විචයහාරවිහඞ්ගො
3. 1. 2.
3. 1. 2.
විචයහාරවිහඞ්ගො
විචයහාරවිභඞ්ගය
තත්ථ කතමො විචයො හාරො: “යං පුච්ඡිතං ච විස්සජ්ජිතං චා” ති ගාථා, අයං විචයො හාරො. කිං විචිනති: පදං විචිනති පඤ්හං විචිනති විස්සජ්ජනං විචිනති පුබ්බාපරං විචිනති අස්සාදං විචිනති ආදීනවං විචිනති නිස්සරණං විචිනති ඵලං විචිනති උපායං විචිනති ආණත්තිං විචිනති අනුගීතිං විචිනති සබ්බෙ නව සුත්තන්තෙ විචිනති.
එහි විචයහාර කවරෙ යත්: “යං පුච්ඡිතඤ්ච විස්සජ්ජිතඤ්ච”යන ගාථා යි. මේ විචයහාර යි. කුමක් සොයා ද යත්: පදය සොයයි, ප්රශ්නය - විසඳුම - පූර්වාපරය - ආස්වාදය - ආදීනවය - නිස්සරණය - ඵලය - උපාය - ආණත්තිය - අනුගීතිය සොයයි, සියලු සුත්තගෙය්යාදි නවසූත්රාන්තයන් සොයයි.
යථා කිං භවෙ : යථා ආයස්මා අජිතො පාරායනෙ භගවන්තං පඤ්හං පුච්ඡති.
ඒ කෙබඳු වෙයි යත්: ආයුෂ්මත් අජිත තෙරණුවෝ පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්ති:
1. “කෙනස්සු නිවුතො ලොකො (ඉච්චායස්මා අජිතො) කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්රූසි කිංසු තස්ස මහබ්භයං” ති.
1. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) සත්ත්වලෝක තෙම කවරක්හු විසින් වසනලද ද? කුමක් හේතු කොට ප්‍රකාශයට නොපැමිණේ ද? ඒ ලෝවැසියාට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරනලද ද? ඒ සත්ත්ව ලෝක හට මහත් භයහේතුව කුමක්දැ?යි.
ඉමානි චත්තාරි පදානි පුච්ඡිතානි, සො එකො පඤ්හො; කස්මා; එකවත්ථුපරිග්ගහා, එවං හි ආහ: “කෙනස්සු නිවුතො ලොකො” ති ලොකාධිට්ඨානං පුච්ඡති. “කෙනස්සු නප්පකාසතී”ති ලොකස්ස අප්පකාසනං පුච්ඡති. “කිස්සාභිලෙපනං බ්රූසී”ති ලොකස්ස අභිලෙපනං පුච්ඡති. “කිංසු තස්ස මහබ්භයං”ති තස්සෙව ලොකස්ස මහාභයං පුච්ඡති. ලොකො තිවිධො: කිලෙසලොකො භවලොකො ඉන්ද්රියලොකො.
මේ ප්‍රශ්න විසින් කියනලද පද (වාක්‍ය) සතරෙකි. හේ එක ප්‍රශ්නයෙක් වෙයි. කුමක් හෙයින යත්: ලෝක සංඛ්‍යාත එක් වස්තුවක් මුඛ්යවශයෙන් ගත් හෙයිනි. එහෙයින් මැ කියයි: “කෙනස්සු නිවුතො ලෝකෝ”යී සත්ත්වලෝකය මුඛ්‍ය කොට පුළුවුස්සි. “කෙනස්සු නප්පකාසති” යී ලෝකයාගේ ප්‍රකාශ නොවීම පුළුවුස්සි (විචාරයි.) “කිස්සාභිලේපනං බ්‍රෑසි” යී ලෝකයාගේ (මක්කටාඟිලේපනයක් සෙයින්) ඇලීම විචාරයි. “කිංසු තස්ස මහබ්භයං” යී එ ලෝකයාගේ මැ මහත් භය විචාරයි. ලෝකය ත්‍රිවිධ යැ: (රාගාදි කෙලෙස් බිහිලි බැවින්) කාමාවචරසත්ත්ව සංඛ්‍යාත ක්ලේශලෝක යැ, රූපාවචරසත්ත්ව සංඛ්‍යාත භවලෝක යැ, අරූපාවචරසත්ත්ව සංඛ්‍යාත ඉන්ද්රියලෝක යි.
තත්ථ විස්සජ්ජනා:
එහි මේ විසඳීම යැ:
2. “අවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච්ඡාපමාදා නප්පකාසති, ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භය”න්ති.
2. (අජිත’ යී බුදුහු වදාරති) ධර්‍මස්වභාව ප්රතිච්ඡාදනලක්ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසන ලද, විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නොපැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි, ජාත්‍යාදි සසරදුක ඒ ලෝකහට මහත් භය වේ යයි.
ඉමානි චත්තාරි පදානි ඉමෙහි චතුහි, පදෙහි විස්සජ්ජිතානි, පඨමං පඨමෙන, දුතියං දුතියෙන, තතියං තතියෙන, චතුත්ථං චතුත්ථෙන, “කෙනස්සු නිවුතො ලොකො”ති පඤ්හෙ “අවිජ්ජාය නිවුතො ලොකො”ති විස්සජ්ජනා, නීවරණෙහි නිවුතො ලොකො, අවිජ්ජා නීවරණා හි සබ්බෙ සත්තා; යථාහ භගවා: “සබ්බසත්තානං භික්ඛවෙ සබ්බපාණානං සබ්බභූතානං පරියායතො එකමෙව නීවරණං වදාමි, යදිදං අවිජ්ජා; අවිජ්ජානීවරණා හි සබ්බෙ සත්තා සබ්බසො ච භික්ඛවෙ අවිජ්ජාය නිරොධා චාගා පටිනිස්සග්ගා නත්ථි සත්තානං නීවරණන්ති වදාමී”ති. තෙන ච පඨමස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා.
පෘව්ඡාගාථායෙහි මේ සතරපදයෝ විස්සජ්ජනගාථායෙහි මේ සතරපදයෙන් විසඳනලදහ. ප්‍රථම පදය ප්‍රථම පදයෙන් ද දෙවැන්න දෙවැන්නෙන්ද තෙවැන්න තෙවැන්නෙන් ද සතරවැන්න සතරවැන්නෙන් ද විසඳන ලදි. (ඒ මෙසේයැ: “කෙනස්සු නිවුතො ලෝකෝ” යන ප්‍රශ්නයෙහි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු විසඳීම යැ, නීවරණයන් විසින් ලෝවැසිතෙම වසනලද, එසේ මැය: හැම සත්හු අවිද්‍යා නීවරණ ඇත්තාහ. මේ වදාළහ, බුදුහු: ‘මහණෙනි, හැම සත්නට හැම ප්‍රාණීන්ට හැම භූතයනට කාරණහේයින් එක් මැ නීවරණයක් කියමි. ඒ කවර යැ: අවිද්‍යා යි. හැම සත්හු අවිද්යානීවරණඇත්තාහු මැය. තවද මහණෙනි, සර්වප්රකාරයෙන් අවිද්‍යාවගේ අනුත්පාදනිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් සත්ත්වයනට නීවරණ නැතැයි කියමි’ යි. ඒ “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යන පදයෙන් “කෙනස්සු නිවුතො ලෝකෝ” යන පළමුවන පදයාගේ විසඳීම යොදනලදි.
“කෙනස්සු නප්පකාසතී”ති පඤ්හෙ “විවිච්ඡා පමාදා නප්පකාසතී”ති විස්සජ්ජනා, යො පුග්ගලො නීවරණෙහි නිවුතො සො විවිච්ඡති, විවිච්ඡා නාම වුච්චති විචිකිච්ඡා, සො විචිකිච්ඡන්තො නාභිසද්දහති, අනභිසද්ද හන්තො විරියං නාරභති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං සච්ඡිකිරියාය, සො ඉධපමාදමනුයුත්තො විහරති, පමත්තො සුක්කෙ ධම්මෙ න උපාදියති, තස්ස තෙ අනුපාදියමානා නප්පකාසන්ති, යථාහ භගවා:
“කෙනස්සු නප්පකාසති” යන ප්‍රශ්නයෙහි “විවිච්ඡා පමාදා නප්පකාසති” යනු විසඳීම යැ. යම් පුඟුලෙක් නීවරණයන් විසින් පිහිත ද, ඒ පුද්ගල සැකකරයි. විචිකිත්සාව “විවිච්ඡා” නමැයි කියනු ලැබේ. හේ සැකකරනුයේ නොහදහයි. හැදැහිලි නොකරනුයේ අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්මයන් ප්රත්යක්ෂකරනු පිණිස වීර්‍ය්‍යාරම්භ නොකෙරෙයි. හේ මෙලොවැ ප්‍රමාදයෙහි අනුයුක්තව වෙසෙයි. ප්‍රමත්ත වූයේ කුශලධර්මයන් සමාදන් කොට නොවැටෙයි. ඔහුගේ සන්තානයෙහි නොපවත්නාවු ඒ කුශලධර්‍මයෝ (ඒ පුඟුල්හු) ප්‍රකාශ නොකෙරෙත්. මෙසේ වදාළහ: බුදුහු -
3. “දූරෙ සන්තො පකාසන්ති භිමවන්තොච පබ්බතො, අසන්තෙත්ථ න දිස්සන්ති රත්තිඛිත්තා යථා සරා.”
3. (උත්සන්න කුශලමූල ඇති භාවිත භාවනා ඇති) සාධුහු දුරැ සිටියාහුදු හිමවත් පර්වතය සෙයින් ප්‍රකාශ වෙති. (බුදුනුවණට පැනෙති.) මෙලොවැ අසාධු වු බාල පුද්ගලයෝ රාත්‍රියෙහි විදුනාලද සරයන් (ඊතල) සෙයින් නොපැනෙත්.
“තෙ ගුණෙහි පකාසන්ති කිත්තියා ච යසෙන චා”ති.
ඒ සජ්ජනයෝ ගුණයන් කරණකොටගෙන කීර්තියෙනුදු පරිවාරයශසිනුදු ප්‍රකාශ වෙත්’ යී.
තෙන ච දුතියස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා.
ඒ “විවිච්ඡා පමාදා නප්පකාසති” යන පදයෙන් “කෙනස්සු නප්පකාසති” යන දෙවැනි පදයාගේ විසඳීම යොදන ලදී.
”කිස්සාභිලෙපනං බ්රූසී”ති පඤ්හෙ- “ජප්පාභිලෙපනං බ්රූමි”ති විස්සජ්ජනා, ජප්පා නාම වුච්චති තණ්හා, සා කථං අභිලිම්පති; යථාහ භගවා:
“කිස්සාභිලේපනං බ්‍රෑසි” යන ප්‍රශ්නයෙහි “ජප්පාභිලේපනං බ්රෑමි” යනු විසඳීමයැ. තෘෂ්ණාව ‘ජප්පා’ නමැයි කියනු ලැබේ. ඒ තෘෂ්ණාව කිසෙයින් (පුරුෂයාරූපාදි විෂයෙහි) අලවයි යත්: මෙසේ වදාළහ බුදුහු -
4. “රත්තො අත්ථං න ජානාති රත්තො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං රාගො සහතෙ නර”න්ති.
4. රාගයෙන් රත්වුයේ ආත්මාර්ත්ථාදි අර්ත්ථය නොදනී, රාගයෙන් රත්වුයේ කුශලාදි භේද වු ධර්මය නොදකී, රාග තෙමේ යම් කලෙක මිනිසා සහනය කෙරේද එකල්හි මහත්වු මෝහාන්ධකාරය වේ’ යයි.
සා’යං තණ්හා ආසත්තිබහුලස්ස පුග්ගලස්ස එවං අභිජප්පාති කරිත්වා තත්ථ ලොකො අභිලිත්තො නාම භවති. තෙන ච තතියස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා.
මේ තෘෂ්ණාව ඇලීම (ආසත්තිය)බහුල කොට ඇති පුඟුල්හට මෙසේ පර්‍ය්‍යුත්‍ථාන කාරණ යයි කොට ඒ තෘෂ්ණායෙන් ලෝවැසි තෙම වෙසෙසින් ඇලුණේ නම් වේ. තවද ඒ ‘ජප්පාභිලෙපනං බ්රෑමි’ යන පදයෙන් තුන්වැනි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යන පදයාගේ විසඳීම යොදනලද වේ.
“කිංසු තස්ස මහබ්භය”න්ති පඤ්හෙ “දුක්ඛමස්ස මහබ්භය”න්ති විස්සජ්ජනා. දුවිධං දුක්ඛං: කායිකං ච චෙතසිකං ච. යං කායිකං ඉදං දුක්ඛං, යං චෙතසිකං ඉදං දොමනස්සං. සබ්බෙ සත්තා හි දුක්ඛස්ස උබ්බිජ්ජන්ති නත්ථි භයං දුක්ඛෙන සමසමං, කුතො වා පන තස්ස උත්තරිතරං, තිස්සො දුක්ඛතා: දුක්ඛදුක්ඛතා විපරිණාමදුක්ඛතා සංඛාර දුක්ඛතා; තත්ථ ලොකො ඔධිසො කදාචි කරහචි දුක්ඛදුක්ඛතාය මුච්චති, තථා විපරිණාමදුක්ඛතාය. තං කිස්ස හෙතු: හොන්ති ලොකෙ අප්පා බාධාපි දීඝායුකාපි. සංඛාරදුක්ඛතාය පන ලොකො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා මුච්චති, තස්මා සංසාරදුක්ඛතා දුක්ඛං ලොකස්සාති කත්වා දුක්ඛමස්ස මහබ්භයන්ති. තෙන ච චතුත්ථස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා. තෙනාහ භගවා: “අවිජ්ජාය නිවුතො ලොකො”ති.
“කිංසු තස්ස මහබ්භයං” යන ප්‍රශ්නයෙහි: “දුක්ඛමස්ස මහබ්භයං” යනු විසඳීමයැ. දුක දෙවැදෑරුම් යැ: කායිකදුඃඛ යැ, චෛතසිකදුඃඛයි. කයෙහි උපන්නේ දුක යැ, සිත්හි උපන්නේ දොම්නසි. එසේ මැයි, සියලු සත්ත්වයෝ දුකට තැතිගනිති. දුක හා සමසම වු බියෙක් නැත. ඒ දුකට වැඩිතරම් බියෙක් කොහි හෝ යැ. දුක්ඛතා තුනෙකි: දුක්ඛ - දුක්ඛතා යැ, විපරිණාමදුක්ඛතා යැ, සංඛාරදුක්ඛතායි. එහි ලෝවැසි තෙමේ අවධිවශයෙන් කිසි කලෙක (ආත්මොපක්රමමූලකාදි) දුක්ඛ දුක්ඛතායෙන් මිදෙයි. එසේම විපරිණාමදුක්ඛතායෙනුදු මිදෙයි. ඒ කවරහෙයින යත්: ලොවැ අල්පාබාධ වූවාහු ද දීර්ඝායුෂ්ක වූවාහු ද වෙත්. සංඛාරදුක්ඛතායෙන් වැලිත් ලෝවැසි අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් මිදෙයි. එහෙයින් සංස්කාරදුඃඛය ලෝකයාහට දුකැයි කොට ‘දුක්ඛමස්ස මහබ්භයං’ වදාරන ලදි. එයින් ‘කිංසු තස්ස මහබ්භයං’ යන සතරවැනි පදයාගේ විසඳීම යොදන ලද වේ. එයින් වදාළහ, බුදුහු: “අවිජ්ජාය නිවුතො ලෝකෝ”යී.
5. “සවන්ති සබ්බධි සොතා (ඉච්චායස්මා අජිතො) සොතානං කිං නිවාරණං, සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථීයරෙ”ති
5. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) තෘෂ්ණාදි ශ්‍රෝතස්හු සියලු රූපාදි ආයතනයන්හි ගලාබසිති. ඒ ශ්රෝතසුන්ගේ ආවරණය කිම? ආරක්ෂාව කවර යැයි සේයි. ශ්රෝතසුන්ගේ සංවරය වදාළමැනැව, කවර දහමකින් තෘෂ්ණාදි ශ්‍රෝතස්හු වසනු ලැබෙත් දැ’ යි.
ඉමානි චත්තාරි පදානි පුච්ඡිතානි. තෙ ද්වෙ පඤ්හා; කස්මා: ඉමෙ හි බව්හධිවචනෙන පුච්ඡිතා. එවං සමාපන්නස්ස ලොකස්ස එවං සඞ්කිලිට්ඨස්ස ලොකස්ස කිං වොදානං වුට්ඨානං ඉති: එවං හි ආහ: “සවන්ති සබ්බධි සොතා”ති. අසමාහිතස්ස සවන්ති අභිජ්ඣාව්යාපාද පමාදබහුලස්ස. තත්ථ යා අභිජ්ඣා අයං ලොභො අකුසලමූලං, යො බ්යාපාදො අයං දොසො අකුසලමූලං, යො පමාදො අයං මොහො අකුසලමූලං. තස්සෙවං අසමාහිතස්ස ඡසු ආයතනෙසු තණ්හා සවන්ති: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. යථාහ භගවා: “සවතීති ඛො භික්ඛවෙ ඡන්නෙ’තං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. චක්ඛු සවති මනාපිකෙසු රූපෙසු, අමනාපිකෙසු පටිහඤ්ඤති, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො සවති මනාපිකෙසු ධම්මෙසු අමනාපිකෙසු පටිහඤ්ඤතී”ති.
මේ ප්‍රශ්න විසින් පුළුවුස්නාලද වාක්‍ය සතරෙකි: ඒ සතරපදයෝ ප්‍රශ්න දෙකෙකි. කුමක් හෙයින යත්: මේ අර්‍ත්‍ථයෝ බහුවචනයෙන් පුළුවුස්නාලද හෙයිනි. මෙසේ ව්‍යසනාපන්න වු ලෝවැසියාගේ මෙසේ දශක්ලේශවස්තුයෙන් සංක්ලිෂ්ට වු ලෝවැසියාගේ (ශමථවිදර්ශනාසංඛ්යාත) ව්‍යවදාන (මාර්ගසංඛ්‍යාත) වුත්ථානය කවරෙයයි. එසෙයින් මැ කී: “සවන්ති සබ්බධි සෝතා” යී. අභිධ්‍යා ව්‍යාපාද ප්රමාදබහුල කොට ඇති අසමාහිතයාහට තෘෂ්ණාදි ශ්‍රෝතස්හු ගලාබසිති. එහි යම් යම් අභිධ්‍යාවක් ඇද්ද, මෝ ලෝභඅකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද, මේ ද්වේෂ - අකුශලමූල යැ, යම් ප්‍රමාදයෙක් ඇද්ද, මේ මෝහ - අකුශලමූල යි. මෙසේ (නානාලම්බනයෙහි විසුරුණු සිත් ඇති) අසමාහිත වූ ඔහුට ෂඩායතනයෙහි තෘෂ්ණා පවතී: රූපතණ්හා යැ සද්ද තණ්හා යැ ගන්ධතණ්හා යැ රසතණ්හා යැ ඵොට්ඨබ්බතණ්හා යැ ධම්මතණ්හා යි. මේ වදාළහ, බුදුහු: “මහණෙනි, සවති” යනු ආධ්‍යාත්මික වූ ෂඩායතනයනට තෙල නමෙකි. චක්ෂුස මනවඩන රූපවිෂයෙහි පවතී, අමනාපික රූපයන්හි ගැටෙයි, ශ්‍රෝතස … ඝ්‍රාණය … ජිහ්වාව … කාය … මනස මනවඩන ධර්මයන්හි පවතී, අමනාපික ධර්මයන්හි ගැටේ” යයි.
ඉති සබ්බා ච සවති සබ්බථා ච සවති. තෙනාහ: “සවන්ති සබ්බධි සොතා”ති. “සොතානං කිං නිවාරණ”න්ති පරියුට්ඨාන විඝාතං පුච්ඡති, ඉදං වොදානං. “සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ”ති අනුසයසමුග්ඝාතං පුච්ඡති, ඉදං වුට්ඨානං.
මෙසේ සියල්ලෙනුදු පවතී, සර්වප්රකාරයෙනුදු පවතී, එයින් කී: ‘සවන්ති සබ්බධි සෝතා’ යී. “සෝතානං කිං නිවාරණං” යී පරියුට්ඨානයාගේ විඝාතය - නැසීම පුළුවුස්සි. මේ ව්‍යවදාන - පරියුට්ඨානප්රහාණ යි. “සෝතානං සංවරං බ්‍රෑහි කෙන සෝතා පිථියරෙ” යී අනුසය නැසීම පුළුවුස්සි. මේ මාර්ගසංඛ්‍යාත ව්යුත්ථාන යි.
තත්ථ විස්සජ්ජනා :
එහි මේ විසඳීම යැ:
6. “යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්රූමී පඤ්ඤායෙතෙ පිථියරෙ”ති.
6. (අජිත’ යී බුදුහු වදාරති:) ලොවැ තෘෂ්ණාදි යම් ශ්‍රෝතස් කෙනෙක් වෙත් ද, විදර්‍ශනාසම්ප්‍රයුක්ත වූ ස්මෘතිය යැ ඒ ශ්රෝතසුන්ගේ ආවරණයැ ආරක්ෂාව නුයි (ඒ ස්මෘතිය ම) ශ්රෝතසුන්ගේ සංවරයයි කියමි, මාර්‍ගප්‍රඥායෙන් තෙල ශ්‍රෝතස්හු (සර්වප්රකාරයෙන්)වසනුලැබෙත්, (නූපදියදී සමුච්ඡේද කරනු ලැබෙතී සේයි.)
කායගතාය සතියා භාවිතාය බහුලීකතාය චක්ඛු නාවිඤ්ඡති මනාපිකෙසු රූපෙසු අමනාපිකෙසු න පටිහඤ්ඤති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො නාවිඤ්ඡති මනාපිකෙසු ධම්මෙසු අමනාපිකෙසු න පටිහඤ්ඤති. කෙන කාරණෙන සංවුතනිවාරිතත්තා ඉන්ද්රියානං, කෙන තෙ සංවුතා නිවාරිතා: සතිආරක්ඛෙන, තෙනාහ භගවා: “සති තෙසං නිවාරණ”න්ති.
කායගතස්මෘතිය භාවිත කල්හි බහුලීකෘත කල්හි චක්ෂුස මනවඩන රූපවිෂයෙහි (අභිධ්යාදීනට ප්රවෘත්තිද්වාරවශයෙන් චිත්තසන්තානය හෝ පුද්ගලයා) ආකර්ෂණ නොකෙරෙයි, අමනාපික රූපවිෂයෙහි නොගැටෙයි. ශ්‍රෝතස … ඝ්‍රාණය … ජිහ්වාව … කාය … මනස මනවඩන ධර්මයන්හි ආකර්ෂණ නොකෙරෙයි, අමනාපික ධර්මයන්හි නො ගැටේ. කවර හෙයින යත්: ඉන්ද්රියයන් සංවෘත - නිවාරිත හෙයිනි. කවරක්හු විසින් ඒ ඉන්ද්රියයෝ වසනලද්දාහු වළහනලද්දාහු ද යත්: සිහි නම් ඇති ආරක්ෂකයා විසිනි. එයින් වදාළහ, බුදුහු - “සති තෙසං නිවාරණං” යි.
පඤ්ඤාය අනුසයා පහීයන්ති, අනුසයෙසු පහීනෙසු පරියුට්ඨානා පහීයන්ති, තස්ස අනුසයස්ස පහීනත්තා. තං යථා ඛන්ධවන්තස්ස රුක්ඛස්ස අනවසෙසමුලූද්ධරණෙ කතෙ පුප්ඵඵලපවාලඞ්කුරසන්තති සමුච්ඡින්නා භවති. පිදහිතා පටිච්ඡන්නා, කෙන: පඤ්ඤාය. තෙනාහ භගවා: “පඤ්ඤායෙතෙ පිථීයරෙති”.
මාර්ගඥානයෙන් අනුශයධර්‍මයෝ ප්‍රහීණ වෙති, අනුශය ප්‍රහීණ කල්හි පර්‍ය්‍යුත්‍ථාන ක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඒ අනුශය ප්‍රහීණ බැවිනි. යම්සේ කඳ ඇති රුකක්හුගේ නිරවශේෂ කොට මුල් උදුරාලූ කල්හි මල්පලපලූ හා අඞ්කුරසන්තතිය සමුච්ඡින්න වේ ද, එසෙයින් අනුශය ප්‍රහීණ කල්හි පර්‍ය්‍යුත්‍ථාන ක්ලේශසන්තතිය සමුච්ඡින්න (සිඳුනාලද) වෙයි, වසන ලද වෙයි, ප්‍රතිච්ඡන්න වේ. කවරක්හු විසින යත්: මාර්ගප්රඥාව විසිනි. එයින් වදාළහ බුදුහු - “පඤ්ඤායෙතෙ පිථියරෙ”යි.
7. “පඤ්ඤා චෙව සතී ච (ඉච්චායස්මා අජිතො) නාමරූපං ච මාරිස; එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙ’තං උපරුජ්ඣතී”ති.
7. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, මාර්ග ප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූපය ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද, තෙල මා විසින් පුළුවුස්නාලදසේක් වදාළ මැනව.
8. යමෙතං පඤ්හං අපුච්ඡි අජිත, තං වදාමි තෙ, යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති; විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣතී”ති
8. අජිතය, තෙල(කත්ථේතං උපරුජ්ඣති’ යී) යම් ප්‍රශ්නයක් විචාළෙහි ද, එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, (එය තොපට කියමි,) ඒ (පශ්චිම) විඥානයාගේ නිරෝධය සමග මැ මේ විඥානනිරෝධයෙහි ලා තෙල නාමරූප නිරුද්ධ වේ යයි.
අයං පඤ්හො අනුසන්ධිං පුච්ඡති, අනුසන්ධිං පුච්ඡන්තො කිං පුච්ඡති: අනුපාදිසෙසං නිබ්බානධාතුං, තීණි ච සච්චානි සඞ්ඛතානි නිරොධධම්මානි දුක්ඛං සමුදයො මග්ගො, නිරොධො අසඞ්ඛතො. තත්ථ සමුදයො ද්වීසු භූමිසු පහීයති: දස්සන භූමියා ච භාවනාභූමියා ච. දස්සනෙන තීණි සංයොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො: භාවනාය සත්තසංයොජනානි පහීයන්ති: කාමච්ඡන්දො බ්යාපාදො රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ච නිරවසෙසා තෙධාතුකෙ ඉමානි දස සඤ්ඤොජනානි, පඤ්චොරම්භාගියානි පඤ්චුද්ධම්භාගියානි. තත්ථ තීණි සංයොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං අධිට්ඨාය නිරුජ්ඣන්ති, සත්ත සංයොජනානි කාමච්ඡන්දො බ්යාපාදො රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ච නිරවසෙසා අඤ්ඤින්ද්රියං අධිට්ඨාය නිරුජ්ඣන්ති.
මේ ප්රශ්නය අනුසන්ධිය විචාරයි. අනුසන්ධි පුළුවුස්නේ කුමක් විචාරයි යත්: අනුපාදිසේස නිර්වාණධාතුව ද, ප්‍රත්‍යයසමවායෙන් උපන් නිරුද්ධවන පියවිඇති දුක්ඛ යැ සමුදය යැ මග්ග යැ යන තුන් සත්‍යයන් ද විචාරයි. නිරෝධසත්‍යය අසංඛත යි. එහි සමුදය දර්ශනභූමියෙහි ද භාවනාභූමියෙහි ද යන භූමි දෙක්හි ප්‍රහීණ වෙයි. දර්ශනයෙන් සක්කායදිට්ඨි යැ විචිකිච්ඡා යැ සීලබ්බතපපරාමාස යැ යන තුන්සංයෝජනයෝ ප්‍රහීණ වෙති, භාවනායෙන් කාමච්ඡන්ද යැ ව්‍යාපාද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ නිරවශේෂ අවිජ්ජා යැ යන සත්සංයොජනයෝ ප්‍රහීණ වෙත්, මොහු කාමාදි ත්රෛධාතුකයෙහි දසසංයෝජනයෝ යැ, ඕරම්භාගිය පසෙක, උද්ධම්භාගිය පසෙකි. ඔවුන් කෙරෙහි ‘සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස’ යන තුන් සංයෝජනයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියයට පැමිණ නිරුද්ධ වෙති, ‘කාමච්ඡන්ද යැ ව්‍යාපාද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ අවිජ්ජා’ යැ යන සත් සංයෝජනයෝ අඤ්ඤින්‍ද්‍රියට පැමිණ නිරවශේෂව නිරුද්ධ වෙත්.
යං පන එවං ජානාති: “ඛීණා මෙ ජාතී”ති ඉදං ඛයෙ ඤාණං, නාපරං ඉත්ථත්තායා”ති පජානාති ඉදං අනුප්පාදෙ ඤාණං, ඉමානි ද්වෙ ඤාණානි අඤ්ඤාතාවින්ද්රියං, තත්ථ යඤ්ච අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්ද්රියං යඤ්ච අඤ්ඤින්ද්රියං ඉමානි අග්ගඵලං අරහත්තං පාපුණන්තස්ස නිරුජ්ඣන්ති.
තවද යම්හෙයකින් “මාගේ ජාතිය ක්ෂයවූ” යැයි මෙසේ යම් ඥානයක් දැන ගනී ද, ප්රත්යවේක්ෂාවට නිමිත්ත වු මේ ඥානය ක්ෂයඥාන (ඛයෙ ඤාණ) නම, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ’ යි යම් ඤාණයකින් දැනගනී ද, මේ අනුත්පාදඥාන අනුප්පාදෙ ඤාණ නම් වේ. මේ ඥානද්වය අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. එහි යම් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියයකුත් යම් අඤ්ඤින්ද්රියයකුත් ඇද්ද මේ ඉන්ද්රිය දෙක අග්‍රඵල වූ අර්හත්වයට පැමිණෙන්නහුට නිරුද්ධ වෙයි.
තත්ථ යඤ්ච ඛයෙ ඤාණං යං ච අනුප්පාදෙ ඤාණං ඉමානි ද්වෙ ඤාණානි එකා පඤ්ඤා, අපි ච ආරම්මණසංකෙතෙන ද්වෙ නාමාති ලභන්ති: ඛීණා මෙ ජාතීති පජානන්තස්ස ඛයෙ ඤාණන්ති නාමං ලභති; නාපරං ඉත්ථත්තායාති පජානන්තස්ස අනුප්පාදෙ ඤාණං’ති නාමං ලභති. සා පජානනට්ඨෙන පඤ්ඤා යථාදිට්ඨං අපිලාපනට්ඨෙන සති.
එහි යම් ක්ෂයඥානයකුත් යම් අනුත්පාද ඥානයකුත් ඇද්ද මේ ඥානද්වය එක් ප්‍රඥාවකි. තවද (ඛයෙ අනුප්පාදෙ යන) ආලම්බන සංඥායෙන් නම් දෙකක් ලැබෙති. ‘මාගේ ජාති ක්ෂය වූ යැ’ යි දන්නහුට ‘ඛයෙ ඤාණ’ යන නාමය ලැබෙයි. ‘මේ අර්හත්වය පිණිස කළයුතු අනෙකක් නැතැ’ යි දන්නහුට ‘අනුප්පාදෙ ඤාණ’ යන නාමය ලැබෙයි. (යට ශ්රෝතසුන්ගේ පිධානයයි කී යම් ප්‍රඥාවක් ඇද්ද) ඕ ප්රජානනස්වභාවයෙන් ‘පඤ්ඤා’ නමු. අවගාහනාර්ත්ථයෙන් ‘සති’ නම් වු යැයි.
තත්ථ යෙ පඤ්චුපාදානක්ඛන්ධා ඉදං නාමරූපං. තත්ථ යෙ ඵස්සපඤ්චමකා ධම්මා ඉදං නාමං, යානි පඤ්චින්ද්රියානි රූපානි ඉදං රූපං, තදුභයං නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං. තස්ස නිරොධං භගවන්තං පුච්ඡන්තො ආයස්මා අජිතො පාරායනෙ එවමාහ.
එහි යම් පඤ්චෝපාදානස්කන්ධ කෙනෙක් ඇද්ද මේ නාමරූප යි. ඒ නාමරූප දෙක්හි යම් ඵස්සපඤ්චමක වූ ධර්මකෙනෙක් ඇද්ද මේ නාම යැ, යම් රූපී වූ පඤ්චින්ද්රිය කෙනෙක් ඇද්ද මේ රූප යි. ඒ උභයනාමරූපය විඥානය හා සම්ප්‍රයුක්ත යැ. ඒ නාම රූපයාගේ නිරෝධය භාග්‍යවතුන් වහන්සේගෙන් පුළුවුස්නා ආයුෂ්මත් අජිතතෙරණුවෝ පාරායනයෙහි මෙසේ පුළුවුත්හ:
9. “පඤ්ඤා චෙව සති ච (ඉච්චායස්මා අජිතො) නාමරූපඤ්ච මාරිස, එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙ’තං උපරුජ්ඣතී”ති.
9. “පඤ්ඤා චෙව සතී ච -පෙ-” (යට ව්‍යාඛ්‍යාත යි.)
තත්ථ සති ච පඤ්ඤා ච චත්තාරි ඉන්ද්රියානි, සති ද්වෙ ඉන්ද්රියානි: සතින්ද්රියං ච සමාධින්ද්රියං ච, පඤ්ඤා ද්වෙ ඉන්ද්රියානි: පඤ්ඤින්ද්රියං ච විරියින්ද්රියං ච යා ඉමෙසු චතුසු ඉන්ද්රියෙසු සද්දහනා ඔකප්පනා ඉදං සද්ධින්ද්රියං.
එහි සති හා පඤ්ඤා හා සතර ඉඳුරෝ යැ, ‘සති’ ඉන්ද්රිය දෙකෙකි: සතින්ද්රිය හා සමාධින්ද්රිය හා යැ. ‘පඤ්ඤා’ ඉන්ද්රිය දෙකෙකි: පඤ්ඤින්ද්රිය හා විරියින්ද්රිය හා යි. මේ සතර ඉන්ද්රියයන් හි යම් හැදැහීමෙක් බැසගෙන සිටීමෙක් ඇද්ද මේ සද්ධින්ද්රිය යි.
තත්ථ යා සද්ධාධිපතෙය්යා චිත්තෙකග්ගචතා අයං ඡන්දසමාධි, සමාහිතෙ චිත්තෙ කිලෙසානං වික්ඛම්භනතාය පටිසඞ්ඛානබලෙන වා භාවනාබලෙන වා ඉදං පහානං, තත්ථ යෙ අස්සාසපස්සාසා විතක්කවිචාරා සඤ්ඤාවෙදයිතා සරසඞ්කප්පා ඉමෙ සඞ්ඛාරා, ඉති පුරිමකො ච ඡන්දසමාධි කිලෙසවික්ඛම්භනතාය ච පහානං ඉමෙ ච සඞ්ඛාරා, තදුභයං ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
එහි ශ්‍රද්ධා අධිපති කොට ඇති යම් චිත්තෛකාග්රතාවක් ඇද්ද මේ ඡන්දසමාධි යැ, විදර්ශනාසමාධියෙන් සිත සමාහිත කල්හි ප්රත්යවේක්ෂාබලයෙන් හෝ භාවනාබලයෙන් හෝ කෙලෙසුන් විෂ්කම්භණ (යටපත්) වනබැවින් මේ ප්‍රහාණ යැ. එහි යම් ආස්වාස ප්‍රස්වාස කෙනෙක් විතර්කවිචාර කෙනෙක් සංඥාවේදයිත කෙනෙක් සරසංකල්ප කෙනෙක් වෙද්ද මොහු සංස්කාරයෝ යි. මෙසේ පූර්ව වු ඡන්දසමාධිය ද ක්ලේශවිෂ්කම්භණතායෙන් ප්රහාණය ද මේ (අස්සාසපස්සාසාදි) සංස්කාරයෝ ද යන (ඡන්දසමාධි සඞ්ඛ්‍යාත වු ද ප්රධානසඞ්ඛාර සඞ්ඛ්‍යාත වූ ද වීර්‍ය්‍යය යන) ඒ දෙවැදෑරුම් වූ තදඞ්ගාදි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ (ක්ලේශපරිත්‍යාග නිර්වාණප්රස්කන්දන සංඛ්‍යාත දෙවැදෑරුම්) වොස්සග්ගයට පිරිනැමෙන ඍද්ධිපාදය වඩයි.
තත්ථ යා විරියාධීපතෙය්යා චිත්තෙකග්ගතා අයං විරියසමාධි -පෙ- තත්ථ යා චීත්තාධිපතෙය්යා චිත්තෙකග්ගතා අයං චිත්තසමාධි -පෙ- තත්ථ යා වීමංසාධිපතෙය්යා චිත්තෙකග්ගතා, අයං වීමංසාසමාධි, සමාහිතෙ චිත්තෙ කිලෙසානං වික්ඛම්භනතාය පටිසඞ්ඛානබලෙන වා භාවනාබලෙන වා ඉදං පහානං, තත්ථ යෙ අස්සාසපස්සාසා විතක්කවිචාරා සඤ්ඤාවෙදයිතා සරසඞ්කප්පා ඉමෙ සඞ්ඛාරා. ඉති පුරිමකො ච වීමංසාසමාධි කිලෙසවික්ඛම්භනතාය ච පහානං ඉමෙ ච සඞ්ඛාරා, තදුභයං වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සබ්බො සමාධි ඤාණමූලකො ඤාණපුබ්බඞ්ගමො ඤාණානුපරිවත්ති.
එහි වීර්‍ය්‍යය අධිපති කොට ඇති යම් චිත්තෛකාග්රතාවක් ඇද්ද, මේ වීර්‍ය්‍ය සමාධි යැ … එහි චිත්තය අධිපති කොට ඇති යම් චිත්තෛකාග්රතාවක් ඇද්ද, මේ චිත්තසමාධි යැ … එහි විමංසාව අධිපති කොට ඇති යම් චිත්තෛකාග්රතාවක් ඇද්ද, මේ විමංසා යැ විදර්ශනා සමාධියෙන් සිත සමාහිත කල්හි ප්රත්යවේක්ෂාබලයෙන් හෝ භාවනාබලයෙන් හෝ කෙලෙසුන් විෂ්කම්භණ වන බැවින් මේ ප්‍රහාණ යැ, එහි යම් ආස්වාස ප්රාස්වාස කෙනෙක් විතර්කවිචාර කෙනෙක් සංඥාවේදයිත කෙනෙක් සරසංකල්ප කෙනෙක් වෙද්ද, මොහු සංස්කාරයෝ යි. මෙසේ පූර්ව වූ වීමංසාසමාධිය ද ක්ලේශවිෂ්කම්භණතායෙන් ප්රහාණය ද මේ (අස්සාසපස්සාසාදි) සංස්කාරයෝ ද යන (වීමංසාසමාධිසංඛ්යාත වු ද පධානසංඛාර සංඛ්‍යාත වු ද වීර්‍ය්‍යය යන) ඒ දෙවැදෑරුම් වු තදඞ්ගාදි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශ පරිත්‍යාග නිර්වාණප්රස්කන්දන සංඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමෙන ඍද්ධිපාදය වඩයි. (සමාධිඥානමූලක වූයේ හුදු වීමංසාසමාධිය මැ මතු නොවැ) සියලු මැ සමාධිය (පූර්වභාගප්රඥායෙන්) ඥානමූලක යැ හුදු (උපචාරප්රඥායෙන්) ඥානපූර්වඞ්ගම යැ, (අපර්ණප්රඥායෙන්) ඥානානුපරිවර්තී වේ.
10. යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ, යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා.
10. (සමාධිය පූර්වනිවාසානුස්මෘතිඥානානුපරිවර්තී බැවින්) පෙර අතීත ජාතීන්හි ස්කන්ධාදිය යම්සේ දතහැකි වේ ද, (සමාධිය අනාගතාංශඥානානුපරිවර්තී බැවින්) අනාගත ජාතීන්හි ස්කන්ධාදිය දතහැකි වෙයි, (සමාධිය චේතෝපරියඥානානුපරිවර්ති බැවින්) අනාගතයෙහි සත්දවසෙක පරසත්ත්වයන්ගේ සිත යම්සේ දතහැකි වේ ද, එසෙයින් අතීතයෙහි සත්දවසෙක පරසත්‍වයන්ගේ සිත දතහැකි වෙයි, යම්සේ දිවාභාගයෙහි ඇස්ඇති සත්ත්වයනට චක්‍ෂුර්විඥේය රූපය සුවිඥේය ද, එසෙයින් (සමාධිය දිව්යචක්ෂුර්ඥානානුපරිවර්තී බැවින්) රාත්‍රියෙහි (චතුරඞ්ගසමන්‍වාගත අන්ධකාරයෙහිදු) නොදැක්කහැකි රූපායතනයෙක් නැත, රාත්‍රියෙහි යම්සේ ද එසෙයින් දහවල්හිදු කිසිවකින් පිළිසන්ව ඇති ඉතා සියුම් වූ ද ඉතා දුරැවූ ද රූපය දැක්කහැකි වේ.
ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. පඤ්චින්ද්රියානි කුසලානි චිත්තසහභූනි චිත්තෙ උප්පජ්ජමානෙ උප්පජ්ජන්ති, චිත්තෙ නිරුජ්ඣමානෙ නිරුජ්ඣන්ති. නාමරූපං ච විඤ්ඤාණහෙතුකං විඤ්ඤාණපච්චයනිබ්බත්තං. තස්ස මග්ගෙන හෙතු උපච්ඡින්නො, විඤ්ඤාණං අනාහාරං අනභිනන්දිතං අපත්ථිතං අප්පටිසන්ධිකං, තං නිරුජ්ඣති, නාමරූපම්පි අහෙතුකං අප්පච්චයං පුනබ්භවං න නිබ්බත්තයති, එවං විඤ්ඤාණස්ස නිරොධා පඤ්ඤා ච සති ච නාමරූපඤ්ච නිරුජ්ඣති. තෙනාහ භගවා:
මෙසේ අභිඥාපරිපන්ථ වූ කෙලෙසුන් විසින් නොමඩනාලද විවෘත වූ සිතින් සප්රහාස වූ චිත්තය වඩයි. (ශෛක්‍ෂයාගේ ඍද්ධිපාදසංයුක්ත වූ) චිත්තය සමග උපන් කුශල වූ පඤ්චේන්‍ද්‍රියයෝ සිත උපදනා කල්හි උපදිති, සිත නිරුද්ධ වන කල්හි නිරුද්ධ වෙත්. විඥානය හේතු කොටඇති විඥානප්‍රත්‍යයෙන් උපන් නාමරූපය ද (එසේ ම) නිරුද්ධ වේ. ඒ විඥානයාගේ (තෘෂ්ණා අවිද්‍යාදි) හේතුව මාර්ගයෙන් නසනලද වෙයි. විඥානය අනාහාර වූයේ තෘෂ්ණාඅභිනන්දන රහිත වූයේ ප්‍රාර්‍ත්‍ථනා රහිත වූයේ (එහෙයින් ම) අප්‍රතිසන්‍ධික වූයේ එය නිරුද්ධ වෙයි. නාමරූපය අහේතුක වූයේ අප්‍රත්‍යය වූයේ පුනර්භවය නූපදවයි. මෙසේ (චරිම) විඥානයාගේ නිරෝධයෙන් ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද නිරුද්ධ වේ. එයින් වදාළහ: බුදුහු -
11. “යමෙතං පඤ්හං අපුච්ඡි අජිත තං වදාමි තෙ, යත්ථ නාමං ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙ’තං උපරුජ්ඣතී”ති.
11. “යමෙතං පඤ්හං අපුච්ඡි -පෙ- උපරුජ්ඣති.” (යට ව්යාඛාත යි.)
12. “යෙ ච සඞ්ඛාතධම්මාසෙ (ඉච්චායස්මා අජිතො) යෙ ච සෙඛා පුථූ ඉධ, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති
12. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) ‘නිදුකාණෙනි, මෙලොවැ (අනිත්‍යාදි විසින්) විමසනලද සංස්කාරධර්ම ඇති යම් රහත් කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්ෂ කෙනෙකුත් වෙත්ද, මා විසින් පුළුවුස්නාලද (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) නිපුණ වු මුබවහන්සේ ඒශෛක්ෂාශෛක්ෂයන්ගේ ප්‍රතිපත් (මට) වදාළ මැනැවැ’ යි.
ඉමානි තීණි පදානි පුච්ඡිතානි. තෙ තයො පඤ්හා, කිස්ස: සෙඛාසෙඛ විපස්සනාපුබ්බඞ්ගමපහානයොගෙන. එවඤ්හි ආහ: “යෙ ච සඞ්ඛාත ධම්මාසෙ”ති අරහන්තං පුච්ඡති. “යෙ ච සෙඛා පුථූ ඉධා”ති සෙඛං පුච්ඡති. “තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති විපස්සනාපුබ්බඞ්ගමං පහානං පුච්ඡති. තත්ථ විස්සජ්ජනා:
මේ ප්‍රශ්න විසින් පුළුවුස්නාලද පද (වාක්‍ය) තුනෙකි. ඔහු ප්‍රශ්න තුනෙකි, කවර හෙයින යත්: ශෛක්ෂයන් ද අශෛක්‍ෂයන් ද විදර්‍ශනාපූර්‍වඞ්ගම ප්රහාණයන් ද පුළුවුස්නා විධියෙනි. එසෙයින් මැ කී: “යෙ ච සඞ්ඛාතධම්මා සෙ” යී රහත්හු පුළුවුස්සි. “යෙ ච සෙබා පුථූ ඉධ” යී ශෛක්ෂයා පුළුවුස්සි. “තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස” යී විදර්‍ශනාපූර්‍වඞ්ගම වූ ප්රහාණය පුළුවුස්සි. එහි මේ විසඳුම යැ:
13. “කාමෙසු නාභිගිජ්ඣෙය්ය (අජිතාති භගවා) මනසා නාවිලො සියා, කුසලො සබ්බධම්මානං සතො භික්ඛු පරිබ්බජෙ”ති.
13. (අජිත’ යී බුදුහු වදාරති:) ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජුනොවන්නේය, (ව්යාපාදවිතර්කාදිය දුරැලමින්) සිතින් නොකැලැඹුණේ වන්නේය (අනිත්‍යාදි විසින් විමංසිත හෙයින්) සියලු දහම්හි කුශල වූ මහණ (කායානුපස්සනාදීන්) ස්මෘතිමත් වැ ඉරියව් පවත්වන්නේය’ යි.
භගවතො සබ්බං කායකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ති, සබ්බං වචීකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ති, අතීතෙ අංසෙ අප්පටිහතං ඤාණදස්සනං, අනාගතෙ අංසෙ අප්පටිහතං ඤාණදස්සනං, පච්චුප්පන්නෙ අංසෙ අප්පටිහතං ඤාණදස්සනං.
භාග්‍යවතුන් වහන්සේගේ සියලු කායකර්මය ඥානය පෙරදැරි කොට ඇතියේ ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානපූර්වඞ්ගම යැ, ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානපූර්වඞ්ගම යැ, ඥානය අනුව පවතී, අතීතාංශයෙහි ඥානදර්ශනය අප්‍රතිහත (අනාවරණ) යැ, අනාගතාංශයෙහි ඥානදර්ශනය අප්‍රතිහත යැ, ප්රත්යුත්පන්නාංශයෙහි ඥානදර්ශනය අප්‍රතිහත යි.
කො ච ඤාණදස්සනස්ස පටිඝාතො: යං අනිච්චෙ දුක්ඛෙ අනත්තනියෙ ච අඤ්ඤාණං අදස්සනං, අයං ඤාණදස්සනස්ස පටිඝාතො. යථා ඉධ පුරිසො තාරකරූපානි පස්සෙය්ය නො ච ගණනසඞ්කෙතෙන ජානෙය්ය, අයං ඤාණදස්සනස්ස පටිඝාතො. භගවතො පන අප්පටිහතං ඤාණදස්සනං, අනාවරණඤාණදස්සනා හි බුද්ධා භගවන්තො.
ඥානදර්‍ශනයාගේ ප්‍රතිඝාතය (නොපැවැත්ම) කවරෙ යැ: අනිත්‍යයෙහි දුකෙහි අනාත්මයෙහි යම් නොදැනුමෙක් නොදැක්මෙක් ඇද්ද මේ ඥානදර්‍ශනයාගේ නොපැවැත්ම යි. යම්සේ පුරුෂයෙක් තාරකරූපයන් දක්නේ නමුදු ගණන විසින් නොදක්නේය, මේ ඥානදර්‍ශනයාගේ නොපැවැත්ම යැ. එතෙකුදුවත් භාග්‍යවතුන් වහන්සේගේ ඥානදර්ශනය අප්‍රතිහත යි. එසේ මැ ය, භාග්‍යවත් බුදුවරයෝ අනාවරණ ඥානදර්ශන ඇත්තාහ.
තත්ථ සෙඛෙන ද්වීසු ධම්මෙසු චිත්තං රක්ඛිතබ්බං: ගෙධා ච රජනීයෙසු ධම්මෙසු දොසා ච පරියුට්ඨානියෙසු. තත්ථ යා ඉච්ඡා මුච්ඡා පත්ථනා පිහායනා කීළනා, තං භගවා චාරෙන්තො එවමාහ: “කාමෙසු නාභිගිජ්ඣෙය්යා”ති.
ඒ විසඳුමෙහි ශෛක්ෂ විසින් දෙතැනෙක්හි සිත රැක්කයුතු යැ: රජනීය (රාගයට කාරණවූ) ධර්මයන්හි තෘෂ්ණායෙන් ද ආඝාතයට කාරණ වු ධර්මයන්හි ද ද්වේෂයෙන් ද (යන දෙතැන්හි යැ.) එහි යම් අරමුණු කැමැතිවන ඉච්ඡායෙක් මුසපත්වීමෙන් ප්‍රාර්‍ත්‍ථනායෙක් ආශායෙක් ලාලනයෙක් ඇද්ද, බුදුහු එය වළහනසේක් ‘කාමෙසු නාභිගිජ්ඣෙය්ය’ යී වදාළහ.
“මනසා නාවිලො සියා”ති පරියුට්ඨානවිඝාතං ආහ. තථා හි: සෙඛො අභිගිජ්ඣන්තො අසමුප්පන්නං ච කිලෙසං උප්පාදෙති උප්පන්නං ච කිලෙසං ඵාතිකරොති යො පන අනාවිලසඞ්කප්පො අනභිගිජ්ඣන්තො වායමති, සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, සො උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, සො අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, සො උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
‘මනසා නාවිලො සියා’ යී ආඝාතයා ගේ නොපැවැත්ම වදාළහ. ඒ එසේ මැය: ශෛක්ෂ (කාමවස්තූන්හි) ගිජුවුයේ නූපන් කෙලෙස් උපදවයි, උපන් ක්ලේශයන් දියුණු කෙරෙයි. වැලි යමෙක් ව්‍යාපාදයෙන් නොකැලැඹුණු සිත් ඇති ව ගිජු නොවෙමින් වෑයම් කෙරේද, හේ නූපන් ලාමක අකුශල ධර්මයන් නූපදනා පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි. කායික චෛතසික වීර්‍ය්‍යය කෙරෙයි. සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. හේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිවගනී. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. හේ නූපන් කුශලධර්මයන් උපදනා පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත නඟා සිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. හේ උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතියට නොනැසීමට බහුලත්වයට විපුලත්වයට වැඩීමට පරිපූරණයට ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ.
කතමෙ ච අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා: කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො, ඉමෙ අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා. කතමෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා: අනුසයා අකුසල මූලානි, ඉමෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා. කතමෙ අනුප්පන්නා කුසලා ධම්මා: යානි සොතාපන්නස්ස ඉන්ද්රියානි, ඉමෙ අනුප්පන්නා කුසලා ධම්මා. කතමෙ උප්පන්නා කුසලාධම්මා: යානි අට්ඨමකස්ස ඉන්ද්රියානි ඉමෙ උප්පන්නා කුසලා ධම්මා, යෙන කාමවිතක්කං වාරෙති ඉදං සතින්ද්රියං, යෙන ව්යාපාදවිතක්කං වාරෙති ඉදං සමාධින්ද්රියං, යෙන විහිංසාවිතක්කං වාරෙති ඉදං විරියින්ද්රියං, යෙන උප්පන්නුප්පන්නෙන පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති ඉදං පඤ්ඤින්ද්රියං, යා ඉමෙසු චතුසු ඉන්ද්රියෙසු සද්දහනා ඔකප්පනා ඉදං සද්ධින්ද්රියං. තත්ථ සද්ධින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු සොතාපත්තිඅඞ්ගෙසු විරියින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු සම්මප්පධානෙසු. සතින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු සතිපට්ඨානෙසු, සමාධින්ද්රියං කත්ථ දට්ඨබ්බං චතුසු ඣානෙසු. පඤ්ඤින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු අරිය සච්චෙසු. එවං සෙඛො සබ්බෙහි කුසලෙහි ධම්මෙහි අප්පමත්තො වුත්තො භගවතා, අනාවිලතාය මනසා. තෙනාහ භගවා: මනසා නාවිලො සියා”ති.
යළි නූපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ: කාමවිතර්ක යැ, ව්යාපාදවිතර්ක යැ, විහිංසාවිතර්ක යැ, මොහු නූපන් ලාමක අකුශලධර්‍මයෝ යි. උපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ: අනුසය වූ අකුසලමූලයෝ යැ, මොහු උපන් ලාමක අකුශලධර්‍මයෝ යි. නූපන් කුශලධර්‍මයෝ කවරහ: ශ්‍රෝතාපන්නයාගේ යම් ශ්‍රද්ධාදී ඉන්ද්රිය කෙනෙක් ඇද්ද, මොහු නූපන් කුශලධර්‍මයෝ යි. උපන් කුශලධර්‍මයෝ කවරහ: (සෝවාන්පල පසක්කිරීමට පිළිපන්) අට්ඨමකයාගේ යම් ශ්‍රද්ධාදි ඉන්ද්රිය කෙනෙක් ඇද්ද, මොහු උපන් කුශලධර්‍මයෝ යි. යම් සතිපට්ඨානභාවනායෙකින් කාමවිතර්කය වළහා ද, මේ ‘සතින්ද්රිය’යි. යම් අවික්ෂේපයෙකින් ව්‍යාපාදවිතර්‍කය වළහා ද, මේ ‘සමාධීන්‍ද්‍රිය’යි. යම් වීර්ය්යයෙකින් විහිංසාවිතර්කය වළහා ද, මේ ‘විරියින්ද්රිය’ යි. යම් ප්‍රඥායෙකින් උපනුපන් ලාමක අකුශලධර්මයන් දුරු කෙරේ ද, බැහැර කෙරේ ද, විගතාන්ත කෙරේ ද, අනභාවයට පමුණුවා ද, නො ඉවසා ද, මේ ‘පඤ්ඤින්ද්රිය’යි. මේ සති ආදි සතර ඉන්ද්රියයන්හි යම් හැදහීමෙක් බැසගැනීමෙක් ඇද්ද මේ ‘සද්ධින්ද්රිය’ යි. එහි සද්ධින්ද්රිය කොහි දතයුතු ද යත්: සතර ශ්රෝතාපත්තිඅඞ්ගයෙහි දතයුතු යැ, විරියින්ද්රිය කොහි දතයුතු ද යත්: සතර සම්‍යක්ප්‍රධානයෙහි දතයුතු යැ, සතින්ද්රිය කොහි දතයුතු ද යත්: සතර සතිපට්ඨානයෙහි දතයුතු යැ, සමාධින්ද්රිය කොහි දතයුතු ද යත්: සතර ධ්‍යානයෙහි දතයුතු යැ, පඤ්ඤින්ද්රිය කොහි දතයුතු ද යත්: සතර ආර්‍ය්‍යසත්‍යයෙහි දතයුත්තේ යි. මෙසේ ශෛක්ෂ සියලු කුශලධර්‍මයන්ගෙන් (සමන්විත වූයේ) භාග්‍යවතුන් විසින් අප්‍රමත්ත වූයේ වනැයි වදාරන ලද්දේය, සිතින් අනාවිල බැවිනි. එයින් වදාළහ, බුදුහු - “මනසා නාවිලො සියා” යී.
“කුසලො සබ්බධම්මාන”න්ති ලොකො නාම තිවිධො: කිලෙසලොකො භවලොකො ඉන්ද්රියලොකො. තත්ථ කිලෙසලොකෙන භවලොකො සමුදාගච්ඡති, සො ඉන්ද්රියානි නිබ්බත්තෙති, ඉන්ද්රියෙසු භාවියමානෙසු නෙය්යස්ස පරිඤ්ඤා භවති. සා දුවිධෙන උපපරික්ඛිතබ්බා: දස්සන පරිඤ්ඤාය ච භාවනාපරිඤ්ඤාය ච. යදා හි සෙඛො ඤෙය්යං පරිජානාති තදා නිබ්බිදාසහගතෙහි සඤ්ඤාමනසිකාරෙහි නෙය්‍යං පරිඤ්ඤාතං භවති. තස්ස ද්වෙ ධම්මා කොසල්ලං ගච්ඡන්ති: දස්සනකොසල්ලඤ්ච භාවනා කොසල්ලඤ්ච.
“කුසලො සබ්බධම්මානං” යනු: ලෝකය නම් ත්‍රිවිධ වෙයි, ක්ලේශලෝක ය භවලෝක යැ ඉන්ද්රියලෝක යි. එහි (කාමාවචරධර්ම සංඛ්‍යාත) ක්ලේශලෝකය නිසා (රූපාරූපධර්ම සංඛ්‍යාත) භවලෝකය පහළවෙයි. (මහද්ගත ධර්මයන්හි සිටි) හෙතෙම ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් උපදවයි. ඉන්ද්රියයන් වඩනුලබන කල්හි ඥේයධර්මයාගේ පරිඥාව වෙයි. ඒ පරිඥාව දෙපරිද්දෙකින් විමසිය යුත්තීය: දර්ශනපරිඥායෙන් ද භාවනාපරිඥයෙන් ද යන දෙකිනි. ඒ මෙසේ යැ: යම් කලෙක ශෛක්ෂපුද්ගල දතයුත්ත දැනගනී ද, එකල්හි නිර්වේදසහගත වූ සංඥාමනස්කාරයන්ගෙන් ඥේයය පරිඥාත වෙයි. ඔහුට ධර්මයෝ දෙදෙනෙක් කෞශල්‍යයට යෙති: දර්ශනකෞශල්යය ද භාවනාකෞශල්යය ද යන දෙකයි.
තං ඤාණං පඤ්චවිධෙන වෙදිතබ්බං: අභිඤ්ඤා පරිඤ්ඤා පහානං භාවනා සච්ඡිකිරියා. තත්ථ කතමා අභිඤ්ඤා: යං ධම්මානං සලක්ඛණෙ ඤාණං ධම්මපටිසම්භිදා අත්ථපටිසම්භිදා ච, අයං අභිඤ්ඤා. තත්ථ කතමා පරිඤ්ඤා: එවං අභිජානිත්වා යා පරිජානනා ඉදං කුසලං ඉදං අකුසලං ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං කණ්හං ඉදං සුක්කං ඉදං සෙවිතබ්බං ඉදං න සෙවිතබ්බං, ඉමෙ ධම්මා එවං ගහිතා ඉදං ඵලං නිබ්බත්තෙන්ති තෙසං එවං ගහිතානං අයං අත්ථොති, අයං පරිඤ්ඤා. එවං පරිජානිත්වා තයො ධම්මා අවසිට්ඨා භවන්ති: පහාතබ්බා භාවෙතබ්බා සච්ඡිකාතබ්බා ච. තත්ථ කතමෙ ධම්මා පහාතබ්බා; යෙ අකුසලා. තත්ථ කතමෙ ධම්මා භාවෙතබ්බා; යෙ කුසලා. තත්ථ කතමෙ ධම්මා සච්ඡිකාතබ්බා; යං අසඞ්ඛතං., යො එවං ජානාති, අයං වුච්චති අත්ථකුසලො ධම්මකුසලො කල්යාණතාකුසලො ඵලතාකුසලො ආයකුසලො අපායකුසලො උපායකුසලො මහතා කොසල්ලෙන සමන්නාගතොති. තෙනාහ භගවා: “කුසලො සබ්බධම්මාන”න්ති.
ඒ ඥානය පස් පරිද්දෙකින් දතයුතු යැ: අභිඤ්ඤා යැ පරිඤ්ඤා යැ පහාන යැ භාවනා යැ සච්ඡිකිරියා යි. එහි අභිඤ්ඤා කවර යැ: රූපාරූපධර්‍මයන්ගේ කර්කශත්වාදි ස්වලක්ෂණයෙහි යම් ඥානයක් ඇද්ද එය ධම්මපටිසම්භිදාත් වෙයි. මේ අභිඤ්ඤා’ යි. එහි පරිඤ්ඤා කවර යැ: මෙසේ අභිජානනය කොට මේ කුශල යැ මේ අකුශල යැ මේ සාවද්‍ය යැ මේ අනවද්‍ය යැ මේ කෘෂ්ණධර්ම යැ මේ ශුක්ලධර්‍ම යැ මේ සේවිතව්‍ය යැ මේ න සේවිතව්‍ය යැ මේ දහම්හු මෙසේ (අනිත්‍යාදීන් කලාපසම්මර්ශනාදි විසින්) ගන්නා (-සම්මර්ශන කරන) ලද්දාහු මේ (උදයව්යයඥානාදි) ඵලය (පරිපාටීන්) උපදවති, මෙසේ ප්‍රවර්තිත වූ ඒ උදයව්යයඥානාදීන්ගේ මේ (සත්‍ය ප්‍රතිවේධ සංඛ්‍යාත) අර්ත්ථය යි (අනිත්‍යාදි විසින්) යම් දැනීමක් ඇද්ද, මේ ‘පරිඤ්ඤා’ යි. මෙසේ පරිජානනය කොට ප්‍රහාතව්‍යයෝ ද භාවිතව්යයෝ ද සාක්ෂාත් කර්තව්‍යයෝ ද යන තුන් ධර්මයෝ අවශිෂ්ට වූවාහු වෙත්. එහි ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ: අකුශල වූ (සමූදයපාක්ෂික) යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු යැ. එහි භාවිතව්යධර්මයෝ කවරහ: කුශල වු (සම්මාදිට්ධී ආදි) යම් මාර්ගධර්ම කෙනෙක් ඇද්ද ඔහු යැ, එහි සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්මයෝ කවරහ: යම් අසංඛත වූ නිවනක් ඇද්ද එය යි. යමෙක් මෙසේ දැනගනී ද, මේතෙම ප්‍රත්‍යයෝත්පන්න අර්‍ත්‍ථයෙහි (පාළිඅර්ත්ථයෙහි හෝ) කුශල යැ ප්රත්යයධර්මයෙහි (පාළිධර්මයෙහි හෝ) කුශල යැ කල්යාණතා - සතරනයෙහි (දේශනායුක්තියෙහි හෝ) කුශල යැ අර්හත්ඵලයෙහි කුශල යැ ආය - වෘද්ධියෙහි කුශල යැ අපාය - හානියෙහි කුශල යැ උපායයෙහි කුශල යැ මහත් වු කෞශල්‍යයෙන් යුක්ත යැයි කියනු ලැබේ. එයින් වදාළහ, බුදුහු - “කුසලො සබ්බධම්මානං” යී.
“සතො භික්ඛු පරිබ්බජෙ”ති තෙන දිට්ඨධම්මසුඛවිහාරත්ථං අභික්කන්තෙ පටික්කන්තෙ ආලොකිතෙ විලොකිතෙ සම්මිඤ්ජිතෙ පසාරිතෙ සඞ්ඝාටිපත්තචීවරධාරණෙ අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ උච්චාරපස්සාවකම්මෙ ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සතෙන සම්පජානෙන විහාතබ්බං. ඉමා ද්වෙ චරියා අනුඤ්ඤාතා භගවතා: එකා විසුද්ධානං එකා විසුජ්ඣන්තානං කෙ විසුද්ධා: අරහන්තො, කෙ විසුජ්ඣන්තා: සෙඛා. කතකිච්චානි හි අරහතො ඉන්ද්රියානි.
“සතෝ භික්ඛු පරිබ්බජෙ”යනු: ඒ අශෛක්ෂ මහණහු විසින් ඉහාත්මසුඛ විහරණය සඳහා ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි බැලීමෙහි අනුදික් බැලීමෙහි (අත්පා ආදිය) හැකිළීමෙහි දිගුකිරීමෙහි සඟළපාසිවුරු දැරීමෙහි වැළඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි මලමූකිසෙහි ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නොබැණ සිටීමෙහි සිහි ඇතියහු සම්‍යග්ඥාන ඇතියහු වාස කළයුතු. භාග්‍යවතුන් විසින් මේ චර්ය්යා දෙකක් අනුදන්නාලදහ: එකක් විශුද්ධ වූ අශෛක්‍ෂයන්ගේ යැ, එකක් විශුද්ධ වන ශෛක්ෂයන්ගේ යී. විශුද්ධයෝ කවරහ: රහත්හු යැ, විශුද්ධ වන්නාහු කවරහ: ශෛක්ෂයෝ යි. රහත්හුගේ (ශ්‍රද්ධාදි) ඉන්ද්රියයෝ කෘතකෘත්යයෝ මැයි.
යං බොජ්ඣං තං චතුබ්බිධං: දුක්ඛස්ස පරිඤ්ඤාභිසමයෙන, සමුදයස්ස පහානාභිසමයෙන, මග්ගස්ස භාවනාභිසමයෙන, නිරොධස්ස සච්චඡිකිරියාභි සමයෙන, ඉදං චතුබ්බිධං බොජ්ඣං. යො එවං ජානාති අයං වුච්චති සතො අභික්කමති සතො පටික්කමති ඛයා රාගස්ස ඛයා දොසස්ස ඛයා මොහස්ස. තෙනාහ භගවා: “සතො භික්ඛු පරිබ්බජෙ”ති. තෙනාහ:
අවබෝධ කටයුතු යමක් ඇද්ද ඒ බොද්ධව්යය චතුර්විධ යැ: දුඃඛසත්‍යය පරිඥාභිසමයෙනැ, සමුදයසත්‍යය ප්රහාණාභිසමයෙනැ, මාර්‍ගසත්‍යය භාවනාභිසමයෙනැ, නිරෝධසත්‍යය සාක්ෂාත්ක්රියාභිසමයෙනැයි. මේ චතුර්විධ බොද්ධව්යය යමෙක් මෙසේ දැනගනී ද, මේ අශෛක්ෂ (ස්මෘති විපුලත්වයට පැමිණියේ) රාගය ක්ෂය වීමෙන් ද්වේෂය ක්ෂය වීමෙන් මෝහය ක්ෂය වීමෙන් සිහිඇති වැ ඉදිරියට යයි, සිහිඇති වැ පෙරළා එයි. එයින් වදාළහ, බුදුහු: “සතෝ භික්ඛු පරිබ්බජෙ” යී. එයින් වදාළහ:
14. “කාමෙසු නාභිගිජ්ඣෙය්ය (අජිතාති භගවා) මනසා නාවිලො සියා, කුසලො සබ්බධම්මානං සතො භික්ඛුපරිබ්බජෙ”ති.
14. කාමෙසු නාභිගිජ්ඣෙය්ය -පෙ- සතෝ භික්ඛු පරිබ්බජෙ” යී.
එවං පුච්ඡිතබ්බං එවං විස්සජ්ජිතබ්බං සුත්තස්ස ච අනුගීති අත්ථතො ච බ්යඤ්ජනතො ච සමානයිතබ්බා අත්ථාපගතං හි බ්යඤ්ජනං සම්ඵප්පලාපං භවති. දුන්නික්ඛිත්තස්ස පදබ්යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො භවති. තස්මා බ්යඤ්ජනූපෙතං සඞ්ගායිතබ්බං සුත්තං ච පවිචිනිතබ්බං කිං ඉදං සුත්තං ආහච්චවචනං අනුසන්ධිවචනං නීතත්ථං නෙය්යත්ථං සංකිලෙස භාගියං වාසනාභාගියං නිබ්බෙධභාගියං අසෙඛභාගියං, කුහිං ඉමස්ස සුත්තස්ස සබ්බානි සච්චානි පස්සිතබ්බානි, ආදිමජ්ඣපරියොසානෙ’ති. එවං සුත්තං පවිචෙතබ්බං.
මෙසේ ප්‍රශ්න කළයුතු යැ, මෙසේ විසඳිය යුතු යැ, යළි සූත්‍රයාගේ (සූත්රාන්තරදේශනා සංඛ්‍යාත) අනුගීතිය අර්ත්ථහෙයින් ද ව්යඤ්ජනහෙයින් ද (සූත්‍ර හා) සමාන කළයුතු යැ. යම්හෙයකින් අර්ත්ථයෙන් අපේත වූ ව්‍යඤ්ජනය සම්ඵප්‍රලාප වේ ද, වරදවා තබන ලද පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථයත් පමුණුවාලියැ නොහෙනු වේ ද, එහෙයින් (ස්වභාවනිරුක්ති සංඛ්‍යාත) ව්‍යඤ්ජනයෙන් යුක්ත කොට සඞ්ගායනා කටයුතු. සූත්‍රය ද විමසියැ යුතු යැ: කිමැ මේ සූත්‍රය (සම්මාසම්බුදුන් තමන් වහන්සේ විසින් මැ වදාළ) ආහච්වවන යැ, (ශ්රාවකහාෂිත වූ) අනුසන්ධිවචන යැ, නීතාර්ත්ථය යැ, නෙයාර්ත්ථ යැ, සංකිලේසභාගයෙහි වූයෙකැ, නිර්වෙධභාගයෙහි වූයෙකැ, අශෛක්ෂභාගයෙහි වූයෙකැ, මේ සූත්‍රයාගේ ආදි මධ්‍ය පර්ය්යාවසානයන් කෙරෙහි කොහි ලා දුඃඛාදි සියලු සත්‍යයෝ දැක්කයුත්තාහු දැයි මෙසේ සූත්‍රය විමසියැයුත්තේ යි.
තෙනාහ ආයස්මා මහාකච්චානො: “යං පුච්ඡිතං ච විස්සජ්ජිතඤ්ච සුත්තස්ස යා ච අනුගීතී”ති.
එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: යං පුච්ඡිතඤ්ච විස්සජ්ජිතඤ්ච සුත්තස්ස යා ච අනුගීති” යී.
නියුත්තො විචයො හාරො.
විචයහාරය යොදනලදී.