ආවට්ටහාරවිභඞ්ගො
3. 1. 7.
3. 1. 7.
ආවට්ටහාරවිභඞ්ගො
ආවට්ටහාරවිභඞ්ගය
තත්ථ කතමො ආවට්ටො හාරො: “එකම්හි පදට්ඨානෙ”ති අයං.
එහි ‘ආවට්ට’ හාරය කවරෙ යත්: “ඒකම්හි පදට්ඨානෙ” යන නිර්දේශ ගාථාව යැ.
1. “ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”ති.
1. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ විදර්ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් වනසන්නාක් මෙන් මරහුගේ කාමාදි ක්ලේශසේනාව විද්ධ්වංසන කරව’ යි.
“ආරභථ නික්ඛමථා”ති විරියස්ස පදට්ඨානං. “යුඤ්ජථ බුද්ධසාසනෙ”ති සමාධිස්ස පදට්ඨානං. “ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”ති පඤ්ඤාය පදට්ඨානං. “ආරභථ නික්ඛමථා”ති විරියින්ද්රියස්ස පදට්ඨානං. “යුඤ්ජථ බුද්ධසාසනෙ”ති සමාධින්ද්රියස්ස පදට්ඨානං. “ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”ති පඤ්ඤින්ද්රියස්ස පදට්ඨානං. ඉමානි පදට්ඨානානි දෙසනා.
“ආරභථ නික්ඛමථ” යනු: (වීර්ය්යාරම්භයෙහි යොදවන හෙයින්) වීර්‍ය්‍යයට පදට්ඨාන (ආසන්න කාරණ) යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: ප්‍රඥාවට පදට්ඨාන යි. “ආරභථ නික්ඛමථ” යනු: වීරියින්ද්රියට පදට්ඨාන යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධීන්‍ද්‍රියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යි. මෙ කියනලද වීර්ය්යාදීන්ගේ පදට්ඨානයෝ “ආරභථ නික්ඛමථ” යනාදි දේශනාව යි. (වීර්ය්යාරම්භවස්තු ආදීහු නො වෙතී සේ යි.)
අයුඤ්ජන්තානං වා සත්තානං යොගො යුඤ්ජන්තානං වා ආරම්භො, තත්ථ යෙ න යුඤ්ජන්ති තෙ පමාදමූලකා න යුඤ්ජන්ති. සො පමාදො දුවිධො: තණ්හාමූලකො අවිජ්ජාමූලකො ච. තත්ථ අවිජ්ජාමූලකො: යෙන අඤ්ඤාණෙන නිවුතො ඤෙය්යට්ඨානං නප්පජානාති පඤ්චක්ඛන්ධා උප්පාදවයධම්මාති අයං අවිජ්ජාමූලකො. යො තණ්හාමූලකො සො තිවිධො: අනුප්පන්නානං භොගානං උප්පාදාය පරියෙසන්තො පමාදං ආපජ්ජති, උප්පන්නානං භොගානං ආරක්ඛනිමිත්තං පරිභොග නිමිත්තඤ්ච පමාදං ආපජ්ජති, අයං ලොකෙ චතුබ්බිධො පමාදො, එකවිධො අවිජ්ජාය, තිවිධො තණ්හාය. තත්ථ අවිජ්ජාය නාමකායො පදට්ඨානං, තණ්හාය රූපකායො පදට්ඨානං. තං කිස්ස හෙතු: රූපීසු භවෙසු අජ්ඣොසානං අරූපීසු සම්මොහො. තත්ථ රූපකායො රූපක්ඛන්ධො නාමකායො චත්තාරො අරූපිනො ඛන්ධා. ඉමෙ පඤ්චක්ඛන්ධා කතමෙන උපාදානෙන සඋපාදානා: තණ්හාය ච අවිජ්ජාය ච. තත්ථ තණ්හා ද්වෙ උපාදානානි: කාමූපාදානං ච සීලබ්බතූපාදානඤ්ච. අවිජ්ජා ද්වෙ උපාදානානි: දිට්ඨුපාදානඤ්ච අත්තවාදූපාදානඤ්ච. ඉමෙහි චතූහි උපාදානෙහි යෙ සඋපාදානා ඛන්ධා ඉදං දුක්ඛං. චත්තාරි උපාදානානි අයං සමුදයො. පඤ්චක්ඛන්ධා දුක්ඛං. තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති, දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය.
(මෙසේ පදට්ඨාන වශයෙන් අර්ත්ථනිර්ධාරණය කොට දැන් එය සභාගවිසභාග වශයෙන් ආවර්තන කරන්නට තත් භූමි දක්වති.) භාවනායෝගයෙහි නොයෙදෙන නො මූකළනුවණැති සත්ත්වයන්ගේ මතු අවබෝධය පිණිස ද යෝගයෙහි යෙදෙන මූකළනුවණැති සත්ත්වයන්ගේ ඉහාත්මයෙහි අවබෝධය පිණිස ද මේ දේශනාරම්භය වේ. එහි යම් කෙනෙක් භාවනායෝගයෙහි නො යෙදෙත් ද, ඔහු ප්රමාදමූලක ව නො යෙදෙත්. ඒ ප්‍රමාදය: තණ්හාමූලක යැ අවිජ්ජාමූලක යැයි දෙවැදෑරුම් වෙයි. එහි අවිද්‍යාමූලක ප්‍රමාදය: (පඤ්චස්කන්ධයාගේ ස්වලක්ෂණ සාමාන්‍යලක්‍ෂණ ප්‍රතිච්ඡාදන කරන) යම් සම්මෝහයකින් වැසුණේ පඤ්චස්කන්ධය උදයව්යයස්වභාව ඇතැ’ යි (‘ඉතිරූපං’ යනාදීන් පැවති) ඥාන ප්රවෘත්තිකාරණය නො දනී ද, මේ අවිජ්ජාමූලක ප්‍රමාද යි. යම් තණ්හාමූලක ප්‍රමාදයෙක් ඇද්ද එය ත්‍රිවිධ යැ: නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස (උපාය) පර්‍ය්‍යෙෂණ කරනුයේ ප්‍රමාදයට පැමිණෙයි. උපන් භෝගයන්ගේ ආරක්ෂාව නිමිති කොට ද පරිභෝගය නිමිති කොට ද ප්‍රමාදයට පැමිණෙයි. ලොවැ මේ චතුර්විධ ප්‍රමාදය යි. අවිද්‍යායෙන් ඒකවිධ යැ, තෘෂ්ණායෙන් ත්‍රිවිධ යි. එහි අවිද්‍යාවට නාමකාය පදට්ඨාන (ආසන්නකාරණ) යැ, තෘෂ්ණාවට රූපකාය පදට්ඨාන යි. එ කවර හෙයින යත්: රූපධර්මයන් කෙරෙහි (තෘෂ්ණාවශයෙන්) අභිනිවේශය ද, අරූපභවධර්මයන් කෙරෙහි (ඵස්සාදීන්ගේ අතිසුඛමස්වභාව හෙයින් ද සන්තති ආදි ඝනවිනිර්භෝගය දුෂ්කර හෙයින් ද) සම්මෝහය ද වෙයි, එහෙයිනි. එහි රූපකාය රූපස්කන්ධ යැ නාමකාය සතර අරූපීස්කන්‍ධයෝ යි. මේ පඤ්චස්කන්ධයෝ කවර උපාදානයෙකින් සඋපාදන වෙති යත්: තෘෂ්ණායෙන් ද අවිද්‍යායෙන් ද උපාදාන සහිත වෙත්. එහි තෘෂ්ණාව කාමූපාදාන ද සීලබ්බතූපාදාන දැයි උපාදාන දෙකෙකි. අවිද්‍යාව දිට්ඨුපාදානය ද අත්තවාදූපාදානය දැයි උපාදාන දෙකෙකි. මේ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්ධ කෙනෙක් වෙත් ද, මේ දුක්ඛ යැ, යම් සතර උපාදානයෝ වෙත් ද මේ සමුදය යැ, පඤ්චස්කන්ධයෝ දුක්ඛයි. භාග්‍යවතුන් වහන්සේ ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥානය පිණිස ද ප්රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්රහාණය පිණිස යි.
තත්ථ යො තිවිධො තණ්හාමූලකො පමාදො අනුප්පන්නානං භොගානං උප්පාදාය පරියෙසති, උප්පන්නානං භොගානං ආරක්ඛණං ච කරොති පරිභොගනිමිත්තඤ්ච. තස්ස සම්පටිවෙධෙන රක්ඛණා පටිසංහරණා, අයං සමථො. සො කථං භවති: යදා ජානාති කාමානං අස්සාදං ච අස්සාදතො ආදීනවං ච ආදීනවතො නිස්සරණං ච නිස්සරණතො ඔකාරං ච සඞ්කිලෙසං ච වොදානං ච නෙක්ඛම්මෙ ච ආනිසංසං, තත්ථ යා වීමංසා උපපරික්ඛා අයං විපස්සනා. ඉමෙ ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: සමථො ච විපස්සනා ච. ඉමෙසු ද්වීසු ධම්මෙසු භාවියමානෙසු ද්වෙ ධම්මා පහීයන්ති: තණ්හා ච අවිජ්ජා ච. ඉමෙසු ද්වීසු ධම්මෙසු පහීනෙසු චත්තාරි උපාදානානි නිරුජ්ඣන්ති, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො,
එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍රමාදයට ප්රතිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථෝක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්‍රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි,
ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. ඉති පුරිමකානි ච ද්වෙ සච්චානි දුක්ඛං සමුදයො ච, සමථො ච විපස්සනා ච මග්ගො, භවනිරොධො නිබ්බානං. ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ භගවා: “ආරභථ නික්ඛමථා”ති.
ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී.
2. “යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනූහතෙ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං”
2. යම්සේ භූමිගත අවයව සංඛ්‍යාත මූලය සිඳීම් ආදියෙන් උපද්‍රව රහිත කල්හි එහෙයින් ම දැඩිව සිටි කල්හි සිඳිනලද්දාහු වූ ද වෘක්ෂය වටාලා වැඩේ ද, එසෙයින් ම තණ්හානුසය සංඛ්‍යාත ආත්මභාව වෘක්ෂයාගේ මූලය මාර්ගඥානපරශුයෙන් නොසුන් කල්හි මේ පඤ්චස්කන්ධදුඃඛය පුනපුනා උපදී.
අයං තණ්හානුසයො, කතමස්සා තණ්හාය: භවතණ්හාය. යො එතස්ස ධම්මස්ස පච්චයො අයං අවිජ්ජා, අවිජ්ජාපච්චයා හි භවතණ්හා. ඉමෙ ද්වෙ කිලෙසා තණ්හා ච අවිජ්ජා ච. තානි චත්තාරි උපාදානානි, තෙහි චතුහි උපාදානෙහි යෙ සඋපාදානා ඛන්ධා ඉදං දුක්ඛං, චත්තාරි උපාදානානි අයං සමුදයො, පඤ්චක්ඛන්ධා දුක්ඛං, තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති, දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය, යෙන තණ්හානුසයං සමූහන්ති අයං සමථො, යෙන තණ්හානුසයස්ස පච්චයං අවිජ්ජං වාරයති අයං විපස්සනා, ඉමෙ ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: සමථො ච විපස්සනා ච, තත්ථ සමථස්ස ඵලං රාගවිරාගා චෙතොවිමුත්ති, විපස්සනාය ඵලං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. ඉති පුරිමකානි ච ද්වෙ සච්චානි දුක්ඛං සමුදයො ච, සමථො ච විපස්සනා ච මග්ගො, ද්වෙ ච විමුත්තියො නිරොධො, ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ භගවා: “යථාපි මූලෙ අනුපද්දවෙ”තී.
මේ තෘෂ්ණානුශය කවර තෘෂ්ණාවකගේ යැ යත්: භවතෘෂ්ණාවගේ යි. තෙල භවතෘෂ්ණධර්මයට යමෙක් ප්‍රත්‍යය වේ ද, මේ අවිද්‍යාව යි. ඒ එසේ මැ ය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් භවතෘෂ්ණාව වේ. තණ්හාව ද අවිද්‍යාව ද යන මේ දෙක ක්ලේශයෝ යි. ඔහු සතර උපාදානයෝ වෙති. ඒ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්ධ කෙනෙක් ඇද්ද මේ දුක්ඛ යැ, සතර උපාදාන කෙනෙක් ඇද්ද මේ සමුදය යි. පඤ්චස්කන්ධයෝ දුක යි. බුදුහු දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව පිණිස ද ප්රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්රහාණය පිණිස යි. යම් දහමකින් තණ්හානුසය නසා ද මේ සමථ යැ, යමකින් තණ්හානුසයට ප්‍රත්‍යය වූ අවිද්‍යාව වළහා ද, මේ විපස්සනා යි. ශමථය ද විදර්ශනාව ද යන මේ ධර්මයෝ දෙදෙන භාවනායෙන් සම්පූර්ණ වීමට යෙති. එහි ශමථයාගේ ඵලය රාගවිරාග චේතෝවිමුත්ති යැ, විදර්ශනාවගේ ඵලය අවිද්‍යාවිරාග ප්රඥාවිමුත්ති යි. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍යයෝ දෙදෙන යැ, ශමථයත් විදර්ශනාවත් මග්ග යැ, විමුත්තීහු දෙදෙන නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ වෙත්. එයින් වදාළහ, බුදුහු: “යථාපි මූලෙ අනුපද්දවෙ” යී.
3. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසන”න්ති.
3. සියලු අකුශලය නො ඉපදවීම ද, චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද, (රහත් මඟින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
සබ්බපාපං නාම තීණි දුච්චරිතානි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තෙ දස අකුසලකම්මපථා: පාණාතිපාතො අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරො මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො අභිජ්ඣා ව්යාපාදො මිච්ඡාදිට්ඨි. තානි ද්වෙ කම්මානි චෙතනා චෙතසිකඤ්ච. තත්ථ යො ච පාණාතිපාතො යා ච පිසුනාවාචා යා ච ඵරුසාවාචා ඉදං දොසසමුට්ඨානං, යඤ්ච අදින්නාදානං යො ච කාමෙසුමිච්ඡාචාරො යො ච මුසාවාදො ඉදං ලොභසමුට්ඨානං, යො සම්ඵප්පලාපො ඉදං මොහසමුට්ඨානං. ඉමානි සත්ත කාරණානි චෙතනාකම්මං යා අභිජ්ඣා අයං ලොභො අකුසලමූලං, යො බ්යාපාදො අයං දොසො අකුසලමූලං, යා මිච්ඡාදිට්ඨි අයං මිච්ඡාමග්ගො. ඉමානි තීණි කාරණානි චෙතසිකං කම්මං, තෙනාහ: චෙතනාකම්මං චෙතසිකං කම්මන්ති.
“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්මය ද චේතසික කර්මය දැයි කර්මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්ම යැ, යම් අභිධ්‍යාවක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්ථ්යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්ථ්යාමාර්ග යි. මේ තුන් කරුණ චේතසික කර්ම යි. එයින් කීහ: “චේතනාකම්මං චේතසිකං කම්මං” යී.
අකුසලමූලං පයොගං ගච්ඡන්තං චතුබ්බිධං අගතිං ගච්ඡති: ඡන්දා දොසා භයා මොහා. තත්ථ යං ඡන්දාගතිං ගච්ඡති ඉදං ලොභසමුට්ඨානං. යං දොසාගතිං ගච්ඡති ඉදං දොසසමුට්ඨානං. යං භයා ච මොහා ච අගතිං ගච්ඡති ඉදං මොහසමුට්ඨානං. තත්ථ ලොභො අසුභාය පහීයති, දොසො මෙත්තාය, මොහො පඤ්ඤාය. තථා ලොභො උපෙක්ඛාය පහීයති, දොසො මෙත්තාය ච කරුණාය ච, මොහො මුදිතාය පහානං අබ්භත්ථං ගච්ඡති. තෙනාහ භගවා: “සබ්බපාපස්ස අකරණ”න්ති.
අකුශලමූලය ප්රයෝගයට යනුයේ සිවුවැදෑරුම් අගතියට යෙයි: ඡන්දයෙන් දෝසයෙන් භයින් මෝහයෙනි. එහි ඡන්දහේතුයෙන් යම් අගතියකට යේ ද මේ ලෝභසමුට්ඨාන යැ, දෝසයෙන් යම් අගතියකට යේ ද මේ දෝසසමූට්ඨාන යැ, භයින් ද මෝහයෙන් ද යම් අගතියකට යේ ද මේ මෝහසමුට්ඨාන යි. ඔවුන් කෙරෙහි ලෝභය අසුභභාවනායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තාභාවනායෙන් ප්‍රහීණ වෙයි, මෝහය පඤ්ඤාභාවනායෙන් ප්‍රහීණ වේ. එසේ මැ ලෝභය උපේක්‍ෂායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තායෙන් ද කරුණායෙන් ද ප්‍රහීණ වෙයි, මෝහය මුදිතායෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යේ. එයින් වදාළහ, බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
සබ්බපාපං නාම අට්ඨ මිච්ඡත්තානි: මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි, ඉදං වුච්චති සබ්බපාපං. ඉමෙසං අට්ඨන්නං මිච්ඡත්තානං යා අකිරියා අකරණං අනජ්ඣාචාරො, ඉදං වුච්චති සබ්බපාපස්ස අකරණං අට්ඨසු මිච්ඡත්තෙසු පහීනෙසු අට්ඨසම්මත්තානි සම්පජ්ජන්ති, අට්ඨන්නං සම්මත්තානං යා කිරියා කරණං අජ්ඣාචාරො අයං වුච්චති “කුසලස්ස උපසම්පදා”. “සචිත්තපරියොදපන”න්ති අතීතස්ස මග්ගස්ස භාවනා කිරියං දස්සයති, චිත්තෙ පරියොදපිතෙ පඤ්චක්ඛන්ධා පරියොදපිතා භවන්ති. එවං හි භගවා ආහ: “චෙතොවිසුද්ධත්ථං භික්ඛවෙ තථාගතෙ බ්රහ්මචරියං වුස්සතී”. දුවිධා හි පරියොදපනා නීවරණපහානං ච අනුසයසමුග්ඝාතො ච. ද්වෙ ච පරියොදපනභූමියො, දස්සනභූමි ච භාවනාභූමි ච. තත්ථ යං පටිවෙධෙන පරියොදපෙති, ඉදං දුක්ඛං, යතො පරියොදපෙති අයං සමුදයො, යෙන පරියොදපෙති අයං මග්ගො, යං පරියොදපිතං අයං නිරොධො. ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ භගවා: “සබ්බපාපාස්ස අකරණ”න්ති.
“සබ්බපාප” නම්: මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාසංකල්ප යැ මිථ්‍යාවාක් යැ මිථ්යාකර්මාන්ත යැ මිථ්‍යාආජීව යැ මිථ්‍යාව්‍යායාම යැ මිථ්‍යාස්මෘති යැ මිත්ථ්යාසමාධි යැ යන අටවැදෑරුම් මිච්ඡත්තයෝ යි. මේ ‘සබ්බපාප’ යයි කියනු ලැබේ. මේ අටවැදෑරුම් මිථ්යාත්වයන්ගේ යම් අක්‍රියාවක් අකරණයක් අනධ්යාචාරයෙක් (නො ඉපදවීමෙක්) ඇද්ද මේ “සබ්බපාපස්ස අකරණං” යයි කියනු ලැබේ. අෂ්ට මිථ්‍යාත්‍වයන් ප්‍රහීණ කල්හි අෂ්ට සම්‍යක්ත්‍වයෝ සම්පාදනය වෙති. අටවැදෑරුම් සම්යක්ත්වයෙන්ගේ යම් ක්‍රියාවක් කරණයක් අධ්‍යාචාරයෙක් (ඉපදවීමෙක්) වේ ද මේ “කුසලස්ස උපසම්පදා” යී කියනු ලැබේ. “සචිත්තපරියෝදපනං” යී අතීත මාර්ගයාගේ භාවනාක්රියාව දක්වනසේක. චිත්තය පවිත්‍ර කළ කල්හි පඤ්චස්කන්ධයෝ පරියෝදපනය කළාහු වෙත්. ඒ එසේ මැ යැ: බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, චේතෝවිසුද්ධිය සඳහා තථාගතයන් කෙරෙහි බඹසර වසන්නේය” යි. ඒ එසේ මැ යැ: නීවරණප්‍රහාණය ද අනුශය සමුද්ඝාතය දැයි පරියෝදපනය දෙවැදෑරුම් වෙයි. දර්ශනභූමි ද භාවනාභූමි දැයි පරියෝදපනභූමි ද දෙකෙකි. එහි යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභි සමයෙන් පරියෝදපනය කෙරේ ද මේ දුක්ඛ යැ, යමක්හු කෙරෙන් පිරිසිදුකෙරේ ද මේ සමුදය යැ, යමක් කරණ කොට පරියෝදපනය කෙරේ ද මේ මාර්ග යැ, යමක් පරියෝදපිත ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි, එයින් වදාළහ. බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
4. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථ වස්සකාලෙ, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති.
4. දානාදි කුශලධර්ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්ත්ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වු ඡත්රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස් වෙයි, ධර්මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
ධම්මො නාම දුවිධො: ඉන්ද්රියසංවරො මග්ගො ච. දුග්ගති නාම දුවිධා: දෙවමනුස්සෙ වා උපනිධාය අපායා දුග්ගති, නිබ්බානං වා උපනිධාය සබ්බා උපපත්තියො දුග්ගති. තත්ථ යා සංවරසීලෙ අඛණ්ඩ කාරිතා අයං ධම්මො සුචිණ්ණො අපායෙහි රක්ඛති. එවං භගවා ආහ: “ද්වෙමා භික්ඛවෙ සීලවතො ගතියො දෙවා ච මනුස්සා ච.
ධර්මය නම්: ඉන්ද්රියසංවර යැ මාර්ග යැයි ද්විවිධ යැ, දුර්ගති නම් ද්විවිධ යැ: දේවමනුෂ්යයන්ගේ හෝ උපනිධි කොට සතර අපායයෝ දුර්ගති යැ, නිර්වාණය හෝ උපනිධි කොට සියලු උපප්‍රාප්තීහු දුර්ගති යැ. එහි සංවරසීලයෙහි යම් අඛණ්ඩකාරීබවක් ඇද්ද මේ සංවරශීලධර්මය මොනොවට ආචීර්ණ වූයේ සතර අපායෙන් රකී. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, සිල්වත්හට දේවගතිය ද මනුෂ්‍යගතිය දැයි මේ ගති දෙකක් වෙති” යී
එවඤ්ච නාලන්දායං නිගමෙ අසිබන්ධකපුත්තො ගාමණී භගවන්තං එතදවොච: “බ්රාහ්මණා භන්තෙ පච්ඡාභූමකා කාමණ්ඩලුකා සෙවාල මාලිකා උදකොරොහකා අග්ගිපරිචාරකා, තෙ මතං කාලකතං උය්යාපෙන්ති නාම සඤ්ඤාපෙන්ති නාම සග්ගං නාම උග්ගමෙන්ති භගවා පන භන්තෙ පහොති තථා කාතුං, යථා සබ්බො ලොකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යා’ති.
තවද මෙසේ ඇත: නාලන්දානිගමයෙහි අසිබන්ධක පුත්‍ර වූ ගාමිණී භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස පශ්චාද්භූමි වැසි බ්‍රාහ්මණයෝ කමඬලු ඇත්තාහු සෙවෙල්මාලා ඇත්තාහු උදයසවස ජලාවගාහ කරන්නාහු ගිනි පුදන්නාහු, ඔහු මළහු කලුරියපළහු උඩලොවට යවති, මොනවට යවති, (පිරිවරා සිට භවත, බඹලොවට යවයි කියමින්) ස්වර්ගයට යවති, වහන්ස භාග්‍යයතුන් වහන්සේ වැලිත් යම් පරිදි සියලු ලෝවැසි තෙමේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට පිළිසඳ විසින් පැමිණේ නම්, එසේ කරන්නට පොහොසත් සේක් දැ” යි.
තෙන හි ගාමණී තං යෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි, තං කිම්මඤ්ඤසි ගාමණී ඉධස්ස පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ”ති, තං කිම්මඤ්ඤසි ගාමණී අපිනු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති, නො හෙතං භන්තෙ.
ග්‍රාමිණි එසේ නම් මෙ කරුණෙහි ලා තොප මැ පුළුවුස්මි, තොපට යම්සේ හැගේ නම් එසෙයින් එය ප්‍රකාශ කරව, ග්රාමණි ඒ කිමැයි හඟනාව, මෙ ලොවැ පුරුෂයෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා කියනුයේ පිසුනුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස් වදන් කියනුයේ අභිධ්‍යා බහුල කොට ඇතියේ ව්‍යාපාද සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, මහාජනසමූහයා තෙලපුඟුල්හු වෙත එක්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් පසස්නේ නම් ඇඳිලිබැඳ සිසාරායන්නේ නම්, ග්රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නා හෙයින් වේව’ යි බඳැඳිලි වැ සිසාරායන හෙයින් වේවයි කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණෙන්නේ දැ’ යි.
සෙය්යථාපි ගාමණී පුරිසො මහතිං පුථුසිලං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය උම්මුජ්ජ භො පුථුසිලෙ උප්ලව භො පුථුසිලෙ ඵලමුප්ලව භො පුථිසිලෙ’ති. තං කිම්මඤ්ඤසි ගාමණී අපිනු සා මහතී පුථුසිලා මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා උම්මුජ්ජෙය්ය වා උප්ලවෙය්ය වා ඵලං වා උප්ලවෙය්යාති, නො හෙතං භන්තෙ. එවමෙව ඛො ගාමණී යො සො පුරිසො පාණාතිපාතී -පෙ- මිච්ඡාදිට්ඨිකො, කිඤ්චාපි නං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූති. අථ ඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
වහන්ස තෙල නො වේ මැ ය. ග්රාමණී යම්සේ පුරුෂයෙක් මහත් වු ගනසෙලක් ගැඹුරු දියවිලෙක්හි බහාලන්නේ ද, මහාජනසමූහයා තෙල ශෛලය වෙත එක්වගෙන ‘භවත් ශෛලය උඩ නැගෙව භවත් ශෛලය ඉල්පෙව භවත් ශෛලය ගොඩට පිහිනව’ යි අයදනේ නම් පසන්නේ නම් බඳැඳිලිව සිසාරා යන්නේ නම්, ග්රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ මහත් ගනසෙල මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි ඇඳිලිබැඳ සිසාරා යනහෙයින් වේවයි උඩට නැඟෙන්නේ හෝ ඉල්පෙන්නේ හෝ ගොඩට පිහිනන්නේ හෝ වේ දැ’ යි. වහන්ස තෙල නොවේ මැ ය. එසෙයින් ම ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණවධ කරනුයේ ... මිසදුටු වූයේ වෙයි, එතෙකුදු වත් මහාජනසමූහයා ඔහු සමීපයට රැස්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් නමුදු පසස්නේ නමුදු සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වු නිරයට (පිළිසඳ විසින්) පැමිණෙන්නේය.
තං කිං මඤ්ඤසි ගාමණී ඉධස්ස පුරිසො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨිකො, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතූති. තං කිම්මඤ්ඤසි ගාමණී අපිනු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචන හෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං. උපපජ්ජෙය්යාති, නො හෙතං භන්තෙ. සෙය්යථාපි ගාමණී පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහිත්වා භින්දෙය්ය, තත්ර යස්ස සසක්ඛරකඨලං තං අධොගාමී අස්ස, යඤ්ච ඛ්වස්ස තත්ර සප්පි වා තෙලං වා. තං උද්ධංගාමි අස්ස, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: ඔසීද භො සප්පිතෙල, සංසීද භො සප්පිතෙල, අවං ගච්ඡ භො සප්පිතෙලාති. තං කිම්මඤ්ඤසි ගාමණී, අපිනු තං සප්පිතෙලං මහතො ජනකායස්ස ආයාචන හෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා ඔසිදෙය්ය වා සංසීදෙය්ය වා අවං වා ගච්ඡෙය්යාති? නො හෙතං භන්තෙ. එවමෙව ඛො ගාමණි යො සො පුරිසො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨිකො, කිඤ්චාපි නං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං, විනිපාතං නිරයං උපපජ්ජතූති. අථ ඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය” ඉති ධම්මො සුචිණ්ණො අපායෙහි රක්ඛති.
ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, මෙලොවැ පුරුෂයෙක් ප්‍රාණවධයෙන් වැළැකියේ ... සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ය. මහාජනසමූහයා තුලුහු වෙත රැස්වෙන “මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ යැ පසස්නේ යැ බදැඳිලිව සිසාරා ඇවිදුනේ යැ, ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි බදැඳිලිව සිසාරා යන හෙයින් වේවයි කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ? යි. වහන්ස, තෙල නොවේ මැ ය. ග්‍රාමිණි යම් පරිදි පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳිනේ නම්, එහි යම් කැටක් හෝ කැබිලිති හෝ වූ නම් එය යටට බස්නේ ය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වී නම් එය උඩට යනු වන්නේ ය, මහාජනසමූහයා තෙල සප්පිතෙලය වෙත රැස්වගෙන ‘භවත් සප්පිතෙලය දියෙහි ගැලෙව, භවත් සප්පිතෙලය මැනැවින් ගැලෙව, භවත් සප්පිතෙලය යටට යව’ යි අයදනේ නම් පසස්නේ නම් බදැඳිලිව සිසාරායන්නේ නම්, ඒ කිමැයි හඟනාව ග්‍රාමිණි කිම ඒ සප්පිතෙලය මහාජනසමූහයාගේ ආයාචනා හේතුයෙන් වේවයි පසස්නා හේතුයෙන් වේවයි බඳැඳිලිව සිසාරායන හෙයින් වේවයි දියෙහි ගැලෙන්නේ හෝ මැනැවින් ගැලෙන්නේ හෝ යටට හෝ යන්නේ දැ’ යි. වහන්ස, තෙල නොවේ මැ ය. එසෙයින් මැ ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ ... සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, එහෙත් මහාජනසමූහයා ඔහු වෙත රැස්ව සිට ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ නමුදු පසස්නේ නමුදු බඳැඳිලිව සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණෙන්නේය” මෙසේ ශීලසංවර සංඛ්‍යාත කුශලධර්මය මොනොවට පරිචිත වූයේ සතර අපායෙන් රකී.
තත්ථ යා මග්ගස්ස තික්ඛතා අධිමත්තතා අයං ධම්මො සුචිණ්ණො සබ්බාහි උපපත්තීහි රක්ඛති. එවං භගවා ආහ:
ඒ දෙවැරුම් ධර්මයන් කෙරෙහි ආර්ය්යමාර්ගධර්මයාගේ යම් තියුණුබවක් අධිමාත්‍ර බවක් ඇද්ද මේ මාර්‍ගධර්‍මය සූචීර්ණ වූයේ සකල උපප්රාප්තිභවයෙන් රකී. බුදුහු මෙසේ වදාළහ:
5. “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මා සඞ්කප්පගොචරො, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්වාන උදයබ්බයං; ථිනමිද්ධාභිභු භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ”ති.
5. (යම් හෙයෙකින් අරක්ෂිත සිත් ඇතියේ මාරවශීව සසර මැ වෙසේ ද) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත් ඇතිවන්නේ යැ, නෙක්ඛම්මාදි සම්‍යක්සඞ්කල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ, (කම්මස්සකතා යථාභූතඤාණ ලක්ෂණ) සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇතියේ (පඤ්චස්කන්ධයෙහි සමපනස් වැදැරුම්) උදයව්‍යය දැන (හඞ්ගානු පස්සනාදි වශයෙන් විදසුන් වඩා) රහත් මගින් ථිනමිද්ධය නැසූ ක්ෂීණාස්රව මහණ සියලු දුර්ගති දුරු කරන්නේ යි.
තත්ථ දුග්ගතීනං හෙතු තණ්හා ච අවිජ්ජා ච. තානි චත්තාරි උපාදානානි. තෙහි චතුහි උපාදානෙහි. යෙ සඋපාදානා ඛන්ධා ඉදං දුක්ඛං චත්තාරි උපාදානානි සමුදයො, පඤ්චක්ඛන්ධා දුක්ඛං. තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය තත්ථ තණ්හාය පඤ්චින්ද්රියානි රූපීනි පදට්ඨානං, අවිජ්ජාය මනින්ද්රියං පදට්ඨානං, පඤ්චින්ද්රියානි රූපීනි රක්ඛන්තො සමාධිං භාවයති තණ්හඤ්ච නිග්ගණ්හාති. මනින්ද්රියං රක්ඛන්තො විපස්සනං භාවයති අවිජ්ජඤ්ච නිග්ගණ්හාති. තණ්හානිග්ගහෙන ද්වෙ උපාදානානි පහීයන්ති: කාමූපාදානඤ්ච සීලබ්බතූපාදානඤ්ච. අවිජ්ජානිග්ගහෙන ද්වෙ උපාදානානි පහීයන්ති: දිට්ඨුපාදානඤ්ච අත්තවාදූපාදානඤ්ච, චතුසු උපාදානෙසු පහීනෙසු ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: සමථො ච විපස්සනා ච. ඉදං වුච්චති බ්රහ්මචරියන්ති. තත්ථ බ්රහ්මචරියස්ස ඵලං චත්තාරි සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තං අග්ගඵලං, ඉමානි චත්තාරි බ්රහ්මචරියඵලානීති. ඉති පුරිමකානි ච ද්වෙ සච්චානි දුක්ඛං සමුදයො ච, සමථො ච විපස්සනා ච බ්රහ්මචරියඤ්ච මග්ගො. බ්රහ්මචරියස්ස ඵලානි ච තදාරම්මණා ච අසඞ්ඛතා ධාතු නිරොධො, ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ: “ධම්මො හවෙ රක්ඛතී”ති. තත්ථ යං පටිවෙධෙන රක්ඛති ඉදං දුක්ඛං, යතො රක්ඛති අයං සමුදයො, යෙන රක්ඛති අයං මග්ගො, යං රක්ඛති අයං නිරොධො. ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ ආයස්මා මහාකච්චානො: “එකම්හි පදට්ඨානෙ”ති.
එහි තෘෂ්ණාව ද අවිද්‍යාව ද දුර්ගතීන් ට හේතු යැ, ඔහු සතර උපාදානයෝ වෙති, ඒ සතර උපාදානයෙන් සඋපාදානවු යම් ස්කන්ධ කෙකෙනෙක් ද ඇද්ද, මේ දුක යැ, සතර උපාදානයෝ සමුදය යැ, පඤ්චස්කන්ධයෝ දුක්ඛ යි. බුදුහු ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව ද ප්රහාණය ද සඳහා දහම් දෙසනසේක. දුඃඛයාගේ පරිඥාව පිණිස යැ, සමුදයාගේ ප්රහාණය පිණිසයි. එහි තෘෂ්ණාවට රූපී පඤ්චේන්‍ද්‍රියයෝ පදට්ඨාන යැ, අවිද්‍යාවට මන ඉන්ද්රිය පදට්ඨාන යි. රූපී පඤ්චේන්ද්රියයන් රක්නේ සමාධිය වඩයි. තෘෂ්ණාව ද නිගනී. මන ඉන්ද්රිය රක්නේ විදර්ශනාව වඩයි, අවිද්‍යාව ද නිගනී. තෘෂ්ණානිග්‍රහයෙන් කාමූපාදානය ද සීලබ්බතූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අවිද්‍යා නිග්‍රහයෙන් දිට්ඨූපාදානය ද අත්තවාදූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙත්. සතර උපාදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රෝතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්හත්ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි. මෙසේ දුඃඛය ද සමුදය ද යන පළමු කී සත්‍යයෝ දෙදෙන යැ, ශමථය ද විදර්ශනාව ද බ්‍රහ්මචර්‍ය්‍යය ද මාර්ග යැ, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලයෝ ද තදාලම්බන වූ අසඞ්ඛතධාතුව ද නිරෝධයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ: “ධම්මෝ හවෙ රක්ඛති” යී. ඒ දේශනායෙහි ප්‍රතිවේධයෙන් යමක් රකී ද මේ දුඃඛ යැ, යමක්හු කෙරෙන් රකී ද මේ සමුදය යැ, යමක් කරණකොට රකී ද මේ මාර්ග යැ, යමක් රකී ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ඒකම්හි පදට්ඨානෙ” යනාදිය.
නියුත්තො ආවට්ටො හාරො.
ආවට්ටහාරය යොදනලදී.