වෙවචනහාරවිභඞ්ගවණ්ණනා අට්ඨකථා
වෙවචනහාරවිභඞ්ගවණ්ණනා
වෙවචන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො වෙවචනො හාරොති වෙවචනහාරවිභඞ්ගො. තත්ථ යථා වෙවචනනිද්දෙසො හොති, තං දස්සෙතුං “එකං භගවා ධම්මං අඤ්ඤමඤ්ඤෙහි වෙවචනෙහි නිද්දිසතී”ති වුත්තං. වෙවචනෙහීති පරියායසද්දෙහීති අත්ථො. පදත්ථො පුබ්බෙ වුත්තො එව. කස්මා පන භගවා එකං ධම්මං අනෙකපරියායෙහි නිද්දිසතීති? වුච්චතෙ – දෙසනාකාලෙ ආයතිඤ්ච කස්සචි කථඤ්චි තදත්ථපටිබොධො සියාති පරියායවචනං, තස්මිං ඛණෙ වික්ඛිත්තචිත්තානං අඤ්ඤවිහිතානං අඤ්ඤෙන පරියායෙන තදත්ථාවබොධනත්ථං පරියායවචනං. තෙනෙව පදෙන පුන වචනෙ තදඤ්ඤෙසං තත්ථ අධිගතතා සියාති මන්දබුද්ධීනං පුනප්පුනං තදත්ථසල්ලක්ඛණෙ අසම්මොසනත්ථං පරියායවචනං. අනෙකෙපි අත්ථා සමානබ්යඤ්ජනා හොන්තීති යා අත්ථන්තරපරිකප්පනා සියා, තස්සා පරිවජ්ජනත්ථම්පි පරියායවචනං අනඤ්ඤස්ස වචනෙ අනෙකාහි තාහි තාහි සඤ්ඤාහි තෙසං තෙසං අත්ථානං ඤාපනත්ථම්පි පරියායවචනං සෙය්යථාපි නිඝණ්ටුසත්ථෙ. ධම්මකථිකානං තන්තිඅත්ථුපනිබන්ධනපරාවබොධනානං සුඛසිද්ධියාපි පරියායවචනං. අත්තනො ධම්මනිරුත්තිපටිසම්භිදාප්පත්තියා විභාවනත්ථං, වෙනෙය්යානං තත්ථ බීජාවාපනත්ථං වා පරියායවචනං භගවා නිද්දිසති.
තත්ථ කතමො වෙවචන හාරො යනු වෙවචන හාර විභංගයයි. එහි යම්සේ වෙවචන නිර්දේශය වෙයි ද එය දක්වන්නට එකං භගවා ධම්මං අඤ්ඤමඤ්චෙහි වෙවචනෙහි නිද්දිසති යි කියන ලදි. වෙවචනෙහි යනු පර්යාය ශබ්දයන්ගෙන් යන අර්ථයයි. පදාර්ථය මුලදී කියන ලද ම ය. භාග්‍යවතුන් වහන්සේ කවර හෙයකින් එක් ධර්මයක් නොයෙක් පර්යායන්ගෙන් දක්වන සේක් ද? කියනු ලැබේ. දේශනා කාලයෙහි ද මත්තෙහි ද කිසිවෙක්, කෙසේනම් යන අර්ථ අවබෝධය පරියාය වචනයෙන් වෙයි. එකෙණෙහි වික්ෂිප්ත වූ සිත් ඇති වෙන දෙසකට යොමු වූ සිත් ඇති අයට අන්‍ය ක්‍රමයකින් ඒ අර්ථාවබෝධය කරනු පිණිස පර්යාය වචනය යොදාගැනේ. එහිදී ඒ පදයෙන්ම ඉන් අන්‍ය වූ පදවල පුනරුක්ත අවබෝධ වන්නේය. මන්දබුද්ධිකයන්ට නැවත නැවත ඒ අර්ථ සලකුණෙහි නොමුළාවීම පිණිස පර්යාය වචන යොදා ගැනේ. නොයෙක් අර්ථ සමාන ව්‍යඤ්ජන සහිත වෙත් යන යම් අර්ථාන්තර පරිකල්පනයක් වේ ද එය දුරුකරනු පිණිස ද පර්යාය වචනය යොදා ගැනේ. නොදන්නා වචනයකදී විවිධ වූ ඒ ඒ සංඥාවන්ගෙන් ඒ ඒ අර්ථ හැඟවීම පිණිස ද පර්යාය වචන යොදාගැනේ. නිඝණ්ඩු ශාස්ත්‍රයෙහි මෙනි. පෙළ අර්ථය අවබෝධ කරගන්නා ධර්ම කථිකයන්ගේ සුඛසිද්ධිය පිණිස ද පර්යාය වචන යොදාගැනේ. හික්මවිය යුතු පුද්ගලයන්ට තමන්ගේ ධර්ම නිරුක්ති පටිසම්භිදා සම්පත් විභාවනය කරනු පිණිසත් එහි බීජ වපුරනු පිණිසත් භාග්‍යවතුන් වහන්සේ පර්යාය වචන නිර්දේශ කරන සේක.
කිං බහුනා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා සම්මාසම්බුද්ධා යථා සබ්බස්මිං අත්ථෙ අප්පටිහතඤාණාචාරා, තථා සබ්බස්මිං සද්දවොහාරෙති එකම්පි අත්ථං අනෙකෙහි පරියායෙහි බොධෙති, න තත්ථ දන්ධායිතත්තං විත්ථායිතත්තං අත්ථස්ස. නාපි ධම්මදෙසනාහානි, ආවෙණිකොවායං බුද්ධධම්මොති පරියායදෙසනං දස්සෙන්තො “ආසා”තිආදිමාහ. තත්ථ අත්ථං දස්සෙන්තො “ආසා නාම වුච්චති යා භවිස්සස්ස අත්ථස්සා”තිආදිමාහ. තත්ථ භවිස්සස්ස අත්ථස්සාති අනාගතස්ස ඉච්ඡිතබ්බස්ස අත්ථස්ස. “අවස්සං ආගමිස්සතී”තිආදිනා තස්සා පවත්තියාකාරං දස්සෙති. අනාගතත්ථවිසයා තණ්හා ආසා. අනාගතපච්චුප්පන්නත්ථවිසයා තණ්හා පිහාති අයමෙතාසං විසෙසො.
බොහෝ කොට කීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යම් ධර්ම ධාතුවක් මනාව අවබෝධ කළ හෙයින් සම්‍යක් සම්බුදුන් වහන්සේ යම්සේ සියලු අර්ථයන්හි නොවළක්වන ලද ඤාණාචාරයක් ඇත්තේ ද එසේ සියලු ශබ්ද ව්‍යවහාරයෙහි එක් අර්ථයක් ද නොයෙක් ක්රමයන්ගෙන් අවබෝධ කරවයි. එහිදී අර්ථයේ අඥාන බවක් අඩාල බවක් ඇති නොවේ. ධර්මදේශනා හානියක් ද නොවේ. මෙය බුද්ධධර්මයේ ආවේණික දෙයකි. පර්යාය දේශනාව දක්වමින් ආසා යනාදිය කියන ලදි. එහි අර්ථය දක්වනුයේ ආසානාම වුච්චති යා භවිස්සස්ස අත්ථස්ස යනාදිය කියන ලදි. එහි භවිස්සස්ස අත්ථස්ස යනු අනාගතයේ කැමතිවිය යුතු අර්ථයේය. අවස්සං ආගමිස්සති යනුවෙන් එහි පැවැත්මේ ස්වරූපය දක්වයි. අනාගත අර්ථවිෂය පිළිබඳ තණ්හාව ආශාවයි. අනාගත වර්තමාන අර්ථවිෂය පිළිබඳ තණ්හාව පිහා නමි. මේ මේවායේ විශේෂයයි.
අත්ථනිප්ඵත්තිපටිපාලනාති යාය ඉච්ඡිතස්ස අත්ථස්ස නිප්ඵත්තිං පටිපාලෙති ආගමෙති, යාය වා නිප්ඵන්නං අත්ථං පටිපාලෙති රක්ඛති. අයං අභිනන්දනා නාම, යථාලද්ධස්ස අත්ථස්ස කෙලායනා නාමාති අත්ථො. තං අත්ථනිප්ඵත්තිං සත්තසඞ්ඛාරවසෙන විභජිත්වා දස්සෙන්තො “පියං වා ඤාති”න්තිආදිමාහ . තත්ථ ධම්මන්ති රූපාදිආරම්මණධම්මං, අතිඉට්ඨාරම්මණං අභිනන්දති, අනිට්ඨාරම්මණෙහිපි තං දස්සෙතුං “අප්පටික්කූලතො වා අභිනන්දතී”ති වුත්තං. පටික්කූලෙපි හි විපල්ලාසවසෙන සත්තං, සඞ්ඛාරං වා අප්පටික්කූලතො අභිනන්දති.
අත්ථනිප්ඵත්ති පටිපාලනා යනු යමකින් කැමති අර්ථයේ නිෂ්පත්තිය රකී ද ඉවසා ද යමකින් නිපන්නා වූ අර්ථය පාලනය කෙරේද රකී ද මෙය අභිනන්දනා නමි. ලබන ලද පරිදි අර්ථයේ මමත්ව ග්‍රහණය නම් වේ යන අර්ථයයි. ඒ අර්ථ නිෂ්පත්තිය සත්ත්ව සංස්කාර වශයෙන් බෙදා දක්වන්නේ පියං වා ඤාතිං යනාදිය කීහ. එහි ධම්මං යනු රූපාදි වූ අරමුණුය. ඉෂ්ටාරම්මණයෙහි සතුටු වෙයි. අනිෂ්ටාරම්මණයෙහි ද එය දක්වන්නට අප්පටිකූලතො වා අභිනන්දති යි කියන ලදි. පිළිකුල් සහගත දෙයින ද විපර්යාස වශයෙන් සත්ත්වයා හෝ සංස්කාර හෝ අප්‍රතිකූල වශයෙන් සතුටු වෙයි.
යාසු අනෙකධාතූසු පවත්තියා තණ්හා “අනෙකධාතූසු සරා”ති වුත්තා, තා ධාතුයො විභාගෙන දස්සෙතුං “චක්ඛුධාතූ”තිආදි වුත්තං. කිඤ්චාපි ධාතුවිභඞ්ගාදීසු (විභ· 172 ආදයො) කාමධාතුආදයො අඤ්ඤාපි අනෙකධාතුයො ආගතා, තාසම්පි එත්ථෙව සමවරොධොති දස්සනත්ථං අට්ඨාරසෙවෙත්ථ දස්සිතා. කෙචි රූපාධිමුත්තාතිආදි තාසු ධාතූසු තණ්හාය පවත්තිදස්සනං. තත්ථ යස්මා පඤ්ච අජ්ඣත්තිකා ධාතුයො සත්ත ච විඤ්ඤාණධාතුයො ධම්මධාතු ච ධම්මාරම්මණෙනෙව සඞ්ගහිතා, තස්මා අට්ඨාරස ධාතුයො උද්දිසිත්වා ඡළෙව තණ්හාය පවත්තිට්ඨානානි විභත්තානීති දට්ඨබ්බං. තණ්හාපක්ඛා නෙක්ඛම්මස්සිතාපි දොමනස්සුපවිචාරා තස්ස අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති “පිහපච්චයා දොමනස්ස”න්ති වචනතො, කො පන වාදො ගෙහස්සිතෙසු දොමනස්සුපවිචාරෙසූති ඉමානි චතුවීසති පදානි “තණ්හාපක්ඛො”ති වුත්තං. ගෙහස්සිතා පන උපෙක්ඛා අඤ්ඤාණුපෙක්ඛතාය යථාභිනිවෙසස්ස පච්චයො හොතීති “යා ඡ උපෙක්ඛා ගෙහස්සිතා, අයං දිට්ඨිපක්ඛො”ති වුත්තං.
තණ්හාව යම් නොයෙක් ධාතූන්හි පැවැත්මෙන් අනෙක ධාතුසු සරා යයි කියන ලද ද ඒ ධාතූහු විභාග වශයෙන් දක්වන්නට චක්ඛුධාතු ආදිය කියන ලදි. කෙසේ වුව ද ධාතු විභංග ආදී සූත්‍රවල කාමධාතු ආදි අනෙක් ධාතු සඳහන්ය. මෙහිදීම ඒවායේ ද එකතුව දක්වනු පිණිස අටළොස්ව දක්වන ලදි. කෙචිරූපාධිමුත්තා යනාදිය ඒ ධාතූන්හි තණ්හාවේ පැවැත්ම දැක්වීමකි. එහිදී යම්හෙයකින් ආධ්‍යාත්මික ධාතු පස ද විඤ්ඤාණ ධාතු සූත්‍ර ද ධම්මධාතුව ද ධර්මාරම්මණයෙහිම සංග්‍රහ කරන ලද ද එහෙයින් අටළොස් ධාතු දක්වා ෂඩ්විධ තණ්හාවේ ප්රවෘත්ති ස්ථාන බෙදන ලදැයි දතයුතුය. ආශාව හේතුකරගෙන දොම්නස වේ යන ප්‍රකාශයෙන් තෘෂ්ණාවට පක්ෂ වූ නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කරගත් දොම්නස් හැසිරීම් ඒවා අතර වූ විමෝක්‍ෂයන්හි ආශාව එළඹවමින් උපදියි. ගෙහසිත වූ දොම්නස් හැසිරීම්වලදී කවර කතා ද යනු දැක්වීමට ඉමානි චතුවීසති පදානි තණ්හා පෙක්ඛා යි කියන ලදි. ගෙහසිත උපේක්ෂාව නොදන්නා වූ උපේක්ෂාවට කැමති පරිදි ප්‍රවිෂ්ට වී ප්‍රත්‍ය වේ යයි ඡ උපෙක්ඛා ගෙහසිතා අයං දිට්ඨිපක්ඛො යනුවෙන් කියන ලදි.
ඉදානි තෙසං උපවිචාරානං තණ්හාපරියායං දස්සෙන්තො “සායෙව පත්ථනාකාරෙන ධම්මනන්දී”තිආදිමාහ. පුන චිත්තං පඤ්ඤා භගවා ධම්මො සඞ්ඝො සීලං චාගොති ඉමෙසං පරියායවචනනිද්ධාරණෙන වෙවචනහාරං විභජිත්වා දස්සෙතුං “චිත්තං මනො විඤ්ඤාණ”න්තිආදි ආරද්ධං. තත්ථ “අඤ්ඤම්පි එවං ජාතිය”න්ති ඉමිනා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහොති (මහානි· 149) එවමාදීනම්පි පඤ්ඤාය පරියායසද්දානං සඞ්ගහො දට්ඨබ්බො.
දැන් ඒ සමීප හැසිරීම්වල තණ්හා පර්යාය දක්වනුයේ සායෙව පත්ථනා කාරෙන ධම්මනන්දි යනුවෙන් ප්‍රකාශ කරන ලදි. නැවත චිත්ත, පඤ්ඤා, භගවා, ධම්මෙ, සංඝො, සීලං, චාගො යනුවෙන් මේවායේ පර්යාය වචන වෙන් කිරීමෙන් වේවචනහාරය බෙදා දක්වන්නට චිත්තං මනො විඤ්ඤාණන්ති යනාදිය ආරම්භ කරන ලදි. එහි අන්‍ය වූ මෙවන් ජාතියකි යන මෙයින් පඤ්ඤා, පජානන, විචය, පවිචය, ධම්මවිචය, සල්ලක්ඛණ, උපලක්ඛණ, පච්චුපලක්ඛණ, පණ්ඩිච්ච, කොසල්ල, නෙපුඤ්ඤ, වෙභව්යචින්තා, උපපරික්ඛා, භූරිමෙධා, පරිනායිකා, විපස්සනා, සම්පජඤ්ඤ, පතොද පඤ්ඤා, පඤ්ඤින්ද්රිය, පඤ්ඤාබල, පඤ්ඤාසත්ථ, පඤ්ඤා පාසාද, පඤ්ඤා ආලෝක, පඤ්ඤාඔභාස, පඤ්ඤාපජ්ජොත, පඤ්ඤාරතන, අමොහ යන මේ ආදී වශයෙන් පඤ්ඤාවේ පර්යාය ශබ්ද සංග්‍රහය දතයුතුයි.
පඤ්චින්ද්රියානි ලොකුත්තරානීති ඛයෙ ඤාණන්තිආදීනි පඤ්චින්ද්රියානි ලොකුත්තරානි, ලොකුත්තරපඤ්ඤාය වෙවචනානීති අත්ථො. සබ්බා පඤ්ඤාති ඉතරෙහි වෙවචනෙහි වුත්තා සබ්බා පඤ්ඤා ලොකියලොකුත්තරමිස්සිකාති අත්ථො. “අපි චා”තිආදිනා ඉමිනාපි පරියායෙන වෙවචනං වත්තබ්බන්ති දස්සෙති. ආධිපතෙය්යට්ඨෙනාති අධිමොක්ඛලක්ඛණෙ ආධිපතෙය්යට්ඨෙන. යථා ච බුද්ධානුස්සතියං වුත්තන්ති යථා බුද්ධානුස්සතිනිද්දෙසෙ (විසුද්ධි· 1.123) “ඉතිපි සො භගවා”තිආදිනා පාළියා සො භගවා ඉතිපි අරහං…පෙ… ඉතිපි භගවාති අනෙකෙහි වෙවචනෙහි භගවා අනුස්සරිතබ්බොති වුත්තං. ඉමිනාව නයෙන බලනිප්ඵත්තිගතො වෙසාරජ්ජප්පත්තො යාව ධම්මොභාසපජ්ජොතකරොති, එතෙහි පරියායෙහි බුද්ධස්ස භගවතො වෙවචනං බුද්ධානුස්සතියං වත්තබ්බන්ති පදං ආහරිත්වා සම්බන්ධො වෙදිතබ්බො. එතානිපි කතිපයානි එව භගවතො වෙවචනානි. අසඞ්ඛ්යෙය්යා හි බුද්ධගුණා ගුණනෙමිත්තකානි ච භගවතො නාමානි. වුත්තඤ්හෙතං ධම්මසෙනාපතිනා –
පඤ්චින්ද්රියානි ලොකුත්තරානි යනු ඛයෙ ඤාණය යනාදි ලෝකෝත්තර පංච ඉන්ද්‍රියන් ය. ලෝකෝත්තර ප්‍රඥාවේ වේවචන යන අර්ථයයි. සබ්බා පඤ්ඤා යනු ඉතිරි වේවචනවලින් කියන ලද සියලු ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර මිශ්රය යන අර්ථයයි. අපිච යනාදියෙන් මේ ක්‍රමයෙන් වේවචන කිව යුතුයයි දක්වයි. අධිපතෙය්යට්ඨෙන යනු අධිමොක්ඛ ලක්ෂණයෙහි අධිපති අර්ථයෙනි. යථා ච බුද්ධානුස්සතියං වුත්තං යනු බුද්ධානුස්සති නිර්දේශයෙහි යම්සේ ‘ඉතිපිසො භගවා’ ආදි පාළියෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මේ කරුණින් ද අරහං නම් වේ -පෙ- මේ කරුණින් ද භගවා නම් වන සේක’ යනුවෙන් නොයෙක් වචනවලින් භාග්‍යවතුන් වහන්සේ සිහිකළ යුතු යැයි කියන ලදි. මේ ක්‍රමයෙන්ම බල නිෂ්පත්තියට පැමිණියේ, වෛශාරද්‍ය භාවයට පත්වූයේ යම්තාක් ධර්මාලෝකය දල්වන්නෙක් වේ ද මේ ක්රමයන්ගෙන් භාග්‍යවත් බුදුරදුන්ට පර්යාය වචන බුද්ධානුස්සතියේ දී කිවයුතුය යන පද ගෙනවුත් සම්බන්ධය දතයුතුයි. මේවා ද භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වේවචන කිහිපයක්ම පමණි. භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ ද ගුණ නිමිති ද පිළිබඳ නාම අසංඛ්‍යය. මෙය ධම්ම සේනාපති සැරියුත් හිමියන් විසින් කියන ලදි.
“අසඞ්ඛ්යෙය්යානි නාමානි, සගුණෙන මහෙසිනො; ගුණෙන නාමමුද්ධෙය්යං, අපි නාම සහස්සතො”ති. (උදා· අට්ඨ· 53);
අසංඛෙය්‍යානි නාමානි සගුණෙන මහෙසිනො, ගුණෙන නාම මුද්ධෙය්යං අපි නාම සහස්සතො
ගුණ සහිත වු මහර්ෂී වූ බුදුරදුන්ගේ නාමයන් සංඛ්‍යා රහිතය. ගුණයෙන් පසසත් නම් නම් දහස් ගණනකිනි.
ධම්මානුස්සතියං “අසඞ්ඛත”න්තිආදීසු න කෙනචි පච්චයෙන සඞ්ඛතන්ති අසඞ්ඛතං. නත්ථි එතස්ස අන්තො විනාසොති අනන්තං. ආසවානං අනාරම්මණතො අනාසවං. අවිපරීතසභාවත්තා සච්චං. සංසාරස්ස පරතීරභාවතො පාරං. නිපුණඤාණවිසයත්තා සුඛුමසභාවත්තා ච නිපුණ. අනුපචිතඤාණසම්භාරෙහි දට්ඨුං න සක්කාති සුදුද්දසං. උප්පාදජරාහි අනබ්භාහතත්තා අජජ්ජරං. ථිරභාවෙන ධුවං. ජරාමරණෙහි අපලුජ්ජනතො අපලොකිතං. මංසචක්ඛුනා දිබ්බචක්ඛුනා ච අපස්සිතබ්බත්තා අනිදස්සනං. රාගාදිපපඤ්චාභාවෙන නිප්පපඤ්චං. කිලෙසාභිසඞ්ඛාරානං වූපසමහෙතුතාය සන්තං.
ධම්මානුස්සතියෙහි අසංඛතං යනාදියෙහි කිසි හේතුවකින් සංඛත නොවූයේ අසංඛතයි. මෙහි අන්තයක් විනාසයක් නැත්තේනුයි අනන්ත නමි. ආශ්‍රවයන් අරමුණු නොකරන හෙයින් අනාසව නම් වේ. නොවෙනස් වන ස්වභාව ඇති බැවින් සච්ච නම් වේ. සසරේ පරතෙර බැවින් පාර නම් වේ. නිපුණ වූ ඤාණ විෂය ඇති බැවින් ද සියුම් ස්වභාව ඇති බැවින්ද නිපුණ නම් වේ. නො මුහුකුරවන ලද ඤාණ සම්භාරයන්ගෙන් දැකීමට නොහැකි වන අර්ථයෙන් සුදුද්දස නම් වේ. උත්පත්ති ජරා ආදියෙන් නොමඩනා ලද හෙයින් අජජ්ජර නම් වේ. ස්ථිර භාවයෙන් ධුව නම් වේ. ජරාමරණවලින් නොබිඳෙන හෙයින් අපලොකිතං නම් වේ. මසැසින් ද දිවැසින් ද නොදැකිය යුතු බැවින් අනිදස්සන නම් වේ. රාග ආදී පපඤ්චයන් නොමැතිකමින් නිප්පපඤ්ච නම් වේ. ක්ලේශ අභිසංස්කරණයන් සන්සිඳුවන හෙයින් සන්ත නම් වේ.
අමතහෙතුතාය භඞ්ගාභාවතො ච අමතං. උත්තමට්ඨෙන අතප්පකට්ඨෙන ච පණීතං. අසිවානං කම්මකිලෙසවිපාකවට්ටානං අභාවෙන සිවං. චතූහි යොගෙහි අනුපද්දවභාවෙන ඛෙමං. තණ්හා ඛීයති එත්ථාති තණ්හක්ඛයො. කතපුඤ්ඤෙහිපි කදාචිදෙව පස්සිතබ්බත්තා අච්ඡරියං. අභූතපුබ්බත්තා අබ්භුතං . අනන්තරායත්තා අනීතිකං. අනන්තරායභාවහෙතුතො අනීතිකධම්මං (සං· නි· අට්ඨ· 3.5.377-409).
අමෘත බැවින් බිඳීමක් නොමැත්තේ අමත යයි. උත්තම අර්ථයෙන් ද නොතැවීම් අර්ථයෙන් ද පණීත නම් වේ. අයහපත් වූ කර්ම, ක්ලේශ, විපාක දුක් නොමැති නිසා සිවං නම් වේ. සතර යෝගවලින් උවදුරු නොමැති බැවින් ඛෙමං නම් වේ. මෙහි තණ්හාව ගෙවේනුයි තණ්හක්ඛය නමි. කළ පින් ඇත්තවුන් විසින් කිසිදිනෙක දැකිය යුතු බැවින් අච්ඡරිය නම් වේ. පෙර නොවූ විරූ හෙයින් අබ්භුත නම් වේ. අනතුරු නැති බැවින් අනීතික නම් වේ. අනතුරු නැති බවට හේතුවන බැවින් අනීතිකධම්ම නම් වේ.
අනිබ්බත්තිසභාවත්තා අජාතං. තතො එව අභූතං. උභයෙනාපි උප්පාදරහිතන්ති වුත්තං හොති. කෙනචි අනුපද්දුතත්තා අනුපද්දවං. න කෙනචි පච්චයෙන කතන්ති අකතං. නත්ථි එත්ථ සොකොති අසොකං. සොකහෙතුවිගමෙන විසොකං. කෙනචි අනුපසජ්ජිතබ්බත්තා අනුපසග්ගං. අනුපසග්ගභාවහෙතුතො අනුපසග්ගධම්මං.
නූපදීම් ස්වභාව ඇති බැවින් අජාත නම් වේ. එහෙයින්ම අභූත නම් වේ. දෙපසින්ම ඉපදීම් රහිත යැයි කියන ලද්දේ වෙයි. කිසිවකු විසින් උපද්‍රව කළ නොහැකි බැවින් අනුපද්දව නම් වේ. කිසිදු හේතුවකින් නොකරන ලද්දේනුයි අකත නමි. මෙහි ශෝකයක් නැත්තේනුයි අසෝක නමි. ශෝක හේතු නැතිවීමෙන් විසෝක වේ. කිසිවකු විසින් උපද්‍රව කළ නොහැකි බැවින් අනුපසග්ග නම් වේ. අනුපසන්න භාවයට හේතුවන බැවින් අනුපසග්ග ධම්ම නම් වේ.
ගම්භීරඤාණගොචරතො ගම්භීරං. සම්මාපටිපත්තිං විනා පස්සිතුං පත්තුං අසක්කුණෙය්යත්තා දුප්පස්සං. සබ්බලොකං උත්තරිත්වා ඨිතන්ති උත්තරං. නත්ථි එතස්ස උත්තරන්ති අනුත්තරං. සමස්ස සදිසස්ස අභාවෙන අසමං. පටිභාගාභාවෙන අප්පටිසමං. උත්තමට්ඨෙන ජෙට්ඨං, පාසංසතමත්තා වා ජෙට්ඨං. සංසාරදුක්ඛට්ටිතෙහි ලෙතබ්බතො ලෙණං. තතො රක්ඛණතො තාණං. රණාභාවෙන අරණං. අඞ්ගණාභාවෙන අනඞ්ගණං. නිද්දොසතාය අකාචං. රාගාදිමලාපගමෙන විමලං. චතූහි ඔඝෙහි අනජ්ඣොත්ථරණීයතො දීපො. සංසාරවූපසමසුඛතාය සුඛං. පමාණකරධම්මාභාවතො අප්පමාණං, ගණෙතුං එතස්ස න සක්කාති ච අප්පමාණං. සංසාරසමුද්දෙ අනොසීදනට්ඨානතාය පතිට්ඨා. රාගාදිකිඤ්චනාභාවෙන පරිග්ගහාභාවෙන ච අකිඤ්චනන්ති එවමත්ථො දට්ඨබ්බො.
ගැඹුරු අරමුණු වන බැවින් ගම්භිර නම් වේ. මනා ප්රතිපත්තියකින් තොරව දක්නට, පැමිණෙන්නට නොහැකි බැවින් දුප්පස්ස නම් වේ. සියලු ලෝකය තරණය කොට සිටියේනුයි උත්තර නමි. මෙයට වඩා උසස් වූවක් නැත්තේනුයි අනුත්තර නම් වේ. සමාන වූ සදෘශ වූ දෙයක් නොමැති බැවින් අසම නම් වේ. සමාන වූවක් නොමැති හෙයින් අප්පටිසම නම් වේ. උත්තම අර්ථයෙන් ජෙට්ඨ නම් වේ. පැසසීම් පමණින් හෝ ජෙට්ඨ නමි. සසර දුකෙහි ඇලුණවුන් විසින් සැඟවිය යුතු හෙයින් ලෙණ නම් වේ. එයින් රකින හෙයින් තාණ නම් වේ. පාප නැති බැවින් අරණ නම් වේ. කෙලෙස් නොමැති කමින් අනංගණ නම් වේ. දොස් නැති බැවින් අකාම නම් වේ. රාගාදි කෙලෙස් ඉවත් වූ හෙයින් විමල නම් වේ. සතර ඕඝයන්හි බැස නොගත යුතු බැවින් දීප නම් වේ. සසර සන්සිඳ වූ සැපයෙන් සුඛ නම් වේ. ප්රමාණකාරක කරුණු ඇති බැවින් පමාණ වේ. මෙයට ප්‍රමාණයක් ගත නොහැක යන අර්ථයෙන් අප්පමාණ නම් වේ. සංසාර සමුද්‍රයේ නොගිලෙන බැවින් පතිට්ඨා නම් වේ. රාගාදි කිඤ්චන නැතිකමින් ද ග්‍රහණය කිරීමක් නැතිකමින් ද අකිඤ්චන නම් වේ යනුවෙන් මෙසේ අර්ථය දතයුතුය.
සඞ්ඝානුස්සතියං සත්තානං සාරොති සීලසාරාදිසාරගුණයොගතො සත්තෙසු සාරභූතො. සත්තානං මණ්ඩොති ගොරසෙසු සප්පිමණ්ඩො විය සත්තෙසු මණ්ඩභූතො. සාරගුණවසෙනෙව සත්තෙසු උද්ධරිතබ්බතො සත්තානං උද්ධාරො. නිච්චලගුණතාය සත්තානං එසිකා. ගුණසොභාසුරභිභාවෙන සත්තානං පසූනං සුරභි කුසුමන්ති අත්ථො.
සංඝානුස්සතියෙහි සත්තානං සාරො යනු සීලයෙන් සරුවීම ආදී සාර ගුණයෝගයෙන් සත්ත්වයන්ගේ සාර බවට පත් වූ යනුයි. සත්තානං මණ්ඩො යනු ගව රසයෙන් ගිතෙල් මෙන් සත්ත්වයන්ගෙන් සතුටු වූ යනුයි. සාර ගුණ වශයෙන් ම සත්ත්වයන්ගේ උඩට ගතයුතු බැවින් සත්තානං උද්ධාරො යි යෙදේ. නිශ්චල ගුණ ඇති බැවින් සත්තානං එසිකායි යෙදේ. ගුණ ශෝභා සුවඳින් යුත් බැවින් සත්තානං පසූනං යි යෙදේ. සුවඳමල් යන අර්ථයයි.
ගුණෙසු උත්තමඞ්ගං පඤ්ඤා තස්සා උපසොභාහෙතුතාය සීලං උත්තමඞ්ගොපසොභනං වුත්තං. සීලෙසු පරිපූරකාරිනො අනිජ්ඣන්තා නාම ගුණා නත්ථීති “නිධානඤ්ච සීලං සබ්බදොභග්ගසමතික්කමනට්ඨෙනා”ති වුත්තං. අයඤ්ච අත්ථො ආකඞ්ඛෙය්යසුත්තෙන (ම· නි· 1.64 ආදයො) දීපෙතබ්බො. අපරම්පි වුත්තං – “ඉජ්ඣති, භික්ඛවෙ, සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”ති (දී· නි· 3.337; සං· නි· 4.352; අ· නි· 8.35). සිප්පන්ති ධනුසිප්පං. ධඤ්ඤන්ති ධනායිතබ්බං. ධම්මවොලොකනතායාති සමථවිපස්සනාදිධම්මස්ස වොලොකනභාවෙන . වොලොකනට්ඨෙනාති සත්තභූමකාදිපාසාදෙ විය සීලෙ ඨත්වා අභිඤ්ඤාචක්ඛුනා ලොකස්ස වොලොකෙතුං සක්කාති වුත්තං. සබ්බභූමානුපරිවත්ති ච සීලං චතුභූමකකුසලස්සාපි තදනුවත්තනතො. සෙසං උත්තානමෙවාති.
ගුණයන් අතර උත්තමාංගය ප්රඥාවයි. ඒ ශෝභාවට හේතුවූ බැවින් සීලය උත්තමං ගෝප සොභන යැයි කියන ලදි. සීලය පරිපූර්ණ කරන්නාගේ නොපෙනෙන ගුණයක් නැතැයි නිධානං සීලං සබ්බදොහග්ග සමතික්කමනට්ඨෙන යි කියන ලදි. මේ අර්ථය ද ආකංඛෙය්‍ය සූත්‍රයෙන් දැක්විය යුතුය. ‘මහණෙනි, සිල්වත් පුද්ගලයාගේ චේතොප්රණිධිය පිරිසිදු බැවින් සමෘද්ධිමත් වේ’ යනුවෙන් වෙනත් දෙයක් ද කියන ලදි. සිප්පං යනු ධනු ශිල්පයයි. ධඤ්ඤං යනු ධනය ලැබිය යුතු යනුයි. ධම්ම වොලොකන තාය යනු සමථ විදර්ශනා ආදී ධර්මයන් බැලීම් වශයෙනි. වොලොකනට්ඨෙන යනු සත්මහල් පහයක සිට මෙන් සීලයෙහි පිහිටා අභිඥා ඇසින් ලොව බලන්නට හැකියැයි කියන ලදි. චාතුර්භූමක කුසලය ද ඊට අනුව පවත්නා හෙයින් සීලය සියලු භූමියෙහි පරිවර්තනය වන සුලුය. සෙස්ස ප්‍රකටමය.
වෙවචනහාරවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
වෙවචන හාර විභංග වර්ණනාව නිමි.