යෙදුමෙන් කියවන්න

විචයහාරවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

විචයහාරවිභඞ‍්ගවණ‍්ණනා

විචය හාර විභංග වර්ණනාව

තත්‍ථ කතමො විචයො හාරොතිආදි විචයහාරවිභඞ‍්ගො. තත්‍ථායං අපුබ‍්බපදවණ‍්ණනා – කිං විචිනතීති එත්‍ථ “විචිනතී”ති එතෙන විචයසද‍්දස‍්ස කත‍්තුනිද‍්දෙසතං දස‍්සෙති. කින‍්ති පනත්‍ථස‍්ස හාරස‍්ස විසයො පුච‍්ඡිතොති තං තස‍්ස විසයං දස‍්සෙතුං “පදං විචිනතී”තිආදි වුත‍්තං. තත්‍ථ පදං විචිනතීති ආදිතො පට‍්ඨාය යාව නිගමනා සුත‍්තස‍්ස සබ‍්බං පදං විචිනති. අයඤ‍්ච විචයො දුවිධො සද‍්දතො අත්‍ථතො ච. තෙසු “ඉදං නාමපදං, ඉදං ආඛ්‍යාතපදං, ඉදං උපසග‍්ගපදං, ඉදං නිපාතපදං, ඉදං ඉත්‍ථිලිඞ‍්ගං, ඉදං පුරිසලිඞ‍්ගං, ඉදං නපුංසකලිඞ‍්ගං, ඉදං අතීතකාලං, ඉදං අනාගතකාලං, ඉදං වත‍්තමානකාලං, ඉදං කත‍්තුසාධනං, ඉදං කරණසාධනං, ඉදං කම‍්මසාධනං, ඉදං අධිකරණසාධනං, ඉදං පච‍්චත‍්තවචනං, ඉදං උපයොගවචනං, යාව ඉදං භුම‍්මවචනං, ඉදං එකවචනං, ඉදං අනෙකවචන”න‍්ති එවමාදිවිභාගවචනං, අයං සද‍්දතො පදවිචයො. සො පනායං පදවිචයො අවිපරීතසභාවනිරුත‍්තිසල‍්ලක‍්ඛණෙනෙව සම‍්පජ‍්ජතීති දට‍්ඨබ‍්බං. අත්‍ථතො පන විචයො තෙන තෙන පදෙන වත‍්තබ‍්බඅත්‍ථසංවණ‍්ණනා. සචෙ පන පදං පුච‍්ඡාදිවසෙන පවත‍්තං, තස‍්ස තදත්‍ථස‍්ස ච පුච‍්ඡාදිභාවො විචෙතබ‍්බොති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො “පඤ‍්හං විචිනතී”තිආදිමාහ.

එහි විචයභාරය කවරේ ද? යනාදිය විචයහාර විභංගයයි. මේ එහි පූර්වයෙන් නොකියන ලද පද වර්ණනාවයි. කිං විචින්ති යන මෙහි විචින්ති යන මේ පදයෙන් විචය ශබ්දයේ කර්තෘ නිර්දේශය දක්වයි. ‘කිං’ යනු මෙයින් එම හාරයේ විෂය විමසන ලද්දේයැයි එහි විෂය දක්වන්නට ‘පදං විචින්ති’ යනාදිය කියන ලදි. එහි පදං විචින්ති යනු මුල පටන් නිගමනය තෙක් සූත්‍රයේ සියලු පද සොයයි යනුයි. මෙම සෙවීම ශබ්ද වශයෙන් හා අර්ථ වශයෙන් දෙවැදෑරුම්ය. ඒ දෙකින්, මේ නාමපදයකි. මේ ආඛ්‍යාත පදයකි. මේ උපසර්ග පදයකි. මේ නිපාත පදයකි. මේ ස්ත්‍රී ලිංගයකි. මේ පුරුෂ ලිංගයකි. මේ නපුංසක ලිංගයකි. මේ අතීත කාලයයි. මේ අනාගත කාලයයි. මේ වර්තමාන කාලයයි. මේ කර්තෘ සාධනයකි. මේ කරණ සාධනයකි. මෙය කර්ම සාධනයකි. මෙය අධිකරණ සාධනයකි. මෙය පච්චත්ත (පඨමා) වචනයකි. මෙය උපයෝග (දුතියා) වචනයකි. මේ භුම්ම (සත්තමි) වචනයකි. මෙය ඒකවචනයකි. මෙය බහුවචනයකි යන මේ ආදී බෙදීම් වචනයක් වේ ද එය ශබ්ද වශයෙන් පද සෙවීමයි. ඒ මේ පද විචය නොවෙනස් වන ස්වභාව නිරුක්තිය ස්වලක්‍ෂණයෙන්ම පැමිණේයැයි දතයුතුය. අර්ථ වශයෙන් වූ විචය වනාහි ඒ ඒ පදයෙන් කිවයුතු අර්ථ සංවර්ණනාවයි. ඉදින් පෘච්ඡා (විමසීම්) වශයෙන් පැවති පදය, එහි ද, එහි අර්ථයේ ද විමසිය යුතු බව විවේචනය කළ යුතුයැයි මේ අර්ථය දක්වමින් ‘පඤ්හං විචින්ති’ යන ආදිය කීවේය.

යස‍්මා ච සබ‍්බො දෙසනාහාරො විචයහාරස‍්ස විසයො සුත‍්තස‍්ස විචයොති කත්‍වා, තස‍්මා වුත‍්තං – “අස‍්සාදං විචිනතී”තිආදි. යස‍්මා පන අනුගීතීති එත්‍ථ අනුරූපා ගීති අනුගීතීති අයම‍්පි අත්‍ථො ඉච‍්ඡිතො, තස‍්මා විචියමානස‍්ස සුත‍්තපදස‍්ස අනුරූපතො සුත‍්තන‍්තරපදානිපි අත්‍ථුද‍්ධාරවසෙන වා පදුද‍්ධාරවසෙන වා ආනෙත්‍වා විචෙතබ‍්බානීති දස‍්සෙන‍්තො “සබ‍්බෙ නව සුත‍්තන‍්තෙ විචිනතී”ති ආහ. නව සුත‍්තන‍්තෙති සුත‍්තගෙය්‍යාදිකෙ නව සුත‍්තෙ, යථාසම‍්භවතොති අධිප‍්පායො. අයං විචයහාරස‍්ස පදත්‍ථනිද‍්දෙසො.

යම්හෙයකින් සියලු දේශනාහාරය විචය හාරයට විෂය වූ සූත්‍රයේ සෙවීම කොට පවතී. එහෙයින් ‘අස්සාදං විචන්ති’ යනාදිය කියන ලදි. යම්හෙයකින් අනුගීතිං යන මෙහි අනුරූප වූ ගීතිය අනුගීතිය වේ යන මේ අර්ථය කැමති වන ලද්දේය. එහෙයින් සොයනු ලබන සූත්‍ර පදයට අනුරූප වශයෙන් සූත්‍රාන්තර පදයන් ද අර්ථ උපුටා ගැනීම් වශයෙන් හෝ පද උපුටා ගැනීම් වශයෙන් හෝ රැගෙන විවේචනය කළයුතුයැයි දක්වමින් සබ්බෙ නව සුත්තන්තෙ විචන්ති යනාදිය කීවේය. නව සුත්තන්තෙ යනු සූත්‍ර ගෙය්‍ය ආදි නව සූත්‍රයන්හිය. ලැබෙන පරිද්දෙන් ගනියි යන අදහසයි. මේ විචයහාරයේ පදාර්ථ දැක්වීමයි.

එවං නිද‍්දෙසවාරෙ විචයහාරො සඞ‍්ඛෙපතො නිද‍්දිට‍්ඨොති තං විභාගෙන නිද‍්දිසිත්‍වා පටිනිද‍්දෙසවසෙන විභජන‍්තො යස‍්මා පදවිචයො සුත‍්තස‍්ස අනුපදං පවත‍්තෙතබ‍්බතාය අතිභාරිකො න සුකරො චාති තං අනාමසිත්‍වා පඤ‍්හවිස‍්සජ‍්ජනවිචයෙ තාව දස‍්සෙන‍්තො “යථා කිං භවෙ”තිආදිමාහ. තත්‍ථ යථා කිං භවෙති යෙන පකාරෙන සො විචයො පවත‍්තෙතබ‍්බො, තං පකාරජාතං කිං භවෙ, කීදිසං භවෙය්‍යාති අත්‍ථො. “යථා කිං භවෙය්‍යා”තිපි පාඨො. පුන යථාති නිපාතමත‍්තං. ආයස‍්මාති පියවචනං අජිතොති බාවරීබ්‍රාහ‍්මණස‍්ස පරිචාරකභූතානං සොළසන‍්නං අඤ‍්ඤතරො. පාරායනෙති පාරං වුච‍්චති නිබ‍්බානං, තස‍්ස අධිගමූපායදෙසනත‍්තා කිඤ‍්චාපි සබ‍්බං භගවතො වචනං “පාරායන”න‍්ති වත‍්තබ‍්බතං අරහති, සඞ‍්ගීතිකාරෙහි පන වත්‍ථුගාථානුගීතිගාථාදීහි සද‍්ධිං අජිතසුත‍්තාදීනං (සු· නි· 1038 ආදයො; චූළනි· අජිතමාණවපුච‍්ඡා 57 ආදයො, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 1 ආදයො) සොළසන‍්නං සුත‍්තානං ඉදං නාමං කතන‍්ති තෙසඤ‍්ඤෙව පාරායනසමඤ‍්ඤාති ආහ “පාරායනෙ”ති. කෙචි “පාරායනිකො”ති පඨන‍්ති. තෙ කිර තාපසපබ‍්බජ‍්ජූපගමනතො පුබ‍්බෙ පාරායනං අධීයන‍්තා විචරිංසු. තස‍්මා අයම‍්පි පාරායනං වත‍්තෙතීති පාරායනිකොති වුත‍්තො. පුච‍්ඡතීති කස‍්මා වුත‍්තං, නනු පුච‍්ඡානිබ‍්බත‍්තත‍්තා අතීතාති? සච‍්චමෙතං, පුච‍්ඡනාකාරං පන බුද‍්ධියං විපරිවත‍්තමානං කත්‍වා එවමාහ.

මෙසේ නිද්දේසවාරයේ දී විචයහාරය සංක්‍ෂේප වශයෙන් දක්වන ලදැයි එය විභාග වශයෙන් නිර්දේශ කර පටිනිද්දේස වශයෙන් බෙදා දක්වනුයේ යම් හෙයකින් පදවිචය සූත්‍රයේ පදයක් පාසා පැවතිය යුතු බැවින් ඉතා බරය, පහසු නොවේ යැයි එය ස්පර්ශ නොකර ප්‍රශ්න විසඳන විචයයෙහි පළමුව දක්වමින් ‘යථා කිං භවෙ’ යනාදිය කීවේය. එහි යථා කිං භවෙ යනු යම් ආකාරයකින් ඒ හාරය පැවැත්විය යුතු ද ඒ ප්‍රකාරය කිම වන්නේ ද යනුයි. කෙබඳු වන්නේ ද යන අර්ථයයි. යථා කිං භවෙය්‍ය යන පාඨයක් ද වේ. නැවත යථා යනු නිපාත මාත්‍රයකි. ආයස්මා යනු ප්‍රියවචනයකි. අජිතො යනු බාවරී බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය වූ දහසය දෙනාගෙන් එක්තරා අයෙකි. පාරායනෙ යන පදයේ පාර යන්නෙන් නිවන ගැන ප්‍රකාශ වේ. එය අවබෝධ කරගැනීමේ උපාය දේශනා කරන බැවින් කෙසේ හෝ භාග්‍යවතුන් වහන්සේගේ සියලු වචන පාරායන යැයි කියන්නට සුදුසුය. සංගීති කාරකයන් විසින් වත්‍ථුගාථා අනුගීති ගාථා ආදිය සමග අජිත සූත්‍රය ආදි සූත්‍ර දහසකට මේ නම කරන ලදැයි ඒවාටම පාරායන සංඥාව වෙතියි පාරායනයෙහි කියන ලදි. ඇතැමෙක් පාරායනිකො යැයි කියත්. ඔවුහු තාපස පැවිද්දෙන් පැවිදිවීමට පෙර පාරායනය හදාරමින් සැරිසැරූහ. එහෙයින් මෙයත් පාරායනය පවත්වතැයි පාරායනිකො යැයි කියන ලදි. පුච්ඡති යැයි කුමක් නිසා කියන ලද ද? ඇසීමෙන් උපන් බැවින් ඉක්මවූයේ නොවේ ද? මෙය සත්‍යයකි. විමසීම් ආකාරය බුද්ධිය වෙනස්කොට කියන ලදි.

පුච‍්ඡා ච නාමෙසා අදිට‍්ඨජොතනාපුච‍්ඡා දිට‍්ඨසංසන්‍දනා විමතිච‍්ඡෙදනා අනුමතිපුච‍්ඡා කථෙතුකම්‍යතාපුච‍්ඡා එකංසබ්‍යාකරණීයා විභජ‍්ජබ්‍යාකරණීයා පටිපුච‍්ඡාබ්‍යාකරණීයා ඨපනීයා ධම‍්මාධිට‍්ඨානා සත‍්තාධිට‍්ඨානාති අනෙකවිධා. තස‍්මා “කිමයං පුච‍්ඡා අදිට‍්ඨජොතනා”තිආදිනා යථාසම‍්භවං පුච‍්ඡා විචෙතබ‍්බා. යථා චෙත්‍ථ පුච‍්ඡාවිභාගො, එවං විස‍්සජ‍්ජනවිභාගොපි විස‍්සජ‍්ජනවිචයෙ යථාසම‍්භවං වත‍්තබ‍්බො. පුච‍්ඡාසභාගෙන හි විස‍්සජ‍්ජනන‍්ති. ඉධ පන විමතිච‍්ඡෙදනං සත‍්තාධිට‍්ඨානං පුච‍්ඡං උදාහරිත්‍වා තත්‍ථ විචයනාකාරං දස‍්සෙතුං “කෙනස‍්සු නිවුතො ලොකො”තිආදිමාහ.

මේ විමසීම ද, අදිට්ඨජොතනා (නොදක්නා ලද්දහුගේ ප්‍රකාශය විමසීම) දිට්ඨසංසන්දනා (දක්නා ලද්දහුගේ ප්‍රකාශය සැසඳීම) විමතිච්ඡේදන (විමතිය දුරුකරන විමසීම) අනුමති (අනුමැතිය විමසීම) කථෙතුකම්‍යතා (කියනු කැමති දෙය විමසීම) එකංසව්‍යාකරණ (සෘජුව විමසීම) විභජ්ජ ව්‍යාකරණ (බෙදා දක්වා විමසීම) පටිපුච්ඡා ව්‍යාකරණ (ප්‍රතිප්‍රශ්න නගා විමසීම) ඨපනීය (පිළිතුරු නොදීම) ධම්මාධිට්ඨාන සත්තාධිට්ඨාන යැයි නන්වැදෑරුම්ය. එහෙයින් මේ විමසීම අදිට්ඨජෝතනා ආදියෙන් ලැබෙන පරිදි විමර්ශනය කළ යුතුය. මෙහි පෘච්ඡා විභාගය යම්සේ ද එසේ විස්සජ්ජන විභාගය ද විස්සජ්ජන විචයයෙහි දී ලැබෙන පරිදි කිය යුතුය. විස්සජ්ජනය පෘච්ඡාවට සමානකම් ඇත්තේය. මෙහිදී විමතිච්ඡේදන සත්තාධිට්ඨාන පුච්ඡාව ගෙනහැර දක්වා එහි විමසීම් ආකාරය දක්වන්නට ‘කෙනස්සු නිවුතො ලොකො’ යනාදිය කීවේය.

තත්‍ථ කෙනාති කත‍්තරි කරණවචනං. සූති නිපාතමත‍්තං, සූති වා සංසයෙ නිපාතො, තෙනස‍්ස පඤ‍්හස‍්ස විමතිච‍්ඡෙදනපුච‍්ඡාභාවං දස‍්සෙති. නිවුතොති පටිච‍්ඡාදිතො. ලොකොති සත‍්තලොකො. ඉච‍්චායස‍්මා අජිතොති සඞ‍්ගීතිකාරකවචනං. නප‍්පකාසතීති න පඤ‍්ඤායති. කිස‍්සාභිලෙපනං බ්‍රූසීති කිං අස‍්ස ලොකස‍්ස අභිලෙපනං වදසි. “කිං ස‍්වාභිලෙපන”න‍්තිපි පාඨො, තස‍්ස කිං සු අභිලෙපනන‍්ති පදවිභාගො.

එහි කෙන යනු කර්තෘ කාරකයේ කරණ විභක්ති වචනයකි. සු යනු නිපාත මාත්‍රයකි. නැතහොත් සූ යනු සංශයාර්ථයේ නිපාතයකි. එයින් මෙම ප්‍රශ්නයේ සැක දුරු කරන විමසීම් ස්වරූපය දක්වාලයි. නිවුතො යනු වසන ලද යනුයි. ලොකො යනු සත්ත්ව ලෝකයයි. ඉච්චායස්මා අජිතො යනු සංගීතිකාරක භික්‍ෂූන්ගේ වචනයකි. නප්පකාසති යනු නොපැනේ යනුයි. කිස්සාභිලෙපනං බ්‍රෑසි යනු මේ ලෝකයේ අභිලෝපනය (ලාටුව) කිමකැයි කියහි ද යනුයි. කිංස්වාභිලෙපනං යනු ද පාඨයකි. එහි කිංසු අභිලෙපනං යන පද විභාගය වේ.

පදානීති පජ‍්ජති එතෙහි අත්‍ථොති පදානි, වාක්‍යානි. පුච‍්ඡිතානීති පුච‍්ඡාභාවෙන වුත‍්තානීති අත්‍ථො. එකො පඤ‍්හොති යදිපි චත‍්තාරි පදානි පුච‍්ඡනවසෙන වුත‍්තානි, ඤාතුං ඉච‍්ඡිතො පන අත්‍ථො එකො එවාති “එකො පඤ‍්හො”ති වුත‍්තං. තත්‍ථ කාරණමාහ “එකවත්‍ථුපරිග‍්ගහා”ති. ඉදං වුත‍්තං හොති – කිඤ‍්චාපි නිවාරණඅප‍්පකාසනඅභිලෙපනමහාභයසඞ‍්ඛාතා පුච‍්ඡාය ගහිතා චත‍්තාරො එතෙ අත්‍ථා, තෙ පනෙකං ලොකං පතිගුණභූතා, ලොකො පධානභාවෙන ගහිතොති තබ‍්බසෙන එකොවායං පඤ‍්හොති. තෙනෙවාහ “ලොකාධිට‍්ඨාන”න‍්තිආදි. කො පන සො ලොකොති? ආහ “ලොකො තිවිධො”තිආදි.

පදානි යන තැන මේවායින් අර්ථය සංස්කරණය කෙරේනුයි පදානි නමි. වාක්‍යයෝය. පුච්ඡිතානි යනු විමසීම් වශයෙන් කියන ලද යන අර්ථයයි. දැනගන්නට කැමති වූ අර්ථය එකක්මයැයි එක් ප්‍රශ්නයකැයි කියන ලදි. එහි එකවත්‍ථු පරිග්ගහා යනුවෙන් හේතුව ප්‍රකාශ කරන ලදි. කෙසේ වුවත් වැළකීම්, ප්‍රකාශ නොකිරීම්, ආලේප කිරීම්, මහා බිය සංඛ්‍යාත වූ විමසීමෙන් ගන්නා ලද මේ අර්ථ සතරකියි මෙය කියන ලදි. ඒවා ලොව වෙත එකක් සේ ගුණීභූත විය. ලෝක ප්‍රධාන භාවයෙන් ගන්නා ලද නිසා ඊට අදාළව මේ එකම ප්‍රශ්නයකි යනුයි. එහෙයින්ම ලොකාධිට්ඨානං යනාදිය කියන ලදි. ඒ ලෝකය යනු කවරක්ද? ‘ලොකො තිවිධො’ යන ආදිය කීවේය.

තත්‍ථ රාගාදිකිලෙසබහුලතාය කාමාවචරසත‍්තා කිලෙසලොකො. ඣානාභිඤ‍්ඤාපරිබුද‍්ධියා රූපාවචරසත‍්තා භවලොකො. ආනෙඤ‍්ජසමාධිබහුලතාය විසදින්‍ද්‍රියත‍්තා අරූපාවචරසත‍්තා ඉන්‍ද්‍රියලොකො. අථ වා කිලිස‍්සනං කිලෙසො, විපාකදුක‍්ඛන‍්ති අත්‍ථො. තස‍්මා දුක‍්ඛබහුලතාය අපායෙසු සත‍්තා කිලෙසලොකො. තදඤ‍්ඤෙ සත‍්තා සම‍්පත‍්තිභවභාවතො භවලොකො. තත්‍ථ යෙ විමුත‍්තිපරිපාචකෙහි ඉන්‍ද්‍රියෙහි සමන‍්නාගතා සත‍්තා, සො ඉන්‍ද්‍රියලොකොති වෙදිතබ‍්බං. පරියාපන‍්නධම‍්මවසෙන ලොකසමඤ‍්ඤාති අරියපුග‍්ගලා ඉධ න සඞ‍්ගය‍්හන‍්ති.

එහි රාගාදි කෙලෙස් බහුල බැවින් කාමලෝකවල හැසිරෙන සත්ත්වයෝ කිලෙස ලොකයයි. ධ්‍යාන අභිඥා බුද්ධි ඇති රූපාවචර සත්ත්වයෝ භව ලෝකයයි. ආනෙඤ්ජ සමාධිය බහුල බැවින් පිරිසිදු වූ ඉන්‍ද්‍රිය ඇති අරූපාවචර සත්ත්වයෝ ඉන්‍ද්‍රිය ලෝකයයි. එසේ නැතහොත් කිලිටිවීම කිලේසයයි. විපාක දුක යන අර්ථයයි. එහෙයින් දුක් බහුල බැවින් අපායවල සත්ත්වයෝ කිලෙස ලෝකයයි. එයින් අන්‍ය වූ සත්ත්වයෝ සම්ප්‍රාප්ත භව ඇති බැවින් භව ලෝකයයි. එහි යමෙක් විමුක්තිය මෝරාගිය ඉන්‍ද්‍රියවලින් යුක්ත වූවාහු ද එය ඉන්‍ද්‍රිය ලෝකය යැයි දතයුතුය. ඇතුළත් වූ ධර්මයන්ගේ වශයෙන් ලෝක ව්‍යවහාරය ඇති නිසා ආර්ය පුද්ගලයෝ මෙහිලා සංග්‍රහ නොකරති.

අවිජ‍්ජාය නිවුතො ලොකොති චතුරඞ‍්ගසමන‍්නාගතෙන අන්‍ධකාරෙන විය රථඝටාදිධම‍්මසභාවප‍්පටිච‍්ඡාදනලක‍්ඛණාය අවිජ‍්ජාය නිවුතො පටිච‍්ඡාදිතො ලොකො. විවිච‍්ඡාති විචිකිච‍්ඡාහෙතු. “විවිච‍්ඡා මච‍්ඡරිය”න‍්ති සඞ‍්ගහෙ වුත‍්තං. පමාදාති පමාදහෙතු. ජප‍්පාභිලෙපනන‍්ති ජප‍්පා තණ‍්හා අස‍්ස ලොකස‍්ස මක‍්කටාලෙපො විය මක‍්කටස‍්ස අභිලෙපනං සිලෙසොති බ්‍රූමි. දුක‍්ඛන‍්ති ජාතිආදිකං වට‍්ටදුක‍්ඛන‍්ති අයං පදත්‍ථො. සෙසං පාළියා එව විඤ‍්ඤායති. ඉමානි චත‍්තාරි පදානි පුච‍්ඡාගාථායං වුත‍්තානි “ඉමෙහී”ති විස‍්සජ‍්ජනගාථායං වුත‍්තෙහි ඉමෙහි චතූහි පදෙහි විස‍්සජ‍්ජිතානි. කථන‍්ති ආහ “පඨම”න‍්තිආදිං. තෙන යථාක‍්කමං පුච‍්ඡාවිස‍්සජ‍්ජනානි වෙදිතබ‍්බානීති දස‍්සෙති.

අවිජ්ජාය නිවුතො ලොකො යනු අංග සතරකින් යුක්ත වූ අඳුරෙන් මෙන් රථ, ඝට ආදී ධර්ම ස්වභාව වසන ලක්‍ෂණ ඇති අවිද්‍යාවෙන් ලෝකය වටකරන ලද්දේ, වසන ලද්දේ යනුයි. විවිච්ඡා යනු සැකයට හේතුවයි. විචිකිච්ඡා මච්ඡරිය යැයි සංග්‍රහයෙහි කියන ලදි. පමාදා යනු ප්‍රමාද හේතුවයි. ජප්පාභිලෙපනං යන තැන ජප්පා යනු තෘෂ්ණාවයි. මේ ලෝකයේ වඳුරාට වඳුරු ලාට්ට මෙන් අභිලේපනය කිලේසය යැයි කියමි. දුක්ඛං යනු ජාති ආදි වූ සසර දුක්ය. මේ පදාර්ථයයි. සෙස්ස පාළියෙන්ම හැඟවෙයි. මේ පද සතර පෘච්ඡා ගාථාවල කියන ලදි. ඉමෙහි යනු විස්සජ්ජන ගාථාවෙහි කියන ලද මේ පද සතරින් විසඳන ලදී යනුයි. කෙසේ ද? ‘පඨමං’ යනාදිය කියන ලදි. එයින් පිළිවෙලින් පුච්ඡා විස්සජ්ජනයන් දතයුතුයැයි දක්වයි.

ඉදානි තං යථාක‍්කමං පුච‍්ඡං විස‍්සජ‍්ජනඤ‍්ච සරූපතො දස‍්සෙතුං ගාථාය ච අත්‍ථං විවරිතුං “කෙනස‍්සූ”තිආදි වුත‍්තං. තත්‍ථ “නීවරණෙහී”ති පදෙන වුත‍්තමෙවත්‍ථං පාකටං කත්‍වා දස‍්සෙතුං “අවිජ‍්ජානීවරණා හි සබ‍්බෙ සත‍්තා”තිආදි වුත‍්තං. එත්‍ථ ච “යථාහා”තිආදිනා සුත‍්තන‍්තරදස‍්සනෙන ඉමස‍්මිං පඤ‍්හවිස‍්සජ‍්ජනවිචයෙ අනුගීතිවිචයං දස‍්සෙතීති දට‍්ඨබ‍්බං. තත්‍ථ පරියායතොති කාරණතො. නීවරණසඞ‍්ඛාතානං කාමච‍්ඡන්‍දාදීනම‍්පි කාරණභාවතො පටිච‍්ඡාදනභාවතො ච එකංයෙව නීවරණං වදාමි, න පන අඤ‍්ඤෙසං නීවරණසභාවානං අභාවාති අත්‍ථො. යථා ච අවිජ‍්ජාය සති නීවරණානං භාවො, එවං අවිජ‍්ජාය අසති න සන‍්ති නීවරණානීති දස‍්සෙතුං “සබ‍්බසො”තිආදි වුත‍්තං.

දැන් පිළිවෙලින් ඒ විමසීම ද විසඳීම ද (පුච්ඡාව හා විස්සජ්ජනය) ස්වරූප වශයෙන් දක්වන්නට ගාථාවේ ද අර්ථය විවරණය කරන්නට ‘කෙනස්සු’ යනාදිය කියන ලදි. එහි නීවරණෙහි යන පදයෙන් කියන ලද අර්ථයම ප්‍රකට කොට දක්වන්නට ‘අවිජ්ජා නීවරණාහි සබ්බෙ සත්තා’ යනාදිය කියන ලදි. මෙහි ද ‘යථාහා’ යනාදියෙන් වෙනත් සූත්‍රාන්තයන් දැක්වීමෙන් මේ පඤ්හ විස්සජ්ජන විචයයෙහි අනුගීති විචයය දක්වන්නේ යැයි දතයුතුය. එහි පරියායතො යනු කාරණා වශයෙන් යනුයි. නීවරණ සංඛ්‍යාත කාමච්ඡන්දාදියේ ද හේතු වශයෙන් ද ආවරණ වශයෙන් ද එකම නීවරණයක් ප්‍රකාශ කරමි. අනෙක් නීවරණ ස්වභාවයන්ගේ අභාවයෙන් යන අර්ථය නොවේ. යම්සේ අවිද්‍යාව ඇති කල්හි නීවරණයන්ගේ පැවැත්ම වේ ද එසේ අවිද්‍යාව නැති කල්හි නීවරණ නැතැයි දක්වන්නට සබ්බසො යනාදිය කියන ලදි.

තෙනාති “අවිජ‍්ජාය නිවුතො ලොකො”ති පදෙන. පඨමස‍්ස පදස‍්සාති “කෙනස‍්සු නිවුතො ලොකො”ති පදස‍්ස. යුත‍්තාති යොජිතා, අනුරූපාති වා අත්‍ථො. එතෙන පුච‍්ඡානුරූපතා විස‍්සජ‍්ජනස‍්ස දස‍්සිතාති පුබ‍්බාපරවිචයො වුත‍්තොති වෙදිතබ‍්බං. “යො පුග‍්ගලො නීවරණෙහි නිවුතො”තිආදිනා විවිච‍්ඡාපමාදානං අවිජ‍්ජාය පච‍්චයභාවං දස‍්සෙති. නිවුතො එව හි නප‍්පකාසති. විවිච‍්ඡාති විචිකිච‍්ඡා. තෙනෙවාහ – “විවිච‍්ඡා නාම වුච‍්චති විචිකිච‍්ඡා”ති. තත්‍රායං පදසිද‍්ධි – යථා මිච‍්ඡාදිට‍්ඨිසම‍්මාදිට‍්ඨියො “නිච‍්චං අනිච‍්ච”න‍්තිආදිනා එකංසග‍්ගාහභාවෙන පවත‍්තන‍්ති, න එවමයං. අයං පන අනෙකංසග‍්ගාහභාවතො “නිච‍්චං නු ඛො අනිච‍්චං නු ඛො”තිආදිනා විවිධං විරුද‍්ධං වා ඉච‍්ඡති එසතීති විවිච‍්ඡාති . “සො විචිකිච‍්ඡන‍්තො”තිආදිනා අප‍්පකාසනස‍්ස විවිච‍්ඡාපමාදානං කාරණභාවං විවරති. සුක‍්කෙ ධම‍්මෙ න උප‍්පාදියතීති න සමාදාය වත‍්තති. නප‍්පකාසන‍්තීති තෙ අත‍්තනො සන‍්තානෙ අනුප‍්පාදියමානා කුසලා ධම‍්මා තං පුග‍්ගලං පකාසං ලොකෙ අභිඤ‍්ඤාතං න කරොන‍්තීති අත්‍ථො. අභිලිම‍්පතීති මක‍්කටාලෙපො විය මක‍්කටං දාරුසිලාදීසු පුරිසං රූපාදිවිසයෙ අල‍්ලීයාපෙතීති අත්‍ථො. ආසත‍්තිබහුලස‍්සාති ආසඞ‍්ගබහුලස‍්ස. එවං අභිජප‍්පාති කරිත්‍වාති එවං පරියුට‍්ඨානට‍්ඨායිනීති ඉමිනා කාරණෙන. තත්‍ථාති තාය තණ‍්හාය. ලොකො අභිලිත‍්තො සිලෙසෙන මක‍්ඛිතො විය හොතීති අත්‍ථො.

තෙ යනු අවිද්‍යාවෙන් වටකරන ලද ලෝකය යන පදයෙනි. පඨමස්ස පදස්ස යනු ලෝකය කවරකින් වටකරන ලද්දේ ද යන පදයේය. යුත්තා යනු යෝජිත හෝ අනුරූප වූ හෝ යන අර්ථයයි. මෙයින් විසඳිය යුතු පදයේ පෘච්ඡානු රූපත්වය දක්වන ලදැයි ද පූර්වාපර විමසීම කියන ලදැයි ද දතයුතුය. යො පුග්ගලො නීවරණෙහි නිවුතො යනාදියනේ සැකයෙන් (තෘෂ්ණාවෙන්) ප්‍රමාද වූ පුද්ගලයන්ගේ අවිද්‍යාවට හේතුව දක්වයි. වටකරන ලද්දේම ප්‍රකාශ නොවේ. විවිච්ඡා යනු විචිකිච්ඡාවයි. එහෙයින්ම විවිච්ඡා නාම වුච්චති විචිකිච්ඡා යි කියන ලදි. මේ එහි පද සිද්ධියයි. යම්සේ මිථ්‍යා දෘෂ්ටි සම්‍යක් දෘෂ්ටීහු නිත්‍යය අනිත්‍යය ආදියෙන් එක් අංශයක් ගැනීම් වශයෙන් පවතිත් ද මෙය එසේ නොවේ. මෙය වනාහි නොයෙක් අංශ ගැනීම් වශයෙන් නිත්‍ය ද? අනිත්‍ය ද ආදියෙන් විවිධ හෝ විරුද්ධ හෝ දෙය කැමති වෙයි. සොයයි යන අර්ථයෙන් විචිකිච්ඡා නම් වේ. සො විචිකිච්ඡන්තො යනාදියෙන් ප්‍රකාශ නොවූ දෙයෙහි සැකයෙන් පමා වූවන්ගේ හේතුව විවෘත කරයි. සුක්කෙ ධම්මෙ න උපාදියති යනු බාරගෙන නො පවතී යනුයි. නප්පකාසන්ති යනු තමාගේ සිතෙහි කුසල් දහම් අල්ලා ගැනීමක් නැතිව ඒ පුද්ගලයා ලොවෙහි ප්‍රකටව කටයුතු නොකරයි යන අර්ථයයි. අභිලිම්පති යනු වඳුරු ලාට්ටක් වඳුරෙකු දැව ගල් ආදියේ අලවන්නාක් මෙන් පුරුෂයාව රූපාදි (පස්කම්) විෂයෙහි අලවයි යන අර්ථයයි. ආසත්ති බහුලස්ස යනු තෘෂ්ණා බහුල පුද්ගලයාටය. එවං අභිජප්පාති කරිත්‍වා යනු මෙසේ මැඩගෙන නැගෙන තැන යන මේ කාරණයෙනි. තත්‍ථ යනු ඒ තෘෂ්ණාවෙනි. ලොකො අභිලිත්තො ලාටුවෙන් තැවරුවාක් වැනි වෙයි යන අර්ථයයි.

භායති එතස‍්මාති භයං. මහන‍්තං භයං මහබ‍්භයං. තෙනෙවාහ – “දුක‍්ඛමස‍්ස මහබ‍්භය”න‍්ති. දුක‍්ඛං දොමනස‍්සන‍්ති දුක‍්ඛමෙව විභත‍්තන‍්ති සබ‍්බං දුක‍්ඛං විභජිත්‍වා දස‍්සෙතුං “තිස‍්සො දුක‍්ඛතා”තිආදි වුත‍්තං. ඔධසොති කදාචි අත‍්තූපක‍්කමමූලාය කදාචි පරූපක‍්කමමූලායාතිආදිනා විභාගෙන දුක‍්ඛදුක‍්ඛතාය මුච‍්චනකා විසෙසෙන රූපාවචරා. තථාති ඔධසො කදාචි කරහචීති එවං ආකඩ‍්ඪති. විපරිණාමදුක‍්ඛතාය මුච‍්චනකා උපෙක‍්ඛාසමාපත‍්තිබහුලා විසෙසෙන අරූපාවචරසත‍්තා. අප‍්පාබාධාති පදං දුක‍්ඛදුක‍්ඛතාය මුච‍්චනස‍්ස කාරණවචනං. දීඝායුකාති විපරිණාමදුක‍්ඛතාය. අරූපදෙවා හි ලොකෙ විසෙසතො දීඝායුකාති. ඉදඤ‍්ච මුච‍්චනමච‍්චන‍්තිකං. යස‍්මා ච දුක‍්ඛා වෙදනාපි සඞ‍්ඛතත‍්තා අනිච‍්චතාදිසඞ‍්ඛාරදුක‍්ඛසභාවා එව, තස‍්මා යතො මුච‍්චනමච‍්චන‍්තිකං, තං අනවසෙසපරියාදානවසෙන සඞ‍්ගණ‍්හිත්‍වා දස‍්සෙතුං “සඞ‍්ඛාරදුක‍්ඛතාය පනා”තිආදිමාහ.

මෙයින් බිය වේනුයි භය නම් වේ. මහත් වූ භය මහබ්භය නමි. එහෙයින්ම ‘දුක්ඛමස්ස මහබ්භයං’ යැයි කීවේය. දුක්ඛං දොමනස්සං යැයි දුකම බෙදන ලදි. සියලු දුක බෙදා දක්වන්නට කිස්සො දුක්ඛතා ආදිය කියන ලදි. ඔධිසො යනු කිසිවිටෙක ආත්ම උපක්‍රමය මුල් කරගෙන කිසිවිටෙක පර උපක්‍රමය මුල්කරගෙන යනාදී විභාග ක්‍රමයෙනි. විශේෂයෙන් දුක්ඛ දුක්ඛතාවෙන් නිදහස් වූ රූපාවචරයෝයි. තථා ති ඔධිසො කදාචි කරහචි යන්න ඇද ගනී. විශේෂයෙන් විපරිණාම දුක්ඛතාවෙන් නිදහස් වූ උපේක්‍ෂා සමාපත්තීන් බහුලකොට ඇති අරූපාවචර සත්ත්වයෝය. අප්පාබාධා යන මෙය දුක්ඛ දුක්ඛතාවෙන් නිදහස් වූවහුට හේතු වචනයකි. දීඝායුකා යනු විපරිණාම දුක්ඛතාවෙන් අරූපී දෙවිවරුය. විශේෂයෙන් ලෝකයේ දීර්ඝ ආයු ඇත්තෝ යන මෙය ද අත්‍යන්තර වූ නිදහස් වීමයි. යම්හෙයකින් දුක් වේදනාව ද සංඛතයක් බැවින් අනිත්‍යයා ආදි සංස්කාර දුක්ඛ ස්වභාවයමය. එහෙයින් යම්තාක් අත්‍යන්ත වූ නිදහස්වීම වේද එය ඉතිරි නොකොට ගැනීම් වශයෙන් සංගණනය කොට දක්වන්නට සංඛාර දුක්ඛතාය පන යනාදිය කීවේය.

තත්‍ථ උපාදියතීති උපාදි, විපාකක‍්ඛන්‍ධා කටත‍්තා ච රූපං. උපාදිස‍්ස සෙසං උපාදිසෙසං, තං නත්‍ථි එතිස‍්සාති අනුපාදිසෙසා, නිබ‍්බානධාතු, තාය අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා, ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ චායං කරණනිද‍්දෙසො. නිබ‍්බානධාතූති ච නිබ‍්බායනමත‍්තං. තස‍්මාති යස‍්මා සකලලොකබ්‍යාපිනී සබ‍්බසඞ‍්ගාහිනී ච සඞ‍්ඛාරදුක‍්ඛතා, තස‍්මා. ලොකස‍්සාති සම‍්බන්‍ධෙ සාමිවචනං. තෙන “දුක‍්ඛමස‍්සා”ති පදස‍්ස අත්‍ථං දස‍්සෙති. එවමෙත්‍ථ ලොකස‍්ස නීවරණාදීනි අජානන‍්තෙන, සමයන‍්තරපරිචයෙන වා තත්‍ථ සංසයපක‍්ඛන්‍දෙන එකංසෙනෙව බ්‍යාකාතබ‍්බත‍්තා සත‍්තාධිට‍්ඨානා පුච‍්ඡා කතා, සා ච අජානනස‍්ස, සංසයස‍්ස වා නීවරණාදිවිසයතාය චතුබ‍්බිධා. පාළියං පන නීවරණාදීනං ලොකො ආධාරභාවෙන ගාථායං වුත‍්තොති එකො පඤ‍්හොති දස‍්සිතන‍්ති. අයමෙත්‍ථ පුච‍්ඡාවිචයො. විස‍්සජ‍්ජනවිචයොපි අදිට‍්ඨජොතිනී විස‍්සජ‍්ජනා විමතිච‍්ඡෙදිනී චාතිආදිනා පුච‍්ඡාවිචයෙ වුත‍්තනයානුසාරෙන වෙදිතබ‍්බො.

එහි අල්ලා ගනීනුයි උපාදි නමි. විපාක රාශිය වූ කටත්තා කර්ම රූපයයි. උපාදිස්සයේ ඉතිරිය උපාදිසේසයයි. මෙහි එය නැත්තේනුයි අනුපාදිසේස නමි. එනම් නිර්වාණ ධාතුවයි. ඒ අනුපාදිසේස නිර්වාණ ධාතුවෙනි. මෙය ඉත්‍ථම්භූත ලක්‍ෂණයේ කරණ විභක්ති නිරූපනයකි. නිබ්බාණ ධාතු යනු නිවීම් මාත්‍රයකි. තස්මා යනු සියලු ලෝකයේ ව්‍යාප්ත වූ සියල්ල සංග්‍රහ වූ යම් සසර දුකක් වේ ද එයිනි. ලෝකස්සා යනු සම්බන්‍ධාර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. එයින් දුක්ඛමස්ස යන පදයේ අර්ථය දක්වයි. මෙසේ මේ ලෝකයේ නීවරණාදිය නොදන්නා විසින් අන්‍ය සමයන් පිළිබඳ පුහුණුවෙන් හෝ සැකය දැකීමෙන් හෝ සෘජුවම විවරණය කළයුතු බැවින් සත්තාධිට්ඨාන පෘච්ඡාව කරන ලදි. එය ද නොදන්නා හෝ සැක කරන්නා පිළිබඳ නීවරණ ආදී විෂය අනුව සිව්වැදෑරුම්ය. පෙළෙහි වනාහි ලෝකයා නීවරණ ආදියේ ආධාර භාවයෙන් ගාථාවෙහි එක් ප්‍රශ්නයක් ලෙස කියන ලදැයි දක්වන ලදි. මේ මෙහි පෘච්ඡා විචයයි. විස්සජ්ජන විචයය ද අදිට්ඨජොතිනි විස්සජ්ජනය විමතිච්ඡේදනි විස්සජ්ජනය යනාදි වශයෙන් පෘච්ඡා විචයයෙහි කියන ලද ක්‍රමය අනුව දතයුතුය.

එවං එකාධාරං පුච‍්ඡං දස‍්සෙත්‍වා ඉදානි අනෙකාධාරං දස‍්සෙතුං “සවන‍්ති සබ‍්බධී”තිආදි වුත‍්තං. තත්‍ථ සවන‍්තීති සන්‍දන‍්ති. සබ‍්බධීති සබ‍්බෙසු රූපාදීසු ආයතනෙසු. සොතාති තණ‍්හාදිසොතා. කිං නිවාරණන‍්ති තෙසං කිං ආවරණං කා රක‍්ඛා. සංවරං බ්‍රූහීති තං නෙසං නීවරණසඞ‍්ඛාතං සංවරං කථෙහි. කෙන සොතා පිධීයරෙති කෙන ධම‍්මෙන තණ‍්හාදිසොතා පිධිය්‍යන‍්ති පච‍්ඡිජ‍්ජන‍්තීති අයමෙත්‍ථ පදත්‍ථො. සෙසං පාළිවසෙනෙව ආවි භවිස‍්සති.

මෙසේ එක් ආධාරයක් ඇති පෘච්ඡාව දක්වා දැන් නොයෙක් ආධාර ඇති පෘච්ඡාව දක්වන්නට සවන්ති සබ්බධී ආදිය කියන ලදි. එහි සවන්ති යනු ගලාබසී යනුයි. සබ්බධී යනු රූපාදී සියලු ආයතනයන්හිය. සොතා යනු තෘෂ්ණා ආදී සැඩපහරවල්ය. කිං නිවාරණං යනු ඔවුන්ගේ කවර ආවරණයක් ද? කවර රක්‍ෂාවක්ද? යනුයි. සංවරං බ්‍රෑහි යනු නීවරණ සංඛ්‍යාත ඔවුන්ගේ සංවරය කියහි යනුයි. කෙන සොතා පිථීයරෙ යනු කවර ධර්මයකින් තෘෂ්ණා ආදි සැඩපහරවල් වසනු ලැබේ ද යනුයි. වෙන්කරත් යන මෙය මෙහි පදාර්ථයයි. සෙස්ස පාළි වශයෙන්ම ප්‍රකට වන්නේය.

තෙ ද‍්වෙ පඤ‍්හාති යදිපි ඉමිස‍්සා ගාථාය පුච‍්ඡාවසෙන පවත‍්තාය චත‍්තාරි පදානි චත‍්තාරි වාක්‍යානි. ඤාතුං ඉච‍්ඡිතස‍්ස පන අත්‍ථස‍්ස දුවිධත‍්තා තෙ ද‍්වෙ පඤ‍්හා. කස‍්මාති චෙ? “ඉමෙහි බහ‍්වාධිවචනෙන පුච‍්ඡිතා”ති ආහ. තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – ඉමෙ එතාය ගාථාය ගහිතා අත්‍ථා යස‍්මා බහූනි අධිකිච‍්ච පවත‍්තවචනෙන පුච‍්ඡිතා, තස‍්මා තෙ ද‍්වෙ පඤ‍්හාති. එකතො උපරි බහූති හි සාසනවොහාරො, තමෙව පුච‍්ඡාය දුවිධත්‍ථවිසයතං විවරිතුං “එව”න‍්තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – යාහි ඤාතිබ්‍යසනාදිසඞ‍්ඛාතාහි පාණවධාදීහි එව වා දුග‍්ගතිහෙතුභූතාහි ආපදාහි සමං සහ, සබ‍්බථා වා අයං ලොකො ආපන‍්නො අජ‍්ඣොත්‍ථටො. තංනිමිත‍්තෙහි දසහි කිලෙසවත්‍ථූහි සංකිලිට‍්ඨො ච, තස‍්ස තං ආපන‍්නාකාරං සංකිලිට‍්ඨාකාරඤ‍්ච බුද‍්ධියං කත්‍වා ආහ – “එවං සමාපන‍්නස‍්ස එවං සංකිලිට‍්ඨස‍්සා”ති. වොදායති සුජ‍්ඣති එතෙනාති වොදානං, සමථවිපස‍්සනා. වුට‍්ඨාති එතෙන නිමිත‍්තතො පවත‍්තතො චාති වුට‍්ඨානං, අරියමග‍්ගො.

තෙ ද්වෙ පඤ්හා යනු ඉදින් මේ ගාථාවේ විමසීම් වශයෙන් පැවති පද සතර ද වාක්‍ය සතර ද දැනගන්නට කැමති වූ අර්ථයේ ද්විධත්වයෙන් වූ ඒ ප්‍රශ්න දෙකයි. කවර හෙයින් ද? ඉමෙහි බව්හාධිවචනෙන පුච්ඡිතා යි කියන ලදි. මේ එහි සංක්‍ෂේපාර්ථයයි. ඒ ගාථාවෙන් ගන්නා ලද මේ අර්ථ දෙක යම්හෙයකින් බහු යන්න අරභයා පැවති වචනයෙන් විමසන ලද ද එහෙයින් ඒ ප්‍රශ්න දෙකයි. එකතො උපරි බහු යනු ශාසනික ව්‍යවහාරයයි. පෘච්ඡාවේ ඒ අර්ථ දෙකක් විෂය කරගත් බව විවෘත කරන්නට එවං යන ආදිය කියන ලදි. එහි අර්ථයයි. ඤාති ව්‍යසන සංඛ්‍යාත වූ යම් ප්‍රාණවධ ආදියකින්ම හෝ දුගතියට හේතු වූ ආපදාවලින් හෝ එකවිට හෝ සමග හෝ සියලු අයුරින් හෝ මේ ලෝකයා පැමිණියේ ද බැසගත්තේ ද එය නිමිති වූ දස වැදෑරුම් ක්ලේශ වස්තූන්ගෙන් කිලිටි වූයේ ද ඊට පැමිණි ආකාරය ද කිලිටි වූ ආකාරය ද මෙනෙහි කොට එවං සමාපන්නස්ස එවං සකිලිට්ඨස්ස යැයි කියන ලදි. මෙයින් පිරිසිදු වේ ශුද්ධ වේනුයි වොදානං නමි. මෙය කරණකොට සමථ විදර්ශනාවෙන් ද නිමිත්තෙන් ද පැවැත්මෙන් ද නැගී සිටීනුයි වුට්ඨාන නම් වේ. ආර්ය මාර්ගයයි.

අසමාහිතස‍්සාති නානාරම‍්මණෙසු වික‍්ඛිත‍්තචිත‍්තස‍්ස. සවන‍්තීති පවත‍්තන‍්ති. අභිජ‍්ඣාතිආදි අසමාධානහෙතුදස‍්සනං. තෙනෙවාහ – “එවං අසමාහිතස‍්සා”ති. “යථාහ භගවා”තිආදිනා ඉධාපි අනුගීතිවිචයං දස‍්සෙති. සොතානං සවනං යෙභුය්‍යෙන අනුරොධවසෙනෙවාති ආහ – “සවති මනාපිකෙසු රූපෙසූ”ති. එත්‍ථ ච චක‍්ඛාදයො සොතානං ද‍්වාරභාවෙන පවත‍්තමානා උපචාරවසෙන සයං සවන‍්තා විය වුත‍්තා. ඉතීති එවං. සබ‍්බාති සබ‍්බස‍්මා. සබ‍්බථාති සබ‍්බප‍්පකාරෙන. ඉදං වොදානන‍්ති ඉදං “පරියුට‍්ඨානවිඝාත”න‍්ති වුත‍්තං පරියුට‍්ඨානප‍්පහානං වොදානං.

අසමාහිතස්ස යනු නොයෙක් අරමුණුවල විසිරුණු සිතටය. සවන්ති යනු පවතිත් යනුයි. අභිජ්ඣා යනාදිය අසමාධාන හේතුව දැක්වීමයි. එහෙයින්ම එවං අසමාහිතස්ස යනුවෙන් කියන ලදි. යථා හ භගවා යනාදියෙන් මෙිහද අනුගීති විචය දක්වයි. කන්වල ශ්‍රවණය බොහෝසෙයින් අනුව පැවතීම් වශයෙන්ම යැයි (දැක්වීමට) සවති මනාපියෙසු රූපෙසු යි කියන ලදි. මෙහි ද චක්‍ෂු ආදිය ශ්‍රෝතයන්ගේ දොරටු වශයෙන් පවතිනුයේ උපචාර වශයෙන් තමන් අසන්නාක් මෙනැයි කියන ලදි. ඉති යනු මෙසේය. සබ්බ යනු සියල්ල හා සමාන වූ යනුයි. සබ්බථා යනු සර්වප්‍රකාරයෙන් යනුයි. ඉදං වොදානං යනු මේ නැගී සිටීම් පීඩාවකැයි කියන ලදි. පරියුට්ඨාන ප්‍රහාණ වශයෙන් වන පිරිසිදු බවයි.

විස‍්සජ‍්ජනගාථාය සති තෙසං නිවාරණන‍්ති විපස‍්සනාසම‍්පයුත‍්තා සති කුසලාකුසලානං ධම‍්මානං ගතියො සමන්‍වෙසමානා තෙසං සොතානං නිවාරණන‍්ති. සොතානං සංවරං බ්‍රූමීති තමෙව සතිං සොතානං සංවරං බ්‍රූමි. පඤ‍්ඤායෙතෙ පිධීයරෙති රූපාදීසු අනිච‍්චතාදිපටිවෙධසාධිකාය මග‍්ගපඤ‍්ඤාය එතෙ සොතා සබ‍්බසො පිධිය්‍යන‍්ති, උප‍්පජ‍්ජිතුං අප‍්පදානවසෙන සමුච‍්ඡිජ‍්ජන‍්තීති අත්‍ථො.

විසඳුම් ගාථාවෙහි සති තෙසං නිවාරණං යනු විදර්ශනාවෙන් යුතු සිහිය කුසල - අකුසල ධර්මයන්ගේ ස්වභාව සොයමින් ඒ ශ්‍රෝතයන්ගේ වැළැක්වීමයි. සොතානං සංවරං බ්‍රෑමි යනු එම සතියම ශ්‍රෝතයන්ගේ සංවරය යැයි කියමි යනුයි. පඤ්ඤායෙතෙ පිථීයරෙ යනු රූපාදියෙහි අනිත්‍යතාව පිළිබඳ අවබෝධය සාධනය කරන මාර්ග ප්‍රඥාවෙන් මේ ශ්‍රෝතයෝ හැම අයුරින් වසත් යනුයි. උපදින්නට නොදීම් වශයෙන් මුල් සුන් කරත් යන අර්ථයි.

නාවිඤ‍්ඡතීති අභිජ‍්ඣාදිප‍්පවත‍්තිද‍්වාරභාවෙන චිත‍්තසන‍්තානං, පුග‍්ගලං වා නාකඩ‍්ඪති. අනුසයප‍්පහානං ඉධ පිධානං අධිප‍්පෙතන‍්ති ආහ – “පඤ‍්ඤාය අනුසයා පහීයන‍්තී”ති. යස‍්මා අනුසයනිමිත‍්තං පරියුට‍්ඨානං අනුසයාභාවෙ න හොතීති ආහ “අනුසයෙසූ”තිආදි. ඉදානි තමෙවත්‍ථං උපමාය විභාවෙන‍්තො “තං යථා ඛන්‍ධවන‍්තස‍්සා”තිආදිමාහ. එත්‍ථාපි සොතානං නිවාරණසඞ‍්ඛාතං සංවරං පිධානඤ‍්ච අජානන‍්තෙන තත්‍ථ වා සංසයිතෙන එකංසිකත‍්තා ධම‍්මාධිට‍්ඨානා පුච‍්ඡා කතාති ඉධ පුච‍්ඡාවිචයො වුත‍්තනයෙනෙව විස‍්සජ‍්ජනවිචයො ච වෙදිතබ‍්බො.

නාවිඤ්ජති යනු දැඩි ලෝභය ආදී ප්‍රවෘත්ති ද්වාර භාවයෙන් සිත හෝ පුද්ගලයා නොඅදී යනුයි. මෙහිදී අනුසය ප්‍රහාණයෙන් වසා දැමීම අදහස් කරන ලදැයි පඤ්ඤාය අනුසයා පහීයන්ති යි කියන ලදි. යම්හෙයකින් අනුසය නැතිකල්හි අනුසය නිමිත්තේ නැගී සිටීම නොවේ යැයි ‘අනුසයෙසු’ යනාදිය කියන ලදි. දැන් ඒ අර්ථයම උපමාවෙන් දක්වමින් තං යථා ඛන්‍ධවන්තස්ස යනාදිය කියන ලදි. මෙහි ද ශ්‍රෝතයන්ගේ වැළකීම් සංඛ්‍යාත වූ සංවර පිධානය ද නොදන්නා විසින් හෝ එහි සැක ඇත්තා විසින් ඒකාන්ත බැවින් ධම්මාධිට්ඨාන පුච්ඡාව කරන ලදැයි මෙහි දී පෘච්ඡාවිචය කියන ලද ක්‍රමයෙන්ම විස්සජ්ජන විචය ද දතයුතුය.

එත්‍ථ ච යෙන අධිප‍්පායෙන “කෙනස‍්සු නිවුතො ලොකො”ති ගාථාය (සු· නි· 1038; චූළනි· අජිතමාණවපුච‍්ඡා 57, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 1; නෙත‍්ති· 45) සතිපි නිවාරණාදීනං චතුන‍්නං පුච‍්ඡිතබ‍්බභාවෙ එකො පඤ‍්හොති වුත‍්තං. තෙන තාව සොතානංයෙව සංවරො පිධානඤ‍්ච පුච‍්ඡිතන‍්ති සොතෙ එකත්‍ථවසෙන ගහෙත්‍වා පුච‍්ඡාය එකාධිට‍්ඨානභාවතො එකො පඤ‍්හොති වත‍්තබ‍්බං සියා. සොතානං වා බහුභාවතො බහූති යත‍්තකා සොතා, තත‍්තකා පඤ‍්හාති. යෙන පන අධිප‍්පායෙන “සවන‍්ති සබ‍්බධි සොතා”ති ගාථායං (සු· නි· 1040; චූළනි· අජිතමාණවපුච‍්ඡා 59, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 3; නෙත‍්ති· 45) සොතෙ අනාමසිත්‍වා සංවරපිධානානං වසෙන “ද‍්වෙ පඤ‍්හා”ති වුත‍්තං. තෙන පඨමගාථායං සතිපි නිවාරණාදීනං ලොකාධාරභාවෙ ලොකං අනාමසිත්‍වා නිවාරණාදීනං විභාගෙන චත‍්තාරො පඤ‍්හාතිපි වත‍්තබ‍්බන‍්ති අයං නයො දස‍්සිතොති දට‍්ඨබ‍්බං.

මෙහි ද යම් අදහසකින් කෙනස්සු නිවුතො ලොකො යන ගාථාවෙන් නීවරණාදි සතර විමසිය යුතු කල්හි එකො පඤ්හො යි කියන ලදි. එයින් පළමුකොටම ශ්‍රෝතයන්ගේම සංවරය ද ආවරණය ද විමසන ලදැයි ශ්‍රෝතයන් ඒකාර්ථ වශයෙන් ගෙන පෘච්ඡාවේ එක් ආධාරයක බැවින් එකොපඤ්හො යැයි කිවයුතු වන්නේ ය. ශ්‍රෝතයන් අධික බැවින් බොහෝ යැයි කිවයුතු වන්නේ ය. යම් පමණ ශ්‍රෝතයෝ වෙත් ද එපමණ ප්‍රශ්නයෝ ද වෙත්. යම් අදහසකින් සවන්ති සබ්බධි සොතා යි ගාථාවෙහි ශ්‍රෝතයන් ස්පර්ශ නොකර සංවර විධානයන්ගේ වශයෙන් ප්‍රශ්න දෙකකැයි කියන ලදි. එහෙයින් පළමු ගාථාවෙන් නීවරණයන්ගේ ලෝකාධාර භාවය ඇතිකල්හි ලෝකය ස්පර්ශ නොකොට නීවරණාදීන්ගේ විභාගයෙන් ප්‍රශ්න සතරකැයි කිවයුතු යැයි මේ නය දක්වන ලදැයි දතයුතුය.

ඉදානි යස‍්මා පුච‍්ඡන‍්තො න කෙවලං පුබ‍්බෙ අත‍්තනා රචිතනියාමෙනෙව පුච‍්ඡති, අථ ඛො දෙසනාකාලෙ වුත‍්තධම‍්මස‍්ස අනුසන්‍ධිං ගහෙත්‍වාපි පුච‍්ඡති, තස‍්මා තස‍්ස අනුසන්‍ධිං පුච‍්ඡාය විචෙතබ‍්බාකාරං දස‍්සෙන‍්තො “යානි සොතානී”ති ගාථාය අනන‍්තරං “පඤ‍්ඤා චෙව සති චා”ති ගාථමාහ. තස‍්සායං සඞ‍්ඛෙපත්‍ථො – යායං භගවතා වුත‍්තා පඤ‍්ඤා, යා ච සති යඤ‍්ච තදවසෙසං නාමරූපං, එතං සබ‍්බම‍්පි කත්‍ථ නිරුජ‍්ඣති, එතං මෙ පුට‍්ඨො පබ්‍රූහීති.

දැන් යම්හෙයකින් විමසනු ලබන්නේ හුදෙක් පෙර තමා විසින් රචිත නියමයෙන් ම නො විමසයි. ඉක්බිතිව දේශනා කාලයෙහි කියන ලද ධර්මයේ අනුසන්‍ධිය ගෙන ද විමසයි. එහෙයින් එහි අන්‍ධිසන්‍ධිය පෘච්ඡාවෙන් විවේචනය කළයුතු ආකාරය දක්වමින් යානි සොතානි යන ගාථාවට අනතුරුව පඤ්ඤාචෙව සති ච යන ගාථාව කීවේය. මේ එහි සංක්‍ෂේප අර්ථයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් මේ ප්‍රඥාවක් වේ ද යම් සතියක් වේ ද ඉන් අන්‍ය වූ යම් නාමරූපයක් වේ ද යම් සතියක් වේ ද ඉන් අන්‍ය වූ යම් නාමරූපයක් වේ ද යම් සතියක් වේ ද ඉන් අන්‍ය වූ යම් නාමරූපයක් වේ ද ඒ සියල්ලම කවර තැනක නිරුද්ධ වේ ද? මෙය විමසන ලද මට කියන්න.

විස‍්සජ‍්ජනගාථායං පනස‍්ස යස‍්මා පඤ‍්ඤාසතියො නාමෙනෙව සඞ‍්ගහං ගච‍්ඡන‍්ති, තස‍්මා තා විසුං න වුත‍්තා. අයඤ‍්චෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යං මං ත්‍වං, අජිත, එතං පඤ‍්හං අපුච‍්ඡි – “කත්‍ථෙතං උපරුජ‍්ඣතී”ති අනන‍්තරගාථායං (සු· නි· 1042; චූළනි· අජිතමාණවපුච‍්ඡා 61, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 5; නෙත‍්ති· 11, 45), යත්‍ථ තං අසෙසං උපරුජ‍්ඣති, තං තෙ වදාමි. තස‍්ස තස‍්ස හි විඤ‍්ඤාණස‍්ස නිරොධෙන සහෙව අපුබ‍්බං අචරිමං එත්‍ථෙතං උපරුජ‍්ඣති, එත්‍ථෙව විඤ‍්ඤාණස‍්ස නිරොධෙන නිරුජ‍්ඣති, එතං විඤ‍්ඤාණනිරොධං තස‍්ස නිරොධො නාතිවත‍්තතීති වුත‍්තං හොතීති. අයං පඤ‍්හෙ අනුසන්‍ධිං පුච‍්ඡතීති අනන‍්තරගාථායං සොතානං පරියුට‍්ඨානානුසයප‍්පහානකිච‍්චෙන සද‍්ධිං සති පඤ‍්ඤා ච වුත‍්තා, තං සුත්‍වා තප‍්පහානෙ පඤ‍්ඤාසතීසු තිට‍්ඨන‍්තීසු තාසං සන‍්නිස‍්සයෙන නාමරූපෙන භවිතබ‍්බං, තථා ච සති වට‍්ටති එව. කත්‍ථ නු ඛො ඉමාසං සනිස‍්සයානං පඤ‍්ඤාසතීනං අසෙසනිරොධොති ඉමිනා අධිප‍්පායෙන අයං පුච‍්ඡා කතාති ආහ – “අයං පඤ‍්හෙ…පෙ… ධාතු”න‍්ති. තත්‍ථ අනුසන්‍ධීයති දෙසනා එතායාති අනුසන්‍ධි.

විස්සජ්ජන ගාථාවෙහි යම්හෙයකින් ප්‍රඥා සති දෙක නාමයක් ලෙසම සංග්‍රහ කරත් ද, එහෙයින් ඒවා වෙනම නොකියන ලදි. මෙය ද මෙහි සංක්‍ෂේප අර්ථයකි. අජිතය, ඔබ ‘කත්‍ථෙතං උපරුජ්ඣති’ යන අනතුරු ගාථාවෙන් මගෙන් යම් ඒ ප්‍රශ්නයක් අසන ලද ද යම්තැනක එය ඉතිරි නැතිව ආවරණය කෙරේ ද එය ඔබට කියමි. ඒ ඒ විඤ්ඤාණයේ නිරෝධයෙන් එකවිටම පෙර පසු නොවී එය මෙහිදී ආවරණය වේ. විඤ්ඤාණයේ නිරෝධයෙන් මෙහිදීම නිරුද්ධ වේ. මේ විඤ්ඤාණ නිරෝධය එහි නිරෝධය නො ඉක්මවා යැයි කියන ලදි. අයං පඤ්හො අනුසන්‍ධිං පුච්ඡති යන අනතුරු ගාථාවෙන් ශ්‍රෝතයන්ගේ පරියුට්ඨාන, අනුසය, ප්‍රහාණ කෘත්‍ය සමග සතිය ද ප්‍රඥාව ද කියන ලදි. ඒ අසා එය ප්‍රහාණය කිරීමේ දී ප්‍රඥාව හා සතිය ඇතිකල්හි ඒවා ඇසුරුකොට නාමරූපයන් විය යුතුය. එසේ ද ඇතිකල්හි සුදුසුමය. මේ සන්නිශ්‍රිය වූ ප්‍රඥා ස්මෘතීන්ගේ අශේෂ නිරෝධය කවර තැනක වේ ද යන මේ අදහසින් මේ විමසීම කරන ලදැයි අයං පඤ්හො -පෙ- ධාතුං යි කියන ලදි.

යාය පටිපදාය අනුපාදිසෙසං නිබ‍්බානධාතුං අධිගච‍්ඡන‍්ති, තං චතුසච‍්චකම‍්මට‍්ඨානභාවනාසඞ‍්ඛාතං පටිපදං සහ විසයෙන දස‍්සෙතුං “තීණි ච සච‍්චානී”තිආදි වුත‍්තං. තත්‍ථ සඞ‍්ඛතානීති සමෙච‍්ච සම‍්භූය පච‍්චයෙහි කතානීති සඞ‍්ඛතානි. නිරොධධම‍්මානීති නිරුජ‍්ඣනසභාවානි. දුක‍්ඛං සමුදයො මග‍්ගොති තෙසං සරූපදස‍්සනං. නිරොධො පන කථන‍්ති ආහ “නිරොධො අසඞ‍්ඛතො”ති. සො හි කෙනචි පච‍්චයෙන න සඞ‍්ඛතොති අසඞ‍්ඛතො. සහ විසයෙන පහාතබ‍්බපහායකසභාවෙසු අරියසච‍්චෙසු පහායකවිභාගමුඛෙන පහාතබ‍්බවිභාගං දස‍්සෙතුං “තත්‍ථ සමුදයො”තිආදි වුත‍්තං.

යම් ප්‍රතිපදාවක් කරණ කොටගෙන අනුපාදිසේස නිර්වාණ ධාතුව ලබත් ද ඒ චතුසත්‍ය කර්මස්ථාන වැඩීම් සංඛ්‍යාත වූ ප්‍රතිපදාව විෂය සමග දක්වන්නට තීණිසච්චානි යනාදිය කියන ලදි. එහි සංඛතානි යනු දැනගෙන, පැමිණ ප්‍රත්‍යයන්ගෙන් කරන ලදැයි සංඛත වේ යනුයි. නිරොධ ධම්මානි යනු නොපෙනීම් ස්වභාවයයි. දුක්ඛං සමුදයො මග්ගො යනු ඒවායේ ස්වරූපය දැක්වීමයි. නිරෝධය කෙසේදැයි දක්වන්නට නිරොධො අසංඛතො යැයි කියන ලදි. විෂය සමග ප්‍රහාණය කළයුතු හා ප්‍රහාණය කරන ස්වභාව ඇති ආර්ය සත්‍යයන්හි ප්‍රහායක විභාග මුඛයෙන් පහාතබ්බ විභාගය දක්වන්නට තත්‍ථ සමුදයො යනාදිය කියන ලදි.

තත්‍ථ අවිජ‍්ජාවසෙසාති දස‍්සනමග‍්ගෙන පහීනාවසෙසා අවිජ‍්ජාති අත්‍ථො. අයඤ‍්ච සෙස-සද‍්දො කාමච‍්ඡන්‍දො බ්‍යාපාදො මානො උද‍්ධච‍්චන‍්ති එත්‍ථාපි යොජෙතබ‍්බො. යථා හි අවිජ‍්ජා, එවං එතෙපි ධම‍්මා අපායගමනීයසභාවා පඨමමග‍්ගෙන පහීයන‍්ති එවාති. “අවිජ‍්ජානිරවසෙසා”තිපි පාඨො, එත්‍ථාපි යථාවුත‍්තෙසු කාමච‍්ඡන්‍දාදිපදෙසුපි නිරවසෙස-සද‍්දො යොජෙතබ‍්බො . සාවසෙසඤ‍්හි පුරිමමග‍්ගද‍්වයෙන කාමච‍්ඡන්‍දාදයො පහීයන‍්ති, ඉතරෙහි පන නිරවසෙසන‍්ති. තෙධාතුකෙ ඉමානි දස සංයොජනානීති එත්‍ථ තෙධාතුකෙති සංයොජනානං විසයදස‍්සනං. තත්‍ථ හි තානි සංයොජනවසෙන පවත‍්තන‍්ති.

එහි අවිජ්ජාවසේසා යනු දර්ශන මාර්ගයෙන් ප්‍රහීණව ඉතිරි වූ අවිජ්ජාව යන අර්ථයයි. මේ සේස ශබ්දය කාමච්ඡන්‍ද, ව්‍යාපාද, මාන උද්ධච්ච යන මෙහි ද යෙදිය යුතුය. අවිද්‍යාව යම්සේ ද එසේ මේ අපායට යන සුළු ධර්මයෝ ද පළමු මාර්ගයෙන් ප්‍රහාණය වෙත්මය. අවිජ්ජා නිරවසෙසා යනුවෙන් ද පාඨයක් වේ. මෙහි ද කියන ලද පරිදි කාමච්ඡන්‍ද ආදි පදයන්හි ද නිරවසේස ශබ්දය යෙදිය යුතුය. පූර්ව වූ මාර්ග දෙකෙන් කාමච්ඡන්‍දාදීහු සාවශේෂීව වේ. තෙධාතුකෙ ඉමානි දසසංයොජනානි යන මෙහි තෙ ධාතුකෙ යනු සංයෝජනයන්ගේ විෂය දැක්වීමයි. එහි වනාහි ඒවා සංයෝජන වශයෙන් පවතිත්.

අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අධිට‍්ඨායාති තං පහායකං පත්‍වා. යං පනාති එත්‍ථ යන‍්ති හෙතුඅත්‍ථෙ නිපාතො. ඉදං ඛයෙ ඤාණන‍්ති යෙන ඤාණෙන හෙතුභූතෙන “ඛීණා මෙ ජාතී”ති අත‍්තනො ජාතියා ඛීණභාවං ජානාති, ඉදං එවං පච‍්චවෙක‍්ඛණස‍්ස නිමිත‍්තභූතං අරහත‍්තඵලඤාණං ඛයෙ ඤාණං නාම. නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති එත්‍ථාපි යන‍්ති ආනෙතබ‍්බං “යං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී”ති. ඉදං අනුප‍්පාදෙ ඤාණන‍්ති ඉධාපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව අරහත‍්තඵලඤාණවසෙන අත්‍ථො යොජෙතබ‍්බො. අට‍්ඨසාලිනියං (ධ· ස· අට‍්ඨ· චිත‍්තුප‍්පාදක‍්කණ‍්ඩ 135-142) පන “ඛයෙ ඤාණං කිලෙසක‍්ඛයකරෙ අරියමග‍්ගෙ ඤාණන‍්ති වුත‍්තං. අනුප‍්පාදෙ ඤාණං පටිසන්‍ධිවසෙන අනුප‍්පාදභූතෙ තංතංමග‍්ගවජ‍්ඣකිලෙසානං අනුප‍්පාදපරියොසානෙ උප‍්පන‍්නෙ අරියඵලෙ ඤාණ”න‍්ති වුත‍්තං. ඉධ පන උභයම‍්පි අරහත‍්තඵලඤාණවසෙනෙව විභත‍්තං. තෙනෙවාහ – “ඉමානි ද‍්වෙ ඤාණානි අඤ‍්ඤාතාවින්‍ද්‍රිය”න‍්ති, “ආරම‍්මණසඞ‍්කෙතෙන ද‍්වෙ නාමානි ලබ‍්භන‍්තී”ති ච.

අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියං අධිට්ඨාය යනු ඒ ප්‍රහායක බවට පැමිණ යනුයි. යං පන යන මෙහි යං යනු හේතු අර්ථයේ නිපාතයකි. ඉදං චයෙ ඤාණං යනු හේතුව වූ යම් ඤාණයකින් මගේ උත්පත්තිය ක්‍ෂය වූයේ යැයි තමන්ගේ උපතේ ක්‍ෂයත්වය දනී ද මෙසේ ඒ ප්‍රත්‍යවේක්‍ෂණයට නිමිති වූ අර්හත් ඵල ඤාණය චයෙ ඤාණය නම් වේ යනුයි. නාපරං ඉත්‍ථත්තායාති පජානාති යන මෙහි ද යං යන නිපාතය රැගත යුතුය. යං නාපරං ඉත්‍ථත්‍ථායාති පජානාති ඉදං අනුප්පාදෙ ඤාණං යන මෙහි ද පෙර කියන ලද ක්‍රමයෙන්ම අර්හත් ඵල ඤාණ වශයෙන් අර්ථය යෙදිය යුතුය. අත්‍ථසාලිනියේ දී ඛයෙ ඤාණය කෙලෙස් ක්‍ෂය කරන බැවින් අරියමග්ගෙ ඤාණය යැයි කියන ලදි. අනුප්පාදෙ ඤාණය ප්‍රතිසන්‍ධි වශයෙන් හටනොගත් ඒ ඒ මාර්ග වර්ජන කෙලෙස්වල නූපදීම් කෙළවර උපන් අරියඵලෙ ඤාණය යැයි කියන ලදි. මෙහිදී වනාහි දෙකම අර්හත් ඵල ඤාණය වශයෙන්ම බෙදන ලදි. එහෙයින්ම ඉමානි ද්වෙඤාණානි අඤ්ඤතාවින්‍ද්‍රියං යැයි ද ආරම්මණ සංකෙතෙන ද්වෙ නාමාන ලභන්ති යැයි ද කියන ලදි.

අඤ‍්ඤින්‍ද්‍රියං හෙට‍්ඨිමෙසු තීසු ඵලෙසු, උපරිමෙසු ච තීසු මග‍්ගෙසු උප‍්පත‍්තියා පුනප‍්පුනං උප‍්පජ‍්ජමානම‍්පි අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං විය පඨමඵලුප‍්පත‍්තියා අග‍්ගඵලුප‍්පත‍්තියා අනුප‍්පාදනිරොධෙන නිරුජ‍්ඣතීති ආහ – “යඤ‍්ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රිය”න‍්තිආදි. එතෙන පහාතබ‍්බධම‍්මා විය දස‍්සනභාවනාහි අග‍්ගඵලුප‍්පත‍්තියා තදවසෙසඵලධම‍්මාපි අනුප‍්පාදනිරොධෙන නිරුජ‍්ඣන‍්ති. කො පන වාදො තෙභූමකධම‍්මානන‍්ති දස‍්සෙති, එකා පඤ‍්ඤා අඤ‍්ඤාතාවින්‍ද්‍රියත‍්තා. යදි එකා, කථං ද‍්විධා වුත‍්තාති ආහ “අපි චා”තිආදි. ආරම‍්මණසඞ‍්කෙතෙනාති ඛයෙ අනුප‍්පාදෙති ඉමාය ආරම‍්මණසමඤ‍්ඤාය. සා පජානනට‍්ඨෙන පඤ‍්ඤාති යා පුබ‍්බෙ සොතානං පිධානකිච‍්චා වුත‍්තා පඤ‍්ඤා, සා පජානනසභාවෙන පඤ‍්ඤා. ඉතරා පන යථාදිට‍්ඨං යථාගහිතං ආරම‍්මණං අපිලාපනට‍්ඨෙන ඔගාහනට‍්ඨෙන සතීති.

අඤ්ඤින්‍ද්‍රිය යටින් වූ තුන් ඵලයෙහි ද උඩින් වූ තුන් මගෙහි ද ඉපැත්මෙන් නැවත නැවත උපදින්නේ ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය මෙන් අග්‍රඵල උත්පත්තිය වූ පළමුඵල උත්පත්තියෙන් වූ අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වේ යැයි යඤ්ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියං යනාදිය කියන ලදි. මෙයින් ප්‍රහාතව්‍ය ධර්ම මෙන් දර්ශන භාවනාවන්ගෙන් අග්‍රඵල උත්පත්තියෙන් ඉන් අවශේෂ වූ ඵලධර්මයෝ ද අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වෙත්. ත්‍රෛභූමක ධර්ම ගැන කවර වාදයක්දැයි දක්වයි. එක් ප්‍රඥාවක් අඤ්ඤතාවින්‍ද්‍රියට අයත්ය. ඉදින් එකක් නම් කවර හෙයකින් දෙපරිදියැයි කියන ලද ද? අපිච යනාදිය කියන ලදි. ආරම්මණ සංකෙතෙන යනු මේ අරමුණු සංඥාවෙන් ඛයෙ ඤාණය නූපදවයි යනුයි. සා පජානනට්ඨෙන ජඤ්ඤා යනු පෙර ශ්‍රෝතයන්ගේ වැසීම් කෘත්‍ය ඇති යම් ප්‍රඥාවක් දක්වන ලද ද ඒ ප්‍රඥාව දැනගැනීම් ස්වභාවයෙනි. අනෙක් ප්‍රඥාව වනාහි අරමුණ දක්නා ලද පරිදි, ගන්නා ලද පරිදි වේ. මතක්කර දීම් අර්ථයෙන්, බැසගැනීම් අර්ථයෙන් සති නම් වේ.

එවං “පඤ‍්ඤා චෙව සති චා”ති පදස‍්ස අත්‍ථං විවරිත්‍වා ඉදානි “නාමරූප”න‍්ති පදස‍්ස අත්‍ථං විවරන‍්තො “තත්‍ථ යෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, ඉදං නාමරූප”න‍්ති ආහ. නාමරූපඤ‍්ච විභාගෙන දස‍්සෙන‍්තො සුඛග‍්ගහණත්‍ථං පාකටනාමරූපමෙව විභාවෙතුං “තත්‍ථ යෙ”තිආදිමාහ. තග‍්ගහණෙනෙව හි සහචරණාදිනා තදඤ‍්ඤෙ චිත‍්තචෙතසිකා රූපධම‍්මා ච ගහිතා හොන‍්තීති. නාමග‍්ගහණෙන චෙත්‍ථ ඛන්‍ධත‍්තයමෙව ගහිතන‍්ති “නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්ත”න‍්ති වුත‍්තං. තං පන රූපං සම‍්පයුත‍්තන‍්ති? නයිදං සම‍්පයුත‍්තපච‍්චයවසෙන වුත‍්තං. පචුරජනස‍්ස පන අවිභාගෙන ගහණීයසභාවං සන්‍ධාය වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං.

මෙසේ පඤ්ඤා චෙව සති ච යන පදයේ අර්ථය විවරණය කොට දැන් නාමරූපං යන පදයේ අර්ථය විවරණ කරමින් තත්‍ථ යෙ පඤ්චුපාදානක්ඛන්‍ධා ඉදං නාම රූපං යැයි කියන ලදි. නාමරූප ද විභාග වශයෙන් දක්වමින් සුවසේ ග්‍රහණය කර ගැනීම පිණිස ප්‍රකට නාමරූපයන්ම දක්වන්නට තත්‍ථ යෙ යනාදිය කියන ලදි. නාමරූප ද විභාග වශයෙන් දක්වමින් සුවසේ ග්‍රහණය කරගැනීම පිණිස ප්‍රකට නාමරූපයන්ම දක්වන්නට තත්‍ථ යෙ යනාදිය කියන ලදි. එය ගැනීමෙන්ම එක්ව හැසිරීම් ආදියෙන් ඉන් අන්‍ය වූ චිත්ත චෛතසික රූපධර්මයෝ ද ගන්නා ලද්දාහු වෙති. මෙහි නාමග්‍රහණයෙන් ස්කන්ධ තුනම ගන්නා ලදැයි (දැක්වීමට) නාමරූපං විඤ්ඤාණ සම්පයුත්තං යි කියන ලදි. බොහෝ ජනයා විභාග නොකොට ගන්නා ස්වභාවය සඳහා කියන ලදැයි දතයුතුය.

ගාථාය අනුපාදිසෙසා නිබ‍්බානධාතු පුච‍්ඡිතාති තං චතුරිද‍්ධිපාදමුඛෙන අරියමග‍්ගාධිගමෙන පත‍්තබ‍්බන‍්ති දස‍්සෙන‍්තො ඉද‍්ධිපාදභාවනාමූලභූතානි ඉන්‍ද්‍රියානි සතිපඤ‍්ඤාහි නිද‍්ධාරෙතුං “තත්‍ථ සති ච පඤ‍්ඤා ච චත‍්තාරි ඉන්‍ද්‍රියානී”ති ආහ. කුසලාකුසලානං ධම‍්මානං ගතියො සමන්‍වෙසමානා සති සිජ‍්ඣන‍්තී එකන‍්තෙන සමාධිං නිප‍්ඵාදෙති. සතිග‍්ගහණෙන චෙත්‍ථ පරියුට‍්ඨානප‍්පහානං ඉධාධිප‍්පෙතන‍්ති ආහ – “සති ද‍්වෙ ඉන්‍ද්‍රියානි, සතින්‍ද්‍රියඤ‍්ච සමාධින්‍ද්‍රියඤ‍්චා”ති. තථා අනුසයසමුග‍්ඝාතවිධායිනී පඤ‍්ඤා සිජ‍්ඣමානා න විනා චතුබ‍්බිධසම‍්මප‍්පධානවීරියං සිජ‍්ඣතීති වුත‍්තං – “පඤ‍්ඤා ද‍්වෙ ඉන්‍ද්‍රියානි පඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච වීරියින්‍ද්‍රියඤ‍්චා”ති.

ගාථාවෙන් අනුපාදිශේෂ නිර්වාණ ධාතුව අසන ලදැයි එය චතුර් සෘද්ධිපාද මුඛයෙන් ආර්යමාර්ග අවබෝධයෙන් කිය යුතුයැයි දක්වන්නේ ඉද්ධිපාද භාවනාව මූලහේතු වූ ඉන්‍ද්‍රිය සති ප්‍රඥා දෙකින් වෙන් කරන්නට තත්‍ථ සති ච පඤ්ඤාච චත්තාරි ඉන්‍ද්‍රියානි යි කියන ලදි. කුසලා කුසල ධර්මයන්ගේ ස්වභාවය සොයනු ලබන්නේ සතිය සිද්ධවන්නේ යැයි ඒකාන්තයෙන් සමාධිය උපදවයි. සතිය ගැනීමෙන් මෙහි පරියුට්ඨාන ප්‍රහාණය අදහස් කරන ලදැයි සති ද්වෙ ඉන්‍ද්‍රියානි සතින්‍ද්‍රියඤ්ච සමාධි ඉන්‍ද්‍රියඤ්ච යි කියන ලදි. එසේ අනුසය නැති කිරීම සිදුකරන ප්‍රඥාව සිද්ධවන්නේ චතුර්විධ සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් තොරව සිද්ධ නොවන්නේ යැයි (දැක්වීමට) පඤ්ඤා ද්වෙ ඉන්‍ද්‍රියානි පඤ්ඤින්‍ද්‍රියානි විරියින්‍ද්‍රියඤ්ච යි කියන ලදි.

යා ඉමෙසු චතූසු ඉන්‍ද්‍රියෙසූති ඉමෙසු සතිආදීසු චතූසු ඉන්‍ද්‍රියෙසු නිස‍්සයපච‍්චයතාය අධිට‍්ඨානභූතෙසු තංසහජාතා එව යා සද‍්දහනා. “ඉමෙහි චතූහි ඉන්‍ද්‍රියෙහී”තිපි පාළි, තස‍්සා ඉමෙහි චතූහි ඉන්‍ද්‍රියෙහි සම‍්පයුත‍්තාති වචනසෙසො, ආරම‍්මණෙ අභිප‍්පසාදලක‍්ඛණා සද‍්ධා කත‍්තුකාමතාසභාවස‍්ස ඡන්‍දස‍්ස විසෙසපච‍්චයො හොතීති ආහ – “යා සද‍්ධාධිපතෙය්‍යා චිත‍්තෙකග‍්ගතා, අයං ඡන්‍දසමාධී”ති. සමාහිතෙ චිත‍්තෙති විපස‍්සනාසමාධිනා සමාහිතෙ චිත‍්තෙ. ඉදං පහානන‍්ති වික‍්ඛම‍්භනප‍්පහානසාධකො සමාධි පහානන‍්ති වුත‍්තො පජහති එතෙනාති කත්‍වා. “පධාන”න‍්තිපි පාඨො, අග‍්ගොති අත්‍ථො. තථා හි “සමාධි එකොදී”ති වුච‍්චති.

යා ඉමෙසු චතුසු ඉන්‍ද්‍රියෙසු යනු මේ සති ආදි සතර ඉන්‍ද්‍රියන් කෙරෙහි ආශ්‍රය හේතුවෙන් අධිෂ්ඨාන වූ ඒ හා උපන්නා වූ ම යම් විශ්වාසයක් වේ නම් එයයි. ඉමෙහි චතුහි ඉන්‍ද්‍රියෙහි යැයි ද පෙළක් වේ. එයින් මේ ඉන්‍ද්‍රිය සතරින් යුක්ත වූ යන වචන ශේෂය ලැබේ. අරමුණෙහි පැහැදීම් ලක්‍ෂණ ඇති ශ්‍රද්ධාව කරනු කැමති ස්වභාව ඇති ඡන්‍දයේ විශේෂ ප්‍රත්‍යය වේයැයි යා සද්ධාධිපතෙය්‍යා චිත්තෙකග්ගතා අයං ඡන්‍දසමාධි යි කියන ලදී. සමාහිතෙ චිත්තෙ යනු විදර්ශනා සමාධියෙන් එකඟ වූ සිතෙහිය. ඉදං පහාණං යනු විෂ්කම්භන ප්‍රහාණය සිදුකරන සමාධි ප්‍රහාණය යැයි කියන ලදි. මෙයින් දුරුකෙරේ යන අර්ථය ඇති කොටයි. පධානං යැයි පාඨයක් ද වේ. අග්‍රය යන අර්ථයයි. යම්සේ සමාධිය එකඟතාව යැයි කියනු ලැබේ ද එයයි.

“අස‍්සාසපස‍්සාසා”තිආදිනා කායවචීචිත‍්තසඞ‍්ඛාරසීසෙන තංසමුට‍්ඨාපකා වීරියසඞ‍්ඛාරාව ගහිතා. තෙ හි යාව භාවනානිප‍්ඵත‍්ති තාව එකරසෙන සරණතො සඞ‍්කප‍්පෙතබ‍්බතො ච සරසඞ‍්කප‍්පා”ති වුත‍්තා “එවං මෙ භාවනා හොතූ”ති යථා ඉච‍්ඡිතා, තථා පවත‍්තියා හෙතුභාවතො. තදුභයන‍්ති ඡන්‍දසමාධිසඞ‍්ඛාතඤ‍්ච පධානසඞ‍්ඛාරසඞ‍්ඛාතඤ‍්ච වීරියන‍්ති තං උභයං. උභයමෙව හි උපචාරවසෙන අඤ‍්ඤං විය කත්‍වා “ඡන්‍දසමාධිප‍්පධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාද”න‍්ති වුත‍්තං. අභින‍්නම‍්පි හි උපචාරවසෙන භින‍්නං විය කත්‍වා වොහරන‍්ති, යථා “සිලාපුත‍්තකස‍්ස සරීර”න‍්ති.

අස්සාසපස්සාසා යනාදියෙන් කාය වාග් මනෝ සංස්කාර ශීර්ෂයෙන් හේතුසංඛ්‍යාත විරිය සංස්කාර ද ගන්නා ලදි. ඒවා වනාහි භාවනා නිපැත්ම යම්තාක් ද ඒ තාක් එකම රසයෙන් සරණ වන බැවින් ද සංකල්පනය කළයුතු බැවින් ද සරසංකප්පා යි කියන ලදහ. මාගේ භාවනාව මෙසේ වේවායි යම්සේ සිතන ලද ද එසේ පැවතීමෙන් හේතුරහිත බැවිනි. තදුභයං යනු ඡන්‍දසමාධි සංඛ්‍යාත වූ ද පධාන සංඛාර සංඛ්‍යාත වූ ද වීර්යය යන දෙකයි. (ඒ) දෙකට උපචාර වශයෙන් වෙනකක් මෙන් කොට ඡන්‍දසමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං යි කියන ලදි. නොබිඳුන දෙය ද උපචාර වශයෙන් බිඳුනක් මෙන් කොට ව්‍යවහාර කරත්. සීලාපුත්තකයාගේ ශරීරය මෙනි.

තත්‍ථ ඉජ‍්ඣතීති ඉද‍්ධි, සමිජ‍්ඣති නිප‍්ඵජ‍්ජතීති අත්‍ථො. ඉජ‍්ඣන‍්ති වා තාය සත‍්තා ඉද‍්ධා වුද‍්ධා උක‍්කංසගතා හොන‍්තීති ඉද‍්ධි, පජ‍්ජති එතෙනාති පාදො, පඨමෙන අත්‍ථෙන ඉද‍්ධි එව පාදො ඉද‍්ධිපාදො, ඉද‍්ධිකොට‍්ඨාසොති අත්‍ථො. දුතියෙන අත්‍ථෙන ඉද‍්ධියා පාදො පතිට‍්ඨා අධිගමූපායොති ඉද‍්ධිපාදො. තෙන හි උපරූපරිවිසෙසසඞ‍්ඛාතං ඉද‍්ධිං පජ‍්ජන‍්ති පාපුණන‍්ති. විවෙකනිස‍්සිතන‍්ති තදඞ‍්ගවිවෙකනිස‍්සිතං සමුච‍්ඡෙදවිවෙකනිස‍්සිතං නිස‍්සරණවිවෙකනිස‍්සිතඤ‍්ච ඉද‍්ධිපාදං භාවෙතීති අත්‍ථො. තථා හි අයං ඉද‍්ධිපාදභාවනානුයුත‍්තො යොගී විපස‍්සනාක‍්ඛණෙ කිච‍්චතො තදඞ‍්ගවිවෙකනිස‍්සිතං අජ‍්ඣාසයතො නිස‍්සරණවිවෙකනිස‍්සිතං. මග‍්ගක‍්ඛණෙ පන කිච‍්චතො සමුච‍්ඡෙදවිවෙකනිස‍්සිතං ආරම‍්මණතො නිස‍්සරණවිවෙකනිස‍්සිතං ඉද‍්ධිපාදං භාවෙතීති. එස නයො විරාගනිස‍්සිතන‍්තිආදීසු.

එහි සමෘද්ධ වේනුයි ඉද්ධි නම් වේ. සමෘද්ධ වේ නිපැයේ යන අර්ථයයි. එයින් සත්ත්වයෝ වර්ධනය වේ හෝ සමෘද්ධ වූවාහු වර්ධනය වූවාහු උසස් බවට ගියාහු වෙතැයි හෝ ඉද්ධි නම් වේ. මෙයින් යේනුයි පාද නම් වේ. පළමු අර්ථයෙන් ඉද්ධි වූයේත් පාද වූයේත් එයමය (යන අර්ථයෙන්) ඉද්ධිපාද නම් වේ. ඉද්ධි කොටස යන අර්ථයයි. දෙවැනි අර්ථයෙන් සෘද්ධියෙන් යෑමට ප්‍රතිෂ්ඨා වූ අධිගමූපාය (යන අර්ථයෙනි.) ඉද්ධිපාද නම් වේ. එය කරණ කොටගෙන මතුමත්තෙහි විශේෂ සංඛ්‍යාත වූ ඉද්ධියට යයි. පැමිණෙයි. විවෙකනිස්සතං යනු තදංගවිවේක නිශ්‍රිත වූ ද සමුච්ඡේද විවේක නිශ්‍රිත වූ ද නිස්සරණ විවේක නිශ්‍රිත වූ ද ඉද්ධිපාද වර්ධනය කරයි යන අර්ථයයි. එසේම මේ ඉද්ධිපාද භාවනාවේ යෙදුණු යෝගියා විදර්ශනා ක්‍ෂණයෙහි කෘත්‍ය වශයෙන් තදංග විවේකය ඇසුරු කළා වූ ද අදහස් වශයෙන් නිස්සරණ විවේකය ඇසුරු කළා වූ ද (ඉද්ධිපාදය වඩයි) මාර්ගක්‍ෂණයෙහි දී කෘත්‍ය වශයෙන් සමුච්ඡේද විවේකය ඇසුරු කළා වූ ද අරමුණු වශයෙන් නිස්සරණ විවේකය ඇසුරු කළා වූ ද ඉද්ධිපාදය වඩයි. විරාග නිස්සිතං යනාදියෙහි ද මේ ක්‍රමයම වේ.

විවෙකත‍්තා එව හි විරාගාදයො, කෙවලඤ‍්චෙත්‍ථ වොස‍්සග‍්ගො දුවිධො පරිච‍්චාගවොස‍්සග‍්ගො ච පක‍්ඛන්‍දනවොස‍්සග‍්ගො චාති. තත්‍ථ පරිච‍්චාගවොස‍්සග‍්ගො විපස‍්සනාක‍්ඛණෙ තදඞ‍්ගවසෙන, මග‍්ගක‍්ඛණෙ සමුච‍්ඡෙදවසෙන කිලෙසප‍්පහානං. පක‍්ඛන්‍දනවොස‍්සග‍්ගො විපස‍්සනාක‍්ඛණෙ තන‍්නින‍්නභාවෙන, මග‍්ගක‍්ඛණෙ ආරම‍්මණකරණවසෙන නිබ‍්බානපක‍්ඛන්‍දනං. තදුභයම‍්පි ඉමස‍්මිං ලොකියලොකුත‍්තරමිස‍්සකෙ අත්‍ථසංවණ‍්ණනානයෙ යුජ‍්ජති. තථා හි අයං පඨමිද‍්ධිපාදො යථාවුත‍්තෙන පකාරෙන කිලෙසෙ පරිච‍්චජති නිබ‍්බානඤ‍්ච පක‍්ඛන්‍දති. වොස‍්සග‍්ගපරිණාමින‍්ති ඉමිනා පන වචනෙන වොස‍්සග‍්ගත්‍ථං පරිණමන‍්තං පරිණතඤ‍්ච පරිපච‍්චන‍්තං පරිපක‍්කඤ‍්චාති අත්‍ථො. අයඤ‍්හි ඉද‍්ධිපාදභාවනානුයුත‍්තො යොගී යථා පඨමො ඉද‍්ධිපාදො කිලෙසපරිච‍්චාගවොස‍්සග‍්ගත්‍ථං නිබ‍්බානපක‍්ඛන්‍දනවොස‍්සග‍්ගත්‍ථඤ‍්ච පරිපච‍්චති, යථා ච පරිපක‍්කො හොති, තථා නං භාවෙතීති. සෙසිද‍්ධිපාදෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – යථා ඡන්‍දං ජෙට‍්ඨකං කත්‍වා පවත‍්තිතො සමාධි ඡන්‍දසමාධි. එවං වීරියං චිත‍්තං වීමංසං ජෙට‍්ඨකං කත්‍වා පවත‍්තිතො සමාධි වීමංසාසමාධීති.

විරාගාදිය විවේකය ප්‍රයෝජන කොට ඇත්තාහුමය. මෙහිදී හුදෙක් අත්හැරීම (වොස්සග්ගය) පරිච්චාග වොස්සග්ගය, පක්ඛන්‍දන වොස්සග්ගය යැයි දෙවැදෑරුම්ය. එහි පරිච්චාග වොස්සග්ගය යනු විදර්ශනා ක්‍ෂණයෙහි තදංග වශයෙන් ද මාර්ගක්‍ෂණයෙහි සමුච්ඡේද වශයෙන් ද කෙලෙස් ප්‍රහාණය කිරීමයි. පක්ඛන්‍දන වොස්සග්ගය යනු විදර්ශනා ක්‍ෂණයෙහි ඊට නැමීම් වශයෙන් ද මාර්ග ක්‍ෂණයෙහි අරමුණට උපකාර වශයෙන් ද නිර්වාණයට පැනනැගීමයි. ඒ දෙකම මේ ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ අර්ථ සංවර්ණනා ක්‍රමයෙහි යෙදෙයි. එසේම මේ පළමු සෘද්ධිපාදය කියන ලද ආකාරයට කෙලෙස් දුරුකරයි. නිවනට ද පැන ගනියි. වොස්සග්ග පරිනාමිං යනු මේ වචනයෙන් අත්හැරීම පිණිස නැමෙන්නා වූ ද නැමුණා වූ ද මුහුකුරවන්නා වූද මුහුකුරා ගියා වූ ද යන අර්ථයයි. මේ සෘද්ධිපාද භාවනාවෙහි යෙදුණු යෝගියා, යම්සේ පළමු සෘද්ධිපාදය කිලෙස පරිච්චාග වොස්සග්ගය පිණිසත් නිබ්බාණ පක්ඛන්‍දන වොස්සග්ගය පිණිසත් විපාක දෙයි ද යම්සේ මුහුකුරා යේ ද එසේ එය වර්ධනය කරයි. සෙසු ඉද්ධිපාදවලදීත් මේ ක්‍රමයමය. මේ වනාහි විශේෂයයි. මෙසේය. ඡන්‍දය ප්‍රධානකොට පැවති සමාධිය ඡන්‍ද සමාධියයි. මෙසේ වීරිය චිත්ත වීමංසාව ප්‍රධානකොට පැවති සමාධිය වීමංසා සමාධියයි.

න කෙවලං චතුත්‍ථඉද‍්ධිපාදො එව සමාධිඤාණමූලකො, අථ ඛො සබ‍්බොපීති දස‍්සෙතුං “සබ‍්බො සමාධි ඤාණමූලකො ඤාණපුබ‍්බඞ‍්ගමො ඤාණානුපරිවත‍්තී”ති වුත‍්තං. යදි එවං කස‍්මා සො එව වීමංසාසමාධීති වුත‍්තොති? වීමංසං ජෙට‍්ඨකං කත්‍වා පවත‍්තිතත‍්තාති වුත‍්තොවායමත්‍ථො. තත්‍ථ පුබ‍්බභාගපඤ‍්ඤාය ඤාණමූලකො. අධිගමපඤ‍්ඤාය ඤාණපුබ‍්බඞ‍්ගමො. පච‍්චවෙක‍්ඛණපඤ‍්ඤාය ඤාණානුපරිවත‍්ති. අථ වා පුබ‍්බභාගපඤ‍්ඤාය ඤාණමූලකො. උපචාරපඤ‍්ඤාය ඤාණපුබ‍්බඞ‍්ගමො. අප‍්පනාපඤ‍්ඤාය ඤාණානුපරිවත‍්ති. උපචාරපඤ‍්ඤාය වා ඤාණමූලකො. අප‍්පනාපඤ‍්ඤාය ඤාණපුබ‍්බඞ‍්ගමො. අභිඤ‍්ඤාපඤ‍්ඤාය ඤාණානුපරිවත‍්තීති වෙදිතබ‍්බං.

හුදෙක් සතර සෘද්ධිපාදයම සමාධිඤාණය මුල්කොට ඇත්තේ නොවේ. එහෙයින් සියල්ලම යැයි දක්වන්නට සබ්බො සමාධි ඤාණ මූලකො ඤාණ පුබ්බංගමො ඤාණානුපරිවත්ති යැයි කියන ලදි. ඉදින් මෙසේනම් කවර හෙයකින් එයම වීමංසා සමාධිය යැයි කියන ලද ද? වීමංසාව ප්‍රධානකොට පැවති හෙයිනැයි මේ අර්ථය කියන ලදි. එහි පූර්වභාග ප්‍රඥාවෙන් ඤාණ මූලකය වේ. අධිගම ප්‍රඥාවෙන් ඤාණ පූර්වංගමය වේ. ප්‍රත්‍යවේක්‍ෂණ ප්‍රඥාවෙන් ඤාණානුපරිවර්තනය වේ. එසේ නැතහොත් පූර්වංගම ප්‍රඥාවෙන් ඤාණමූලකය වේ. උපචාර ප්‍රඥාවෙන් ඤාණ පූර්වංගමය වේ. අර්පණා ප්‍රඥාවෙන් ඤාණානු පරිවර්තනය වේ. නැතහොත් උපචාර ප්‍රඥාවෙන් ඤාණ මූලකය වේ. අර්පණා ප්‍රඥාවෙන් ඤාණ පූර්වංගමය වේ. අභිඥා ප්‍රඥාවෙන් ඤාණානුපරිවර්තනය වේයැයි දතයුතුය.

යථා පුරෙති යථා සමාධිස‍්ස පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණානුපරිවත‍්තිභාවෙන පුරෙ පුබ‍්බෙ අතීතාසු ජාතීසු අසඞ‍්ඛ්‍යෙය්‍යෙසුපි සංවට‍්ටවිවට‍්ටෙසු අත‍්තනො පරෙසඤ‍්ච ඛන්‍ධං ඛන්‍ධූපනිබද‍්ධඤ‍්ච දුප‍්පටිවිජ‍්ඣං නාම නත්‍ථි, තථා පච‍්ඡා සමාධිස‍්ස අනාගතංසඤාණානුපරිවත‍්තිභාවෙන අනාගතාසු ජාතීසු අසඞ‍්ඛ්‍යෙය්‍යෙසුපි සංවට‍්ටවිවට‍්ටෙසු අත‍්තනො පරෙසඤ‍්ච ඛන්‍ධං ඛන්‍ධූපනිබද‍්ධඤ‍්ච දුප‍්පටිවිජ‍්ඣං නාම නත්‍ථීති අත්‍ථො.

යථාපුරෙ යනු යම්සේ සමාධියට පෙර පුබ්බේ නිවාසානුස්සති ඤාණයට අනුව පැවතීම් වශයෙන් පෙර අතීත ජාතීන්හි, අසංඛ්‍ය වූ සංවෘත, විවෘත කල්පයන්හි තමාගේ ද අනුන්ගේ ද ස්කන්ධයන් ද ස්කන්ධ හා සබැඳි දේ ද නොදන්නේ නම් නැත. තථා පච්ඡා යනු සමාධිය අනාගතංස ඤාණයට අනුව පැවතීම් වශයෙන් අනාගත ජාතීන්හි ද අසංඛ්‍ය වූ සංවෘත විවෘත කල්පයන්හි ද තමාගේ ද අනුන්ගේ ද ස්කන්‍ධයන් ද ස්කන්ධ හා සබැඳි දේ ද නොදන්නේ නම් නැත යන අර්ථයයි.

යථා පච‍්ඡාති යථා සමාධිස‍්ස චෙතොපරියඤාණානුපරිවත‍්තිභාවෙන අනාගතෙසු සත‍්තසු දිවසෙසු පරසත‍්තානං චිත‍්තං දුප‍්පටිවිජ‍්ඣං නාම නත්‍ථි, තථා පුරෙ අතීතෙසු සත‍්තසු දිවසෙසු පරසත‍්තානං චිත‍්තං දුප‍්පටිවිජ‍්ඣං නාම නත්‍ථීති අත්‍ථො. යථා දිවාති යථා දිවසභාගෙ සූරියාලොකෙන අන්‍ධකාරස‍්ස විධමිතත‍්තා චක‍්ඛුමන‍්තානං සත‍්තානං ආපාථගතං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං සුවිඤ‍්ඤෙය්‍යං. තථා රත‍්තින‍්ති තථා රත‍්තිභාගෙ චතුරඞ‍්ගසමන‍්නාගතෙපි අන්‍ධකාරෙ වත‍්තමානෙ සමාධිස‍්ස දිබ‍්බචක‍්ඛුඤාණානුපරිවත‍්තිතාය දුප‍්පටිවිජ‍්ඣං රූපායතනං නත්‍ථි.

යථා පච්ඡා යනු යම්සේ සමාධිය චේතොපරිය ඤාණයට අනුව පැවතීම් වශයෙන් අනාගතයේ සත්දිනෙක අනෙක් සත්ත්වයන්ගේ චිත්තය නොදත්තේ නම් නොවේ යන අර්ථයයි. තථාපුරෙ යනු අතීතයේ සත්දිනෙක අනෙක් සත්ත්වයන්ගේ සිත නොදත්තේ නොවේ යන අර්ථයයි. යථා දිවා යනු යම්සේ දහවල් කාලයේ හිරු එළියෙන් අඳුර දුරුවීමෙන් ඇස් ඇති සත්ත්වයන්ගේ ඇස් හමුවට පැමිණි ඇසින් දතයුතු රූපය මනාව දතහැකි ද (එමෙන්ය යනුයි) තථා රත්තං යනු එසේ රාත්‍රී භාගයෙහි චතුරංග සමන්නාගත අන්‍ධකාරය පවතිද්දී සමාධියේ දිබ්බචක්ඛු ඤාණයට අනුව පැවතීම නිසා නොදත් රූපායතනයක් නැත යනුයි.

යථා රත‍්තිං තථා දිවාති යථා ච රත‍්තියං තථා දිවාපි අතිසුඛුමං කෙනචි තිරොහිතං යඤ‍්ච අතිදූරෙ, තං සබ‍්බරූපං දුප‍්පටිවිජ‍්ඣං නාම නත්‍ථි. යථා ච රූපායතනෙ වුත‍්තං, තථා සමාධිස‍්ස දිබ‍්බසොතඤාණානුපරිවත‍්තිතාය සද‍්දායතනෙ ච නෙතබ‍්බං. තෙනෙවාහ “ඉති විවටෙන චෙතසා”තිආදි. තත්‍ථ අපරියොනද‍්ධෙනාති අභිඤ‍්ඤාඤාණස‍්ස පාරිබන්‍ධකකිලෙසෙහි අනජ‍්ඣොත්‍ථටෙන, අපරියොනද‍්ධත‍්තා එව සප‍්පභාසං චිත‍්තං. එතෙනෙව සමාධිස‍්ස ඉද‍්ධිවිධඤාණානුපරිවත‍්තිතාපි වුත‍්තා එවාති දට‍්ඨබ‍්බං. පඤ‍්චින්‍ද්‍රියානීති ඉද‍්ධිපාදසම‍්පයුත‍්තානි සෙක‍්ඛස‍්ස පඤ‍්චින්‍ද්‍රියානි අධිප‍්පෙතානීති ආහ “කුසලානී”ති. චිත‍්තසහභූනීතිආදි තෙසං විඤ‍්ඤාණනිරොධෙන නිරොධදස‍්සනත්‍ථං ආරද‍්ධං. තථා “නාමරූපඤ‍්චා”තිආදි. තෙනෙතං දස‍්සෙති “න කෙවලං පඤ‍්චින්‍ද්‍රියානි එව, අථ ඛො නාමරූපඤ‍්ච විඤ‍්ඤාණහෙතුකං විඤ‍්ඤාණස‍්ස නිරොධා නිරුජ‍්ඣතී”ති.

යථා රත්තිං තථා දිවා යනු රාත්‍රියේ යම්සේ ද දහවල ද එසේ, ඉතා සියුම් වූ, කිසිවකින් නොවැසුණු ඉතා දුර වූ යමක් වේ ද ඒ සියලු රූප නොදත්තේ නොවේ යනුයි. යම්සේ රූපායතනයෙහි කියන ලද ද එසේ සමාධියේ දිබ්බසොත ඤාණයට අනුව පැවතීම නිසා ශබ්දායතනයෙහි ද පමුණුවාගත යුතුය. එහෙයින්ම ඉති විවටෙන චෙතසා යනාදිය කියන ලදි. එහි අපරියො නද්ධෙන යනු අභිඥා ඥානයට බාධා කරන කෙලෙස්වලින් බැස නොගත් නොවැසුණු බැවින්ම ප්‍රභාස්වර වූ සිතයි. එයින්ම සමාධියේ ඉද්ධිවිධ ඤාණයට අනුව වූ පැවතීම ද කියන ලදමැයි දතයුතුය. පඤ්ඤින්‍ද්‍රියානි යනුවෙන් ඉද්ධිපාදවලින් යුතු ශෛක්‍ෂයාගේ පංචඉන්‍ද්‍රිය අදහස් කරන ලදැයි කියන ලදි. කුසලයෝ යැයි (කියන ලදි.) චිත්තසභභූනි යනාදිය ඒවායේ විඥාන නිරෝධයෙන් නිරෝධ දර්ශනය සඳහා අරඹන ලදි. නාමරූපඤ්ච යනාදිය ද එසේය. එයින් හුදු පංච ඉන්‍ද්‍රියම දක්වන්නේ නොවේ. එසේනම් නාමරූප ද විඤ්ඤාණයට හේතු වූ විඤ්ඤාණ නිරෝධයෙන් නිරුද්ධ වේයැයි (දක්වයි.)

තස‍්සාති විඤ‍්ඤාණස‍්ස. හෙතූති තණ‍්හාඅවිජ‍්ජාදිකො. අනාහාරන‍්ති පදස‍්ස අත්‍ථවිවරණං. අනභිනන්‍දිතන‍්ති අභිනන්‍දනභූතාය තණ‍්හාය පහීනත‍්තා එව අපත්‍ථිතං. තතො එව අප‍්පටිසන්‍ධිකං විඤ‍්ඤාණං තං නිරුජ‍්ඣති. යථා ච විඤ‍්ඤාණං, එවං නාමරූපම‍්පි විඤ‍්ඤාණසඞ‍්ඛාතස‍්ස හෙතුනො පච‍්චයස‍්ස ච අභාවා තප‍්පච‍්චයානං සඞ‍්ඛාරාදීනං අභාවා අහෙතු අප‍්පච‍්චයං. සෙසං පාකටමෙව. පුච‍්ඡාවිස‍්සජ‍්ජනවිචයොපි වුත‍්තනයානුසාරෙන වෙදිතබ‍්බො.

තස්ස යනු විඤ්ඤාණයේය. හෙතු යනු තෘෂ්ණා අවිද්‍යා ආදියයි. අනාහාරං යනු පදයේ අර්ථ විවරණයයි. අනභිනන්‍දිතං යනු සතුටට හේතු වූ තණ්හාව ප්‍රහීණ වූ බැවින්ම නොපතන ලද යනුයි. එහෙයින්ම ඒ ප්‍රතිසන්‍ධි නොවන විඤ්ඤාණය නිරුද්ධ වෙයි. විඤ්ඤාණය යම්සේ ද නාමරූප ද එසේය. විඤ්ඤාණ සංඛ්‍යාත වූ හේතුවේ ප්‍රත්‍යයේ අභාවයෙන් ද ඊට ප්‍රත්‍ය වූ සංස්කාර ආදීන්ගේ අභාවයෙන් ද අහේතු අප්‍රත්‍ය වේ. සෙස්ස ප්‍රකටමය. ඇසීම් විසඳීම් විනිශ්චය ද කියන ලද ක්‍රමය අනුසාරයෙන් දතයුතුයි.

එවං අනුසන්‍ධිපුච‍්ඡම‍්පි දස‍්සෙත්‍වා හෙට‍්ඨා සත‍්තාධිට‍්ඨානා ධම‍්මාධිට‍්ඨානා ච පුච‍්ඡා විසුං විසුං දස‍්සිතාති ඉදානි තා සහ දස‍්සෙතුං “යෙ ච සඞ‍්ඛාතධම‍්මාසෙ”තිආදි ආරද‍්ධං. තත්‍ථායං පදත්‍ථො – සඞ‍්ඛාතධම‍්මාති අනිච‍්චාදිවසෙන පරිවීමංසිතධම‍්මා, අරහතං එතං අධිවචනං. සෙක‍්ඛාති සීලාදීනි සික‍්ඛමානා අවසෙසා අරියපුග‍්ගලා. පුථූති බහූ සත‍්තජනා. තෙසං මෙ නිපකො ඉරියං, පුට‍්ඨො පබ්‍රූහීති තෙසං සෙඛාසෙඛානං නිපකො පණ‍්ඩිතො ත්‍වං භගවා පටිපත‍්තිං පුට‍්ඨො මෙ බ්‍රූහීති. සෙසං පාළිවසෙනෙව විඤ‍්ඤායති.

මෙසේ අනුසන්‍ධි විමසීම ද දක්වා යටින් සත්තාධිට්ඨානය ද ධම්මාධිට්ඨානය ද පිළිබඳ විමසීම වෙන වෙනම දක්වන ලදැයි දැනී එය දක්වන්නට යෙ ච සංඛ්‍යාත ධම්මාසෙ යනාදිය ආරම්භ කෙරිණි. මේ එහි පදාර්ථයයි. සංඛාත ධම්මා යනු අනිත්‍යාදි වශයෙන් විමසන ලද ධර්මයෝයි. මෙය රහතුන්ට වෙනත් නමකි. සෙක්ඛා යනු සීල ආදිය හික්මවන අවශේෂ ආර්ය පුද්ගලයෝය. පුථු යනු බොහෝ සත්ත්වයෝය. තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි යනු ඒ ශෛක්‍ෂ අශෛක්‍ෂයන්ගෙන් දක්ෂ වූ පණ්ඩිත වූ ඔබ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතිපත්තිය විමසන ලද්දේ මට කියහි යනුයි. සෙස්ස පාලි වශයෙන්ම හැඟවෙයි.

කිස‍්සාති කිස‍්ස හෙතු, කෙන කාරණෙනාති අත්‍ථො. සෙඛාසෙඛවිපස‍්සනා පුබ‍්බඞ‍්ගමප‍්පහානයොගෙනාති සෙඛෙ අසෙඛෙ විපස‍්සනාපුබ‍්බඞ‍්ගමප‍්පහානෙ ච පුච‍්ඡනයොගෙන, පුච‍්ඡාවිධිනාති අත්‍ථො.

කිස්සා යනු කවර හේතුවක් ද යනුයි. කවර කාරණයකින් ද යන අර්ථයයි. සෙක්ඛාසෙක්ඛ විපස්සනා පුබ්බංගමප්පහාණ යොගෙන යනු ශෛක්‍ෂයන් ද අශෛක්‍ෂයන්ද විදර්ශනා පූර්වංගම ප්‍රහාණයන් ද පිළිබඳ ඇසීමෙනි. විමසීම් විධියෙන් යන අර්ථයයි.

විස‍්සජ‍්ජනගාථායං කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍යාති වත්‍ථුකාමෙසු කිලෙසකාමෙන න අභිගිජ‍්ඣෙය්‍ය. මනසානාවිලො සියාති බ්‍යාපාදවිතක‍්කාදයො කායදුච‍්චරිතාදයො ච මනසො ආවිලභාවකරෙ ධම‍්මෙ පජහන‍්තො චිත‍්තෙන අනාවිලො භවෙය්‍ය. යස‍්මා පන අසෙක‍්ඛො අනිච‍්චතාදිවසෙන සබ‍්බධම‍්මානං පරිතුලිතත‍්තා කුසලො සබ‍්බධම‍්මෙසු කායානුපස‍්සනාසතිආදීහි ච සතො සබ‍්බකිලෙසානං භින‍්නත‍්තා උත‍්තමභික‍්ඛුභාවං පත‍්තො ච හුත්‍වා සබ‍්බඉරියාපථෙසු පවත‍්තති, තස‍්මා “කුසලො…පෙ… පරිබ‍්බජෙ”ති ආහාති අයං සඞ‍්ඛෙපත්‍ථො.

විසඳුම් ගාථාවෙහි කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු වස්තු කාමයන්හි ක්ලේශ කාමයෙන් නො ඇලෙන්නේය යනුයි. මනසා නාවිලො සියා යනු ව්‍යාපාද විතර්ක ආදිය ද කාය දුශ්චරිත ආදිය ද සිතේ කැළඹීම ඇතිකරන ධර්මයන් ද ඉවත් කරමින් සිතින් නොකැළඹුණු අයෙක් වන්නේය යනුයි. යම්හෙයකින් වනාහි අශෛක්‍ෂ පුද්ගලයා සියලු ධර්මයන් අනිත්‍යාදි වශයෙන් තුලනය කරන ලද බැවින් සියලු ධර්මයන්හි ද කායානුපස්සනා සති ආදියේ ද දක්‍ෂ වූයේ සිහි ඇතිව සියලු කෙලෙස් බිඳ දමන ලද බැවින් උතුම් භික්‍ෂුත්වයට පැමිණියේ ද වී සියලු ඊර්යාපථයන්හි පවතී ද එහෙයින් කුසලො -පෙ- පරිබ්බජෙ යි කියන ලද්දේය යන මෙය සංක්‍ෂේපාර්ථයයි.

තත්‍ථ යං පුච‍්ඡාගාථායං “නිපකො”ති පදං වුත‍්තං, තං භගවන‍්තං සන්‍ධාය වුත‍්තං, භගවතො ච නෙපක‍්කං උක‍්කංසපාරමිප‍්පත‍්තං අනාවරණඤාණදස‍්සනෙන දීපෙතබ‍්බන‍්ති අනාවරණඤාණං තාව කම‍්මද‍්වාරභෙදෙහි විභජිත්‍වා සෙඛාසෙඛපටිපදං දස‍්සෙතුං “භගවතො සබ‍්බං කායකම‍්ම”න‍්තිආදි වුත‍්තං. තෙන සබ‍්බත්‍ථ අප‍්පටිහතඤාණදස‍්සනෙන තථාගතස‍්ස සෙඛාසෙඛපටිපත‍්තිදෙසනාකොසල‍්ලමෙව විභාවෙති. තත්‍ථ කො චාති ක්‍ව ච, කස‍්මිං විසයෙති අත්‍ථො. තං විසයං දස‍්සෙති “යං අනිච‍්චෙ දුක‍්ඛෙ අනත‍්තනි චා”ති. ඉදං වුත‍්තං හොති – ඤාණදස‍්සනං නාම උප‍්පජ‍්ජමානං “සබ‍්බං සඞ‍්ඛතං අනිච‍්චං දුක‍්ඛං සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති උප‍්පජ‍්ජති, තස‍්ස පන තස‍්මිං විසයෙ යෙන අප‍්පවත‍්ති, සො පටිඝාතොති, එතෙන ලක‍්ඛණත‍්තයප‍්පටිවෙධස‍්ස දුරභිසම‍්භවතං අනඤ‍්ඤසාධාරණතඤ‍්ච දස‍්සෙති. ලක‍්ඛණත‍්තයවිභාවනෙන හි භගවතො චතුසච‍්චප‍්පටිවෙධං සම‍්මාසම‍්බොධිඤ‍්ච පණ‍්ඩිතා පටිජානන‍්ති.

එහි විමසීම් ගාථාවෙහි නිපකො යැයි යම් පදයක් කියන ලද ද එය භාග්‍යවතුන් වහන්සේ සඳහා කියන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව උසස් බවේ පරතෙරට පැමිණියේ අනාවරණ ඤාණ දර්ශනයෙන් බැබළවිය යුතුයයි අනාවරණ ඤාණය පළමුව කර්ම ද්වාර භේදයන්ගෙන් බෙදා ශෛක්‍ෂ අශෛක්‍ෂ ප්‍රතිපදාව දක්වන්නට භගවතො සබ්බං කායකම්මං ආදිය කියන ලදි. එයින් සියලු තැන නොවළක්වන ලද ඤාණ දර්ශනයෙන් තථාගතයන් වහන්සේගේ ශෛක්‍ෂ අශෛක්‍ෂ ප්‍රතිපත්ති දේශනා කුශලත්වයම දක්වයි. එහි කොච යනු කොහි ද යනුයි. කවර විෂයෙහි ද යන අර්ථයයි. අනිච්චං දුක්ඛං අනත්තා යනුවෙන් ඒ විෂය දක්වයි. ඤාණ දර්ශනය උපදිනුයේ සියලු සංඛත, අනිත්‍ය, දුක්ඛ සියලු ධර්ම අනාත්මයැයි උපදී යන මෙය කියන ලද්දේ වෙයි. එහිදී ඒ විෂයයෙහි යම් හෙයකින් නොපැවැත්ම වේ ද එය වැළැක්වීම (විනාශ කිරීම) වේ. මෙයින් ලක්‍ෂණත්‍රය පිළිබඳ අවබෝධයේ සම්පූර්ණ නොකළ හැකි බව ද අනන්‍ය සාධාරණත්‍වය ද දක්වයි. ලක්‍ෂණත්‍රය දැක්වීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ චතුසත්‍ය අවබෝධය ද සම්මා සම්බෝධිය ද පණ්ඩිතයෝ දැනගනිත්.

අඤ‍්ඤාණං අදස‍්සනන‍්ති තං පටිඝාතං සරූපතො දස‍්සෙති. ඡළාරම‍්මණසභාවප‍්පටිච‍්ඡාදකො හි සම‍්මොහො ඤාණදස‍්සනස‍්ස පටිඝාතොති. යස‍්මිං විසයෙ ඤාණදස‍්සනං උප‍්පත‍්තිරහං, තත්‍ථෙව තස‍්ස පටිඝාතෙන භවිතබ‍්බන‍්ති ආහ – “යං අනිච‍්චෙ දුක‍්ඛෙ අනත‍්තනි චා”ති. යථා ඉධ පුරිසොතිආදි උපමාදස‍්සනං. තත්‍රිදං ඔපම‍්මසංසන්‍දනං – පුරිසො විය සබ‍්බො ලොකො, තාරකරූපානි විය ඡ ආරම‍්මණානි, තස‍්ස පුරිසස‍්ස තාරකරූපානං දස‍්සනං විය ලොකස‍්ස චක‍්ඛුවිඤ‍්ඤාණාදීහි යථාරහං ඡළාරම‍්මණජානනං, තස‍්ස පුරිසස‍්ස තාරකරූපානි පස‍්සන‍්තස‍්සාපි “එත‍්තකානි සතානි, එත‍්තකානි සහස‍්සානී”තිආදිනා ගණනසඞ‍්කෙතෙන අජානනං විය ලොකස‍්ස රූපාදිආරම‍්මණං කථඤ‍්චි ජානන‍්තස‍්සාපි අනිච‍්චාදිලක‍්ඛණත‍්තයානවබොධොති. සෙසං පාකටමෙව.

අඤ්ඤාණං අදස්සනං යි ඒ විනාශ කිරීම ස්වරූප වශයෙන් දක්වයි. ෂඩ් අරමුණු ස්වභාවයෙන් වසා දමන මෝහය ඤාණ දර්ශනයේ විනාශය යැයි යම් විෂයයෙක්හි ඤාණ දර්ශනය නිපැත්මට සුදුසු ද එහිදීම එහි විනාශය විය යුතුයයි යං අනිච්චෙ දුක්ඛෙ අනත්තනියෙ ච යි කියන ලදි. යථා ඉධ පුරිසො යනාදිය උපමා දැක්වීමයි. මේ එහි උපමා සැසඳීමයි. සියලු ලෝකය පුරුෂයා වැනිය. ෂට් අරමුණු තාරකා රූප වැනිය. ලෝකයේ චක්‍ෂු විඥානාදිය මගින් සුදුසු පරිදි ෂට් අරමුණු දැනගැනීම ඒ පුරුෂයාගේ තාරකා රූප දර්ශනය මෙනි. රූපාදී අරමුණු කෙසේ හෝ දැනගන්නා වූ ලෝකයාගේ අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය පිළිබඳ අනවබෝධය තාරකාරූප දකින ඒ පුරුෂයාගේ මෙපමණ සිය ගණනකි. මෙපමණ දහස් ගණනකි යනාදී ගණන් සංකේතයකින් නොදැන්ම මෙනි.

ඉදානි යෙහි පදෙහි භගවතා ආයස‍්මතො අජිතස‍්ස සෙඛාසෙඛපටිපදා වුත‍්තා, තෙසං පදානං අත්‍ථං විභජිතුං “තත්‍ථ සෙඛෙනා”තිආදිමාහ. තත්‍ථ තත්‍ථාති නිපාතමත‍්තං, තස‍්මිං වා විස‍්සජ‍්ජනෙ. සෙඛෙනාති සික‍්ඛා එතස‍්ස සීලන‍්ති සෙඛො, තෙන සෙඛෙන. ද‍්වීසු ධම‍්මෙසූති දුවිධෙසු ධම‍්මෙසූති අධිප‍්පායො. පරියුට‍්ඨානීයෙසූති දොසෙන පරියුට‍්ඨිතෙන යත්‍ථ පරිවත‍්තිතබ‍්බං, තෙසු ආඝාතවත්‍ථූසූති අත්‍ථො. “පටිඝට‍්ඨානීයෙසූ”තිපි පාඨො, සොයෙවත්‍ථො.

දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පදයකින් ආයුෂ්මත් අජිතයන්ගේ ශෛක්‍ෂ ප්‍රතිපදාව කියන ලද ද ඒ පදයන්ගේ අර්ථය බෙදා දක්වන්නට තත්‍ථ සෙක්ඛෙන යනාදිය කියන ලදි. එහි තත්‍ථ යනු නිපාත මාත්‍රයකි. ඒ විසඳීමෙහිය. සෙක්ඛෙන යන තැන මොහුගේ ශික්‍ෂාව සීල යනුයි සෙක්ඛ නම් වේ. ඒ ශෛක්‍ෂයාගෙන්ය. ද්වීසු ධම්මෙසු යනු දෙවැදෑරුම් ධර්මයන්හි යන අදහසයි. පරියුට්ඨානීයෙසු යනු දෝෂයෙන් නැගිටින ලද්දහු විසින් යම්තැනක පෙරළිය යුතු ද ඒ ආඝාත (වෛර) වස්තූන්හිය යන අර්ථයයි. පටිඝට්ඨානීයෙසු යිද පාඨයකි. එයම අර්ථයයි.

එත්‍ථ ච ගෙධපටිසෙධචොදනායං ගෙධනිමිත‍්තො දොසො ගෙධෙ සති හොතීති තතොපි චිත‍්තස‍්ස රක‍්ඛිතබ‍්බතා නිද‍්ධාරෙත්‍වා වුත‍්තා. යස‍්මා පන භගවතා “කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍යා”ති (සු· නි· 1045; චූළනි· අජිතමාණවපුච‍්ඡා 64, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 8; නෙත‍්ති· 15-17) වුත‍්තං, තස‍්මා “තත්‍ථ යා ඉච‍්ඡා”තිආදිනා ගෙධවසෙන නිද‍්දෙසො කතො. අථ වා දොසතො චිත‍්තස‍්ස රක‍්ඛිතබ‍්බතා ගාථාය දුතියපාදෙන වුත‍්තායෙවාති දට‍්ඨබ‍්බා. දුතියපාදෙන හි සෙසකිලෙසවොදානධම‍්මා දස‍්සිතා. තථා හි උප‍්පන‍්නානුප‍්පන‍්නභෙදතො සම‍්මාවායාමස‍්ස විසයභාවෙන සබ‍්බෙ සංකිලෙසවොදානධම‍්මෙ චතුධා විභජිත්‍වා සම‍්මප‍්පධානමුඛෙන සෙඛපටිපදං මත්‍ථකං පාපෙත්‍වා දස‍්සෙතුං “සෙඛො අභිගිජ‍්ඣන‍්තො”තිආදි වුත‍්තං. තත්‍ථ අනාවිලසඞ‍්කප‍්පොති ආවිලානං කාමසඞ‍්කප‍්පාදීනං අභාවෙන අනාවිලසඞ‍්කප‍්පො. තතො එව ච අනභිගිජ‍්ඣන‍්තො වායමති, වීරියං පවත‍්තෙති. කථං වායමතීති ආහ – “සො අනුප‍්පන‍්නාන”න‍්තිආදි.

මෙහි ද ගිජුබව වළක්වන චෝදනාවෙහි ගෙධ නිමිත්ත වූ ද්වේෂය ගිජුබව ඇති කල්හි වේයැයි එයින් ද සිත රැකිය යුතු බව නිර්ධාරණය කොට කියන ලදි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයන්හි නො ඇලෙන්නේ යැයි කියන ලද ද එහෙයින් තත්‍ථ යා ඉච්ඡා යනාදියෙන් ගිජුවීම් වශයෙන් නිර්දේශය කරන ලදි. එසේ නැතහොත් ද්වේෂයෙන් සිත රැකිය යුතු බැවින් ගාථාවේ දෙවැනි පාදයෙන් කියන ලදමැයි දතයුතුය. දෙවැනි පාදයෙන් සෙසු ක්ලේශ පාරිශුද්ධ ධර්මයෝ දක්වන ලදහ. එසේම උපන් නූපන් භේදයෙන් සම්මා වායාමයේ විෂයභාවයෙන් සියලු සංකිලෙස වොදාන ධර්මයන් සතරවැදෑරුම්ව බෙදා සම්මප්පධාන ස්වරූපයෙන් ශෛක්‍ෂ ප්‍රතිපදාව මස්තකයට පමුණුවා දක්වන්නට සෙක්ඛො අභිගිජ්ඣන්තො යනාදිය කියන ලදි. එහි අනාවිල සංකප්පො යනු කැළඹුණු කාම සංකල්පාදියේ නොමැතිකමින් නොකැළඹුණු සංකල්ප ඇති යනුයි. එයින් ම ද ගිජු නොවූයේ වෑයම් කරයි. වීර්යය පවත්වයි. කෙසේ වෑයම් කරයිද? සො අනුප්පන්නානං යනාදිය කියන ලදි.

තත්‍ථ සොති උත‍්තරිවිසෙසත්‍ථාය පටිපජ‍්ජමානො සෙක‍්ඛො. අනුප‍්පන‍්නානන‍්ති අනිබ‍්බත‍්තානං. පාපකානන‍්ති ලාමකානං. අකුසලානං ධම‍්මානන‍්ති අකොසල‍්ලසම‍්භූතානං ධම‍්මානං. අනුප‍්පාදායාති න උප‍්පාදනත්‍ථාය. ඡන්‍දං ජනෙතීති කත‍්තුකම්‍යතාසඞ‍්ඛාතං කුසලච‍්ඡන්‍දං උප‍්පාදෙති. වායමතීති පයොගපරක‍්කමං කරොති. වීරියං ආරභතීති කායිකචෙතසිකවීරියං කරොති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති තෙනෙව සහජාතවීරියෙන චිත‍්තං උක‍්ඛිපති. පදහතීති පධානවීරියං කරොති. වායමතීතිආදීනි පන චත‍්තාරි පදානි ආසෙවනාභාවනාබහුලීකම‍්මසාතච‍්චකිරියාහි යොජෙතබ‍්බානි. උප‍්පන‍්නානං පාපකානන‍්ති අනුප‍්පන‍්නාති අවත‍්තබ‍්බතං ආපන‍්නානං පාපධම‍්මානං. පහානායාති පජහනත්‍ථාය. අනුප‍්පන‍්නානං කුසලානන‍්ති අනිබ‍්බත‍්තානං කොසල‍්ලසම‍්භූතානං ධම‍්මානං. උප‍්පාදායාති උප‍්පාදනත්‍ථාය. උප‍්පන‍්නානන‍්ති නිබ‍්බත‍්තානං. ඨිතියාති ඨිතත්‍ථං. අසම‍්මොසායාති අනස‍්සනත්‍ථං . භිය්‍යොභාවායාති පුනප‍්පුනං භාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය. භාවනායාති වඩ‍්ඪියා. පාරිපූරියාති පරිපූරණත්‍ථායාති අයං තාව පදත්‍ථො.

එහි සො යනු මතු විශේෂත්වය පිණිස පිළිපදිනු ලබන ශෛක්‍ෂයාය. අනුප්පන්නානං යනු නූපන් දේවල යනුයි. පාපකානං යනු ලාමක වූ දේවලය. අකුසලානං ධම්මානං යනු අකුසලින් හටගත් ධර්මවලය. අනුප්පාදාය යනු නූපදනා පිණිසය. ඡන්‍දං ජනෙති යනු කත්තුකම්‍යතා සංඛ්‍යාත වූ කුසල ඡන්‍දය උපදවයි යනුයි. වායමති යනු ප්‍රයෝග පරාක්‍රමය කෙරෙයි යනුයි. විරියං ආරභති යනු කායික හා චේතසික වීර්යය කරයි යනුයි. චිත්තං පග්ගණ්හාති යනු එක්ව හටගත් ඒ උත්සාහයෙන්ම සිත ඔසවයි යනුයි. පදහති යනු ප්‍රධන් වීර්යය කරයි යනුයි. වායමති ආදි වූ පද සතර ආසේවනය භාවනය බහුලීකරණය සත්ත ක්‍රියාව සමග යෙදිය යුතුය. උප්පන්නානං පාපකානං යනු (උපන් පාපයන්ගේය) අනුප්පන්නානං යනු නොපැවතුම් බවට පැමිණි ධර්මයන්ගේය. පහාණාය යනු දුරුකිරීම පිණිසයි. උප්පන්නානං යනු නිපන්නවුන්ගේය. ඨිතියා යනු පැවතීම පිණිසය. අසම්මෝසාය යනු නොනැසීම පිණිසය. භිය්‍යොභාවාය යනු නැවත නැවත වනු පිණිසය. වෙපුල්ලාය යනු විපුලත්‍වය පිණිසය. භාවනාය යනු වැඩීම සඳහාය. පාරපූරියා යනු පරිපූර්ණත්වය සඳහා යැයි යන මෙය පදාර්ථයයි.

“කතමෙ අනුප‍්පන‍්නා”තිආදි අකුසලධම‍්මා කුසලධම‍්මා ච යාදිසා අනුප‍්පන‍්නා යාදිසා ච උප‍්පන‍්නා, තෙ දස‍්සෙතුං ආරද‍්ධං. තත්‍ථ ඉමෙ අනුප‍්පන‍්නාති ඉමෙ කාමවිතක‍්කාදයො අසමුදාචාරවසෙන වා අනනුභූතාරම‍්මණවසෙන වා අනුප‍්පන‍්නා නාම. අඤ‍්ඤථා හි අනමතග‍්ගෙ සංසාරෙ අනුප‍්පන‍්නා නාම අකුසලා ධම‍්මා නත්‍ථි. විතක‍්කත‍්තයග‍්ගහණඤ‍්චෙත්‍ථ නිදස‍්සනමත‍්තං දට‍්ඨබ‍්බං. අකුසලමූලානීති අනුසයා එව සබ‍්බෙසං අකුසලානං මූලභාවතො එවං වුත‍්තා, න ලොභාදයො එව. ඉමෙ උප‍්පන‍්නා අනුසයා භූමිලද‍්ධුප‍්පන‍්නා අසමුග‍්ඝාටිතුප‍්පන‍්නාතිආදිඋප‍්පන‍්නපරියායසබ‍්භාවතො නාමවසෙන උප‍්පන‍්නා නාම, න වත‍්තමානභාවෙනාති අත්‍ථො. ඉමෙ අනුප‍්පන‍්නා කුසලා ධම‍්මාති ඉමෙ සොතාපන‍්නස‍්ස සද‍්ධාදයො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස අනුප‍්පන‍්නා කුසලා ධම‍්මා නාම, කො පන වාදො පුථුජ‍්ජනානන‍්ති දස‍්සෙති. කුසලසද‍්දො චෙත්‍ථ බාහිතිකසුත‍්තෙ (ම· නි· 2.358 ආදයො) විය අනවජ‍්ජපරියායො දට‍්ඨබ‍්බො. ඉමෙ උප‍්පන‍්නා කුසලා ධම‍්මාති ඉමෙ පඨමමග‍්ගෙ සද‍්ධාදයො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස උප‍්පන‍්නා කුසලා ධම‍්මා නාම.

කතමෙ ද අනුප්පන්නා යනාදිය යම්බඳු කුසල ධර්මයෝ ද අකුසල ධර්මයෝ ද නූපන්නාහු ද යම් බඳු ඒවා (කුසලාකුසල ධර්මයෝ) උපන්නාහු ද ඒවා දක්වන්නට ඇරඹිණි. එහි ඉමෙ අනුප්පන්නා යනු මේ කාම විතර්කාදිය නොහැසිරීම් වශයෙන් හෝ නොසිදුවූ අරමුණු වශයෙන් හෝ නූපන්නාහු යනුයි. වෙනත් අයුරකන් කෙළවරක් නැති සසරෙහි නූපන් අකුසලයක් නම් නැත. මෙහි විතර්ක තුන ප්‍රහාණ කිරීම් සංඛ්‍යාත නිදර්ශන මාත්‍රය දතයුතුයි. අකුසල මූලානි අනුසයම සියලු අකුසලයන්ගේ මූලය බැවින් මෙසේ කියන ලදි. ලෝභාදිය නොවේමය. මොවුහු උපන්නාහු භූමිලද්ධ උපන්න, අසමුග්ඝාටිත උප්පන්න යනාදී ඉපදීම් පර්යාය ස්වභාවයෙන් නාම වශයෙන් උපන්නාහු නම් වෙත්. වර්තමාන භාවයෙන් නොවේ යන අර්ථයයි. ඉමෙ අනුප්පන්නා කුසලා ධම්මා යනු සෝතාපන්නයාට මේ ශ්‍රද්ධාදිය සෝවාන් ඵලය සාක්‍ෂාත් කිරීම පිණිස පිළිපන්නාට නූපන් කුසල් දහම් නම් වේ. පුථුජ්ජනානං යැයි දක්වන්නේ නම් කවර වාදයක් ද? මෙහි කුසල ශබ්දය බාහිතික සූත්‍රයේ දී මෙන් නිවැරදි ක්‍රමයයි දතයුතුය. ඉමෙ උප්පන්නා කුසලා ධම්මා යනු මේ ශ්‍රද්ධාදිය පළමු මාර්ගයේ දී සෝවාන්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගලයාට උපන්නා වූ කුසල ධර්මයන් නම් වේ.

සතිපට‍්ඨානභාවනාය සුනිග‍්ගහිතො කාමවිතක‍්කොති ආහ – “යෙන කාමවිතක‍්කං වාරෙති, ඉදං සතින්‍ද්‍රිය”න‍්ති. අනවජ‍්ජසුඛපදට‍්ඨානෙන අවික‍්ඛෙපෙන චෙතොදුක‍්ඛසන‍්නිස‍්සයො වික‍්ඛෙපපච‍්චයො බ්‍යාපාදවිතක‍්කො සුනිග‍්ගහිතොති වුත‍්තං – “යෙන බ්‍යාපාදවිතක‍්කං වාරෙති, ඉදං සමාධින්‍ද්‍රිය”න‍්ති. කුසලෙසු ධම‍්මෙසු ආරද‍්ධවීරියො පරාපරාධං සුඛෙන සහතීති වීරියෙන විහිංසාවිතක‍්කො සුනිග‍්ගහිතොති ආහ – “යෙන විහිංසාවිතක‍්කං වාරෙති, ඉදං වීරියින්‍ද්‍රිය”න‍්ති. සමාධිආදීනම‍්පි යථාසකංපටිපක‍්ඛප‍්පහානං පඤ‍්ඤවන‍්තස‍්සෙව ඉජ‍්ඣතීති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො ආහ – “යෙන උප‍්පන‍්නුප‍්පන‍්නෙ”තිආදි.

සතිපට්ඨාන භාවනාවේ දී මනාව විග්‍රහ කළ කාම විතර්කය යැයි (දැක්වීමට) යෙන කාමවිතක්කං වාරෙති ඉදං සතින්‍ද්‍රියං යි කියන ලදී. නිවැරදි සැපයට ස්ථාන වූ අවික්‍ෂේප වූ චේතෝ දුක්ඛය ඇසුරු කළ වික්‍ෂෙප ප්‍රත්‍යය වූ ව්‍යාපාද විතර්කය මනාව නිග්‍රහ කරන ලදැයි යෙන බ්‍යාපාද විතක්කං වාරෙති ඉදං සමාධින්‍ද්‍රියංයි කියන ලදි. කුසල ධර්මයන්හි අරඹනා ලද උත්සාහය පරාපරාධය සුවසේ ඉවසන්නේ යැයි වීර්යයෙන් විහිංසා විතර්කය මනාව නිග්‍රහ කළැයි යෙන විහිංසා විතක්කං වාරෙති ඉදං විරියින්‍ද්‍රියං යි කියන ලදි. සමාධි ආදියේ ද යම්සේ ස්වකීය ප්‍රතිපක්‍ෂය අතහැර දැමීම ප්‍රඥාවන්තයාටම සමෘද්ධ වේයැයි මේ අර්ථය දක්වමින් යෙන උප්පනුප්පනෙන යනාදිය කියන ලදි.

එතෙසං යථානිද‍්ධාරිතානං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සවිසයෙ ජෙට‍්ඨකභාවං දස‍්සෙතුං “සද‍්ධින්‍ද්‍රියං කත්‍ථ දට‍්ඨබ‍්බ”න‍්තිආදි වුත‍්තං. තං සුවිඤ‍්ඤෙය්‍යමෙව. ඉමෙසඤ‍්ච සද‍්ධාදීනං සෙඛානං ඉන්‍ද්‍රියානං නිබ‍්බත‍්තියා සබ‍්බෙපි සෙඛා ධම‍්මා මත්‍ථකප‍්පත‍්තා හොන‍්තීති දස‍්සෙන‍්තො “එවං සෙඛො”තිආදිනා සෙඛපටිපදං නිගමෙති.

යම්සේ නිර්ධාරණය කරන ලද මේ ඉන්‍ද්‍රිය පසෙහි ස්ව විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ භාවය පෙන්වන්නට සද්ධින්‍ද්‍රියං තත්‍ථ දට්ඨබ්බං යනාදිය කියන ලදි. එය මනාව දතයුතුමය. ශෛක්‍ෂයන්ගේ මේ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියන්ගේ නිපැත්මෙන් සියලු ශෛක්‍ෂ ධර්ම මස්තකප්‍රාප්ත වේයැයි දක්වමින් එවං සෙක්ඛො යනාදියෙන් ශෛක්‍ෂ පටිපදාව නිගමනය කරයි.

එවං සෙඛපටිපදං විභජිත්‍වා ඉදානි අසෙඛපටිපදං විභජිතුං “කුසලො සබ‍්බධම‍්මාන”න‍්තිආදිමාහ . තත්‍ථ සබ‍්බධම‍්මානන‍්ති ඉමිනා පදෙන වුත‍්තධම‍්මෙ තාව විභජිත්‍වා තත්‍ථ අසෙක‍්ඛස‍්ස කොසල‍්ලං දස‍්සෙතුං “ලොකො නාමා”තිආදි වුත‍්තං. තං වුත‍්තත්‍ථමෙව. කිලෙසලොකෙන භවලොකො සමුදාගච‍්ඡතීති කාමාවචරධම‍්මං නිස‍්සාය රූපාරූපාවචරධම‍්මෙ සමුදාගමෙතීති අත්‍ථො. සොති සො මහග‍්ගතධම‍්මෙසු, පරිත‍්තමහග‍්ගතධම‍්මෙසු වා ඨිතො. ඉන්‍ද්‍රියානි නිබ‍්බත‍්තෙතීති සීලසමාධයො නිබ‍්බෙධභාගියෙ කත්‍වා විමුත‍්තිපරිපාචනීයානි සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි උප‍්පාදෙති. ඉන්‍ද්‍රියෙසු භාවියමානෙසූති යථාවුත‍්තඉන්‍ද්‍රියෙසු වඩ‍්ඪියමානෙසු රූපාරූපපරිග‍්ගහාදිවසෙන නෙය්‍යස‍්ස පරිඤ‍්ඤා භවති.

මෙසේ ශෛක්‍ෂ ප්‍රතිපදාව බෙදා දක්වා දැන් අශෛක්‍ෂ ප්‍රතිපදාව බෙදා දක්වන්නට කුසලො සබ්බධම්මානං යනාදිය කීය. එහි සබ්බධම්මානං යන මේ පදයෙන් පළමුව ප්‍රකාශිත ධර්මයන් බෙදා දක්වා එහිදී අශෛක්‍ෂයාගේ කුසලතාව දක්වන්නට ලොකො නාම යනාදිය කියන ලදි. එය කියන ලද අර්ථ ඇත්තේමය. කිලෙස ලොකෙන භවලොකො සමුදාගච්ඡති යනු කාමාවචර ධර්මය නිසා රූපාවචර ධර්ම හටගනී යන අර්ථයයි. සො යනු එය මහද්ගත ධර්මවල හෝ පරිත්ත (ස්වල්ප වූ) මහද්ගත ධර්මවල හෝ පිහිටියේ යනුයි. ඉන්‍ද්‍රියානි නිබ්බතෙති යනු සීල සමාධි ආදිය තියුණු අවබෝධය ඇති ඒවා බවට පත්කොට විමුක්තිය මුහුකුරා යන සද්ධා ආදි ඉඳුරන් උපදවයි යනුයි. ඉන්‍ද්‍රියෙසු භාවිය මානෙසු යනු කියන ලද ඉන්‍ද්‍රියන් වැඩෙන කල්හි රූපාරූපයන් අල්ලා ගැනීම් වශයෙන් ඥෙය ධර්මයේ විශේෂ දැනීම් ඇතිවේ.

දස‍්සනපරිඤ‍්ඤාති ඤාතපරිඤ‍්ඤා. භාවනාපරිඤ‍්ඤාති තීරණපරිඤ‍්ඤා පහානපරිඤ‍්ඤා ච. “සා දුවිධෙනා”තිආදිනා සඞ‍්ඛෙපතො වුත‍්තමත්‍ථං “යදා හි සෙඛො”තිආදිනා විවරති. තත්‍ථ “නිබ‍්බිදාසහගතෙහි සඤ‍්ඤාමනසිකාරෙහී”ති ඉමිනා බලවවිපස‍්සනං දස‍්සෙති. යදා හි සෙඛොති චෙත්‍ථ සික‍්ඛනසීලතාය කල්‍යාණපුථුජ‍්ජනොපි සෙඛපදෙන සඞ‍්ගහිතොති කත්‍වා “ද‍්වෙ ධම‍්මා කොසල‍්ලං ගච‍්ඡන‍්ති දස‍්සනකොසල‍්ලඤ‍්චා”තිආදි වුත‍්තං. අයමෙත්‍ථ අධිප‍්පායො – යදා කල්‍යාණපුථුජ‍්ජනො පුබ‍්බභාගසික‍්ඛං සික‍්ඛන‍්තො නිබ‍්බිදාසහගතෙහි සඤ‍්ඤාමනසිකාරෙහි ඤෙය්‍යං පරිජානාති, තදා තස‍්ස තෙ විපස‍්සනාධම‍්මා දස‍්සනකොසල‍්ලං පඨමමග‍්ගඤාණං ගච‍්ඡන‍්ති සම‍්පාපුණන‍්ති තෙන සද‍්ධිං ඝටෙන‍්ති. යදා පන සොතාපන‍්නාදිසෙඛො වුත‍්තනයෙන නෙය්‍යං පරිජානාති, තදා තස‍්ස තෙ විපස‍්සනාධම‍්මා භාවනාකොසල‍්ලං ගච‍්ඡන‍්තීති.

දස්සන පරිඤ්ඤා යනු ඤාත පරිඤ්ඤාවයි. (ප්‍රසිද්ධ වූ විශේෂ දැනීමයි.) භාවනා පරිඤ්ඤා යනු තීරණ පරිඤ්ඤාව හා ප්‍රහාණ පරිඤ්ඤාවයි. සා දුවිධෙන යනාදියෙන් සංක්‍ෂේප වශයෙන් කියන ලද අර්ථය යදා හි සෙක්ඛො යනාදියෙන් විවරණය කරයි. එහි නිබ්බිදා සහගතෙහි සඤ්ඤාමනසිකාරෙහි යන මෙයින් දෘඪ වූ විදර්ශනාව දක්වයි. යදා හි සෙක්ඛොති යන මෙහි හික්මීම් ස්වභාවයෙන් කල්‍යාණ පෘථග්ජනයා ද ශෛක්‍ෂ පාදයෙන් සංග්‍රහ කරන ලදැයි (තීරණය) කොට ද්වෙ ධම්මා කොසල්ලං ගච්ඡන්ති දස්සන කොසල්ලඤ්ච යනාදිය කියන ලදි. මෙය මෙහි අදහසයි. කල්‍යාණ පෘථග්ජනයා යම්විටෙක පූර්වභාග ශික්‍ෂාවෙහි හික්මෙන්නේ කලකිරීම් සහිත සංඥා මනසිකාරයන්ගෙන් දතයුතු දෙය මනාව දැනගනී. යම්විටෙක ඔහුගේ ඒ විදර්හනා ධර්මයෝ දර්ශන කුසලය වූ පළමු මාර්ග ඥානයට යෙත් ද ඊට පැමිණෙත් ද ඒ සමග ගැටෙත් ද එවිට සෝවාන් ආදී ශෛක්‍ෂ පුද්ගලයා කියන ලද ක්‍රමයෙන් දතයුතු දේ දැනගනී, එකල්හි ඔහුගේ ඒ විදර්හනා ධර්මයෝ වැඩීමට කුසලත්වයට යත්.

තං ඤාණන‍්ති යා පුබ‍්බෙ නෙය්‍යස‍්ස පරිඤ‍්ඤා වුත‍්තා, තං නෙය්‍යපරිජානනඤාණං. පඤ‍්චවිධෙන වෙදිතබ‍්බන‍්ති විසයභෙදෙන තස‍්ස භෙදං දස‍්සෙති. ධම‍්මානං සලක‍්ඛණෙ ඤාණන‍්ති රූපාරූපධම‍්මානං කක‍්ඛළඵුසනාදිසලක‍්ඛණෙ ඤාණං. තං පන යස‍්මා සබ‍්බං නෙය්‍යං හෙතුහෙතුඵලභෙදතො දුවිධමෙව හොති, තස‍්මා “ධම‍්මපටිසම‍්භිදා ච අත්‍ථපටිසම‍්භිදා චා”ති නිද‍්දිට‍්ඨං.

තං ඤාණං යනු ඥෙයයට පෙර යම් පරිඥාවක් කියන ලද ද ඒ ඥෙය පරිජානන ඤාණයයි. පංචවිධෙන වෙදිතබ්බං යනු විෂය භේදයෙන් එහි ප්‍රභේද දක්වයි යනුයි. ධම්මානං සලක්ඛණෙ ඤාණං යනු රූප අරූප ධර්මයන්ගේ කර්කශ, ස්පර්ශාදි සලක්‍ෂණයෙහි ඤාණයයි. යම්හෙයකින් ඒ සියලු ඥෙයය හේතු-හේතුඵල භේදයෙන් දෙවැදෑරුම් වෙයි. එහෙයින් ධම්මපටිසම්භිදා අත්‍ථ පටිසම්භිදා යි දක්වන ලදි.

පරිඤ‍්ඤාති තීරණපරිඤ‍්ඤා අධිප‍්පෙතා. යස‍්මා පනස‍්ස රූපාරූපධම‍්මෙ සලක‍්ඛණතො පච‍්චයතො ච අභිජානිත්‍වා කුසලාදිවිභාගෙහි තෙ පරිග‍්ගහෙත්‍වා අනිච‍්චාදිවසෙන ජානනා හොති, තස‍්මා “එවං අභිජානිත්‍වා යා පරිජානනා, ඉදං කුසල”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ එවංගහිතාති එවං අනිච‍්චාදිතො කලාපසම‍්මසනාදිවසෙන ගහිතා සම‍්මසිතා. ඉදං ඵලං නිබ‍්බත‍්තෙන‍්තීති ඉදං උදයබ‍්බයඤාණාදිකං ඵලං පටිපාටියා උප‍්පාදෙන‍්ති , නිමිත‍්තස‍්ස කත‍්තුභාවෙන උපචරණතො යථා අරියභාවකරානි සච‍්චානි අරියසච‍්චානීති. තෙසන‍්ති උදයබ‍්බයඤාණාදීනං . එවංගහිතානන‍්ති එවංපවත‍්තිතානං. අයං අත්‍ථොති අයං සච‍්චානං අනුබොධපටිවෙධො අත්‍ථො. යථා හි පරිඤ‍්ඤාපඤ‍්ඤා සම‍්මසිතබ‍්බධම‍්මෙ සම‍්මසනධම‍්මෙ තත්‍ථ සම‍්මසනාකාරං පරිජානාති, එවං සම‍්මසනඵලම‍්පි පරිජානාතීති කත්‍වා අයං නයො දස‍්සිතො.

පරිඤ්ඤා යි තීරණ ප්‍රඥාව අදහස් කරන ලදි. යම්හෙයකින් රූපාරූප ධර්මයන් සලක්‍ෂණ හෙයිනුත් ප්‍රත්‍ය හෙයිනුත් මනාව දැන කුශලාදී විභාගයන්ගෙන් ඒවා අල්ලාගෙන අනිත්‍යාදි වශයෙන් දන්නේ වෙයි ද එහෙයින් එවං අභිජානිත්‍වා යා පරිජානනා ඉදං කුසලං යි කියන ලදි. එහි එවං ගහිතා යනු මෙසේ අනිත්‍යාදි වශයෙන් කලාපයන් ස්පර්ශ කිරීම් වශයෙන් ගන්නා ලද ස්පර්ශ කරන ලද යනුයි. ඉදං ඵලං නිබ්බත්තෙතං යනු මේ උදයව්‍යය ඤාණාදිය පිළිවෙලින් උපදවත් යනුයි. නිමිත්ත පිළිබඳ කර්තෘ භාවයෙන් හැසිරෙන බැවින් ආර්ය භාවය ඇතිකරන සත්‍ය අරිය සච්ච නම් වේ. තෙසං යනු උදයව්‍යය ඤාණ ආදියේය. එවං ගහිතානං යනු මෙසේ පැවති දේවලය. අයං අත්‍ථො යනු සත්‍ය පිළිබඳ මේ අවබෝධය යන අර්ථයයි. යම්සේ පරිඤ්ඤා පඤ්ඤාච සිහිකළ යුතු ධර්ම, සිහිකරනු ලබන ධර්ම පිළිබඳව සිහි කෙරුම් ආකාරය දන්නේ ද මෙසේ සිහිකිරීම් ඵලය ද දන්නේ යැයි (තීරණය කොට) මේ නය දක්වන ලදි.

යෙ අකුසලාති සමුදයසච‍්චමාහ. සබ‍්බෙ හි අකුසලා සමුදයපක‍්ඛියාති. යෙ කුසලාති මග‍්ගධම‍්මා සම‍්මාදිට‍්ඨිආදයො. යදිපි ඵලධම‍්මාපි සච‍්ඡිකාතබ‍්බා, චතුසච‍්චප‍්පටිවෙධස‍්ස පන අධිප‍්පෙතත‍්තා “කතමෙ ධම‍්මා සච‍්ඡිකාතබ‍්බා, යං අසඞ‍්ඛත”න‍්ති වුත‍්තං. අත්‍ථකුසලොති පච‍්චයුප‍්පන‍්නෙසු අත්‍ථෙසු කුසලො. ධම‍්මකුසලොති පච‍්චයධම‍්මෙසු කුසලො. පාළිඅත්‍ථපාළිධම‍්මා වා අත්‍ථධම‍්මා. කල්‍යාණතාකුසලොති යුත‍්තතාකුසලො, චතුනයකොවිදොති අත්‍ථො, දෙසනායුත‍්තිකුසලො වා. ඵලතාකුසලොති ඛීණාසවඵලකුසලො. “ආයකුසලො”තිආදීසු ආයොති වඩ‍්ඪි. සා අනත්‍ථහානිතො අට‍්ඨුප‍්පත‍්තිතො ච දුවිධා. අපායාති අවඩ‍්ඪි. සාපි අත්‍ථහානිතො අනට‍්ඨුප‍්පත‍්තිතො ච දුවිධා. උපායොති සත‍්තානං අච‍්චායිකෙ කිච‍්චෙ වා භයෙ වා උප‍්පන‍්නෙ තස‍්ස තිකිච‍්ඡනසමත්‍ථං ඨානුප‍්පත‍්තිකාරණං, තත්‍ථ කුසලොති අත්‍ථො. ඛීණාසවො හි සබ‍්බසො අවිජ‍්ජාය පහීනත‍්තා පඤ‍්ඤාවෙපුල‍්ලප‍්පත‍්තො එතෙසු ආයාදීසු කුසලොති. එවං අසෙඛස‍්ස කොසල‍්ලං එකදෙසෙන විභාවෙත්‍වා පුන අනවසෙසතො දස‍්සෙන‍්තො “මහතා කොසල‍්ලෙන සමන‍්නාගතො”ති ආහ.

යෙ අකුසලා යි සමුදය සත්‍යය කියන ලදි. සියලු අකුසලයෝ සමුදය පක්‍ෂයේ වෙත්. යෙ කුසලා යනු සම්මා දිට්ඨි ආදී මාර්ග ධර්මයෝය. ඉදින් ඵල සාක්‍ෂාත් කළයුතු ධර්මයෝ ද චතුසත්‍ය අවබෝධය අදහස් කරන ලද බැවින් කතමෙ ධම්මා සච්ඡිකාතබ්බා, යා අසංඛතා ධාතු යි කියන ලදි. අත්ත කුසලො යනු ප්‍රත්‍යවලින් ඇති වූ අර්ථයන්හි දක්‍ෂ වූ යනුයි. ධම්මකුසලො යනු ප්‍රත්‍ය ධර්මයන්හි දක්‍ෂ වූ යනුයි. පාළි අර්ථය හෝ පාළි ධර්මය හෝ අත්‍ථධම්ම නම් වේ. කල්‍යාණතා කුසලො යනු යෝග්‍යත්වයේ දක්‍ෂ වූ යනුයි. නය සතරෙහි දක්‍ෂ වූ යන අර්ථයයි. දේශනා යුක්තියෙහි දක්‍ෂ වූ හෝ යනුයි. ඵලතා කුසලො යනු ක්‍ෂීණාශ්‍රව ඵලයෙහි දක්‍ෂ වූ යනුයි. ආය කුසලො යනාදියෙහි ආයො යනු වර්ධනයයි. එය ද අනර්ථ හානි වශයෙන් ද අර්ථෝත්පත්ති වශයෙන් ද දෙවැදෑරුම්ය. අපායො යනු නොවැඩීමයි. එය ද අර්ථ හානි වශයෙන් ද අනර්ථ උත්පත්ති වශයෙන් ද දෙවැදෑරුම්ය. උපායො යනු සත්ත්වයන්ගේ ඉක්මන් කටයුතු හෝ බිය හෝ උපන් කල්හි එයට පිළියම් කිරීමෙහි සමර්ථ වූ ඤාණය ඇතිකිරීමේ හේතුවයි. එහි කුසලො යනු අර්ථයයි. ක්‍ෂීණාශ්‍රවයාම සර්වප්‍රකාරයෙන් අවිද්‍යාව ප්‍රහීණ කළ බැවින් ප්‍රඥාවේ විපුලත්වයට පැමිණියේ මේ ඉපදීම් ආදියෙහි දක්ෂයා වෙයි. මෙසේ අශෛක්‍ෂ පුද්ගලයාගේ කුසලතාව එක් කොටසකින් ප්‍රකට කොට නැවත ඉතිරි නැතිව දක්වමින් මහතා කොසල්ලෙන සමන්නාගතො යි කියන ලදි.

පරිනිට‍්ඨිතසික‍්ඛස‍්ස අසෙඛස‍්ස සතොකාරිතාය අඤ‍්ඤං පයොජනං නත්‍ථීති වුත‍්තං “දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථ”න‍්ති. ඉදානි යථානිද‍්දිට‍්ඨං සෙඛාසෙඛපටිපදං නිගමෙන‍්තො “ඉමා ද‍්වෙ චරියා”තිආදිමාහ. තත්‍ථ බොජ‍්ඣන‍්ති බුජ‍්ඣිතබ‍්බං. තං චතුබ‍්බිධන‍්ති තං බොජ‍්ඣං චතුබ‍්බිධං, චතුසච‍්චභාවතො. එවං ජානාතීති එවං පරිඤ‍්ඤාභිසමයාදිවසෙන යො ජානාති. අයං වුච‍්චතීති අයං අසෙඛො සතිවෙපුල‍්ලප‍්පත‍්තො නිප‍්පරියායෙන “සතො අභික‍්කමතී”තිආදිනා වුච‍්චතීති. සෙසං උත‍්තානත්‍ථමෙව. ඉධාපි පුච‍්ඡාවිස‍්සජ‍්ජනවිචයා පුබ‍්බෙ වුත‍්තනයානුසාරෙන වෙදිතබ‍්බා.

නිම වූ ශික්‍ෂා ඇති අශෛක්‍ෂ පුද්ගලයාට සතියෙන් කළයුතු වෙනත් ප්‍රයෝජනයක් නැතැයි දිට්ඨධම්ම සුඛ විහාරත්‍ථං යි කියන ලදි. දැන් දක්වන ලද පරිදි ශෛක්‍ෂ අශෛක්‍ෂ ප්‍රතිපදාව නිගමනය කරනුයේ ඉමා ද්වෙ චරියා යනාදිය කියන ලදි. එහි බොජ්ඣං යනු අවබෝධ කළයුතු යනුයි. තං චතුබ්බිධං යනු ඒ අවබෝධ කළයුතු දේ සිව්වැදෑරුම් වේ යනුයි. චතුසත්‍ය බැවිනි. එවං ජානාති යනු මෙසේ විශේෂ වූ අවබෝධය ආදී වශයෙන් යමෙක් දනී ද එයයි. අයං වුච්චති යනු මේ අශෛක්‍ෂ පුද්ගලයා සතියෙන් විපුලත්වයට පැමිණියේ වෙනස් නොකළ හැකි සේ සිහියෙන් ඉදිරියට යන්නේය ආදියෙන් කියනු ලැබේ යනුයි. සෙස්ස ප්‍රකටමය. මෙහි ද විමසීම් විසඳීම් පරීක්‍ෂණය පෙර කියන ලද ක්‍රමය අනුසාරයෙන් දතයුතුය.

එත‍්තාවතා ච මහාථෙරො විචයහාරං විභජන‍්තො අජිතසුත‍්තවසෙන (සු· නි· 103 ආදයො; චූළනි· අජිතමාණවපුච‍්ඡා 57 ආදයො, අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 1 ආදයො) පුච‍්ඡාවිචයං විස‍්සජ‍්ජනවිචයඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි සුත‍්තන‍්තරෙසුපි පුච‍්ඡාවිස‍්සජ‍්ජනවිචයානං නයං දස‍්සෙන‍්තො “එවං පුච‍්ඡිතබ‍්බං, එවං විස‍්සජ‍්ජිතබ‍්බ”න‍්ති ආහ. තත්‍ථ එවන‍්ති ඉමිනා නයෙන. පුච‍්ඡිතබ‍්බන‍්ති පුච‍්ඡා කාතබ‍්බා, ආචික‍්ඛිතබ‍්බා වා, විවෙචෙතබ‍්බාති අත්‍ථො. එවං විස‍්සජ‍්ජිතන‍්ති එත්‍ථාපි එසෙව නයො. සුත‍්තස‍්ස චාතිආදි අනුගීතිවිචයනිදස‍්සනං. අනුගීති අත්‍ථතො ච බ්‍යඤ‍්ජනතො ච සමානෙතබ‍්බාති සුත‍්තන‍්තරදෙසනාසඞ‍්ඛාතා අනුගීති අත්‍ථතො බ්‍යඤ‍්ජනතො ච සංවණ‍්ණියමානෙන සුත‍්තෙන සමානා සදිසී කාතබ‍්බා, තස‍්මිං වා සුත‍්තෙ සම‍්මා ආනෙතබ‍්බා. අත්‍ථාපගතන‍්ති අත්‍ථතො අපෙතං, අසම‍්බන්‍ධත්‍ථං වා දසදාළිමාදිවචනං විය. තෙනෙවාහ “සම‍්ඵප‍්පලාපං භවතී”ති. එතෙන අත්‍ථස‍්ස සමානෙතබ‍්බතාය කාරණමාහ. දුන‍්නික‍්ඛිත‍්තස‍්සාති අසම‍්මාවුත‍්තස‍්ස. දුන‍්නයොති දුක‍්ඛෙන නෙතබ‍්බො, නෙතුං වා අසක‍්කුණෙය්‍යො. බ්‍යඤ‍්ජනුපෙතන‍්ති සභාවනිරුත‍්තිසමුපෙතං.

මහතෙරුන් වහන්සේ මෙපමණකින් විචය හාරය බෙදා දක්වමින් අජිත සූත්‍රය වශයෙන් විමසීම් පරීක්‍ෂණය ද විසඳීම් පරීක්‍ෂණය දක්වා දැන් සූත්‍රාන්තරයන්හි ද විමසීම්-විසඳීම් පරීක්‍ෂණයන්හි න්‍යාය දක්වනුයේ එවං පුච්ඡිතබ්බං එවං විස්සජ්ජිතබ්බං යි කියන ලදහ. එහි එවං යනු මේ ක්‍රමයෙන් යනුයි. පුච්ඡිතබ්බං යනු විමසීම කළයුතු යනුයි. ඇසිය යුතු හෝ විවේචනය කළයුතු යන අර්ථයයි. එවං විස්සජ්ජිතබ්බං යන මෙහි ද ඒ ක්‍රමයමයි. සුත්තස්ස ච යනාදිය අනුගීති විචය දැක්වීමකි. අනුගීති අත්‍ථතො බ්‍යඤ්ජනතො ච සමානෙතබ්බා යනු සූත්‍රාන්තර දේශනා සංඛ්‍යාත අනුගීතිය අර්ථ වශයෙන් ද බ්‍යඤ්ජන වශයෙන් ද වර්ණනා කරනු ලබන සූත්‍රය හා සමානව ගැලපෙන පරිදි කළයුතුය. ඒ සූත්‍රය මනාව ගෙන ආ යුතුය යනුයි. අත්‍ථාපගතං යනු අර්ථයෙන් පහ වූ යනුයි. එහෙයින්ම සම්ඵප්පලාපං භවති යි කියන ලදි. මෙයින් අර්ථයේ පැමිණවිය යුතු හේතුව කියන ලදි. දුන්නික්ඛිතස්ස යනු වැරදි ලෙස තබන ලද යනුයි. දුන්නයො යනු දුකසේ පැමිණවිය යුතු යනුයි. පමුණුවන්නට නොහැකි හෝ යනුයි. බ්‍යඤ්ජනූපෙතං යනු ස්වභාව නිරුක්තිායෙන් යුක්ත වූ යනුයි.

එවං අනුගීතිවිචයං දස‍්සෙත්‍වා නිද‍්දෙසවාරෙ “සුත‍්තස‍්ස යො පවිචයො”ති සංඛිත‍්තෙන වුත‍්තමත්‍ථං විභජිතුං “සුත‍්තඤ‍්ච පවිචිනිතබ‍්බ”න‍්ති වත්‍වා තස‍්ස විචිනනාකාරං දස‍්සෙන‍්තො “කිං ඉදං සුත‍්තං ආහච‍්චවචන”න‍්තිආදිමාහ. තත්‍ථ ආහච‍්චවචනන‍්ති භගවතො ඨානකරණානි ආහච‍්ච අභිහන‍්ත්‍වා පවත‍්තවචනං, සම‍්මාසම‍්බුද‍්ධෙන සාමං දෙසිතසුත‍්තන‍්ති අත්‍ථො. අනුසන්‍ධිවචනන‍්ති සාවකභාසිතං. තඤ‍්හි භගවතො වචනං අනුසන්‍ධෙත්‍වා පවත‍්තනතො “අනුසන්‍ධිවචන”න‍්ති වුත‍්තන‍්ති. නීතත්‍ථන‍්ති යථාරුතවසෙන ඤාතබ‍්බත්‍ථං. නෙය්‍යත්‍ථන‍්ති නිද‍්ධාරෙත්‍වා ගහෙතබ‍්බත්‍ථං. සංකිලෙසභාගියන‍්තිආදීනං පදානං අත්‍ථො පට‍්ඨානවාරවණ‍්ණනායං ආවි භවිස‍්සති. යස‍්මා පන භගවතො දෙසනා සොළසවිධෙ සාසනපට‍්ඨානෙ එකං භාගං අභජන‍්තී නාම නත්‍ථි, තස‍්මා සොපි නයො විචෙතබ‍්බභාවෙන ඉධ නික‍්ඛිත‍්තො.

මෙසේ අනුගීති විචය දක්වා නිද්දේස වාරයෙහි සුත්තස්ස යො පවිචයො යනුවෙන් කෙටියෙන් කියන ලද අර්ථය බෙදා දක්වන්නට සුත්තං පවිචිනිතබ්බං යි කියා එහි පරීක්‍ෂණ විධිය දක්වන්නේ කිං ඉදං සුත්තං ආහච්ච වචනං යනාදිය කියන ලදි. එහි ආහච්ච වචනං යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ථාන කරණ ආදිය ඝට්ටනය කොට, නසා පවත්වන ලද වචනයයි. සම්‍යක් සම්බුදුරදුන් විසින් එකවිට දේශනා කරන ලද සූත්‍රයකි යන අර්ථයයි. අනුසන්‍ධි වචනං යනු ශ්‍රාවක භාෂිතයයි. එය වනාහි භාග්‍යවතුන් වහන්සේගේ වචනය හා ගළපා පවතින හෙයින් අනුසන්‍ධි වචනය යැයි කියන ලදි. නීතත්‍ථං යනු කියන ලද පරිදි දතයුතු අර්ථයයි. නෙය්‍යයත්‍ථං යනු නිර්ධාරණය කොට ගතයුතු අර්ථයයි. සංකිලෙස භාගියං යනාදි පදයන්ගේ අර්ථය පට්ඨාන වාර වර්ණනාවේදී ප්‍රකට වන්නේය. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සොළොස් වැදෑරුම් සාසන පට්ඨානයෙහි එක් කොටසක් භජනය නොකරන්නේ නොවේ. එහෙයින් එම න්‍යාය ද විවේචනය කළයුතු බැවින් මෙහි ඇතුළත් කරන ලදි.

කුහිං ඉමස‍්ස සුත‍්තස‍්සාති ඉමස‍්ස සුත‍්තස‍්ස කස‍්මිං පදෙසෙ ආදිමජ‍්ඣපරියොසානෙසු. සබ‍්බානි සච‍්චානි පස‍්සිතබ‍්බානීති දුක‍්ඛසච‍්චං සුත‍්තස‍්ස “කුහිං කස‍්මිං පදෙසෙ කස‍්මිං වා පදෙ පස‍්සිතබ‍්බං නිද‍්ධාරෙත්‍වා විචෙතුං, සමුදයසච‍්චං නිරොධසච‍්චං මග‍්ගසච‍්චං කුහිං පස‍්සිතබ‍්බං දට‍්ඨබ‍්බං නිද‍්ධාරෙත්‍වා විචෙතු”න‍්ති එවං සබ‍්බානි සච‍්චානි උද‍්ධරිත්‍වා විචෙතබ‍්බානීති අධිප‍්පායො. ආදිමජ‍්ඣපරියොසානෙති එවං සුත‍්තං පවිචෙතබ‍්බන‍්ති ආදිතො මජ‍්ඣතො පරියොසානතො ච එවං ඉමිනා පුච‍්ඡාවිචයාදිනයෙන සුත‍්තං පවිචිතබ‍්බන‍්ති අත්‍ථො. එත්‍ථ ච පුච‍්ඡාවිස‍්සජ‍්ජනපුබ‍්බාපරානුගීතිවිචයා පාළියං සරූපෙනෙව දස‍්සිතා. අස‍්සාදාදිවිචයො පන සච‍්චනිද‍්ධාරණමුඛෙන නයතො දස‍්සිතො, සො නිද‍්දෙසවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. තබ‍්බිචයෙනෙව ච පදවිචයො සිද‍්ධොති.

කුහිං ඉමස්ස සුත්තස්ස යනු මේ සූත්‍රයේ මුල මැද කෙළවර යන කවර තැනක හෝ යනුයි. සබ්බානි සච්චානි පස්සිතබ්බානි යනු දුක්ඛ සත්‍යය සූත්‍රයේ කොතැන කවර පෙදෙසක හෝ කවර පදයක හෝ දැකිය යුතුදැයි නිර්ධාරණය කොට විවේචනය කරන්නට සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කොතැනක දැකිය යුතු ද දතයුතුදැයි නිර්ධාරණය කොට විවේචනය කරන්නට මෙසේ සියලු සත්‍යයන් උපුටා විවේචනය කළ යුතුය යන අදහසයි. ආදිමජ්ඣ පරියොසානෙති එවං සුත්තං පවිචෙතබ්බං යනු මුලින් ද මැදින් ද අගින් ද වහයෙන් මෙසේ මේ ඇසීම් විවේචනය කිරීම් ආදී ක්‍රමයෙන් සූත්‍රය පරීක්‍ෂා කළ යුතුය යන අර්ථයයි. මෙහි ද පුච්ඡා විස්සජ්ජන පූර්ව අපර අනුගීති විචයයන් පාළියෙහි ඇති පරිදිම දක්වන ලදී. ආශ්වාද ආදි විචය සත්‍ය නිර්ධාරණ මුඛයෙන් නය වශයෙන් දක්වන ලදි. එය නිද්දේස වාරයේ කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. ඒ පරීක්‍ෂණයෙන්ම පද විචය සිද්ධ විය.

විචයහාරවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

විචය හාර විභංග වර්ණනාව නිමි.