පඤ්ඤත්තිහාරවිභඞ්ගවණ්ණනා අට්ඨකථා
පඤ්ඤත්තිහාරවිභඞ්ගවණ්ණනා
පඤ්ඤත්ති හාර විභංග වර්ණනාව
තත්ථ කතමො පඤ්ඤත්තිහාරොති පඤ්ඤත්තිහාරවිභඞ්ගො. තත්ථ කා පනායං පඤ්ඤත්තීති? ආහ “යා පකතිකථාය දෙසනා”ති. ඉදං වුත්තං හොති – යා දෙසනාහාරාදයො විය අස්සාදාදිපදත්ථවිසෙසනිද්ධාරණං අකත්වා භගවතො සාභාවිකධම්මකථාය දෙසනා. යා තස්සා පඤ්ඤාපනා, අයං පඤ්ඤත්තිහාරො. යස්මා පන සා භගවතො තථා තථා වෙනෙය්යසන්තානෙ යථාධිප්පෙතමත්ථං නික්ඛිපතීති නික්ඛෙපො. තස්ස චායං හාරො දුක්ඛාදිසඞ්ඛාතෙ භාගෙ පකාරෙහි ඤාපෙති, අසඞ්කරතො වා ඨපෙති, තස්මා “නික්ඛෙපපඤ්ඤත්තී”ති වුත්තො. ඉති පකතිකථාය දෙසනාති සඞ්ඛෙපෙන වුත්තමත්ථං විත්ථාරෙන විභජිතුං “කා ච පකතිකථාය දෙසනා”ති පුච්ඡිත්වා “චත්තාරි සච්චානී”තිආදිමාහ.
තත්ථ කතමො පඤ්ඤත්ති හාරො යනු පඤ්ඤත්ති හාර විභංගයයි. එහිදී මේ පඤ්ඤත්ති නම් කවරී ද? කියන ලදි. යා පකති කථාය දෙසනා යන මෙය කියන ලද්දේ වෙයි. දේශනා හාරාදිය මෙන් ආශ්වාද ආදි පදාර්ථ විශේෂ වෙන් නොකොට භාග්‍යවතුන් වහන්සේගේ ස්වාභාවික ධර්ම කථාවෙන් යුත් යම් දේශනාවක් වේ ද, එය එහි පැනවීමෙන් මේ පඤ්ඤත්තිහාරය බවට පත්වේ. යම්හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ ආකාරයෙන් හික්මවනු ලබන පුද්ගලයන්ගේ සිතෙහි අභිප්‍රේතාර්ථය තබන්නේනුයි නික්ඛෙප නම් වේ. මේ හාරය දුක් සංඛ්‍යාත කොටස් ඒ ඒ ප්රකාරයන්ගෙන් හඟවයි. අමිශ්‍රව තබයි ද එහෙයින් ඊට නික්ඛෙපපඤ්ඤත්ති ය යැයි කියන ලදී. මෙසේ ප්‍රකෘති කථාවේ දේශනාව යැයි සංක්ෂේපයෙන් කියන ලද අර්ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නට කා ච පකතිකථාය දෙසනා යි විමසා චත්තාරි සච්චානි යනාදිය කියන ලදී.
තත්ථ ඉදං දුක්ඛන්ති අයං පඤ්ඤත්තීති කක්ඛළඵුසනාදිසභාවෙ රූපාරූපධම්මෙ අතීතාදිවසෙන අනෙකභෙදභින්නෙ අභින්දිත්වා පීළනසඞ්ඛතසන්තාපවිපරිණාමට්ඨතාසාමඤ්ඤෙන යා කුච්ඡිතභාවාදිමුඛෙන එකජ්ඣං ගහණස්ස කාරණභූතා පඤ්ඤත්ති, කා පන සාති? නාමපඤ්ඤත්තිනිබන්ධනා තජ්ජාපඤ්ඤත්ති. “විඤ්ඤත්තිවිකාරසහිතො සද්දො එවා”ති අපරෙ. ඉමිනා නයෙන තත්ථ තත්ථ පඤ්ඤත්තිඅත්ථො වෙදිතබ්බො. “පඤ්චන්නං ඛන්ධාන”න්තිආදිනා තස්සා පඤ්ඤත්තියා උපාදානං දස්සෙති. දසන්නං ඉන්ද්රියානන්ති අට්ඨ රූපින්ද්රියානි මනින්ද්රියං වෙදනින්ද්රියන්ති එවං දසන්නං. අනුභවනසාමඤ්ඤෙන හි වෙදනා එකමින්ද්රියං කතා, තථා සද්ධාදයො ච මග්ගපක්ඛියාති.
තත්ථ ඉදං දුක්ඛන්ති අයං පඤ්ඤත්ති යනු කර්කශ ස්පර්ශාදි ස්වභාව ඇති අතීත ආදී වශයෙන් බෙදුණු රූප අරූප ධර්මයන් නොබිඳ පීළන, සංඛත, සන්තාප, විපරිණාම ආදී අර්ථ සාමාන්‍යයෙන් නින්දිත බව ආදි ප්රවේශයන්ගෙන් එක්ව ගැනීමට හේතු වූ යම් ප්රඥප්තියක් වේ ද එයයි. එය කවරේ ද? නාමපඤ්ඤත්ති නිබන්ධනය හා තජ්ජා පඤ්ඤත්තියයි. අනෙක් ඒවා වෙනස් හැඳිනීම් සහිත ශබ්දමය. මේ ක්‍රමයෙන් ඒ ඒ තැන ප්රඥප්ති අර්ථය දතයුතුය. පඤ්චන්නං ඛන්ධානං යනාදියෙන් ඒ ප්රඥප්තියේ උපාදානය දක්වයි. දසන්නං ඉන්ද්රියානං යනු රූප ඉන්ද්රිය අට, මනින්‍ද්‍රිය, වෙදනා ඉන්ද්රිය යන මේ දහයේ ය. වින්දනය කිරීමේ සාමාන්‍යයෙන් වේදනාව එක් ඉන්ද්‍රියක් බවට පත්කරන ලදි. ශ්‍රද්ධාදිය ද ආර්ය මාර්ගයට පක්ෂ වූ දේ ද එසේමය.
කබළං කරීයතීති කබළීකාරොති වත්ථුවසෙන අයං නිද්දෙසො. යාය ඔජාය සත්තා යාපෙන්ති, තස්සායෙතං අධිවචනං. සා හි ඔජට්ඨමකස්ස රූපස්ස ආහරණතො ආහාරො. අත්ථීති මග්ගෙන අසමුච්ඡින්නතාය විජ්ජති. රාගොති රඤ්ජනට්ඨෙන රාගො. නන්දනට්ඨෙන නන්දී. තණ්හායනට්ඨෙන තණ්හා. සබ්බානෙතානි ලොභස්සෙව නාමානි. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරුළ්හන්ති කම්මං ජවාපෙත්වා පටිසන්ධිආකඩ්ඪනසමත්ථතාය පතිට්ඨිතඤ්චෙව විඤ්ඤාණං විරුළ්හඤ්ච. යත්ථාති තෙභූමකවට්ටෙ භුම්මං, සබ්බත්ථ වා පුරිමපුරිමපදෙ එතං භුම්මං. අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධීති යෙ ඉමස්මිං විපාකවට්ටෙ ඨිතස්ස ආයතිං වඩ්ඪනහෙතුකා සඞ්ඛාරා, තෙ සන්ධාය වුත්තං – “යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්තී”ති යස්මිං ඨානෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති අත්ථි. අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණන්ති යත්ථ පටිසන්ධිග්ගහණං, තත්ථ ඛන්ධානං අභිනිබ්බත්තිලක්ඛණා ජාති, පරිපාකලක්ඛණා ජරා, භෙදනලක්ඛණං මරණඤ්ච අත්ථි. අයං පභාවපඤ්ඤත්ති දුක්ඛස්ස ච සමුදයස්ස චාති අයං යථාවුත්තා දෙසනා දුක්ඛසච්චස්ස සමුදයසච්චස්ස ච සමුට්ඨානපඤ්ඤත්ති, විපාකවට්ටස්ස සඞ්ඛාරානඤ්ච තණ්හාපච්චයනිද්දෙසතොති අධිප්පායො.
පිඬු කෙරේනුයි කබලීකාර නම් වේ. මේ නිර්දේශය වස්තු වශයෙනි. යම් ඕජාවකින් සත්ත්වයෝ යැපෙත් ද මේ ඊට වෙනත් වචනයකි. එය ඕජාව අටවැනි වූ රූපය ආභරණය කරන බැවින් ආහාර නම් වේ. අත්ථි යනු මාර්ගයෙන් නොසිඳි බැවින් විද්‍යමාන වේ යනුයි. රාගො යනු රඤ්ජනාර්ථයෙන් රාග නම් වේ. නන්දනාර්ථයෙන් නන්දි නම් වේ. ආශා කිරීම් අර්ථයෙන් තණ්හා නම් වේ. මේ සියල්ල ලේභයට ම යෙදෙන නාමයන් ය. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං යනු කර්මය දුවවා ප්රතිසන්ධිය ඇදගැනීමට සමත් බැවින් පිහිටියා වූ ද වර්ධනය වූ ද විඤ්ඤාණයයි. යත්ථ යනු ත්‍රෛභූමක සසරෙහි භූමියයි. සියලු තැන හෝ පළමු පළමු පදයෙහි හෝ මේ භූමිය වේ. අත්ථි තත්ථ සංඛාරානං වුඩ්ඪි යන්න මේ විපාක සසරෙහි පිහිටි මත්තෙහි වැඩීමට කරුණු වන යම් සංස්කාර වේ ද ඒවා සඳහා කියන ලදි. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාහි නිබ්බත්තති යනු යම්තැනක මත්තහෙි පුනර්භවයේ පහළවීමක් වේ ද එයයි. අත්ථි තත්ථ ආයතිං ජරාමරණං යනු යම්තැනක පිළිසිඳ ගැනීම වේද එතැන ස්කන්ධයන්ගේ පහළවීම් සංඛ්‍යාත උපත ද මේරීම් ලක්ෂණ ඇති ජරාව ද බිඳීම් ලක්ෂණ ඇති මරණය ද වේ යනුයි. අයං පභව පඤ්ඤත්ති දුක්ඛස්ස ච සමුදයස්ස ච යනු කියන ලද පරිදි මේ දේශනාව දුක්ඛ සත්‍යයේ ද සමුදය සත්‍යයේ ද සමුට්ඨාන පඤ්ඤත්තිය වේ යනුයි. තණ්හා හේතුව දක්වන ලද බැවින් විපාකවට්ටයෙහි වූ සංස්කාරයන්ගේ ද සමුට්ඨාන පඤ්ඤත්තිය වේ යන අදහසයි.
නත්ථි රාගොති අග්ගමග්ගභාවනාය සමුච්ඡින්නත්තා නත්ථි චෙ රාගො. අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරුළ්හන්ති කම්මං ජවාපෙත්වා පටිසන්ධිආකඩ්ඪනසමත්ථතායාභාවෙන අප්පතිට්ඨිතඤ්චෙව අවිරුළ්හඤ්චාති වුත්තපටිපක්ඛනයෙන අත්ථො වෙදිතබ්බො.
නත්ථි රාගො යනු ශ්‍රේෂ්ඨ වූ මාර්ග භාවනාවෙන් මුලින්ම සිඳ දමන ලද බැවින් රාගය නැත යනුයි. අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං යනු කර්මය දුව වා ප්රතිසන්ධිය ඇදගැනීමට සමත්කමක් නැති බැවින් අප්පතිට්ඨිත වූයේ ද අවිරූළ්හ වූයේ ද කියන ලද ප්රතිපක්ෂ න්‍යායෙන් අර්ථය දතයුතුය යනුයි.
“අයං පරිඤ්ඤාපඤ්ඤත්තී”තිආදිනා එකාභිසමයවසෙනෙව මග්ගසම්මාදිට්ඨි චතූසු අරියසච්චෙසු පවත්තතීති දස්සෙති. අයං භාවනාපඤ්ඤත්තීති අයං ද්වාරාරම්මණෙහි ඡද්වාරප්පවත්තනධම්මානං අනිච්චානුපස්සනා මග්ගස්ස භාවනාපඤ්ඤත්ති. නිරොධපඤ්ඤත්ති නිරොධස්සාති රොධසඞ්ඛාතාය තණ්හාය මග්ගෙන අනවසෙසනිරොධපඤ්ඤත්ති. උප්පාදපඤ්ඤත්තීති උප්පන්නස්ස පඤ්ඤාපනා. ඔකාසපඤ්ඤත්තීති ඨානස්ස පඤ්ඤාපනා. ආහටනාපඤ්ඤත්තීති නීහරණපඤ්ඤත්ති. ආසාටිකානන්ති ගුන්නං වණෙසු නීලමක්ඛිකාහි ඨපිතඅණ්ඩකා ආසාටිකා නාම. එත්ථ යස්ස උප්පන්නා, තස්ස සත්තස්ස අනයබ්යසනහෙතුතාය ආසාටිකා වියාති ආසාටිකා, කිලෙසා, තෙසං ආසාටිකානං. අභිනිඝාතපඤ්ඤත්තීති සමුග්ඝාතපඤ්ඤත්ති.
අයං පරිඤ්ඤා පඤ්ඤත්ති යනාදියෙන් එක්වන් අවබෝධය වශයෙන්ම මාර්ග සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍යයෙහි පවතී යැයි දක්වයි. අයං භාවනා පඤ්ඤත්ති යනු සදොර පවත්නා ධර්මයන්ගේ ද්වාර පිළිබඳ අරමුණුවලින් ආර්ය මාර්ගය ගැන අනිත්‍ය ලෙස දැකීම භාවනා පඤ්ඤත්තිය වේ යනුයි. නිරොධ පඤ්ඤත්ති නිරොධස්ස යනු රෝධ සංඛ්‍යාත තණ්හාව ආර්ය මාර්ගයෙන් ඉතිරි නොකර නිරුද්ධ කරන නිරෝධ පඤ්ඤත්තියයි. උප්පාද පඤ්ඤත්ති යනු ඇති වූ දෙය දක්වාලීමයි. ඔකාස පඤ්ඤත්ති යනු ස්ථානය දක්වාලීමයි. ආහමනාපඤ්ඤත්ති යනු ඉවත් කිරීමේ ප්රඥප්තියයි. ආඝාටිකානං යන තැන ගවයන්ගේ වණවල නිලමැස්සන් විසින් වසන ලද තැන ආඝාටිකා නම් වේ. මෙහිදී යමකු තුළ මෙය ඇතිවී ද ඒ සත්ත්වයාගේ විනාශයට හේතුවන බැවින් අඝාටිකයක් මෙන් වේ යන අර්ථයෙන් අඝාටික නම් වේ. එනම් කෙලෙස් ය. ඒ කෙලෙස්වල ය. අභිනිඝාත පඤ්ඤත්ති යනු මුලිනුපුටා දැමීමේ ප්රඥප්තියයි.
එවං වට්ටවිවට්ටමුඛෙන සම්මසනඋපාදානක්ඛන්ධමුඛෙනෙව සච්චෙසු පඤ්ඤත්තිවිභාගං දස්සෙත්වා ඉදානි තෙපරිවට්ටවසෙන දස්සෙතුං “ඉදං ‘දුක්ඛ’න්ති මෙ, භික්ඛවෙ”තිආදි ආරද්ධං. තත්ථ දස්සනට්ඨෙන චක්ඛු. යථාසභාවතො ජානනට්ඨෙන ඤාණං. පටිවිජ්ඣනට්ඨෙන පඤ්ඤා. විදිතකරණට්ඨෙන විජ්ජා. ඔභාසනට්ඨෙන ආලොකො. සබ්බං පඤ්ඤාවෙවචනමෙව. අයං වෙවචනපඤ්ඤත්ති. සච්ඡිකිරියාපඤ්ඤත්තීති පච්චක්ඛකරණපඤ්ඤත්ති.
මෙසේ සසර හා නිවන යන ප්රවේශයන්ගෙන් උපාදානස්කන්ධ ස්පර්ශ කිරීම් මුඛයෙන් සත්‍යයන්හි ප්රඥප්ති විභාගය දක්වා දැන් ත්‍රිපරිවෘත්ත වශයෙන් දක්වන්නට ඉදං දුක්ඛන්ති මෙ භික්ඛවෙ යනාදිය අරඹන ලදි. එහි දර්ශනාර්ථයෙන් චක්ඛු නම් වේ. පවත්නා ස්වභාවය දැනීම් අර්ථයෙන් ඤාණ නම් වේ. විනිවිද යෑම අර්ථයෙන් පඤ්ඤා නම් වේ. අවබෝධ කිරීම් අර්ථයෙන් විජ්ජා නම් වේ. බැබළීම් අර්ථයෙන් ආලෝක නම් වේ. සියල්ල ප්‍රඥාවේ පර්යාය පද ම ය. මේ වෙවචන පඤ්ඤත්තියයි. සච්ඡිකිරිය පඤ්ඤත්ති ප්රත්යක්ෂ කරන ප්රඥප්තියයි.
තුලමතුලඤ්චාති ගාථාය පචුරජනානං පච්චක්ඛභාවතො තුලිතං පරිච්ඡින්නන්ති තුලං, කාමාවචරං. න තුලන්ති අතුලං, තුලං වා සදිසමස්ස අඤ්ඤං ලොකියකම්මං නත්ථීති අතුලං, මහග්ගතකම්මං. කාමාවචරරූපාවචරකම්මං වා තුලං, අරූපාවචරං අතුලං, අප්පවිපාකං වා තුලං. බහුවිපාකං අතුලං. සම්භවති එතෙනාති සම්භවං, සම්භවහෙතුභූතං. භවසඞ්ඛාරං පුනබ්භවසඞ්ඛරණකං. අවස්සජීති විස්සජ්ජෙසි. මුනීති බුද්ධමුනි. අජ්ඣත්තරතොති නියකජ්ඣත්තරතො . සමාහිතොති උපචාරප්පනාසමාධිවසෙන සමාහිතො. අභින්දි කවචමිවාති කවචං විය භින්දි. අත්තසම්භවන්ති අත්තනි සඤ්ජාතං කිලෙසං. ඉදං වුත්තං හොති – සවිපාකට්ඨෙන සම්භවං භවාභිසඞ්ඛරණට්ඨෙන භවසඞ්ඛාරන්ති ච ලද්ධනාමං තුලාතුලසඞ්ඛාතං ලොකියකම්මඤ්ච ඔස්සජි, සඞ්ගාමසීසෙ මහායොධො කවචං විය අත්තසම්භවං කිලෙසඤ්ච අජ්ඣත්තරතො සමාහිතො හුත්වා අභින්දීති.
තුලමතුලඤ්ච යන ගාථාවේ බොහෝ ජනයාට ප්රත්යක්ෂ බැවින් සමානය පිරිසිඳිණි යන අර්ථයෙන් තුල නම් වේ. කාමාවචර සිතයි. සම නොවේ නුයි අතුල නමි. මීට සමාන වූ සදෘශ වූ වෙනත් ලෞකික ක්‍රියාවක් නැත්තේ නුයි අතුල නමි. මහග්ගත කර්මයයි. නැතහොත් කාමාවචර, රූපාවචර කර්මය තුල නම් වේ. අරූපාවචර කර්මය අතුල නම් වේ. ස්වල්ප වූ විපාක ඇති කර්මය තුල නම් වේ. බොහෝ විපාක ඇති කර්මය අතුල නම් වේ. මෙයින් ලැබේනුයි සම්භව නම් වේ. ඇතිවීමට හේතුවූ යනුයි. භව සංඛාර යනු පුනර්භවය සකස් කරන දේය. අවස්සජි යනු අත්හළේය යනුයි. මුනි යනු බුද්ධ මුනීන්ද්රයන් ය. අජ්ඣත්තරතො යනු නියතව ඇතුළත ඇලුණු යනුයි. සමාහිතො යනු උපචාර අර්පණා සමාධි වශයෙන් එකඟ වූ යනුයි. අභිදා කවචමිව යනු සන්නාහයක් මෙන් බින්දේය යනුයි. අත්තසම්භවං යනු තමා තුළ ඇති වූ කෙලෙස් ය. මෙය කියන ලද්දේ වෙයි. විපාක සහිත යන අර්ථයෙන් හටගත් භවය සකස් කරන අර්ථයෙන් භව සංඛාරයයි ලබන ලද නම් ඇති තුල අතුල සංඛ්‍යාත වූ ලෞකික කර්මය ද අත්හළේය. යුධ පෙරමුණෙහි මහා යෝධයෙන් සන්නාහයක් පලන්නාක් මෙන් තමා තුළ හටගත් කෙළෙස් ද අධ්‍යාත්මයෙහි ඇලුණේ සමාහිත වී පලාදැම්මේය යනුවෙනි.
අථ වා තුලන්ති තුලයන්තො තීරෙන්තො. අතුලඤ්ච සම්භවන්ති නිබ්බානඤ්චෙව සම්භවඤ්ච. භවසඞ්ඛාරන්ති භවගාමිකම්මං. අවස්සජි මුනීති “පඤ්චක්ඛන්ධා අනිච්චා, තෙසං නිරොධො නිබ්බානං නිච්ච”න්තිආදිනා (පටි· ම· 3.38 අත්ථතො සමානං) නයෙන තුලයන්තො බුද්ධමුනි භවෙ ආදීනවං නිබ්බානෙ ආනිසංසඤ්ච දිස්වා තං ඛන්ධානං මූලභූතං භවසඞ්ඛාරං කම්මක්ඛයකරෙන අරියමග්ගෙන අවස්සජි. කථං? අජ්ඣත්තරතො. සො හි විපස්සනාවසෙන අජ්ඣත්තරතො සමථවසෙන සමාහිතො කවචමිව අත්තභාවං පරියොනන්ධිත්වා ඨිතං අත්තනි සම්භවත්තා “අත්තසම්භව”න්ති ලද්ධනාමං සබ්බං කිලෙසජාතං අභින්දි, කිලෙසාභාවෙ කම්මං අප්පටිසන්ධිකත්තා අවස්සට්ඨං නාම හොති, කිලෙසාභාවෙන කම්මං ජහීති අත්ථො (දී· නි· අට්ඨ· 2.169; උදා· අට්ඨ· 51).
එසේ නැතහොත් තුලං යනු සම කරනුයේ, තීරණය කරනුයේ යනුයි. අතුල වූ දෙය ද නිවන ද සම්භවය ද හමුවෙත්. භව සංඛාරං යනු භවගාමී කර්මයයි. අවස්සජි මුනි යනු පංචස්කන්ධ අනිත්‍යය. ඒවායේ නිරෝධය වූ නිවන නිත්‍යයය ආදී ක්‍රමයෙන් තුලනය කරමින් බුද්ධ මුනීන්ද්රයන් වහන්සේ භවයේ ආදීනව ද නිවනේ ආනිසංස ද දැක ස්කන්ධයන්ගේ මුල වූ ඒ භව සංස්කාරය කර්මක්ෂය කිරීමෙන් ආර්ය මාර්ගයෙන් දුරුකළේය. කෙසේ ද? ආධ්‍යාත්මයේ ඇලීමෙනි. හෙතෙම වනාහි විදර්ශනා වශයෙන් ආධ්‍යාත්මයේ ඇලුනේ සමථ වශයෙන් සමාහිත වූයේ සන්නාහයක් මෙන් ආත්මභාවය හාත්පස වසාගෙන සිටි තමා තුළ හටගත් බැවින් අත්තසම්භව යනුවෙන් ලබන ලද නම් ඇති සියලු කෙලෙස් සමූහය බිඳ දැමුවේය. කෙලෙස් නැතිකමින් කර්මය සම්බන්ධතා නැතිවූවක් බැවින් අවස්සට්ඨ නම් වේ. කෙලෙස් නැති නිසා කර්මය අත්හළේය යන අර්ථයයි.
සඞ්ඛතාසඞ්ඛතධාතුවිනිමුත්තස්ස අභිඤ්ඤෙය්යස්ස අභාවතො වුත්තං “තුල…පෙ… ධම්මාන”න්ති. තෙන ධම්මපටිසම්භිදා වුත්තා හොතීති ආහ – “නික්ඛෙපපඤ්ඤත්ති ධම්මපටිසම්භිදායා”ති. භවසඞ්ඛාරෙ සමුදයපක්ඛියං සන්ධායාහ “පරිච්චාගපඤ්ඤත්තී”ති. දුක්ඛසච්චපක්ඛියවසෙන “පරිඤ්ඤාපඤ්ඤත්තී”ති. සමාධානවිසිට්ඨස්ස අජ්ඣත්තරතභාවස්ස වසෙන “භාවනාපඤ්ඤත්ති කායගතාය සතියා”ති වුත්තං. අජ්ඣත්තරතතාවිසිට්ඨස්ස පන සමාධානස්ස වසෙන “ඨිතිපඤ්ඤත්ති චිත්තෙකග්ගතායා”ති වුත්තන්ති දට්ඨබ්බං. අභිනිබ්බිදාපඤ්ඤත්ති චිත්තස්සාති ආයුසඞ්ඛාරොස්සජ්ජනවසෙන චිත්තස්ස අභිනීහරණපඤ්ඤත්ති. උපාදානපඤ්ඤත්තීති ගහණපඤ්ඤත්ති. සබ්බඤ්ඤුතායාති සම්මාසම්බුද්ධභාවස්ස. එතෙන අසම්මාසම්බුද්ධස්ස ආයුසඞ්ඛාරොස්සජ්ජනං නත්ථීති දස්සෙති. කිලෙසාභාවෙන භගවා කම්මං ජහතීති දස්සෙන්තො “පදාලනාපඤ්ඤත්ති අවිජ්ජණ්ඩකොසාන”න්ති ආහ.
සංඛත අසංඛත ධාතුවලින් තොර වූ දතයුතු දෙයක් නැති බැවින් තුල -පෙ- ධම්මානං යයි කියන ලදි. එහෙයින් ධම්මපටිසම්භිදාව කියන ලද්දේ වනැයි නික්ඛෙප පඤ්ඤත්ති ධම්මපටිසම්භිදාය යි කියන ලදි. භව සංස්කාරයන් පිළිබඳ සමුදය පක්ෂය සඳහා පරිච්චාග පඤ්ඤත්ති යයි කියන ලදි. දුක්ඛ සත්‍ය පක්ෂයේ වශයෙන් පරිඤ්ඤා පඤ්ඤත්ති යයි කියන ලදි. සමව පිහිටුවීමෙන් විශිෂ්ට වූ අධ්‍යාත්මයේ ඇලීම් වශයෙන් භාවනාපඤ්ඤත්ති කායගතාසතියා යි කියන ලදි. ආධ්‍යාත්මයේ ඇලීම් වශයෙන් විශිෂ්ට වූ සමාධානය ලෙසින් ඨිති පඤ්ඤත්ති චිත්තෙකග්ගතාය යැයි කියන ලදැයි දතයුතුය. අභිනිබ්බිදා පඤ්ඤත්ති චිත්තස්ස යනු ආයු සංස්කාරය අත්හැරීම් වශයෙන් සිතෙන් බැහැර කිරීමේ ප්රඥප්ති යයි. උපාදාන පඤ්ඤත්ති යනු ග්‍රහණය කිරීමේ ප්රඥප්ති යයි. සබ්බඤ්ඤුතාය යනු සම්මා සම්බුදු බවට ය. මෙයින් සම්මා සම්බුදු නොවන අයට ආයු සංස්කාර හරණයක් නැතැයි දක්වයි. ක්ලේශයන් නැති නිසා භාග්‍යවතුන් වහන්සේ කර්මය දුරු කෙරේ යයි දක්වමින් පදාලනා පඤ්ඤත්ති අවිජ්ජණ්ඩකොසානං යි කියන ලදි.
යො දුක්ඛමද්දක්ඛි යතොනිදානන්ති යො ආරද්ධවිපස්සකො සබ්බං තෙභූමකං දුක්ඛං අදක්ඛි පස්සි, තඤ්ච යතොනිදානං යං හෙතුකං, තම්පිස්ස කාරණභාවෙන තණ්හං පස්සි. කාමෙසු සො ජන්තු කථං නමෙය්යාති සො එවං පටිපන්නො පුරිසො සවත්ථුකාමෙසු කිලෙසකාමෙසු යෙන පකාරෙන නමෙය්ය අභිනමෙය්ය, සො පකාරො නත්ථි. කස්මා? කාමා හි ලොකෙ සඞ්ගොති ඤත්වා. යස්මා ඉමස්මිං ලොකෙ කාමසදිසං බන්ධනං නත්ථි. වුත්තඤ්චෙතං භගවතා “න තං දළ්හං බන්ධනමාහු ධීරා”තිආදි (ධ· ප· 345; සං· නි· 1.121; නෙත්ති· 106; පෙටකො 15), තස්මා සඞ්ඛාරෙ ආසජ්ජනට්ඨෙන සඞ්ගොති විදිත්වා. තෙසං සතීමා විනයාය සික්ඛෙති කායගතාසතියොගෙන සතිමා තෙසං කාමානං වූපසමාය තීසුපි සික්ඛාසු අප්පමත්තො සික්ඛෙය්යාති අත්ථො.
යො දුක්ඛමද්දක්ඛි යතො නිදානං යනු යමෙක් අරඹන ලද විදර්ශනාව ඇත්තේ ද ඔහු සියලු ත්‍රෛභූමක දුක දුටුවේය. දැක්කේය යනුයි. එය ද යතො නිදානං = යම් හේතුවකින්ය. ඒ හේතුව නොමැතිකමින් තණ්හාව දුටුවේය යනුයි. කාමෙසු සො ජන්තු තථා නමෙය්ය ය මෙසේ පිළිපන් ඒ පුරුෂයා වස්තුකාම සහිත ක්ලේශ කාමයන් කෙරෙහි යම් ආකාරයකින් නැමෙන්නේ ද වෙසෙසින් නැමෙන්නේ ද ඒ ආකාරයක් නැත. කවර හෙයින් ද? ලෝකයේ කාමයෝ ඇලීම් යැයි දැන සිටින හෙයිනි. යම්හෙයකින් මේ ලෝකයේ කාමය හා ස්ථාන බන්ධනයක් නැත. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘න තං දළ්හං බන්ධනමාහු ධීරා’යි එය වදාරන ලදි. එහෙයින් ගැටීම් අර්ථයෙන් සංස්කාරයන් සංගයන් යැයි දැනගෙන (යනුයි.) තෙසං සතිමා විනෙය්ය සික්ඛෙ යනු කායගතා සතියේ යෙදීමෙන් සිහි ඇත්තේ ඒ කාමයන් සන්සිඳුවීම පිණිස ත්‍රිවිධ ශික්ෂාවන්හි අප්‍රමාදීව හික්මෙන්නේ ය යන අර්ථයයි.
වෙවචනපඤ්ඤත්තීති ඛන්ධාදීනං වෙවචනපඤ්ඤත්ති. අදක්ඛීති පන පදෙන සම්බන්ධත්තා වුත්තං – “දුක්ඛස්ස පරිඤ්ඤාපඤ්ඤත්ති චා”ති. පච්චත්ථිකතො දස්සනපඤ්ඤත්තීති අනත්ථජනනතො පච්චත්ථිකතො දස්සනපඤ්ඤත්ති. පාවකකප්පාති ජලිතඅග්ගික්ඛන්ධසදිසා. පපාතඋරගොපමාති පපාතූපමාඋරගොපමා ච.
වෙවචන පඤ්ඤත්ති යනු ස්කන්ධ ආදියේ පර්යාය වචන ප්රඥප්තියයි. අද්දක්ඛි යන පදයෙන් දුක්ඛස්ස පරිඤ්ඤා පඤ්ඤත්ති ච යන සම්බන්ධතාවය කියන ලදි. පච්චත්ථිකතො දස්සන පඤ්ඤත්ති යන අර්ථ ඇතිකරන හෙයින් ප්රයේාජනයට ප්රතිවිරුද්ධත්වයෙන් දස්සන පඤ්ඤත්තිය යනුයි. පාවක කප්පා යනු දැල්වෙන ගිනිකඳන් හා සමාන වූ යනුයි. පපාත උරගූපමා යනු ප්‍රපාත උපමාව හා උරග උපමාවයි.
මොහසම්බන්ධනො ලොකොති අයං ලොකො අවිජ්ජාහෙතුකෙහි සංයොජනෙහි බන්ධො. භබ්බරූපොව දිස්සතීති විපන්නජ්ඣාසයොපි මායාය සාඨෙය්යෙන ච පටිච්ඡාදිතසභාවො භබ්බජාතිකං විය අත්තානං දස්සෙති. උපධිබන්ධනො බාලො, තමසා පරිවාරිතොති තස්ස පන බාලස්ස තථා දස්සනෙ සම්මොහතමසා පරිවාරිතත්තා කාමගුණෙසු අනාදීනවදස්සිතාය කිලෙසාභිසඞ්ඛාරෙහි බන්ධත්තා. තථා භූතො චායං බාලො පණ්ඩිතානං අස්සිරී විය ඛායති අලක්ඛිකො එව හුත්වා උපට්ඨාති. තයිදං සබ්බං බාලස්ස සතො රාගාදිකිඤ්චනතො. පණ්ඩිතස්ස පන පඤ්ඤාචක්ඛුනා පස්සතො නත්ථි කිඤ්චනන්ති අයං සඞ්ඛෙපත්ථො. මොහසීසෙන විපල්ලාසා ගහිතාති ආහ – “දෙසනාපඤ්ඤත්ති විපල්ලාසාන”න්ති. විපරීතපඤ්ඤත්තීති විපරීතාකාරෙන උපට්ඨහමානස්ස පඤ්ඤාපනා.
මොහසම්බන්ධනො ලොකො යනු මේ ලෝකය අවිද්‍යාවට හේතු වූ සංයෝජනවලින් බැඳුණේය යනුයි. භබ්බරූපොව දිස්සති යනු සදොස් අදහස් ඇති නමුත් මායාවෙන් ද කපටිකමින් ද වැසුණු ස්වභාව ඇත්තේ සුදුස්සෙකු මෙන් තමා දක්වයි යනුයි. උපධි සම්බන්ධනො බාලො තමසා පරිවාරිතො යනු ඒ බාලයා එසේ දැකීමෙහි මෝහාන්ධකාරයෙන් පිරිවරන ලද බැවින් කාමගුණයන්හි ආදීනව නොවන දේ දැක්වීම පිණිස ක්ලේශාභි සංස්කාරයන්ගෙන් බඳනා ලද බැවින් යනුයි. එසේ වූ මේ බාලයා පණ්ඩිතයන්ට කාලකණ්ණියක මෙන් වැටහෙයි. අභාග්‍ය සම්පන්නයෙක් වී උපස්ථාන කරයි. ඒ මේ සියල්ල බාලයෙක්ව රාගාදි කිඤ්චන සහිත බැවිනි. පණ්ඩිතයා පිළිබඳව වනාහි ප්‍රඥා ඇසින් දක්නාට කිඤ්චන නැත යන මේ සංක්ෂේපාර්ථයයි. මෝහ ශීර්ෂයෙන් විපර්යාසයෙන් ගන්නා ලද්දේය යන අර්ථයෙන් දෙසනා පඤ්ඤත්ති විපල්ලාසානං යයි කියන ලදි. විපරීත පඤ්ඤත්ති යනු විපරීත ආකාරයෙන් උවටැන් කරන්නහු පිළිබඳ පැනවීමයි.
අත්ථි නිබ්බානන්ති සමණබ්රාහ්මණානං වාචාවත්ථුමත්තමෙව. නත්ථි නිබ්බානන්ති පරමත්ථතො අලබ්භමානසභාවත්තාති විප්පටිපන්නානං මිච්ඡාවාදං භඤ්ජිතුං භගවතා වුත්තං – “අත්ථි, භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛත”න්ති. තත්ථ හෙතුං දස්සෙතුං “නො චෙතං, භික්ඛවෙ”තිආදි වුත්තං. තස්සත්ථො – භික්ඛවෙ, යදි අසඞ්ඛතා ධාතු න අභවිස්ස, න ඉධ සබ්බස්ස සඞ්ඛතස්ස නිස්සරණං සියා. නිබ්බානඤ්හි ආරම්මණං කත්වා පවත්තමානා සම්මාදිට්ඨිආදයො මග්ගධම්මා අනවසෙසකිලෙසෙ සමුච්ඡින්දන්ති, තතො තිවිධස්සපි වට්ටස්ස අප්පවත්තීති.
නිර්වාණය ඇත යන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වදන වස්තු මාත්‍රයක් ම ය. පරමාර්ථ වශයෙන් නොලැබෙන ස්වභාව ඇති බැවින් නිවන නැත යන වැරදි ලෙස ගත්තවුන්ගේ මිථ්‍යාවාදය බිඳ දමන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අත්ථි භික්ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යනුවෙන් වදාරන ලදි. එහි හේතුව දක්වන්නට නො චෙ තං භික්ඛවෙ යනාදිය ප්‍රකාශ කරන ලදි. එහි අර්ථය මෙයයි. ‘මහණෙනි, ඉදින් අසංඛත ධාතුව නොවන්නේ නම් මේ ලෝකයේ සියලු සංඛතයන්ගේ නිෂ්ක්‍රමණය වන්නේය. නිවන අරමුණු කොට පවත්නා සම්මා දිට්ඨි ආදි මාර්ග ධර්ම කෙලෙස් ඉතිරි නැතිව මුලිනුපුටා දමත්. එයින් ත්‍රිවිධ සසර නොපවතී.
තත්ථායමධිප්පායො – යථා පරිඤ්ඤෙය්යතාය සඋත්තරානං කාමානං රූපානඤ්ච පටිපක්ඛභූතං තබ්බිධුරසභාවං නිස්සරණං පඤ්ඤායති, එවං තංසභාවානං සඞ්ඛභධම්මානං පටිපක්ඛභූතෙන තබ්බිධුරතාසභාවෙන නිස්සරණෙන භවිතබ්බං, යඤ්ච තං නිස්සරණං. සා අසඞ්ඛතා ධාතු. කිඤ්ච භිය්යො? සඞ්ඛතධම්මාරම්මණං විපස්සනාඤාණං. අපි ච අනුලොමඤාණං කිලෙසෙ න සමුච්ඡෙදවසෙන පජහිතුං සක්කොති. සම්මුතිසච්චාරම්මණම්පි පඨමජ්ඣානාදීසු ඤාණං වික්ඛම්භනමත්තමෙව කරොති, කිලෙසානං න සමුච්ඡෙදං, සමුච්ඡෙදප්පහානකරඤ්ච අරියමග්ගඤාණං, තස්ස සඞ්ඛතධම්මසම්මුතිසච්චවිපරීතෙන ආරම්මණෙන භවිතබ්බං, සා අසඞ්ඛතා ධාතු. තථා නිබ්බාන-සද්දො කත්ථචි විසයෙ අවිපරීතත්ථො වෙදිතබ්බො, උපචාරවුත්තිසබ්භාවතො, යථා තං “සීහසද්දො”ති.
මේ එහි අදහසයි. යම්සේ අවබෝධ කටයුතු බැවින් උසස් වූ කාමයන්ට ද රූපයන්ට ද ප්රතිපක්ෂ වූ ඊට විරුද්ධ ස්වභාව ඇති නිස්සරණය ප්‍රකට වේ. මෙසේ එවන් ස්වභාව ඇති නිස්සරණයෙන් එය විය යුතුය. ඒ නිස්සරණය යමක්ද එය අසංඛත ධාතුවයි. වැඩිදෙය කුමක් ද? සංඛත ධර්මයන්ගේ අරමුණ වූ විපස්සනා ඤාණයයි. තව ද අනුලෝම ඤාණය කෙලෙස් මුලිනුපුටා දැමීම් වශයෙන් අත්හරින්නට නොහැකිය. සම්මුති සත්‍යයේ අරමුණ ද ප්‍රථමධ්‍යාන ආදියේ ඤාණ වූ වික්ඛම්භන මාත්‍රය ම ඇති කෙරේ. කෙලෙස්වල මුලිනුපුටා දැමීමක් නොවේ ද සමුච්ඡේද ප්රහාණය ඇතිකරන ආර්යමාර්ග ඤාණය ඒ සංඛත ධර්ම සම්මුති සත්‍යයට වෙනස් වූ අරමුණෙන් ඇතිවිය යුතුයි. එය අසංඛත ධාතුවයි. එසේම නිබ්බාණ ශබ්දය කිසියම් විෂයකදී නොවෙනස් අර්ථ ඇතිව වටහාගත යුතුයි. සීහ ශබ්දය උපචාර වුත්ති සද්භාවයෙනි.
අථ වා “අත්ථි, භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛත”න්ති (උදා· 73) වචනං අවිපරීතත්ථං, භගවතා භාසිතත්තා. යඤ්හි භගවතා භාසිතං, තං අවිපරීතත්ථං. යථා තං “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා”ති (ම· නි· 1.353, 356; කථා· 753; චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 4; පටි· ම· 1.31; නෙත්ති· 5; ධ· ප· 277-279), එවම්පි යුත්තිවසෙන අසඞ්ඛතාය ධාතුයා පරමත්ථතො සබ්භාවො වෙදිතබ්බො. කිං වා එතාය යුත්තිචින්තාය? යස්මා භගවතා “අත්ථි, භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛතන්ති (උදා· 73), අප්පච්චයා ධම්මා අසඞ්ඛතා ධම්මාති (ධ· ස· දුකමාතිකා 7-8) ච, අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි අසඞ්ඛතගාමිනිඤ්ච පටිපද”න්තිආදිනා (සං· නි· 4.366-367, 377) ච අනෙකෙහි සුත්තපදෙහි නිබ්බානධාතුයා පරමත්ථතො සබ්භාවො දෙසිතොති. තත්ථ උපනයනපඤ්ඤත්තීති පටිපක්ඛතො හෙතුඋපනයනස්ස පඤ්ඤාපනා. ජොතනාපඤ්ඤත්තීති පටිඤ්ඤාතස්ස අත්ථස්ස සිද්ධියා පකාසනාපඤ්ඤත්ති. සෙසං සබ්බං සුවිඤ්ඤෙය්යමෙව.
එසේ නැතහොත් ‘අත්ථි භික්ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යන වචනය නොවෙනස් අර්ථ ඇත්තකි. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද බැවිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාරන ලද ද එය නොවෙනස් අර්ථ ඇත්තේය. උදාහරණ මෙසේය. ‘සබ්බෙ සංඛාරා අනිච්චා. සබ්බෙ සංඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා’ යනුයි. මෙසේ ද යුක්ති වශයෙන් අසංඛත ධාතුවේ පරමාර්ථ වශයෙන් ස්වභාවය දතයුතුය. මේ යුක්ති චින්තාවෙන් කවර ප්‍රයෝජනයක් ද? භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අත්ථි භික්ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ කියා ද ‘අප්පච්චයා ධම්මා, අසංඛතා ධම්මා’ කියා ද ‘අසංඛතඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි අසංඛත ගාමි පටිදං’ කියා ද මේ ආදියෙන් ද නොයෙක් සූත්‍ර පදයන්ගෙන් ද පරමාර්ථ වශයෙන් නිර්වාණ ධාතුවේ ස්වභාවය දේශනා කරන ලදි. එහි උපනයන පඤ්ඤත්ති යනු ප්රතිපක්ෂව හේතු එළවන්නහුගේ ගෙනහැරපෑමයි. ජොතනා පඤ්ඤත්ති යනු පොරොන්දු වූ අර්ථ සිද්ධිය ප්‍රකාශ කරන ප්රඥප්තියයි. සෙසු සියල්ල මනාව දතයුතුය.
පඤ්ඤත්තිහාරවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
පඤ්ඤත්ති හාර විභංග වර්ණනාව නිමි.