දෙසනාහාරවිභඞ්ගො
3. 1. 1.
3. 1. 1.
දෙසනාහාරවිභඞ්ගො
දේසනාහාරවිභඞ්ගය
තත්ථ කතමො දෙසනාහාරො: “අස්සාදාදීනවතා” ති ගාථා, අයං දෙසනාහාරො. කිං දෙසයති: අස්සාදං ආදීනවං නිස්සරණං ඵලං උපායං ආණත්තිං.
එහි දේසනාහාර කවරෙ යත්: ‘අස්සාදාදීනවතා’ යන ගාථා යි. මේ දේසනාහාර යැ. කුමක් දේශනා කෙරෙති යත්: ආස්වාදය ආදීනවය නිස්සරණය ඵලය උපායය ආණ්ත්තිය යන මේ දෙසෙති.
“ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසිස්සාමී”ති.
“මහණෙනි, තොපට ආදිකලණ වූ මැදකලණ වූ අවසනැ කලණ වූ අර්ත්ථසම්පත්තියෙන් සාර්ත්ථ වූ ව්‍යඤ්ජනසම්පත්තියෙන් සව්‍යඤ්ජන වූ එළැවියැයුතු නැතියෙන් ඒකාන්තපරිපූර්ණ වූ හළයුතු නැතියෙන් පරිශුද්ධ වූ දහමක් දෙසමි. සසුන්බඹසර පවසමි” යි.
තත්ථ කතමො අස්සාදො:
එහි ආස්වාද කවරෙ යැ:
1. “කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡතී”ති
1. මනාපිය රූපාදි ත්‍රෛභූමක වස්තුකාමය කැමැතිවන ඒ සත්වහට ඉදින් ඒ කාමවස්තුව සමෘද්ධ වේ නම් (ලැබේ නම්) ඒ සත්ත්ව රිසිවූ කාමය ලැබ ඒකාන්තයෙන් තුටු සිත්ඇතියේ වෙයි.
අයං අස්සාදො,
ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කතාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාද යි.
තත්ථ කතමො ආදීනවො:
එහි ආදීනව කවරෙ යැ:
2. තස්ස චෙ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පතී”ති
2. වස්තුකාමයන් කැමතිවන උපන් තෘෂ්ණා ඇති ඒ සත්ත්වයාගේ ඒ වස්තුකාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ අයෝමයාදි ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පෙළේ යයි.
අයං ආදීනවො,
විපරිණාමාන්‍යථායෙන් පෙළෙනුයේ මේ ආදීනව යි.
තත්ථ කතමං නිස්සරණං:
එහි නිස්සරණ කවරෙ යැ:
3. “යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”ති
3. යම් මහණෙක් (ජීවත්වනු කැමැති පුරුෂයෙක්) තමාගේ පාදය කෙරෙන් සර්පයකුගේ හිස සෙයින් වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ) දුරුකෙරේ ද ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත්ව ඉක්මවාලයි.
ඉදං නිස්සරණං,
මේ නිවන් අරමුණු කොට ඇති මාර්ගඥානයෙන් තෘෂ්ණාව දුරැලීම නිස්සරණ යි.
තත්ථ කතමො අස්සාදො:
එහි ආස්වාද කවරෙ යැ.
4. “ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස්සං දාසපොරිසං, ථියො බන්ධු පුථූ කාමෙ යො නරො අනුගිජ්ඣතී”ති.
4. යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෘහවස්තු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දස්කම්කරුපුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ වෙනත් මනාපිය රූපාදි බොහෝ කාමවස්තූන් ක්ලේශකාම වශයෙන් පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද.
අයං අස්සාදො,
මේ කෙත් වත් ආදීන්ගේ පුනපුනා ප්‍රාර්‍ත්‍ථනාව ආස්වාද යි.
තත්ථ කතමො ආදීනවො:
එහි ආදීනව කවරෙ යැ:
5. “අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදකන්ති”
5. අබල වූ කෙලෙස්හු ඒ කාමගිද්ධ මිනිසා (ප්‍රකට වූ ද අප්‍රකට වූ ද) උපද්‍රවයෝ ඔහු මැඩපියති. එහෙයින් සිදුරු වු නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ.
අයං ආදීනවො:
මේ ජාත්‍යාදි දුක් අනුබදනාබව ආදීනව යි.
තත්ථ කතමං නිස්සරණං:
එහි නිස්සරණ කවරැ:
6. “තස්මා ජන්තු සදා සතො කාමානි පරිවජ්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්වාව පාරගූ”ති
6. එහෙයින් සත්ත්ව තෙමේ හැම කල්හි සිහිඇතිවැ කාමයන් දුරුකරන්නේ යැ, මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.
ඉදං නිස්සරණං,
මේ චතුරෝඝතරණය කොට අනුපාදිශේෂව පිරිනිවීම නිස්සරණ යි.
තත්ථ කතමං ඵලං:
එහි ඵලය කවරෙ යැ:
7. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථවස්සකාලෙ, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති.
7. දානාදි පුණ්යධර්මය ඒකාන්තයෙන් ඒ ධර්මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සාම්පරායික අනර්ත්ථයෙන්) රක්නේ ය. වැසිකලැ මහත් වූ ඡත්රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසය වෙයි: ධර්මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
ඉදං ඵලං,
මේ දිට්ඨධම්මිකාදි අනර්ත්ථයෙන් රැකීම ධර්මයාගේ ඵල යි.
තත්ථ කතමො උපායො:
එහි උපාය කවරෙ යැ:
8. “සබ්බෙ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති.
8. සියලු සඞ්ඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයෝ යයි මෙසේ යම් ක්ලේශ (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍යදුඃඛයන් දුටුහෙයින්) විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධිසංඛ්‍යාත ආර්ය්යමාර්ගයට උපාය (මාර්ග) වේ යයි.
අයං උපායො,
මේ නිබ්බින්‍දනය විසුද්ධි අධිගමයට හේතු බැවින් උපාය යි.
තත්ථ කතමා ආණත්ති:
එහි ආණත්ති කවර යැ:
9. “චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ, පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ”ති.
9. ඇස් ඇති පුරුෂයෙක් කායිකවීර්‍ය්‍යය පවත්නා කල්හි විෂමභූමිප්‍රදේශ හෝ චණ්ඩතායෙන් විෂම වූ ඇත් අස් ආදීන් හෝ දුරුකොට යන්නා සේ සත්ලොවැ නුවණැති පණ්ඩිත පුරුෂ පාපයන් දුරැලන්නේ යි.
‘පව් දුරැලියයුතුය’ යනු ධර්මරාජ වූ බුදුරදුන්ගේ අණ යැ. මේ ආණත්ති යි.
මෙසේ වෙන වෙන සූත්‍රයෙහි ආ ඵල උපාය ආණත්ති උදාහරණ කොට යළි එක් මැ සූත්‍රයෙහි ආ සැටි දක්වන්නට පාරායනවර්‍ගයෙහි මෝඝරාජසූත්‍රය නිදසුන් කෙරෙති.
“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජා”ති ආණත්ති. “සදා සතො”ති උපායො.
‘මෝඝරාජය, සියලු මැ සංස්කාරලෝකය (වසයෙහි නො පවත්නාබව සැලකීම් වශයෙන් හෝ සිස්බව නුවණින් දැකීම් වශයෙන් හෝ) ශුන්‍ය වශයෙන් බලව’ යන ධර්මරාජයන්ගේ වචනය විධාන වනුයෙන් ‘ආණත්ති’ යැ.
‘හැම කල්හි ස්මෘතිමත් වූයෙහි’ යනු උපාය යැ. (ස්මෘතියෙන් දර්ශනය වන හෙයිනි.)
“අත්තානුදිට්ඨිං උහච්ච එවං මච්චුතරො සියා”ති ඉදං ඵලං.
‘විංශද්වස්තුක ආත්ම (සත්කාය) දෘෂ්ටිය උදුරාපියා (නසා) මෙසේ මරණය ඉක්ම වනුයෙහි වන්නේය’ යන මේ දේශනා ඵලය යි.
(ආස්වාදාදිය උදාහරණ විසින් දක්වා දැන් පුද්ගලවිභාගයෙන් දේශනාවිභාගය වදාරති:)
තත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස නිස්සරණං දෙසෙති. විපඤ්චිතඤ්ඤුස්ස පුග්ගලස්ස ආදීනවං ච නිස්සරණං ච දෙසෙති. නෙය්යස්ස පුග්ගලස්ස අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච දෙසෙති.
එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂ්ට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
තත්ථ චතස්සො පටිපදා චත්තාරො පුග්ගලා ච, තණ්හාචරිතො මන්දො සතින්ද්රියෙන දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නිය්යාති සතිපට්ඨානෙහි නිස්සයෙහි, තණ්හාචරිතො උදත්ථො සමාධින්ද්රියෙන දුක්ඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය නිය්යාති ඣානෙහි නිස්සයෙහි, දිට්ඨිචරිතො මන්දො විරියින්ද්රියෙන සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නිය්යාති සම්මප්පධානෙහි නිස්සයෙහි, දිට්ඨිචරිතො උදත්ථො පඤ්ඤින්ද්රියෙන සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය නිය්යාති සච්චෙහි නිස්සයෙහි.
(ප්‍රතිපදාවිභාගයෙන් ඒ පුද්ගලයන් විභාග කෙරෙති.) එහි ප්‍රතිපදා සතරක් ද, ප්‍රතිපන්නක පුද්ගලයෝ සතරදෙනෙක් ද වෙති: තෘෂ්ණචරිත ඇති මෝහාධික (මන්ද) පුද්ගල ස්මෘතීන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති දුක් වූ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සතිපට්ඨානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. (සසරදුකින් නික්මයෙයි.) තෘෂ්ණාචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥ) පුද්ගල සමාධීන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති දුඃඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ධ්‍යානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති මෝහාධිකපුද්ගල වීර්‍ය්‍යයෙන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති සුඛ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සම්‍යක්ප්‍රධානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥා) පුද්ගල ප්‍රඥේන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති සුඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ආර්‍ය්‍යසත්‍යයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරේ.
උභො තණ්හාචරිතා, සමථපුබ්බඞ්ගමාය විපස්සනාය නිය්යන්ති රාගවිරාගාය චෙතොවිමුත්තියා, උභො දිට්ඨිචරිතා විපස්සනාපුබ්බඞ්ගමෙන සමථෙන නිය්යන්ති අවිජ්ජාවිරාගාය පඤ්ඤාවිමුත්තියා.
තෘෂ්ණචරිත ඇති පුද්ගලයෝ දෙදෙන ශමථය පූර්වඞ්ගම කොට ඇති විදර්ශනායෙන් රාගවිරාග (රාගප්‍රහාණයකරන) අනාගාමීඵලසමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරෙති. දෘෂ්ටි චරිතපුද්ගලයෝ දෙදෙනා විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථයෙන් අවිද්‍යාප්‍රහාණය කරන අර්‍හත්ඵලප්‍රඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත්.
තත්ථ යෙ සමථපුබ්බඞ්ගමාහි පටිපදාහි නිය්යන්ති, තෙ නන්දියා වට්ටෙන නයෙන හාතබ්බා. යෙ විපස්සනාපුබ්බඞ්ගමාහි පටිපදාහි නිය්යන්ති, ථෙ සීහවික්කීළිතෙන නයෙන හාතබ්බා.
එහි යම් කෙනෙක් ශමථපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු නන්‍දියාවට්ටනයින් පමුණුවාලියැයුත්තාහ. යම් කෙනෙක් විදර්‍ශනාපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු සීහවික්කීළිතනයින් පමුණුවාලියැයුත්තාහ.
ස්වායං හාරො කත්ථ සම්භවති : යස්ස සත්ථා වා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානීයො සබ්රහ්මචාරී, සො තං ධම්මං සුත්වා සද්ධං පටිලභති, තත්ථ යා වීමංසා උස්සාහනා තුලනා උපපරික්ඛා, අයං සුතමයීපඤ්ඤා, තථා සුතෙන නිස්සයෙන යා වීමංසා තුලනා උපපරික්ඛා මනසානුපෙක්ඛනා, අයං චින්තාමයීපඤ්ඤා. ඉමාහි ද්වීහි පඤ්ඤාහි මනසිකාරසම්පයුත්තස්ස යං ඤාණං උප්පජ්ජති දස්සනභූමියං වා භාවනාභුමියං වා අයං භාවනාමයීපඤ්ඤා. පරතො ඝොසා සුතමයීපඤ්ඤා. පච්චත්තසමුට්ඨිතා යොනිසොමනසිකාරා චින්තාමයීපඤ්ඤා, යං පරතො ච ඝොසෙන පච්චත්තසමුට්ඨිතෙන ච යොනිසොමනසිකාරෙන ඤාණං උප්පජ්ජති අයං භාවනාමයීපඤ්ඤා.
ඒ මේ හාරය කොහි ලැබෙයි යත්: ක්‍ෂණසම්පත් ලැබූ යම් පුඟුලක්හට ශාස්තෘන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍යතර සබ්රහ්මචාරී කෙනෙක් හෝ දහම් දෙසති. හේ ඒ දහම් අසා (බුදුන් දහම් කෙරෙහි) සැදැහැ උපදවයි. ඒ යථාශ්‍රැතධර්‍මයෙහි පද පදාර්ත්ථ විමසන විමංසායෙක් ධාරණපචයෙහි උත්සාහයෙක් සසඳා තුලනය කිරීමෙක් මහාපදේසයෙහි බහා පිරික්සීමෙක් වේ ද, මේ ‘සුතමයී’ ප්‍රඥා නමු. එසෙයින් ඒ ශ්‍රැතය උපනිශ්‍රය කොට යම් විමසීමෙක් තුලනයෙක් පිරික්සීමෙක් සිතින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ ‘චින්තාමයී’ ප්‍රඥා නමු. මේ යථෝක්ත ප්‍රඥාදෙකින් රූපාරූපපරිග්‍රහාදි මනසිකාරයෙහි යුක්තප්‍රයුක්ත වූවහුට දර්ශනභූමියෙහි හෝ භාවනාභූමියෙහි හෝ යම් ඥානයෙක් උපදීද මේ ‘භාවනාමය’ ප්‍රඥා නමු. (බුද්ධ, බුද්ධශ්‍රාවකාදි) අනෙකක්හුගේ දේශනාහේතුයෙන් උපන් නුවණ ‘සුතමයපඤ්ඤා’නමු. තමා තුළ පහළවූ යෝනිසෝමනසිකාරයෙන් උපන් නුවණ ‘චින්තාමයපඤ්ඤා’ නමු. පරතෝඝෝස සංඛ්‍යාත අනෙකක්හුගේ දේශනායෙදුනුදු තමාතුළ උපන් යෝනිසෝමනසිකාර හේතුයෙනුදු යම් නුවණෙක් උපදීද මේ ‘භාවනාමයපඤ්ඤා’ නමු.
යස්ස ඉමා ද්වෙ පඤ්ඤා අත්ථි සුතමයී චින්තාමයී ච, අයං උග්ඝටිතඤ්ඤූ, යස්ස සුතමයී පඤ්ඤා අත්ථි චින්තාමයී නත්ථි අයං විපඤ්චිතඤ්ඤූ. යස්ස නෙව සුතමයී පඤ්ඤා අත්ථි න චින්තාමයී, අයං නෙය්යො.
යමක්හට ශ්රැතමය වූ ද චින්තාමය වූ ද මේ ප්‍රඥාවෝ දෙදෙනෙක් ඇද්ද මෙතෙම ‘උද්ඝටිතඥ’ නම් වේ. යමක්හට ශ්‍රැතමයප්‍රඥා ඇද්ද, චින්තාමයප්‍රඥා නැද්ද, මෙතෙම විපඤ්චිතඥ නම් වේ. යමක්හට ශ්‍රැතමයප්‍රඥා නොමැ ඇද්ද, චින්තාමයප්‍රඥා නොමැ ඇද්ද මෙතෙම ‘නෙයපුද්ගල’ නම් වේ.
සායං ධම්මදෙසනා කිං දෙසයති: චත්තාරි සච්චානි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. ආදීනවො ඵලං ච දුක්ඛං, අස්සාදො සමුදයො, නිස්සරණං නිරොධො, උපායො ආණත්ති ච මග්ගො, ඉමානි චත්තාරි සච්චානි, ඉදං ධම්මචක්කං.
මේ යථෝක්ත ධර්මදේශනාව කුමක් දෙසයි යත්: චතුස්සත්‍ය යි: දුඃඛ යැ, සමුදය යැ, නිරෝධ යැ, මාර්ග යි. ආදීනවය හා ඵලය හා දුඃඛ නම. ආස්වාදය සමුදය නම. නිස්සරණය නිරෝධ නම. උපාය හා ආණත්ති හා මාර්ග නම. මේ චතුස්සත්‍ය යි මේ (බුදුරදුන්ගේ සිව්සස් විසින් සාමුක්කංසිකදේසනාව) ධර්මචක්ර නම් වේ.
යථා’හ භගවා: “ඉදං දුක්ඛන්ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පත්තිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං” (සබ්බං ධම්මචක්කං.)
මෙසේ වදාළහ, භාග්‍යවත්හු: “මහණෙනි, මා විසින් මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවළැව්හි දී මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ නොවළහාලියැහෙන (ප්රතිෂේධ නොකළ හැකි) අනුත්තර වූ ධර්මචක්රය පවත්වන ලද.”
තත්ථ අපරිමාණා පදා අපරිමාණා අක්ඛරා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා ආකාරා නෙරුත්තා නිද්දෙසා. එතස්සෙව අත්ථස්ස සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති ඉතිපි’දං දුක්ඛං අරියසච්චං.
ඒ චතුස්සත්යධර්මදේශනායෙහි අපරිමාණ පදයෝ අපරිමාණ අක්ෂරයෝ අපරිමාණ ව්‍යඤ්ජනයෝ අපරිමාණ ආකාරයෝ නෛරුක්තයෝ නිර්දේශයෝ වෙති. තෙල චතුස්සත්‍ය සංඛ්‍යාත අර්‍ත්‍ථයාගේ මැ සඞ්කාශන ප්‍රකාශන විවරණ විභාගකිරීම ප්‍රකට කිරීම ප්රඥප්ති වෙයි. මෙසෙයිනුදු මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය දතයුතු.
“අයං දුක්ඛසමුදයො’ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං -පෙ- අයං දුක්ඛනිරොධො’ති මෙ භික්ඛවෙ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පත්තිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”
“මහණෙනි, මා විසින් ‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය’ යි බරණැස ඉසිපතන නම් වූ මුවළැව්හි දී අනුත්තර වූ දම්සක් පවත්වන ලද … මහණෙනි, මා විසින් ‘මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය’ යි … මහණෙනි, මා විසින් ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ යි බරණැස ඉසිපතන නම් වූ මුවළැව්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ ප්රතිෂේධ නොකළහෙන අනුත්තර වූ දම්සක් පවත්වන ලද.”
තත්ථ අපරිමාණා පදා අපරිමාණා අක්ඛරා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා ආකාරා නෙරුත්තා නිද්දෙසා. එතස්සෙව අත්ථස්ස සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති ඉතිපි’දං දුක්ඛනිරොධගාමිනීපටිපදාඅරියසච්චං.
(ද්වාදසපදයන්ගේ අන්‍යෝන්‍ය විෂයවිෂයීභාවය දක්වති: ) ඒ ආර්ය්යසත්යදේශනායෙහි අපරිමාණ පදයෝ අපරිමාණ අක්ෂරයෝ අපරිමාණ ව්‍යඤ්ජනයෝ අපරිමාණ ආකාර නෛරුක්ත නිර්දේශයෝ වෙති. තෙල අර්‍ත්‍ථයාගේ මැ සඞ්කාශන ප්‍රකාශන විවරණ විභජන උත්තානීකරණ ප්රඥප්ති වේ. මෙසෙයිනුදු මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දතයුතු.
තත්ථ භගවා අක්ඛරෙහි සඞ්කාසෙති, පදෙහි පකාසෙති, බ්යඤ්ජනෙහි විවරති, ආකාරෙහි විභජති, නිරුත්තීහි උත්තානීකරොති, නිද්දෙසෙහි පඤ්ඤාපෙති.
ඒ චතුස්සත්යදේශනායෙහි භාග්‍යවත්හු අක්ෂරයන් කරණ කොටගෙන සැකෙවින් දෙසනසේක. පදයන්ගෙන් ප්‍රකාශ කරනසේක. ව්‍යඤ්ජනයන්ගෙන් විවරණ කරනසේක. ආකාරයන්ගෙන් විභාග කරන සේක. නිර්වචනවිභාග සංඛ්‍යාත නිරුක්තීන්ගෙන් ප්‍රකට කරන සේක. නිරවශේෂ දේශනා සංඛ්‍යාත නිර්දේශයන්ගෙන් පනවන සේක.
තත්ථ භගවා අක්ඛරෙහි ච පදෙහි ච උග්ඝාටෙති, බ්යඤ්ජනෙහි ච ආකාරෙහි ච විපඤ්චයති, නිරුත්තීහි ච නිද්දෙසෙහි ච විත්ථාරෙති. තත්ථ උග්ඝාටනා ආදි, විපඤ්චනා මජ්ඣෙ, විත්ථාරණා පරියොසානං.
(ව්යඤ්ජනපදයන්ගේ කෘත්යසාධනය දක්වති:) ඒ සිව්සස් දෙසුම්හි භාග්‍යවත්හු අක්ෂරයනුදු පදයනුදු කරණ කොටගෙන උද්දේස කෙරෙති. (සැකෙවින් වදාරති.) ව්යඤ්ජනයනුදු ආකාරයනුදු කරණ කොටගෙන නිද්දේස (විපඤ්චන) කෙරෙති. නිරුක්තීනුදු නිර්දේශයනුදු කරණ කොටගෙන පටිනිද්දේස (විස්තර) කරනසේක. එහි උද්දේසය (දේශනායෙහි) ආදි වෙයි, නිද්දේසය මධ්‍ය වෙයි, පටිනිද්දේසය (විස්තාරණය) පර්‍ය්‍යාවසාන වේ.
සොයං ධම්මවිනයො උග්ඝටීයන්තො උග්ඝටිතඤ්ඤුපුග්ගලං විනෙති, තෙන නං ආහු ආදිකල්යාණොති, විපඤ්චියන්තො විපඤ්චිතඤ්ඤූපුග්ගලං විනෙති, තෙන නං ආහු: මජ්ඣෙකල්යාණොති. විත්ථාරීයන්තො නෙය්යපුග්ගලං විනෙති, තෙන නං ආහු: පරියොසානකල්යාණොති.
(දැන් අර්ත්ථපදයන්ගේ ව්‍යාපාරය දක්වති:) ඒ ධර්මවිනය උද්දේස කරනු ලබනුයේ උද්ඝටිතඥ පුද්ගලයා විනයන කෙරෙයි (හික්මවයි.) එයින් ඒ ධර්මවිනය ‘ආදිකල්‍යාණ’ යි වදාළහ. නිද්දේස කරනු ලබනුයේ විපඤ්චිතඥ පුද්ගලයා විනයන කෙරෙයි, එයින් ඒ ධර්මවිනය ‘මධ්‍යකල්‍යාණ’ යි වදාළහ. පටිනිද්දේස (විස්තර) කරනු ලබනුයේ නෙයපුද්ගලයා විනයන කෙරෙයි, එයින් ඒ ධර්මවිනය ‘පර්‍ය්‍යවසාන කල්‍යාණ’ යි වදාළහ.
තත්ථ ඡප්පදානි අත්ථො: සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති. ඉමානි ඡප්පදානි අත්ථො. ඡප්පදානි බ්යඤ්ජනං: අක්ඛරං පදං බ්යඤ්ජනං ආකාරො නිරුත්ති නිද්දෙසො. ඉමානි ඡප්පදානි බ්යඤ්ජනං. තෙනාහ භගවා: “ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනන්ති”.
ඒ චතුස්සත්යදේශනායෙහි සපද කෙනෙක් අර්ත්ථ යැ: සඞ්කාසනා යැ පකාසනා යැ විවරණා යැ විභජනා යැ උත්තානීකම්ම යැ පඤ්ඤත්ති යි. මේ ෂට්පදයෝ අර්ත්ථ යි. සපද කෙනෙක් ව්‍යඤ්ජන යැ: අක්ඛර යැ පද යැ ඛ්‍යඤ්ජන යැ ආකාර යැ නිරුක්ති ය. නිද්දේස යි. මේ ෂට්පදයෝ ව්‍යඤ්ජන යි. එයින් වදාළහ, භාග්‍යවත්හු: “ධම්මංවො භික්ඛවේ, දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං” යී.
“කෙවල”න්ති ලොකුත්තරං, න මිස්සං ලොකියෙහි ධම්මෙහි; “පරිපුණ්ණ”න්ති පරිපූරං අනූනං අනතිරෙකං; “පරිසුද්ධං”ති නිම්මලං සබ්බමලාපගතං පරියොදාතං උපට්ඨිතං සබ්බවිසෙසානං. ඉදං වුච්චති තථාගතපදං ඉතිපි තථාගතනිසෙවිතං ඉතිපි තථාගතාරඤ්ජිතං ඉතිපි. අතො චෙතං බ්රහ්මචරියං පඤ්ඤායති. තෙනාහ භගවා: “කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙස්සාමී”ති,
“කේවලං”යනු: ලෝකෝත්තර වු ලෞකිකධර්මයන් හා අමිශ්‍ර වූ, “පරිපූණ්ණං” යනු: හාත්පසින් පිරුණු නොඅඩු නොවැඩි වූ, “පරිසුද්ධං” යනු: නිර්මල වූ සියලු මලයන්ගෙන් අපගත වූ පර්‍ය්‍යවදාත වූ (උතුරුමිනිස්දහම් සංඛ්‍යාත වූ අධිශීලශික්ෂාදි සංඛ්‍යාත වූ හෝ) සියලු විශේෂයන් එළැඹ සිටුනා තැන් වූ දහමක් යනුයි. මේ ශික්ෂාත්රය සංගෘහීත ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය තථාගත ගඳැත්හු කෙලෙස්ගහන මැඩපියා ගිය මගැයි ද තථාගතයන් විසින් සෙවුනාලදැයි ද තථාගතයන් සර්වඥතාඥානදන්තයෙන් ත්‍රෛභූමක ධර්මයන් තිහිරිකළ තැනැයි ද කියනු ලැබේ. මෙකරුණෙන් තෙල සසුන් බඹසර පැනේ. එයින් වදාළහ, භාග්‍යවත්හු: “කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙස්සාමි” යී.
කෙසං අයං ධම්මදෙසනා: යොගීනං. තෙනාහ ආයස්මා මහා කච්චායනො:
මේ ධර්මදේශනා කවුරුන් සඳහා ද යත්: චතුස්සත්යකර්මස්ථානික යෝගීන් සඳහා යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ:
“අස්සාදාදීනවතා - නිස්සරණම්පි ච ඵලං උපායො ච, ආණත්ති ච භගවතො - යොගීනං දෙසනාහාරො”ති.
“අස්සාදාදීනවතා -පෙ- දේසනාහාරො”යී.
නියුත්තො දෙසනාහාරො.
දේසනාහාරය යොදනලදි.