දෙසනාහාරසම‍්පාතවණ‍්ණනා අට‍්ඨකථා
දෙසනාහාරසම‍්පාතවණ‍්ණනා
දේශනා හාර සමපාත වර්ණනාව
එවං සුපරිකම‍්මකතාය භූමියා නානාවණ‍්ණානි මුත‍්තපුප‍්ඵානි පකිරන‍්තො විය සුසික‍්ඛිතසිප‍්පාචරියවිචාරිතෙසු සුරත‍්තසුවණ‍්ණාලඞ‍්කාරෙසු නානාවිධරංසිජාලසමුජ‍්ජලානි විවිධානි මණිරතනානි බන්‍ධන‍්තො විය මහාපථවිං පරිවත‍්තෙත්‍වා පප‍්පටකොජං ඛාදාපෙන‍්තො විය යොජනිකමධුගණ‍්ඩං පීළෙත්‍වා සුමධුරසං පායෙන‍්තො විය ච ආයස‍්මා මහාකච‍්චානො නානාසුත‍්තපදෙසෙ උදාහරන‍්තො සොළස හාරෙ විභජිත්‍වා ඉදානි තෙ එකස‍්මිංයෙව සුත‍්තෙ යොජෙත්‍වා දස‍්සෙන‍්තො හාරසම‍්පාතවාරං ආරභි. ආරභන‍්තො ච යායං නිද‍්දෙසවාරෙ –
මෙසේ මනාව පිරියම් කරන ලද බිමෙක නන් වන් පිපුණු මල් විසුරුවන්නාක් මෙන් ද සුශික්‍ෂිත වූ ශිල්පාචාරීන් විසින් විමසන ලද සුරත්පැහැ ස්වර්ණාලංකාරයන්හි නොයෙක් රශ්මි ජාලාවන්ගෙන් බබළන විවිධ වූ මාණික්‍ය රත්නයන් බඳින්නාක් මෙන් ද මහ පොළව පෙරළා බිම්මල් යුෂය කන්නාක් මෙන් ද යොදුනක් දිග මීවදයක් මිරිකා ඉතා මිහිරි වූ මධුරසය පොවන්නාක් මෙන් ද ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වහන්සේ නොයෙක් නොයෙක් සූත්‍ර කොටස් ගෙනහැර පාමින් සොළොස් හාරයන් බෙදා දක්වා දැන් ඒවා එකම සූත්‍රයක යොදා දක්වමින් හර සම්පාතවාරය ආරම්භ කළ සේක. පටන් ගනිමින් ද නිද්දේස වාරයේදී –
“සොළස හාරා පඨමං, දිසලොචනතො දිසා විලොකෙත්‍වා; සඞ‍්ඛිපිය අඞ‍්කුසෙන හි, නයෙහි තීහි නිද‍්දිසෙ සුත‍්ත”න‍්ති. –
සොළස හාරා පඨමං, දිසා ලොචනතො දිසා විලොකෙත්‍වා, සංඛිපිය අංකුසෙන හි, තයෙහි තීහි නිද්දිසෙ සුත්තන්ති
‘පළමුකොට බ්‍යඤ්ජන පර්යේෂණ හෙයින් සෝළස හාරයෝ යෙදිය යුතුයි. දිසාලෝචන නයින් ප්‍රථම දිශා ආදිය බලා අංකුස නයින් දිශාභූත ධර්මයන් සූත්‍රයෙන් නිර්ධාරණය කොට නන්‍දියාවත්තාදී අර්ථනයත්‍රයෙන් සූත්‍රය වර්ණනා කරන්නේය.’
ගාථා වුත‍්තා. යස‍්මා තං හාරවිභඞ‍්ගවාරො නප‍්පයොජෙති, විප‍්පකිණ‍්ණවිසයත‍්තා, නයවිචාරස‍්ස ච අන‍්තරිතත‍්තා . අනෙකෙහි සුත‍්තපදෙසෙහි හාරානං විභාගදස‍්සනමෙව හි හාරවිභඞ‍්ගවාරො. හාරසම‍්පාතවාරො පන තං පයොජෙති, එකස‍්මිංයෙව සුත‍්තපදෙසෙ සොළස හාරෙ යොජෙත්‍වාව තදනන‍්තරං නයසමුට‍්ඨානස‍්ස කථිතත‍්තා. තස‍්මා “සොළස හාරා පඨම”න‍්ති ගාථං පච‍්චාමසිත්‍වා “තස‍්සා නිද‍්දෙසො කුහිං දට්ඨබ්බො, හාරසම‍්පාතෙ”ති ආහ. තස‍්සත්‍ථො – “තස‍්සා ගාථාය නිද‍්දෙසො කත්‍ථ දට‍්ඨබ‍්බො”ති. එතෙන සුත‍්තෙසු හාරානං යොජනානයදස‍්සනං හාරසම‍්පාතවාරොති දස‍්සෙති. හාරසම‍්පාතපදස‍්ස අත්‍ථො වුත‍්තො එව.
යම් ඒ ගාථාවක් කියන ලද ද යම්හෙයකින් හාරවිභංග වාරය එය යොදා නොගනී. විසිරුණු විෂය ඇති බැවින් ද නය විචාරයේ මධ්‍යගත බැවින් ද නොයෙක් සූත්‍ර කොටස්වලින් හාරයන්ගේ විභාග දැක්වීමම හාර විභංග වාරයයි. හාර සම්පාත වාරය වනාහි එය යොදයි. එකම සූත්‍ර කොටසෙහි සොළොස් හාරයන් යොදා ඉන් අනතුරුව නය සමුට්ඨානය කියන ලද බැවිනි. එහෙයින් සොළස හාරා කුහිං දට්ඨබ්බො? හාරසම්පාතෙ යන්න කියන ලදි. එහි අර්ථය නම් ඒ ගාථාවේ නිර්දේශය කොහි දතයුතු ද යනුයි. මෙයින් සූත්‍රයන්හි හාරයන්ගේ යෙදීම් න්‍යාය දැක්වීම හාරසම්පාත වාරය යැයි දක්වයි. හාරසම්පාත යන පදයේ අර්ථය කියන ලදමය.
අරක‍්ඛිතෙන චිත‍්තෙනාති චක‍්ඛුද‍්වාරාදීසු සතිආරක‍්ඛාභාවෙන අගුත‍්තෙන චිත‍්තෙන. මිච‍්ඡාදිට‍්ඨිහතෙනාති සස‍්සතාදිමිච‍්ඡාභිනිවෙසදූසිතෙන. ථිනමිද‍්ධාභිභූතෙනාති චිත‍්තස‍්ස කායස‍්ස ච අකල්‍යතාලක‍්ඛණෙහි ථිනමිද‍්ධෙහි අජ‍්ඣොත්‍ථටෙන. වසං මාරස‍්ස ගච‍්ඡතීති කිලෙසමාරාදීනං යථාකාමං කරණීයො හොතීති අයං තාව ගාථාය පදත්‍ථො.
අරක්ඛිතෙන චිත්තෙන යනු චක්‍ෂු ද්වාරාදිය ඇතිකල්හි ආරක්‍ෂාව නොමැතිකමින් නොරක්නා ලද සිතින් යනුයි. මිච්ඡා දිට්ඨිහතෙන යනු ශාස්වත ආදී මිථ්‍යා දෘෂ්ටිවලට පැමිණීමෙන් දූෂිත වූ යනුයි. ථීනමිද්ධාභිභුතෙන යනු සිතෙහි ද කයෙහි ද කල්‍යාණ නොවන ලක්‍ෂණයන්ගෙන් යුත් ථීනමිද්ධ දෙකින් යටපත් කරන ලද යනුයි. වසං මාරස්ස ගච්ඡති යනු ක්ලේශ මාරාදීන් විසින් කැමති පරිදි කළහැකි කටයුතු ඇත්තේ වෙයි යන මෙය ගාථාවේ පදාර්ථයයි.
පමාදන‍්ති “අරක‍්ඛිතෙන චිත‍්තෙනා”ති ඉදං පදං ඡසු ද‍්වාරෙසු සතිවොසග‍්ගලක‍්ඛණං පමාදං කථෙති. තං මච‍්චුනො පදන‍්ති තං පමජ‍්ජනං ගුණමාරණතො මච‍්චුසඞ‍්ඛාතස‍්ස මාරස‍්ස වසවත‍්තනට‍්ඨානං, තෙන “අරක‍්ඛිතෙන චිත‍්තෙන, වසං මාරස‍්ස ගච‍්ඡතී”ති පඨමපාදං චතුත්‍ථපාදෙන සම‍්බන්‍ධිත්‍වා දස‍්සෙති. සො විපල‍්ලාසොති යං අනිච‍්චස‍්ස ඛන්‍ධපඤ‍්චකස‍්ස “නිච‍්ච”න‍්ති දස‍්සනං, සො විපල‍්ලාසො විපරියෙසග‍්ගාහො. තෙනෙවාහ – “විපරීතග‍්ගාහලක‍්ඛණො විපල‍්ලාසො”ති. සබ‍්බං විපල‍්ලාසසාමඤ‍්ඤෙන ගහෙත්‍වා තස‍්ස අධිට‍්ඨානං පුච‍්ඡති “කිං විපල‍්ලාසයතී”ති. සාමඤ‍්ඤස‍්ස ච විසෙසො අධිට‍්ඨානභාවෙන වොහරීයතීති ආහ – “සඤ‍්ඤං චිත‍්තං දිට‍්ඨිමිතී”ති. තං “විපල‍්ලාසයතී”ති පදෙන සම‍්බන්‍ධිතබ‍්බං. තෙසු සඤ‍්ඤාවිපල‍්ලාසො සබ‍්බමුදුකො, අනිච‍්චාදිකස‍්ස විසයස‍්ස මිච‍්ඡාවසෙන උපට‍්ඨිතාකාරග‍්ගහණමත‍්තං මිගපොතකානං තිණපුරිසකෙසු පුරිසොති උප‍්පන‍්නසඤ‍්ඤා විය. චිත‍්තවිපල‍්ලාසො තතො බලවතරො, අමණිආදිකෙ විසයෙ මණිආදිආකාරෙන උපට‍්ඨහන‍්තෙ තථා සන‍්නිට‍්ඨානං විය නිච‍්චාදිතො සන‍්නිට‍්ඨානමත‍්තං. දිට‍්ඨිවිපල‍්ලාසො පන සබ‍්බබලවතරො යං යං ආරම‍්මණං යථා යථා උපට‍්ඨාති, තථා තථා නං සස‍්සතාදිවසෙන “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති අභිනිවිසන‍්තො පවත‍්තති. තත්‍ථ සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසස‍්ස කාරණං, චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසස‍්ස කාරණං හොති.
පමාදං යනු නොරක්නා ලද සිතින් යන මෙම පදය දොරටු සයකදී සිහිය අත්හැරීමේ ලක්‍ෂණය වූ ප්‍රමාදය කියයි යනුයි. තං මච්චුනො පදං යනු ඒ ප්‍රමාදය ගුණ මරාදමන හෙයින් මච්චුසංඛ්‍යාත මාරයාගේ වසඟයේ පවත්නා තැනයි. එහෙයින් නොරක්නා ලද සිතින් මාරයාගේ වසඟයට යයි යන පළමු පාදය සතරවැනි පාදය සමග සම්බන්ධකොට දක්වයි. සො විපල්ලාසො යනු අනිත්‍ය වූ පංචස්කන්ධය නිත්‍යය යන යම් දැකීමක් වේද ඒ විපර්යාසය වැරදි ගැනීමකි. එහෙයින්ම විපරීතග්ගාහ ලක්ඛණො විපල්ලාසො යි කියන ලදි. සියල්ල විපර්යාස යන සාමාන්‍ය ක්‍රමයෙන් ගෙන එහි අධිට්ඨානය කිං විපල්ලාසයකි යනුවෙන් විමසයි. සාමාන්‍යයේ ද විශේෂය අධිෂ්ඨාන භාවයෙන් ව්‍යවාහර කෙරේනුයි සඤ්ඤං චිත්තං දිට්ඨිං යයි කියන ලදි. එය විපල්ලාසයකි යන පදයෙන් සම්බන්ධ කළයුතුය. ඒවායින් සඤ්ඤා විපල්ලාසය සියල්ලට වඩා මෘදුය. තණකොළවලින් සෑදු පුරුෂ රූවල පුරුෂයෙක් යනුවෙන් මුව පොව්වන් තුළ ඇති වූ හැඟීම මෙන් අනිත්‍ය ආදි විෂයයේ මිථ්‍යා වශයෙන් එළඹ සිටි ආකාරය ගැනීම් පමණකි. චිත්ත විපල්ලාසය ඊට වඩා බලවත් ය. මැණික් නො වන ආදි දේ විෂයයෙහි මැණික් ආදි ආකාරයෙන් එළඹ සිටි විට නිත්‍යාදි වශයෙන් සිටීම් මාත්‍රය එසේ සනිටුහන් වනු මෙනි. දිට්ඨි විපල්ලාසය වනාහි සියල්ලට වඩා බලවත්ය. යම් යම් අරමුණක් යම් යම් ආකාරයකින් එළඹ සිටී ද එය ඒ ඒ ආකාරයෙන් ශාස්වතාදී වශයෙන් මෙයම සත්‍යය අනෙක් ඒවා බොරුය යනුවෙන් ඇතුළත්ව පවතී. එහි සඤ්ඤා විපල්ලාසය චිත්ත විපල්ලාසයේ හේතුවයි. චිත්ත විපල්ලාසය දිට්ඨි විපල්ලාසයේ හේතුව වෙයි.
ඉදානි විපල‍්ලාසානං පවත‍්තිට‍්ඨානං විසයං දස‍්සෙතුං “සො කුහිං විපල‍්ලාසයති, චතූසු අත‍්තභාවවත්‍ථූසූ”ති ආහ. තත්‍ථ අත‍්තභාවවත්‍ථූසූති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු. තෙ හි ආහිතො අහං මානො එත්‍ථාති අත‍්තා, “අත‍්තා”ති භවති එත්‍ථ බුද‍්ධි වොහාරො චාති අත‍්තභාවො, සො එව සුභාදීනං විපල‍්ලාසස‍්ස ච අධිට‍්ඨානභාවතො වත්‍ථු චාති “අත‍්තභාවවත්‍ථූ”ති වුච‍්චති. “රූපං අත‍්තතො සමනුපස‍්සතී”තිආදිනා තෙසං සබ‍්බවිපල‍්ලාසමූලභූතාය සක‍්කායදිට‍්ඨියා පවත‍්තිට‍්ඨානභාවෙන අත‍්තභාවවත්‍ථුතං දස‍්සෙත්‍වා පුන විපල‍්ලාසානං පවත‍්තිආකාරෙන සද‍්ධිං විසයං විභජිත්‍වා දස‍්සෙතුං “රූපං පඨමං විපල්ලාසවත්ථු අසුභෙ සුභ”න‍්ති වුත‍්තං. තං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යං. පුන මූලකාරණවසෙන විපල‍්ලාසෙ විභජිත්‍වා දස‍්සෙතුං “ද‍්වෙ ධම්මා චිත්තස්ස සංකිලෙසා”තිආදිමාහ. තත්‍ථ කිඤ‍්චාපි අවිජ‍්ජාරහිතා තණ‍්හා නත්‍ථි, අවිජ‍්ජා ච සුභසුඛසඤ‍්ඤානම‍්පි පච‍්චයො එව, තථාපි තණ‍්හා එතාසං සාතිසයං පච‍්චයොති දස‍්සෙතුං “තණ‍්හානිවුතං…පෙ… දුක‍්ඛෙ සුඛ”න‍්ති වුත‍්තං. දිට‍්ඨිනිවුතන‍්ති දිට‍්ඨිසීසෙන අවිජ‍්ජා වුත‍්තාති අවිජ‍්ජානිවුතන‍්ති අත්‍ථො. කාමඤ‍්චෙත්‍ථ තණ‍්හාරහිතා දිට‍්ඨි නත්‍ථි, තණ‍්හාපි දිට‍්ඨියා පච‍්චයො එව. තණ‍්හාපි “නිච‍්චං අත‍්තා”ති අයොනිසො උම‍්මුජ‍්ජන‍්තානං තථාපවත‍්තමිච‍්ඡාභිනිවෙසස‍්ස මොහො විසෙසපච‍්චයොති දස‍්සෙතුං “දිට‍්ඨිනිවුතං…පෙ… අත‍්තා”ති වුත‍්තං.
දැන් විපර්යාසයන්ගේ ප්‍රවෘත්ති ස්ථාන විෂය දැක්වීමට සො කුහිං විපල්ලාසයති අත්තභාව වත්‍ථුසු යයි කියන ලදි. එහි අත්තභාවත්‍ථුසු යනු පංචඋපාදාන ස්කන්ධයන්හිය. ඒවායින් සකසන ලද්දේ අහං යන මානය මෙහි ඇත්තේනුයි අත්තා නම් වේ. ආත්මය මෙහි වෙයි යන බුද්ධි ව්‍යවහාරය ආත්ම භාවයයි. එයම සුභ ආදීන්ගේ විපර්යාසයට ද අධිෂ්ඨාන වන බැවින් වස්තු වූයේ අත්තභාවත්‍ථු යයි කියනු ලැබේ. රූපං අත්තතො සමනුපස්සති යනාදියෙන් ඒ සියලු විපර්යාසයන්ගේ මූලය වූ සක්කාය දිට්ඨියේ ප්‍රවෘත්ති ස්ථාන භාවයෙන් ආත්මභාව වස්තුත්වය දක්වා නැවතතත් විපර්යාසයන්ගේ පැවතීම් ආකාරය සමග විෂයය බෙදා දක්වන්නට රූපං පඨමං විපල්ලාසවත්ථු අසුභෙ සුභං යයි කියන ලදි. ඒ සියල්ල මනාව දතයුතුය. නැවත මූලහේතු වශයෙන් විපර්යාසයන් බෙදා දක්වන්නට ද්වෙ ධම්මා චිත්තස්ස සංකිලෙසා යනාදිය කියන ලදි. එහි අවිද්‍යාව නැති වුවත් තණ්හාව ද නැත්තේය. අවිද්‍යාව ද සුඛ සුඛ සංඥාවන්ගේ ප්‍රත්‍යයමය. එසේ වුවත් තණ්හාව ද ඒවායේ සාතිශය ප්‍රත්‍යයයැයි දක්වන්නට තණ්හා නිවුතං -පෙ- දුක්ඛෙ සුඛං යැයි කියන ලදී, දිට්ඨිනිවුතං යනු දෘෂ්ටි යන මාතෘකාවෙන් අවිද්‍යාව කියන ලදී යනුයි. අවිද්‍යාවෙන් වටකරන ලද යන අර්ථයයි. මෙහිදී ඒකාන්තයෙන්ම තණ්හාවෙන් තොරවූ දෘෂ්ටියක් නැත. තණ්හාව ද දෘෂ්ටියේ හේතුවක් ම ය. තණ්හාව ද නිත්‍යය. ආත්මය යැයි නුනුවණින් ගැලෙන්නවුන්ගේ එසේ පැවති මිථ්‍යාභිනිවේශයේ මෝහය විශේෂ ප්‍රත්‍යයකැයි දක්වන්නට දිට්ඨිවුතං -පෙ- අත්තා යි කියන ලදි.
යො දිට‍්ඨිවිපල‍්ලාසොති “අනිච‍්චෙ නිච‍්චං, අනත‍්තනි අත‍්තා”ති පවත‍්තම‍්පි විපල‍්ලාසද‍්වයං සන්‍ධායාහ – “සො අතීතං රූපං…පෙ… අතීතං විඤ්ඤාණං අත‍්තතො සමනුපස‍්සතී”ති. එතෙන අට‍්ඨාරසවිධොපි පුබ‍්බන‍්තානුකප‍්පිකවාදො පච‍්ඡිමානං ද‍්වින‍්නං විපල‍්ලාසානං වසෙන හොතීති දස‍්සෙති. තණ‍්හාවිපල‍්ලාසොති තණ‍්හාමූලකො විපල‍්ලාසො. “අසුභෙ සුභං, දුක‍්ඛෙ සුඛ”න‍්ති එතං විපල‍්ලාසද‍්වයං සන්‍ධාය වදති. අනාගතං රූපං අභිනන්‍දතීති අනාගතං රූපං දිට‍්ඨාභිනන්‍දනවසෙන අභිනන්‍දති. අනාගතං වෙදනං, සඤ‍්ඤං, සඞ‍්ඛාරෙ, විඤ‍්ඤාණං අභිනන්‍දතීති එත්‍ථාපි එසෙව නයො. එතෙන චතුචත‍්තාලීසවිධොපි අපරන‍්තානුකප‍්පිකවාදො යෙභුය්‍යෙන පුරිමානං ද‍්වින‍්නං විපල‍්ලාසානං වසෙන හොතීති දස‍්සෙති. ද‍්වෙ ධම්මා චිත‍්තස‍්ස උපක‍්කිලෙසාති එවං පරමසාවජ‍්ජස‍්ස විපල‍්ලාසස‍්ස මූලකාරණන‍්ති විසෙසතො ද‍්වෙ ධම්මා චිත්තස්ස උපක‍්කිලෙසා තණ‍්හා ච අවිජ‍්ජා චාති තෙ සරූපතො දස‍්සෙති. තාහි විසුජ්ඣන්තං චිත‍්තං විසුජ‍්ඣතීති පටිපක‍්ඛවසෙනපි තාසං උපක‍්කිලෙසභාවංයෙව විභාවෙති, න හි තණ‍්හාඅවිජ‍්ජාසු පහීනාසු කොචි සංකිලෙසධම‍්මො න පහීයතීති. යථා ච විපල‍්ලාසානං මූලකාරණං තණ‍්හාවිජ‍්ජා, එවං සකලස‍්සාපි වට‍්ටස‍්ස මූලකාරණන‍්ති යථානුසන්‍ධිනාව ගාථං නිට‍්ඨපෙතුං “තෙස”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ තෙසන‍්ති යෙසං අරක‍්ඛිතං චිත‍්තං මිච‍්ඡාදිට‍්ඨිහතඤ‍්ච, තෙසං. “අවිජ‍්ජානීවරණාන”න‍්තිආදිනා මාරස‍්ස වසගමනෙන අනාදිමතිසංසාරෙ සංසරණන‍්ති දස‍්සෙති.
යො දිට්ඨිවිපල්ලාසො යනු අනිත්‍යයෙහි නිත්‍යය, අනාත්මයෙහි ආත්මය යැයි පැවති විපර්යාස දෙක සඳහා කියන ලදී. සො අතීතං රූපං -පෙ- අතීතං විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යන මෙයින් අටළොස් වැදෑරුම් වූ ද පූර්වාන්ත කල්පිකවාදය පශ්චිම වූ විපර්යාස දෙකින් වේයැයි දක්වයි. තණ්හා විපල්ලාසො යනු තණ්හා මූලික වූ විපර්යාසයයි. අසුභයෙහි සුභය දුක්ඛයෙහි සුඛය යන විපර්යාස දෙක සඳහා කියයි. අනාගත රූපං අභිනන්‍දති යනු අනාගත රූපය පිළිබඳව දැක සතුටුවීම් වශයෙන් සතුටුවෙයි යනුයි. අනාගත වෙදනං සඤ්ඤං සංඛාරෙ විඤ්ඤාණං අභිනන්‍දති යන මෙහි ද මේ ක්‍රමයමය. මෙයින් සතළිස් සතර වැදෑරුම් අපරාන්ත කල්පික වාදය බොහෝසෙයින් පළමු විපර්යාස දෙක ලෙසින් වේ යැයි දක්වයි. ද්වෙ ධම්මා චිත්තස්ස උපක්කිලෙසා යනු මෙසේ මහා සාවද්‍ය වූ විපර්යාසයේ මූලකාරණයයි. විශේෂයෙන් චිත්ත උපක්ලේශ වූ කරුණු දෙකයි. තණ්හා ච අවිජ්ජා ච යනුවෙන් ඒවා ස්වරූප වශයෙන් දක්වයි. තාහි විසුජ්ඣන්තං චිත්තං විසුජ්ඣති යනු ප්‍රතිපක්‍ෂ වශයෙන් ද ඒවායේ උපක්ලේශ භාවය ම පැහැදිලි කරයි. තණ්හා අවිද්‍යාවන් ප්‍රහීණ නොවූ කල්හි කිසි සංක්ලේශ ධර්මයක් ප්‍රහීණ නොවේ යනුයි. තණ්හා අවිද්‍යාවන්ගේ මූල කාරණය වූ විපර්යාසයන් යම්සේ ද සියලුම සසරෙහි මූල කාරණය ද එසේය. අනුසන්‍ධියට අනුව ගාථාව නිමවන්නට තෙසං යනාදිය කියන ලදි. එහි තෙසං යනු යම්කෙනෙකුන්ගේ නොරක්නා ලද සිත මිථ්‍යාදෘෂ්ටියෙන් මඩනා ලද ද ඔවුන්ගේ ය. අවිජ්ජානීවරණානං යනාදියෙන් මාරයාගේ වසඟයට යාමෙන් අනාදිමත් වූ සසරෙහි සැරිසැරීම දක්වයි.
ථිනමිද‍්ධාභිභූතෙනාති එත්‍ථ “ථිනං නාමා”තිආදිනා ථිනමිද‍්ධානං සරූපං දස‍්සෙති. තෙහි චිත‍්තස‍්ස අභිභූතතා සුවිඤ‍්ඤෙය්‍යාවාති තං අනාමසිත්‍වා කිලෙසමාරග‍්ගහණෙනෙව තංනිමිත‍්තා අභිසඞ‍්ඛාරමාරඛන්‍ධමාරමච‍්චුමාරා ගහිතා එවාති “කිලෙසමාරස‍්ස ච සත‍්තමාරස‍්ස චා”ති ච-සද‍්දෙන වා තෙසම‍්පි ගහණං කතන‍්ති දට‍්ඨබ‍්බං. සො හි නිවුතො සංසාරාභිමුඛොති සො මාරවසං ගතො, තතො එව නිවුතො කිලෙසෙහි යාව න මාරබන්‍ධනං ඡිජ‍්ජති, තාව සංසාරාභිමුඛොව හොති, න විසඞ‍්ඛාරාභිමුඛොති අධිප‍්පායො. ඉමානි භගවතා ද‍්වෙ සච‍්චානි දෙසිතානි. කථං දෙසිතානි?
ථීනමිද්ධාභිභූතෙන ති එත්‍ථ ථීනං නාමා යනාදියෙන් ථීනමිද්ධයන්ගේ ස්වරූපය දක්වයි. ඒවායින් සිත මඩනා ලද බැවින් මනාව දතහැකි ම යැයි එය පරාමර්ශනය නොකොට ක්ලේශ මාරයාගේ ගැනීමෙන් ම ඊට නිමිති වූ අභිසංස්කාර මාර, ඛන්‍ධමාර, මච්චුමාර ආදීන් ගන්නා ලදමැයි. කිලෙස මාරස්ස ච සත්තමාරස්ස ච යන තැන ච ශබ්දයෙන් හෝ ඒවායේ ගැනීම කරන ලදැයි දතයුතුය. සො හි නිවුතො සංසාරාභිමුඛො යනු හෙතෙම කෙලෙස්වලින් මාර වසඟයට ගියේ එයින් ම වටකරන ලද්දේ යම්තාක් මාර බන්‍ධනය නොසිඳී ද ඒ තාක් සසරට අභිමුඛ වෙයි. සසරට අනභිමුඛ වූයේ නොවෙයි යන අදහසයි. මේ සත්‍ය දෙක භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. කෙසේ දෙසන ලද ද?
තත්‍ථ දුවිධා කථා අභිධම‍්මනිස‍්සිතා ච සුත‍්තන‍්තනිස‍්සිතා ච. තාසු අභිධම‍්මනිස‍්සිතා නාම අරක‍්ඛිතෙන චිත‍්තෙනාති රත‍්තම‍්පි චිත‍්තං අරක‍්ඛිතං, දුට‍්ඨම‍්පි චිත‍්තං අරක‍්ඛිතං, මූළ‍්හම‍්පි චිත‍්තං අරක‍්ඛිතං. තත්‍ථ රත‍්තං චිත‍්තං අට‍්ඨන‍්නං ලොභසහගතචිත‍්තුප‍්පාදානං වසෙන වෙදිතබ‍්බං, දුට‍්ඨං චිත‍්තං ද‍්වින‍්නං පටිඝචිත‍්තුප‍්පාදානං වසෙන වෙදිතබ‍්බං, මූළ‍්හං චිත‍්තං ද‍්වින‍්නං මොමූහචිත‍්තුප‍්පාදානං වසෙන වෙදිතබ‍්බං. යාව ඉමෙසං චිත‍්තුප‍්පාදානං වසෙන ඉන්‍ද්‍රියානං අගුත‍්ති අගොපායනා අපාලනා අනාරක‍්ඛා සතිවොසග‍්ගො පමාදො චිත‍්තස‍්ස අසංවරො, එවං අරක‍්ඛිතං චිත‍්තං හොති. මිච‍්ඡාදිට‍්ඨිහතං නාම චිත‍්තං චතුන‍්නං දිට‍්ඨිසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදානං වසෙන වෙදිතබ‍්බං, ථිනමිද‍්ධාභිභූතං නාම චිත‍්තං පඤ‍්චන‍්නං සසඞ‍්ඛාරිකාකුසලචිත‍්තුප‍්පාදානං වසෙන වෙදිතබ‍්බං. එවං සබ‍්බෙපි අග‍්ගහිතග‍්ගහණෙන ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා හොන‍්ති. තෙ “කතමෙ ධම‍්මා අකුසලා? යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොතී”තිආදිනා චිත‍්තුප‍්පාදකණ‍්ඩෙ (ධ· ස· 365) අකුසලචිත‍්තුප‍්පාදදෙසනාවසෙන විත්‍ථාරතො වත‍්තබ‍්බා. මාරස‍්සාති එත්‍ථ පඤ‍්ච මාරා. තෙසු කිලෙසමාරස‍්ස චතුන‍්නං ආසවානං චතුන‍්නං ඔඝානං චතුන‍්නං යොගානං චතුන‍්නං ගන්‍ථානං චතුන‍්නං උපාදානානං අට‍්ඨන‍්නං නීවරණානං දසන‍්නං කිලෙසවත්‍ථූනං වසෙන ආසවගොච‍්ඡකාදීසු (ධ· ස· දුකමාතිකා 14-19, 1102) වුත‍්තනයෙන, තථා “ජාතිමදො ගොත‍්තමදො ආරොග්‍යමදො”තිආදිනා ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙ (විභ· 832) ආගතානං සත‍්තන‍්නං කිලෙසානඤ‍්ච වසෙන විභාගො වත‍්තබ‍්බො. අයං තාවෙත්‍ථ අභිධම‍්මනිස‍්සිතා කථා.
එහිදී අභිධර්මය ආශ්‍රිත වූ ද සූත්‍රාන්ත නිශ්‍රිත වූ ද කථා දෙකකි. ඒවායින් අභිධර්ම නිශ්‍රිත කථාව නම්, (මෙයයි) අරක්ඛිතෙන චිත්තෙන යන තැන (රාගයෙන්) රත් වූ සිත ද ආරක්ෂිතය. (නොරක්නා ලද්දකි) (ද්වේෂයෙන්) දූෂිත වූ සිත ද අරක්ෂිතය. (මෝහයෙන්) මුළා වූ සිත ද අරක්ෂිතය. එහි රත් වූ සිත අෂ්ටවිධ ලෝභ සහගත සිත් ලෙසින් දතයුතුය. දූෂිත වූ සිත දෙවැදෑරුම් පටිඝ සිත් ලෙසින් දතයුතුය. මුළා වූ සිත දෙවැදෑරුම් මෝහ සිත් ලෙසින් දතයුතුය. මේ සිත්වල ස්වරූපයෙන් යම්තාක් ඉන්‍ද්‍රියයන්ගේ ගුප්තිය, ගෝපනය පාලනය රක්‍ෂණය නොවේ ද සිහිවිකල් වූයේ පමා වූයේ සිත අසංවර වූයේ වේ ද මෙසේ අරක්ෂිත සිතක් ඇතිවේ. මිථ්‍යා දෘෂ්ටියෙන් මඩනා ලද සිත චතුර්විධ දිට්ඨි සම්පයුත්ත සිත් ලෙසින් දතයුතුය. මෙසේ නොගත යුතු දෙය ගැනීමෙන් සියලු අකුසල් සිත් වේ. ඒවා ‘අකුසල ධර්ම කවරේ ද? යම්කලෙක අකුසල් සිත උපන්නේ වෙයි’ ආදී වශයෙන් චිත්තුප්පාද කාණ්ඩයෙහි අකුසල් සිත් දේශනා කිරීම් වශයෙන් විස්තර වශයෙන් කිවයුතුයි. මාරයාගේ යන මෙහි පංච මාරයෝ ය. ඔවුන්ගෙන් ක්ලේශ මාරයාගේ විභාගය සතර ආශ්‍රව, සතර ඕඝ, සතර යෝග, සතර ගන්‍ථ, සතර උපාදාන, අෂ්ට නීවරණ, දස ක්ලේශ වස්තු වශයෙන් කෙලෙස් පොකුරු ලෙසින් කියන ලද ක්‍රමයෙන් ද එසේම ජාතිවාදය, ගෝත්‍රමදය, ලිංගමදය, ආරෝග්‍ය මදය ආදියෙන් ඛුද්දක වස්තු විභංගයෙහි ආ සප්ත ක්ලේශයන්ගේ වශයෙන් ද දතයුතුයි. මේ වනාහි මෙහි අභිධර්ම නිශ්‍රිත කථාවයි.
සුත‍්තන‍්තනිස‍්සිතා (ම· නි· 1.347; අ· නි· 11.17) පන අරක‍්ඛිතෙන චිත‍්තෙනාති චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී, යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය න පටිපජ‍්ජති, න රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති. සොතෙන …පෙ… ඝානෙන… ජිව‍්හාය… කායෙන… මනසා…පෙ… මනින්‍ද්‍රියෙන සංවරං ආපජ‍්ජති (ම· නි· 1.347, 411, 421; 2.419; 3.15, 75). එවං අරක‍්ඛිතං චිත‍්තං හොති. මිච‍්ඡාදිට‍්ඨිහතෙන චාති මිච‍්ඡාදිට‍්ඨිහතං නාම චිත‍්තං පුබ‍්බන‍්තකප‍්පනවසෙන වා අපරන‍්තකප‍්පනවසෙන වා පුබ‍්බන‍්තාපරන‍්තකප‍්පනවසෙන වා මිච‍්ඡාභිනිවිසන‍්තස‍්ස අයොනිසො උම‍්මුජ‍්ජන‍්තස‍්ස “සස‍්සතො ලොකොති වා…පෙ… නෙව හොති න න හොති තථාගතො පරං මරණා”ති (විභ· 937; පටි· ම· 1.140) වා යා දිට‍්ඨි, තාය හතං උපහතං. යා ච ඛො “ඉමා චත‍්තාරො සස‍්සතවාදා…පෙ… පඤ‍්ච පරමදිට‍්ඨධම‍්මනිබ‍්බානවාදා”ති බ්‍රහ‍්මජාලෙ (දී· නි· 1.30 ආදයො) පඤ‍්චත‍්තයෙ (ම· නි· 3.21 ආදයො) ච ආගතා ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො, තාසං වසෙන චිත‍්තස‍්ස මිච‍්ඡාදිට‍්ඨිහතභාවො කථෙතබ‍්බො.
සූත්‍රාන්ත නිශ්‍රිතව වනාහි අරක්ඛිතෙන චිත්තෙන යනු මෙයයි. ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් හේතුවකින් චක්‍ෂුරින්‍ද්‍රියේ අසංවරය වාසය කරනුයේ අභිධ්‍යා, දොම්නස් ආදී පාපී අකුසල් දහම් සොයන්නාහ. එහි සංවරයට නො පැමිණෙත්. චක්‍ෂුරින්‍ද්‍රිය නොරකී. චක්‍ෂුරින්‍ද්‍රියේ සංවරයට නොපැමිණේ. කණෙන් -පෙ- නාසයෙන් -පෙ- දිවෙන් -පෙ- කයින් -පෙ- සිතින් -පෙ- මනින්‍ද්‍රියෙහි සංවරයට නොපැමිණේ. මෙසේ ආරක්ෂිත සිත ඇත්තේ වෙයි. මිච්ඡාදිට්ඨි හතෙන ච යන තැන මිථ්‍යා දෘෂ්ටියෙන් මඩනා ලද සිත නම් පූර්වාන්ත කල්ප වශයෙන් හෝ අපරාන්ත කල්ප වශයෙන් හෝ පූර්වාන්ත අපරාන්ත කල්ප වශයෙන් හෝ මිථ්‍යාවෙහි ගැලෙන්නහුගේ, නුනුවණින් ගිලෙන්නහුගේ ලෝකය ශාස්වතය කියා හෝ -පෙ- තථාගත තෙම මරණින් මතු නොවේ. නොවන්නේ නොවේ යනුවෙන් යම් දෘෂ්ටියක් වේ ද එයින් මඩනා ලද සිතයි. යම් මේ ශාස්වතවාද සතරක් ද -පෙ- පරම දිට්ඨි ධම්ම නිබ්බාණ පසක් ද වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි ත්‍රිවිධ ප්‍රපඤ්චයෙහි ආ දෙසැටක් දෘෂ්ටීහු ද වශයෙන් සිතෙහි මිථ්‍යාදෘෂ්ටියෙන් මඩනා ලද බව කිවයුතුය.
ථිනමිද‍්ධාභිභූතෙනාති ථිනං නාම චිත‍්තස‍්ස අකම‍්මඤ‍්ඤතා. මිද‍්ධං නාම වෙදනාදික‍්ඛන්‍ධත‍්තයස‍්ස අකම‍්මඤ‍්ඤතා. තථා ථිනං අනුස‍්සාහසංහනනං. මිද‍්ධං අසත‍්තිවිඝාතො. ඉති ථිනෙන මිද‍්ධෙන ච චිත‍්තං අභිභූතං අජ‍්ඣොත්‍ථටං උපද‍්දුතං සඞ‍්කොචනප‍්පත‍්තං ලයාපන‍්නං. වසං මාරස‍්ස ගච‍්ඡතීති වසො නාම ඉච‍්ඡා ලොභො අධිප‍්පායො රුචි ආකඞ‍්ඛා ආණා ආණත‍්ති. මාරොති පඤ‍්ච මාරා – ඛන්‍ධමාරො අභිසඞ‍්ඛාරමාරො මච‍්චුමාරො දෙවපුත‍්තමාරො කිලෙසමාරොති. ගච‍්ඡතීති තෙසං වසං ඉච‍්ඡං…පෙ… ආණත‍්තිං ගච‍්ඡති උපගච‍්ඡති උපෙති වත‍්තති අනුවත‍්තති නාතික‍්කමතීති. තෙන වුච‍්චති – “වසං මාරස‍්ස ගච‍්ඡතී”ති.
ථීනමිද්ධාභිභූතෙන යන තැන ථීන නම් සිතෙහි අකර්මණ්‍යතාවයි. මිද්ධය නම් වේදනා ආදී ස්කන්ධ තුනෙහි අකර්මණ්‍යතාවයි. එසේම ථීන යනු අනුත්සාහයන් නැසීමයි. මිද්ධ යනු ශක්ති නොවන දේ නැසීමයි. මෙසේ ථීනයෙන් ද මිද්ධයෙන් ද සිත මඩනා ලද්දේ බැසගත්තේ, පීඩාවට පත්වූයේ, හැකිලුමට පත්වූයේ ලයාපන්න වූයේ වෙයි. වසං මාරස්ස ගච්ඡති යන තැන වසඟය නම් ඉච්ඡා, ලෝභ, අධිප්පාය, රුචි ආකංඛා, ආණ, ආණත්ති යනුයි. මාරයා යනු ඛන්‍ධමාර අභිසංඛාර මාර, මච්චුමාර, දේවපුත්තමාර, කිලෙසමාර යන පස්මරුන්ය. ගච්ඡති යනු ඔවුන්ගේ වසඟයට, ඉච්ඡාවට, -පෙ- ආඥාවට යයි පැමිණෙයි. පවතී. අනුව පවතී නොඉක්මවයි යනුයි. එහෙයින් මාරයාගේ වසඟයට යේ යැයි කියනු ලැබේ.
තත්‍ථ යථාවුත‍්තා අකුසලා ධම‍්මා, තණ‍්හාවිජ‍්ජා එව වා සමුදයසච‍්චං. යො සො “වසං මාරස‍්ස ගච‍්ඡතී”ති වුත‍්තො, සො යෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ උපාදාය පඤ‍්ඤත‍්තො, තෙ පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛසච‍්චං. එවං භගවතා ඉධ ද‍්වෙ සච‍්චානි දෙසිතානි. තෙනෙවාහ – “දුක‍්ඛං සමුදයො චා”ති. තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම‍්මං දෙසෙතීති වුත‍්තමෙවත්‍ථං පාකටතරං කාතුං “දුක‍්ඛස‍්ස පරිඤ්ඤාය සමුදයස‍්ස පහානායා”ති වුත‍්තං. කථං දෙසෙතීති චෙ –
එහි කියන ලද අකුසල ධර්ම වූ තණ්හා අවිද්‍යාව හෝ සමුදය සත්‍යයකි. යම් ඒ පුද්ගලයේක මාරයාගේ වසඟයට යේ යැයි කියන ලද්දේ ම එයම පංච උපාදානස්කන්ධ නිසා පනවන ලද්දේය. ඒ පංචස්කන්ධ දුක්ඛ සත්‍යයයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්‍ය දෙකක් දෙන ලදහ. එහෙයින්ම දුක්ඛං සමුදයො ච යි කියන ලදි. තෙසං භගවා පරිඤ්ඤාය ච පහාණා ච ධම්මං දෙසෙති යනුවෙන් කියන ලද අර්ථය ඉතා ප්‍රකට කරන්නට දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහාණාය යැයි කියන ලදි. කෙසේ දේශනා කෙරේ ද?
“තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්ස, සම‍්මාසඞ‍්කප‍්පගොචරො; සම‍්මාදිට‍්ඨිං පුරක‍්ඛත්‍වා, ඤත්‍වාන උදයබ‍්බයං; ථිනමිද‍්ධාභිභූ භික‍්ඛු, සබ්බා දුග‍්ගතියො ජහෙ”ති. (උදා· 32) –
තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගොචරො, සම්මා දිට්ඨිං පුරෙක්ඛිත්‍වා ඤත්‍වාන උදයබ්බයං, ථීන මිද්ධාභිභූ භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙති
එහෙයින් සම්මා සංකප්පයට ගෝචර වූ ථීනමිද්ධයෙන් මඩනා ලද භික්‍ෂුව සම්මා දිට්ඨිය පෙරටුකොට රක්නා ලද සිතෙහි හටගැන්ම හා විනාශය දැනගෙන සියලු දුගති අත්හරනේය,
ගාථාය. තස‍්සත්‍ථො – යස‍්මා අරක‍්ඛිතෙන චිත‍්තෙන වසං මාරස්ස ගච‍්ඡති, තස‍්මා සතිසංවරෙන මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං රක‍්ඛණෙන රක‍්ඛිතචිත‍්තො අස‍්ස. සම‍්මාසඞ‍්කප‍්පගොචරොති යස‍්මා කාමසඞ‍්කප‍්පාදිමිච‍්ඡාසඞ‍්කප‍්පගොචරො තථා තථා අයොනිසො විකප‍්පෙත්‍වා නානාවිධානි මිච‍්ඡාදස‍්සනානි ගණ‍්හාති. තතො එව ච මිච‍්ඡාදිට‍්ඨිහතෙන චිත‍්තෙන වසං මාරස්ස ගච‍්ඡති, තස‍්මා යොනිසොමනසිකාරෙන කම‍්මං කරොන‍්තො නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදිසම‍්මාසඞ‍්කප‍්පගොචරො අස‍්ස. සම‍්මාදිට‍්ඨිං පුරක‍්ඛත්‍වාති සම‍්මාසඞ‍්කප‍්පගොචරතාය විධුතමිච‍්ඡාදස‍්සනො කම‍්මස‍්සකතාලක‍්ඛණං යථාභූතඤාණලක‍්ඛණඤ‍්ච සම‍්මාදිට‍්ඨිං පුබ‍්බඞ‍්ගමං කත්‍වා සීලසමාධීසු යුත‍්තප‍්පයුත‍්තො. තතො එව ච ඤත්‍වාන උදයබ‍්බයං පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු සමපඤ‍්ඤාසාය ආකාරෙහි උප‍්පාදං නිරොධඤ‍්ච ඤත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අනුක‍්කමෙන අරියමග‍්ගෙ ගණ‍්හන‍්තො අග‍්ගමග‍්ගෙන ථිනමිද‍්ධාභිභූ භික‍්ඛු සබ්බා දුග්ගතියො ජහෙති එවං සබ‍්බසො භින‍්නකිලෙසත‍්තා භික‍්ඛු ඛීණාසවො යථාසම‍්භවං තිවිධදුක‍්ඛතායොගෙන දුග‍්ගතිසඞ‍්ඛාතා සබ‍්බාපි ගතියො ජහෙය්‍ය, තාසං පරභාගෙ නිබ‍්බානෙ තිට‍්ඨෙය්‍යාති අත්‍ථො.
යන ගාථාවෙනි. එහි අර්ථය මෙයයි. යම්හෙයකින් නොරක්නා ලද සිතින් මාරයාගේ වසඟයට යේ ද එහෙයින් සති සංවරයෙන් මනස සවැනි කොටගත් ඉන්‍ද්‍රියයන්ගේ රක්‍ෂණයේ රකින ලද සිත් ඇත්තෙක් වන්නේය යනුයි. සම්මා සංකප්ප ගොචරො යනු යම්හෙයකින් කාම සංකල්ප ආදි මිථ්‍යා සංකල්පයට ගෝචර වූ දෙය ඒ ඒ ආකාරයෙන් නුනුවණින් විකල්පනය කොට නන්වැදෑරුම් මිථ්‍යා දර්ශනයන් ගනියි. එයින් ද මිථ්‍යා දෘෂ්ටියෙන් මඩනා ලද සිතින් මාරයාගේ වසඟයට යයි. එහෙයින් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනුයේ නෙක්ඛම්ම සංකප්ප ආදි සම්‍යක් සංකල්පයට ගෝචර වන්නේය. සම්මා දිට්ඨිං පුරෙක්ඛිත්‍වා යනු සම්මා සංකප්පයට ගෝචර වන බැවින් දුරුකරන ලද මිථ්‍යා දර්ශනය ඇත්තේ කම්මස්සකතා ලක්‍ෂණය ද යථාභූත ඤාණ ලක්‍ෂණය ද සම්මා දිට්ඨිය පෙරටුකොට සීල සමාධි ආදියෙහි යෙදුනේ යනුයි. එයින් ම ද ඤත්‍වාන උදයබ්බයං උදය - ව්‍යය දැනගෙන පංච උපාදානස්කන්ධයන්හි සමපනස් ආකාරයන් ගෙන් උපන් නිරෝධය ද දැනගෙන විදර්ශනාව පිළිබඳව උනන්දු කරවා අනුක්‍රමයෙන් ආර්ය මාර්ගය ගනු ලබන්නේ අග්‍ර වූ මාර්ගය කරණ කොටගෙන ථීන මිද්ධයෙන් මඩනා ලද ථීන මිද්ධාභිභූ භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙති භික්‍ෂුව සියලු දුගති දුරු කරන්නේය. මෙසේ සර්වප්‍රකාරයෙන් බිඳුණු කෙලෙස් ඇති බැවින් ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ලැබෙන පරිදි ත්‍රිවිධ දුක්ඛතාවේ යෙදීමෙන් දුගති සංඛ්‍යාත සියලු ගති අත්හරින්නේය. ඒවාට එහායින් වූ නිවනෙහි සිටින්නේය යන අර්ථයයි.
යං තණ‍්හාය අවිජ‍්ජාය ච පහානං, අයං නිරොධොති පහානස‍්ස නිරොධස‍්ස පච‍්චයභාවතො අසඞ‍්ඛතධාතු පහානං නිරොධොති ච වුත‍්තා. ඉමානි චත‍්තාරි සච‍්චානීති පුරිමගාථාය පුරිමානි ද‍්වෙ, පච‍්ඡිමගාථාය පච‍්ඡිමානි ද‍්වෙති ද‍්වීහි ගාථාහි භාසිතානි ඉමානි චත‍්තාරි අරියසච‍්චානි. තෙසු සමුදයෙන අස‍්සාදො, දුක‍්ඛෙන ආදීනවො, මග‍්ගනිරොධෙහි නිස‍්සරණං, සබ‍්බගතිජහනං ඵලං, රක‍්ඛිතචිත‍්තතාදිකො උපායො, අරක‍්ඛිතචිත‍්තතාදිනිසෙධනමුඛෙන රක‍්ඛිතචිත‍්තතාදීසු නියොජනං භගවතො ආණත‍්තීති. එවං දෙසනාහාරපදත්‍ථා අස‍්සාදාදයො නිද‍්ධාරෙතබ‍්බා. තෙනෙවාහ – “නියුත‍්තො දෙසනාහාරසම‍්පාතො”ති.
යං තණ්හාය ච අවිජ්ජාය ච පහාණං අයං නිරොධො යනු ප්‍රහාණය වූ නිරෝධයේ හේතුව බැවින් අසංඛත ධාතුව ප්‍රහාණ නිරෝධය යැයි ද කියන ලදී. ඉමානි චත්තාරි සච්චානි යන මුල් ගාථාවේ මුල් දෙක ද දෙවැනි ගාථාවේ පසු දෙක ද යන ගාථා දෙකින් කියන ලද මේ ආර්ය සත්‍ය සතරයි. ඒවායින් සමුදය සත්‍යයෙන් ආශ්වාදය ද දුක්ඛ සත්‍යයෙන් ආදීනවය ද මාර්ග නිරෝධ සත්‍යවලින් නිස්සරණය ද ගැනේ. සියලු ගති හැරීම ඵලයයි. රක්නා ලද සිත් ඇති බව ආදී උපාය ද නොරක්නා ලද සිත් ඇති බව ආදි නිෂේධ මුඛයෙන් රක්‍ෂිත චිත්ත ආදියේ නියෝජනය භාග්‍යවතුන් වහන්සේගේ ආඥාවක් ම ය. මෙසේ දේශනා හාරයේ පදාර්ථ වූ ආශ්වාදාදිය වෙන්කළ යුතුය. එහෙයින්ම නියුත්තො දෙසනා හාරොයි කියන ලදි.
දෙසනාහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.
දේශනාහාර සම්පාත වර්ණනාව නිමි.