යෙදුමෙන් කියවන්න

යුත‍්තිහාරවිභඞ‍්ගො

3. 1. 3.

3. 1. 3.

යුත‍්තිහාරවිභඞ‍්ගො

යුත්තිහාරවිභඞ්ගය

තත්‍ථ කතමො යුත‍්තිහාරො: “සබ‍්බෙසං භාරාන”න‍්ති අයං යුත‍්තිහාරො. කිං යොජෙති : චත‍්තාරො මහාපදෙසා: බුද‍්ධාපදෙසො සඞ‍්ඝාපදෙසො සම‍්බහුලත්‍ථෙරාපදෙසො එකත්‍ථෙරාපදෙසො: ඉමෙ චත‍්තාරො මහාපදෙසා. තානි පදබ්‍යඤ‍්ජනානි සුත‍්තෙ ඔතාරයිතබ‍්බානි, විනයෙ සන්‍දස‍්සයිතබ‍්බානි, ධම‍්මතායං උපනික‍්ඛිපිතබ‍්බානි. කතමස‍්මිං සුත‍්තෙ ඔතාරයිතබ‍්බානි: චතුසු අරියසච‍්චෙසු. කතමස‍්මිං විනයෙ සන්‍දස‍්සයිතබ‍්බානි: රාගවිනයෙ දොසවිනයෙ මොහවිනයෙ. කතමියං ධම‍්මතායං උපනික‍්ඛීපිතබ‍්බානි: පටිච‍්චසමුප‍්පාදෙ. යදි චතුසු අරියසච‍්චෙසු අවතරති කිලෙසවිනයෙ සන්‍දිස‍්සති ධම‍්මතඤ‍්ච න විලොමෙති, එවං ආසවෙ න ජනෙති. චතූහි මහාපදෙසෙහි යං යං යුජ‍්ජති යෙන යෙන යුජ‍්ජති යථා යථා යුජ‍්ජති තං තං ගහෙතබ‍්බං.

එහි යුක්තිහාරය කවරෙ යැ: “සබ්බේසං හාරානං” යන මේ යුක්තිහාර යි. කුමක් යොදා යැ යත්: සතර මහාඅපදේසයෝ යි: බුද්ධාපදේස යැ සඞ්ඝාපදේස යැ සම්බහුලත්‍ථේරාපදේස යැ එකත්‍ථේරාපදේස යි. මොහු සතර මහා - අපදේසයෝ යි. (කිසිවක්හු විසින් එළවනලද සූත්‍රයක හෝ සංවර්‍ණකයා විසින් සංවර්‍ණනාවශයෙන් ලබන සූත්‍රයාගේ හෝ) ඒ අර්‍ත්‍ථපද ව්‍යඤ්ජනපදයෝ සූත්‍රයෙහි බහාලියැයුත්තාහ විනයෙහි ලා සසඳාලියැයුත්තාහ, ධර්‍මතායෙහි බස්වාලියැයුත්තාහ. කවර ස්‍රූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්‍ය්‍යසත්‍යසූත්‍රයෙහි යැ. කවර විනයෙක සසඳාලියැ යුත්තාහ යත්: රාගවිනයෙහි දෝසවිනයෙහි මෝහවිනයෙහි යැ. කවර ධර්‍මතායෙක බස්වාලියැයුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මතායෙහි යි. ඉදින් චතුරාර්‍ය්‍යසත්‍යයෙහි බැසැගනී නම්, ක්ලේශවිනයෙහි ලා සැසැඳේ නම්, ධර්‍මතාවට ද විරුද්ධ නොවේ නම් මෙසේ කාමාදි ආස්‍රවයන් නූපදවා නම්, සතර මහාපදේසයන් හා යම් යම් අර්‍ත්‍ථධර්‍ම, ජාතයෙක් යෙදේද, යම් යම් කරුණෙකින් යෙදේ ද, යම් යම් ප්‍රකාරයෙකින් යෙදේ ද ඒ ඒ අර්‍ත්‍ථධර්‍මජාතය( සූත්‍රයෙන් නඟා සංවර්‍ණනාවශයෙන්) ගතයුත්තේ යි.

(යුක්ති නිර්ධාරණය දක්වති: )

පඤ‍්හං පුච‍්ඡිතෙන කති පදානි පඤ‍්හොති පදසො පරියො ගාහිතබ‍්බං විචෙතබ‍්බං. යදි සබ‍්බානි පදානි එකං අත්‍ථං අභිවදන‍්ති, එකො පඤ‍්හො. අථ චත‍්තාරි පදානි එකං අත්‍ථං අභිවදන‍්ති, එකො පඤ‍්හො. අථ චත‍්තාරි පදානි එකං අත්‍ථං අභිවදන‍්ති, එකො පඤ‍්හො. අථ තීණි පදානි එකං අත්‍ථං අභිවදන‍්ති, එකො පඤ‍්හො. අථ ද‍්වෙ පදානි එකං අත්‍ථං අභිවදන‍්ති, එකො පඤ‍්හො. අථ එකං පදං එකං අත්‍ථං අභිවදති, එකො පඤ‍්හො. තං උපපරික‍්ඛමානෙන අඤ‍්ඤාතබ‍්බං: කිං ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාබ්‍යඤ‍්ජනා, උදාහු ඉමෙසං ධම‍්මානං එකො අත්‍ථො බ්‍යඤ‍්ජනමෙව නානන‍්ති. යථා කිං භවෙ? යථා සා දෙවතා භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡති.

ප්‍රශ්නයක් පුළුවුස්නාලද කල්හි ඒ ප්‍රශ්නයෙහි කෙතෙක් පද ඇද්දැ’ යි පදවශයෙන් පර්‍ය්‍යවගාහනය කළයුතු යැ, විමසිය යුතු යැ: ඉදින් සියලු පදයෝ එක් අර්‍ත්‍ථයක් ප්‍රකාශ කෙරෙත් නම් එක් ප්‍රශ්නයෙකි. තවද සතර පද කෙනෙක් එක අර්‍ත්‍ථයක් කියත් නම්, එක ප්‍රශ්නයෙකි. පද තුනක් එක අර්‍ත්‍ථයක් කියත් නම් එක ප්‍රශ්නයෙකි. පද දෙකක් එක අර්‍ත්‍ථයක් කියත් නම් එක ප්‍රශ්නයෙකි. එක පදයෙක් එක අර්‍ත්‍ථයක් කියා නම් එක ප්‍රශ්නයෙකි. ඒ ප්‍රශ්නය විමසනුවහු විසින් මෙසේ දතයුතු යැ: කිමැ මේ පාළිධර්‍මයෝ නානාර්‍ත්‍ථ වූවාහු නානාබ්‍යඤ්ජන වූවාහු ද, නොහොත් මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය එකෙක්ද, බ්‍යඤ්ජන මතුයෙක් නානා (වෙනස්) වී දැ’ යි දතයුතු, ඒ කෙබඳු ද යත්: ඒ දෙවි මෙසේ භාග්‍යවතුන් පැන පුළුවුස්සි.

1. “කෙනස‍්සුබ‍්භාහතො ලොකො කෙනස‍්සු පරිවාරිතො, කෙන සල‍්ලෙන ඔතිණ‍්ණො කිස‍්ස ධූපායිතො සදා”ති

1. ලෝවැසි කවරක්හු විසින් හැමකල්හි අභිහත (නසනුලැබේ) ද? කුමකින් පරිවෘත (වතුරනුලැබේ) ද? කවර ශල්‍යයෙකින් අවතීර්‍ණ (ඇතුළත පිවිසෙනලද) ද? කිමෙකින් දවනලද දැ? යි.

ඉමානි චත‍්තාරි පදානි පුච‍්ඡිතානි. තෙ තයො පඤ‍්හා. කථං ඤායති භගවා හි දෙවතාය විස‍්සජ‍්ජෙති.

මේ පුළුවුස්නාලද පද සතරෙකි. ඔහු ප්‍රශ්න තුනෙකි. කෙසේ දන්නා ලැබෙයි යත්: මෙසේ යැ - බුදුහු ඒ දෙවිහට මෙසේ විසඳන සේක:

2. “මච‍්චුනාබ‍්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ‍්හාසල‍්ලෙන ඔතිණ‍්ණො ඉච‍්ඡාධුපායිතො සදා”ති.

2. මරහු විසින් සත්ලොව හැම කල්හි නසනලද, ජරායෙන් හාත්පසින් වතුරන ලද තෘෂ්ණාශල්‍යයෙන් පිවිසෙනලද, ආශායෙන් දවනලදැ’ යි.

තත්‍ථ ජරා ච මරණඤ‍්ච ඉමානි ද‍්වෙ සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානි, ජරායං ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං මරණං වයො. තත්‍ථ ජරාය ච මරණස‍්ස ච අත්‍ථතො නානත‍්තං, කෙන කාරණෙන: ගබ‍්භගතාපි හි මීයන‍්ති න ච තෙ ජිණ‍්ණා භවන‍්ති, අත්‍ථි ච දෙවානං මරණං න ච තෙසං සරීරානි ජීරන‍්ති. සක‍්කතෙව ජරාය පටිකම‍්මං කාතුං න පන සක‍්කතෙ මරණස‍්ස පටිකම‍්මං කාතුං, අඤ‍්ඤත්‍රෙව ඉද‍්ධිමන‍්තානං ඉද‍්ධිවිසයා.

එහි ජරාව ද මරණය ද යන මේ දෙක සංඛත (පඤ්චස්කන්‍ධ)යාගේ සංඛත ලක්‍ෂණයෝ යැ, ජරායෙහි සිටියහුගේ අන්‍යථාත්‍ව වූ මරණය ව්‍යය වෙයි. එහි ජරාව ද මරණය ද අර්‍ත්‍ථ හෙයින් නානාත්‍ව වෙයි, කවර කරුණෙන යත්: යම්හෙයෙකින් ගැබැ හොත්තාහු ද මියයෙති, ඔහු ජීර්‍ණ වූවාහු නො ද වෙත්. තවද දෙවියනට මරණ ඇත, ඔවුන්ගේ සිරුරු නො ද දිරති. ජරාවට පිළියම් කරන්නට ශක්‍ය මැ ය. එතෙකුදුවත් ඍද්ධිමතුන්ගේ සෘද්ධිවිෂය තබා මරණයට පිළියම් කරන්නට නො හැකි වේ.

යං පනාහ: “තණ‍්හාසල‍්ලෙන ඔතිණ‍්ණො”ති. දිස‍්සන‍්ති වීතරාගා ජිරන‍්තාපි මීයන‍්තාපි, යදි ච යථා ජරාමරණං එවං තණ‍්හාපි සියා. එවං සන‍්තෙ සබ‍්බෙ යොබ‍්බනට‍්ඨාපි විගතතණ‍්හා සියුං, යථාච තණ‍්හා දුක‍්ඛස‍්ස සමුදයො එවං ජරාමරණම‍්පි සියා දුක‍්ඛස‍්ස සමුදයො, න ච සියා තණ‍්හා දුක‍්ඛස‍්ස සමුදයො නභි ජරාමරණං දුක‍්ඛස‍්ස සමුදයො, තණ‍්හා දුක‍්ඛස‍්ස සමුදයො, යථා ච තණ‍්හා මග‍්ගවජ‍්ඣා එවං ජරාමරණම‍්පි සියා මග‍්ගවජ‍්ඣං. ඉමාය යුත‍්තියා අඤ‍්ඤමඤ‍්ඤෙහි කාරණෙහි ගවෙසිතබ‍්බං.

යළි “තණ්හාසල්ලෙන ඔතිණ්ණො” යී වදාළහ. වීතරාගයෝ දිරන්නාහු ද මියන්නාහු ද පැනෙති. ඉදින් ජරාමරණය යම් සේ ද තණ්හාවත් එබඳු වී නම්, එසේ ඇති කල හැම යොවුන්වියෙහි සිටියාහු මැ විගතතෘෂ්ණ වන්නාහ, යම් සේ තණ්හාව දුක්ඛ සමුදය වේ ද, එපරිදි ජරාමරණ ද දුක්ඛසමුදය වන්නේය, තණ්හාව දුක්ඛසමුදය නො ද වේ නම්, ජරාමරණ දුක්ඛසමුදය නො මැ වේ, තණ්හාව දුකට සමුදය වෙයි. යම් සේ තණ්හාව මාර්‍ගවධ්‍ය වී නම්, එපරිදි ජරාමරණ ද මාර්‍ගවධ්‍ය වන්නේය. (මෙසෙයින් ජරාමරණ හා තණ්හාව අනන්‍ය නොවේ.) මේ යුක්තියෙන් අන්‍යාන්‍ය කාරණයෙන් විමසිය යුතු යි.

යදි ච සන්‍දිස‍්සති යුත‍්තිසමාරුළ‍්හං අත්‍ථතො ච අඤ‍්ඤත‍්තං, බ්‍යඤ‍්ජන තොපි ගවෙසිතබ‍්බං: සල‍්ලොති වා ධූපායනන‍්ති වා ඉමෙසං ධම‍්මානං අත්‍ථතො එකත‍්තං, න හි යුජ‍්ජති ඉච‍්ඡාය ච තණ‍්හාය ච අත්‍ථතො අඤ‍්ඤත‍්තං. තණ‍්හාය අධිප‍්පායෙ අපරිපූරමානෙ නවසු අඝාතවත්‍ථුසු කොධො ච උපනාහො ච උප‍්පජ‍්ජති. ඉමාය යුත‍්තියා ජරාය ච මරණස‍්ස ච තණ‍්හාය ච අත්‍ථතො අඤ‍්ඤත‍්තං.

තවද ඉදින් යුක්තිසමාරූඪ වූයේ අර්‍ත්‍ථහෙයිනුදු අන්‍යත්‍වය දක්නාලැබේ නම්, බ්‍යඤ්ජන වශයෙනුදු (අන්‍යත්‍වය) විමසියැ යුතු ය: ‘සල්ල’ යී ද ‘ධූපායන’ යී ද (තෘෂ්ණ ඉච්ඡා යන) මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ හෙයින් ඒකත්‍වය වෙයි. ‘ඉච්ඡා’ වගේ ද ‘තණ්හා’ වගේ ද අර්‍ත්‍ථ හෙයින් අන්‍යත්‍වය නො යෙදේ මැයි. තෘෂ්ණායෙන් අදහස නො පිරෙන කල්හි නවවැදැරුම් ආඝාතවස්තු විෂයෙහි ක්‍රෝධයත් උපනාහයත් උපදී. (ජරා මරණ විපර්‍ය්‍යාසයෙහි ක්‍රෝධය නූපදී.) මේ යුක්තියෙන් ජරාවගේ ද මරණයාගේ ද තණ්හාවගේ ද අර්‍ත්‍ථහෙයින් අන්‍යත්‍වය වේ.

යං පනිදං භගවතා ද‍්වීහි නාමෙහි අභිලපිතං ‘ඉච‍්ඡා’තිපි ‘තණ‍්හා’තිපි, ඉදං භගවතා බාහිරානං වත්‍ථුනං ආරම‍්මණවසෙන ද‍්වීහි නාමෙහි අහිලපිතං “ඉච‍්ඡා”තිපි “තණ‍්හා”තිපි. සබ‍්බා හි තණ‍්හා අජ‍්ඣොසානලක‍්ඛණෙන එක ලක‍්ඛණො, යථා සබ‍්බො අග‍්ගි උණහත‍්තලක‍්ඛණෙන එක ලක‍්ඛණො, අපි ච උපාදානවසෙන අඤ‍්ඤමඤ‍්ඤානි නාමානි ලභති: ‘කට‍්ඨග‍්ගී’තිපි තිණග‍්ගී’තිපි ‘සකලිකග‍්ගී’තිපි ‘ගොමයග‍්ගී’තිපි ‘ථුසග‍්ගී’තිපි ‘සංකාරග‍්ගී’තිපි, සබ‍්බො හි අග‍්ගී උණ‍්හත‍්තලක‍්ඛණොව, එවං සබ‍්බා තණ‍්හා අජ‍්ඣොසානලක‍්ඛණෙන එකලක‍්ඛණා. අපි තු ආරම‍්මණඋපාදානවසෙන අඤ‍්ඤමඤ‍්ඤෙහි නාමෙහි අහිල තා: “ඉච‍්ඡා” ඉතිපි “තණ‍්හා” ඉතිපි ‘සල‍්ලො’ ඉතිපි ‘ධුපයානා’ ඉතිපි ‘සරිතා’ ඉතිපි ‘විසත‍්තිකා’ ඉතිපි ‘සිනෙහො’ ඉතිපි ‘කිලමථො’

තවද භාග්‍යවතුන් විසින් ‘ඉච්ඡා’ යයි ද ‘තණ්හා’ යයි ද නම් දෙකකින් යම් අභිලපනයක් කරනලද ද, මෙය භාග්‍යවතුන් විසින් බාහිර වූ රූපාදි වස්තූන් අරමුණු කිරීම් වශයෙන් ඉච්ඡා යී ද තණ්හා යී ද නම් දෙකකින් අභිලපිත විය. (වදාරනලද.) ඒ එසේ මැ ය. (නම් වශයෙන් ප්‍රභේද වූ) සියලු තෘෂ්ණාව අධ්‍යවසාන (අරමුණෙහි බැස ගැනීම්) ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ ඇත්තීය. යම්සේ සියලු ගින්න උෂ්ණත්‍ව ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ වේ ද, එතෙකුදු වත් (ඇවිළැගන්නා කාෂ්ටාදි) උපාදානයන්ගේ වශයෙන් ‘කටඨග්ගි’ යැ ‘තිණග්ගි’ යැ ‘සකලිකග්ගි’ යැ ‘ගොමයග්ගි’ යැ ‘ථුසග්ගී’ යැ ‘සඞ්කාරග්ගි’ යැයි ද අන්‍යාන්‍ය වූ නම් ලබා නමුදු සියලු මැ ගින්න උෂ්ණත්‍වලක්‍ෂණ වේ මැ ය. එසෙයින් සියලු තෘෂ්ණාව අධ්‍යවසාන (ගැලීසිටීම්) ලක්‍ෂණයෙන් සමානලක්‍ෂණ ඇත්තීය. එතෙකුදු වත් (අරමුණු කැමැති වේ නුයි) ‘ඉච්ඡා’ යී ද (තෘෂ්ණා කෙරේ නුයි) ‘තණ්හා’ යී ද (විෂ පෙවූ ශල්‍යයක් වැනි නුයි) ‘සල්ල’ යී ද (සන්තාපනාර්‍ත්‍ථයෙන්) ‘ධූපායනා’ යී ද (ශීඝ්‍රශ්‍රෝතස් ඇති නදියක් වැනි නුයි) ‘සරිතා’යී ද (පැතිරීම් ආදි අර්‍ත්‍ථයෙන්) ‘විසත්තිකා’ යී ද (ස්නෙහ කිරීම් වශයෙන්) ‘සිනෙහ’ යී ද (නානාගතියෙහි ක්ලමථු උපදවනුයෙන්) ‘කිලමථ’ යී ද

ඉතිපි ‘ලතා’ ඉතිපි ‘මඤ‍්ඤනා’ ඉතිපි ‘බන්‍ධො’ ඉතිපි ‘ආසා’ ඉතිපි ‘පිපාසා’ ඉතිපි ‘අභිනන්‍දනා’ ඉතිපි. සබ‍්බා හි තණ‍්හා අජ‍්ඣොසානලක‍්ඛණෙන එකලක‍්ඛණා, යථා ච වෙවචනෙ වුත‍්තා:

(වෙළාගන්නා හෙයින්) ‘ලතා’ යී ද (මාගේ යයි මඤ්ඤනා වශයෙන්) ‘මඤ්ඤනා’ යී ද (දුර ගියහු පවා ඇද බැඳතබනුයෙන්) ‘බන්‍ධ’ යී ද (ආශිංසනාර්‍ත්‍ථයෙන්) ‘ආසා’ යී ද (අරමුණුරස බොනු රිසිවනුයෙන්) ‘පිපාසා’ යී ද (අභිනන්‍දනාර්‍ත්‍ථයෙන්) ‘අභිනන්‍දනා’ යී ද ආලම්බන, උපාදාන වශයෙන් අන්‍යාන්‍ය නාමයෙන් වදාරන ලද්දීය. සියලු මැ තෘෂ්ණාව අධ්‍යවසාන ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ ඇත්තීය. එයින් කියන ලදු, වෙවචනහාරවිහඞ්ගයෙහි:

3. “ආසා පිහා ච අභිනන්‍දනා ච අනෙකධාතූසු සරා පතිට‍්ඨිතා, අඤ‍්ඤාණමූලප‍්පභවා පජප‍්පිතා සබ‍්බා මයා බ්‍යන‍්තිකතා සමූලකා”ති.

3. අනාගතාර්‍ත්‍ථ ආශංසනය කරන ආශාව ද වර්‍තමානාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන පිහාව ද නිෂ්පන්න අර්‍ත්‍ථය ප්‍රතිපාලන කරන අභිනන්‍දනාව ද චක්ඛු ආදි අනේක ධාතු විෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණාව සංඛ්‍යාත සියලු ප්‍රජල්පිතයෝ මූල සහිත වූවාහු මා විසින් විගතාන්ත කරන ලද්දාහු යයි.

තණ‍්හායෙතං වෙවචනං, යථාහ භගවා: “රූපෙ තිස‍්ස අවිගතරාගස‍්ස අවිගතඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස, (එවං) වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ අවිගතරාගස‍්ස අවිගතඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස” අවිගතතණ‍්හස‍්ස, (සබ‍්බං සුත‍්තං විත්‍ථාරෙතබ‍්බං) තණ‍්හායෙතං වෙවචනං, එවං යුජ‍්ජති.

තෙල (ආසා ආදිය) තණ්හාවට පර්‍ය්‍යාය වචන යි. එයින් වදාළහ, බුදුහු - “තිස්සය, රූපයෙහි අවිගත (තදඞ්ගාදි විසින් පහව නොගිය) රාග ඇති අවිගත ඡන්‍දය ඇති අවිගත ප්‍රේමය ඇති අවිගත පිපාසා ඇති අවිගත පරිදාහ ඇති අවිගත තෘෂ්ණා ඇතියහුට, (මෙසේ) වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අවිගත (පහව නොගිය) රාග ඇති අවිගතඡන්‍ද ඇතියහුට අවිගතප්‍රේම ඇතියහුට අවිගතපිපාසා ඇතියහුට අවිගතපරිදාහ ඇතියහුට අවිගතතෘෂ්ණා ඇතියහුට” (ඛන්‍ධසංයුත්තයෙහි සියලු තිස්ස සූත්‍ර විස්තර කටයුතු.) තෙල රාගාදිය තණ්හාවට පර්‍ය්‍යායවචන යි. මෙසේ ‘ඉච්ඡා තණ්හා’ අනන්‍ය හෙයින් ‘ප්‍රශ්න තුනෙකැ’ යි කියන ලද්ද යෙදෙයි. යුක්ති සංගත වේ.

(අන් අයුරෙකින් යුක්තිගවේෂණය දක්වති.)

සබ‍්බො දුක‍්ඛූපචාරො කාමතණ‍්හාසඞ‍්ඛාරමූලකො, න පන යුජ‍්ජති සබ‍්බො නිබ‍්බිදුපචාරො කාමතණ‍්හාපරික‍්ඛාමූලකො, ඉමාය යුත‍්තියා අඤ‍්ඤමඤ‍්ඤෙහි කාරණෙහි ගවෙසිතබ‍්බං.

සියලු දුඃඛප්‍රවෘත්තිය කාමතෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇති සංස්කාර මුල්කොට හේතු කොට ඇත්තේය යනු (යෙදෙයි.) එතෙකුදු වත් සියලු නිර්වේදප්‍රවෘත්තිය කාමතෘෂ්ණාව වට පරිෂ්කාර වු වස්තුකාමය හේතු කොට ඇත්තේ යැ යනු යෙදෙයි. (නිබ්බිදූපචාරය: කාමවස්තුවිපරිනාමයෙන් උපදනා අනභිරතිය ද ඤාණනිබ්බිදාව දැයි දෙ පරිදි වෙයි. එහෙයින් සියලු නිබ්බිදූපචාරය කාමතණ්හාපරික්ඛාරමූලක යැ යනු නොයෙදේ යයි කියන ලදි.) යට කී මේ දෙවැදෑරුම් යුක්තියෙන් අන්‍යෝන්‍ය කාරණයෙන් (ඒ ඒ පාළි ප්‍රදේශයෙහි) යුක්ති ගවේෂණය කළයුතු.

යථා හි: භගවා රාගචරිතස‍්ස පුග‍්ගලස‍්ස අසුභං දෙසෙති. දොස චරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස මෙත‍්තං දෙසෙති, මොහචරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස පටිච‍්චසමුප‍්පාදං දෙසෙති, යදි හි භගවා රාගචරිතස‍්ස පුග‍්ගලස‍්ස මෙත‍්තං චෙතොවිමුත‍්තිං දෙසෙය්‍ය සුඛං වා පටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඛං වා පටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං වා පහානං දෙසෙය්‍ය, න යුජ‍්ජති දෙසනා. එවං යං කිඤ‍්චි රාගස‍්ස අනුලොමප‍්පහානං දොසස‍්ස අනුලොමප‍්පහානං මොහස‍්ස අනුලොමප‍්පහානං සබ‍්බං තං විචයෙන හාරෙන විචිනිත්‍වා යුත‍්තියහාරෙන යොජෙතබ‍්බං යාවතිකා ඤාණස‍්ස භූමි.

ඒ එසේමැ යැ: බුදුහු රාගචරිත ඇති පුද්ගලහට අශුභය දේශනා කෙරෙති, බුදුහු දෝසචරිත ඇති පුද්ගලයාට මෛත්‍රිය දෙසෙති, බුදුහු මෝහචරිත ඇති පුද්ගලයාට ප්‍රතීත්‍යසමුත්පාදය දෙසති. ඉදින් බුදුහු රාගචරිත ඇති පුඟුල්හට මෙත්තාචේතෝවිමුත්තිය දේශනා කරන්නාහු නම් සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥාව හෝ සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාඟිඥාව හෝ විදර්‍ශනා පූර්‍වඞ්ගම ප්‍රහාණය හෝ දෙසන්නාහු නම් දේශනාව නො යෙදෙයි. මේ නයින් යම් කිසි රාගයාගේ අනුරූපප්‍රහාණයෙක් (ප්‍රහාණයට සමර්‍ත්‍ථ වු කරුණෙකැයි සේයි.) ද්වේෂයාගේ අනුරූපප්‍රහාණයෙක් මෝහයාගේ අනුරූපප්‍රහාණයෙක් ඇද්ද ඒ සියල්ල (සංවර්‍ණනා කරන ආචාර්‍ය්‍යවරයාගේ) ප්‍රතිභාඥානයට භූමි (විෂය) වූ පමණින් විචයහාරයෙන්(පදප්‍රශ්නාදිය)විමසා යුක්තිහාරයෙන් යෙදියයුතු.

මෙත‍්තාවිහාරිස‍්ස සතො ව්‍යාපාදො චිත‍්තං පරියාදාය ඨස‍්සතීති න යුජ‍්ජති දෙසනා, බ්‍යාපාදො පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනා කරුණාවිහාරිස‍්ස සතො විහෙසා චිත‍්තං පරියාදාය ඨස‍්සතීති න යුජ‍්ජති දෙසනා, විහෙසා පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනා. මුදිතා විහාරිස‍්ස සතො අරති චිත‍්තං පරියාදාය ඨස‍්සතීති න යුජ‍්ජති දෙසනා, අරති පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනා. උපෙක‍්ඛාවිහාරිස‍්ස සතො රාගො චිත‍්තං පරියාදාය ඨස‍්සතීති න යුජ‍්ජති දෙසනා, රාගො පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනා. අනිමිත‍්තවිහාරිස‍්ස සතො නිමිත‍්තානුසාරි තෙන තෙනෙව විඤ‍්ඤාණං පවත‍්තතීති න යුජ‍්ජති දෙසනා, නිමිත‍්තප‍්පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනා.

මෛත්‍රිවිහාරලාභී වූවහුගේ සිත ව්‍යාපාදය මැඩැගෙන සිටිනේ යැ යන දේශනාව (කථාව) නො යෙදෙයි, ව්‍යාපාදය ප්‍රහාණයට නැසීමට යෙයි යන දේශනාව යෙදෙයි. කරුණාවිහාරලාභි වූවහුගේ සිත විහිංසාව මැඩැගෙන සිටිනේ යැ යන දේශනාව නොදෙයි, විහිංසාව ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි. මෘදුතාවිහාරලාභි වූවහුගේ සිත අරතිය මැඩැගෙන සිටිනේ යැ යන දේශනාව නොයෙදෙයි, අරතිය ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි දේශනාව යෙදෙයි. උපේක්‍ෂා විහාරලාභි වූවහුගේ සිත රාගය මැඩගෙන සිටිනේ යැ යන දේශනාව නො යෙදෙයි, රාගය ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි. අනිමිත්තවිහාර (අනිත්‍යානුදර්‍ශනද්වාරයෙන් ලැබූ පලසමවත්) ඇතියහුගේ සංස්කාරනිමිත්තානුසාරී විඥානය ප්‍රහීණ වූ ඒ ඒ නිමිත්ත සමග මැ පවතී යන දේශනාව නො යෙදෙයි, නිත්‍යාදි නිමිත්ත ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි.

අස‍්මීති විගතං, අයමහස‍්මිති න සමනුපස‍්සාමි. අථ ච පන මෙ කිස‍්මිති කථස‍්මිති විචිකිච‍්ඡා කථංකථාසල‍්ලං චිත‍්තං පරියාදාය ඨස‍්සතීති න යුජ‍්ජති දෙසනා, විචිකිච‍්ඡා කථංකථාසල‍්ලං පහානං අබ‍්භත්‍ථං ගච‍්ඡතීති යුජ‍්ජති දෙසනා.

(උපාදානස්කන්‍ධයන්හි දෘෂ්ටි මාන විසින් උපදනා) මම් වෙමි යන මඤ්ඤිතය පහවිය, මේ රූපාදිය ‘මම් වෙමි’ නො දක්මි, එතෙකුදු වත් ‘කවරෙකිම් ද, කෙසේ වෙම් ද, යන විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාශල්‍යය මාගේ සිත හාත්පසින් මැඩැගෙන සිටිනේ ය යන කථාව නොයෙදෙයි, විචිකිච්ඡා කථංකථාශල්‍යය ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි.

යථා වා පන පඨමං ඣානං සමාපන‍්නස‍්ස සතො කාමරාගබ්‍යාපාදා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. අවිතක‍්කසහගතා වා සඤ‍්ඤාමනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. දුතියං ඣානං සමාපන‍්නස‍්ස සතො විතක‍්කවිචාරසහගතා සඤ‍්ඤාමනසිකාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. උපෙක‍්ඛා සුඛසහගතා වා සඤ‍්ඤා මනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. තතියං ඣානං සමාපන‍්නස‍්ස සතො පීතිසුඛසහගතා සඤ‍්ඤාමනසිකාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. උපෙක‍්ඛාසති පාරිසුද‍්ධිසහගතා වා සඤ‍්ඤාමනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස සතො උපෙක‍්ඛාසුඛසහගතා සඤ‍්ඤා මනසිකාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා, ආකාසානඤ‍්චායතනසහගතා වා සඤ‍්ඤා මනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා.

තවද අනෙකෙකි: පළමුවන දැහැනට සමවත්හට කාමරාගව්‍යාපාදයෝ විශේෂාධිගමය පිණිස පවත්නාහ යන කථාව නොයෙදෙයි, පිරිහීමට පවත්නාහ යන කථාව යෙදෙයි, නොහොත් අවිතර්‍ක සහගත සංඥාමනසිකාරයෝ පරිහානියට වැටෙති යන කථාව නොයෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. දෙවැනි දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, පිරිහීමට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් උපේක්‍ෂාසුඛ සහගත සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නොයෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. තුන්වැනි දැහැනට ප්‍රීති සුඛ සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධිය හා සහගත වූ සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. සිවුවන දැහැනට සමවන්නහුට උපේක්‍ෂාසුඛ සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් ආකාසානඤ්චායතන සහගත වු සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ.

ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස සතො රූපසහගතා සඤ‍්ඤා මනසිකාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. විඤ‍්ඤාණඤ‍්චායතනසහගතා වා සඤ‍්ඤා මනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස සතො ආකාසානඤ‍්චායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. ආකිඤ‍්චඤ‍්ඤායතනසහගතා වා සඤ‍්ඤාමනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස සතො විඤ‍්ඤාණඤ‍්චායතන සහගතා සඤ‍්ඤාමනසිකාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසහගතා වා සඤ‍්ඤාමනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස සතො සඤ‍්ඤූපචාරා විසෙසාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා, හානාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. සඤ‍්ඤාවෙදයිතනිරොධසහගතා වා සඤ‍්ඤාමනසිකාරා හානාය සංවත‍්තන‍්තීති න යුජ‍්ජති දෙසනා. විසෙසාය සංවත‍්තන‍්තීති යුජ‍්ජති දෙසනා. කල‍්ලතාපරිචිතං චිත‍්තං න ච අභිනීහාරං ඛමතීති න යුජ‍්ජති දෙසනා, කල‍්ලතාපරිචිතං චිත‍්තං අථ ච අභිනීහාරං ඛමතීති යුජ‍්ජති දෙසනා. එවං සබ‍්බෙ නව සුත‍්තන‍්තා යථාධම‍්මං යථාවිනයං යථාසත්‍ථුසාසනං සබ‍්බතො විචයෙන හාරෙන විචිනිත්‍වා යුත‍්තිහාරෙන යොජෙතබ‍්බා’ති. තෙනාහ ආයස‍්මා මහාකාච‍්චානො: “සබ‍්බෙසං හාරානං යා භූමි යො ච ගොචරො තෙසං”ති.

ආකාසානඤ්චායතන සමවත් සමවන්නහුට රූපසහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට පවත්නාහ යන කථාව නො යෙදෙයි, හානියට වැටෙති යන කථාව යෙදෙයි, නොහොත් විඤ්ඤාණඤ්චායතන සහගත සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශාව යෙදේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සහගත වු සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වු සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් සමවන්නහුට පටු වු සංඥාකෘත්‍යය කරන විත්තොත්පාදයෝ (ආකිඤ්චඤ්ඤායතනයධර්‍මයෝ) විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් සඤ්ඤාවේදයිත නිරෝධ සහගත වූ සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂය පිණිස පවත්නාහ යන දේශනාව යෙදේ. කල්‍යතාපරිචිත වූ (වශීභාවයෙන් ප්‍රගුණ කළ) චිත්තය නො ද අභිනීහාරක්‍ෂම වෙයි යන කථාව නොයෙදෙයි, වැලිත් කල්‍යතාපරිචිත වූ චිත්තය අභිනීහාරක්‍ෂම වෙයි යන දේශනාව යෙදේ. මෙසේ සියලු නවසූත්‍රාන්තයෝ දහම් වූ පරිදි විනය වූ පරිදි ශාස්තෘශාසනය වූ පරිදි සර්‍වප්‍රාකාරයෙන විචයහාරයෙන් විචිනනය කොට (විමසා) යුක්තිහාරයෙන් යෙදිය යුත්හාහ’ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “සබ්බේසං හාරානං යා භූමියො ච ගෝචරො තෙසං” යී.

නියුත‍්තො යුත‍්තිහාරො.

යුත්තිහාරය යොදනලදී.