යෙදුමෙන් කියවන්න

11. කණ‍්හදීපායන චරියං

11. කණ‍්හදීපායන චරියං

11. කණ්හදීපායන චරියාව

332. පුනාපරං යදා හොමි කණ‍්හදීපායනො ඉසී පරො පඤ‍්ඤාසවස‍්සානි අනභිරතො චරිං අහං.

332. නැවත අනෙකක් කියමි. යම් කලෙක මම කණ්හදීපායන නම් ඍෂි වීම් ද එකල්හි මම සාධික වූ පනස්හවුරුද්දක් මුළුල්ලෙහි අධිකුශල ධර්‍මයෙහි නො ඇලුණෙම් බඹසරවස් විසීමි.

333. න කොචි එතං ජානාති අනභිරතිමනං මම අහං කස‍්සචි නාචික‍්ඛිං අරති මෙ චරති මානසෙ.

333. තෙල මාගේ අනභිරති චිත්තය කිසි එකෙකුදු නො දනි. යම් හෙයකින් මම මාගේ සිත්හි අනභිරතිය ඇතැයි කිසිවක්හට නො කීම් ද එහෙයිනි.

334. සබ්‍රහ‍්මචාරී මණ‍්ඩබ්‍යො සහායො මෙ මහාඉසී පුබ‍්බකම‍්මසමායුත‍්තො සූලමාරොපණං ලභී.

334. මා ගේ යහළු වූ සමාන බඹසරවස් ඇති මණ්ඩව්‍ය නම් වූ මහා ඍෂි තෙම පූර්‍ව කර්‍මයෙකින් යුක්ත වූයේ හුලැ හිඳුවනු ලැබී.

335. තමහං උපට‍්ඨහිත්‍වාන ආරොග්‍ය මනුපාපයිං ආපුච‍්ඡිත්‍වාන ආගඤ‍්ජිං යං මය‍්හං සකමස‍්සමං.

335. මම් ඔහුට උපස්ථාන කොට (හෙවත්) ඔහු කරා එළැඹ නිරෝග බවට පැමිණවීමි. ඔහු පිළිවිස මාගේ යම් අසපුවෙක් වී ද ඒ ස්වකීය අසපුව කරා පැමිණියෙමි.

336. සහායො බ්‍රාහ‍්මණො මය‍්හං භරියං ආදාය පුත‍්තකං තයො ජනා සමාගන‍්ත්‍වා ආගඤ‍්ඡුං පාහුනාගතං.

336. මාගේ යහළු වූ එ බමුණු තෙම භාර්‍ය්‍යාව හා පුත්‍රයා හා රැගෙන තුන් දෙන එක් වැ ආගන්තුක වැ පැමිණියා වූ මා කරා එළඹියාහු යැ.

337. සම‍්මොදමානො තෙහි සහ නිසින‍්නො සකමස‍්සමෙ දාරකො වට‍්ටමනුක‍්ඛිපං ආසිවිසමකොපයී.

337. ඔවුන් සමඟ සතුටු වෙමින් සිය අසපුවෙහි හුන්නෙමි. දරු තෙමේ පන්දු කෙළිමින් සර්‍පයකු කෝප කෙළේ යැ.

338. තතො සො වට‍්ටගතං මග‍්ගං අන්‍වෙ සන‍්තො කුමාරකො ආසිවිසස‍්ස හත්‍ථෙන උත‍්තමඞ‍්ගං පරාමසී.

338. ඉක්බිති ඒ කුමර තෙමේ පන්දුව ගිය මඟ සොයනුයේ අතින් සර්‍පයාගේ හිස ස්පර්‍ශ කෙළේ යැ.

339. තස‍්ස ආමසනෙ කුද‍්ධො සප‍්පො විස බලස‍්සිතො කුපිතො පරමකොපෙන අඩංසි දාරකං ඛණෙ.

339. ඔහුගේ ස්පර්‍ශයෙහි ලා විෂබල ඇසුරු කළ සර්‍ප තෙමේ අධික වූ කෝපයෙන් කිපියේ දරුවා එ කෙණෙහි දෂ්ට කෙළේ යැ.

340. සහ දට‍්ඨො ආසිවිසෙන දාරකො පපති භූමියං තෙනාහං දුක‍්ඛිතො ආසිං මම වාහසි තං දුක‍්ඛං.

340. සර්‍පයා විසින් දෂ්ට කරන ලදුයේ දෂ්ට කළ කාලය හා සමග දරු තෙමේ බිම වැටිණි. එ කරුණෙන් මම් දුකට පැමිණියෙමි. එ දුක (මා ගේ ශරීරයෙහි වූවක් මෙන්) මට පැමිණියේ යැ.

341. ත්‍යාහං අස‍්සාස යිත්‍වාන දුක‍්ඛිතෙ සොකසල‍්ලිතෙ පඨමං ආකාසිං තිරියං අග‍්ගං සච‍්චං වරුත‍්තමං.

341. මම් දුකට පැමිණි ශෝකශල්‍යයෙන් විදුනාලද ඔවුන් අස්වසා පළමු කොට ශ්‍රේෂ්ඨ වූ ඉතා උතුම් වූ සත්‍යක්‍රියාව කෙළෙමි.

342. සත‍්තාහමෙවාහං පසන‍්නචිත‍්තො පුඤ‍්ඤත්‍ථිකො අචරිං බ්‍රහ‍්මචරියං අථාපරං යඤ‍්චරිතං මමයිදං වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානි.

342. මම් පහන්සිත් ඇතියෙම් පිනින් අර්‍ත්‍ථ ඇතියෙම් සත් දවසක් මුළුල්ලෙහි මැ බඹසර හසළෙමි. එයින් මතු මාගේ මේ යම් බඹසර සැරීමෙක් අධිකයක් සහිත පනස් හවුරුද්දක් මුළුල්ලෙහි වී ද (මෙතෙක් කල්)

343. අකාමකො වාහි අහං චරාමි එතෙන සච‍්චෙන සුවත්‍ථි හොති හතං විසං ජීවතු යඤ‍්ඤදත‍්තො.

343. මම් නො කැමැති වැ මැ බඹසර හැසිරෙමි. මේ සත්‍යයෙන් (දරුවාට) සුව වේවා. යඤ්ඤදත්ත තෙමේ නැසුණු විෂ ඇති වැ ජීවත් වේවා.

344. සහසච‍්චෙ කතෙ මය‍්හං විසවෙගෙන වෙධිතො අබුජ‍්ඣිත්‍වාන වුට‍්ඨාසි ආරොගො චාසි මාණවො සච‍්චෙන මෙ සමො නත්‍ථි එසා මෙ සච‍්චපාරමීති.

344. මා විසින් සත්‍යක්‍රියාව කළ කල්හි ඒ සත්‍යක්‍රියාව සමග විෂවේගයෙන් කම්පිත වූයේ (විසංඥ භාවයෙන්) පිබිදී නැගීසිටියේ ය. කුමාර තෙමේ ද අරෝග විය. සත්‍යක්‍රියාවෙන් මා හා සමවූයෙක් නැති. තෙල මාගේ සත්‍යපාරමිතා යි.

කණ‍්හදීපායන චරියං එකාදසමං.

එකොළොස් වැනි කණ්හදීපායන චරියා යි.