යෙදුමෙන් කියවන්න

4. අධිට‍්ඨානපාරමිතා අට‍්ඨකථා

4. අධිෂ්ඨාන පාරමිතාව

6. තෙමියචරියාවණ‍්ණනා

6. තේමිය පණ්ඩිත චරියා වර්ණනාව

288. “පුනාපරං යදා හොමි කාසිරාජස්ස අත්‍රජො මූගපක්‍ඛොති නාමෙන තෙමියොති වදන්ති මං

289 “සොළසිත්‍ථි සහස්සානං න විජ්ජති පුමො තදා අහොරත්තානං අච්චයෙන නිබ්බත්තො අහමෙකකො” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම කාසි රජහුගේ පුත්‍ර වීම් ද (එකල්හි) නමින් තේමිය යයි ද “මූගපක්‍ඛ” යයි ද මට කියත්.

එකල්හි සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීන්ට පිරිමි දරුවෙක් නැත්තේය. (නොයෙක්) රෑ දවල්හුගේ ඇවෑමෙන් මම හුදකලාව උපනිමි.”

ඡට‍්ඨෙ කාසිරාජස‍්ස අත්‍රජොති කාසිරඤ‍්ඤො අත්‍රජො පුත‍්තො යදා හොමි, තදා මූගපක‍්ඛොති නාමෙන, තෙමියොති වදන‍්ති මන‍්ති තෙමියොති නාමෙන මූගපක‍්ඛවතාධිට‍්ඨානෙන “මූගපක‍්ඛො”ති මාතාපිතරො ආදිං කත්‍වා සබ‍්බෙව මං වදන‍්තීති සම‍්බන්‍ධො. මහාසත‍්තස‍්ස හි ජාතදිවසෙ සකලකාසිරට‍්ඨෙ දෙවො වස‍්සි, යස‍්මා ච සො රඤ‍්ඤො චෙව අමච‍්චාදීනඤ‍්ච හදයං උළාරෙන පීතිසිනෙහෙන තෙමයමානො උප‍්පන‍්නො, තස‍්මා “තෙමියකුමාරො”ති නාමං අහොසි.

හයවෙනි (තේමිය පණ්ඩිත චරිතයෙහි) “කාසිරාජස්ස අත්‍රජො” යනු යම්කලෙක්හි කාසි රජහුගේ පුත්‍රයා වීම්ද, එකල්හි “මූගපක්‍ඛොති නාමෙන තෙමියොති වදන්ති මං” යනු නමින් තේමිය යයිද ගොළු බව දැක්වීමේ ව්‍රතය රැකි නිසා “මූගපක්‍ඛ” යයි මවුපියන් ආදිකොට සියල්ලෝ මා අමතති’ යයි සම්බන්‍ධය වේ. මහාසත්ත්‍වයන් වනාහි උපන් දවසෙහි සියලු කසී රටෙහි වැස්ස වැස්සේය. යම්හෙයකින් හෙතෙම රජුගේ මෙන්ම අමාත්‍යාදීන්ගේද හදවත උදාර ප්‍රීතියෙන් හා සෙනෙහසින් තෙමමින් උපන්නේද එහෙයින් “තෙමිය කුමාර” යයි නම් විය.

සොළසිත්‍ථිසහස‍්සානන‍්ති සොළසන‍්නං කාසිරඤ‍්ඤො ඉත්‍ථාගාරසහස‍්සානං. න විජ‍්ජති පුමොති පුත‍්තො න ලබ‍්භති. න කෙවලඤ‍්ච පුත‍්තො එව, ධීතාපිස‍්ස නත්‍ථි එව. අහොරත‍්තානං අච‍්චයෙන, නිබ‍්බත‍්තො අහමෙකකොති අපුත‍්තකස‍්සෙව තස‍්ස රඤ‍්ඤො බහූනං සංවච‍්ඡරානං අතීතත‍්තා අනෙකෙසං අහොරත‍්තානං අපගමනෙන සක‍්කදත‍්තියො අහමෙකකොව බොධිපරියෙසනං චරමානො, තදා තස‍්ස පුත‍්තො හුත්‍වා උප‍්පන‍්නොති සත්‍ථා වදති.

“සොළසිත්‍ථිසහස්සානං” යනු කාසිරජුගේ සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීන්ට. “න විජ්ජති පුමො” යනු පුතෙක් නොලැබේ. හුදෙක් පුතෙක් පමණක්ම නොවේ. ඔහුට දුවෙකුදු නැත්තේමය. “අහොරත්තානමච්චයෙන නිබ්බත්තො අහමෙකකො” යනු පුතුන් නොමැති ඒ රජුට අවුරුදු බොහෝ ගණනක් ඉක්මුණු හෙයින් නොයෙක් දිවාරාත්‍රීන්ගේ (බොහෝ කාලයක්) ඇවෑමෙන් ශක්‍රයා විසින් දෙන ලද මම හුදකලාවම බෝධි පර්‍ය්‍යෙෂණයෙහි හැසිරෙන්නෙම් එකල්හි ඔහුගේ පුතා වී උපන්නෙමියි ශාස්තෲන් වහන්සේ දේශනා කරති.

තත්‍රායං අනුපුබ‍්බිකථා – අතීතෙ බාරාණසියං කාසිරාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස සොළසසහස‍්සා ඉත්‍ථියො අහෙසුං. තාසු එකාපි පුත‍්තං වා ධීතරං වා න ලභති. නාගරා “අම‍්හාකං රඤ‍්ඤො වංසානුරක‍්ඛකො එකොපි පුත‍්තො නත්‍ථී”ති විප‍්පටිසාරී ජාතා සන‍්නිපතිත්‍වා රාජානං “පුත‍්තං පත්‍ථෙහී”ති ආහංසු. රාජා සොළසසහස‍්සා ඉත්‍ථියො “පුත‍්තං පත්‍ථෙථා”ති ආණාපෙසි. තා චන්‍දාදීනං උපට‍්ඨානාදීනි කත්‍වා පත්‍ථෙන‍්තියොපි න ලභිංසු. අග‍්ගමහෙසී පනස‍්ස මද‍්දරාජධීතා චන්‍දාදෙවී නාම සීලසම‍්පන‍්නා අහොසි. රාජා “ත්‍වම‍්පි පුත‍්තං පත්‍ථෙහී”ති ආහ. සා පුණ‍්ණමදිවසෙ උපොසථිකා හුත්‍වා අත‍්තනො සීලං ආවජ‍්ජෙත්‍වා “සචාහං අඛණ‍්ඩසීලා, ඉමිනා මෙ සච‍්චෙන පුත‍්තො උප‍්පජ‍්ජතූ”ති සච‍්චකිරියමකාසි. තස‍්සා සීලතෙජෙන සක‍්කස‍්ස ආසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා “චන්‍දාදෙවියා පුත‍්තපටිලාභස‍්ස උපායං කරිස‍්සාමී”ති තස‍්සා අනුච‍්ඡවිකං පුත‍්තං උපධාරෙන‍්තො බොධිසත‍්තං තාවතිංසභවනෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චවිත්‍වා උපරිදෙවලොකෙ උප‍්පජ‍්ජිතුකාමං දිස‍්වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “සම‍්ම, තයි මනුස‍්සලොකෙ උප‍්පන‍්නෙ පාරමියො ච තෙ පූරෙස‍්සන‍්ති, මහාජනස‍්ස ච වුඩ‍්ඪි භවිස‍්සති, අයං කාසිරඤ‍්ඤො චන්‍දා නාම අග‍්ගමහෙසී පුත‍්තං පත්‍ථෙති, තස‍්සා කුච‍්ඡියං උප‍්පජ‍්ජාහී”ති ආහ.

මේ එහි අනුපිළිවෙළ කථාවයි:- අතීතයෙහි බරණැස කාසි රජ රාජ්‍යය කරවයි. ඔහුට සොළොස් දහසක් ස්ත්‍රීහු වූහ. ඔවුන් අතුරෙන් එකම බිසවක්වත් පුතෙකු හෝ දුවක නො ලබයි. නගර වැසියෝ අපගේ රජුට වංශය රකින පුතෙක් නැතැයි විපිළිසරට පත් වූවාහු රැස් වී “පුතෙකු පතනු මැනවැ”යි රජුට කීහ. රජතුමා සොළොස් දහසක් ස්ත්‍රීන්ට පුතෙකු ප්‍රාර්ථනා කරව්’ යයි අණ කළේය. ඔවුහු තුමූ චන්‍ද්‍රාදීන්ට උපස්ථානාදීය කොට ප්‍රාර්ථනා කරන්නෝද නොලැබූහ. රජුගේ අගමෙහෙසිය වූ චන්‍ද්‍ර දේවී නම් මද්දරජ දියණිය ශීලසම්පන්න වූවාය. රජතුමා නුඹද පුතෙකු පැතුව මැනවැයි කීය. ඈ පසළොස්වකදා පෙහෙවස් සමාදන් වී තමාගේ ශීලය ආවර්ජනා කොට “ඉදින් මම කඩනොකළ සිල් ඇත්තෙම් නම් මේ සත්‍යය කරණ කොටගෙන මට පුතෙකු උපදීවා’යි සත්‍යක්‍රියා කළාය. ඇයගේ ශීල තේජසින් ශක්‍රයාගේ ආසන උණුසුම් ස්වභාවයක් දැක්වීය. ශක්‍ර තෙමේ සිහිකරන්නේ ඒ කාරණය දැන චන්‍ද්‍ර දේවියට පුත්‍රලාභය සඳහා උපායක් කරන්නෙමි’යි ඇයට සුදුසු පුත්‍රයකු සොයන්නේ බෝධිසත්ත්‍වයන් තවුතිසා භවනයෙහි ඉපිද එහි ආයු ඇතිතෙක් සිට එතනින් චුතව මතු දිව්‍ය ලෝකයෙහි උපදිනු කැමති බව දැක ඔහු සමීපයට ගොස් යහළුව, මිනිස් ලොව උපන්කල්හි ඔබගේ පාරමිතාවෝද පිරෙන්නාහ. මහජනයාට ද අභිවෘද්ධියක් වන්නේය. කාසි රජුගේ මේ චන්‍ද්‍රා නම් අග මෙහෙසිය පුතෙකු පතයි. ඇයගේ කුසෙහි පිළිසිඳ ගනුව’යි කීය.

සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා තස‍්සා කුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස සහායා පඤ‍්චසතා දෙවපුත‍්තා ඛීණායුකා දෙවලොකා චවිත්‍වා තස‍්සෙව රඤ‍්ඤො අමච‍්චභරියානං කුච‍්ඡීසු පටිසන්‍ධිං ගණ‍්හිංසු. දෙවී ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ඤත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා ගබ‍්භපරිහාරං දාපෙසි. සා පරිපුණ‍්ණගබ‍්භා ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණසම‍්පන‍්නං පුත‍්තං විජායි. තංදිවසමෙව අමච‍්චගෙහෙසු පඤ‍්චකුමාරසතානි විජායිංසු. උභයම‍්පි සුත්‍වා රාජා “මම පුත‍්තස‍්ස පරිවාරා එතෙ”ති පඤ‍්චන‍්නං දාරකසතානං පඤ‍්චධාතිසතානි පෙසෙත්‍වා කුමාරපසාධනානි ච පෙසෙසි. මහාසත‍්තස‍්ස පන අතිදීඝාදිදොසවිවජ‍්ජිතා අලම‍්බත්‍ථනා මධුරථඤ‍්ඤා චතුසට‍්ඨිධාතියො දත්‍වා මහන‍්තං සක‍්කාරං කත්‍වා චන්‍දාදෙවියාපි වරං අදාසි. සා ගහිතකං කත්‍වා ඨපෙසි. දාරකො මහතා පරිවාරෙන වඩ‍්ඪති. අථ නං එකමාසිකං අලඞ‍්කරිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ආනයිංසු. රාජා පියපුත‍්තං ඔලොකෙත්‍වා ආලිඞ‍්ගිත්‍වා අඞ‍්කෙ නිසීදාපෙත්‍වා රමයමානො නිසීදි.

හෙතෙම “යහපතැයි” පිළිතුරු දී ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ යහළු පන්සීයක් දේව පුත්‍රයෝද ක්‍ෂය වූ ආයුෂ ඇත්තාහු දෙව්ලොවින් චුත වී ඒ රජුගේම අමාත්‍යයන්ගේ භාර්‍ය්‍යාවන්ගේ කුස්හි පිළිසිඳ ගත්හ. දේවිය ගැබ පිහිටි බව දැන රජුට දැන්වූවාය. රජතුමා ගැබ්පෙළහර දෙවීය. ඈ පිරිපුන් ගැබ් ඇත්තී ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණයෙන් යුත් පුතෙකු බිහි කළාය. එදවසම ඇමති ගෙවල් හිද පන්සියක් කුමාරවරු උපන්හ. රජතුමා මේ කරුණු දෙකම අසා “මොවුහු මගේ පුතාගේ පිරිවර’ යයි දරුවන් පන්සීයට කිරිමවුන් පන්සීයක් යවා කුමාරාභරණ ද යැවීය. මහාසත්ත්‍වයන්ට වනාහි අති දීර්‍ඝාදී දෝෂයන්ගෙන් තොරවූ නො එල්ලෙන පයෝධර ඇති, මිහිරි කිරි ඇති, සිවුසැටක් කිරිමවුන් දී මහත් සත්කාර කොට චන්‍ද්‍ර දේවියටද වරයක් දුන්නේය. දේවිය එම වරය ගන්නා ලද්දක් කොට තැබීය. දරුවා මහත් පිරිවරින් වැඩේ. ඉක්බිති උපන් එක් මස් ඇති කුමාරයා සරසා රජු සමීපයට ගෙන ආහ. රජතුමා ප්‍රිය පුතණුවන් බලා වඩා ගෙන ඇකයෙහි හිඳුවා සිත් පිනවමින් හුන්නේය.

තස‍්මිං ඛණෙ චත‍්තාරො චොරා ආනීතා. රාජා තෙසු එකස‍්ස සකණ‍්ටකාහි කසාහි පහාරසහස‍්සං ආණාපෙසි, එකස‍්ස සඞ‍්ඛලිකාය බන්‍ධිත්‍වා බන්‍ධනාගාරප‍්පවෙසනං, එකස‍්ස සරීරෙ සත‍්තිප‍්පහාරදානං, එකස‍්ස සූලාරොපනං. මහාසත‍්තො පිතු කථං සුත්‍වා සංවෙගප‍්පත‍්තො හුත්‍වා “අහො මම පිතා රජ‍්ජං නිස‍්සාය භාරියං නිරයගාමිකම‍්මං කරොතී”ති චින‍්තෙසි. පුනදිවසෙ නං සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා අලඞ‍්කතසිරිසයනෙ නිපජ‍්ජාපෙසුං.

එකෙණෙහිම සොරු සතර දෙනෙක් රජු සමීපයට ගෙන එන ලදහ. රජතුමා එක් සොරෙකුට කටු සහිත කසයෙන් පහර දහසක් දෙව’යි අණ කළේය. එකෙකුට හැකිල්ලෙන් බැඳ බන්‍ධනාගාරයේ දැමීමද, එකෙකුට ශරීරයෙහි අඩයටි පහර දීමද, එකෙකු උල හිඳුවීමද නියම කළේය. මහාසත්ත්‍වයෝ පියාණන්ගේ කථාව අසා සංවේගයට පැමිණියේ වී “අනේ, මපියාණෝ රාජ්‍යය නිසා බැරෑරුම් නිරයගාමී පාපකර්‍මයන් කරති’යි සිතූහ. දෙවන දවස්හි කුමාරයා සේසත යට සරසන ලද ශ්‍රී යහනෙහි සැතපෙව්වාහුය.

සො ථොකං නිද‍්දායිත්‍වා පටිබුද‍්ධො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා සෙතච‍්ඡත‍්තං ඔලොකෙන‍්තො මහන‍්තං සිරිවිභවං පස‍්සි. අථස‍්ස පකතියාපි සංවෙගප‍්පත‍්තස‍්ස අතිරෙකතරං භයං උප‍්පජ‍්ජි. සො “කුතො නු ඛො අහං ඉමං රාජගෙහං ආගතො”ති උපධාරෙන‍්තො ජාතිස‍්සරඤාණෙන දෙවලොකතො ආගතභාවං ඤත්‍වා තතො පරං ඔලොකෙන‍්තො උස‍්සදනිරයෙ පක‍්කභාවං පස‍්සි. තතො පරං ඔලොකෙන‍්තො තස‍්මිංයෙව නගරෙ රාජභාවං පස‍්සි. අථ සො “අහං වීසතිවස‍්සානි රජ‍්ජං කාරෙත්‍වා අසීතිවස‍්සසහස‍්සානි උස‍්සදනිරයෙ පච‍්චිං, ඉදානි පුනපි ඉමස‍්මිං චොරගෙහෙ නිබ‍්බත‍්තොස‍්මි, පිතාපි මෙ හිය්‍යො චතූසු චොරෙසු ආනීතෙසු තථාරූපං ඵරුසං නිරයසංවත‍්තනිකං කථං කථෙසි. න මෙ ඉමිනා අවිදිතවිපුලානත්‍ථාවහෙන රජ‍්ජෙන අත්‍ථො, කථං නු ඛො ඉමම‍්හා චොරගෙහා මුච‍්චෙය්‍ය”න‍්ති චින‍්තෙන‍්තො නිපජ‍්ජි. අථ නං එකා දෙවධීතා “තාත තෙමියකුමාර, මා භායි, තීණි අඞ‍්ගානි අධිට‍්ඨහිත්‍වා තව සොත්‍ථි භවිස‍්සතී”ති සමස‍්සාසෙසි. තං සුත්‍වා මහාසත‍්තො රජ‍්ජසඞ‍්ඛාතා අනත්‍ථතො මුච‍්චිතුකාමො සොළසසංවච‍්ඡරානි තීණි අඞ‍්ගානි අචලාධිට‍්ඨානවසෙන අධිට‍්ඨහි. තෙන වුත‍්තං “කිච‍්ඡාලද‍්ධං පියං පුත‍්ත”න‍්තිආදි.

හෙතෙම මඳක් සැතපී පිබිද ඇස් ඇර බලා සේසත දෙස බලන්නේ මහත් වූ ශ්‍රී සම්පත් දිටීය. ඉක්බිති ප්‍රකෘතියෙන්ම සංවේගයට පැමිණි ඔහුට අධිකතර භයක් උපන්නේය. හෙතෙම “මම කොහි සිට මේ රජගෙදරට පැමිණියෙම්”දැයි සලකා බලන්නේ ජාතිස්මරණ ඥානයෙන් දෙව්ලොවින් ආ බව දැන ඉන් ඈත බලන්නේ උස්සද නිරයෙහි පැසුණු බව දිටීය. ඉන් ඈත බලන්නේ ඒ නගරයෙහිම රජකළ බැව් දිටීය. ඉක්බිති හෙතෙම “මම විසිවසරක් රජකම් කොට අසූදහසක් අවුරුදු ඔසුපත් නිරයෙහි පැසුණෙමි. දැන් නැවතත් මේ සිරගෙයි උපන්නෙමි. මගේ පියරජතුමා ද ඊයේ සොරුන් සතර දෙනෙකු ගෙනෙන ලද කල්හි එබඳු ඵරුෂ වූ නිරයෙහි ඉපදීමට හේතුවන්නා වූ කථාවක් කළේය. මට මේ නිරතුරු මහත් අනර්ථ ගෙන දෙන්නා වූ රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත. කෙසේ නම් මේ සොර ගෙයින් මිදෙන්නෙම්දැයි සිතමින් හොත්තේය. ඉක්බිති එක් දෙව්දුවක් එතුමන්ට “පුත, තේමිය කුමාරය, බිය නොවන්න. අඞ්ග තුනක් අධිෂ්ඨාන කොට තොපට යහපතක් වන්නේය’යි අස්වැසුවාය. එය අසා මහාසත්ත්‍වයෝ රාජ්‍ය සංඛ්‍යාත අනර්ථයෙන් මිදෙනු කැමැත්තෝ සොළොස් වසරක් අඞ්ග තුනක් නිශ්චල අධිෂ්ඨාන වශයෙන් ඉටාගත්හ. එහෙයින් “කිච්ඡා ලද්ධං පියං පුත්තං” ආදිය වදාරණ ලදී.

290. “කිච්ඡා ලද්ධං පියං පුත්තං අභිජාතං ජුතින්‍ධරං සෙතච්ඡත්තං ධාරයිත්‍වාන සයනෙ පොසෙති මං පිතා”

291. “නිද්දායමානො සයනවරෙ පබුජ්ඣිත්‍වානහං තදා අද්දසං පණ්ඩරං ඡත්තං යෙනාහං නිරයං ගතො

292. “සහදිට්ඨස්ස මෙ ඡත්තං තාසො උප්පජ්ජි භෙරවො විනිච්ඡයං සමාපන්නො ක දාහං ඉමං මුඤ්චිස්සං

293. “පුබ්බසාලොහිතා මය්හං දෙවතා අත්‍ථකාමිනී සා මං දිස්වාන දුක්‍ඛිං තං තීසු ඨානෙසු යොජයී.

294. “මා පණ්ඩිච්ච යං විභාවය බාලමතො භව සබ්බපාණිනං සබ්බො ජනො ඔචිනායතු එවං තව අත්‍ථො භවිස්සති

295. “එවං වුත්තායහං තස්සා ඉදං වචනමබ්‍රැවිං කරොමි තෙ තං වචනං යං ත්‍වං භණසි දෙවතෙ අත්‍ථකාමසි මෙ අම්ම හිතකාමසි දෙවතෙ

296. “තස්සාහං වචනං සුත්‍වා සාගරෙව ඵලං ලභිං හට්ඨො සංවිග්ග මානසො තයො අඞ්ගෙ අධිට්ඨහිං

297. “මූගො අහොසිං බධිරො පක්‍ඛො ගති විවජ්ජිතො එතෙ අඞ්ගෙ අධිට්ඨාය වස්සානි සොළසං වසිං” (චරියා පිටක)

“පියරජතෙමේ දුකසේ ලද්දා වූ ජාතිසම්පන්න වූ ආලෝකවත් වූ ප්‍රිය පුත්‍ර වූ මා සෙසත් නගා ශ්‍රී යහන් මතුයෙහි සයනය කරවා පෝෂණය කරයි.

එකල්හි මම උතුම් සිරියහන් මතුයෙහි නිදන්නෙම් පිබිද මම යම් සේසතක් කරණ කොට ගෙන නරකයට ගියෙම්ද ඒ සේසත දුටිමි. සේසත දුටුවා වූ මට ඒ සමග භයානක තැති ගැන්මක් උපන්නේය. “මම කෙසේ මේ (රාජ්‍යය) මුදා පියම්දැ”යි විචාරන්නට පටන් ගතිමි. පෙර මගේ සහලේ නෑ වූ වැඩකැමති වූ ඒ දෙව්දුව දුකට පැමිණි මා දැක කරුණු තුනෙක්හි මා යෙදවූවාය.

“පණ්ඩිත භාවය ප්‍රකාශ නො කරව, සියලු ප්‍රාණීන්ට බාලයෙකැයි ප්‍රසිද්ධ වෙව, සියලු ජනතෙම තට නින්දා කෙරේවා, එසේ ඇති කල්හි තාගේ අර්‍ථය (සමෘද්ධ) වන්නේ” යයි (ඇය කීවාය)

ඇය මෙසේ කී කල්හි “මෑණියෙනි දේවිතාවියනි (නුඹ) මට වැඩ කැමැත්තෙහිය. සැප කැමැත්තෙහිය. දේවතා දුවණියෙනි, නුඹ යමක් කියන්නෙහිද, නුඹගේ ඒ වචනය කරමි’යි ඇයට මම මේ වචන කීමි.

මම ඒ දෙව්දුවගේ වචන අසා සයුරෙහි පිහිටක් ලැබූයෙමි. තුටුපහටු සිත් ඇත්තෙම් (රජ සැපතෙහි) කළකිරුණු සිත් ඇත්තෙම් අඞ්ග තුන ඉටා ගතිමි.

(මම) ගොළුවෙක් වීමි, බිහිරක් වීමි, ගමන් බැරි කොරෙක් වීමි. මේ අඞ්ගත්‍රය ඉටාගෙන සොළොස් වසක් විසූයෙමි.

තත්‍ථ කිච‍්ඡාලද‍්ධන‍්ති කිච‍්ඡෙන කසිරෙන චිරකාලපත්‍ථනාය ලද‍්ධං. අභිජාතන‍්ති ජාතිසම‍්පන‍්නං. කායජුතියා චෙව ඤාණජුතියා ච සමන‍්නාගතත‍්තා ජුතින්‍ධරං. සෙතච‍්ඡත‍්තං ධාරයිත්‍වාන, සයනෙ පොසෙති මං පිතාති පිතා මෙ කාසිරාජා “මා නං කුමාරං රජො වා උස‍්සාවො වා”ති ජාතකාලතො පට‍්ඨාය සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා සිරිසයනෙ සයාපෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන මං පොසෙති.

එහි “කිච්ඡා ලද්ධං” යනු දුකසේ, අපහසුවෙන් බොහෝ කලක් ප්‍රාර්ථනා කිරීමෙන් ලද්දා වූ “අභිජාතං” යනු ජාතිසම්පන්න වූ ශරීරාලෝකයෙන් මෙන්ම ප්‍රඥාලෝකයෙන් යුක්ත වූ හෙයින් “ජුතින්‍ධරං”යි “සෙතච්ඡත්තං ධාරයිත්‍වාන සයනෙ පොසෙති මං පිතා” යනු මගේ පියාණන් වූ කාසිරජ “ඒ කුමාරයාට දූවිලි හෝ පිනි හෝ නොවේවා”යි උපන් කල් පටන් සේසත යට ශ්‍රී යහනෙහි නිදිකරවා මහත් පිරිවරින් මා පෝෂණය කරයි.

නිද‍්දායමානො සයනවරෙ පබුජ‍්ඣිත්‍වා අහං ඔලොකෙන‍්තො පණ‍්ඩරං සෙතච‍්ඡත‍්තං අද‍්දසං. යෙනාහං නිරයං ගතොති යෙන සෙතච‍්ඡත‍්තෙන තතො තතියෙ අත‍්තභාවෙ අහං නිරයං ගතො, සෙතච‍්ඡත‍්තසීසෙන රජ‍්ජං වදති.

නිදන්නෙම් පිබිද උතුම් සයනයෙහි සිට බලන්නෙම් සුදුවන් සේසත් දුටිමි. “යෙනාහං නිරයං ගතො” යනු යම් සේසතක් කරණ කොටගෙන ඉන් ඔබ්බෙහි තුන්වෙනි ආත්මභාවයෙහි මම නිරයට ගියෙම්ද, “සේසත යන ශීර්ෂයෙන් රාජ්‍යය කියයි.

සහ දිට‍්ඨස‍්ස මෙ ඡත‍්තන‍්ති තං සෙතච‍්ඡත‍්තං දිට‍්ඨස‍්ස දිට‍්ඨවතො මෙ සහ තෙන දස‍්සනෙන, දස‍්සනසමකාලමෙවාති අත්‍ථො. තාසො උප‍්පජ‍්ජි භෙරවොති සුපරිවිදිතාදීනවත‍්තා භයානකො චිත‍්තුත්‍රාසො උදපාදි. විනිච‍්ඡයං සමාපන‍්නො, කථාහං ඉමං මුඤ‍්චිස‍්සන‍්ති කථං නු ඛො අහං ඉමං රජ‍්ජං කාළකණ‍්ණිං මුඤ‍්චෙය්‍යන‍්ති එවං විචාරණං ආපජ‍්ජිං.

“සහ දිට්ඨස්ස මෙ ඡත්තං” යනු ඒ සේසත දුටුවා වූ මට එය දැකීමත් සමගම දර්‍ශනය හා සමකාලීනව යන අර්‍ථයයි. “තාසො උප්පජ්ජි භෙරවො” යනු මැනවින් විඳි ආදීනව ඇති බැවින් භයානක තැතිගැම්මක් හට ගත්තේය. “විනිච්ඡයං සමාපන්තො කථාහං ඉමං මුඤ්චෙය්‍යං” යනු මම කෙසේනම් මේ කාලකණ්ණි රාජ්‍යය මුදාහරින්නේදැයි මෙසේ විචාරීමට එළඹියෙමි.

පුබ‍්බසාලොහිතා මය‍්හන‍්ති පුබ‍්බෙ එකස‍්මිං අත‍්තභාවෙ මම මාතුභූතපුබ‍්බා තස‍්මිං ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා මය‍්හං අත්‍ථකාමිනී හිතෙසිනී. සා මං දිස‍්වාන දුක‍්ඛිතං, තීසු ඨානෙසු යොජයීති සා දෙවතා මං තථා චෙතොදුක‍්ඛෙන දුක‍්ඛිතං දිස‍්වා මූගපක‍්ඛබධිරභාවසඞ‍්ඛාතෙසු තීසු රජ‍්ජදුක‍්ඛතො නික‍්ඛමනකාරණෙසු යොජෙසි.

“පුබ්බසාලොහිතා මය්හං” යනු පෙර එක් ආත්මභාවයක මගේ මව වූ එම සේසතෙහි අධිගෘහිත වූ මට වැඩ කැමති, යහපත කැමති දෙව්දුව, “සා මං දිස්වාන දුක්‍ඛිතං තීසු ඨානෙසු යොජයී” යනු ඒ දෙව්දුව එසේ සිතේ දුකින් දුකට පත් මා දැක රාජ්‍ය දුකෙන් නික්මීමට හේතුවන ගොළු, කොර, බිහිරි බව යන කරුණු තුනෙක්හි යෙදවූවාය.

පණ‍්ඩිච‍්චයන‍්ති පණ‍්ඩිච‍්චං, අයමෙව වා පාඨො. මා විභාවයාති මා පකාසෙහි. බාලමතොති බාලොති ඤාතො. සබ‍්බොති සකලො අන‍්තොජනො චෙව බහිජනො ච. ඔචිනායතූති නීහරථෙතං කාළකණ‍්ණින‍්ති අවජානාතු. එවං තව අත්‍ථො භවිස‍්සතීති එවං යථාවුත‍්තනයෙන අවජානිතබ‍්බභාවෙ සති තුය‍්හං ගෙහතො නික‍්ඛමනෙන හිතං පාරමිපරිපූරණං භවිස‍්සති.

“පණ්ඩිච්ච යං” යනු පණ්ඩිතභාවයයි. නැතහොත් “පණ්ඩිච්චං” යන මෙයම පාඨය වේ. “මා විභාවය” යනු ප්‍රකාශ නො කරව, “බාලමතො” යනු බැලයෙකැයි ප්‍රසිද්ධ “සබ්බො” යනු සියලු ඇතුළත ජනයා මෙන්ම පිටත ජනයාද “ඔචිනායතු” යනු මේ කාලකණ්නියා බැහැර කරව් යයි අවමන් කෙරේ. “එවං තව අත්‍ථො භවිස්සති” යනු මෙසේ කියන ලද ක්‍රමයට අවමන් කළ යුතු තත්ත්‍වයක පවතින විට රජගෙයින් නික්මීම කරණ කොට ගෙන නුඹට හිතවූ පාරමී සම්පූර්‍ණ කිරීම වන්නේය.

තෙතං වචනන‍්ති තෙ එතං තීණි අඞ‍්ගානි අධිට‍්ඨාහීති වචනං. අත්‍ථකාමාසි මෙ අම‍්මාති අම‍්ම දෙවතෙ, මම අත්‍ථකාමා අසි. හිතකාමාති තස‍්සෙව පරියායවචනං. අත්‍ථොති වා එත්‍ථ සුඛං වෙදිතබ‍්බං. හිතන‍්ති තස‍්ස කාරණභූතං පුඤ‍්ඤං.

“තෙ තං වචනං” යනු මේ අඞ්ග තුන අදිටන් කරව” යන නුඹගේ වචනය “අත්‍ථකාමාසි මෙ අම්ම” යනු මෑණියනි, දේවතාවියනි, මට වැඩ කැමැත්තෙහිය. “හිතකාමා” යනු එයටම පර්‍ය්‍යාය වචනයකි. නැතහොත් මෙහි “අත්‍ථ” යන්නෙන් සැපය දත යුතුය. “හිතං” යනු එයට හේතුවූ පිනයි.

සාගරෙව ථලං ලභින‍්ති චොරගෙහෙ වතාහං ජාතො, අහු මෙ මහාවතානත්‍ථොති සොකසාගරෙ ඔසීදන‍්තො තස‍්සා දෙවතාය අහං වචනං සුත්‍වා සාගරෙ ඔසීදන‍්තො විය ථලං පතිට‍්ඨං අලභිං, රජ‍්ජකුලතො නික‍්ඛමනොපායං අලභින‍්ති අත්‍ථො. තයො අඞ‍්ගෙ අධිට‍්ඨහින‍්ති යාව ගෙහතො නික‍්ඛමිං, තාව තීණි අඞ‍්ගානි කාරණානි අධිට‍්ඨහිං.

“සාගරෙව ථලං ලභිං” යනු “මම ඒකාන්තයෙන් සොර ගෙයක උපන්නෙමි. මට ඒකාන්තයෙන් මහත් අනර්ථයක් වීය”යි ශෝක සාගරයෙහි ගිලෙන්නම් මම ඒ දේවතාවියගේ වචනය අසා සයුරෙහි ගිලෙන්නෙකුට ගොඩබිමක් මෙන් මම පිහිටක් ලැබූයෙමි. රජ කුලයෙන් නික්මෙන උපායක් ලැබුවෙමි යන අර්‍ථයයි. “තයො අඞ්ගෙ අධිට්ඨහිං” යනු යම්තාක් ගෙයින් නික්මෙන්නෙම් ද ඒතාක් අඞ්ග තුනට අයත් කරුණු අදිටන් කළෙමි.

ඉදානි තානි සරූපතො දස‍්සෙතුං “මූගො අහොසි”න‍්ති ගාථමාහ. තත්‍ථ පක‍්ඛොති පීඨසප‍්පි. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

දැන් ඒවා ස්වරූප වශයෙන් දැක්වීමට “මුගො අහොසිං” යන ගාථාව වදාළහ. එහි “පක්‍ඛො” යනු අත්පා කොරවූ තැනැත්තා. සෙස්ස මැනවින් දැන ගත හැක්කේමය.

එවං පන මහාසත‍්තෙ දෙවතාය දින‍්නනයෙ ඨත්‍වා ජාතවස‍්සතො පට‍්ඨාය මූගාදිභාවෙන අත‍්තානං දස‍්සෙන‍්තෙ මාතාපිතරො ධාතිආදයො ච “මූගානං හනුපරියොසානං නාම එවරූපං න හොති, බධිරානං කණ‍්ණසොතං නාම එවරූපං න හොති, පීඨසප‍්පීනං හත්‍ථපාදා නාම එවරූපා න හොන‍්ති, භවිතබ‍්බමෙත්‍ථ කාරණෙන, වීමංසිස‍්සාම න”න‍්ති චින‍්තෙත්‍වා “ඛීරෙන තාව වීමංසිස‍්සාමා”ති සකලදිවසං ඛීරං න දෙන‍්ති. සො සුස‍්සන‍්තොපි ඛීරත්‍ථාය සද‍්දං න කරොති.

මෙසේ වනාහි මහාසත්ත්‍වයන් දේවතාවිය විසින් දෙන ලද ක්‍රමයෙහි පිහිටා උපන් වර්ෂයේ පටන් ගොළු ආදී ස්වභාවයෙන් තමන් දක්වන කල්හි මවුපියෝ කිරිමවු ආදීහුද ගොළුවන්ගේ හනු කෙළවර මෙසේ නොවෙයි, බිහිරන්ගේ කන්සිදුර මෙසේ නොවෙයි, කොරුන්ගේ අත්පා මෙසේ නොවෙයි. මෙහි කිසියම් කරුණක් විය යුතුය. එය පරීක්‍ෂා කෙරෙමු’යි සිතා පළමුකොට කිරෙන් පරීක්‍ෂා කරම්හයි මුළු දවසම කිරි නොදෙත්. හෙතෙම වියලෙන්නේ ද කිරි සඳහා ශබ්ද නො කරයි.

අථස‍්ස මාතා “පුත‍්තො මෙ ඡාතො, ඛීරමස‍්ස දෙථා”ති ඛීරං දාපෙසි. එවං අන‍්තරන‍්තරා ඛීරං අදත්‍වා එකසංවච‍්ඡරං වීමංසන‍්තාපි අන‍්තරං න පස‍්සිංසු. තතො “කුමාරකා නාම පූවඛජ‍්ජකං පියායන‍්ති, ඵලාඵලං පියායන‍්ති, කීළනභණ‍්ඩකං පියායන‍්ති, භොජනං පියායන‍්තී”ති තානි තානි පලොභනීයානි උපනෙත්‍වා වීමංසනවසෙන පලොභෙන‍්තා යාව පඤ‍්චවස‍්සකාලා අන‍්තරං න පස‍්සිංසු. අථ නං “දාරකා නාම අග‍්ගිතො භායන‍්ති, මත‍්තහත්‍ථිතො භායන‍්ති, සප‍්පතො භායන‍්ති, උක‍්ඛිත‍්තාසිකපුරිසතො භායන‍්ති, තෙහි වීමංසිස‍්සාමා”ති යථා තෙහිස‍්ස අනත්‍ථො න ජායති, තථා පුරිමමෙව සංවිදහිත්‍වා අතිභයානකාකාරෙන උපගච‍්ඡන‍්තෙ කාරෙසුං.

ඉක්බිති ඔහුගේ මව “මගේ පුතා කුසගිනි ඇත්තෙකි. ඔහුට කිරි දෙව් යයි කිරි දෙවවීය. මෙසේ අතරතුර කිරි නොදී අවුරුද්දක් මුළුල්ලේ විමසන්නාහුද වෙනසක් නුදුටුවාහුය. ඉක්බිති කුමාරවරු වනාහි කැවුම් ආදී කෑ යුතු දේ ප්‍රියකරති. ඵලාඵල කැමති වෙති. ක්‍රීඩා භාණ්ඩ කැමතිවෙති. ආහාර කැමතිවෙතියි කියා පෙළඹවීම් ඇති කරන ඒ ඒ දේ ළංකොට පරීක්‍ෂා කිරීම් වශයෙන් පොළඹවන්නේ පස්හැවිරිදි කාලය දක්වා වෙනසක් නොදැක්කාහුය. ඉක්බිති “දරුවෝ නම් ගින්නට බියවෙති. මතැතුන්ට බිය වෙති. සර්‍පයන්ට බියවෙති. ඔසවාගත් කඩු ඇති පුරුෂයන්ට බිය වෙති. ඒවායින්ද විමසන්නෙමු”යි (කියා) යම්සේ ඒවායින් කුමාරයාට අනර්ථයක් නොවේද පළමුකොට එසේ සංවිධානය කොට ඔවුන් ඉතා බිහිසුණු වෙසින් කුමාරයන් සමීපයට එන්නවුන් සේ කළහ.

මහාසත‍්තො නිරයභයං ආවජ‍්ජෙත්‍වා “ඉතො සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන නිරයො භායිතබ‍්බො”ති නිච‍්චලොව හොති. එවම‍්පි වීමංසිත්‍වා අන‍්තරං න පස‍්සන‍්තා පුන “දාරකා නාම සමජ‍්ජත්‍ථිකා හොන‍්තී”ති සමජ‍්ජං කාරෙත්‍වාපි මහාසත‍්තං සාණියා පරික‍්ඛිපිත්‍වා අජානන‍්තස‍්සෙව චතූසු පස‍්සෙසු සඞ‍්ඛසද‍්දෙහි භෙරිසද‍්දෙහි ච සහසා එකනින‍්නාදං කාරෙත්‍වාපි අන්‍ධකාරෙ ඝටෙහි දීපං උපනෙත්‍වා සහසා ආලොකං දස‍්සෙත්‍වාපි සකලසරීරං ඵාණිතෙන මක‍්ඛෙත්‍වා බහුමක‍්ඛිකෙ ඨානෙ නිපජ‍්ජාපෙත්‍වාපි න‍්හාපනාදීනි අකත්‍වා උච‍්චාරපස‍්සාවමත්‍ථකෙ නිපන‍්නං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වාපි තත්‍ථ ච පලිපන‍්නං සයමානං පරිහාසෙහි අක‍්කොසනෙහි ච ඝට‍්ටෙත්‍වාපි හෙට‍්ඨාමඤ‍්චෙ අග‍්ගිකපල‍්ලං කත්‍වා උණ‍්හසන‍්තාපෙන පීළෙත්‍වාපීති එවං නානාවිධෙහි උපායෙහි වීමංසන‍්තාපිස‍්ස අන‍්තරං න පස‍්සිංසු.

මහාසත්ත්‍වයෝ නිරය භය සිහිකොට මෙයට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් ලක්‍ෂ ගුණයෙන් නිරයට බියවිය යුතුයයි නිශ්චලම වෙති. මෙසේද විමසා වෙනසක් නොදක්නාහු නැවත “දරුවෝ නම් නැටුම් කැමති වෙති”යි නැටුම් පවත්වා ද මහාසත්ත්‍වයන් තිරයකින් වටකොට නොදනිද්දීම සතර පැත්තෙන් සක් හඬින් ද බෙරහඬින් ද වහා එකනින්නාද කරවාද, කළුවරෙහි කළවලින් පහන් එලවා වහා ආලෝකය දක්වාද, මුළු ශරීරය පැණි තවරා බොහෝ මැස්සන් ඇති තැනක වැද හොවාද, නෑවීම් ආදිය නොකොට මලමුත්‍ර මත වැද හොත්තහුට මධ්‍යස්ථව සිටද, එහි ගැලුනා වූ නිදන්නා වූ තැනැත්තහුට සිනාසීමෙන් හා ආක්‍රෝශ කිරීමෙන් ගටාද, ඇඳ යට ගිනිකබල් තබා උෂ්ණසන්තාපයෙන් පීඩාකොටද මෙසේ නොයෙක් ආකාර වූ උපායයන්ගෙන් විමසන්නාහු මොහුගේ වෙනසක් නම් නුදුටුවාහුය.

මහාසත‍්තො හි සබ‍්බත්‍ථ නිරයභයමෙව ආවජ‍්ජෙත්‍වා අධිට‍්ඨානං අවිකොපෙන‍්තො නිච‍්චලොව අහොසි. එවං පන‍්නරසවස‍්සානි වීමංසිත්‍වා අථ සොළසවස‍්සකාලෙ “පීඨසප‍්පිනො වා හොන‍්තු මූගබධිරා වා රජනීයෙසු අරජ‍්ජන‍්තා දුස‍්සනීයෙසු අදුස‍්සන‍්තා නාම නත්‍ථීති නාටකානිස‍්ස පච‍්චුපට‍්ඨපෙත්‍වා වීමංසිස‍්සාමා”ති කුමාරං ගන්‍ධොදකෙන න‍්හාපෙත්‍වා දෙවපුත‍්තං විය අලඞ‍්කරිත්‍වා දෙවවිමානකප‍්පං පුප‍්ඵගන්‍ධදාමාදීහි එකාමොදපමොදං පාසාදං ආරොපෙත්‍වා උත‍්තමරූපධරා භාවවිලාසසම‍්පන‍්නා දෙවච‍්ඡරාපටිභාගා ඉත්‍ථියො උපට‍්ඨපෙසුං – “ගච‍්ඡථ නච‍්චාදීහි කුමාරං අභිරමාපෙථා”ති. තා උපගන‍්ත්‍වා තථා කාතුං වායමිංසු. සො බුද‍්ධිසම‍්පන‍්නතාය “ඉමා මෙ සරීරසම‍්ඵස‍්සං මා වින්‍දිංසූ”ති අස‍්සාසපස‍්සාසෙ නිරුන්‍ධි. තා තස‍්ස සරීරසම‍්ඵස‍්සං අවින්‍දන‍්තියො “ථද‍්ධසරීරො එස, නායං මනුස‍්සො, යක‍්ඛො භවිස‍්සතී”ති පක‍්කමිංසු.

මහාසත්ත්‍වයෝ වනාහි සියලු තන්හි නිරය භයම සිහිකොට අධිෂ්ඨානය කඩ නොකොට නිශ්චලම වූහ. මෙසේ පසළොස් වසරක් විමසා ඉක්බිති සොළොස් හැවිරිදි කාලයෙහි කොරෙක් හෝ වේවා ගොළු බිහිරක් හෝ වේවා ඇලුම් කටයුතු දෙයෙහි නෑලෙන්නෙක්ද අප්‍රිය වස්තුවෙහි ප්‍රියවන්නෙක්ද නම් නැත, මොහු කරා නාටක ස්ත්‍රීන් එළවා පරීක්‍ෂා කර බලමු” යයි කුමාරයා සුවඳ දියෙන් නහවා දෙව්කුමරකු මෙන් සරසා මල්දම් සුවඳ ආදියෙන් අතිශයින් සුවඳ ගල්වන ලද දෙව්විමනක් හා සමාන පහයකට නංවා උතුම් රූ ඇති විවිධ විලාසයෙන් යුත් දෙවඟනන් වැනි ස්ත්‍රීන් “යව් නැටීම් ආදියෙන් කුමාරයා සිත් අලවව්” යයි කියා එළඹෙව්වාහුය. ඔවුහු ගොස් එසේ කිරීමට උත්සාහ කළහ. හෙතෙම නුවණැති නිසා “මොවුහු මගේ ශරීරයෙහි පහස නොවිඳිත්වායි ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධ කළේය. ඔවුහු ඔහුගේ ශරීර පහස නොලබන්නාහු “මෙතෙම දැඩි සිරුර ඇත්තෙකි. මෙතෙම මිනිසෙක් නොවේ, යක්‍ෂයෙක් වන්නේය’යි හැරගියාහුය.

එවං සොළස වස‍්සානි සොළසහි මහාවීමංසාහි අනෙකාහි ච ඛුද‍්දකවීමංසාහි පරිග‍්ගණ‍්හිතුං අසක‍්කුණිත්‍වා මාතාපිතරො “තාත, තෙමියකුමාර, මයං තව අමූගාදිභාවං ජානාම, න හි තෙසං එවරූපානි මුඛකණ‍්ණසොතපාදානි හොන‍්ති, ත්‍වං අම‍්හෙහි පත්‍ථෙත්‍වා ලද‍්ධපුත‍්තකො, මා නො නාසෙහි, සකලජම‍්බුදීපෙ රාජූනං සන‍්තිකා ගරහතො මොචෙහී”ති සහ විසුං විසුඤ‍්ච අනෙකවාරං යාචිංසු. සො තෙහි එවං යාචියමානොපි අසුණන‍්තො විය හුත්‍වා නිපජ‍්ජි.

මෙසේ සොළොස් වසරක් සොළොස් මහා පරීක්‍ෂණයකින් හා නොයෙක් කුඩා පරීක්‍ෂණවලින්ද පරීක්‍ෂා කරන්නට නොහැකිව මවුපියෝ “දරුව, තේමිය කුමාරය, අපි නුඹ ගොළු ආදී නොවන බව දනිමු. ඔවුන්ට මෙබඳු මුව, කන් සිදුරු, පාද නොවේ. නුඹ අප විසින් ප්‍රාර්ථනා කොට ලැබූ දරුවෙකි. අප නො නසව, මුළු දඹදිව රජුන්ගේ සමීපයෙන් වන ගර්‍හාවෙන් අප මුදවවයි එක්ව ද වෙන වෙනමද නොයෙක් වර ඉල්ලූහ. හෙතෙම ඔවුන් විසින් මෙසේ ඉල්ලා සිටින ලද්දේ නමුදු නොඇසුනෙක් මෙන් වැදහොත්තේය.

අථ රාජා මහාසත‍්තස‍්ස උභො පාදෙ කණ‍්ණසොතෙ ජිව‍්හං උභො ච හත්‍ථෙ කුසලෙහි පුරිසෙහි වීමංසාපෙත්‍වා “යදිපි අපීඨසප‍්පිආදීනං වියස‍්ස පාදාදයො, තථාපි අයං පීඨසප‍්පි මූගබධිරො මඤ‍්ඤෙ, ඊදිසෙ කාළකණ‍්ණිපුරිසෙ ඉමස‍්මිං ගෙහෙ වසන‍්තෙ තයො අන‍්තරායා පඤ‍්ඤායන‍්ති ජීවිතස‍්ස වා ඡත‍්තස‍්ස වා මහෙසියා වා”ති ලක‍්ඛණපාඨකෙහි ඉදානි කථිතං. ජාතදිවසෙ පන “තුම‍්හාකං දොමනස‍්සපරිහරණත්‍ථං ‘ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණො’ති වුත‍්ත”න‍්ති අමච‍්චෙහි ආරොචිතං සුත්‍වා අන‍්තරායභයෙන භීතො “ගච‍්ඡථ නං අවමඞ‍්ගලරථෙ නිපජ‍්ජාපෙත්‍වා පච‍්ඡිමද‍්වාරෙන නීහරාපෙත්‍වා ආමකසුසානෙ නිඛණථා”ති ආණාපෙසි. තං සුත්‍වා මහාසත‍්තො හට‍්ඨො උදග‍්ගො අහොසි – “චිරස‍්සං වත මෙ මනොරථො මත්‍ථකං පාපුණිස‍්සතී”ති. තෙන වුත‍්තං “තතො මෙ හත්‍ථපාදෙ චා”තිආදි.

ඉක්බිති රජතුමා මහාසත්ත්‍වයන්ගේ පා දෙකද, කන් සිදුරුද, දිවද, අත් දෙකද, දක්‍ෂ පුරුෂයන් ලවා පරීක්‍ෂා කරවා “ඉදින් මොහුගේ පාදාදිය පිඟුලන්ගේ මෙන් නොවූයේ නමුත් මෙතෙම පිඟුලෙක්, ගොළුවෙක් බිහිරක් යයි හඟිමි. මෙබඳු කාලකණ්ණි පුරුෂයෙකු මේ ගෙයි වසන කල්හි ඔබවහන්සේගේ ජීවිතයට හෝ රාජ්‍යයට හෝ මෙහෙසියට හෝ තුන් අන්තරායක් වන්නේයයි නිමිති කියන්නන් විසින් දැන් කියන ලදී. උපන්දා වනාහි නුඹ වහන්සේගේ දොම්නස දුරු කරනු පිණිස ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණයෙන් යුක්තය කියා ප්‍රකාශ කළාහුයයි ඇමතියන් විසින් කියන ලද බස් අසා අන්තරාය බියෙන් බියපත්ව “යව්, ඔහු අවමංගල රථයෙහි හොවා බටහිර දොරටුවෙන් බැහැර කොට අමුසොහොනෙහි වළලව’යි අණ කළේය. එය අසා මහාසත්ත්‍වයෝ “බොහෝ කලකින් මගේ මනදොල මුදුන් පත් වන්නේයයි තුටු පහටු වූවාහු ඔද වැඩි සිත් ඇත්තාහු වූහ. එහෙයින් “තතො මෙ හත්‍ථපාදෙ ච” ආදිය වදාරණ ලදී.

298. “තතො මෙ හත්‍ථපාදෙච ජිව්හං සොතඤ්ච මද්දිය අනූනතං මෙ පස්සිත්‍වා කාලකණ්ණීති නින්‍දිංසු

299. “තතො ජානපදා සබ්බෙ සෙනාපති පුරොහිතා සබ්බෙ එකමනා හුත්‍වා ඡඩ්ඪං නං අනුමොදිසුං

300. “සොහං තෙසං මතිං සුත්‍වා හට්ඨො සංවිග්ග මානසො යස්සත්‍ථාය තපො චිණ්ණො සො මෙ අත්‍ථො සමිජ්ඣථ” (චරියා පිටකය)

ඉක්බිති මාගේ අත්පා ද දිව ද කණ ද මැඩ විමසා බලා (මගේ අත්පා ආදිය) විකල නොවන බව දැක “මේ කාලකණ්ණියෙකැ’යි නින්දා කළෝය.

ඉක්බිති සියලු ජනපදවාසීහුද සේනාපති පුරෝහිත ප්‍රමුඛ සියල්ලෝ ද සමාන සිත් ඇතිව බැහැර කිරීම අනුමෝදන් වූහ.

ඒ මම ඔවුන්ගේ අභිප්‍රාය අසා යමක් සඳහා තපසක් පුරුදු කරන ලදද මාගේ ඒ අර්‍ථය සමෘද්ධි වී යයි සතුටු වීමි. (මා වැළලීමට කළ නියමය ගැන) කලකිරුණු සිත් ඇත්තෙම් වීමි”

තත්‍ථ මද‍්දියාති මද‍්දනවසෙන වීමංසිත්‍වා. අනූනතන‍්ති හත්‍ථාදීහි අවිකලතං. නින්‍දිසුන‍්ති “එවං අනූනාවයවොපි සමානො මූගාදි විය දිස‍්සමානො “රජ‍්ජං කාරෙතුං අභබ‍්බො, කාළකණ‍්ණිපුරිසො අය”න‍්ති ගරහිංසු. “නිද‍්දිසු”න‍්තිපි පාඨො, වදිංසූති අත්‍ථො.

එහි “මද්දිය” යනු මැඩීම් වශයෙන් විමසා. “අනූනතං” යනු අත් ආදියෙහි විකල නොවන බව. “නින්‍දිංසු” යනු මෙසේ අඩු නොවූ අවයව ඇත්තෙක් වීත් ගොළු ආදී වශයෙන් පෙනෙන්නේ රාජ්‍යය කරවීමට නුසුදුසුය. මෙතෙම කාලකණ්ණි පුරුෂයෙකි’යි නින්දා කළහ. “නිද්දිසුං” යයිද පාඨයකි. “කීහ” යන අර්‍ථයයි.

ඡඩ‍්ඩනං අනුමොදිසුන‍්ති රාජදස‍්සනත්‍ථං ආගතා සබ‍්බෙපි ජනපදවාසිනො සෙනාපතිපුරොහිතප‍්පමුඛා රාජපුරිසා තෙ සබ‍්බෙපි එකමනා සමානචිත‍්තා හුත්‍වා අන‍්තරායපරිහරණත්‍ථං රඤ‍්ඤා ආණත‍්තා භූමියං නිඛණනවසෙන මම ඡඩ‍්ඩනං මුඛසඞ‍්කොචං අකත්‍වා අභිමුඛභාවෙන සාධු සුට‍්ඨු ඉදං කත‍්තබ‍්බමෙවාති අනුමොදිංසු.

“ජඩ්ඪ නං අනුමොදිසුං” යනු රජු දැකීම සඳහා පැමිණි සියලු ජනපද වාසීහුද සේනාපති, පුරෝහිත ප්‍රමුඛ ඒ සියලු රාජ පුරුෂයෝද එකම සිත්, සමාන සිත් ඇත්තෝ වී අනතුරු දුරු කිරීම සඳහා රජුගේ අණින් පොළොවෙහි වැළලීම් වශයෙන් මාගේ බැහැර කිරීම මුව හැකිලීම් නොකොට රජු ඉදිරියේ බැවින් “යහපති, මැනවි, මෙය කළයුතුමය’යි අනුමෝදන් වූහ.

සො මෙ අත්‍ථො සමිජ‍්ඣථාති යස‍්සත්‍ථාය යදත්‍ථං තතො මූගාදිභාවාධිට‍්ඨානවසෙන දුක‍්කරචරණං චිණ‍්ණං චරිතං, සො අත්‍ථො මම සමිජ‍්ඣති. තෙසං මම මාතාපිතුආදීනං මතිං අධිප‍්පායං සුත්‍වා සො අහං මම අධිප‍්පායසමිජ‍්ඣනෙන හට‍්ඨො අනුපධාරෙත්‍වා භූමියං නිඛණනානුජානනෙන සංවිග‍්ගමානසොව අහොසින‍්ති වචනසෙසෙන සම‍්බන්‍ධො වෙදිතබ‍්බො.

“සො මෙ අත්‍ථො සමිජ්ඣථ” යනු යම් අර්‍ථයක් සඳහා එසේ ගොළුවීම් ආදී ස්වභාවයන් අධිෂ්ඨාන වශයෙන් දුෂ්කර හැසිරීමක් පුරුදු කරන ලද්දේ ද, හැසිරෙන ලද්දේ ද මාගේ ඒ අර්‍ථය සමෘද්ධ වීය යනුයි. මාගේ ඒ මවුපිය ආදීන්ගේ මතය, අදහස අසා ඒ මම මගේ අදහස සමෘද්ධ වීම කරණ කොටගෙන තුටුපහටු වූයෙම්, සොයා නොබලා භූමියෙහි වැළලීම අනුදැනීමෙන් කලකිරුණු සිත් ඇත්තෙම් වීමියි ඉතිරි වචනයෙන් සම්බන්‍ධය දත යුතුය.

එවං කුමාරස‍්ස භූමියං නිඛණනෙ රඤ‍්ඤා ආණත‍්තෙ චන්‍දාදෙවී තං පවත‍්තිං සුත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා, “දෙව, තුම‍්හෙහි මය‍්හං වරො දින‍්නො, මයා ච ගහිතකං කත්‍වා ඨපිතො, තං මෙ ඉදානි දෙථා”ති. “ගණ‍්හ, දෙවී”ති. “පුත‍්තස‍්ස මෙ රජ‍්ජං දෙථා”ති. “පුත‍්තො තෙ කාළකණ‍්ණී, න සක‍්කා දාතු”න‍්ති. “තෙන හි, දෙව, යාවජීවං අදෙන‍්තො සත‍්ත වස‍්සානි දෙථා”ති. “තම‍්පි න සක‍්කා”ති. “ඡ වස‍්සානි, පඤ‍්චචත‍්තාරිතීණිද‍්වෙඑකං වස‍්සං, සත‍්ත මාසෙ, ඡපඤ‍්චචත‍්තාරොතයොද‍්වෙඑකං මාසංඅද‍්ධමාසංසත‍්තාහං දෙථා”ති. සාධු ගණ‍්හාති.

මෙසේ කුමාරයා බිම වැළලීමට රජු විසින් අණකල කල්හි චන්‍ද්‍ර දේවිය ඒ පුවත අසා රජු වෙත එළඹ දේවයන් වහන්ස, ඔබවහන්සේ විසින් මට වරයක් දෙන ලදි. මාද එය ගන්නා ලද්දක් කොට තබන ලදී. මට දැන් ඒ වරය දුන මැනව’යි කීය. “දේවීනි, එය ගනු මැනව’යි කීය. “මගේ පුතණුවන්ට රාජ්‍යය දෙනු මැනව”යි කීවාය. “නුඹගේ පුතා කාලකණ්ණියෙකි, එබැවින් රාජ්‍යය දීමට නොහැකිය” එසේනම් දේවයන් වහන්ස, දිවිහිමියෙන් නොදෙන්නේ නම් සත් වසරකට දුනමැනව” “එයද නොහැකිය. සය වසරකට, පස් වසරකට, සිව් වසරකට, තුන් වසරකට, දෙවසරකට, එක් වසරකට, සත් මසකට, සය මසකට, පස් මසකට, සිව් මසකට, තුන් මසකට, දෙමසකට, එක් මසකට, අඩ මසකට, සත් දිනකට දුන මැනව’යි. “යහපති ගනුවයි කීය.

සා පුත‍්තං අලඞ‍්කාරාපෙත්‍වා “තෙමියකුමාරස‍්ස ඉදං රජ‍්ජ”න‍්ති නගරෙ භෙරිං චරාපෙත්‍වා නගරං අලඞ‍්කාරාපෙත්‍වා පුත‍්තං හත්‍ථික‍්ඛන්‍ධං ආරොපෙත්‍වා සෙතච‍්ඡත‍්තං මත්‍ථකෙ කාරාපෙත්‍වා නගරං පදක‍්ඛිණං කත්‍වා ආගතං අලඞ‍්කතසිරිසයනෙ නිපජ‍්ජාපෙත්‍වා සබ‍්බරත‍්තිං යාචි – “තාත තෙමිය, තං නිස‍්සාය සොළස වස‍්සානි නිද‍්දං අලභිත්‍වා රොදමානාය මෙ අක‍්ඛීනි උප‍්පක‍්කානි, සොකෙන හදයං භිජ‍්ජති විය, තව අපීඨසප‍්පිආදිභාවං ජානාමි, මා මං අනාථං කරී”ති. ඉමිනා නියාමෙන ඡ දිවසෙ යාචි. ඡට‍්ඨෙ දිවසෙ රාජා සුනන්‍දං නාම සාරථිං පක‍්කොසාපෙත්‍වා “ස‍්වෙ පාතොව අවමඞ‍්ගලරථෙන කුමාරං නීහරිත්‍වා ආමකසුසානෙ භූමියං නිඛණිත්‍වා පථවිවඩ‍්ඪනකකම‍්මං කත්‍වා එහී”ති ආහ. තං සුත්‍වා දෙවී “තාත, කාසිරාජා තං ස‍්වෙ ආමකසුසානෙ නිඛණිතුං ආණාපෙසි. ස‍්වෙ මරණං පාපුණිස‍්සතී”ති ආහ.

ඇය පුතා සරසවා “මේ රාජ්‍යය තේමිය කුමාරයාගේය’යි නගරයෙහි බෙර හසුරුවා නගරය අලංකාර කරවා පුතණුවන් ඇතා පිට හිඳුවා මත්තෙහි සේසත් නගා නගරය ප්‍රදක්‍ෂිණ කොට ආ පුතණුවන් සැරසූ සිරි යහනෙහි සතපවා රාත්‍රිය මුළුල්ලේම “පුත, තේමිය කුමාරය, නුඹ නිසා සොළොස් වසරක් නිදි නොලැබ අඬන්නා වූ මාගේ ඇස් ඉදීමී ගියේය. ශෝකයෙන් හදවත පැලීයන්නාක් මෙනි. නුඹ කොර ආදී කෙනෙකු නොවන බව දනිමි. මා අනාථ නොකරව’යි යාඥා කළාය. මේ ක්‍රමයෙන් දින හයක් යාඥා කළාය. සයවෙනි දිනයෙහි රජතුමා සුනන්ද නම් රියදුරා කැඳවා “හෙට උදෑසනම කුමාරයා බැහැරකොට අමුසොහොනෙහි බිම වළලා බිම වඩනා කිස කොට එව’යි කීය. එය අසා දේවිය “පුත, කසීරජු නුඹ හෙට අමුසොහොනෙහි වළදැමීමට අණ කළේය. හෙට මරණය පැමිණෙන්නේයයි කීවාය.

මහාසත‍්තො තං සුත්‍වා “තෙමිය, සොළස වස‍්සානි තයා කතො වායාමො මත්‍ථකං පත‍්තො”ති හට‍්ඨො උදග‍්ගො අහොසි. මාතුයා පනස‍්ස හදයං භිජ‍්ජනාකාරං විය අහොසි. අථ තස‍්සා රත‍්තියා අච‍්චයෙන පාතොව සාරථි රථං ආදාය ද‍්වාරෙ ඨපෙත්‍වා සිරිගබ‍්භං පවිසිත්‍වා “දෙවි, මා මය‍්හං කුජ‍්ඣි, රඤ‍්ඤො ආණා”ති පුත‍්තං ආලිඞ‍්ගිත්‍වා නිපන‍්නං දෙවිං පිට‍්ඨිහත්‍ථෙන අපනෙත්‍වා කුමාරං උක‍්ඛිපිත්‍වා පාසාදා ඔතරි. දෙවී උරං පහරිත්‍වා මහාසද‍්දෙන පරිදෙවිත්‍වා මහාතලෙ ඔහීයි.

මහාසත්ත්‍වයෝ එය අසා “තේමිය, සොළොස් වසරක් නුඹ විසින් කළ උත්සාහය මුදුන් පත් වූයේය’යි තුටු පහටු වූවාහු ඔද වැඩි සිත් ඇත්තෝ වූහ. ඔහුගේ මවගේ හදවත වනාහි පැලෙන්නාක් මෙන් විය. ඉක්බිති ඒ රාත්‍රිය ඇවෑමෙන් උදෑසනම රියදුරා රථය රැගෙන දොරටුවෙහි තබා සිරියහන් ගබඩාවට පිවිස “දේවීනි, මට නොකිපෙනු මැනවි. රජුගේ අණයයි පුතණුවන් වැළඳගෙන වැදහොත් දේවිය. පිටිඅතින් ඉවත් කොට කුමාරයා ඔසවාගෙන පහයෙන් බැස්සේය. දේවිය, ළෙහි අත්ගසා මහහඬින් හඬා මතුමහලෙහි නැවතුණි.

අථ නං මහාසත‍්තො ඔලොකෙත්‍වා “මයි අකථෙන‍්තෙ මාතු සොකො බලවා භවිස‍්සතී”ති කථෙතුකාමො හුත්‍වාපි “සචෙ කථෙස‍්සාමි සොළස වස‍්සානි කතො වායාමො මොඝො භවිස‍්සති, අකථෙන‍්තො පනාහං අත‍්තනො ච මාතාපිතූනඤ‍්ච පච‍්චයො භවිස‍්සාමී”ති අධිවාසෙසි. සාරථි “මහාසත‍්තං රථං ආරොපෙත්‍වා පච‍්ඡිමද‍්වාරාභිමුඛං රථං පෙසෙස‍්සාමී”ති පාචීනද‍්වාරාභිමුඛං පෙසෙසි. රථො නගරා නික‍්ඛමිත්‍වා දෙවතානුභාවෙන තියොජනට‍්ඨානං ගතො. මහාසත‍්තො සුට‍්ඨුතරං තුට‍්ඨචිත‍්තො අහොසි. තත්‍ථ වනඝටං සාරථිස‍්ස ආමකසුසානං විය උපට‍්ඨාසි. සො “ඉදං ඨානං සුන්‍දර”න‍්ති රථං ඔක‍්කමාපෙත්‍වා මග‍්ගපස‍්සෙ ඨපෙත්‍වා රථා ඔරුය‍්හ මහාසත‍්තස‍්ස ආභරණභණ‍්ඩං ඔමුඤ‍්චිත්‍වා භණ‍්ඩිකං කත්‍වා ඨපෙත්‍වා කුදාලං ආදාය අවිදූරෙ ආවාටං ඛණිතුං ආරභි. තෙන වුත‍්තං “න‍්හාපෙත්‍වා අනුලිම‍්පිත්‍වා”තිආදි.

ඉක්බිති මහාසත්ත්‍වයෝ ඇය දෙස බලා මා කථා නොකරන කල්හි මවගේ ශෝකය බලවත් වන්නේය’යි කථාකරනු කැමැත්තේ වූයේ නමුත් “ඉදින් කථාකරන්නේ නම් සොළොස් වසරක් කල උත්සාහය හිස්වන්නේය. කථා නොකරන්නා වූ මම වනාහි තමාටත් මව්පියන්ටත් පිහිට ඇත්තෙක් වන්නෙමි’යි ඉවසූහ. රියදුරා මහාසත්ත්‍වයන් රථයට නංවා බටහිර දොරටුවට අභිමුඛව රථය ගෙන යන්නෙමි’යි සිතා නැගෙන හිර දොරටුවට අභිමුඛව රථය ගෙන ගියේය. රථය නගරයෙන් නික්ම දෙවියන්ගේ ආනුභාවයෙන් තුන් යොදුනක් තැන් ගියේය. මහාසත්ත්‍වයෝ ඉතා මැනවින් සතුටට පත්සිත් ඇත්තෝ වූහ. එහිවූ වනලැහැබ රියදුරාට අමුසොහොනක් මෙන් වැටහිණ. ඔහු මෙතැන සුන්දරය’යි රථය නවත්වා මග පසෙක තබා රථයෙන් බැස මහාසත්ත්‍වයන්ගේ ආභරණ භාණ්ඩ මුදා පොදියක් කොට උදැල්ල ගෙන නුදුරෙහි වළක් හාරන්නට පටන් ගත්තේය. එහෙයින් “නහාපෙත්‍වානුලිම්පිත්‍වා” යනාදිය වදාරණ ලදී.

301. “නහාපෙත්‍වා අනුලිම්පිත්‍වා වෙඨෙත්‍වා රාජවෙඨනං ඡන්තෙන අභිසඤ්චිත්‍වා කාරෙසුං පුර පදක්‍ඛිණං

302. “සත්තාහං ධාරයිත්‍වාන උග්ගතෙ රවිමණ්ඩලෙ රථෙන මං නීහරිත්‍වා සාරථි වනමුපාගමී

303. “එකොකාසෙ රථං කත්‍වා සජ්ජස්සං හත්‍ථමුඤ්චිතො සාරථි ඛණතී කාසුං නිඛාතුං පඨවියා මමං

304. “අධිවඨිතමධිට්ඨානං තජ්ජෙන්තො විවිධකාරණා “න භින්‍දිං වතමධිට්ඨානං බොධියායෙව කාරණා” (චරියා පිටක)

“නාවා ඇඟ සුවඳ ගල්වා රාජ්‍ය කිරීටය හිසෙහි පළඳවා නොහොත් රාජ වෙළුමෙන් වෙළා සේසතින් අභිෂේක කරවා නුවර ප්‍රදක්‍ෂිණා කරවූහ.

සතියක් මුළුල්ලෙහි සේසත දරා ඉර උදා වූ කල්හි රියදුරා රථයෙන් මා ගෙනගොස් මහවනයට පැමිණියේය.

යොදන ලද අසුන් ඇති රථය අවකාශ ඇති එක්තැනක නවත්වා මිදුණු අත් ඇති රියදුරා පෘථිවියෙහි මා වළලන්නට වළක් සාරයි.

නන්වැදෑරුම් කරුණුවලින් තර්ජනය කරනු ලබන කල්හි (මවිසින්) අධිෂ්ඨානය ඉටාගන්නා ලද්දේය. ව්‍රත සඞ්ඛ්‍යාත ඒ අධිෂ්ඨානය බුද්ධත්‍වයම හේතුකොට ගෙන නො බින්ඳෙමි.

තත්‍ථ න‍්හාපෙත්‍වාති සොළසහි ගන්‍ධොදකඝටෙහි න‍්හාපෙත්‍වා. අනුලිම‍්පිත්‍වාති සුරභිවිලෙපනෙන විලිම‍්පෙත්‍වා. වෙඨෙත්‍වා රාජවෙඨනන‍්ති කාසිරාජූනං පවෙණියාගතං රාජමකුටං සීසෙ පටිමුඤ‍්චිත්‍වා. අභිසිඤ‍්චිත්‍වාති තස‍්මිං රාජකුලෙ රාජාභිසෙකනියාමෙන අභිසිඤ‍්චිත්‍වා. ඡත‍්තෙන කාරෙසුං පුරං පදක‍්ඛිණන‍්ති සෙතච‍්ඡත‍්තෙන ධාරියමානෙන මං නගරං පදක‍්ඛිණං කාරෙසුං.

එහි “නහාපෙත්‍වා” යනු සුවඳ දිය කළ සොළසකින් නහවා “අනුලිම්පිත්‍වා” යනු ඉතා සුවඳවත් විලවුන්වලින් ආලේපකොට. “වෙඨෙත්‍වා රාජවෙඨනං” යනු කසීරජුන්ගේ ප්‍රවේණියෙන් ආ රාජකිරීටය හිසෙහි පළඳවා. “අභිසිඤ්චිත්‍වා” යනු එම රාජකුලයෙහි රාජාභිෂේක නියමයන්ට අනුව අභිෂේක කොට. “ඡත්තෙන කාරෙසුං පුර පදක්‍ඛිණං” යනු දරනු ලබන සේසත් ඇති කල්හි මා නගරයෙහි ප්‍රදක්‍ෂිණා කරවූහ.

සත‍්තාහං ධාරයිත්‍වානාති මය‍්හං මාතු චන්‍දාදෙවියා වරලාභනවසෙන ලද‍්ධං සත‍්තාහං මම සෙතච‍්ඡත‍්තං ධාරයිත්‍වා. උග‍්ගතෙ රවිමණ‍්ඩලෙති තතො පුනදිවසෙ සූරියමණ‍්ඩලෙ උග‍්ගතමත‍්තෙ අවමඞ‍්ගලරථෙන මං නගරතො නීහරිත්‍වා භූමියං නිඛණනත්‍ථං සාරථි සුනන්‍දො වනමුපගච‍්ඡි.

“සත්තා හං ධාරයිත්‍වාන” යනු මගේ මව වන චන්‍ද්‍ර දේවිය විසින් වර ලැබීම් වශයෙන් ලැබූ මගේ රජකම සත් දිනක් දරා. “උග්ගතෙ රවිමණ්ඩලෙ” යනු එයින් පසු දිනයෙහි හිරු උදා වූ පමණකින් අවමඞ්ගල රථයෙන් මා නගරයෙන් බැහැර කොට භූමිය සෑරීම සඳහා රියදුරු සුනන්ද වනයට එළඹියේය.

සජ‍්ජස‍්සන‍්ති සන‍්නද‍්ධො අස‍්සං, යුගෙ යොජිතස‍්සං මෙ රථං මග‍්ගතො උක‍්කමාපනවසෙන එකොකාසෙ කත්‍වා. හත්‍ථමුච‍්චිතොති මුච‍්චිතහත්‍ථො, රථපාචනතො මුත‍්තහත්‍ථොති අත්‍ථො. අථ වා හත්‍ථමුච‍්චිතොති හත්‍ථමුත‍්තො මම හත්‍ථතො මුච‍්චිත්‍වාති අත්‍ථො. කාසුන‍්ති ආවාටං. නිඛාතුන‍්ති නිඛණිතුං.

“සජ්ජස්සං” යනු යොදන ලද අශ්වයා ඇති. වියගසෙහි යොදන ලද අශ්වයා ඇති මගේ රථය මාර්‍ගයෙන් ඉවත් කිරීම් වශයෙන් එක් අවකාශ ඇති තැනක නවත්වා “හත්‍ථ මුඤ්චිතො” යනු මිදුනු අත් ඇති, රිය පැදවීමෙන් මිදුණු මගේ අත්පසින් මිදුණා වූ යන අර්‍ථයයි. “කාසුං” යනු වළ “නිඛාතුං” යනු සාරන්නට.

ඉදානි යදත්‍ථං මයා සොළස වස‍්සානි මූගවතාදිඅධිට‍්ඨානෙන දුක‍්කරචරියා අධිට‍්ඨිතා, තං දස‍්සෙතුං “අධිට‍්ඨිතමධිට‍්ඨාන”න‍්ති ගාථාද‍්වයමාහ.

දැන් යම් අර්‍ථයක් සඳහා මවිසින් සොළොස් වසරක් ගොළු වත් ආදිය අධිෂ්ඨාන කිරීම් වශයෙන් දුෂ්කර චර්‍ය්‍යාවක් අධිෂ්ඨාන කරන ලද්දේ ද එය දැක්වීමට “අධිට්ඨිත මධිට්ඨානං” යන ගාථා දෙක කියන ලදී.

තත්‍ථ තජ‍්ජෙන‍්තො විවිධකාරණාති ද‍්විමාසිකකාලතො පට‍්ඨාය යාව සොළසසංවච‍්ඡරා ථඤ‍්ඤපටිසෙධනාදීහි විවිධෙහි නානප‍්පකාරෙහි කාරණෙහි තජ‍්ජයන‍්තො භයවිද‍්ධංසනවසෙන විහෙඨියමානො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

එහි “තජ්ජෙන්තො විවිධ කාරණා” යනු දෙමස් කාලයේ පටන් සොළොස් අවුරුදු දක්වා කිරි වැළැක්වීම් ආදී විවිධ වූ නානප්‍රකාර වූ කාරණයන්ගෙන් තර්ජනය කරන්නේ බිය ඇති කිරීම් වශයෙන් වෙහෙසට පත්කරනු ලබන්නේ සෙස්ස මැනවින් දැනගත හැක්කේමය.

305. “මාතා පිතා න මෙ දෙස්සා අන්තා මෙ න ච දෙස්සියො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්වා වත මධිට්ඨහිං”

306. “එතෙ අඞ්ගෙ අධිට්ඨාය වස්සනි සොළසිං වසිං අධිට්ඨානෙන සමො නත්‍ථි එසා මෙ අධිට්ඨාන පාරමිති”

“මට මව හා පියා අප්‍රිය නොවේ. මට මා ද අප්‍රිය නොවේ. මට සර්‍වඥ බව ප්‍රිය වෙයි. එහෙයින් ව්‍රතය අදිටන් කළෙමි.

ඒ අංග අදිටන් කොට වසර දාසයක් විසූවෙමි. අධිෂ්ඨානයෙන් මා හා සමානයෙක් නැත. මේ මගේ අධිෂ්ඨාන පාරමිතාවය.

අථ මහාසත‍්තො සුනන්‍දෙ කාසුං ඛණන‍්තෙ “අයං මෙ වායාමකාලො”ති උට‍්ඨාය අත‍්තනො හත්‍ථපාදෙ සම‍්බාහිත්‍වා රථා ඔතරිතුං මෙ බලං අත්‍ථීති ඤත්‍වා චිත‍්තං උප‍්පාදෙසි. තාවදෙවස‍්ස පාදපතිට‍්ඨානට‍්ඨානං වාතපුණ‍්ණභස‍්තචම‍්මං විය උග‍්ගන‍්ත්‍වා රථස‍්ස පච‍්ඡිමන‍්තං ආහච‍්ච අට‍්ඨාසි. සො ඔතරිත්‍වා කතිපයෙ වාරෙ අපරාපරං චඞ‍්කමිත්‍වා “යොජනසතම‍්පි ගන‍්තුං මෙ බලං අත්‍ථී”ති ඤත්‍වා රථං පච‍්ඡිමන‍්තෙ ගහෙත්‍වා කුමාරකානං කීළනයානකං විය උක‍්ඛිපිත්‍වා “සචෙ සාරථි මයා සද‍්ධිං පටිවිරුජ‍්ඣෙය්‍ය, අත්‍ථි මෙ පටිවිරුජ‍්ඣිතුං බල”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා පසාධනත්‍ථාය චිත‍්තං උප‍්පාදෙසි. තඞ‍්ඛණඤ‍්ඤෙව සක‍්කස‍්ස භවනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො තං කාරණං ඤත්‍වා විස‍්සකම‍්මං ආණාපෙසි – “ගච‍්ඡ කාසිරාජපුත‍්තං අලඞ‍්කරොහී”ති. සො “සාධූ”ති වත්‍වා දිබ‍්බෙහි ච මානුසෙහි ච අලඞ‍්කාරෙහි සක‍්කං විය තං අලඞ‍්කරි. සො දෙවරාජලීළාය සාරථිස‍්ස ඛණනොකාසං ගන‍්ත්‍වා ආවාටතීරෙ ඨත්‍වා –

ඉක්බිති මහාසත්ත්‍වයෝ සුනන්ද වළ කණින කල්හි “මේ මට උත්සාහ වඩන්නට කාලයය’යි නැගිට තම අත්පා පිරිමැද “රථයෙන් බැසීමට තමාට ශක්තිය ඇතැයි දැන් ඒ පිළිබඳ සිත් පහළ කළහ. එකෙණෙහිම එතුමන්ට පා පිහිටීම (පාපුවරුව) වාතය පිරුණු හම් පසුම්බියක් මෙන් උඩට නැගී රියෙහි පසු කෙළවර පැහැර සිටියේය. හෙතෙම බැස කිහිපවරක් ඔබමොබ ඇවිද “යොදුන් සීයයක් වුවද යාමට මට ශක්තිය ඇතැයි දැන රිය පසු කෙළවරින් ගෙන කුමාරවරුන් ක්‍රීඩා කරන යානයක් මෙන් ඔසවා “ඉදින් රියදුරු මා සමග විරුද්ධ වන්නේ නම් ඔහු හා ප්‍රතිවිරුද්ධ වීමට ශක්තිය මට ඇතැයි සලකා ආභරණවලින් සැරසීම සඳහා සිතත් පහළ විය. එකෙණෙහිම ශක්‍රයාගේ ආසනය උණු ස්වභාවයක් දැක්වීය. ශක්‍රතෙම ඒ කාරණය දැන “යව, කාසිරාජ පුත්‍රයා අලඞ්කාර කරව’යි විශ්වකර්‍ම දිව්‍ය පුත්‍රයාට අණ කළේය. හෙතෙම “යහපතැ’යි කියා දිව්‍ය වූද මනුෂ්‍ය වූද ආභරණයන්ගෙන් ඔහු ශක්‍රයා මෙන් සැරසුවේය. හෙතෙම දිව්‍යරාජ විලාසයෙන් රියදුරා වළ කණින තැනට ගොස් වළ ඉවුරෙහි සිට:-

“කින‍්නු සන‍්තරමානොව, කාසුං ඛණසි සාරථි; පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි, කිං කාසුයා කරිස‍්සසී”ති. (ජා· 2.22.3) –

“එම්බා සාරථිය, යුහුසුලුව කුමකට වළක් සාරන්නෙහිද? යහළුව, මා විසින් විචාරණ ලද්දේ මේ කරුණ මට කියව. මේ වළින් කවර නම් වැඩක් කරන්නෙහිදැ’යි

ආහ.

ඇසීය.

තෙන උද‍්ධං අනොලොකෙත්‍වාව –

ඔහු විසින්ද උඩ නොබලාම:-

“රඤ‍්ඤො මූගො ච පක‍්ඛො ච, පුත‍්තො ජාතො අචෙතසො; සොම‍්හි රඤ‍්ඤා සමජ‍්ඣිට‍්ඨො, පුත‍්තං මෙ නිඛණං වනෙ”ති. (ජා· 2.22.4) –

“අපගේ රජුට ගොළුවූ පිළු වූ සිතිවිලි නැති පුතෙක් උපනි. ඒ මම රජු විසින් මාගේ පුතු වනයෙහි වළලව’යි අණ ලද්දෙමි.

වුත‍්තෙ මහාසත‍්තො –

යී කී කල්හි මහාසත්ත්‍වයෝ:-

“න බධිරො න මූගොස‍්මි, න පක‍්ඛො න ච වීකලො; අධම‍්මං සාරථි කයිරා, මං චෙ ත්‍වං නිඛණං වනෙ.

සාරථිය, මම බිහිරි නො වෙමි. ගොළු නොවෙමි. කොර නොවෙමි. පිළු ද (කොර) නොවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.

“ඌරූ බාහුඤ‍්ච මෙ පස‍්ස, භාසිතඤ‍්ච සුණොහි මෙ; අධම‍්මං සාරථි කයිරා, මං චෙ ත්‍වං නිඛණං වනෙ”ති. (ජා· 2.22.5-6) –

මාගේ දෑත දෙකලවා බලව. මාන්ගේ වචනද අසව. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහියි.

වත්‍වා පුන තෙන ආවාටඛණනං පහාය උද‍්ධං ඔලොකෙත්‍වා තස‍්ස රූපසම‍්පත‍්තිං දිස‍්වා “මනුස‍්සො වා දෙවො වා”ති අජානන‍්තෙන –

කියා නැවත ඔහු විසින් වළ කැණීම අත්හැර උඩ බලා එතුමන්ගේ රූප සම්පත්තිය දැක මනුෂ්‍යයෙක්ද දෙවියෙක්දැයි නොදන්නා වූ ඔහු විසින්:-

“දෙවතා නුසි ගන්‍ධබ‍්බො, අදු සක‍්කො පුරින්‍දදො; කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො, කථං ජානෙමු තං මය”න‍්ති. (ජා· 2.22.7) –

“ඔබ දෙවියෙක් ද ගාන්ධර්වයෙක් ද නැතහොත් පුරින්දද නම්වූ සක්දෙව් රජු ද? ඔබ කවර නම් කෙනෙක්ද? කවරනම් කෙනෙකුගේ පුතෙක් ද අපි එය කෙසේ දැනගනිමුදැයි

වුත‍්තෙ –

කී කල්හි

“නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො, නාපි සක‍්කො පුරින්‍දදො; කාසිරඤ‍්ඤො අහං පුත‍්තො, යං කාසුයා නිඛඤ‍්ඤසි.

“මම දෙවියෙක් ද නොවෙමි. ගාන්ධර්වයෙක් ද නොවෙමි. පුරින්දද නම් සක්දෙව්රජ ද නොවෙමි. තෝ යමකු වළලන්නෙහි නම් ඒ කසී රජුගේ පුත්ම වෙමි.

“තස‍්ස රඤ‍්ඤො අහං පුත‍්තො, යං ත්‍වං සම‍්මූපජීවසි; අධම‍්මං සාරථි කයිරා, මං චෙ ත්‍වං නිඛණං වනෙ.

සාරථිය, තෝ යම් රජකු නිසා ජීවත් වෙහිද මම ඒ රජුගේ පුතා වෙමි. ඉදින් තෝ මම වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය, මිත‍්තදුබ‍්භො හි පාපකො.

යමෙක් යම් රුක් සෙවණක හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේද ඔහු ඒ රුකෙහි අතුද නොබිඳිය යුතුය. කවර හෙයින්ද යත්, මිත්‍රද්‍රෝහී තැනැත්තේ වනාහි පවිටු අසත්පුරුෂයෙකි.

“යථා රුක‍්ඛො තථා රාජා, යථා සාඛා තථා අහං; යථා ඡායූපගො පොසො, එවං ත්‍වමසි සාරථි; අධම‍්මං සාරථි කයිරා, මං චෙ ත්‍වං නිඛණං වනෙ”ති. (ජා· 2.22.8-11) –

සාරථිය, වෘක්‍ෂය යම්සේ ද රජ තෙමේද එසේ වෙයි. ඒ රුකෙහි අත්තක් යම්සේද මම එසේ වෙමි. රුක් සෙවණට පැමිණි පුරුෂ තෙමේ යම්සේද තෝ එසේ වෙහි. සාරථිය, ඉදින් තෝ මා වනයෙහි වළලන්නේ නම් අධර්‍මයක් කරන්නෙහි යයි

ආදිනා නයෙන ධම‍්මං දෙසෙත්‍වා තෙන නිවත‍්තනත්‍ථං යාචිතො අනිවත‍්තනකාරණං පබ‍්බජ‍්ජාඡන්‍දං තස‍්ස ච හෙතු නිරයභයාදිකං අතීතභවෙ අත‍්තනො පවත‍්තිං විත්‍ථාරෙන කථෙත්‍වා තාය ධම‍්මකථාය තාය ච පටිපත‍්තියා තස‍්මිම‍්පි පබ‍්බජිතුකාමෙ ජාතෙ රඤ‍්ඤො ඉමං –

ආදී ක්‍රමයට ධර්‍මදේශනා කොට රියදුරා විසින් නවතිනු පිණිස ඉල්ලා සිටින ලද්දේ නොනවතින කාරණය ද පැවිදි වීමේ අදහස ද ඊට හේතුව ද නරකය ආදිකොට ඇති අතීත භවයෙහි තමාගේ පුවතද විස්තර වශයෙන් කියා ඒ ධර්‍ම කථාවෙන් හා ඒ ප්‍රතිපත්තියෙන් ඔහුද පැවිදිවනු කැමති වූ කල්හි:-

“රථං නිය්‍යාතයිත්‍වාන, අනණො එහි සාරථි; අනණස‍්ස හි පබ‍්බජ‍්ජා, එතං ඉසීහි වණ‍්ණිත”න‍්ති. (ජා· 2.22.44) –

“සාරථිය, මේ රථය ගෙන ගොස් දී ණයෙන් නිදහස්ව එව. ණයනැත්තහුගේ පැවිද්ද බුද්ධාදී ඍෂීන් විසින් වර්‍ණනා කරන ලද්දේ ය’යි

වත්‍වා තං විස‍්සජ‍්ජෙසි.

කියා ඔහු පිටත්කර හැරියේය.

සො රථං ආභරණානි ච ගහෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. රාජා තාවදෙව “මහාසත‍්තස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති නගරතො නිග‍්ගච‍්ඡි සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය ඉත්‍ථාගාරෙහි නාගරජානපදෙහි ච. මහාසත‍්තොපි ඛො සාරථිං උය්‍යොජෙත්‍වා පබ‍්බජිතුකාමො ජාතො. තස‍්ස චිත‍්තං ඤත්‍වා සක‍්කො විස‍්සකම‍්මං පෙසෙසි – “තෙමියපණ‍්ඩිතො පබ‍්බජිතුකාමො, තස‍්ස අස‍්සමපදං පබ‍්බජිතපරික‍්ඛාරෙ ච මාපෙහී”ති. සො ගන‍්ත්‍වා තියොජනිකෙ වනසණ‍්ඩෙ අස‍්සමං මාපෙත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානචඞ‍්කමනපොක‍්ඛරණීඵලරුක‍්ඛසම‍්පන‍්නං කත්‍වා සබ‍්බෙ ච පබ‍්බජිතපරික‍්ඛාරෙ මාපෙත්‍වා සකට‍්ඨානමෙව ගතො. බොධිසත‍්තො තං දිස‍්වා සක‍්කදත‍්තියභාවං ඤත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා වත්‍ථානි අපනෙත්‍වා තාපසවෙසං ගහෙත්‍වා කට‍්ඨත්‍ථරෙ නිසින‍්නො අට‍්ඨ සමාපත‍්තියො, පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා පබ‍්බජ‍්ජාසුඛෙන අස‍්සමෙ නිසීදි.

හෙතෙම රථයත් ආභරණත් ගෙන රජු සමීපයට ගොස් ඒ කාරණය දැනුම් දුන්නේය. රජ එකෙණෙහිම මහාසත්ත්‍වයන් සමීපයට යන්නෙමි’යි සිව්රග සෙනඟ අන්තඃපුරවාසීන් නගර හා ජනපද වාසීන්ද සමග පිටත් විය. මහාසත්ත්‍වයෝද රියදුරා පිටත් කර යවා පැවිදිවනු කැමති වූහ. ඔහුගේ සිත දැන ශක්‍රයා “තේමිය පණ්ඩිතතෙම පැවිදිවනු කැමැත්තේය. ඔහුට අසපුවක් හා පැවිදි පිරිකර මවාලව’යි විශ්වකර්‍මයා යැවීය. හෙතෙම ගොස් තුන් යොදුන් පමණ වූ වන ලැහැබෙහි අසපුවක් මවා රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, සක්මන් මලු, පොකුණු, ඵල සහිත ගස්වලින් යුක්ත වූවක් කොට සියලු පැවිදි පිරිකරද මවා තම දෙව්ලොවටම ගියේය. බෝධිසත්ත්‍වයෝ එය දැක ශක්‍රයා විසින් දුන් බව දැන පන්සලට පිවිස වස්ත්‍ර ඉවත් කොට තවුස් වෙස්ගෙන දඬු ඇතිරියෙහි හුන්සේක් පඤ්ච අභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා පැවිදි සැපයෙන් ආශ්‍රමයෙහි හුන්හ.

කාසිරාජාපි සාරථිනා දස‍්සිතමග‍්ගෙන ගන‍්ත්‍වා අස‍්සමං පවිසිත්‍වා මහාසත‍්තෙන සහ සමාගන‍්ත්‍වා කතපටිසන්‍ථාරො රජ‍්ජෙන නිමන‍්තෙසි. තෙමියපණ‍්ඩිතො තං පටික‍්ඛිපිත්‍වා අනෙකාකාරවොකාරං අනිච‍්චතාදිපටිසංයුත‍්තාය ච කාමාදීනවපටිසංයුත‍්තාය ච ධම‍්මියා කථාය රාජානං සංවෙජෙසි. සො සංවිග‍්ගමානසො ඝරාවාසෙ උක‍්කණ‍්ඨිතො පබ‍්බජිතුකාමො හුත්‍වා අමච‍්චෙ ඉත්‍ථාගාරෙ ච පුච‍්ඡි. තෙපි පබ‍්බජිතුකාමා අහෙසුං. අථ රාජා චන්‍දාදෙවිං ආදිං කත්‍වා සොළස සහස‍්සෙ ඔරොධෙ ච අමච‍්චාදිකෙ ච පබ‍්බජිතුකාමෙ ඤත්‍වා නගරෙ භෙරිං චරාපෙසි – “යෙ මම පුත‍්තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිතුකාමා, තෙ පබ‍්බජන‍්තූ”ති. සුවණ‍්ණකොට‍්ඨාගාරාදීනි ච විවරාපෙත්‍වා විස‍්සජ‍්ජාපෙසි. නාගරා ච යථාපසාරිතෙයෙව ආපණෙ විවටද‍්වාරානෙව ගෙහානි ච පහාය රඤ‍්ඤො සන‍්තිකං අගමංසු. රාජා මහාජනෙන සද‍්ධිං මහාසත‍්තස‍්ස සන‍්තිකෙ පබ‍්බජි. සක‍්කදත‍්තියං තියොජනිකං අස‍්සමපදං පරිපූරි.

කසීරජ ද රියදුරා දක්වන ලද මාර්‍ගයෙන් ගොස් අසපුවට පිවිස මහාසත්ත්‍වයන් හා එක්ව කළ පිළිසඳර ඇත්තේ රාජ්‍යයෙන් ආරාධනා කළේය. තේමිය පණ්ඩිත තෙමේ එය ප්‍රතික්‍ෂේප කොට නොයෙක් ආකාරයෙන් ස්කන්‍ධයන්ගේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වූද කාමාදීනව ප්‍රතිසංයුක්ත වූද ධර්‍ම කථාවෙන් රජු සංවේගයට පත් කළේය. රජතුමා සංවේගයට පත් සිත් ඇත්තේ ගිහිගෙයි කලකිරුනේ පැවිදිවනු කැමතිව ඇමතියන් සහ අන්තඃපුරවාසීන්ද විචාළේය. ඔවුහුද පැවිදිවනු කැමැත්තෝ වූහ. ඉක්බිති රජතුමා චන්‍ද්‍ර දේවිය ආදිකොට සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීන් ද අමාත්‍යාදීන්ද පැවිදිවනු කැමති බව දැන “යමෙක් මගේ පුතණුවන් ළඟ පැවිදිවනු කැමැත්තෝ ද ඔවුහු පැවිදි වෙත්වා”යි නුවර බෙර හැසිරවීය. රන් ගබඩා ආදිය විවෘත කොට බෙදා දෙවීය. නගර වැසියෝ ද විකිණීමට තැබූ අයුරින්ම කඩසාප්පුව විවෘත කළ දොරවල් සහිතවම ගෙවල් ද හැරදමා රජු සමීපයට ගියහ. රජතුමා මහජනයා සමග මහාසත්ත්‍වයන් සමීපයෙහි පැවිදි විය. ශක්‍රයා විසින් දෙන ලද තුන් යොදුන් පමණ වූ අසපුව පිරීගියේය.

සාමන‍්තරාජානො “කාසිරාජා පබ‍්බජිතො”ති සුත්‍වා “බාරාණසිරජ‍්ජං ගහෙස‍්සාමා”ති නගරං පවිසිත්‍වා දෙවනගරසදිසං නගරං සත‍්තරතනභරිතං දෙවවිමානකප‍්පං රාජනිවෙසනඤ‍්ච දිස‍්වා “ඉමං ධනං නිස‍්සාය භයෙන භවිතබ‍්බ”න‍්ති තාවදෙව නික‍්ඛමිත්‍වා පායාසුං. තෙසං ආගමනං සුත්‍වා මහාසත‍්තො වනන‍්තං ගන‍්ත්‍වා ආකාසෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙසි. තෙ සබ‍්බෙ සද‍්ධිං පරිසාය තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිංසු. එවං අපරෙපි අපරෙපීති මහාසමාගමො අහොසි. සබ‍්බෙ ඵලාඵලානි පරිභුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොන‍්ති. යො කාමාදිවිතක‍්කං විතක‍්කෙති, තස‍්ස චිත‍්තං ඤත්‍වා මහාසත‍්තො තත්‍ථ ගන‍්ත්‍වා ආකාසෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙති.

සමීප නුවරවැසි රජවරු කසී රජ පැවිදිවීයයි අසා බරණැස් රාජ්‍යය ගන්නෙමු’යි නගරයට පිවිස දෙව් නුවරක් වැනි නගරයද සත් රුවන් පිරුණු දෙව් විමනක් බඳු රාජ භවනද දැක “මේ වස්තුව නිසා භයකින් ගියේවනැයි සිතා එකෙණෙහිම නික්ම ගියාහුය. ඔවුන්ගේ පැමිණීම අසා මහාසත්ත්‍වයෝ වනය කෙළවරට ගොස් අහසෙහි හිඳ ධර්‍මය දේශනා කළහ. ඒ සියල්ලෝම පිරිස සමග උන්වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. මේ ක්‍රමයෙන් අනෙකෙක්ද අනෙකෙක්ද වශයෙන් මහා සමාගමක් විය. සියල්ලෝ ඵලාඵල අනුභව කොට මහණදම් කෙරෙති. යමෙක් කාමාදි සිතුවිල්ලක් සිතාද ඔහුගේ සිත දැන මහාසත්ත්‍වයෝ එහි ගොස් අහසෙහි හිඳ දහම් දෙසති.

සො ධම‍්මස‍්සවනසප‍්පායං ලභිත්‍වා සමාපත‍්තියො අභිඤ‍්ඤායො ච නිබ‍්බත‍්තෙති. එවං අපරොපි අපරොපීති සබ‍්බෙපි ජීවිතපරියොසානෙ බ්‍රහ‍්මලොකපරායනා අහෙසුං. තිරච‍්ඡානගතාපි මහාසත‍්තෙ ඉසිගණෙපි චිත‍්තං පසාදෙත්‍වා ඡසු කාමසග‍්ගෙසු නිබ‍්බත‍්තිංසු. මහාසත‍්තස‍්ස බ්‍රහ‍්මචරියං චිරං දීඝමද‍්ධානං පවත‍්තිත්‍ථ. තදා ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා උප‍්පලවණ‍්ණා අහොසි, සාරථි සාරිපුත‍්තත්‍ථෙරො, මාතාපිතරො මහාරාජකුලානි, පරිසා බුද‍්ධපරිසා, තෙමියපණ‍්ඩිතො ලොකනාථො.

හෙතෙම ධර්‍ම ශ්‍රවණ සත්ප්‍රාය ලැබ සමාපත්තීන් හා අභිඥා උපදවයි. මෙසේ අනෙකෙක්ද අනෙකෙක්ද වශයෙන් සියල්ලෝම දිවි කෙළවර බඹලොව උපන්නාහුය. තිරිසන්ගත සත්ත්‍වයෝ ද මහාසත්ත්‍වයන් හා ඍෂි සමූහයා කෙරෙහි සිත් පහදවා සදෙව්ලොවෙහි උපන්නාහ. මහාසත්ත්‍වයන්ගේ බ්‍රහ්මචර්‍ය්‍යාව ඉතා බොහෝ කාලයක් පැවතිණ. එකල්හි සේසතෙහි වාසය කළ දෙව්දුව උප්පලවණ්ණා විය. රියදුරා සාරිපුත්ත තෙරය. මවුපියවරු මහාරාජ කුලයෝය. පිරිස බුදු පිරිසය. තේමිය පණ්ඩිතයෝ ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස අධිට‍්ඨානපාරමී ඉධ මත්‍ථකං පත‍්තා, සෙසපාරමියොපි යථාරහං නිද‍්ධාරෙතබ‍්බා. තථා මාසජාතකාලතො පට‍්ඨාය නිරයභයං පාපභීරුතා රජ‍්ජජිගුච‍්ඡා නෙක‍්ඛම‍්මනිමිත‍්තං මූගාදිභාවාධිට‍්ඨානං තත්‍ථ ච විරොධිප‍්පච‍්චයසමොධානෙපි නිච‍්චලභාවොති එවමාදයො ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

උන්වහන්සේගේ අධිෂ්ඨාන පාරමිතාව මෙහිදී මුදුන් පත් විය. සෙසු පාරමිතාවෝ ද සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේම උපන් එක්මස් කල්පටන් නිරය භයද, පවට බියවීමද, රාජ්‍යය පිළිකුල් කිරීමද, නෛෂ්ක්‍රම්‍ය නිමිති කොට මූගාදි ස්වභාවය ඉටා ගැනීමද, එහි විරෝධ හේතු ඇති කල්හි නිශ්චලභාවය ද යන මේ ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

තෙමියචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවෙනි තේමිය පණ්ඩිත චරිතයයි.

අධිට‍්ඨානපාරමී නිට‍්ඨිතා.

අධිෂ්ඨාන පාරමිතාව නිමියේය.