යෙදුමෙන් කියවන්න

ලක‍්ඛණහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

ලක‍්ඛණහාරවිභඞ‍්ගවණ‍්ණනා

ලක්ඛණ හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො ලක‍්ඛණො හාරොතිආදි ලක‍්ඛණහාරවිභඞ‍්ගො. තත්‍ථ කිං ලක‍්ඛයතීති ලක‍්ඛණහාරස‍්ස විසයං පුච‍්ඡති. “යෙ ධම‍්මා”තිආදිනා ලක‍්ඛණහාරං සඞ‍්ඛෙපතො දස‍්සෙත්‍වා තං උදාහරණෙහි විභජිතුං “චක‍්ඛු”න‍්තිආදි ආරද‍්ධං. තත්‍ථ “වධකට‍්ඨෙන එකලක‍්ඛණානී”ති ඉමිනා අනවට‍්ඨිතභාවාදිනාපි එකලක‍්ඛණතා වුත‍්තා එවාති දට‍්ඨබ‍්බං.

තත්‍ථ කතමො ලක්ඛණො හාරො යනාදිය ලක්ඛණ හාර විභංගයයි. එහිදී කිං ලක්ඛීයති යි ලක්ඛණ හාරයේ විසය විමසයි. යෙ ධම්මා යනාදියෙන් ලක්ඛණ හාරය සංක්‍ෂේප වශයෙන් දක්වා එය උදාහරණළුලින් බෙදා දක්වන්නට චක්ඛුං යනාදිය ආරම්භ කරන ලදි. එහි වධකට්ඨෙන එක ලක්ඛණානි යන මෙයින් එක් අරමුණක නොපිහිටන ස්වභාවාදියෙන් ද ඒක ලක්‍ෂණත්වය කියන ලදමැයි දතයුතුය.

එවං ආයතනවසෙන එකලක‍්ඛණතං දස‍්සෙත්‍වා ඉදානි ඛන්‍ධාදිවසෙන දස‍්සෙතුං “අතීතෙ, රාධ, රූපෙ අනපෙක‍්ඛො හොතී”තිආදි සුත‍්තං ආභතං. යමකොවාදසුත‍්තෙ (සං· නි· 3.85) වධකට‍්ඨෙන එකලක‍්ඛණා වුත‍්තාති තස‍්මිං සුත‍්තෙ “වධකං රූපං වධකං රූපන‍්ති යථාභූතං නප‍්පජානාතී”තිආදිනා ආගතත‍්තා වුත‍්තං. ඉතීති එවං, ඉමිස‍්සං ගාථායං කායගතාය සතියා වුත‍්තාය සති වෙදනාගතා සති චිත‍්තගතා සති ධම‍්මගතා ච සති වුත‍්තා භවති සතිපට‍්ඨානභාවෙන එකලක‍්ඛණත‍්තාති අධිප‍්පායො. දිට‍්ඨන‍්තිආදීනං අත්‍ථං පරතො වණ‍්ණයිස‍්සාම.

මෙසේ ආයතන වශයෙන් ඒක ලක්‍ෂණත්වය දක්වා දැන් ස්කන්ධාදී වශයෙන් දක්වන්නට අතීතෙ රාධ රූපෙ අනපෙක්ඛො හොහි යනාදි සූත්‍රය ගෙනහැර දක්වන ලදි. යමකොවාද සුත්තෙ වධකට්ඨෙන එක ලක්ඛණා වුත්තා යනු එම සූත්‍රයේ ‘වධක රූපයකි. වධක රූපයකි’යි තතු ලෙස නොදනී යනාදී වශයෙන් ආ බැවින් කියන ලදි යනුයි. ඉති යනු මෙසේය. මේ ගාථාවෙහි, කායගතාසතියෙන් කියන ලද සතිය ද වෙදනාගත සතිය ද චිත්තාගත සතිය ද ධම්මගතා සතිය ද කියන ලද්දේ වෙයි. සතිපට්ඨාන බැවින් ඒක ලක්‍ෂණත්වයෙන් යුතු යන අදහසයි. දිට්ඨං යනාදීන්හි අර්ථය පසුව වර්ණනා කරන්නෙමු.

කායෙ කායානුපස‍්සී විහරාහීති එත්‍ථ කායෙති රූපකායෙ. රූපකායො හි ඉධ අඞ‍්ගපච‍්චඞ‍්ගානං කෙසාදීනඤ‍්ච සමූහට‍්ඨෙන කායොති අධිප‍්පෙතො. යථා ච සමූහට‍්ඨෙන, එවං කුච‍්ඡිතානං ආයට‍්ඨෙන. කුච‍්ඡිතානඤ‍්හි පරමජෙගුච‍්ඡානං සො ආයොතිපි කායො, ආයොති උප‍්පත‍්තිදෙසො. තත්‍රායං වචනත්‍ථො – ආයන‍්ති තතොති ආයො. කෙ ආයන‍්ති? කුච‍්ඡිතා කෙසාදයො, ඉති කුච‍්ඡිතානං ආයොති කායො.

කායෙ කායානුපස්සී විහරාහි යන මෙහි කායෙ යනු රූප කයෙහිය. රූප කය ම අංග ප්‍රත්‍යංගයන්ගේ සමූහාර්ථයෙන් කාය යැයි අදහස් කෙරේ. සමූහාර්ථයෙන් යම්සේ ද මෙසේම නින්දිත දේ පැමිණීම් අර්ථයෙන් ද කාය නම් වේ. ආය යනු උත්පත්ති දේශයකි. මේ එහි වචනාර්ථයයි. අය නම් නින්දිත වූ කෙස් ආදියයි. මේ නින්දිත වූ දේවලට වාසස්ථාන වේ යැයි කාය නම් වේ.

කායානුපස‍්සීති කායං අනුපස‍්සනසීලො, කායං වා අනුපස‍්සමානො. “කායෙ”ති ච වත්‍වා පුන “කායානුපස‍්සී”ති දුතියං කායග‍්ගහණං අසම‍්මිස‍්සතො වවත්‍ථානඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථං. තෙන න කායෙ වෙදනානුපස‍්සී චිත‍්තධම‍්මානුපස‍්සී වා, අථ ඛො කායානුපස‍්සී එවාති කායසඞ‍්ඛාතෙ වත්‍ථුස‍්මිං කායානුපස‍්සනාකාරස‍්සෙව දස‍්සනෙන අසම‍්මිස‍්සතො වවත්‍ථානං දස‍්සිතං හොති. තථා න කායෙ අඞ‍්ගපච‍්චඞ‍්ගවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සී, නාපි කෙසලොමාදිවිනිමුත‍්තඉත්‍ථිපුරිසානුපස‍්සී.

කායානුපස්සී යනු කය අනුව බලන සුලු යනුයි. කය අනුව බලන්නේ හෝයි කයෙහි යැයි කියා නැවත කායානුපස්සී යැයි දෙවනුව කාය ග්‍රහණය අමිශ්‍රව තීරණය කර ඝන විනිබ්භෝගාදිය දැක්වීම පිණිසයි. එහෙයින් කයෙහි වෙදනානුපස්සී හෝ චිත්ත - ධම්මානුපස්සී පුද්ගලයෙක් නැත. එකල්හි කායානුපස්සීව යනුවෙන් කාය සංඛ්‍යාත වස්තුවේ කායානුපස්සනා ආකාරයට දැක්වීමෙන් අමිශ්‍රව නියම කිරීම දක්වන ලද්දේ වෙයි. එසේම කය පිළිබඳ අංග ප්‍රත්‍යංගවලින් තොර වූ එක්වන් ධම්මානුපස්සනාවක් නැත. කෙස් ලොම් ආදියෙන් තොර වූ ස්ත්‍රී පුරුෂයන් දකින්නෙක් ද නැත.

යොපි චෙත්‍ථ කෙසලොමාදිකො භූතුපාදායසමූහසඞ‍්ඛාතො කායො, තත්‍ථපි න භූතුපාදායවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සී, අථ ඛො රථසම‍්භාරානුපස‍්සකො විය අඞ‍්ගපච‍්චඞ‍්ගසමූහානුපස‍්සී, නගරාවයවානුපස‍්සකො විය කෙසලොමාදිසමූහානුපස‍්සී, කදලික‍්ඛන්‍ධපත‍්තවට‍්ටිවිනිබ‍්භුජ‍්ජකො විය රිත‍්තමුට‍්ඨිවිනිවෙඨකො විය ච භූතුපාදායසමූහානුපස‍්සී එවාති නානප‍්පකාරතො සමූහවසෙනෙව කායසඞ‍්ඛාතස‍්ස වත්‍ථුනො දස‍්සනෙන ඝනවිනිබ‍්භොගො දස‍්සිතො හොති. න හෙත්‍ථ යථාවුත‍්තසමූහවිනිමුත‍්තො කායො වා අඤ‍්ඤො වා කොචි ධම‍්මො දිස‍්සති, යථාවුත‍්තධම‍්මසමූහමත‍්තෙ එව පන තථා තථා සත‍්තා මිච‍්ඡාභිනිවෙසං කරොන‍්ති. තෙනාහු පොරාණා –

මෙහි යම් කෙස් ලොම් ආදී වූ භූතයන්ගේ සමූහය නම් කයක් වේ ද එහිද භූත උපාදායවිලන් මිදුණු එක්වන් ධම්මානුපස්සනාවක් නැත. ඉක්බිති රිය සමූහයක් බලන්නෙක් මෙන් අංග ප්‍රත්‍යංග සමූහය බලන්නෙකි. නගර අවයව බලන්නෙක් මෙන් කෙස් ලොම් සමූහය බලන්නෙකි. කෙසෙල් කඳෙහි පතුරු ගලවන්නෙක් මෙන් හිස් මිටක් වෙලා ගන්නෙක් මෙන් ද භූත උපාදාය රූප සමූහය දකින්නෙක් ම යැයි නානාප්‍රකාරයෙන් සමූහ වශයෙන්ම කාය සංඛ්‍යාත වස්තුවේ දර්ශනයෙන් ඝන විනිබ්භෝගය දක්වන ලද්දේ වෙයි. මෙහි පෙර කියන ලද සමූහයෙන් මිදුණු කයක් හෝ අන් කිසි ධර්මයක් හෝ නොදක්නා ලැබේ. පෙර කියන ලද ධර්ම සමූහ මාත්‍රයම ඒ ඒ ලෙස සත්ත්වයෝ වැරදි ලෙස ග්‍රහණය කරත්. එහෙයින් පෝරාණිකයෝ –

“යං පස‍්සති න තං දිට‍්ඨං, යං දිට‍්ඨං තං න පස‍්සති; අපස‍්සං බජ‍්ඣතෙ මූළ‍්හො, බජ‍්ඣමානො න මුච‍්චතී”ති. (දී· නි· අට‍්ඨ· 2.373; ම· නි· අට‍්ඨ· 1.106; පටි· ම· අට‍්ඨ· 1.1.36; මහානි· අට‍්ඨ· 3);

යං පස්සති න තං දිට්ඨං යං දිට්ඨං තං න පස්සති, අපස්සං බජ්ඣතෙ මූළ්හො බජ්ඣමානො න මුච්චතී ති

“යමක් දක්නා ලැබේ ද එය නො දකින ලදි. යමක් දක්නා ලද ද එය නොදකියි. නොදක්නේ මුළාවේ බැඳේ. බැඳෙනුයේ නොමිදේ යැයි” කියන ලදි.

ඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථන‍්ති ආදිසද‍්දෙන අයමත්‍ථො වෙදිතබ‍්බො. අයඤ‍්හි එතස‍්මිං කායෙ කායානුපස‍්සීයෙව, න අඤ‍්ඤධම‍්මානුපස‍්සී.

ඝන විනිබ්භෝගාදිය දක්වනු පිණිස ආදි ශබ්දයෙන් මේ අර්ථය දතයුතුය. මොහු මේ කයෙහි කය අනුව බලන්නෙක් ම ය. අනෙක් ධර්මයක් බලන්නෙක් නොවේ.

ඉදං වුත‍්තං හොති – යථා අනුදකභූතායපි මරීචියා උදකානුපස‍්සිනො හොන‍්ති, න එවං අනිච‍්චදුක‍්ඛානත‍්තඅසුභභූතෙ එව ඉමස‍්මිං කායෙ නිච‍්චසුඛඅත‍්තසුභභාවානුපස‍්සී, අථ ඛො කායානුපස‍්සී අනිච‍්චදුක‍්ඛඅනත‍්තඅසුභාකාරසමූහානුපස‍්සීති අත්‍ථො. අථ වා ය‍්වායං මහාසතිපට‍්ඨානෙ (දී· නි· 2.374 ආදයො) අස‍්සාසපස‍්සාසාදිචුණ‍්ණිකජාතඅට‍්ඨිකපරියොසානො කායො වුත‍්තො, යො ච “ඉධෙකච‍්චො පථවීකායං අනිච‍්චතො අනුපස‍්සති, ආපොකායං තෙජොකායං වායොකායං කෙසකායං…පෙ… අට‍්ඨිමිඤ‍්ජකාය”න‍්ති පටිසම‍්භිදායං (පටි· ම· 3.34 ආදයො) කායො වුත‍්තො, තස‍්ස සබ‍්බස‍්ස ඉමස‍්මිංයෙව කායෙ අනුපස‍්සනතො කායෙ කායානුපස‍්සීති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

යම්සේ දිය නැති මිරිඟුවේ දිය දකින්නෝ වෙත් ද මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අශුභ වූම මේ ශරීරයේ නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් දකින්නෙක් නැත යන මෙය කියන ලද්දේ වෙයි. එසේ නැතහොත් මහා සතිපට්ඨානයේදී ආශ්වාස ප්‍රශ්වාස ආදී චූර්ණිකවලින් ඇති වූ අස්ථිවලින් කෙළවර වූ යම් මේ ශරීරයක් ගැන කියන ලද ද? මෙලොව අයෙක් පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය -පෙ- අට්ඨිමිඤ්ජකාය අනිත්‍ය වශයෙන් දකියි යැයි පටිසම්භිදාවෙහි යම් කයක් ගැන කියන ලද ද ඒ සියල්ල මේ කයෙහිම දකින්නාගේ කයෙහි කය අනුව බලමින් යි මෙසේ මෙහි අර්ථය දතයුතුය.

අථ වා කායෙ අහන‍්ති වා මමන‍්ති වා ගහෙතබ‍්බස‍්ස කස‍්සචි අනනුපස‍්සනතො, තස‍්ස පන කෙසලොමාදිකස‍්ස නානාධම‍්මසමූහස‍්ස අනුපස‍්සනතො කායෙ කෙසාදිධම‍්මසමූහසඞ‍්ඛාතෙ කායානුපස‍්සීති අත්‍ථො දට‍්ඨබ‍්බො. අපි ච “ඉමස‍්මිං කායෙ අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො”තිආදිනා අනුක‍්කමෙන පටිසම‍්භිදායං (පටි· ම· 3.34 ආදයො) ආගතනයස‍්ස සබ‍්බස‍්සෙව අනිච‍්චලක‍්ඛණාදිකස‍්ස ආකාරසමූහසඞ‍්ඛාතස‍්ස කායස‍්ස අනුපස‍්සනතො කායෙ කායානුපස‍්සීති අත්‍ථො.

එසේ නැතහොත් කයෙහි මම කියා හෝ මගේ කියා හෝ ගතයුතු කිසිවක් නොදක්නේ කයෙහි කෙස් ආදී ධර්ම සමූහ සංඛ්‍යාත වූ කායානුපස්සනාව කරමින් යැයි අරුත් දතයුතුය. තව ද මේ ශරීරයෙහි අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ යනාදියෙන් අනුක්‍රමයෙන් පටිසම්භිදාවේ ආ ක්‍රමය වූ සියල්ලේ අනිත්‍ය ලක්‍ෂණාදී ආකාර සමූහය නම් වූ කය අනුව බලමින් කයෙහි කය අනුව දකින්නා යන අර්ථයයි. විහරාහි යනු පවතුව යනුයි. ආතාපී යනු තුන් භවයන්හි කෙලෙස් තවානුයි ආතප වේ යනුයි.

විහරාහීති වත‍්තාහි. ආතාපීති තීසු භවෙසු කිලෙසෙ ආතාපෙතීති ආතාපො, සො අස‍්ස අත්‍ථීති ආතාපී. සම‍්පජානොති සම‍්පජඤ‍්ඤසඞ‍්ඛාතෙන ඤාණෙන සමන‍්නාගතො. සතිමාති කායපරිග‍්ගාහිකාය සතියා සමන‍්නාගතො. අයං පන යස‍්මා සතියා ආරම‍්මණං පරිග‍්ගහෙත්‍වා පඤ‍්ඤාය අනුපස‍්සති, න හි සතිවිරහිතා අනුපස‍්සනා අත්‍ථි, තෙනෙවාහ – “සතිඤ‍්ච ඛ‍්වාහං, භික‍්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමී”ති (සං· නි· 5.234). අනාතාපිනො ච අන‍්තො සඞ‍්කොචො අන‍්තරායකරො හොති, කම‍්මට‍්ඨානං න සම‍්පජ‍්ජති. තස‍්මා යෙසං ධම‍්මානං ආනුභාවෙන තං සම‍්පජ‍්ජති, තං දස‍්සනත්‍ථං “ආතාපී”තිආදි වුත‍්තං.

එය ඔහුට ඇත්තේනුයි ආතාපී නමි. සම්පජානො යනු සම්ප්‍රජන්‍ය (මනා දැනීම) සංඛ්‍යාත වූ ඤාණයෙන් සමන්විත වූ යනුයි. සතිමා යනු කය අල්ලාගන්නා සිහියෙන් සමන්විත වූ යනුයි. මෙය යම්හෙයකින් සිහියෙන් අරමුණ අල්ලාගෙන ප්‍රඥාවෙන් දකියි ද සතියෙන් තොර අනුපස්සනාවක් නැත. එහෙයින්ම ‘මහණෙනි, මම සතිය සියලු දේ ඇති දෙයැයි කියමි යැයි කියන ලදි. කෙලෙස් තවන වීර්යය නැත්තහුගේ ඇතුළත වූ සංකාව අනතුරුදායක වෙයි. කර්මස්ථානයට නොපැමිණේ. එහෙයින් යම් ධර්මවල අනුභාවයෙන් ඊට පැමිණේ. එහෙයින් යම් ධර්මයන්ගේ ආනුභාවයෙන් ඊට පැමිාණේ. එය දක්වන්නට ආතාපී යනාදිය කියන ලදි.

තත්‍ථ විනෙය්‍යාති තදඞ‍්ගවිනයෙන වා වික‍්ඛම‍්භනවිනයෙන වා විනයිත්‍වා. ලොකෙති තස‍්මිංයෙව කායෙ. කායො හි ඉධ ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොති අධිප‍්පෙතො. අභිජ‍්ඣාග‍්ගහණෙන චෙත්‍ථ කාමච‍්ඡන්‍දො, දොමනස‍්සග‍්ගහණෙන බ්‍යාපාදො ගහිතොති නීවරණෙසු බලවධම‍්මද‍්වයප‍්පහානදස‍්සනෙන නීවරණප‍්පහානං වුත‍්තන‍්ති කායානුපස‍්සනාසතිපට‍්ඨානස‍්ස පහානඞ‍්ගං දස‍්සිතං. “ආතාපී”තිආදිනා පන සම‍්පයොගඞ‍්ගං දස‍්සිතන‍්ති ඉමමත්‍ථං දස‍්සෙතුං “ආතාපී”තිආදි වුත‍්තං. තත්‍ථ අභිජ‍්ඣාදොමනස‍්සානං සමථො උජුපටිපක‍්ඛොති අභිජ‍්ඣාදොමනස‍්සවිනයො වුච‍්චමානො සමාධින්‍ද්‍රියං දීපෙතීති ආහ – “විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති සමාධින්‍ද්‍රිය”න‍්ති (සං· නි· අට‍්ඨ· 3.5.367). එකලක‍්ඛණත‍්තා චතුන‍්නං ඉන්‍ද්‍රියානන‍්ති යථා වීරියපඤ‍්ඤාසමාධින්‍ද්‍රියෙහි කායානුපස‍්සනාසතිපට‍්ඨානං ඉජ‍්ඣති, එවං වෙදනාචිත‍්තධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානානිපි තෙහි ඉජ‍්ඣන‍්තීති චතුසතිපට‍්ඨානසාධනෙ ඉමෙසං ඉන්‍ද්‍රියානං සභාවභෙදාභාවතො සමානලක‍්ඛණත‍්තා ඉතරානි සතිපට‍්ඨානානිපි වුත‍්තානි එව හොන‍්තීති අත්‍ථො.

එහි විනෙය්‍යො යනු තදංග වශයෙන් හෝ වික්ඛම්භන වශයෙන් දුරුකොට යනුයි. ලොකෙ යනු ඒ සිරුරෙහි ම ය. මෙහි කය ම කැඩීම් බිඳීම් අර්ථයෙන් ලෝකය යැයි අදහස් කරන ලදි. මෙහිදී අභිධ්‍යාග්‍රහණයෙන් කාමච්ඡන්දය ද දෝමනස්ස ග්‍රහණයෙන් ව්‍යාපාදයද ගන්නා ලද්දේය. නීවරණයන්හි දැඩි ධර්ම දෙක පිළිබඳ ප්‍රහාණය දැක්වීමෙන් නීවරණ ප්‍රහාණය කියන ලදැයි කායානුපස්සනා සතිපට්ඨානයේ ප්‍රහාණංගය දක්වන ලදි. ආතාපී යනාදියෙන් සම්පයෝග අංගය දක්වන ලදැයි යන මේ අර්ථය දක්වන්නට ආතාපී යනාදිය කියන ලදි. එහිදී අභිධ්‍යා දෝමනස්ස දෙකේ සමථය සෘජුවම ප්‍රතිපක්‍ෂ වේයැයි අභිධ්‍යා දෝමනස්ස ප්‍රහාණය කියනු ලබන්නේ සමාධි ඉන්‍ද්‍රිය දක්වා යයි. විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සන්ති සමාධින්‍ද්‍රියං යනුවෙන් කියන ලදි. එකලක්ඛණත්තා චතුන්නං ඉන්‍ද්‍රියානං යනු වීර්ය ප්‍රඥා සමාධි ඉන්‍ද්‍රියන්ගෙන් කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධ වේ. මෙසේ වේදනා චිත්ත ධම්ම අනුපස්සනා සතිපට්ඨානයන් ද ඒවායින් සමෘද්ධ වෙතැයි සූවිසි පට්ඨාන සාධනයෙහි මේ ඉන්‍ද්‍රියන්ගේ ස්වභාව භේදයක් නැතිකමින් සමාන ලක්‍ෂණ ඇති බැවින් ඉතිරි සතිපට්ඨාන ද කියන ලද්දේ ම වේ යන අර්ථයයි.

ඉදානි සතිපට‍්ඨානෙසු ගහිතෙසු සබ‍්බෙසං බොධිපක‍්ඛියධම‍්මානං ගහිතභාවං දස‍්සෙතුං “චතූසු සතිපට‍්ඨානෙසූ”තිආදි වුත‍්තං. තත්‍ථ බොධඞ‍්ගමාති බොධං අරියමග‍්ගඤාණං ගච‍්ඡන‍්තීති බොධඞ‍්ගමා. යථාවුත‍්තස‍්ස බොධස‍්ස පක‍්ඛෙ භවාති බොධිපක‍්ඛියා. නෙය්‍යානිකලක‍්ඛණෙනාති එත්‍ථ නිමිත‍්තතො පවත‍්තතො ච වුට‍්ඨානං නිය්‍යානං, නිය්‍යානෙ නියුත‍්තාති නෙය්‍යානිකා, යථා දොවාරිකොති. නිය්‍යානසඞ‍්ඛාතං වා ඵලං අරහන‍්තීති නෙය්‍යානිකා. නිය්‍යානං පයොජනං එතෙසන‍්ති වා නෙය්‍යානිකා. “නිය්‍යානිකා”තිපි පාඨො, තත්‍ථ නිය්‍යානං එතෙසං අත්‍ථීති නිය්‍යානිකාති අත්‍ථො. “නිය්‍යානියා”තිපි පාඨො, තස‍්ස නිය්‍යන‍්තීති නිය්‍යානියාති අත්‍ථො දට‍්ඨබ‍්බො. නිය්‍යානිකලක‍්ඛණෙනාති නිය්‍යානිකසභාවෙන.

දැන් සතිපට්ඨාන ගත්කල්හි සියලු බෝධිපාක්‍ෂික ධර්මයන් ගත් බව දක්වන්නට චතුසු සතිපට්ඨානෙසු යනාදිය කියන ලදි. එහි බොධංගමා යනු අවබෝධය වූ ආර්ය මාර්ග ඤාණයට යෙත් නුයි බෝධංගමා නමි. කියන ලද අවබෝධයේ පක්‍ෂයක වන්නේ නුයි බෝධපක්ඛිය නමි. නිය්‍යාණික ලක්ඛණෙන යන මෙහි නිමිති වශයෙන් ද පැවතීම් වශයෙන් ද නැගී සිටීම නිය්‍යාන නම් වේ. නිය්‍යානයෙහි නියුතු වූයේ නුයි නිය්‍යාණික නමි. දොවාරිකො යන්න මෙනි. නිය්‍යාන සංඛ්‍යාත ඵලයට සුදුසු වෙත් යන අර්ථයෙන් හෝ නෙය්‍යාණික නම් වේ. නිවන මොවුන් ගේ ප්‍රයෝජනයයි යන අර්ථයෙන් හෝ නිය්‍යාන නම් වේ. නිය්‍යානියා යයිද පාඨයක් වේ. ඊට පමුණුවානුයි නිය්‍යානියා නම් අර්ථය දතයුතුය.

එවං අකුසලාපි ධම‍්මාති යථා කුසලා ධම‍්මා එකලක‍්ඛණභාවෙන නිද‍්ධාරිතා, එවං අකුසලාපි ධම‍්මා එකලක‍්ඛණට‍්ඨෙන නිද‍්ධාරෙතබ‍්බා. කථං? පහානෙකට‍්ඨතාවසෙනාති දස‍්සෙන‍්තො “පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්තී”ති ආහ. ඉදානි තං පහානං දස‍්සෙතුං “චතූසු සතිපට‍්ඨානෙසූ”තිආදි වුත‍්තං. තත්‍ථ කායානුපස‍්සනාදීසු චතූසු සතිපට‍්ඨානෙසු භාවියමානෙසු අසුභෙ සුභන‍්තිආදයො චත‍්තාරො විපල‍්ලාසා පහීයන‍්ති, කබළීකාරාහාරාදයො චත‍්තාරො ආහාරා චස‍්ස පරිඤ‍්ඤං ගච‍්ඡන‍්ති, තෙසං පරිජානනස‍්ස පරිබන්‍ධිනො කාමරාගාදයො බ්‍යන‍්තීකතා හොන‍්තීති අත්‍ථො, කස‍්මා? තෙහි පහාතබ‍්බභාවෙන එකලක‍්ඛණත‍්තාති. එවං සබ‍්බත්‍ථ අත්‍ථො යොජෙතබ‍්බො. තෙනෙවාහ – “එවං අකුසලාපි ධම‍්මා එකලක‍්ඛණත‍්තා පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්තී”ති.

නිය්‍යාණික ලක්ඛණෙන යනු නිය්‍යාණික ස්වභාවයෙන් යනුයි. එවං අකුසලාපි ධම්මා යනු යම්සේ කුසල ධර්ම එක් ලක්‍ෂණයකින් නිර්ධාරණය කරන ලද ද මෙසේ අකුසල ධර්ම ද ඒක ලක්‍ෂණ අර්ථයෙන් නිර්ධාරණය කළ යුතුය යනුයි. කෙසේ ද? ප්‍රහාණයේ දී ඒකාර්ථ වශයෙනැයි දක්වනුයේ පහාණං අබ්භත්‍ථං ගච්ඡන්ති යි කියන ලදි. ඒ ඒ ප්‍රහාණය දක්වන්නට චතුසු සතිපට්ඨානෙසු යනාදිය කියන ලදි. එහිදී කායානුපස්සනා ආදී සතර සතිපට්ඨාන වර්ධනය කරන කල්හි අසුභයෙහි සුභ ලෙස දැකීම ආදී විපර්යාස සතර ප්‍රහීණ වෙයි. ඔහුගේ කබලිංකාර ආහාර ආදී ආහාර සතර ද අවබෝධ වේ. ඒවා දන්නහුගේ බැඳුම් වන කාම රාගාදිය අවසන් කළේ වෙයි යන අර්ථයයි. කවර හෙයින් ද? ඒවා ප්‍රහාණය කළ යුතු බැවින් ඒක ලක්‍ෂණ ඇති හෙයිනි. සියලු තැන මෙසේ අර්ථය යෙදිය යුතුය. එහෙයින්ම එවං අකුසලාපි ධම්මා එකලක්ඛණත්තා පහාණං අබ්භත්‍ථං ගච්ඡන්ති යි කියන ලදි.

ඉදානි අඤ‍්ඤෙනපි පරියායෙන ලක‍්ඛණහාරස‍්ස උදාහරණානි දස‍්සෙතුං “යත්‍ථ වා පනා”තිආදි වුත‍්තං. තත්‍ථ යත්‍ථාති යස‍්සං දෙසනායං. වා-සද‍්දො විකප‍්පත්‍ථො. පනාති පදපූරණො. රූපින්‍ද්‍රියන‍්ති රුප‍්පනසභාවං අට‍්ඨවිධං ඉන්‍ද්‍රියං. තත්‍ථාති තස‍්සං දෙසනායං. රූපධාතූති රුප‍්පනසභාවා දස ධාතුයො. රූපායතනන‍්ති රුප‍්පනසභාවං දසායතනං, රූපීනි දසායතනානීති අත්‍ථො. රුප‍්පනලක‍්ඛණෙන එකලක‍්ඛණත‍්තා ඉමානි දෙසිතානීති අධිප‍්පායො. දෙසිතං තත්‍ථ සුඛින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං සුඛවෙදනාභාවෙන එකලක‍්ඛණත‍්තාති අධිප‍්පායො.

දැන් වෙනත් ක්‍රමයකින් ලක්ඛණ හාරයට උදාහරණ දක්වන්නට යත්‍ථ වා පන යනාදිය කියන ලදි. එහි යත්‍ථ යනු යම් දේශනාවක යනුයි. වා ශබ්දය විකල්පාර්ථයයි. යන යනු පද පූරණ නිපාතයකි. රූපින්‍ද්‍රියං යනු නැසීම් ස්වභාව ඇති අෂ්ටවිධ ඉන්‍ද්‍රියයන් ය. තත්‍ථ යනු ඒ දේශනාවෙහි ය. රූපධාතු යනු නැසීම් ස්වභාව ඇති දශවිධ ධාතූහු ය. රූපායතනං යනු නැසීම් ස්වභාව ඇති දශවිධ ආයතනයන් ය. රූපී වූ දශායතන යන අර්ථයයි. නැසීම් ලක්‍ෂණයෙන් එක සමාන ලක්‍ෂණ ඇති බැවින් මේවා දේශනා කරන ලදී යන අර්ථයයි. දෙසිතං තත්‍ථ සුඛින්‍ද්‍රියං සොමනස්සින්‍ද්‍රියං යනු සුඛ වේදනා බැවින් එක සමාන ලක්‍ෂණත්වය යන අදහසයි.

දුක‍්ඛසමුදයො ච අරියසච‍්චන‍්ති ඉදං අකුසලස‍්ස සොමනස‍්සස‍්ස වසෙන වුත‍්තං, සාසවකුසලස‍්සාපි වසෙන යුජ‍්ජති එව. සබ‍්බො ච පටිච‍්චසමුප‍්පාදො දෙසිතොති සම‍්බන්‍ධො. අවිජ‍්ජානුසයිතත‍්තා අදුක‍්ඛමසුඛාය වෙදනාය. වුත‍්තඤ‍්හෙතං – “අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො අනුසෙතී”ති (ම· නි· 1.465). තථා ච වුත‍්තං “අදුක‍්ඛමසුඛාය හි වෙදනාය අවිජ‍්ජා අනුසෙතී”ති. එතෙන අදුක‍්ඛමසුඛාවෙදනාග‍්ගහණෙන අවිජ‍්ජා ගහිතාති දස‍්සෙති. සති ච අවිජ‍්ජාග‍්ගහණෙ සබ‍්බො පටිච‍්චසමුප‍්පාදො දෙසිතොති දස‍්සෙතුං “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදි වුත‍්තං. සො චාති එත්‍ථ ච-සද‍්දො බ්‍යතිරෙකත්‍ථො, තෙන සො පටිච‍්චසමුප‍්පාදො අනුලොමපටිලොමවසෙන දුවිධොති ඉමං වක‍්ඛමානවිසෙසං ජොතෙති. තෙසු අනුලොමතො පටිච‍්චසමුප‍්පාදො යථාදස‍්සිතො සරාගසදොසසමොහසංකිලෙසපක‍්ඛෙන හාතබ‍්බොති වුත‍්තො, පටිලොමතො පන පටිච‍්චසමුප‍්පාදො යො “අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා”තිආදිනා පාළියං (ම· නි· 3.126; මහාව· 1) වුත‍්තො, තං සන්‍ධාය “වීතරාගවීතදොසවීතමොහඅරියධම‍්මෙහි හාතබ‍්බො”ති වුත‍්තං.

දුක්ඛ සමුදයො ච අරියසච්චං යන මෙය අකුසලයට සොම්නස් වශයෙන් කියන ලදි. ආශ්‍රව සහිත කුශලය වශයෙන් ද සුදුසු ම ය. සබ්බො ච පටිච්ච සමුප්පාදො දෙසිතො යනු සම්බන්ධයයි. අවිද්‍යාව අනුසයක් බැවින් අදුක්ඛමසුඛ වේදනාවෙන් ය. අදුක්ඛමසුඛ වේදනාවෙන් අවිද්‍යා අනුසය අනුව පවතී යන්න කියන ලද්දේ ම ය. එසේම අදුක්ඛමසුඛා හි වෙදනාය අවිජ්ජා අනුසෙති යි කියන ලදි. මේ වේදනා ග්‍රහණයෙන් අදුක්ඛමසුඛ අවිද්‍යාව ගන්නා ලද්දේ යැයි දක්වයි. අවිද්‍යා ග්‍රහණය ඇතිකල්හි සියලු පටිච්ච සමුප්පාදය දේශනා කරන ලදැයි දක්වන්නට අවිජ්ජා පච්චයා සංඛාරා යනාදිය කියන ලදි. සො ච යන මෙහි ච ශබ්දය ව්‍යතිරේකාර්ථය සඳහා යෙදුනකි. එහෙයින් ඒ පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙවැදෑරුම් යැයි මේ කියනු ලබන විශේෂය බබුළුවයි. ඒ අතරින් අනුලෝම වශයෙන් පටිච්චසමුප්පාදය දක්වන ලද පරිදි සරාග සදොස සම්මාහ සංකිලෙස පංචෙන හාතබ්බො යි කියන ලදි. පටිලෝම වශයෙන් වනාහි ‘අවිද්‍යාවේ ම සම්පූර්ණ නිරෝධයෙන් ආදී වශයෙන් පාළියෙහි යමක් කියන ලද ද ඒ සඳහා වීතරාග වීතදොස වීතමොහ අරියධම්මෙහි හාතබ්බො යි කියන ලදි.

ඉදානි එකලක‍්ඛණතාවිභාවනෙන ලක‍්ඛණහාරයොජනාය නයං දස‍්සෙතුං “එවං යෙ ධම‍්මා”තිආදි වුත‍්තං. තත්‍ථ කිච‍්චතොති පථවීආදීනං ඵස‍්සාදීනඤ‍්ච රූපාරූපධම‍්මානං සන්‍ධාරණසඞ‍්ඝට‍්ටනාදිකිච‍්චතො, තෙසං තෙසං වා පච‍්චයධම‍්මානං තංතංපච‍්චයුප‍්පන‍්නධම‍්මස‍්ස පච‍්චයභාවසඞ‍්ඛාතකිච‍්චතො. ලක‍්ඛණතොති කක‍්ඛළඵුසනාදිසභාවතො. සාමඤ‍්ඤතොති රුප‍්පනනමනාදිතො අනිච‍්චතාදිතො ඛන්‍ධායතනාදිතො ච. චුතූපපාතතොති සඞ‍්ඛතධම‍්මානං භඞ‍්ගතො උප‍්පාදතො ච, සමානනිරොධතො සමානුප‍්පාදතො චාති අත්‍ථො. එත්‍ථ ච සහචරණං සමානහෙතුතා සමානඵලතා සමානභූමිතා සමානවිසයතා සමානාරම‍්මණතාති එවමාදයොපි ච-සද‍්දෙන සඞ‍්ගහිතාති දට‍්ඨබ‍්බං. සෙසං උත‍්තානත්‍ථමෙව.

දැන් ඒක ලක්‍ෂණත්වය දැක්වීමෙන් ලක්ඛණ හාර යෙදීමේ න්‍යාය දක්වන්නට එවං යෙ ධම්මා යනාදිය කියන ලදි. එහි කිච්චතො යනු පඨවි ආදියේ ද ඵස්ස ආදියේ ද රූපාරූප ධර්මයන්ගේ ද දැරීම් ගැටීම් ආදී කෘත්‍යයයෙන් ද ඒ ඒ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ඒ ඒ ප්‍රත්‍යවලින් හටගත් ධර්මයේ ප්‍රත්‍යභාව සංඛ්‍යාත කෘත්‍යයෙන් ද යනුයි. ලක්ඛණතො යනු කර්කශ ස්පර්ශ ආදී ස්වභාවයෙනි. සාමඤ්ඤතො යනු නැසීම් නැමීම් ආදිායෙන් ද අනිත්‍යත්වය ආදියෙන් ද ස්කන්ධ ආයතන ආදියෙන් ද යනුයි. චුතූපපාතතො යනු සංඛත ධර්මයන්ගේ බිඳීමෙන් ද ඉපදීමෙන්ද යනුයි. සමාන නිරෝධයෙන් ද සමාන උත්පත්තියෙන් ද යන අර්ථයයි. මෙහිදී සමග හැසිරීම සමාන හේතුත්වය, සමාන ඵලත්වය, සමභූමිත්වය, සම විෂයත්වය, සම අරමුණු ඇති බව යන මේ ආදිය ද ච ශබ්දයෙන් සංගෘහිත යයි දත යුතුය. සෙස්ස ප්‍රකටමය.

ලක‍්ඛණහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ලක්ඛණ හාර විභංග වර්ණනාව නිමි.