2. සොමනස්සචරියාවණ්ණනා අට්ඨකථා
2. සොමනස්සචරියාවණ්ණනා
2. සෝමනස්ස චරියා වර්ණනාව
248. “පුනාපරං යදා හොමි ඉන්දපත්තෙ පුරුත්ත මෙ කාමිතො දයිතො පුත්තො සොමනස්සොති විස්සුතො
249. “සීලවා ගුණසම්පන්තො කල්‍යාණ පටිභාණවා වුද්ධාපචායී හිරිමා සඞ්ග හෙසුච කොවිදො
250. “තස්ස රඤ්ඤො පකරො අහොසි කුහක තාපසො ආරාමං මාලාවච්ඡඤ්ච රොපයිත්වාන ජීවතී” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම්කලෙක්හි (මම) උතුම් වූ ඉඳිපත් නුවර මවුපියන් විසින් පතන ලද්දා වූ අතිශයින් ප්‍රිය කරන ලද සොමනස්ස යයි ප්‍රසිද්ධ වූ පුත්‍රයෙක් වීම් ද, එකල්හි (මම) සිල්වත් වූ, ගුණයෙන් යුතු මනාසේ වැටහෙන නුවණ ඇති කුලදෙටුවන් පුදන්නා වූ (පවට) ලජ්ජා ඇති (සතර) සංග්‍රහ වස්තුන්හි දක්ෂයෙක් වීමි.
ඒ රජුට වල්ලභ වූ කුහක තාපසයෙක් වූයේය. (ඒ තාපසතෙම) පුෂ්පාරාම ද ඵලාරාම ද වවා (ඒවා විකුණා) ජිවත් වෙයි.
දුතියෙ ඉන්දපත්ථෙ පුරුත්තමෙති එවංනාමකෙ නගරවරෙ. කාමිතොති මාතාපිතුආදීහි “අහො වත එකො පුත්තො උප්පජ්ජෙය්යා”ති එවං චිරකාලෙ පත්ථිතො. දයිතොති පියායිතො. සොමනස්සොති විස්සුතොති “සොමනස්සො”ති එවං පකාසනාමො.
දෙවෙනි (සොමනස්ස චරිතයෙහි) “ඉන්දපත්තෙ පුරුත්තමෙ” යනු මෙනම් වූ උතුම් නගරයෙහි, “කාමිතො” යනු මවුපිය ආදීන් විසින් “අනේ, ඒකාන්තයෙන් එක් පුතෙක් උපදින්නේ නම් මැනවැ’යි බොහෝ කාලයක සිට පතන ලද්දේ, “දයිතො” යනු ප්‍රිය කරන ලද, “සොමනස්සොති විස්සුතො” යනු සෝමනස්ස යයි මෙසේ ප්‍රකාශ වූ නම් ඇති
සීලවාති දසකුසලකම්මපථසීලෙන චෙව ආචාරසීලෙන ච සමන්නාගතො. ගුණසම්පන්නොති සද්ධාබාහුසච්චාදිගුණෙහි උපෙතො, පරිපුණ්ණො වා. කල්යාණපටිභානවාති තංතංඉතිකත්තබ්බසාධනෙන උපායකොසල්ලසඞ්ඛාතෙන ච සුන්දරෙන පටිභානෙන සමන්නාගතො. වුඩ්ඪාපචායීති මාතාපිතරො කුලෙ ජෙට්ඨාති එවං යෙ ජාතිවුඩ්ඪා, යෙ ච සීලාදිගුණෙහි වුඩ්ඪා, තෙසං අපචායනසීලො. හිරීමාති පාපජිගුච්ඡනලක්ඛණාය හිරියා සමන්නාගතො. සඞ්ගහෙසු ච කොවිදොති දානපියවචනඅත්ථචරියාසමානත්තතාසඞ්ඛාතෙහි චතූහි සඞ්ගහවත්ථූහි යථාරහං සත්තානං සඞ්ගණ්හනෙසු කුසලො. එවරූපො රෙණුස්ස නාම කුරුරාජස්ස පුත්තො සොමනස්සොති විස්සුතො යදා හොමීති සම්බන්ධො.
“සීලවා” යනු දශකුශලකර්මපථ ශීලයෙන් මෙන්ම ආචාරශීලයෙන් ද යුක්ත වූ “ගුණසමන්නො” යනු ශ්‍රද්ධා, බහුශ්‍රැත ආදී ගුණයන්ගෙන් යුක්ත වූ හෝ සම්පූර්ණ වූ. “කල්‍යාණ පටිභානවා” යනු ඒ ඒ දෙය මෙසේ කළ යුතුයයි සිද්ධ කිරීමෙන් ද, උපාය කෞශල්‍ය සඞ්ඛ්‍යාත සුන්දර ප්‍රතිභාන ඥානයෙන් ද යුක්ත වූ “වුද්ධාපචායී” යනු මවුපියෝය කුල දෙටුවෝය යන උපතින් වැඩිහිටියෝ වෙත්ද, යම් ශීලාදී ගුණයන්ගෙන් වැඩිහිටියෝ වෙත්ද ඔවුන්ට පුදන සුලු වූ “හිරිමා” යනු පව පිළිකුල් කරන ලක්ෂණය ඇති ලජ්ජාවෙන් යුත්, “සඞ්ගහෙසුච කොවිදො” යනු දාන, ප්‍රියවචන, අර්ථචර්ය්යා, සමානාත්මතා සඞ්ඛ්‍යාත සතර සංග්‍රහ වස්තුන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයන්ට සංග්‍රහ කිරීමෙහි දක්ෂ වූ, මෙබඳු වූ “රේණු” නම් කුරුරජුගේ පුතා, “සෝමනස්ස” යයි යම්කලෙක ප්‍රසිද්ධ වූයෙම් ද යනු සම්බන්ධය වේ.
තස්ස රඤ්ඤො පතිකරොති තෙන කුරුරාජෙන පති අභික්ඛණං උපකත්තබ්බභාවෙන පතිකරො වල්ලභො. කුහකතාපසොති අසන්තගුණසම්භාවනලක්ඛණෙන කොහඤ්ඤෙන ජීවිතකප්පනකො එකො තාපසො, තස්ස රඤ්ඤො සක්කාතබ්බො අහොසි. ආරාමන්ති ඵලාරාමං, යත්ථ එළාලුකලාබුකුම්භණ්ඩතිපුසාදිවල්ලිඵලානි චෙව තණ්ඩුලෙය්යකාදිසාකඤ්ච රොපීයති. මාලාවච්ඡන්ති ජාතිඅතිමුත්තකාදිපුප්ඵගච්ඡං, තෙන පුප්ඵාරාමං දස්සෙති. එත්ථ ච ආරාමං කත්වා තත්ථ මාලාවච්ඡඤ්ච යථාවුත්තඵලවච්ඡඤ්ච රොපෙත්වා තතො ලද්ධධනං සංහරිත්වා ඨපෙන්තො ජීවතීති අත්ථො වෙදිතබ්බො.
“තස්ස රඤ්ඤෙ පතිකරො” ඒ කුරුරජු විසින් දිනපතා නිරන්තරයෙන් උපකාර කළ බැවින් ප්‍රතික්‍රියා වශයෙන් වල්ලභ වූ, “කුහක තාපසො” යනු තමා ළඟ නැති ගුණයන්ට සැලකීම ලක්ෂණ කොට ඇති කුහක කමින් ජීවිතය පවත්වන එක් තාපසයෙක්, ඔහුට රජු විසින් සත්කාර කළ යුත්තේ විය. “ආරාමං” යනු ඵලාරාමය, යම් තැනෙක්හි කැකිරි, ලබු, කොමඩු, පුහුල් ආදී ගෙඩි සහිත වැල් මෙන්ම කූරතම්පලා වැනි පලා වර්ගද රෝපණය කරනු ලබයිද එතැන, “මාලාවච්ඡං” යනු දැසමන්, යොහොඹු ආදී මල් පැලෑටි, එයින් පුෂ්පාරාමය හෙවත් මල්වත්ත දක්වයි. මෙහිද උයනක් කොට එහි මල් පැලෑටි ද, ඉහත සඳහන් ඵල සහිත පැලෑටි ද රෝපණය කොට එයින් ලැබුණු ධනය එකතුකොට තබමින් ජීවත් වෙයි යන අර්ථය යයි දත යුතුය.
තත්රායං අනුපුබ්බිකථා – තදා මහාරක්ඛිතො නාම තාපසො පඤ්චසතතාපසපරිවාරො හිමවන්තෙ වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය ජනපදචාරිකං චරන්තො ඉන්දපත්ථනගරං පත්වා රාජුය්යානෙ වසිත්වා සපරිසො පිණ්ඩාය චරන්තො රාජද්වාරං පාපුණි. රාජා ඉසිගණං දිස්වා ඉරියාපථෙ පසන්නො අලඞ්කතමහාතලෙ නිසීදාපෙත්වා පණීතෙනාහාරෙන පරිවිසිත්වා “භන්තෙ, ඉමං වස්සාරත්තං මම උය්යානෙයෙව වසථා”ති වත්වා තෙහි සද්ධිං උය්යානං ගන්ත්වා වසනට්ඨානානි කාරෙත්වා පබ්බජිතපරික්ඛාරෙ දත්වා නික්ඛමි. තතො පට්ඨාය සබ්බෙපි තෙ රාජනිවෙසනෙ භුඤ්ජන්ති.
මේ එහි අනුපිළිවෙල කථාවයි. එකල්හි මහාරක්ඛිත නම් තාපස කෙනෙක් පන්සියයක් තවුසන් විසින් පිරිවැරුවාහු හිමාලයෙහි වැස ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙමින් ඉඳිපත් නුවරට පැමිණ රජ උයනෙහි වැස පිරිස සහිතව පිඬු පිණිස හැසිරෙන්නාහු රජ දොරටුවට පැමිණියහ. රජතුමා සෘෂිවරුන් සමූහය දැක ඔවුන්ගේ ඉරියව්වෙහි පැහැදුනේ සරසා පිළියෙල කළ උඩුමහල් තලයෙහි හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා “ස්වාමීනී මේ වස් කාලය මගේ උයනෙහිම වසනු මැනව”යි කියා එතුමන් සමග උයනට ගොස් වසන තැන් පිළියෙළ කරවා පැවිදි පිරිකර දී නික්ම ගියේය. එතැන් පටන් ඒ සියල්ලෝම රජගෙදර වළඳත්.
රාජා පන අපුත්තකො පුත්තෙ පත්ථෙති, පුත්තා නුප්පජ්ජන්ති. වස්සාරත්තච්චයෙන මහාරක්ඛිතො “හිමවන්තං ගමිස්සාමා”ති රාජානං ආපුච්ඡිත්වා රඤ්ඤා කතසක්කාරසම්මානො නික්ඛමිත්වා අන්තරාමග්ගෙ මජ්ඣන්හිකසමයෙ මග්ගා ඔක්කම්ම එකස්ස සන්දච්ඡායස්ස රුක්ඛස්ස හෙට්ඨා සපරිසො නිසීදි. තාපසා කථං සමුට්ඨාපෙසුං – “රාජා අපුත්තකො, සාධු වතස්ස සචෙ රාජපුත්තං ලභෙය්‍යා”ති. මහාරක්ඛිතො තං කථං සුත්වා “භවිස්සති නු ඛො රඤ්ඤො පුත්තො, උදාහු නො”ති උපධාරෙන්තො “භවිස්සතී”ති ඤත්වා “මා තුම්හෙ චින්තයිත්ථ, අජ්ජ පච්චූසකාලෙ එකො දෙවපුත්තො චවිත්වා රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිස්සතී”ති ආහ.
රජ වනාහි දරුවන් නැත්තෙකි, පුතුන් ප්‍රාර්ථනා කරයි. පුත්තු නූපදිති, වස්කාලය අවසන් වීමෙන් පසු මහාරක්ඛිත තවුසා හිමාලයට යන්නෙමු’යි රජු විමසා රජු විසින් කරන ලද සත්කාර සම්මාන ඇත්තේ නික්ම අතරමඟ මද්දහන් වේලෙහි මගින් ඉවත්ව ඝනසෙවන ඇති ගසක් යට පිරිස් සහිතව හුන්නේය. තාපසවරු මෙබඳු කථාවක් ඉපිද වුවාහුය. රජ වනාහි දරුවන් නැත්තෙකි. ඉදින් රජුහට රාජපුත්රයෙක් ලැබෙන්නේ නම් මැනවි යනුවෙනි. මහාරක්ඛිත තවුසා එම කථාව අසා රජුට පුතෙක් ලැබෙන්නේද නැතහොත් නොලැබෙන්නේදැයි සලකා බලන්නේ “ලැබෙන්නේය”යි දැන තෙපි ඒ ගැන නොසිතව්, අද අළුයම් වේලෙහි එක් දේවපුත්‍රයෙක් චුත වී රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගන්නේය’යි කීය.
තං සුත්වා එකො කූටජටිලො “ඉදානි රාජකුලූපකො භවිස්සාමී”ති චින්තෙත්වා තාපසානං ගමනකාලෙ ගිලානාලයං කත්වා නිපජ්ජිත්වා “එහි ගච්ඡාමා”ති වුත්තෙ “න සක්කොමී”ති ආහ. මහාරක්ඛිතො තස්ස නිපන්නකාරණං ඤත්වා “යදා සක්කොසි, තදා ආගච්ඡෙය්යාසී”ති ඉසිගණං ආදාය හිමවන්තමෙව ගතො. කුහකො නිවත්තිත්වා වෙගෙන ගන්ත්වා රාජද්වාරෙ ඨත්වා “මහාරක්ඛිතස්ස උපට්ඨාකතාපසො ආගතො”ති රඤ්ඤො ආරොචාපෙත්වා රඤ්ඤා වෙගෙන පක්කොසාපිතො පාසාදං අභිරුය්හ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. රාජා තං වන්දිත්වා එකමන්තං නිසින්නො ඉසීනං ආරොග්යං පුච්ඡිත්වා “භන්තෙ, අතිඛිප්පං නිවත්තිත්ථ, කෙනත්ථෙන ආගතත්ථා”ති ආහ.
එය අසා එක් කපටි තවුසෙක් “දැන් රජුගේ කුලුපගයෙක් වන්නෙමි”යි සිතා තාපසයන් පිටත්වන කල්හි ගිලන් ස්වභාවයක් පෙන්වා වැදහෙව “එව යමු”යි කී කල්හි “නොහැක්කෙමි”යි කීය. මහාරක්ඛිත තවුසා ඔහු වැදහොත් කාරණය දැන “යම් කලෙක හැකිනම් එකල එව”යි කියා ඍෂි සමූහයා ද රැගෙන හිමවතටම ගියේය. කුහක තවුසා ආපසු හැරී වේගයෙන් ගොස් රජ දොරටුවෙහි සිට “මහාරක්ඛිත තවුසාගේ අතවැසි තාපසයෙක් පැමිණියේ ය”යි රජුට දන්වා රජතුමා විසින් වහා කැඳවන ලද්දේ ප්‍රාසාදයට නැග පැණවූ ආසනයෙහි හුන්නේය. රජතුමා ඔහුට වැඳ එකත්පසෙක හුන්නේ ඍෂිවරුන්ගේ සුවදුක් විමසා “ස්වාමීනි, ඉතා ඉක්මනින් ආපසු හැරි ආවේ කුමක් සඳහාදැයි ඇසීය.
මහාරාජ, ඉසිගණො සුඛනිසින්නො “සාධු වතස්ස සචෙ රඤ්ඤො වංසානුරක්ඛකො පුත්තො උප්පජ්ජෙය්යා”ති කථං සමුට්ඨාපෙසි. අහං තං කථං සුත්වා “භවිස්සති නු ඛො රඤ්ඤො පුත්තො, උදාහු නො”ති දිබ්බචක්ඛුනා ඔලොකෙන්තො “මහිද්ධිකො දෙවපුත්තො චවිත්වා අග්ගමහෙසියා සුධම්මාය කුච්ඡිම්හි නිබ්බත්තිස්සතී”ති දිස්වා “අජානන්තා ගබ්භං නාසෙය්යුං, ආචික්ඛිස්සාමි තාව න”න්ති තුම්හාකං කථනත්ථාය ආගතො, කථිතං වො මයා, ගච්ඡාමහ”න්ති. රාජා “භන්තෙ, න සක්කා ගන්තු”න්ති හට්ඨතුට්ඨො පසන්නචිත්තො කුහකතාපසං උය්යානං නෙත්වා වසනට්ඨානං සංවිදහිත්වා අදාසි. සො තතො පට්ඨාය රාජකුලෙ භුඤ්ජන්තො වසති, “දිබ්බචක්ඛුකො”ත්වෙවස්ස නාමං අහොසි.
මහ රජතුමනි තාපස සමූහයා සුවසේ හුන්නාහු ඉදින් මේ රජුට වංශය රකින පුතෙක් උපන්නේනම් යහපතැයි කථාවක් ඉපදෙව්වාහුය. මම ඒ කථාව අසා රජතුමාට පුතෙක් ලැබෙන්නේද? නැතහොත් නොලැබෙන්නේදැයි දිවැසින් බලන්නේ “මහත් ඍද්ධි ඇති දිව්‍ය පුත්‍රයෙක් චුතව සුර්ධමා අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගන්නේය’යි දැක ඒ බව නොදන්නාහු ගැබ නසා ගන්නහුය. එබැවින් පළමුකොට රජුට ඒ බව කියන්නෙමි’යි නුඹවහන්සේට කීම සදහා පැමිණියෙමි. මා විසින් ඒ බව ඔබතුමාට කියන ලදී. මම යමි’යි කීය. රජතුමා “ස්වාමීනි, නොවඩිනු මැනවැ’යි තුටුපහටුව පහන් සිත් ඇත්තේ කුහක තාපසයා උයනට පමුණුවා වසන තැනක් සලසා දුන්නේය. හෙතෙම එතැන් පටන් රාජ කුලයෙන් අනුභව කරමින් වසයි. ඔහුට “දිබ්බචක්ඛු” යයි නමක් ඇතිවිය.
තදා බොධිසත්තො තාවතිංසභවනතො චවිත්වා තත්ථ පටිසන්ධිං ගණ්හි, ජාතස්ස ච නාමග්ගහණදිවසෙ “සොමනස්සො”ති නාමං කරිංසු. සො කුමාරපරිහාරෙන වඩ්ඪති. කුහකතාපසොපි උය්යානස්ස එකපස්සෙ නානප්පකාරං සූපෙය්යසාකඤ්ච ඵලවල්ලිආදයො ච රොපෙත්වා පණ්ණිකානං හත්ථෙ වික්කිණන්තො ධනං සංහරති. අථ බොධිසත්තස්ස සත්තවස්සිකකාලෙ රඤ්ඤො පච්චන්තො කුපිතො. සො “තාත, දිබ්බචක්ඛුතාපසෙ මා පමජ්ජා”ති කුමාරං පටිච්ඡාපෙත්වා පච්චන්තං වූපසමෙතුං ගතො.
එකල්හි බෝධිසත්ත්වයෝ තව්තිසා දෙව්ලොවින් චුතව අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්හ. උපන්නා වූ එතුමන්ට නම් තබන දවසෙහි “සොමනස්ස” යයි නම් කළහ. හෙතෙම කුමාර පෙරහරින් වැඩේ. කුහක තාපසයා ද උයනෙහි එක් පැත්තක නොයෙක් ආකාරයේ මාළුවට නිසි පලා ආදියද පලවැල් ආදිය ද වවා පලාකොළ වෙළෙන්ඳන් අතට දී විකුණමින් ධනය රැස් කරයි. ඉක්බිති බෝධිසත්ත්වයන්ට සත් හැවිරිදි කල රජුගේ පසල් දනව්වක් කිපුනේ රජතුමා පුතණුවෙනි! දිබ්බචක්ඛු තාපසයා කෙරෙහි ප්‍රමාද නොවෙව’යි කුමාරයාට පවරා පසල් දනව්ව සංසිඳවීමට ගියේය.
අථෙකදිවසං කුමාරො “ජටිලං පස්සිස්සාමී”ති උය්යානං ගන්ත්වා කූටජටිලං එකං ගන්ධිකකාසාවං නිවාසෙත්වා එකං පාරුපිත්වා උභොහි හත්ථෙහි ද්වෙ ඝටෙ ගහෙත්වා සාකවත්ථුස්මිං උදකං සිඤ්චන්තං දිස්වා “අයං කූටජටිලො අත්තනො සමණධම්මං අකත්වා පණ්ණිකකම්මං කරොතී”ති ඤත්වා “කිං කරොසි පණ්ණිකගහපතිකා”ති තං ලජ්ජාපෙත්වා අවන්දිත්වා එව නික්ඛමි.
ඉක්බිති එක් දවසක් කුමාරයා “ජටිලයා දකින්නෙමි”යි උයනට ගොස් හොර තවුසා එක් සුවඳැති කසාවතක් හැඳ එකක් පොරවා අත් දෙකෙන් කල දෙකක් ගෙන එලවළු වත්තෙහි ජලය ඉසිනු දැක “මේ සොර තවුසා තමාගේ මහණ දම් නොකොට පලා කොළ වෙළඳාම් කෙරේ යයි දැක “පලාකොළ ගෘහපතියා කුමක් කෙරෙහිදැ”යි ඔහු ලජ්ජා කරවා නොවැඳම නික්ම ගියේය.
කූටජටිලො “අයං ඉදානෙව එවරූපො, පච්ඡා ‘කො ජානාති කිං කරිස්සතී’ති ඉදානෙව නං නාසෙතුං වට්ටතී”ති චින්තෙත්වා රඤ්ඤො ආගමනකාලෙ පාසාණඵලකං එකමන්තං ඛිපිත්වා පානීයඝටං භින්දිත්වා පණ්ණසාලාය තිණානි විකිරිත්වා සරීරං තෙලෙන මක්ඛෙත්වා පණ්ණසාලං පවිසිත්වා සසීසං පාරුපිත්වා මහාදුක්ඛප්පත්තො විය මඤ්චෙ නිපජ්ජි. රාජා ආගන්ත්වා නගරං පදක්ඛිණං කත්වා නිවෙසනං අපවිසිත්වාව “මම සාමිකං දිබ්බචක්ඛුකං පස්සිස්සාමී”ති පණ්ණසාලද්වාරං ගන්ත්වා තං විප්පකාරං දිස්වා “කිං නු ඛො එත”න්ති අන්තො පවිසිත්වා තං නිපන්නකං දිස්වා පාදෙ පරිමජ්ජන්තො පුච්ඡි – “කෙන, ත්වං භන්තෙ, එවං විහෙඨිතො, කමජ්ජ යමලොකං නෙමි, තං මෙ සීඝං ආචික්ඛා”ති.
සොර ජටිලයා “මේ කුමාරයා මේ අවස්ථාවෙහිම මෙබඳුය, පසුව කුමක් කරන්නේදැයි කවුරු දනිත්ද? දැන්ම මොහු නසන්නට වටීයයි සිතා රජු එන කාලයෙහි ගල්පුවරුව එක් පසෙක දමා පැන්කලය බිඳ පන්සලෙහි තණ විසූරුවා ශරීරයෙහි තෙල් ගල්වාගෙන පන්සලට පිවිස හිස වසා පොරවාගෙන මහත් දුකට පත්වූවෙකු මෙන් ඇඳෙහි වැද හොත්තේය. රජ පැමිණ නගරය පැදකුණු කොට රජවාසලට නොපිවිසම “මගේ ස්වාමී වූ දිබ්බචක්ඛු තාපසයන් දකින්නෙමි’යි පන්සල් දොරකඩට ගොස් ඒ විප්‍රකාරය දැක “මේ කිනම් කාරණයක්දැයි” ඇතුළට පිවිස වැදහොත්තා වූ තාපසයා දැක පා පිරිමදිමින් “ස්වාමීනි කවරකු විසින් නුඹවහන්සේ මෙසේ වෙහෙසට පත් කළෙහිද? මම අද ඔහු යමලොවට පමුණුවමි, ඔහු මට වහා කියනු මැනවි”යි කීය.
තං සුත්වා කූටජටිලො නිත්ථුනන්තො උට්ඨාය දිට්ඨො, මහාරාජ, ත්වං මෙ, පස්සිත්වා තයි විස්සාසෙන අහං ඉමං විප්පකාරං පත්තො, තව පුත්තෙනම්හි එවං විහෙඨිතොති. තං සුත්වා රාජා චොරඝාතකෙ ආණාපෙසි – “ගච්ඡථ කුමාරස්ස සීසං ඡින්දිත්වා සරීරඤ්චස්ස ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා රථියා රථියං විකිරථා”ති. තෙ මාතරා අලඞ්කරිත්වා අත්තනො අඞ්කෙ නිසීදාපිතං කුමාරං ආකඩ්ඪිංසු – “රඤ්ඤා තෙ වධො ආණත්තො”ති. කුමාරො මරණභයතජ්ජිතො මාතු අඞ්කතො වුට්ඨාය – “රඤ්ඤො මං දස්සෙථ, සන්ති රාජකිච්චානී”ති ආහ. තෙ කුමාරස්ස වචනං සුත්වා මාරෙතුං අවිසහන්තා ගොණං විය රජ්ජුයා පරිකඩ්ඪන්තා නෙත්වා රඤ්ඤො දස්සෙසුං. තෙන වුත්තං “තමහං දිස්වාන කුහක”න්තිආදි.
එය අසා සොර ජටිලයා කෙඳිරිගාමින් නැගිට “මහරජ, නුඹ වහන්සේ දැක්කහුය, නුඹ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මතු විප්‍රකාරයට පැමිණියේ වෙමි. නුඹ වහන්සේගේ පුතා විසින් මෙසේ වෙහෙසට පත් කළේ වෙමි’යි කීය. එය අසා රජතුමා චෝර ඝාතකයන් අමතා “යව්, කුමාරයාගේ හිස සිඳ ඔහුගේ ශරීරය කඩ කඩ කොට කපා වීථියක් වීථියක් පාසා දමව්” යයි අණ කළේය. ඒ වධකයෝ මව විසින් සරසා තම ඇකයෙහි හොවන ලද කුමාරයා “රජතුමා විසින් නුඹට වධාඥා කරන ලද්දේය”යි කියා ඇද්දාහ. කුමාරයා මරණ භයින් බියපත් වූයේ මවගේ ඇකයෙන් නැගිට “මා රජුට දක්වව්, රාජකාර්ය්යයක් ඇතැයි කීය. ඔවුහු කුමාරයාගේ වචනය අසා මැරීමට නොහැක්කාහු ගොණෙකු මෙන් රැහැණින් ඇදගෙන ගොස් රජුට දැක්වූහ. එහෙයින් “තමහං දිස්වාන කුහකං” යනාදිය වදාරණ ලදී.
251. “තමහං දිස්වාන කුහකං ථුසරාසිං ව අතණ්ඩුලං දුමං අන්තොව සුසිරං කදලිංව අසාරකං
252. “නත්ථිමස්ස සතං ධම්මො සාමඤ්ඤ පගතො අයං හිරි සුක්ක ධම්ම ජහිතො ජීවිත වුත්ති කාරණා
253. “කුපිතො අහොසි පච්චන්තො අටවීහි පරන්තීහි තං නිසෙධෙතුං ගච්ඡන්තො අනුසාසි පිතාමමං
254. “මා පමජ්ජි තුවං තාත ජටිලං උග්ගතාපනං යදිච්ඡකං පවත්තෙ හි සබ්බකාම දදො හි සො
255. “තමහං ගනත්වානුපට්ඨානං ඉදං වචනමබ්රැවිං කච්චි තෙ ගහපති කුසලං කිං වා තෙ ආහරීයතු
256. “තෙන සො කුපිතො ආසි කුහකො මානනිස්සිතො ඝාතාපෙමි තුවං අජ්ජ රට්ඨා පබ්බාජයාමි වා
257. “නිසෙධයිත්වා පච්චන්තං රාජා කුහකමබ්රැවි කච්චි තෙ භන්තෙ ඛමනීයං සම්මා නො තෙ පවත්තිතො තස්ස ආචික්ඛති පාපො කුමාරො යථා නාසියො
258. “තස්ස තං වචනං සුත්වා ආණාපෙසි මහීපති සීසං තත්ථෙ ව ජින්දිත්වා කත්වාන චතුඛණ්ඩිකං රථියා රථියං දස්සෙ ථ සා ගති ජටිලහීළිතා
259. “තත්ථ කාරණිකා ගනත්වා චණ්ඩා ලුද්දා අකාරුණා මාතු අඩ්කෙ නිසින්තස්ස ආකඩ්ඪිත්වා නයන්ති මං
260. “තෙසානං එවමවචං බන්ධතං ගාළ්ග බන්ධනං රඤ්ඤෙ දස්සෙථ මං ඛිප්පං රාජ කිරියානි අත්ථි මෙ
261. “තෙ මං රඤ්ඤෙ දස්සයිංසු පාපස්ස පාපසෙවිනො දිස්වාන තං සඤ්ඤාපෙසිං මමඤ්ච වසමානයිං (චරියා පිටක)
“මම සහල් නැත්තා වූ බොල් රැසක් මෙන් ද ඇතුළත සිදුරක් ඇති ගසක් මෙන් ද කෙසෙල් ගසක් මෙන් ද සාර රහිත වූ ඒ කුහකයා දැක මොහුට සත්පුරුෂයන්ගේ ධර්මයක් නැත. මෙතෙම ශ්‍රමණභාවයෙන් ද පහවූවෙකි. පහ කළ හිරිසඞ්ඛ්යාත කුශලධර්ම ඇත්තේය. දිවිපෙවෙත පිණිසම තාපස ස්වරූපයෙන් හැසිරේයයි (සිතුවෙමි)
වනවාසී ප්‍රත්‍යන්ත දේශිකයන් විසින් පසල් දනව්වක් කලඹවන ලද්දේ විය. එය වළක්වන්නට යන්නා වූ පියරජ මට අනුශාසනා කළේය. “දරුව, නුඹ උග්‍ර තපස් ඇති ජටිලයා කෙරෙහි ප්‍රමාද නොවෙව. හෙතෙම වනාහි (අප) කැමති සියලු සම්පත් දෙන්නේය. ඔහුගේ සිතට අනුකූලව පවතුව” කියාය.
මම ඔහුට උපස්ථාන පිණිස ගොස් “ගහපතිය, කිමෙක් ද නුඹට පහසු ද? නුඹට කුමක් ගෙන ආ යුතුද” යන මේ වචනය කීමි, එයින් මානය ඇසුරු කළ ඒ කුහකයා කිපුනේ විය. “අදම තා මරවන්නෙමි රටින් හෝ නෙරපවන්නෙමි”යි කීයේය.
රජතෙම ප්‍රත්‍යන්ත ජනපදය සංසිඳුවා (උයනට ගොස්) කුහකයාට “ස්වාමීනි, නුඹ වහන්සේට කිමෙක් ද, ශරීර පහසු ඇත්තේ ද, නුඹවහන්සේට සම්මාන සත්කාර පවත්වන ලද්දේදැයි ඇසීය. ලාමක වූ හෙතෙම යම් පරිද්දෙකින් කුමාරයා නැසිය යුතු වන්නේ ද එපරිද්දෙන් රජුට සැල කළේය.
රජතෙම ඔහුගේ ඒ වචනය අසා (කුමාරයා අල්වා) එහිදීම හිස සිඳ ශරීරය සතර කඩ කොට වීථියක් පාසා දැක්වව්”යි යයි අණ කළේය. මේ වනාහි ජටිලයාට නින්දා කිරීමේ විපාකය යයි කීයේය.
එවිට චණ්ඩ වූ අති දරුණු වූ කරුණා රහිත වූ වධකයෝ මවගේ ඇකයෙහි සිටියදී මා ඇදගෙන වධස්ථානයට ගෙනයති.
දැඩිවූ බන්ධනයෙන් බඳින්නා වූ ඔවුන්ට “මට රජහට කිවයුතු රාජකෘත්යයෝ ඇත්තාහ. වහාම මා රජහට දක්වව්” යයි මෙසේ කීමි.
ඔවුහු පාපීන් සේවනය කරන්නා වූ පවිටු වූ රජහට මා දැක්වූහ. මම ඔහු දැක (කරුණු ඇතිසේ) දැන්වූයෙමි. (එසේ දන්වා ඔහු) මගේ වසඟයට පැමිණවූයෙමි”
තත්ථ ථුසරාසිංව අතණ්ඩුලන්ති තණ්ඩුලකණෙහි විරහිතං ථුසරාසිං විය, දුමංව රුක්ඛං විය, අන්තො මහාසුසිරං. කදලිංව අසාරකං සීලාදිසාරරහිතං තාපසං අහං දිස්වා නත්ථි ඉමස්ස සතං සාධූනං ඣානාදිධම්මො. කස්මා? සාමඤ්ඤා සමණභාවා සීලමත්තතොපි අපගතො පරිහීනො අයං, තථා හි අයං හිරීසුක්කධම්මජහිතො පජහිතහිරිසඞ්ඛාතසුක්කධම්මො. ජීවිතවුත්තිකාරණාති “කෙවලං ජීවිතස්සෙව හෙතු අයං තාපසලිඞ්ගෙන චරතී”ති චින්තෙසින්ති දස්සෙති. පරන්තිහීති පරන්තො පච්චන්තො නිවාසභූතො එතෙසං අත්ථීති පරන්තිනො, සීමන්තරිකවාසිනො. තෙහි පරන්තීහි අටවිකෙහි පච්චන්තදෙසො ඛොභිතො අහොසි. තං පච්චන්තකොපං නිසෙධෙතුං වූපසමෙතුං ගච්ඡන්තො මම පිතා කුරුරාජා “තාත සොමනස්සකුමාර, මය්හං සාමිකං උග්ගතාපනං ඝොරතපං පරමසන්තින්ද්රියං ජටිලං මා පමජ්ජි. සො හි අම්හාකං සබ්බකාමදදො, තස්මා යදිච්ඡකං චිත්තරුචියං තස්ස චිත්තානුකූලං පවත්තෙහි අනුවත්තෙහී”ති තදා මං අනුසාසීති දස්සෙති.
එහි “ඵුසරාසිංව අතණ්ඩුලං” යනු හාල් ඇටවලින් තොර වූ බොල් රැසක් මෙන්, “දුමංව” ඇතුළත මහත් සිදුරක් ඇති ගසක් මෙන්, “කදලිං වියච අසාරකං” ශීලාදි සාරයන්ගෙන් තොරවූ තාපසයා දැක “මොහුට සත්පුරුෂ සාධුන්ගේ ධ්‍යානාදි ධර්ම නැත. එබැවින් “සාමඤ්ඤ” ශ්‍රමණභාවයෙන් ශීල මාත්‍රයෙන් පවා ඉවත් වූයේය. මෙතෙම පිරිහුනේය. එසේම “හිරිසුක්ක ධම්ම ජහිතො” ඉවත දැමූ හිරි සඞ්ඛ්‍යාත කුශලධර්ම ඇත්තේය. “ජීවිත වුත්ති කාරණා” යනු හුදෙක් ජීවිතයම හේතුකොට ගෙන මෙතෙම තාපස වේශයෙන් හැසිරෙයි යනුවෙන් සිතුවෙමි’යි දක්වයි. “පරන්ත හී” යනු වාසස්ථාන වූ කෙළවර ප්රත්යන්තයක් මොවුන්ට ඇත්තේනුයි “පරන්තිනො” වේ. සීමා අතර වසන්නෝ, වනවාසී ඒ පරන්තීන් විසින් ප්‍රත්‍යන්ත දේශය කළඹවන ලද්දේ විය. ඒ ප්‍රත්‍යන්ත දේශිකයන්ගේ කෝපය නැතිකිරීමට, සංසිඳවීමට යන මගේ පියාණන් වන කුරු රජතුමා “දරුව, සෝමනස්ස කුමාරය, මගේ ස්වාමී වූ උග්‍ර තපස් ඇති, දරුණු තපස් ඇති, ඉතාමත් සංසුන් ඉඳුරන් ඇති ජටිලයාණන් කෙරෙහි පමා නොවෙව, එතුමා වනාහි අපට සියලු කාම සම්පත් දෙන තැනැත්තාය. එබැවින් “යදිච්ඡකං” යමක් එතුමන්ගේ සිතට රුචි නම් සිතට අනුකූල නම් “පවත්තෙ හි” ඒ අනුව පවතුව”යි එකල මට අනුශාසනා කළේය’යි දක්වයි.
තමහං ගන්ත්වානුපට්ඨානන්ති පිතු වචනං අනතික්කන්තො තං කූටතාපසං උපට්ඨානත්ථං ගන්ත්වා තං සාකවත්ථුස්මිං උදකං ආසිඤ්චන්තං දිස්වා “පණ්ණිකො අය”න්ති ච ඤත්වා කච්චි තෙ, ගහපති, කුසලන්ති, ගහපති, තෙ සරීරස්ස කච්චි කුසලං කුසලමෙව, තථා හි සාකවත්ථුස්මිං උදකං ආසිඤ්චසි. කිං වා තව හිරඤ්ඤං වා සුවණ්ණං වා ආහරීයතු, තථා හි පණ්ණිකවුත්තිං අනුතිට්ඨසීති ඉදං වචනං අභාසිං.
“තමහං ගනත්වානුපට්ඨා නං” යනු පියාගේ වචනය නොඉක්මවන්නේ ඒ සොර තවුසාට උපස්ථානය සඳහා ගොස් එලවළු වත්තෙහි දිය ඉසින ඔහු දැක “මෙතෙම පලාකොළ වෙළෙන්ඳෙක් බව දැන, “කච්චි තෙ ගහපති කුසලං” යනු ගෘහපතිය, නුඹගේ ශරීරය කිම යහපත් ද? යහපත්මය, එනිසාම එලවළු වත්තෙහි දිය ඉසින්නෙහිය. කිම නුඹට අමුරන් හෝ රන් ගෙන එන්නද? පලා කොළ වෙළඳාමෙහි යෙදී සිටින්නේ එම නිසා නොවේදැයි මේ වචන කීවෙමි.
තෙන සො කුපිතො ආසීති තෙන මයා වුත්තගහපතිවාදෙන සො මානනිස්සිතො මානං අල්ලීනො කුහකො මය්හං කුපිතො කුද්ධො අහොසි. කුද්ධො ච සමානො “ඝාතාපෙමි තුවං අජ්ජ, රට්ඨා පබ්බාජයාමි වා”ති ආහ.
“තෙන සො කුපිතො ආසි” යනු මා විසින් කියන ලද ඒ ගහපතිවාදයෙන් මානය ඇසුරු කළ, මානයෙහි ඇලුණු, කුහක හෙතෙම මා කෙරෙහි කිපුණේ කෝපයට පත් වූවෙක් විය. කිපුණෙක් වූයේ “ඝාතාපෙමි තුවං අජ්ජ රට්ඨා පබ්බාජයාමි වා”යි කීය.
තත්ථ තුවං අජ්ජාති, ත්වං අජ්ජ, ඉදානියෙව රඤ්ඤො ආගතකාලෙති අත්ථො.
එහි “තුවං අජ්ජ” යනු නුඹ අද, දැන්ම, රජු පැමිණි විගසම යන අර්ථයයි.
නිසෙධයිත්වා පච්චන්තන්ති පච්චන්තං වූපසමෙත්වා නගරං අපවිට්ඨො තඞ්ඛණඤ්ඤෙව උය්යානං ගන්ත්වා කුහකං කුහකතාපසං කච්චි තෙ, භන්තෙ, ඛමනීයං, සම්මානො තෙ පවත්තිතොති කුමාරෙන තෙ සම්මානො පවත්තිතො අහොසි.
“නිසෙධයිත්වා පච්චන්තං” යනු ප්‍රත්‍යන්ත දේශය සංසිඳුවා නගරයට නොපිවිසියේ එකෙණෙහිම උයනට ගොස් සොර තවුසාට, “කච්චි තෙ භන්තෙ ඛමනීයං, සම්මානො තෙ පවත්තිතො” යනු කුමාරයා විසින් නුඹ වහන්සේ සම්මාන පවත්වන ලද්දේ වෙහිද?
කුමාරො යථා නාසියොති යථා කුමාරො නාසියො නාසෙතබ්බො ඝාතාපෙතබ්බො, තථා සො පාපො තස්ස රඤ්ඤො ආචික්ඛි. ආණාපෙසීති මය්හං සාමිකෙ ඉමස්මිං දිබ්බචක්ඛුතාපසෙ සති කිං මම න නිප්ඵජ්ජති, තස්මා පුත්තෙන මෙ අත්ථො නත්ථි, තතොපි අයමෙව සෙය්යොති චින්තෙත්වා ආණාපෙසි.
“කුමාරො යථා නාසියො” යනු යම්සේ කුමාරයා නසනු ලබන්නේද, නැසිය යුත්තේ ද, ඝාතනය කරවිය යුත්තේ ද එසේ ඒ පවිටු තවුසා ඒ රජුට කීවේය. “ආණාපෙසි” යනු මාගේ ස්වාමියා, මේ දිබ්බචක්ඛු තාපසයා ඇති කල්හි මට කුමක් නූපදින්නේ ද? එම නිසා මට පුතාගෙන් වැඩක් නැත. ඔහුට වඩා මොහුම ශ්‍රේෂ්ඨයයි සිතා අණ කළේය.
කින්ති ? සීසං තත්ථෙව ඡින්දිත්වාති යස්මිං ඨානෙ තං කුමාරං පස්සථ, තත්ථෙව තස්ස සීසං ඡින්දිත්වා සරීරඤ්චස්ස කත්වාන චතුඛණ්ඩිකං චතුරො ඛණ්ඩෙ කත්වා රථියා රථියං නීයන්තා වීථිතො වීථිං වික්ඛිපන්තා දස්සෙථ. කස්මා? සා ගති ජටිලහීළිතාති යෙහි අයං ජටිලො හීළිතො, තෙසං ජටිලහීළිතානං සා ගති සා නිප්ඵත්ති සො විපාකොති. ජටිලහීළිතාති වා ජටිලහීළනහෙතු සා තස්ස නිප්ඵත්තීති එවඤ්චෙත්ථ අත්ථො දට්ඨබ්බො.
කුමක් ද? “සිසං තත්ථෙව ජින්දිත්වා” යනු යම් තැනක ඒ කුමාරයා දකිව් ද, එහිම ඔහුගේ හිස සිට ඔහුගේ ශරීරය “කත්වාන චතුඛණ්ඩිකං” සතර කඩක් කොට වීථියක් පාසා ගෙන යනු ලබමින් වීථියෙන් වීථිය විසුරුවමින් දක්වව්. කුමක් නිසාද? “සා ගති ජටිලහීලිතා” යනු යමෙකුන් විසින් මෙම ජටිල තෙම පිළිකුල් කරන ලද්දේ ද ජටිලයාට නින්දා කළ ඔවුන්ගේ ඒ ගතියයි. ඒ නිපන් දෙයයි. ඒ විපාකයයි. “ජටිලහීලිතා” යනු ජටිලයාට නින්දා කිරීමේ හේතුවෙන් ඔහුට එය හටගත්තේ යයි මෙසේ මෙහි අර්ථය දත යුතුය.
තත්ථාති තස්ස රඤ්ඤො ආණායං, තස්මිං වා තාපසස්ස පරිභවෙ. කාරණිකාති ඝාතකා, චොරඝාතකාති අත්ථො. චණ්ඩාති කුරූරා. ලුද්දාති සුදාරුණා. අකාරුණාති තස්සෙව වෙවචනං කතං. “අකරුණා”තිපි පාළි, නික්කරුණාති අත්ථො. මාතු අඞ්කෙ නිසින්නස්සාති මම මාතු සුධම්මාය දෙවියා උච්ඡඞ්ගෙ නිසින්නස්ස. “නිසින්නස්සා”ති අනාදරෙ සාමිවචනං. ආකඩ්ඪිත්වා නයන්ති මන්ති මාතරා අලඞ්කරිත්වා අත්තනො අඞ්කෙ නිසීදාපිතං මං රාජාණාය තෙ චොරඝාතකා ගොණං විය රජ්ජුයා ආකඩ්ඪිත්වා ආඝාතනං නයන්ති. කුමාරෙ පන නීයමානෙ දාසිගණපරිවුතා සද්ධිං ඔරොධෙහි සුධම්මා දෙවී නාගරාපි “මයං නිරපරාධං කුමාරං මාරෙතුං න දස්සාමා”ති තෙන සද්ධිංයෙව අගමංසු.
“තත්ථ” යනු ඒ රජුගේ අණෙහි (පිහිටා), නැතහොත් තාපසයාගේ එම පරිභවයෙහි (පිහිටා) “කාරණීකා” යනු ඝාතකයෝ චෝර ඝාතකයෝ යන අර්ථයයි. “චණ්ඩා” යනු ක්‍රෑර වූ, “ලුද්දා” යනු ඉතාමත් දරුණු. “අකාරුණා” යනුවෙන් එයටම පර්‍ය්‍යාය වචනයක් යොදන ලදී. “අකරුණා” යයිද පාඨයකි. කරුණාවක් නැතිව යන අර්ථයයි. “මාතුඅඞ්කෙ නිසින්නස්ස” යනු මගේ මෑණියන් වන සුධර්මා දේවියගේ උකුලෙහි හුන් “නිසින්නස්ස” යනු අනාදරාර්ථයෙහි ඡට්ඨි විභක්ති වචනයෙකි. “ආකඩ්ඪිත්වා නයන්ති මං” යනු මව විසින් සරසා තමාගේ ඇකයෙහි හිඳුවන ලද මා රජුගේ අණින් ඒ චෝර ඝාතකයෝ ගොනෙකු මෙන් රැහැණින් ඇදගෙන වධක භූමියට ගෙන යති. කුමාරයා ගෙන යනු ලබන කල්හි දාසි සමූහයා විසින් පිරිවරන ලද අන්තඃපුර ස්ත්‍රීන් සහිත සුධර්මා දේවිය ද නගර වැසියෝද “අපි නිරපරාධ වූ කුමාරයන් මැරීමට නො දෙන්නෙමු”යි කුමාරයා සමගම ගියහ.
බන්ධතං ගාළ්හබන්ධනන්ති ගාළ්හබන්ධනං බන්ධන්තානං තෙසං කාරණිකපුරිසානං. රාජකිරියානි අත්ථි මෙති මයා රඤ්ඤො වත්තබ්බානි රාජකිච්චානි අත්ථි. තස්මා රඤ්ඤො දස්සෙථ මං ඛිප්පන්ති තෙසං අහං එවං වචනං අවචං.
“බන්ධතං ගාළ්හ බන්ධනං” යනු දැඩි වූ බන්ධනයෙන් බඳින්නා වූ ඒ වධක පුරුෂයන්ට “රාජකිරියානි අත්ථි මෙ” යනු මා විසින් රජුට කිව යුතු රාජ කාර්‍ය්‍යයෝ වෙති. එහෙයින් [missing trans]
රඤ්ඤො දස්සයිංසු, පාපස්ස පාපසෙවිනොති අත්තනා පාපසීලස්ස ලාමකාචාරස්ස කූටතාපසස්ස සෙවනතො පාපසෙවිනො රඤ්ඤො මං දස්සයිංසු. දිස්වාන තං සඤ්ඤාපෙසින්ති තං මම පිතරං කුරුරාජානං පස්සිත්වා “කස්මා මං, දෙව, මාරාපෙසී”ති වත්වා තෙන “කස්මා ච පන ත්වං මය්හං සාමිකං දිබ්බචක්ඛුතාපසං ගහපතිවාදෙන සමුදාචරි. ඉදඤ්චිදඤ්ච විප්පකාරං කරී”ති වුත්තෙ “දෙව, ගහපතිඤ්ඤෙව ‘ගහපතී’ති වදන්තස්ස කො මය්හං දොසො”ති වත්වා තස්ස නානාවිධානි මාලාවච්ඡානි රොපෙත්වා පුප්ඵපණ්ණඵලාඵලාදීනං වික්කිණනං හත්ථතො චස්ස තානි දෙවසිකං වික්කිණන්තෙහි මාලාකාරපණ්ණිකෙහි සද්දහාපෙත්වා “මාලාවත්ථුපණ්ණවත්ථූනි උපධාරෙථා”ති වත්වා පණ්ණසාලඤ්චස්ස පවිසිත්වා පුප්ඵාදිවික්කියලද්ධං කහාපණකභණ්ඩිකං අත්තනො පුරිසෙහි නීහරාපෙත්වා රාජානං සඤ්ඤාපෙසිං තස්ස කූටතාපසභාවං ජානාපෙසිං. මමඤ්ච වසමානයින්ති තෙන සඤ්ඤාපනෙන “සච්චං ඛො පන කුමාරො වදති, අයං කූටතාපසො පුබ්බෙ අප්පිච්ඡො විය හුත්වා ඉදානි මහාපරිග්ගහො ජාතො”ති යථා තස්මිං නිබ්බින්නො මම වසෙ වත්තති, එවං රාජානං මම වසමානෙසිං.
“රඤ්ඤො දස්සයිංසු පාපස්ස පාප සෙවිනො” යනු තමා පාපශීලී ලාමක හැසිරීම් ඇති කපටි තාපසයා ඇසුරු කිරීමෙන් පාපීන් සේවනය කරන්නා වූ රජුට මා දැක්වූහ. “දිස්වාන තං සඤ්ඤ පෙසිං” යනු මගේ පියාණන් වූ ඒ කුරු රජු දැක “දේවයන් වහන්ස, මා කුමක් හෙයින් මරවන්නෙහිදැ’යි කියා එතුමා විසින් “කුමක්හෙයින් වනාහි නුඹ මගේ ස්වාමී වූ දිබ්බචක්ඛු තාපසයාට ගහපතිවාදයෙන් කථා කළෙහිද? මේ මේ විප්‍රකාර කෙළෙහිදැ’යි විචාළ කල්හි “දේවයන් වහන්ස, ගෘහපතියෙකුහටම ගෘහපතියා යයි කියන මාගේ කවරනම් වරදක් ද? කියා නොයෙක් ආකාරයේ මල්ගස් වවා ඔහුගේ මල් කොළ ගෙඩි ආදිය විකිණීම, ඔහු ඒවා දිනපතා විකුණන මල්කරු වෙළෙඳුන් අතින් විශ්වාස ගන්වා මතු කොළවතු බලනු මැනවැයි කියා ඔහුගේ පන්සලටද පිවිස මල් ආදිය විකුණා ලැබු කහවණු මසු පොදිය තමාගේ පුරුෂයන් ලවා බැහැර කරවා රජුට කරුණු ඇති සේ දැන්වූයෙමි. ඔහුගේ කපටිතාපස බව අවබෝධ කරවීමි. “මමඤ්ච වසමානයිං” යනු එම හැඳින්වීමෙන් “කුමාරයා වනාහි ඇත්තක්ම කියයි. මේ කපටි තාපසයා පෙර අල්පේච්ඡයෙකු මෙන් සිට දැන් බහු භණ්ඩික වූයේ යයි යම්සේ ඔහු කෙරෙහි කළකිරුණේ මාගේ වසඟයෙහි පවතී ද, මෙසේ රජු මාගේ වසඟයට පැමිණවූයෙමි.
තතො මහාසත්තො “එවරූපස්ස බාලස්ස රඤ්ඤො සන්තිකෙ වසනතො හිමවන්තං පවිසිත්වා පබ්බජිතුං යුත්ත”න්ති චින්තෙත්වා රාජානං ආපුච්ඡි – “න මෙ, මහාරාජ, ඉධ වාසෙන අත්ථො, අනුජානාථ මං පබ්බජිස්සාමී”ති. රාජා “තාත, මයා අනුපධාරෙත්වාව තෙ වධො ආණත්තො, ඛම මය්හං අපරාධ”න්ති මහාසත්තං ඛමාපෙත්වා “අජ්ජෙව ඉමං රජ්ජං පටිපජ්ජාහී”ති ආහ. කුමාරො “දෙව, කිමත්ථි මානුසකෙසු භොගෙසු, අහං පුබ්බෙ දීඝරත්තං දිබ්බභොගසම්පත්තියො අනුභවිං, න තත්ථාපි මෙ සඞ්ගො, පබ්බජිස්සාමෙවාහං, න තාදිසස්ස බාලස්ස පරනෙය්යබුද්ධිනො සන්තිකෙ වසාමී”ති වත්වා තං ඔවදන්තො –
ඉන්පසු මහාසත්ත්වයෝ “මෙබඳු නුවණ නැති රජෙකුගේ සමීපයෙහි විසීමට වඩා හිමවතට පිවිස පැවිදිවීම යුතුයයි සිතා “මහරජතුමනි මට මෙහි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. මට අවසර දෙනු මැනවි. පැවිදිවන්නෙමි”යි රජු විචාළහ. රජතුමා “දරුව, මවිසින් නොවිමසා නුඹට වධ නියම කරන ලද්දේය. මාගේ අපරාධයට සමාවුව මැනවැයි මහාසත්ත්වයා කමා කරවාගෙන “අදම මේ රාජ්‍යය පිළිගනුව”යි කීය. කුමාරයා “දේවයන් වහන්ස, මානුසක සම්පත්තීන්හි කුමක් ඇත්තේද, මම පෙර බොහෝ කලක් දිව්‍ය භෝග සම්පත්තීන් අනුභව කෙළෙමි. එහිද මාගේ ඇලීමක් නොවීය. මම පැවිදි වන්නෙම්මය. ඔබතුමා වැනි නුවණ නැති අනුන් විසින් මගපෙන්විය යුතු බුද්ධිය ඇත්තෙකු ළඟ නොවසමි”යි කියා ඔහුට අවවාද දෙන්නේ:-
“අනිසම්ම කතං කම්මං, අනවත්ථාය චින්තිතං; භෙසජ්ජස්සෙව වෙභඞ්ගො, විපාකො හොති පාපකො.
“අනිසම්ම කතං කම්මං අනවත්ථාය චින්තිතං භෙසජ්ජස්සෙ ව වෙභඞ්ගො විපාකො හොති පාපකො”
“නිසම්ම ච කතං කම්මං, සම්මාවත්ථාය චින්තිතං; භෙසජ්ජස්සෙව සම්පත්ති, විපාකො හොති භද්රකො.
“නිසම්ම ච කතං කම්මං සම්මා වත්ථාය චින්තිතං භෙසජ්ජස්සෙ ව සම්පත්ති විපාකො හොති භද්දකො”
“අලසො ගිහී කාමභොගී න සාධු, අසඤ්ඤතො පබ්බජිතො න සාධු; රාජා න සාධු අනිසම්මකාරී, යො පණ්ඩිතො කොධනො තං න සාධු.
අලසො ගිහි කාමභොගී න සාධු අසඤ්ඤතො පබ්බජිතො න සාධු රාජා න සාධු අනිසම්මකාරී යො පණ්ඩිතො කොධනො සො නසාධු
“නිසම්ම ඛත්තියො කයිරා, නානිසම්ම දිසම්පති; නිසම්මකාරිනො රාජ, යසො කිත්ති ච වඩ්ඪති.
නිසම්ම ඛන්තියො කයිරා නා නිසම්ම දිසම්පති නිසම්ම කාරිනො රාජ! යසො කිත්තිඤ්ච වඩ්ඪති.”
“නිසම්ම දණ්ඩං පණයෙය්ය ඉස්සරො, වෙගා කතං තප්පති භූමිපාල; සම්මාපණීධී ච නරස්ස අත්ථා, අනානුතප්පා තෙ භවන්ති පච්ඡා.
නිසම්මදණ්ඩං පණයෙය්ය ඉස්සරො වෙගා කතං තපතෙ භූමිපාල! සම්මා පණිධිච නරස්ස අත්ථා අනානුතප්පා තෙ භවන්ති පච්ඡා
“අනානුතප්පානි හි යෙ කරොන්ති, විභජ්ජ කම්මායතනානි ලොකෙ; විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි, භවන්ති බුද්ධානුමතානි තානි.
අනානුතප්පානි හි යෙ කරොන්ති විභජ්ජ කම්මායතනානි ලොකෙ විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි භවන්ති බුද්ධානුමතානි තානි.
“ආගච්ඡුං දොවාරිකා ඛග්ගබන්ධා, කාසාවියා හන්තු මමං ජනින්ද; මාතුඤ්ච අඞ්කස්මිමහං නිසින්නො, ආකඩ්ඪිතො සහසා තෙහි දෙව.
ආගච්ඡුං දොවාරිකා ඛග්ගහත්ථා කසාහියා හන්තු මමං ජනින්ද! මාතුච්ච අඞ්කස්මිං අහං නිසින්නො ආකඩ්ඪි තො සහසා තෙහි දෙව!
“කටුකඤ්හි සම්බාධං සුකිච්ඡං පත්තො, මධුරම්පියං ජීවිතං ලද්ධ රාජ; කිච්ඡෙනහං අජ්ජ වධා පමුත්තො, පබ්බජ්ජමෙවාභිමනොහමස්මී”ති. (ජා· 1.15.227-234) –
කටුකම්හි සම්බාධං සුකිච්ඡං පත්තො මධුරං පියං ජීවිතං ලද්ධ රාජ! කිච්ඡෙනහං අජ්ජ වධා පමුත්තො පබ්බජ්ජ මෙවාභිමනො හමස්මීති (ජාතක පාලිය)
“නොවිමසා කළ ක්‍රියාවද නො සසඳා සිතන ලද්දේ ද වැරදුණු බෙහෙතක්හුගේ විපත්තිය මෙන් ලාමක විපාක ඇත්තේ වෙයි.
විමසා කරන ලද ක්‍රියාව ද මනාකොට සිතන ලද්ද ද නො වැරදුණු බෙහෙතක්හුගේ සම්පත මෙන් යහපත් විපාක ඇත්තේ වෙයි.
අලස වූ කාමභෝගී ගිහියා නො මැනවි. සංයම නොවූ පැවිද්ද නො මැනවි. පරීක්ෂා නොකොට කටයුතු කරන රජතෙමේ නො මැනවි. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වේද ඔහු නො මැනවි.
ක්ෂත්රිය තෙමේ විමසා කටයුතු කරන්නේය. රජතෙමේ නොවිමසා කටයුතු නො කරන්නේය. මහරජ, විමසා කටයුතු කරන්නහුගේ යශසත් කීර්තියත් වැඩේ.
මහරජ, අධිපතිතෙම පරීක්ෂා කොට දඬුවම් පණවන්නේය. නොවිමසා වහා කරන ලද්ද තැවීම් ඇති කරන්නේය. නුවණින් මෙනෙහි කොට කරන ලද මිනිසාගේ අර්ථයෝ වෙද්ද ඔවුහු පසුව තැවීම් ගෙන දෙන්නෝ නොවෙති.
ලෙව්හි යම්කෙනෙක් කටයුතු නොකටයුතු ද විමසා බලා වැඩ කෙරෙද්ද නුවණැත්තන් විසින් පසස්නා ලද සැප විපාක ගෙනදෙන්නා වූ ඒ වැඩ පණ්ඩිතයන් අනුමත කරනු ලබන්නා වූද තැවීම් ගෙන නොදෙන්නා වූද කර්මයෝ වෙති.
මහරජ, දොරටුපාලකයෝ ද කඩු බඳනා ලද වදකයෝ ද මා නසන්නට ආවාහුය. දේවයන් වහන්ස, මවු ඇකයෙහි හුන් මම ඔවුන් විසින් වහා අදින ලද්දෙම් වෙමි.
මහරජ, කටුක වූ සම්බාධ වූ ඉතා නපුරු වූ මරණ දුකට පැමිණියෙම් වෙමි. ඒ මම අද දුකසේ වධයෙන් මිදුනෙම් මිහිරි වූ ප්‍රිය වූ ජීවිතය ලබා සිටිමි. දැන් ඒ මම පැවිදිවෙනු රිස්සෙමි’යි
ඉමාහි ගාථාහි ධම්මං දෙසෙසි.
මේ ගාථාවන්ගෙන් ධර්මය දේශනා කළේය.
තත්ථ අනිසම්මාති අනුපධාරෙත්වා. අනවත්ථායාති අවවත්ථපෙත්වා. වෙභඞ්ගොති විපත්ති. විපාකොති නිප්ඵත්ති. අසඤ්ඤතොති අසංවුතො දුස්සීලො. පණයෙය්යාති පට්ඨපෙය්ය. වෙගාති වෙගෙන සහසා. සම්මාපණීධී චාති සම්මාපණිධිනා, යොනිසො ඨපිතෙන චිත්තෙන කතා නරස්ස අත්ථා පච්ඡා අනානුතප්පා භවන්තීති අත්ථො. විභජ්ජාති ඉමානි කාතුං යුත්තානි, ඉමානි අයුත්තානීති එවං පඤ්ඤාය විභජිත්වා. කම්මායතනානීති කම්මානි. බුද්ධානුමතානීති පණ්ඩිතෙහි අනුමතානි අනවජ්ජානි හොන්ති. කටුකන්ති දුක්ඛං අසාතං, සම්බාධං සුකිච්ඡං මරණභයං පත්තොම්හි. ලද්ධාති අත්තනො ඤාණබලෙන ජීවිතං ලභිත්වා. පබ්බජ්ජමෙවාභිමනොති පබ්බජ්ජාභිමුඛචිත්තො එවාහමස්මි.
එහි “අනිසම්ම” යනු නොවිමසා “අනවත්ථාය” යනු ව්‍යවස්ථාවක් නොකොට “වෙභඞ්ගො” යනු විපත්තියයි. “විපාකො” යනු හටගැනීමයි. “අසඤ්ඤතො” යනු අසංවර වූයේ දුශ්ශීල වූයේ “පණයෙය්යාති” පමුණුවන්නේය. (විධාන කරන්නේය) “වෙගා” යනු වේගයෙන්, ඉක්මනින්, “සම්මාපණිධිච” යනු යහපත්ව පිහිටුවා, නුවණින් පිහිටුවන ලද සිතින් කරන ලද දෙය මිනිසාට අර්ථයද පසුව නොතැවීම ද පිණිස පවතී යන අර්ථයයි. “විභජ්ජ” යනු මේවා කිරීමට සුදුසුයි. මේවා කිරීමට නුසුදුසුයි යයි මෙසේ ප්‍රඥාවෙන් බෙදා “කම්මායතනානි” යනු කටයුතු (කර්මයෝ) “බුද්ධානුමතානි” පණ්ඩිතයන් විසින් අනුමත කළ නිවැරදි දේ වෙයි. “කටුකං” යනු දුක්වු අමිහිරි වූ. බාධාසහිත වූ “සුකිච්ඡං” මරණ භයට පත්වූයේ වෙමි. “ලද්ධා” යනු තම ඥාන බලයෙන් ජීවිතය ලැබ “පබ්බජ්ජ මෙවාභිමනො” යනු මම පැවිද්දට යොමුවූ සිත් ඇත්තේම වෙමි.
එවං මහාසත්තෙන ධම්මෙ දෙසිතෙ රාජා දෙවිං ආමන්තෙසි – “දෙවි, ත්වං පුත්තං නිවත්තෙහී”ති. දෙවීපි කුමාරස්ස පබ්බජ්ජමෙව රොචෙසි. මහාසත්තො මාතාපිතරො වන්දිත්වා “සචෙ මය්හං දොසො අත්ථි, තං ඛමථා”ති ඛමාපෙත්වා මහාජනං ආපුච්ඡිත්වා හිමවන්තාභිමුඛො අගමාසි. ගතෙ ච පන මහාසත්තෙ මහාජනො කූටජටිලං පොථෙත්වා ජීවිතක්ඛයං පාපෙසි. බොධිසත්තොපි සනාගරෙහි අමච්චපාරිසජ්ජාදීහි රාජපුරිසෙහි අස්සුමුඛෙහි අනුබන්ධියමානො තෙ නිවත්තෙසි. මනුස්සෙසු නිවත්තෙසු මනුස්සවණ්ණෙනාගන්ත්වා දෙවතාහි නීතො සත්ත පබ්බතරාජියො අතික්කමිත්වා හිමවන්තෙ විස්සකම්මුනා නිම්මිතාය පණ්ණසාලාය ඉසිපබ්බජ්ජං පබ්බජි. තෙන වුත්තං –
මෙසේ මහාසත්ත්වයන් විසින් ධර්මය දේශනා කළ කල්හි රජතුමා “දේවිය, නුඹ පුතණුවන් නවත්වාලව’යි දේවිය අමතා කීය. දේවියද කුමාරයාගේ පැවිද්දම කැමති වූවාය. මහාසත්ත්වයෝ මවුපියන් වැඳ “ඉදින් මගේ වරදක් ඇත්නම් එයට කමාකළ මැනවැ”යි කමාකරවාගෙන මහජනයා විමසා හිමවතට අභිමුඛව ගියහ. මහාසත්ත්වයන් ගිය කල්හි මහජනයා කපටි ජටිලයාට තලා මරණයට පත් කළේය. බෝධිසත්ත්වයෝද කදුළු පිරුණු මුහුණු ඇති නගර වැසියන් සහිත ඇමති පිරිස් ආදී වූ රාජපුරුෂයන් විසින් ලුහුබඳින ලද්දාහු ඔවුන් නැවැත්වූහ. මිනිසුන් නැවතුන කල්හි මිනිස් වෙස්ගෙන පැමිණි දෙවියන් විසින් පමුණුවන ලද්දාහු කඳු වලලු සතක් ඉක්මවා හිමාලයෙහි විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද පන්සලෙහි තවුස් පැවිද්දෙන් පැවිදි වූහ. එහෙයින්,
“සො මං තත්ථ ඛමාපෙසි, මහාරජ්ජං අදාසි මෙ; සොහං තමං දාලයිත්වා, පබ්බජිං අනගාරිය”න්ති.
262. සො මං තත්ථ ඛමාපෙසි මහා රජ්ජං අදාසි මෙ සොහං තමං දාළයිත්වා පබ්බජිං අනගාරියත්ති” (චරියා පිටක)
“එවිට හෙතෙම මා ක්ෂමා කරවූයේය. මට මහා රාජ්‍යය ද දුන්නේය. ඒ මම අන්ධකාරය විනාශ කොට අනගාරික පැවිද්දට පැමිණියෙමියි වදාරණ ලදි.
තත්ථ තමං දාලයිත්වාති කාමාදීනවදස්සනස්ස පටිපක්ඛභූතං සම්මොහතමං විධමිත්වා. පබ්බජින්ති උපාගච්ඡිං. අනගාරියන්ති පබ්බජ්ජං.
එහිද “තමං දාළයිත්වා” යනු කාමයන්ගේ ආදීනව දැකීමට ප්‍රතිවිරුද්ධ වූ මෝහන්ධකාරය විනාශකොට “පබ්බජිං” යනු සමීපයට පැමිණියෙමි. “අනාගාරියං” යනු පැවිද්දයි.
ඉදානි යදත්ථං තදා තං රාජිස්සරියං පරිච්චත්තං, තං දස්සෙතුං “න මෙ දෙස්ස”න්ති ඔසානගාථමාහ.
දැන් යම් අර්ථයක් සදහා එකල්හි ඒ රාජසම්පත් පරිත්‍යාග කළේද, එය දැක්වීමට “න මෙ දෙස්සං” යන අවසාන ගාථාව වදාළහ.
263 “න මෙ දෙස්සං මහා රජ්ජං කාමභොගො න දෙස්සියො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජින්ති” (චරියා පිටක)
තස්සත්ථො වුත්තනයොව.
එහි අර්ථය කියන ලද ක්‍රමයමය.
එවං පන මහාසත්තෙ පබ්බජිතෙ යාව සොළසවස්සකාලා රාජකුලෙ පරිචාරිකවෙසෙන දෙවතායෙව නං උපට්ඨහිංසු. සො තත්ථ ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා බ්රහ්මලොකූපගො අහොසි.
මෙසේ මහාසත්ත්වයන් පැවිදි වූ කල්හි සොළොස් හැවිරිදි වන තෙක් රාජ කුලයෙහි උපස්ථායකයන්ගේ වේශයෙන් දෙවියෝම එතුමන්ට උපස්ථාන කළහ. හෙතෙම එහිදී ධ්‍යාන අභිඥා උපදවා බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබීය.
තදා කුහකො දෙවදත්තො අහොසි, මාතා මහාමායා, මහාරක්ඛිතතාපසො සාරිපුත්තත්ථෙරො, සොමනස්සකුමාරො ලොකනාථො.
එකල කුහක තවුසා දෙව්දත් තෙර විය. මව මහාමායා දේවියයි. මහාරක්ඛිත තාපසයා සාරිපුත්ත තෙරය. සෝමනස්ස කුමාරයා ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස යුධඤ්ජයචරියායං (චරියා· 3.1 ආදයො) වුත්තනයෙනෙව දස පාරමියො නිද්ධාරෙතබ්බා. ඉධාපි නෙක්ඛම්මපාරමී අතිසයවතීති සා එව දෙසනං ආරුළ්හා. තථා සත්තවස්සිකකාලෙ එව රාජකිච්චෙසු සමත්ථතා, තස්ස තාපසස්ස කූටජටිලභාවපරිග්ගණ්හනං, තෙන පයුත්තෙන රඤ්ඤා වධෙ ආණත්තෙ සන්තාසාභාවො, රඤ්ඤො සන්තිකං ගන්ත්වා නානානයෙහි තස්ස සදොසතං අත්තනො ච නිරපරාධතං මහාජනස්ස මජ්ඣෙ පකාසෙත්වා රඤ්ඤො ච පරනෙය්යබුද්ධිතං බාලභාවඤ්ච පට්ඨපෙත්වා තෙන ඛමාපිතෙපි තස්ස සන්තිකෙ වාසතො රජ්ජිස්සරියතො ච සංවෙගමාපජ්ජිත්වා නානප්පකාරං යාචියමානෙනපි හත්ථගතං රජ්ජසිරිං ඛෙළපිණ්ඩං විය ඡඩ්ඩෙත්වා කත්ථචි අලග්ගචිත්තෙන හුත්වා පබ්බජනං, පබ්බජිත්වා පවිවෙකාරාමෙන හුත්වා නචිරස්සෙව අප්පකසිරෙන ඣානාභිඤ්ඤානිබ්බත්තනන්ති එවමාදයො මහාසත්තස්ස ගුණානුභාවා විභාවෙතබ්බාති.
යුධඤ්ජය චරිතයෙහි කියන ලද අයුරින්ම උන්වහන්සේගේ දශ පාරමිතාවෝ නිර්ධාරණය කළ යුත්තාහ. මෙහිදී ද නෙක්ඛම්ම පාරමිතාව විශේෂ වන හෙයින් එයම දේශනාවට නගන ලදී. එසේම සත් හැවිරිදි කල්හිම රාජ කාර්‍ය්‍යයන්හි සමත් බව, එම තාපසයාගේ සොර ජටිලබව පරීක්ෂා කිරීම, එම කපටි තවුසා විසින් මෙහෙයවන ලද රජු විසින් වධාඥා කළ කල්හි තැති ගැනීමක් නැති බව, රජු සමීපයට ගොස් නොයෙක් ක්රමයන්ගෙන් ඔහුගේ දොස් සහිත බවද තමාගේ නිරපරාධ බවද, මහජනයා මැද ප්‍රකාශ කොට රජුගේ ද අනුන් විසින් මගපෙන්විය යුතු බුද්ධිමත් බව හා බාල බව ද පිහිටුවා රජු විසින් කමාකරන ලද්දේ ද ඔහු සමීපයෙහි විසීමෙන් ද රාජ සම්පත්තියෙන් ද සංවේගයට පැමිණ රජු විසින් නොයෙක් ආකාරයෙන් ඉල්ලා සිටිනු ලබන කල්හිද අතට පත් රාජශ්‍රීය කෙළ පිඬක් මෙන් හැරදමා කිසිතැනෙක නොඇලුන සිත් ඇතිව පැවිදි වීමද, පැවිදි වී විවේකයෙහි ඇලී නොබෝ කලකින්ම අපහසුවකින් තොරව ධ්‍යාන අභිඥා නිපදවීමද යන මේ ආදී වූ බෝධිසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
සොමනස්සචරියාවණ්ණනා නිට්ඨිතා.
දෙවෙනි සොමනස්ස චරිතයයි.