9. වට්ටපොතක චරියං
9. වට්ටපොතක චරියං.
9. වට්ටපෝතක චරියාව
312. පුනාපරං යදා හොමි මගධෙ වට්ට පොතකො අජාතපක්ඛො තරුණො මංසපෙසී කුලාවකෙ.
312. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙකැ මම් මගධ රටැ නූපන් පියාපත් ඇති තරුණ මාංශපේශියක් වූ වටුපොව් වැ කසල්ලෙහි විසීම් ද (එකල්හි)
313. මුඛතුණ්ඩකෙ නාහරිත්වා මාතා පොසයතී මමං තස්සා ඵස්සෙන ජීවාමි නත්ථි මෙ කායිකං බලං.
313. මව මුවතුඩින් අහර ගෙනවුත් මා පෝෂණය කෙරෙයි. ඇගේ පහසින් (උණුසුම් වැ) දිවි රක්මි. මට කායිකබලයෙක් නැති.
314. සංවච්ඡරෙ ගිම්හසමයෙ දවඩාහො පදිප්පති උපගච්ඡති අම්හාකං පාවකො කණ්හවත්තනී.
314. හවුරුදු පතා ගිම් කල්හි ළැව්ගිනි ඇවිළෙයි. (අශුද්ධයන් ශුද්ධ කරන බැවින්) පාවක නම් වූ (ගිය මඟ හළු කරන බැවින්) කණ්හවත්තනී නම් වූ ගින්න අප කරා එළැඹෙයි.
315. ධූමං ධූමං ජනිත්වෙවං සද්දායන්තො මහාසිඛී අනුපුබ්බෙන ඣාපෙන්තො අග්ගී මම මුපාගමි.
315. මෙසෙයින් මහසිළු ඇති ගින්න ‘ධම ධම’ අනුකරණ උපදවා හඬ නඟමින් අනුක්රමයෙන් දවමින් මා කරා එළැඹියේ යැ.
316. අග්ගිවෙගභයා භීතා තසිතා මාතා පිතා මම කුලාවකෙ මං ඡඩ්ඩෙත්වා අත්තානං පරිමොචයුං.
316. මාගේ මවුපිය දෙදෙන වේගයෙන් එන ගින්නට බියෙන් බියපත් වැ තැතිගත්තාහු කැදැල්ලෙහි මා හැරපියා තමා මුදා ගත්හ.
317. පාදෙ පක්ඛෙ පජහාමි නත්ථි මෙ කායිකං බලං සො, හං අගතිකො තත්ථ එවං චින්තෙසහං තදා.
317. මම් පාද පක්ෂයන් ගමනට හළිමි (සෑදීමි) මට කායිකබලයෙක් නැති. එකල ඒ මම් ගමනබල නැතියෙම් එහිදී මෙසේ සිතීමි.
318. යෙසාහං උපධාවෙය්යං භීතො තසිතවෙධිතො තෙමං ඔහාය පක්ඛන්තා කථං මෙ අජ්ජ කාතවෙ.
318. මම් (මරණින්) බියපත් වූයෙම් තැති ගන්නා ලදුයෙම් වෙවුළනුයෙම් යම් කෙනකුන් කරා දිව ගියෙම් නම් ඒ මාපිය දෙදෙන මා හැර පියා පැන ගියහ. අද මා කෙසේ කළ යුතුද!
319. අත්ථි ලොකෙ සීලගුණො සච්චං සොචෙය්ය නුද්දයා තෙන සච්චෙන කාහාමි සච්චකිරියමුත්තමං.
319. ලෝකයෙහි ශීලගුණය ඇත. සත්‍යය ඇත. ශුවි භාවය ඇත. දයාව ඇති. ඒ සත්‍යයෙන් උතුම් වූ සත්‍යක්‍රියාව කරන්නෙමි.
320. ආවජ්ජෙත්වා ධම්ම බලං සරිත්වා පුබ්බකො ජිනෙ සච්චබලමවස්සාය සච්ච කිරියමකාසහං.
320. මම් අතීතයෙහි වූ බුදුවරුන් සිහි කොට (ශීලාදි) ධර්මබලය ආවර්ජනා කොට සත්‍යබලය අරබයා සත්‍යක්‍රියා කෙළෙමි.
321. සන්ති පක්ඛා අපතනා සන්ති පාදා අවඤ්චනා මාතා පිතා ච නික්ඛන්තා ජාතවෙද පටික්කම.
321. මට පියාඹනු නොහැකි පියාපත් ඇත. පියනඟනු නොහැකි පාද ඇති මවුපිය දෙදෙන ද පලාගියහ. අග්නිය නවතුව.
322. සහ සච්චෙ කතං මය්හං මහා පජ්ජලිතො සිඛී වජ්ජෙසි සොළස කරීසානි උදකම්පත්වා යථා සිඛී සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්චපාරමීති.
322. මා සත්‍යක්‍රියා කළ කල්හි (සත්‍යක්‍රියාව) සමඟ මහත් වූ ඇවිළගත් ගින්න ජලයට පැමිණ සෙයින් සොළොස්කිරියක් පමණ තැන් හැරපීය. සත්‍යයෙන් මා හා සමයෙක් නැති. මේ මා ගේ සත්‍ය පාරමිතාව යි.
වට්ටපොතක චරියං නවමං.
නවවැනි වට්ටපෝතක චරියා යි.