පදට්ඨානහාරවිභඞ්ගවණ්ණනා අට්ඨකථා
පදට්ඨානහාරවිභඞ්ගවණ්ණනා
පදට්ඨාන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො පදට්ඨානො හාරොතිආදි පදට්ඨානහාරවිභඞ්ගො. තත්ථ යස්මා “ඉදං ඉමස්ස පදට්ඨානං, ඉදං ඉමස්ස පදට්ඨාන”න්ති තෙසං තෙසං ධම්මානං පදට්ඨානභූතධම්මවිභාවනලක්ඛණො පදට්ඨානො හාරො, තස්මා පවත්තියා මූලභූතං අවිජ්ජං ආදිං කත්වා සභාවධම්මානං පදට්ඨානං ආසන්නකාරණං නිද්ධාරෙන්තො අවිජ්ජාය සභාවං නිද්දිසති “සබ්බධම්මයාථාවඅසම්පටිවෙධලක්ඛණා අවිජ්ජා”ති. තස්සත්ථො – සබ්බෙසං ධම්මානං අවිපරීතසභාවො න සම්පටිවිජ්ඣීයති එතෙනාති සබ්බධම්මයාථාවඅසම්පටිවෙධො. සො ලක්ඛණං එතිස්සාති සා තථා වුත්තා. එතෙන ධම්මසභාවප්පටිච්ඡාදනලක්ඛණා අවිජ්ජාති වුත්තං හොති. අථ වා සම්මා පටිවෙධො සම්පටිවෙධො. තස්ස පටිපක්ඛො අසම්පටිවෙධො. කත්ථ පන සො සම්පටිවෙධස්ස පටිපක්ඛොති ආහ – “සබ්බ…පෙ… ලක්ඛණා”ති. යස්මා පන අසුභෙ සුභන්තිආදිවිපල්ලාසෙ සති තත්ථ සම්මොහො උපරූපරි ජායතියෙව න හායති, තස්මා “තස්සා විපල්ලාසා පදට්ඨාන”න්ති වුත්තං.
තත්ථ කතමො පදට්ඨානහාරො යනාදිය පදට්ඨාන හාර විභංගයයි. එහිදී යම් හෙයකින් මෙය මෙහි පදට්ඨානයයි. (ආසන්න කාරණයයි) මෙය මෙහි ආසන්න කාරණයයි. ඒ ඒ ධර්මයන්ට ආසන්න කාරණය වූ දෙය දක්වන ලක්ෂණය පදට්ඨාන හාරය වේ ද එහෙයින් පැවැත්මට මුල් වූ අවිද්‍යාව ආදි කොට ස්වභාව ධර්මයන්ගේ පදට්ඨානය නම් වූ ආසන්න කාරණය නිර්ධාරණය කරමින් සබ්බධම්ම යාථාව අසම්පටිවෙධ ලක්ඛණා අවිජ්ජා යි අවිද්‍යාවේ ස්වභාවය දක්වයි. එහි අර්ථය මෙයයි. සියලු ධර්මයන්ගේ නොවෙනස් ස්වභාවය මෙයින් අවබෝධ කෙරේනුයි සබ්බධම්මයාථාව අසම්පටිවෙධො නම් වේ. ඒ ලක්ෂණය මෙහි ඇතැයි එය එසේ කියන ලදි. මෙයින් ධර්ම ස්වභාවය වසා දමන ලක්ෂණය අවිද්යාවයැයි කියන ලද්දේ වෙයි. එසේ නැතහොත් මනා අවබෝධය සම්පටිවෙධ නමි. ඊට ප්රතිපක්ෂ වූයේ අසම්පටිවෙධයයි. කවර තැනක ඒ සම්පටිවේධයේ ප්රතිපක්ෂ වේ ද, සබ්බ -පෙ- ලක්ඛණා යි කියන ලදි. යම්හෙයකින් අශුභ දෙයෙහි ශුභය යනාදී විපර්යාස ඇතිවිට එහි මුළාව මතු මත්තෙහි හටගන්නේම වේ ද නොපිරිහේ ද එහෙයින් තස්සා විපල්ලාසා පදට්ඨානං යි කියන ලදි.
පියරූපං සාතරූපන්ති පියායිතබ්බජාතියං ඉට්ඨජාතියඤ්ච පදට්ඨානං. “යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතී”ති (දී· නි· 2.400; ම· නි· 1.133; විභ· 203) හි වුත්තං. අදින්නාදානන්ති අදින්නාදානචෙතනා. සා හි එකවාරං උප්පන්නාපි අනාදීනවදස්සිතාය ලොභස්ස උප්පත්තිකාරණං හොතීති තස්ස පදට්ඨානං වුත්තං. දොසස්ස පාණාතිපාතො පදට්ඨානං, මොහස්ස මිච්ඡාපටිපදා පදට්ඨානන්ති එත්ථාපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. වණ්ණසණ්ඨානබ්යඤ්ජනග්ගහණලක්ඛණාති නිමිත්තානුබ්යඤ්ජනග්ගහණලක්ඛණා. සුඛසඤ්ඤාය ඵස්සස්ස උපගමනලක්ඛණතා ඵස්සපච්චයතාව වුත්තා. “ඵුට්ඨො සඤ්ජානාතී”ති (සං· නි· 4.93) හි වුත්තං . අස්සාදොති තණ්හා. සඞ්ඛතලක්ඛණානි උප්පාදවයඤ්ඤථත්තානි. යෙභුය්යෙන නිච්චග්ගහණං විඤ්ඤාණාධීනන්ති නිච්චසඤ්ඤාය විඤ්ඤාණපදට්ඨානතා වුත්තා. තථා හි සො භික්ඛු තංයෙව විඤ්ඤාණං සන්ධාවති සංසරතීති විඤ්ඤාණවිසයමෙව අත්තනො නිච්චග්ගාහං පවෙදෙසි. පඤ්චන්නං ඛන්ධානං යදි අනිච්චතා දුක්ඛතා ච සුදිට්ඨා, අත්තසඤ්ඤා සුඛසඤ්ඤා අනවකාසාති ආහ – “අනිච්චසඤ්ඤාදුක්ඛසඤ්ඤාඅසමනුපස්සනලක්ඛණා අත්තසඤ්ඤා”ති. “යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා”ති (සං· නි· 3.15) හි වුත්තං.
පියරූපං සාතරූපං යනු ප්‍රිය කළයුතු ජාතියේද කැමතිවිය යුතු ජාතියේ ද ආසන්න කාරණයයි. ‘ලෝකයේ යම් ප්‍රිය රූපයක් වේ ද සැප ස්වභාවයක් වේ ද මෙහි ඒ තෘෂ්ණාව උපදමින් උපදී’ යැයි කියන ලද්දේ ම ය. අදින්නාදානා යනු නුදුන් දෙය ගැනීමේ සිතිවිල්ලයි. එය එක් වරක් උපන්නේ නමුත් ආදීනව දැකීම නිසා ලෝභයේ උත්පත්ති කාරණය වේයයි එහි ආසන්න කාරණය කියන ලදි. දොසස්ස පාණාතිපාතො පදට්ඨානං මොහස්ස මිච්ඡාපටිපදා පදට්ඨානං යන මෙහි ද මේ ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. වණ්ණ සණ්ඨාන බ්යඤ්ජනග්ගහණ ලක්ඛණා යනු නිමිති අනුව්‍යඤ්ජන ගැනීම් ලක්ෂණයයි. සුඛ සංඥාව වූ ස්පර්ශයේ උපගමන ලක්ෂණත්වය ස්පර්ශ ප්රත්යයමයි කියන ලදි. ස්පර්ශ කරන ලදුව හඳුනාගනීයැයි කියන ලදි. අස්සාදො යනු තණ්හාවයි. ඇතිවීම වැයවීම වෙනස්වීම සංඛත ලක්ෂණයෝය. බොහෝසෙයින් විඤ්ඤාණාදි නිත්‍ය ග්‍රහණය නිත්‍ය සංඥාවෙන් විඤ්ඤාණයේ ආසන්න කාරණය බැව් කියන ලදි. එසේමය. ඒ භික්ෂුව එම විඤ්ඤාණයම දිවෙයි. සැරිසරයි යනුවෙන් විඤ්ඤාණ විෂයම තමන්ගේ නිත්‍ය ග්‍රාහකත්වය ප්‍රකාශ කරයි. පංචස්කන්ධයේ අනිත්‍යත්වය ද දුක්ඛතාව ද මනාව දක්නා ලද්දේ ආත්ම සංඥාව සුඛ සංඥාව අනාවකාශ යැයි අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා අසමනුපස්සන ලක්ඛණා අත්තසඤ්ඤා යි කියන ලදි. යමක් අනිත්‍ය ද එය දුකය. යමක් දුක්ඛ ද එය අනාත්මයැයි කියන ලදි.
යෙභුය්යෙන අත්තාභිනිවෙසො අරූපධම්මෙසූති ආහ – “තස්සා නාමකායො පදට්ඨාන”න්ති. සබ්බං නෙය්යන්ති චත්තාරි සච්චානි චතුසච්චවිනිමුත්තස්ස ඤෙය්යස්ස අභාවතො. චිත්තවික්ඛෙපපටිසංහරණං උද්ධච්චවික්ඛම්භනං. අසුභාති අසුභානුපස්සනා, පටිභාගනිමිත්තභූතා අසුභා එව වා, තණ්හාපටිපක්ඛත්තා සමථස්ස අසුභා පදට්ඨානන්ති වුත්තං. අභිජ්ඣාය තනුකරණතො අදින්නාදානාවෙරමණී අලොභස්ස පදට්ඨානන්ති වුත්තා. තථා බ්යාපාදස්ස තනුකරණතො පාණාතිපාතාවෙරමණී අදොසස්ස පදට්ඨානන්ති වුත්තා. වත්ථුඅවිප්පටිපත්ති විසයසභාවපටිවෙධො, සම්මාපටිපත්ති සීලසමාධිසම්පදානං නිබ්බිදාඤාණෙන අනභිරතිඤාණමෙව වා තථා පවත්තං. සබ්බාපි වෙදනා දුක්ඛදුක්ඛතාදිභාවතො දුක්ඛන්ති කත්වා වුත්තං – “දුක්ඛසඤ්ඤාය වෙදනා පදට්ඨාන”න්ති. ධම්මසඤ්ඤාති ධම්මමත්තන්ති සඤ්ඤා.
බොහෝ සෙයින් අරූප ධර්මයන්හි ආත්මාභිනිවේෂය වේයැයි තස්සා නාමකායො පදට්ඨානං යයි කියන ලදි. සබ්බං ඤෙය්යං යනු චතුරාර්ය සත්‍යයි. චතු සත්‍යයෙන් මිදුණු ඥෙය ධර්මයක් නොවන බැවිනි. චිත්ත වික්ඛෙපපටිසංහරණං යනු උද්ධච්චය යටපත් කිරීමයි. අසුභා යනු අසුභානුපස්සනාවයි. පටිභාග නිමිත්ත වූ අසුභයම හෝ ය. තෘෂ්ණාවට ප්රතිපක්ෂ බැවින් සමථයට අසුභය ආසන්න කාරණය යැයි කියන ලදි. අභිධ්‍යාව තුනීකරන බැවින් නුදුන් දෙය ගැනීමෙන් වැළකීම අලෝභයේ ආසන්න කරුණ යැයි කියන ලදි. එසේම ව්‍යාපාදය තුනීකරන බැවින් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම අදෝෂයේ ආසන්න කරුණ යැයි කියන ලදි. වස්තු පිළිබඳ නිවැරදි පිළිපැදීම් විෂය ස්වභාවය වැළැක්වීමයි. සම්‍යක් ප්‍රතිපත්තිය වූ සීල සමාධි සම්පදාවන්ගේ නිබ්බිදා ඤාණයෙන් අනභිරති ඤාණයම හෝ එසේ පැවති අනෙකකි. සියලු වේදනා දුක්ඛ දුක්ඛතා ආදී වශයෙන් දුක යැයි තීරණය කොට දුක්ඛ සඤ්ඤාය වෙදනා පදට්ඨානං යැයි කියන ලදි. ධම්ම සඤ්ඤා යනු ධර්ම මාත්‍රය කියන සංඥාවයි.
සත්තානං කායෙ අවීතරාගතා පඤ්චන්නං අජ්ඣත්තිකායතනානං වසෙන හොතීති ආහ – “පඤ්චින්ද්රියානි රූපීනි රූපරාගස්ස පදට්ඨාන”න්ති. කායො හි ඉධ රූපන්ති අධිප්පෙතො. විසෙසතො ඣානනිස්සයභූතෙ මනායතනෙ ච නිකන්ති හොතීති ආහ – “ඡට්ඨායතනං භවරාගස්ස පදට්ඨාන”න්ති. එදිසං මා රූපං නිබ්බත්තතු, මා එදිසී වෙදනාති එවං පවත්තා රූපාදිඅභිනන්දනා නිබ්බත්තභවානුපස්සිතා. ඤාණදස්සනස්සාති කම්මස්සකතඤ්ඤාණදස්සනස්ස. යොනිසොමනසිකාරවතො හි පුබ්බෙනිවාසානුස්සති කම්මස්සකතඤ්ඤාණස්ස කාරණං හොති, න අයොනිසො උම්මුජ්ජන්තස්ස. ඉමස්ස ච අත්ථස්ස විභාවනත්ථං මහානාරදකස්සපජාතකං (ජා· 2.22.1153 ආදයො), බ්රහ්මජාලෙ (දී· නි· 1.38 ආදයො) එකච්චසස්සතවාදො ච උදාහරිතබ්බො. “ඔකප්පනලක්ඛණා”තිආදිනා සද්ධාපසාදානං විසෙසං දස්සෙති. සො පන සද්ධායයෙව අවත්ථාවිසෙසො දට්ඨබ්බො. තත්ථ ඔකප්පනං සද්දහනවසෙන ආරම්මණස්ස ඔගාහණං නිච්ඡයො. අනාවිලතා අස්සද්ධියාපගමෙන චිත්තස්ස අකාලුස්සියතා. අභිපත්ථියනා සද්දහනමෙව. අවෙච්චපසාදො පඤ්ඤාසහිතො ආයතනගතො අභිප්පසාදො. අපිලාපනං අසම්මොසො නිමුජ්ජිත්වා විය ආරම්මණස්ස ඔගාහණං වා, එත්ථ ච සද්ධාදීනං පසාදසද්ධාසම්මප්පධානසතිපට්ඨානඣානඞ්ගානි යථාක්කමං පදට්ඨානන්ති වදන්තෙන අවත්ථාවිසෙසවසෙන පදට්ඨානභාවො වුත්තොති දට්ඨබ්බං. සතිසමාධීනං වා කායාදයො සතිපට්ඨානාති. විතක්කාදයො ච ඣානානීති පදට්ඨානභාවෙන වුත්තා.
සත්ත්වයන්ගේ ශරීරයේ අවීතරාගීත්වය පංච අජ්ඣත්තික ආයතනයන්ගේ වශයෙන් වේ යැයි පංචින්ද්රියානි රූපානි රූපීනි රූපරාගස්ස පදට්ඨානං යි කියන ලදි. මෙහි කය ම රූපය යැයි අදහස් කරන ලදි. විශේෂයෙන් ධ්‍යානවලට නිශ්‍රය වූ මනායතනයෝ ද තෘෂ්ණාව වේ යැයි ඡට්ඨායතනං භවරාගස්ස පදට්ඨානං යි කියන ලදි. මෙවැනි රූපයක් ඇති නොවේවා. මෙවැනි වේදනාවක් ඇති නොවේවා යනුවෙන් පැවති රූපාදි අභිනන්දනය නිබ්බත්ති භවය දක්නා සුලුය. ඤාණදස්සනස්ස යනු කම්මස්සකතා ඤාණ දර්ශනය පිණිසය. යෝනිසෝ මනසිකාරය ඇති පුද්ගලයාගේ පුබ්බේනිවාසානුස්සතියම කම්මස්සකතා ඤාණයට හේතුවෙයි. අයෝනිසෝ මනසිකාරය ඇති ගිලෙන්නාගේ නොවේ. මේ අර්ථය පැහැදිලි කිරීමට මහා නාරද කාශ්‍යප ජාතකය ද බ්‍රහ්මජාල සූත්‍රයේ එකසිය එකක් වූ වාද ද ගෙනහැර දැක්විය යුතුය. ඔකප්පන ලක්ඛණා යනාදියෙන් ශ්රද්ධාප්රසාද විශේෂය දක්වයි. ශ්‍රද්ධාවෙන් ම වූ ඒ අවස්ථා විශේෂය දතයුතුය. එහි ඔකප්පනං යනු ඇදහීම් වශයෙන් අරමුණට බැසගැනීම් නිශ්චයයි. අනාවිලතා (යනු) අශ්රද්ධාව පහවීමෙන් සිතේ නිකැලැල් බවයි. අභිපත්තියනා යනු ඇදහීමය. අවෙච්චප්පසාදො යනු ප්‍රඥා සහිත ආයතන ගත මනා ප්රසාදයයි. අපිලාපනං යනු නොමුළාවයි. කිමිදී අරමුණෙහි බැසගැනීමයි. මෙහිදී ශ්‍රද්ධාදීන්ගේ ප්‍රසාද සද්ධා සම්‍යක් ප්‍රධන් සතිපට්ඨාන ඣාන අංගයන්ය. පිළිවෙලින් ආසන්න කරුණු යැයි කියන්නහු විසින් අවස්ථා විශේෂ වශයෙන් පදට්ඨාන භාවය කියන ලදැයි දතයුතුය. සති සමාධීන්ට කායාදිය සතිපට්ඨාන වේ. විතර්කාදීහු ද ආසන්න කාරණා වශයෙන් ධ්‍යාන වේයයි කියන ලදි.
අස්සාදමනසිකාරො සංයොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිතා. පුනබ්භවවිරොහණාති පුනබ්භවාය විරොහණා, පුනබ්භවනිබ්බත්තනාරහතා විපාකධම්මතාති අත්ථො. ඔපපච්චයිකනිබ්බත්තිලක්ඛණන්ති උපපත්තිභවභාවෙන නිබ්බත්තනසභාවං. නාමකායරූපකායසඞ්ඝාතලක්ඛණන්ති අරූපරූපකායානං සමූහියභාවං. ඉන්ද්රියවවත්ථානන්ති චක්ඛාදීනං ඡන්නං ඉන්ද්රියානං වවත්ථිතභාවො. ඔපපච්චයිකන්ති උපපත්තික්ඛන්ධනිබ්බත්තකං. උපධීති අත්තභාවො. අත්තනො පියස්ස මරණං චින්තෙන්තස්ස බාලස්ස යෙභුය්යෙන සොකො උප්පජ්ජතීති මරණං සොකස්ස පදට්ඨානන්ති වුත්තං. උස්සුක්කං චෙතසො සන්තාපො. ඔදහනන්ති අවදහනං. අත්තනො නිස්සයස්ස සන්තපනමෙව භවස්සාති වුත්තං භවං දස්සෙතුං “ඉමානී”තිආදි වුත්තං. තත්ථ භවස්ස අඞ්ගානි භවසඞ්ඛාතානි ච අඞ්ගානි භවඞ්ගානි. තෙසු කිලෙසා භවස්ස අඞ්ගානි. කම්මවිපාකවට්ටං භවසඞ්ඛාතානි අඞ්ගානි. සමග්ගානීති සබ්බානි. ඛන්ධායතනාදීනං අපරාපරුප්පත්තිසංසරණං සංසාරො. තස්ස පුරිමපුරිමජාතිනිප්ඵන්නං කිලෙසාදිවට්ටං කාරණන්ති ආහ – “භවො සංසාරස්ස පදට්ඨාන”න්ති. සම්පාපකහෙතුභාවං සන්ධාය “මග්ගො නිරොධස්ස පදට්ඨාන”න්ති වුත්තං.
අස්සාද මනසිකාරො යනු සංයෝජන ධර්මවල ආශ්වාදය දැකීමයි. පුනබ්භව විරොහණං යනු පුනර්භවයට පත්වීමයි. දෙවන භවයේ ඉපදීමට සුදුසු වූ විපාක ධර්ම ස්වභාවය යන අර්ථයයි. ඔපපච්චයික නිබ්බත්ති ලක්ඛණං යනු උත්පත්ති භවය වශයෙන් උපදනා ස්වභාවයයි. නාමකාය රූප කාය සංඝාත ලක්ඛණං යනු රූප අරූප කායී සත්ත්වයන්ගේ ඒකරාශිත්වයයි. ඉන්ද්රිය වවත්‍ථානං යනු චක්ෂු ආදී ඉන්ද්රිය සයෙහි නියම කළ ස්වභාවයයි. ඔපපච්චයිකං යනු නිපන්නා වූ ස්කන්ධයන් පහළ කරන යනුයි. උපධි යනු ආත්මභාවයයි. මොහුගේ මරණය තමාගේ මෙන් සිතන බාලයාට බොහෝ සෙයින් ශෝකය ඇතිවේ යැයි මරණ ශෝකයේ ආසන්න කරුණ යැයි කියන ලදි. උස්සුක්කං යනු සිත්තැවුලයි. ඔදහනං යනු අලුකිරීමයි. තමාගේ ආශ්‍රයේ තැවීමමය. භවස්සා යැයි කියන ලද භවය දක්වන්නට ඉමානි යන ආදිය කියන ලදි. එහි භවයේ අංග වූයේ ද භව සංඛ්‍යාත අංග වූයේ ද භවංගයෝය. ඒවායින් ක්ලේශයෝ භවයේ අංගයෝ වෙත්. කර්ම විපාක ප්‍රවෘත්තිය භව සංඛ්‍යාත අංගයෝය. සමග්ගානී යනු සියල්ලයි. ඛන්ධ ආයතන ආදියේ අන්‍ය අන්‍ය උත්පත්තීන්හි සැරිසැරීම සංසාරයයි. පළමු පළමු ජාතියේ ඉපැත්ම වූ කෙලෙස් පැවැත්ම එහි හේතුව යැයි භවො සංසාරස්ස පදට්ඨානං යි කියන ලදි. පමුණුවන හේතුභාවය සඳහා මග්ගො නිරොධස්ස පදට්ඨානං යැයි කියන ලදි.
කම්මට්ඨානොගාහකස්ස ඔතරණට්ඨානතාය බහුස්සුතො තිත්ථං නාම, තස්ස සම්මාපයිරුපාසනා තිත්ථඤ්ඤුතා. ධම්මූපසඤ්හිතං පාමොජ්ජං පීතං නාම, සප්පායධම්මස්සවනෙන තං උප්පාදෙත්වා කම්මට්ඨානස්ස බ්රූහනා පීතඤ්ඤුතා, භාවනාය ථොකම්පි ලයාපත්තියා උද්ධංපත්තියා ච ජානනා පත්තඤ්ඤුතා. අත්තනො පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතස්ස ජානනා අත්තඤ්ඤුතා, තෙසු පුරිමානං පුරිමානං පච්ඡිමස්ස පච්ඡිමස්ස පදට්ඨානභාවො සුවිඤ්ඤෙය්යො එව. කතපුඤ්ඤස්සෙව පතිරූපදෙසවාසො සම්භවති , න ඉතරස්සාති “පුබ්බෙකතපුඤ්ඤතා පතිරූපදෙසවාසස්ස පදට්ඨාන”න්ති වුත්තං. යථාභූතඤාණදස්සනං සහ අධිට්ඨානෙන තරුණවිපස්සනා. නිබ්බිදාති බලවවිපස්සනා. විරාගොති මග්ගො. විමුත්තීති ඵලං. එවන්ති යදිදං “තස්සා විපල්ලාසා පදට්ඨාන”න්තිආදිනා අවිජ්ජාදීනං පදට්ඨානං දස්සිතං, ඉමිනා නයෙන අථාපි යො කොචි උපනිස්සයො බලවපච්චයොති යො කොචි අවසෙසපච්චයො, සබ්බො සො පදට්ඨානං කාරණන්ති වෙදිතබ්බං. “එවං යා කාචි උපනිසා යොගතො ච පච්චයතො චා”තිපි පඨන්ති. තත්ථ උපනිසාති කාරණං, යොගතොති යුත්තිතො, පච්චයතොති පච්චයභාවමත්තතොති අත්ථො වෙදිතබ්බො. යං පනෙත්ථ අත්ථතො න විභත්තං, තං සුවිඤ්ඤෙය්යමෙව.
කර්මස්ථානයට බැසගන්නාට එතෙර වීමට හැකි බැවින් බහුශ්‍රැත බව තීර්ථය නම් වේ. එය මනාව ඇසුරු කිරීම තිත්ථඤ්ඤුතාවයි. ධර්මය හා සබැඳි ප්‍රමෝදය පීති නමි. සැක ඇත්තා වූ ධර්මශ්‍රවණයෙන් එය උපදවා කර්මස්ථානයේ වර්ධනය කිරීම පීතඤ්ඤුතාවයි. භාවනාවේ ස්වල්ප වූ ද ලයාපත්තිය ද (අසුරු සැනක් ගසන කාලය තුළ වන වැරැද්ද) උද්ධංපත්තිය ද (ප්‍රධාන වැරැද්ද ද) දැනීම පත්තඤ්ඤුතාවයි. තමාගේ පංච ප්රධානියංග දැනීම අත්තඤ්ඤුතාවයි. ඒවායින් පළමු පළමු කරුණු අවසන් අවසන් කරුණුවලට ආසන්න කරුණු බැව් මනාව දත යුතුමය. කරන ලද පින් ඇත්තාටම සුදුසු ප්‍රදේශයක විසීම හමුවේ අනෙකාට නොවේ යයි (දක්වන්නට) පුබ්බෙකතපුඤ්ඤතා පතිරූප දෙසවාසස්ස පදට්ඨානං යි කියන ලදි. යථාභූත ඤාණදස්සනං යනු අධිෂ්ඨානය සමග වූ තරුණ විදර්ශනාවයි. නිබ්බිදා යනු බලවත් විදර්ශනාවයි. විරාගො යනු මාර්ගයයි. විමුත්ති යනු ඵලයයි. එවං යනු ඒ කුමක් ද යනුයි. තස්සා විපල්ලාසා පදට්ඨානං යනාදියෙන් අවිද්‍යා ආදියේ ආසන්න කාරණය මේ ක්‍රමයෙන් දක්වන ලදි. එසේ වුවත් යො කොචි උපනිස්සයො බලවපච්චයො යනු යම්කිසි ඉතිරි හේතුවකි. ඒ සියල්ල ආසන්න කාරණයයි දතයුතුය. එවං යා කාචි උපනිසා යොගතො ච පච්චයතො ච යනුවෙන් ද කියවත්. එහි උපනිසා යනු හේතුවයි. යොගෙන යනු යුක්ති වශයෙනි. පච්චයතො යනු හේතුභාව මාත්‍රයකි යන අර්ථය යැයි දතයුතුය. මෙහි යමක් අර්ථ වශයෙන් නොබෙදන ලද ද එය මනාව දත යුතුමය.
පදට්ඨානහාරවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
පදට්ඨාන හාර විභංග වර්ණනාව නිමි.