යෙදුමෙන් කියවන්න

යුත‍්තිහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

යුත‍්තිහාරවිභඞ‍්ගවණ‍්ණනා

යුත්ති හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො යුත‍්තිහාරොතිආදි යුත‍්තිහාරවිභඞ‍්ගො. තත්‍ථ කිං යොජයතීති යුත‍්තිහාරස‍්ස විසයං පුච‍්ඡති. කො පනෙතස‍්ස විසයො? අතථාකාරෙන ගය‍්හමානා සුත‍්තත්‍ථා විසයො, තෙ හි තෙන සාතිසයං යාථාවතො යුත‍්තිනිද‍්ධාරණෙන යොජෙතබ‍්බා. ඉතරෙසුපි අයං හාරො ඉච‍්ඡිතො එව. තං පන භූතකථනමත‍්තං හොති. යස‍්මා පනායං යුත‍්තිගවෙසනා නාම න මහාපදෙසෙන විනා, තස‍්මා යුත‍්තිහාරං විභජන‍්තො තස‍්ස ලක‍්ඛණං තාව උපදිසිතුං “චත‍්තාරො මහාපදෙසා”තිආදිමාහ.

තත්‍ථ කතමො යුත්තිහාරො යනාදිය යුත්තිහාර විභංගයයි. එහි කිං යොජෙති යි යුත්තිහාරයේ විෂය විමසයි. මෙහි විෂයය කවරේ ද? අසත්‍යාකාරයෙන් ගනු ලබන සූත්‍රාර්ථ විෂයයි. එහෙයින් ඒවා සාතිශයව සුදුසු පරිදි යුත්ති නිර්ධාරණය සමග යෙදිය යුතුය. ඉතිරි ඒවායේ ද මේ හාරය කැමතිවන ලද්දේමය. එය සත්‍යය ප්‍රකාශ කරන තාක් වේ. යම්හෙයකින් මේ යුක්ති ගවේෂණය මහාපදෙස නොමැතිව නොවන බැවින් යුත්ති හාරය බෙදා දක්වමින් එහි ලක්‍ෂණ පළමුව උදෙසන්නට චත්තාරො මහාපදෙසා යනාදිය කියන ලදි.

තත්‍ථ මහාපදෙසාති මහාඅපදෙසා, බුද‍්ධාදයො මහන‍්තෙ අපදිසිත්‍වා වුත‍්තානි මහාකාරණානීති අත්‍ථො. අථ වා මහාපදෙසාති මහාඔකාසා, මහන‍්තානි ධම‍්මස‍්ස පතිට‍්ඨානානීති වුත‍්තං හොති. තත්‍රායං වචනත්‍ථො – අපදිස‍්සතීති අපදෙසො, බුද‍්ධො අපදෙසො එතස‍්සාති බුද‍්ධාපදෙසො. එස නයො සෙසෙසුපි. “සම‍්මුඛා මෙතං භගවතො සුත”න‍්තිආදිනා කෙනචි ආභතස‍්ස ගන්‍ථස‍්ස ධම‍්මොති වා අධම‍්මොති වා විනිච‍්ඡයනෙ කාරණං. කිං පන තන‍්ති? තස‍්ස තථා ආභතස‍්ස සුත‍්තොතරණාදි එව. යදි එවං කථං චත‍්තාරොති? අපදිසිතප‍්පභෙදතො. ධම‍්මස‍්ස හි ද‍්වෙ සම‍්පදායො භගවා සාවකා ච. තෙසු සාවකා සඞ‍්ඝගණපුග‍්ගලවසෙන තිවිධා. “එවමමුම‍්හා මයායං ධම‍්මො පටිග‍්ගහිතො”ති අපදිසිතබ‍්බානං භෙදෙන චත‍්තාරො. තෙනාහ – “බුද‍්ධාපදෙසො…පෙ… එකත්‍ථෙරාපදෙසො”ති. තානි පදබ්‍යඤ‍්ජනානීති කෙනචි ආභතසුත‍්තස‍්ස පදානි බ්‍යඤ‍්ජනානි ච, අත්‍ථපදානි චෙව බ්‍යඤ‍්ජනපදානි චාති අත්‍ථො. සංවණ‍්ණකෙන වා සංවණ‍්ණනාවසෙන ආහරියමානානි පදබ්‍යඤ‍්ජනානි. සුත‍්තෙ ඔතාරයිතබ‍්බානීති සුත‍්තෙ අනුප‍්පවෙසිතබ‍්බානි. සන්‍දස‍්සයිතබ‍්බානීති සංසන්‍දෙතබ‍්බානි. උපනික‍්ඛිපිතබ‍්බානීති පක‍්ඛිපිතබ‍්බානි.

එහි මහාපදෙසා යනු මහා අපදෙසයෝය. බුද්ධාදී පුද්ගලයෝ උසස් දේ බලා කියන ලද දේය. මහා කාරණා යන අර්ථයයි. එසේ නැතහොත් මහාපදෙසා යනු මහත් වූ අවකාශයෝය. ධර්මය පිළිබඳ මහා පිහිට යැයි කියන ලද්දේ වෙයි. මේ එහි වචනාර්ථයයි. බලනු ලැබේනුයි අපදෙසා නම් වේ. බුද්ධ අපදෙසය මෙහි වේ යන අර්ථයෙන් බුද්ධාපදෙස නම් වේ. සෙසු ඒවායේ ද මේ ක්‍රමය වේ. මා විසින් මෙය භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් අසන ලදි. යනාදියෙන් කිසිවකු විසින් අර්ථ දක්වනු ලැබේ. පමුණුවන ලද ග්‍රන්ථයේ ධර්මය හෝ අධර්මය හෝ කියා විනිශ්චය කිරීමයි. ඒ කුමක්ද? එසේ ඒ පමුණුවන ලද ග්‍රන්ථයේ සූත්‍රය තරණාදියමය. ඉදින් මෙසේ නම් සතරක් වන්නේ කෙසේ ද? බැලිය යුතු භේදයෙනි. භාග්‍යවතුන් වහන්සේ හා ශ්‍රාවකයෝ යැයි ධර්මය පිළිබඳ සම්ප්‍රදාය දෙකකි. එයින් ශ්‍රාවකයෝ සංඝ ගණ පුග්ගල වශයෙන් ත්‍රිවිධය. මෙසේ මා විසින් මෙයින් මේ ධර්මය පිළිගන්නා ලද්දේ යැයි බැලිය යුතු භේදයෙන් සතරකි. එහෙයින් බුද්ධාපදෙසො -පෙ- එකත්‍ථෙරාපදෙසො යි කියන ලදි. තානි පදබ්‍යඤ්ජනානි යනු පමුණුවන ලද කිසි සූත්‍රයක පද ද ව්‍යඤ්ජනයෝ ය. අර්ථපද හා බ්‍යඤ්ජන පද යන අර්ථයයි. වර්ණනා කරන්නා විසින් හෝ සංවර්ණනා වශයෙන් හෝ ගනු ලබන පද බ්‍යඤ්ජනයෝ ය. සුත්තෙ ඔතාරෙතබ්බානි යනු සූත්‍රයෙහි ප්‍රවේශ කළ යුතු යනුයි. සන්‍දස්සයිතබ්බානි යනු සැසඳිය යුතු යනුයි. උපනික්ඛිපිතබ්බානි යනු බහාලිය යුතු යනුයි.

සුත‍්තාදීනි දස‍්සෙතුං “කතමස‍්මි”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ යස‍්මා භගවතො වචනං එකගාථාමත‍්තම‍්පි සච‍්චවිනිමුත‍්තං නත්‍ථි, තස‍්මා සුත‍්තෙති පදස‍්ස අත්‍ථං දස‍්සෙතුං “චතූසු අරියසච‍්චෙසූ”ති වුත‍්තං. අට‍්ඨකථායං පන තීණි පිටකානි සුත‍්තන‍්ති වුත‍්තං, තං ඉමිනා නෙත‍්තිවචනෙන අඤ‍්ඤදත්‍ථු සංසන්‍දති චෙව සමෙති චාති දට‍්ඨබ‍්බං. යාවදෙව අනුපාදාපරිනිබ‍්බානත්‍ථා භගවතො දෙසනා, සා එකන‍්තෙන රාගාදිකිලෙසවූපසමං වදතීති විනයෙතිපදස‍්ස අත්‍ථං දස‍්සෙන‍්තො “රාගවිනයෙ”තිආදිමාහ. විනයොති හි කාරණං රාගාදිවූපසමනිමිත‍්තං ඉධාධිප‍්පෙතං. යථාහ –

සූත්‍රාදිය දක්වන්නට කතමස්මිං යනාදිය කියන ලදි. එහි යම්හෙයකින් සත්‍යයෙන් තොර වූ භාග්‍යවතුන් වහන්සේගේ එක් වචන මාත්‍රයක් හෝ නැත. එහෙයින් සුත්තෙ යන පදයේ අර්ථය දක්වන්නට චතුසු අරියසච්චෙසු යි කියන ලදි. එය මේ නෙත්ති වචනය සමග ඒකාන්තයෙන් සැසඳෙයි. එසේම සම වෙයි යැයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව උපාදාන රහිතව පිරිනිවීම පිණිසය. එය ඒකාන්තයෙන් රාගාදි කෙලෙස් සන්සිඳුවීම කියානුයි. විනයෙ යන පදයේ අර්ථය දක්වමින් රාග විනයෙ යනාදිය කියන ලදි. විනයො යනු හේතුවයි. රාගාදිය සන්සිඳුවන නිමිත්ත මෙහිදී අදහස් කරන ලදි. උදාහරණ මෙසේ කියන ලදි.

“යෙ ඛො ත්‍වං, ගොතමි, ධම‍්මෙ ජානෙය්‍යාසි, ඉමෙ ධම‍්මා සරාගාය සංවත‍්තන‍්ති නො විරාගාය, සඤ‍්ඤොගාය සංවත‍්තන‍්ති නො විසඤ‍්ඤොගාය, ආචයාය සංවත‍්තන‍්ති නො අපචයාය, මහිච‍්ඡතාය සංවත‍්තන‍්ති නො අප‍්පිච‍්ඡතාය, අසන‍්තුට‍්ඨියා සංවත‍්තන‍්ති නො සන‍්තුට‍්ඨියා, සඞ‍්ගණිකාය සංවත‍්තන‍්ති නො පවිවෙකාය, කොසජ‍්ජාය සංවත‍්තන‍්ති නො වීරියාරම‍්භාය, දුබ‍්භරතාය සංවත‍්තන‍්ති නො සුභරතාය, එකංසෙන ගොතමි ධාරෙය්‍යාසි ‘නෙසො ධම‍්මො, නෙසො විනයො, නෙතං සත්‍ථුසාසන’න‍්ති. යෙ ච ඛො ත්‍වං, ගොතමි, ධම‍්මෙ ජානෙය්‍යාසි ඉමෙ ධම‍්මා විරාගාය සංවත‍්තන‍්ති නො සරාගාය, විසඤ‍්ඤොගාය සංවත‍්තන‍්ති නො සඤ‍්ඤොගාය, අපචයාය සංවත‍්තන‍්ති නො ආචයාය, අප‍්පිච‍්ඡතාය සංවත‍්තන‍්ති නො මහිච‍්ඡතාය, සන‍්තුට‍්ඨියා සංවත‍්තන‍්ති නො අසන‍්තුට‍්ඨියා පවිවෙකාය සංවත‍්තන‍්ති නො සඞ‍්ගණිකාය, වීරියාරම‍්භාය සංවත‍්තන‍්ති නො කොසජ‍්ජාය, සුභරතාය සංවත‍්තන‍්ති නො දුබ‍්භරතාය, එකංසෙන ගොතමි ධාරෙය්‍යාසි ‘එසො ධම‍්මො, එසො විනයො, එතං සත්‍ථුසාසන’”න‍්ති (චූළව· 406).

“ගෝතමිය, නුඹ මේ ධර්මය රාග සහිත බව පිණිස පවතියි. රාගයෙන් දුරුවීම පිණිස නොපවතියි. සසර හා බැඳීම පිණිස පවතියි. සසරින් වෙන්වීම පිණිස නොපවතියි. කෙලෙස් රැස්වීම පිණිස පවතියි. කෙලෙස් දුරුකිරීම පිණිස නොපවතියි. මහත් ආශා ඇති බව පිණිස පවතියි. මහත් ආශා නැති බව පිණිස නොපවතියි. ලද පමණින් සතුටු නොවීම පිණිස පවතියි. ලද පමණින් සතුටුවීම පිණිස නොපවතියි. ගණයා කෙරෙහි ඇලී විසීම පිණිස පවතියි. ගණයා කෙරෙන් වෙන්ව විසීම පිණිස නොපවතියි. කුසීත බව පිණිස පවතියි. වීර්යාරම්භය පිණිස නොපවතියි. දුකසේ පෝෂණය කළ යුතු බව පිණිස පවතියි. සුවසේ පෝෂණය කළයුතු බව පිණිස නොපවතියි යැයි දැනගත්තෙහි ද එසේ වූ මේ දෙය ධර්මය නොවේ. එය විනය නොවේ. එය ශාස්තෲ ශාසනය නොවේ යැයි සැලකිය යුතුය.” “ගෝතමිය, මේ ධර්මය විරාගය පිණිස පවතියි. සරාගය පිණිස නොපවතියි. මේ ධර්මය විසංයෝගය පිණිස පවතියි. සසර බැඳීම පිණිස හෙවත් සංයෝගය පිණිස නොපවතියි. කෙලෙස් රැස්කිරීම පිණිස නොපවතියි. කෙලෙස් දුරලීම පිණිස පවතියි. අල්පේච්ඡ බව පිණිස පවතියි. මහිච්ඡ බව පිණිස නො පවතියි. ලද දෙයින් සතුටුවීම පිණිස පවතියි. ලද දෙයින් සතුටු නොවීම පිණිස නොපවතියි. ගණයා කෙරෙහි ඇලී ගැලී විසීම පිණිස නොපවතියි. ගණයා කෙරෙන් වෙන්ව දුරස්ව විසීම පිණිස හේතුවෙයි. කුසීත බව පිණිස නො පවතියි. වීර්යාරම්භය පිණිස පවතියි. දුකසේ පෝෂණය කළ යුතු බවට නොපවතියි. සුවසේ පෝෂණය කළයුතු බවට පවතියි යැයි යම් ධර්මයක් දැනගත්තෙහි ද ගෝතමිය එය ධර්මය වේ. එය විනාශ වේ. එය ශාස්තෲ ශාසනය වේ. මෙසේ නුඹ සැලකිය යුතුයි.”

ධම‍්මතායන‍්තිපදස‍්ස අත්‍ථං දස‍්සෙතුං “පටිච‍්චසමුප‍්පාදෙ”ති වුත‍්තං. පටිච‍්චසමුප‍්පාදො හි ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතාති (අ· නි· 3.137) වුත‍්තො. “ධම‍්මතායං උපනික‍්ඛිපිතබ‍්බානී”ති ඉදං පාළියං නත්‍ථි, අත්‍ථදස‍්සනවසෙන පන ඉධ වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං. එත්‍ථ ච පවත‍්තිං නිවත‍්තිං තදුපායඤ‍්ච බාධකාදිභාවෙ නියතං පරිදීපෙන‍්තො සුත‍්තෙ ඔතරති නාම. එකන‍්තෙන රාගාදිකිලෙසවිනයං වදන‍්තො විනයෙ සන්‍දිස‍්සති නාම. තථා සස‍්සතං උච‍්ඡෙදඤ‍්ච වජ‍්ජෙත්‍වා එකත‍්තනයාදිපරිදීපනෙන සභාවධම‍්මානං පච‍්චයපච‍්චයුප‍්පන‍්නභාවං විභාවෙන‍්තො ධම‍්මතං න විලොමෙති නාම.

ධම්මතායං යන පදයේ අර්ථය දක්වන්නට පටිච්චසමුප්පාදෙ යනුවෙන් කියන ලදි. පටිච්චසමුප්පාදය ඨිතාව සා ධාතු ධම්මට්ඨිත්තා ධම්ම නියාමතා යි කියන ලදි. ධම්මතායං උපනික්ඛිපිතබ්බානි යන මෙය පාළියේ නැත. අර්ථ දැක්වීම් වශයෙන් මෙහි කියන ලදැයි දතයුතුය. මෙහි ද ප්‍රවෘත්තිය නිවෘත්තිය හා එහි උපාය ද බාධා ඇති බැව්හි නියත ලෙස පෙන්නුම් කරනුයේ සූත්‍රයේ බහාලීම නම් වේ. ඒකාන්තයෙන් රාගාදි කෙලෙස් දුරුකිරීම ප්‍රකාශ කරමින් විනයෙහි සසඳයි. එසේ ශාස්වතය ද උච්ඡේදය ද දුරුකොට ඒකත්ත නය ආදිය දැක්වීමෙන් ස්වභාව ධර්මයන්ගේ ප්‍රත්‍ය හා ප්‍රත්‍යය උත්පන්න භාවය දක්වමින් ධර්මතාව විකෘති නොකරයි.

එවංවිධො ච කාමාසවාදිකං ආසවං න උප‍්පාදෙතීති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො “යදි චතූසු අරියසච‍්චෙසූ”තිආදිමාහ. නනු ච අනුලොමතො පටිච‍්චසමුප‍්පාදො පවත‍්ති, පටිලොමතො නිවත‍්තීති සො චත‍්තාරි අරියසච‍්චානි අනුපවිට‍්ඨො කස‍්මා ඉධ විසුං ගහිතොති? සච‍්චමෙතං. ඉධ පන විසුං ගහණං ධම‍්මානං පච‍්චයායත‍්තවුත‍්තිදස‍්සනෙන අනිච‍්චපච‍්චයලක‍්ඛණං අසමත්‍ථපච‍්චයලක‍්ඛණං නිරීහපච‍්චයලක‍්ඛණඤ‍්ච විභාවෙත්‍වා තෙසං උදයවන‍්තතා තතො එව වයවන‍්තතා තදුභයෙන අනිච‍්චතා උදයබ‍්බයපටිපීළනෙන දුක‍්ඛතා අනත‍්තතාති තිලක‍්ඛණසමායොගපරිදීපනී සබ‍්බදිට‍්ඨිගතකුමතිවිද‍්ධංසනී අනඤ‍්ඤසාධාරණා සාසනසම‍්පත‍්ති පකාසිතා හොතීති දස‍්සනත්‍ථං.

[missing trans] පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් පැවැත්ම ද පටිලෝම වශයෙන් නැවැත්ම ද නොවේ ද? ඔහු චතුරාර්ය සත්‍ය අනුව පිවිසුවන ලද්දේ කවර හෙයකින් මෙහිදී වෙන්ව ගන්නා ලද්දේ ද එය සත්‍යයකි. මෙහිදී වෙන්ව ගැනීම ධර්මයන්ගේ හේතුවට අයත් පැවැත්ම දැක්වීමෙන් අනිත්‍ය ප්‍රත්‍ය ලක්‍ෂණය අසමර්ථ ප්‍රත්‍ය ලක්‍ෂණය, නිරීහ ප්‍රත්‍ය ලක්‍ෂණය ද වර්ධනය කොට ඒවායේ හටගන්නා බව ද එයින්ම වැයවන බවද ඒ දෙකින් අනිත්‍යතාව ද උදය වය පෙළීමෙන් දුක්ඛත්වය ද අනාත්ම බව ද යන ත්‍රිලක්‍ෂණ එකතුව බබළවන සියලු දෘෂ්ටිගත වැරදි මත දුරුකරන්නේ ද වේ. අනන්‍ය සාධාරණ වූ සාසන සම්පත්තිය ප්‍රකාශ කරන ලද්දේ යැයි දක්වනු පිණිසය.

එත්‍ථ ච සුත‍්තං සුත‍්තානුලොමං ආචරියවාදො අත‍්තනොමතීති ඉදං චතුක‍්කං වෙදිතබ‍්බං – තත්‍ථ සුත‍්තං නාම තිස‍්සො සඞ‍්ගීතියො ආරුළ‍්හානි තීණි පිටකානි. සුත‍්තානුලොමං නාම මහාපදෙසා, යං “අනුලොමකප‍්පිය”න‍්ති වුච‍්චති. ආචරියවාදො නාම අට‍්ඨකථා. අත‍්තනොමති නාම නයග‍්ගාහෙන අනුබුද‍්ධියා අත‍්තනො පටිභානං. තත්‍ථ සුත‍්තං අප‍්පටිබාහියං, තං පටිබාහන‍්තෙන සත්‍ථාව පටිබාහිතො හොති. අනුලොමකප‍්පියං පන සුත‍්තෙන සමෙන‍්තමෙව ගහෙතබ‍්බං, න ඉතරං. ආචරියවාදොපි සුත‍්තෙන සමෙන‍්තො එව ගහෙතබ‍්බො, න ඉතරො. තථා අත‍්තනොමති, සා පන සබ‍්බදුබ‍්බලාති.

මෙහි ද සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනොමති යන මේ සතර දතයුතුය. එහි සුත්තං යනු ත්‍රිවිධ සංගීතියට නැංවුණු ත්‍රිපිටකයයි. සුත්තානුලොමය නම් මහාපදේසයෝය. ආචරියවාදය නම් අටුවාවන්ය. අත්තනොමතිය නම් නය ග්‍රහණය කිරීමෙන් බුද්ධියෙන් වූ ස්වකීය වැටහීමයි. එහි සූත්‍රය බැහැර කළ නොහැකිය. එය බැහැර කිරීමෙන් ශාස්තෲහුම බැහැර කළේ වෙයි. එකඟත්වය වනාහි සූත්‍රය හා එක්වම ගතයුතුය. අනෙකක් නොවේ. ආචාර්ය වාදය ද සූත්‍රය හා එක්කොටම ගතයුතුය. අනෙකක් නොවේ. අත්තනොමතිය ද එසේය. එය සියල්ලට වඩා දුර්ලභය.

ඉදානි යදත්‍ථං ඉධ චත‍්තාරො මහාපදෙසා ආභතා, තං දස‍්සෙතුං “චතූහි මහාපදෙසෙහී”තිආදි වුත‍්තං. තත්‍ථ යං යන‍්ති යං යං අත්‍ථජාතඤ‍්ච ධම‍්මජාතඤ‍්ච. යුජ‍්ජතීති යථාවුත‍්තෙහි චතූහි මහාපදෙසෙහි යුජ‍්ජති. යෙන යෙනාති යෙන යෙන කාරණෙන. යථා යථාති යෙන යෙන පකාරෙන. තං තං ගහෙතබ‍්බන‍්ති සංවණ‍්ණියමානෙ සුත‍්තෙ ආභතෙන කාරණෙන පසඞ‍්ගෙන පකාරෙන ච සුත‍්තතො උද‍්ධරිත්‍වා සංවණ‍්ණනාවසෙන ගහෙතබ‍්බන‍්ති අත්‍ථො. තෙන චතුමහාපදෙසාවිරුද‍්ධාය යුත‍්තියා සුත‍්තතො අත්‍ථෙ නිද‍්ධාරෙත්‍වා යුත‍්තිහාරයොජනා කාතබ‍්බාති දස‍්සෙති.

යම් ප්‍රයෝජනයක් පිණිස මෙහි සතර මහාපදෙස දක්වන ලද ද දැන් එය දක්වන්නට චතූහි මහාපදෙසෙහි යන ආදිය කියන ලදි. එහි යං යං යනු යම් යම් අර්ථයක් ධර්මයක් වේ ද එයයි. යෙන යෙන යනු යම් යම් කාරණයකිනි. එසේම යථා යනු යම් යම් ආකාරයකින් යනුයි. තං තං ගහෙතබ්බං යනු වර්ණනා කරන සූත්‍රයේ පමණුවන ලද කාරණයෙන් ද අහඹු ආකාරයෙන් ද සූත්‍රයෙන් උපුටා සංවර්ණනා වශයෙන් ගතයුතුය යන අර්ථයයි. එහෙයින් සතර මහාපදෙසවලට විරුද්ධ නොවූ යුක්තියකින් සූත්‍රයකින් අර්ථ වෙන්කොට යුත්තිහාරයෝජනය කළයුතුයැයි දක්වයි.

ඉදානි තං යුත‍්තිනිද‍්ධාරණං දස‍්සෙතුං “පඤ‍්හං පුච‍්ඡිතෙනා”තිආදි ආරද‍්ධං. තත්‍ථ කති පදානීති කිත‍්තකානි පදානි. පරියොගාහිතබ‍්බන‍්ති පදස‍්ස අත්‍ථං දස‍්සෙතුං “විචෙතබ‍්බ”න‍්ති වුත‍්තං. යත‍්තකානි පදානි යථාධිප‍්පෙතං අත්‍ථං අභිවදන‍්ති, තත‍්තකානි පදානි තදත්‍ථස‍්සෙකස‍්ස ඤාතුං ඉච‍්ඡිතත‍්තා “එකො පඤ‍්හො”ති වුච‍්චති, තානි පන එකගාථායං යදි වා සබ‍්බානි පදානි යාව යදි වා එකං පදං එකං අත්‍ථං අභිවදති, එකොයෙව සො පඤ‍්හොති ඉමමත්‍ථං දස‍්සෙති “යදි සබ‍්බානී”තිආදිනා. තන‍්ති තං පඤ‍්හං. අඤ‍්ඤාතබ‍්බන‍්ති ආජානිතබ‍්බං. කිං ඉමෙ ධම‍්මාතිආදි ආජානනාකාරදස‍්සනං. තත්‍ථ ධම‍්මාති පරියත‍්තිධම‍්මා. නානත්‍ථාති නානා අත්‍ථා.

දැන් යුක්ති නිර්ධාරණය දක්වන්නට පඤ්හං පුච්ඡිතෙන යනාදිය අරඹන ලදි. එහි කති පදානි යනු පද කෙතෙක් ද යනුයි. පරියොගාහිතබ්බං යන පදයේ අර්ථය දක්වන්නට විචෙතබ්බං යි කියන ලදි. යම් පමණ පද අදහස් කළ පරිදි අර්ථය ප්‍රකාශ කෙරෙත් ද එපමණ පද එහි එක් අර්ථයක අවබෝධයට කැමති වූ බැවිනි. එකො පඤ්හො යි කියනු ලැබේ. ඒවා එක් ගාථාවක සියලු පද හෝ නැතහොත් එක් පදයක් හෝ එක් අර්ථයක් ප්‍රකාශ කෙරේ ද (එය) එකම ප්‍රශ්නයකි යන මේ අර්ථය යදි සබ්බානි යනාදියෙන් දක්වයි. තං යනු ඒ ප්‍රශ්නයයි. අඤ්ඤාතබ්බං යනු දතයුතුය යනුයි. කිං ඉමෙ ධම්මා යනාදිය දන්නා ආකාරය දැක්වීමයි. එහි ධම්මා යනු පර්යාප්ති ධර්මයයි. නානත්‍ථා යනු නොයෙක් නොයෙක් අර්ථයන්ය.

පුච‍්ඡාගාථායං අයං පදත්‍ථො – කෙනස‍්සුබ‍්භාහතො ලොකොති අයං සත‍්තලොකො චොරො විය චොරඝාතකෙන කෙන අභිහතො වධීයතීති අත්‍ථො. කෙනස‍්සු පරිවාරිතොති මාලුවලතාය විය නිස‍්සිතරුක‍්ඛො කෙන ලොකො අජ‍්ඣොත්‍ථටො. කෙන සල‍්ලෙන ඔතිණ‍්ණොති කෙන විසපීතඛුරප‍්පෙන විය සරීරබ‍්භන‍්තරනිමුග‍්ගෙන සල‍්ලෙන අනුපවිට‍්ඨො. කිස‍්ස ධූපායිතොති කිස‍්ස කෙන කාරණෙන ධූපායිතො සන‍්තාපිතො ලොකො. සදාති පදං සබ‍්බත්‍ථ යොජෙතබ‍්බං. තෙති චත‍්තාරි පදානි. පඤ‍්හසද‍්දාපෙක‍්ඛාය පුල‍්ලිඞ‍්ගනිද‍්දෙසො. “විස‍්සජ‍්ජෙතී”ති එතෙන විස‍්සජ‍්ජනතො තයො පඤ‍්හාති ඤායතීති දස‍්සෙති.

විමර්ශන ගාථාවේ පදාර්ථය මෙයයි. කෙනස්සුබ්භාහතො ලොකො යනු මේ සත්ත්වලෝකය, සොරුන් නසන්නකු විසින් සොරකු නසන්නාක් මෙන් කවරකු විසින් නසන ලද්දේ ද යනුයි. වධ කරනු ලැබේ ද යන අර්ථයයි. කෙනස්සු පරිවාරිතො යනු ආශ්‍රිත වෘක්‍ෂය මාලුවා වැලකින් වෙලෙන්නාක් මෙන් කවරකු විසින් ලෝකය වසන ලද්දේ ද යනුයි. කෙන සල්ලෙන ඔතිණ්ණො යනු විෂ පොවන ලද දැළි පිහියකින් මෙන් ශරීරය තුළට බැසගත් කවර උලකින් අනුප්‍රවිෂ්ට වූයේ ද යනුයි. කිස්ස ධූපායිතො යනු ලෝකය තවන ලද්දේ ද යනුයි. සදා යන පදය සියලු තැන යෙදිය යුතුය. තෙ යනු පද සතරයි. පඤ්හ ශබ්දය අපේක්‍ෂාවෙන් පුල්ලිංග නිර්දේශය කරන ලදි. විස්සජ්ජෙති යන මෙයින් විසඳීම් හේතුවෙන් ත්‍රිවිධ ප්‍රශ්න හැඟේ යයි දක්වයි.

තත්‍ථාති විස‍්සජ‍්ජනගාථායං දුතියපාදෙ වුත‍්තා ජරා ච පඨමපාදෙ වුත‍්තං මරණඤ‍්චාති ඉමානි ද‍්වෙ සඞ‍්ඛතස‍්ස පඤ‍්චක‍්ඛන්‍ධස‍්ස “සඞ‍්ඛතො”ති ලක‍්ඛීයති එතෙහීති සඞ‍්ඛතලක‍්ඛණානි. වුත‍්තඤ‍්හෙතං භගවතා – “තීණිමානි, භික‍්ඛවෙ, සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානි. කතමානි තීණි? උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතී”ති (අ· නි· 3.47; කථා· 214). තෙන වුත‍්තං – “ජරායං ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං, මරණං වයො”ති. එත්‍ථ ච “ඨිතස‍්ස අඤ‍්ඤථත‍්ත”න‍්ති එතෙන ඛන්‍ධප‍්පබන්‍ධස‍්ස පුබ‍්බාපරවිසෙසො ඉධ ජරා, න ඛණට‍්ඨිතීති දස‍්සෙති. “මරණං වයො”ති ඉමිනා ච “තිස‍්සො මතො, ඵුස‍්සො මතො”ති එවං ලොකෙ වුත‍්තං සම‍්මුතිමරණං දස‍්සෙති, න ඛණිකමරණං, සමුච‍්ඡෙදමරණං වා.

තත්‍ථ යනු විසඳුම් ගාථාවෙහිය. පළමු පාදයෙහි කියන ලද ජරාව ද දෙවන පාදයේ කියන ලද මරණය ද යන මේ දෙකයි. සංඛතස්ස යනු පංචස්කන්ධයෝය. මේවායින් සලකුණු කරනු ලැබේනුයි සංඛත ලක්‍ෂණ නම් වේ. එය භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, සංඛත ධර්මයේ මේ සංඛත ලක්‍ෂණ තුනක් වේ. හටගැනීම ප්‍රකට වේ. විනාශය ප්‍රකට වේ. පවතින දෙයෙහි වෙනස්වීම ප්‍රකට වේ’ යැයි කියන ලදි. එහෙයින් ජරායං ඨිතස්ස අඤ්ඤතත්‍ථං මරණ වයො යි කියන ලදි. මෙහි ද ඨිතස්ස අඤ්ඤතත්‍ථං යන මෙයින් ස්කන්ධ සමූහයේ පූර්වාපර විශේෂය වූ ජරාව ක්‍ෂණයක් නො පවතීයැයි දක්වයි. මරණං වයො යන මෙයින් ද තිස්ස මැරුණේය. ඵුස්ස මැරුණේය වශයෙන් ලෝකයෙහි කියන ලද සම්මුති මරණය දක්වයි. ක්‍ෂණික මරණය හෝ සමුච්ඡේද මරණය නොවේ.

ඉදානි “තෙ තයො පඤ‍්හා”ති වුත‍්තමත්‍ථං යුත‍්තිවසෙන දස‍්සෙතුං “ජරාය චා”තිආදි වුත‍්තං. තත්‍ථ යෙභුය්‍යෙන ජිණ‍්ණස‍්ස මරණදස‍්සනතො ජරාමරණානං නානත‍්තං අසම‍්පටිච‍්ඡමානං පති තෙසං නානත‍්තදස‍්සනත්‍ථං “ගබ‍්භගතාපි හි මීයන‍්තී”ති වුත‍්තං. ඉදං වුත‍්තං හොති – යථාධිප‍්පෙතජරාවිරහිතස‍්ස මරණස‍්ස දස‍්සනතො අඤ‍්ඤා ජරා අඤ‍්ඤං මරණන‍්ති. තෙනෙවාහ – “න ච තෙ ජිණ‍්ණා භවන‍්තී”ති. කිඤ‍්ච භිය්‍යො? කෙවලස‍්ස මරණස‍්ස දිට‍්ඨත‍්තා අඤ‍්ඤාව ජරා අඤ‍්ඤං මරණං, යථා තං දෙවානන‍්ති ඉමමත්‍ථං දස‍්සෙති “අත්‍ථි ච දෙවාන”න‍්තිආදිනා. අනුත‍්තරිමනුස‍්සධම‍්මෙන ච තිකිච‍්ඡනෙන සක‍්කා ජරාය පටිකාරං කාතුං, න තථා මරණස‍්සාති එවම‍්පි ජරාමරණානං අත්‍ථතො නානත‍්තං සම‍්පටිච‍්ඡිතබ‍්බන‍්ති දස‍්සෙතුං “සක‍්කතෙවා”තිආදි වුත‍්තං. තත්‍ථ සක‍්කතෙති සක්‍යතෙ, සක‍්කාති අත්‍ථො. පටිකම‍්මන‍්ති පටිකරණං. නනු ච මරණස‍්සාපි පටිකාරං කාතුං සක‍්කා ඉද‍්ධිපාදභාවනාය වසිභාවෙ සතීති චොදනං මනසි කත්‍වා ආහ – “අඤ‍්ඤත්‍රෙව ඉද‍්ධිමන‍්තානං ඉද‍්ධිවිසයා”ති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

දැන් තෙ තයො පඤ්හා යි කියන ලද අර්ථය යුක්ති වශයෙන් දක්වන්නට ජරාය ච යනාදිය කියන ලදි. එහි බොහෝ සෙයින් දිරාගිය දෙයෙහි මරණය දැක්වීමෙන් ජරා මරණයන්ගේ නානත්‍වය පිළිනොගන්නා කෙරෙහි ඒවායේ නානත්වය දැක්වීම පිණිස ගබ්භගතාපි හි මීයන්ති යි කියන ලදි. අදහස් කරන ලද ජරාවෙන් තොර වූ මරණයක් දැක්වීමෙන් ජරාව අනෙකකි මරණය අනෙකක් යන මෙය කියන ලද්දේ වෙයි. එහෙයින්ම න ච තෙ ජිණ්ණා භවන්ති යි කියන ලදි. කවර භයක් ද? හුදු මරණය දක්නා ලද බැවින් ජරාව අනෙකකි. මරණය අනෙකකි. එය දෙවියන්ටත් එසේය යන මේ අර්ථය අත්‍ථි ච දෙවානං යනාදියෙන් දක්වයි. උතුරු මිනිස් දම් නොවන දෙයින් ද ප්‍රතිකාරයෙන් ද ජරාවට ප්‍රතිකාර කිරීමට හැකිය. මරණයට එසේ ප්‍රතිකාර කළ නොහැකිය. මෙසේ ද ජරාමරණයන්ගේ අර්ථ වශයෙන් වූ නානත්වය පිළිගත යුතුයැයි දක්වන්නට සක්කතෙව යනාදිය කියන ලදි. එහි සක්කතෙ යනු හැකි වේ යනුයි. පිළිවනි යන අර්ථයයි. පටිකම්මං යනු ප්‍රතිකර්මයයි. ඉද්ධිපාද භාවනාව වසඟ කරගත් විට මරණයට ද ප්‍රතිකාර කරන්නට නොහැකි ද යන චෝදනාව මෙනෙහි කොට අඤ්ඤාත්‍රව ඉද්ධිමන්තානං ඉද්ධි විසයා යැයි කියන ලදි.

“යස‍්ස කස‍්සචි, ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, සො ආකඞ‍්ඛමානො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා”ති (දී· නි· 2.166, 182; සං· නි· 5.822; කථා· 623; උදා· 51).

භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්‍ද, යම් කිසිවකු විසින් සතර සෘද්ධිපාද භාවිත කරන ලද්දේ ද බහුල කරන ලද්දේ ද යානාවක් මෙන් කරන ලද්දේ ද වස්තුවක් මෙන් කරන ලද්දේ ද අනුව පවත්වන ලද්දේ ද පුරුදු කරන ලද්දේ ද මනාව අරඹන ලද්දේ ද හෙතෙම කැමති වන්නේ නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටින්නේය යන මෙය කියන ලදි.

කො පනෙත්‍ථ කප‍්පො, කො වා කප‍්පාවසෙසොති? කප‍්පොති ආයුකප‍්පො, යස‍්මිං තස‍්මිඤ‍්හි කාලෙ යං මනුස‍්සානං ආයුප‍්පමාණං, තං පරිපුණ‍්ණං කරොන‍්තො කප‍්පං තිට‍්ඨති නාම. “අප‍්පං වා භිය්‍යො”ති (දී· නි· 2.7; අ· නි· 7.74) වුත‍්තං පන වස‍්සසතාදිතො අතිරෙකං තිට‍්ඨන‍්තො කප‍්පාවසෙසං තිට‍්ඨති නාම. යදි එවං කස‍්මා ඉද‍්ධිමන‍්තො චෙතොවසිප‍්පත‍්තා ඛීණාසවා ලොකහිතත්‍ථං තථා න තිට‍්ඨන‍්තීති? ඛන්‍ධසඞ‍්ඛාතස‍්ස දුක‍්ඛභාරස‍්ස පරිඤ‍්ඤාතත‍්තා අනුස‍්සුක‍්කතාය ච. පටිප‍්පස‍්සද‍්ධසබ‍්බුස‍්සුක‍්කා හි තෙ උත‍්තමපුරිසාති. වුත‍්තඤ‍්හෙතං ධම‍්මසෙනාපතිනා –

මෙහි කල්පය යනු කුමක්ද? කල්පාවශේෂය යනු කුමක්ද? කප්පො යනු ආයු කල්පයයි. යම් ඒ කාලයක මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේ ද, එය සම්පූර්ණ කිරීම කල්පයක් සිටීම නම් වේ. අල්පව හෝ වැඩිපුර වර්ෂ සියයකට අතිරේකව සිටීම කල්පාවශේෂයක් සිටීම නම් වේ. ඉදින් මෙසේ නම් සෘද්ධිමත් වූ චේතො වසීත්වයට පැමිණි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ ලොවට හිත පිණිස කවර හෙයකින් එසේ නො සිටිත් ද? ඒ උතුම් පුරුෂයෝ ස්කන්ධ සංඛ්‍යාත වූ දුක් සමූහය මනාව දත් බැවින් ද උත්සුක බවක් නැති බැවින් ද සන්සිඳුවන ලද සියලු උත්සුක ඇත්තාහ. එහෙයිනි. එය දම්සෙනෙවි සැරියුත් තෙරුන් විසින් මෙසේ කියන ලදි.

“නාභිනන්‍දාමි මරණං, නාභිකඞ‍්ඛාමි ජීවිතං; කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, වෙතනං භතකො යථා”ති. (ථෙරගා· 654; මි· ප· 2.2.4);

නාභිනන්‍දාමි මරණං නාභිකඞ්ඛාමි ජීවිතං, කාලඤ්ච පටිකඞ්ඛාමි වෙතනං භතකො යථා

‘මම මරණයට බිය නොවෙමි. ජීවිතය කැමති නොවෙමි. සේවකයෙක් වැටුප බලාපොරොත්තු වන්නා සේ මරණයට කාලය බලාපොරොත්තු වෙමි.’

යථා ජරාමරණානං අඤ‍්ඤමඤ‍්ඤං අත්‍ථතො නානත‍්තං, එවං තෙහි තණ‍්හාය ච නානත‍්තෙ දස‍්සිතෙ “තයො පඤ‍්හා”ති ඉදං සිජ‍්ඣතීති තං දස‍්සෙතුං “යං පනා”තිආදිමාහ.

අර්ථ වශයෙන් ජරාමරණවල අන්‍යොන්‍ය නානත්‍වය යම්සේ ද එසේ ඒවායින් තණ්හාවේ ද නානත්‍වය දක්වන ලද කල්හි තයො පඤ්හා යන මෙය සිද්ධ වේය යන එය දක්වන්නට යං පන යනාදිය කියන ලදි.

තත්‍ථ යස‍්මා තණ‍්හාය අභාවෙපි සති ජරාමරණං ලබ‍්භති ඛීණාසවසන‍්තානෙ, තස‍්මා අඤ‍්ඤං ජරාමරණං අඤ‍්ඤා තණ‍්හාති ඉමමත්‍ථමාහ “දිස‍්සන‍්ති වීතරාගා ජීරන‍්තාපි මීයන‍්තාපී”ති. නනු ච තණ‍්හාපි ජීරණභිජ‍්ජනසභාවාති? සච‍්චං, න ඉදං ජරාමරණං ඉධාධිප‍්පෙතන‍්ති වුත‍්තොවායමත්‍ථො. “යදි චා”තිආදිනා ජරාමරණතො තණ‍්හාය අනඤ‍්ඤත‍්තෙ දොසං දස‍්සෙති. යොබ‍්බනට‍්ඨාපි විගතතණ‍්හා සියුං, න ඉදං යුත‍්තන‍්ති අධිප‍්පායො. ජරාමරණම‍්පි සියා දුක‍්ඛස‍්ස සමුදයො තණ‍්හාය අනඤ‍්ඤත‍්තෙ සතීති අධිප‍්පායො. න ච සියා තණ‍්හා දුක‍්ඛස‍්ස සමුදයො ජරාමරණතො අනඤ‍්ඤත‍්තෙ සතීති භාවො. න හි ජරාමරණං දුක‍්ඛස‍්ස සමුදයො, තණ‍්හා දුක‍්ඛස‍්ස සමුදයො, තස‍්මා වෙදිතබ‍්බං එතෙසමත්‍ථතො නානත‍්තන‍්ති අධිප‍්පායො. යථා ච තණ‍්හා මග‍්ගවජ‍්ඣා, එවං ජරාමරණම‍්පි සියා මග‍්ගවජ‍්ඣං තණ‍්හාය අනඤ‍්ඤත‍්තෙ සති. යථා ච ජරාමරණං න මග‍්ගවජ‍්ඣං, තථා තණ‍්හාපි සියාති අයම‍්පි නයො වුත‍්තො එවාති දට‍්ඨබ‍්බං. ඉමාය යුත‍්තියාති ඉමාය යථාවුත‍්තාය උපපත‍්තියා. අඤ‍්ඤමඤ‍්ඤෙහීති අඤ‍්ඤාහි අඤ‍්ඤාහි කාරණූපපත‍්තීහි අත්‍ථතො චෙ අඤ‍්ඤත‍්තං, තදඤ‍්ඤම‍්පි බ්‍යඤ‍්ජනතො ගවෙසිතබ‍්බන‍්ති අත්‍ථො.

එහිදී යම්හෙයකින් රහතුන්ගේ සිත්හි තණ්හාව නැතිවිටත් ජරාමරණ ලැබේ ද එහෙයින් ජරාමරණ අනෙකකි. තණ්හාව අනෙකකි යන මේ අර්ථය දක්වන්නට දිස්සන්ති වීතරාගා ජීරන්තාපි මීයන්තාපි යි කියන ලදි. තණ්හාව ද දිරීම් බිඳීම් ස්වභාව ඇත්තේ නොවේ ද? සත්‍යයකි. මෙහි මේ ජරාමරණ අදහස් නොකරන ල්දදේය යන මේ අර්ථය කියන ලදි. යදි ච යන ආදියෙන් ජරාමරණ කෙරෙන් තණ්හාවේ අනන්‍යත්ව දෝෂය දක්වයි. යොවුන් වයසේ සිටි නමුත් පහ වූ තණ්හා ඇත්තෝ වූහ. මෙය නුසුදුසුය යන අර්ථයයි. තණ්හාව නොවෙනස්ව ඇති කල්හි ජරාමරණ ද දුක්ඛ සමුදය ද වන්නේය යන අදහසයි. තණ්හාව ජරාමරණවලින් නොවෙනස්ව ඇතිකල්හි දුක්ඛ සමුදය නොවන්නේය යන අදහසයි. එහෙයින් අර්ථ වශයෙන් මේවායේ නානත්වය දතයුතුය යන අදහසයි. යම්සේ තණ්හාව මාර්ගයෙන් තොර ද තණ්හාව නොවෙනස්ව ඇතිවිට එසේම ජරාමරණ ද මාර්ගයෙන් තොරව පවතී. යම්සේ ජරාමරණ මාර්ගයෙන් තොර නොවේ ද තණ්හාව ද එසේ වන්නේය යන මේ නය ද කියන ලද්දේ මැයි දතයුතුය. ඉමාය යුත්තියා යනු කියන ලද පරිදි ඇතිවීමෙනි. අඤ්ඤමඤ්ඤෙහි යන අන්‍ය වූ අන්‍ය වූ හේතු ඇතිවීමෙනි යනුයි. ඉදින් අර්ථ වශයෙන් අන්‍ය වේනම් ඒ අන්‍ය වූ දෙය ද බ්‍යඤ්ජන වශයෙන් සෙවිය යුතුය යන අර්ථයයි.

ඉමෙසං ධම‍්මානං අත්‍ථතො එකත‍්තන‍්ති ඉමමෙවත්‍ථං “න හි යුජ‍්ජතී”තිආදිනා විවරති. තණ‍්හාය අධිප‍්පායෙ අපරිපූරමානෙති ඉච‍්ඡිතාලාභමාහ. තෙන ඉච‍්ඡාතණ‍්හානං අත්‍ථතො එකත‍්තං වුත‍්තං හොතීති. එතෙන න හි යුජ‍්ජති ඉච‍්ඡාය ච තණ‍්හාය ච අත්‍ථතො අඤ‍්ඤත‍්තන‍්ති. යථා ඉදං වචනං සමත්‍ථනං හොති, එවං ඉච‍්ඡාවිපරියායෙ ආඝාතවත්‍ථූසු කොධො ච උපනාහො ච උප‍්පජ‍්ජතීති ඉදම‍්පි සමත්‍ථනං හොති, න තථා ජරාමරණවිපරියායෙති ජරාමරණතණ‍්හානං අත්‍ථතො අඤ‍්ඤත‍්තම‍්පි සමත්‍ථිතං හොතීති එතමත්‍ථං දස‍්සෙති “ඉමාය යුත‍්තියා”තිආදිනා.

ඉමෙසං ධම්මානං අත්‍ථතො එකත්තං යන මේ අර්ථයම නහි යුජ්ජති යනාදියෙන් විවරණය කෙරෙයි. තණ්හාය අධිප්පායෙ අපරිපූරමානෙ යැයි කැමති වූ දෙයෙහි නොලැබීම ප්‍රකාශ කරයි. එයින් ඉච්ඡා තණ්හාවන්ගේ අර්ථ වශයෙන් වූ ඒකත්වය කියන ලද්දේ වෙයි. මෙයින් ඉච්ඡාවේ ද තණ්හාවේ ද අර්ථ වශයෙන් වූ වෙනස් බව නොයෙදේ. යම්සේ මේ වචනය සමර්ථ (සුදුසු) වේ ද එසේය. මෙසේ කැමැත්ත වෙනස්ව ඇති වෛර බැඳීමට හේතුවන කරුණු කෙරෙහි ක්‍රෝධය ද උපනාහය ද උපදී යන මෙය ද සුදුසු වේ. එසේ ජරා මරණ වෙනස්ව ඇතිවිට ජරාමරණ තණ්හාවන්ගේ අර්ථ වශයෙන් වූ වෙනස් බව සුදුසු නැත යන මේ අර්ථය ඉමාය යුත්තියා යනාදියෙන් දක්වයි.

යදි ඉච‍්ඡාතණ‍්හානං අත්‍ථතො අනඤ‍්ඤත‍්තං, අථ කස‍්මා භගවතා ඉමිස‍්සා ගාථාය ද‍්විධා වුත‍්තාති? තත්‍ථ පරිහාරමාහ “යං පනිද”න‍්තිආදිනා. තත්‍ථ යන‍්ති කිරියාපරාමසනං. අභිලපිතන‍්ති වුත‍්තං යං ඉදං අභිලපනං , ඉදං බාහිරානං රූපාදීනං වත්‍ථූනං ආරම‍්මණවසෙන, ආරම‍්මණකරණවසෙන වා යොජෙතබ‍්බං. ද‍්වීහි ධම‍්මෙහීති ද‍්වීහි පකතීහි. කා පන තා පකතියොති? අප‍්පත‍්තස‍්ස විසයස‍්ස එසනවසෙන ඉච‍්ඡා, පත‍්තස‍්ස අප‍්පත‍්තස‍්ස වා පාතුකාමතාවසෙන තණ‍්හා, අයමෙතාසං විසෙසො. යදිපි එවං, තථාපි සබ‍්බා තණ‍්හා රූපාදිවිසයං ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ගහණෙන එකසභාවා එවාති දස‍්සෙන‍්තො “සබ‍්බා හි තණ‍්හා අජ‍්ඣොසානලක‍්ඛණෙන එකලක‍්ඛණා”ති ආහ. ඉදානි තමත්‍ථං උපමාය පකාසෙන‍්තො “සබ‍්බො අග‍්ගී”තිආදිමාහ, තං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

ඉදින් ඉච්ඡා තණ්හාවන්ගේ අර්ථ වශයෙන් වූ වෙනස් බවක් වේනම් කවර හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ගාථාව දෙපරිදිව කියන ලද ද එහි පරිහාරය යං පනිදං යනාදියෙන් කියන ලදි. එහි යං යනු ක්‍රියාව ස්පර්ශ කරන්නකි. අභිලපිතං යනුවෙන් යමක් කියන ලද ද මේ ප්‍රකාශනය බාහිර රූපාදි වස්තූන්ගේ අරමුණු වශයෙන් හෝ අරමුණුවලට හේතු වශයෙන් හෝ යෙදිය යුතුය. ද්වීහි ධම්මෙහි යනු ප්‍රකෘති දෙකකින් යනුයි. ඒ ප්‍රකෘතීහු කවරහු ද? නොපැමිණි විෂය සෙවීම් වශයෙන් වූ ඉච්ඡාව (පළමුවැන්නයි) පැමිණි හෝ නොපැමිණි හෝ විෂය පැමිණීමේ කැමැත්ත වශයෙන් වූ තණ්හාව (දෙවැන්නයි) මෙය මේවායේ විශේෂත්වයයි. ඉදින් මෙසේ වුවත් සියලු තණ්හාව රූපාදි විෂය ගිලගෙන නිමවා ග්‍රහණය කරගැනීමෙන් එකම ස්වභාව ඇත්මැයි දක්වමින් සබ්බාපි තණ්හා අජ්ඣොසන ලක්ඛණෙන එක ලක්ඛණා යි කියන ලදි. දැන් ඒ අර්ථය උපමාවකින් ප්‍රකාශ කරනුයේ සබ්බො අග්ගී යනාදිය කියන ලදි. එය මනාව දත හැකිය. (අර්ථ ප්‍රකටය)

අයං පන න කෙවලං තණ‍්හා ආරම‍්මණෙ පවත‍්තිවිසෙසෙන ද‍්වීහි එව නාමෙහි වුත‍්තා, අථ ඛො අනෙකෙහිපි පරියායෙහීති දස‍්සනත්‍ථං “ඉච‍්ඡාඉතිපී”තිආදි වුත‍්තං.

හුදෙක් මේ තණ්හාව අරමුණෙහි පැවති විශේෂයෙන් නාම දෙකකින්ම කියන ලදි. ඉක්බිති නොයෙක් පර්යායන්ගෙන් යැයි දක්වන්නට ඉච්ඡාතිපි යනාදිය කියන ලදි.

තත්‍ථ ඉච‍්ඡන‍්ති තාය ආරම‍්මණානීති ඉච‍්ඡා. තණ‍්හායනට‍්ඨෙන තණ‍්හා. පීළාජනනතො දුරුද‍්ධාරණතො ච විසපීතං සල‍්ලං වියාති සල‍්ලං. සන‍්තාපනට‍්ඨෙන ධූපායනා. ආකඩ‍්ඪනට‍්ඨෙන සීඝසොතා සරිතා වියාති සරිතා, අල‍්ලට‍්ඨෙන වා සරිතා, “සරිතානි සිනෙහිතානි ච, සොමනස‍්සානි භවන‍්ති ජන‍්තුනො”ති (ධ· ප· 341) හි වුත‍්තං. අල‍්ලානි චෙව සිනිද‍්ධානි චාති අයමෙත්‍ථ අත්‍ථො. විසත‍්තිකාති විසතාති විසත‍්තිකා. විසටාති විසත‍්තිකා. විසමාති විසත‍්තිකා. විසාලාති විසත‍්තිකා. විසක‍්කතීති විසත‍්තිකා. විසංවාදිකාති විසත‍්තිකා . විසංහරතීති විසත‍්තිකා. විසමූලාති විසත‍්තිකා. විසඵලාති විසත‍්තිකා. විසපරිභොගාති විසත‍්තිකා. විසතා වා පන සා තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ ධම‍්මෙ කුලෙ ගණෙ විසතා විත්‍ථතාති විසත‍්තිකා.

එහි එයින් අරමුණු කැමති වේනුයි ඉච්ඡා නම් වේ. ආශා කිරීම් අර්ථයෙන් තණ්හා නම් වේ. පීඩා ඇති කරවීමෙන් ද ඉදිරිය නොහැකි බැවින් ද විෂ පෙවූ හුලක් මෙන්ය යන අර්ථයෙන් සල්ල නම් වේ. තැවීම් අර්ථයෙන් ධූපායනා නම් වේ. ඇද ගැනීම් අර්ථයෙන් වේගයෙන් ගලායන ගඟක් මෙනැයි සරිතා නම් වේ. තෙමීම් අර්ථයෙන් හෝ සරිතා නම් වේ. සත්ත්වයාට තෙත් වූ ස්නේහයෙන් යුතු සොම්නස් ඇතැයි කියන ලදි. මෙහි තෙත් වූ ද සිනිඳු වූ ද යන මේ අර්ථයයි. විසත්තිකා යන තැන සිහි නොකරන ලද්දේනුයි විසත්තිකා නම් වේ. බැසගත්තේනුයි විසත්තිකා නමි. විෂම වූයේනුයි විසත්තිකා නමි. විශාල වූයේනුයි විසත්තිකා නම් වේ. පැටලේනුයි විසත්තිකා නමි. විසංවාද වූයේනුයි විසත්තිකා නම් වේ. ගෙනයානුයි විසත්තිකා නම් වේ. විෂ සහිත මුල් ඇත්තේනුයි විසත්තිකා නම් වේ. විෂ සහිත වූ ඵල ඇත්තේනුයි විසත්තිකා නම් වේ. විෂ පරිභෝග ඇත්තේනුයි විසත්තිකා නම් වේ. අසිහි ඇති ඒ තණ්හාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කුලය ගණය ආදියේ සිහි නොමැත්තේ පැතිර ගියේනුයි විසත්තිකා නම් වේ.

සිනෙහනවසෙන සිනෙහො. නානාගතීසු කිලමථුප‍්පාදනෙන කිලමථො. පලිවෙඨනට‍්ඨෙන ලතා වියාති ලතා. “ලතා උප‍්පජ‍්ජ තිට‍්ඨතී”ති (ධ· ප· 340) හි වුත‍්තං. මමන‍්ති මඤ‍්ඤනවසෙන මඤ‍්ඤනා. දූරගතම‍්පි ආකඩ‍්ඪිත්‍වා බන්‍ධනට‍්ඨෙන බන්‍ධො. ආසීසනට‍්ඨෙන ආසා. ආරම‍්මණරසං පාතුකාමතාවසෙන පිපාසා. අභිනන්‍දනට‍්ඨෙන අභිනන්‍දනා. ඉතීති එවං ආරම‍්මණෙ පවත‍්තිවිසෙසෙන අනෙකෙහි නාමෙහි ගය‍්හමානාපි සබ‍්බා තණ‍්හා අජ‍්ඣොසානලක‍්ඛණෙන එකලක‍්ඛණාති යථාවුත‍්තමත්‍ථං නිගමෙති.

ස්නේහ කිරීම් වශයෙන් සිනෙහ නම් වේ. නොයෙක් ගතීන්හි ක්ලාන්තය ඉපිදවීමෙන් ක්ලාන්ත වූ යන අර්ථයෙන් කිලමථො නම් වේ. වෙලාගැනීම් අර්ථයෙන් වැලක් මෙන් යැයි ලතා නම් වේ. වැල සිඳ දමා සිටියි යැයි කියන ලදි. මගේ යැයි සිතීම් වශයෙන් වූ මඤ්ඤනාවන්ය. දුර ගිය දේද ඇද බැඳීම් අර්ථයෙන් ඛන්‍ධ නම් වේ. ආශිංසන අර්ථයෙන් ආසා නම් වේ. අරමුණු රසය බොනු කැමති බව ලෙසින් පිපාසා වූ යන අර්ථයයි. සතුටුවීම් අර්ථයෙන් අභිනන්‍දනා නම් වේ. ඉති යනුවෙන් මෙසේ අරමුණෙහි පැවතීම් විශේෂයෙන් නොයෙක් නාමයන්ගෙන් ගනු ලබන්නා වූ ද සියලු තණ්හාව බැසගැනීම් ලක්‍ෂණයෙන් එක ලක්‍ෂණ ඇතැයි කියන ලද පරිදි අර්ථය නිගමනය කරයි.

පුන තණ‍්හාය අනෙකෙහි නාමෙහි ගහිතභාවමෙව “යථා චා”තිආදිනා උපචයෙන දස‍්සෙති. තත්‍ථ වෙවචනෙති වෙවචනහාරවිභඞ‍්ගෙ. “ආසා ච පිහා”ති ගාථාය (නෙත‍්ති· 37; පෙටකො· 11) අත්‍ථං තත්‍ථෙව වණ‍්ණයිස‍්සාම. අවිගතරාගස‍්සාතිආදීසු රඤ‍්ජනට‍්ඨෙන රාගො, ඡන්‍දනට‍්ඨෙන ඡන්‍දො, පියායනට‍්ඨෙන පෙමං, පරිදහනට‍්ඨෙන පරිදාහොති තණ‍්හාව වුත‍්තා. තෙනෙවාහ – “තණ‍්හායෙතං වෙවචන”න‍්ති. එවං යුජ‍්ජතීති එවං ඉච‍්ඡාතණ‍්හානං අත්‍ථතො අනඤ‍්ඤත‍්තා “තයො පඤ‍්හා”ති යං වුත‍්තං, තං යුජ‍්ජති යුත‍්තියා සඞ‍්ගච‍්ඡතීති අත්‍ථො.

නැවත තණ්හාව නොයෙක් නාමවලින් ගත් බවම යථා ච යනාදියෙන් උපචය වශයෙන් දක්වයි. එහි වෙවචනෙ යනු වේවචන හාර විභංගයෙහිය. ආසාව පීහා යන ගාථාවේ අර්ථය එහිම වර්ණනා කරන්නෙමු. අවීතරාගස්ස යනාදියෙහි රැඳවීම් අර්ථයෙන් රාග නම් වේ. කැමතිවීම් අර්ථයෙන් ඡන්‍ද නම් වේ. ප්‍රියකිරීම් අර්ථයෙන් පේම නම් වේ. දැවීම් අර්ථයෙන් පරිදාහො යි තණ්හාවම කියන ලදි. එහෙයින්ම තණ්හාය එතං වෙවචනං යැයි කියන ලදි. එවං යුජ්ජති යනු මෙසේ ඉච්ඡා තණ්හාවල අර්ථ වශයෙන් නොවෙනස් බැවින් ත්‍රිවිධ ප්‍රශ්න යැයි යමක් කියන ලද ද එය යෝග්‍යය යනුයි. යුක්තියෙන් එක්වේ යන අර්ථයයි.

එවං “කෙනස‍්සුබ‍්භාහතො ලොකො”ති (සං· නි· 1.66) ගාථාය “තයො පඤ‍්හා”ති පඤ‍්හත‍්තයභාවෙ යුත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි අඤ‍්ඤෙහි පකාරෙහි යුත‍්තිගවෙසනං දස‍්සෙන‍්තො “සබ‍්බො දුක‍්ඛූපචාරො”තිආදිමාහ. තත්‍ථ දුක‍්ඛූපචාරොති දුක‍්ඛප‍්පවත‍්ති. කාමතණ‍්හාසඞ‍්ඛාරමූලකොති කාමතණ‍්හාපච‍්චයසඞ‍්ඛාරහෙතුකොති යුජ‍්ජතීති අධිප‍්පායො. නිබ‍්බිදූපචාරොති නිබ‍්බිදාපවත‍්ති කාමානං විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජමානා අනභිරති ඤාණනිබ‍්බිදා ච. කාමතණ‍්හාපරික‍්ඛාරමූලකොති කාමතණ‍්හාය පරික‍්ඛාරභූතවත්‍ථුකාමහෙතුකො. තත්‍ථ අනභිරතිසඞ‍්ඛාතා නිබ‍්බිදා කාමතණ‍්හාපරික‍්ඛාරමූලිකා, න ඤාණනිබ‍්බිදාති සබ‍්බො නිබ‍්බිදූපචාරො කාමතණ‍්හාපරික‍්ඛාරමූලකොති න පන යුජ‍්ජතීති වුත‍්තං. ඉමාය යුත‍්තියාති නයං දස‍්සෙති. ඉදං වුත‍්තං හොති – යථා පඤ‍්හත‍්තයභාවෙ යුත‍්ති වුත‍්තා, යථා ච දුක‍්ඛූපචාරනිබ‍්බිදූපචාරෙසු, එවං ඉමාය යුත‍්තියා ඉමිනා යොගෙන නයෙන අඤ‍්ඤමඤ‍්ඤෙහි කාරණෙහි තංතංපාළිප‍්පදෙසෙ අනුරූපෙහි අඤ‍්ඤථා අඤ‍්ඤෙහි හෙතූහි යුත‍්ති ගවෙසිතබ‍්බාති.

මෙසේ කෙනස්සුබ්භාහතො ලොකො යන ගාථාවෙන් ප්‍රශ්න තුනකැයි ත්‍රිවිධ ප්‍රශ්න බවෙහි යුත්තිය දක්වා දැන් අන්‍ය වූ ප්‍රකාරයන්ගෙන් යුත්ති ගවේෂණය දක්වන්නේ සබ්බෙ දුක්ඛූපචාරො යනාදිය කියන ලදි. එහි දුක්ඛූපචාරො යනු දුකෙහි පැවැත්මයි. කාමතණ්හා සංඛාර මූලකො යනු කාම තණ්හාව ප්‍රත්‍ය සංස්කාරයට හේතු වේයැයි යෙදේ යනුයි. නිබ්බිදූපචාරො යනු කලකිරීම පැවැත්මයි. කාමයන්ගේ විපරිණාම අන්‍යතා භාවයෙන් උපදින අනභිරතිය ඤාණ නිබ්බිදාවය. කාමතණ්හා පරික්ඛාර මූලකො යනු කාම තණ්හාවේ පරිෂ්කාර වූ වස්තුකාම හේතුවයි. එහි නොඇලීම් සංඛ්‍යාත කලකිරීම කාම තණ්හාවේ පරිෂ්කාර මූලයයි. ඤාණ නිබ්බිදාව නොවේ. සියලු නිබ්බිදූපචාරය කාම තණ්හාවේ පරිෂ්කාර මූලය යැයි නොයෙදේ යැයි කියන ලදි. ඉමාය යුත්තියා යැයි නය දක්වයි. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ ප්‍රශ්නත්‍රය පිළිබඳ යුත්තිය කියන ලද ද යම්සේ දුක්ඛූපචාර, නිබ්බිදූපචාරයන්හි මේ යුත්තියෙන් මේ යෝගයෙන් න්‍යායෙන් එකිනෙක පිළිබඳ කරුණුවලින් ඒ ඒ පාළි කොටස්වල අනුරූප වූ අන් ලෙසකින් වූ වෙනත් හේතූන්ගෙන් යුත්තිය සෙවිය යුතුය.

ඉදානි තං නයදස‍්සනං සංඛිත‍්තන‍්ති විත්‍ථාරතො විභජිත්‍වා දස‍්සෙතුං “යථා හි භගවා”තිආදි ආරද‍්ධං. තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – රාගදොසමොහචරිතානං යථාක‍්කමං අසුභමෙත‍්තාපච‍්චයාකාරකථා රාගාදිවිනයනතො සප‍්පායාති අයං සාසනයුත‍්ති. එවමවට‍්ඨිතෙ යදි රාගචරිතස‍්ස මෙත‍්තාචෙතොවිමුත‍්තිං දෙසෙය්‍ය, සා දෙසනා න යුජ‍්ජති අසප‍්පායභාවතො. තථා සුඛාපටිපදාදයොති. නනු ච සුඛාපටිපදාදයො පටිපත‍්තියා සම‍්භවන‍්ති, න දෙසනායාති? සච‍්චමෙතං, ඉධ පන රාගචරිතොති තිබ‍්බකිලෙසො රාගචරිතොති අධිප‍්පෙතො. තස‍්ස දුක‍්ඛාය පටිපදාය භාවනා සමිජ‍්ඣති. යස‍්ස ච දුක‍්ඛාය පටිපදාය භාවනා සමිජ‍්ඣති, තස‍්ස ගරුතරා අසුභදෙසනා සප‍්පායා, යස‍්ස ගරුතරා අසුභදෙසනා සප‍්පායා, න තස‍්ස මන්‍දකිලෙසස‍්ස විය ලහුකතරාති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො ආහ – “සුඛං වා පටිපදං…පෙ… දෙසෙය්‍ය න යුජ‍්ජති දෙසනා”ති. ඉමිනා නයෙන සෙසපදෙසුපි යථාසම‍්භවං අත්‍ථො වත‍්තබ‍්බො. එත්‍ථ ච අයුත‍්තපරිහාරෙන යුත‍්තිසමධිගමොති යුත‍්තිවිචාරණාය අයුත‍්තිපි ගවෙසිතබ‍්බාති වුත‍්තං – “යදි හි…පෙ… න යුජ‍්ජති දෙසනා”ති. සෙසෙසුපි එසෙව නයො. එවං යං කිඤ‍්චීතිආදි යුත‍්තිහාරයොජනාය නයදස‍්සනමෙව.

සංක්‍ෂිප්ත වූ ඒ න්‍යාය දැක්වීම දැන් විස්තර වශයෙන් බෙදා දක්වන්නට යථාහි භගවා යනාදිය ආරම්භ කළේය. මේ එහි සංක්‍ෂේපාර්ථයයි. රාග දෝස මෝහ චරිතයන්ට පිළිවෙලින් අසුභ මෙත්තා ප්‍රත්‍යයාකාර කථාවන් රාගාදිය දුරුකරන හෙයින් සප්පාය වේ යන මෙය සාසන යුත්තියයි. මෙසේ නොසිටි කල්හි ඉදින් රාග චරිතයාට මෙත්තා චේතෝ විමුත්තිය දේශනා කරන්නේ ද ඒ දේශනාව අසප්පාය බැවින් නොගැළපෙයි. සුඛ පටිපදාදිය ද එසේය. සුඛ පටිපදාදිය දේශනා ප්‍රතිපත්තියෙන් ඇති නොවන්නේ ද? එය සත්‍යයකි. මෙහිදී රාග චරිතයා යැයි තියුණු කෙළෙස් ඇති රාග චරිතයා යැයි අදහස් කරන ලදි. දුක්ඛ ප්‍රතිපදාවෙන් එහි වර්ධන සමෘද්ධ වේ. දුක්ඛ ප්‍රතිපදාවෙන් යමකුගේ භාවනාව සමෘද්ධ වේ ද, ඔහුට ඉතා වැඩිපුර අසුභ දේශනාව සප්පාය වේ. යමෙකුට ඉතා වැඩිව අසුභ දේශනාව සප්පාය වේ ද මද කෙලෙස් ඇත්තකුට මෙන් ඔහුට ඉතා ලුහුව මේ අර්ථය දේශනා කරමින් සුඛං වා පටිපදං දෙසෙය්‍ය න යුජ්ජති දෙසනා යි ප්‍රකාශ කරන ලදි. මේ ක්‍රමයෙන් සෙසු පදවලද අර්ථය ලැබෙන පරිදි කිවයුතුය. මෙහිදී ද අයුක්ත පරිහාරයෙන් යුත්ති අවබෝධය වේ යයි යුත්ති විමසීම පිණිස අයුත්තිය ද සෙවිය යුතුයයි යදි හි -පෙ- න යුජ්ජති දෙසනා යි කියන ලදි. සෙසු පදවල ද මේ ක්‍රමයමය. එවං යං කිඤ්චි යනාදිය යුත්තිහාර යේාජනයේ න්‍යාය දැක්වීමය.

තත්‍ථ එවන‍්ති ඉමිනා නයෙන. යං කිඤ‍්චීති අඤ‍්ඤම‍්පි යං කිඤ‍්චි. අනුලොමප‍්පහානන‍්ති පහානස‍්ස අනුරූපං, පහානසමත්‍ථන‍්ති අත්‍ථො. සුත‍්තෙ අනවසෙසානං පදත්‍ථානං අනුපදවිචාරණා විචයො හාරො, විචයහාරසංවණ‍්ණනාය නිද‍්ධාරිතෙසු අත්‍ථෙසු යුත‍්තිගවෙසනං සුකරන‍්ති ආහ – “සබ‍්බං තං විචයෙන හාරෙන විචිනිත්‍වා යුත‍්තිහාරෙන යොජෙතබ‍්බ”න‍්ති. යාවතිකා ඤාණස‍්ස භූමීති සංවණ‍්ණෙන‍්තස‍්ස ආචරියස‍්ස යං ඤාණං යං පටිභානං, තස‍්ස යත‍්තකො විසයො, තත‍්තකො යුත‍්තිහාරවිචාරොති අත්‍ථො. තං කිස‍්ස හෙතු? අනන‍්තනයො සමන‍්තභද‍්දකො විමද‍්දක‍්ඛමො විචිත‍්තදෙසනො ච සද‍්ධම‍්මොති.

එහි එවං යනු මේ ක්‍රමයෙනි. යං කිඤ්චි යනු අන්‍ය වූ යම් කිසිවක් යනුයි. අනුරූපප්පහාණං යනු ප්‍රහාණයට අනුරූප වූ යනුයි. ප්‍රහාණයට සමත් වූ යන අර්ථයයි. සූත්‍රයෙහි අනවශේෂ වූ පදාර්ථයන්ගේ පදයක් පාසා වූ විමර්ශනය විචය හාරයයි. විචයහාර සංවර්ණනාවේ නිර්ධාරණය කරන ලද අර්ථවල යුත්ති සෙවීම පහසුය යන්න සබ්බං තං විචයෙන හාරෙන විචිනිත්‍වා යුත්තිහාරෙන යොජෙතබ්බං යි කියන ලදි. යාවතිකා ඤාණස්ස භූමි යනු සංවර්ණනා කරන ආචාර්යවරයාගේ යම් ඤාණයක් යම් වැටහීමක් වේ ද ඔහුගේ විෂය යම් තාක් වේ ද ඒ තාක් යුත්තිවිචාර හාරය වේ යන අර්ථයයි. ඊට හේතුව කුමක් ද? සද්ධර්මය අනන්ත නය ඇති, හාත්පසින් යහපත් වූ නොමැඩිය හැකි විසිතුරු දේශනාවක් වීමයි.

එවං නයදස‍්සනවසෙනෙව යුත‍්තිහාරයොජනා දස‍්සිතාති තං බ්‍රහ‍්මවිහාරඵලසමාපත‍්තිනවානුපුබ‍්බසමාපත‍්තිවසිභාවෙහි විභජිත්‍වා දස‍්සෙතුං “මෙත‍්තාවිහාරිස‍්ස සතො”තිආදි ආරද‍්ධං. තත්‍ථ මෙත‍්තාවිහාරිස‍්සාති මෙත‍්තාවිහාරලාභිනො. සතොති සමානස‍්ස, තථාභූතස‍්සාති අත්‍ථො. බ්‍යාපාදොති පදොසො. චිත‍්තං පරියාදාය ඨස‍්සතීති චිත‍්තං අභිභවිස‍්සති. යස‍්මා පන කුසලාකුසලානං ධම‍්මානං අපුබ‍්බං අචරිමං පවත‍්ති නාම නත්‍ථි, තස‍්මා සමාපත‍්තිතො වුට‍්ඨානස‍්ස අපරභාගෙති දස‍්සනත්‍ථං “ඨස‍්සතී”ති වුත‍්තං. න යුජ‍්ජති දෙසනාති බ්‍යාපාදපටිපක‍්ඛත‍්තා මෙත‍්තාය තාදිසී කථා න යුත‍්තාති අත්‍ථො. බ්‍යාපාදො පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනාති යථාවුත‍්තකාරණතො එව අයං කථා යුත‍්තාති. සෙසවාරෙසුපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. අනුත‍්තානං එව වණ‍්ණයිස‍්සාම.

මෙසේ නය දැක්වීම් වශයෙන්ම යුත්තිහාර යෝජනාව දක්වන ලදැයි එය බ්‍රහ්මවිහාර ඵල සමාපත්ති නවානුපූර්ව සමාපත්ති වශී භාවයන්ගෙන් බෙදා දක්වන්නට මෙත්තා විහාරිස්ස සතො යනාදිය ආරම්භ කරන ලදි. එහි මෙත්තා විහාරිස්ස යනු මෛත්‍රී විහරණය ලැබූ පුද්ගලයාටය. සතො යනු සමාන පුද්ගලයාටය. එසේ වූ පුද්ගලයාට යන අර්ථයයි. බ්‍යාපාදො යනු දැඩි දෝෂයයි. චිත්තං පරියාදාය ඨස්සති යනු සිත යටපත් කරයි යනුයි. යම්හෙයකින් කුසල ධර්මයන්ගේ අපූර්ව වූ ද්විතීය වූ පැවැත්මක් නම් නැත. එහෙයින් සමාපත්තියෙන් නැගී සිටි පුද්ගලයාගේ පසුභාගයේ යැයි දැක්වීම පිණිස සිටි යැයි කියන ලදි. න යුජ්ජති දෙසනා යනු බ්‍යාපාදයට ප්‍රතිපක්‍ෂ වූ බැවින් මෛත්‍රිය පිළිබඳ එබඳු කථාවක් නුසුදුසුය යන අර්ථයයි. බ්‍යාපාදො පහාණං අබ්භත්‍ථං ගච්ඡති යුජ්ජති දෙසනා යනු කියන ලද කරුණින් ම මේ කථාව යුක්තය යනුයි. අනෙක් වාරයන්හි ද මේ ක්‍රමයෙන් අර්ථය දතයුතුය. අප්‍රකට පදම වර්ණනා කරමු.

අනිමිත‍්තවිහාරිස‍්සාති අනිච‍්චානුපස‍්සනාමුඛෙන පටිලද‍්ධඵලසමාපත‍්තිවිහාරස‍්ස. නිමිත‍්තානුසාරීති සඞ‍්ඛාරනිමිත‍්තානුසාරී. තෙන තෙනෙවාති නිච‍්චාදීසු යං යං පහීනං, තෙන තෙනෙව නිමිත‍්තෙන. අස‍්මීති විගතන‍්ති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු දිට‍්ඨිමානවසෙන යං අස‍්මීති මඤ‍්ඤිතං, තං විගතං. තමෙවත්‍ථං විවරති “අයමහමස‍්මීති න සමනුපස‍්සාමී”ති. විචිකිච‍්ඡාකථංකථාසල‍්ලන‍්ති විනයකුක‍්කුච‍්චස‍්සාපි කථං කථන‍්ති පවත‍්තිසබ‍්භාවතො විචිකිච‍්ඡාපදෙන විසෙසිතං. න යුජ‍්ජති දෙසනාති විචිකිච‍්ඡාය පහානෙකට‍්ඨභාවතො න යුත‍්තායං කථා.

අනිමිත්තවිහාරිස්ස යනු අනිත්‍යය අනුව දැකීම් ස්වරූපයෙන් ලබන ලද ඵල සමාපත්ති විහාරය ඇති තැනැත්තාටය. නිමිත්තානුසාරී යනු සංස්කාර නිමිත්ත අනුව ක්‍රියා කරන්නාය. තෙන තෙනෙව යනු නිත්‍යාදියෙහි යමක් යමක් ප්‍රහීණ වූයේ ද ඒ ඒ නිමිත්තෙන් යනුයි. අස්මීති විගතං යනු පංච උපාදාන ස්කන්ධයන්හි දක්නට ලැබෙන මම වෙමි යන යම් කල්පනාවක් වේ ද එය පහ වූ යනුයි. එම අර්ථයම අයමහස්මීති න සමනුපස්සාමි යනුවෙන් විවරණය කරයි. විචිකිච්ඡා කථං කථා සල්ලං යි විනයෙහි සැක ඇත්තාට ද කථා කරත්. පවත්නා ස්වභාවය විචිකිච්ඡා යන පදයෙන් වෙසෙසන ලදි. න යුජ්ජති දෙසනා යනු විචිකිච්ඡාව ප්‍රහීණ වීමෙන් එකඟ වූ සිත් ඇති බැවින් මෙම කථාව සුදුසු නොවේ.

පඨමං ඣානං සමාපන‍්නස‍්සාති පඨමජ‍්ඣානසමඞ‍්ගිනො. කාමරාගබ්‍යාපාදා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජතීති යස‍්මා නීවරණෙසු අප‍්පහීනෙසු පඨමජ‍්ඣානස‍්ස උපචාරම‍්පි න සම‍්පජ‍්ජති, පගෙව ඣානං, තස‍්මා කාමරාගබ්‍යාපාදා විසෙසාය දුතියජ‍්ඣානාය සංවත‍්තන‍්තීති න යුත‍්තායං කථා. යථාලද‍්ධස‍්ස පන පඨමජ‍්ඣානස‍්ස කාමරාගබ්‍යාපාදා පරියුට‍්ඨානප‍්පත‍්තා හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා යුත‍්තා කථාති, එවං සබ‍්බත්‍ථ යොජෙතබ‍්බං. අවිතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා නාම සහ උපචාරෙන දුතියජ‍්ඣානධම‍්මා, ආරම‍්මණකරණත්‍ථො හෙත්‍ථ සහගත-සද‍්දො. හානායාති පඨමජ‍්ඣානතො පරිහානාය. විසෙසායාති දුතියජ‍්ඣානාය. ඉමිනා නයෙන තත්‍ථ තත්‍ථ හානන‍්ති, විසෙසොති ච වුත‍්තධම‍්මා වෙදිතබ‍්බා. විතක‍්කවිචාරසහගතාති පඨමජ‍්ඣානධම‍්මා, කාමාවචරධම‍්මා එව වා. උපෙක‍්ඛාසුඛසහගතාති උපචාරෙන සද‍්ධිං දුතියජ‍්ඣානධම‍්මා, තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා හි ඉධ උපෙක‍්ඛාති අධිප‍්පෙතා. පීතිසුඛසහගතාති සහ උපචාරෙන තතියජ‍්ඣානධම‍්මා. උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිසහගතාති චතුත්‍ථජ‍්ඣානධම‍්මා.

පඨමං ඣානං සමාපන්නස්ස යනු ප්‍රථමධ්‍යානයෙන් යුක්ත වූ යනුයි. කාමරාග බ්‍යාපාදා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති යනු යම්හෙයකින් නීවරණ ප්‍රහීණ නොවූ කල්හි ප්‍රථම ධ්‍යානයේ උපචාරයට ද නොපැමිණේ ද ධ්‍යානය මුලින්මය. එහෙයින් කාමරාග ව්‍යාපාදයෝ විශේෂයෙන් දුතිය ධ්‍යානය පිණිස පවතිත් යැයි මේ කථාව සුදුසු නොවේ. ලබන ලද පරිදි පළමු ධ්‍යානයේ කාමරාග ව්‍යාපාද ඉස්මතු වීමට පත්විය. (එහෙයින්) හානාය සංවත්තන්ති යි කියන ලදි. යුජ්ජති දෙසනා යනු සුදුසු කථාව යනුයි. මෙසේ සියලු තැන යෙදිය යුතුය. අවිතර්ක සහගත සංඥා මනසිකාරයෝ නම් උපචාරය සමග වූ ද්විතීය ධ්‍යානයට අදාළ කරුණුය. මෙහි සහගත ශබ්දය අරමුණු පිළිබඳ හේතුව යන අර්ථය ඇත්තකි. හානාය යනු පළමු ධ්‍යානයෙන් පිරිහීම පිණිසයි. විසෙසාය යනු දෙවැනි ධ්‍යානය පිණිසයි. මේ ක්‍රමයෙන් ඒ ඒ තැන හාන - විසේස යනුවෙන් කියන ලද කරුණු දතයුතයු. විතක්ක විචාර සහගතා යනු ප්‍රථමධ්‍යාන ධර්ම හෝ කාමාවචර ධර්මයෝය. තත්‍රමජ්ඣත්තතා - උපෙක්ඛාවන් මෙහි උපෙක්ඛායි අදහස් කරන ලදි. පීතිසුඛ සහගතා යනු උපචාරය සමග වූ තෘතීයධ්‍යාන ධර්මයෝය. උපෙක්ඛා සති පාරිසුද්ධි සහගතා යනු චතුර්ථ ධ්‍යාන ධර්මයෝය.

සඤ‍්ඤූපචාරාති පටුසඤ‍්ඤාකිච‍්චං කරොන‍්තා එව යෙ කෙචි චිත‍්තුප‍්පාදා, “ආකිඤ‍්චඤ‍්ඤායතනධම‍්මා”තිපි වදන‍්ති. සඤ‍්ඤාවෙදයිතනිරොධසහගතාති “සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමී”ති තස‍්ස පරිකම‍්මවසෙන පවත‍්තධම‍්මා. තෙ පන යස‍්මා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියං ඨිතෙනෙව සක‍්කා සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරිතුං, න තතො පරිහීනෙන, තස‍්මා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා හානාය සංවත‍්තන‍්තීති න යුත‍්තා කථා. විසෙසාය සංවත‍්තන‍්තීති පන යුත‍්තා කථාති ආහ – “හානාය…පෙ… දෙසනා”ති. කල‍්ලතාපරිචිතන‍්ති සමත්‍ථභාවෙන පරිචිතං, යථාවුත‍්තසමාපත‍්තීසු වසිභාවෙන පරිචිතන‍්ති අත්‍ථො. තෙනෙවාහ – “අභිනීහාරං ඛමතී”ති. සෙසං සබ‍්බං උත‍්තානමෙව.

සඤ්ඤූපචාරා යනු මූලික හඳුනාගැනීම් කටයුතු කරන්නා වූ ම යම්කිසි සිතිවිලිය. ආකිඤ්චඤ්ඤායතනයට අයත් කරුණු යැයි ද කියත්. සඤ්ඤාවෙදයිතනිරොධ සහගතා යනු සංඥා වෙදයිත නිරෝධයට පැමිණ වාසය කරන්නෙමියි එයට පරිකර්ම වශයෙන් පැවති කරුණුය. යම්හෙයකින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි සිටින්නා විසින්ම සංඥාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරන්නට හැකි ද එයින් පිරිහුනහු විසින් නොහැකි ද එහෙයින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියා හානාය සංවත්තන්ති යන කථාව අයෝග්‍යය. විසෙසාය සංවත්තන්ති යනු සුදුසු කථාව යැයි (සිතා) හානාය -පෙ- දෙසනා යැයි කියන ලදි. කල්ලතා පරිචිතං යනු සමත් බැවින් පුරුදු කරන ලද යනුයි. කියන ලද සමාපත්තීන්හි වශීභාවයෙන් පුරුදු කරන ලද යන අර්ථයයි. එහෙයින්ම අභිනීහාරං ඛමති යනුවෙන් කියන ලදි. සෙසු සියල්ල ප්‍රකටමය.

අපි චෙත්‍ථ අප‍්පටික‍්කූලසඤ‍්ඤාමුඛෙන කාමච‍්ඡන්‍දො වඤ‍්චෙතීති යුජ‍්ජති. පටික‍්කූලසඤ‍්ඤාපතිරූපතාය බ්‍යාපාදො වඤ‍්චෙතීති යුජ‍්ජති. සමාධිමුඛෙන ථිනමිද‍්ධං වඤ‍්චෙතීති යුජ‍්ජති. වීරියාරම‍්භමුඛෙන උද‍්ධච‍්චං වඤ‍්චෙතීති යුජ‍්ජති. සික‍්ඛාකාමතාමුඛෙන කුක‍්කුච‍්චං වඤ‍්චෙතීති යුජ‍්ජති. උභයපක‍්ඛසන‍්තීරණමුඛෙන විචිකිච‍්ඡා වඤ‍්චෙතීති යුජ‍්ජති. ඉට‍්ඨානිට‍්ඨසමුපෙක‍්ඛනමුඛෙන සම‍්මොහො වඤ‍්චෙතීති යුජ‍්ජති. අත‍්තඤ‍්ඤුතාමුඛෙන අත‍්තනි අපරිභවනෙ මානො වඤ‍්චෙතීති යුජ‍්ජති. වීමංසාමුඛෙන හෙතුපතිරූපකපරිග‍්ගහෙන මිච‍්ඡාදිට‍්ඨි වඤ‍්චෙතීති යුජ‍්ජති. විරත‍්තතාපතිරූපකෙන සත‍්තෙසු අදයාපන‍්නතා වඤ‍්චෙතීති යුජ‍්ජති. අනුඤ‍්ඤාතපටිසෙවනපතිරූපතාය කාමසුඛල‍්ලිකානුයොගො වඤ‍්චෙතීති යුජ‍්ජති. ආජීවපාරිසුද‍්ධිපතිරූපතාය අසංවිභාගසීලතා වඤ‍්චෙතීති යුජ‍්ජති. සංවිභාගසීලතාපතිරූපතාය මිච‍්ඡාජීවො වඤ‍්චෙතීති යුජ‍්ජති. අසංසග‍්ගවිහාරිතාපතිරූපතාය අසඞ‍්ගහසීලතා වඤ‍්චෙතීති යුජ‍්ජති. සඞ‍්ගහසීලතාපතිරූපතාය අනනුලොමිකසංසග‍්ගො වඤ‍්චෙතීති යුජ‍්ජති. සච‍්චවාදිතාපතිරූපතාය පිසුණවාචා වඤ‍්චෙතීති යුජ‍්ජති. අපිසුණවාදිතාපතිරූපතාය අනත්‍ථකාමතා වඤ‍්චෙතීති යුජ‍්ජති. පියවාදිතාපතිරූපතාය චාටුකම්‍යතා වඤ‍්චෙතීති යුජ‍්ජති. මිතභාණිතාපතිරූපතාය අසම‍්මොදනසීලතා වඤ‍්චෙතීති යුජ‍්ජති. සම‍්මොදනසීලතාපතිරූපතාය මායා සාඨෙය්‍යඤ‍්ච වඤ‍්චෙතීති යුජ‍්ජති. නිග‍්ගය‍්හවාදිතාපතිරූපතාය ඵරුසවාචතා වඤ‍්චෙතීති යුජ‍්ජති. පාපගරහිතාපතිරූපතාය පරවජ‍්ජානුපස‍්සිතා වඤ‍්චෙතීති යුජ‍්ජති. කුලානුද‍්ධයතාපතිරූපතාය කුලමච‍්ඡරියං වඤ‍්චෙතීති යුජ‍්ජති. ආවාසචිරට‍්ඨිතිකාමතාමුඛෙන ආවාසමච‍්ඡරියං වඤ‍්චෙතීති යුජ‍්ජති. ධම‍්මපරිබන්‍ධපරිහරණමුඛෙන ධම‍්මමච‍්ඡරියං වඤ‍්චෙතීති යුජ‍්ජති. ධම‍්මදෙසනාභිරතිමුඛෙන භස‍්සාරාමතා වඤ‍්චෙතීති යුජ‍්ජති. අඵරුසවාචතාගණානුග‍්ගහකරණමුඛෙන සඞ‍්ගණිකාරාමතා වඤ‍්චෙතීති යුජ‍්ජති. පුඤ‍්ඤකාමතාපතිරූපතාය කම‍්මාරාමතා වඤ‍්චෙතීති යුජ‍්ජති. සංවෙගපතිරූපෙන චිත‍්තසන‍්තාපො වඤ‍්චෙතීති යුජ‍්ජති. සද‍්ධාලුතාපතිරූපතාය අපරික‍්ඛතා වඤ‍්චෙතීති යුජ‍්ජති. වීමංසනාපතිරූපෙන අස‍්සද‍්ධියං වඤ‍්චෙතීති යුජ‍්ජති. අත‍්තාධිපතෙය්‍යපතිරූපෙන ගරූනං අනුසාසනියා අප‍්පදක‍්ඛිණග‍්ගාහිතා වඤ‍්චෙතීති යුජ‍්ජති. ධම‍්මාධිපතෙය්‍යපතිරූපෙන සබ්‍රහ‍්මචාරීසු අගාරවං වඤ‍්චෙතීති යුජ‍්ජති. ලොකාධිපතෙය්‍යපතිරූපෙන අත‍්තනි ධම‍්මෙ ච පරිභවො වඤ‍්චෙතීති යුජ‍්ජති. මෙත‍්තායනාමුඛෙන රාගො වඤ‍්චෙතීති යුජ‍්ජති. කරුණායනාපතිරූපෙන සොකො වඤ‍්චෙතීති යුජ‍්ජති. මුදිතාවිහාරපතිරූපෙන පහාසො වඤ‍්චෙතීති යුජ‍්ජති. උපෙක‍්ඛාවිහාරපතිරූපෙන කුසලෙසු ධම‍්මෙසු නික‍්ඛිත‍්තඡන්‍දතා වඤ‍්චෙතීති යුජ‍්ජති. එවං ආගමපතිරූපකඅධිගමපතිරූපකාදීනම‍්පි තථා තථා වඤ‍්චනසභාවො යුත‍්තිතො වෙදිතබ‍්බො. එවං ආගමානුසාරෙන යුත‍්තිගවෙසනා කාතබ‍්බාති.

එසේ වුවත් මෙහි දී අප්‍රතිකූල හැඳිනීම් වශයෙන් කාමච්ඡන්දය වංචා කෙරේයයි යෝග්‍ය වේ. පිළිකුල් සංඥාවට යෝග්‍ය බැවින් ව්‍යාපාදය වංචා කෙරේ යනු යෝග්‍යය. සමාධි මුඛයෙන් ථීනමිද්ධය වංචා කෙරේ යනු යෝග්‍යය. වීර්යාරම්භ මුඛයෙන් උද්ධච්චය වංචා කෙරේ යනු යෝග්‍යය. ශික්‍ෂා කැමතිවීම් වශයෙන් කුක්කුච්චය වංචා කෙරේ යනු යෝග්‍යය. උභය පක්‍ෂය තීරණය කිරීම් වශයෙන් විචිකිච්ඡාව වංචා කෙරේ යනු යෝග්‍යය. ඉටු අනිටු දෑ බැලීම් වශයෙන් මෝහය වංචා කෙරේ යනු යෝග්‍යය. අත්තඤ්ඤුතා (සිත දැනීම් ස්වභාවය) මුඛයෙන් තමා කෙරෙහි පරිභව නොකිරීම් වශයෙන් මානය වංචා කෙරේ යනු යෝග්‍යය. විමසීම් මුඛයෙන් හේතුවට ගැළපෙන දේ ගැනීමෙන් මිථ්‍යා දෘෂ්ටිය වංචා කෙරේයයි සුදුසුය. විරක්ත ප්‍රතිරූපකයෙන් සත්ත්වයන් කෙරෙහි දයා නැති බව වංචා කෙරේ යයි යෙදේ. අනුමත කරන ලද ඇසුරු කිරීම් හා ගැළපෙන බැවින් එයින් කාමසුඛල්ලිකානු යෝගය වංචා කෙරේනුයි යෝග්‍යය. ආජීව පාරිශුද්ධත්වයෙන් අසංවිභාගශීලිත්වය වංචා කෙරේ යයි යෙදේ. සංවිභාගශීලිත්වයෙන් මිථ්‍යාජීවය වංචා කෙරේ යයි යෙදේ. අසංසර්ග විහරණයට සුදුසු සංග්‍රහශීලිත්වය වංචා කෙරේ යයි යෙදේ. සංග්‍රහශීලිත්වය සුදුසු දෙයින් අනුලෝම සංසර්ගය වංචා කෙරේයයි යෙදේ. සත්‍යවාදීත්වයට සුදුසු දෙයින් කේලම් වචන වංචා කෙරේයයි යෙදේ. කේලම් නොවූ ප්‍රකාශනවලට සුදුසු දෙයින් අනර්ථකාමිත්වය වංචා කෙරේයයි යෙදේ. ප්‍රියවාදීන්ට ප්‍රතිරූප වූ දෙයින් චාටුකම්‍යතාව වංචා කෙරේයයි යෙදේ. ප්‍රමාණවත් කථාවට ප්‍රතිරූප දෙයින් නොසතුටු බව වංචා කෙරේයයි යෙදේ. සම්මොදනශීලිත්වයට ප්‍රතිරූප දෙයින් මායාව ද කපටිකම ද වංචා කෙරේයයි යෙදේ. නිග්ගය්හවාදීත්වයට ප්‍රතිරූප දෙයින් පරුෂ වචන ඇති බව වංචා කෙරේ යයි යෙදේ. පාප ගර්හත්වයට ප්‍රතිරූප දෙයින් අන්‍ය වැරදි දක්නා බව වංචා කෙරේ යයි යෙදේ. කුලය කෙරෙහි අනුකම්පා ඇති බවට ප්‍රතිරූප දෙයින් කුලමසුරුකම වංචා කෙරේය යි යෙදේ. ආවාසය බොහෝකල් තිබේවා යන කැමැත්ත ඇති බවට ප්‍රතිරූප දෙයින් ආවාසමච්ඡරිය වංචා කෙරේයයි යෙදේ. ධර්ම බන්‍ධනය පරිහරණය කිරීම් වශයෙන් ධර්ම මසුරුකම වංචා කෙරේයයි යෙදේ. ධර්මදේශනාවට කැමතිවීම් වශයෙන් කථාවෙහි ඇලුණු බව වංචා කෙරේයයි යෙදේ. ප්‍රියවචන ඇති නිසා ගණයට අනුග්‍රහය කිරීම් වශයෙන් සංගණිකාරමත්වය වංචා කෙරේයයි යෙදේ. පුණ්‍යකාමීත්වයට සුදුසු දෙයින් කටයුතුවල ඇලීම් ස්වභාවය වංචා කෙරේ යයි යෙදේ. සංවේගයට ප්‍රතිරූප දෙයින් සිත්තැවුල වංචා කෙරේ යයි යෙදේ. ශ්‍රද්ධා බහුල බවට ප්‍රතිරූප දෙයින් අපරීක්‍ෂකත්වය වංචා කෙරේයයි යෙදේ. විමර්ශනයට ප්‍රතිරූප දෙයින් අශ්‍රද්ධාව වංචා කෙරේයයි යෙදේ. සිය අධිපති බවට ප්‍රතිරූප දෙයින් ගුරුවරුන්ගේ අනුශාසනාවේ අල්ප වූ පිළිගැනීම් ස්වභාවය වංචා කෙරේයයි යෙදේ. ධර්මාධිපතෙය්‍ය ප්‍රතිරූපයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි ගරු නොකරන බව වංචා කෙරේ යයි යෙදේ. ලෝකාධිපතෙය්‍ය ප්‍රතිරූපයෙන් තමා කෙරෙහි ද ධර්මය කෙරෙහි ද වූ පරිභවය වංචා කෙරේයයි යෙදේ. මෛත්‍රී කිරීම් ස්වරූපයෙන් රාගය වංචා කෙරේ යයි යෙදේ. කරුණාව දැක්වීම් වශයෙන් ශෝකය වංචා කෙරේ යයි යෙදේ. මුදිතා විහරණයට ප්‍රතිරූප දෙයින් උපහාසය වංචා කෙරේ යයි යෙදේ. උපේක්‍ෂා විහරණයට ප්‍රතිරූප දෙයින් කුශල ධර්මයන්හි බැසගත් කැමැත්ත වංචා කෙරේ යයි යෙදේ. මෙසේ ආගම් ප්‍රතිරූපක, අධිගම ප්‍රතිරූපකාදියේ ඒ ඒ පරිද්දෙන් වන වංචන ස්වභාව යුක්ති වශයෙන් දතයුතුය. මෙසේ ආගමානුසාරයෙන් යුක්ති ගවේෂණය කළ යුතුය.

යුත‍්තිහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

යුත්ති හාර වර්ණනාව නිමාවිය.