත්‍ව සංස්කාරයන් විසින් කරන ලද විප්‍රකාරයන්හි උපේක්‍ෂාව උපේක්‍ෂා කිරීම් වශයෙන්ද බ්‍රහ්මවිහාර වශයෙන්ද උපෙක්‍ඛා පාරමී යයි දශ පාරමිතාවෝම (මෙම චරිතයෙහි) ලැබෙත්. විශේෂ වශයෙන් වනාහි නෙක්‍ඛම්ම පාරමිතාව යයි දත යුතුය. අකිත්ති චරිතයෙහි මෙන් මෙහිද මහා පුරුෂයන්ගේ ආශ්චර්‍ය්‍ය ගුණයෝ සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. “එවං අච්ඡරියා එතෙ අබ්භුතාච මහෙසිනො - ධම්මස්ස අනුධම්මතා’යි (අකිත්ති චරියා)

යුධඤ‍්ජයචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමුවෙනි යුධඤ්ජය චරිතයයි.