යෙදුමෙන් කියවන්න

අධිට‍්ඨානහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

අධිට‍්ඨානහාරවිභඞ‍්ගවණ‍්ණනා

අධිට්ඨාන හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො අධිට‍්ඨානො හාරොති අධිට‍්ඨානහාරවිභඞ‍්ගො. තත්‍ථ තථා ධාරයිතබ‍්බාති එකත‍්තවෙමත‍්තතාසඞ‍්ඛාතසාමඤ‍්ඤවිසෙසමත‍්තතො ධාරයිතබ‍්බා, න පන තත්‍ථ කිඤ‍්චි විකප‍්පෙතබ‍්බාති අධිප‍්පායො. අවිකප‍්පෙතබ‍්බතාය කාරණං නිද‍්දෙසවාරවණ‍්ණනායං වුත‍්තමෙව. තං තං ඵලං මග‍්ගති ගවෙසතීති මග‍්ගො, තදත්‍ථිකෙහි මග‍්ගීයති ගවෙසීයතීති වා මග‍්ගො. නිරතියට‍්ඨෙන නිරස‍්සාදට‍්ඨෙන ච නිරයො. උද‍්ධං අනුගන‍්ත්‍වා තිරියං අඤ‍්චිතාති තිරච‍්ඡානා. තිරච‍්ඡානාව තිරච‍්ඡානයොනි. පෙතතාය පෙත‍්ති, ඉතො පෙච‍්ච ගතභාවොති අත්‍ථො. පෙත‍්ති එව පෙත‍්තිවිසයො. න සුරන‍්ති න භාසන‍්ති න දිබ‍්බන‍්තීති අසුරා. අසුරා එව අසුරයොනි. දිබ‍්බෙහි රූපාදීහි සුට‍්ඨු අග‍්ගාති සග‍්ගා. මනස‍්ස උස‍්සන‍්නතාය මනුස‍්සා. වානං වුච‍්චති තණ‍්හා, තං තත්‍ථ නත්‍ථීති නිබ‍්බානං. නිරයං ගච‍්ඡතීති නිරයගාමී. සෙසපදෙසුපි එසෙව නයො. අසුරයොනියොති අසුරයොනියා හිතො, අසුරජාතිනිබ‍්බත‍්තනකොති අත්‍ථො. සග‍්ගං ගමෙතීති සග‍්ගගාමියො. මනුස‍්සගාමීති මනුස‍්සලොකගාමී. පටිසඞ‍්ඛානිරොධොති පටිසඞ‍්ඛාය පටිපක‍්ඛභාවනාය නිරොධො, පටිපක‍්ඛෙ වා තථා අප‍්පවත‍්තෙ උප‍්පජ‍්ජනාරහස‍්ස පටිපක‍්ඛවුත‍්තියා අනුප‍්පාදො. අප‍්පටිසඞ‍්ඛානිරොධොති සඞ‍්ඛතධම‍්මානං සරසනිරොධො, ඛණිකනිරොධොති අත්‍ථො.

තත්‍ථ කතමො අධිට්ඨානො හාරො යනු අධිට්ඨාන හාර විභංගයයි. එහි තථා ධාරයිතබ්බා යනු එක් බව විවිධ බව සංඛ්‍යාත වූ සාමාන්‍ය විශේෂ මාත්‍රයෙන් දැරිය යුතුයි යනුයි. එහි කිසිවක් විකල්පනය නොකළ යුතුය යන අදහසයි. විකල්පනය නොකළ යුතු කරුණු නිද්දේසවාර වර්ණනාවෙහි කියන ලද ම ය. ඒ ඒ ඵලය සොයයි. ගවේෂණය කරයි නුයි මග්ග නම් වේ. එය කැමතියවුන් විසින් සොයනු ලැබේ. ගවේෂණය කරනු ලැබේ නුයි මග්ග නම් වේ. නොඇලීම් අර්ථයෙන් ද ආශ්වාද රහිත අර්ථයෙන් ද නිරය නම් වේ. උඩට ගොස් හරහට ඇදේනුයි තිරච්ඡාන නම් වේ. ඉවත් වූ බැවින් පෙත්ති නම් වේ. මෙයින් පරලොව ගිය බව යන අර්ථයයි. පෙත්තියම පෙත්තිවිසය නම් වේ. සුර නොවෙත්. නොබබළත්, නොහොබිත් යන අර්ථයෙන් අසුර නම් වේ. අසුරයෝ ම අසුරයොනි නම් වෙත්. දිව්‍යමය රූපයන්ගෙන් මනා වූ අග් ඇත්තේනුයි සග්ග නම් වේ. මනස උසස් බැවින් මනුස්සා නමි. වාණ යනුවෙන් තණ්හාව කියනු ලැබේ. එය එහි නැතැයි නිබ්බාණ නම් වේ. නිරයට යේනුයි නිරයගාමී නමි. සෙසු පදයෙහි ද මේ ක්‍රමයමැයි. අසුරයොනියො යනු අසුර යෝනියට හිත වූයේ යනුයි. අසුර ජාතියෙහි උපදින්නෙක් යන අර්ථයයි. ස්වර්ගයට පමුණුවානුයි සග්ගගාමියො නම් වේ. මනුස්සගාමී යනු මනුෂ්‍ය ලෝකයට යන්නාය. පටිසංඛා නිරොධො යනු නුවණින් බලා කෙරෙන ප්‍රතිපක්‍ෂ භාවනාවේ නිරෝධයයි. ප්‍රතිපක්‍ෂ දෙයෙහි හෝ එසේ නොපැවති දෙයෙහි හෝ ඉපදීමට සුදුසු දෙයෙහි ප්‍රතිපක්‍ෂ පැවැත්මේ නූපදවීමයි. අප්පටිසංඛා නිරොධො යනු සංඛත ධර්මයන්ගේ ස්වකීය නිරෝධයයි. ක්‍ෂණික නිරෝධය යන අර්ථයයි.

රූපන‍්ති එකත‍්තතා. භූතානං උපාදායාති වෙමත‍්තතා. උපාදාරූපන‍්ති එකත‍්තතා. චක‍්ඛායතනං…පෙ… කබළීකාරො ආහාරොති වෙමත‍්තතා. තථා භූතරූපන‍්ති එකත‍්තතා. පථවීධාතු …පෙ… වායොධාතූති වෙමත‍්තතා. පථවීධාතූති එකත‍්තතා. වීසති ආකාරා වෙමත‍්තතා. ආපොධාතූති එකත‍්තතා. ද‍්වාදස ආකාරා වෙමත‍්තතා. තෙජොධාතූති එකත‍්තතා. චත‍්තාරො ආකාරා වෙමත‍්තතා. වායොධාතූති එකත‍්තතා. ඡ ආකාරා වෙමත‍්තතාති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො “ද‍්වීහි ආකාරෙහි ධාතුයො පරිග‍්ගණ‍්හාතී”තිආදිමාහ.

රූපං යනු ඒකත්වයයි. භූතානං උපාදාය යනු විවිධත්වයයි. උපාදාය රූපං යනු ඒකත්වයයි. චක්ඛායතනං -පෙ- කබලීකාරො ආහාරො යනු විවිධත්වයයි. පඨවි ධාතු යනු ඒකත්වයයි. විසි ආකාරය විවිධත්වයයි. ආපෝධාතු යනු ඒකත්වයයි. දොළොස් ආකාරය විවිධත්වයයි. තේජෝ ධාතු යනු ඒකත්වයයි. සතර ආකාරය විවිධත්වයයි. වායෝ ධාතු යනු ඒකත්වයයි. සය ආකාරය විවිධත්වයයි යනුවෙන් මේ අර්ථය දක්වමින් ද්වීහි ආකාරෙහි ධාතුයො පරිග්ගණ්හාති යනාදිය කීවේය.

තත්‍ථ කෙසාති කෙසා නාම උපාදින‍්නකසරීරට‍්ඨකා කක‍්ඛළලක‍්ඛණා ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො පථවීධාතුකොට‍්ඨාසො. ලොමා නාම…පෙ… මත්‍ථලුඞ‍්ගං නාම සරීරට‍්ඨකං කක‍්ඛළලක‍්ඛණං ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසොති අයං වෙමත‍්තතා. ආපොධාතූතිආදිකොට‍්ඨාසෙසු පිත‍්තාදීසු එසෙව නයො. අයං පන විසෙසො – යෙන චාති යෙන තෙජොධාතුනා කුපිතෙන. සන‍්තප‍්පතීති අයං කායො සන‍්තප‍්පති එකාහිකජරාදිභාවෙන උසුමජාතො හොති. යෙන ච ජීරීයතීති යෙන අයං කායො ජරීයති. ඉන්‍ද්‍රියවෙකල‍්ලතං බලක‍්ඛයං වලිත‍්තචපලිතාදිඤ‍්ච පාපුණාති. යෙන ච පරිඩය‍්හතීති යෙන කුපිතෙන අයං කායො ඩය‍්හති, සො ච පුග‍්ගලො “ඩය‍්හාමි ඩය‍්හාමී”ති කන්‍දන‍්තො සතධොතසප‍්පිගොසීතචන්‍දනාදිලෙපනං තාලවණ‍්ටවාතඤ‍්ච පච‍්චාසීසති. යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡතීති අසිතං වා ඔදනාදි, පීතං වා පානකාදි, ඛායිතං වා පිට‍්ඨඛජ‍්ජකාදි, සායිතං වා අම‍්බපක‍්කමධුඵාණිතාදි සම‍්මා පරිපාකං ගච‍්ඡති, රසාදිභාවෙන විවෙකං ගච‍්ඡතීති අත්‍ථො. එත්‍ථ ච පුරිමා තයො තෙජොධාතූ චතුසමුට‍්ඨානා. පච‍්ඡිමො කම‍්මසමුට‍්ඨානොව.

එහි කෙසා යන තැන කෙස් නම් අල්ලා ගන්නා ලද ශරීරයෙහි ඇති කර්කශ ලක්‍ෂණයයි. මේ ශරීරයෙහි වෙන් වෙන් වූ පඨවි ධාතු කොටසයි. ලොමා නම් -පෙ- මත්‍ථලුංගං නම් ශරීරස්ථ කර්කශ ලක්‍ෂණයයි. මේ ශරීරයෙහි වෙන් වෙන් වූ කොටසක් යන මෙය විවිධත්වයයි. ආපො ධාතු ආදි කොටස්වල ද පිත්තාදියෙහි ද මේ ක්‍රමයමය. මේ විශේෂයයි. යෙන ච යනු කුපිත වූ යම් තේජෝ ධාතුවකින් යනුයි. සන්තප්පති යනු මේ කය තැවෙයි. එක දවසකට අයත් වූ ජරා ආදී ස්වභාවයෙන් උණුසුම් වූයේ වේ. යෙන ච ජීරති යනු මේ ශරීරය යමකින් දිරනු ලැබේ ද යනුයි. ඉන්‍ද්‍රිය විකලත්වයට බලරහිත බවට හම රැලි වැටීමට කෙස් ඉදීමට ද පැමිණෙයි. යෙන ච පරිඩය්හති යනු කිපුණු යමකින් මේ කය දැවේ ද යනුයි. ඒ පුද්ගලයා ද දැවෙමි දැවෙමි යි අඬමින් සියවරක් සෝදන ලද ගිතෙල් රන්වන් සඳුන්, සඳුන් ආදී තැවරීම් ද විජිනිපත් පවන ද පතයි. යෙන ච අසිතපීතඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති යනු බත් ආදී කන ලද දේ හෝ පාන ආදි බොන ලද දේ හෝ පිටිකැවිලි ආදි කඩා කන ලද දේ හෝ ඉදුණු අඹ, මීපැණි ආදි දිවින් රසවිඳින ලද දේ හෝ මනාව දිරවයි. රස ආදී ස්වභාවයෙන් විවේකයට පැමිණේ යන අර්ථයයි. මෙහිදී ද පළමු තුන තේජෝ ධාතුවයි. පසුව වූ සතර සමුට්ඨාන කර්ම සමුට්ඨාන ම ය.

උද‍්ධඞ‍්ගමා වාතාති උග‍්ගාරහික‍්කාරාදිපවත‍්තකා උද‍්ධං ආරොහනවාතා. අධොගමා වාතාති උච‍්චාරපස‍්සාවාදිනීහරණකා අධො ඔරොහනවාතා. කුච‍්ඡිසයා වාතාති අන‍්තානං බහිවාතා. කොට‍්ඨාසයා වාතාති අන‍්තානං අන‍්තොවාතා. අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතාති ධමනිජාලානුසාරෙන සකලසරීරෙ අඞ‍්ගමඞ‍්ගානි අනුසටා සමිඤ‍්ජනපසාරණාදිනිබ‍්බත‍්තකා වාතා. අස‍්සාසොති අන‍්තොපවිසනනාසිකවාතො. පස‍්සාසොති බහිනික‍්ඛමනනාසිකවාතො. එත්‍ථ ච පුරිමා සබ‍්බෙ චතුසමුට‍්ඨානා. අස‍්සාසපස‍්සාසා චිත‍්තසමුට‍්ඨානා එව. එවං වෙමත‍්තතාදස‍්සනවසෙන විභාගෙන උදාහටා චතස‍්සො ධාතුයො පටික‍්කූලමනසිකාරවසෙන උපසංහරන‍්තො “ඉමෙහි ද‍්වාචත‍්තාලීසාය ආකාරෙහී”තිආදිමාහ. තත්‍ථ න ගය‍්හූපගන‍්ති න ගහණයොග‍්ගං. සභාවභාවතොති සභාවලක‍්ඛණතො.

උද්ධංගමා වාතා යනු උගුරට ඒම, ඉක්කා වැටීම ආදියේ පැවති උඩට නැගෙන වායුවයි. අධොගමා වාතා යනු මළමුත්‍ර කිරීම් ආදියේදී බැහැර යන පහතට බසින වායුවයි. කුච්ඡිස්සා වාතා යනු අන්ත්‍රවලින් බැහැර ඇති වායුවයි. කොට්ඨාසයා වාතා යනු අන්ත්‍ර ඇතුළත ඇති වායුවයි. අංගමංගානුසාරිනො වාතා යනු ධමනි ජාලාවන් අනුසාරයෙන් සියලු ශරීරයේ අඟපසඟෙහි විසුරුවන ලද හැකිලීම් දිගහැරීම් ආදියෙන් ඇතිවන වායුවයි. අස්සාසො යනු ඇතුලට පිවිසෙන නාසික වාතයයි. පස්සාසො යනු පිටතට නික්මෙන නාසික වාතයයි. මෙහිදී ද පළමුව දැක්වූ චතු සමුට්ඨාන වේ. ආශ්වාස ප්‍රශ්වාස, චිත්ත සමුට්ඨානමය. මෙසේ විවිධත්වය දැක්වීම් වශයෙන් විභාග ලෙසින් ගෙනහැර දක්වන ලදි. ධාතු සතර පටික්කූල මනසිකාර වශයෙන් ගෙනහැර පානුයේ ඉමෙහි ද්වාචත්තාළීසාය ආකාරෙහි යි කියන ලදි. එහි න ගය්හූපගං යනු ගැනීමට නුසුදුසු යනුයි. සභාවභාවතො යනු ස්වභාව ලක්‍ෂණයෙනි.

එවං පටික‍්කූලමනසිකාරං දස‍්සෙත්‍වා පුන තත්‍ථ සම‍්මසනචාරං පාළිවසෙනෙව දස‍්සෙතුං “තෙනාහ භගවා යා චෙව ඛො පනා”තිආදිමාහ. තං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යං.

මෙසේ පටික්කූල මනසිකාරය දක්වා නැවත විමසීම් වාරය පාළි වශයෙන්ම දක්වන්නට තෙනාහ භගවා යා චෙව ඛො පන යනාදිය කියන ලදි. ඒ සියල්ල මනාව දතයුතුය.

එවං සච‍්චමග‍්ගරූපධම‍්මවසෙන අධිට‍්ඨානහාරං දස‍්සෙත්‍වා ඉදානි අවිජ‍්ජාවිජ‍්ජාදීනම‍්පි වසෙන තං දස‍්සෙතුං “අවිජ‍්ජාති එකත‍්තතා”තිආදි වුත‍්තං. තත්‍ථ “දුක‍්ඛෙ අඤ‍්ඤාණ”න‍්තිආදීසු යස‍්මා අවිජ‍්ජා දුක‍්ඛසච‍්චස‍්ස යාථාවසරසලක‍්ඛණං ජානිතුං පටිවිජ‍්ඣිතුං න දෙති ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා තිට‍්ඨති, තස‍්මා “දුක‍්ඛෙ අඤ‍්ඤාණ”න‍්ති වුච‍්චති. තථා යස‍්මා දුක‍්ඛසමුදයස‍්ස දුක‍්ඛනිරොධස‍්ස දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය යාථාවසරසලක‍්ඛණං ජානිතුං පටිවිජ‍්ඣිතුං න දෙති ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා තිට‍්ඨති, තස‍්මා “දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණ”න‍්ති වුච‍්චති. පුබ‍්බන‍්තො අතීතද‍්ධභූතා ඛන්‍ධායතනධාතුයො. අපරන‍්තො අනාගතද‍්ධභූතා. පුබ‍්බන‍්තාපරන‍්තො තදුභයං. ඉදප‍්පච‍්චයතා සඞ‍්ඛාරාදීනං කාරණානි අවිජ‍්ජාදීනි. පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා අවිජ‍්ජාදීහි නිබ‍්බත‍්තා සඞ‍්ඛාරාදිධම‍්මා.

මෙසේ සත්‍ය මාර්ගයේ ස්වරූපය ලෙසින් අධිට්ඨාන හාරය දක්වා දැන් අවිද්‍යා, විද්‍යා ආදී වශයෙන් එය දක්වන්නට අවිජ්ජාති එකත්තතා යනාදිය කියන ලදි. එහි දුක්ඛෙ අඤ්ඤාණං යනාදියෙහි යම්හෙයකින් අවිද්‍යාව දුක්ඛ සත්‍යයේ අවකාශ ඇති පරිදි සලක්‍ෂණය දැනගන්නට, අවබෝධ කරගන්නට නොදෙයි ද වසා, ආවරණය කොට සිටියි ද එහෙයින් දුක්ඛෙ අඤ්ඤාණං යයි කියනු ලැබේ. එසේම, යම්හෙයකින් දුක්ඛ සමුදය සත්‍යයේ, දුක්ඛ නිරෝධ සත්‍යයේ, දුක්ඛනිරෝධගාමිනි පටිපදා සත්‍යයේ යථාවසර සලක්‍ෂණය දැනගන්නට අවබෝධ කරගන්නට නොදෙයි ද වසාගෙන, ආවරණය කොටගෙන සිටී ද එහෙයින් දුක්ඛ නිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං යි කියනු ලැබේ. අතීත කාලයෙහි වූ ස්කන්ධ ආයතන ධාතු ආදීහු අතීත පටන්ගැන්මෙන් යුක්ත වෙති. අනාගත කාලයෙහි වූ දේ අනාගත කෙළවරින් යුතු වෙත්. ඒ දෙකෙහිම වූ දේ පූර්වාන්ත හා අපරාන්ත වෙති. සංස්කාරාදීන්ට හේතු වූ අවිද්‍යාදිය ප්‍රත්‍ය පිළිබඳ ස්වරූපයෙන් යුතුය. අවිද්‍යාදියෙන් ඇති වූ බැවින් සංස්කාර ආදී ධර්ම පටිච්චසමුප්පන්න වෙති.

තත්‍ථායං අවිජ‍්ජා යස‍්මා අතීතානං ඛන්‍ධාදීනං යාව පටිච‍්චසමුප‍්පන‍්නානං ධම‍්මානං යාථාවසරසලක‍්ඛණං ජානිතුං පටිවිජ‍්ඣිතුං න දෙති ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා තිට‍්ඨති, තස‍්මා “පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං යාව පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණ”න‍්ති වුච‍්චති, එවායං අවිජ‍්ජා කිච‍්චතො ජාතිතොපි කථිතා. අයඤ‍්හි ඉමානි අට‍්ඨ ඨානානි ජානිතුං පටිවිජ‍්ඣිතුං න දෙතීති කිච‍්චතො කථිතා. උප‍්පජ‍්ජමානාපි ඉමෙසු අට‍්ඨසු ඨානෙසු උප‍්පජ‍්ජතීති ජාතිතො කථිතා. එවං කිච‍්චතො ජාතිතො ච කථිතාපි ලක‍්ඛණතො කථිතෙ එව සුකථිතා හොතීති ලක‍්ඛණතො දස‍්සෙතුං “අඤ‍්ඤාණ”න‍්තිආදි වුත‍්තං.

එහිදී මේ අවිද්‍යාව යම් හෙයකින් අතීතයේ වූ ස්කන්ධ ආදීන්ට පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ යථාවසර ලක්‍ෂණය දැනගන්නට, අවබෝධ කරගන්නට නොදේ ද වසාදමා, ආවරණය කොටගෙන සිටී ද, එහෙයින් පුබ්බන්තෙ අඤ්ඤාණං යාව පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං යි කියනු ලැබේ. මේ අවිද්‍යාව කෘත්‍ය වශයෙන් ද ජාති වශයෙන් ද කියන ලදමය. මෙය වනාහි මේ අට තැන දැනගන්නට අවබෝධ කරගන්නට නොදේයැයි කෘත්‍ය වශයෙන් කියන ලදි. ඉපදෙන්නාහු මේ අටතැන්හි උපදී යයි ජාති වශයෙන් කියන ලදි. මෙසේ කෘත්‍ය වශයෙන් ද ජාති වශයෙන් ද කියන ලද්දේ නමුත් ලක්‍ෂණ වශයෙන් කියන ලද කල්හිම මනාව කියන ලද්දේ වනැයි ලක්‍ෂණ වශයෙන් දක්වන්නට අඤ්ඤාණං යනාදිය කියන ලදි.

තත්‍ථ ඤාණං අත්‍ථානත්‍ථං කාරණාකාරණං චතුසච‍්චධම‍්මං විදිතං පාකටං කරොති. අයං පන අවිජ‍්ජා උප‍්පජ‍්ජිත්‍වා තං විදිතං පාකටං කාතුං න දෙතීති ඤාණපච‍්චනීකතො අඤ‍්ඤාණං. දස‍්සනන‍්තිපි පඤ‍්ඤා, සා හි තං ආකාරං පස‍්සති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා පස‍්සිතුං න දෙතීති අදස‍්සනං. අභිසමයොතිපි පඤ‍්ඤා, සා තං ආකාරං අභිසමෙති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං අභිසමෙතුං න දෙතීති අනභිසමයො. අනුබොධො සම‍්බොධො පටිවෙධොතිපි පඤ‍්ඤා, සා තං ආකාරං අනුබුජ‍්ඣති සම‍්බුජ‍්ඣති පටිවිජ‍්ඣති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං අනුබුජ‍්ඣිතුං සම‍්බුජ‍්ඣිතුං පටිවිජ‍්ඣිතුං න දෙතීති අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො. තථා සල‍්ලක‍්ඛණං උපලක‍්ඛණං පච‍්චුපලක‍්ඛණං සමපෙක‍්ඛණන‍්තිපි පඤ‍්ඤා, සා තං ආකාරං සල‍්ලක‍්ඛති උපලක‍්ඛති පච‍්චුපලක‍්ඛති සමං සම‍්මා ච අපෙක‍්ඛති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තස‍්ස තථා කාතුං න දෙතීති අසල‍්ලක‍්ඛණං අනුපලක‍්ඛණං අපච‍්චුපලක‍්ඛණං අසමපෙක‍්ඛණන‍්ති ච වුච‍්චති.

එහි ඤාණය අර්ථ අනර්ථ කාරණ අකාරණ චතුසත්‍ය ධර්මය දන්නා ලද්දේ ප්‍රකට කෙරෙයි. මේ අවිද්‍යාව ඉපිද එය දත්තේ ප්‍රකට කිරීමට නොදේනුයි ඤාණයට විරුද්ධ වූයේ අඤ්ඤාණ නම් වේ. දකින්නේ නුයි පඤ්ඤා නම් වේ. ඒ ප්‍රඥාව ඒ ආකාරය දකියි. අවිද්‍යාව ඉපිද දක්නට නොදේනුයි අදස්සන නම් වේ. අවබෝධය ද පඤ්ඤා නම් වේ. එය ඒ ආකාරය අවබෝධ කෙරෙයි. අවිද්‍යාව ඇති වී එය අවබෝධ කරන්නට නොදේනුයි අනභිසමයො නමි. අනුබෝධය, සම්බෝධය, පටිවෙධය ද පඤ්ඤා නම් වේ. එය ඒ ආකාරය අවබෝධ කෙරේ. මනාව අවබෝධ කරයි. සම්පූර්ණයෙන් දැනගනී. අවිද්‍යා ඇති වී අවබෝධ කරන්නට මනාව අවබෝධ කරන්නට, සපුරා දැනගැනීමට නොදේ නුයි අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො නම් වේ. එසේම සල්ලක්ඛණය, උපලක්ඛණය, පච්චුපලක්ඛණය, සමපෙක්ඛණය ද පඤ්ඤා නම් වේ. එය ඒ ආකාරය සලකා බලයි. වෙනස සලකා බලයි. සපුරා සලකා බලයි. මනාව සලකා බලයි. සම හෝ මනාව බලනු ලබයි. අවිද්‍යාව ඉපිද ඊට එසේ කරන්නට නොදේ නුයි අසල්ලක්ඛණං අනුපලක්ඛණං, අපච්චුපලක්ඛණං, අසමපෙක්ඛණං යි ද කියනු ලැබේ.

නාස‍්ස කිඤ‍්චි පච‍්චක‍්ඛකම‍්මං අත්‍ථි, සයඤ‍්ච අප‍්පච‍්චවෙක‍්ඛිත්‍වා කතකම‍්මන‍්ති අප‍්පච‍්චක‍්ඛකම‍්මං. දුම‍්මෙධානං භාවො දුම‍්මෙජ‍්ඣං. බාලානං භාවො බාල්‍යං. සම‍්පජඤ‍්ඤන‍්ති පඤ‍්ඤා, සා අත්‍ථානත්‍ථං කාරණාකාරණං චතුසච‍්චධම‍්මං සම‍්පජානාති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං කාරණං පජානිතුං න දෙතීති අසම‍්පජඤ‍්ඤං. මොහනවසෙන මොහො. පමොහනවසෙන පමොහො. සම‍්මොහනවසෙන සම‍්මොහො. අවින්‍දියං වින්‍දති, වින්‍දියං න වින්‍දතීති අවිජ‍්ජා. වට‍්ටස‍්මිං ඔහනති ඔතරතීති අවිජ‍්ජොඝො. වට‍්ටස‍්මිං යොජෙතීති අවිජ‍්ජායොගො. අප‍්පහීනට‍්ඨෙන චෙව පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො ච අවිජ‍්ජානුසයො. මග‍්ගෙ පරියුට‍්ඨිතචොරා විය අද‍්ධිකෙ කුසලචිත‍්තං පරියුට‍්ඨාති විලුප‍්පතීති අවිජ‍්ජාපරියුට‍්ඨානං. යථා නගරද‍්වාරෙ පලිඝසඞ‍්ඛාතාය ලඞ‍්ගියා පතිතාය මනුස‍්සානං නගරප‍්පවෙසො පච‍්ඡිජ‍්ජති, එවමෙව යස‍්ස සක‍්කායනගරෙ අයං පතිතා, තස‍්ස නිබ‍්බානසම‍්පාපකං ඤාණගමනං පච‍්ඡිජ‍්ජතීති අවිජ‍්ජාලඞ‍්ගී නාම හොති. අකුසලඤ‍්ච තං මූලඤ‍්ච, අකුසලානං වා මූලන‍්ති අකුසලමූලං. තං පන න අඤ‍්ඤං, ඉධාධිප‍්පෙතො මොහොති මොහො අකුසලමූලන‍්ති අයං එකපදිකො අවිජ‍්ජාය අත්‍ථුද‍්ධාරො. අයං වෙමත‍්තතාති අයං අවිජ‍්ජාය වෙමත‍්තතා.

මෙයට ප්‍රතිපක්‍ෂ වූ කිසිදු කර්මයක් නැත. තමා ද නොසිතා කළ කර්මයකැයි අපච්චක්ඛකම්ම නම් වේ. අඥානයන්ගේ ස්වභාවය දුම්මෙජ්ඣ නමි. මෝඩයන්ගේ ස්වභාවය බාල්‍යං නම් වේ. සම්ප්‍රජන්‍යය ද පඤ්ඤා නම් වේ. ඒ ප්‍රඥාව අර්ථ අනර්ථ, කාරණ අකාරණ, චතුසත්‍ය ධර්මය විමසා දනී. අවිද්‍යාව ඉපිද ඒ කාරණය දැනගන්නට නොදේනුයි අසම්පජඤ්ඤ නම් වේ. මුළා කිරීම් වශයෙන් මොහ නම් වේ. වඩාත් මුළාකිරීම් වශයෙන් පමොහ නම් වේ. සම්මොහ වශයෙන් සම්මොහො නම් වේ. නොවිඳිය යුතු දේ විඳියි. විඳිය යුතු දේ නොවිඳීනුයි අවිජ්ජා නම් වේ. සසර ඇතිකරයි. ඊට බස්වයි යන අර්ථයෙන් අවිජ්ජොඝ නමි. සසරෙහි යොදවානුයි අවිජ්ජායොග නමි. අප්‍රහීණ අර්ථයෙන් ද නැවත නැවත යෙදීමෙන් ද අවිජ්ජනුසය නම් වේ. මග නැගී සිටි සොරු මගියන් පැහැර හරින්නා සේ කුසල් සිත් නැගිටුවයි. පැහැර ගනීනුයි අවිජ්ජා පරියුට්ඨාන නමි. යම්සේ නුවර දොර පලිඝ සංඛ්‍යාත දොරට දමන හරස් පොල්ල වැටුණු විට මිනිසුන්ගේ නගර ප්‍රවේශය සිඳී යයි ද මෙසේ යම් තැනැත්තකුගේ සිය සිරුර නමැති නගරයෙහි වැටුණු මේ අවිද්‍යාව ඔහුගේ නිර්වාණ සම්ප්‍රාපක (පමුණුවන) ඤාණලාභය සිඳ දමානුයි අවිජ්ජාලංඝී නම් වෙයි. අකුසල් වූයේ ද එයමය. මූලය වූයේ ද ඒමය. නැතහොත් අකුසලයන්ගේ මූලය අකුසල මූල නම් වේ. මෙහි මෝහය යනුවෙන් වෙනත් කිසිවක් අදහස් නොකරන ලදී. මොහො අකුසල මූලං යන මේ පදය අවිද්‍යාවේ, අර්ථ උපුටා ගැනීමකි. අය වෙමත්තතා යනු මෙය අවිද්‍යාවේ විවිධත්වය යනුයි.

විජ‍්ජාති වින්‍දියං වින්‍දතීති විජ‍්ජා, විජ‍්ඣනට‍්ඨෙන විජ‍්ජා, විදිතකරණට‍්ඨෙන විජ‍්ජා. “දුක‍්ඛෙ ඤාණ”න‍්තිආදීසු දුක‍්ඛසච‍්චස‍්ස යාථාවසරසලක‍්ඛණං ජානාති පස‍්සති පටිවිජ‍්ඣතීති දුක‍්ඛෙ අරියසච‍්චෙ විසයභූතෙ ඤාණං “දුක‍්ඛෙ ඤාණ”න‍්ති වුත‍්තං. එස නයො සෙසෙසුපි. පඤ‍්ඤාති තස‍්ස තස‍්ස අත්‍ථස‍්ස පාකටකරණසඞ‍්ඛාතෙන පඤ‍්ඤාපනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන තෙන වා අනිච‍්චාදිනා පකාරෙන ධම‍්මෙ ජානාතීති පඤ‍්ඤා. පජානනාකාරො පජානනා. අනිච‍්චාදීනි විචිනතීති විචයො. පකාරෙහි විචිනතීති පවිචයො. චතුසච‍්චධම‍්මෙ විචිනතීති ධම‍්මවිචයො. අනිච‍්චාදීනං සල‍්ලක‍්ඛණවසෙන සල‍්ලක‍්ඛණා. තෙසංයෙව පති පති උපලක‍්ඛණවසෙන පච‍්චුපලක‍්ඛණා. පණ‍්ඩිතභාවො පණ‍්ඩිච‍්චං. කුසලභාවො කොසල‍්ලං. නිපුණභාවො නෙපුඤ‍්ඤං. අනිච‍්චාදීනං විභාවනවසෙන වෙභබ්‍යා. තෙසංයෙව චින‍්තනවසෙන චින‍්තා. අනිච‍්චාදීනි උපපරික‍්ඛතීති උපපරික‍්ඛා. භූරීති පථවියා නාමං, අයම‍්පි සණ‍්හට‍්ඨෙන විත්‍ථතට‍්ඨෙන ච භූරී වියාති භූරී. තෙන වුත‍්තං – “භූරී වුච‍්චති පථවී, තාය පථවිසමාය විත්‍ථතාය පඤ‍්ඤාය සමන‍්නාගතොති භූරිපඤ‍්ඤො”ති (මහානි· 27). අපි ච භූරීති පඤ‍්ඤායෙවෙතං අධිවචනං. භූතෙ අත්‍ථෙ රමතීති භූරී.

විජ්ජා යන තැන විඳිය යුතු දේ විඳීනුයි විජ්ජා නම්වේ. පැවතීම් අර්ථයෙන් විජ්ජා නම් වේ. දුක්ඛෙ ඤාණං යන ආදියෙහි දුක්ඛ සත්‍යයේ යථාවසර ලක්‍ෂණය දනියි. දකියි. අවබෝධ කරයි යන අර්ථයෙන් දුක්ඛ ආර්ය සත්‍යයෙහි විෂය වූ ඤාණය දුක්ඛෙ ඤාණං යැයි කියන ලදි. සෙසු ඤාණවලදී ද මේ ක්‍රමයමය. පඤ්ඤා යනු ඒ ඒ අර්ථය ප්‍රකට කිරීම් සංඛ්‍යාත පැනවීම් අර්ථයෙන් පඤ්ඤා නම් වේ යනුයි. නැතහොත් ඒ ඒ අනිත්‍යාදි ප්‍රකාරයෙන් ධර්මයන් දන්නේනුයි පඤ්ඤා නම් වේ. දන්නා ස්වභාවය පජානනා නම් වේ. අනිත්‍යාදිය විමසානුයි විචය නම් වේ. ප්‍රකාරයන්ගෙන් විමසානුයි පවිචයො නම් වේ. චතු සත්‍ය ධර්මයන් විමසානුයි ධම්මවිචය නම් වේ. අනිත්‍යාදිය සලකා බැලීම් වශයෙන් වූයේ සල්ලක්ඛණ යයි. ඒවාම කෙරෙහි උපලක්‍ෂණ වශයෙන් සලකා බැලීම පච්චුපලක්ඛණ යයි. පණ්ඩිත ස්වභාවය පණ්ඩිච්ච නමි. දක්‍ෂ ස්වභාවය කොසල්ල නමි. නිපුණ ස්වභාවය නෙපුඤ්ඤ නමි. අනිත්‍යාදිය පැහැදිලි කිරීම් වශයෙන් වෙභව්‍ය නම් වේ. ඒවා පිළිබඳ සිතීම් වශයෙන් කටයුතු කිරීම චින්තා නම් වේ. අනිත්‍යාදිය පරීක්‍ෂා කෙරේනුයි උපපරික්ඛා නම් වේ. භූරි යනු පොළවට නමකි. මෙයද ප්‍රියාර්ථයෙන් හා විස්තෘතාර්ථයෙන් පොළව මෙන් යන අර්ථයෙන් භූරි නම් වේ. එහෙයින් කියන ලදී. ‘භූරි යනුවෙන් පොළව කියනු ලැබේ. ඒ පොළව හා සමාන විස්තෘත වූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ නුයි භූරිපඤ්ඤ නම් වේ යනුවෙනි. තවද භූරි යන මෙය ප්‍රඥාවටම වෙනත් නමකි. සත්‍ය වූ අර්ථවල ඇලේනුයි භූරි නම් වේ.

කිලෙසෙ මෙධති හිංසතීති මෙධා, ඛිප‍්පං ගහණධාරණට‍්ඨෙන වා මෙධා. යස‍්සුප‍්පජ‍්ජති, තං සත‍්තං හිතපටිපත‍්තියං සම‍්පයුත‍්තං වා යාථාවලක‍්ඛණපටිවෙධෙ පරිණෙතීති පරිණායිකා. අනිච‍්චාදිවසෙන ධම‍්මෙ විපස‍්සතීති විපස‍්සනා. සම‍්මා පකාරෙහි අනිච‍්චාදීනි ජානාතීති සම‍්පජඤ‍්ඤං. උප‍්පථපටිපන‍්නෙ සින්‍ධවෙ වීථිආරොපනත්‍ථං පතොදො විය උප‍්පථෙ ධාවනකූටචිත‍්තං වීථිආරොපනත්‍ථං විජ‍්ඣතීති පතොදො වියාති පතොදො. දස‍්සනලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨං කාරෙතීති ඉන්‍ද්‍රියං, පඤ‍්ඤාසඞ‍්ඛාතං ඉන්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. අවිජ‍්ජාය න කම‍්පතීති පඤ‍්ඤාබලං. කිලෙසච‍්ඡෙදනට‍්ඨෙන පඤ‍්ඤාව සත්‍ථං පඤ‍්ඤාසත්‍ථං. අච‍්චුග‍්ගතට‍්ඨෙන පඤ‍්ඤාව පාසාදො පඤ‍්ඤාපාසාදො. ආලොකනට‍්ඨෙන පඤ‍්ඤාව ආලොකො පඤ‍්ඤාආලොකො.

ක්ලේශයින් පෙළයි හිංසා කරයි යන අර්ථයෙන් මෙධා නම් වේ. වහා ග්‍රහණය කිරීම් ධාරණය කිරීම් අර්ථයෙන් හෝ මෙධා නම් වේ. යමෙකු තුළ උපදී ද ඒ සත්ත්වයා හිත ප්‍රතිපත්තියෙහි යොදනුයේ හෝ සුදුසු ලක්‍ෂණයන් අවබෝධ කරගැනීමෙහි පමුණුවා නුයි පරිනායිකා නම් වේ. අනිත්‍යාදි වශයෙන් ධර්මයන් දකීනුයි විපස්සනා නම් වේ. මනා ආකාරයන්ගෙන් අනිත්‍යාදිය දනීනුයි සම්පජඤ්ඤ නම් වේ. නොමගට පිළිපන් අශ්වයන් වීථියට නැංවීම පිණිස කෙවිටක් මෙනැයි පතොද නම් වේ. දැකීම් ලක්‍ෂණයෙහි අධිපතිත්වය ඇති කෙරේනුයි ඉන්‍ද්‍රිය නම් වේ. ප්‍රඥා සංඛ්‍යාත ඉන්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රියයි. අවිද්‍යාවෙන් කම්පා නොවේනුයි පඤ්ඤාබල නමි. කෙලෙස් සිඳින අර්ථයෙන් ප්‍රඥාවට ආයුධයක් වුයේ පඤ්ඤාසත්‍ථ නමි. ඉතා උස් වූ අර්ථයෙන් ප්‍රඥාවම ප්‍රාසාදයක් වූයේ පඤ්ඤාපාසාද නමි. ආලෝකාර්ථයෙන් ප්‍රඥාවම ආලෝකයක් වූයේ පඤ්ඤාලෝක නමි.

ඔභාසනට‍්ඨෙන පඤ‍්ඤාව ඔභාසො පඤ‍්ඤාඔභාසො. පජ‍්ජොතනට‍්ඨෙන පඤ‍්ඤාව පජ‍්ජොතො පඤ‍්ඤාපජ‍්ජොතො. රතිකරණට‍්ඨෙන රතිදායකට‍්ඨෙන රතිජනකට‍්ඨෙන චිත‍්තීකතට‍්ඨෙන දුල‍්ලභපාතුභාවට‍්ඨෙන අතුලට‍්ඨෙන අනොමසත‍්තපරිභොගට‍්ඨෙන ච පඤ‍්ඤාව රතනං පඤ‍්ඤාරතනං. න තෙන සත‍්තා මුය‍්හන‍්ති, සයං වා ආරම‍්මණෙ න මුය‍්හතීති අමොහො. ධම‍්මවිචයපදං වුත‍්තත්‍ථමෙව. කස‍්මා පනෙතං පුන වුත‍්තන‍්ති? අමොහස‍්ස මොහපටිපක‍්ඛභාවදීපනත්‍ථං. තෙනෙතං දීපෙති – ය‍්වායං අමොහො, සො න කෙවලං මොහතො අඤ‍්ඤො ධම‍්මො, මොහස‍්ස පටිපක‍්ඛො ධම‍්මවිචයසඞ‍්ඛාතො අමොහොව ඉධාධිප‍්පෙතොති. සම‍්මාදිට‍්ඨීති යාථාවනිය්‍යානිකකුසලදිට‍්ඨි. ධම‍්මවිචයසඞ‍්ඛාතො පසත්‍ථො සුන්‍දරො වා බොජ‍්ඣඞ‍්ගොති ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො. මග‍්ගඞ‍්ගන‍්ති අරියමග‍්ගස‍්ස අඞ‍්ගං කාරණන‍්ති මග‍්ගඞ‍්ගං. අරියමග‍්ගස‍්ස අන‍්තොගධත‍්තා මග‍්ගපරියාපන‍්නන‍්ති.

බැබළීම් අර්ථයෙන් ප්‍රඥාවම බැබලීමක් වූයේ පඤ්ඤාඔභාස නමි. දිලිසීම් අර්ථයෙන් ප්‍රඥාවම දිලිසීමක් වූයේ පඤ්ඤා පජ්ජොත නම් වේ. ඇලුම් ඇති කිරීම් අර්ථයෙන් ද රති දායකාර්ථයෙන් ද රති ජනන අර්ථයෙන් ද බුහුමන් කිරීම් අර්ථයෙන් ද දුර්ලභ දෙයක් පහළවීම් අර්ථයෙන් ද අතුල්‍ය අර්ථයෙන්ද උතුම් සත්ත්වයන් විසින් පරිභෝග කරන ලද අර්ථයෙන් ද ප්‍රඥාවම රත්නයක් වූයේ පඤ්ඤාරතන නම්වේ. එයින් සත්ත්වයෝ මුළා නොවෙත්. තමා හෝ අරමුණෙහි මුළා නොවේනුයි අමොහ නම් වේ. ධම්මවිචය පදය කියන ලද ම ය. කවර හෙයකින් නැවත කියන ලද ද? අමෝහයේ මෝහ ප්‍රතිපක්‍ෂභාවය දීපනය කිරීම සඳහාය. එයින් එය දීපනය කෙරෙයි. යම් මේ අමෝහයක් වේ ද එය හුදෙක් මෝහයෙන් අනෙකක් නොවේ. මෝහයට ප්‍රතිපක්‍ෂ වූ ධම්මවිචය සංඛ්‍යාත අමෝහයම මෙහිදී අදහස් කරන ලදි. සම්මා දිට්ඨි යනු නිවනට පමුණුවන කුසල දෘෂ්ටියයි. ධම්මවිචය සංඛ්‍යාත වූ ප්‍රශස්ත වූ සුන්දර වූ බොජ්ඣංගය ධම්මවිචය සම්බොජ්ඣංගයයි. මග්ගංගං යනු ආර්ය මාර්ගයේ අංගය කාරණය යනුයි. ආර්ය මාර්ගයට ඇතුළත් බැවින් මග්ග පරියාපන්න නම් වේ.

අසඤ‍්ඤාසමාපත‍්තීති සඤ‍්ඤාවිරාගභාවනාවසෙන පවත‍්තිතා අසඤ‍්ඤභවූපපත‍්තිනිබ‍්බත‍්තනසමාපත‍්ති. අනුප‍්පන‍්නෙ හි බුද‍්ධෙ එකච‍්චෙ තිත්‍ථායතනෙ පබ‍්බජිත්‍වා වායොකසිණෙ පරිකම‍්මං කත්‍වා චතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා ඣානා වුට‍්ඨාය සඤ‍්ඤාය දොසං පස‍්සන‍්ති, සඤ‍්ඤාය සති හත්‍ථච‍්ඡෙදාදිදුක‍්ඛඤ‍්චෙව සබ‍්බභයානි ච හොන‍්ති, “අලං ඉමාය සඤ‍්ඤාය, සඤ‍්ඤාභාවො සන‍්තො”ති එවං සඤ‍්ඤාය දොසං පස‍්සිත්‍වා සඤ‍්ඤාවිරාගවසෙන චතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා අපරිහීනජ‍්ඣානා කාලං කත්‍වා අසඤ‍්ඤීසු නිබ‍්බත‍්තන‍්ති. චිත‍්තං නෙසං චුතිචිත‍්තනිරොධෙනෙව ඉධ නිවත‍්තති, රූපක‍්ඛන්‍ධමත‍්තමෙව තත්‍ථ නිබ‍්බත‍්තති.

අසඤ්ඤ සමාපත්ති යනු සංඥා විරාග භාවනා වශයෙන් පැවති අසංඥභාවයේ උපත පහළ කරන සමාපත්තියයි. බුදුරදුන් නූපන් කල්හි එක් තීර්ථායතනයක පැවිදිව වායො කසිණයෙහි පිරිකම් කොට චතුර්ථ ධ්‍යානය උපදවා ධ්‍යානයෙන් නැගීසිට සංඥාවේ දොස් දකිත්. සංඥාව ඇතිකල්හි අත්සිඳීම් ආදී දුක් ද සියලු බිය ද ඇතිවෙත්. මේ සංඥාවෙන් වැඩක් නැත. සංඥා අභාවය ඇතැයි සංඥාවේ දොස් දැක සංඥාවේ නොඇලීම් වශයෙන් සතරවැනි ධ්‍යානය උපදවා නොපිරිහිුණු ධ්‍යානයෙන් යුතුව කලුරිය කොට අසංඥයන්හි උපදිත්. ඔවුන්ගේ සිත චුති සිත නිරුද්ධ වීමෙන්ම මෙහි නවතී. රූපස්කන්ධ මාත්‍රයම එහි පහළ වේ.

තෙ යථා නාම ජියාවෙගුක‍්ඛිත‍්තො සරො යත‍්තකො ජියාවෙගො, තත‍්තකමෙව ආකාසෙ ගච‍්ඡති, එවමෙවං ඣානවෙගුක‍්ඛිත‍්තා උපපජ‍්ජිත්‍වා යත‍්තකො ඣානවෙගො, තත‍්තකමෙව කාලං තිට‍්ඨන‍්ති. ඣානවෙගෙ පන පරික‍්ඛීණෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො අන‍්තරධායති, ඉධ පටිසන්‍ධිසඤ‍්ඤා උප‍්පජ‍්ජති, තං සන්‍ධාය වුත‍්තං – “අසඤ‍්ඤභවූපපත‍්තිනිබ‍්බත‍්තනසමාපත‍්තී”ති. විභූතසඤ‍්ඤාසමාපත‍්තීති විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්ති. සා හි පඨමාරුප‍්පවිඤ‍්ඤාණස‍්ස පඨමාරුප‍්පසඤ‍්ඤායපි විභාවනතො “විභූතසඤ‍්ඤා”ති වුච‍්චති. කෙචි “විභූතරූපසඤ‍්ඤා”ති පඨන‍්ති, තෙසං මතෙන විභූතරූපසමාපත‍්ති නාම සෙසාරුප‍්පසමාපත‍්තියො. සෙසා සමාපත‍්තියො සුවිඤ‍්ඤෙය්‍යාව.

ඒවා යම්සේ දුනුදියෙහි වේගයෙන් ඔසවන ලද ඊය, දුනුදිය වේගය යම්තාක් ද ඒතාක්ම අහසේ ගමන් කරයි. මෙසේම ධ්‍යාන වේගයෙන් ඔසවන ලද්දාහු ඉපිද ධ්‍යානවේගය යම්තාක් ද ඒතාක් කල්ම සිටිත්. ධ්‍යාන වේගය ක්‍ෂය වූ කල්හි එහිදී රූපස්කන්ධය අතුරුදන් වේ. මෙහි ප්‍රතිසන්ධි සංඥාව උපදී. ඒ සඳහා අසඤ්ඤභවූපපත්ති නිබ්බත්තන සමාපත්තියි කියන ලදි. විභූත සංඥා සමාපත්ති යනු විඤ්ඤාණඤ්චායතන සමාපත්තියයි. එය වනාහි අරූප තලයෙහි වූ පළමු විඤ්ඤාණය ද පළමු අරූපතල සංඥාව ද පැහැදිලි කරන හෙයින් විභූත සංඥා යැයි කියනු ලැබේ. කිසිවෙක් විභූත රූප සඤ්ඤා යි කියවත්. ඔවුන්ගේ මතයෙන් විභූතරූප සමාපත්ති යනු සෙසු අරූප සමාපත්තීන්ය. සෙසු සමාපත්තීන් මනාව දත හැකිමය.

නෙවසෙක‍්ඛනාසෙක‍්ඛො ඣායීති ඣානලාභී පුථුජ‍්ජනො. ආජානියො ඣායීති අරහා, සබ‍්බෙපි වා අරියපුග‍්ගලා. අස‍්සඛලුඞ‍්කො ඣායීති ඛලුඞ‍්කස‍්සසදිසො ඣායී. තථා හි ඛලුඞ‍්කො අස‍්සො දමථං න උපෙති ඉතො චිතො ච යථාරුචි ධාවති, එවමෙවං යො පුථුජ‍්ජනො අභිඤ‍්ඤාලාභී, සො අභිඤ‍්ඤා අස‍්සාදෙත්‍වා “අලමෙත‍්තාවතා, කතමෙත‍්තාවතා”ති උත‍්තරිදමථාය අපරිසක‍්කන‍්තො අභිඤ‍්ඤාචිත‍්තවසෙන ඉතො චිතො ච ධාවති පවත‍්තති, සො “අස‍්සඛලුඞ‍්කො ඣායී”ති වුත‍්තො. දිට‍්ඨුත‍්තරො ඣායීති ඣානලාභී දිට‍්ඨිගතිකො. පඤ‍්ඤුත‍්තරො ඣායීති ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ඣායී, සබ‍්බො එව වා පඤ‍්ඤාධිකො ඣායී.

නෙවසෙක්ඛො නාසෙක්ඛො ඣායි යනු ධ්‍යානලාභී පෘථග්ජනයාය. ආජානීයො ඣායි යනු රහතන් වහන්සේය. නැතහොත් සියලු ආර්ය පුද්ගලයෝය. අස්සඛලුංකොඣායි යනු අශ්ව පෝතකයෙකු හා සමාන ධ්‍යාන කරන්නා ය. යම් සේ අශ්ව පෝතකයා දමනයට නොපැමිණේ ද කැමති පරිදි එහෙ මෙහෙ දුවයි ද මෙසේම යම් පෘථග්ජනයෙක් අභිඥා ලැබුවේද ඔහු අභිඥාවන් විඳගෙන මෙපමණක් ප්‍රමාණවත් ය. එපමණක් කවරේ ද යනුවෙන් මත්තෙහි දමනය පිණිස උත්සාහ නොකරනුයේ අභිඥා සිත් ලෙසින් එහෙ මෙහෙ දුවයි. පවතී. ඒ අශ්ව පෝතකයා ඣායී යැයි කියනු ලැබේ. දිට්ඨුත්තරො ඣායි යනු ධ්‍යානලාභී දෘෂ්ටිගතිකයෙකි. පඤ්ඤුත්තරො ඣායි යනු ලක්‍ෂණයන් සමීපයෙන් බලන නිසා ඣායී නම් වේ යනුයි. සියල්ලම හෝ පඤ්ඤාධික ඣායී නමි.

සරණො සමාධීති අකුසලචිත‍්තෙකග‍්ගතා, සබ‍්බොපි වා සාසවො සමාධි. අරණො සමාධීති සබ‍්බො කුසලාබ්‍යාකතො සමාධි, ලොකුත‍්තරො එව වා. සවෙරො සමාධීති පටිඝචිත‍්තෙසු එකග‍්ගතා. අවෙරො සමාධීති මෙත‍්තාචෙතොවිමුත‍්ති. අනන‍්තරදුකෙපි එසෙව නයො. සාමිසො සමාධීති ලොකියසමාධි. සො හි අනතික‍්කන‍්තවට‍්ටාමිසලොකාමිසතාය සාමිසො. නිරාමිසො සමාධීති ලොකුත‍්තරො සමාධි. සසඞ‍්ඛාරො සමාධීති දුක‍්ඛාපටිපදො දන්‍ධාභිඤ‍්ඤො සුඛාපටිපදො ච දන්‍ධාභිඤ‍්ඤො. සො හි සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන චිත‍්තෙන පච‍්චනීකධම‍්මෙ කිච‍්ඡෙන කසිරෙන නිග‍්ගහෙත්‍වා අධිගන‍්තබ‍්බො. ඉතරො අසඞ‍්ඛාරො සමාධි. එකංසභාවිතො සමාධීති සුක‍්ඛවිපස‍්සකස‍්ස සමාධි. උභයංසභාවිතො සමාධීති සමථයානිකස‍්ස සමාධි. උභයතො භාවිතභාවනො සමාධීති කායසක‍්ඛිනො උභතොභාගවිමුත‍්තස‍්ස ච සමාධි. සො හි උභයතො භාගෙහි උභයතො භාවිතභාවනො.

සරණො සමාධි යනු අකුසල චිත්ත ඒකාග්‍රතාවයි. නැතහොත් සියලු සාශ්‍රව සමාධියයි. අරණො සමාධි යනු සියලු කුසල අව්‍යාකෘත සමාධියයි. නැතහොත් ලොකුත්තර සමාධිය ම ය. සංඛරො සමාධි යනු පටිඝ සිත්වල ඒකාග්‍රතාවයි. අවෙරො සමාධි යනු මෛත්‍රී චේතො විමුක්තියයි. අනතුරු කොටස් දෙකෙහි ද මේ ක්‍රමය ම ය. සාවිසො සමාධි යනු ලෞකික සමාධියයි. එය වනාහි නොඉක්මවන ලද සංසාර ආමිෂය, ලෝකාමිෂය බැවින් සාමිස නම් වේ. නිරාමිසො සමාධි යනු ලෝකෝත්තර සමාධියයි. සසංඛාර සමාධි යනු පමා වූ අභිඥා ඇති දුක්ඛ ප්‍රතිපදාවද පමා වූ අභිඥා ඇති සුඛ ප්‍රතිපදාවද යන දෙකයි. එය වනාහි මෙහෙයවීම සහිත ප්‍රයෝග සහිත සිතින් විරුද්ධ ධර්ම දුකසේ අමාරුවෙන් නිග්‍රහකොට අවබෝධ කරගත යුතුය. අනෙක අසංඛාර සමාධියයි. එකංස භාවිතො සමාධි යනු ශුෂ්ක විදර්ශකයාගේ සමාධියයි. උභයංස භාවිතො සමාධි යනු සමථයානිකයාගේ සමාධියයි. උභතො භාවිත භාවනො සමාධි යනු කායසක්ඛි පුද්ගලයාගේ හෝ උභතො භාග විමුත්තයාගේ සමාධියයි. එය වනාහි දෙකොටසින්ම භාවිත කරන ලද භාවනාවයි.

ආගාළ‍්හපටිපදාති කාමානං ඔරොහනපටිපත‍්ති, කාමසුඛානුයොගොති අත්‍ථො. නිජ‍්ඣාමපටිපදාති කාමස‍්ස නිජ‍්ඣාපනවසෙන ඛෙදනවසෙන පවත‍්තා පටිපත‍්ති, අත‍්තකිලමථානුයොගොති අත්‍ථො. අක‍්ඛමා පටිපදාතිආදීසු පධානකරණකාලෙ සීතාදීනි අසහන‍්තස‍්ස පටිපදා, තානි නක‍්ඛමතීති අක‍්ඛමා. සහන‍්තස‍්ස පන තානි ඛමතීති ඛමා. “උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙතී”තිආදිනා (ම· නි· 1.26; අ· නි· 4.14; 6.58) නයෙන මිච‍්ඡාවිතක‍්කෙ සමෙතීති සමා. මනච‍්ඡට‍්ඨානි ඉන්‍ද්‍රියානි දමෙතීති දමා පටිපදා.

ආගාළ්හ පටිපදා යනු කාමයන්ට බැසගන්නා ප්‍රතිපත්තියයි. කාමසුඛානු යෝගය යන අර්ථයයි. නිජ්ඣාම පටිපදා යනු කාමයට බැසගැනීම් වශයෙන් හෝ සිඳීම් වශයෙන් පැවති ප්‍රතිපත්තියයි. අත්තකිලමථානුයෝගය යන අර්ථයයි. දුක්ඛමා පටිපදා යනාදියෙහි ප්‍රධන් වඩන වේලාවෙහි සීතල ආදිය නොඉවසන්නාගේ ප්‍රතිපදාව ය. ඒවා නොඉවසානුයි ඛමා නම් වේ. උපන් කාම විතර්කය නොඉවසයි ආදී වශයෙන් මිථ්‍යා විතර්ක සමනය කෙරේ නුයි සමා නම් වේ. මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියන් දමනය කෙරේ නුයි දමා පටිපදා නම් වේ. එවං යැයි මේ කියන ලද ක්‍රමයෙන් යනුයි.

එවන‍්ති ඉමිනා වුත‍්තනයෙන. යො ධම‍්මොති යො කොචි ජාතිආදිධම‍්මො. යස‍්ස ධම‍්මස‍්සාති තතො අඤ‍්ඤස‍්ස ජරාදිධම‍්මස‍්ස. සමානභාවොති දුක‍්ඛාදිභාවෙන සමානභාවො. එකත‍්තතායාති සමානතාය දුක‍්ඛාදිභාවානං එකීභාවෙන. එකී භවතීති අනෙකොපි “දුක‍්ඛ”න‍්තිආදිනා එකසද‍්දාභිධෙය්‍යතාය එකී භවති. එතෙන එකත‍්තතාය ලක‍්ඛණමාහ. යෙන යෙන වා පන විලක‍්ඛණොති යො ධම‍්මො යස‍්ස ධම‍්මස‍්ස යෙන යෙන භාවෙන විසදිසො. තෙන තෙන වෙමත‍්තං ගච‍්ඡතීති තෙන තෙන භාවෙන සො ධම‍්මො තස‍්ස ධම‍්මස‍්ස වෙමත‍්තතං විසදිසත‍්තං ගච‍්ඡති, දුක‍්ඛභාවෙන සමානොපි ජාතිආදිකො අභිනිබ‍්බත‍්තිආදිභාවෙන ජරාදිකස‍්ස විසිට‍්ඨතං ගච‍්ඡතීති අත්‍ථො. ඉමිනා වෙමත‍්තතාය ලක‍්ඛණමාහ.

යොධම්මො යනු යම්කිසි ජාති ආදි කරුණකි. යස්ස ධම්මස්ස යනු එයින් අන්‍ය වූ ජරා ආදි කරුණකි. සමාන භාවො යනු දුක්ඛ ආදී ස්වභාවයෙන් සමාන බවයි. ඒකත්තතාය යනු සමාන බැවින් දුක්ඛ ආදී ස්වභාවයන්ගේ එක්වන බැවින්. එකී භවති යනු අනේකදුක ආදී වශයෙන් ඒක ශබ්දයෙන් කිය යුතු බැවින් එක්වන් වෙයි. මෙයින් එක්වන් බැව්හි ලකුණු කියන ලදි. යෙන යෙන වා පන විලක්ඛණො යනු යම් ධර්මයක් යම් ධර්මයකට යම් යම් ස්වභාවයකින් අසමාන වේ ද එයයි. තෙන තෙන වෙමත්තං ගච්ඡති යනු ඒ ඒ ස්වභාවයෙන් ඒ ධර්මය ඒ ධර්මයේ විවිධත්වයට අසමාන බවට යෙයි. දුක්ඛ ස්වභාවයෙන් සමාන කල්හි ද ජාති ආදියෙන් ඉපදීම් ආදියෙන් ජරා ආදියේ විශිෂ්ටත්වයට යෙයි යන අර්ථයයි. මෙයින් වෙනසෙහි ලක්‍ෂණ කියන ලදි.

ඉදානි තාව එකත‍්තවෙමත‍්තතාවිසයෙ නියොජෙත්‍වා දස‍්සෙතුං “සුත‍්තෙ වා වෙය්‍යාකරණෙ වා”තිආදි වුත‍්තං. තත්‍ථ පුච‍්ඡිතන‍්ති පුච‍්ඡාවසෙන දෙසිතසුත‍්තවසෙන වුත‍්තං, න පන අධිට‍්ඨානහාරස‍්ස පුච‍්ඡාවිසයතාය. සෙසං උත‍්තානමෙව.

දැන් වනාහි ඒකත්ත වෙමත්ත විෂයෙහි යොදවා දක්වන්නට සුත්තෙ වා වෙය්‍යාකරණෙ වා යනාදිය කියන ලදි. එහි පුච්ඡිතං යනු විමසීම් වශයෙන් දේශනා කරන ලද සූත්‍රයක් ලෙසින් කියන ලදි. අධිට්ඨානහාරයේ පෘච්ඡා විෂයත්වයෙන් නොවෙයි. සෙස්ස ප්‍රකටමය.

අධිට‍්ඨානහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

අධිට්ඨාන හාර විභංග වර්ණනාව නිමි.