ද්වාදසපදං අට්ඨකථා
ද්වාදසපදං
ද්වාදසපදං
ඉදානි යෙසං බ්යඤ්ජනපදානං අත්ථපදානඤ්ච වසෙන ද්වාදස පදානි සුත්තන්ති වුත්තං, තානි පදානි නිද්දිසිතුං “අක්ඛරං පද”න්තිආදිමාහ. තත්ථ අපරියොසිතෙ පදෙ වණ්ණො අක්ඛරං පරියායවසෙන අක්ඛරණතො අසඤ්චරණතො. න හි වණ්ණස්ස පරියායො විජ්ජති, අථ වණ්ණොති කෙනට්ඨෙන වණ්ණො? අත්ථසංවණ්ණනට්ඨෙන. වණ්ණො එව හි ඉත්තරඛණතාය අපරාපරභාවෙන පවත්තො පදාදිභාවෙන ගය්හමානො යථාසම්බන්ධං තං තං අත්ථං වදති . එකක්ඛරං වා පදං අක්ඛරං, කෙචි පන “මනසා දෙසනාවාචාය අක්ඛරණතො අක්ඛර”න්ති වදන්ති.
දැන් යම් බ්‍යඤ්ජන පදයන්ගේ ද අර්ථ පදයන්ගේ ද වශයෙන් ද්වාදසපදානි සුත්තං යැයි කියන ලද ද ඒ පදයන් දක්වන්නට අක්ඛරංපදං යන ආදිය කියන ලදි. එහි නොරක්නා ලද පදයෙහි ඇති වර්ණය අක්ෂරය නමි. පර්යාය වශයෙන් ක්ෂය නොවන බැවින් හා වෙන තැනකට නොහැසිරෙන බැවිනි. වර්ණය පිළිබඳ සමාන වචනයක් විද්‍යමාන නොවේ. එහෙයින් වණ්ණො යන තැන කවර අර්ථයකින් වර්ණ නම් වේද? අර්ථ සංවර්ණනා අර්ථයෙනි. ස්වල්ප වේලාවක් උසුරුවන හෙයින් වර්ණයම පූර්වාපර වශයෙන් පැවතියේ පදයක මුලින්ම ගනු ලබන්නේ සම්බන්ධය ඇති පරිදි ඒ ඒ අර්ථය ප්‍රකාශ කරයි. එක් අකුරක් හෝ පදයක් අකුරකි. ඇතැමෙක් මනසින් දෙසූ දෙය වචනයෙන් ව්‍යවාහර කරන හෙයින් අක්ෂර නම් වෙතැයි කියති.
පදන්ති පජ්ජති අත්ථො එතෙනාති පදං, තං නාමපදං ආඛ්යාතපදං උපසග්ගපදං නිපාතපදන්ති චතුබ්බිධං. තත්ථ “ඵස්සො වෙදනා චිත්ත”න්ති එවමාදිකං සත්වප්පධානං නාමපදං. “ඵුසති වෙදයති විජානාතී”ති එවමාදිකං කිරියාපධානං ආඛ්යාතපදං. කිරියාවිසෙසග්ගහණනිමිත්තං “ප” ඉති එවමාදිකං උපසග්ගපදං. කිරියාය සත්වස්ස ච සරූපවිසෙසප්පකාසනහෙතුභූතං “එව”න්ති එවමාදිකං නිපාතපදං.
පදං මෙයින් අර්ථය සංස්කරණය කෙරෙයි යන අර්ථයෙන් පද නම් වේ. එය නාමපදය, ආඛ්‍යාත පදය, උපසර්ග පදය, නිපාත පදය යැයි චතුර්විධය. එහි ඵස්සො, වෙදනා, චිත්තං යන මේ ආදී සත්ත්ව ප්‍රධාන දේ නාමපද නම් වේ. ඵුසති, වෙදයති, විජානාති යන මේ ආදි ක්‍රියා ප්‍රධාන දේ ආඛ්‍යාත පද නම් වෙමු. ක්‍රියා විශේෂණ ග්‍රහණ නිමිති වශයෙන් ‘ප’ යන මේ ආදිය උපසර්ග පද නම් වේ. ක්රියාවේ ද සත්ත්වයන්ගේ ද ස්වරූප විශේෂය ප්‍රකාශ කිරීමට හේතු වූ ‘එව’ යන මේ ආදිය නිපාත පද නම් වේ.
බ්යඤ්ජනන්ති සඞ්ඛෙපතො වුත්තං පදාභිහිතං අත්ථං බ්යඤ්ජයතීති බ්යඤ්ජනං, වාක්යං. තං පන අත්ථතො පදසමුදායොති දට්ඨබ්බං. පදමත්තසවනෙපි හි අධිකාරාදිවසෙන ලබ්භමානෙහි පදන්තරෙහි අනුසන්ධානං කත්වාව අත්ථසම්පටිපත්ති හොතීති වාක්යමෙව අත්ථං බ්යඤ්ජයති. නිරුත්තීති ආකාරාභිහිතං නිබ්බචනං නිරුත්ති.
බ්යඤ්ජනං යනු පදයට හිත වූ අර්ථය බබුළුවන්නේ නුයි බ්‍යඤ්ජන වෙතැයි කෙටියෙන් කියන ලදි. වාක්‍යය (යනු) එය අර්ථ වශයෙන් වූ පද සමුදාය යැයි දතයුතුය. පද මාත්‍රයක් ඇසීමේ දී වුවත් අධිකාරාදි වශයෙන් ලැබෙන වෙනත් පදයන්ගෙන් එකට එකතු කොට අර්ථ ප්රතිපාදනය වෙතැයි වාක්‍යයම අර්ථය (බබුළුවයි) ප්‍රකාශ කරයි. නිරුත්ති යනු ආකාරයට හිත වූ නිර්වචනය නිරුත්ති නම් වේ යනුයි.
නිද්දෙසොති නිබ්බචනවිත්ථාරො නිරවසෙසදෙසනත්තා නිද්දෙසො. පදෙහි වාක්යස්ස විභාගො ආකාරො. යදි එවං පදතො ආකාරස්ස කො විසෙසොති? අපරියොසිතෙ වාක්යෙ අවිභජ්ජමානෙ වා තදවයවො පදං. උච්චාරණවසෙන පරියොසිතෙ වාක්යෙ විභජ්ජමානෙ වා තදවයවො ආකාරොති අයමෙතෙසං විසෙසො. ඡට්ඨං වචනං ඡට්ඨවචනං. ආකාරො ඡට්ඨවචනං එතස්සාති ආකාරඡට්ඨවචනං, බ්යඤ්ජනපදං. එත්ථ ච බ්යඤ්ජනන්ති ඉමස්ස පදස්ස අනන්තරං වත්තබ්බං ආකාරපදං නිද්දෙසපදානන්තරං වදන්තෙන “ආකාරඡට්ඨවචන”න්ති වුත්තං, පදානුපුබ්බිකං පන ඉච්ඡන්තෙහි තං බ්යඤ්ජනපදානන්තරමෙව කාතබ්බං. තථා හි වක්ඛති “අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා ආකාරාති, බ්යඤ්ජනෙහි විවරති ආකාරෙහි විභජතී”ති ච. කෙචි පන “ආකාරපදබ්යඤ්ජනනිරුත්තියො ච නිද්දෙසො”ති පඨන්ති. එත්තාව බ්යඤ්ජනං සබ්බන්ති යානිමානි අක්ඛරාදීනි නිද්දිට්ඨානි, එත්තකමෙව සබ්බං බ්යඤ්ජනං, එතෙහි අසඞ්ගහිතං බ්යඤ්ජනං නාම නත්ථීති අත්ථො.
නිද්දෙසො යනු නිර්වචනය විස්තර කිරීමයි. නිරවශේෂව දේශිත බැවින් නිද්දේස නමි. පදයන්ගේ යුත් වාක්‍යයේ විභාගය ආකාරයයි. ඉදින් මෙසේ පද වශයෙන් ආකාරයේ කවර විශේෂයක් ද? නො අවසන් කරන ලද හෝ නොබෙදන ලද වාක්‍යයේ ඒ ඒ අවයව පද නමි. උච්චාරණ වශයෙන් අවසන් වූ හෝ බෙදන ලද හෝ වාක්‍යයේ ඒ ඒ අවයවය ආකාරයයි. සවැනි වචනය මෙයටය යන අර්ථයෙන් ආකාර ඡට්ඨ වචනං යි යෙදේ. බ්‍යඤ්ජන පදයයි. මෙහි ද බ්යඤ්ජනං යනු මේ පදයට අනතුරුව කිවයුතු ආකාර පදය නිද්දේස පදයට අනතුරුව කියන බැවින් ආකාර ඡට්ඨ වචනං යැයි කියන ලදි. පදානුපූර්වත්වය කැමතිවන්නවුන් විසින් එය බ්‍යඤ්ජන පදයන්ට අනතුරුවම කළ යුතුය. එසේම ‘බ්‍යඤ්ජන අප්‍රමාණය. ආකාරයන් අප්‍රමාණයැයි’ කියනු ලැබේ. බ්යඤ්ජනයන්ගෙන් විවරණය කරයි. ආකාරයන්ගෙන් විභජනය කෙරේයැයිද කියනු ලැබේ. කිසිවෙක් ආකාර පද බ්‍යඤ්ජන නිරුත්තියො ච නිද්දෙසො යැයි ද කියත්. එත්තාව බ්යඤ්ජනං සබ්බං යනු යම් මේ අක්ෂරාදියක් දක්වන ලද ද එපමණ සියලු ව්‍යඤ්ජනය. මේවායින් සංග්‍රහ නොකරන ලද ව්‍යඤ්ජනයක් නම් නැත යන අර්ථයයි.
සඞ්කාසනාති සංඛිත්තෙන කාසනා. පකාසනාති පඨමං කාසනා, කාසීයති දීපීයතීති අත්ථො. ඉමිනා හි අත්ථපදද්වයෙන අක්ඛරපදෙහි විභාවියමානො අත්ථාකාරො ගහිතො. යස්මා අක්ඛරෙහි සුය්යමානෙහි සුණන්තානං විසෙසවිධානස්ස කතත්තා පදපරියොසානෙ පදත්ථසම්පටිපත්ති හොති. තථා හි වක්ඛති “තත්ථ භගවා අක්ඛරෙහි සඞ්කාසෙති පදෙහි පකාසෙතීති, අක්ඛරෙහි පදෙහි ච උග්ඝාටෙතී”ති ච.
සංකාසනා යනු කෙටියෙන් ප්‍රකාශ කිරීමයි. පකාසනා යනු පළමුව ප්‍රකාශ කිරීමයි. ප්‍රකාශ කරයි බබළවයි යන අර්ථයයි. මේ පද දෙකින් අක්ෂර පදයන් මගින් බබුළුවනු ලබන අර්ථාකාරය ගන්නා ලදි. යම්හෙයකින් අක්ෂරයන් මගින් ශබ්දකරන විට අසන්නවුන්ගේ විශේෂාවධානය කරන ලද බැවින් පද කෙළවර පදාර්ථ ප්රතිපාදනය වෙයි. එසේම කියනු ලැබේ. එහි භාග්‍යවතුන් වහන්සේ අකුරුවලින් කෙටියෙන් ප්‍රකාශ කරයි. පදයන්ගෙන් ප්‍රකාශ කරත් යනුයි. අකුරුවලින් ද පදවලින් ද වැසුම් හරිතැයිද (කියන ලදි).
විවරණාති විත්ථාරණා. විභජනා ච උත්තානීකම්මඤ්ච පඤ්ඤත්ති ච විභජනුත්තානීකම්මපඤ්ඤත්ති. තත්ථ විභජනාති විභාගකරණං, උභයෙනාපි නිද්දිසනමාහ. ඉධ පුරිමනයෙනෙව බ්යඤ්ජනාකාරෙහි නිද්දිසියමානො අත්ථාකාරො දස්සිතොති දට්ඨබ්බං. උත්තානීකම්මං පාකටකරණං. පකාරෙහි ඤාපනං පඤ්ඤත්ති. ද්වයෙනාපි පටිනිද්දිසනං කථෙති. එත්ථාපි නිරුත්තිනිද්දෙසසඞ්ඛාතෙහි බ්යඤ්ජනපදෙහි නිද්දිසියමානො අත්ථාකාරො වුත්තො, යො පටිනිද්දිසීයතීති වුච්චති. එතෙහීති එතෙහි එව සඞ්කාසනාදිවිනිමුත්තස්ස දෙසනාත්ථස්ස අභාවතො. අත්ථොති සුත්තත්ථො. කම්මන්ති උග්ඝටනාදිකම්මං. සුත්තත්ථෙන හි දෙසනාය පවත්තියමානෙන උග්ඝටිතඤ්ඤුආදිවෙනෙය්යානං චිත්තසන්තානස්ස පබොධනකිරියානිබ්බත්ති. සො ච සුත්තත්ථො සඞ්කාසනාදිආකාරොති. තෙන වුත්තං – “අත්ථො කම්මඤ්ච නිද්දිට්ඨ”න්ති.
විවරණා යනු විස්තර කිරීමයි. විභජනය ද ප්‍රකට කිරීම ද පැනවීම ද විභජනුත්තානී කම්මපඤ්ඤත්ති නමි. එහි විභජනා යනු විභාග කිරීමයි. දෙකින්ම නිර්දේශය කියන ලදි. මෙහි දී පූර්ව න්‍යායෙන්ම බ්‍යඤ්ජන ආකාරයන්ගෙන් දක්වනු ලබන අර්ථාකාරය දක්වන ලදැයි දතයුතුය. උත්තානී කම්මං යනු ප්‍රකට කිරීමයි. ඒ ඒ ප්රකාරයන්ගෙන් හැඟවීමයි. පඤ්ඤත්තං යනු දෙකකින් ඉදිරිපත් කිරීමයැයි කියයි. මෙහිද නිරුක්ති නිර්දේශ සංඛ්‍යාත වූ බ්‍යඤ්ජන පදයන්ගෙන් දක්වනු ලබන අර්ථාකාරය කියන ලදි. යමෙක් නැවත දක්වනු ලැබේ ද එය කියන ලදි. එතෙහි යනු ඒවායින්ම සංකාසනාදියෙන් තොර වූ දේශනාර්ථයක් නොමැති හෙයිනි. අත්ථො යනු සූත්රාර්ථයයි. කම්මං යනු උද්ඝාටන ආදී කර්මයයි. දේශනාවේ පවත්නා සූත්රාර්ථයෙන් උග්ඝටිතඤ්ඤු ආදී හික්මවිය යුතු පුද්ගලයන්ගේ චිත්ත සන්තානයේ ප්‍රබෝධ කිරීම ඇතිවීමයි. ඒ සූත්‍රාර්ථය ද සංකාසනා ආදි ආකාර ඇත්තේය. එහෙයින් ‘අත්ථො කම්මඤ්ච නිද්දිට්ඨං’ යැයි කියන ලදි.
තීණීති ලිඞ්ගවිපල්ලාසෙන වුත්තං, තයොති වුත්තං හොති. නවහි පදෙහීති නවහි කොට්ඨාසෙහි . අත්ථො සමායුත්තොති අත්ථො සම්මා යුත්තො න විනා වත්තති. සබ්බස්ස හි බුද්ධවචනස්ස චතුසච්චප්පකාසනතො අත්ථනයානඤ්ච චතුසච්චයොජනවසෙන පවත්තනතො සබ්බො පාළිඅත්ථො අත්ථනයත්තයසඞ්ගහිතො සඞ්කාසනාදිආකාරවිසෙසවුත්ති චාති.
තීණි යන්න ලිංග විපර්යාසයෙන් කියන ලදි. තයො යැයි කියන ලදි. නවහි පදෙහි යනු නව කොටසකින් යනුයි. අත්ථො සමායුත්තො යනු අර්ථය මනාව යෙදුණේය යනුයි. එය නැතිව නොපවතී (යනුයි) චතුසත්‍ය ප්‍රකාශ කරන බැවින් සියලු බුද්ධ වචනයට ද චතුසත්‍ය යෙදීම් වශයෙන් පවත්නා බැවින් අර්ථ න්‍යායන්ට ද සියලු පාළි අර්ථය අර්ථනයත්වය සංග්‍රහ කරන ලද බැවින් සංකාසනාදි ආකාර විශේෂය පවතී.
ඉදානි යථානිද්දිට්ඨෙ දෙසනාහාරාදිකෙ නෙත්තිප්පකරණස්ස පදත්ථෙ සුඛග්ගහණත්ථං ගණනවසෙන පරිච්ඡින්දිත්වා දස්සෙන්තො “අත්ථස්සා”තිආදිමාහ. තත්ථ චතුබ්බීසාති සොළස හාරා ඡ බ්යඤ්ජනපදානි ද්වෙ කම්මනයාති එවං චතුබ්බීස. උභයන්ති ඡ අත්ථපදානි තයො අත්ථනයාති ඉදං නවවිධං යථාවුත්තං චතුබ්බීසවිධඤ්චාති එතං උභයං. සඞ්කලයිත්වාති සම්පිණ්ඩෙත්වා. “සඞ්ඛෙපයතො”තිපි පාඨො, එකතො කරොන්තස්සාති අත්ථො. එත්තිකාති එතප්පමාණා, ඉතො විනිමුත්තො කොචි නෙත්තිපදත්ථා නත්ථීති අත්ථො.
දැන් දක්වන ලද පරිදි දේශනාහාරාදියෙන් යුත් නෙත්තිප්පකරණයේ පදාර්ථයන් පහසුවෙන් ගැනීම පිණිස ගණන් වශයෙන් පිරිසිඳ දක්වනුයේ අත්ථස්ස යනාදිය දක්වන ලදි. එහි චතුබ්බීසා යනු සොළොස් හාරයන් ෂඩ්විධ බ්‍යඤ්ජන පදයන් කර්ම න්‍යාය දෙක යන මේ විසිහතරයි. උභයං යනු ෂඩ්විධ අර්ථපද ත්‍රිවිධ අර්ථ න්‍යාය යන මේ නවවිධ භේද, මුලින් කියන ලද චතුර්විංශවිධ භේද යන මේ දෙකයි. සංකලයිත්වා යනු සම්පිණ්ඩනය කොට යනුයි. සංඛෙපයතො යනු ද පාඨයකි. එක් කරන්නහුට යන අර්ථයයි. එත්තිකා යනු එපමණ යනුයි. මෙයින් වෙනත් වූ කිසියම් නෙත්ති පදාර්ථයක් නැත යන අර්ථයයි.
එවං තෙත්තිංසපදත්ථාය නෙත්තියා සුත්තස්ස අත්ථපරියෙසනාය යො “සොළස හාරා පඨම”න්ති නයෙහි පඨමං හාරා සංවණ්ණෙතබ්බාති හාරනයානං සංවණ්ණනාක්කමො දස්සිතො, ස්වායං හාරනයානං දෙසනාක්කමෙනෙව සිද්ධො. එවං සිද්ධෙ සති අයං ආරම්භො ඉමමත්ථං දීපෙති – සබ්බෙපිමෙ හාරා නයා ච ඉමිනා දස්සිතක්කමෙනෙව සුත්තෙසු සංවණ්ණනාවසෙන යොජෙතබ්බා, න උප්පටිපාටියාති.
මෙසේ තෙතිස් පදයකින් යුතු නෙත්ති සූත්‍රයේ අර්ථ පර්යේෂණය පිණිස සොළසහාරා පඨමං යැයි නයවලින් පළමුව හාරයන් සංවර්ණනා කළ යුතුයැයි හාරනය පිළිබඳ යම් සංවර්ණනයක් දක්වන ලදද එය මේ හාර නයවල දේශනා ක්‍රමයෙන්ම සිද්ධ වේ. මෙසේ සිද්ධ වූ කල්හි, මේ ආරම්භය මේ අර්ථය බබුළුවයි. මේ සියලු හාරයන් ද නය ද මේ දක්වන ලද ක්‍රමයෙන්ම සූත්‍රයන් සංවර්ණනා කිරීම් වශයෙන් යෙදිය යුතුයි. පිළිවෙල ඉක්මවා නොයෙදිය යුතුයි.
කිං පනෙත්ථ කාරණං, යදෙතෙ හාරා නයා ච ඉමිනාව කමෙන දෙසිතාති? යදිපි නායමනුයොගො කත්ථචි අනුක්කමෙ නිවිසති, අපි ච ධම්මදෙසනාය නිස්සයඵලතදුපායසරීරභූතානං අස්සාදාදීනං විභාවනසභාවත්තා පකතියා සබ්බසුත්තානුරූපාති සුවිඤ්ඤෙය්යභාවතො පරෙසඤ්ච සංවණ්ණනාවිසෙසානං විචයහාරාදීනං පතිට්ඨාභාවතො පඨමං දෙසනාහාරො දස්සිතො.
මෙහිදී මේ හාරයන් සහ නය මේ ක්‍රමයෙන් දේශනා කිරීමේ හේතුව කුමක්ද? ඉදින් මේ අනුයෝගය කිසිතැනෙක දී අනුක්රමයෙන් බැස නොගනියි. එසේ වුවත් ධර්ම දේශනාවේදී ඇසුරු කරගත් ඵලය හා ඊට හේතු වූ ශරීර ඇත්තවුන්ගේ ආශ්වාදාදිය පැහැදිලි කරන ස්වභාව ඇති බැවින් ද ප්‍රකෘතියෙන් සියලු සූත්‍රයන්ට අනුරූප යැයි මනාව දැනගත හැකි බැවින් ද අන්‍ය වූ සංවර්ණනා විශේෂයන් වූ විචය හාර ආදිය පිහිටුවන බැවින් ද පළමුව දේශනා හාරය දක්වන ලදි.
පදපුච්ඡාවිස්සජ්ජනපුබ්බාපරානුගීතීහි සද්ධිං දෙසනාහාරපදත්ථානං පවිචයසභාවතාය තස්ස අනන්තරං විචයො. තථා හි වක්ඛති “පදං විචිනති…පෙ… ආණත්තිං විචිනති අනුගීතිං විචිනතී”ති.
පදයන් විමසීම විසඳීම පූර්වාපර අනුගීතීන් සමග දේශනාහාර පදාර්ථයන්ගේ රැස්කරන ස්වභාව ඇති බැවින් ඊට අනතුරුව විචයහාරය වේ. එහෙයින්ම ‘පදං විචිනති -පෙ- ආණත්තිං විචින්ති අනුගීතිං විචින්ති’ යැයි කියන ලදි.
විචයෙන හාරෙන පවිචිතානං අත්ථානං යුත්තායුත්තිවිචාරණා යුත්තාති යුත්තිවිචාරණභාවතො විචයානන්තරං යුත්තිහාරො වුත්තො. තථා හි වක්ඛති – “විචයෙන හාරෙන විචිනිත්වා යුත්තිහාරෙන යොජෙතබ්බ”න්ති.
විචය හාරයෙන් රැස්කරන ලද අර්ථයෙන් යුක්තායුක්තිය විමසීම යුතුයැයි යුක්ති විචාරණ භාවයෙන් විචය හාරයට අනතුරුව යුත්ති හාරය කියන ලදි. එහෙයින් විචයෙන හාරෙන විචිනිත්වා යුත්ති හාරෙන යොජෙතබ්බං යනුවෙන් කියනු ලැබේ.
යුත්තායුත්තානංයෙව අත්ථානං උපපත්තිඅනුරූපං කාරණපරම්පරාය නිද්ධාරණලක්ඛණං පදට්ඨානචින්තනං කත්තබ්බන්ති යුත්තිහාරානන්තරං පදට්ඨානහාරො දස්සිතො. තථා හි වක්ඛති – “යො කොචි උපනිස්සයො යො කොචි පච්චයො ච, සබ්බො සො පදට්ඨාන”න්ති.
යුක්තායුක්ත අර්ථයන්ගේ ම උත්පත්තියට අනුරූප වූ කරුණු රැසින් නිර්ධාරණ ලක්ෂණය වූ පදස්ථාන ගැන සිතීම කළ යුතුයැයි යුත්ති හාරයට පසුව පදට්ඨාන හාරය දක්වන ලදි. එහෙයින් යො කොචි උපනිස්සයො යො කොචි පච්චයො ච සබ්බො සො පදට්ඨානං යැයි කියනු ලැබේ.
යුත්තායුත්තානං කාරණපරම්පරාය පරිග්ගහිතසභාවානංයෙව ච ධම්මානං අවුත්තානම්පි එකලක්ඛණතාය ගහණං කාතබ්බන්ති දස්සනත්ථං පදට්ඨානානන්තරං ලක්ඛණො හාරො වුත්තො. තථා හි ලක්ඛණහාරවිභඞ්ගෙ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”තිආදිනා පටිච්චසමුප්පාදං දස්සෙත්වා “එවං යෙ ධම්මා එකලක්ඛණා”තිආදි වුත්තං.
යුක්තායුක්තයන්ට හේතු වූ දෙයින් ගන්නා ලද ස්වභාව ඇති නොකියන ලද ධර්මයන්ම ඒක ලක්ෂණ ඇති බැවින් ගැනීම කළ යුතුයැයි දක්වන්නට පදට්ඨාන හාරයට අනතුරුව ලක්ඛණ හාරය කියන ලදි. එහෙයින්ම ලක්ඛණහාර විභංගයේ දී අවිජ්ජාපච්චයා සංඛාරා ආදියෙන් පටිච්චසමුප්පාදය දක්වා එවං යෙච ධම්මා එකලක්ඛණා යනාදිය කියන ලදි.
අත්ථතො නිද්ධාරිතානම්පි ධම්මානං නිබ්බචනාදීනි වත්තබ්බානි, න සුත්තෙ සරූපතො ආගතානමෙවාති දස්සනත්ථං ලක්ඛණානන්තරං චතුබ්යූහො වුත්තො. එවඤ්හි නිරවසෙසතො අත්ථාවබොධො හොති, එවඤ්ච කත්වා “යදා හි භික්ඛු අත්ථස්ස ච නාමං ජානාති ධම්මස්ස ච නාමං ජානාති තථා තථා නං අභිනිරොපෙතී”ති අනවසෙසපරියාදානං වක්ඛති. තථා “පුනප්පුනං ගබ්භමුපෙතී”ති එත්ථ “යෙ ජරාමරණෙන අට්ටියිතුකාමා භවිස්සන්ති , තෙ භවිස්සන්ති භොජනෙ මත්තඤ්ඤුනො ඉන්ද්රියෙසු ගුත්තද්වාරා”තිආදිනා සම්මාපටිපත්තිං අධිප්පායභාවෙන වක්ඛති.
අර්ථ වශයෙන් නිර්ධාරණය කරන ලද ධර්මයන්ගේ ද නිර්වචන පැවතිය යුතුය. සූත්‍රයේ ස්වරූප වශයෙන් නොආ බව දැක්වීමට ලක්ෂණ හාරයට පසුව චතුබ්යූහ හාරය කියන ලදි. මෙසේ නිරවශේෂව අර්ථාවබෝධය වේ. මෙසේ කොට ‘භික්ෂුව යම්විටෙක අර්ථ නාමය දනී ද ධර්මයේ නාමය දනී ද ඒ ඒ තැන ඒ ඒ කරුණු ආරෝපණය කරයි යැයි අනවශේෂ පරියාදානය (ග්‍රහණය) කියනු ලබයි. එසේම ‘නැවත නැවත ගැබට පැමිණෙයි’ යන මෙහිද ‘යමෙක් ජරාමරණ පිළිකුල් කරනු කැමැත්තේ වන්නේ ද ඔවුහු භෝජනයෙහි පමණ දන්නෝ වන්නාහුය. ඉන්ද්‍රියන් පිළිබඳ වසන ලද දොරටු ඇත්තෝ වන්නාහුය’ ආදී වශයෙන් සම්‍යක් ප්‍රතිපත්තිය අදහස් කිරීම් වශයෙන් කියනු ලබයි.
නිබ්බචනාධිප්පායනිදානවචනෙහි සද්ධිං සුත්තෙ පදත්ථානං සුත්තන්තරසංසන්දනසඞ්ඛාතෙ පුබ්බාපරවිචාරෙ දස්සිතෙ තෙසං සභාගවිසභාගධම්මන්තරාවට්ටනං සුඛෙන සක්කා දස්සෙතුන්ති චතුබ්යූහානන්තරං ආවට්ටො වුත්තො. තෙනෙව හි “ආරම්භථ නික්කමථා”ති ගාථායං ආරම්භනික්කමනබුද්ධසාසනයොගධුනනෙහි වීරියසමාධිපඤ්ඤින්ද්රියානි නිද්ධාරෙත්වා තදනුයොගස්ස මූලං “පමාදො”ති සුත්තන්තරෙ දස්සිතො පමාදො ආවට්ටිතො.
නිර්වචන අධිප්‍රායය නිදාන වචනයන් සමග සූත්‍රයේ පදාර්ථයන්හි සූත්රාන්තර සන්සන්දන සංඛ්‍යාත පූර්වාපර විචාරය දැක්වූ කල්හි ඒ සභාව විසභාග ධර්මයන්ගේ අනතුරු යෙදීම පහසුවෙන් දේශනා කරන්නට හැකියැයි චතුබ්යූහ හාරයට පසුව ආවට්ට හාරය කියන ලදි. එහෙයින්ම ආරභථ නික්ඛමථ යන ගාථාවේ ආරම්භය නික්මීම බුද්ධශාසන යෝග කම්පනයන්ගෙන් වීර්ය සමාධිය ප්‍රඥා ඉන්ද්රිය නිර්ධාරණය කොට ඊට සුදුසු වූ මූලය ප්රමාදයැයි සූත්රාන්තරයන්හි දක්වන ලද ප්‍රමාදය පෙරලන ලදි. (ආවර්තනය කරන ලදී.)
සභාගවිසභාගධම්මාවට්ටනෙ නියොජිතෙ සාධාරණාසාධාරණවසෙන සංකිලෙසවොදානධම්මානං පදට්ඨානතො භූමිතො ච විභාගො සක්කා සුඛෙන යොජිතුන්ති ආවට්ටානන්තරං විභත්තිහාරො වුත්තො. යතො විභත්තිහාරවිභඞ්ගෙ “කතමෙ ධම්මා සාධාරණා? ද්වෙ ධම්මා සාධාරණා, නාමසාධාරණා වත්ථුසාධාරණා චා”ති ආරභිත්වා “මිච්ඡත්තනියතානං සත්තානං අනියතානඤ්ච සත්තානං දස්සනප්පහාතබ්බා කිලෙසා සාධාරණා, පුථුජ්ජනස්ස සොතාපන්නස්ස ච කාමරාගබ්යාපාදා සාධාරණා”තිආදිනා සභාගවිසභාගපරියායවන්තෙයෙව ධම්මෙ විභජිස්සති.
සභාව විසභාග ධර්මයන් පරිවර්තනය කිරීමෙහි යෙදූ කල්හි සාධාරණ අසාධාරණ වශයෙන් සංකිලේස වොදාන ධර්මයන් පදස්ථාන වශයෙන් ද භූමි වශයෙන් ද විභාග කිරීම පහසුවෙන් යෙදිය හැකියයි ආවට්ටන හාරයට අනතුරුව විභත්ති හාරය කියන ලදි. යම් හෙයකින් විභත්ති හාර විභංගයෙහි කතමෙ ධම්මා සාධාරණා. ද්වෙ ධම්මා සාධාරණා නාම. සාධාරණ වත්ථු සාධාරණා යැයි ඇරඹී මිථ්යාත්ම නියත සත්ත්වයන්ගේ ද අනියත සත්ත්වයන්ගේ ද දර්ශනයෙන් ප්රහාණය කළ යුතු කෙලෙස් සාධාරණය. පෘථග්ජනයාට ද සෝතාපන්නයාට ද කාමරාග ව්‍යාපාදයන් සාධාරණය ආදී වශයෙන් සභාග විසභාග පර්යායයෙන්ම ධර්මයන් බෙදා දක්වන්නේය.
සාවජ්ජානවජ්ජධම්මානං සප්පටිභාගාභාවතො තෙසං විභාගෙ කතෙ සුත්තාගතෙ ධම්මෙ අකසිරෙන පටිපක්ඛතො පරිවත්තෙතුං සක්කාති විභත්තිඅනන්තරං පරිවත්තනහාරො වුත්තො. තථා හි “සම්මාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා භවතී”ති පටිවිභත්තසභාවෙ එව ධම්මෙ පරිවත්තනහාරවිභඞ්ගෙ උදාහරිස්සති.
සාවද්‍ය අනවද්‍ය ධර්මයන්ගේ සප්‍රතිභාග භාවය ඒවා විභාග කළවිට සූත්‍රාගත ධර්මයන් පහසුවෙන් ප්රතිපක්ෂ වශයෙන් පරිවර්තනය කරන්නට හැකියැයි විභත්ති හාරයට අනතුරුව පරිවර්තන හාරය කියන ලදි. එහෙයින්ම සම්මා දිට්ඨිය ඇති පුද්ගලයාගේ මිථ්‍යා දෘෂ්ටිය දිරා ගියේ යැයි බෙදා දැක්වූ ස්වභාවයෙහිම ධර්මයන් පරිවර්තන හාර විභංගයෙහි ගෙනහැර පාන්නේය.
පටිපක්ඛතො පරිවත්තිතාපි ධම්මා පරියායවචනෙහි බොධෙතබ්බා, න සුත්තෙ ආගතායෙවාති දස්සනත්ථං පරිවත්තනානන්තරං වෙවචනහාරො වුත්තො.
ප්රතිපක්ෂව පැවති ධර්මයෝ ද පර්යාය වචනයන්ගෙන් අවබෝධ කටයුතුය. සූත්‍රයේ ආ දෙයින්ම නොවේ යැයි දක්වන්නට පරිවර්තන හාරයට අනතුරුව වෙවචන හාරය කියන ලදි.
එවං තෙ ධම්මා පරියායසද්දතොපි විභාවිතා හොන්තීති පරියායතො පකාසිතානං ධම්මානං පභෙදතො පඤ්ඤත්තිවසෙන විභජනං සුඛෙන සක්කා ඤාතුන්ති වෙවචනහාරානන්තරං පඤ්ඤත්තිහාරො වුත්තො. තථා හි සුත්තෙ ආගතධම්මානං පරියායපඤ්ඤත්තිවිභාගං සුබොධනඤ්ච පඤ්ඤත්තිහාරවිභඞ්ගෙ වක්ඛති.
මෙසේ ඒ ධර්මයෝ සමාන ශබ්ද වශයෙන් ද විභාවනය කරන ලදහයි පර්යාය වශයෙන් ප්‍රකාශ කරන ලද ධර්මයන්ගේ ප්‍රභේද වශයෙන්, ප්රඥප්ති වශයෙන් බෙදා දැක්වීම පහසුවෙන් දැනගත හැකියයි වේවචන හාරයට අනතුරුව ප්රඥප්තිහාරය කියන ලදි. එහෙයින්ම සූත්‍රාගත ධර්මයන්ගේ පර්යාය ප්රඥප්ති විභාගය සුබෝධකරව පඤ්ඤත්තිහාර විභංගයෙහි කියනු ලැබේ.
පභාවපරිඤ්ඤාදිපඤ්ඤත්තිවිභාගමුඛෙන පටිච්චසමුප්පාදසච්චාදිධම්මවිභාගෙ කතෙ සුත්තෙ ආගතධම්මානං පටිච්චසමුප්පාදාදිමුඛෙන අවධාරණං සක්කා දස්සෙතුන්ති පඤ්ඤත්තිඅනන්තරං ඔතරණො හාරො වුත්තො. තථා හි “උද්ධං අධො”ති ගාථං උද්දිසිත්වා “විප්පමුත්තො”ති පදෙන අසෙක්ඛං විජ්ජං නිද්ධාරෙත්වා “විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො”තිආදිනා පටිච්චසමුප්පාදං උදාහරිස්සති.
ප්රභවය අවබෝධය ආදි ප්රඥප්ති විභාග මුඛයෙන් පටිච්චසමුප්පාද චතුසත්‍ය ආදි ධර්ම විභාගයන් කළ කල්හි සූත්‍රාගත ධර්මයන් පිළිබඳව පටිච්චසමුප්පාදාදී වශයෙන් අවධාරණය කරන්නට හැකියැයි දක්වන්නට පඤ්ඤත්ති හාරයට අනතුරුව ඔතරණ හාරය කියන ලදි. එහෙයින්ම උද්ධං අධො යන ගාථාව උදෙසා විප්පමුත්තො යන පදයෙන් අශෛක්ෂ වූ විද්‍යාව නිර්ධාරණය කොට විජ්ජුප්පාදා අවිජ්ජා නිරොධො යනාදී වශයෙන් පටිච්චසමුප්පාදය ගෙනහැරපාන්නේය.
ධාතායතනාදීසු ඔතාරිතානං සුත්තෙ පදත්ථානං පුච්ඡාරම්භවිසොධනං සක්කා සුඛෙන සම්පාදෙතුන්ති ඔතරණානන්තරං සොධනො හාරො වුත්තො. තථා හි වක්ඛති – “යත්ථ එවං සුද්ධො ආරම්භො, සො පඤ්හො විස්සජ්ජිතො භවතී”තිආදි.
ධාතු ආයතනාදියෙහි බැසගත් සූත්‍ර පදාර්ථයන් පිළිබඳ විමසීම් ඇරඹීම් විශෝධනයන් පහසුවෙන් සම්පාදනය කරන්නට හැකියැයි ඕතරණ හාරයට අනතුරුව සොධන හාරය කියන ලදි. එහෙයින්ම ‘යම් තැනක මෙසේ ශුද්ධ වූ ආරම්භයක් වේ ද, ඒ ප්රශ්නය විසඳන ලද්දේය’ යනාදිය කියනු ලැබේ.
විසොධිතෙසු සුත්තෙ පදපදත්ථෙසු තත්ථ ලබ්භමානසාමඤ්ඤවිසෙසභාවො සුකරො හොතීති දස්සෙතුං සොධනානන්තරං අධිට්ඨානො හාරො දස්සිතො. සොධනො හි අධිට්ඨානස්ස බහූපකාරො, තතො එව හි “යථා යථා වා පන පුච්ඡිතං, තථා තථා විස්සජ්ජයිතබ්බ”න්ති වක්ඛති.
සූත්‍රයේ පද හා පදාර්ථයන් විශෝධනය කළ කල්හි එහිදී ලැබෙන සාමාන්‍ය විශේෂත්වය දක්වන්නට පහසු වේයැයි ශෝධන හාරයට අනතුරුව අධිට්ඨාන හාරය දක්වන ලදි. සොධනය අධිට්ඨාන හාරයට බොහෝ උපකාර වේ. එහෙයින්ම ‘ඉදින් එකක් වශයෙන් හෝ වෙනස්ව හෝ යම් යම්සේ විමසනු ලැබේ ද ඒ ඒ අයුරින් විසඳිය යුතුයැ’යි කියනු ලැබේ.
සාමඤ්ඤවිසෙසභූතෙසු සාධාරණාසාධාරණෙසු ධම්මෙසු පවෙදිතෙසු පරික්ඛාරසඞ්ඛාතස්ස සාධාරණාසාධාරණරූපස්ස පච්චයහෙතුරාසිස්ස පභෙදො සුවිඤ්ඤෙය්යොති අධිට්ඨානානන්තරං පරික්ඛාරො වුත්තො . තථා හි වක්ඛති “අසාධාරණලක්ඛණො හෙතු, සාධාරණලක්ඛණො පච්චයො. යථා කිං භවෙ, යථා අඞ්කුරස්ස නිබ්බත්තියා බීජං අසාධාරණං, පථවී ආපො ච සාධාරණා”තිආදි.
සාමාන්‍ය විශේෂ වශයෙන් වූ සාධාරණ අසාධාරණ ලක්ෂණ ප්‍රකාශ කළ කල්හි පරිෂ්කාර සංඛ්‍යාත සාධාරණ අසාධාරණරූපී වූ ප්‍රත්‍ය හේතු රාශියේ ප්‍රභේදය මනාව අවබෝධ කරගත හැක්කේ යැයි අධිට්ඨාන හාරයට පසුව පරික්ඛාර හාරය කියන ලදි. එහෙයින්ම ‘අසාධාරණ ලක්ෂණ හේතුවයි. සාධාරණ ලක්ෂණය ප්‍රත්‍යයයි’ කියනු ලැබේ. නිදසුන් මෙසේය. කෙසේ වන්නේ ද? යම්සේ අංකුරයක නිපැයීමට බීජය අසාධාරණ වේ ද පඨවි, ආපෝ, ලක්ෂණ සාධාරණ වේ ද එසේය.
අසාධාරණෙ සාධාරණෙ ච කාරණෙ දස්සිතෙ තස්ස අත්තනො ඵලෙසු කාරණාකාරො තෙසං හෙතුඵලානං පභෙදතො දෙසනාකාරො භාවෙතබ්බපහාතබ්බධම්මානං භාවනාපහානානි ච නිද්ධාරෙත්වා වුච්චමානානි සම්මා සුත්තස්ස අත්ථං තථත්තාවබොධාය සංවත්තන්තීති පරික්ඛාරානන්තරං සමාරොපනො හාරො දස්සිතොති. ඉදං හාරානං අනුක්කමකාරණං.
අසාධාරණ වූ ද සාධාරණ වූ ද කරුණු දැක්වූ කල්හි ඒ පිළිබඳ ස්වකීය ඵලයන්හි කාරණ අකාරය ද ඒ හේතුඵලයන්ගේ ප්‍රභේද වශයෙන් දේශනා කරන ආකාරය ද වැඩිය යුතු ප්රහාණය කළ යුතු කරුණුවල වර්ධනය හා ප්රහාණය ද නිර්ධාරණය කොට කියනු ලබන සූත්‍රාර්ථය සත්‍ය ලෙස මනා අවබෝධය පිණිස පවතී යැයි පරික්ඛාර හාරයට අනතුරුව සමාරොපන හාරය දක්වන ලදි. මෙය හාරයන්ගේ අනුක්‍රම හේතුවයි.
නයානං පන වෙනෙය්යත්තයප්පයොජිතත්තා අත්ථනයත්තයූපදෙසස්ස තදනුක්කමෙනෙව නන්දියාවට්ටාදීනං තිණ්ණං අත්ථනයානං කමො වෙදිතබ්බො. උග්ඝටිතඤ්ඤුආදයො හි තයො වෙනෙය්යා නන්දියාවට්ටාදයො පයොජෙන්ති. තස්මා තෙ උද්දෙසනිද්දෙසපටිනිද්දෙසා විය යථාක්කමං තෙසං උපකාරාය සවංත්තන්තීති. තථා හි නෙසං චත්තාරො ඡ අට්ඨ ච මූලපදා නිද්දිට්ඨා. ඉතරස්ස පන නයද්වයස්ස අත්ථනයත්තයස්ස භූමියා ආලොචනං තස්ස තත්ථ සමානයනඤ්චාති ඉමිනා කාරණෙන උද්දෙසක්කමො වෙදිතබ්බො. න හි සක්කා අනොලොකෙත්වා සමානෙතුන්ති.
අර්ථ නය තුන පිළිබඳ උපදේශය න්‍යායන් පිළිබඳ වෙනෙයත්වය තුණ නොයොදන ලද බැවින් ඒ ක්‍රමයෙන්ම නන්දියාවට්ට ආදී ත්‍රිවිධ අර්ථනය ක්‍රමය දතයුතුය. උග්ඝටිතඤ්ඤු ආදී ත්‍රිවිධ වෙනෙය්යයන් (හික්මවිය යුතු පුද්ගලයන්) නන්දියාවට්ට ආදිය ප්‍රයෝජනයට ගනිත්. එහෙයින් ඒවා උද්දේස නිද්දේස පටිනිද්දේසයන් මෙන් පිළිවෙලින් ඔවුන්ගේ උපකාරය පිණිස පවතින්නේ ය. එහෙයින්ම ඒවායේ සතරක් වූ ද සයක් වූ ද අටක් වූ ද මූලපද නිර්දේශ කරන ලදි. අර්ථ නයත්වය ඇති කරන ඉතිරි නය දෙකෙහි භූමිය පිළිබඳ සලකා බැලීම ඊට සමානයැයි මේ කාරණයෙන් උද්දේස ක්‍රමය දතයුතුය. නොසලකා බලා ගෙනහැර දක්වන්නට නොහැකිය.
එතපරමතා ච හාරානං එත්තකෙහි පකාරවිසෙසෙහි අත්ථනයත්තයසහිතෙහි සුත්තස්ස අත්ථො නිද්ධාරියමානො වෙනෙය්යානං අලමනුත්තරාය පඨමාය භූමියා සමධිගමායාති වෙදිතබ්බො. දස්සනභූමිසමනුප්පත්තිඅත්ථා හි නෙත්තිප්පකරණදෙසනාති. අථ වා එතදන්තොගධත්තා සබ්බෙසං සුත්තස්ස සංවණ්ණනාවිසෙසානං එත්තාවතා හාරානං දට්ඨබ්බා. යත්තකා හි සුත්තස්ස සංවණ්ණනාවිසෙසා, සබ්බෙ තෙ නෙත්තිඋපදෙසායත්තාති වුත්තොවායමත්ථො.
මෙපමණ වූ හාරයන්ගේ අර්ථනයත්වය සහිත වූ මෙපමණ වූ ආකාර විශේෂයන්ගෙන් සූත්‍රාර්ථය නිර්ධාරණය කරනු ලබන්නේ විනේයයන්ට පළමු භූමියෙහි අනුත්තර වූ සමාධිය ලැබීම පිණිස ප්‍රමාණවත් යැයි දතයුතුය. දර්ශන භූමි ශ්‍රවණ උත්පත්ති අර්ථයෙන් නෙත්තිප්පකරණ දේශනය වේ. එසේ නැතහොත් එයට ඇතුළත් වූ බැවින් සූත්‍රයේ සියලු සංවර්ණනා විශේෂයන් සතුව මෙපමණ හාරයන් ඇති බව දතයුතුයි. සූත්‍රයේ සංවර්ණනා විශේෂයෙන් යම් පමණක් වේ ද, ඒ සියල්ල නෙත්ති උපදේශයට අයත්යැයි යන මේ අර්ථය කියන ලදි.
තථා හි යෙ කෙචි සුත්තස්ස සංවණ්ණනාපකාරා නිද්දිසීයන්ති. සෙය්යථිදං – සුත්තස්ස සමුට්ඨානං වත්තබ්බං, අධිප්පායො විභාවෙතබ්බො, අනෙකධා පදත්ථො සංවණ්ණෙතබ්බො, විධි අනුවාදො ච වෙදිතබ්බො, විරොධො සමාධාතබ්බො, අනුසන්ධියා අනුරූපං නිගමෙතබ්බන්ති. තථා සුත්තස්ස පයොජනං පිණ්ඩත්ථො පදත්ථො අනුසන්ධි චොදනා පරිහාරො ච අත්ථං වදන්තෙන වත්තබ්බාති. තථා උපොග්ඝාටපදවිග්ගහපදත්ථචාලනාපච්චුපට්ඨානානි වත්තබ්බානීති.
එසේම සූත්‍රය පිළිබඳ කිසියම් සංවර්ණනා ප්‍රකාරයන් ද දක්වනු ලැබේ. ඒ මෙසේය. සූත්‍රයේ හටගැනීම කිවයුතුයි. අධිප්‍රායය දැක්විය යුතුය. නන් අයුරින් පදාර්ථ සංවර්ණනා කළ යුතුයි. විධි අනුවාදය ද දතයුතුයි. විරෝධය නැංවිය යුතුය. අනුසන්ධියට අනුරූපව නිගමනය කළ යුතුය. එසේම අර්ථ කියන්නා විසින් සූත්‍රයේ ප්‍රයෝජනය පිණ්ඩාර්ථය පදාර්ථය අනුසන්ධි වොදානා පරිහාරයන් ද කිවයුතුය. එසේම උදාහරණ, පදවිග්රහ, පදාර්ථ චාලනය හා සමීප කිරීම ද කිවයුතුය.
තථා තිස්සො කථා එකනාළිකා චතුරස්සා නිසින්නවත්තිකා. තත්ථ පාළිං වත්වා එකෙකපදස්ස අත්ථකථනං එකනාළිකා නාම.
එසේම ත්‍රිවිධ කථාව, ඒකනාළිකාව, චතුරස්සය හා නිස්සන වත්තිකය ද (කිවයුතුය) එහි පෙළ ප්‍රකාශ කොට එක් එක් පදයක අර්ථ කථනය දැක්වීම එක නාළිකාව නම් වේ.
පටිපක්ඛං දස්සෙත්වා පටිපක්ඛස්ස උපමං දස්සෙත්වා සපක්ඛං දස්සෙත්වා සපක්ඛස්ස උපමං දස්සෙත්වා කථනං චතුරස්සා නාම.
ප්රතිපක්ෂ දෙය දක්වා (ඒ) ප්රතිපක්ෂ දෙය පිළිබඳ උපමාව දක්වා, සපක්ෂ දෙය දක්වා (ඒ) සපක්ෂ දෙය පිළිබඳ උපමාව දක්වා අර්ථකථනය කිරීම චතුරස්සය නම් වේ.
විසභාගධම්මවසෙනෙව පරියොසානං ගන්ත්වා පුන සභාගධම්මවසෙනෙව පරියොසානගමනං නිසින්නවත්තිකා නාම.
විසභාග ධර්ම වශයෙන්ම කෙළවරට ගොස් නැවත සභාග ධර්ම වශයෙන්ම කෙළවරට යාම නිස්සනවත්තිකා නම් වේ.
භෙදකථාය තත්වකථාය පරියායවචනෙහි ච සුත්තං සංවණ්ණෙතබ්බන්ති ච එවමාදයො. තෙසම්පි එත්ථෙව අවරොධො, යස්මා තෙ ඉධ කතිපයහාරසඞ්ගහිතාති.
භේද කථනයෙන් ද තත්ව කථනයෙන් ද පර්යාය වචනයන්ගෙන් ද සූත්‍රය සංවර්ණනා කළ යුතුය යන මේ ආදියයි. ඒ පිළිබඳ අවරෝධය මෙහිම වේ. මෙහිදී ඒවා හාර කිහිපයක සංගෘහීත බැවිනි.
නයානං පන යස්මා උග්ඝටිතඤ්ඤුආදයො තයො එව වෙනෙය්යා සච්චාභිසමයභාගිනො තදත්ථාය ච අත්ථනයදෙසනා, තස්මා සතිපි සංකිලෙසවොදානධම්මානං යථාවුත්තමූලපදභෙදතො වඩ්ඪෙත්වා විභජිතබ්බප්පකාරෙ තථා මූලපදානි අවඩ්ඪෙත්වා වෙනෙය්යත්තයවසෙනෙව එතපරමතා වුත්තා. නවසු නවසු එව හි මූලපදෙසු සබ්බෙසං සංකිලෙසවොදානධම්මානං අන්තොගධභාවතො න තානි වඩ්ඪෙතබ්බානි වෙනෙය්යත්තයාධිකාරතො න හාපෙතබ්බානීති නයානං එතපරමතා දට්ඨබ්බා.
යම්හෙයකින් නය පිළිබඳව උග්ඝටිතඤ්ඤු ආදි ත්‍රිවිධ විනේය පුද්ගලයෝ සත්‍යාවබෝධයට භාග්‍යවත් වෙති. ඒ සඳහා ද අර්ථනය දේශනාව පවතී. එහෙයින් සංකිලෙස වොදාන ධර්මයන් ඇතිකල්හි ද කියන ලද පරිදි මූලපද භේද වශයෙන් වර්ධනය කොට බෙදිය යුතු ප්‍රකාරයෙහි ද එසේම මූලපද වර්ධනය නොකොට වේනෙයත්වය වශයෙන්ම මෙපමණක් දේ කියන ලදි. නවයක් නවයක් වූ මූලපදයන්හි සියලු සංකිලෙස වොදාන ධර්මයන් ඇතුළත් වන බැවින් ඒවා නොවැඩිය යුතුය. වෙනෙයත්වය බලපවත්වන බැවින් අත්හැරීම ද නොකළ යුතුය. නය පිළිබඳ මෙපමණ දේ දතයුතුය.
කම්මනයානං පන ආලොචනසමානයනතො අඤ්ඤස්ස පකාරන්තරස්ස අසම්භවතො එතපරමතා. හෙත්වාදීති එත්ථ ආදිසද්දෙන ඵලභූමිඋපනිසාසභාගවිසභාගලක්ඛණනයාදයො පරිග්ගහිතා. තෙසු හෙතූති කාරණං, යො ධම්මොතිපි වුච්චති, සො පන පච්චයභාවෙන එකවිධො. කාරකො සම්පාපකොති දුවිධො. පුන කාරකො ඤාපකො සම්පාපකොති තිවිධො. හෙතුහෙතු පච්චයහෙතු උත්තමහෙතු සාධාරණහෙතූති චතුබ්බිධො. පච්චයධම්මො කුසලො අකුසලො සද්දො අරියමග්ගොති පඤ්චවිධො. තථා සභාගහෙතු අසභාගහෙතු අජ්ඣත්තිකහෙතු බාහිරහෙතු ජනකහෙතු පරිග්ගාහකහෙතු සාධාරණහෙතු අසාධාරණහෙතු සමනන්තරහෙතු පරම්පරහෙතු සහජාතහෙතු අසහජාතහෙතු සාසවහෙතු අනාසවහෙතූතිආදිනා අනෙකවිධො චාති වෙදිතබ්බො.
කර්ම නය පිළිබඳ ආලෝචන සමානයන (සලකා බැලීම හා පැමිණවීම) ඇති හෙයින් අන්‍ය වූ ප්‍රකාරයක් දක්නා නොලැබෙන නිසා මෙපමණක්ම වේ. හෙත්වාදි යන මෙහි ආදි ශබ්දයෙන් ඵලභූමිය හේතුවෙන් සභාග විසභාග ලක්ෂණ නය ආදිය ගන්නා ලදි. ඒවායින් හේතු යනු කාරණයයි. යමෙක් ධර්මයැයි ද කියනු ලැබේ. එය වනාහි ප්‍රත්‍ය භාවයෙන් ඒකවිධය. කාරකය. සම්පාපකය යැයි ද්විධය. නැවත කාරකය. ඤාපකය, සම්පාපකය යැයි ත්‍රිවිධය. හේතුහේතු, පච්චය හේතු, උත්තමහේතු, සාධාරණ හේතු යැයි චතුර්විධය. පච්චය ධර්මය, කුසලය, අකුසලය, ශබ්දය, ආර්ය මාර්ගය යැයි පංචවිධය. එසේම සභාග හේතු, අසභාග හේතු, අජ්ඣත්තික හේතු, බාහිර හේතු, ජනක හේතු, පරිග්ගාහක හේතු, සාධාරණ හේතු, අසාධාරණ හේතු, සමනන්තරහේතු, පරම්පර හේතු, සහජාත හේතු, අසහජාත හේතු, සාසව හේතු, අනාසව හේතු යනාදි වශයෙන් අනෙකවිධ යැයි දතයුතුය.
ඵලම්පි පච්චයුප්පන්නභාවෙන එකවිධං. අධිගන්තබ්බතොපි සම්පාපකහෙතුවසෙන ඵලපරියායො ලබ්භතීති නිබ්බත්තෙතබ්බඅධිගන්තබ්බභාවතො දුවිධං. ඤාපෙතබ්බනිබ්බත්තෙතබ්බපත්තබ්බතො තිවිධං. පච්චයුප්පන්නවිපාකකිරියාවචනත්ථනිබ්බානවසෙන පඤ්චවිධං. සභාගහෙතුනිබ්බත්තං අසභාගහෙතුනිබ්බත්තන්ති එවමාදිවසෙන අනෙකවිධඤ්චාති වෙදිතබ්බං. තථා ලොකියං ලොකුත්තරන්ති. තත්ථ ලොකුත්තරං චත්තාරි සාමඤ්ඤඵලානි. ලොකියඵලං දුවිධං කායිකං මානසඤ්ච . තත්ථ කායිකං පඤ්චද්වාරිකං, අවසිට්ඨං මානසං. යඤ්ච තාය තාය සුත්තදෙසනාය සාධෙතබ්බං, තදපි ඵලන්ති.
හේතුවෙන් උපන් බැවින් ඵලය ද එක්වැදෑරුම්ය. සම්පාපක (පැමිණවිය යුතු) හේතු වශයෙන් ලැබිය යුතු වුව ද ඵල පර්යාය ලබත්නුයි උපදවිය යුතු අවබෝධ කළයුතු බැවින් දෙවැදෑරුම්ය. දැනගත යුතු, උපදවිය යුතු, පැමිණිය යුතු බැවින් තෙවැදෑරුම්ය. හේතුවෙන් හටගත්, විපාක, ක්‍රියා වචනාර්ථ නිර්වාණ වශයෙන් පස්වැදෑරුම්ය. සභාග හේතුවෙන් උපන් දෙය අසභාග හේතුවෙන් උපන් දෙය යන මේ ආදි වශයෙන් අනේකවිධ යැයි දතයුතුයි. එසේම ලෞකික ලෝකුත්තර වශයෙන් ද ප්රභේදගතය. එහි ලෝකුත්තර යනු චතුර්විධ ශ්‍රමණ ඵලයන්ය. ලෞකික ඵලය කායික හා මානසික වශයෙන් දෙවැදෑරුම්ය. එහි කායික යනු පංචද්වාරිකයයි. ඉතිරිය මානසිකය. ඒ ඒ සූත්‍ර දේශනාවෙන් යමක් සාධනය කළයුතු නම් එය ද ඵලයයි.
භූමීති සාසවභූමි අනාසවභූමි සඞ්ඛතභූමි අසඞ්ඛතභූමි දස්සනභූමි භාවනාභූමි පුථුජ්ජනභූමි සෙක්ඛභූමි අසෙක්ඛභූමි සාවකභූමි පච්චෙකබුද්ධභූමි සම්මාසම්බුද්ධභූමි ඣානභූමි අසමාහිතභූමි පටිපජ්ජමානභූමි පටිපන්නභූමි පඨමාභූමි යාව චතුත්ථීභූමි කාමාවචරභූමි යාව ලොකුත්තරභූමීති බහුවිධා. තත්ථ සාසවභූමි පරිත්තමහග්ගතා ධම්මා. අනාසවභූමි අප්පමාණා ධම්මා. සඞ්ඛතභූමි නිබ්බානවජ්ජා සබ්බෙ සභාවධම්මා. අසඞ්ඛතභූමි අප්පච්චයා ධම්මා. දස්සනභූමි පඨමමග්ගඵලධම්මා. භාවනාභූමි අවසිට්ඨමග්ගඵලධම්මා. පුථුජ්ජනභූමි හීනමජ්ඣිමා ධම්මා. සෙක්ඛභූමි චත්තාරො අරියමග්ගධම්මා හෙට්ඨිමා ච තයො ඵලධම්මා. අසෙක්ඛභූමි අග්ගඵලධම්මා. සාවකපච්චෙකබුද්ධබුද්ධධම්මා සාවකාදිභූමියො. ඣානභූමි ඣානධම්මා. අසමාහිතභූමි ඣානවජ්ජිතා ධම්මා. පටිපජ්ජමානභූමි මග්ගධම්මා. පටිපන්නභූමි ඵලධම්මා. පඨමාදිභූමියො සහ ඵලෙන චත්තාරො මග්ගා අපරියාපන්නා ධම්මා “පඨමාය භූමියා පත්තියා”තිආදිවචනතො. කාමාවචරාදිභූමියො කාමාවචරාදිධම්මා. යෙ ච ධම්මා තෙසං තෙසං හාරනයානං පතිට්ඨානභාවෙන සුත්තෙසු නිද්ධාරීයන්ති, තෙපි භූමියොති විඤ්ඤාතබ්බා.
භූමිය ද සාසව භූමිය, අනාසව භූමිය, සංඛත භූමිය, අසංඛත භූමිය, දස්සන භූමිය, භාවනා භූමිය, පුථුජ්ජන භූමිය, සෙඛ භූමිය, අසෙඛ භූමිය, සාවක භූමිය, පච්චේක බුද්ධ භූමිය, සම්මා සම්බුද්ධ භූමිය, ධ්‍යාන භූමිය, අසමාහිත භූමිය, පටිපජ්ජමාන භූමිය, පටිපන්න භූමිය, පළමු භූමිය, සතරවැනි ධ්‍යානය දක්වා වූ භූමිය, කාමාවචර භූමිය, ලෝකුත්තර භූමිය දක්වා වූ භූමිය යැයි නන්වැදෑරුම්ය. එහි ස්වල්ප වූ මහද්ගත ධර්ම සාසව භූමියයි. අප්‍රමාණ ධර්මයෝ අනාසව භූමියයි. නිවන හැරුණු කොට සියලු ස්වභාවධර්ම සංඛත භූමියයි. හේතුවලින් හට නොගත් ධර්ම අසංඛත භූමියයි. පළමු මාර්ගඵල ධර්ම දස්සන භූමියයි. සෙසු මාර්ගඵල ධර්ම භාවනා භූමියයි. හීන මධ්‍යම ධර්ම පුථුජ්ජන භූමියයි. සතර ආර්ය මාර්ග ධර්ම ද ඊට යටින් වූ ත්‍රිවිධ ඵල ධර්ම ද සේඛ භූමියයි. අග්‍රඵල ධර්මයෝ අසෙඛ භූමියයි. ශ්‍රාවක ප්රත්යෙක බුද්ධ හා බුද්ධ ධර්මයෝ සාවකාදී භූමීහුය. ධ්‍යාන ධර්මයෝ ධ්‍යාන භූමියයි. ධ්‍යානවලින් තොර වූ ධර්ම, අසමාහිත භූමියයි. මාර්ග ධර්මයෝ පටිපජ්ජමාන භූමියයි. ඵල ධර්මයෝ පටිපන්න භූමියයි. ඵලයන් සමග සතර මාර්ගයන් ද පඨමාය භූමියා පත්තියා’ යනාදි වචන අනුව ඊට අයත් නොවූ ධර්ම ද කාමාවචර ආදී ධර්මයෝ කාමාවචර භූමියයි. යම් ධර්මයක් ඒ ඒ හාර නයවල පිහිටුවීම් වශයෙන් සූත්‍රයන්හි නිර්ධාරණය කරනු ලැබේ ද ඒවා ද භූමීහු යයි දතයුතුය.
උපනිසාති බලවකාරණං, යො උපනිස්සයපච්චයොති වුච්චති. යඤ්ච සන්ධාය සුත්තෙ “දුක්ඛූපනිසා සද්ධා සද්ධූපනිසං ‘සීල’න්ති යාව විමුත්තූපනිසං විමුත්තිඤාණදස්සන”න්ති වුත්තං. අපි ච උපනිසාති තස්මිං තස්මිං සමයෙ සිද්ධන්තෙ හදයභූතං අබ්භන්තරං වුච්චති. ඉධාපි නෙත්තිහදයං, යං සම්මා පරිග්ගණ්හන්තා ධම්මකථිකා තස්මිං තස්මිං සුත්තෙ ආගතධම්මමුඛෙන සබ්බහාරනයයොජනාය සමත්ථා හොන්ති. කිං පනෙතං නෙත්තිහදයං? යදිදං එතස්සෙව තෙත්තිංසවිධස්ස පකරණපදත්ථසොළසස්ස අට්ඨවීසතිවිධපට්ඨානවිභඞ්ගසහිතස්ස විසයො සහ නිමිත්තවිභාගෙන අසඞ්කරතො වවත්ථිතො.
උපනිසා යනු දැඩි කරුණකි. යමක් හේතුප්රත්යයයි කියනු ලැබේ ද එයයි. යමක් සඳහා සූත්‍රයෙහි දුක නිසා (හේතු කරගෙන) සද්ධාව වේ. සද්ධාව නිසා සීලය යයි ද විමුත්තිය නිසා විමුත්ති ඤාණ දර්ශනය යැයි ද කියන ලද ද එයයි. තව ද උපනිසා යනුවෙන් ඒ ඒ කාලයේ සිද්ධාන්තයන්ට හෘදය වූ අභ්‍යන්තරය කියනු ලැබේ. මෙහිදී නෙත්ති හෘදයයි. ධර්ම කථිකයෝ යමක් මනාව ග්‍රහණය කරන්නාහු ඒ ඒ සූත්‍රාගත ධර්ම මූඛයෙන් සියලු හාර නය යෙදීමට සමත් වෙත්. මේ නෙත්ති හෘදය යනු කුමක් ද? එනම් විසිඅට වැදෑරුම් පට්ඨාන විභාගය සහිත වූ මේ තෙතිස් ප්රකරණ පදාර්ථ දහසයේ විෂයය නිමිති සහිත බෙදීමෙන් අසංකීර්ණව විසඳන ලදි.
සෙය්යථිදං – දෙසනාහාරස්ස අස්සාදාදයො විසයො, තස්ස අස්සාදාදිවිභාවනලක්ඛණත්තා. තස්ස අස්සාදො සුඛං සොමනස්සන්ති එවමාදිවිභාගො, තස්ස නිමිත්තං ඉට්ඨාරම්මණාදි, අයඤ්ච අත්ථො දෙසනාහාරවිචයහාරනිද්දෙසවණ්ණනායං විත්ථාරතො පකාසිතො එව. සුත්තෙ ආගතධම්මස්ස සභාගවිසභාගධම්මාවට්ටනවිසයො ආවට්ටහාරො, තදුභයආවට්ටනලක්ඛණත්තා. සුත්තෙ ආගතධම්මානං පච්චනීකධම්මවිසයො පරිවත්තනහාරො, පටිපක්ඛධම්මපරිවත්තනලක්ඛණත්තා. පදට්ඨානපරික්ඛාරෙසු ආසන්නකාරණං උපනිස්සයකාරණඤ්ච පදට්ඨානං, හෙතු පරික්ඛාරොති අයමෙතෙසං විසෙසො.
ඒ මෙසේය. ආශ්වාස ආදිය දේශනාහාරයේ විෂයයයි. එය ආශ්වාදාදිය විභාවනය කරන ලක්ෂණ සහිත (ඇති) බැවිනි. එහි ආශ්වාදය සුඛය සෝමනස්සය යන මේ ආදි විභාගයයි. එහි නිමිත්ත ඉෂ්ට වූ අරමුණු ආදියයි. මේ අර්ථය දේශනා හාර විචය හාර නිර්දේශ වර්ණනාවේදී විස්තර වශයෙන් ප්‍රකාශ කරන ලද්දේමය. සූත්‍රාගත ධර්මය පිළිබඳ සභාග විසභාග ධර්මයන්ගේ ආවර්තන විෂය ආවට්ටන හාර නම් වේ. ඒ දෙකම ආවර්තනය ලක්ෂණය කොට ඇති බැවින්. සූත්‍රාගත ධර්මයන්ගේ විරුද්ධ ධර්ම විෂය පරිවර්තන හාරයයි. ප්රතිපක්ෂ ධර්මයන් පරිවර්තන ලක්ෂණයන් සහිත බැවිනි. පදස්ථාන පරිෂ්කාර හාරයන්හි ආසන්න කාරණය ද උපනිශ්‍රය කාරණය ද පදට්ඨාන නම් වේ. හේතු පරික්ඛාරය යන මෙය ඔවුන්ගේ විශේෂයයි.
සභාගවිසභාගධම්මා ච තෙසං තෙසං ධම්මානං අනුකූලපටිකූලධම්මා යථාක්කමං වෙදිතබ්බා. යථා – සම්මාදිට්ඨියා සම්මාසඞ්කප්පො සභාගො, මිච්ඡාසඞ්කප්පො විසභාගොති ඉමිනා නයෙන සබ්බං සභාගවිසභාගතො වෙදිතබ්බං.
සභාග විසභාග ධර්මයෝ ද ඒ ඒ ධර්මවලට අනුකූල වූ ද විරුද්ධ වූ ද ධර්මයෝ ද පිළිවෙලින් දතයුතුයි. ඒ මෙසේය. සම්මා දිට්ඨියට සම්මා සංකප්පය සභාග වෙයි. මිච්ඡා සංකප්පය විසභාග වෙයි. මේ ක්‍රමයෙන් සියල්ල සභාග විසභාග වශයෙන් දතයුතුය.
ලක්ඛණන්ති සභාවො. සො හාරනයානං නිද්දෙසෙ විභාවිතො එව.
ලක්ෂණය යනු ස්වභාවයයි. එය හාර නය නිද්දේසයේ දී පැහැදිලි කරන ලද්දේමය.
යං පනෙතං හෙතුආදිවිසෙසවිනිමුත්තං හාරනයානං යොජනානිබන්ධනං, සො නයො. යථාහ – ලක්ඛණහාරෙ “එවං යෙ ධම්මා එකලක්ඛණා කිච්චතො ච ලක්ඛණතො ච සාමඤ්ඤතො චා”තිආදි. තථා විචයෙන හාරෙන විචිනිත්වා යුත්තිහාරෙන යොජෙතබ්බාති. තථා සොධනහාරාදීසු සුද්ධො ආරම්භො හොති, සො පඤ්හො විස්සජ්ජිතො භවතීති එවමාදි. එකත්තාදයොපි නයා ඉධ නයොති ගහෙතබ්බා.
හේතු ආදි විශේෂයන්ගෙන් මිදුණු හාර නයවල යම් යෝජනා නිබන්ධයක් වේ නම් එය නය නම් වේ. ලක්ඛණ හාරයෙහි මෙසේ කියන ලදි. මෙසේ යම් ධර්මයෝ ඒක ලක්ෂණ ද (ඒවා කෘත්‍ය වශයෙන් ම කියන ලදි.) (ඒවා) කෘත්‍ය වශයෙන් ද ලක්ෂණ වශයෙන් ද සාමාන්‍ය වශයෙන් ද (කියන ලදි.) එසේම විචය හාරයෙන් එකතුකොට යුත්ති හාරයෙන් යෙදිය යුතුය. එසේම සොධන හාර ආදියෙහි ශුද්ධ වූ ආරම්භයක් වෙයි ද ඒ ප්රශ්නය විසඳන ලද්දේය යන මේ ආදියයි. එකත්ත ආදි නය ද මෙහි නය යනුවෙන් දතයුතුය.
එවං හෙතුඵලාදීනි උපධාරෙත්වා නෙසං වසෙන තත්ථ තත්ථ සුත්තෙ ලබ්භමානපදත්ථනිද්ධාරණමුඛෙන යථාලක්ඛණං එතෙ හාරා නයා ච යොජෙතබ්බා. විසෙසතො පන පදට්ඨානපරික්ඛාරා හෙතුවසෙන. දෙසනාවිචයචතුබ්යූහසමාරොපනා හෙතුඵලවසෙන. තථා වෙවචනපඤ්ඤත්තිඔතරණසොධනා ඵලවසෙනෙවාති කෙචි. විභත්ති හෙතුභූමිවසෙන. පරිවත්තො විසභාගවසෙන. ආවට්ටො සභාගවිසභාගවසෙන. ලක්ඛණයුත්තිඅධිට්ඨානා නයවසෙන යොජෙතබ්බාති. එත්තාවතා ච යං වුත්තං –
මෙසේ හේතුඵල ආදිය සලකා බලා ඒවායේ වශයෙන් ඒ ඒ සූත්‍රයේ ලැබෙන පදාර්ථයන් නිර්ධාරණ කිරීම් වශයෙන් ලක්ෂණ අනුව මේ හාර සහ නය යෙදිය යුතුයි. විශේෂ වශයෙන් වනාහි පදට්ඨාන පරික්ඛාර හාරයන් හේතු වශයෙන්ය. දේශනා, විචය, චතබ්යූහ, සමාරොපන හාරයන් හේතුඵල වශයෙනි. එසේම වෙවචන පඤ්ඤත්ති ඔතරණ සොධන හාරයන් ඵල වශයෙන් හෝ යෙදිය යුතුයැයි කිසිවෙක් කියත්. විභත්ති හාරය හේතු හා භූමි වශයෙනි. පරිවත්තන හාරය විසභාග වශයෙනි. ආවට්ට හාරය සභාග හා විසභාග වශයෙනි. ලක්ෂණ යුක්ති අධිෂ්ඨාන හාරයන් නය වශයෙන් යෙදිය යුතුය.
“සාමඤ්ඤතො විසෙසෙන, පදත්ථො ලක්ඛණං කමො; එත්තාවතා ච හෙත්‍වාදී, වෙදිතබ්බා හි විඤ්ඤුනා”ති.
මෙපමණකින් යමක් කියන ලද ද සාමාන්‍ය වශයෙන් ද විශේෂ වශයෙන් ද පදාර්ථය ලක්ෂණය ක්‍රමය හේතු ආදි මෙපමණ දේ නුවණැත්තා විසින් දතයුතුය,
අයං ගාථා වුත්තත්ථා හොති.
යන මේ ගාථාව කියන ලද අර්ථ ඇත්තේ වෙයි.
නිද්දෙසවාරවණ්ණනා නිට්ඨිතා.
නිද්දේස වාර වර්ණනාව නිමි.