යෙදුමෙන් කියවන්න

විභත‍්තිහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

විභත‍්තිහාරවිභඞ‍්ගවණ‍්ණනා

විභත්ති හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො විභත‍්තිහාරොති විභත‍්තිහාරවිභඞ‍්ගො. තත්‍ථ ධම‍්මවිභත‍්තිභූමිවිභත‍්තිපදට‍්ඨානවිභත‍්තීති තිවිධා විභත‍්ති. තාසු යස‍්මා ධම‍්මෙසු විභාගතො නිද‍්දිට‍්ඨෙසු තත්‍ථ ලබ‍්භමානො භූමිවිභාගො පදට‍්ඨානවිභාගො ච නිද‍්දිසියමානො සුවිඤ‍්ඤෙය්‍යො හොති, තස‍්මා ධම‍්මවිභත‍්තිං තාව නිද‍්දිසන‍්තො සොළසවිධෙ පට‍්ඨානෙ යෙසං සුත‍්තානං වසෙන විසෙසතො විභජිතබ‍්බා, තානි සුත‍්තානි දස‍්සෙතුං “ද‍්වෙ සුත‍්තානි වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්චා”ති වුත‍්තං. තත්‍ථ වාසනා පුඤ‍්ඤභාවනා, තස‍්සා භාගො කොට‍්ඨාසො වාසනාභාගො, තස‍්ස හිතන‍්ති වාසනාභාගියං, සුත‍්තං. නිබ‍්බිජ‍්ඣනං ලොභක‍්ඛන්‍ධාදීනං පදාලනං නිබ‍්බෙධො, තස‍්ස භාගොති සෙසං පුරිමසදිසමෙව. යස‍්මිං සුත‍්තෙ තීණි පුඤ‍්ඤකිරියවත්‍ථූනි දෙසිතානි, තං සුත‍්තං වාසනාභාගියං. යස‍්මිං පන සෙක‍්ඛාසෙක‍්ඛා දෙසිතා, තං නිබ‍්බෙධභාගියං. අයඤ‍්ච අත්‍ථො පාළියංයෙව ආගමිස‍්සති.

තත්‍ථ කතමො විභත්ති හාරො යනු විභත්තිහාර විභංගයයි. එහිදී ධම්ම විභත්ති භූමි විභත්ති පදට්ඨාන විභත්ති යැයි විභත්ති ත්‍රිවිධ වේ. යම්හෙයකින් ඒවා අතරින් ධර්මයන් විභාග වශයෙන් දැක්වූ කල්හි එහිදී ලැබෙන භූමි විභාගය ද පදට්ඨාන විභාගය ද දක්වනු ලබන්නේ මනාව දතහැකි වෙයි. එහෙයින් පළමුව ධම්ම විභත්තිය දක්වනුයේ සොළොස් වැදෑරුම් පට්ඨාන යම් සූත්‍රයක් ලෙසින් විශේෂ වශයෙන් බෙදිය යුතු ද ඒ සූත්‍ර දක්වන්නට ද්වෙ සුත්තානි වාසනාභාගියඤ්ච නිබ්බෙධ භාගියඤ්ච යන්න ප්‍රකාශ කරන ලදි. එහි වාසනාව නම් පුණ්‍ය වර්ධනයයි. එයින් භාගයක් කොටසක් වාසනා භාගයයි. එයට හිත වූයේ වාසනාභාගිය නම් වේ. සූත්‍රයයි. ලෝභ ස්කන්ධ ආදියේ විනිවිදයාම, පළා දැමීම නිබ්බේධයයි. එයින් කොටසක් වූයේ නිබ්බේධ භාගියයි. සෙස්ස පූර්වය හා සමාන ම ය. යම් සූත්‍රයක ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දෙසන ලද ද ඒ සූත්‍රය වාසනා භාගිය සූත්‍රයකි. මේ අර්ථය ද පාළියේම එන්නේය.

පුඤ‍්ඤභාගියාති පුඤ‍්ඤභාගෙ භවා. තථා ඵලභාගියා වෙදිතබ‍්බා. ඵලන‍්ති පන සාමඤ‍්ඤඵලං. සංවරසීලන‍්ති පාතිමොක‍්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන‍්තිසංවරො, වීරියසංවරොති පඤ‍්ච සංවරා සංවරසීලං. පහානසීලන‍්ති තදඞ‍්ගප‍්පහානං, වික‍්ඛම‍්භනප‍්පහානං, සමුච‍්ඡෙදප‍්පහානං, පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං, නිස‍්සරණප‍්පහානන‍්ති පඤ‍්චප‍්පහානානි. තෙසු නිස‍්සරණප‍්පහානවජ‍්ජානං පහානානං වසෙන පහානසීලං වෙදිතබ‍්බං. සොති යො වාසනාභාගියසුත‍්තසම‍්පටිග‍්ගාහකො, සො. තෙන බ්‍රහ‍්මචරියෙනාති තෙන සංවරසීලසඞ‍්ඛාතෙන සෙට‍්ඨචරියෙන කාරණභූතෙන බ්‍රහ‍්මචාරී භවති. එත්‍ථ ච අට‍්ඨසමාපත‍්තිබ්‍රහ‍්මචරියස‍්ස න පටික‍්ඛෙපො, කෙචි පන “තෙනෙව බ්‍රහ‍්මචරියෙනා”ති පඨන‍්ති, තෙසං මතෙන සියා තස‍්ස පටික‍්ඛෙපො.

පුඤ්ඤභාගියා යනු පුණ්‍ය කොටසෙහි වන යනුයි. එසේම ඵලභාගිය දේ ද දතයුතුය. ඵලය යනු මහණකමේ ප්‍රතිඵලයයි. සංවරසීලං යනු ප්‍රාතිමෝක්‍ෂ සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යන සංවර පස සංවර ශීලය යනුයි. පහාණ සීලං යනු තදංග ප්‍රහාණය, වික්ඛම්භන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිප්පස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය යන පස්වැදෑරුම් ප්‍රහාණයන්ය. ඒවායින් නිස්සරණ ප්‍රහාණය හැරුණු ප්‍රහාණයන්ගේ ස්වභාවයෙන් ප්‍රහාණ ශීලය දතයුතුය. සො යනු යමෙක් වාසනාභාගිය සූත්‍රය පිළිගන්නෙක් වේ ද ඔහුය. තෙන බ්‍රහ්මචරියෙන යනු ඒ සංවරශීල සංඛ්‍යාත වූ ශ්‍රේෂ්ඨ චර්යාවෙන් යුක්ත වූ බ්‍රහ්මචාරියෙක් වෙයි යනුයි. මෙහිදී ද අෂ්ට සමාපත්ති බ්‍රහ්මචර්යාවේ ප්‍රතික්‍ෂේපයක් නොමැත. ඇතැමෙක් තෙනෙව බ්‍රහ්මචරියෙන යනුවෙන් ද කියවත්. ඔවුන්ගේ මතය අනුව එහි ප්‍රතික්‍ෂේපයක් වන්නේය.

පහානසීලෙ ඨිතොති සමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිප‍්පහානානං වසෙන පහානසීලෙ ඨිතො. තෙන බ්‍රහ‍්මචරියෙනාති තෙන පහානසීලෙන විසෙසභූතෙන මග‍්ගබ්‍රහ‍්මචරියෙන. යෙ පන “තෙනෙව බ්‍රහ‍්මචරියෙනා”ති පඨන‍්ති, තෙසං අයං පාඨො “වාසනාභාගියං නාම සුත‍්තං දානකථා, සීලකථා, සග‍්ගකථා, පුඤ‍්ඤවිපාකකථා”ති. යෙ පන “තෙන බ්‍රහ‍්මචරියෙනා”ති පඨන‍්ති, තෙසං අයං පාඨො – “වාසනාභාගියං නාම සුත‍්තං දානකථා, සීලකථා, සග‍්ගකථා කාමානං ආදීනවො නෙක‍්ඛම‍්මෙ ආනිසංසො”ති. තත්‍ථ කතමො පාඨො යුත‍්තතරොති? පච‍්ඡිමො පාඨොති නිට‍්ඨං ගන‍්තබ‍්බං. යස‍්මා “නිබ‍්බෙධභාගියං නාම සුත‍්තං යා චතුසච‍්චප‍්පකාසනා”ති වක‍්ඛති, න හි මහාථෙරො සාවසෙසං කත්‍වා ධම‍්මං දෙසෙසීති.

පහාණසීලෙ ඨිතො යනු සමුච්ඡේද පටිප්පස්සද්ධි ප්‍රහාණ වශයෙන් ප්‍රහාණශීලයේ සිටියේ යනුයි. තෙන බ්‍රහ්මචරියෙන යනු ඒ ප්‍රහාණ ශීලයෙන් විශේෂිත වූ මාර්ග බ්‍රහ්මචර්යාවෙනි. යමෙක් වනාහි තෙනෙව බ්‍රහ්මචරියෙන යනුවෙන් කියවත් ද ඔවුන් සතුව වාසනා භාගියං නාම සුත්තං දාන කථා සීල කථා සග්ග කථා පුඤ්ඤවිපාක කථා යන මේ පාඨයක් වේ. යමෙක් වනාහි තෙන බ්‍රහ්මචරියෙන යනුවෙන් කියවත් ද ඔවුන් සතුව ද වාසනා භාගියං නාම සුත්තං දානකථා සීලකථා සග්ග කථා කාමානං ආදීනවො නෙක්ඛම්මෙ ආනිසංසො’ යන මේ පාඨයක් වේ. එහි කවර පාඨය වඩාත් යුක්ති සහගත වේ ද? අවසන් පාඨය යැයි නිගමනය කළ යුතුය. යම්හෙයකින් නිබ්බෙධභාගිය සූත්‍රය චතුසත්‍ය ප්‍රකාශ කරන්නේ යැයි කියනු ලැබේ ද එහෙයිනි. මහතෙරුන් වහන්සේ ඉතිරිකොට ධර්මදේශනා කරන්නේ නොවේ.

“නත්‍ථි පජානනා”තිආදිනා උභින‍්නං සුත‍්තානං සාතිසයං අසඞ‍්කරකාරණං දස‍්සෙති. තත්‍ථ පජානනාති අරියමග‍්ගස‍්ස පදට‍්ඨානභූතා වුට‍්ඨානගාමිනී විපස‍්සනාපඤ‍්ඤා. ඉමානි චත‍්තාරි සුත‍්තානීති ඉමෙසං සුත‍්තානං වාසනාභාගියනිබ‍්බෙධභාගියානං වක‍්ඛමානානඤ‍්ච සංකිලෙසභාගියඅසෙක‍්ඛභාගියානං වසෙන චත‍්තාරි සුත‍්තානි. දෙසනායාති දෙසනානයෙන. සබ‍්බතො විචයෙන හාරෙන විචිනිත්‍වාති සබ‍්බතොභාගෙන එකාදසසු ඨානෙසු පක‍්ඛිපිත්‍වා විචයෙන හාරෙන විචිනිත්‍වා. “යුත‍්තිහාරෙන යොජෙතබ‍්බානී”ති එතෙන විචයහාරයුත‍්තිහාරා විභත‍්තිහාරස‍්ස පරිකම‍්මට‍්ඨානන‍්ති දස‍්සෙති. “යාවතිකා ඤාණස‍්ස භූමී”ති ඉමිනා විභත‍්තිහාරස‍්ස මහාවිසයතං දස‍්සෙති.

නත්‍ථි පජානාති යනාදියෙන් සූත්‍ර දෙකේම අමිශ්‍ර හේතුව දක්වයි. එහි පජානාති යනු ආර්ය මාර්ගයේ ආසන්න කරුණ වූ නැගීසිටින සුළු විදර්ශනා ප්‍රඥාවයි. ඉමානි චත්තාරි සුත්තානි යනු මේ සූත්‍ර හතරේ වාසනාභාගිය නිබ්බෙධභාගිය වශයෙන් ද සංකිලෙසභාගිය අසෙක්ඛභාගිය වශයෙන් ද කියනු ලබන සූත්‍ර සතරයි. දෙසනාය යනු දේශනා න්‍යායෙනි. සබ්බතො විචයෙන හාරෙන විචිනිත්‍වා යනු සියලු කොටසින් එකොළොස් තැනක් අතහැර විචය හාරයෙන් පිරික්සා යනුයි. යුත්තිහාරෙන යොජෙතබ්බානි යන මෙයින් විචය හාරය යුත්ති හාරය යන දෙක විභත්තිහාරයේ පරිකර්ම ස්ථානය දක්වයි. යාවතිකා ඤාණස්ස භූමි යන මෙයින් විභත්ති හාරයේ මහා විෂයත්වය දක්වයි.

එවං වාසනාභාගියනිබ‍්බෙධභාගියභාවෙහි ධම‍්මෙ එකදෙසෙන විභජිත්‍වා ඉදානි තෙසං කිලෙසභාගියඅසෙක‍්ඛභාගියභාවෙහි සාධාරණාසාධාරණභාවෙහි විභජිතුං “තත්‍ථ කතමෙ ධම‍්මා සාධාරණා”තිආදි ආරද‍්ධං. තත්‍ථ කතමෙ ධම‍්මාති කතමෙ සභාවධම‍්මා. සාධාරණාති අවිසිට‍්ඨා, සමානාති අත්‍ථො. ද‍්වෙ ධම‍්මාති දුවෙ පකතියො. පකතිඅත්‍ථො හි අයං ධම‍්ම-සද‍්දො “ජාතිධම‍්මානං සත‍්තාන”න‍්තිආදීසු (පටි· ම· 1.33) විය. නාමසාධාරණාති නාමෙන සාධාරණා, කුසලාකුසලාති සමානනාමාති අත්‍ථො. වත්‍ථුසාධාරණාති වත්‍ථුනා නිස‍්සයෙන සාධාරණා, එකසන‍්තතිපතිතතාය සමානවත්‍ථුකාති අත්‍ථො. විසෙසතො සංකිලෙසපක‍්ඛෙ පහානෙකට‍්ඨා නාමසාධාරණා, සහජෙකට‍්ඨා වත්‍ථුසාධාරණා. අඤ‍්ඤම‍්පි එවං ජාතියන‍්ති කිච‍්චපච‍්චයපටිපක‍්ඛාදීහි සමානං සඞ‍්ගණ‍්හාති. මිච‍්ඡත‍්තනියතානං අනියතානන‍්ති ඉදං පුථුජ‍්ජනානං උපලක‍්ඛණං. තස‍්මා සස‍්සතවාදා උච‍්ඡෙදවාදාති ආදිකො සබ‍්බො පුථුජ‍්ජනභෙදො ආහරිත්‍වා වත‍්තබ‍්බො. දසනප‍්පහාතබ‍්බා කිලෙසා සාධාරණා මිච‍්ඡත‍්තනියතානං අනියතානං එව ච සම‍්භවතො සම‍්මත‍්තනියතානං අසම‍්භවතො ච. ඉමිනා නයෙන සෙසපදෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො.

මෙසේ වාසනාභාගිය, නිබ්බෙධ භාගිය ස්වරූපයන්ගෙන් ධර්මයන් එක් අයුරකින් බෙදා දක්වා දැන් ඒවා සංකිලෙස භාගිය අසෙක්ඛභාගිය ස්වභාවයන්ගෙන් සාධාරණ අසාධාරණ ස්වභාවයන්ගෙන් බෙදා දක්වන්නට තත්‍ථ කතමෙ ධම්මා සාධාරණා යනාදිය අරඹන ලදි. එහි කතමෙ ධම්මා යනු කවර ස්වභාව ඇති ධර්මයෝ ද යනුයි. සාධාරණා යනු පොදු වූ යනුයි. සමාන යන අර්ථයයි. දුවෙ ධම්මා යනු ප්‍රකෘති දෙකයි. මේ ධර්ම ශබ්දය ප්‍රකෘති යන අර්ථය ඇත්තකි. ජානි ධම්මානං සත්තානං යනාදියේ මෙනි. නාම සාධාරණා යනු නාමයෙන් සාධාරණ වූ යනුයි. කුසල අකුසල යනු සමාන නම් ඇති යන අර්ථයයි. වත්‍ථු සාධාරණා යනු ආශ්‍රිත වස්තුවෙන් සමාන වූ යනුයි. එක පරපුරකට වැටුණු සමාන වස්තු යන අර්ථයයි. විශේෂයෙන් සංකිලෙස පක්‍ෂයෙහි ප්‍රහාණ වූ අර්ථ නම් සාධාරණය. එක්ව ඇති වූ වස්තු සාධාරණය. අඤ්ඤම්පි එවං ජාතියං යනු කටයුතු හේතු ප්‍රතිපක්‍ෂ ආදියෙන් සමාන වූ දේ ගනිනු ලැබේ. මිච්ඡත්තනියතානං අනියතානං යන මෙය පෘථග්ජනයන්ගේ සලකා බැලීමකි. එහෙයින් ශාස්වතවාදය උච්ඡේදවාදය යනාදි සියල්ල පෘථග්ජන භේදය ගෙනවුත් ප්‍රකාශ කළ යුතුය. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් සාධාරණ වන්නේ අසත්‍ය වූ ද අනියත වූ ද දේ ලැබෙන බැවින්ද සත්‍ය වූ නියත වූ දේ නොලැබෙන බැවින් දැයි මේ ක්‍රමයෙන් සෙසු පදවල ද අර්ථය දතයුතුය.

අරියසාවකොති සෙක‍්ඛං සන්‍ධාය වදති. සබ‍්බා සා අවීතරාගෙහි සාධාරණාති ලොකියසමාපත‍්ති රූපාවචරා අරූපාවචරා දිබ‍්බවිහාරො බ්‍රහ‍්මවිහාරො පඨමජ‍්ඣානසමාපත‍්තීති එවමාදීහි පරියායෙහි සාධාරණා. කුසලසමාපත‍්ති පන ඉමිනා පරියායෙන සියා අසාධාරණා , ඉමං පන දොසං පස‍්සන‍්තා කෙචි “යං කිඤ‍්චි…පෙ… සබ‍්බා සා අවීතරාගෙහි සාධාරණා”ති පඨන‍්ති. කථං තෙ ඔධිසො ගහිතා, අථ ඔධිසො ගහෙතබ‍්බා, කථං සාධාරණාති? අනුයොගං මනසිකත්‍වා තං විසොධෙන‍්තො ආහ – “සාධාරණා හි ධම‍්මා එවං අඤ‍්ඤමඤ‍්ඤ”න‍්තිආදි. තස‍්සත්‍ථො – යථා මිච‍්ඡත‍්තනියතානං අනියතානඤ‍්ච සාධාරණාති වුත‍්තං, එවං සාධාරණා ධම‍්මා න සබ‍්බසත‍්තානං සාධාරණතාය සාධාරණා, කස‍්මා? යස‍්මා අඤ‍්ඤමඤ‍්ඤං පරං පරං සකං සකං විසයං නාතිවත‍්තන‍්ති. පටිනියතඤ‍්හි තෙසං පවත‍්තිට‍්ඨානං, ඉතරථා තථා වොහාරො එව න සියාති අධිප‍්පායො. යස‍්මා ච එතෙ එව ධම‍්මා එවං නියතා විසයා, තස‍්මා “යොපි ඉමෙහි ධම‍්මෙහි සමන‍්නාගතො න සො තං ධම‍්මං උපාතිවත‍්තතී”ති ආහ. න හි මිච‍්ඡත‍්තනියතානං අනියතානඤ‍්ච දස‍්සනෙන පහාතබ‍්බා කිලෙසා න සන‍්ති, අඤ‍්ඤෙසං වා සන‍්තීති එවං සෙසෙපි වත‍්තබ‍්බං.

අරියසාවකො යන්න ශෛක්‍ෂයා සඳහා කියනු ලබයි. සබ්බා සා වීතරාගෙහි සාධාරණා යනු ලෞකික සමාපත්ති රූපාවචර අරූපාවචර දිව්‍යවිහාර බ්‍රහ්මවිහාර ප්‍රථමධ්‍යාන සමාපත්ති යන මේ ආදී ක්‍රමවලින් සාධාරණ වූ යනුයි. මේ ක්‍රමයෙන් කුසල සමාපත්තිය අසාධාරණ වෙයි. මේ දෝෂය දකින සමහරු යං කිඤ්චි -පෙ- සබ්බා සා අවීතරාගෙහි සාධාරණා යි කියවත්. ඔවුහු කෙසේනම් සීමා වශයෙන් ගන්නා ලද්දාහු ද, නැවත සීමා වශයෙන් ගතයුතුද? කෙසේ සාධාරණ වේ ද? යෙදීම සිහිකොට එය පිරිසිදු කරනුයේ සාධාරණාහි ධම්මා එවං අඤ්ඤමඤ්ඤං යනාදිය කියන ලදි. එහි අර්ථය මෙසේය. යම්සේ අසත්‍ය වූ ලෙස නියත වූ ද අනියත වූ ද දේ සාධාරණ යැයි කියන ලදද මෙසේ සාධාරණ ධර්මයෝ සියලු සත්ත්වයන්ට සාධාරණ බැවින් සාධාරණ වේ. කවර හෙයින්ද? යම් හෙයකින් එකිනෙකට අන්‍ය වූ අන්‍ය වූ ස්වකීය වූ ස්වකීය වූ විෂය නොඉක්මවත්. ඒවායේ ප්‍රතිපත්ති ස්ථානය නියතය. වෙනත් අයුරකින් එලෙස ව්‍යවහාරයක් නොවන්නේ ම ය යන අදහසයි. යම්හෙයකින් මේ ධර්මයෝ මෙසේ නියත වූ විෂය ඇත්තාහු ද එහෙයින් යොපි ඉමෙහි ධම්මෙහි සමන්නාගතො න සො තං ධම්මං උපාතිවත්තති යනුවෙන් ප්‍රකාශ කරන ලදි. අසත්‍ය ලෙස නියත වූ ද අනියත වූ ද දර්ශනයෙන් ප්‍රහීණ කළ යුතු කෙලෙස් නොවෙත්. අනෙකක හෝ නැතැයි මෙසේ සෙසු ඒවායේ ද කිවයුතුයි.

අසාධාරණො නාම ධම‍්මො තස‍්ස තස‍්ස පුග‍්ගලස‍්ස පච‍්චත‍්තනියතො අරියෙසු සෙක‍්ඛාසෙක‍්ඛධම‍්මවසෙන අනරියෙසු සබ‍්බාභබ‍්බපහාතබ‍්බවසෙන ගවෙසිතබ‍්බො, ඉතරස‍්ස තථා නිද‍්දිසිතබ‍්බභාවාභාවතො. සො ච ඛො සාධාරණාවිධුරතාය තං තං උපාදාය තථාවුත‍්තදෙසනානුසාරෙනාති ඉමමත්‍ථං දස‍්සෙති “කතමෙ ධම‍්මා අසාධාරණා යාව දෙසනං උපාදාය ගවෙසිතබ‍්බා සෙක‍්ඛාසෙක‍්ඛා භබ‍්බාභබ‍්බා”ති ඉමිනා. අට‍්ඨමකස‍්සාති සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස. ධම‍්මතාති ධම‍්මසභාවො පඨමස‍්ස මග‍්ගට‍්ඨතා දුතියස‍්ස ඵලට‍්ඨතා. පඨමස‍්ස වා පහීයමානකිලෙසතා. දුතියස‍්ස පහීනකිලෙසතා. පුන අට‍්ඨමකස‍්සාති අනාගාමිමග‍්ගට‍්ඨස‍්ස. නාමන‍්ති සෙක‍්ඛාති නාමං. ධම‍්මතාති තංතංමග‍්ගට‍්ඨතා හෙට‍්ඨිමඵලට‍්ඨතා ච. පටිපන‍්නකානන‍්ති මග‍්ගසමඞ‍්ගීනං. නාමන‍්ති පටිපන‍්නකාති නාමං. එවං “අට‍්ඨමකස‍්සා”තිආදිනා අරියපුග‍්ගලෙසු අසාධාරණධම‍්මං දස‍්සෙත්‍වා ඉතරෙසු නයදස‍්සනත්‍ථං “එවං විසෙසානුපස‍්සිනා”තිආදි වුත‍්තං. ලොකියධම‍්මෙසු එව හි හීනාදිභාවො. තත්‍ථ විසෙසානුපස‍්සිනාති අසාධාරණධම‍්මානුපස‍්සිනා. මිච‍්ඡත‍්තනියතානං අනියතා ධම‍්මා සාධාරණා මිච‍්ඡත‍්තනියතා ධම‍්මා අසාධාරණා. මිච‍්ඡත‍්තනියතෙසුපි නියතමිච‍්ඡාදිට‍්ඨිකානං අනියතා ධම‍්මා සාධාරණා. නියතමිච‍්ඡාදිට‍්ඨි අසාධාරණාති ඉමිනා නයෙන විසෙසානුපස‍්සිනා වෙදිතබ‍්බා.

අසාධාරණ ධර්මය නම් ඒ ඒ පුද්ගලයාට වෙන් වෙන්ව ඇත්තේ ආර්යයන් කෙරෙහි සෙඛ අසෙඛ ධර්ම වශයෙන් ද අනාර්යයන් කෙරෙහි සුදුසු නුසුදුසු දේ ඉවත් කිරීම් වශයෙන් ද සෙවිය යුතුය. අනෙක් ඒවායේ නිර්දේශ කළයුතු බවක් ඇති බැවිනි. එය වනාහි සාධාරණ බවෙහි දක්‍ෂ බැවින් ඒ ඒ දෙය හේතුකරගෙන එසේ ප්‍රකාශ කරන ලද දේශනානුසාරයෙන් යන මේ අර්ථය කතමෙ ධම්මා අසාධාරණා යාවදෙසනං උපාදාය ගවෙසිතබ්බා සෙක්ඛා සෙක්ඛා භබ්බාභබ්බා යන මෙයින් දක්වාලයි. අට්ඨමකස්ස යනු සෝවාන්ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයාගේ යනුයි. ධම්මතා යනු ධර්ම ස්වභාවයයි. පළමුවැන්නේ මාර්ගත්වයයි. දෙවැන්නේ ඵලත්වයයි. පළමුවැන්නේ ප්‍රහීණවන ක්ලේශත්වය හෝ දෙවැන්නේ ප්‍රහීණවන ක්ලේශත්වයයි. නැවතත් අට්ඨමකස්ස යනු අනාගාමි මාර්ගස්ථයාට ය. නාමං යනු සෙඛ යන නමයි. ධම්මතා යනු ඒ ඒ මාර්ගස්ථ බව හා අවසන් ඵලස්ථත්‍වයයි. පටිපන්නකානං යනු මාර්ගයෙන් යුක්ත පුද්ගලයන්ගේ ය. නාමං යනු පිළිපන් තැනැත්තා යන නමයි. මෙසේ අට්ඨමකස්ස ආදියෙන් ආර්ය පුද්ගලයාගේ අසාධාරණ ධර්මය දක්වා අනෙක් පුදග්ලයන්ගේ න්‍යාය දැක්වීමට එවං විසෙසානුපස්සිනා යනාදිය කියන ලදි. හීනාදිභාවය ලෞකික ධර්මයන්හි ම ය. එහි විසෙසානුපස්සිනා යනු අසාධාරණ ධර්ම දක්නා විසින් ය. අසත්‍ය ලෙස නියත වූ අනියත ධර්මයෝ සාධාරණ වෙති. අසත්‍ය ලෙස නියත දේ අතුරෙන් ද නියත මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ අනියත ධර්මයෝ සාධාරණයහ. නියත මිථ්‍යාදෘෂ්ටිය අසාධාරණය. මේ ක්‍රමයෙන් විශේසානුපස්සනාව දතයුතුය.

එවං නානානයෙහි ධම‍්මවිභත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි භූමිවිභත‍්තිං පදට‍්ඨානවිභත‍්තිඤ‍්ච විභජිත්‍වා දස‍්සෙතුං “දස‍්සනභූමී”තිආදිමාහ. තත්‍ථ දස‍්සනභූමීති පඨමමග‍්ගො. යස‍්මා පන පඨමමග‍්ගක‍්ඛණෙ අරියසාවකො සම‍්මත‍්තනියාමං ඔක‍්කමන‍්තො නාම හොති, තතො පරං ඔක‍්කන‍්තො , තස‍්මා “දස‍්සනභූමි නියාමාවක‍්කන‍්තියා පදට‍්ඨාන”න‍්ති වුත‍්තං. කිඤ‍්චාපි හෙට‍්ඨිමො හෙට‍්ඨිමො මග‍්ගො උපරිඋපරිමග‍්ගාධිගමස‍්ස කාරණං හොති, සක‍්කායදිට‍්ඨිආදීනි අප‍්පහාය කාමරාගබ්‍යාපාදාදිප‍්පහානස‍්ස අසක‍්කුණෙය්‍යත‍්තා. තථාපි අරියමග‍්ගො අත‍්තනො ඵලස‍්ස විසෙසකාරණං ආසන‍්නකාරණඤ‍්චාති දස‍්සෙතුං “භාවනාභූමි උත‍්තරිකානං ඵලානං පත‍්තියා පදට‍්ඨාන”න‍්ති වුත‍්තං. සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා ඤාණුත‍්තරස‍්ස තථාවිධපච‍්චයසමායොගෙ ච හොතීති සා විපස‍්සනාය පදට‍්ඨානන‍්ති වුත‍්තා. ඉතරා පන තිස‍්සොපි පටිපදා සමථං ආවහන‍්ති එව. තාසු සබ‍්බමුදුතාය දස‍්සිතාය සෙසාපි දස‍්සිතා එවාති ආහ – “දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා සමථස‍්ස පදට‍්ඨාන”න‍්ති.

මෙසේ නොයෙක් නොයෙක් ක්‍රමවලින් ධම්ම විභත්තිය දක්වා දැන් භූමි විභත්තිය ද පදට්ඨාන විභත්තිය ද බෙදා දක්වන්නට දස්සන භූමි යනු පළමු මාර්ගයයි. යම්හෙයකින් ආර්ය ශ්‍රාවකයා පළමු මාර්ග ක්‍ෂණයෙහි නිරවද්‍ය ස්වභාවයට බැසගන්නේ වෙයි. ඉන්පසු බැසගත්තේ වෙයි. එහෙයින් දස්සන භූමි නියාමා වක්කන්තියා පදට්ඨානං යි කියන ලදි. කෙසේ වුවත් යටින් යටින් වූ මාර්ගය උඩින් උඩින් වූ මාර්ගය අවබෝධ කරගැනීමට හේතුවෙයි. සක්කායදිට්ඨි ආදිය දුරුකොට කාමරාග ව්‍යාපාද ආදිය දුරුකිරීමට නොහැකි හෙයිනි. එසේ වුවත් ආර්ය මාර්ගය තමාගේ ඵලයේ විශේෂ කාරණය ද ආසන්න කාරණය ද යනු දක්වන්නට භාවනා භූමි උත්තරිකානං ඵලානං පත්තියා පදට්ඨානං යි කියන ලදි. සුඛ පටිපදාව වහා පැමිණෙන ලෙස අභිඤ්ඤා ඇත්තකි. එවැනි ප්‍රත්‍ය යෙදීමේදී ඤාණයට අධික දේ වන්නේ යයි එය විදර්ශනාවේ ආසන්න කාරණය යැයි කියන ලදි. ඉතිරි ප්‍රතිපදා තුන සමථය කැඳවන්නේමය. ඒවායින් සියල්ලට වඩා සියලු වූ දෙය දැක්වූ කල්හි සෙසු ඒවාද දක්වන ලද්දාහු වේමැයි. දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා සමථස්ස පදට්ඨානං යි කියන ලදි.

දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථූති දානමෙව දානමයං, පුජ‍්ජඵලනිබ‍්බත‍්තනට‍්ඨෙන පුඤ‍්ඤං, තදෙව කත‍්තබ‍්බතො කිරියා, පයොගසම‍්පත‍්තියාදීනං අධිට‍්ඨානභාවතො වත්‍ථු චාති දානමයපුඤ‍්ඤකිරියවත්‍ථු. පරතොඝොසස‍්සාති ධම‍්මස‍්සවනස‍්ස. සාධාරණන‍්ති න බීජං විය අඞ‍්කුරස‍්ස, දස‍්සනභූමිආදයො විය වා නියාමාවක‍්කන‍්තිආදීනං ආවෙණිකං, අථ ඛො සාධාරණං, තදඤ‍්ඤකාරණෙහිපි පරතොඝොසස‍්ස පවත‍්තනතොති අධිප‍්පායො. තත්‍ථ කෙචි දායකස‍්ස දානානුමොදනං ආචිණ‍්ණන‍්ති දානං පරතොඝොසස‍්ස කාරණන‍්ති වදන‍්ති. දායකො පන දක‍්ඛිණාවිසුද‍්ධිං ආකඞ‍්ඛන‍්තො දානසීලාදිගුණවිසෙසානං සවනෙ යුත‍්තප‍්පයුත‍්තො හොතීති දානං ධම‍්මස‍්සවනස‍්ස කාරණං වුත‍්තං.

දානමයං පුඤ්ඤ කිරියවත්‍ථු යන තැන දානයම දානමය වේ. පුණ්‍යඵල උපදවන අර්ථයෙන් පුඤ්ඤ නම් වේ. එයම කිරීමෙන් ක්‍රියාවක් වේ. ප්‍රයෝග සම්පත්ති ආදියේ අධිෂ්ඨාන භාවයෙන් වස්තුවක් ද වූයේ දානමය පුඤ්ඤකිරිය වත්‍ථු නම් වේ. පරතො ඝොසස්ස යනු ධර්ම ශ්‍රවණයේය. සාධාරණං යනු අංකුරයට බීජය මෙන් හෝ දර්ශන භූමි ආදිය මෙන් හෝ නියම ලෙස බැසගැනුම් ආදියට ආවේණික වූවක් නැත. එනම් සාධාරණ වූ වෙනත් කරුණුවලින් ද පරතොඝෝෂය පවත්නා හෙයින් යන අදහසයි. එහිදී කිසිවෙක් දායකයාට දානානුමෝදනයක් පුරුදු කරත්. දානය පරතො ඝෝෂයේ හේතුවයැයි කියත්. දායකයා වනාහි දක්ඛිණා විසුද්ධිය බලාපොරොත්තු වෙමින් දාන සීල ආදී ගුණ විශේෂයන්ගේ ශ්‍රවණයෙහි ඇලීම් යෙදීම් ඇතැයි දානය ධර්මශ්‍රවණයේ හේතුවයි කියන ලදි.

සීලසම‍්පන‍්නො විප‍්පටිසාරාභාවෙන සමාහිතො ධම‍්මචින‍්තාසමත්‍ථො හොතීති සීලං චින‍්තාමයඤාණස‍්ස කාරණන‍්ති ආහ “සීලමය”න‍්තිආදි. භාවනාමයන‍්ති සමථසඞ‍්ඛාතං භාවනාමයං. භාවනාමයියාති උපරිඣානසඞ‍්ඛාතාය විපස‍්සනාසඞ‍්ඛාතාය ච භාවනාමයියා. පුරිමං පුරිමඤ‍්හි පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස පදට‍්ඨානං. ඉදානි යස‍්මා දානං සීලං ලොකියභාවනා ච න කෙවලං යථාවුත‍්තපරතොඝොසාදීනංයෙව, අථ ඛො යථාක‍්කමං පරියත‍්තිබාහුසච‍්චකම‍්මට‍්ඨානානුයොගමග‍්ගසම‍්මාදිට‍්ඨීනම‍්පි පච‍්චයා හොන‍්ති, තස‍්මා තම‍්පි නයං දස‍්සෙතුං පුන “දානමය”න‍්තිආදිනා දෙසනං වඩ‍්ඪෙසි. තථා පතිරූපදෙසවාසාදයො කායවිවෙකචිත‍්තවිවෙකාදීනං කාරණං හොතීති ඉමං නයං දස‍්සෙතුං “පතිරූපදෙසවාසො”තිආදිමාහ. තත්‍ථ කුසලවීමංසායාති පටිසඞ‍්ඛානුපස‍්සනාය. අකුසලපරිච‍්චාගොති ඉමිනා පහානපරිඤ‍්ඤා වුත‍්තාති. සමාධින්‍ද්‍රියස‍්සාති මග‍්ගසමාධින්‍ද්‍රියස‍්ස. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

සීල සම්පන්නයා විපිළිසර නොවීම් වශයෙන් සමාහිත වූයේ ධර්ම චින්තාවෙහි සමර්ථ වූයේ වන්නේ යැයි සීලය චින්තාමය ඤාණයේ හේතුවක් යැයි සීලමයං යනාදිය කියන ලදි. භාවනාමයං යනු සමථ සංඛ්‍යාත වූ භාවනාමය නුවණයි. භාවනාමය යනු මත්තෙහි ධ්‍යාන සංඛ්‍යාත වූ ද විදර්ශනා සංඛ්‍යාත වූ ද භාවනාමය ප්‍රඥාවයි. පළමු පළමු දේ පසු පසු දෙයට ආසන්න කාරණ වෙයි. දැන් යම්හෙයකින් දාන සීලය හා ලෞකික භාවනාව ද හුදෙක් කියන ලද පරතො ඝෝෂාදීන්ගෙන් ම නොවේ ද එවිට පිළිවෙලින් පර්යාප්තිය, බහුශ්‍රැත බව කර්මස්ථානවල යෙදීම, මාර්ග, සම්මා දිට්ඨි ආදියේ හේතුව ද වෙයි. එහෙයින් න්‍යාය දක්වන්නට නැවතත් දානමයං යනාදියෙන් දේශනාව වර්ධනය කරයි. එසේ සුදුසු පෙදෙස්හි විසීම් ආදිය කාය විවේක චිත්ත විවේක ආදියේ හේතුව වේයයි මේ න්‍යාය දක්වන්නට පතිරූප දෙසවාසො යනාදිය කියන ලදි. එහි කුසලාවීමංසාය යනු නැවත මෙනෙහි කරනු පිණිසය. අකුසල පරිච්චාගො යන මෙයින් ප්‍රහාණ ප්‍රඥාව කියන ලදි. සමාධින්‍ද්‍රියස්ස යනු මාර්ග සමාධි ඉන්‍ද්‍රියයේය. සෙස්ස පහසුවෙන් අවබෝධ කරගත හැකිමය.

විභත‍්තිහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

විභත්ති හාර විභංග වර්ණනාව නිමි.