පරිවත්තනහාරවිභඞ්ගවණ්ණනා අට්ඨකථා
පරිවත්තනහාරවිභඞ්ගවණ්ණනා
පරිවර්තන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො පරිවත්තනො හාරොති පරිවත්තනහාරවිභඞ්ගො. තත්ථ යස්මා සංවණ්ණියමානෙ සුත්තෙ යථානිද්දිට්ඨානං කුසලාකුසලධම්මානං පටිපක්ඛභූතෙ අකුසලකුසලධම්මෙ පහාතබ්බභාවාදිවසෙන නිද්ධාරණං පටිපක්ඛතො පරිවත්තනං, තස්මා “සම්මාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා භවතී”තිආදි ආරද්ධං. තත්ථ සම්මා පසත්ථා, සුන්දරා දිට්ඨි එතස්සාති සම්මාදිට්ඨි, තස්ස. සා පනස්ස සම්මාදිට්ඨිතා පුබ්බභාගසම්මාදිට්ඨියා වා ලොකුත්තරසම්මාදිට්ඨියා වා වෙදිතබ්බා. මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා භවතීති පුරිමනයෙ විපස්සනාසම්මාදිට්ඨියා පහීනා හොති, වික්ඛම්භිතාති අත්ථො. පච්ඡිමනයෙ පඨමමග්ගසම්මාදිට්ඨියා පහීනා සමුච්ඡින්නාති අත්ථො.
තත්ථ කතමො පරිවත්තනො හාරො යනු පරිවර්තන හාර විභංගයයි. එහි යම්හෙයකින් වර්ණනා කරනු ලබන සූත්‍රයෙක දක්වන ලද පරිදි කුසල අකුසල ධර්මයන්ට ප්රතිපක්ෂ වූ අකුසල කුසල ධර්මයන් ප්‍රහීණ කළ යුතු බැව් ආදී වශයෙන් වෙන්කිරීම ප්රතිපක්ෂ වශයෙන් පරිවර්තනයයි. එහෙයින් සම්මා දිට්ඨිස්ස පුරිස පුග්ගලස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති යනාදිය අරඹන ලදි. එහි මනාව පසසන ලද සුන්දර වූ දෘෂ්ටිය මෙහි ඇත්තේනුයි සම්මා දිට්ඨි නම් වේ. එහිය. ඒ සම්‍යග් දෘෂ්ටිත්වය පූර්වභාග සම්මා දිට්ඨියෙන් හෝ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් හෝ දතයුතුය. මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්නා හොති යනු පළමු ක්රමයෙන්දී විදර්ශනා සම්මා දිට්ඨිය ප්‍රහීණ වෙයි. යටපත් කරන ලදී යන අර්ථයයි. අවසන් ක්‍රමයේදී පළමු මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ප්‍රහීණ වූයේ මුලින් සිඳදමන ලද්දේය යන අර්ථයයි.
යෙ චස්ස මිච්ඡාදිට්ඨිපච්චයාති මිච්ඡාභිනිවෙසහෙතු යෙ අරියානං අදස්සනකාමතාදයො ලොභාදයො පාණාතිපාතාදයො ච අනෙකෙ ලාමකට්ඨෙන පාපකා අකොසල්ලසම්භූතට්ඨෙන අකුසලා ධම්මා උප්පජ්ජෙය්යුං. ඉමස්ස ආරද්ධවිපස්සකස්ස අරියස්ස ච. ධම්මාති සමථවිපස්සනාධම්මා, සත්තත්තිංසබොධිපක්ඛියධම්මා වා අනුප්පන්නා වා සම්භවන්ති උප්පන්නා, භාවනාපාරිපූරිං ගච්ඡන්ති. සම්මාසඞ්කප්පස්සාතිආදීනම්පි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. අයං පන විසෙසො – සම්මාවිමුත්තිආදීනං මිච්ඡාවිමුත්ති අවිමුත්තාව සමානා “විමුත්තා මය”න්ති එවංසඤ්ඤිනො අවිමුත්තියං වා විමුත්තිසඤ්ඤිනො. තත්රායං වචනත්ථො – මිච්ඡා පාපිකා විමුත්ති විමොක්ඛො එතස්සාති මිච්ඡාවිමුත්ති. අට්ඨඞ්ගා ච මිච්ඡාවිමුත්ති යථාවුත්තෙනාකාරෙන මිච්ඡාභිනිවෙසවසෙන ච පවත්තා අන්තද්වයලක්ඛණා. සම්මාවිමුත්ති පන ඵලධම්මා, මිච්ඡාදිට්ඨිකෙ සමාසෙවතො මිච්ඡාවිමොක්ඛො වා මිච්ඡාවිමුත්ති. මිච්ඡාවිමුත්තිඤාණදස්සනං පන මිච්ඡාවිමොක්ඛෙ මිච්ඡාදිට්ඨියා ච සාරන්ති ගහණවසෙන පවත්තො අකුසලචිත්තුප්පාදො අන්තමසො පාපං කත්වා “සුකතං මයා”ති පච්චවෙක්ඛතො උප්පන්නමොහො ච. සම්මාවිමුත්තිඤාණදස්සනස්සාති එත්ථ සෙක්ඛානං පච්චවෙක්ඛණඤාණං සම්මාවිමුත්තිඤාණදස්සනන්ති අධිප්පෙතං. තඤ්හි උත්තරිභාවනාපාරිපූරියා සංවත්තති.
යෙ චස්ස මිච්ඡාදිට්ඨිපච්චයා යනු මිථ්‍යාවට බැසගැනීමට හේතු වූ ආර්යයන් නොදකිනු කැමති බව ආදී ද ලෝභාදිය ද ප්‍රාණඝාතාදිය ද යන මේවායි. අනෙකෙ යනු ලාමකාර්ථයෙනි. පාපකා යනු අදක්ෂභාවය ඇතිකර වූ අර්ථයෙනි. අකුසල්දහම් උපදින්නාහ. අරඹන ලද විදර්ශනා ඇති මේ ආර්ය පුද්ගලයාගේ ද, ධම්මා යනු සමථ විදර්ශනාදි ධර්ම හෝ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝය. නූපන් ධර්ම උපදී. උපන් ධර්ම වර්ධනයට පරිපූර්ණත්වයට පත්වෙත්. සම්මා සංකප්පස්ස යනාදියේ ද මේ ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මේ වනාහි විශේෂයයි. සම්මා විමුක්ති ආදියේ මිච්ඡා විමුත්තිය නොමිදුනේම අපි මිදුනෙමුයි යන මෙවන් හැඟීම් ඇත්තෝ හෝ අවිමුක්තියෙහි විමුක්ත සංඥා ඇත්තෝය. මේ එහි වචනාර්ථයයි. අසත්‍ය වූ පාපී වූ විමුක්තිය හෙවත් විමොක්ෂය මෙහි ඇත්තෝනුයි මිච්ඡා විමුත්ති නම් වේ. අංග අටකින් යුත් මිච්ඡා විමුක්තිය කියන ලද ආකාරයෙන් මිථ්යාභිනිවේශ වශයෙන් පැවති අන්ත දෙක පිළිබඳ ලක්ෂණයන්ය. සම්මා විමුත්තිය වනාහි ඵලධර්මයන් ය. මිථ්‍යා දෘෂ්ටිකයන් ඇසුරුකරන බැවින් හෝ මිච්ඡා විමෝක්ෂය මිච්ඡා විමුත්ති නම් වේ. මිච්ඡා විමුත්ති ඤාණ දස්සනං වනාහි මිථ්‍යා විමොක්ෂයෙහි ද මිථ්‍යා දෘෂ්ටියෙහි ද සාරය යැයි ගැනීම් වශයෙන් පැවති අකුසල් සිත් ඉපදවීම යටපත් පිරිසෙයින් පාපයක් කොට මා විසින් මනාව කරන ලදැයි සිහිකරන්නාට උපන්නා වූ මෝහය ද වේ. සම්මා විමුත්ති ඤාණදස්සනස්ස යන මෙහි ශෛක්ෂයන්ගේ ප්රත්යවේක්ෂණ ඤාණය සම්මා විමුත්ති ඤාණ දර්ශනය යැයි අදහස් කරන ලදි. එය වනාහි මත්තෙහි භාවනා පරිපූර්ණත්වය පිණිස පවතී.
එවං සම්මාදිට්ඨිආදිමුඛෙන මිච්ඡාදිට්ඨිආදිං දස්සෙත්වා පුන පාණාතිපාතඅදින්නාදානකාමෙසුමිච්ඡාචාරාදිතො වෙරමණියාදීහි පාණාතිපාතාදීනං පරිවත්තනං දස්සෙතුං “යස්සා”තිආදි ආරද්ධං. තත්ථ කාලවාදිස්සාති ලක්ඛණවචනං. කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසඤ්හිතන්ති සො සම්ඵප්පලාපස්ස පහානාය පටිපන්නො හොතීති වුත්තං.
මෙසේ සම්මා දිට්ඨි ආදී ප්‍රවේශයෙන් මිථ්‍යාදෘෂ්ටි ආදිය දක්වා නැවත පාණාතිපාතා අදින්නාදානා කාමෙසු මිච්ඡාචාර ආදියෙන් වැලකීම්වලින් පාණාතිපාතාදීන්ගේ පරිවර්තනය දක්වන්නට යස්ස යනාදිය අරඹන ලදි. එහි කාලවාදිස්ස යනු ලක්ෂණ වචනයකි. කාලයෙන් කරුණු සහිත කෙළවර ඇති අර්ථවත් වූ දෙය. එය සම්පප්‍රලාපය ප්රහාණය පිණිස පිළිපන්නේ යැයි කියන ලදි.
පුන “යෙ ච ඛො කෙචී”තිආදිනා සම්මාදිට්ඨිආදිමුඛෙනෙව මිච්ඡාදිට්ඨිආදීහි එව පරිවත්තනං පකාරන්තරෙන දස්සෙති. තත්ථ සන්දිට්ඨිකාති පච්චක්ඛා. සහධම්මිකාති සකාරණා. ගාරය්හාති ගරහිතබ්බයුත්තා. වාදානුවාදාති වාදා චෙව අනුවාදා ච. “වාදානුපාතා”තිපි පාඨො, වාදානුපවත්තියොති අත්ථො. පුජ්ජාති පූජනීයා. පාසංසාති පසංසිතබ්බා.
නැවත යෙ ච ඛො කෙචි යනාදියෙන් සම්මා දිට්ඨි ආදී ප්රවේශයන්ගෙන්ම මිථ්‍යාදෘෂ්ටි ආදියෙන්ම වූ පරිවර්තනය වෙනත් ආකාරයකින් දක්වයි. එහි සන්දිට්ඨිකා යනු ප්රත්යක්ෂ වූ යනුයි. සහධම්මිකා යනු කරුණු සහිත යනුයි. ගාරය්හා යනු ගැරහිය යුතු යනුයි. වාදානුවාදා යනු වාදය ද අනුවාදය ද යන දෙකයි. වාදානුපාතා යැයි ද පාඨයක් වේ. වාදය අනුව පැවැතීම් යන අර්ථයයි. පුජ්ජා යනු පූජනීය යනුයි. පාසංසා යනු පැසසිය යුතු යනුයි.
පුන “යෙ ච ඛො කෙචී”තිආදිනා මජ්ඣිමාය පටිපත්තියා අන්තද්වයපරිවත්තනං දස්සෙති. තත්ථ භුඤ්ජිතබ්බාතිආදීනි චත්තාරි පදානි වත්ථුකාමවසෙන යොජෙතබ්බානි. භාවයිතබ්බා බහුලීකාතබ්බාති පදද්වයං කිලෙසකාමවසෙන. තෙසං අධම්මොති භාවෙතබ්බො නාම ධම්මො සියා, කාමා ච තෙසං භාවෙතබ්බා ඉච්ඡිතා, කාමෙහි ච වෙරමණී කාමානං පටිපක්ඛො, ඉති සා තෙසං අධම්මො ආපජ්ජතීති අධිප්පායො.
නැවත යෙ ච ඛො කෙචි යනාදියෙන් මධ්‍යම ප්‍රතිපදාවේ අන්ත දෙක පිළිබඳ පරිවර්තනය දක්වයි. එහි භුඤ්ජිතබ්බා යනාදී පද සතර වස්තුකාම වශයෙන් යෙදිය යුතුය. භාවයිතබ්බා බහුලීකාතබ්බා යන පද දෙක ක්ලේශකාම වශයෙනි. තෙසං අධම්මො යනු වැඩිය යුතු ධර්ම වන්නේය යනුයි. ඒවායින් කාමයන් වැඩිය යුතුයි කැමති විය. කාමයන්ගෙන් වෙන්වීම කාමයන්ට ප්රතිපක්ෂ වූයේය. මෙසේ ඒවායින් මේ අධර්මයට පැමිණේ යන අදහසයි.
නිය්යානිකො ධම්මොති සහ විපස්සනාය අරියමග්ගො. දුක්ඛොති පාපං නිජ්ජරාපෙස්සාමාති පවත්තිතං සරීරතාපනං වදති. සුඛොති අනවජ්ජපච්චයපරිභොගසුඛං. එතෙසුපි වාරෙසු වුත්තනයෙනෙව අධම්මභාවාපත්ති වත්තබ්බා. ඉදානි අසුභසඤ්ඤාදිමුඛෙන සුභසඤ්ඤාදිපරිවත්තනං දස්සෙතුං “යථා වා පනා”තිආදි වුත්තං. ආරද්ධවිපස්සකස්ස කිලෙසාසුචිපග්ඝරණවසෙන තෙභූමකසඞ්ඛාරා අසුභතො උපට්ඨහන්තීති කත්වා වුත්තං “සබ්බසඞ්ඛාරෙසු අසුභානුපස්සිනො විහරතො”ති. “යං යං වා පනා”තිආදිනා පටිපක්ඛස්ස ලක්ඛණං විභාවෙති. තත්ථ අජ්ඣාපන්නොති අධිආපන්නො, අභිඋපගතො පරිඤ්ඤාතොති අත්ථො.
නිය්යාණිකො ධම්මො යනු විදර්ශනාව සමග වූ ආර්ය මාර්ගයයි. දුක්ඛො යනුවෙන් පාපය ගෙවා දමමුයි පැවති ශරීර තාපනය කියවේ. සුඛො යනු නිවැරදි වූ ප්‍රත්‍ය පරිභෝග කරන සැපයයි. මේ වාරයන්හිද කියන ලද ක්‍රමයෙන්ම අධර්ම භාවයට පැමිණීම කිවයුතුයි. දැන් අසුභ සංඥා ආදී ප්‍රවේශයෙන් සුභ සංඥා ආදියේ පරිවර්තනය දක්වන්නට යථා පන යනාදිය කියන ලදි. අරඹන ලද විදර්ශනා ඇත්තහුගේ කෙලෙස් නමැති අශුචි වැගිරීම් වශයෙන් ත්‍රෛභූමක සංස්කාරයන් අශුභ වශයෙන් එළඹ සිටී යයි තීරණය කර සබ්බ සංඛාරෙසු අසුභානු පස්සිනො විහරතො යි කියන ලදි. යං යං වා පන යන ආදියෙන් ප්රතිපක්ෂ වූ දෙයෙහි ලක්ෂණ දක්වයි. එහි අජ්ඣාපන්නො යනු අධි ආපන්නො යන පද දෙකයි. සමීපයට පැමිණියේ හාත්පසින් දත්තේ යන අර්ථයයි.
පරිවත්තනහාරවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
පරිවර්තන හාර විභංග වර්ණනාව නිමි.