යෙදුමෙන් කියවන්න

දෙසනාහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

දෙසනාහාරවිභඞ‍්ගවණ‍්ණනා

දේශනා හාර විභංග වර්ණනාව

එවං හාරාදයො සුඛග‍්ගහණත්‍ථං ගාථාබන්‍ධවසෙන සරූපතො නිද‍්දිසිත්‍වා ඉදානි තෙසු හාරෙ තාව පටිනිද‍්දෙසවසෙන විභජිතුං “තත්‍ථ කතමො දෙසනාහාරො”තිආදි ආරද‍්ධං. තත්‍ථ කතමොති කථෙතුකම්‍යතාපුච‍්ඡා. දෙසනාහාරොති පුච‍්ඡිතබ‍්බධම‍්මනිදස‍්සනං. කිඤ‍්චාපි දෙසනාහාරො නිද‍්දෙසවාරෙ සරූපතො දස‍්සිතො, පටිනිද‍්දෙසස‍්ස පන විසයං දස‍්සෙන‍්තො “අස‍්සාදාදීනවතා”ති ගාථං එකදෙසෙන පච‍්චාමසති. අයං දෙසනාහාරො පුබ‍්බාපරාපෙක‍්ඛො. තත්‍ථ පුබ‍්බාපෙක‍්ඛත‍්තෙ “කතමො දෙසනාහාරො”ති පුච‍්ඡිත්‍වා “අස‍්සාදාදීනවතා”ති සරූපතො දස‍්සිතස‍්ස නිගමනං හොති. පරාපෙක‍්ඛත‍්තෙ පන “අයං දෙසනාහාරො කිං දෙසයතී”ති දෙසනාකිරියාය කත‍්තුනිද‍්දෙසො හොති. තෙන දෙසනාහාරස‍්ස අන්‍වත්‍ථසඤ‍්ඤතං දස‍්සෙති. දෙසයතීති සංවණ‍්ණෙති, විත්‍ථාරෙතීති අත්‍ථො.

සුවසේ ග්‍රහණය කරගනු පිණිස ගාථා බැඳීම් වශයෙන් මෙසේ හාරාදිය ස්වරූප වශයෙන් දක්වා දැන් ඒවායින් හාරයන් පළමුව පටිනිද්දේස වශයෙන් බෙදා දක්වන්නට තත්‍ථ කතමො දෙසනාහාරො යනාදිය අරඹන ලදි. එහි කතමො යනු කියනු කැමති විමර්ශනයයි. දෙසනාහාරො යනු ඇසිය යුතු (ධර්මය) කරුණ දක්වාලීමයි. කෙසේ වුවත් දේසනා හාරය නිද්දේස වාරයේදී ස්වරූප වශයෙන් දක්වන ලදි. පටිනිද්දේසයේ විෂය දක්වමින් අස්සාදාදීනවතා යන ගාථාව ඒකදේශයකින් ස්පර්ශ කෙරෙයි. මේ දේශනාහාරය පූර්වාපර අපේක්‍ෂා ඇත්තකි. එහි පූර්වාපේක්‍ෂකත්‍වයෙහි කතමො දෙසනාහාරො යැයි විමසා අස්සාදාදීනවතා යැයි ස්වරූප වශයෙන් දක්වන ලද්දෙහි නිගමනය වෙයි. පරාපේක්‍ෂකත්‍වයෙහි වනාහි අයං දෙසනාහාරො කිං දෙසයති යනු වර්ණනා කරයි යනුයි. විස්තර කරයි යන අර්ථයයි.

ඉදානි අනෙන දෙසෙතබ‍්බධම‍්මෙ සරූපතො දස‍්සෙන‍්තො “අස‍්සාද”න‍්තිආදිමාහ, තං පුබ‍්බෙ වුත‍්තනයත‍්තා උත‍්තානමෙව. තස‍්මා ඉතො පරම‍්පි අවුත‍්තමෙව වණ‍්ණයිස‍්සාම. “කත්‍ථ පන ආගතෙ අස‍්සාදාදිකෙ අයං හාරො සංවණ‍්ණෙතී”ති අනුයොගං මනසිකත්‍වා දෙසනාහාරෙන සංවණ‍්ණෙතබ‍්බධම‍්මං දස‍්සෙන‍්තො “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”තිආදිකං සබ‍්බපරියත‍්තිධම‍්මසඞ‍්ගාහකං භගවතො ඡඡක‍්කදෙසනං එකදෙසෙන දස‍්සෙති.

දැන් මෙයින් දේශනා කළයුතු ධර්ම ස්වරූප වශයෙන් දක්වමින් අස්සාදං යනාදිය කීවේය. එය පෙර කියන ලද නය අනුව ප්‍රකට කරන ලද්දේමය. එහෙයින් මින් පසුද නොකියන ලද දෙයම වර්ණනා කරමු. මේ හාරය කොතැනක ආ ආශ්වාදාදිය වර්ණනා කෙරේදැයි ගැටළුව සිහිකොට දේශනා හාරයෙන් වර්ණනා කළයුතු ධර්මය දක්වමින් ධම්මං වො භික්ඛවෙ දෙසෙස්සාමි යනාදී සියලු පර්යාප්ති ධර්මය සංග්‍රහ කරන භාග්‍යවතුන් වහන්සේගේ ඡඡක්ක දේශනාව ඒකදේශයකින් දක්වාලයි.

තත්‍ථ ධම‍්මන‍්ති අයං ධම‍්ම-සද‍්දො පරියත‍්තිසච‍්චසමාධිපඤ‍්ඤාපකතිපුඤ‍්ඤාපත‍්තිඤෙය්‍යාදීසු බහූසු අත්‍ථෙසු දිට‍්ඨප‍්පයොගො. තථා හි “ඉධ, භික‍්ඛු, ධම‍්මං පරියාපුණාතී”තිආදීසු (අ· නි· 5.73) පරියත‍්තිධම‍්මෙ දිස‍්සති. “දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො”තිආදීසු (දී· නි· 1.299; මහාව· 18) සච‍්චෙ. “එවංධම‍්මා තෙ භගවන‍්තො අහෙසු”න‍්තිආදීසු (දී· නි· 2.13, 145) සමාධිම‍්හි. “සච‍්චං ධම‍්මො ධිති චාගො”ති එවමාදීසු (ජා· 1.1.57; 1.2.147-148) පඤ‍්ඤායං. “ජාතිධම‍්මානං, භික‍්ඛවෙ, සත‍්තාන”න‍්ති එවමාදීසු (දී· නි· 2.398; ම· නි· 1.131) පකතියං. “ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරි”න‍්තිආදීසු (ජා· 1.10.102; 1.15.385) පුඤ‍්ඤෙ. “චත‍්තාරො පාරාජිකා ධම‍්මා”ති එවමාදීසු (පාරා· 233) ආපත‍්තියං. “කුසලා ධම‍්මා අකුසලාධම‍්මා”තිආදීසු (ධ· ස· තිකමාතිකා 1) ඤෙය්‍යෙ. ඉධ පන පරියත‍්තියං දට‍්ඨබ‍්බොති (ම· නි· අට‍්ඨ· 1.මූලපරියායසුත‍්තවණ‍්ණනා; ධ· ස· අට‍්ඨ· චිත‍්තුප‍්පාදකණ‍්ඩ 1; බු· වං· අට‍්ඨ· 1.1).

එහි ධම්මං යන මේ ධම්ම ශබ්දය පර්යාප්ති, සත්‍ය සමාධි, ප්‍රඥා, ප්‍රකෘති, පුණ්‍ය, ආපත්ති, ඤෙය්‍ය ආදී බොහෝ අර්ථවල දක්නා ලද ප්‍රයෝග ඇත්තකි. ඒ එසේමය. ‘ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති’ ආදියෙහි පර්යාප්ති ධර්මයේ දක්නා ලැබේ. ‘දිට්ඨධම්මො පත්තධම්මො’ යනාදිය සත්‍යයෙහි (දක්නා ලැබේ) ‘එවං ධම්මා තෙ භගවතො අහෙසුං’ යනාදිය සමාධියෙහි (දක්නා ලැබේ) ‘සච්චං ධම්මො ධිතී චාගො’ යන මේ ආදිය ප්‍රඥාවෙහි (දක්නා ලැබේ.) ‘ජාති ධම්මානං භික්ඛවෙ සත්තානං’ යනාදිය ප්‍රකෘතියෙහි (දක්නා ලැබේ) ‘ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී’ යනාදිය පුණ්‍ය අර්ථයෙහි දක්නා ලැබේ. ‘චත්තාරො පාරාජිකා ධම්මා’ යන මේ ආදිය ආපත්තියෙහි දක්නා ලැබේ. ‘කුසලා ධම්මා අකුසලා ධම්මා’ ආදිය ඥෙයාර්ථයෙහි දක්නා ලැබේ. මෙහි වනාහි පර්යාප්ති අර්ථයෙහි දතයුතුය.

වොති පන අයං වො-සද‍්දො “හන්‍ද දානි, භික‍්ඛවෙ, පවාරෙමි වො”ති (සං· නි· 1.215) එත්‍ථ උපයොගත්‍ථෙ ආගතො. “සන‍්නිපතිතානං වො, භික‍්ඛවෙ, ද‍්වයං කරණීය”න‍්තිආදීසු (ම· නි· 1.273) කරණත්‍ථෙ. “යෙ හි වො අරියා පරිසුද‍්ධකායකම‍්මන‍්තා”තිආදීසු පදපූරණෙ. “ආරොචයාමි වො, භික‍්ඛවෙ”තිආදීසු (අ· නි· 7.72) සම‍්පදානත්‍ථෙ. ඉධාපි සම‍්පදානත්‍ථෙ එවාති දට‍්ඨබ‍්බො.

වො යන තැන මේ වො ශබ්දය ‘හන්‍දදානි භික්ඛවෙ පවාරයාමි වො’ යන මෙතැන උපයෝගාර්ථයේ ආයේය. ‘සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං’ යනාදියෙහි (වො ශබ්දය) කරණාර්ථයෙහි ආයේය. ‘යෙහි වො අරියා පරිසුද්ධකාය කම්මන්තා’ යනාදියෙහි (වො ශබ්දය) පද පූරණාර්ථයෙහි ආයේය. ‘ආරොචයාමි වො භික්ඛවෙ’ යනාදියෙහි (වො ශබ්දය) සම්ප්‍රදානාර්ථයෙහි ආයේය. මෙහි ද සම්ප්‍රදානාර්ථයෙහිම යැයි දතයුතුය. සිඟීම් ස්වභාවය ආදි ගුණ යෝගයෙන් භික්ඛු නම් වේ.

භික‍්ඛනසීලතාදිගුණයොගෙන භික‍්ඛූ, භින‍්නකිලෙසතාදිගුණයොගෙන වා. අථ වා සංසාරෙ භයං ඉක‍්ඛන‍්තීති භික‍්ඛූ. භික‍්ඛවෙති තෙසං ආලපනං. තෙන තෙ ධම‍්මස‍්සවනෙ නියොජෙන‍්තො අත‍්තනො මුඛාභිමුඛං කරොති. දෙසෙස‍්සාමීති කථෙස‍්සාමි. තෙන නාහං ධම‍්මිස‍්සරතාය තුම‍්හෙ අඤ‍්ඤං කිඤ‍්චි කාරෙය්‍යාමි, අනාවරණඤාණෙන සබ‍්බං ඤෙය්‍යධම‍්මං පච‍්චක‍්ඛකාරිතාය පන ධම‍්මං දෙසෙස‍්සාමීති ඉදානි පවත‍්තියමානං ධම‍්මදෙසනං පටිජානාති. ආදිකල්‍යාණන‍්තිආදීසු ආදිම‍්හි කල්‍යාණං ආදිකල්‍යාණං, ආදිකල්‍යාණමෙතස‍්සාති වා ආදිකල්‍යාණං. සෙසපදද‍්වයෙපි එසෙව නයො. තත්‍ථ සීලෙන ආදිකල්‍යාණං. සමාධිනා මජ‍්ඣෙකල්‍යාණං. පඤ‍්ඤාය පරියොසානකල්‍යාණං. බුද‍්ධසුබුද‍්ධතාය වා ආදිකල්‍යාණං. ධම‍්මසුධම‍්මතාය මජ‍්ඣෙකල්‍යාණං. සඞ‍්ඝසුප‍්පටිපත‍්තියා පරියොසානකල්‍යාණං. අථ වා උග‍්ඝටිතඤ‍්ඤුවිනයනෙන ආදිකල්‍යාණං. විපඤ‍්චිතඤ‍්ඤුවිනයනෙන මජ‍්ඣෙකල්‍යාණං නෙය්‍යපුග‍්ගලවිනයනෙන පරියොසානකල්‍යාණං. අයමෙවත්‍ථො ඉධාධිප‍්පෙතො.

බිඳුණු කෙළෙස් ඇති බව ආදී ගුණයෝගයෙන් හෝ භික්ඛු නම් වේ. එසේ නැතහොත් සංසාර බිය දක්නේනුයි භික්ඛු නම් වේ. භික්ඛවෙ යනු ඔවුන්ට ආමන්ත්‍රණයකි. එයින් ඔවුන්ව ධර්මශ්‍රවණයෙහි යොදවමින් තමාගේ මුවට අභිමුඛ කෙරෙයි. දෙසෙස්සාමි යනු කියන්නෙමි යනුයි. එහෙයින් මම ධර්මේශ්වර බැවින් ඔබලාට අන් කිසිවක් නොකරමි. අනාවරණ ඤාණයෙන් සියලු ඥෙය්‍ය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කරවීමට ධර්මය දේශනා කරන්නෙමි’යි දැන් පවත්වනු ලබන ධර්මදේශනය දනියි. ‘ආදි කල්‍යාණං’ යනාදියේ ආදියේ යහපත් වූයේ ආදි කල්‍යාණයයි. ආදි කල්‍යාණය මොහුට ඇත යනු හෝ ආදි කල්‍යාණං නමි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමය. එහි සීලයෙන් ආදි කල්‍යාණය ඇතිවේ. සමාධියේ මජ්ඣෙ කල්‍යාණය ඇති වේ. ප්‍රඥාවෙන් පරියොසාන කල්‍යාණය ඇතිවේ. බුදුන් මනාව අවබෝධ කරගත් බැවින් ආදියෙහි යහපත්ය. ධර්මය මනා ලක්‍ෂණවලින් යුත් බැවින් මධ්‍යයේ යහපත්ය. සංඝයා මනා ප්‍රතිපත්ති ඇති බැවින් කෙළවර යහපත්ය. එසේ නැතහොත් උග්ඝටිතඥයා හික්මවන බැවින් ආදියෙහි යහපත්ය. විපඤ්චිතඥයා හික්මවන බැවින් මධ්‍යයෙහි යහපත්ය. නෙය්‍ය පුද්ගලයා හික්මවන බැවින් කෙළවර යහපත්ය. මේ අර්ථයම මෙහිදී අධිප්‍රේතය.

අත්‍ථසම‍්පත‍්තියා සාත්‍ථං. බ්‍යඤ‍්ජනසම‍්පත‍්තියා සබ්‍යඤ‍්ජනං. සඞ‍්කාසනාදිඡඅත්‍ථපදසමායොගතො වා සාත්‍ථං. අක‍්ඛරාදිඡබ්‍යඤ‍්ජනපදසමායොගතො සබ්‍යඤ‍්ජනං. අයමෙවත්‍ථො ඉධාධිප‍්පෙතො. උපනෙතබ‍්බාභාවතො එකන‍්තෙන පරිපුණ‍්ණන‍්ති කෙවලපරිපුණ‍්ණං. අපනෙතබ‍්බාභාවතො පරිසුද‍්ධං. සීලාදිපඤ‍්චධම‍්මක‍්ඛන්‍ධපාරිපූරියා වා පරිපුණ‍්ණං. චතුරොඝනිත්‍ථරණාය පවත‍්තියා ලොකාමිසනිරපෙක‍්ඛතාය ච පරිසුද‍්ධං. බ්‍රහ‍්මං සෙට‍්ඨං උත‍්තමං බ්‍රහ‍්මූනං වා සෙට‍්ඨානං අරියානං චරියං සික‍්ඛත‍්තයසඞ‍්ගහං සාසනං බ්‍රහ‍්මචරියං පකාසයිස‍්සාමි පරිදීපයිස‍්සාමීති අත්‍ථො.

අර්ථ සම්පත්තියෙන් යුතු බව සාත්‍ථ නම් වේ. බ්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත බව සබ්‍යඤ්ජන නම් වේ. සංකාසනාදි අර්ථ පද සය සමග යෙදීම හෝ සාත්‍ථ නම් වේ. අක්‍ෂර ආදි බ්‍යඤ්ජන පද සය සමග යෙදීම සබ්‍යඤ්ජන නම් වේ. මේ අර්ථයම මෙහිදී අධිප්‍රේතය. පැමිණවිය යුතු දෙයක් නොමැති බැවින් ඒකාන්තයෙන් පරිපූර්ණ වූයේ නුයි කෙවල පරිපුණ්ණ නමි. බැහැර කළයුතු දෙයක් නොමැති බැවින් පරිසුද්ධ නමි. සීලාදී වූ ධර්මස්කන්ධ පහ පරිපූර්ණ වූ බැවින් හෝ පරිපුණ්ණ නම් වේ. සතර ඕඝයන් තරණය පිණිස පැවති හෙයින් ලෝකාමිෂයන් කෙරෙහි අපේක්‍ෂාවක් නොමැති බැවින් ද පරිසුද්ධ නම් වේ. බ්‍රහ්ම වූ ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ බඹුන්ගේ හෝ ශ්‍රේෂ්ඨයන්ගේ හෝ ආර්යයන්ගේ හෝ චර්යාව වූ ත්‍රිවිධශික්‍ෂා සංග්‍රහ සංඛ්‍යාත ශාසනය බ්‍රහ්මචරිය නම් වේ. පකාසයිස්සාමි මනාව දක්වන්නෙමි යන අර්ථයයි.

එවං භගවතා දෙසිතො පකාසිතො ච සාසනධම‍්මො යෙසං අස‍්සාදාදීනං දස‍්සනවසෙන පවත‍්තො, තෙ අස‍්සාදාදයො දෙසනාහාරස‍්ස විසයභූතා යත්‍ථ යත්‍ථ පාඨෙ සවිසෙසං වුත‍්තා, තතො තතො නිද‍්ධාරෙත්‍වා උදාහරණවසෙන ඉධානෙත්‍වා දස‍්සෙතුං “තත්‍ථ කතමො අස‍්සාදො”තිආදි ආරද‍්ධං. තත්‍ථ කාමන‍්ති මනාපියරූපාදිං තෙභූමකධම‍්මසඞ‍්ඛාතං වත්‍ථුකාමං. කාමයමානස‍්සාති ඉච‍්ඡන‍්තස‍්ස. තස‍්ස චෙතං සමිජ‍්ඣතීති තස‍්ස කාමයමානස‍්ස සත‍්තස‍්ස තං කාමසඞ‍්ඛාතං වත්‍ථු සමිජ‍්ඣති චෙ, සචෙ සො තං ලභතීති වුත‍්තං හොති. අද‍්ධා පීතිමනො හොතීති එකංසෙන තුට‍්ඨචිත‍්තො හොති. ලද‍්ධාති ලභිත්‍වා. මච‍්චොති සත‍්තො. යදිච‍්ඡතීති යං ඉච‍්ඡති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන නිද‍්දෙසෙ (මහානි· 1) වුත‍්තනයෙන වෙදිතබ‍්බො. අයං අස‍්සාදොති යායං අධිප‍්පායසමිජ‍්ඣනා ඉච‍්ඡිතලාභෙ පීතිමනතා සොමනස‍්සං, අයං අස‍්සාදෙතබ‍්බතො අස‍්සාදො.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රකාශ කරන ලද ශාසන ධර්මය යම් ආශ්වාද ආදියෙක දැක්වීම් වශයෙන් පැවැත්තේ ද ඒ ආශ්වාද ආදිය දේශනා හාරයේ විෂය වූවාහු යම් යම් පාඨයක විශේෂ සහිතව කියන ලද ද ඒ ඒ තැනින් නිර්ධාරණය වෙන්කොට උදාහරණ වශයෙන් මෙහි පමුණුවා දක්වන්නට තත්‍ථ කතමො අස්සාදො යනාදිය ආරම්භ කරන ලදි. එහි කාමං යනු ත්‍රෛභූමක ධර්ම සංඛ්‍යාත මනාප වූ රූපාදි වස්තු කාමයයි. කාමයමානස්ස යනු කැමැත්තාටය. තස්ස චෙ තං සමිජ්ඣති යනු ඒ කැමැති වන්නා වූ සත්ත්වයාට ඒ කාම සංඛ්‍යාත වූ වස්තුව ඉදින් සමෘද්ධ වේ යනුයි. ඉදින් ඔහු එය ලබන්නේ යැයි කියන ලදි. අද්ධා පීති මනො හොති ති එක් අතකින් සතුටු සිත් ඇත්තේ වේ යනුයි. ලද්ධා යනු ලැබ යනුයි. මච්චො යනු සත්ත්වයායි. යදිච්ඡති යනු යමක් කැමැති වේ ද යනුයි. මෙය මෙහි සංක්‍ෂිප්ත විස්තරයයි. විස්තරය වනාහි නිද්දේසයේ කියන ලද ක්‍රමයෙන් දතයුතුය. අයං අස්සාදො යනු සමෘද්ධිමත් වූ යම් අදහසකින් කැමතිවන ලද ලාභයෙහි ප්‍රීතිමනස් සංඛ්‍යාත සොම්නස් වේ ද එය ආශ්වාදනය කළයුතු බැවින් ආශ්වාද නම් වේ යනුයි.

තස‍්ස චෙ කාමයානස‍්සාති තස‍්ස පුග‍්ගලස‍්ස කාමෙ ඉච‍්ඡමානස‍්ස, කාමෙන වා යායමානස‍්ස. ඡන්‍දජාතස‍්සාති ජාතතණ‍්හස‍්ස. ජන‍්තුනොති සත‍්තස‍්ස. තෙ කාමා පරිහායන‍්තීති තෙ වත්‍ථුකාමා කෙනචි අන‍්තරායෙන විනස‍්සන‍්ති චෙ. සල‍්ලවිද‍්ධොව රුප‍්පතීති අථ අයොමයාදිනා සල‍්ලෙන විද‍්ධො විය පීළියතීති අත්‍ථො. අයං ආදීනවොති යායං කාමානං විපරිණාමඤ‍්ඤථාභාවා කාමයානස‍්ස සත‍්තස‍්ස රුප‍්පනා දොමනස‍්සුප‍්පත‍්ති, අයං ආදීනවො.

තස්ස චෙ කාමයමානස්ස යනු කාමයන් කැමති වන ඒ පුද්ගලයාගේය. නැතහොත් කාමයෙන් ගමන් කරවනු ලබන්නාගේය. ඡන්‍දජාතස්ස යනු හටගත් තෘෂ්ණා ඇති තැනැත්තාගේය. ජන්තුනො යනු සත්ත්වයාගේය. තෙ කාමා පරිහායන්ති යනු ඒ වස්තුකාමයෝ කිසියම් අනතුරකින් විනාශ වේනම් යනුයි. සල්ලවිද්ධොව රුප්පති යනු එකල්හි යකඩින් කරන ලද උලින් විඳින ලද්දකු මෙන් පීඩාකරනු ලැබේ යන අර්ථයයි. අයං ආදීනවො යනු යම් මේ කාමයන්ගේ විපරිණාම අන්‍යථාභාවයෙන් කැමැත්තා වූ සත්ත්වයාගේ දොම්නස් උපත නැසීමක් වේ ද ඒ ආදීනවයයි.

යො කාමෙ පරිවජ‍්ජෙතීති යො භික‍්ඛු යථාවුත‍්තෙ කාමෙ තත්‍ථ ඡන්‍දරාගස‍්ස වික‍්ඛම‍්භනෙන වා සමුච‍්ඡින්‍දනෙන වා සබ‍්බභාගෙන වජ‍්ජෙති. යථා කිං? සප‍්පස‍්සෙව පදා සිරොති, යථා කොචි පුරිසො ජීවිතුකාමො කණ‍්හසප‍්පං පටිපථෙ පස‍්සිත්‍වා අත‍්තනො පාදෙන තස‍්ස සිරං පරිවජ‍්ජෙති, සොමං…පෙ… සමතිවත‍්තතීති සො භික‍්ඛු සබ‍්බං ලොකං විසරිත්‍වා ඨිතත‍්තා ලොකෙ විසත‍්තිකාසඞ‍්ඛාතං ඉමං තණ‍්හං සතිමා හුත්‍වා සමතික‍්කමතීති. ඉදං නිස‍්සරණන‍්ති යදිදං විසත‍්තිකාසඞ‍්ඛාතාය තණ‍්හාය නිබ‍්බානාරම‍්මණෙන අරියමග‍්ගෙන සමතිවත‍්තනං, ඉදං නිස‍්සරණං.

යො කාමෙ පරිවජ්ජෙති යනු යම් භික්‍ෂුවක් කියන ලද කාමයන් ඒ පිළිබඳ ඡන්‍දරාගය වික්ඛම්භනයෙන් හෝ මුලින් උපුටා දැමීමෙන් හෝ සියලු කොටසින් දුරුකෙරේ ද එයයි. උදාහරණ කුමක් ද? සප්පස්සෙව පදා සිරො යනු යම්සේ කිසියම් ජීවත්වනු කැමති පුරුෂයෙක් ඉදිරිමගෙහි කළු සර්පයෙකු දැක සිය පයින් ඒ සර්පයාගේ හිස දුරු කෙරෙයි ද එයයි. සො ඉමං -පෙ- සමති වත්තති යනු ඒ භික්‍ෂුව සියලු ලෝකය පතුරුවා සිටි බැවින් ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත වූ මේ තෘෂ්ණාව සිහි ඇතිව ඉක්මවා සිටියි යනුයි. ඉදං නිස්සරණං යනු යම් මේ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නිවන අරමුණු කර ඇති ආර්ය මාර්ගයෙන් ඉක්මවා සිටීම් නම් වූ මේ ගමනයි. (නිෂ්ක්‍රමණයයි.)

ඛෙත‍්තන‍්ති කෙදාරාදිඛෙත‍්තං. වත්‍ථුන‍්ති ඝරවත්‍ථුආදිවත්‍ථුං. හිරඤ‍්ඤං වාති කහාපණසඞ‍්ඛාතං සුවණ‍්ණසඞ‍්ඛාතඤ‍්ච හිරඤ‍්ඤං. වා-සද‍්දො විකප‍්පනත්‍ථො, සො සබ‍්බපදෙසු යොජෙතබ‍්බො. ගවාස‍්සන‍්ති ගාවො ච අස‍්සෙ චාති ගවාස‍්සං. දාසපොරිසන‍්ති දාසෙ ච පොරිසෙ චාති දාසපොරිසං. ථියොති ඉත්‍ථියො. බන්‍ධූති ඤාතිබන්‍ධවො. පුථූ කාමෙති අඤ‍්ඤෙපි වා මනාපියරූපාදිකෙ බහූ කාමගුණෙ. යො නරො අනුගිජ‍්ඣතීති යො සත‍්තො අනු අනු අභිකඞ‍්ඛති පත්‍ථෙතීති අත්‍ථො. අයං අස‍්සාදොති යදිදං ඛෙත‍්තාදීනං අනුගිජ‍්ඣනං, අයං අස‍්සාදෙති වත්‍ථුකාමෙ එතෙනාති අස‍්සාදො.

ඛෙත්තං යනු කේදාර ආදී කුඹුරයි. වත්‍ථුං යනු ගෘහ වස්තු ආදී වස්තුවයි. හිරඤ්ඤං වා යනු කහවණු සංඛ්‍යාත වූ ද ස්වර්ණ සංඛ්‍යාත වූ ද අමුරන්ය. වා ශබ්දය විකල්පාර්ථයයි. එය සියලු පදවල යෙදිය යුතුය. ගවාස්සං ගවයන් ද අශ්වයන් ද ගවාස්සං නම් වේ. දාසපොරිසං දාසයන් ද පුරුෂයන් ද දාසපොරිසං නම් වේ. ථියො යනු ස්ත්‍රීන්ය. බන්‍ධු යනු ඥාති බන්‍ධූන්ය. පුථුකාමෙ යනු මනාප වූ රූප ආදි වූ අනෙක් බොහෝ කාම ගුණයන්ය. යො නරො අනුගිජ්ඣති යනු යම් සත්ත්වයෙක් අනුව කැමති වේද එයයි. ප්‍රාර්ථනා කරයි යන අර්ථයයි. අයං අස්සාදො ඉදින් කුඹුරු ආදියේ ලෝලත්වය මෙය ආශ්වාදනය කරයි යනුයි. මෙය මෙයින් වස්තු කාමයන් ආශ්වාදනය කෙරෙයිනුයි ආශ්වාද නම් වේ.

අබලා නං බලීයන‍්තීති ඛෙත‍්තාදිභෙදෙ කාමෙ අනුගිජ‍්ඣන‍්තං තං පුග‍්ගලං කුසලෙහි පහාතබ‍්බත‍්තා අබලසඞ‍්ඛාතා කිලෙසා බලීයන‍්ති අභිභවන‍්ති, සද‍්ධාබලාදිවිරහෙන වා අබලං තං පුග‍්ගලං අබලා කිලෙසා බලීයන‍්ති, අබලත‍්තා අභිභවන‍්තීති අත්‍ථො. මද‍්දන‍්තෙනං පරිස‍්සයාති එනං කාමගිද‍්ධං කාමෙ පරියෙසන‍්තං රක‍්ඛන‍්තඤ‍්ච සීහාදයො ච පාකටපරිස‍්සයා කායදුච‍්චරිතාදයො ච අපාකටපරිස‍්සයා මද‍්දන‍්ති. තතො නං…පෙ… දකන‍්ති තතො තෙහි පාකටාපාකටපරිස‍්සයෙහි අභිභූතං තං පුග‍්ගලං ජාතිආදිදුක‍්ඛං සමුද‍්දෙ භින‍්නනාවං උදකං විය අන්‍වෙති අනුගච‍්ඡතීති අත්‍ථො. අයං ආදීනවොති ය‍්වායං තණ‍්හාදුච‍්චරිතසංකිලෙසහෙතුකො ජාතිආදිදුක‍්ඛානුබන්‍ධො, අයං ආදීනවො.

අබලා න බලීයන්ති කුඹුරු ආදී වූ භේද ඇති කාමයෙහි ලොල්වන ඒ පුද්ගලයා කුශලයන් විසින් ප්‍රහාණය කළයුතු බැවින් අබල සංඛ්‍යාත වූ කෙලෙස් මැඩ පවත්වත්. අභිභවනය කෙරෙත්. බල රහිත බැවින් අභිභවනය කරත් යන අර්ථයයි. මද්දන්තෙ නං පරිස්සයා කාමයන්හි ගිලුණු කාමයන් සොයන ඔහු රකින්නාහු ද සිංහ ආදීහු ද ප්‍රකට උත්සාහ ඇති කාය දුශ්චරිතාදිය ද අප්‍රකට උත්සාහ ඇති දේ ද මඩිත්. තතො නං -පෙ- දකං යනු ඉන්පසු ප්‍රකට අප්‍රකට ඒ උත්සාහවලින් මඩනා ලද ඒ පුද්ගලයා ජාති ආදී දුක මුහුදෙහි බිදුණු නැවට දිය පිරෙන්නට වූ විට උත්සාහ කරන්නාක් මෙන් (උත්සාහය සොයනු ලැබේ) අනුව යයි යන අර්ථයයි. අයං ආදීනවො යම් මේ තෘෂ්ණා දුශ්චරිත සංකිලේශයන්ට හේතු වූ ජාති ආදී දුක් රස අනුව බැඳීම මේ ආදීනවයයි.

තස‍්මාති යස‍්මා කාමගිද‍්ධස‍්ස වුත‍්තනයෙන දුක‍්ඛානුබන්‍ධො විජ‍්ජති, තස‍්මා. ජන‍්තූති සත‍්තො. සදා සතොති පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගෙන සතො හුත්‍වා. කාමානි පරිවජ‍්ජයෙති වික‍්ඛම‍්භනවසෙන සමුච‍්ඡෙදවසෙන ච රූපාදීසු වත්‍ථුකාමෙසු සබ‍්බප‍්පකාරං කිලෙසකාමං අනුප‍්පාදෙන‍්තො කාමානි පරිවජ‍්ජයෙ පජහෙය්‍ය. තෙ පහාය තරෙ ඔඝන‍්ති එවං තෙ කාමෙ පහාය තප‍්පහානකරඅරියමග‍්ගෙනෙව චතුබ‍්බිධම‍්පි ඔඝං තරෙය්‍ය, තරිතුං සක‍්කුණෙය්‍යාති අත්‍ථො. නාවං සිත්‍වාව පාරගූති යථා පුරිසො උදකග‍්ගහණෙන ගරුභාරං නාවං උදකං බහි සිඤ‍්චිත්‍වා ලහුකාය නාවාය අප‍්පකසිරෙනෙව පාරගූ භවෙය්‍ය, පාරං ගච‍්ඡෙය්‍ය, එවමෙව අත‍්තභාවනාවං කිලෙසූදකගරුකං සිඤ‍්චිත්‍වා ලහුකෙන අත‍්තභාවෙන පාරගූ භවෙය්‍ය, පාරං නිබ‍්බානං අරහත‍්තප‍්පත‍්තියා ගච‍්ඡෙය්‍ය අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බානෙනාති අත්‍ථො. ඉදං නිස‍්සරණන‍්ති යං කාමප‍්පහානමුඛෙන චතුරොඝං තරිත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා නිබ‍්බානං, ඉදං සබ‍්බසඞ‍්ඛතනිස‍්සරණතො නිස‍්සරණන‍්ති.

තස්මා යනු යම්හෙයකින් කියන ලද පරිදිම කාමලෝලියා තුළ දුක්ඛ බන්‍ධනයක් වේ නම් එයිනි. ජන්තු යනු සත්ත්වයාය. සදා සතො යනු පෙරයම පැසුළුයම මුළුල්ලේ නිදිවැරීමෙන් සිහි ඇතිව යනුයි. කාමානි පරිවජ්ජයෙ යනු රූපාදී වස්තුකාමයන් පිළිබඳ සියලු ආකාරයෙන් පවත්නා ක්ලේශ කාමය වික්ඛම්භන වශයෙන් ද සමුච්ඡේද වශයෙන් ද නූපදවමින් කාමයන් දුරු කරන්නේය. අත්හරින්නේය යනුයි. තෙ පහාය තරෙ ඔඝං යනු මෙසේ ඔවුහු ඒ කාමයන් දුරුකොට ඒවා ප්‍රහාණය කරන ආර්ය මාර්ගයෙන්ම සතර ඕඝයන් තරණය කරන්නේය යනුයි. තරණය කරන්නට හැකි වන්නේය යන අර්ථයයි. නාවං සිත්‍ථාව පාරගූ යනු යම්සේ පුරුෂයෙක් වතුර පැමිණීමෙන් බර වැඩි වූ නැවක ජලය පිටතට ඉස අඩු බර ඇති නැවෙන් පහසුවෙන්ම එතෙර වන්නේ ද එයයි. පරතෙරට යන්නේ ය යනුයි. මෙලෙසම ආත්මභාව නැමැති නැවෙන් කෙලෙස් නැමැති දිය බර ඉස, සැහැල්ලු වූ ආත්ම භාවයෙන් එතෙර වන්නේ ය. රහත් බවට පත්වීමෙන් එතෙර නම් නිවන කරා යන්නේ ය. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑමෙහි යන අර්ථයයි. ඉදං නිස්සරණං යනු කාමයන් ප්‍රහාණය කිරීම් ස්වරූපයෙන් සතරඕඝයන් තරණය කොට අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් යම් (නිර්වාණයක්, නිවීමක්) වේ ද එය සියලු සංඛතයන්ගේ නිෂ්ක්‍රමණත්වයෙන් නිස්සරණ නම් වේ යනුයි.

ධම‍්මොති දානාදිපුඤ‍්ඤධම‍්මො. හවෙති නිපාතමත‍්තං. රක‍්ඛති ධම‍්මචාරින‍්ති යො තං ධම‍්මං අප‍්පමත‍්තො චරති, තං ධම‍්මචාරිං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකභෙදෙන දුවිධතොපි අනත්‍ථතො රක‍්ඛති පාලෙති. ඡත‍්තං මහන‍්තං යථ වස‍්සකාලෙති වස‍්සකාලෙ දෙවෙ වස‍්සන‍්තෙ යථා මහන‍්තං ඡත‍්තං කුසලෙන පුරිසෙන ධාරිතං තං වස‍්සතෙමනතො රක‍්ඛති. තත්‍ථ යථා තං ඡත‍්තං අප‍්පමත‍්තො හුත්‍වා අත‍්තානං රක‍්ඛන‍්තං ඡාදෙන‍්තඤ‍්ච වස‍්සාදිතො රක‍්ඛති, එවං ධම‍්මොපි අත‍්තසම‍්මාපණිධානෙන අප‍්පමත‍්තො හුත්‍වා ධම‍්මචරියාය අත‍්තානං රක‍්ඛන‍්තංයෙව රක‍්ඛතීති අධිප‍්පායො. එසා…පෙ… චාරීති එතෙන වුත‍්තමෙවත්‍ථං පාකටතරං කරොති, තං සුවිඤ‍්ඤෙය්‍යමෙව. ඉදං ඵලන‍්ති දිට‍්ඨධම‍්මිකෙහි සම‍්පරායිකෙහි ච අනත්‍ථෙහි යදිදං ධම‍්මස‍්ස රක‍්ඛණං වුත‍්තං රක‍්ඛාවසානස‍්ස ච අබ‍්භුදයස‍්ස නිප‍්ඵාදනං, ඉදං නිස‍්සරණං අනාමසිත්‍වා දෙසනාය නිබ‍්බත‍්තෙතබ‍්බතාය ඵලන‍්ති.

ධම්මො යනු දානාදි පුණ්‍ය ධර්මයයි. භවෙ යනු නිපාත මාත්‍රයකි. රක්ඛති ධම්මචාරිං යනු යමෙක් අප්‍රමාදීව ඒ ධර්මයේ හැසිරෙයි ද ඒ ධර්මයේ හැසිරෙන්නා මෙලොව පරලොව යන භේදයෙන් දෙවැදෑරුම් වූ අනර්ථයෙන් රකියි පාලනය කරයි යන අර්ථයයි. ඡත්තං මහන්තං යථවස්ස කාලෙ යනු වර්ෂා කාලයේ වැසි වසිද්දී දක්‍ෂ පුරුෂයකු විසින් දරන ලද මහා කුඩයක් යම්සේ ඔහුව වර්ෂාවට තෙමීමෙන් රකියි ද, එහි යම්සේ ඒ ඡත්‍රය අප්‍රමාදීවී තමා රක්නේ වර්ෂාදියෙන් ආවරණය වූයේ ආරක්ෂා කෙරේ. මෙසේ ධර්මය ද එය රකින්නාවම රකියි යන අදහසයි. එසා -පෙ- චාරී යනු මෙයින් කියන ලද්දා වූ ම අර්ථය අතිශයින් ප්‍රකට කෙරෙයි. එය මනාව දතයුත්තේමය. ඉදං ඵලං මෙලොව වශයෙන් වූ ද පරලෝ වශයෙන් වූ ද අනර්ථයන්ගෙන් එනම්, ධර්මය පිළිබඳ යම් රක්‍ෂණයක් කියන ලද ද රක්‍ෂණය කෙළවර අභ්‍යුදයෙහි නිපැත්මක් වේ ද ඒ නිෂ්ක්‍රමණය ස්පර්ශ නොකොට දේශනාවෙන් උපදවිය යුතු බැවින් ඵලය නම් වේ.

සබ‍්බෙ ධම‍්මාති සබ‍්බෙ සඞ‍්ඛතා ධම‍්මා. අනත‍්තාති නත්‍ථි එතෙසං අත‍්තා කාරකවෙදකසභාවො, සයං වා න අත‍්තාති අනත‍්තාති. ඉතීති එවං. යදා පඤ‍්ඤාය පස‍්සතීති යස‍්මිං කාලෙ විපස‍්සනං උස‍්සුක‍්කාපෙන‍්තො අනත‍්තානුපස‍්සනාසඞ‍්ඛාතාය පඤ‍්ඤාය පස‍්සති. අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙති අථ අනත‍්තානුපස‍්සනාය පුබ‍්බෙ එව අනිච‍්චතාදුක‍්ඛතානං සුපරිදිට‍්ඨත‍්තා නිබ‍්බිදානුපස‍්සනාවසෙන විපස‍්සනාගොචරභූතෙ පඤ‍්චක‍්ඛන්‍ධදුක‍්ඛෙ නිබ‍්බින්‍දති නිබ‍්බෙදං ආපජ‍්ජති. එස මග‍්ගො විසුද‍්ධියාති යා වුත‍්තලක‍්ඛණා නිබ‍්බිදානුපස‍්සනා සබ‍්බකිලෙසවිසුජ‍්ඣනතො විසුද‍්ධිසඞ‍්ඛාතස‍්ස අරියමග‍්ගස‍්ස අච‍්චන‍්තවිසුද‍්ධියා වා අමතධාතුයා මග‍්ගො උපායො. අයං උපායොති යදිදං අනත‍්තානුපස‍්සනාමුඛෙන සබ‍්බස‍්මිං වට‍්ටස‍්මිං නිබ‍්බින්‍දනං වුත‍්තං, තං විසුද‍්ධියා අධිගමහෙතුභාවතො උපායො.

සබ්බෙ ධම්මො යනු සියලු සංඛත ධර්මයෝය. අනත්තා යනු මොවුන් පිළිබඳව කරවන විඳවන ස්වභාව ඇති ආත්මයක් නැත යනුයි. තමා ම හෝ ආත්මය නොවේනුයි අනත්තා නම් වේ. ඉති යනු මෙසේය. යදා පඤ්ඤාය පස්සති යනු යම් කලෙක විදර්ශනාවට උත්සුක කරමින් අනත්තානුපස්සනා සංඛ්‍යාත වූ ප්‍රඥාවෙන් බලයි යනුයි. අථ නිබ්බින්‍දති දුක්ඛෙ යනු අනතුරුව අනත්තානුපස්සනාවට මුලින්ම අනිත්‍යත්වය හා දුක්ඛත්වය මනාව දක්නා ලද බැවින් නිබ්බිදානුපස්සනා වශයෙන් විදර්ශනාවට ගෝචර වූ පංචස්කන්ධ සංඛ්‍යාත දුකෙහි කළකිරෙයි. කළකිරීමට පැමිණෙයි යනුයි. එස මග්ගො විසුද්ධියා යනු කියන ලද ලක්‍ෂණ ඇති යම් නිබ්බිදානුපස්සනාවක් සියලු කෙලෙස් පිරිසිදු කරන බැවින්, විශුද්ධි සංඛ්‍යාත ආර්ය මාර්ගය පිළිබඳව අතිශයින් පිරිසිදු වූ හෝ අමෘත ධාතුව පිණිස වූ මාර්ග උපාය යනුයි. අයං උපායො යනු අනත්තානුපස්සනා මුඛයෙන් සියලු සසරෙහි යම් ඒ නිර්වේදයක් කියන ලදද එය විශුද්ධිය පිණිස අධිගම හේතුවක් බැවින් උපායක් වේ යනුයි.

“චක‍්ඛුමා…පෙ… පරිවජ‍්ජයෙ”ති ඉමිස‍්සා ගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – යථා චක‍්ඛුමා පුරිසො සරීරෙ වහන‍්තෙ විසමානි භූමිප‍්පදෙසානි චණ‍්ඩතාය වා විසමෙ හත්‍ථිආදයො පරිවජ‍්ජෙති, එවං ලොකෙ සප‍්පඤ‍්ඤො පුරිසො සප‍්පඤ‍්ඤතාය හිතාහිතං ජානන‍්තො පාපානි ලාමකානි දුච‍්චරිතානි පරිවජ‍්ජෙය්‍යාති. අයං ආණත‍්තීති යා අයං “පාපානි පරිවජ‍්ජෙතබ‍්බානී”ති ධම‍්මරාජස‍්ස භගවතො ආණා, අයං ආණත‍්තීති.

චක්ඛුමා -පෙ- පරිවජ්ජයෙ යනු මේ ගාථාවේමය. සංක්‍ෂේප අර්ථයයි. යම්සේ ඇස් ඇති පුරුෂයෙක් සිරුර උසුලද්දී චණ්ඩ බැවින් විෂම භූමි ප්‍රදේශ හෝ විෂම වූ හස්ති ආදීන් හෝ දුරුකෙරේ ද මෙසේ (මේ) ලෝකයේ ප්‍රඥාවත් පුරුෂයා නුවණැති බැවින් හිත අහිත දේ දන්නේ පාපී වූ ලාමක වූ දුශ්චරිතයන් දුරුකරන්නේය. අයං ආණත්ති යනු පාපයන් දුරුකළ යුතුය යන ධර්මරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ ආඥාවක් වේ ද ඒ ආඥාවයි.

එවං විසුං විසුං සුත‍්තෙසු ආගතා ඵලූපායාණත‍්තියො උදාහරණභාවෙන දස‍්සෙත්‍වා ඉදානි තා එකතො ආගතා දස‍්සෙතුං “සුඤ‍්ඤතො”ති ගාථමාහ.

මෙසේ වෙන්වෙන්ව සූත්‍රයන්හි ආ ඵල උපාය ආඥාවන් උදාහරණ ලෙසින් දක්වා දැන් ඒවා එක්ව ආ බව දක්වන්නට සුඤ්ඤතො ආදි ගාථාව කියන ලදි.

තත්‍ථ සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු, මොඝරාජාති ආණත‍්තීති “මොඝරාජ, සබ‍්බම‍්පි සඞ‍්ඛාරලොකං අවසවත‍්තිතාසල‍්ලක‍්ඛණවසෙන වා තුච‍්ඡභාවසමනුපස‍්සනවසෙන වා සුඤ‍්ඤොති පස‍්සා”ති ඉදං ධම‍්මරාජස‍්ස වචනං විධානභාවතො ආණත‍්ති. සබ‍්බදා සතිකිරියාය තංසුඤ‍්ඤතාදස‍්සනං සම‍්පජ‍්ජතීති “සදා සතොති උපායො”ති වුත‍්තං. අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්චාති වීසතිවත්‍ථුකං සක‍්කායදස‍්සනං උද‍්ධරිත්‍වා සමුච‍්ඡින්‍දිත්‍වා. එවං මච‍්චුතරො සියාති. ඉදං ඵලන‍්ති යං එවං වුත‍්තෙන විධිනා මච‍්චුතරණං මච‍්චුනො විසයාතික‍්කමනං තස‍්ස යං පුබ‍්බභාගපටිපදාපටිපජ‍්ජනං, ඉදං දෙසනාය ඵලන‍්ති අත්‍ථො. යථා පන අස‍්සාදාදයො සුත‍්තෙ කත්‍ථචි සරූපතො කත්‍ථචි නිද‍්ධාරෙතබ‍්බතාය කත්‍ථචි විසුං විසුං කත්‍ථචි එකතො දස‍්සිතා, න එවං ඵලාදයො. ඵලාදයො පන සබ‍්බත්‍ථ සුත‍්තෙ ගාථාසු වා එකතො දස‍්සෙතබ‍්බාති ඉමස‍්ස නයස‍්ස දස‍්සනත්‍ථං විසුං විසුං උදාහරිත්‍වාපි පුන “සුඤ‍්ඤතො ලොක”න‍්තිආදිනා එකතො උදාහරණං කතන‍්ති දට‍්ඨබ‍්බං.

එහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ යනු ආඥාවයි. මොඝරාජ සියලු සංස්කාර ලෝකය තමාට අයත් නොවන බව සැලකීම් වශයෙන් හෝ හිස් බව දැකීම් වශයෙන් හෝ හිස්යැයි බලව යන මේ ධර්මරාජයන්ගේ වචනය විධානයක් බැවින් ආඥාවකි. සැමදා සිහිකිරීමෙන් ඒ ශූන්‍යතා දර්ශනයට පැමිණෙයි (යන අරුතින්) සදා සතොති උපායො යැයි කියන ලදි. අත්තානුදිට්ඨිං ඌහච්ච යනු විසිවැදෑරුම් වස්තු ඇති සක්කාය දර්ශනය උදුරා, මුලිනුපුටා යනුයි. එවං මච්චුතරො සියාති ඉදං ඵලං යනු මෙසේ කියන ලද ක්‍රමයෙන් යම් මාර විෂය කරණය කිරීමක් මාරයාගේ විෂය ඉක්මවීමක් වේ ද එහිය. යම් පූර්වභාග ප්‍රතිපදාවට පැමිණීමක් වේ ද එය දේශනාවේ ඵලය යන අර්ථයයි. යම්සේ ආශ්වාදාදිය සූත්‍රයේ කිසිතැනක ස්වරූප වශයෙන් ද කිසිතැනක නිර්ධාරණය කළයුතුව ද කිසිතැනක වෙන් වෙන්ව ද කිසිතැනක එක්ව ද දක්වන ලදි. ඵල ආදිය එසේ නොවේ. ඵල ආදිය වනාහි සූත්‍රයේ සියලු තැන් හෝ ගාථාවල හෝ එක්ව දැක්විය යුතුයැයි මේ න්‍යාය දැක්වීම පිණිස වෙන් වෙන්ව ගෙනහැර දක්වා නැවතත් ‘සුඤ්ඤතො ලොකං’ යනාදියෙන් එක්ව උදාහරණ කරන ලදැයි දතයුතුය.

එවං අස‍්සාදාදයො උදාහරණවසෙන සරූපතො දස‍්සෙත්‍වා ඉදානි තත්‍ථ පුග‍්ගලවිභාගෙන දෙසනාවිභාගං දස‍්සෙතුං “තත්‍ථ භගවා”තිආදි වුත‍්තං.

මෙසේ ආශ්වාද ආදිය උදාහරණ වශයෙන් ස්වරූපීව දක්වා දැන් එහි පුද්ගල විභාගයෙන් දේශනා විභාගය දක්වන්නට තත්‍ථ භගවා යනාදිය කියන ලදි.

තත්‍ථ උග‍්ඝටිතං ඝටිතමත‍්තං උද‍්දිට‍්ඨමත‍්තං යස‍්ස නිද‍්දෙසපටිනිද‍්දෙසා න කතා, තං ජානාතීති උග‍්ඝටිතඤ‍්ඤූ. උද‍්දෙසමත‍්තෙන සප‍්පභෙදං සවිත්‍ථාරමත්‍ථං පටිවිජ‍්ඣතීති අත්‍ථො, උග‍්ඝටිතං වා උච‍්චලිතං උට‍්ඨපිතන‍්ති අත්‍ථො, තං ජානාතීති උග‍්ඝටිතඤ‍්ඤූ. ධම‍්මො හි දෙසියමානො දෙසකතො දෙසනාභාජනං සඞ‍්කමන‍්තො විය හොති, තමෙස උච‍්චලිතමෙව ජානාතීති අත්‍ථො, චලිතමෙව වා උග‍්ඝටිතං. සස‍්සතාදිආකාරස‍්ස හි වෙනෙය්‍යානං ආසයස‍්ස බුද‍්ධාවෙණිකා ධම‍්මදෙසනා තඞ‍්ඛණපතිතා එව චලනාය හොති, තතො පරම‍්පරානුවත‍්තියා, තත්‍ථායං උග‍්ඝටිතෙ චලිතමත‍්තෙයෙව ආසයෙ ධම‍්මං ජානාති අවබුජ‍්ඣතීති උග‍්ඝටිතඤ‍්ඤූ, තස‍්ස උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස නිස‍්සරණං දෙසයති, තත‍්තකෙනෙව තස‍්ස අත්‍ථසිද‍්ධිතො. විපඤ‍්චිතං විත්‍ථාරිතං නිද‍්දිට‍්ඨං ජානාතීති විපඤ‍්චිතඤ‍්ඤූ, විපඤ‍්චිතං වා මන්‍දං සණිකං ධම‍්මං ජානාතීති විපඤ‍්චිතඤ‍්ඤූ, තස‍්ස විපඤ‍්චිතඤ‍්ඤුස‍්ස ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච දෙසයති, නාතිසඞ‍්ඛෙපවිත්‍ථාරාය දෙසනාය තස‍්ස අත්‍ථසිද‍්ධිතො. නෙතබ‍්බො ධම‍්මස‍්ස පටිනිද‍්දිසෙන අත්‍ථං පාපෙතබ‍්බොති නෙය්‍යො, මුදින්‍ද්‍රියතාය වා පටිලොමග‍්ගහණතො නෙතබ‍්බො අනුනෙතබ‍්බොති නෙය්‍යො, තස‍්ස නෙය්‍යස‍්ස අස‍්සාදං ආදීනවං නිස‍්සරණඤ‍්ච දෙසයති, අනවසෙසෙත්‍වාව දෙසනෙන තස‍්ස අත්‍ථසිද‍්ධිතො. තත්‍ථායං පාළි –

එහි ගමනා ලද්ද ඝට්ටන මාත්‍රයකි. දෘෂ්ට මාත්‍රයකි. යමක නිද්දේස පටිනිද්දේසයෝ නොකරන ලද්දාහු ද එය නොදනීනුයි උග්ඝටිතඤ්ඤු නම් වේ. උද්දේස මාත්‍රයෙන් ප්‍රභේද සහිත වූ විස්තර සහිත වූ අර්ථය අවබෝධ කරයි යන අර්ථයයි. ගටනා ලද හෝ චලනය කරන ලද හෝ නගන ලද යන අර්ථයයි. එය දන්නේනුයි උග්ඝටිතඤ්ඤු නමි. ධර්මය දේශනා කරනු ලබන්නේ දේශකයා කෙරෙන් දේශනාවට බඳුන් වූ දෙය සංක්‍රමණය වන්නාක් මෙන් වෙයි. මොහු සොලවන ලද ඒ දෙය දනීයි යන අර්ථයයි. සොලවන ලද දෙයම ගටනා ලද දෙයයි. ශාස්වත ආදි ආකාරයෙහි වනාහි හික්මවිය යුත්තන්ගේ අභිප්‍රායට බුදුරදුන්ට ආවේණික වූ ධර්මදේශනාව එකෙණෙහිම පතිත වූයේම චලනය පිණිස පවතී. එයින් පරම්පරනුවර්තනය වන බැවිනි. එහිදී ආශ්‍රවයන් ගැටුණු කල්හි චලනය වූ කල්හිම මොහු ධර්මය දැනගන්නේනුයි උග්ඝටිතඤ්ඤු නමි. ඒ උග්ඝටිතඥ පුද්ගලයාට නිස්සරණය දේශනා කරයි. එක් දේශනයකින්ම ඔහුට අර්ථසිද්ධිය වන බැවිනි. අවබෝධ කළ විස්තර කළ, නිර්දේශ කළ දේ දනීනුයි විපඤ්චිතඤ්ඤු නමි. මදව හෝ හෙමින් හෝ අවබෝධ කළ ධර්මය දනීනුයි විපඤ්චිතඤ්ඤු නම් වේ. ඒ විපඤ්චිතඤ්ඤු පුද්ගලයාට ආදීනවය ද නිස්සරණය ද දේශනා කරයි. ඉතා කෙටි නොවූ විස්තර නොවූ දේශනාවෙන් ඔහුට අර්ථසිද්ධිය වන බැවිනි. පටිනිද්දේසයෙන් ධර්මයේ අර්ථය පැමිණවිය යුතුය යන අර්ථයෙන් නෙය්‍ය නම් වේ. මෘදු ඉන්‍ද්‍රිය ඇති බැවින් හෝ විරුද්ධ ලෙස ග්‍රහණය කරගන්නා බැවින් හෝ පැමිණවිය යුතුය අනුව ගෙනයා යුතුය යන අර්ථයෙන් නෙය්‍ය නම් වේ. ඒ නෙය්‍ය පුද්ගලයාට ආශ්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දේශනා කරයි. අනවශේෂ වූ දේශනයෙන්ම ඔහුට අර්ථ සිද්ධිය වන බැවිනි. මේ එහි පෙළයි –

“කතමො ච පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤූ? යස‍්ස පුග‍්ගලස‍්ස සහ උදාහටවෙලාය ධම‍්මාභිසමයො හොති. අයං වුච‍්චති පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤූ.

උග්ඝටිතඤ්ඤු පුද්ගලයා යනු කවරේද? යම් පුද්ගලයෙකුට දක්වන ලද විටම ධර්මාවබෝධය වේ ද, මේ පුද්ගලයා උග්ඝටිතඤ්ඤු යැයි කියනු ලැබේ.

“කතමො ච පුග‍්ගලො විපඤ‍්චිතඤ‍්ඤූ? යස‍්ස පුග‍්ගලස‍්ස සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ ධම‍්මාභිසමයො හොති. අයං වුච‍්චති පුග‍්ගලො විපඤ‍්චිතඤ‍්ඤූ.

විපඤ්චිතඤ්ඤු පුද්ගලයා යනු කවරේ ද? කෙටියෙන් කියන ලද්දෙහි විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වන කල්හි යම් පුද්ගලයෙකුට ධර්මාවබෝධය වේ ද මේ පුද්ගලයා විපඤ්චිතඤ්ඤු යැයි කියනු ලැබේ.

“කතමො ච පුග‍්ගලො නෙය්‍යො? යස‍්ස පුග‍්ගලස‍්ස උද‍්දෙසතො පරිපුච‍්ඡතො යොනිසොමනසිකරොතො කල්‍යාණමිත‍්තෙ සෙවතො භජතො පයිරුපාසතො එවං අනුපුබ‍්බෙන ධම‍්මාභිසමයො හොති. අයං වුච‍්චති පුග‍්ගලො නෙය්‍යො”ති (පු· ප· 148-150).

නෙය්‍ය පුද්ගලයා යනු කවරේ ද? උදෙසන, විමසන, නුවණින් මෙනෙහි කරන කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන, සේවනය කරන, භජනය කරන, පයුරුපාසන කරන යම් පුද්ගලයෙකුට අනුපිළිවෙලින් ධර්මාවබෝධය වේ ද මේ පුද්ගලයා නෙය්‍ය යැයි කියනු ලැබේ.

පදපරමො පනෙත්‍ථ නෙත‍්තියං පටිවෙධස‍්ස අභාජනන‍්ති න ගහිතොති දට‍්ඨබ‍්බං. එත්‍ථ ච අස‍්සාදො, ආදීනවො, නිස‍්සරණං, අස‍්සාදො ච ආදීනවො ච, අස‍්සාදො ච නිස‍්සරණඤ‍්ච, ආදීනවො ච නිස‍්සරණඤ‍්ච, අස‍්සාදො ච ආදීනවො ච නිස‍්සරණඤ‍්චාති එතෙ සත‍්ත පට‍්ඨානනයා.

පද පරම පුද්ගලයා නෙත්ති ප්‍රතිවේධයට බඳුන් නොවේයැයි (නොවන බැවින්) මෙහිදී නොගන්නා ලදැයි දතයුතුය. මෙහිදී ද අස්සාද, ආදීනව, නිස්සරණ, අස්සාදය ද ආදීනවය ද අස්සාදය ද නිස්සරණය ද ආදීනවය ද නිස්සරණය ද අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද යන මේ පට්ඨාන නය සත වෙයි.

තෙසු තතියඡට‍්ඨසත‍්තමා වෙනෙය්‍යත‍්තයවිනයනෙ සමත්‍ථතාය ගහිතා, ඉතරෙ චත‍්තාරො න ගහිතා. න හි කෙවලෙන අස‍්සාදෙන ආදීනවෙන තදුභයෙන වා කථිතෙන වෙනෙය්‍යවිනයනං සම‍්භවති, කිලෙසානං පහානාවචනතො. පඤ‍්චමොපි ආදීනවාවචනතො නිස‍්සරණස‍්ස අනුපායො එව. න හි විමුත‍්තිරසා භගවතො දෙසනා විමුත‍්තිං තදුපායඤ‍්ච අනාමසන‍්තී පවත‍්තති. තස‍්මා එතෙ චත‍්තාරො නයා අනුද‍්ධටා. සචෙ පන පදපරමස‍්ස පුග‍්ගලස‍්ස වසෙන පවත‍්තං සංකිලෙසභාගියං වාසනාභාගියං තදුභයභාගෙ ඨිතං දෙසනං සුත‍්තෙකදෙසං ගාථං වා තාදිසං එතෙසං නයානං උදාහරණභාවෙන උද‍්ධරති, එවං සති සත‍්තන‍්නම‍්පි නයානං ගහණං භවෙය්‍ය. වෙනෙය්‍යවිනයනං පන තෙසං සන‍්තානෙ අරියමග‍්ගස‍්ස උප‍්පාදනං. තං යථාවුත‍්තෙහි එව නයෙති, නාවසෙසෙහීති ඉතරෙ ඉධ න වුත‍්තා. යස‍්මා පන පෙටකෙ (පෙටකො· 23) –

ඒවායින් තෙවැනි, සවැනි (හා) සත්වැනි ඒවා හික්මවිය යුතු පුද්ගලයන් හික්මවීමෙහි සමර්ථ බැවින් ගන්නා ලද්දේය. ඉතිරි සතර නොගන්නා ලද්දේය. හුදු ආශ්වාදයෙන් හෝ ආදීනවයෙන් හෝ ඒ දෙකින්ම හෝ ප්‍රකාශ කිරීමෙන් හික්මවිය යුතු පුද්ගලයන්ගේ හික්මවීම ඇති නොවේ. කෙලෙස් ප්‍රහාණය ගැන කීමෙන්ම ඇතිවේ. පස්වැනි වූ ආදීනවය ප්‍රකාශ නොකිරීමෙන් නිස්සරණයේ උපාය රහිත බව ඇතිවේ. භාග්‍යවතුන් වහන්සේගේ විමුක්ති රසයෙන් යුතු දේශනාව විමුක්තිය ද ඊට උපාය වූ ස්පර්ශ නොකරමින් නො පවතී. එහෙයින් මේ නය සතර උපුටන නො ලද්දේ යැයි දතයුතුය. ඉදින් පද පරම පුද්ගලයාගේ වශයෙන් පැවති සංකිලේසභාගිය හෝ වාසනාභාගිය හෝ ඒ දෙකෙහිම පිහිටි හෝ දේශනාව හෝ සූත්‍රයෙන් කොටසක් හෝ ගාථාවක් හෝ ඒ නයවලින් මෙවැනි දෙයක් උදාහරණ වශයෙන් උපුටයි. මෙසේ ඇතිකල්හි සප්තවිධ නයවලම ගැනීම සිදුවන්නේය. හික්මවිය යුතු පුද්ගලයන් හික්මවීම යනු ඔවුන්ගේ සිත තුළ ආර්යමාර්ගය ඉපදවීමයි. එය කියන ලද නයවලින්ම මිස ඉතිරි ඒවායින් නොවේ. අනෙක් ඒවා මෙහිදී නොකියන ලද්දේය. යම්හෙයකින් පෙටකෝපදේශයෙහි –

“තත්‍ථ කතමො අස‍්සාදො ච ආදීනවො ච?

‘එහි ආශ්වාදය ද ආදීනවය ද කවරේ ද?’ (යනුවෙන් ප්‍රශ්න කරන ලදි.)

යානි කරොති පුරිසො, තානි අත‍්තනි පස‍්සති; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපක”න‍්ති.

යානි කරොති පුරිසො තානි පස්සති අත්තනි කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං

පුරුෂ තෙමේ යම් දෙයක් කරයි ද ඒවා තමා කෙරෙහි දකියි. යහපත් දේ කරන්නා යහපත දකියි. පව් කරන්නා පාපය දකියි.

තත්‍ථ යං කල්‍යාණකාරී කල්‍යාණං පච‍්චනුභොති, අයං අස‍්සාදො. යං පාපකාරී පාපං පච‍්චනුභොති, අයං ආදීනවො.

එහි යහපත් දේ කරන්නා යම් යහපතක් විඳියි ද එය ආශ්වාදයයි. පව් කරන්නා යම් පාපයක් විඳියි ද එය ආදීනවයයි.

අට‍්ඨිමෙ, භික‍්ඛවෙ, ලොකධම‍්මා. කතමෙ අට‍්ඨ? ලාභොතිආදි (අ· නි· 8.6). තත්‍ථ ලාභො යසො සුඛං පසංසා, අයං අස‍්සාදො. අලාභො අයසො දුක‍්ඛං නින්‍දා, අයං ආදීනවො.

‘මහණෙනි, මේ ලෝක ධර්ම අටකි. කවර අටක්ද? ලාභො යනාදියයි. එහි ලාභය, යසස, සැපය, ප්‍රශංසාව යන මෙය ආශ්වාදයයි. අලාභය, අයසය, දුක, නින්දාව යන මෙය ආදීනවයයි.

තත්‍ථ කතමො අස‍්සාදො ච නිස‍්සරණඤ‍්ච?

එහි ආශ්වාදය ද නිස්සරණය ද කවරේ ද?

“සුඛො විපාකො පුඤ‍්ඤානං, අධිප‍්පායො ච ඉජ‍්ඣති; ඛිප‍්පඤ‍්ච පරමං සන‍්තිං, නිබ‍්බානමධිගච‍්ඡතී”ති. (පෙටකො· 23);

සුඛො විපාකො පුඤ්ඤානං අධිප්පායොච ඉජ්ඣති, චිප්පඤ්ච පරමං සන්තිං නිබ්බානවධිගච්ඡති

‘පින්වල සැප විපාකය ද අධිප්‍රාය ද සමෘද්ධ වෙයි. පරම ශාන්තිය වූ නිවන ද වහා අවබෝධ කෙරෙයි’

අයං අස‍්සාදො ච නිස‍්සරණඤ‍්ච.

යන මෙය ආශ්වාදය ද නිස්සරණය ද වේ.

ද‍්වත‍්තිංසිමානි, භික‍්ඛවෙ, මහාපුරිසස‍්ස මහාපුරිසලක‍්ඛණානි, යෙහි සමන‍්නාගතස‍්ස මහාපුරිසස‍්ස ද‍්වෙව ගතියො භවන‍්ති අනඤ‍්ඤා…පෙ… විවටච‍්ඡදොති සබ‍්බං ලක‍්ඛණසුත‍්තං, (දී· නි· 3.199) අයං අස‍්සාදො ච නිස‍්සරණඤ‍්ච.

‘මහණෙනි, මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්‍ෂණ තිස්දෙකක් වේ. යම් ලක්‍ෂණවලින් යුක්ත වූ මහා පුරුෂයාට ගති දෙකක් මිස අනෙකක් නොවේ. -පෙ- වැසුම් හරින ලද්දේ වේ’ යන සියලු ලක්‍ෂණ සූත්‍රයයි. ආශ්වාදය ද ආදීනවය ද මෙයයි.

තත්‍ථ කතමො ආදීනවො ච නිස‍්සරණඤ‍්ච?

එහි ආදීනවය ද නිස්සරණය ද කවරේද?

“භාරා හවෙ පඤ‍්චක‍්ඛන්‍ධා, භාරහාරො ච පුග‍්ගලො; භාරාදානං දුඛං ලොකෙ, භාරනික‍්ඛෙපනං සුඛං.

භාරා හවෙ පඤ්ච ඛන්‍ධා භාරහාරො ච පුග්ගලො, භාරාදානං දුඛං ලොකෙ භාරනික්ඛෙපනං සුඛං

“නික‍්ඛිපිත්‍වා ගරුං භාරං, අඤ‍්ඤං භාරං අනාදිය; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, නිච‍්ඡාතො පරිනිබ‍්බුතො”ති. (සං· නි· 3.22);

නික්ඛිපිත්‍වා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය, සමූලං තණ්හමබ්භුය්හ නිච්ඡාතො පරිනිබ්බුතො

‘ඒකාන්තයෙන් පංචස්කන්ධය භාර නම් වේ. භාරය ගෙන යන පුද්ගලයෙක් ද වේ. ලෝකයේ භාරය ගැනීම දුකකි. භාරය ඉවත් කිරීම සැපයකි. ගරු භාරය ඉවත්කොට වෙනත් බරක් නොගෙන තණ්හාව මුල් සහිතව ඉවත්කර, තෘෂ්ණා රහිතව පිරිනිවියේය’

අයං ආදීනවො ච නිස‍්සරණඤ‍්ච.

යන මෙය ආදීනවය හා නිස්සරණයයි.

තත්‍ථ කතමො අස‍්සාදො ච ආදීනවො ච නිස‍්සරණඤ‍්ච?

එහි ආශ්වාදය ද ආදීනවය ද නිස්සරණය ද කවරේ ද?

“කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං; තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජ, අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යොති. (ම· නි· 2.307; ථෙරගා· 787-788; පෙටකො· 23);

කාමාහි චිත්‍රා මධුරා මනොරමා, විරූප රූපෙන මථෙන්ති චිත්තං, තස්මා අහං පබ්බජිතොම්හි රාජ!, අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්‍යො

‘කාමයෝ වනාහි විසිතුරුය. මිහිරිය. මනරම්ය. විරූපී ස්වරූපයෙන් සිත කළඹත්. රජතුමනි, එහෙයින් මම පැවිද්දෙක්මි. නිදොස් වූ පැවිදි බවම උතුම්ය’

අයං අස‍්සාදො ච ආදීනවො ච නිස‍්සරණඤ‍්චා”ති වුත‍්තං. තස‍්මා තෙපි නයා ඉධ නිද‍්ධාරෙත්‍වා වෙදිතබ‍්බා. ඵලාදීසුපි අයං නයො ලබ‍්භති එව. යස‍්මා පෙටකෙ (පෙටකො· 22) “තත්‍ථ කතමං ඵලඤ‍්ච උපායො ච? සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො”ති ගාථා (සං· නි· 1.23), ඉදං ඵලඤ‍්ච උපායො ච.

යන මෙම ගාථාව ආශ්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ප්‍රකාශ කරන ලදි. එහෙයින් ඒ න්‍යායන් ද මෙහිදී නිර්ධාරණය කොට දතයුතුය. ඵල ආදියෙහි ද මේ නය ලැබේමය. පේටකෝපදේශයෙහි යම්හෙයකින් කියන ලද ද? එහි ඵලය ද උපාය ද කවරේ ද? සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො ආදි ගාථාවයි. ඵලය ද උපාය ද මෙයයි.

තත්‍ථ කතමං ඵලඤ‍්ච ආණත‍්ති ච?

එහි ඵලය ද ආඥාව ද කවරේද?

“සචෙ භායථ දුක‍්ඛස‍්ස, සචෙ වො දුක‍්ඛමප‍්පියං; මාකත්‍ථ පාපකං කම‍්මං, ආවි වා යදි වා රහොති. (උදා· 44);

සචෙ භායථ දුක්ඛස්ස සචෙ වො දුක්ඛමප්පියං, මාකත්‍ථ පාපකං කම්මං ආවි වා යදි වා රහො

‘ඉදින් දුකට බියවෙවු ද? ඉදින ඔබලාට දුක අප්‍රියද, එළිපිට හෝ රහසිගතව හෝ පව්කමක් නොකරමු’

ඉදං ඵලඤ‍්ච ආණත‍්ති ච.

යන මෙය ඵලය හා ආඥාවයි.

තත්‍ථ කතමො උපායො ච ආණත‍්ති ච?

එහි උපාය හා ආඥාව කවරේ ද?

“කුම‍්භූපමං කායමිමං විදිත්‍වා, නගරූපමං චිත‍්තමිදං ඨපෙත්‍වා; යොධෙථ මාරං පඤ‍්ඤාවුධෙන, ජිතඤ‍්ච රක‍්ඛෙ අනිවෙසනො සියා”ති. (ධ· ප· 40);

කුම්භූපමං කායමිමං විදිත්‍වා - නගරූපමං චිත්ත මිදං ඨපෙත්‍වා, යොධෙථ මාරං පඤ්ඤායුධෙන - පිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා

‘මේ සිරුර කළයක් මෙනැයි දැන, මේ සිත නගරයක් මෙනැයි සිතා ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයාට පහර දෙව්. දිනන ලද්ද රැක ගන්නේය. නො ඇලුණු පුද්ගලයෙක් වන්නේය’ යන මෙය උපාය හා ආඥාවයි.

අයං උපායො ච ආණත‍්ති ච. එවං ඵලාදීනං දුකවසෙනපි උදාහරණං වෙදිතබ‍්බං. එත්‍ථ ච යො නිස‍්සරණදෙසනාය විනෙතබ‍්බො, සො උග‍්ඝටිතඤ‍්ඤූතිආදිනා යථා දෙසනාවිභාගෙන පුග‍්ගලවිභාගසිද‍්ධි හොති, එවං උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස භගවා නිස‍්සරණං දෙසෙතීතිආදිනා පුග‍්ගලවිභාගෙන දෙසනාවිභාගො සම‍්භවතීති සො තථා දස‍්සිතො.

මෙසේ ඵල ආදිය පිළිබඳව දුක (දෙක බැගින්) වශයෙන් ද උදාහරණ දතයුතුයි. මෙහි ද ‘යමෙක් නිස්සරණ දේශනාවෙන් හික්මවිය යුතු ද ඔහු උග්ඝටිතඤ්ඤු වේ’ යනාදියෙන් යම්සේ දේශනා විභාගයෙන් පුද්ගල විභාග සිද්ධිය වේ ද මෙසේ ‘භාග්‍යවතුන් වහන්සේ උග්ඝටිතඤ්ඤු පුද්ගලයාට නිස්සරණය දේශනා කරයි’ යනාදියෙන් පුද්ගල විභාගයෙන් දේශනා විභාගය ලැබේ යැයි එය එසේ දක්වන ලදි.

එවං යෙසං පුග‍්ගලානං වසෙන දෙසනාවිභාගො දස‍්සිතො, තෙ පුග‍්ගලෙ පටිපදාවිභාගෙන විභජිත්‍වා දස‍්සෙතුං “චතස‍්සො පටිපදා”තිආදි වුත‍්තං. තත්‍ථ පටිපදාභිඤ‍්ඤාකතො විභාගො පටිපදාකතො හොතීති ආහ – “චතස‍්සො පටිපදා”ති. තා පනෙතා ච සමථවිපස‍්සනාපටිපත‍්තිවසෙන දුවිධා හොන‍්ති. කථං? සමථපක‍්ඛෙ තාව පඨමසමන‍්නාහාරතො පට‍්ඨාය යාව තස‍්ස තස‍්ස ඣානස‍්ස උපචාරං උප‍්පජ‍්ජති, තාව පවත‍්තා සමථභාවනා “පටිපදා”ති වුච‍්චති. උපචාරතො පන පට‍්ඨාය යාව අප‍්පනා තාව පවත‍්තා පඤ‍්ඤා “අභිඤ‍්ඤා”ති වුච‍්චති.

මෙසේ යම් පුද්ගලයන්ගේ වශයෙන් දේශනා විභාගය දක්වන ලද්දේ ද ඒ පුද්ගලයන් ප්‍රතිපදා විභාගයෙන් බෙදා දක්වන්නට ‘චතස්සො පටිපදා’ යනාදිය කියන ලදි. එහි පටිපදාව අවබෝධ කළේය. විභාගය ප්‍රතිපදාව බවට පත්කරන ලද්දේ වන්නේ යැයි චතස්සො පටිපදායි කියන ලද්දේය. ඒ මේ ප්‍රතිපදාව ද සමථ විදර්ශනා ප්‍රතිපත්ති වශයෙන් දෙවැදෑරුම් වෙයි. කෙසේ ද? සමථ පක්‍ෂයෙහි පළමුකොට ප්‍රථම යොමුකිරීමේ පටන් යම්තාක් ඒ ඒ ධ්‍යානයේ උපචාරය උපදී ද ඒ තාක් පැවති සමථ භාවනාව පටිපදා යැයි කියනු ලැබේ. උපචාරයේ පටන් යම්තාක් අර්පණාව වේ ද, ඒ තාක් පැවති ප්‍රඥාව අභිඤ්ඤා යැයි කියනු ලැබේ.

සා පනායං පටිපදා එකච‍්චස‍්ස දුක‍්ඛා හොති නීවරණාදිපච‍්චනීකධම‍්මසමුදාචාරගහණතාය කිච‍්ඡා අසුඛසෙවනාති අත්‍ථො, එකච‍්චස‍්ස තදභාවෙන සුඛා. අභිඤ‍්ඤාපි එකච‍්චස‍්ස දන්‍ධා හොති මන්‍දා අසීඝප‍්පවත‍්ති, එකච‍්චස‍්ස ඛිප‍්පා අමන්‍දා සීඝප‍්පවත‍්ති. තස‍්මා යො ආදිතො කිලෙසෙ වික‍්ඛම‍්භෙන‍්තො දුක‍්ඛෙන සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන කිලමන‍්තො වික‍්ඛම‍්භෙති, තස‍්ස දුක‍්ඛා පටිපදා හොති. යො පන වික‍්ඛම‍්භිතකිලෙසො අප‍්පනාපරිවාසං වසන‍්තො චිරෙන අඞ‍්ගපාතුභාවං පාපුණාති, තස‍්ස දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. යො ඛිප‍්පං අඞ‍්ගපාතුභාවං පාපුණාති, තස‍්ස ඛිප‍්පාභිඤ‍්ඤා නාම හොති. යො කිලෙසෙ වික‍්ඛම‍්භෙන‍්තො සුඛෙන අකිලමන‍්තො වික‍්ඛම‍්භෙති, තස‍්ස සුඛා පටිපදා නාම හොති.

ඒ මේ පටිපදාව ඇතැම් කෙනෙකුට දුක් සහගත වෙයි. නීවරණ ආදී විරුද්ධ ධර්මයන් හා හැසිරීම් බහුල බැවින් දුකකි. සැප නොවන සේවනය යන අර්ථයයි. ඇතැම් කෙනෙකුට මඳ වූයේ ශීඝ්‍ර නොවූ පැවතුම් ඇත්තේ දන්‍ධ (අඥාන) වූයේ වෙයිා. ඇතැම් කෙනෙකුට මඳ නොවූයේ ශීඝ්‍ර පැවතුම් ඇත්තේ ඉක්මන් වූයේ වෙයි. එහෙයින් යමෙක් මුලින්ම කෙලෙස් යටපත් කරනුයේ සංඛාර සහිත වූ ප්‍රයෝග සහිත වූ දුකින් ක්ලාන්ත වෙමින් යටපත් කරයි. ඔහුගේ ප්‍රතිපදාව දුක්ඛදායක වෙයි. යමෙක් යටපත් කරන ලද කෙලෙස් ඇතිව අර්පණා පරිවාසය වසමින් බොහෝ කලකින් අංග පහළවීමකට පැමිණෙයි ද ඔහුට දන්‍ධාභිඤ්ඤ පටිපදාව වේ. යමෙක් වහාම අංග පහළවීමට පැමිණෙයි ද ඔහුට ඛිප්පාභිඤ්ඤා නම් පටිපදාව වේ. යමෙක් කෙලෙස් යටපත් කරමින් ක්ලාන්ත නොවනුයේ සැපසේ යටපත් කෙරෙයි ද ඔහුට සුඛපටිපදාව වේ.

විපස‍්සනාපක‍්ඛෙ පන යො රූපාරූපමුඛෙන විපස‍්සනං අභිනිවිසන‍්තො චත‍්තාරි මහාභූතානි පරිග‍්ගහෙත්‍වා උපාදාරූපං පරිග‍්ගණ‍්හාති අරූපං පරිග‍්ගණ‍්හාති, රූපාරූපං පන පරිග‍්ගණ‍්හන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පරිග‍්ගහෙතුං සක‍්කොති, තස‍්ස දුක‍්ඛා පටිපදා නාම හොති. පරිග‍්ගහිතරූපාරූපස‍්ස පන විපස‍්සනාපරිවාසෙ මග‍්ගපාතුභාවදන්‍ධතාය දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. යොපි රූපාරූපං පරිග‍්ගහෙත්‍වා නාමරූපං වවත්‍ථපෙන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො වවත්‍ථපෙති, වවත්‍ථපිතෙ ච නාමරූපෙ විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙතුං සක‍්කොති. තස‍්සාපි දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති.

විදර්ශනා පක්‍ෂයෙහි වනාහි යමෙක් රූපාරූප මුඛයෙන් විදර්ශනාවට බැසගනුයේ සතරමහා භූතයන් අල්ලාගෙන උපාදාය රූප අල්ලාගනී ද අරූපයන් අල්ලාගනී ද රූපාරූප අල්ලා ගන්නේ දුකසේ වෙහෙසෙමින් අල්ලාගත හැකිය. ඔහුට දුක්ඛ ප්‍රතිපදාව වේ. අල්ලාගත් ස්වරූප ඇති රූපය වනාහි විදර්ශනා පරිවාසයෙහි මාර්ග පහළ කිරීමට පමා බැවින් දන්‍ධාභිඤ්ඤා නම් වේ. යමෙක් රූපාරූප අල්ලාගෙන නාමරූපයන් නියම කරනුයේ දුකසේ වෙහෙසමින් නියම කරයි. නියම කරන ලද නාමරූපයන්හි විදර්ශනා පරිවාසය වසමින් බොහෝ කලකින් මාර්ගය උපදවන්නට හැකිවෙයි. ඔහුට ද පමා වූ අභිඤ්ඤා ඇති දුක්ඛ ප්‍රතිපදාව වෙයි.

අපරො නාමරූපම‍්පි වවත්‍ථපෙත්‍වා පච‍්චයෙ පරිග‍්ගණ‍්හන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පරිග‍්ගණ‍්හාති, පච‍්චයෙ ච පරිග‍්ගහෙත්‍වා විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙති. එවම‍්පි දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති.

අනෙක් පුද්ගලයා නාමරූපයෙන් ද නියමකොට ප්‍රත්‍යයන් අල්ලාගන්නේ දුකසේ වෙහෙසෙමින් අල්ලා ගනී. ප්‍රත්‍යයන් අල්ලාගෙන විදර්ශනා පරිවාසය වසන්නේ බොහෝ කලකින් මාර්ගය උපදවයි. මෙසේ ද දන්‍ධාභිඤ්ඤ වූ දුක්ඛ ප්‍රතිපදාව වේ.

අපරො පච‍්චයෙපි පරිග‍්ගහෙත්‍වා ලක‍්ඛණානි පටිවිජ‍්ඣන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පටිවිජ‍්ඣති, පටිවිද‍්ධලක‍්ඛණො ච විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙති. එවම‍්පි දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති.

අනෙකෙක් ප්‍රත්‍යයන් අල්ලාගෙන ලක්‍ෂණ අවබෝධ කරනුයේ දුකසේ වෙහෙසෙමින් අවබෝධ කරයි. අවබෝධ කළ ලක්‍ෂණ ඇතිව විදර්ශනා පරිවාසය වසනුයේ බොහෝ කලකින් මාර්ගය උපදවයි. මෙසේ ද දන්‍ධාභිඤ්ඤ වූ දුක්ඛ ප්‍රතිපදාව වේ.

අපරො ලක‍්ඛණානිපි පටිවිජ‍්ඣිත්‍වා විපස‍්සනාඤාණෙ තික‍්ඛෙ සූරෙ සුප‍්පසන‍්නෙ වහන‍්තෙ උප‍්පන‍්නං විපස‍්සනානිකන‍්තිං පරියාදියමානො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පරියාදියති, නිකන‍්තිඤ‍්ච පරියාදියිත්‍වා විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙති. එවම‍්පි දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. ඉමිනාවුපායෙන ඉතරාපි තිස‍්සො පටිපදා වෙදිතබ‍්බා. විපස‍්සනාපක‍්ඛිකා එව පනෙත්‍ථ චතස‍්සො පටිපදා දට‍්ඨබ‍්බා.

අනෙක් ලක්‍ෂණයන් ද අවබෝධ කොට තීක්‍ෂණ වූ ශූර වූ මනාව උපන් විදර්ශනා ඤාණය උසුලන කල්හි උපන්නා වූ විදර්ශනා තෘෂ්ණාව මැඩපවත්වනුයේ දුකසේ වෙහෙසෙමින් මැඩපවත්වයි. තෘෂ්ණාව මැඩපවත්වා විදර්ශනා පරිවාසය වසනුයේ බොහෝ කලකින් මාර්ගය උපදවයි. මෙසේ ද දන්‍ධාභිඤ්ඤ වූ දුක්ඛ පටිපදාව වේ. මේ උපායෙන් ඉතිරි ත්‍රිවිධ ප්‍රතිපදාව ද දතයුතුය.

චත‍්තාරො පුග‍්ගලාති යථාවුත‍්තපටිපදාවිභාගෙන චත‍්තාරො පටිපන‍්නකපුග‍්ගලා. තං පන පටිපදාවිභාගං සද‍්ධිං හෙතුපායඵලෙහි දස‍්සෙතුං “තණ‍්හාචරිතො”තිආදි වුත‍්තං.

චත්තාරො පුග්ගලා යනු පෙර කියන ලද පටිපදා විභාගයෙන් (දැක්වූ) චතුර්විධ ප්‍රතිපන්නක පුද්ගලයෝය. ඒ පටිපදා විභාගය හේතු, උපාය, ඵලයන් සමග දක්වන්නට ‘තණ්හා චරිතො’ යනාදිය කියන ලදි.

තත්‍ථ චරිතන‍්ති චරියා, වුත‍්තීති අත්‍ථො. තණ‍්හාය නිබ‍්බත‍්තිතං චරිතං එතස‍්සාති තණ‍්හාචරිතො, තණ‍්හාය වා පවත‍්තිතො චරිතො තණ‍්හාචරිතො, ලොභජ‍්ඣාසයොති අත්‍ථො. දිට‍්ඨිචරිතොති එත්‍ථාපි එසෙව නයො. මන්‍දොති මන්‍දියං වුච‍්චති අවිජ‍්ජා, තාය සමන‍්නාගතො මන්‍දො, මොහාධිකොති අත්‍ථො.

එහි චරිතං යනු චර්යාවයි. පැවැත්ම යන අර්ථයයි. තණ්හාවෙන් උපන් චරිතයක් මොහුට ඇත යන අරුතින් තණ්හා චරිත නම් වේ. තණ්හාව පිණිස පැවති හෝ චරිතය තණ්හා චරිතයයි. ලෝභ සහගත අදහස යන අර්ථයයි. දිට්ඨි චරිතො යන මෙහිදී මේ ක්‍රමයමැයි. මන්‍දො යන මෙහි මන්දිය යනු අවිද්‍යාවයි. එයින් යුක්ත වූයේ මන්ද නමි. මෝහය අධිකව පවතී යන අර්ථයයි.

සතින්‍ද්‍රියෙනාති සතියා ආධිපච‍්චං කුරුමානාය. සතින්‍ද්‍රියමෙව හිස‍්ස විසදං හොති. යස‍්මා තණ‍්හාචරිතතාය පුබ‍්බභාගෙ කොසජ‍්ජාභිභවෙන න වීරියං බලවං හොති, මොහාධිකතාය න පඤ‍්ඤා බලවතී. තදුභයෙනාපි න සමාධි බලවා හොති, තස‍්මා “සතින්‍ද්‍රියමෙව හිස‍්ස විසදං හොතී”ති වුත‍්තං. තෙනෙවාහ – “සතිපට‍්ඨානෙහි නිස‍්සයෙහී”ති. තණ‍්හාචරිතතාය චස‍්ස කිලෙසවික‍්ඛම‍්භනං න සුකරන‍්ති දුක‍්ඛා පටිපදා, අවිසදඤාණතාය දන්‍ධාභිඤ‍්ඤාති පුබ‍්බෙ වුත‍්තනයං ආනෙත්‍වා යොජෙතබ‍්බං. නිය්‍යාතීති අරියමග‍්ගෙන වට‍්ටදුක‍්ඛතො නිග‍්ගච‍්ඡති.

සතින්‍ද්‍රියෙන යන සතියෙන් ආධිපත්‍යය කරනු ලබන්නේ ඔහුගේ සතින්‍ද්‍රියම විශද වෙයි. යම්හෙයකින් තණ්හා චරිත ඇති බැවින් පූර්වභාගයෙහි කුසීතභාවයෙන් යුත් බැවින් වීර්යය බලවත් නොවෙයි. මෝහාධික බැවින් ප්‍රඥාව බලවත් නොවෙයි. ඒ දෙකින්ම සමාධිය බලවත් නොවෙයි. එහෙයින් මොහුගේ සතින්‍ද්‍රියම විශද වේයැයි කියන ලදි. එහෙයින්ම ‘සතිපට්ඨානයෙහි නිස්සයෙහි’යි කියන ලදි. තෘෂ්ණා චරිත ඇති බැවින් මොහුගේ කෙලෙස් යටපත් කිරීම පහසු නොවේ යන අර්ථයෙන් දුක්ඛ පටිපදාව වේ. අවිශද වූ ඥාන ඇති බැවින් දන්‍ධාභිඤ්ඤ වේයැයි මුලින් කියන ලද නය රැගෙන යෙදිය යුතුය. නිය්‍යාති යනු ආර්ය මාර්ගය කරණකොටගෙන සසර දුකින් නික්මෙයි යනුයි.

උදත්‍ථොති උදඅත්‍ථො, උළාරපඤ‍්ඤොති අත්‍ථො. පඤ‍්ඤාසහායපටිලාභෙන චස‍්ස සමාධි තික‍්ඛො හොති සම‍්පයුත‍්තෙසු ආධිපච‍්චං පවත‍්තෙති. තෙනෙවාහ – “සමාධින්‍ද්‍රියෙනා”ති. විසදඤාණත‍්තා “ඛිප‍්පාභිඤ‍්ඤායා”ති වුත‍්තං. සමාධිපධානත‍්තා ඣානානං ඣානෙහි නිස‍්සයෙහීති අයං විසෙසො. සෙසං පුරිමසදිසමෙව. දිට‍්ඨිචරිතො අනිය්‍යානිකමග‍්ගම‍්පි නිය්‍යානිකන‍්ති මඤ‍්ඤමානො තත්‍ථ උස‍්සාහබහුලත‍්තා වීරියාධිකො හොති. වීරියාධිකතායෙව චස‍්ස කිලෙසවික‍්ඛම‍්භනං සුකරන‍්ති සුඛා පටිපදා, අවිසදඤාණතාය පන දන්‍ධාභිඤ‍්ඤාති ඉමමත්‍ථං දස‍්සෙති “දිට‍්ඨිචරිතො මන්‍දො”තිආදිනා. සෙසං වුත‍්තනයමෙව.

උදත්‍ථො යනු උද අත්‍ථ යන පද දෙකයි. උදාර ප්‍රඥාව යන අර්ථයයි. ප්‍රඥාව සහාය කොටගෙන ලැබෙන ප්‍රතිලාභයෙන් ඔහුගේ සමාධිය තියුණු වෙයි. සම්ප්‍රයුක්ත ධර්ම කෙරෙහි ආධිපත්‍යය පවත්වයි. එහෙයින්ම සමාධි ඉන්‍ද්‍රියෙන යැයි කියන ලදි. විශද වූ ඥානය ඇති බැවින් ඛිප්පාභිඤ්ඤයෙන් යැයි කියන ලදි. ධ්‍යානයන් සමාධිය ප්‍රධානකොට පවත්නා බැවින් ඇසුරුකරන ධ්‍යානයන්ගෙන් යන මේ විශේෂයයි. සෙස්ස පූර්වය හා සමානමය. දෘෂ්ටි චරිත ඇති බැවින් අනිර්යාණික වූ මාර්ගය ද නෛර්යාණික යැයි සිතමින් එහි උත්සාහ බහුල බැවින් වීර්යාධික වෙයි. වීර්යාධික බැවින්ම මොහුගේ කෙලෙස් යටපත් කිරීම පහසු යැයි සුඛ පටිපදාව අවිශද වූ ඥාන ඇති බැවින් දන්‍ධාභිඤ්ඤා වේ ය යන මේ අර්ථය ‘දිට්ඨි චරිතො මන්‍දො’ යන ආදියෙන් දක්වයි. සෙස්ස කියන ලද්දේමය.

සච‍්චෙහීති අරියසච‍්චෙහි. අරියසච‍්චානි හි ලොකියානි පුබ‍්බභාගඤාණස‍්ස සම‍්මසනට‍්ඨානතාය ලොකුත‍්තරානි අධිමුච‍්චනතාය මග‍්ගඤාණස‍්ස අභිසමයට‍්ඨානතාය ච නිස‍්සයානි හොන‍්තීති. සෙසං වුත‍්තනයමෙව. එත්‍ථ ච දිට‍්ඨිචරිතො උදත්‍ථො උග‍්ඝටිතඤ‍්ඤූ. තණ‍්හාචරිතො මන්‍දො නෙය්‍යො. ඉතරෙ ද‍්වෙපි විපඤ‍්චිතඤ‍්ඤූති එවං යෙන වෙනෙය්‍යත‍්තයෙන පුබ‍්බෙ දෙසනාවිභාගො දස‍්සිතො, තදෙව වෙනෙය්‍යත‍්තයං ඉමිනා පටිපදාවිභාගෙන දස‍්සිතන‍්ති දට‍්ඨබ‍්බං.

සච්චෙහි යනු ආර්ය සත්‍යයන්ගෙනි. පූර්වභාග ඥානය ස්පර්ශ කරන බැවින් සත්‍යයෝ ලෞකික වෙති. මාර්ග ඥානය නිශ්චය කරන බැවින් ද අභිසමයාර්ථය ඇති බැවින් ද ලෝකෝත්තර භාවය ඇසුරු කරත්. සේසස කියන ලද නය අනුවම වේ. මෙහි ද දෘෂ්ටි චරිතයා මහා ප්‍රඥා ඇති උග්ඝටිතඤ්ඤු පුද්ගලයාය. තෘෂ්ණා චරිතයා මන්ද වූ (අඥාන වූ) නෙය්‍ය පුද්ගලයාය. ඉතිරි දෙදෙනා විඤ්චිතඤ්ඤූ පුද්ගලයා යැයි (දතයුතුයි.) මෙසේ යම් හික්මවිය යුතු පුද්ගලයකු පිළිබඳව පූර්ව දේශනා විභාගය දක්වන ලද්දේ ද ඒ හික්මවිය යුතු පුද්ගලයාම මේ පටිපදා විභාගයෙන් දක්වන ලදැයි දතයුතුය.

ඉදානි තං වෙනෙය්‍යුපුග‍්ගලවිභාගං අත්‍ථනයයොජනාය විසයං කත්‍වා දස‍්සෙතුං “උභො තණ‍්හාචරිතා”තිආදි වුත‍්තං. තණ‍්හාය සමාධිපටිපක‍්ඛත‍්තා තණ‍්හාචරිතො විසුජ‍්ඣමානො සමාධිමුඛෙන විසුජ‍්ඣතීති ආහ – “සමථපුබ‍්බඞ‍්ගමායා”ති. “සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙතී”ති (අ· නි· 4.170; පටි· ම· 2.1, 3) වචනතො පන සම‍්මාදිට‍්ඨිසහිතෙනෙව සම‍්මාසමාධිනා නිය්‍යානං, න සම‍්මාසමාධිනා එවාති ආහ – “සමථපුබ‍්බඞ‍්ගමාය විපස‍්සනායා”ති. “රාගවිරාගා චෙතොවිමුත‍්තීති අරහත‍්තඵලසමාධී”ති සඞ‍්ගහෙසු වුත‍්තං. ඉධ පන අනාගාමිඵලසමාධීති වක‍්ඛති. සො හි සමාධිස‍්මිං පරිපූරකාරීති. තත්‍ථ රඤ‍්ජනට‍්ඨෙන රාගො. සො විරජ‍්ජති එතායාති රාගවිරාගා, තාය රාගවිරාගාය, රාගප‍්පහායිකායාති අත්‍ථො.

දැන් ඒ හික්මවිය යුතු පුද්ගල විභාගය අර්ථ නය යෙදීමෙන් විෂය කොට දක්වන්නට ‘උභො තණ්හා චරිතා’ යනාදිය කියන ලදි. තෘෂ්ණාව සමාධියට ප්‍රතිපක්‍ෂ බැවින් තෘෂ්ණා චරිතයා පිරිසිදු වනුයේ සමාධියෙන් පිරිසිදු වේයැයි (දක්වමින්) සමථ පුබ්බංගමාය යන්න කීවේය. සමථ විදර්ශනා දෙක එකට යෙදී වර්ධනය වේය යන වචනයෙන් සම්මා සමාධිායෙන් නෛර්යාණික වූ සම්මා දිට්ඨිය සහිතමය. සම්මා සමාධියෙන් ම නොවේ යැයි දැක්වීමට සමථ පුබ්බංගමාය විපස්සනාය යැයි කියන ලදි. රාගවිරාගා චෙතො විමුත්ති යන්න අරහත් ඵල සමාධිය යැයි සංග්‍රහයන්හි කියන ලදි. මෙහි දී අනාගාමිඵල සමාධිය කියනු ලැබේ. හෙතෙම සමාධිය පරිපූර්ණ කරන්නෙක් වෙයි. එහි රඤ්ජනාර්ථයෙන් රාග නම් වේ. ඔහු මෙයින් නොඇලේනුයි රාගවිරාග නමි. ඒ රාග විරාගයෙනි. රාගයෙන් පහවීමෙන් යන අර්ථයයි.

චෙතොවිමුත‍්තියාති චෙතොති චිත‍්තං, තදපදෙසෙන චෙත්‍ථ සමාධි වුච‍්චති “යථා චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවය”න‍්ති (සං· නි· 1.23). පටිප‍්පස‍්සද‍්ධිවසෙන පටිපක‍්ඛතො විමුච‍්චතීති විමුත‍්ති, තෙන වා විමුත‍්තො, තතො විමුච‍්චනන‍්ති වා විමුත‍්ති, සමාධියෙව. යථා හි ලොකියකථායං සඤ‍්ඤා චිත‍්තඤ‍්ච දෙසනාසීසං. යථාහ – “නානත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො”ති (දී· නි· 3.332, 341, 357; අ· නි· 7.44; 9.24) “කිං චිත‍්තො ත්‍වං, භික‍්ඛූ”ති (පාරා· 135) ච, එවං ලොකුත‍්තරකථායං පඤ‍්ඤා සමාධි ච. යථාහ – “පඤ‍්චඤාණිකො සම‍්මාසමාධී”ති (විභ· 804) ච “සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙතී”ති ච. තෙසු ඉධ රාගස‍්ස උජුවිපච‍්චනීකතො සමථපුබ‍්බඞ‍්ගමතාවචනතො ච චෙතොග‍්ගහණෙන සමාධි වුත‍්තො. තථා විමුත‍්තිවචනෙන. තෙන වුත‍්තං “සමාධියෙවා”ති. චෙතො ච තං විමුත‍්ති චාති චෙතොවිමුත‍්ති. අථ වා වුත‍්තප‍්පකාරස‍්සෙව චෙතසො පටිපක‍්ඛතො විමුත‍්ති විමොක‍්ඛොති චෙතොවිමුත‍්ති, චෙතසි වා ඵලවිඤ‍්ඤාණෙ වුත‍්තප‍්පකාරාව විමුත‍්තීති චෙතොවිමුත‍්ති, චෙතසො වා ඵලවිඤ‍්ඤාණස‍්ස පටිපක‍්ඛතො විමුත‍්ති විමොක‍්ඛො එතස‍්මින‍්ති චෙතොවිමුත‍්ති, සමාධියෙව. පඤ‍්ඤාවිමුත‍්තියාති එත්‍ථාපි අයං නයො යථාසම‍්භවං යොජෙතබ‍්බො.

චෙතො විමුත්තියා යනු තැන සිතානුයි චිත්ත නම් වේ. ඒ කාරණයෙන් මෙහි සමාධියැයි කියනු ලැබේ. ‘චිත්තං පඤ්ඤඤ්ච භාවයං’ යනු උදාහරණයි. සංසිඳීම් වශයෙන් ප්‍රතිපක්‍ෂ බැවින් මිදේනුයි විමුත්ති නම් වේ. එයින් හෝ මිදුනේ එයින් හෝ මිදීම විමුක්ති නමි. යම්සේ ලෞකික කථාවෙහි සංඥාව ද සිත ද දේශනා ශීර්ෂය වේ ද එමෙන් සමාධිය ම ප්‍රධාන වෙයි. උදාහරණ මෙසේ කියන ලදි. ‘නානත්ත කායා නානත්තසඤ්ඤිනො යයි ද කිං චිත්තො ත්‍වං භික්ඛු’ යැයි ද වශයෙනි. මෙසේ ලෝකුත්තර කථාවේදී ප්‍රඥා සමාධිය ද ‘පංචට්ඨානිකො සම්මා සමාධි’යි ද සමථවිපස්සනං යුගනන්‍ධං භාවෙති’යි ද කියන ලදි. ඒවායින් මෙහි රාගයට ප්‍රතිපක්‍ෂ බැවින් ද සමථය පෙරටුකර ඇති බැවින් එම වචනයෙන් ද චේතෝ ග්‍රහණයෙන් සමාධිය කියන ලදි. එසේම විමුක්ති වචනයෙන් ද කියන ලදි. එහෙයින් සමාධියෙව යැයි කියන ලදි. සිත ද එයමය. විමුක්තිය ද එයමය යැයි චෙතො විමුත්ති නමි. එසේ නැතහොත් කියන ලද ආකාර ඇති සිතට ප්‍රතිපක්‍ෂ වූ විමුක්ති විමෝක්‍ෂය චෙතො විමුක්තිය ද චෙතො විමුත්තියයි. ඵල විඤ්ඤාණය වූ සිතට ප්‍රතිපක්‍ෂ වූ විමුක්ති විමෝක්‍ෂය මෙහි වේනුයි චෙතො විමුත්ත නම් සමාධියමය. පඤ්ඤා විමුත්තියා යනු මෙහිදී ද මේ න්‍යාය හමුවන පරිදි යෙදිය යුතුය.

දිට‍්ඨියා සවිසයෙ පඤ‍්ඤාසදිසී පවත‍්තීති දිට‍්ඨිචරිතො විසුජ‍්ඣමානො පඤ‍්ඤාමුඛෙන විසුජ‍්ඣතීති ආහ – “උභො දිට‍්ඨිචරිතා විපස‍්සනා”තිආදි. අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්තීති අරහත‍්තඵලපඤ‍්ඤා . සමථග‍්ගහණෙන තප‍්පටිපක‍්ඛතො තණ‍්හං විපස‍්සනාග‍්ගහණෙන අවිජ‍්ජඤ‍්ච නිද‍්ධාරෙත්‍වා පඨමනයස‍්ස භූමිං සක‍්කා සුඛෙන දස‍්සෙතුන‍්ති ආහ – “යෙ සමථ…පෙ… හාතබ‍්බා”ති.

දෘෂ්ටිය ස්වකීය විෂයයෙහි ප්‍රඥාව හා සමානව පවතී යැයි දෘෂ්ටි චරිතයා පිරිසිදු වන්නේ ප්‍රඥා මුඛයෙන් පිරිසිදු වන්නේයැයි උභො දිට්ඨිචරිතා විපස්සනා යනාදිය කීවේය. අවිද්‍යා විරාගයෙන් පඤ්ඤා විමුක්තිය වේයැයි රහත්ඵලයෙන් වූ ප්‍රඥා සමථය ගැනීමෙන් ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් තෘෂ්ණාව ද විදර්ශනාව ගැනීමෙන් අවිද්‍යාව ද නිර්ධාරණය කොට පළමු නය පිළිබඳ භූමිය පහසුවෙන් දක්වන්නට හැකියයි යෙ සමථ -පෙ- හාතබ්බා යන්න කියන ලදි.

තත්‍ථ සමථපුබ‍්බඞ‍්ගමා පටිපදාති පුරිමා ද‍්වෙ පටිපදා, ඉතරා විපස‍්සනාපුබ‍්බඞ‍්ගමාති දට‍්ඨබ‍්බා. හාතබ‍්බාති ගමෙතබ‍්බා, නෙතබ‍්බාති අත්‍ථො. විපස‍්සනාය අනිච‍්චදුක‍්ඛඅනත‍්තසඤ‍්ඤාභාවතො දුක‍්ඛසඤ‍්ඤාපරිවාරත‍්තා ච අසුභසඤ‍්ඤාය ඉමා චතස‍්සො සඤ‍්ඤා දස‍්සිතා හොන‍්ති. තප‍්පටිපක‍්ඛෙන ච චත‍්තාරො විපල‍්ලාසාති සකලස‍්ස සීහවික‍්කීළිතනයස‍්ස භූමිං සුඛෙන සක‍්කා දස‍්සෙතුන‍්ති ආහ – “යෙ විපස‍්සනා…පෙ… හාතබ‍්බා”ති.

එහි සමථ පුබ්බංගමා පටිපදා යනු පළමු ප්‍රතිපදා දෙක ද අන්‍ය වූ විදර්ශනාව ද පූර්වංගමය යැයි දතයුතුය යනුයි. හාතබ්බා යනු යැවිය යුතු යනුයි. පැමිණවිය යුතු යන අර්ථයයි. විදර්ශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවන්ගේ අභාවයෙන් ද දුක්ඛ සංඥාව පිරිවරකොට ඇති බැවින් ද අසුභ සංඥාවෙන් මේ සතර සංඥාවන් දක්වන ලද්දාහු වෙත්. ඊට ප්‍රතිපක්‍ෂව ද විපර්යාස සතරක් වේයැයි සියලු සීහවික්‍රීඩිත න්‍යායයේ භූමිය සුවසේ දක්වන්නට හැකියයි ‘යෙ විපස්සනා -පෙ- හාතබ්බා’යි කියන ලදි.

එවං පටිපදාවිභාගෙන වෙනෙය්‍යපුග‍්ගලවිභාගං දස‍්සෙත්‍වා ඉදානි තං ඤාණවිභාගෙන දස‍්සෙන‍්තො යස‍්මා භගවතො දෙසනා යාවදෙව වෙනෙය්‍යවිනයනත්‍ථා, විනයනඤ‍්ච නෙසං සුතමයාදීනං තිස‍්සන‍්නං පඤ‍්ඤානං අනුක‍්කමෙන නිබ‍්බත‍්තනං, යථා භගවතො දෙසනාය පවත‍්තිභාවවිභාවනඤ‍්ච හාරනයබ්‍යාපාරො, තස‍්මා ඉමස‍්ස හාරස‍්ස සමුට‍්ඨිතප‍්පකාරං තාව පුච‍්ඡිත්‍වා යෙන පුග‍්ගලවිභාගදස‍්සනෙන දෙසනාභාජනං විභජිත්‍වා තත්‍ථ දෙසනායං දෙසනාහාරං නියොජෙතුකාමො තං දස‍්සෙතුං “ස‍්වායං හාරො කත්‍ථ සම‍්භවතී”තිආදිමාහ.

මෙසේ ප්‍රතිපදා විභාගයෙන් හික්මවිය යුතු පුද්ගලයන්ගේ බෙදීම දක්වා දැන් එය ඥාන විභාගයෙන් දක්වනුයේ යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව යම්තාක් හික්මවිය යුතු පුද්ගලයන්ගේ හික්මවීම ප්‍රයෝජන කොට ඇත්තේය. එහෙයින් ඒ සුතමය ආදී ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ විනයනය ද අනුක්‍රමයෙන් ඉපිදවීමයි. යම්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පවත්නා භාවය පැහැදිලි කිරීම ද හාර නය ව්‍යාපාරයයි. එහෙයින් මේ හාරයේ පැවතුම් ප්‍රකාරය පළමුව විමසා යම් පුද්ගල විභාග දැක්වීමකින් දේශනාවට බඳුන් වන්නා බෙදා දක්වා ඒ දේශනාවේ දේශනා හාරය නියෝජනය කරනු කැමතිව එය දක්වන්නට ස්වායං හාරො කත්‍ථ සමුට්ඨිතො යනාදිය කීවේය.

තත්‍ථ යස‍්සාති යො සො අට‍්ඨහි අක‍්ඛණෙහි විමුත‍්තො සොතාවධානපරියොසානාහි ච සම‍්පත‍්තීති සමන‍්නාගතො යස‍්ස. සත්‍ථාති දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි යථාරහං අනුසාසනතො සත්‍ථා. ධම‍්මන‍්ති යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානෙ අපායෙසු අපතමානෙ ධාරෙතීති ධම‍්මො, තං ධම‍්මං. දෙසයතීති සඞ‍්ඛෙපවිත්‍ථාරනයෙහි භාසති කථෙති. අඤ‍්ඤතරොති භගවතො සාවකෙසු අඤ‍්ඤතරො. ගරුට‍්ඨානීයොති සීලසුතාදිගුණවිසෙසයොගෙන ගරුකරණීයො. සබ්‍රහ‍්මචාරීති බ්‍රහ‍්මං වුච‍්චති සෙට‍්ඨට‍්ඨෙන සකලං සත්‍ථුසාසනං. සමං සහ වා බ්‍රහ‍්මං චරති පටිපජ‍්ජතීති සබ්‍රහ‍්මචාරී. සද‍්ධං පටිලභතීති “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා යො එවරූපස‍්ස ධම‍්මස‍්ස දෙසෙතා”ති තථාගතෙ, “ස‍්වාක‍්ඛාතො වතායං ධම‍්මො යො එවං එකන‍්තපරිපුණ‍්ණො එකන‍්තපරිසුද‍්ධො”තිආදිනා ධම‍්මෙ ච සද‍්ධං ලභති උප‍්පාදෙතීති අත්‍ථො.

එහි තස්ස යනු යම් ඒ පුද්ගලයෙක් නුසුදුසු කාල අටෙන් මිදුනේ කන් යොමු කිරීම කෙළවර සම්පත්තීන්ගෙන් යුක්ත වී ද ඔහුටය. සත්‍ථා යනු මෙලොව පරලොව පරමාර්ථයන් පිළිබඳව සුදුසු පරිදි අනුශාසනා කරන හෙයින් සත්‍ථා නම් වූ යනුයි. ධම්මං අනුශාසනා පරිදි පිළිපදිනු ලබන කල්හි අපායන්හි නොවැටෙන කල්හි දරනු ලැබේනුයි ධම්මං නම් වේ. ඒ ධර්මයයි. දෙසෙති යනු සංක්‍ෂේප විස්තර න්‍යායන්ගෙන් ප්‍රකාශ කරයි. කියයි යනුයි. අඤ්ඤතරො යනු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක්තරා අයෙකි. ගරුට්ඨානීයො යනු සීල සුත ආදී ගුණ විශේෂ යෝගයෙන් ගරු කළයුතු යනුයි. සබ්‍රහ්මචාරී (යන්නෙහි) ශ්‍රේෂ්ඨාර්ථයෙන් සියලු ශාස්තෲ ශාසනය බ්‍රහ්මයැයි කියනු ලැබේ. එකවිට හෝ සමග සසුනේ හැසිරෙයි. පිළිපදීනුයි සබ්‍රහ්මචාරී නම් වේ. සද්ධං පටිලභති යනු යමෙක් මෙබඳු ධර්මය දේශනා කෙරේ ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධය යනුවෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි ද යමක් මෙසේ ඒකාන්තයෙන් පරිපූර්ණ වූයේ, පරිශුද්ධ වූයේ ද ඒ ධර්මය ස්වාක්ඛාතය ආදි වශයෙන් ධර්මය කෙරෙහි ද ශ්‍රද්ධාව ලබයි. උපදවයි යන අර්ථයයි.

තත්‍ථාති තස‍්මිං යථාසුතෙ යථාපරියත‍්තෙ ධම‍්මෙ. වීමංසාති පාළියා පාළිඅත්‍ථස‍්ස ච වීමංසනපඤ‍්ඤා . සෙසං තස‍්සා එව වෙවචනං. සා හි යථාවුත‍්තවීමංසනෙ සඞ‍්කොචං අනාපජ‍්ජිත්‍වා උස‍්සහනවසෙන උස‍්සාහනා, තුලනවසෙන තුලනා, උපපරික‍්ඛණවසෙන උපපරික‍්ඛාති ච වුත‍්තා. අථ වා වීමංසතීති වීමංසා, සා පදපදත්‍ථවිචාරණා පඤ‍්ඤා. උස‍්සාහනාති වීරියෙන උපත්‍ථම‍්භිතා ධම‍්මස‍්ස ධාරණපරිචයසාධිකා පඤ‍්ඤා. තුලනාති පදෙන පදන‍්තරං, දෙසනාය වා දෙසනන‍්තරං තුලයිත්‍වා සංසන්‍දිත්‍වා ගහණපඤ‍්ඤා. උපපරික‍්ඛාති මහාපදෙසෙ ඔතාරෙත්‍වා පාළියා පාළිඅත්‍ථස‍්ස ච උපපරික‍්ඛණපඤ‍්ඤා. අත‍්තහිතං පරහිතඤ‍්ච ආකඞ‍්ඛන‍්තෙහි සුය්‍යතීති සුතං, කාලවචනිච‍්ඡාය අභාවතො, යථා දුද‍්ධන‍්ති. කිං පන තන‍්ති? අධිකාරතො සාමත්‍ථියතො වා පරියත‍්තිධම‍්මොති විඤ‍්ඤායති. අථ වා සවනං සුතං, සොතද‍්වාරානුසාරෙන පරියත‍්තිධම‍්මස‍්ස උපධාරණන‍්ති අත්‍ථො. සුතෙන හෙතුනා නිබ‍්බත‍්තා සුතමයී. පකාරෙන ජානාතීති පඤ‍්ඤා. යා වීමංසා, අයං සුතමයී පඤ‍්ඤාති පච‍්චෙකම‍්පි යොජෙතබ‍්බං. තථාති යථා සුතමයී පඤ‍්ඤා වීමංසාදිපරියායවතී වීමංසාදිවිභාගවතී ච, තථා චින‍්තාමයී චාති අත්‍ථො. යථා වා සුතමයී ඔරමත‍්තිකා අනවට‍්ඨිතා ච, එවං චින‍්තාමයී චාති දස‍්සෙති.

තත්‍ථ යනු අසන ලද පරිදි උගත් පරිදි ඒ ධර්මයෙහිය. වීමංසා යනු පාළියේ ද පාළි අර්ථයේ ද විමසීම් ප්‍රඥාවයි. සෙස්ස ඊටම සමාන වචනයකි. එය වනාහි කියන ලද වීමංසනයෙහි හැකීමට නොපැමිණ උත්සාහ වශයෙන් උත්සාහ කිරීමයි. මැනීම් වශයෙන් තුලනය කිරීමයි. පිරික්සීම් වශයෙන් උපපරික්ඛා යැයි ද කියන ලදි. එසේ නැතහොත් විමසානුයි වීමංසා නම් වේ. ඒ පද හා පදාර්ථ විමසන ප්‍රඥාවයි. උස්සාහනා යනු වීර්යයෙන් උපස්ථම්භනය කරන ලද ධර්මයේ ධාරණය හා පරිචය සාධනය කරන ප්‍රඥාවයි. තුලනා යනු පදයක් හා වෙනත් පදයක් ද දේශනාවක් හා වෙනත් දේශනාවක් ද තුලනය කොට සසඳා ගන්නා ප්‍රඥාවයි. උපපරික්ඛා යනු මහාපදේසවල බහා පාළියේ ද පාළි අර්ථයේ ද පිරිසුම් ප්‍රඥාවයි. තමාට හිත වූ ද අනුන්ට හිත වූ ද දේ කැමැත්තවුන් විසින් අසනු ලැබේනුයි සුත නමි. කාල තීරණය නොමැතිකමින් දුද්ධං නම් වේ. ඒ කුමක්දැයි අධිකාර වශයෙන් හේ සමර්ථ බැවින් හෝ පර්යාප්ති ධර්මය යැයි දක්වයි. එසේ නැතහොත් ශ්‍රවණය සුත නම් වේ. ශ්‍රෝත ද්වාරය අනුසාරයෙන් පර්යාප්ති ධර්මයේ සෙවීම යන අර්ථයයි. ශ්‍රැත හේතුවෙන් උපන් බැවින් සුතමයී නම් වේ. ප්‍රකාර වශයෙන් දනියි නුයි පඤ්ඤා නම් වේ. යම් විමසීමක් වේ ද මෙය සුතමය ප්‍රඥාව යැයි වෙන්වෙන්ව යෙදිය යුතුය. තථා යනු යම්සේ සුතමය ප්‍රඥාව වීමංසා ආදී පර්යාය හා විභාග ඇත්තේ ද එසේය. චින්තාමයී ප්‍රඥාව ද යන අර්ථයයි. සුතමය ප්‍රඥාව යම්සේ ස්වල්ප වූයේ අනවස්ථිත වේ ද (එක් අරමුණක නොපිහිටන්නේ ද) චින්තාමය ප්‍රඥාව ද මෙසේ යැයි දක්වයි.

සුතෙන නිස‍්සයෙනාති සුතෙන පරියත‍්තිධම‍්මෙන පරියත‍්තිධම‍්මස‍්සවනෙන වා උපනිස‍්සයෙන ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං, යථාවුත‍්තං සුතං උපනිස‍්සායාති අත්‍ථො. වීමංසාතිආදීසු “ඉදං සීලං, අයං සමාධි, ඉමෙ රූපාරූපධම‍්මා, ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා”ති තෙසං තෙසං ධම‍්මානං සභාවවීමංසනභූතා පඤ‍්ඤා වීමංසා. තෙසංයෙව ධම‍්මානං වචනත්‍ථං මුඤ‍්චිත්‍වා සභාවසරසලක‍්ඛණස‍්ස තුලයිත්‍වා විය ගහණපඤ‍්ඤා තුලනා. තෙසංයෙව ධම‍්මානං සලක‍්ඛණං අවිජහිත්‍වා අනිච‍්චතාදිරුප‍්පනසප‍්පච‍්චයාදිආකාරෙ ච තක‍්කෙත්‍වා විතක‍්කෙත්‍වා ච උපපරික‍්ඛණපඤ‍්ඤා උපපරික‍්ඛා, තථා උපපරික‍්ඛිතෙ ධම‍්මෙ සවිග‍්ගහෙ විය උපට‍්ඨහන‍්තෙ එවමෙතෙහි නිජ‍්ඣානක‍්ඛමෙ කත්‍වා චිත‍්තෙන අනු අනු පෙක‍්ඛණා මනසානුපෙක‍්ඛණා. එත්‍ථ ච යථා සුතමයී පඤ‍්ඤා යථාසුතස‍්ස ධම‍්මස‍්ස ධාරණපරිචයවසෙන පවත‍්තනතො උස‍්සාහජාතා “උස‍්සාහනා”ති වත‍්තබ‍්බතං අරහති, න එවං චින‍්තාමයීති ඉධ “උස‍්සාහනා”ති පදං න වුත‍්තං. චින‍්තනං චින‍්තා, නිජ‍්ඣානන‍්ති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

සුතෙන නිස්සයෙන යනු පර්යාප්ත ධර්මය ඇසීමෙන් හෝ ශ්‍රවණය කිරීමෙන්, ආශ්‍රය කිරීමෙන් යනුයි. ඉත්‍ථම්භූත ලක්‍ෂණයේ කරණ විභක්ති වචනයකි. කියන ලද පරිදි අසන ලද. ආශ්‍රය කළ යන අර්ථයයි. වීමංසා යන ආදියෙහි මේ සීලයයි. මේ සමාධියයි. මේ රූප අරූප ධර්මයෝයි. මේ පංචස්කන්ධයයි ආදී වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ ස්වභාවය විමසන ප්‍රඥාව වීමංසාවයි. ඒ ධර්මයන්ගේම වචනාර්ථය මුදාහැර ස්වභාව රස සහිත ලක්‍ෂණය තුලනය කර මෙන් ගන්නා ප්‍රඥාව තුලනයයි. ඒ ධර්මයන්ගේම ස්වලක්‍ෂණය අත්නොහැර අනිත්‍යාදිය නසන සප්‍රත්‍ය ආදි ආකාරයන් ද තර්කකොට විතර්ක කොට පිරිසන ප්‍රඥාව උප පරික්ඛාවයි. එසේ පිරික්සන ලද ධර්මයන් එළඹ සිටි විරුද්ධ ග්‍රහණයකදී මෙන් ඒවා එසේයැයි බැලීමට සුදුසු කොට සිතින් අනුව බැලීම මනසානුපෙක්ඛණා වයි. මෙහිදී ද සුතමය ප්‍රඥාව යම්සේ ද අසන ලද ධර්මය දැරීම් පිරිවිසීම් වශයෙන් පවත්නේ යම්සේ උත්සාහ ඇතිවූයේ ද (එය) උත්සාහය යැයි කීමට සුදුසුය. චින්තාමයී ප්‍රඥාව එසේ නොවේයැයි මෙහි උත්සාහනායි පදයක් නොකියන ලදි. සිතීම චින්තා නමි. දැනීම යන අර්ථයයි. සෙස්ස කියන ලද ක්‍රමයටමය.

ඉමාහි ද‍්වීහි පඤ‍්ඤාහීති යථාවුත‍්තාහි ද‍්වීහි පඤ‍්ඤාහි කාරණභූතාහි. සුතචින‍්තාමයඤාණෙසු හි පතිට‍්ඨිතො විපස‍්සනං ආරභතීති. “ඉමාසු ද‍්වීසු පඤ‍්ඤාසූ”තිපි පඨන‍්ති. “තෙහි ජාතාසු උප‍්පන‍්නාසූ”ති වා වචනසෙසො යොජෙතබ‍්බො. මනසිකාරසම‍්පයුත‍්තස‍්සාති රූපාරූපපරිග‍්ගහාදිමනසිකාරෙ යුත‍්තප‍්පයුත‍්තස‍්ස. යං ඤාණං උප‍්පජ‍්ජතීති වුත‍්තනයෙන මනසිකාරප‍්පයොගෙන දිට‍්ඨිවිසුද‍්ධිකඞ‍්ඛාවිතරණවිසුද‍්ධිමග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධිපටිපදාඤාණදස‍්සනවිසුද‍්ධීනං සම‍්ප ආදනෙන විපස‍්සනං උස‍්සුක‍්කන‍්තස‍්ස යං ඤාණදස‍්සනවිසුද‍්ධිසඞ‍්ඛාතං අරියමග‍්ගඤාණං උප‍්පජ‍්ජති, අයං භාවනාමයී පඤ‍්ඤාති සම‍්බන්‍ධො. තං පන දස‍්සනං භාවනාති දුවිධන‍්ති ආහ – “දස‍්සනභූමියං වා භාවනාභූමියං වා”ති. යදි දස‍්සනන‍්ති වුච‍්චති, කථං තත්‍ථ පඤ‍්ඤා භාවනාමයීති? භාවනාමයමෙව හි තං ඤාණං, පඨමං නිබ‍්බානදස‍්සනතො පන “දස‍්සන”න‍්ති වුත‍්තන‍්ති සඵලො පඨමමග‍්ගො දස‍්සනභූමි. සෙසා සෙක‍්ඛාසෙක‍්ඛධම‍්මා භාවනාභූමි.

ඉමාහි ද්වීහි පඤ්ඤාහි යනු ඉහත කියන ලද හේතුභූත වූ ප්‍රඥා දෙකිනි. සුතමය - චින්තාමය ඤාණයන්හි පිහිටියේ විදර්ශනාව අරඹන්නේ යැයි ඉමාසු ද්වීසු පඤ්ඤාසු යි ද කියත්. ඒවායින් ජාතාසු උප්පන්නාසු කියා හෝ ඉතිරි වචනය යෙදිය යුතුය. මනසිකාර සම්පයුත්තස්ස යනු රූප අරූප පිරිවර ආදී මනසිකාරයන්හි යෙදුණු යනුයි. යං ඤාණං උප්පජ්ජති යනු කියන ලද ක්‍රමයෙන් මනසිකාර ප්‍රයෝගයෙන් දිට්ඨි විසුද්ධි කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි පටිපදා ඤාණදස්සන විසුද්ධි යන විසුද්ධීන් සම්පාදනය කිරීමෙන් විදර්ශනාවේ උත්සුක වූ පුද්ගලයාට ඤාණදස්සන විසුද්ධි සංඛ්‍යාත වූ යම් ආර්යමාර්ග ඥානයක් උපදී ද එයයි. මේ භාවනාමය පඤ්ඤාව යන සම්බන්ධයයි. එය වනාහි ‘දස්සන භූමියං වා භාවනා භූමියං වා’ යනුවෙන් දස්සන භාවනා යි දෙවැදෑරුම් වෙතැයි කියන ලදි. ඉදින් දස්සන යැයි කියනු ලැබේ ද (එවිට) එහි කෙසේ භාවනාමය ප්‍රඥාව වේ ද? භාවනාමය වූ ඒ පළමු ඤාණයම නිර්වාණ දර්ශනයෙන් දස්සන යැයි කියන ලදි. එහෙයින් සඵල වූ පළමු මාර්ගය දස්සනභූමියයි. සෙසු ශෛක්‍ෂ අශෛක්‍ෂ ධර්මයෝ භාවනා භූමියයි.

ඉදානි ඉමා තිස‍්සො පඤ‍්ඤා පරියායන‍්තරෙන දස‍්සෙතුං “පරතොඝොසා”තිආදි වුත‍්තං. තත්‍ථ පරතොති න අත‍්තතො, අඤ‍්ඤතො සත්‍ථුතො සාවකතො වාති අත්‍ථො. ඝොසාති තෙසං දෙසනාඝොසතො, දෙසනාපච‍්චයාති අත්‍ථො. අථ වා පරතො ඝොසො එතිස‍්සාති පරතොඝොසා, යා පඤ‍්ඤා, සා සුතමයීති යොජෙතබ‍්බං. පච‍්චත‍්තසමුට‍්ඨිතාති පච‍්චත‍්තං තස‍්ස තස‍්ස අත‍්තනි සම‍්භූතා. යොනිසොමනසිකාරාති තෙසං තෙසං ධම‍්මානං සභාවපරිග‍්ගණ‍්හනාදිනා යථාවුත‍්තෙන උපායෙන පවත‍්තමනසිකාරා. පරතො ච ඝොසෙනාති පරතොඝොසෙන හෙතුභූතෙන. සෙසං වුත‍්තනයමෙව.

දැන් මේ ත්‍රිවිධ ප්‍රඥාව වෙනත් වචනවලින් දක්වන්නට ‘පරතො ඝොසා’ යනාදිය කියන ලදි. එහි පරතො යනු තමාගෙන් නොවේ යනුයි. වෙනත් අයෙකුගෙන් හෝ ශාස්තෲන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයෙකුගෙන් හෝ යන අර්ථයයි. ඝොසො යනු ඔුවන්ගේ දේශනා ශබ්දයෙනි. දේශනා හේතුවෙන් යන අර්ථයයි. එසේ නැතහොත් අනුන්ගෙන් වන ඝෝෂය මොහුට ඇත්තේනුයි පරතොඝෝස නමි. ඒ සුතමය ප්‍රඥාව යැයි යෙදිය යුතුය. පච්චත්ත සමුට්ඨිතා යනු වෙන් වෙන්ව ඒ ඒ ආත්මයෙහි හටගත් යනුයි. යොනිසො මනසිකාරා යන ඒ ඒ ධර්මයන්ගේ ස්වභාව ග්‍රහණාදියෙන් කියන ලද ආකාර ඇති උපායයෙන් පැවති මනසිකාරයන්ය. පරතො ඝොසෙන යනු හේතුභූත වූ පරතො ඝෝෂයෙන් යනුයි. සෙස්ස කියන ලද න්‍යාය අනුවම වේ.

ඉදානි යදත්‍ථං ඉමා පඤ‍්ඤා උද‍්ධටා, තමෙව වෙනෙය්‍යපුග‍්ගලවිභාගං යොජෙත්‍වා දස‍්සෙතුං “යස‍්සා”තිආදි වුත‍්තං. තත්‍ථ ඉමා ද‍්වෙති ගණනවසෙන වත්‍වා පුන තා සුතමයී චින‍්තාමයී චාති සරූපතො දස‍්සෙති. අයං උග‍්ඝටිතඤ‍්ඤූති අයං සුතමයචින‍්තාමයඤාණෙහි ආසයපයොගපබොධස‍්ස නිප‍්ඵාදිතත‍්තා උද‍්දෙසමත‍්තෙනෙව ජානනතො “උග‍්ඝටිතඤ‍්ඤූ”ති වුච‍්චති. අයං විපඤ‍්චිතඤ‍්ඤූති චින‍්තාමයඤාණෙන ආසයස‍්ස අපරික‍්ඛතත‍්තා උද‍්දෙසනිද‍්දෙසෙහි ජානනතො විපඤ‍්චිතඤ‍්ඤූ. අයං නෙය්‍යොති සුතමයඤාණස‍්සාපි අභාවතො නිරවසෙසං විත්‍ථාරදෙසනාය නෙතබ‍්බතො නෙය්‍යො.

දැන් යම් අර්ථයක් පිණිස මේ ප්‍රඥාවන් උද්ධරණය කරන ලද ද ඒ හික්මවිය යුතු පුද්ගලයන්ගේ විභාගයම යොදා දක්වන්නට ‘යස්සා’ යනාදිය කියන ලදි. එහි ඉමා දෙව යි ගණන් වශයෙන් කියා නැවත ‘සුතමයී ද චින්තාමයී’ දැයි ඒවා ස්වරූප වශයෙන් දක්වාලයි. අයං උග්ඝටිතඤ්ඤු යනු මොහු සුතමය - චින්තාමය ඤාණයන්ගෙන් ආසය ප්‍රයෝග ප්‍රබෝධය උපදවන ලද බැවින් උදෙසීම් පමණකින්ම දන්නා බැවින් උඝ්ඝටිතඥ යැයි කියනු ලැබේ. අයං විපඤ්චිතඤ්ඤු යනු චින්තාමය ඤාණයෙන් අභිප්‍රාය පරීක්‍ෂා නොකරන ලද බැවින් උද්දේස නිද්දේසවලින් පරීක්‍ෂා නොකරන ලද බැවින් උද්දේස නිද්දේසවලින් දන්වන බැවින් විපඤ්චිතඤ්ඤු නම් වේ. අයං නෙය්‍යො යනු සුතමය ඤාණය නොමැතිකමින් නිරවශේෂව විස්තර දේශනාව වෙත පැමිණවිය යුතු හෙයින් නෙය්‍ය නම් වේ යනුයි.

එවං දෙසනාපටිපදාඤාණවිභාගෙහි දෙසනාභාජනං වෙනෙය්‍යත‍්තයං විභජිත්‍වා ඉදානි තත්‍ථ පවත‍්තිතාය භගවතො ධම‍්මදෙසනාය දෙසනාහාරං නිද‍්ධාරෙත්‍වා යොජෙතුං “සායං ධම‍්මදෙසනා”තිආදි ආරද‍්ධං.

මෙසේ දේශනා ප්‍රතිපදා ඤාණ විභාගයන්ගෙන් දේශනාවට බඳුන් වූ වෙනෙය්‍යත්‍වය (හික්මවිය යුතු බව) බෙදා දක්වා දැන් එහි පැවති භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාවෙන් දේශනා හාරය නිර්ධාරණය කොට යොදන්නට ‘සා යං ධම්මදෙසනා’ යනාදිය අරඹන ලදි.

තත්‍ථ සායන‍්ති සා අයං. යා පුබ‍්බෙ “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”තිආදිනා (නෙත‍්ති· 5) පටිනිද‍්දෙසවාරස‍්ස ආදිතො දෙසනාහාරස‍්ස විසයභාවෙන නික‍්ඛිත‍්තා පාළි, තමෙවෙත්‍ථ දෙසනාහාරං නියොජෙතුං “සායං ධම‍්මදෙසනා”ති පච‍්චාමසති. කිං දෙසයතීති කථෙතුකම්‍යතාවසෙන දෙසනාය පිණ‍්ඩත්‍ථං පුච‍්ඡිත්‍වා තං ගණනාය පරිච‍්ඡින්‍දිත්‍වා සාමඤ‍්ඤතො දස‍්සෙති “චත‍්තාරි සච‍්චානී”ති. සච‍්චවිනිමුත‍්තා හි භගවතො දෙසනා නත්‍ථීති. තස‍්සා ච චත‍්තාරි සච‍්චානි පිණ‍්ඩත්‍ථො. පවත‍්තිපවත‍්තකනිවත‍්තිතදුපායවිමුත‍්තස‍්ස නෙය්‍යස‍්ස අභාවතො චත‍්තාරි අවිපරීතභාවෙන සච‍්චානීති දට‍්ඨබ‍්බං. තානි “දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ග”න‍්ති සරූපතො දස‍්සෙති.

එහි සායං යනු සා අයං යන පද දෙකයි. යම් පෙළක් පෙර දී ‘ධම්මං වො භික්ඛවෙ දෙස්සොමි’ යනාදියෙන් පටිනිද්දේසවාරයට මුලින් දේශනා හාරයේ විෂය ස්වරූපයෙන් දමන ලද ද එයම මෙහිදී දේශනාහාරය නියෝජනය කරන්නට (දක්වා) ‘සායං ධම්ම දෙසනා’ යනුවෙන් පරාමර්ශනය කරයි. කිං දෙසයති යනු කියනු කැමැත්ත වශයෙන් දේශනාවේ පිණ්ඩාර්ථය විමසා එය ගණනින් පිරිසිඳ සාමාන්‍ය වශයෙන් දක්වයි. චත්තාරි සච්චානි යනු සත්‍යයෙන් තොර වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් නැත යනුයි. එහි ද චතු-සත්‍යය පිණ්ඩාර්ථයයි. ප්‍රවෘත්ති, ප්‍රවෘත්තක, නිවෘත්ති යන උපායෙන් මිදුණු ඤාණයේ අභාවයෙන් (මේ) සතර (සත්‍යය) නොවෙනස්වන ස්වරූපයෙන් සත්‍යයැයි දතයුතුය. ඒවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යැයි ස්වරූප වශයෙන් දක්වයි.

තත්‍ථ අනෙකුපද‍්දවාධිට‍්ඨානභාවෙන කුච‍්ඡිතත‍්තා බාලජනපරිකප‍්පිතධුවසුභසුඛත‍්තභාවවිරහෙන තුච‍්ඡත‍්තා ච දුක‍්ඛං. අවසෙසපච‍්චයසමවායෙ දුක‍්ඛස‍්ස උප‍්පත‍්තිකාරණත‍්තා සමුදයො. සබ‍්බගතිසුඤ‍්ඤත‍්තා නත්‍ථි එත්‍ථ සංසාරචාරකසඞ‍්ඛාතො දුක‍්ඛරොධො, එතස‍්මිං වා අධිගතෙ සංසාරචාරකසඞ‍්ඛාතස‍්ස දුක‍්ඛරොධස‍්ස අභාවොතිපි නිරොධො, අනුප‍්පාදනිරොධපච‍්චයත‍්තා වා. මාරෙන‍්තො ගච‍්ඡති, නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගියතීති වා මග‍්ගො. තත්‍ථ සමුදයෙන අස‍්සාදො, දුක‍්ඛෙන ආදීනවො, මග‍්ගනිරොධෙහි නිස‍්සරණං. එවං යස‍්මිං සුත‍්තෙ චත‍්තාරි සච‍්චානි සරූපතො ආගතානි, තත්‍ථ යථාරුතවසෙන. යත්‍ථ පන සුත‍්තෙ චත‍්තාරි සච‍්චානි සරූපතො න ආගතානි, තත්‍ථ අත්‍ථතො චත‍්තාරි සච‍්චානි උද‍්ධරිත්‍වා තෙසං වසෙන අස‍්සාදාදයො නිද‍්ධාරෙතබ‍්බා. යත්‍ථ ච අස‍්සාදාදයො සරූපතො ආගතා, තත්‍ථ වත‍්තබ‍්බමෙව නත්‍ථි. යත්‍ථ පන න ආගතා, තත්‍ථ අත්‍ථතො උද‍්ධරිත්‍වා තෙසං වසෙන චත‍්තාරි සච‍්චානි නිද‍්ධාරෙතබ‍්බානි. ඉධ පන අස‍්සාදාදයො උදාහරණවසෙන සරූපතො දස‍්සිතාති තෙහි සච‍්චානි නිද‍්ධාරෙතුං “ආදීනවො චා”තිආදි වුත‍්තං.

එහි නොයෙක් උපද්‍රවයන්ට ආධාර බැවින් නින්දිත වූ ද අඥානයන් විසින් සිතන ලද ස්ථිර සුභ සුඛ භාවයන්ගෙන් තොර වූ හෙයින් හිස් වූ ද දුකයි. සෙසු ප්‍රත්‍ය එකතුවෙහි දුකට උත්පත්ති කාරණ හෙයින් සමුදයයි. සියලු ගතීන්ගෙන් ශූන්‍ය වූ බැවින් මෙහි සසර හැසිරීම් සංඛ්‍යාත දුක් නැවැත්මක් නැත. මෙය අවබෝධ කළ කල්හි සසර සැරිසැරීම් සංඛ්‍යාත දුක්ඛනිරෝධයේ අභාවය ද නිරෝධයයි. ඇති නොවූ නිරුද්ධ වූ ප්‍රත්‍ය ඇති බැවින් හෝ නිරෝධය වේ. මරමින් යෙයි. (යන අර්ථයෙන් හෝ) නිවන කැමැත්තවුන් විසින් පිරික්සනු ලැබේනුයි මග්ග නමි. එහි සමුදයෙන් ආශ්වාදය ද දුක්ඛයෙන් ආදීනවය ද මාර්ග නිරෝධ දෙකින් නිස්සරණය ද (ප්‍රකාශ වේ) මෙසේ යම් සූත්‍රයක චතුසත්‍යය ස්වරූප වශයෙන් ආයේ ද එහි කියන ලද පරිද්දෙන් ද, යම් සූත්‍රයක චතුසත්‍ය ස්වරූප වශයෙන් නො ආයේ ද එහි අර්ථ වශයෙන් ද, චතුසත්‍ය උපුටා ඒවායේ වශයෙන් ආශ්වාදාදිය නිර්ධාරණය කළ යුතුය. යම්තැනක ආශ්වාදාදිය ස්වරූප වශයෙන් ආයේ ද එහි කිවයුත්තක් නැත. යම්තැනක නොආයේ ද එහිදී අර්ථ වශයෙන් උපුටා ඒවායේ වශයෙන් චතුසත්‍යය නිර්ධාරණය කළයුතුය. මෙහි වනාහි ආශ්වාද ආදිය උදාහරණ වශයෙන් ස්වරූපීව දැක්වූයේ යැයි ඒවායින් සත්‍ය වෙන්කර දක්වන්නට ‘ආදීනවො ච’ යන ආදිය කියන ලදි.

තත්‍ථ “සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා”ති (දී· නි· 2.387; ම· නි· 1.120; 3.373; විභ· 202) වචනතො තණ‍්හාවජ‍්ජා තෙභූමකධම‍්මා දුක‍්ඛසච‍්චං, තෙ ච අනිච‍්චාදිසභාවත‍්තා ආදීනවො, ඵලඤ‍්ච දෙසනාය සාධෙතබ‍්බං. තත්‍ථ යං ලොකියං, තං සන්‍ධාය වුත‍්තං “ඵලඤ‍්ච දුක‍්ඛ”න‍්ති. අස‍්සාදොති තණ‍්හාවිපල‍්ලාසානම‍්පි ඉච‍්ඡිතත‍්තා තෙ සන්‍ධාය “අස‍්සාදො සමුදයො”ති වුත‍්තං. සහ විපස‍්සනාය අරියමග‍්ගො දෙසනා ච දෙසනාඵලාධිගමස‍්ස උපායොති කත්‍වා “උපායො ආණත‍්ති ච මග‍්ගො”ති වුත‍්තං. නිස‍්සරණපදෙ චාපි අරියමග‍්ගො නිද‍්ධාරෙතබ‍්බො, න චායං සච‍්චවිභාගො ආකුලොති දට‍්ඨබ‍්බො. යථා හි සච‍්චවිභඞ‍්ගෙ (විභ· 208) “තණ‍්හා අවසිට‍්ඨා කිලෙසා අවසිට‍්ඨා අකුසලා ධම‍්මා සාසවානි කුසලමූලානි සාසවා ච කුසලා ධම‍්මා සමුදයසච‍්චභාවෙන විභත‍්තා”ති තස‍්මිං තස‍්මිං නයෙ තංතංඅවසිට‍්ඨා තෙභූමකධම‍්මා දුක‍්ඛසච‍්චභාවෙන විභත‍්තා, එවමිධාපි දට‍්ඨබ‍්බන‍්ති. ඉමානි චත‍්තාරි සච‍්චානීති නිගමනං . ඉදං ධම‍්මචක‍්කන‍්ති යායං භගවතො චතුසච‍්චවසෙන සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, ඉදං ධම‍්මචක‍්කං.

එහි ‘සංක්‍ෂිප්තව පංච උපාදාන ස්කන්ධයන්ම දුකය’ යන වචනයෙන් තෘෂ්ණාව හැර ත්‍රෛභූමක ධර්මයෝ දුක්ඛ සත්‍යයයි. ඒවා ද අනිත්‍ය ආදී ස්වභාව ඇති බැවින් ආදීනවය ද ඵලය ද දේශනාවෙන් සාධනය කළ යුතුය. එහි යම් ලෞකික දෙයක් වේ ද ඒ සඳහා ‘ඵලඤ්ච දුක්ඛං’ යන්න කියන ලදි. තෘෂ්ණා විපර්යාසයන්ගේ ද ආශ්වාදයයි කැමති වූ බැවින් ඒ සඳහා අස්සාදො සමුදයො යැයි කියන ලදි. විදර්ශනාව සමග ආර්යමාර්ග දේශනාව ද දේශනා ඵලය අවබෝධයට උපායකොට උපායො ආණත්ති ච මග්ගො යැයි කියන ලදි. නිස්සරණ පදයෙහි ද ආර්ය මාර්ග නිර්ධාරණය කළයුතුය. මේ සත්‍ය විභාගය ආකූලයැයි නොදත යුතුය. යම්සේ සච්ච විභංගයේ දී තෘෂ්ණාව ද අවශේෂ වූ කෙළෙස් ද අවශේෂ වූ අකුසල ද ආශ්‍රව සහිත වූ කුසල මූලයන් ද ආශ්‍රව සහිත වූ කුසල ධර්ම ද සමුදය සත්‍යය වශයෙන් බෙදන ලද ද ඒවා මෙහිදී ද දතයුතුය. ඉමානි චත්තාරි සච්චානි යන නිගමනයයයි. ඉදං ධම්ම චක්කං යනු භාග්‍යවතුන් වහන්සේගේ චතුසත්‍ය වශයෙන් පැවැත්වූ යම් ඒ සාමුක්කංසික ධර්මදේශනාවක් වේ ද ඒ ධර්මචක්‍රයයි.

ඉදානි තස‍්සා ධම‍්මදෙසනාය ධම‍්මචක‍්කභාවං සච‍්චවිභඞ‍්ගසුත‍්තවසෙන (ම· නි· 3.371 ආදයො) දස‍්සෙතුං “යථාහ භගවා”තිආදි වුත‍්තං. තත්‍ථ ඉදං දුක‍්ඛන‍්ති ඉදං ජාතිආදිවිභාගං සඞ‍්ඛෙපතො පඤ‍්චුපාදානක‍්ඛන්‍ධසඞ‍්ගහං තණ‍්හාවජ‍්ජං තෙභූමකධම‍්මජාතං දුක‍්ඛස‍්ස අධිට‍්ඨානභාවෙන දුක‍්ඛදුක‍්ඛාදිභාවෙන ච දුක‍්ඛං අරියසච‍්චන‍්ති අත්‍ථො. මෙති භගවා අත‍්තානං නිද‍්දිසති. බාරාණසියන‍්ති බාරාණසීනාමකස‍්ස නගරස‍්ස අවිදූරෙ. පච‍්චෙකබුද‍්ධඉසීනං ආකාසතො ඔතරණට‍්ඨානතාය ඉසිපතනං. මිගානං තත්‍ථ අභයස‍්ස දින‍්නත‍්තා මිගදායන‍්ති ච ලද‍්ධනාමෙ අස‍්සමෙ. උත‍්තරති අතික‍්කමති, අභිභවතීති වා උත‍්තරං, නත්‍ථි එතස‍්ස උත‍්තරන‍්ති අනුත‍්තරං. අනතිසයං අප‍්පටිභාගං වා. කිඤ‍්චාපි භගවතො ධම‍්මදෙසනා අනෙකාසු දෙවමනුස‍්සපරිසාසු අනෙකසතක‍්ඛත‍්තුං තෙසං අරියසච‍්චප‍්පටිවෙධසම‍්පාදනවසෙන පවත‍්තිතා, තථාපි සබ‍්බපඨමං අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤප‍්පමුඛාය අට‍්ඨාරසපරිමාණාය බ්‍රහ‍්මකොටියා චතුසච‍්චප‍්පටිවෙධවිභාවනීයා ධම‍්මදෙසනා, තස‍්සා සාතිසයා ධම‍්මචක‍්කසමඤ‍්ඤාති “ධම‍්මචක‍්කං පවත‍්තිත”න‍්ති වුත‍්තං.

දැන් ඒ ධර්මදේශනාවේ ධර්මචක්‍රභාවය සච්ච විභංග සූත්‍රය ලෙසින් දක්වන්නට ‘යථාහ භගවා’ ආදිය කියන ලදි. එහි ඉදං දුක්ඛං යනු මේ ජාත්‍යාදි බෙදීම සංක්‍ෂේප වශයෙන් පංච උපාදානස්කන්ධ සංග්‍රහ වූ තෘෂ්ණාවර්ජිත ත්‍රෛභූමක ධර්මයෙන් හටගත් දුකෙහි අධිෂ්ඨාන භාවයෙන් ද දුක්ඛදුක්ඛාදී භාවයෙන් ද දුක්ඛ ආර්ය සත්‍යය යන අර්ථයයි. මෙ යනු භාග්‍යවතුන් වහන්සේ තමාව දක්වයි යනුයි. බාරාණසියං යනු බරණැස නම් නගරයට නුදුරෙහි යනුයි. පසේබුදු සෘෂිවරුන්ට අහසින් බැසීමට ස්ථාන වූ බැවින් ඉසිපතන නම් වේ. එහි මුවන්ට අභය දුන් බැවින් මිගදාය යැයි ලබන ලද නම් ඇති අසපුවේ එතෙර වෙයි. ඉක්මවයි. අභිභවනය කරයි යන අර්ථයෙන් උත්තර නම් වේ. මෙයට වඩා උත්තර කෙනෙක් නැතැයි අනුත්තර නම් වේ. නොවැඩි හෝ අසමාන යන අර්ථයයි. කෙසේ නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව නන්වැදෑරුම් දෙව්මිනිස් පිරිසෙහි නොයෙක් සිය ගණන් වාර ඔවුන්ට ආර්ය සත්‍යාවබෝධය සම්පාදනය කිරීම් වශයෙන් පැවැත්තේය. එසේ වුවත් සැමට පළමුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ වූ අටළොස් කෙළක් පමණ වූ බඹුන්ට චතුසත්‍යය අවබෝධ කරවන සුලු යම් ධර්ම දේශනාවක් වේද, ඊට අධිකාර්ථව ධම්මචක්ක යන සංඥාව ඇතැයි ධම්මචක්කං පවත්තිතං යැයි කියන ලදි.

තත්‍ථ සතිපට‍්ඨානාදිධම‍්මො එව පවත‍්තනට‍්ඨෙන චක‍්කන‍්ති ධම‍්මචක‍්කං, චක‍්කන‍්ති වා ආණා. ධම‍්මතො අනපෙතත‍්තා ධම‍්මඤ‍්ච තං චක‍්කඤ‍්චාති ධම‍්මචක‍්කං. ධම‍්මෙන ඤායෙන චක‍්කන‍්තිපි ධම‍්මචක‍්කං. යථාහ – “ධම‍්මඤ‍්ච පවත‍්තෙති චක‍්කඤ‍්චාති ධම‍්මචක‍්කං, චක‍්කඤ‍්ච පවත‍්තෙති ධම‍්මඤ‍්චාති ධම‍්මචක‍්කං, ධම‍්මෙන පවත‍්තෙතීති ධම‍්මචක‍්ක”න‍්තිආදි (පටි· ම· 2.41-42). අප‍්පටිවත‍්තියන‍්ති ධම‍්මිස‍්සරස‍්ස භගවතො සම‍්මාසම‍්බුද‍්ධභාවතො ධම‍්මචක‍්කස‍්ස ච අනුත‍්තරභාවතො අප‍්පටිසෙධනීයං. කෙන පන අප‍්පටිවත‍්තියන‍්ති ආහ “සමණෙන වා”තිආදි. තත්‍ථ සමණෙනාති පබ‍්බජ‍්ජං උපගතෙන. බ්‍රාහ‍්මණෙනාති ජාතිබ්‍රාහ‍්මණෙන. පරමත්‍ථසමණබ්‍රාහ‍්මණානඤ‍්හි පටිලොමනචිත‍්තංයෙව නත්‍ථි. දෙවෙනාති කාමාවචරදෙවෙන. කෙනචීති යෙන කෙනචි අවසිට‍්ඨපාරිසජ‍්ජෙන. එත‍්තාවතා අට‍්ඨන‍්නම‍්පි පරිසානං අනවසෙසපරියාදානං දට‍්ඨබ‍්බං. ලොකස‍්මින‍්ති සත‍්තලොකෙ.

එහි සතිපට්ඨාන ආදී ධර්මයම පැවතීම් අර්ථයෙන් චක්‍රයක් වෙතැයි ධම්මචක්ක නම් වේ. චක්‍රය කියා හෝ ආඥාව කියා හෝ (ගතහැකිය) ධර්මයෙන් වියුක්ත නොවූ බැවින් ධර්මය වූයේත් එයමය. චක්‍රය වූයේත් එයමය යැයි ධම්මචක්ක නම් වේ. ධර්මයෙන් යුක්තියෙන් චක්‍රයකැයි ධම්මචක්ක නම් වේ. උදාහරණ මෙසේ කියන ලදි. ධර්මය ද චක්‍රය ද පවත්වන්නේ නුයි ධම්මචක්ක නමි. චක්‍රය ද ධර්මය ද පවත්වන්නේ නුයි ධම්මචක්ක නමි. ධර්මයෙන් ප්‍රවර්තනය කෙරේනුයි ධම්මචක්ක නමි. අප්පතිවත්තියං යනු ධර්මේශ්වර වූ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ භාවයෙන් ද ධර්මචක්‍රයේ අනුත්තර භාවයෙන් ද වැළැක්විය නොහැකි යනුයි. කවරෙකු විසින් නොපෙරළිය හැකි ද? සමණෙන වා යනාදිය (ඒ සඳහා) කියන ලදි. එහි සමණෙන යනු පැවිද්දට පැමිණියහු විසින්ය. බ්‍රාහ්මණෙන යනු උපතින් බමුණෙකු වූ අයෙක් විසින්ය. පරමාර්ථ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට විරුද්ධ සිතක් නම් නැත. දෙවෙන යනු කාමාවචර දෙවියන් විසිනි. කෙනචි යනු ඉතිරි වූ යම්කිසි පිරිවරකිනි. මෙපමණකින් අෂ්ටවිධ පිරිසෙහි නිරවශේෂ වූ ගණනය දතයුතුය. ලොකස්මිං යනු සත්ත්ව ලෝකයෙහිය.

තත්‍ථාති තිස‍්සං චතුසච‍්චධම‍්මදෙසනායං. අපරිමාණා පදා, අපරිමාණා අක‍්ඛරාති උප‍්පටිපාටිවචනං යෙභුය්‍යෙන පදසඞ‍්ගහිතානි අක‍්ඛරානීති දස‍්සනත්‍ථං. පදා අක‍්ඛරා බ්‍යඤ‍්ජනාති ලිඞ‍්ගවිපල‍්ලාසො කතොති දට‍්ඨබ‍්බං. අත්‍ථස‍්සාති චතුසච‍්චසඞ‍්ඛාතස‍්ස අත්‍ථස‍්ස. සඞ‍්කාසනාති සඞ‍්කාසිතබ‍්බාකාරො. එස නයො සෙසෙසුපි. අත්‍ථස‍්සාති ච සම‍්බන්‍ධෙ සාමිවචනං. ඉතිපිදන‍්ති ඉතීති පකාරත්‍ථො, පි-සද‍්දො සම‍්පිණ‍්ඩනත්‍ථො, ඉමිනාපි ඉමිනාපි පකාරෙන ඉදං දුක‍්ඛං අරියසච‍්චං වෙදිතබ‍්බන‍්ති අත්‍ථො. තෙන ජාතිආදිභෙදෙන යථාවුත‍්තස‍්ස දුක‍්ඛසච‍්චස‍්ස අනෙකභෙදතං තංදීපකානං අක‍්ඛරපදාදීනං වුත‍්තප‍්පකාරං අපරිමාණතඤ‍්ච සමත්‍ථෙති.

තත්‍ථ යනු ඒ චතුසත්‍ය ධර්මදේශනාවෙහිය. අපරිමාණා පදා අපරිමාණා අක්ඛරා යනු පිළිවෙල ඉක්මවූ වචනයයි. බොහෝ සෙයින් පද සංග්‍රහකරන ලද අක්‍ෂර යැයි දක්වනු පිණිස (කියන ලදී) පදා අක්ඛරා බ්‍යඤ්ජනා යනුවෙන් ලිංග වෙනස්කිරීම කරන ලදැයි දතයුතුය. අත්‍ථස්ස යනු චතු සත්‍ය සංඛ්‍යාත අර්ථයටය. සංකාසනා යනු කෙටියෙන් ප්‍රකාශ කළයුතු ආකාරයයි. සෙසු තැන්වල ද මේ ක්‍රමයමැයි. අත්‍ථස්ස යනු සම්බන්‍ධාර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. ඉතිපිදං යන තැන ඉති යනු ප්‍රකාරාර්ථයයි. පි ශබ්දය සම්පිණ්ඩනාර්ථයයි. මේ මේ ආකාරයෙන් මේ දුක්ඛ ආර්ය සත්‍යය දතයුතුයි යන අර්ථයයි. ඒ ජාත්‍යාදිභේදයෙන් කියන ලද දුක්ඛ සත්‍යයේ අනේක ප්‍රභේදත්‍වය එය ප්‍රකාශ කරන අක්‍ෂරපද ආදියේ උක්තප්‍රකාර අප්‍රමාණත්‍වය ද සමර්ථනය කරයි.

අයං දුක‍්ඛසමුදයොති අයං කාමතණ‍්හාදිභෙදා තණ‍්හාවට‍්ටස‍්ස මූලභූතා යථාවුත‍්තස‍්ස දුක‍්ඛස‍්ස නිබ‍්බත‍්තිහෙතුභාවතො දුක‍්ඛසමුදයො. අයං දුක‍්ඛනිරොධොති අයං සබ‍්බසඞ‍්ඛතනිස‍්සටා අසඞ‍්ඛතධාතු යථාවුත‍්තස‍්ස දුක‍්ඛස‍්ස අනුප‍්පාදනිරොධපච‍්චයත‍්තා දුක‍්ඛනිරොධො. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති අයං සම‍්මාදිට‍්ඨිආදිඅට‍්ඨඞ‍්ගසමූහො දුක‍්ඛනිරොධසඞ‍්ඛාතං නිබ‍්බානං ගච‍්ඡති ආරම‍්මණවසෙන තදභිමුඛීභූතත‍්තා පටිපදා ච හොති දුක‍්ඛනිරොධප‍්පත‍්තියාති දුක‍්ඛනිරොධගාමිනී පටිපදා. ඉතිපිදන‍්ති පදස‍්ස පන සමුදයසච‍්චෙ අට‍්ඨසතතණ‍්හාවිචරිතෙහි, නිරොධසච‍්චෙ මදනිම‍්මදනාදිපරියායෙහි, මග‍්ගසච‍්චෙ සත‍්තත‍්තිංසබොධිපක‍්ඛියධම‍්මෙහි අත්‍ථො විභජිත්‍වා වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙව.

අයං දුක්ඛසමුදයො යනු මෙය කාම තණ්හා ආදී භේද ඇති තෘෂ්ණාව සසර මූලකාරණ වූ හෙයින් කියන ලද පරිදි දුකෙහි නිපැත්මට හේතුවන බැවින් දුක්ඛසමුදය වේ යනුයි. අයං දුක්ඛනිරොධො යනු සියලු සංඛතවලින් නිදහස් වූ මේ අසංඛත ධාතුව කියන ලද පරිදි දුකෙහි නූපදවීම් නිවීම්වලට හේතු වූ බැවින් දුක්ඛ නිරෝධය වේ යනුයි. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා යනු මේ සම්මා දිට්ඨි ආදී වූ අංග අටෙහි එකතුව දුක්ඛ නිරෝධ සංඛ්‍යාත වූ නිවනට යයි. අරමුණු වශයෙන් ඊට අභිමුඛ වූ බැවින් දුක්ඛ නිරෝධයට පැමිණිමට ප්‍රතිපදාවක් ද වේ යැයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වේ. සමුදය සත්‍යයෙහි එකසිය අටක් වූ තෘෂ්ණා භේදයන්ගෙන් ද නිරෝධ සත්‍යයෙහි මදය යටපත්කිරීම් ආදී පර්යායයන්ගෙන් ද මාර්ග සත්‍යයෙහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ගෙන් ද ඉතිපිදං යන පදයේ අර්ථය බෙදා දතයුතුය. සෙස්ස කියන ලද ක්‍රමයටමය.

එවං “ද‍්වාදස පදානි සුත‍්ත”න‍්ති ගාථාය සකලස‍්ස සාසනස‍්ස ඡන‍්නං අත්‍ථපදානං ඡන‍්නඤ‍්ච බ්‍යඤ‍්ජනපදානං වසෙන යා ද‍්වාදසපදතා වුත‍්තා, තමෙව “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”තිආදිනා දෙසනාහාරස‍්ස විසයදස‍්සනවසෙන ඡඡක‍්කපරියායං (ම· නි· 3.420 ආදයො) එකදෙසෙන උද‍්දිසිත්‍වා ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තෙන (සං· නි· 5.1081; මහාව· 13; පටි· ම· 2.30) තදත්‍ථස‍්ස සඞ‍්ගහිතභාවදස‍්සනමුඛෙන සබ‍්බස‍්සාපි භගවතො වචනස‍්ස චතුසච‍්චදෙසනාභාවං තදත්‍ථස‍්ස ච චතුසච‍්චභාවං විභාවෙන‍්තො “ඉදං දුක‍්ඛන‍්ති මෙ, භික‍්ඛවෙ, බාරාණසිය”න‍්තිආදිනා සච‍්චවිභඞ‍්ගසුත‍්තං (ම· නි· 3.371 ආදයො) උද‍්දෙසතො දස‍්සෙත්‍වා “තත්‍ථ අපරිමාණා පදා”තිආදිනා බ්‍යඤ‍්ජනත්‍ථපදානි විභජන‍්තො ද‍්වාදසපදභාවං දීපෙත්‍වා ඉදානි තෙසං අඤ‍්ඤමඤ‍්ඤවිසයිවිසයභාවෙන සම‍්බන්‍ධභාවං දස‍්සෙතුං “තත්‍ථ භගවා අක‍්ඛරෙහි සඞ‍්කාසෙතී”තිආදි වුත‍්තං.

මෙසේ ද්වාදස පදානි සුත්තං යන ගාථාවෙන් සියලු සාසනයේ අර්ථපද සය, බ්‍යඤ්ජන පද හය වශයෙන් යම් දොළොස් පදයක් කියන ලද ද එයම ‘ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි’ ආදියෙන් දේශනා හාරයේ විෂය දැක්වීම් වශයෙන් ඡඡක්ක සූත්‍රය එක් දෙසෙකින් උදෙසා ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් ඒ අර්ථයේ සංග්‍රහ කරන ලද ආකාරය දැක්වීම් ස්වරූපයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සියලු වචන චතුසත්‍ය දේශනාව බව ද ඒ සඳහා චතුසත්‍ය භාවය පැහැදිලි කරමින් ‘ඉදං දුක්ඛන්ති මෙ බාරාණසියං’ ආදියෙන් සච්ච විභංග සූත්‍රය උද්දේස වශයෙන් දක්වා ‘තත්‍ථ අපරිමාණා පදා’ ආදියෙන් ව්‍යඤ්ජන-අර්ථ පදයන් බෙදමින් දොළොස් පදයක් බව දක්වා දැන් ඔවුන්ගේ අන්‍යොනය විෂය විෂයී භාවයෙන් සම්බන්ධය දක්වන්නට ‘තත්‍ථ භගවා අක්ඛරෙහි සංකාසෙති’ යනාදිය කියන ලදි.

තත්‍ථ පදාවයවග‍්ගහණමුඛෙන පදග‍්ගහණං, ගහිතෙ ච පදෙ පදත්‍ථාවබොධො ගහිතපුබ‍්බසඞ‍්කෙතස‍්ස හොති. තත්‍ථ ච පදාවයවග‍්ගහණෙන විය පදග‍්ගහණස‍්ස, පදත්‍ථාවයවග‍්ගහණෙනාපි පදත්‍ථග‍්ගහණස‍්ස විසෙසාධානං ජායතීති ආහ – “අක‍්ඛරෙහි සඞ‍්කාසෙතී”ති. යස‍්මා පන අක‍්ඛරෙහි සංඛිත‍්තෙන දීපියමානො අත්‍ථො පදපරියොසානෙ වාක්‍යස‍්ස අපරියොසිතත‍්තා පදෙනෙව පකාසිතො දීපිතො හොති, තස‍්මා “පදෙහි පකාසෙතී”ති වුත‍්තං. වාක්‍යපරියොසානෙ පන සො අත්‍ථො විවරිතො විවටො කතො හොතීති වුත‍්තං “බ්‍යඤ‍්ජනෙහි විවරතී”ති. යස‍්මා ච පකාරෙහි වාක්‍යභෙදෙ කතෙ තදත්‍ථො විභත‍්තො නාම හොති, තස‍්මා “ආකාරෙහි විභජතී”ති වුත‍්තං. තථා වාක්‍යාවයවානං පච‍්චෙකං නිබ‍්බචනවිභාගෙ කතෙ සො අත්‍ථො පාකටො හොතීති වුත‍්තං “නිරුත‍්තීහි උත‍්තානීකරොතී”ති. කතනිබ‍්බචනෙහි වාක්‍යාවයවෙහි විත්‍ථාරවසෙන නිරවසෙසතො දෙසිතෙහි වෙනෙය්‍යානං චිත‍්තපරිතොසනං බුද‍්ධිනිසානඤ‍්ච කතං හොතීති ආහ – “නිද‍්දෙසෙහි පඤ‍්ඤපෙතී”ති. එත්‍ථ ච අක‍්ඛරෙහි එව සඞ‍්කාසෙතීති අවධාරණං අකත්‍වා අක‍්ඛරෙහි සඞ‍්කාසෙතියෙවාති එවං අවධාරණං දට‍්ඨබ‍්බං. එවඤ‍්හි සති අත්‍ථපදානං නානාවාක්‍යවිසයතාපි සිද‍්ධා හොති. තෙන එකානුසන්‍ධිකෙ සුත‍්තෙ ඡළෙව අත්‍ථපදානි, නානානුසන්‍ධිකෙ පන අනුසන්‍ධිම‍්හි අනුසන්‍ධිම‍්හි ඡ ඡ අත්‍ථපදානි නිද‍්ධාරෙතබ‍්බානි.

[missing trans] යම් හෙයකින් අකුරුවලින් කෙටියෙන් දක්වනු ලබන අර්ථය පදය කෙළවර වෘක්‍ෂය අවසන් නොවූ බැවින් පදයෙන්ම ප්‍රකාශ කරන ලද්දේ දක්වන ලද්දේ වෙයි. එහෙයින් පදෙහි පකාසෙති යැයි කියන ලදි. වාක්‍යය කෙළවර ඒ අර්ථය විවරණය කරන ලද්දේ විවෘත කරන ලද්දේ වනැයි බ්‍යඤ්ජනෙහි විවරති යි කියන ලදි. යම්හෙයකින් (ඒ ඒ) ප්‍රකාරයන්ගෙන් වාක්‍යභේදය ඇතිකළ කල්හි ඒ අර්ථය බෙදන ලද්දේ වේ. එහෙයින් ආකාරෙහි විභජති යි කියන ලදි. එසේම වාක්‍යයේ අවයව පිළිබඳව වෙන් වෙන්ව නිර්වචන විභාග කළ කල්හි ඒ අර්ථය ප්‍රකට වන්නේයැයි නිරුත්තීහි උත්තානි කරොති යි කියන ලදි. කරන ලද නිර්වචන ඇති වාක්‍ය අවයවයන්ගෙන් ද විස්තර වශයෙන් නිරවශේෂීව දේශනා කිරීමෙන් ද හික්මවිය යුත්තන්ගේ චිත්ත සන්තෝෂය ද බුද්ධියේ මුවහත් කිරීම ද කරන ලද්දේ වනැයි නිද්දෙසෙහි පඤ්ඤපෙති යි කියන ලදී. මෙහිදී ද අකුරුවලින්ම සංක්‍ෂේප ප්‍රකාශ කරන්නේ යැයි අවධාරණය නොකොට අකුරුවලින් සංක්‍ෂේපව ප්‍රකාශ කරන්නේම යැයි මෙසේ අවධාරණය කළයුතුය. මෙසේ ඇතිවිට අර්ථ පදයන්ගේ නොයෙක් නොයෙක් වාක්‍යවලට විෂය වීම ද සිද්ධ වූයේ වෙයි. එහෙයින් එක් අනුසන්ධියක් ඇති සූත්‍රයක අර්ථ පද හයක්ම වේ. නොයෙක් අනුසන්‍ධි ඇති සූත්‍රයෙහි වානිහ අනුසන්‍ධියෙක අනුසන්‍ධියෙක අර්ථපදය සය බැගින් නිර්ධාරණය කළයුතුය.

“අක‍්ඛරෙහි ච පදෙහි ච උග‍්ඝටෙතී”තිආදිනා බ්‍යඤ‍්ජනපදානං කිච‍්චසාධනං දස‍්සෙති. වෙනෙය්‍යත‍්තයවිනයමෙව හි තෙසං බ්‍යාපාරො. අට‍්ඨානභාවතො පන සච‍්චප‍්පටිවෙධස‍්ස පදපරමො න ඉධ වුත‍්තො. නෙය්‍යග‍්ගහණෙනෙව වා තස‍්සාපි ඉධ ගහණං සෙක‍්ඛග‍්ගහණෙන විය කල්‍යාණපුථුජ‍්ජනස‍්සාති දට‍්ඨබ‍්බං. අක‍්ඛරෙහීතිආදීසු කරණසාධනෙ කරණවචනං, න හෙතුම‍්හි. අක‍්ඛරාදීනි හි උග‍්ඝටනාදිඅත්‍ථානි, න උග‍්ඝටනාදිඅක‍්ඛරාදිඅත්‍ථං. යදත්‍ථා ච කිරියා සො හෙතු, යථා “අන‍්නෙනවසතී”ති. උග‍්ඝටෙතීති සොතාවධානං කත්‍වා සමාහිතචිත‍්තානං වෙනෙය්‍යානං සඞ‍්කාසනවසෙන අක‍්ඛරෙහි විසෙසං ආදහන‍්තො යථා පදපරියොසානෙ ආසයප‍්පටිබොධො හොති, තථා යථාධිප‍්පෙතං අත්‍ථං සඞ‍්ඛෙපෙන කථෙති උද‍්දිසතීති අත්‍ථො. විපඤ‍්චයතීති යථාඋද‍්දිට‍්ඨං අත්‍ථං නිද‍්දිසති. විත්‍ථාරෙතීති විත්‍ථාරං කරොති, විත්‍ථාරං කත්‍වා ආචික‍්ඛති වා, පටිනිද‍්දිසතීති අත්‍ථො. යස‍්මා චෙත්‍ථ උග‍්ඝටෙතීති උද‍්දිසනං අධිප‍්පෙතං. උද‍්දෙසො ච දෙසනාය ආදි, තස‍්මා වුත‍්තං – “උග‍්ඝටනා ආදී”ති. තථා විපඤ‍්චනං නිද‍්දිසනං, විත්‍ථරණං පටිනිද‍්දිසනං, නිද‍්දෙසපටිනිද‍්දෙසා ච දෙසනාය මජ‍්ඣපරියොසානාති. තෙන වුත‍්තං – “විපඤ‍්චනා මජ‍්ඣෙ, විත්‍ථාරණා පරියොසාන”න‍්ති.

අක්ඛරෙහි ච පදෙහි ච උග්ඝාටෙති ආදියෙන් බ්‍යඤ්ජන පදයන්ගේ කටයුතු සාධනය දක්වයි. හික්මවිය යුතු අය හික්මවීමම ඒවායේ කෘත්‍යයයි. (ව්‍යාපාරයයි.) සත්‍යාවබෝධයට නුසුදුසු බැවින් පද පරමයා මෙහිදී නොකියන ලදි. නෙය්‍ය යන හැඟීමෙන් ම මෙහිදී ඔහුගේ ගැනීම වේ. සෙඛ යන ගැනීමෙන් කල්‍යාණ පෘථග්ජනයා මෙනැයි දතයුතුය. අක්ඛරෙහි යන ආදියෙහි කරණ සාධනයෙහි කරණ විභක්ති වචනයක් මිස හේතු අර්ථයේ වචනයක් නොවේ. අක්‍ෂර ආදිය උද්ඝාටන (ඉවත්කිරීම) ආදී අර්ථයන්මය. උද්ඝටනාදිය අක්‍ෂරාදි අර්ථය ඇත්තේ නොවේ. ක්‍රියාවේ යම් අර්ථයක් වේ ද එය හේතුවයි. ආහාරය නිසා වාසය කරන්නේ යම්සේ ද එසේය. උග්ඝාටෙති යනු කන් යොමුකොට එකඟ වූ සිත් ඇති විනේය පුද්ගලයන්ට සංක්‍ෂෙප කිරීම් වශයෙන් අකුරුවලින් විශේෂය ඇදගනුයේ යම්සේ පද කෙළවර අභිප්‍රාය අවබෝධ වෙයි ද එසේ කැමති පරිදි සංක්‍ෂේපයෙන් අර්ථය ප්‍රකාශ කරයි. උදෙසයි යන අර්ථයයි. විපඤ්චයති යනු උදෙසන ලද පරිදි අර්ථය නිර්දේශ කරයි යනුයි. විත්‍ථාරෙති යනු විස්තර කරයි යන අර්ථයයි. විස්තරකොට කියයි හෝ යනු ද වේ. ප්‍රතිනිර්දේශ කරයි යන අර්ථයයි. යම් හෙයකින් මෙහි උග්ඝාටෙති යි උද්දේසය අදහස් කරන ලදද ඒ උද්දේසයම දේශනාවේ ආරම්භයයි. එහෙයින් උග්ඝාටනා ආදිය කියන ලදි. එසේම අවබෝධ කිරීම නිර්දේශයයි. විස්තර කිරීම පටිනිර්දේශයයි. නිද්දේස පටිනිද්දේස දෙක ද දේශනාවේ මැද සහ අවසානයයි. එහෙයින් විපඤ්චනා මජ්ඣෙ විත්‍ථාරණා පරියොසානං යි කියන ලදි.

එවං “අක‍්ඛරෙහි සඞ‍්කාසෙතී”තිආදිනා ඡන‍්නං බ්‍යඤ‍්ජනපදානං බ්‍යාපාරං දස‍්සෙත්‍වා ඉදානි අත්‍ථපදානං බ්‍යාපාරං දස‍්සෙතුං “සොයං ධම‍්මවිනයො”තිආදි වුත‍්තං. තත්‍ථ සීලාදිධම‍්මො එව පරියත‍්තිඅත්‍ථභූතො වෙනෙය්‍යවිනයනතො ධම‍්මවිනයො. උග‍්ඝටීයන‍්තොති උද‍්දිසියමානො. තෙනාති උග‍්ඝටිතඤ‍්ඤූවිනයනෙන. විපඤ‍්චීයන‍්තොති නිද‍්දිසියමානො. විත්‍ථාරීයන‍්තොති පටිනිද‍්දිසියමානො.

මෙසේ අක්ඛරෙහි සංකාසෙති ආදියෙන් බ්‍යඤ්ජන පද හයෙහි ව්‍යාපාරය දැන් අර්ථ පදයන්ගේ ව්‍යාපාරය දක්වන්නට ‘සොයං ධම්මවිනයො’ යනාදිය කියන ලදි. එහි සීලාදී ධර්මයම පර්යාප්ති අර්ථය වූ විනේය ජනයන් හික්මවීමෙන් ධම්මවිනය වෙයි. උග්ඝටියන්තො යනු උදෙසන ලබන යනුයි. තෙන යනු උද්ඝටිතඥ පුද්ගලයා හික්මවීමෙනි. විපඤ්චියන්තො යනු නිර්දේශ කරනු ලබන්නායි. විත්‍ථාරීයන්තො යනු පටිනිද්දේස කරනු ලබන්නායි.

එත‍්තාවතා “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”ති උද‍්දිට‍්ඨාය පාළියා තිවිධකල්‍යාණතං දස‍්සෙත්‍වා ඉදානි අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පත‍්තිං දස‍්සෙතුං “ඡ පදානි අත්‍ථො”තිආදි වුත‍්තං. තං සුවිඤ‍්ඤෙය්‍යං. “තෙනාහ භගවා”තිආදිනා දෙසනාහාරස‍්ස විසයභාවෙන උද‍්දිට‍්ඨං පාළිං නිගමනවසෙන දස‍්සෙති. ලොකුත‍්තරන‍්තිආදි “කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධ”න‍්ති පදානං අත්‍ථවිවරණං. තත්‍ථ උපට‍්ඨිතං සබ‍්බවිසෙසානන‍්ති සබ‍්බෙසං උත‍්තරිමනුස‍්සධම‍්මසඞ‍්ඛාතානං විසෙසානං අධිසීලසික‍්ඛාදිවිසෙසානං වා උපතිට‍්ඨනට‍්ඨානං. “ඉදං නෙසං පදක‍්කන‍්ත”න‍්තිආදීනං විය එතස‍්ස සද‍්දසිද‍්ධි වෙදිතබ‍්බා. “ඉදං වුච‍්චති තථාගතපදං ඉතිපී”තිආදීසු ඉදං සික‍්ඛත‍්තයසඞ‍්ගහං සාසනබ්‍රහ‍්මචරියං තථාගතගන්‍ධහත්‍ථිනො පටිපත‍්තිදෙසනාගමනෙහි කිලෙසගහනං ඔත්‍ථරිත්‍වා ගතමග‍්ගොතිපි. තෙන ගොචරභාවනාසෙවනාහි නිසෙවිතං භජිතන‍්තිපි. තස‍්ස මහාවජිරඤාණසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණදන‍්තෙහි ආරඤ‍්ජිතං තෙභූමකධම‍්මානං ආරඤ‍්ජනට‍්ඨානන‍්තිපි වුච‍්චතීති අත්‍ථො. අතො චෙතන‍්ති යතො තථාගතපදාදිභාවෙන වුච‍්චති, අතො අනෙනෙව කාරණෙන බ්‍රහ‍්මුනො සබ‍්බසත‍්තුත‍්තමස‍්ස භගවතො, බ්‍රහ‍්මං වා සබ‍්බසෙට‍්ඨං චරියන‍්ති පඤ‍්ඤායති යාවදෙව මනුස‍්සෙහි සුප‍්පකාසිතත‍්තා යථාවුත‍්තප‍්පකාරෙහි ඤායති. තෙනාහ භගවාති යථාවුත‍්තත්‍ථං පාළිං නිගමනවසෙන දස‍්සෙති.

මෙපමණකින් ‘ධම්මා වො භික්ඛවෙ දෙසෙස්සාමි’යි උදෙසන ලද පෙළින් ත්‍රිවිධ වූ කල්‍යාණ භාවය දක්වා දැන් අර්ථ ව්‍යඤ්ජනය සම්පත්තිය දක්වන්නට ‘ඡ පදානි අත්‍ථො’ යනාදිය කියන ලදි. එය මනාව දතයුතුයි. ‘තෙනාහ භගවා’ ආදියෙන් දේශනා හාරයේ විෂයත්‍වයෙන් දක්වන ලද පෙළ නිගමන වශයෙන් දක්වයි. ‘ලොකුත්තරං’ යනාදිය කෙවල පරිපුණ්ණං පරිසුද්ධං යන පදයන්ගේ අර්ථ විවරණයයි. එහි උපට්ඨිතං සබ්බවිසෙසානං යනු සියලු උත්තරි මනුෂ්‍ය ධර්ම සංඛ්‍යාත විශේෂයන්ගේ හෝ අධිශීල ශික්‍ෂා ආදී විශේෂයන්ගේ පිහිටීම් ස්ථානය යි. ‘ඉදං නෙසං පදක්කන්තං’ යනාදියේ මෙන් මෙහි ශබ්ද සිද්ධිය දතයුතුයි. ඉදං වුච්චති තථාගත පදං ඉතිපි යනාදියෙහි මේ ශික්‍ෂා තුනකින් සංග්‍රහ වූ සාසන බ්‍රහ්මචර්යය තථාගත නමැති ගන්‍ධහස්තියාගේ ප්‍රතිපත්ති දේශනා ගමනයන්ගෙන් කෙලෙස් ගහනය යටපත්කොට ගිය මග යැයි ද යනුයි. එහෙයින් අරමුණු වැඩීම් ඇසුරුකිරීම්වලින් සේවනය කළ (යන අර්ථයි.) භජනය කළ යන අර්ථය ද ලැබේ. එහි මහා වජ්‍රඥාන සර්වඥතා ඥානයන්ගෙන් සලකුණු කරන ලද, ත්‍රෛභූමක ධර්මයන් සලකුණු කරන තැන යැයි ද කියනු ලැබේ යන අර්ථයයි. අතොචෙතං යනු යම් හෙයකින් තථාගත ආදි වශයෙන් කියනු ලැබේ ද එහෙයින් මේ කාරණයෙන්ම ශ්‍රේෂ්ඨ වූ සියලු සත්ත්වයන්ට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ යනුයි. බ්‍රහ්ම වූ හෝ සියල්ලට ශ්‍රේෂ්ඨ වූ හෝ චර්යාව යැයි හැඟෙයි. යම්තාක් දෙව් මිනිසුන් විසින් මනාව ප්‍රකාශ කරන ලද බැවින් කියන ලද ආකාරයන්ගෙන් හැඟෙයි. තෙනාහ භගවා යි කියන ලද අර්ථය සම්බන්ධ පෙළ නිගමන වශයෙන් දක්වයි.

අනුපාදාපරිනිබ‍්බානත්‍ථතාය භගවතො දෙසනාය යාවදෙව අරියමග‍්ගසම‍්පාපනත්‍ථො දෙසනාහාරොති දස‍්සෙතුං “කෙසං අයං ධම‍්මදෙසනා”ති පුච‍්ඡිත්‍වා “යොගීන”න‍්ති ආහ. චතුසච‍්චකම‍්මට‍්ඨානභාවනාය යුත‍්තප‍්පයුත‍්තාති යොගිනො. තෙ හි ඉමං දෙසනාහාරං පයොජෙන‍්තීති. ඉදං වචනං දෙසනාහාරවිභඞ‍්ගස‍්ස යථානුසන්‍ධිනා සම‍්මා ඨපිතභාවං දස‍්සෙතුං පකරණං සඞ‍්ගායන‍්තෙහි ඨපිතන‍්ති දට‍්ඨබ‍්බං. තථා හි වුත‍්තං “තෙනාහ ආයස‍්මා මහාකච‍්චායනො”ති. නියුත‍්තොති පාළිතො අස‍්සාදාදිපදත්‍ථෙ නිද‍්ධාරෙත්‍වා යොජිතොති අත්‍ථො.

අනුපාදා පරිනිර්වාණය පිණිස වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් දේශනාහාරය ආර්ය මාර්ගයට පැමිණීම සඳහායැයි දක්වන්නට ‘කෙසං අයං ධම්මදෙසනා’යි විමසා යොගීනං යැයි කීවේය. චතු සත්‍ය කර්මස්ථාන වර්ධනය පිණිස යෙදුණු යෝගියාටය. ඔවුන්ට මේ දේශනාහාරය මෙහෙයවතැයි යන මේ වචනය දේශනාහාර විභංගයේ අනුසන්‍ධිය අනුව මනාව තබන ලද බව දක්වන්නට ප්‍රකරණය (නෙත්තිය) සංගායනා කරන්නවුන් විසින් තබන ලදැයි දතයුතුය. එහෙයින්ම ‘තෙනාහ ආයස්මා මහාකච්චායනො’ යි කියන ලදි. නියුත්තො යනු පාළියෙන් ආස්වාදාදී පදාර්ථයන් නිර්ධාරණය කොට යොදන ලද්දේය යන අර්ථයයි.

දෙසනාහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

දේශනා හාර විභංග වර්ණනාව නිමියේය.