යෙදුමෙන් කියවන්න

ඔතරණහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ඔතරණහාරවිභඞ‍්ගවණ‍්ණනා

ඔතරණ හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො ඔතරණො හාරොති ඔතරණහාරවිභඞ‍්ගො. තත්‍ථ අසෙක‍්ඛා විමුත‍්තීති අයං තෙධාතුකෙ වීතරාගතා අසෙක‍්ඛා ඵලවිමුත‍්ති. තානියෙවාති තානි අසෙක‍්ඛායං විමුත‍්තියං සද‍්ධාදීනි. අයං ඉන්‍ද්‍රියෙහි ඔතරණාති අසෙක‍්ඛාය විමුත‍්තියා නිද‍්ධාරිතෙහි සද‍්ධාදීහි ඉන්‍ද්‍රියෙහි සංවණ‍්ණනාය ඔතරණා.

තත්‍ථ කතමො ඔතරණො හාරො යනු ඔතරණ හාර විභංගයයි. එහි අසෙක්ඛා විමුත්ති යන මෙය ත්‍රෛධාතුක සසරෙහි වීතරාගීත්වය වූ අශෛක්‍ෂ ඵල විමුක්තියයි. තානි යෙව යනු අශෛක්‍ෂ විමුක්තියෙහි ඒ ශ්‍රද්ධාදියයි. අයං ඉන්‍ද්‍රියෙහි ඔතරණා යනු අශෛක්‍ෂ විමුක්තියෙන් වෙන් කරන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් කරණ කොටගෙන සංවර්ණනයට බැසගැනීමයි.

පඤ‍්චින්‍ද්‍රියානි විජ‍්ජාති සම‍්මාසඞ‍්කප‍්පො විය සම‍්මාදිට‍්ඨියා උපකාරකත‍්තා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සද‍්ධාදීනි චත‍්තාරි ඉන්‍ද්‍රියානි විජ‍්ජාය උපකාරකත‍්තා සඞ‍්ගණ‍්හනවසෙන වුත‍්තානි. සඞ‍්ඛාරපරියාපන‍්නානීති පඤ‍්චසු ඛන්‍ධෙසු සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ අන‍්තොගධානි. යෙ සඞ‍්ඛාරා අනාසවාති තං සඞ‍්ඛාරක‍්ඛන්‍ධං විසෙසෙති, අග‍්ගඵලස‍්ස අධිප‍්පෙතත‍්තා. තතො එව ච නො භවඞ‍්ගා. ධම‍්මධාතුසඞ‍්ගහිතාති අට‍්ඨාරසධාතූසු ධම‍්මධාතුසඞ‍්ගහිතා. යදිපි පුබ‍්බෙ වීතරාගතා අසෙක‍්ඛා විමුත‍්ති දස‍්සිතා, තස‍්සා පන පටිපත‍්තිදස‍්සනත්‍ථං “අයං අහමස‍්මීති අනානුපස‍්සී”ති දස‍්සනමග‍්ගො ඉධ වුත‍්තොති ඉමමත්‍ථං දස‍්සෙතුං “අයං අහමස‍්මීති අනානුපස‍්සී”තිආදි වුත‍්තං. සබ‍්බං වුත‍්තනයමෙව.

පඤ්චින්‍ද්‍රියානි විජ්ජා යනු සම්මා සංකප්පය සම්මා දිට්ඨියට උපකාරක පවත්නාක් මෙන්, පඤ්චස්කන්ධය පිළිබඳ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය විද්‍යාවට උපකාරක බැවින් සංග්‍රහ කිරීම් වශයෙන් කියන ලදී යනුයි. සංඛාරා පරියාපන්නානි යනු පඤ්ච ස්කන්ධයන් සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත්ය යනුයි. යෙ සංඛාරා අනාසවා යන්නෙන් අග්‍රඵලය අදහස් කරන ලද බැවින් ඒ සංස්කාර ස්කන්ධය වෙසෙසයි. එහෙයින් ම භවංගයෝ නොවෙත්. ධම්ම ධාතු සංගහීතා යනු අටළොස් ධාතූන්ගෙන් ධම්ම ධාතුව සංග්‍රහ කරන ලදී යනුයි. පෙර වීතරාගී යම් අශෛක්‍ෂ විමුක්තියක් දක්වන ලද ද එහි ප්‍රතිපත්ති දක්වනු පිණිස මේ මම වෙමි, නොදකින්නා වෙමි යන දර්ශන මාර්ගය මෙහි කියන ලදී යන මේ අර්ථය දක්වන්නට අයමහමස්මි අනානුපස්සි යනාදිය කියන ලදි. සියල්ල කියන ලද ක්‍රමයෙන් ම ය.

නිස‍්සිතස‍්ස චලිතන‍්ති තණ‍්හාදිට‍්ඨිවසෙන කම‍්මං අනවට‍්ඨානං. චුතූපපාතොති අපරාපරං චවනං උපපතනඤ‍්ච. නිස‍්සිතපදෙ ලබ‍්භමානං නිස‍්සයනං උද‍්ධරන‍්තො ආහ – “නිස‍්සයො නාමා”ති. තණ‍්හානිස‍්සයොති තණ‍්හාභිනිවෙසො. සො හි තණ‍්හාචරිතස‍්ස පතිට‍්ඨාභාවෙන තථා වුත‍්තො. එවං දිට‍්ඨිනිස‍්සයොපි දට‍්ඨබ‍්බො. රත‍්තස‍්ස චෙතනාති චෙතනාපධානත‍්තා සඞ‍්ඛාරක‍්ඛන්‍ධධම‍්මානං චෙතනාසීසෙන තණ‍්හං එව වදති. තෙනෙවාහ – “අයං තණ‍්හානිස‍්සයො”ති. යස‍්මා පන විපරීතාභිනිවෙසො මොහස‍්ස බලවභාවෙ එව හොති, තස‍්මා “යා මූළ‍්හස‍්ස චෙතනා, අයං දිට‍්ඨිනිස‍්සයො”ති වුත‍්තං.

නිස්සිතස්ස චලිතං යනු තණ්හා දෘෂ්ටි වශයෙන් එක් අරමුණක නොපිහිටි කර්මයයි. චුතූපපාතො යනු පහළ වීම යන අර්ථ ඇති අන්‍ය වචනයකි. නිශ්‍රිත පදයෙහි ලැබෙන නිශ්‍රය පදය උපුටමින් නිස්සයො නාම යි කියන ලදි. තණ්හා නිස්සයො යනු තණ්හාවට බැසගැනීමයි. එය තණ්හා චරිතයාට ප්‍රතිෂ්ඨා බැවින් එසේ කියන ලදි. මෙසේ දිට්ඨිනිස්සය ද දතයුතුය. රත්තස්ස චෙතනා යනු චේතනා ප්‍රධාන බැවින් සංස්කාරස්කන්ධ ධර්මයන් චේතනා ශීර්ෂයෙන් තණ්හාවම කියයි යනුයි. එහෙයින්ම අයං තණ්හා නිස්සයො යයි කියන ලදි. යම්හෙයකින් වෙනස් වූ ප්‍රවේශය මෝහය බලවත් කල්හිම වෙයි ද එහෙයින් සා සම්මූළ්හස්ස චෙතනා අයං දිට්ඨි නිස්සයො යි කියන ලදී.

එවං චෙතනාසීසෙන තණ‍්හාදිට‍්ඨියො වත්‍වා ඉදානි තත්‍ථ නිප‍්පරියායෙන චෙතනංයෙව ගණ‍්හන‍්තො “චෙතනා පන සඞ‍්ඛාරා”ති ආහ. යා රත‍්තස‍්ස වෙදනා, අයං සුඛා වෙදනාති සුඛාය වෙදනාය රාගො අනුසෙතීති කත්‍වා වුත‍්තං. තථා අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජා අනුසෙතීති ආහ – “යා සම‍්මූළ‍්හස‍්ස වෙදනා, අයං අදුක‍්ඛමසුඛා වෙදනා”ති. ඉධ වෙදනාසීසෙන චෙතනා වුත‍්තා. තණ‍්හායාති තණ‍්හං. දිට‍්ඨියාති දිට‍්ඨිං. යථා වා සෙසධම‍්මානං තණ‍්හාය නිස‍්සයභාවෙ පුග‍්ගලො තණ‍්හාය නිස‍්සිතොති වුච‍්චති. එවං තණ‍්හාය සෙසධම‍්මානං පච‍්චයභාවෙ පුග‍්ගලො තණ‍්හාය නිස‍්සිතොති වුච‍්චතීති ආහ – “තණ‍්හාය අනිස‍්සිතො”ති.

මෙසේ චේතනා ශීර්ෂයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් ප්‍රකාශ කොට දැන් එහිදී නිෂ්පරියාය දේශනයෙන් චේතනාවම ගනිමින් චේතනා පන සංඛාරා යි කියන ලදි. යා රත්තස්ස වෙදනා අයං සුඛා වෙදනා යනු සුඛ වේදනාවෙන් රාගය යටපත් වේ යයි තීරණය කොට කියන ලදී යනුයි. එසේම අදුක්ඛමසුඛ වේදනාවෙන් අවිද්‍යාව යටපත් වේයයි (සිතා) යා සම්මූළ්හස්ස වෙදනා අයං අදුක්ඛමසුඛා වෙදනා යයි කියන ලදි. මෙහිදී වේදනා ශීර්ෂයෙන් චේතනාව ප්‍රකාශ කරන ලදි. තණ්හාය යනු තණ්හං යනුයි. දිට්ඨියා යනු දිට්ඨිං යනුයි. යම්සේ සෙසු කරුණුවලදී තණ්හාව නිස්සය ලෙසින් ඇතිවිට පුද්ගලයා තණ්හාවේ නිස්සිත යැයි කියනු ලැබේ. මෙසේ තණ්හාව සෙසු කරුණුවලට හේතු වශයෙන් ඇතිවිට පුද්ගලයා තණ්හාවේ නිස්සිතයා යැයි කියනු ලැබේනුයි තණ්හාය අනිස්සිතො යි කියන ලදි.

පස‍්සද‍්ධීති දරථපටිප‍්පස‍්සම‍්භනා. කායිකාති කරජකායසන‍්නිස‍්සිතා. චෙතසිකාති චිත‍්තසන‍්නිස‍්සිතා. යස‍්මා පන සා දරථපටිප‍්පස‍්සද‍්ධි කායචිත‍්තානං සුඛෙ සති පාකටා හොති, තස‍්මා “යං කායිකං සුඛ”න‍්තිආදිනා ඵලූපචාරෙන වුත‍්තාය පස‍්සද‍්ධියා නතිඅභාවස‍්ස කාරණභාවං දස‍්සෙතුං “පස‍්සද‍්ධකායො”තිආදි වුත‍්තං. සොති එවං විමුත‍්තචිත‍්තො ඛීණාසවො. රූපසඞ‍්ඛයෙ විමුත‍්තොති රූපානං සඞ‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ විමුත‍්තො. අත්‍ථීතිපි න උපෙතීති සස‍්සතො අත‍්තා ච ලොකො චාතිපි තණ‍්හාදිට‍්ඨිඋපයෙන න උපෙති න ගණ‍්හාති. නත්‍ථීති අසස‍්සතොති. අත්‍ථි නත්‍ථීති එකච‍්චං සස‍්සතං එකච‍්චං අසස‍්සතන‍්ති. නෙවත්‍ථි නො නත්‍ථීති අමරාවික‍්ඛෙපවසෙන. ගම‍්භීරොති උත‍්තානභාවහෙතූනං කිලෙසානං අභාවෙන ගම‍්භීරො. නිබ‍්බුතොති අත්‍ථීතිආදිනා උපගමනකිලෙසානං වූපසමෙන පරිනිබ‍්බුතො සීතිභූතො.

පස්සද්ධි යනු කරදර සන්සිඳුවීමයි. කායිකා යනු කරජකය ඇසුරු කළ දේ ය. චෙතසිකා යනු සිත ඇසුරු කළ දේය. යම්හෙයකින් ඒ කරදර සන්සිඳුවීම කායචිත්තයන්ගේ සැපය ඇතිවිට ප්‍රකට වේ ද එහෙයින් යම් කායික සැපයක් ආදි ලෙසින් වූ එලූපචාරයෙන් කියන ලද පස්සද්ධියේ නැමීමක් නොමැතිකමින් හේතුව දක්වන්නට පස්සද්ධකායො යනාදිය කියන ලදි. සො යනු මෙසේ මිදුණු සිත් ඇති ක්‍ෂීණාශ්‍රවයා ය. රූපසංඛයෙ විමුත්තො යනු රූපයන්ගේ ගෙවීම් සංඛ්‍යාත නිවනෙහි මිදුණු යනුයි. අත්‍ථිතිපි න උපෙති යනු ලෝකය ද ආත්මය ද ශාස්වතය යනුවෙන් තණ්හා දිට්ඨි උපායයන්ගෙන් යුක්ත නොවේ. නොගනී යනුයි. නත්‍ථි යනු අශාස්වතය යනුයි. අත්‍ථි නත්‍ථි යනු එක්විටෙක ශාස්වතය. එක්විටෙක අශාස්වතය යනුයි. නෙවත්‍ථි නො නත්‍ථි යනු අමරා වික්‍ෂෙප වාද වශයෙනි. ගම්භීරො යනු නැගී සිටීමට හේතුවන කෙලෙස් නැතිකමින් ගැඹුරු වූ යනුයි. නිබ්බුතො යනු ඇත යනාදි උපගමන ක්ලේශයන් සන්සිඳුවීමෙන් පිරිනිවියේ සිසිල්වූයේ යනුයි.

ඉධාගතීති පරලොකතො ඉධ ආගති. ගතීති ඉධලොකතො පරලොකගමනං. තං පන පුනබ‍්භවොති ආහ “පෙච‍්චභවො”ති. ඉධ හුරන‍්ති ද‍්වාරාරම‍්මණධම‍්මා දස‍්සිතාති “උභයමන‍්තරෙනා”ති පදෙන ද‍්වාරප‍්පවත‍්තධම‍්මෙ දස‍්සෙන‍්තො “ඵස‍්සසමුදිතෙසු ධම‍්මෙසූ”ති ආහ. තස‍්සත්‍ථො – ඵස‍්සෙන සද‍්ධිං ඵස‍්සෙන කාරණභූතෙන ච සමුදිතෙසු සම‍්භූතෙසු විඤ‍්ඤාණවෙදනාසඤ‍්ඤාචෙතනාවිතක‍්කවිචාරාදිධම‍්මෙසු. අත‍්තානං න පස‍්සතීති තෙසං ධම‍්මානං අනත‍්තභාවෙනෙව තත්‍ථ අත‍්තානං න පස‍්සති. විරජ‍්ජති විරාගා විමුච‍්චතීති පදෙහි ලොකුත‍්තරධම‍්මානං පටිච‍්චසමුප‍්පාදභාවං දස‍්සෙන‍්තො තදත්‍ථතාය සීලාදීනම‍්පි පරියායෙන තබ‍්භාවමාහ “ලොකුත‍්තරො”තිආදිනා.

ඉධාගති යනු පරලොවින් මෙහි පැමිණි යනුයි. ගති යනු මෙලොවින් පරලොව යෑමයි. එය වනාහි පුනර්භවය යැයි සලකා පෙච්චභවො යි කියන ලදි. ඉධ හුරං යනුවෙන් දොරටු පිළිබඳ අරමුණු දක්වන ලදි. උභයමන්තරෙන යන පදයෙන් දොරටුවල පැවති ධර්මයන් දක්වමින් ඵස්ස සමුදිතෙසු ධම්මෙසු යි කියන ලදි. එහි අර්ථය නම් හේතු වූ ස්පර්ශය සමග විඤ්ඤාණ වේදනා සංඥා චේතනා විතර්ක විචාර ආදී ධර්මයන් ඇතිවූ කල්හි හටගත් කල්හි යනුයි. අත්තානං න පස්සති යනු ඒ ධර්මයන් පිළිබඳ අනාත්ම භාවය ඇතිකල්හි එහි ආත්මය නොදකී ම ය. නොඇලෙයි. ‘විරාගා විමුච්චති’ යන පදයන්ගෙන් ලෝකෝත්තර ධර්මයන්ගේ ප්‍රතීත්‍ය සමුත්පන්න භාවය දක්වමින් ඒ සඳහා සීලාදී ක්‍රමයෙන් ද එහි ස්වභාවය ලොකුත්තරො යනාදියෙන් ප්‍රකාශ කරන ලදි.

නාමසම‍්පයුත‍්තොති නාමෙන මිස‍්සිතො. සඋපාදිසෙසා නිබ‍්බානධාතූති අරහත‍්තඵලං අධිප‍්පෙතං. තඤ‍්ච පඤ‍්ඤාපධානන‍්ති ආහ – “සඋපාදිසෙසා නිබ‍්බානධාතු විජ‍්ජාති. සෙසං සබ‍්බං උත‍්තානමෙව.

නාම සම්ප්‍රයුත්තො යනු නාමයෙන් මිශ්‍ර වූ යනුයි. සඋපාදිස්සො නිබ්බාණ ධාතු යනුවෙන් අර්හත්ඵලය අදහස් කරන ලදි. එයද ප්‍රඥා ප්‍රධානයැයි (දක්වමින්) සඋපදිස්සො නිබ්බාණ ධාතුවිජ්ජා යි කියන ලදි. සෙසු සියල්ල ප්‍රකටමය.

ඔතරණහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ඔතරණ හාර විභංග වර්ණනාව නිමියේය.

සොධනහාරවිභඞ‍්ගවණ‍්ණනා

සෝධන හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො සොධනො හාරොති සොධනහාරවිභඞ‍්ගො. තත්‍ථ භගවා පදං සොධෙතීති “අවිජ‍්ජාය නිවුතො ලොකො”ති (සු· නි· 1039; චූළනි· අජිතමාණවපුච‍්ඡා 58, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 2) වදන‍්තො භගවා – “කෙනස‍්සු නිවුතො ලොකො”ති (සු· නි· 1038; චූළනි· අජිතමාණවපුච‍්ඡා 57, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 1) ආයස‍්මතා අජිතෙන පුච‍්ඡාවසෙන වුත‍්තං පදං සොධෙති නාම, තදත්‍ථස‍්ස විස‍්සජ‍්ජනතො. නො ච ආරම‍්භන‍්ති න තාව ආරම‍්භං සොධෙති, ඤාතුං ඉච‍්ඡිතස‍්ස අත්‍ථස‍්ස අපරියොසිතත‍්තා. සුද‍්ධො ආරම‍්භොති ඤාතුං ඉච‍්ඡිතස‍්ස අත්‍ථස‍්ස පබොධිතත‍්තා සොධිතො ආරම‍්භොති අත්‍ථො. අඤ‍්ඤාණපක‍්ඛන්‍දානං ද‍්වෙළ‍්හකජාතානං වා පුච‍්ඡනකාලෙ පුච‍්ඡිතානං පුච‍්ඡාවිසයො අවිජටං මහාගහනං විය මහාදුග‍්ගං විය ච අන්‍ධකාරං අවිභූතං හොති. යදා ච භගවතා පණ‍්ඩිතෙහි වා භගවතො සාවකෙහි අපදෙ පදං දස‍්සෙන‍්තෙහි නිජ‍්ජටං නිගුම‍්බං කත්‍වා පඤ‍්හෙ විස‍්සජ‍්ජිතෙ මහතා ගන්‍ධහත්‍ථිනා අභිභවිත්‍වා ඔභග‍්ගපදාලිතො ගහනප‍්පදෙසො විය විගතන්‍ධකාරො විභූතො උපට‍්ඨහමානො විසොධිතො නාම හොති.

තත්‍ථ කතමො සොධනො හාරො යනු සොධන හාර විභංගයයි. එහි භගවා පදං සොධෙති යනු අවිද්‍යාවෙන් ලෝකය වසන ලද්දේය යනාදිය ප්‍රකාශ කරමින් භාග්‍යවතුන් වහන්සේ ‘කවරකින් ලෝකය වසන ලද්දේ වේ ද? යනුවෙන් ආයුෂ්මත් අජිත විසින් ප්‍රශ්න වශයෙන් කියන ලද පදය ශෝධනය කෙරේ යනුයි. ඒ අර්ථය විසඳීම් වශයෙනි. නො ච ආරම්භං යනු පළමුව ආරම්භය ශෝධනය නො කෙරේ යනුයි. දැනගන්නට කැමති වූ අර්ථය ඇසුරු නොකළ බැවිනි. සුද්ධො ආරම්භො යනු දැනගන්නට කැමති වූ අර්ථය ප්‍රබෝධ කරන ලද බැවින් ශෝධනය කරන ලද ආරම්භය යන අර්ථයයි. අඥාන පක්‍ෂයෙහි වූවන්ගේ හෝ සැක ඇත්තවුන්ගේ හෝ විමසන වේලාවෙිහ විමසුවන්ගේ විමසීම් විෂය ගැට ඇති මහා වනගහණක් මෙන් මහා දුර්ගයක් මෙන් ද අන්ධකාරය නොනැසුනේ වෙයි. යම්විටෙක, පණ්ඩිතයන්ගෙන් හෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් හෝ නො පදයෙහි පදයැයි දක්වමින් එල්ල කළ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ විසින් ගැට නැති සැඟවෙන තැන් නැති තත්ත්වයට පත්කොට විසඳූ කල්හි මහා ගඳැතෙකු විසින් මැඩගෙන, බිඳ පලා දැමූ මහා වනගහණ පෙදෙසක් මෙන් නසන ලද අඳුර ඇත්තේ ප්‍රකට වූයේ උපස්ථාන කරනුයේ විශෝධනය කරන ලද්දේ නම් වේ.

සොධනහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සෝධන හාර විභංග වර්ණනාව නිමි.