යෙදුමෙන් කියවන්න

2. නිද‍්දෙසවාරො

2. නිද‍්දෙසවාරො

2. නිද්දේසවාරය

තත්‍ථ සංඛෙපතො නෙත‍්ති කිත‍්තිතා:

ඒ උද්දේසපාඨයෙහි සැකෙවින් නෙත්තිප්‍රකරණය කියනලදී. (දැන් ලක්‍ෂණාදිය නිර්දේශ කරනු ලැබේ.)

1. අස‍්සාදාදීනවතා - නිස‍්සරණම‍්පි ච ඵලං උපායො ච, ආණත‍්ති ච භගවතො - යොගීනං දෙසනාහාරො

1. සුඛසෝමනස්සාදි ආස්වාදය ද ත්‍රෛභූමක සංස්කාර සංස්කාර සඞ්ඛ්‍යාත ආදීනවය ද ආර්‍ය්‍ය මාර්‍ග නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිස්සරණය ද ශ්‍රැතමයඥනාදි දේසනාඵලය ද ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වූ පූර්‍වභාගප්‍රතිපදා සඞ්ඛ්‍යාත උපාය ද චතුස්සත්‍යකර්‍මස්ථානයෙහි යුක්ත ප්‍රයුක්ත වූ වෛනෙයයන් සඳහා ආඥාර්‍හ භාග්‍යවතුන් වහන්සේගේ විධාන සඞ්ඛ්‍යාත ආණත්ති ද යන මේ (හෙවත් ආස්වාදාදීන්ගේ විභාගලක්‍ෂණ වූ සංවර්‍ණනා විශේෂය) ‘දේසනාහාර’ නම් වේ.

2. යං පුච‍්ඡිතඤ‍්ච විස‍්සජ‍්ජිතඤ‍්ච - සුත‍්තස‍්ස යා ච අනුගීති, සුත‍්තස‍්ස යො පවිචයො - හාරො විචයොති නිද‍්දිට‍්ඨො.

2. සූත්‍රයාගේ යම් පෘව්ඡාවකුත් ඇද්ද යම් විසඳීමකුත් ඇද්ද අනුගීති සංඛ්‍යාත යම් සංග්‍රහගාථා ඇද්ද, එසේම සූත්‍රාගත ආස්වාදාදියකුත් ඇද්ද එ හැම සෙවීම ලක්‍ෂණ කොට ඇති හාරය ‘විචයහාර’ නමැයි දක්වන ලද්දේය.

3. සබ‍්බෙසං හාරානං - යා භූමී යො ච ගොචරො තෙසං, යුත‍්තායුත‍්තපරික‍්ඛා - හාරො යුත‍්තීති නිද‍්දිට‍්ඨො.

3. සියලු හාරයන්ගේ ව්‍යඤ්ජන සංඛ්‍යාත යම් භූමියක් ඇද්ද සූත්‍රාර්‍ත්‍ථ සංඛ්‍යාත යම් ගෝචරයෙකුත් ඇද්ද ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජනයන්ගේ මහා - අපදේසයන් හා යුක්ත්‍ය යුක්තිබව දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ ‘යුත්තිහාර’ නමැයි දක්වන ලද්දේය.

4. ධම‍්මං දෙසෙති ජිනො - තස‍්ස ච ධම‍්මස‍්ස යං පදට‍්ඨානං, ඉති යාව සබ‍්බධම‍්මා - එසො හාරො පදට‍්ඨානො.

4. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසෙති. ඒ කුශලාදි හේද වූ ධර්‍මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයක් ඇද්ද, මෙසේ සූත්‍රාගත සියලු ධර්‍මනයට පදට්ඨාන (ආසන්නකාරණ) දැක්වීම ලක්‍ෂණ වූ තෙල භාරය ‘පදට්ඨාන’ නම් වේ.

5. වුත‍්තම‍්හි එකධම‍්මෙ - යෙ ධම‍්මා එකලක‍්ඛණා කෙචි, වුත‍්තා භවන‍්ති සබ‍්බෙ - සො හාරො ලක‍්ඛණො නාම.

5. කුශලාදි හෝ ස්කන්‍ධාදි හෝ එක් ධර්‍මයක් සූත්‍රයෙහි වදාළ කල්හි කුශලාදි ස්කන්‍ධාදි භාවයෙන් සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ හැම ධර්‍මයෝ සූත්‍රයෙහි නොදක්වන ලද ද එළවා වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති ඒ භාරය ‘ලක්ඛණහාර’ නම් වේ.

6. නෙරුත‍්තමධිප‍්පායො - බ්‍යඤ‍්ජනමථ දෙසනානිදානඤ‍්ච, පුබ‍්බාපරානුසන්‍ධි - එසො හාරො චතුබ්‍යූහො

6. ව්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රාගත පදනිර්වචන සංඛ්‍යාත නිරුක්තය ද දේශකයන්ගේ අධිප්‍රාය ද යළි දේශනානිදානය ද පූර්‍වාපරානුසන්‍ධි ද චතුර්විධ ලක්‍ෂණයන් වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති තෙල හාරය ‘චතුබ්‍යුහ’ නම් වේ.

7. එකම‍්හි පදට‍්ඨානෙ - පරියෙසති සෙසකං පදට‍්ඨානං, ආවට‍්ටති පටිපක‍්ඛෙ - ආවට‍්ටො නාම සො හාරො.

7. ආරම්භධාතු ආදි වූ (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්‍මයක් දේශනා රූඪ කල්හි ඒ ධර්‍මයට විෂහාගතායෙන් (ප්‍රමාදාදියට ආසන්නකාරණ වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්‍මය ගවේෂණ කෙරෙයි, සොයා ප්‍රතිපක්‍ෂධර්‍මයන් ආවර්‍තන කෙරෙයි, (මෙසේ සහාගවිෂහාග වශයෙන් ආවර්‍තන ලක්‍ෂණ වූ) ඒ හාරය ‘ආවට්ටහාර’ නම් වේ.

8. ධම‍්මං ච පදට‍්ඨානං - භූමිං ච විහජතෙ අයං හාරො, සාධාරණෙ අසාධාරණෙ ච - නෙය්‍යො විභත‍්තීති.

8. සාධාරණ වශයෙන් ද, අසාධාරණ වශයෙන් ද, කුශලාදිභේද වූ ධර්‍මය ද විශේෂාධිගමකාරණ වූ පදට්ඨානය ද පෘථග්ජනභූමි ආදි භූමිය ද (යම් හාරයෙක්) විභාග හෙයින් ප්‍රකාශ කෙරේ ද, මේ හාරය ‘විභක්තිහාර’ නමැයි දතයුතු.

9. කුසලාකුසලෙ ධම‍්මෙ - නිද‍්දිට‍්ඨෙ භාවිතෙ පහීනෙ ච, පරිවත‍්තති පටිපක‍්ඛෙ - හාරො පරිවත‍්තනො නාම.

9. වර්‍ණනා කරනු ලබන සූත්‍රයෙහි වදාළ භාවිතව්‍ය වූ ද ප්‍රහාතව්‍ය වූ ද කුශලාකුශල ධර්‍මයන් ඔවුනට ප්‍රතිපක්‍ෂ වූ අකුශලකුශලයන්ගේ වශයෙන් පරිවර්‍තන කෙරෙයි. ඒ හාරය ‘පරිවත්තනහාර’ නම් වේ.

10. වෙවචනානි බහූනි තු - සුත‍්තෙ වුත‍්තානි එකධම‍්මස‍්ස, යො ජානාති සුත‍්තවිදූ - වෙවචනො නාම සො හාරො.

10. නවාඞ්ගශාසන සංඛ්‍යාත තෙවළාදහම්හි වදාළ එක් පදාර්‍ත්‍ථයක් පිළිබඳ බොහෝ වූ මැ වෙවචනයන් සූත්‍රයෙහි නිපුණ වූ යම් ධර්‍මකථිකයෙක් සූත්‍රවර්‍ණනායෙහි ලා ප්‍රකාශ කෙරෙයි. ඒ හාරය ‘වෙවචන’ නම් වේ.

11. එකං භගවා ධම‍්මං - පඤ‍්ඤත‍්තීහි විවිධාහි දෙසෙති, සො ආකාරො ඤෙය්‍යො - පඤ‍්ඤත‍්ති නාම හාරො’ති.

11. භාග්‍යවත් බුදුහු ස්කන්‍ධාදී එක් ධර්‍මයක් නික්‍ෂේප - ප්‍රහවාදි විවිධ ප්‍රඥප්තීන් දේශනා කෙරෙති. ඒ එක් මැ ධර්‍මාර්‍ත්‍ථයක් අනේකප්‍රඥප්තීන් පනවන ආකාරය ‘පඤ්ඤත්තිහාර’ නමැයි දතයුත්තේය.

12. යො ච පටිච‍්චුප‍්පාදො - ඉන්‍ද්‍රියඛන්‍ධා ච ධාතුආයතනා, එතෙහි ඔතරති යො - ඔතරණො නාම සො හාරො.

12. යම් ප්‍රතීත්‍යමූත්පාදයෙක් ඉන්‍ද්‍රිය ස්කන්‍ධ ධාතු ආයතන කෙනෙක් වෙද්ද සූත්‍රාගත පදාර්‍ත්‍ථද්වාරයෙන් ඒ ප්‍රතීත්‍යසමූත්පාදාදීන්ගේ යම් අවතරණයෙක් ඇද්ද ඒ අවතරණ ලක්‍ෂණ වූ සංවර්‍ණනා විශේෂය ‘ඕතරණහාර’ නම් වේ.

13. විස‍්සජ‍්ජිතම‍්හි පඤ‍්හෙ - ගාථාය පුච‍්ඡිතා යමාරබ‍්භ, සුද‍්ධාසුද‍්ධපරික‍්ඛා - හාරො සො සොධනො නාම.

13. ගාථාදේශනායෙහි ලා යම් අර්‍ත්‍ථයක් අරභයා විචාළ ප්‍රශ්නය බුද්ධාදීන් විසින් විසඳු කල්හි එහි පද ආරම්භාදීන්ගේ ශෝධිතාශෝධිතභාවය විචාරණ ලක්‍ෂණ වූ ඒ හාරය ‘සෝධනහාර’ නම් වේ.

14. එකත‍්තතාය ධම‍්මා - යෙපි ච වෙමත‍්තතාය නිද‍්දිට‍්ඨා, තෙ න විකප‍්පසිතබ‍්බා - එසො හාරො අධිට‍්ඨානො.

14. ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් ද වේමත්තතා සංඛ්‍යාත විශේෂයෙන් ද යම් ධර්‍ම කෙනෙක් සූත්‍රයෙහි වදාරනලද්දාහු ද ඒ ධර්‍මයෝ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි)විකල්පන නොකළයූත්තාහුය. මෙසේ ධර්‍මයන්ගේ සාමාන්‍යවිශේෂනිශ්චය ලක්‍ෂණ වූ තෙල හාරය ‘අධිට්ඨානහාර’නම් වේ.

15. යෙ ධම‍්මා යං ධම‍්මං - ජනයන‍්තිප‍්පච‍්චයා පරම‍්පරතො, හෙතුමවකඩ‍්ඪයිත්‍වා - එසො හාරො පරික‍්ඛාරො.

15. අවිද්‍යාදි යම් ප්‍රත්‍යයධර්‍ම කෙනෙක් සංස්කාරාදි යම් ප්‍රත්‍යයොත්පන්නධර්‍මයක් සහජාතප්‍රත්‍යයභාවයෙන් පරම්පරප්‍රත්‍යයව අනුරූපසන්තානඝටන වශයෙන් උපදවත් ද, ඒ ජනකාදි හේතුව සූත්‍රයෙන් නිශ්චය කොට වර්‍ණනා කරන තෙල හාරය ‘පරික්ඛාරහාර’ නම් වේ.

16. යෙ ධම‍්මා යම‍්මූලා - යෙ චෙකත්‍ථා පකාසිතා මුනිනා, තෙ සමරොපයිතබ‍්බා - එස සමාරොපනො භාරො.

16. යම් ශීලාදි ධර්‍ම කෙනෙක් යම් සමාධිආදි ධර්‍ම කෙනකුන්ට මූල වූවාහු යළි යම් ධර්‍ම කෙනෙක් ඒකාර්‍ත්‍ථ වූවාහු බුද්ධමුනිහු විසින් වදාරන ලදහු ඒ ධර්‍මයෝ පදට්ඨානාදි විසින් සමාරෝපණ කොට වර්‍ණනා කළයුත්තාහුය. තෙල ‘සමාරොපනහාර’ නම් වේ.

(මෙසේ ගාථා විසින් සොළොස් හාර නිර්දේශ කොට දැන් නය නිර්දේශ කෙරෙති.)

17. තණ‍්හඤ‍්ච අවිජ‍්ජම‍්පි ච - සමථෙන විපස‍්සනාය යො නෙති, සච‍්චෙහි යොජයිත්‍වා - අයං නයො නන්‍දියාවට‍්ටො.

17. යම් සංවර්‍ණනා විශේෂයෙක් සූත්‍රාගත තෘෂ්ණාවත් අවිද්‍යාවත් සංක්ලේශ පක්‍ෂයට ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදාන පක්‍ෂයට චතුස්සත්‍යයන් සමඟ යොදා පමුණුවා ද, මේ නය ‘නන්‍දියාවට්ට’ නම් වේ.

18. යො අකුසලෙ සමූලෙහි - නෙති කුසලෙ ච කුසලමූලෙහි, භූතං තථං අවිතථං - තිපුක‍්ඛලං තං නයං ආහු.

18. යම් සංවර්‍ණනාය විශේෂයෙක් ලෝභාදි අකුශලමූලයන් සමඟ ද්වාදශ චිත්තෝත්පාද සංඛ්‍යාත සියලු අකුශලධර්‍මයන් ද අලෝභාදි කුශලමූලයන් සමඟ සියලු චාතුර්භූමක කුශලධර්‍මයන් ද භූත තථ අවිතථ කොට සූත්‍රාර්‍ත්‍ථය චතුස්සත්‍යයෝජනා ද්වාරයෙන් පමුණුවා ද ඒ නයවිශේෂය ‘තිපුක්ඛල’ නමැයි කීහු.

19. යො නෙති විපල‍්ලාසෙහි - කිලෙසෙ ඉන්‍ද්‍රියෙහි සද‍්ධම‍්මෙ, එතං නයං නයවිදූ - සීහවික‍්කීළිතං ආහු.

19. යම් සංවර්‍ණනායවිශේෂයෙක් අශුභයෙහි ශුභ යැ යනාදි චතුර්විධ විපර්‍ය්‍යාසයන්ගෙන් ක්ලේශයන් හෙවත් සංක්ලේශපක්‍ෂය ද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේධ සද්ධර්‍මය හෙවත් වෝදානපක්‍ෂය ද සියුසස් සමඟ යොදා නයන ලක්‍ෂණ වූ තෙල නය සද්ධර්‍මනය දන්නාහු ‘සීහවික්කීළිත’ නමැයි කීහු.

20. වෙය්‍යාකරණෙසු හි යෙ - කුසලාකුසලා තහිං තහිං වුත‍්තා, මනසා වොලොකයතෙ - තං ඛු දිසාලොචනං ආහු.

20. නන්‍දියාවට්ටාදි ඒ ඒ අර්‍ත්‍ථනය යොදනු සඳහා කරනලද සූත්‍රාර්‍ත්‍ථ විස්සජ්ජනයෙහි ලා ඒ ඒ තැන කියනලද ඒ ඒ නයට දිශාභූත වූ යම් කුශලාකුශලධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන් මේ ප්‍රථම දිශා යැ යනාදීන් සිතින් මැ අවලෝකන කෙරෙයි, ඒ පරික්‍ෂාව මැ ‘දිසාලෝචන’යැයි කීහු.

21. ඔලොකෙත්‍වා දිසලොචනෙන - උක‍්ඛිපිය යං සමානෙති, සබ‍්බෙ කුසලාකුසලෙ - අයං නයො අඞ‍්කුසො නාම.

21. දිසාලෝචනනය කරණකොටගෙන ප්‍රථමාදි දිශාභාවයෙන් පරීක්‍ෂා කොට සූත්‍රයෙන් නගාගෙන හැම කුශලාකුශලධර්‍මයන් ඒ ඒ නයයෝජනා වශයෙන් යම් සමානයනයෙක් (පැමිණැවීමෙක්) ඇද්ද මේ ‘අඞ්කුසනය’ නම් වේ.

22. සොළස හාරා පඨමං - දිසලොචනතො දිසා විලොකයිත්‍වා, සංඛිපිය අඞ‍්කුසෙන හි - නයෙහි තීහි නිද‍්දිසෙ සුත‍්තං.

22. ව්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින් පළමු කොට සොළසහාරයෝ යෙදිය යුත්තාහ. දිසාලෝචනනයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූතධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවට්ටාදි තුන්නයින් සූත්‍රය වර්‍ණනා කරන්නේයි.

23. අක‍්ඛරං පදං බ්‍යඤ‍්ජනං - නිරුත‍්ති තථෙව නිද‍්දෙසො, ආකාරඡට‍්ඨවචනං - එත‍්තාව බ්‍යඤ‍්ජනං සබ‍්බං.

23. (දැන් ද්වාදාශපද නිර්දේශ කෙරෙති: ‘අක්ඛරං පදං’ යනාදීන්) අපරියොසිත පදයෙහි වර්‍ණ සංඛ්‍යාත ‘අක්ඛර’ යැ, නාමාඛ්‍යාතාදි චතුර්විධ ‘පද’ යැ පදයෙන් කියනලද අර්‍ත්‍ථප්‍රකාශක පදසමූදායලක්‍ෂණ වූ වාක්‍යසංඛ්‍යාත ‘ව්‍යඤ්ජන’ යැ. වාක්‍යවිභාගයෙන් කියන ලද නිර්වචන සංඛ්‍යාත ‘නිරුක්ති’ යැ, එසෙයින් මැ නිරවශේෂ දේශනා හෙයින් නිර්වචන විස්තර සංඛ්‍යාත ‘නිද්දේස’ යැ, පදයන්ගෙන් වාක්‍යවිභාග සංඛ්‍යාත සවැනි වචන වූ ‘ආකාර’ යැ, යන සියලු ව්‍යඤ්ජනය මෙතෙක් මැ වේ. (ගාථා ඛන්‍ධ විසින් ‘ආකාර’ පදය අන්තයෙහි ලා කිව ද පදානුක්‍රමතා රිසියහු එය ව්‍යඤ්ජන පදයට අනතුරු කොට ගතයුතුය.)

24. සඞ‍්කාසනා පකාසනා - විවරණා විහජනුත‍්තානීකම‍්මපඤ‍්ඤත‍්ති, එතෙහි ඡහි පදෙහි - අත්‍ථො කම‍්මඤ‍්ච නිද‍්දිට‍්ඨං.

24. සැකෙවින් ප්‍රකාශ කරන ‘සඞ්කාසනා’ යැ, ප්‍රථමප්‍රකාශන සංඛ්‍යාත ‘පකාසනා’ යැ, විස්තර කිරීම් සංඛ්‍යාත ‘විවරණා’ යැ, විභාග කිරීම් සංඛ්‍යාත ‘විභජනා’ යැ, ප්‍රකට කිරීම යයි කියනලද ‘උත්තානීකම්ම’ යැ, ප්‍රකාරයෙන් ඥාපන සංඛ්‍යාත ‘පඤ්ඤත්ති’ යැ යන මේ ෂටපදයෙන් සූත්‍රාර්‍ත්‍ථය ද උද්ඝාටනාදි වූ වෛනෙයයන්ගේ චිත්තප්‍රබෝධනක්‍රියාව ද දක්වනලදි. (මේ අර්‍ත්‍ථ පදයන්ගෙන් පිළිවෙළින් අක්ඛර පද ආදි ව්‍යඤ්ජන පදයෙන් දක්වන අර්‍ත්‍ථාකාරය ගන්නා ලද වේ යයි දතයුතු.)

25. තීණි ච නයා අනූනා - අත්‍ථස‍්ස ච ඡප‍්පදානි ගණිතානි, නවහි පදෙහි භගවතො - වචනස‍්ස’ත්‍ථො සමායුත‍්තො.

25. අනූන වූ නන්‍දියාවට්ටාදි තුන් නය ද සඞ්කාසනාදි විසින් ගණන ලද අර්‍ත්‍ථපද සය ද යන නවපදයෙන් හෙවත් නව කොටසින් භාග්‍යවත්හුගේ වචනසංඛ්‍යාත සූත්‍රාර්‍ත්‍ථය මොනොවට යොදන ලද්දේයි.

26. අත්‍ථස‍්ස නව පදානි - බ්‍යඤ‍්ජනපරියෙට‍්ඨියා චතුබ‍්බීස, උභයං සඞ‍්කලයිත්‍වා තෙත‍්තිංසා එත‍්තිකා නෙත‍්තී’ති.

26. යථෝක්ත අර්‍ත්‍ථපද නවය ද ව්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින් ෂෝඩශහාර යැ ව්‍යඤ්ජනපද ෂට්ක යැ කර්‍මනය දෙක යැ යන සූවිසිපදය දැයි මේ දෙක සම්පිණ්ඩන කොට තෙතිස් නෙත්තිපද කෙනෙක් වෙති. නෙත්ති මෙතෙක් මැ වන්නීය’ යි.

(‘සංඛේපයතෝ’ යන පාඨයෙහි සංක්‍ෂිප්ත කොට (එක්කොට) ගන්නාහට යැ යන අර්‍ත්‍ථ යි. කිසි කෙනෙක් අටළොස් මූලපදයනුදු එක්කොට නෙත්ති අවයව එක් පනසෙකැයි කියති. මූලපද සංවර්‍ණනා විශේෂයෙක් නොවූයෙන් නෙත්තිනයෙහි ලා නොගිණුබව සැලැකියැ යුතුය.)

නිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

නිද්දේසවාරය නිමි.