යෙදුමෙන් කියවන්න

12. සුතසොම චරියං

12. සුතසොම චරියං

12. සුතසෝම චරියාව

345. පුනාපරං යදා හොමි සුතසොමො මහීපතී ගහිතො පොරිසාදෙන බ්‍රාහ‍්මණො සඞ‍්ගරං සරිං.

345. නැවත අනෙකක් කියමි: යම් කලෙක මම සුතසෝම නම් මිහිපල් වූයෙම් ද එකල්හි පෝරිසාදයා විසින් ගන්නා ලදුයෙම් නන්‍ද බ්‍රාහ්මණ කෙරෙහි (තමා හා) කළ ප්‍රතිඥාව සිහි කෙළෙමි.

346. ඛත‍්තියානං එකසතං ආවුණිත්‍වා කරතලෙ එතෙ සම‍්පමිලාපෙත්‍වා යඤ‍්ඤත්‍ථෙ උපනයී මමං.

346. එක්සියක් කැත් රජුන්ගේ අතුල්තලයන් අවුණා තුලුන් (අහර සිඳීමෙන්) මලානික කොට මා යාග කිරීම සඳහා පැමිණ වී යැ.

347. අපුච‍්ඡි මං පොරිසාදො කින‍්ත්‍වං ඉච‍්ඡසි නිස‍්සජං යථාමති තෙ කාහාමි යදි මෙ ත්‍වං පුනෙහිසි.

347. පෝරිසාද තෙම ‘කිමෙක් ද තෙපි (මා අතින්) මිදීම කැමැත්තවු දැ’යි මා විචාළේ යැ ඉදින් තෙපි මා වෙත වටාලා එන්නවු නම් තොප ගේ කැමැත්ත පරිදි කරන්නෙමි’ යි කී.

348. තස‍්ස පටිස‍්සුණිත්‍වාන පණ‍්හෙ ආගමනං මම උපාගන‍්ත්‍වා පුරං රම‍්මං රජ‍්ජං නීයාදයිං තදා

348. උදෑසන මැ මාගේ පැමිණීම ඔහුට පිළින කොට සිත්කලු වූ ඉඳිපත්නුවරට පැමිණි එකල්හි තුන්සියක් යොදුන් රාජ්‍යය (මව්පියන්ට) පාවාදිනිමි.

349. අනුස‍්සරිත්‍වා සද‍්ධම‍්මං පුබ‍්බකං ජිනසෙවිතං බ්‍රාහ‍්මණස‍්ස ධනං දත්‍වා පොරිසාදං උපාගමිං.

349. පුරාතන වූ බුද්ධාදීන් විසින් සෙවුනා ලද සත්‍යවචන සඞ්ඛ්‍යාත සද්ධර්‍මය සිහි කොට නන්‍ද බ්‍රහ්මණයාහට ධනය දී පෝරිසාදයා කරා පැමිණියෙමි.

350. නත්‍ථි මෙ සංසයො තත්‍ථ ඝාතයිස‍්සති වා නවා සච‍්චවාචානුරක‍්ඛන‍්තො ජීවිතං චජිතු මුපාගමිං සච‍්චෙන මෙ සමො නත්‍ථි එසා මෙ සච‍්ච පාරමීති.

350. ඒ පෝරිසාදයා වෙත එළැඹීමෙහි ලා කිම මේ තෙම මා නසන්නේ දෝ හෝ, නො නසන්නේ දෝ හෝ’යි සැකයෙක් නැති. සබවස රක්නෙම් දිවි පුදා පෝරිසාදයා වෙත එළැඹියෙමි. සත්‍යවචනයෙන් ම හා සම වූයෙක් නැති. මේ මාගේ සත්‍යපරමාර්‍ත්‍ථ පාරමිතා යි.

සුතසොම චරියං ද‍්වාදසමං.

දොළොස්වැනි සුතසෝම චරියා යි.

සච‍්ච පාරමිතා නිට‍්ඨිතා.

සත්‍යපාරමිතා නිමි.