යෙදුමෙන් කියවන්න

පදට‍්ඨානහාරවිභඞ‍්ගො

3. 1. 4.

3. 1. 4.

පදට‍්ඨානහාරවිභඞ‍්ගො

පදට්ඨානහාරවිභඞ්ගය

තත්‍ථ කතමො පදට‍්ඨානො හාරො: “ධම‍්මං දෙසෙති ජිනො”ති අයං පදට‍්ඨානො හාරො. කිං දෙසෙති: සබ‍්බධම‍්මයාථාවඅසම‍්පටිවෙධලක‍්ඛණා අවිජ‍්ජා, තස‍්සා විපල‍්ලාසා පදට‍්ඨානං අජ‍්ඣොසානලක‍්ඛණා තණ‍්හා, තස‍්සා පියරූපං සාතරූපං පදට‍්ඨානං. පත්‍ථනලක‍්ඛණො ලොභො, තස‍්ස අදින‍්නාදානං පදට‍්ඨානං. වණ‍්ණසණ‍්ඨානබ්‍යඤ‍්ජනගහනලක‍්ඛණා සුභසඤ‍්ඤා, තස‍්සා ඉන්‍ද්‍රියාසංවරො පදට‍්ඨානං. සාසවඵස‍්ස උපගමනලක‍්ඛණා සුඛසඤ‍්ඤා, තස‍්සා අස‍්සාදො පදට‍්ඨානං. සඞ‍්ඛතලක‍්ඛණානං ධම‍්මානං අසමනුපස‍්සනලක‍්ඛණා නිච‍්චසඤ‍්ඤා, තස‍්සා විඤ‍්ඤාණං පදට‍්ඨානං. අනිච‍්චසඤ‍්ඤා දුක‍්ඛසඤ‍්ඤා අසමනුපස‍්සනලක‍්ඛණා අත‍්තසඤ‍්ඤා, තස‍්සා නාමකායො පදට‍්ඨානං.

එහි පදට්ඨානහාරය කවරෙ යත්: “ධම්මං දේසේති ජිනෝ” යන මේ පදට්ඨාන හාර යැ, කුමක් දෙසන සේක් ද යත්: අවිද්‍යාව සියලු (චතුස්සත්‍ය) ධර්‍මයන්ගේ අවිපරීත ස්වභාවය ප්‍රතිවේධ නොකිරීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ අවිද්‍යාවට චතුර්විධ විපල්ලාසයෝ පදට්ඨාන - ආසන්නකාරණ යි. තෘෂ්ණාව (අරමුණෙහි) බැසැගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ තෘෂ්ණාවට ප්‍රියස්වභාවය මධුරස්වභාවය පදට්ඨාන යැ. ලෝභය (ඉෂ්ටවස්තු) ප්‍රාර්‍ත්‍ථනා කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ලෝභයට අදත්තාදානය පදට්ඨාන යැ. ශුභසංඥාව පැහැ සටහන් ව්‍යඤ්ජනයන් ග්‍රහණය කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ශුභසංඥාවට ඉන්‍ද්‍රිය අසංවරය පදට්ඨාන යැ. සුඛසංඥාව සාස්‍රව වූ ස්පර්‍ශයට පැමිණ සිටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට ආස්වාදය පදට්ඨාන යැ. නිත්‍ය සංඥාව (උත්පාදාදි) සඞ්ඛත ලක්‍ෂණ ඇති ධර්‍මයන් නුවණින් නොදැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට විඥානය පදට්ඨාන යැ. ආත්මසංඥාව අනිත්‍ය දුඃඛසංඥාවන් නොදැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ආත්මසංඥාවට නාමකය පදට්ඨාන යි.

සබ‍්බධම‍්මසම‍්පටිවෙධලක‍්ඛණා විජ‍්ජා, තස‍්සා සබ‍්බං නෙය්‍යං පදට‍්ඨානං. චිත‍්තවික‍්ඛෙප පටිසංහරණලක‍්ඛණො සමථො, තස‍්ස අසුභා පදට‍්ඨානං. ඉච‍්ඡාවචරපටිසංහරණලක‍්ඛණො අලොභො. තස‍්ස අදින‍්නාදානා වෙරමණී පදට‍්ඨානං. අබ්‍යාපජ‍්ඣලක‍්ඛණො අදොසො, තස‍්ස පාණාතිපාතා වෙරමණී පදට‍්ඨානං. වත්‍ථු අවිප‍්පටිපාදනලක‍්ඛණො අමොහො. තස‍්ස සම‍්මාපටිපත‍්ති පදට‍්ඨානං. විනීලකවිපුබ‍්බකගහනලක‍්ඛණා අසුභසඤ‍්ඤා, තස‍්සා නිබ‍්බිදා පදට‍්ඨානං; සාසවඵස‍්ස පරිජානනලක‍්ඛණා දුක‍්ඛසඤ‍්ඤා, තස‍්සා වෙදනා පදට‍්ඨානං. සඞ‍්ඛතලක‍්ඛණානං ධම‍්මානං සමනුපස‍්සනලක‍්ඛණා අනිච‍්චසඤ‍්ඤා, තස‍්සා උප‍්පාදවයා පදට‍්ඨානං සබ‍්බධම‍්මානං අභිනිවෙසලක‍්ඛණා අනත‍්තසඤ‍්ඤා, තස‍්සා ධම‍්මසඤ‍්ඤා පදට‍්ඨානං.

මාර්‍ගඥානවිද්‍යාව සියලු ධර්‍මයන් මොනොවට ප්‍රතිවේධ කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ විද්‍යාවට චතුස්සත්‍ය සංඛ්‍යාත සකල නෙයධර්‍මය පදට්ඨාන - ආසන්න කාරණ යැ. සමථය චිත්තවික්‍ෂේප සංඛ්‍යාත ඖද්ධත්‍යය විෂ්කම්භණ කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ සමථයට අශුභයෝ පදට්ඨාන යැ. අලෝභය ඉච්ඡාවවර විෂ්කම්භණය ලක්‍ෂණකොට ඇත්තේ යැ, ඒ අලෝභයට අදත්තාදාන වීරමරණය පදට්ඨාන යැ. අදෝසය නිදුක්බව ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ අද්වේෂයට ප්‍රාණවධ වීරමරණය පදට්ඨාන යැ. අමෝහය වස්තූන්ගේ අවිප්‍රතිපාදනය ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ඒ අමෝහයට සම්‍යක්ප්‍රතිපත්තිය පදට්ඨාන යැ. අශුභසංඥාව විනීලක විපුබ්බක නිමිත්තග්‍රණය ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ අශුභසංඥාවට නිර්විදඥානය පදට්ඨාන යැ. දුඃඛසංඥාව ආස්‍රව සහිත ස්පර්‍ශයාගේ පරිජානනය ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ දුඃඛසංඥාවට වේදනාව පදට්ඨාන යැ. අනිත්‍යසංඥාව සංඛතලක්‍ෂණ ධර්‍මයන් නුවණින් දැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට උත්පාදව්‍යයය පදට්ඨාන යැ. අනාත්මසංඥාව සියලු ධර්‍මයන්හි අභිනිවේසය - බැසගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තීය, එයට ධර්‍මමාත්‍ර යැ යන සංඥාව පදට්ඨාන යි.

පඤ‍්චකාමගුණා කාමරාගස‍්ස පදට‍්ඨානං. පඤ‍්චින්‍ද්‍රියානි රූපීනි රූපරාගස‍්ස පදට‍්ඨානං ඡට‍්ඨායතනං භවරාගස‍්ස පදට‍්ඨානං. නිබ‍්බත‍්තිභාවානුපස‍්සිතා පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං පදට‍්ඨානං. පුබ‍්බෙනිවාසානුස‍්සති ඤාණදස‍්සනස‍්ස පදට‍්ඨානං.

පඤ්ච කාමගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ. රූපී වූ පඤ්චේන්‍ද්‍රියයෝ (රූප සංඛ්‍යාත කය ඇරැබ උපදනා) රූපරාගයට පදට්ඨාන යැ. මන සංඛ්‍යාත ෂෂ්ඨායතනය (භවනිකාන්ති වශයෙන් පවත්නා) භවරාගයට පදට්ඨාන යැ. (රූපාභිනන්‍දනාදි වශයෙන් පවත්නා) නිර්‍වෘතිභවානුර්ශීභාවය පඤ්චෝපාදානස්කන්‍ධයන්ට පදට්ඨාන යැ. පූර්‍වනිවාසානුස්මෘතිය කර්‍මස්වකෘතඥානදර්‍ශනයට පදට්ඨාන යි.

ඔකප‍්පලක‍්ඛණා සද‍්ධා, අධිමුත‍්තිපච‍්චුපට‍්ඨානා ච අනාවිලලක‍්ඛණො පසාදො, සංපසීදනපච‍්චුපට‍්ඨානො ච. අභිපත‍්තියන ලක‍්ඛණා සද‍්ධා, තස‍්සා අවෙච‍්චප‍්පසාදො, පදට‍්ඨානා. අනාවිලලක‍්ඛණො පසාදො තස‍්ස සද‍්ධා පදට‍්ඨානං. ආරම‍්භලක‍්ඛණං විරියං, තස‍්ස සම‍්මප‍්පධානං පදට‍්ඨානං අපිලාපනලක‍්ඛණා සති, තස‍්සා සතිපට‍්ඨානං පදට‍්ඨානං. එකග‍්ගලක‍්ඛණො සමාධි, තස‍්ස ඣානානි පදට‍්ඨානං. සම‍්පජානනලක‍්ඛණා පඤ‍්ඤා, තස‍්සා සච‍්චානි පදට‍්ඨානං.

ශ්‍රද්ධාව (හැදැහිලිවශයෙන්) අරමුණට බැසගැනීම - නිශ්චය කිරීම ලක්‍ෂණ කොට ඇත්තීය, අධිමුක්තිය - නිශ්චය කිරීම වැටැහීම් කොට ද ඇත්තීය වෙයි. ප්‍රසාදය (චිත්තකාලුෂ්‍යාපගමයෙන්) නො කැලැඹීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, සම්ප්‍රසාදනය වැටහීම කොට ද ඇත්තේ වෙයි. ශ්‍රද්ධාව හැදැහීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට අවේත්‍යප්‍රසාදය පදට්ඨාන යැ. ප්‍රසාදය ආකාලුෂ්‍යය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට ශ්‍රද්ධාව පදට්ඨාන යැ. වීර්‍ය්‍යය ආරම්භය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට චතුර්විධ සම්‍යක්ප්‍රධානය පදට්ඨාන යැ. ස්මෘතිය අසම්මෝසය (සිහිකිරීම) ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට සතරසතිපට්ඨානය පදට්ඨාන යැ. සමාධිය ඒකාග්‍රතා (එක අරමුණක් අග්‍රබව )ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට ධ්‍යානයෝ පදට්ඨාන යැ. ප්‍රඥාව සම්‍යග්ඥානය ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට සත්‍යයෝ පදට්ඨාන යි.

අපරො නයො: අස‍්සාදමනසිකාරලක‍්ඛාණො අයොනිසො මනසිකාරො, තස‍්ස අවිජ‍්ජා පදට‍්ඨානං. සච‍්චසම‍්මොහනලක‍්ඛණා අවිජ‍්ජා, සා සඞ‍්ඛාරානං පදට‍්ඨානං. පුනබ‍්භවවිරොහණලක‍්ඛණා සඞ‍්ඛාරා, තෙ විඤ‍්ඤාණස‍්ස පදට‍්ඨානං. ඔපපච‍්චයිකනිබ‍්බත‍්තිලක‍්ඛණං විඤ‍්ඤාණං, තං නාමරූපස‍්ස පදට‍්ඨානං. නාමකායරූපකායසඞ‍්ඝාතලක‍්ඛණං නාම රූපං, තං සළායතනස‍්ස පදට‍්ඨානං. ඉන්‍ද්‍රියවවත්‍ථානලක‍්ඛණං සළායතනං, තං ඵස‍්සස‍්ස පදට‍්ඨානං. චක‍්ඛුරූපවිඤ‍්ඤාණසන‍්නිපාතලක‍්ඛණො ඵස‍්සො. සො වෙදනාය පදට‍්ඨානං: ඉට‍්ඨානිට‍්ඨානුභවනලක‍්ඛණා වෙදනා සා තණ‍්හාය පදට‍්ඨානං. අජ‍්ඣොසානලක‍්ඛණා තණ‍්හා, සා උපාදානස‍්සපදට‍්ඨානං. ඔපපච‍්චයිකං උපාදානං, තං භවස‍්ස පදට‍්ඨානං. නාමකායරූපකායසම‍්භවනලක‍්ඛණො. භවො, සො ජාතියා පදට‍්ඨානං ඛන්‍ධානං පාතුභවනලක‍්ඛණා ජාති, සා ජරාය පදට‍්ඨානං. උපධිපරිපාකලක‍්ඛණා ජරා, සා මරණස‍්ස පදට‍්ඨානං. ජීවිතින්‍ද්‍රියඋපච‍්ඡෙදලක‍්ඛණං මරණං, තං සොකස‍්ස පදට‍්ඨානං. උස‍්සුක‍්කකාරකො සොකො, සො පරිදෙවස‍්ස පදට‍්ඨානං. ලාලප‍්පකාරකො පරිදෙවො, සො දුක‍්ඛස‍්ස පදට‍්ඨානං. කායසම‍්පීළනං දුක‍්ඛං, තං දොමනස‍්සස‍්ස පදට‍්ඨානං. චිත‍්තපීළනං දොමනස‍්සං, තං උපායාසස‍්ස පදට‍්ඨානං. ඔදහනකාරකො උපායාසො, සො භවස‍්ස පදට‍්ඨානං. ඉමානි භවඞ‍්ගානි යදා සමග‍්ගානි නිබ‍්බත‍්තානි භවන‍්ති සො භවො, තං සංසාරස‍්ස පදට‍්ඨානං.

අනෙක් නයෙකි: අයෝනිසෝ මනසිකාරය (සංයෝජනිය ධර්‍මයන්හි) ආස්වාද වශයෙන් මෙනෙහි කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ අයෝනිසෝ මනසිකාරයට අවිද්‍යාව පදට්ඨාන (- ආසන්නකාරණ) යැ. අවිද්‍යාව සිව්සස්හි මුළාවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ අවිද්‍යාව සංස්කාරයන්ට පදට්ඨාන යැ. සංස්කාරයෝ පුනර්‍භවයාගේ විරූහණය (විපාකධර්‍මතාව) ලක්‍ෂණ කොට ඇත්තාහු යැ, ඔහු ප්‍රතිසන්‍ධිවිඥානයට පදට්ඨාන යැ. විඥානය උපප්‍රාප්තිභව වශයෙන් ඉපදීම කොට ඇත්තේ යැ, එ විඥානය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය අරූප - රූපකාය දෙදෙනාගේ සමූහභාවය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ෂඩායතනයට පදට්ඨාන යි. ෂඩායතනය චක්‍ෂුරාදි ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ නියම කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ස්පර්‍ශයට පදට්ඨාන යි. ස්පර්‍ශය චක්‍ෂුරින්‍ද්‍රිය රූපාලම්බන චක්‍ෂුර්විඥානයන්ගේ සන්නිපාතය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය වේදනාවට පදට්ඨාන යි. වේදනාව ඉෂ්ටානිෂ්ට අරමුණුරස විඳීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ වේදනාව තෘෂ්ණාවට පදට්ඨාන යි. තෘෂ්ණාව අරමුණෙහි ගැලීසීටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ තෘෂ්ණාව උපාදානයට පදට්ඨාන යි. උපාදානය උපප්‍රාප්තිස්කන්‍ධයන් උපදවනු වෙයි, එය භවයට පදට්ඨාන යි. භවය නාමකාය රූපකායයන් ඉපදීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ජාතියට පදට්ඨාන යි. ජාතිය ස්කන්‍ධයන්ගේ හටගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ජාතිය ජරාවට පදට්ඨාන යි. ජරාව ආත්මභාවය මිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය මරණයට පදට්ඨාන යි. මරණය ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ශෝකයට පදට්ඨාන යි. ශෝකය චිත්තසන්තාපය කරනු වෙයි, එය පරිදේවයට පදට්ඨාන යි. පරිදේවය වැලැපීම කරනු වෙයි, එය කායික දුකට පදට්ඨාන යි. දුක රූපකායට පෙළනු වෙයි, එය දොම්නසට පදට්ඨාන යි. දොම්නස සිත පෙළනු වෙයි, ඒ දොම්නස උපායාසයට පදට්ඨාන යි. උපායාසය (ආත්මනිශ්‍රය) අභ්‍යන්තරය දවනු වෙයි, එය භවයට පදට්ඨාන යි. යම් කලෙක මේ භවයට අවයව වූ ක්ලේශයෝ - (කර්‍මභව විපාකභව සංඛ්‍යාත අංගයෝ) සමග්‍ර වූවාහු උපන්නාහු වෙත් ද, හේ භව නම, ඒ භවය සංසාරයට පදට්ඨාන යි.

නිය්‍යනිකලක‍්ඛණො මග‍්ගො, සො නිරොධස‍්ස පදට‍්ඨානං. තිත්‍ථඤ‍්ඤුතා පීතඤ‍්ඤුතාය පදට‍්ඨානං. පිතඤ‍්ඤුතා මත‍්තඤ‍්ඤුතාය පදට‍්ඨානං. මත‍්තඤ‍්ඤුතා අත‍්තඤ‍්ඤුතාය පදට‍්ඨානං. අත‍්තඤ‍්ඤුතා පුබ‍්බෙකතපුඤාඤතාය පදට‍්ඨානං, පුබ‍්බෙකතපුඤ‍්ඤතා පතිරූපදෙසවාසස‍්ස පදට‍්ඨානං. පතිරූපදෙසවාසො සප‍්පුරිසූපනිස‍්සයස‍්ස පදට‍්ඨානං. සප‍්පුරිසූපනිස‍්සයො අත‍්තසම‍්මාපණිධානස‍්ස පදට‍්ඨානං. අත‍්තසම‍්මා පණිධානං සීලානං පදට‍්ඨානං. සීලානි අවිප‍්පටිසාරස‍්ස පදට‍්ඨානං අවිප‍්පටිසාරො පාමුජ‍්ජස‍්ස පදට‍්ඨානං. පාමුජ‍්ජං පීතියා පදට‍්ඨානං. පීති පස‍්සද‍්ධියා පදට‍්ඨානං. පස‍්සද‍්ධි සුඛස‍්ස පදට‍්ඨානං. සුඛං සමාධිස‍්ස පදට‍්ඨානං. සමාධි යථාභූතඤාණදස‍්සනස‍්ස පදට‍්ඨානං. යථාභූත ඤාණදස‍්සනං නිබ‍්බිදාය පදට‍්ඨානං. නිබ‍්බිදා විරාගස‍්ස පදට‍්ඨානං. විරාගො විමුත‍්තියා පදට‍්ඨානං. විමුත‍්ති විමුත‍්තිඤාණදස‍්සනස‍්ස පදට‍්ඨානං. එවං යො කොචි උපනිස‍්සයො යො කොචි පච‍්චයො සබ‍්බො සො පදට‍්ඨානං. තෙනාහ ආයස‍්මා මහාකච‍්චානො: “ධම‍්මං දෙසෙති ජිනො”ති.

මාර්‍ගය නිමිත්ත පවත්ති දෙකින් නැඟීසිටීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ මාර්‍ගයට නිරෝධයට පදට්ඨාන යි. තීර්‍ත්‍ථ සංඛ්‍යාත බහුශ්‍රැතයකු පර්‍ය්‍යුපාසන කරනබව ධර්මොප සංහිත ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යැ, පීතඤ්ඤැතාව මාත්‍රඥභාවයට පදට්ඨාන යැ, මත්තඤ්ඤැතාව තමා පඤ්චපධානියඞ්ගයෙන් යුත් බව දන්නා ආත්මඥභාවයට පදට්ඨාන යැ, අත්තඤ්ඤැතාව පෙර කළ පින් ඇති බවට පදට්ඨාන යැ, පූර්‍වකෘත පුණ්‍යභාවය ප්‍රතිරූපදේශවාසයට පදට්ඨාන යැ, ප්‍රතිරූපදේශවාසය සත්පුරුෂෝපනිශ්‍රයට පදට්ඨාන යැ, සත්පුරුෂෝපනිශ්‍රය ආත්මසම්‍යක්ප්‍රණිධානය පදට්ඨාන යැ, ආත්ම සම්‍යක්ප්‍රණිධානය ශීලයට පදට්ඨාන යැ, ශීලයෝ අවිප්‍රතිසාරයට පදට්ඨාන යැ, අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යැ, ප්‍රාමෝද්‍යය ප්‍රීතියට පදට්ඨාන යැ, ප්‍රීතිය ක්ලේශදරථ සන්හිඳීමට පදට්ඨාන යැ, පස්සද්ධිය සුඛයට පදට්ඨාන යැ, සුඛය සමාධියට පදට්ඨාන යැ, සමාධිය යථාභූතඥානදර්‍ශනයට පදට්ඨාන යැ, යථාභූතඥානදර්‍ශනය (තරුණවිදර්‍ශනාව) නිර්වේදය (බලවවිපස්සනාව) ට පදට්ඨාන යැ, නිබ්බිදාව විරාගයට පදට්ඨාන යැ, විරාගය විමුක්තියට පදට්ඨාන යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනයට පදට්ඨාන යි. මෙසේ යම් කිසි බලවත් ප්‍රත්‍යය සංඛ්‍යාත උපනිශ්‍රයෙක් යම් කිසි ශේෂප්‍රත්‍යයෙක් වේ ද එ හැම පදට්ඨාන යි. ආසන්න කාරණ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ධම්මං දේසේති ජිනෝ” යී.

නියුත‍්තො පදට‍්ඨානො හාරො.

පදට්ඨානහාරය යොදන ලදී.