යෙදුමෙන් කියවන්න

පරික‍්ඛාරහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පරික‍්ඛාරහාරවිභඞ‍්ගවණ‍්ණනා

පරික්ඛාර හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො පරික‍්ඛාරො හාරොති පරික‍්ඛාරහාරවිභඞ‍්ගො. තත්‍ථ යො ධම‍්මො යං ධම‍්මං ජනයති, තස‍්ස සො පරික‍්ඛාරොති සඞ‍්ඛෙපතො පරික‍්ඛාරලක‍්ඛණං වත්‍වා තං විභාගෙන දස‍්සෙතුං “කිංලක‍්ඛණො”තිආදි වුත‍්තං. තත්‍ථ හිනොති අත‍්තනො ඵලං පටිකාරණභාවං ගච‍්ඡතීති හෙතු. පටිච‍්ච එතස‍්මා ඵලං එතීති පච‍්චයො. කිඤ‍්චාපි හෙතුපච‍්චයසද‍්දෙහි කාරණමෙව වුච‍්චති, තථාපි තත්‍ථ විසෙසං විභාගෙන දස‍්සෙතුං “අසාධාරණලක‍්ඛණො”තිආදි වුත‍්තං. සභාවො හෙතූති සමානභාවො බීජං හෙතු. නනු ච බීජං අඞ‍්කුරාදිසදිසං න හොතීති? නො න හොති, අඤ‍්ඤතො හි තාදිසස‍්ස අනුප‍්පජ‍්ජනතො.

තත්‍ථ කතමො පරික්ඛාර හාරො යනු පරික්ඛාර හාර විභංගයයි. එහි යො ධම්මො යං ධම්මං ජනයති තස්ස සො පරික්ඛාරො යනු කෙටියෙන් පරික්ඛාර ලක්‍ෂණය ප්‍රකාශ කොට එය විභාග වශයෙන් දක්වන්නට කිං ලක්ඛණො යනාදිය කියන ලදි. එහි හීනො යනු තමාගේ ඵලය වෙත ප්‍රත්‍ය භාවයෙන් යේ නුයි හෙතු නම් වේ. එය හේතුකොට ප්‍රතිඵලය ඒ නුයි පච්චය නමි. හේතු පච්චය ශබ්දවලින් කාරණය ම කියනු ලැබුවත් එහි විශේෂය විභාග වශයෙන් දක්වන්නට අසාධාරණ ලක්ඛණො යනාදිය කියන ලදි. සභාවො හෙතු යනු සමාන භාව ඇති බීජය හේතුව වේ යනුයි. බීජය අංකුරාදිය හා සමාන නොවේ ද? නොවන්නේ නොවේ. අනෙකකින් එබන්දක් නූපදින බැවිනි.

“යථා වා පනා”තිආදිනාපි උදාහරණන‍්තරදස‍්සනෙන හෙතුපච‍්චයානං විසෙසමෙව විභාවෙති. තත්‍ථ දුද‍්ධන‍්ති ඛීරං. දධි භවතීති එකත‍්තනයෙන අභෙදොපචාරෙන වා වුත‍්තං, න අඤ‍්ඤථා. න හි ඛීරං දධි හොති. තෙනෙවාහ – “න චත්‍ථි එකකාලසමවධානං දුද‍්ධස‍්ස ච දධිස‍්ස චා”ති. අථ වා ඝටෙ දුද‍්ධං පක‍්ඛිත‍්තං දධි භවති, දධි තත්‍ථ කාලන‍්තරෙ ජායති පච‍්චයන‍්තරසමායොගෙන, තස‍්මා න චත්‍ථි එකකාලසමවධානං දුද‍්ධස‍්ස ච දධිස‍්ස ච රසඛීරවිපාකාදීහි භින‍්නසභාවත‍්තා. එවමෙවන‍්ති යථා හෙතුභූතස‍්ස ඛීරස‍්ස ඵලභූතෙන දධිනා න එකකාලසමවධානං, එවමඤ‍්ඤස‍්සාපි හෙතුස‍්ස ඵලෙන න එකකාලසමවධානං, න තථා පච‍්චයස‍්ස, න හි පච‍්චයො එකන‍්තෙන ඵලෙන භින‍්නකාලො එවාති. එවම‍්පි හෙතුපච‍්චයානං විසෙසො වෙදිතබ‍්බොති අධිප‍්පායො.

යථා වා පන යනාදියෙන් වෙනත් උදාහරණයක් දැක්වීමෙන් හේතුප්‍රත්‍යයන්ගේ විශේෂයම දක්වයි. එහි දුද්ධං යනු කිරිය. දධි භවති යනු ඒකත්‍ව න්‍යායෙන් හෝ අභේදොපචාරයෙන් හෝ කියන ලදි. අන් පරිද්දකින් නොවේ. කිරි දීකිරි බවට පත් නොවේ. එහෙයින්ම නචත්‍ථි එකකාල සමවධානං දුද්ධස්ස ච දධිස්ස ච යි කියන ලදි. නැතහොත් කළයෙහි දමන ලද කිරි දීකිරි බවට පත්වෙයි. එහිදී කල් ඉකුත්වීමේදී වෙනත් හේතු හා එකතු වීමෙන් දීකිරි ඇතිවේ. එහෙයින් කිරි රසය විපාක ආදියෙන් බිඳුණු ස්වභාව ඇති බැවින් කිරිවල ද දීකිරිවල ද එකම වේලෙහි එකතුවීමක් නැත්තේ ය. එවමෙවං යනු යම්සේ හේතුව වූ කිරෙහි ඵලය වූ දිකිරි සමග එකම වේලාවේ එකතුවීමක් නැත්තේ ද මෙසේ අන් හේතුවක ද ඵලය සමග එකම වේලාවේ එකතුවීමක් නැත්තේය. එසේම ප්‍රත්‍යයේ ද නොවේ. ප්‍රත්‍යය ඒකාන්ත ඵලය සමග බිඳුණු වේලාවක් නොවේ යයි මෙසේ ද හේතු ප්‍රත්‍යයන්ගේ විශේෂය දතයුතුය යන අදහසයි.

එවං බාහිරං හෙතුපච‍්චයවිභාගං දස‍්සෙත්‍වා ඉදානි අජ‍්ඣත‍්තිකං දස‍්සෙතුං “අයඤ‍්හි සංසාරො”තිආදි වුත‍්තං. තත්‍ථ “අවිජ‍්ජා අවිජ‍්ජාය හෙතූ”ති වුත‍්තෙ කිං එකස‍්මිං චිත‍්තුප‍්පාදෙ අනෙකා අවිජ‍්ජා විජ‍්ජන‍්තීති? ආහ “පුරිමිකා අවිජ‍්ජා පච‍්ඡිමිකාය අවිජ‍්ජාය හෙතූ”ති. තෙන එකස‍්මිං කාලෙ හෙතුඵලානං සමවධානං නත්‍ථීති එතමෙවත්‍ථං සමත්‍ථෙති. තත්‍ථ “පුරිමිකා අවිජ‍්ජා”තිආදිනා හෙතුඵලභූතානං අවිජ‍්ජානං විභාගං දස‍්සෙති. “බීජඞ‍්කුරො වියා”තිආදිනා ඉමමත්‍ථං දස‍්සෙති – යථා බීජං අඞ‍්කුරස‍්ස හෙතු හොන‍්තං සමනන‍්තරහෙතුතාය හෙතු හොති. යං පන බීජතො ඵලං නිබ‍්බත‍්තති, තස‍්ස බීජං පරම‍්පරහෙතුතාය හෙතු හොති. එවං අවිජ‍්ජායපි හෙතුභාවෙ දට‍්ඨබ‍්බන‍්ති.

මෙසේ බාහිර හේතුප්‍රත්‍ය විභාගය දක්වා දැන් ආධ්‍යාත්මික හේතුප්‍රත්‍ය විභාගය දක්වන්නට අයං හි සංසාරො යනාදිය කියන ලදි. එහිදී අවිද්‍යාව අවිද්‍යාවට හේතුවේ යයි කී කල්හි කිම එක් සිතිවිල්ලක නොයෙක් අවිද්‍යාවන් විද්‍යමාන වෙත් ද? (යනුවෙන් ප්‍රශ්න නැගේ) පුරිමිකා අවිජ්ජා පච්ඡිමිකාය අවිජ්ජාය හෙතු යනුවෙන් ඊට පිළිතුරු කියන ලදි. එයින් එකම වේලාවේ හේතුප්‍රත්‍යයන්ගේ එකතුවීමක් නැත යන මේ අර්ථයම සමර්ථනය කෙරේ. එහි පුරිමිකා අවිජ්ජා යනාදියෙන් හේතුඵලයන් වූ අවිද්‍යාවන්ගේ විභාගය දක්වාලයි. බීජංකුරො විය යනාදියෙන් මේ අර්ථය දක්වයි. යම්සේ බීජය අංකුරයට හේතුවනුයේ දෙවැනි හේතු බැවින් හේතුව වෙයි ද බීජයෙන් යම් ඵලයක් ඇති වේ ද එයට බීජය පරම්පරා හේතු භාවයෙන් හේතුව වෙයිා. මෙසේ අවිද්‍යාවද හේතු භාවයෙන් දතයුතුය.

පුන “යථා වා පනා”තිආදිනාපි හෙතුපච‍්චයවිභාගමෙව දස‍්සෙති. තත්‍ථ ථාලකන‍්ති දීපකපල‍්ලිකා. අනග‍්ගිකන‍්ති අග‍්ගිං විනා. දීපෙතුන‍්ති ජාලෙතුං. ඉති සභාවො හෙතූති එවං පදීපුජ‍්ජාලනාදීසු අග‍්ගිආදිපදීපසදිසං කාරණං සභාවො හෙතු. පරභාවො පච‍්චයොති තත්‍ථෙව කපල‍්ලිකාවට‍්ටිතෙලාදිසදිසො අග‍්ගිතො අඤ‍්ඤො සභාවො පච‍්චයො. අජ‍්ඣත‍්තිකොති නියකජ‍්ඣත‍්තිකො නියකජ‍්ඣත‍්තෙ භවො. බාහිරොති තතො බහිභූතො. ජනකොති නිබ‍්බත‍්තකො. පරිග‍්ගාහකොති උපත්‍ථම‍්භකො. අසාධාරණොති ආවෙණිකො. සාධාරණොති අඤ‍්ඤෙසම‍්පි පච‍්චයුප‍්පන‍්නානං සමානො.

නැවත යථා වා පන යනාදියෙන්ද හේතුප්‍රත්‍ය විභාගය ම දක්වයි. එහි ථාලකං යනු පහන් කබලයි. අනග්ගිකං යනු ගිනි නැතිව යනුයි. දීපෙතුං යනු දල්වන්නට ය. ඉති සභාවො හෙතු යනු මෙසේ පහන් දැල්වීම් ආදියෙහි ගින්දර ආදි පහන හා සමාන හේතුව සභාව හේතුව යනුයි. පරභාවො පච්චයො යනු එහිම පහන් කබල වැටිය තෙල් ආදිය හා සමාන ගින්නෙන් අන්‍ය වූ ස්වභාව හේතුවයි. අජ්ඣත්තිකො යනු ස්වකීය අධ්‍යාත්මයෙහි වූ සිය අධ්‍යාත්ම ස්වභාවයයි. බාහිරො යනු පිටතින් වූ යනුයි. ජනකො යනු ඇතිකරන්නායි. පරිග්ගාහකො යනු උපකාර වන්නායි. අසාධාරණො යනු ආවේණික වූ යනුයි. සාධාරණො යනු හේතුප්‍රත්‍යවලින් ඇති වූ අනෙක් ඒවාට ද සමාන වූ යනුයි.

ඉදානි යස‍්මා කාරණං “පරික‍්ඛාරො”ති වුත‍්තං, කාරණභාවො ච ඵලාපෙක‍්ඛාය, තස‍්මා කාරණස‍්ස යො කාරණභාවො යථා ච සො හොති, යඤ‍්ච ඵලං යො ච තස‍්ස විසෙසො, යො ච කාරණඵලානං සම‍්බන්‍ධො, තං සබ‍්බං විභාවෙතුං “අවුපච‍්ඡෙදත්‍ථො”තිආදි වුත‍්තං. තත්‍ථ කාරණඵලභාවෙන සම‍්බන්‍ධතා සන‍්තති. කො ච තත්‍ථ සම‍්බන්‍ධො, කො කාරණඵලභාවො ච? සො එව අවුපච‍්ඡෙදත්‍ථො. යො ඵලභූතො අඤ‍්ඤස‍්ස අකාරණං හුත්‍වා නිරුජ‍්ඣති, සො වුපච‍්ඡින‍්නො නාම හොති, යථා තං අරහතො චුතිචිත‍්තං. යො පන අත‍්තනො අනුරූපස‍්ස ඵලස‍්ස හෙතු හුත්‍වා නිරුජ‍්ඣති, සො අනුපච‍්ඡින‍්නො එව නාම හොති, හෙතුඵලසම‍්බන්‍ධස‍්ස විජ‍්ජමානත‍්තාති ආහ – “අවුපච‍්ඡෙදත්‍ථො සන‍්තතිඅත්‍ථො”ති.

දැන් යම්හෙයකින් හේතුව පරික්ඛාර යනුවෙන් ප්‍රකාශ කරන ලද ද හේතුව ද ඵලය අපේක්‍ෂාවෙන් පවතී ද එහෙයින් හේතුවේ යම් හේතුරහිත බවක් වේ. එය යම්සේ වේ ද යම් ඵලයක් වේ ද එහි යම් විශේෂයක් වේ ද හේතුඵලයන්ගේ යම් සම්බන්ධයක් වේ ද ඒ සියල්ල දක්වන්නට අවුපච්ඡෙදත්‍ථො යි කියන ලදි. එහි හේතුඵල භාවයෙන් වූ සම්බන්ධතාවය පරපුරයි. එහි සම්බන්ධය කවරේ ද? හේතුඵල භාවය කවරක් ද? අවුපච්ඡේදාර්ථය එය ම ය. ඵලය වූ යමක් අනෙක් දෙයෙහි හේතුනොවන දෙය වී නිරුද්ධ වේද, එය සිඳින ලද හේතුව වෙයි. එය රහතුන් වහන්සේගේ චුති සිතයි. යමක් තමාට අනුරූප වූ ඵලයේ හේතුව බවට පත්වී නිරුද්ධ වේ ද, එය නොසිඳන ලද හේතුව නම් වෙයි. හේතුඵල සම්බන්ධයේ විද්‍යමානත්වය නිසා ය. (එනිසා) අවූපච්ඡෙදත්‍ථො සන්තති අත්‍ථො යි කියන ලදි.

යස‍්මා ච කාරණතො නිබ‍්බත‍්තං ඵලං නාම, න අනිබ‍්බත‍්තං, තස‍්මා “නිබ‍්බත‍්තිඅත්‍ථො ඵලත්‍ථො”ති වුත‍්තං. යස‍්මා පන පුරිමභවෙන අනන‍්තරභවපටිසන්‍ධානවසෙන පවත‍්තා උපපත‍්තික‍්ඛන්‍ධා පුනබ‍්භවො, තස‍්මා වුත‍්තං – “පටිසන්‍ධිඅත්‍ථො පුනබ‍්භවත්‍ථො”ති. තථා යස‍්ස පුග‍්ගලස‍්ස කිලෙසා උප‍්පජ‍්ජන‍්ති, තං පලිබුන්‍ධෙන‍්ති සම‍්මා පටිපජ‍්ජිතුං න දෙන‍්ති. යාව ච මග‍්ගෙන අසමුග‍්ඝාතිතා, තාව අනුසෙන‍්ති නාම, තෙන වුත‍්තං – “පලිබොධත්‍ථො පරියුට‍්ඨානත්‍ථො, අසමුග‍්ඝාතත්‍ථො අනුසයත්‍ථො”ති. පරිඤ‍්ඤාභිසමයවසෙන පරිඤ‍්ඤාතෙ න කදාචි තං නාමරූපඞ‍්කුරස‍්ස කාරණං හෙස‍්සතීති ආහ – “අපරිඤ‍්ඤාතත්‍ථො විඤ‍්ඤාණස‍්ස බීජත්‍ථො”ති. යත්‍ථ අවුපච‍්ඡෙදො තත්‍ථ සන‍්තතීති යත්‍ථ රූපාරූපප‍්පවත‍්තියං යථාවුත‍්තො අවුපච‍්ඡෙදො, තත්‍ථ සන‍්තතිවොහාරො . යත්‍ථ සන‍්තති තත්‍ථ නිබ‍්බත‍්තීතිආදි පච‍්චයපරම‍්පරදස‍්සනං හෙතුඵලසම‍්බන්‍ධවිභාවනමෙව.

යම්හෙයකින් හේතුවෙන් උපන් ඵලය නම් ඇති නොවූයේ නොවේ ද එහෙයින් නිබ්බත්ති අත්‍ථො ඵලත්‍ථො යි කියන ලදි. යම්හෙයකින් පෙර භවයෙන් අනතුරු භවයේ පිළිසිඳ ගැනීම් වශයෙන් පැවති උත්පත්ති ස්කන්ධ පුනර්භවය වේ ද එහෙයින් පටිසන්‍ධි අත්‍ථො පුනබ්භවත්‍ථො යි කියන ලදි. එසේම යම් පුද්ගලයෙකුගේ කෙලෙස් උපදී ද එය පළිබෝධ නමි. මනාව පිළිපදින්නට නොදෙයි. යම්තාක් ආර්ය මාර්ගයෙන් විනාශ නොකළේ ද ඒ තාක් අනුව පවතිත් නම් වේ. එහෙයින් පළිබොධත්‍ථො පරියුට්ඨානත්‍ථො අසමුග්ඝාතත්‍ථො අනුසයත්‍ථො යි කියන ලදි. වෙසෙසින් අවබෝධ කිරීම් වශයෙන් දත්කල්හි කිසිවිටෙක එය නාම නමැති අංකුරයට හේතු නොවන්නේ යැයි පරිඤ්ඤාතත්‍ථො විඤ්ඤාණස්ස බීජත්‍ථො යි කියන ලදි. යත්‍ථ අවුපච්ඡෙදො තත්‍ථ සන්තති යනු යම්තැනක රූප පිළිබඳ පැවැත්ම තුළ මුලින් කියන ලද අවුපච්ඡේදය වේ ද එහි සන්තති ව්‍යවහාරය වෙයි. යත්‍ථ සන්තති තත්‍ථි නිබ්බත්ති යනාදිය ප්‍රත්‍ය පරම්පරාව දැක්වීමේ හේතුඵල සම්බන්ධය දැක්වීමක් ම ය.

“යථා වා පන චක‍්ඛුඤ‍්ච පටිච‍්චා”තිආදිනා “සභාවො හෙතූ”ති වුත‍්තමෙවත්‍ථං විභාගෙන දස‍්සෙති. තත්‍ථ සන‍්නිස‍්සයතායාති උපනිස‍්සයපච‍්චයතාය. මනසිකාරොති කිරියාමනොධාතු. සා හි චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස විඤ‍්ඤාණභාවෙන සමානජාතිතාය සභාවො හෙතු. සඞ‍්ඛාරා විඤ‍්ඤාණස‍්ස පච‍්චයො සභාවො හෙතූති පුඤ‍්ඤාදිඅභිසඞ‍්ඛාරා පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස පච‍්චයො, තත්‍ථ යො සභාවො, සො හෙතූති. සඞ‍්ඛාරාති චෙත්‍ථ සබ‍්බො ලොකියො කුසලාකුසලචිත‍්තුප‍්පාදො අධිප‍්පෙතො. ඉමිනා නයෙන සෙසපදෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො. එවං යො කොචි උපනිස‍්සයො සබ‍්බො සො පරික‍්ඛාරොති යථාවුත‍්තප‍්පභෙදො යො කොචි පච‍්චයො, සො සබ‍්බො අත‍්තනො ඵලස‍්ස පරික‍්ඛරණතො අභිසඞ‍්ඛරණතො පරික‍්ඛාරො. තස‍්ස නිද‍්ධාරෙත්‍වා කථනං පරික‍්ඛාරො හාරොති.

යථා වා පන චක්ඛුඤ්ච පටිච්ච යනාදියෙන් ස්වභාව හේතුව යැයි කියන ලද අර්ථය ම විභාග වශයෙන් දක්වයි. එහි සන්නිනිස්සයතාය යනු උපනිශ්‍රය වූ ප්‍රත්‍යයෙනි. මනසිකාරො යනු ක්‍රියා මනෝධාතුවයි. එය ද චක්ඛු විඤ්ඤාණයේ දැනීම බැවින් සමාන ජාතිත්වයෙන් ස්වභාව හේතුවයි. සංඛාරා විඤ්ඤාණස්ස පච්චංයා සභාවො හෙතු යනු පුණ්‍ය ආදී අභිසංස්කරණ පටිසන්‍ධි විඤ්ඤාණයේ හේතුව යනුයි. එහි යම් ස්වභාවයක් වේ ද එය හේතුවයි. මෙහිදී සංඛාර යනුවෙන් සියලු ලෞකික කුසල අකුසල සිතිවිලි අදහස් කරන ලදි. මේ ක්‍රමයෙන් සෙසු පදවල ද අර්ථය දතයුතුය. එවං යො කොචි උපනිස්සයො සබ්බො සො පරික්ඛාරො යනු කියන ලද ප්‍රභේද ඇති යම්කිසි ප්‍රත්‍යයක් වේ ද ඒ සියල්ල තමාගේ ඵලය පිරිවරන හෙයින් සකස් කරන හෙයින් පරික්ඛාර නම් වේ යනුයි. එය වෙන්කොට ප්‍රකාශ කිරීම පරික්ඛාර හාරයයි.

පරික‍්ඛාරහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පරික්ඛාර හාර විභංග වර්ණනාව නිමි.

සමාරොපනහාරවිභඞ‍්ගවණ‍්ණනා

සමාරෝපන හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො සමාරොපනො හාරොති සමාරොපනහාරවිභඞ‍්ගො. තත්‍ථ එකස‍්මිං පදට‍්ඨානෙති යස‍්මිං කිස‍්මිඤ‍්චි එකස‍්මිං කාරණභූතෙ ධම‍්මෙ සුත‍්තෙන ගහිතෙ. යත‍්තකානි පදට‍්ඨානානි ඔතරන‍්තීති යත‍්තකානි අඤ‍්ඤෙසං කාරණභූතානි තස‍්මිං ධම‍්මෙ සමොසරන‍්ති. සබ‍්බානි තානි සමාරොපයිතබ‍්බානීති සබ‍්බානි තානි පදට‍්ඨානානි පදට‍්ඨානභූතා ධම‍්මා සම‍්මා නිද‍්ධාරණවසෙන ආනෙත්‍වා දෙසනාය ආරොපෙතබ‍්බා, දෙසනාරුළ‍්හෙ විය කත්‍වා කථෙතබ‍්බාති අත්‍ථො. යථා ආවට‍්ටෙ හාරෙ “එකම‍්හි පදට‍්ඨානෙ, පරියෙසති සෙසකං පදට‍්ඨාන”න‍්ති (නෙත‍්ති· 4 නිද‍්දෙසවාර) වචනතො අනෙකෙසං පදට‍්ඨානානං පරියෙසනා වුත‍්තා, එවමිධාපි බහූනං පදට‍්ඨානානං සමාරොපනා කාතබ‍්බාති දස‍්සෙන‍්තො “යථා ආවට‍්ටෙ හාරෙ”ති ආහ. න කෙවලං පදට‍්ඨානවසෙනෙව සමාරොපනා, අථ ඛො වෙවචනභාවනාපහානවසෙනපි සමාරොපනා කාතබ‍්බාති දස‍්සෙන‍්තො “තත්‍ථ සමාරොපනා චතුබ‍්බිධා”තිආදිමාහ.

තත්‍ථ කතමො සමාරොපනො හාරො යනු සමාරෝපන හාර විභංගයයි. එහි එකස්මිං පදට්ඨානෙ යනු එක් හේතුවක් වූ යම් කිසි ධර්මයක් සූත්‍රයෙන් ගත් කල්හිය. යත්තකානි පදට්ඨානානි ඔතරන්ති යනු අන්‍ය දේවලට හේතුවූ යම්තාක් දේ වෙත් නම් ඒ ධර්මයෙහි රැස්වෙයි යනුයි. සබ්බානි තානි සමාරොපයිතබ්බානි යනු ඒ සියලු පදට්ඨාන හා පදට්ඨාන ධර්ම මනාව වෙන්කිරීම් වශයෙන් ගෙනවුත් දේශනාවට නැංවිය යුතුය යනුයි. දේශනාවට නැංවී කල්හි මෙන් සිතා කියයුතුය යන අර්ථයයි. ආවට්ට හාරයෙහි ‘එකම්හි පදට්ඨානෙ පරියෙසති සෙසකං පදට්ඨානං’ යන වචනයෙන් නොයෙක් පදයන්ගේ සෙවීම කියන ලදි. එසේ මෙහිදී ද බොහෝ පදයන්ගේ සමාලෝපනය (නැංවීම) කළ යුතුයැයි දක්වමින් යථා ආවට්ටෙ හාරෙ යයි කියන ලදි. සමාරෝපනය හුදෙක් පදට්ඨාන වශයෙන් ම නොවේ. එහෙයින් වේවචන (පර්යාය පද) භාවනා ප්‍රහාණ වශයෙන් ද සමාරෝපනය කළ යුතුයැයි දක්වමින් තත්‍ථ සමාරොපනා චතුබ්බිධො යන ආදිය කියන ලදි.

කස‍්මා පනෙත්‍ථ පදට‍්ඨානවෙවචනානි ගහිතානි, නනු පදට‍්ඨානවෙවචනහාරෙ එව අයමත්‍ථො විභාවිතොති? සච‍්චමෙතං, ඉධ පන පදට‍්ඨානවෙවචනග‍්ගහණං භාවනාපහානානං අධිට‍්ඨානවිසයදස‍්සනත්‍ථඤ‍්චෙව තෙසං අධිවචනවිභාගදස‍්සනත්‍ථඤ‍්ච. එවඤ‍්හි භාවනාපහානානි සුවිඤ‍්ඤෙය්‍යානි හොන‍්ති සුකරානි ච පඤ‍්ඤාපෙතුං. ඉදං පදට‍්ඨානන‍්ති ඉදං තිවිධං සුචරිතං බුද‍්ධානං සාසනස‍්ස ඔවාදස‍්ස විසයාධිට‍්ඨානභාවතො පදට‍්ඨානං. තත්‍ථ “කායික”න‍්තිආදිනා තීහි සුචරිතෙහි සීලාදයො තයො ඛන්‍ධෙ සමථවිපස‍්සනා තතියචතුත්‍ථඵලානි ච නිද‍්ධාරෙත්‍වා දස‍්සෙති, තං සුවිඤ‍්ඤෙය්‍යමෙව. වනීයතීති වනං, වනති, වනුතෙ ඉති වා වනං. තත්‍ථ යස‍්මා පඤ‍්ච කාමගුණා කාමතණ‍්හාය, නිමිත‍්තග‍්ගාහො අනුබ්‍යඤ‍්ජනග‍්ගාහස‍්ස, අජ‍්ඣත‍්තිකබාහිරානි ආයතනානි තප‍්පටිබන්‍ධඡන්‍දරාගාදීනං, අනුසයා ච පරියුට‍්ඨානානං කාරණානි හොන‍්ති, තස‍්මා තමත්‍ථං දස‍්සෙතුං “පඤ‍්ච කාමගුණා”තිආදි වුත‍්තං.

මෙහිදී කවර හෙයින් පදට්ඨාන වේවචනයන් ගන්නා ලද්දේ ද? පදට්ඨාන වේවචන හාරයේදී ම මේ අර්ථය පැහැදිලි කරන ලද්දේ නොවේද? එය සත්‍යයකි. මෙහිදී පදට්ඨාන වේවචන ග්‍රහණය භාවනා ප්‍රහාණයන්ගේ අධිට්ඨාන විෂය දැක්වීම සඳහා හා ඒවායේ අධිවචන විභාගය දැක්වීම සඳහා ය. මෙසේ භාවනා ප්‍රහාණයෙන් මනාව දතහැකි වෙත්. දක්වන්නට පහසු ද වෙත්. ඉදං පදට්ඨානං යනු මේ ත්‍රිවිධ සුචරිතය බුදුවරුන්ගේ අනුශාසනයේ, අවවාදයේ විෂය බැවින් පදට්ඨාන වෙයි යනුයි. එහි කායිකං යනාදියෙන් ත්‍රිවිධ සුචරිතයන්ගේ සීලාදිය ද ත්‍රිවිධ ස්කන්ධයන් ද සමථ විදර්ශනා දෙක ද තෙවැනි සිව්වැනි ඵල ද වෙන්කොට දක්වයි. එය මනාව දතහැකි ම ය. සේවනය කෙරේනුයි වන නම් වේ. පීඩාකරයි පීඩා කරනු ලැබේ නුයි වන නම් වේ. එහිදී යම්හෙයකින්, පංචකාම ගුණයන් කාම තණ්හාවට නිමිති ගැනීම් වෙයි. කුඩා ලකුණු ගන්නාට ආධ්‍යාත්මික බාහිර ආයතන ඊට බැඳුණු ඡන්‍දරාගාදීන්ගේ අනුසය ධර්ම ද නැගීසිටින කරුණු ද වෙත්. එහෙයින් එම අර්ථය දක්වන්නට පංචකාම ගුණානි යනාදිය කියන ලදි.

අයං වෙවචනෙන සමාරොපනාති යො “රාගවිරාගා චෙතොවිමුත‍්ති සෙක‍්ඛඵලං, අනාගාමිඵලං, කාමධාතුසමතික‍්කමන”න‍්ති එතෙහි පරියායවචනෙහි තතියඵලස‍්ස නිද‍්දෙසො, තථා යො “අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති අසෙක‍්ඛඵලං, අග‍්ගඵලං අරහත‍්තං, තෙධාතුකසමතික‍්කමන”න‍්ති එතෙහි පරියායවචනෙහි චතුත්‍ථඵලස‍්ස නිද‍්දෙසො, යො ච “පඤ‍්ඤින්‍ද්‍රිය”න‍්තිආදීහි පරියායවචනෙහි පඤ‍්ඤාය නිද‍්දෙසො, අයං වෙවචනෙහි ච සමාරොපනා.

අයං වෙවචනෙන සමාරොපනා යනු රාගවිරාග, චෙතො විමුත්ති, සෙක්ඛඵල, අනාගාමි ඵල, කාමධාතු සමතික්ඛමන යන මේ පදයන්ගෙන් තෙවැනි ඵලය පිළිබඳ යම් නිර්දේශයක් කරන ලද ද එසේම අවිජ්ජා, විරාග, පඤ්ඤා විමුත්ති, අසෙක්ඛ ඵල, අග්ගඵල, අරහත්ත, තෙධාතුක සමතිත්කමන යන මේ පර්යාය පදයන්ගෙන් සිව්වැනි ඵලය පිළිබඳ යම් නිර්දේශයක් කරන ලද ද පඤ්ඤින්‍ද්‍රිය ආදී පර්යාය වචනයන්ගෙන් ප්‍රඥාව පිළිබඳ යම් නිර්දේශයක් කරන ලද ද එය වේවචනයන්ගෙන් කරන ලද සමාරෝපනයකි.

තස‍්මාතිහ ත්‍වං, භික‍්ඛු, කායෙ කායානුපස‍්සී විහරාහීතිආදි ලක‍්ඛණහාරවිභඞ‍්ගවණ‍්ණනායං වුත‍්තනයෙන වෙදිතබ‍්බං. කෙවලං තත්‍ථ එකලක‍්ඛණත‍්තා අවුත‍්තානම‍්පි වුත‍්තභාවදස‍්සනවසෙනෙව ආගතං, ඉධ භාවනාසමාරොපනවසෙනාති අයමෙව විසෙසො. කායානුපස‍්සනා විසෙසතො අසුභානුපස‍්සනා එව කාමරාගතදෙකට‍්ඨකිලෙසානං එකන‍්තපටිපක‍්ඛාති අසුභසඤ‍්ඤා කබළීකාරාහාරපරිඤ‍්ඤාය පරිබන්‍ධකිලෙසා කාමුපාදානං කාමයොගො අභිජ‍්ඣාකායගන්‍ථො කාමාසවො කාමොඝො රාගසල‍්ලං රූපධම‍්මපරිඤ‍්ඤාය පටිපක‍්ඛකිලෙසා රූපධම‍්මෙසු රාගො ඡන්‍දාගතිගමනන‍්ති එතෙසං පාපධම‍්මානං පහානාය සංවත‍්තතීති ඉමමත්‍ථං දස‍්සෙති “කායෙ කායානුපස‍්සී විහරන‍්තො”තිආදිනා.

‘තස්මාතිහ ත්‍වං භික්ඛු කායෙ කායානුපස්සී විහරාහි’ යනාදිය ලක්ඛණහාර විභංග වර්ණනාවේ කියන ලද ක්‍රමයෙන් දතයුතුයි. හුදෙක් එහිදී ඒක ලක්‍ෂණත්වයෙන් යුත් බැවින් නොකියන ලද දේවලත් කියන ලද බව දැක්වීම් වශයෙන්ම ආයේය. මෙහිදී භාවනා සමාරෝපන වශයෙනැයි (දතයුතු) මෙයම විශේෂයයි. කායානුපස්සනා වෙසෙසින් අසුභානුපස්සනාව ම ය. කාමරාගය හා ඊට අයත් කෙලෙස්වලට ඒකාන්තයෙන් ප්‍රතිපක්‍ෂ යැයි අසුභ සංඥාව, කබලීකාර ආහාරවල පමණ දැන්මෙන්, හාත්පසින් බැඳෙන කෙලෙස්, කමූපදානය, කාමයෝගය, අභිධ්‍යාව, කායගන්‍ථ, කාමාසව, කාමොඝ, රාගසල්ලය ද රූපධර්මවල පමණ දැන්මෙන් ප්‍රතිපක්‍ෂ කෙලෙස් ද රූපධර්මයන්හි රාගය, ඡන්‍දයෙන් අගතියට යාම යන මේ පාප ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස පවතී යැයි යන අර්ථය කායෙ කායානුපස්සි විහාරන්තො යනාදියෙන් දක්වයි.

තථා වෙදනානුපස‍්සනා විසෙසතො දුක‍්ඛානුපස‍්සනාති, සා –

එසේම විශේෂ වශයෙන් වේදනානුපස්සනාව දුක අනුව බැලීමකි. එය,

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො; අදුක‍්ඛමසුඛං සන‍්තං, අදක‍්ඛි නං අනිච‍්චතො”ති. (සං· නි· 4.253; ඉතිවු· 53) –

යො සුඛං දුක්ඛතො අද්ද දුක්ඛමද්දක්ඛි සල්ලතො අදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතොති

‘යමෙක් සුඛය දුක් වහයෙන් දැක දුක හුලක් ලෙසින් දුටුවේ ද ඇත්තා වූ අදුක්ඛමසුඛය අනිත්‍ය ලෙසින් දුටුවේය.’

ආදිවචනතො සබ‍්බං වෙදනං “දුක‍්ඛ”න‍්ති පස‍්සන‍්තී සුඛසඤ‍්ඤාය වෙදනාහෙතුපරිඤ‍්ඤාය පරිබන්‍ධකිලෙසානං ගොසීලාදීහි භවසුද‍්ධි හොතීති වෙදනාස‍්සාදෙන පවත‍්තස‍්ස භවුපාදානසඞ‍්ඛාතස‍්ස සීලබ‍්බතුපාදානස‍්ස වෙදනාවසෙන “අනත්‍ථං මෙ අචරී”තිආදිනයප‍්පවත‍්තස‍්ස (දී· නි· 3.340; අ· නි· 9.29; 10.79; ධ· ස· 1237; විභ· 909, 960) බ්‍යාපාදකායගන්‍ථස‍්ස දොසසල‍්ලස‍්ස වෙදනාස‍්සාදවසෙනෙව පවත‍්තස‍්ස භවයොගභවාභවභවොඝසඞ‍්ඛාතස‍්ස භවරාගස‍්ස භවපරිඤ‍්ඤාය පරිබන්‍ධකකිලෙසානං වෙදනාවිසයස‍්ස රාගස‍්ස දොසාගතිගමනස‍්ස ච පහානාය සංවත‍්තතීති එතමත්‍ථං දස‍්සෙති “වෙදනාසු වෙදනානුපස‍්සී”තිආදිනා.

යනාදි වචනයෙන් සියලු වේදනාව දුකයැයි දකිමින් සුඛ සංඥාවෙන් වේදනාවේ හේතුව දැනගෙන, හාත්පසින් බැඳෙන කෙලෙස් පිළිබඳ ගව සීල ආදියෙන් භවයේ පිරිසිදු බව වන්නේ යයි වේදනාශ්වාදයෙන් පැවති භව උපාදාන සංඛ්‍යාත සීලබ්බත උපාදානය වේදනා වශයෙන් මා විසින් හැසිරෙන ලදැයි ආදීනව වශයෙන් පැවති ව්‍යාපාද කාය ගන්‍ථය හා දෝස හුලද වේදනාශ්වාද වශයෙන් පැවති භවයෝග, භවාසව, භවෝඝ සංඛ්‍යාත භව රාගය ද භව පරිඤ්ඤාවෙන් බැඳුණු කෙලෙස්හි වේදනා විෂය වූ රාගය ද ද්වේෂයෙන් අගතියට යෑම ද ප්‍රහාණය පිණිස පවතී යන මේ අර්ථය වෙදනාසු වෙදනානුපස්සි යනාදියෙන් දක්වයි.

තථා චිත‍්තානුපස‍්සනා විසෙසතො අනිච‍්චානුපස‍්සනාති, සා චිත‍්තං “අනිච‍්ච”න‍්ති පස‍්සන‍්තී තත්‍ථ යෙභුය්‍යෙන සත‍්තා නිච‍්චසඤ‍්ඤිනොති නිච‍්චසඤ‍්ඤාය විඤ‍්ඤාණාහාරපරිඤ‍්ඤාය පරිබන්‍ධකිලෙසානං නිච‍්චාභිනිවෙසපටිපක‍්ඛතො එව දිට‍්ඨුපාදානං දිට‍්ඨියොගසීලබ‍්බතපරාමාසකායගන්‍ථදිට‍්ඨාසවදිට‍්ඨොඝසඞ‍්ඛාතාය දිට‍්ඨියා නිච‍්චසඤ‍්ඤානිමිත‍්තස‍්ස “සෙය්‍යොහමස‍්මී”තිආදිනයප‍්පවත‍්තස‍්ස (ධ· ස· 1239; විභ· 832, 866, 962) මානසල‍්ලස‍්ස සඤ‍්ඤාපරිඤ‍්ඤාය පටිපක‍්ඛකිලෙසානං සඤ‍්ඤාය රාගස‍්ස දිට‍්ඨාභිනිවෙසස‍්ස අප‍්පහීනත‍්තා උප‍්පජ‍්ජනකස‍්ස භයාගතිගමනස‍්ස ච පහානාය සංවත‍්තතීති ඉමමත්‍ථං දස‍්සෙති “චිත‍්තෙ චිත‍්තානුපස‍්සී”තිආදිනා.

එසේම චිත්තානුපස්සනාව විශේෂ වශයෙන් අනිත්‍යය අනුව බැලීමකි. එය සිත අනිත්‍යව දකින්නේය. එහිදී බොහෝසෙයින් සත්ත්වයෝ නිත්‍ය සංඥා ඇත්තාහ. නිත්‍ය සංඥාවෙන් විඤ්ඤාණාහාර පරිඥාව නිසා හාත්පසින් බැඳෙන කෙලෙස් පිළිබඳ නිත්‍ය යන හැඟීමට ප්‍රතිපක්‍ෂවම දිට්ඨි උපාදාන, දිට්ඨියෝග, සීලබ්බත පරාමාස, කායගන්‍ථ දිට්ඨාසව, දිට්ඨොග සංඛ්‍යාත දිට්ඨියේ නිත්‍යය යන හැඟීමට නිමිති වූ ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’ ආදී ලෙසින් පැවති මාන හුල ද සංඥා දැනීමෙන් ප්‍රතිපක්‍ෂ වූ කෙලෙස් පිළිබඳ සංඥා රාගය ද දෘෂ්ටියට වැටීම ප්‍රහීණ වී නොමැති කමින් උපදින භයින් අගතියට යෑමද ප්‍රහාණය පිණිස පවතී යන මේ අර්ථය චිත්තෙ චිත්තානුපස්සි යනාදියෙන් දක්වයි.

තථා ධම‍්මානුපස‍්සනා විසෙසතො අනත‍්තසඤ‍්ඤාති, සා සඞ‍්ඛාරෙසු අත‍්තසඤ‍්ඤාය මනොසඤ‍්චෙතනාහාරපරිඤ‍්ඤාය පටිපක‍්ඛකිලෙසානං සක‍්කායදිට‍්ඨියා “ඉදමෙව සච‍්ච”න‍්ති (ම· නි· 2.187, 202-203; 3.27) පවත‍්තස‍්ස මිච‍්ඡාභිනිවෙසස‍්ස මිච‍්ඡාභිනිවෙසහෙතුකාය අවිජ‍්ජායොගඅවිජ‍්ජාසවඅවිජ‍්ජොඝමොහසල‍්ලසඞ‍්ඛාතාය අවිජ‍්ජාය සඞ‍්ඛාරපරිඤ‍්ඤාය පරිබන්‍ධකිලෙසානං සඞ‍්ඛාරෙසු රාගස‍්ස මොහාගතිගමනස‍්ස ච පහානාය සංවත‍්තතීති ඉමමත්‍ථං දස‍්සෙති “ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරන‍්තො”තිආදිනා. සෙසං උත‍්තානමෙව.

එසේම ධම්මානුපස්සනාව විශේෂ වශයෙන් අනාත්ම සංඥාව වේ. එය සංස්කාරයන්හි ආත්ම සංඥාවෙන් මනෝ සංචේතනා ආහාරය දැනගෙන ප්‍රතිපක්‍ෂ වූ කෙලෙස් පිළිබඳව සක්කාය දිට්ඨියෙන් යුතුව මෙයම සත්‍යයයි පැවති මිථ්‍යාදෘෂ්ටියට බැසගැනීම ද මිථ්‍යාදෘෂ්ටියට බැසගැනීමට හේතු වූ අවිජ්ජායොග, අවිජ්ජාසව, අවිජ්ජෝඝ, මෝහසල්ල සංඛ්‍යාත අවිද්‍යාවෙන් සංස්කාරයන් දැනගෙන, හාත්පසින් බැඳෙන කෙලෙස් පිළිබඳ සංස්කාරයන්හි රාගය ද මෝහයෙන් අගතියට යෑම ද ප්‍රහාණය පිණිස පවතීයැයි යන මේ අර්ථය ධම්මෙසු ධම්මානුපස්සි විහරන්තො යනාදියෙන් දක්වයි. සෙස්ස ප්‍රකටමය.

සමාරොපනහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සමාරෝපන හාර විභංග වර්ණනාව නිමි.

නිට‍්ඨිතා ච හාරවිභඞ‍්ගවණ‍්ණනා.

හාර විභංග වර්ණනාව ද නිමියේය.