යෙදුමෙන් කියවන්න

චතුබ්‍යූහහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

චතුබ්‍යූහහාරවිභඞ‍්ගවණ‍්ණනා

චතුබ්‍යූහ හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරොති චතුබ්‍යූහහාරවිභඞ‍්ගො. තත්‍ථ බ්‍යඤ‍්ජනෙන සුත‍්තස‍්ස නෙරුත‍්තඤ‍්ච අධිප‍්පායො ච නිදානඤ‍්ච පුබ‍්බාපරසන්‍ධි ච ගවෙසිතබ‍්බොති සඞ‍්ඛෙපෙන තාව චතුබ්‍යූහං දස‍්සෙති. “බ්‍යඤ‍්ජනෙනා”ති ඉමිනා හාරානං සුත‍්තස‍්ස බ්‍යඤ‍්ජනවිචයභාවතො බ්‍යඤ‍්ජනමුඛෙනෙව එතෙ චතුබ්‍යූහහාරපදත්‍ථා නිද‍්ධාරෙතබ‍්බාති දස‍්සෙති. නෙරුත‍්තන‍්ති නිරුත‍්තං නිබ‍්බචනන‍්ති අත්‍ථො. නිරුත‍්තමෙව නෙරුත‍්තං. තෙනෙවාහ – “යා නිරුත‍්තිපදසංහිතා”ති. තස‍්සත්‍ථො – යා නිරුත‍්ති, ඉදං නෙරුත‍්තං. කා පන සා නිරුත‍්ති? පදසංහිතාති පදෙසු සංහිතා යුත‍්තා, ලිඞ‍්ගවචනකාලසාධනපුරිසාදිවිසෙසයොගෙන යො යො අත්‍ථො යථා යථා වත‍්තබ‍්බො, තථා තථා පවත‍්තසභාවනිරුත‍්තීති අත්‍ථො. තථා හි වුත‍්තං “යං ධම‍්මානං නාමසො ඤාණ”න‍්ති.

තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො යනු චතුබ්‍යූහහාර විභංගයයි. එහි බ්‍යඤ්ජනෙන සුත්තස්ස නෙරුත්තඤ්ච අධිප්පායොච නිදානඤ්ච පුබ්බාහාර සන්‍ධි ච ගවෙසිතබ්බා යනු සංක්‍ෂේපයෙන් පළමුව චතුබ්‍යූහ හාරය දක්වයි යනුයි. බ්‍යඤ්ජනෙන යන මෙයින් සූත්‍රය ව්‍යඤ්ජනවලින් විමසිය යුතු බැවින් ව්‍යඤ්ජන මුඛයෙන් ම මේ චතුබ්‍යූහහාර පදාර්ථ වෙන්කර දැක්විය යුතුයයි දක්වයි. නෙරුත්තං යනු නිරුක්තියයි. නිර්වචනය යන අර්ථයයි. නිරුක්තියම නෙරුත්ත නම් වේ. එහෙයින්ම යා නිරුත්ති පද සංහිතා යි කියන ලදි. එහි අර්ථය යමක් නිරුක්ති වේ ද එය නෙරුත්ත නම් වේ යනුයි. ඒ නිරුක්තිය කවරී ද? පද සංහිතා යනු පදයන් හා ගැළපුණු, ඒ සමග වූ යන අර්ථයයි. ලිංග වචන කාලසාධන පුරුෂ ආදී විශේෂ යෝගවලින් යම් යම් අර්ථයක් යම් යම් ආකාරයකින් කිවයුතු ද ඒ ඒ ආකාරයෙන් පැවති ස්වභාව නිරුක්තිය යන අර්ථයයි. එසේම යං ධම්මානං නාමසො ඤාණං යි කියන ලදි.

තත්‍ථ යන‍්ති හෙතුඅත්‍ථෙ නිපාතො, යාය කාරණභූතායාති අත්‍ථො. ධම‍්මානන‍්ති ඤෙය්‍යධම‍්මානං. නාමසොති පථවී ඵස‍්සො ඛන්‍ධා ධාතු තිස‍්සො ඵුස‍්සොති එවමාදිනාමවිසෙසෙන ඤාණං පවත‍්තති, අයං සභාවනිරුත‍්ති නාම. පථවීති හි එවමාදිකං සද‍්දං ගහෙත්‍වා තතො පරං සඞ‍්කෙතද‍්වාරෙන තදත්‍ථපටිපත‍්ති තංතංඅනියතනාමපඤ‍්ඤත‍්තිග‍්ගහණවසෙනෙව හොතීති. අථ වා පදසංහිතාති පදෙන සංහිතා . පදතො හි පදත්‍ථාවබොධො. සො පනස‍්ස අත්‍ථෙ පවත‍්තිනිමිත‍්තභූතාය පඤ‍්ඤත‍්තියා ගහිතාය එව හොතීති සා පන පඤ‍්ඤත‍්ති නිරුත‍්තිසඞ‍්ඛාතපදෙන සංහිතා පදත්‍ථං බොධෙතීති පදසංහිතාති වුත‍්තා. “යදා හි භික‍්ඛූ”තිආදිනා “ධම‍්මානං නාමසො ඤාණ”න‍්ති පදස‍්ස අත්‍ථං විවරති.

එහි යං යනු හේතු අර්ථයේ නිපාතයකි. යම් කරුණකට හේතු වූ යන අර්ථයයි. ධම්මානං යනු ඥෙය්‍ය ධර්මයන්ගේ ය. නාමසො යනු පොළව ස්පර්ශය, ස්කන්ධ, ධාතු, තිස්ස, ඵුස්ස යන මේ ආදි නාම විශේෂයෙන් ඤාණය පවතී ද මෙය ස්වභාව නිරුත්ති නම් වේ යනුයි. පොළොව යන මේ ආදී ශබ්දයක් ගෙන ඉන්පසු සංකේත ද්වාරයෙන් එහි අර්ථ ප්‍රතිපත්තිය වේ ද ඒ ඒ දෙය අනියත වූ නාම ප්‍රඥප්තීන් ගැනීම් වශයෙන් ම වේ. එසේ නැතහොත් පද සංහිතා යනු පදය හා ගැළපුණු යනුයි. පදයෙන් ම පදාර්ථ අවබෝධය වේ. ඒ අර්ථය වනාහි ප්‍රවෘත්ති නිමිත්ත වූ ප්‍රඥප්තිය ගැනීමෙන්ම වේ යයි ඒ ප්‍රඥප්තිය නිරුක්ති සංඛ්‍යාත වූ පදය සමග ගැළපී පදාර්ථය අවබෝධ කෙරේ යන අර්ථයෙන් පද සංහිතායි කියන ලදි. යදාහි භික්ඛු යනාදියෙන් ධර්මයන්ගේ නාම වහයෙන් ඤාණය වේ යයි පදයේ අර්ථය විවරණය කරයි.

තත්‍ථ අත්‍ථස‍්සාති සද‍්දාභිධෙය්‍යස‍්ස අත්‍ථස‍්ස. නාමං ජානාතීති නාමපඤ‍්ඤත‍්තිවසෙන අයං නාමාති නාමං ජානාති. ධම‍්මස‍්සාති සභාවධම‍්මස‍්ස. තථා තථා නං අභිනිරොපෙතීති යො යො අත්‍ථො ධම‍්මො ච යථා යථා ච වොහරිතබ‍්බො, තථා තථා නං නාමං වොහාරං අභිනිරොපෙති දෙසෙතීති අත්‍ථො. එත‍්තාවතා ච අයං භික‍්ඛු අත්‍ථකුසලො යාව අනෙකාධිවචනකුසලොති වුච‍්චතීති සම‍්බන්‍ධිතබ‍්බං.

එහි අත්‍ථස්ස යනු ශබ්දයෙන් කිය යුතු අර්ථයේය. නාමං ජානාති යනු නාම ප්‍රඥප්ති වශයෙන් මේ නමැයි නම දනී යනුයි. ධම්මස්ස යනු ස්වභාව ධර්මයේය. අභිනීරොපෙති යනු යම් යම් අර්ථයක් හා ධර්මයක් යම් යම් සේ ව්‍යවහාර කළ යුතු ද එසේ එසේ ඒ නාම ව්‍යවහාරය නැගෙයි. දෙසයි යන අර්ථයයි. මෙපමණකින් ද මේ භික්‍ෂුව අත්‍ථකුසල පුද්ගලයෙක් නොයෙක් නාමාන්තරයන්හි දක්‍ෂයෙක් ගැන කියනු ලැබේ යයි සම්බන්ධ කළයුතුය.

තත්‍ථ අත්‍ථකුසලොති පාළිඅත්‍ථෙ කුසලො. ධම‍්මකුසලොති පාළියං කුසලො. බ්‍යඤ‍්ජනකුසලොති අක‍්ඛරෙසු ච වාක්‍යෙසු ච කුසලො. නිරුත‍්තිකුසලොති නිබ‍්බචනෙ කුසලො. පුබ‍්බාපරකුසලොති දෙසනාය පුබ‍්බාපරකුසලො. දෙසනාකුසලොති ධම‍්මස‍්ස දෙසනාය කුසලො. අතීතාධිවචනකුසලොති අතීතපඤ‍්ඤත‍්තිකුසලො. එස නයො සෙසෙසුපි. එවං සබ‍්බානි කාතබ‍්බානි, ජනපදනිරුත‍්තානීති යත‍්තකානි සත‍්තවොහාරපදානි, තානි සබ‍්බානි යථාසම‍්භවං සුත‍්තෙ නිබ‍්බචනවසෙන කාතබ‍්බානි වත‍්තබ‍්බානීති අත්‍ථො. සබ‍්බා ච ජනපදනිරුත‍්තියොති සබ‍්බා ච ලොකසමඤ‍්ඤායො යථාරහං කාතබ‍්බා. “සමඤ‍්ඤං නාතිධාවෙය්‍යා”ති හි වුත‍්තං. තථා හි සම‍්මුතිසච‍්චමුඛෙනෙව පරමත්‍ථසච‍්චාධිගමො හොතීති.

එහි අත්‍ථකුසලො යනු පාළි අර්ථයෙහි දක්‍ෂ වූ යනුයි. ධම්ම කුසලො යනු පාළියෙහි දක්‍ෂ වූ යනුයි. බ්‍යඤ්ජන කුසලො යනු අකුරුවල ද වැකිවලද දක්‍ෂ වූ යනුයි. නිරුත්ති කුසලො යනු නිර්වචනයෙහි දක්‍ෂ වූ යනුයි. පුබ්බාපරකුසලො යනු දේශනාවේ පෙර පසු තැන්හි දක්ෂ වූ යනුයි. අතීතාධිවචන කුසලො යනු අතීත ප්‍රඥප්තියෙහි දක්‍ෂ වූ යනුයි. මේ නය ඉතිරි තැන්හි ද වේ. එවං සබ්බානි කාතබ්බානි ජනපද නිරුත්තානි යනු සත්ත්ව ව්‍යවහාරයේ ඇති යම් ඒ සියලු දේ සම්භ වූ පරිදි සූත්‍රයෙහි නිර්වචන වශයෙන් කළ යුතුය. පැවතිය යුතුය යන අර්ථයයි. සබ්බා ච ජනපද නිරුත්තියො යනු සියලු ලෝක සංඥාවන් සුදුසු පරිදි කළ යුතුය යනුයි. ප්‍රඥප්ති නාමය නො ඉක්මිය යුත්තේ යයි කියන ලදි. එසේම සම්මුති සත්‍ය වශයෙන් පරමාර්ථ සත්‍යාවබෝධය වන්නේ ය.

අධිප‍්පායකණ‍්ඩෙ අනුත‍්තානං නාම නත්‍ථි.

අධිප්පාය කාණ්ඩයේ ප්‍රකට නොකරන ලද අර්ථයක් නැත.

නිදානකණ‍්ඩෙ ඉමිනා වත්‍ථුනාති ඉමිනා පුත‍්තගවාදිකිත‍්තනසඞ‍්ඛාතෙන කාරණෙන. කාරණඤ‍්හෙත්‍ථ වත්‍ථු නිදානන‍්ති ච වුත‍්තං. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ නිදානනිද‍්ධාරණං වෙදිතබ‍්බං.

නිදාන කාණ්ඩයෙහි ඉමිනා වත්‍ථුනා යනු මේ පුත්‍ර ගව කීර්ති සංඛ්‍යාත කාරණයෙනි. මෙහිදී කාරණයම නිදානය යැයි කියන ලදි. මේ ක්‍රමයෙන් සියලු තැන්හිදී නිදානය වෙන්කර ගැනීම දතයුතුය.

කාමන්‍ධාති කිලෙසකාමෙන අන්‍ධා. ජාලසඤ‍්ඡන‍්නාති තණ‍්හාජාලපලිගුණ‍්ඨිතා. තණ‍්හාඡදනඡාදිතාති තණ‍්හාසඞ‍්ඛාතෙන අන්‍ධකාරෙන පිහිතා. බන්‍ධනාබද‍්ධාති කාමගුණසඞ‍්ඛාතෙන බන්‍ධනෙන බද‍්ධා. “පමත‍්තබන්‍ධනා”තිපි පාඨො, පමාදෙනාති අත්‍ථො. පුබ‍්බාපරෙනාති පුබ‍්බෙන වා අපරෙන වා දෙසනන‍්තරෙනාති අධිප‍්පායො. යුජ‍්ජතීති යොගං උපෙති, සමෙතීති අත්‍ථො. ඉමෙහි පදෙහි පරියුට‍්ඨානෙහීති ඉමෙහි යථාවුත‍්තෙහි ගාථාපදෙහි තණ‍්හාපරියුට‍්ඨානදීපකෙහි. සායෙව තණ‍්හාති යා පුරිමගාථාය වුත‍්තා, සායෙව තණ‍්හා. “යඤ‍්චාහා”තිආදිනා ද‍්වින‍්නම‍්පි ගාථානං අත්‍ථසංසන්‍දනෙන පුබ‍්බාපරං විභාවෙති. පයොගෙනාති සමුදාචාරෙන. තස‍්මාති යත්‍ථ සයං උප‍්පන‍්නා, තං සන‍්තානං නිස‍්සරිතුං අදෙන‍්තී නානාරම‍්මණෙහි පලොභයමානා කිලෙසෙහි චිත‍්තං පරියාදාය තිට‍්ඨති. තස‍්මා කිලෙසවසෙන ච පරියුට‍්ඨානවසෙන ච තණ‍්හාබන්‍ධනං වුත‍්තා.

කාමන්‍ධා යනු ක්ලේශ කාමයෙන් අන්‍ධ වූ යනුයි. ජාලසඤ්ඤා යනු තණ්හා දැලින් වෙළුණු යනුයි. තණ්හාජ්ජදන ඡාදිතා යනු තණ්හා සංඛ්‍යාත වූ අන්‍ධකාරයෙන් වසන ලද යනුයි. බන්‍ධනා බද්ධා යනු කාමගුණ සංඛ්‍යාත වූ බන්‍ධනයෙන් බැඳුණු යනුයි. පමත්ත බන්‍ධනා යිද පාඨයකි. ප්‍රමාදයෙන් යන අර්ථයයි. පුබ්බාපරෙන යනු මුලින් හෝ අගින් හෝ වූ වෙනත් දේශනයකින් යන අදහසයි. යුජ්ජති යනු යෝග්‍යත්වයට පත්වේ. ගැළපේ යන අර්ථයයි. ඉමෙහි පදෙහි පරියුට්ඨානෙහි යනු තණ්හාව මතුකරවාලන කියන ලද මේ ගාථා පදයන්ගෙන් යනුයි. යා යෙව තණ්හා යනු පළමු ගාථාවෙහි යමක් කියන ලද ද එම තණ්හාවමය යනුයි. යඤ්චාහ යනාදියෙන් ගාථා දෙකේම අර්ථ ගැළපීමෙන් පූර්වාපර පද පැහැදිලි කරයි. පයොගෙන යනු භාවිතයෙනි. තස්මා යනු යම්තැනක තමාම ඇතිවී ද එය සත්ත්වයන්ගෙන් ඉවත් කරන්නට නොදෙමින් නොයෙක් අරමුණුවලින් පොළඹවනු ලබන්නේ කෙලෙස්වලින් සිත මැඩගෙන සිටී ද එහෙයින් කෙලෙස් ලෙසින් ද පරියුට්ඨාන වශයෙන් ද තණ්හා බන්‍ධනය කියන ලදි.

පපඤ‍්චෙන‍්ති සංසාරෙ චිරං ඨපෙන‍්තීති පපඤ‍්චා. තිට‍්ඨන‍්ති එතාහීති ඨිතී. බන්‍ධනට‍්ඨෙන සන්‍දානං වියාති සන්‍දානං. නිබ‍්බානනගරප‍්පවෙසස‍්ස පටිසෙධනතො පලිඝං වියාති පලිඝං. අනවසෙසතණ‍්හාපහානෙන නිත‍්තණ‍්හො. අත‍්තහිතපරහිතානං ඉධලොකපරලොකානඤ‍්ච මුනනතො මුනීති එවං ගාථාය පදත්‍ථො වෙදිතබ‍්බො. පපඤ‍්චාදිඅත්‍ථා පන පාළියං විභත‍්තා එවාති. තත්‍ථ යස‍්සෙතෙ පපඤ‍්චාදයො අබ‍්භත්‍ථං ගතා, තස‍්ස තණ‍්හාය ලෙසොපි න භවති. තෙන වුත‍්තං – “යො එතං සබ‍්බං සමතික‍්කන‍්තො, අයං වුච‍්චති නිත‍්තණ‍්හො”ති.

ප්‍රපඤ්චනය කෙරෙත්. සසරෙහි බොහෝ කලක් තබත් යන අර්ථයෙන් පපඤ්ච නම් වේ. මේවා කරණ කොටගෙන පවතීනුයි ඨීති නම් වේ. බන්‍ධනාර්ථයෙන් එකතු වූවක් මෙන් යන අර්ථයෙන් සන්‍ධානං නම් වේ. නිර්වාණ නගරයට ප්‍රවේශවීම වළක්වන බැවින් බාධාවක් මෙනැයි පලිඝ නම් වේ. ඉතිරි නොකොට තණ්හාව ප්‍රහාණය කිරීමෙන් නිත්තණ්හ බවට පත්වේ. තමාට ද අනුන්ට ද හිතවත් වූ මෙලොවට ද පරලොවට ද හිතවත් වූ දේ පිළිබදව දන්නා බැවින් මුනි නම් වේ. මෙසේ ගාථාවේ පදාර්ථය දතයුතුය. ප්‍රපඤ්ච ආදි අර්ථ පාළියෙහි බෙදා දක්වන ලද්දේමය. එහිදී යම් කෙනෙකුගේ මේ පපඤ්චාදිය අස්තයට ගියාහු ද ඔහුගේ තණ්හාවේ ස්වල්ප මාත්‍රයක් හෝ නොවේ. එහෙයින් යො එතං සබ්බං සමතික්කන්තො අයං වුච්චති භික්ඛවෙ නිත්තණ්හො යි කියන ලදි.

පරියුට‍්ඨානන‍්ති “තණ‍්හාය පරියුට‍්ඨාන”න‍්ති වුත‍්තානි තණ‍්හාවිචරිතානි. සඞ‍්ඛාරාති “තදභිසඞ‍්ඛතා සඞ‍්ඛාරා”ති වුත‍්තා තණ‍්හාදිට‍්ඨිමානහෙතුකා සඞ‍්ඛාරා. තෙ පන යස‍්මා සත‍්තසු ජවනචෙතනාසු පඨමචෙතනා සති පච‍්චයසමවායෙ ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ ඵලං දෙති. පච‍්ඡිමචෙතනා අනන‍්තරෙ අත‍්තභාවෙ. උභින‍්නං වෙමජ‍්ඣචෙතනා යත්‍ථ කත්‍ථචි ඵලං දෙති, තස‍්මා විපච‍්චනොකාසවසෙන විභජිත්‍වා දස‍්සෙතුං “දිට‍්ඨධම‍්මවෙදනීයා වා”තිආදි වුත‍්තං. යස‍්මා පන තංතංචෙතනාසම‍්පයුත‍්තා තණ‍්හාපි චෙතනා විය දිට‍්ඨධම‍්මවෙදනීයාදිවසෙන තිධා හොති, තස‍්මා වුත‍්තං – “එවං තණ‍්හා තිවිධං ඵලං දෙතී”ති. පුබ‍්බාපරෙන යුජ‍්ජතීති යං පුබ‍්බං පුරිමං සඞ‍්ඛාරානං දිට‍්ඨධම‍්මවෙදනීයතාදිවචනං වුත‍්තං, තං ඉමිනා අපරෙන කම‍්මස‍්ස දිට‍්ඨධම‍්මවෙදනීයතාදිවචනෙන යුජ‍්ජති ගඞ‍්ගොදකං විය යමුනොදකෙන සංසන්‍දති සමෙතීති අත්‍ථො.

පරියුට්ඨානං යනු තණ්හාවේ නැගී සිටීමයි. තෘෂ්ණා විමර්ශනය කියන ලදී. සංඛාරා යනු එය සකස් කළ සංස්කාරයෝ ය. සංස්කාරයෝ තෘෂ්ණා දෘෂ්ටි මානයන්ට හේතු වේයැයි කියන ලදි. යම් හෙයකින් ජවන් සිත් සතෙන් පළමු චේතනාව ප්‍රත්‍ය එකතුව ඇතිකල්හි මේ ආත්ම භාවයෙහි ඵල දෙයි ද අවසන් චේතනාව අනතුරු ආත්ම භාවයෙහිද ඒ දෙක අතරමැද චේතනාව යම්කිසි තැනකදී ඵල දෙයි. එහෙයින් විපාක දීම් වශයෙන් බෙදා දක්වන්නට දිට්ඨධම්ම වෙදනීයා ච යනාදිය කියන ලදි. යම් හෙයකින් ඒ ඒ චේතනා සමග යුක්ත වූ තණ්හාව ද චේතනාව මෙන් දිට්ඨධම්ම වේදනීය ආදී වශයෙන් තෙවැදෑරුම් වේ ද එහෙයින් එවං තණ්හා තිවිධං ඵලං දෙතීං’යි කියන ලදි. පුබ්බාපරෙන යුජ්ජති යනු සංස්කාර පිළිබඳව පූර්ව වූ පළමු වූ දිට්ඨධම්ම වේදනීයත්වය ආදී යම් වචනයක් කියන ලද ද එය මේ අපර වූ දිට්ඨධම්ම වේදනීයත්වය ආදී වචනයෙන් කර්මයට සුදුසු වේ යනුයි. යමුනා නදී දිය සමග ගංගා නදී දිය (ගැළපෙන්නාක් මෙන්) සැසඳේ. සමවේ යන අර්ථයයි.

සඞ‍්ඛාරා දස‍්සනබලෙනාති චතූසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු විචිකිච‍්ඡාසම‍්පයුත‍්තෙ චාති පඤ‍්චසු චිත‍්තුප‍්පාදෙසු සඞ‍්ඛාරා පඨමමග‍්ගපඤ‍්ඤාබලෙන. ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි භාවනාබලෙනාති පඨමමග‍්ගෙන පහීනාවසෙසවසෙන වුත‍්තං, න සබ‍්බෙසං වසෙන.

සංඛාරා දසබලෙන යනු දිට්ඨිගත සම්පයුත්ත සිත් සතරෙහි ද විචිකිච්ඡා සම්පයුත්ත සිත් පසෙහි ද පංච චිත්තුප්පාදයන්හි ද වූ සංස්කාරයෝ පළමු මාර්ග ප්‍රඥා බලයෙන් යුක්ත වූ යනුයි. ඡත්තිංස තණ්හාවි චරිතානි භාවනා බලෙන යනු පළමු මාර්ගයෙන් ප්‍රහීණව ඉතිරි වූ දේ ලෙසින් කියන ලදි. සියල්ල ලෙසින් නොවේ.

අනුබන්‍ධොති තණ‍්හාදීනං අනුප‍්පබන්‍ධෙන පවත‍්ති. යො චාපි පපඤ‍්චොතිආදිනා “පපඤ‍්චෙතී”තිආදිනා වුත‍්තං රාධසුත‍්තඤ‍්චසංසන්‍දති. තෙනෙවාහ – “ඉදං එකත්‍ථ”න‍්ති. යදිපි අත්‍ථතො එකං, දෙසනාය පන විසෙසො විජ‍්ජතීති දස‍්සෙතුං “අපි චා”තිආදි වුත‍්තං. එවන‍්ති ඉමිනා වුත‍්තප‍්පකාරෙන. සුත‍්තෙනාති සංවණ‍්ණියමානෙන සුත‍්තෙන. සුත‍්තන‍්ති සුත‍්තන‍්තරං. සංසන්‍දයිත්‍වාති විමිස‍්සිත්‍වා අත්‍ථතො අභින‍්නං කත්‍වා. පුබ‍්බාපරෙන සද‍්ධිං යොජයිත්‍වාති පුබ‍්බෙන වා අපරෙන වා සුත‍්තෙන සද‍්ධිං අත්‍ථතො සම‍්බන්‍ධං යොජෙත්‍වා. වුත‍්තමෙවත්‍ථං පාකටං කරොති තෙන සුත‍්තස‍්ස අත්‍ථො නිද‍්දිට‍්ඨො හොති විත්‍ථාරිතො සුත‍්තන‍්තරදස‍්සනෙන.

අනුබන්‍ධො යනු තෘෂ්ණාදීන් බැඳගැනීම් වශයෙන් පැවැත්මයි. යො චාපි පපඤ්චො යනාදියෙන් විස්තර කරයි ආදියෙන් කියන ලද රාධ සූත්‍රය ද සසඳයි. එහෙයින්ම ඉදං එකත්‍ථං යි කියන ලදි. ඉදින් අර්ථ වශයෙන් එකකි. දේශනාවෙන් විශේෂයක් දක්නට ලැබේයයි දක්වන්නට අපි ච යනාදිය කියන ලදි. එවං යනු මේ කියන ලද අයුරින් යනුයි. සුත්තෙන යනු සංවර්ණනා කරනු ලබන සූත්‍රයෙනි. සුත්තං යනු සූත්‍රාන්තරයකි. සංසන්‍දෙත්‍වා යනු මිශ්‍ර නොකර අර්ථ වශයෙන් නොබිඳ යනුයි. පුබ්බාපරෙන සද්ධිං යොජෙත්‍වා යනු පූර්ව හෝ අපර සූත්‍රයක් සමග අර්ථ වශයෙන් සම්බන්ධය යොදා යනුයි. මේ කියන ලද අර්ථයම ප්‍රකට කරයි සුත්තං නිද්දිට්ඨං භවති යනු සූත්‍රයේ අර්ථය දක්වන ලද්දේ වෙයි. වෙනත් සූත්‍රයක් දැක්වීමෙන් විස්තර කරන ලදී යනුයි.

න කෙවලං සුත‍්තන‍්තරසංසන්‍දනමෙව පුබ‍්බාපරසන්‍ධි, අථ ඛො අඤ‍්ඤොපි අත්‍ථීති දස‍්සෙතුං “සො චාය”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ අත්‍ථසන්‍ධීති කිරියාකාරකාදිවසෙන අත්‍ථස‍්ස සම‍්බන්‍ධො. සො පන යස‍්මා සඞ‍්කාසනාදීනං ඡන‍්නං අත්‍ථපදානංයෙව හොති, සබ‍්බස‍්සාපි පදත්‍ථස‍්ස තදවරොධතො.

හුදෙක් සූත්‍රාන්තර සන්සන්දනය ම පූර්වාපර සන්ධිය නොවේ. එහෙයින් අනෙකක් ද ඇති බව දක්වන්නට සොචායං යනාදිය කියන ලදි. එහි අත්‍ථ සන්‍ධි යනු ක්‍රියා, කාරක ආදී වශයෙන් අර්ථයේ සම්බන්ධයයි. යම්හෙයකින් එය ෂඩ්විධ අර්ථ පදයන්ගෙන් ම වෙයි. සියලු පදාර්ථයේ අවරෝධයෙන්,

සම‍්බන්‍ධො ච නාම න කොචි අත්‍ථො. තස‍්මා “අත්‍ථසන්‍ධි ඡප‍්පදානී”තිආදි වුත‍්තං. බ්‍යඤ‍්ජනසන්‍ධීති පදස‍්ස පදන‍්තරෙන සම‍්බන්‍ධො. යස‍්මා පන සබ‍්බම‍්පි නාමාදිපදං ඡහි බ්‍යඤ‍්ජනපදෙහි අසඞ‍්ගහිතං නාම නත්‍ථි, තස‍්මා “බ්‍යඤ‍්ජනසන්‍ධි ඡප‍්පදානී”තිආදි වුත‍්තං.

සම්බන්ධය නම් කිසි අර්ථයක් නොවේ ද [missing trans] එහෙයින් බ්‍යඤ්ජන සන්‍ධි ඡ පදානි යි කියන ලදි.

දෙසනාසන්‍ධීති යථාවුත‍්තදෙසනන‍්තරෙන දෙසනාය සංසන්‍දනං. න ච පථවිං නිස‍්සායාති පථවිං විසයසඞ‍්ඛාතං නිස‍්සයං කත්‍වා, පථවිං ආලම‍්බිත්‍වාති අත්‍ථො. ඣායීති ඵලසමාපත‍්තිඣානෙන ඣායී. සො හි සබ‍්බසඞ‍්ඛාරනිස‍්සටං නිබ‍්බානං ආලම‍්බිත්‍වා සමාපජ‍්ජනවසෙන ඣායති, න පථවිං නිස‍්සාය ඣායතීති වුත‍්තො. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ ච චතූහි මහාභූතෙහි රූපප‍්පටිබද‍්ධවුත‍්තිතාය සබ‍්බො කාමභවො රූපභවො ච ගහිතා. අරූපභවො පන සරූපෙනෙව ගහිතොති සබ‍්බං ලොකං පරියාදියිත්‍වා පුන අඤ‍්ඤෙනපි පරියායෙන තං දස‍්සෙතුං “න ච ඉමං ලොක”න‍්තිආදිමාහ. සබ‍්බො හි ලොකො ඉධලොකො පරලොකො චාති ද‍්වෙව කොට‍්ඨාසා හොන‍්ති. යස‍්මා පන “ඉධලොකො”ති විසෙසතො දිට‍්ඨධම‍්මභූතො සත‍්තසන‍්තානො වුච‍්චති. “පරලොකො”ති භවන‍්තරසඞ‍්ඛෙපගතො සත‍්තසන‍්තානො තදුභයවිනිමුත‍්තො අනින්‍ද්‍රියබද‍්ධො රූපසන‍්තානො. තස‍්මා තං සන්‍ධාය “යමිදං උභයමන‍්තරෙනා”තිආදි වුත‍්තං.

දෙසනාසන්‍ධි යනු කියන ලද පරිදි වෙනත් දේශනයකින් දේශනය ගැළපීමයි. න ච පඨවිං නිස්සාය යනු පෘථිවි විෂය සංඛ්‍යාත වූ විෂය ඇසුරු කොට යනුයි. පොළවේ එල්බ යනුයි. ඣායී යනු ඵලසමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන කරන්නාය. පෘථිවිය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේ යනුවෙන් කියන ලදි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. මෙහිදී සතරමහා භූතයන්ගෙන් රූපයන් බැඳී ඇති හෙයින් සියලු කාමභවය ද රූපභවය ද ගන්නා ලදි. අරූපභවය ස්වරූපයෙන් ම ගන්නා ලද්දේ යැයි සියලු ලෝකය මැඩගෙන නැවත වෙනත් ක්‍රමයකින් එය දක්වන්නට නච ඉමං ලොකං යනාදිය කියන ලදි. සියලු ලෝකය මෙලොව පරලොව යැයි කොටස් දෙකකින් යුක්ත වේ. යම්හෙයකින් මෙලොව යැයි විශේෂයෙන් මේ භවයට අයත් සත්ත්ව සන්තානය ගැන කියනු ලැබේ. පරලොව යැයි භවාන්තර ගත වූ සත්ත්ව සන්තානය (කියනු ලැබේ) ඒ දෙකින් මිදුණු ඉන්‍ද්‍රිය හා බැඳී නැති රූප සන්තානයක් වේ ද එහෙයින් ඒ සඳහා යමිදං උභයමන්තරෙන යනාදිය කියන ලදි.

යෙ පන “උභයමන‍්තරෙනා”ති වචනං ගහෙත්‍වා අන‍්තරාභවං ඉච‍්ඡන‍්ති, තෙසං තං මිච‍්ඡා. අන‍්තරාභවො හි අභිධම‍්මෙ පටික‍්ඛිත‍්තොති. දිට‍්ඨන‍්ති රූපායතනං . සුතන‍්ති සද‍්දායතනං. මුතන‍්ති පත්‍වා ගහෙතබ‍්බතො ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනඤ‍්ච. විඤ‍්ඤාතන‍්ති අවසිට‍්ඨං ධම‍්මාරම‍්මණපරියාපන‍්නරූපං. පත‍්තන‍්ති පරියෙසිත්‍වා වා අපරියෙසිත්‍වා වා පත‍්තං. පරියෙසිතන‍්ති පත‍්තං වා අප‍්පත‍්තං වා පරියෙසිතං. විතක‍්කිතං විචාරිතන‍්ති විතක‍්කනවසෙන අනුමජ‍්ජනවසෙන ච ආලම‍්බිතං. මනසානුචින‍්තිතන‍්ති චිත‍්තෙන අනු අනු චින‍්තිතං. අයං සදෙවකෙ…පෙ… අනිස‍්සිතෙන චිත‍්තෙන න ඤායති ඣායන‍්තොති අයං ඛීණාසවො ඵලසමාපත‍්තිඣානෙන ඣායන‍්තො පුබ‍්බෙව තණ‍්හාදිට‍්ඨිනිස‍්සයානං සුට‍්ඨු පහීනත‍්තා සදෙවකෙ ලොකෙ…පෙ… මනුස‍්සාය යත්‍ථ කත්‍ථචිපි අනිස‍්සිතෙන චිත‍්තෙන ඣායති නාම. තතො එව ලොකෙ කෙනචිපි න ඤායති “අයං ඉදං නාම නිස‍්සාය ඣායතී”ති. වුත‍්තඤ‍්හෙතං –

යමෙක් දෙක අතරින් යන වචනය ගෙන අන්තරා භවය කැමති වෙත් ද ඔවුන්ගේ ඒ අදහස මිථ්‍යාවකි. අන්තරා භවය අභිධර්මයේදී ප්‍රතික්‍ෂේප කරන ලදි. දිට්ඨං යනු රූපායතනයයි. සුතං යනු ශබ්දායතනයයි. මුතං යනු පැමිණ ගතයුතු ගන්‍ධායතන රසායතන ස්පර්ශායතනයන් ය. විඤ්ඤාතං යනු ධර්මාරම්මණය කෙළවර කර ඇති අවශේෂ දේ ය. පත්තං යනු පිරික්සා හා නොපිරික්සා පැමිණි දේ ය. පරියෙසිතං යනු ප්‍රාප්ත හෝ අප්‍රාප්ත හෝ පරියෙසිත දේ ය. විතක්කිතං විචාරිතං යනු විතර්ක වශයෙන් ද පිරිමැදීම් වශයෙන් ද එල්බගත් යනුයි. මනසානුචින්තිතං යනු සිතින් අනුව සිතන ලද යනුයි. අයං සදෙවකො -පෙ- අනිස්සිතෙන චිත්තෙන න ඤායති ඣායත්තො යනු මේ ක්‍ෂීණාශ්‍රව තෙමේ ඵල සමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන කරමින් පළමුව තණ්හා දිට්ඨීන් මනාව ප්‍රහීණ කරන ලද බැවින් දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙව් මිනිසුන්ගෙන් යම්කිසිවෙකුට නොඇලුණු සිතින් ධ්‍යාන කරයි යනුයි. එහෙයින්ම ලෝකයේ කිසිවකු විසින් මොහු මෙන් ඇසුරු කොට ධ්‍යාන කරයි යැයි අවබෝධ කර නොගනී. එය කියන ලදී –

“නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම; යස‍්ස තෙ නාභිජානාම, කිං ත්‍වං නිස‍්සාය ඣායසී”ති. (නෙත‍්ති· 104);

නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ නාභිජානාම කිං ත්‍වං නිස්සාය ඣායසී

“පුරුෂ ශ්‍රේෂ්ඨය, ඔබට නමස්කාර වේවා. උතුම් පුරුෂය ඔබට නමස්කාර වේවා. ඔබ කවරක් ඇසුරුකොට ධ්‍යාන කරහිදැයි නොදනිමු.”

ඉදානි ඛීණාසවචිත‍්තස‍්ස කත්‍ථචිපි අනිස‍්සිතභාවං ගොධිකසුත‍්තෙන (සං· නි· 1.159) වක‍්කලිසුත‍්තෙන (සං· නි· 3.87) ච විභාවෙතුං “යථා මාරො”තිආදි වුත‍්තං. විඤ‍්ඤාණං සමන්‍වෙසන‍්තොති පරිනිබ‍්බානතො උද‍්ධං විඤ‍්ඤාණං පරියෙසන‍්තො. “පපඤ‍්චාතීතො”තිආදිනා අදස‍්සනස‍්ස කාරණමාහ. අනිස‍්සිතචිත‍්තා න ඤායන‍්ති ඣායමානාති න කෙවලං අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා ඛීණාසවස‍්ස චිත‍්තගතිං මාරාදයො න ජානන‍්ති, අපි ච ඛො සඋපාදිසෙසායපි නිබ‍්බානධාතුයා තස‍්ස තං න ජානන‍්තීති අත්‍ථො. අයං දෙසනාසන්‍ධීති ගොධිකසුත‍්තවක‍්කලිසුත‍්තානං විය සුත‍්තන‍්තානං අඤ‍්ඤමඤ‍්ඤඅත්‍ථසංසන්‍දනා දෙසනාසන්‍ධි නාම.

දැන් ක්‍ෂීණාශ්‍රවයන්ගේ සිත කිසිතැනක නොඇලුණු බව ගෝධික සූත්‍රයෙන් ද වක්කලී සූත්‍රයෙන් ද දක්වන්නට යථා මාරො යනාදිය කියන ලදී. විඤ්ඤාණං සමන්‍වෙසන්තො යනු පිරිනිවීමෙන් මත්තෙහි විඤ්ඤාණයක් සොයමින් යනුයි. පපඤ්චමාතීතො යනාදියෙන් නොදක්වනු ලබන දෙයෙහි හේතුව කියන ලදි. අනිස්සිතචිත්තා නඤායන්ති ඣායමානා යනු හුදෙක් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් යුත් ක්‍ෂීණාශ්‍රවයාගේ සිතේ ස්වභාවය මාරාදීහු නොදනිත්. එහෙත් සඋපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් ද ඔහුගේ ඒ සිත නොදනිත් යන අර්ථයයි. අයං දෙසනා සන්‍ධි යනු ගෝධික සූත්‍රය වක්කලී සූත්‍රය ආදී සූත්‍රයන්ගේ අන්‍යොන්‍ය අර්ථ සැසඳීම දේශනා සන්‍ධි නම් වේ යනුයි.

නිද‍්දෙසසන්‍ධීති නිද‍්දෙසස‍්ස සන්‍ධි නිද‍්දෙසසන්‍ධි, නිද‍්දෙසෙන වා සන්‍ධි නිද‍්දෙසසන්‍ධි. පුරිමෙන සුත‍්තස‍්ස නිද‍්දෙසෙන තස‍්සෙව පච‍්ඡිමස‍්ස නිද‍්දෙසස‍්ස, පච‍්ඡිමෙන වා පුරිමස‍්ස සම‍්බන්‍ධනන‍්ති අත්‍ථො. තං දස‍්සෙතුං යස‍්මා භගවා යෙභුය්‍යෙන පඨමං වට‍්ටං දස‍්සෙත්‍වා පච‍්ඡා විවට‍්ටං දස‍්සෙති, තස‍්මා “නිස‍්සිතචිත‍්තා”තිආදි වුත‍්තං. තත්‍ථ නිස‍්සිතං චිත‍්තං එතෙසන‍්ති නිස‍්සිතචිත‍්තා, පුග‍්ගලා, නිද‍්දිසිතබ‍්බා පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනායාති අධිප‍්පායො. ධම‍්මාධිට‍්ඨානාය පන නිස‍්සිතං චිත‍්තං එත්‍ථාති නිස‍්සිතචිත‍්තා, නිස‍්සිතචිත‍්තවන‍්තො තණ‍්හාදිට‍්ඨිනිස‍්සයවසෙන පවත‍්තා සුත‍්තපදෙසා. සෙසමෙත්‍ථ සබ‍්බං පාකටමෙව.

නිද්දෙස සන්‍ධි යන තැන නිර්දේශයේ සන්‍ධිය නිද්දෙස සන්‍ධියයි. නිර්දේශයෙන් හෝ වූ සන්‍ධිය නිද්දේස සන්‍ධියයි. සූත්‍රයේ පළමු නිර්දේශයෙන් ද එහිම අවසන් නිර්දේශයෙන් ද යනුයි. අවසන් එකෙන් පළමු එකෙහි සම්බන්ධය යන අර්ථයයි. එය දක්වන්නට යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ සෙයින් පළමුව සසර දක්වා පසුව නිවන දක්වයි. එහෙයින් නිස්සිතචිත්තා යනාදිය කියන ලදි. එහිදී නිස්සිත සිතක් මොවුන්ට ඇත යන අර්ථයෙන් නිස්සිත චිත්තා නම් වේ. පුද්ගලයෝයි. නිද්දිසිතබ්බා යනු පුද්ගල අධිෂ්ඨානයෙන් වූ දේශනාවෙන් යන අදහසයි. ධර්මාධිෂ්ඨානයෙන් වනාහි නිස්සිත සිතක් මෙහි ඇත්තේනුයි නිස්සිතචිත්තා නම් වේ. නිස්සිත සිත් ඇත්තෝ තණ්හා දිට්ඨි ඇසුරු කිරීම් වශයෙන් පැවති සූත්‍රාපදේස ද වේ. මෙහි ඉතිරි සියල්ල ප්‍රකටමය.

චතුබ්‍යූහහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුබ්‍යූහහාර විභංග වර්ණනාව නිමි.