ආවට්ටහාරවිභඞ්ගවණ්ණනා අට්ඨකථා
ආවට්ටහාරවිභඞ්ගවණ්ණනා
ආවට්ට හාර විභංග වර්ණනාව
තත්ථ කතමො ආවට්ටො හාරොති ආවට්ටහාරවිභඞ්ගො. තත්ථ ආරම්භථාති ආරම්භධාතුසඞ්ඛාතං වීරියං කරොථ. නික්කමථාති කොසජ්ජපක්ඛතො නික්ඛන්තත්තා නික්කමධාතුසඞ්ඛාතං තදුත්තරිවීරියං කරොථ. යුඤ්ජථ බුද්ධසාසනෙති යස්මා සීලසංවරො ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා සතිසම්පජඤ්ඤන්ති ඉමෙසු ධම්මෙසු පතිට්ඨිතානං ජාගරියානුයොගවසෙන ආරම්භනික්කමධාතුයො සම්පජ්ජන්ති, තස්මා තථාභූතසමථවිපස්සනාසඞ්ඛාතෙ භගවතො සාසනෙ යුත්තප්පයුත්තා හොථ. ධුනාථ මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරොති එවං පටිපජ්ජන්තා ච තෙධාතුඉස්සරස්ස මච්චුරාජස්ස වසං සත්තෙ නෙතීති තස්ස සෙනාසඞ්ඛාතං අබලං දුබ්බලං යථා නාම බලූපපන්නො කුඤ්ජරො නළෙහි කතං අගාරං ඛණෙනෙව විද්ධංසෙති, එවමෙව කිලෙසගණං ධුනාථ විධමථ විද්ධංසෙථාති අත්ථො (සං· නි· අට්ඨ· 1.1.185).
තත්ථ කතමො ආවට්ටො හාරො යනු ආවට්ටහාර විභංගයයි. එහි ආරභථ යනු ආරම්භ ධාතු සංඛ්‍යාත වීර්යය කර වූ යන අර්ථයි. නික්කමථ යනු දක්ෂතා පක්ෂයෙන් නික්මුණු බැවින් නික්කම ධාතු සංඛ්‍යාත ඊට වැඩිමනක් වූ වීර්යය කරවු යනුයි. යුඤ්ජථ බුද්ධසාසනෙ යනු යම්හෙයකින් සීල සංවරය, ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයෙන් මාත්‍රඥතාව, සතිසම්පජඤ්ඤය යන මේ ධර්මයන්හි පිහිටියවුන්ට නිදිවැරීම් වශයෙන් ආරම්භ නික්කම ධාතූහු පැමිණෙත්. එහෙයින් එවැනි වූ සමථ විදර්ශනා සංඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි යෙදුණාහු වෙවු යනුයි. ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො යනු මෙසේ පිළිපන්නාහු ද ත්‍රෛධාතුක සසරට ප්‍රධාන වූ මාර රජුගේ වසඟයට සත්ත්වයන් පමුණුවානුයි ඔහුගේ සේනාසංඛ්යාත වූ අබල දුබල බව යම්සේ බලවත් ඇතෙක් බටලීවලින් සාදන ලද ගෙයක් ක්ෂණයකින් කඩාදමන්නාක් මෙන් කෙලෙස් සමූහය කම්පා කරවු. විනාශ කරවු. නසවු යන අර්ථයයි.
ඉදානි යදත්ථං අයං ගාථා නික්ඛිත්තා, තං යොජෙත්වා දස්සෙතුං “ආරම්භථ නික්කමථාති වීරියස්ස පදට්ඨාන”න්තිආදි වුත්තං. තත්ථ ආරම්භථ නික්කමථාති ඉදං වචනං වීරියස්ස පදට්ඨානං වීරියපයොගස්ස කාරණං වීරියාරම්භෙ නියොජනතො, “යොගා වෙ ජායතී භූරී”ති (ධ· ප· 282) වචනතො යොගො භාවනා. තත්ථ විපස්සනාභාවනාය වක්ඛමානත්තා සමාධිභාවනා ඉධාධිප්පෙතාති වුත්තං – “යුඤ්ජථ බුද්ධසාසනෙති සමාධිස්ස පදට්ඨාන”න්ති. “මච්චුනො සෙන”න්ති වුත්තාය කිලෙසසෙනාය සම්මා ධුනනං ඤාණෙනෙව හොතීති ආහ – “ධුනාථ…පෙ… පදට්ඨාන”න්ති. පුන යථාවුත්තවීරියසමාධිපඤ්ඤාසම්පයුත්තෙසු ආධිපච්චකිච්චතාය පපඤ්චප්පහානසමත්ථා වට්ටමූලං ඡින්දිත්වා විවට්ටං පාපෙන්ති චාති දස්සනත්ථං “ආරම්භථ නික්කමථාති වීරියින්ද්රියස්ස පදට්ඨාන”න්තිආදි වුත්තං. ඉමානි පදට්ඨානානි දෙසනාති “යානිමානි වීරියස්ස පදට්ඨාන”න්තිආදිනා වීරියාදීනං පදට්ඨානානි වුත්තානි, සා ආරම්භථ නික්කමථාති ආදිදෙසනා, න වීරියාරම්භවත්ථුආදීනීති අත්ථො. තථා චෙව සංවණ්ණිතං.
එය යොදා දක්වන්නට ආරභථ නික්කමථ යන්න වීර්යයේ ආසන්න කාරණයයි කියන ලදි. එහි ආරභථ නික්කමථ යන මේ වචනය වීර්යයේ ආසන්න කාරණයයි. වීර්යය යෙදීමේ හේතුව වීර්යාරම්භයෙහි නියෝජනය වන හෙයින්ය. ‘යොගාවෙ ජායතෙ භූරී’ යන වචනයෙන් යොග යනු භාවනාවයි. එහි විදර්ශනා භාවනාව කිය යුතු බැවින් මෙහි දී සමාධි භාවනාව අදහස් කරන ලදැයි කියන ලදි. යුඤ්ජථ බුද්ධසාසනෙ යනු සමාධියේ ආසන්න කාරණයයි. මාරයාගේ සේනාව යැයි කියන ලද කෙලෙස් සේනාව මනාව කම්පා කිරීම ඤාණයෙන් ම වේ යැයි ධුනාථ -පෙ- පදට්ඨානං යි කියන ලදී. නැවතත් කියන ලද පරිදිම වීර්ය සමාධි ප්‍රඥාවන්ගෙන් යුක්ත වූ අධිපති කෘත්යත්වයෙන් ප්‍රපඤ්චයන් ප්රහාණය කිරීමට සමත් වූ සංසාර මූලය සිඳ දමා නිවනට පමුණුවන්ගේ යයි දැක්වීමට ආරභථ නික්කමථාති විරියින්ද්රියස්ස පදට්ඨානං යනාදිය කියන ලදි. ඉමානි පදට්ඨානානි දෙසනා යනුවෙන් යම් මේ කරුණු වීර්යයේ ආසන්න කරුණු යනාදී වශයෙන් වීර්යාදියේ පදට්ඨානයන් කියන ලද ද එය ආරභථ නික්කමථ ආදී දේශනාවයි. වීර්යාරම්භ වස්තු ආදිය යන අර්ථය නොවේ. එසේ ද වර්ණනා කරන ලදි.
එවං යථානික්ඛිත්තාය දෙසනාය පදට්ඨානවසෙන අත්ථං නිද්ධාරෙත්වා ඉදානි තං සභාගවිසභාගධම්මවසෙන ආවට්ටෙතුකාමො තස්ස භූමිං දස්සෙතුං “අයුඤ්ජන්තානං වා සත්තානං යොගෙ යුඤ්ජන්තානං වා ආරම්භො”තිආදිමාහ. තස්සත්ථො – යොගෙ භාවනායං තං අයුඤ්ජන්තානං වා සත්තානං අපරිපක්කඤාණානං වාසනාභාගෙන ආයතිං විජානනත්ථං අයං දෙසනාරම්භො යුඤ්ජන්තානං වා පරිපක්කඤාණානන්ති.
මෙසේ බැහැර කරන ලද දේශනාවේ ආසන්න කරුණු වශයෙන් අර්ථය වෙන්කොට දක්වා දැන් එය සභාග විසභාග ධර්ම වශයෙන් පරිවර්තනය කරනු කැමැත්තේ එහි භූමිය දක්වන්නට අයුඤ්ජන්තානං වා සත්තානං යොගෙ යුඤ්ජන්තානං වා ආරම්භො යනාදිය කියන ලදි. එහි අර්ථය නම් මෙයයි. යෝගයෙහි හෙවත් භාවනාවෙහි එය නොයොදන සත්ත්වයන්ගේ හෝ මුහුකුරා නොගිය ඤාණය ඇති අයගේ හෝ වාසනා භාගීත්වයෙන් මත්තෙහි දැන්වීම පිණිස මේ දේශනාරම්භයයි. නැතහොත් (භාවනාවේ) යෙදෙන සත්ත්වයන්ගේ හෝ මුහුකුරා ගිය ඤාණය ඇති අයගේ ය.
සො පමාදො දුවිධොති යෙන පමාදෙන භාවනං නානුයුඤ්ජන්ති, සො පමාදො අත්තනො කාරණභෙදෙන දුවිධො. අඤ්ඤාණෙනාති පඤ්චන්නං ඛන්ධානං සලක්ඛණසාමඤ්ඤලක්ඛණපටිච්ඡාදකෙන සම්මොහෙන. නිවුතොති ඡාදිතො. ඤෙය්යට්ඨානන්ති ඤෙය්යඤ්ච තං “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො”තිආදිනා ඤාණස්ස පවත්තනට්ඨානඤ්චාති ඤෙය්යට්ඨානං. අනෙකභෙදත්තා පාපධම්මානං තබ්බසෙන අනෙකභෙදොපි පමාදො මූලභූතාය අවිජ්ජාය වසෙන එකො එවාති ආහ – “එකවිධො අවිජ්ජායා”ති. ලාභවිනිච්ඡයපරිග්ගහමච්ඡරියානි පරියෙසනාආරක්ඛාපරිභොගෙසු අන්තොගධානි. ඡන්දරාගජ්ඣොසානා තණ්හා එවාති තණ්හාමූලකෙපි ධම්මෙ එත්ථෙව පක්ඛිපිත්වා “තිවිධො තණ්හායා”ති වුත්තං.
සො පමාදො දුවිධො යනු යම් ප්‍රමාදයකින් නො යෙදීමක් වේ ද ඒ ප්‍රමාදය තමාගේ කාරණ භේදයෙන් දෙවැදෑරුම් ය. අඤ්ඤාණෙන යනු පංචස්කන්ධයේ ස්වලක්ෂණ සාමාන්‍ය ලක්ෂණය වසාදමන මෝහයෙනි. නිවුතො යනු වසන ලද යනුයි. ඤෙය්යට්ඨානං යනු ඥෙය්‍ය ද මේ රූපයයි. මේ රූපයේ හටගැන්මයි ආදි වශයෙන් ඤාණයේ පවතිනා ස්ථානය ද ඤෙය්යට්ඨාන නම් වේ. පාප ධර්මයන්හි නොයෙක් භේද ඇති බැවින් ඒවායේ ස්වරූප වශයෙන් නොයෙක් භේද ඇති ප්‍රමාදය මූල හේතු වූ අවිද්‍යාව ලෙසින් එකක්ම වේ යයි එකවිධො අවිජ්ජායි කියන ලදි. ලාභ විනිශ්චය පරිග්ගහ අච්ඡරියාදිය සෙවීම් රැකීම් පරිභෝග කිරීම්හි ඇතුළත්ය. ඡන්දරාගයෙහි බැසගත් තණ්හාවම තණ්හාමූලික ධර්මයෙහිම ඇතුළත්කොට තිවිධො තණ්හාය යන්න කියන ලදි.
රූපීසු භවෙසූති රූපධම්මෙසු. අජ්ඣොසානන්ති තණ්හාභිනිවෙසො. එතෙන “තණ්හාය රූපකායො පදට්ඨාන”න්ති පදස්ස අත්ථං විවරති. අනාදිමති හි සංසාරෙ ඉත්ථිපුරිසා අඤ්ඤමඤ්ඤරූපාභිරාමා, අයඤ්චත්ථො චිත්තපරියාදානසුත්තෙන (අ· නි· 1.1-10) දීපෙතබ්බො. අරූපීසු සම්මොහොති ඵස්සාදීනං අතිසුඛුමසභාවත්තා සන්තතිසමූහකිච්චාරම්මණඝනවිනිබ්භොගස්ස දුක්කරත්තා ච අරූපධම්මෙසු සම්මොහො, සත්තානං පතිට්ඨිතොති වචනසෙසො. එවං නිද්ධාරිතෙ රූපකායනාමකායසඞ්ඛාතෙ උපාදානක්ඛන්ධපඤ්චකෙ ආරම්මණකරණවසෙන පවත්තං තණ්හඤ්ච අවිජ්ජඤ්ච අවිසෙසෙන වුත්තං චතුපාදානානං වසෙන විභජිත්වා තෙසං ඛන්ධානං උපාදානානඤ්ච දුක්ඛසමුදයභාවෙන සහපරිඤ්ඤෙය්යපහාතබ්බභාවං දස්සෙති “තත්ථ රූපකායො”තිආදිනා.
රූපීසු භවෙසු යනු රූප ධර්මයන්හි ය. අජ්ඣොසානං යනු තණ්හාවට බැසගැනීමයි. මෙයින් තණ්හාය රූපකායො පදට්ඨානං යන පදයේ අර්ථය විවරණය කරයි. කෙළවරක් නොමැති සසරේ ස්ත්‍රී පුරුෂයෝ ඔවුනොවුන්ගේ රූපය කෙරෙහි ඇලුණාහ. මේ අර්ථය ද චිත්ත පරියාදාන සූත්‍රයෙන් ප්‍රකාශ කළ යුතුය. අරූපී සම්මොහො යනු ස්පර්ශාදිය ඉතා සියුම් බැවින් ද සන්තති සමූහ කිච්ච ආරම්මණ, ඝන විනිබ්භොග රූප දුෂ්කර බැවින් ද අරූප ධර්මයන්හි මුළාව වේ. සත්ත්වයන්ගේ පිහිටීමෙන් යනු වචන ශේෂයයි. මෙසේ වෙන්කර දක්වන ලද රූපකාය නාමකාය සංඛ්‍යාත උපාදානස්කන්ධ පංචකයෙහි ආරම්මණ හේතු වශයෙන් පැවති තණ්හාව ද අවිද්‍යාව ද අවිශේෂයෙන් කියන ලදි. සතර පද වශයෙන් බෙදා දක්වා ඒ ස්කන්ධයන්ගේ උපාදානයන්ගේ ද දුක් හටගැනීම් වශයෙන් දතයුතු ප්රහාණය කළයුතු ආකාරය තත්ථ රූප කායො යනාදියෙන් දක්වයි.
එවං පමාදමුඛෙන පුරිමසච්චද්වයං නිද්ධාරෙත්වා පමාදමුඛෙනෙව අපරම්පි සච්චද්වයං නිද්ධාරෙතුං “තත්ථ යො”තිආදි වුත්තං. තත්ථ තස්සාති තස්ස පමාදස්ස. සම්පටිවෙධෙනාති සම්මා පරිජානනෙන අස්සාදාදීනං ජානනෙන. රක්ඛණා පටිසංහරණාති අත්තනො චිත්තස්ස රක්ඛණසඞ්ඛාතා පමාදස්ස පටිසංහරණා, තප්පටිපක්ඛෙන සඞ්කොචනා අප්පමාදානුයොගෙන යා ඛෙපනා. අයං සමථොති කිච්චෙන සමාධිං දස්සෙති. අයං වොදානපක්ඛවිසභාගධම්මවසෙන ආවට්ටනා. “යදා ජානාති කාමානං…පෙ… ආනිසංස”න්ති ඉමිනා සමථාධිගමස්ස උපායං දස්සෙති.
මෙසේ පමා මුඛයෙන් පළමු සත්‍ය දෙක වෙන්කොට දක්වා පමා මුඛයෙන්ම අනෙක් සත්‍ය දෙක ද වෙන්කොට දක්වන්නට තත්ථ යො යනාදිය කියන ලදි. එහි තස්ස යනු ඒ ප්‍රමාදයෙනි. සම්පටිවෙධෙන යනු මනා දැකීමෙනි. ආශ්වාද ආදියෙන් දැනීමෙනි. රක්ඛණා පටිසංහරණා යනු තමාගේ සිත රැකීම් සංඛ්‍යාත ප්‍රමාදයේ වැළැක්මෙනි. ඊට ප්රතිපක්ෂ වූ හකුළුවාලීමෙනි. අප්පමාදානුයොගෙන යා ඛෙපනා, අයං සමථො යනුවෙන් කෘත්‍ය වශයෙන් සමාධිය දක්වයි. මේ වොදාන පක්ෂ විෂභාග ධර්ම වශයෙන් වූ පරිවර්තනයයි. යදා ජානාති කාමානං -පෙ- ආනිසංසං යන මෙයින් සමථය අවබෝධ කිරීමේ උපාය දක්වයි.
තත්ථ කාමානන්ති වත්ථුකාමානඤ්ච කිලෙසකාමානඤ්ච. අස්සාදඤ්ච අස්සාදතොති කාමෙ පටිච්ච උප්පජ්ජමානං සුඛසොමනස්සසඞ්ඛාතං අස්සාදං අස්සාදතාය අස්සාදමත්තතො. ආදීනවන්ති “අප්පස්සාදා කාමා බහුදුක්ඛා”තිආදිනා (ම· නි· 1.236) වුත්තං ආදීනවං දොසං. නිස්සරණන්ති පඨමජ්ඣානං. වුත්තඤ්හෙතං – “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්ම”න්ති (ඉතිවු· 72). ඔකාරන්ති ලාමකභාවං. සංකිලෙසන්ති සංකිලිස්සනං. කාමහෙතු හි සත්තා සංකිලිස්සන්ති. වොදානන්ති විසුජ්ඣනං. නෙක්ඛම්මෙ ච ආනිසංසන්ති නීවරණප්පහානාදිගුණවිසෙසයොගං. තත්ථාති තස්මිං යථාවුත්තෙ සමථෙ සති. යා වීමංසාති යා පඤ්ඤා. “සමාහිතො, භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාතී”ති (සං· නි· 5.1071) හි වුත්තං. යථා තණ්හාසහිතාව අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො, එවං අවිජ්ජාසහිතාව තණ්හා උපාදානානං පච්චයො. තාසු නිරුද්ධාසු උපාදානාදීනං අභාවො එවාති තණ්හාඅවිජ්ජාපහානෙන සකලවට්ටදුක්ඛනිරොධං දස්සෙන්තො “ඉමෙසු ද්වීසු ධම්මෙසු පහීනෙසූ”තිආදිමාහ. ඉමානි චත්තාරි සච්චානි විසභාගසභාගධම්මාවට්ටනවසෙන නිද්ධාරිතානීති අධිප්පායො.
එහි කාමානං යනු වස්තු කාමයන්ගේ ද ක්ලේශ කාමයන්ගේ ද යනුයි. අස්සාදඤ්ච අස්සාදතො යනු කාමයන් නිසා උපදින සැප සොම්නස සංඛ්‍යාත ආශ්වාදය ආශ්වාදතාව ආශ්වාද මාත්‍රයෙන් ය. ආදීනවං යනු කාමයෝ අල්ප ආශ්වාද ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ ආදියෙන් කියන ලද ආදීනව දෝෂයයි. නිස්සරණං යනු පළමු ධ්‍යානයයි. මෙය කියන ලදි. මෙය කාමයන්ගේ නිස්සරණයයි. එනම් නෛෂ්ක්රම්යයයි. (නික්මීමයි.) ඔකාරං යනු ලාමක භාවයයි. සංකිලෙසං යනු කෙලෙසීමයි. සත්ත්වයෝ කාම හේතුවෙන් කෙලෙසත්. වොදානං යනු පිරිසිදු වීමයි. නෙක්ඛම්මෙ ආනිසංසං යනු නීවරණ ප්රහාණය ආදි ගුණ විශේෂ යෝගයකි. තත්ථ යනු කියන ලද පරිදි ඒ සමථයෙහි වූ සිහියයි. යා වීමංසා යනු යම් ප්‍රඥාවකි. සමාහිත වූයේ ඇති සැටියෙන් දනී යයි කියන ලදි. යම්සේ තණ්හා සහිතවම අවිද්‍යාව සංස්කාරවලට හේතු වේ ද එසේ අවිද්‍යාව සහිතවම තණ්හාව උපාදානයනට ප්‍රත්‍ය වේ. ඒවා නිරුද්ධ වූ කල්හි උපාදාන ආදීන්ගේ අභාවයම වේ යැයි තණ්හා අවිද්‍යා ප්රහාණය කිරීමෙන් සියලු සංසාර දුක්ඛයේ නිරෝධය දක්වමින් ඉමෙසු ද්වීසු ධම්මෙසු පහීණෙසු යනාදිය කියන ලදි. මේ චතුරාර්ය සත්‍ය විසභාග සභාග ධර්මවලට පරිවර්තනය වීම් වශයෙන් වෙන්කරන ලදී යන අදහසයි.
එවං වොදානපක්ඛං නික්ඛිපිත්වා තස්ස විසභාගධම්මවසෙන සභාගධම්මවසෙන ච ආවට්ටනං දස්සෙත්වා ඉදානි සංකිලෙසපක්ඛං නික්ඛිපිත්වා තස්ස විසභාගධම්මවසෙන සභාගධම්මවසෙන ච ආවට්ටනං දස්සෙතුං “යථාපි මූලෙ”ති ගාථමාහ. තස්සත්ථො – යථා නාම පතිට්ඨාහෙතුභාවෙන මූලන්ති ලද්ධවොහාරෙ භූමිගතෙ රුක්ඛස්ස අවයවෙ ඵරසුඡෙදාදිඅන්තරායාභාවෙන අනුපද්දවෙ තතො එව දළ්හෙ ථිරෙ සති ඛන්ධෙ ඡින්නෙපි අස්සත්ථාදිරුක්ඛො රුහති, එවමෙව තණ්හානුසයසඞ්ඛාතෙ අත්තභාවරුක්ඛස්ස මූලෙ මග්ගඤාණඵරසුනා අනුපච්ඡින්නෙ තයිදං දුක්ඛං පුනප්පුනං අපරාපරභාවෙන නිබ්බත්තති න නිරුජ්ඣතීති. කාමතණ්හාදිනිවත්තනත්ථං “භවතණ්හායා”ති වුත්තං. එතස්ස ධම්මස්ස පච්චයොති එතස්ස භවතණ්හාසඞ්ඛාතස්ස ධම්මස්ස භවෙසු ආදීනවප්පටිච්ඡාදනාදිවසෙන අස්සාදග්ගහණස්ස පච්චයො. වුත්තඤ්හෙතං – “සංයොජනීයෙසු, භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪතී”ති (සං· නි· 2.57). තෙනෙවාහ – “අවිජ්ජාපච්චයා හි භවතණ්හා”ති. ඉධ සමථො විපස්සනා ච මග්ගසමාධි මග්ගපඤ්ඤා ච අධිප්පෙතාති ආහ – “යෙන තණ්හානුසයං සමූහනතී”තිආදි. ඉමානි චත්තාරි සච්චානීති විසභාගසභාගධම්මාවට්ටනවසෙන නිද්ධාරිතානීති. සෙසං වුත්තනයමෙව.
මෙසේ පාරිශුද්ධ පක්ෂය බැහැරකොට එහි විෂභාග ධර්ම වශයෙන් ද සභාග ධර්ම වශයෙන් ද පරිවර්තනය දක්වා දැන් සංකිලෙස පක්ෂය බැහැර කොට එහි විසභාග වශයෙන් වූ ද සභාග වශයෙන් වූ ද පරිවර්තනය දක්වන්නට යථාපි මූලෙ යන ගාථාව කීහ. එහි අර්ථය මෙසේය. යම්සේ ප්‍රතිෂ්ටා හේතු නොමැති නිසා මූල යනුවෙන් ලබන ලද ව්‍යවහාර ඇති භූමිගත වූ ගසක අවයවයෙක පොරවෙන් කැපීමාදී අනතුරු නොමැති බැවින් උපද්‍රව නොමැති එයින්ම දැඩි වූ ස්ථිර වූ සිඳින ලද කඳක් ඇතිවිට ඇසතු ආදී ගස් පැනවේ ද මෙසේ තණ්හා අනුසය සංඛ්‍යාත ආත්මභාව නමැති ගසෙහි මූලය මාර්ග ඤාණ නමැති පොරවෙන් සිඳිකල්හි ඒ මේ දුක නැවත නැවත පෙර පසු බැවින් ඇතිවේ. නිරුද්ධ නොවේ. කාම තණ්හාදිය නවතනු පිණිස භව තණ්හාය යි කියන ලදි. එතස්ස ධම්මස්ස පච්චයො යනු භව තණ්හා සංඛ්‍යාත වූ ඒ ධර්මය භවයන්හි ආදීනව වැසීම් වශයෙන් ආශ්වාද ග්‍රහණයේ ප්‍රත්‍යය වේ. එය මෙසේ කියන ලදි. ‘මහණෙනි, සංයෝජන ධර්මයන්ගෙන් ආශ්වාදය අනුව බලන්නාගේ තණ්හාව වර්ධනය වේ’ යනුවෙනි. එහෙයින්ම අවිජ්ජා පච්චයා හි භවතණ්හා’ යැයි කියන ලදි. මෙහිදී සමථය ද විදර්ශනාව ද මාර්ග සමාධිය ද මාර්ග ප්‍රඥාවද අදහස් කරන ලදැයි යෙන තණ්හානුසයං සමූහන්ති යනාදිය කියන ලදි. ඉමානි චත්තාරි සච්චානි යනු විසභාග සභාග ධර්මයන් පැවතීම් වශයෙන් වෙන් කරන ලදි. සෙස්ස කියන ලද ක්‍රමයෙන් ම ය.
ඉදානි න කෙවලං නිද්ධාරිතෙහෙව විසභාගසභාගධම්මෙහි ආවට්ටනං, අථ ඛො පාළිආගතෙහිපි තෙහි ආවට්ටනං ආවට්ටහාරොති දස්සනත්ථං “සබ්බපාපස්ස අකරණ”න්ති ගාථමාහ . තත්ථ සබ්බපාපස්සාති සබ්බාකුසලස්ස. අකරණන්ති අනුප්පාදනං. කුසලස්සාති චතුභූමකකුසලස්ස. උපසම්පදාති පටිලාභො. සචිත්තපරියොදාපනන්ති අත්තනො චිත්තවොදානං, තං පන අරහත්තෙන හොති. ඉති සීලසංවරෙන සබ්බපාපං පහාය සමථවිපස්සනාහි කුසලං සම්පාදෙත්වා අරහත්තඵලෙන චිත්තං පරියොදපෙතබ්බන්ති එතං බුද්ධාන සාසනං ඔවාදො අනුසිට්ඨීති අයං සඞ්ඛෙපත්ථො, විත්ථාරතො පන අත්ථො පාළිතො එව විඤ්ඤායති.
දැන් හුදෙක් වෙන්කරන ලද විසභාග සභාග ධර්මවලින් පරිවර්තනය නොවේ. එවිට ඒ පෙළෙහි ආ දෙයින් ද වන පරිවර්තනය ආවට්ටහාරය යැයි දැක්වීමට සබ්බපාපස්ස අකරණං යන ගාථාව කියන ලදි. එහි සබ්බපාපස්ස යනු සියලු අකුසල්ය. අකරණං යනු නූපදවීමයි. කුසලස්ස යනු චාතුර්භූමක කුසලයයි. උපසම්පදා යනු ප්‍රතිලාභයයි. සචිත්ත පරියොදපනං යනු තමාගේ චිත්ත පාරිශුද්ධියයි. එය අර්හත්වයෙන් වෙයි. මෙසේ සීල සංවරයෙන් සියලු පාප ඉවත්කොට සමථ විදර්ශනාවන්ගෙන් කුසලය සම්පාදනය කොට අර්හත් ඵලයෙන් සිත පිරිසිදු කළ යුතුය. එතං බුද්ධාන සාසනං යනු අවවාදයයි. අනුශාසනයයි. මේ සංක්ෂේපාර්ථයයි. විස්තර වශයෙන් පෙළින්ම හැඟෙයි.
තත්ථ “සබ්බපාපං නාමා”තිආදීසු දොසසමුට්ඨානන්ති දොසො සමුට්ඨානමෙව එතස්සාති දොසසමුට්ඨානං, න දොසො එව සමුට්ඨානන්ති. ලොභසමුට්ඨානායපි පිසුණවාචාය සම්භවතො. කායදුච්චරිතන්ති පදං අපෙක්ඛිත්වා “දොසසමුට්ඨාන”න්ති නපුංසකනිද්දෙසො. ලොභසමුට්ඨානං මොහසමුට්ඨානන්ති එත්ථාපි එසෙව නයො. සම්ඵප්පලාපො උද්ධච්චචිත්තෙන පවත්තයතීති අධිප්පායෙන තස්ස මොහසමුට්ඨානතා වුත්තා.
එහිදී සබ්බපාපං නාම යනාදියෙහි දොස සමුට්ඨානං යන්නෙහි දෝෂ හටගැනීම ම මෙහි ඇත්තේනුයි දොසසමුට්ඨාන නම් වේ. දෝෂයන් ම හටගන්නේ නොවේ. කේලාම් වචනයෙන් ලෝභ හටගැනීම ද සම්භ වේ. කාය දුච්චරිතං යන පදය දෙස බලා දොස සමුට්ඨානං යනුවෙන් නපුංසක ලිංගයෙන් දක්වා තිබේ. ලෝභ සමුට්ඨාන මෝහ සමුට්ඨානාදියෙහි ද මේ ක්‍රමයමයි. සම්පප්‍රලාපය නොසන්සුන් සිතින් පවත්වයි යන අදහසින් එහි මෝහ සමුට්ඨානත්වය කියන ලදි.
එවං දුච්චරිතඅකුසලකම්මපථකම්මවිභාගෙන “සබ්බපාප”න්ති එත්ථ වුත්තපාපං විභජිත්වා ඉදානිස්ස අකුසලමූලවසෙන අගතිගමනවිභාගම්පි දස්සෙතුං “අකුසලමූල”න්තිආදි වුත්තං. තත්ථ අකුසලමූලං පයොගං ගච්ඡන්තන්ති ලොභාදිඅකුසලානි කායවචීපයොගං ගච්ඡන්තානි, කායවචීපයොගං සමුට්ඨාපෙන්තානීති අත්ථො. ඡන්දාති ඡන්දහෙතු. යං ඡන්දා අගතිං ගච්ඡති, ඉදං ලොභසමුට්ඨානන්ති ඡන්දා අගතිං ගච්ඡතීති යදෙතං අගතිගමනං, ඉදං ලොභසමුට්ඨානන්ති. එවං සෙසෙසුපි අත්ථො දට්ඨබ්බො. එත්තාවතා “සබ්බපාපස්ස අකරණ”න්ති එත්ථ පාපං දස්සෙත්වා ඉදානි තස්ස අකරණං දස්සෙන්තො “ලොභො…පෙ… පඤ්ඤායා”ති තීහි කුසලමූලෙහි තිණ්ණං අකුසලමූලානං පහානවසෙන සබ්බපාපස්ස අකරණං අනුප්පාදනමාහ. තථා ලොභො උපෙක්ඛායාතිආදිනා බ්රහ්මවිහාරෙහි. තත්ථ අරතිං වූපසමෙන්තී මුදිතා තස්සා මූලභූතං මොහං පජහතීති කත්වා වුත්තං – “මොහො මුදිතාය පහානං අබ්භත්ථං ගච්ඡතී”ති.
මෙසේ මෝහ දුශ්චරිත අකුසල කර්ම පථ කර්ම විභාගයෙන් සබ්බපාපං යනුවෙන් මෙහි කියන ලද පාපය බෙදා දක්වා දැන් අකුසල මූල වශයෙන් අගතිගමන විභාගය දක්වන්නට අකුසල මූලං යනාදිය කියන ලදි. එහි අකුසල මූලං පයොගං ගච්ඡන්ති යනු ලෝභාදී අකුසල කාය වාග් ප්‍රයෝගවලට යන්නාහු කාය වාග් ප්‍රයෝග නගා සිටුවත් යන අර්ථයයි. ඡන්දා යනු ඡන්ද හේතුවයි. යං ඡන්දා අගතිං ගච්ඡති ඉදං ලොභ සමුට්ඨානං යනු ඡන්දයෙන් අගතියට යයි යන යම් මේ අගතියට යෑමක් වේ ද මෙය ලෝභ සමුට්ඨානයයි. මෙසේ සෙසු පදවල ද අර්ථය දතයුතුය. සබ්බ පාපස්ස අකරණං යන මෙපමණකින් මෙහි පාපය දක්වා දැන් එහි නූපදවීම දක්වනුයේ ලොභො -පෙ- පඤ්ඤාය යනුවෙන් ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් ත්‍රිවිධ අකුසල මූලයන්ගේ ප්‍රහාණ වහයෙන් සියලු පාපයන්ගේ නොකිරීම, නූපදවීම ප්‍රකාශ කරන ලදි. එසේම ලොභො උපෙක්ඛාය යනාදියෙන් බ්රහ්මවිහරණයන්ගෙන් (කියන ලදි) එහිදී නොඇලීම සමනය කෙරේ. මුදිතාව එහි මූලකාරණය වූ මෝහය දුරු කෙරේයයි තීරණය කොට මොහො මුදිතාය පහාණං අබ්භත්ථං ගච්ඡති යයි කියන ලදි.
ඉදානි අඤ්ඤෙනපි පරියායෙන පාපං තස්ස අකරණඤ්ච දස්සෙත්වා සෙසපදානඤ්ච අත්ථවිභාවනමුඛෙන සභාගවිසභාගධම්මාවට්ටනං දස්සෙතුං “සබ්බපාපං නාම අට්ඨ මිච්ඡත්තානී”තිආදි වුත්තං. අකිරියා අකරණං අනජ්ඣාචාරොති තීහිපි පදෙහි මිච්ඡත්තානං අනුප්පාදනමෙව වදති. තථා කිරියා කරණං අජ්ඣාචාරොති තීහිපි පදෙහි උප්පාදනමෙව වදති. අජ්ඣාචාරොති අධිට්ඨහිත්වා ආචරණං. අතීතස්සාති චිරකාලප්පවත්තිවසෙන පුරාණස්ස. මග්ගස්සාති අරියමග්ගස්ස. වුත්තඤ්හෙතං – “පුරාණමග්ගං පුරාණං අඤ්ජසන්ති ඛො අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචන”න්ති (සං· නි· 2.65 අත්ථතො සමානං). අතීතෙන වා විපස්සිනා භගවතා යථාධිගතං දෙසිතභාවං සන්ධාය “අතීතස්ස මග්ගස්සා”ති වුත්තං. විපස්සිනො හි අයං භගවතො සම්මාසම්බුද්ධස්ස පාතිමොක්ඛුද්දෙසගාථාති.
දැන් වෙනත් අයුරකින් ද පාපය හා එහි නූපදවීම දක්වා සෙසු පදවල ද අර්ථ විභාග මුඛයෙන් වූ සභාග විසභාග ධර්මයන්ගේ ආවර්තනය දක්වන්නට සබ්බපාපං නාම අට්ඨමිච්ඡත්තානි යනාදිය කියන ලදි. අක්‍රියා අකරණං අනජ්ඣාචාරො යන පද තුනෙන් මිථ්‍යා ස්වභාවයන්ගේ නූපදවීම ම ප්‍රකාශ කරයි. එසේ ක්‍රියා කරන අජ්ඣාචාර යන පද තුනෙන් උත්පාදනය ම ප්‍රකාශ කෙරේ. අජ්ඣාචාරො යනු අධිෂ්ඨාන කොට හැසිරීමයි. අතීතස්ස යනු බොහෝකල් පැවතීම් වශයෙන් පැරණි වූ යනුයි. මග්ගස්ස යනු ආර්ය මාර්ගයේ ය. ‘පුරාණ මාර්ගය පුරාණ අඤ්ජස යන මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයට වෙනත් නමකි’ යන මෙය කියන ලද්දේ ම ය. පෙර වැඩසිටි විපස්සි බුදුරදුන් විසින් අවබෝධ කළ පරිදි දේශනා කරන ලද බව සඳහා අතීතස්ස මග්ගස්ස යනුවෙන් කියන ලිද. මෙය භාග්‍යවත් වූ සම්මා සම්බුද්ධ වූ විපස්සි බුදුන්ගේ පාමොක් උදෙසන ගාථාවයි.
යං පටිවෙධෙනාති යස්ස පරිඤ්ඤාභිසමයෙන. යං පරියොදාපිතං, අයං නිරොධොති යදිපි අසඞ්ඛතා ධාතු කෙනචි සංකිලෙසෙන න සංකිලිස්සති, අධිගච්ඡන්තස්ස පන පුග්ගලස්ස වසෙන එවං වුත්තං. තස්ස හි යාව සංකිලෙසා න විගච්ඡන්ති, තාව අසඞ්ඛතා ධාතු අපරියොදපිතාති වුච්චති. යථා නිබ්බානාධිගමෙන යෙ ඛන්ධා වූපසමෙතබ්බා, තෙසං සෙසභාවෙන අසෙසභාවෙන ච “සඋපාදිසෙසා”ති ච, “අනුපාදිසෙසා”ති ච වුච්චති, එවංසම්පදමිදං දට්ඨබ්බං.
යං පටිවෙධෙන යනු යමක අවබෝධයෙනි. යං පරියොදපිතං අයං නිරොධො ඉදින් අසංඛත නිර්වාණ ධාතුව කිසිදු ක්ලේශයකින් කිලිටි නොවන්නේ ද අවබෝධය ලබන පුද්ගලයාගේ වශයෙන් මෙසේ කියන ලදි. යම්තාක් කෙලෙස් දුරු නොවේ ද ඒතාක් අසංඛත පිරිසිදු නොකරන ලදැයි කියනු ලැබේ. යම්සේ නිර්වාණාවබෝධයෙන් යම් ස්ක්නධ සන්සිඳුවිය යුතු ද ඒවායේ ඉතිරි බැවින් ද ඉතිරි නැති බැවින් ද සඋපාදිසේස කියා ද අනුපාදිසේස කියා ද කියනු ලැබේ. මෙසේ මේ සම්පත්තිය දතයුතුය.
ඉමානි පාළිආගතධම්මානං සභාගවිසභාගධම්මාවට්ටනවසෙන නිද්ධාරිතානි චත්තාරි සච්චානි පුනපි පාළිආගතධම්මානං සභාගවිසභාගධම්මාවට්ටනෙන ආවට්ටහාරං දස්සෙතුං “ධම්මො හවෙ රක්ඛතී”ති ගාථමාහ. තස්සා පදත්ථො පුබ්බෙ වුත්තො එව. ධම්මොති පුඤ්ඤධම්මො ඉධාධිප්පෙතො. තං විභජිත්වා දස්සෙන්තො “ධම්මො නාම දුවිධො ඉන්ද්රියසංවරො මග්ගො චා”ති ආහ. ඉන්ද්රියසංවරසීසෙන චෙත්ථ සබ්බම්පි සීලං ගහිතන්ති දට්ඨබ්බං . සබ්බා උපපත්තියො දුග්ගති දුක්ඛදුක්ඛතාදියොගෙන දුක්ඛා ගතියොති කත්වා. යථාවුත්තෙ දුවිධෙ ධම්මෙ පඨමො ධම්මො යථා සුචිණ්ණො හොති, යතො ච සො රක්ඛති, යත්ථ ච පතිට්ඨාපෙති, තං සබ්බං දස්සෙතුං “තත්ථ යා සංවරසීලෙ අඛණ්ඩකාරිතා”තිආදි වුත්තං. ඉදානි තස්ස ධම්මස්ස අපායතො රක්ඛණෙ එකන්තිකභාවං විභාවෙතුං ගාමණිසංයුත්තෙ (සං· නි· 4.358) අසිබන්ධකපුත්තසුත්තං ආභතං.
පාළියෙහි ආ ධර්ම පිළිබඳව සභාග විසභාග ධර්මයන් පරිවර්තන වශයෙන් වෙන්කොට දක්වන ලද මේ චතුරාර්ය සත්‍ය නැවතත් පාළියෙහි ආ ධර්මයන්ගේ සභාග විසභාග ධර්මයන් පරිවර්තන වශයෙන් ආවට්ටන හාරය දක්වන්නට ධම්මො හවෙ රක්ඛති යන ගාථාව ප්‍රකාශ කරන ලදි. එහි පදාර්ථ මුලින්ම කියන ලද්දේය. මෙහි ධම්මො යන්නෙන් පුණ්‍ය ධර්මය අදහස් කරන ලදි. එය බෙදා දක්වමින් ධම්මො නාම දුතියො ඉන්ද්රිය සංවරො මග්ගො ච යයි කියන ලදි. ඉන්ද්රිය සංවර ශීර්ෂයෙන් මෙහිදී සියලු ශීලය ගන්නා ලදැයි දතයුතුය. සබ්බා උපපත්තියො දුග්ගති යනු දුක්ඛ දුක්ඛතා ආදී යෙදීමෙන් දුක් ඇති ගති ස්වභාව ඇතිකොට යනුයි. කියන ලද දෙවැදෑරුම් ධර්මයෙහි පළමු මාර්ගය යම්සේ මනාව පුරුදු කරන ලද්දේ වෙයි ද යම්හෙයකින් එය රකී ද, යම්තැනක පිහිටුවා ද ඒ සියල්ල දක්වන්නට තත්ථ යා සංවරසීලෙ අඛණ්ඩකාරිතා යනාදිය කියන ලදි. දැන් ඒ ධර්මයේ අපායෙන් වන රක්ෂණයේ ඒකාන්තභාවය දක්වන්නට ගාමණී සංයුත්තයේ අසිබන්ධක පුත්ත සූත්‍රය ගෙනෙන ලදි.
තත්ථ එවන්ති පකාරෙන. ච-සද්දො සම්පිණ්ඩනෙ, ඉමිනාපි පකාරෙන අයමත්ථො වෙදිතබ්බොති අධිප්පායො. අසිබන්ධකපුත්තොති අසිබන්ධකස්ස නාම පුත්තො. ගාමෙ ජෙට්ඨකතාය ගාමණී. පච්ඡාභූමකාති පච්ඡාභූමිවාසිනො. කාමණ්ඩලුකාති සකමණ්ඩලුනො. සෙවාලමාලිකාති පාතොව උදකතො සෙවාලඤ්චෙව උප්පලාදීනි ච ගහෙත්වා උදකසුද්ධිභාවජානනත්ථං මාලං කත්වා පිළන්ධනකා. උදකොරොහකාති සායං පාතං උදකං ඔරොහණකා. උය්යාපෙන්තීති උපරියාපෙන්ති. සඤ්ඤාපෙන්තීති සම්මා යාපෙන්ති. සග්ගං නාම ඔක්කාමෙන්තීති පරිවාරෙත්වා ඨිතාව “ගච්ඡ, භො, බ්රහ්මලොකං, ගච්ඡ, භො, බ්‍රහ්මලොක”න්ති වදන්තා සග්ගං පවෙසෙන්ති.
එහි එවං යනු ප්රකාරාර්ථයෙනි. ච ශබ්දය සම්පිණ්ඩනාර්ථයෙහිය. මේ ප්‍රකාරයෙන් මේ අර්ථය දතයුතු යයි යන අදහසයි. අසිබන්ධකපුත්තො යනු අසිබන්ධක නම් පුත්‍රයාය. ගමෙහි ප්‍රධානියා බැවින් ගාමණී නම් වේ. පච්ඡාභූමකා යනු පසු පෙදෙස් වාසීහුය. කාමණ්ඩලුකා යනු කෙණ්ඩි සහිත පුද්ගලයෝය. සෙවාලමාලිකා යනු උදෑසනින්ම දියෙන් දියසෙවල ද උපුල් ආදිය ද ගෙන උදක පාරිශුද්ධිය ඇති කිරීම පිණිස මාලා සාදා පළඳින්නෝය. උදකාරොහකා යනු උදේ හවස දියට බස්නවුන් ය. උය්යාපෙන්ති යනු මත්තෙහි යැපෙත් යනුයි. සඤ්ඤාපෙන්ති යනු මනාව යැපෙත් යනුයි. සන්නං නාම උග්ගමෙන්ත යනු පිරිවරා සිටගෙන පින්වත බඹලොවට යව. බඹලොවට යවයි කියමින් ස්වර්ගයට පිවිසුවත් යනුයි.
අනුපරිසක්කෙය්යාති අනුපරිගච්ඡෙය්ය. උම්මුජ්ජාති උට්ඨහ. උප්ලවාති ජලස්ස උපරිප්ලව. ථලමුප්ලවාති ථලං අභිරුහ. තත්ර යාස්සාති තත්ර යං අස්ස, යං භවෙය්ය. සක්ඛරකඨලන්ති සක්ඛරා වා කඨලා වා. සා අධොගාමී අස්සාති සා අධො ගච්ඡෙය්ය, හෙට්ඨාගාමී භවෙය්ය. අධො ගච්ඡෙය්යාති හෙට්ඨා ගච්ඡෙය්ය. මග්ගස්සාති අරියමග්ගස්ස. තික්ඛතාති තිඛිණතා. සා ච ඛො න සත්ථකස්ස විය නිසිතකරණතා, අථ ඛො ඉන්ද්රියානං පටුභාවොති දස්සෙතුං “අධිමත්තතා”ති ආහ. නනු ච අරියමග්ගො අත්තනා පහාතබ්බකිලෙසෙ අනවසෙසං සමුච්ඡින්දතීති අතිඛිණො නාම නත්ථීති? සච්චමෙතං, තථාපි නො ච ඛො “යථා දිට්ඨිප්පත්තස්සා”ති වචනතො සද්ධාවිමුත්තදිට්ඨිප්පත්තානං කිලෙසප්පහානං පති අත්ථි කාචි විසෙසමත්තාති සක්කා වත්තුං. අයං පන විසෙසො න ඉධාධිප්පෙතො, සබ්බුපපත්තිසමතික්කමනස්ස අධිප්පෙතත්තා. යස්මා පන අරියමග්ගෙන ඔධිසො කිලෙසා පහීයන්ති, තඤ්ච නෙසං තථාපහානං මග්ගධම්මෙසු ඉන්ද්රියානං අපාටවපාටවතරපාටවතමභාවෙන හොතීති යො වජිරූපමධම්මෙසු මත්ථකප්පත්තානං අග්ගමග්ගධම්මානං පටුතමභාවො. අයං ඉධ මග්ගස්ස තික්ඛතාති අධිප්පෙතා. තෙනෙවාහ – “අයං ධම්මො සුචිණ්ණො සබ්බාහි උපපත්තීහි රක්ඛතී”ති. “තස්මා රක්ඛිතචිත්තස්සා”තිආදිනා සුත්තන්තරෙන (උදා· 32) සුගතිසඤ්ඤිතානම්පි උපපත්තීනං දුග්ගතිභාවං සාධෙති.
අනුපරිසක්කෙය්ය යනු අනුව යන්නේය යනුයි. උම්මුජ්ජ යනු නැගීසිටුව යනුයි. උප්ලව යනු ජලය මත්තෙහි පාවෙව යනුයි. ථලමුප්ලව යනු ගොඩට නගුව යනුයි. තත්ර යස්ස යනු එහි යමක් වන්නේ ද එයයි. සක්ඛරකඨලං යනු කැට හෝ කැබලිතිය සා අධොගාමි අස්ස යනු එය යටට යයි යනුයි. යටට යන්නේ වන්නේය. අවං නච්ඡෙස්ස යනු යටට යන්නේ ය යනුයි. මග්ගස්ස යනු ආර්ය මාර්ගයේ ය. තික්ඛතා යනු තියුණු බවයි. එය ආයුධයක් මෙන් උල් වූයේ නොවේ. එනම් ඉන්ද්රියයන්ගේ පටු බව දක්වන්නට අධිමත්ත තා යි කියන ලදි. තමා විසින් ප්රහාණය කළයුතු කෙලෙස් ඉතිරි නැතිව සිඳ දමන්නේ නම් ආර්යමාර්ගය ඉතා සියුම් වූයේ නොවේ ද? මෙය සත්‍යයකි. එසේ වුවත් දිට්ඨියට පත් පුද්ගලයාට එසේ නොවේ යන වදනින් සද්ධා විමුත්ත දිට්ඨිප්පත්ත පුද්ගලයන්ගේ කෙලෙස් ප්රහාණය පිළිබඳ කිසියම් විශේෂ මතයක් ඇතැයි කිවහැකිය. මේ විශේෂයයි. මෙහිදී සියලු උත්පත්තීන්ගේ සමතික්‍රමණය පිළිබඳ අධිප්රේතත්වය අදහස් නොකරන ලදි. යම්හෙයකින් ආර්ය මාර්ගයෙන් සීමා වශයෙන් කෙලෙස් ප්‍රහීණ වෙත්. එසේ ඒවායේ ඒ ප්රහාණය මාර්ග ධර්මයන්හි ඉන්ද්රියයන්ගේ අපාටව (අදක්ෂ බව) පාටව (දක්ෂ බව) පාටවතර (ඉතා දක්ෂ බව) පාටවතම (ඉතාම දක්ෂ බව) වශයෙන් වන්නේය. දියමන්ති බඳු ධර්මයන්ගෙන් යමක් මස්තකප්රාප්ත වූ අග්‍ර ධර්මයන්ගේ දක්ෂතම වේ ද එය මෙහිදී මාර්ගයේ තියුණු බවයැයි අදහස් කරන ලදි. එහෙයින්ම අයං ධම්මො සුවිණ්ණො සබ්බාහි උපපත්තීහි රක්ඛති යි කියන ලදි. තස්මා රක්ඛිත චිත්තස්ස යනාදි වෙනත් සූත්‍රයකින් සුගති සංඥා ඇත්තවුන්ගේ ද උප්පත්තීන්හි දුගති බව සාධනය කරයි.
ඉදානි යථාවුත්තස්ස ධම්මස්ස විසභාගධම්මානං තණ්හාවිජ්ජාදීනං සභාගධම්මානඤ්ච සමථවිපස්සනාදීනං නිද්ධාරණවසෙන ආවට්ටහාරං යොජෙත්වා දස්සෙතුං “තත්ථ දුග්ගතීනං හෙතු තණ්හා ච අවිජ්ජා චා”තිආදිමාහ. තං පුබ්බෙ වුත්තනයත්තා සුවිඤ්ඤෙය්යමෙව. ඉදං වුච්චති බ්රහ්මචරියන්ති ඉදං අරියං සමථවිපස්සනාසඞ්ඛාතං මග්ගබ්රහ්මචරියන්ති වුච්චති. යං රක්ඛතීති සබ්බාහි දුග්ගතීහි රක්ඛන්තස්ස අරියමග්ගස්ස ආරම්මණභූතො නිරොධො රක්ඛන්තො විය වුත්තො, නිමිත්තස්ස කත්තුභාවෙන උපචරිතත්තා. ඉමානි චත්තාරි සච්චානි විසභාගසභාගධම්මාවට්ටනවසෙන නිද්ධාරිතානීති අධිප්පායො.
දැන් කියන ලද ධර්මයේ විසභාග ධර්ම වූ තණ්හා අවිද්‍යා ආදී සභාග ධර්මයන්ගේ ද සමථ විදර්ශනා ආදියේ ද වෙන්කොට දැක්වීම් වශයෙන් ආවර්තන හාරය යොදා දක්වන්නට තත්ථ දුග්ගති හෙතු තණ්හා ච අවිජ්ජා ච යනාදිය කියන ලදි. එය පෙර කියන ලද ක්‍රම ඇති බැවින් මනාව දතහැකිය. ඉදං වුච්චති බ්රහ්මචරියං යනු මේ ආර්ය වූ සමථ විදර්ශනා සංඛ්‍යාත මාර්ග බ්‍රහ්ම චර්යාව යැයි කියනු ලැබේ. යං රක්ඛති යනු සියලු දුගතීන්ගෙන් රකින්නා වූ ආර්ය මාර්ගයේ අරමුණ වූ නිරෝධය රකින්නාක් මෙන් කියන ලද නිමිත්තේ කර්තෘභාවයෙන්ම සේවනය කරන ලද බැවිනි. මේ චතුරාර්ය සත්‍ය විසභාග සභාග ධර්මයන් පරිවර්තනය කිරීම් වශයෙන් වෙන්කරන ලදැයි යන අදහසයි.
ආවට්ටහාරවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
ආවට්ට හාර විභංග වර්ණනාව නිමි.