යෙදුමෙන් කියවන්න

ලක‍්ඛණහාරවිහඞ‍්ගො

3. 1. 5.

3. 1. 5.

ලක‍්ඛණහාරවිහඞ‍්ගො

ලක්ඛණහාරවිභඞ්ගය

තත්‍ථ කතමො ලක‍්ඛණො හාරො: වුත‍්තම‍්හි එකධම‍්මෙ”ති අයං ලක‍්ඛණො හාරො. කිං ලක‍්ඛයති; යෙ ධම‍්ම එකලක‍්ඛණා තෙසං ධම‍්මානං එකස‍්මිං ධම‍්මෙ වුත‍්තෙ අවසිට‍්ඨා ධම‍්මා වුත‍්තා භවන‍්ති. යථා කිං භවෙ; යථාහ භගවා: “චක‍්ඛුං භික‍්ඛවෙ අනවට‍්ඨිතං ඉත‍්තරං පරිත‍්තං පභඞ‍්ගු පරතො දුක‍්ඛං බ්‍යසනං චලං කුක‍්කුලං සඞ‍්ඛාරං වධකං අමිත‍්තමජ‍්ඣෙ”. ඉමස‍්මිං චක‍්ඛුස‍්මිං වුත‍්තෙ අවසිට‍්ඨානි අජ‍්ඣත‍්තිකානි ආයතනානි වුත‍්තානි භවන‍්ති. කෙන කාරණෙන; සබ‍්බානි හි ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි වධකට‍්ඨෙන එකලක‍්ඛණානි.

එහි ලක්‍ෂණහාරය කවරෙ යත්: “වුත්තම්හි ඒකධම්මෙ” යී නිර්දිෂ්ට වු මෙය ලක්‍ෂණහාරයැ. කිනම් ධර්‍මයක් ලකුණු කෙරෙයි යත්: ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනෙක් සමාන ලක්‍ෂණ වූවාහු ද, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් කී කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. ඒ කිසෙයින් වන්නේ යැ යත්: මෙසෙයින් වදාළහ, බුදුහු - “මහණෙනි, චක්ඛායතන එක් අරමුණෙක නො පවත්නා හෙයින් අනවස්ථිත යැ වහා නැසෙන හෙයින් ඉත්‍වර යැ කල් නො පවත්නා හෙයින් පරිත්ත යැ වහා බිඳෙන සුලු යැ ස්වවශයෙහි නොපවත්නේ යැ දුකට හේතු යැ ව්‍යසනහේතු යැ සැලෙන පියවි ඇත්තේ යැ උෂ්ණ හස්මයක් බඳු යැ ප්‍රත්‍යයෝත්පන්න යැ අමිත්‍රයන් මැද පවත්නේ යැ” යී. මේ චක්‍ෂුරායතනය වදාළ කල්හි සෙසු ආධ්‍යාත්මික ආයතනයෝ කියන ලද්දාහු වෙති. කවර හෙයින යත්: යම් හෙයකින් සියලු ආධ්‍යාත්මික ෂඩායතනයෝ වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ වෙත් ද එහෙයිනි.

යථා චාහ භගවා: “අතීතෙ රාධ, රූපෙ අනපෙක‍්ඛො හොහි, අනාගතං රූපං මා අභිනන්‍දි පච‍්චුප‍්පන‍්නස‍්ස රූපස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය චාගාය පටිනිස‍්සග‍්ගාය පටිපජ‍්ජ, ඉමස‍්මිං රූපක‍්ඛෙන්‍ධෙ වුත‍්තෙ අවසිට‍්ඨා ඛන්‍ධා වුත‍්තා භවන‍්ති. කෙන කාරණෙන: සබ‍්බෙ හි පඤ‍්චක‍්ඛන්‍ධා යමකොවාදසුත‍්තෙ වධකට‍්ඨෙන එකලක‍්ඛණා වුත‍්තා යථා චාහ භගවා:

මෙසේත් වදාළහ, බුදුහු: “රාධය, අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙව, අනාගත රූපය නහමක් අභිනන්‍දනා කර, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ත්‍යාගය පිණිස දුරලීම පිණිස පිළිපදුව” යි. මේ රූපස්කන්‍ධය වදාළ කල්හි ඉතිරිවැ සිටි ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. කවර කරුණින යත්: සියලු මැ පඤ්චස්කන්‍ධයෝ යමකොවාද සූත්‍රයෙහි වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු වදාරන ලදහ. මෙසේත් වදාළහ, බුදුහු:

1. “යෙසං ච සුසමාරද‍්ධා නිච‍්චං කායගතා සති, අකිච‍්චං තෙ න සෙවන‍්ති කිච‍්චෙ සාතච‍්චකාරිනො”

1. යම් කෙනකුන් විසින් නිරතුරු කාගියා සී මොනොවට ආරබ්ධ වී ද, ඔහු කෘත්‍යයෙහි සතතභාවයෙන් කරනසුලු වූවාහු නො කටයුතු නො සෙවුනාහු වෙත්.

ඉති කායගතාය සතියා වුත‍්තාය වුත‍්තා භවන‍්ති වෙදනාගතා සති චිත‍්තගතා සති ධම‍්මගතා ච. තථා ‘යං කිඤ‍්චි දිට‍්ඨං වා සුතං වා මුතං වා”ති වුත‍්තෙ වුත‍්තං භවති විඤ‍්ඤාතං.

මෙසේ කායගතාසතිය වදාළ කල්හි වේදනාගතාසති චිත්තගතාසති ධම්සගතාසති ද වදාරන ලද්දාහු වෙත්. එසෙයින් “යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා” යී වදාළ කල්හි ‘විඤ්ඥාත’ ය වදාරන ලද වේ.

යථා චාහ භගවා: “තස‍්මාතිහ ත්‍වං භික‍්ඛු -පෙ- කායෙ කායානුපස‍්සී විහරති: ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං”.

මෙසේත් වදාළහ, බුදුහු: “එහෙයින් මහණ, මෙහි ලා තෙපි … කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව ස්මෘතිමත්‍ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට රූපකයෙහි (කේසලෝමාදි) කය අනිත්‍යාදි විසින් පුනපුනා බලමින් වාස කරව”

“ආතාපී” ති විරියින්‍ද්‍රියං; “සම‍්පජානො”ති පඤ‍්ඤින්‍ද්‍රියං; “සතිමා”ති සතින්‍ද්‍රියං; “විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං”ති සමාධින්‍ද්‍රියං; එවං කායෙ කායානුපස‍්සිනො විහරතො චත‍්තාරො සතිපට‍්ඨානා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. කෙන කාරණෙන: එකලක‍්ඛණත‍්තා චතුන‍්නං ඉන්‍ද්‍රියානං. චතුසු සතිපට‍්ඨානෙසු භාවියමානෙසු චත‍්තාරො සම‍්මප‍්පධානා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. චතුසු සම‍්මප‍්පධානෙසු භාවියමානෙසු චත‍්තාරො ඉද‍්ධිපාදා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. චතුසු ඉද‍්ධිපාදෙසු භාවියමානෙසු පඤ‍්චින්‍ද්‍රියානි භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චසු ඉන්‍ද්‍රියෙසු භාවියමානෙසු පඤ‍්ච බලානි භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චසු බලෙසු භාවියමානෙසු සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. සත‍්තසු බොජ‍්ඣඞ‍්ගෙසු භාවියමානෙසු අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනා පාරිපූරිං ගච‍්ඡති. සබ‍්බෙ ච බොධඞ‍්ගමා ධම‍්මා බොධිපක‍්ඛියා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. කෙන කාරණෙන: සබ‍්බෙ හි බොධඞ‍්ගමා ධම‍්මා බොධිපක‍්ඛියා නීයානිකලක‍්ඛණෙන එකලක‍්ඛණා. තෙ එකලක‍්ඛණත‍්තා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති.

(මෙහි) “ආතාපී” යනු වීර්ය්‍යේන්‍ද්‍රියයි. “සම්පජානෝ” යනු ප්‍රඥේන්‍ද්‍රිය යි, “සතිමා” යනු ස්මෘතීන්‍ද්‍රිය යි, “විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං” යනු සමාධීන්‍ද්‍රිය යි. මෙසේ කයෙහි කායානුදර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු භාවනායෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉනිද්‍රියයන්ගේ සමානලක්‍ෂණත්‍වය හෙයිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙත්ම සතරඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙත්. සතර ඍද්ධිපාදයන් වැඩෙත් ම පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් වැඩීමට යෙති. පඤ්චේන්‍ද්‍රියයන් වැඩෙත් ම පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. පඤ්චබලයන් වැඩෙත්ම සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයන් වැඩෙත් ම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙයි, ආර්‍ය්‍යයමාර්‍ගඥානබෝධයට යන බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත්. කවර කරුණින යත්: බෝධඞ්ගම වූ බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ නෛර්‍ය්‍යාණික ස්වභාවයෙන් සමානලක්‍ෂණ වූවාහු ද එහෙයිනි. ඒ දහම්හු සමානලක්‍ෂණ හෙයින් භාවනායෙන් වැඩීමට යෙත්.

එවං අකුසලා ධම‍්මා එකලක‍්ඛණත‍්තා පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති: චතුසු සතිපට‍්ඨානෙසු භාවියමානෙසු විපල‍්ලාසා පහීයන‍්ති, ආහාරා චස‍්ස පරිඤ‍්ඤං ගච‍්ඡන‍්ති, උපාදානෙහි අනුපාදානො භවති, යොගෙහි ච විසංයුත‍්තො භවති, ගන්‍ථෙහි ච විප‍්පයුත‍්තො භවති, ආසවෙහි ච අනාසවො භවති ඔඝෙහි ච නිත‍්තිණ‍්ණො භවති, සල‍්ලෙහි ච විසල‍්ලො භවති, විඤ‍්ඤාණට‍්ඨිතියො චස‍්ස පරිඤ‍්ඤං ගච‍්ඡන‍්ති, අගතිගමනෙහි ච න අගතිං ගච‍්ඡති, එවං අකුසලාපි ධම‍්මා එකලක‍්ඛණත‍්තා පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති.

මෙසේ අකුශලධර්‍මයෝ ද (පහානෙකට්ඨතා විසින්) සමාන ලක්‍ෂණ ඇති බැවින් ප්‍රහාණයට නැසීමට යෙති: සතර සීවටන් වඩනු ලබත් මැ (අශුභයෙහි ශුභ යැ යනාදි) සතර විපල්ලාසයෝ ප්‍රහීණ වෙති. ඔහුට සතර ආහාරයෝ ද පරිඥානයට යෙති. කාමාදි සතර උපාදානයෙන් උපාදාන රහිත වූයේ වෙයි, සතර යෝගයන්ගෙනුදු විසංයුක්ත වෙයි, සතර ග්‍රන්‍ථයන්ගෙනුදු විප්‍රයුක්ත වෙයි, කාමාදි ආස්‍රවයන්ගෙනුදු අනාස්‍රව වෙයි. සතර ඕඝයන්ගෙනුදු උත්තීර්‍ණ වූයේ වෙයි, ශල්‍යයන්ගෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට සතර විඥානස්ථිතිහු ද පරිඥානයට යෙති, ඡන්‍දාදි අගතිගමනයෙනුදු අගතියට නොයෙයි. මෙසේ අකුශලධර්‍මයෝ ද සමාන ලක්‍ෂණ බැවින් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙත්.

යත්‍ථ වා පන රූපින්‍ද්‍රියං දෙසිතං, දෙසිතා තත්‍ථෙව රූපධාතු රූපක‍්ඛන්‍ධො රූපඤ‍්චායතනං. යත්‍ථ වා පන සුඛා වෙදනා දෙසිතා, දෙසිතං තත්‍ථ සුඛින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං දුක‍්ඛසමුදයො ච අරියසච‍්චං. යත්‍ථ වා පන දුක‍්ඛා වෙදනා දෙසිතා, දෙසිතං තත්‍ථ දුක‍්ඛින්‍ද්‍රියං දොමනස‍්සින්‍ද්‍රියං දුක‍්ඛං ච අරියසච‍්චං. යත්‍ථ වා පන අදුක‍්ඛමසුඛා වෙදනා දෙසිතා, දෙසිතං තත්‍ථ උපෙක‍්ඛින්‍ද්‍රියං සබ‍්බො ච පටිච‍්චසමුප‍්පාදො. කෙන කාරණෙන: අදුක‍්ඛමසුඛාය හි වෙදනාය අවිජ‍්ජා අනුසෙති, අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. සො ච සරාග-සදොස-සමොහසංකිලෙසපක‍්ඛෙන හාතබ‍්බො. වීතරාග-වීතදොස-වීතමොහ අරියධම‍්මෙහි හාතබ‍්බො.

තවද යම් දේශනායෙක්හි (රූප්පන ලක්‍ෂණ වූ අෂ්ටවිධ) රූපෙන්‍ද්‍රියය වදාරන ලද ද එහි මැ රූපධාතු රූපස්කන්‍ධ රූපායතනය ද දෙසන ලද්දාහු වෙත්. තවද යම් තැනක සුඛවේදනාව දෙසන ලදුද, එහි සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දුක්ඛසමුදය ආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ, තවද යම් දේශනායෙක දුක්ඛවේදනාව දෙසන ලදු ද, එහි දුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය දුක්ඛආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ. තවද යම් තැනෙක අදුක්ඛමසුඛවේදනාව දෙසන ලදු ද, එහි උපෙක්ඛින්‍ද්‍රියය ද සියලු පටිච්චසමුප්පාදය ද දේසිත යි. කවර කරුණින යත්: අදුක්ඛමසුඛ වේදනායෙහි අවිද්‍යාව අනුශය කෙරෙයි, එහෙයිනි. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාවප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාවප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වෙයි, ශෝක යැ පරිදේව යැ දුඃඛ යැ දෞර්‍මනස්‍ය යැ උපායාස යැ යන මොහු වෙත්. ඒ අනුලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය සරාග - සදෝස - සමෝහ වු සංක්ලේශපක්‍ෂය හා පැමිණවියැත්තේ යැ, (ප්‍රතිලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය) වීතරාග - වීතදෝස - වීතමෝහ වූ ආර්‍ය්‍යධර්‍මයන් හා පැමිණවියැයුත්තේ යි.

එවං යෙ ධම‍්මා එකලක‍්ඛණා කිච‍්චතො ච ලක‍්ඛණතො ච සාමඤ‍්ඤතො ච චුතූපපාතතො ච තෙසං ධම‍්මානං එකස‍්මිං ධම‍්මෙ වුත‍්තෙ අවසිට‍්ඨා ධම‍්මා වුත‍්තා භවන‍්ති. තෙනාහ ආයස‍්මා මහා කච‍්චානො: “වුත‍්තම‍්හි එකධම‍්මෙ”ති.

මෙපරිද්දෙන් යම් ධර්‍ම කෙනෙක් (පඨවි ආදි වූ ද ඵස්සාදි වූ ද රූපාරූපධර්‍මයන්ගේ සංධාරණ සංඝට්ටනාදි) කෘත්‍ය හෙයින් ද, (කක්ඛළ ඵූසනාදි) ස්වභාවලක්‍ෂණ හෙයින් ද, (රුප්පන නමනාදි) සාමාන්‍යලක්‍ෂණ හෙයින් ද, (සඞ්ඛතධර්‍මයන්ගේ) භඞ්ග - උත්පාද හෙයින් ද, සමාන ලක්‍ෂණ වූවාහු නම්, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් වදාළ කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියනලද්දාහු වෙත්. එයින් වදාළහ: ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ - “වුත්තම්හි එකධම්මෙ” යී.

නියුත‍්තො ලක‍්ඛණො හාරො.

ලක්ඛණහාරය යොදනලද්දේ යි.