නයසඞ්ඛෙපො අට්ඨකථා
නයසඞ්ඛෙපො
නයසඞ්ඛෙපො
එවං ගාථාබන්ධවසෙන සොළසපි හාරෙ නිද්දිසිත්වා ඉදානි නයෙ නිද්දිසිතුං “තණ්හඤ්චා”තිආදි වුත්තං. තත්ථ තණ්හඤ්ච අවිජ්ජම්පි චාති සුත්තෙ ආගතං අත්ථතො නිද්ධාරණවසෙන වා ගහිතං තණ්හං අවිජ්ජඤ්ච යො නෙතීති සම්බන්ධො. යො සංවණ්ණනාවිසෙසො තං නෙති සංකිලෙසපක්ඛං පාපෙති සංකිලෙසවසෙන සුත්තත්ථං යොජෙතීති අධිප්පායො. සමථෙනාති සමාධිනා. විපස්සනායාති පඤ්ඤාය, යො නෙති වොදානපක්ඛං පාපෙති, තථා සුත්තත්ථං යොජෙතීති අධිප්පායො. සච්චෙහි යොජයිත්වාති නයන්තො ච තණ්හා ච අවිජ්ජා ච භවමූලකත්තා සමුදයසච්චං, අවසෙසා තෙභූමකධම්මා දුක්ඛසච්චං, සමථවිපස්සනා මග්ගසච්චං, තෙන පත්තබ්බා අසඞ්ඛතධාතු නිරොධසච්චන්ති එවං ඉමෙහි චතූහි සච්චෙහි යොජෙත්වා. අයං නයො නන්දියාවට්ටොති යො තණ්හාවිජ්ජාහි සංකිලෙසපක්ඛස්ස සුත්තත්ථස්ස සමථවිපස්සනාහි වොදානපක්ඛස්ස චතුසච්චයොජනමුඛෙන නයනලක්ඛණො සංවණ්ණනාවිසෙසො, අයං නන්දියාවට්ටො නයො නාමාති අත්ථො. එත්ථ ච නයස්ස භූමි ගාථායං “නයො”ති වුත්තා, තස්මා සංවණ්ණනාවිසෙසොති වුත්තං. න හි අත්ථනයො සංවණ්ණනා, චතුසච්චපටිවෙධස්ස අනුරූපො පුබ්බභාගෙ අනුගාහණනයො අත්ථනයො. තස්ස පන යා උග්ඝටිතඤ්ඤුආදීනං වසෙන තණ්හාදිමුඛෙන නයභූමිරචනා, තත්ථ නයවොහාරො.
මෙසේ ගාථා පබැඳීම් වශයෙන් සෝළස (16) හාරයන් දක්වා දැන් නය දක්වන්නට තණ්හඤ්ච යනාදිය කියන ලදි. එහි තණ්හඤ්ච අවිජ්ජම්පි ච යනු සූත්‍රයෙහි ආ අර්ථ වහයෙන් හෝ නිර්ධාරණය කිරීම් වශයෙන් හෝ ගන්නා ලද තෘෂ්ණාව හා අවිද්‍යාවයි. යො නෙති යනු සම්බන්ධයයි. යො යම් සංවර්ණනා විශේෂයක් වේ ද එය නෙති පමුණුවයි. සංකිලේස පක්ෂයට පමුණුවයි. සංකිලේස වශයෙන් සූත්‍රාර්ථය යොදයි යන අධිප්රායයි. සමථෙන සමාධියෙන්. විපස්සනාය ප්‍රඥාවෙන් යමෙක් පිරිසිදු බවට පමුණුවනුයේ තණ්හාව ද අවිද්‍යාව ද භවයට මුල්වන බැවින් සමුදය සත්‍යයයි. ඉතිරි ත්‍රෛභූමක ධර්ම දුක්ඛ සත්‍යයයි. සමථය හා විදර්ශනාව මාර්ග සත්‍යයයි. එයින් පැමිණිය යුතු අසංඛත ධාතුව නිරෝධ සත්‍යයයි. මෙසේ යමෙක් මේ සිව්සස් දිනා ද එය සච්චෙහි යොජයිත්වා (යනුයි.) නම් වේ. මේ නය නන්දියාවට්ට නම් වේ. යමක් තෘෂ්ණා අවිද්යාවන්ගෙන් සංකිලේස පක්ෂය වූ සූත්රාර්ථයට ද සමථ විදර්ශනාවන්ගෙන් වොදාන පක්ෂයට ද චතුසත්‍ය වූ සූත්රාර්ථයට ද සමථ විදර්ශනාවන්ගෙන් වොදාන පක්ෂයට ද චතුසත්‍ය යෙදීම් මුඛයෙන් චක්ෂු ලක්ෂණයට ද යොමු වේ ද මේ සංවර්ණනා විශේෂය නන්දියාවට්ට නයය යන අර්ථයයි. මෙහි දී නයෙහි භූමිය ගාථාවේ දී නයො යැයි කියන ලදි. එහෙයින් සංවර්ණනා විශේෂයකැයි කියන ලදි. අර්ථ නය සංවර්ණනාව නොවේ. චතු සත්‍යය අවබෝධ කරන්නහුට අනුරූප වූ පූර්ව භාගයෙහි අනුව බැසගන්නා නය අර්ථ නය නමි. එහි උග්ඝටිතඤ්ඤු ආදීන්ගේ වශයෙන් තෘෂ්ණා ආදී ආකාරයෙන් යම් නය භූමි රචනයක් වේ ද එහි නය වොහාරය වේ.
අකුසලෙති ද්වාදසචිත්තුප්පාදසඞ්ගහිතෙ සබ්බෙපි අකුසලෙ ධම්මෙ. සමූලෙහීති අත්තනො මූලෙහි, ලොභදොසමොහෙහීති අත්ථො. කුසලෙති සබ්බෙපි චතුභූමකෙ කුසලෙ ධම්මෙ. කුසලමූලෙහීති කුසලෙහි අලොභාදිමූලෙහි යො නෙති. නයන්තො ච කුසලාකුසලං මායාමරීචිආදයො විය අභූතං න හොතීති භූතං. පටඝටාදයො විය න සම්මුතිසච්චමත්තන්ති තථං. අකුසලස්ස ඉට්ඨවිපාකතාභාවතො කුසලස්ස ච අනිට්ඨවිපාකතාභාවතො විපාකෙ සති අවිසංවාදකත්තා අවිතථං නෙති. එවමෙතෙසං තිණ්ණම්පි පදානං කුසලාකුසලවිසෙසනතා දට්ඨබ්බා. අථ වා අකුසලමූලෙහි අකුසලානි කුසලමූලෙහි ච කුසලානි නයන්තො අයං නයො භූතං තථං අවිතථං නෙති, චත්තාරි සච්චානි නිද්ධාරෙත්වා යොජෙතීති අත්ථො. දුක්ඛාදීනි හි බාධකාදිභාවතො අඤ්ඤථාභාවාභාවෙන භූතානි, සච්චසභාවත්තා තථානි, අවිසංවාදනතො අවිතථානි. වුත්තඤ්හෙතං භගවතා “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානී”ති (සං· නි· 5.1090). තිපුක්ඛලං තං නයං ආහූති යො අකුසලමූලෙහි සංකිලෙසපක්ඛස්ස කුසලමූලෙහි වොදානපක්ඛස්ස සුත්තත්ථස්ස චතුසච්චයොජනමුඛෙන නයනලක්ඛණො සංවණ්ණනාවිසෙසො, තං තිපුක්ඛලං නයන්ති වදන්තීති අත්ථො.
අකුසලෙ යනු දොළොස් සිතකින් සංග්‍රහ වූ සියලු අකුශල ධර්මයන්හිය. සමූලෙහි යනු සිය මූලයන්ගෙනි. ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් යන අර්ථයයි. කුසලෙ යනු චතුභූමක සියලු කුසල ධර්මයන්හිය. කුසල මූලෙහි යනු අලෝභ ආදි කුසල මූලයන්ගෙනි. යො නෙති යනු කුශලාකුශල ගෙන යනු ලබන්නේ මායා මිරිඟු ආදිය මෙන් නොවූ දෙයක් නොවේයැයි භූතය ද පටඝට ආදිය මෙන් සම්මුති සත්‍ය මාත්‍රයක් නොවේ යන තථය ද අකුසලයේ ඉෂ්ට විපාක බැවින් ද කුසලයේ අනිටු විපාක බැවින් ද විපාකය ඇති විට විවාදයක් නැති බැවින් අවිතථය ද (පමුණුවයි) ගෙනයයි. මෙසේ මේ ත්‍රිවිධ පදයන්ගේ කුසල අකුසල විශේෂණත්වය දතයුතුය. එසේ නැතහොත් අකුසල මූලයන්ගෙන් අකුසලයන් ද කුසල මූලයන්ගෙන් කුසලයන් ද ගෙනයනු ලබන්නේ මේ නය භූත තථ අවිතථ යන දේ ගෙනයනු ලබයි. සිව්සස් නිර්ධාරණය කොට යොදයි යන අර්ථයයි. දුක්ඛාදිය බාධකාදිය ඇති බැවින් අන්‍යථා භාවයක් නැති නිසා භූතයන් සත්‍ය බැවින් තථ වේ. නොබොරු බැවින් අවිතථය. භාග්‍යවතුන් වහන්සේ විසින් ද ‘මහණෙනි, තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මේ කරුණු සතරක් වෙති’යි කියන ලදි. තිපුක්ඛලං තං නයං ආහු යනු යම් නය ලක්ෂණයක් අකුසල මූලයන්ගෙන් සංකිලෙස පක්ෂය ද කුසල මූලයන්ගෙන් වොදාන පක්ෂය ද චතුසත්යයෝජන මුඛයෙන් සූත්‍රාර්ථය ද සංවර්ණනා විශේෂ වේ ද එය තිපුක්ඛල නය යැයි කියති යන අර්ථයයි.
විපල්ලාසෙහීති අසුභෙ සුභන්තිආදිනයප්පවත්තෙහි චතූහි විපල්ලාසෙහි. කිලෙසෙති කිලිස්සන්ති විබාධියන්තීති කිලෙසා, සංකිලිට්ඨධම්මා, සංකිලෙසපක්ඛන්ති අත්ථො. කෙචි “සංකිලෙසෙ”තිපි පඨන්ති, කිලෙසසහිතෙති අත්ථො. ඉන්ද්රියෙහීති සද්ධාදීහි ඉන්ද්රියෙහි. සද්ධම්මෙති පටිපත්තිපටිවෙධසද්ධම්මෙ, වොදානපක්ඛන්ති අත්ථො. එතං නයන්ති යො සුභසඤ්ඤාදීහි විපල්ලාසෙහි සකලස්ස සංකිලෙසපක්ඛස්ස සද්ධින්ද්රියාදීහි වොදානපක්ඛස්ස චතුසච්චයොජනවසෙන නයනලක්ඛණො සංවණ්ණනාවිසෙසො, එතං නයං නයවිදූ සද්ධම්මනයකොවිදා, අත්ථනයකුසලා එව වා සීහවික්කීළිතං නයන්ති වදන්තීති අත්ථො.
විපල්ලාසෙහි යනු අසුභයෙහි සුභය ආදී වශයෙන් පැවති සතර විපර්යාසයන්ගෙන්ය. කිලෙසෙ යන තැන කෙළෙසත්, බාධා කරත්නුයි කිලෙස නම් වේ. සංකිලිෂ්ට ධර්මයෝය. සංකිලේස පක්ෂය යන අර්ථයයි. ඇතැමෙක් සංකිලෙසෙ යැයිද කියත්. කෙලෙස් සහිතව යන අර්ථයයි. ඉන්ද්රියෙහි යනු සද්ධා ආදී ඉන්ද්රියයන්ගෙනි. සද්ධම්මෙ යනු ප්‍රතිපත්ති-ප්‍රතිවේධ ධර්මයෙහිය. වොදාන පක්ෂය යන අර්ථයයි. එතං නයං යනු යම් නය ලක්ෂණයක් සුභ සඤ්ඤා ආදී විපර්යාසයන්ගෙන් සියලු සංකිලේශ පක්ෂය ද සද්ධින්ද්රිය ආදියෙන් වොදාන පක්ෂය ද චතුසත්‍ය යෝජනා වශයෙන් සංවර්ණනා විශේෂයක් වේ ද, එයයි. මේ නය නයවිදූ සද්ධර්ම නය පිළිබඳ දක්ෂයෝ හෝ අර්ථනය පිළිබඳ දක්ෂයෝ සීහවික්කීළිත නය යැයි කියත් යන අර්ථයයි.
වෙය්යාකරණෙසූති තස්ස තස්ස අත්ථනයස්ස යොජනත්ථං කතෙසු සුත්තස්ස අත්ථවිස්සජ්ජනෙසූති අත්ථො. තෙනෙවාහ “තහිං තහි”න්ති. කුසලාකුසලාති වොදානියා සංකිලෙසිකා ච තස්ස තස්ස නයස්ස දිසාභූතධම්මා. වුත්තාති සුත්තතො නිද්ධාරෙත්වා කථිතා. මනසා වොලොකයතෙති තෙ යථාවුත්තධම්මෙ චිත්තෙනෙව “අයං පඨමා දිසා අයං දුතියා දිසා”තිආදිනා තස්ස තස්ස නයස්ස දිසාභාවෙන උපපරික්ඛති, විචාරෙතීති අත්ථො. “ඔලොකයතෙ තෙ අබහී”තිපි පාඨො. තත්ථ තෙති තෙ යථාවුත්තධම්මෙ. අබහීති අබ්භන්තරං, චිත්තෙ එවාති අත්ථො. තං ඛු දිසාලොචනං ආහූති ඔලොකයතෙති එත්ථ යදෙතං ඔලොකනං, තං දිසාලොචනං නාම නයං වදන්ති. ඛු-ති ච නිපාතො අවධාරණෙ. තෙන ඔලොකනමෙව අයං නයො, න කොචි අත්ථවිසෙසොති දස්සෙති.
වෙය්යාකරණෙසු යනු ඒ ඒ අර්ථ නය යෙදීම පිණිස කරන ලද සූත්‍රයේ අර්ථ විසඳීම්වලය යන අර්ථයයි. එහෙයින්ම තහිං තහිං යැයි කියන ලදි. කුසලාකුසලා යනු පිරිසිදු කිරීමෙහි දක්ෂ, කෙලෙසන සුළු ඒ නයට දිශා වූ ධර්මයෝය. වුතතා යනු සූත්‍රයෙන් නිර්ධාරණය කොට කියන ලද යනුයි. මනසා වොලොකයතෙ යනු ඒ පෙර කියන ලද ධර්මයන් සිතින්ම මේ පළමු දිශාවය. මේ දෙවන දිශාවය ආදී වශයෙන් ඒ ඒ නය දිශා භාවයෙන් සලකා බලයි යනුයි. විමසා බලයි යන අර්ථයයි. ඔලොකයතෙ තෙ අබ්භී යනුවෙන් ද පාඨයක් වේ. එහි තෙ යනු ඒ පෙර කියන ලද ධර්මයන්ය. අබ්භී යනු අභ්‍යන්තරයයි. සිතින් යන අර්ථයයි. තං චු දිසාලොචනං ආහු යන මෙහි ඔලොකයතෙ යනු මෙහි යම් ඒ බැලීමක් වේ ද එය දිශාලෝචන නය නමැයි කියත් යනු අවධාරණ අර්ථයේ නිපාතයකි. එහෙයින් මේ නය ඔලොකනයක්මය. (බැලීමක්ය) කිසියම් අර්ථ විශේෂයක් නොදක්වයි.
ඔලොකෙත්වාති පඨමාදිදිසාභාවෙන උපපරික්ඛිත්වා. දිසාලොචනෙනාති දිසාලොචනනයෙන කරණභූතෙන. යෙන හි විධිනා තස්ස තස්ස අත්ථනයස්ස යොජනාය දිසා ඔලොකීයන්ති, සො විධි දිසාලොචනන්ති එවං වා එත්ථ අත්ථො දට්ඨබ්බො. උක්ඛිපියාති උද්ධරිත්වා, දිසාභූතධම්මෙ සුත්තතො නිද්ධාරෙත්වාති අත්ථො. “උක්ඛිපිය යො සමානෙතී”තිපි පඨන්ති, තස්සත්ථො – “යො තෙසං දිසාභූතධම්මානං සමානයනං කරොතී”ති. යන්ති වා කිරියාපරාමසනං . සමානෙතීති සමං, සම්මා වා ආනෙති තස්ස තස්ස නයස්ස යොජනාවසෙන. කෙ පන ආනෙති? සබ්බෙ කුසලාකුසලෙ තංතංනයදිසාභූතෙ. අයං නයොති සමානෙතීති එත්ථ යදෙතං තංතංනයදිසාභූතධම්මානං සමානයනං, අයං අඞ්කුසො නාම නයොති අත්ථො. එතඤ්ච ද්වයං “වොහාරනයො, කම්මනයො”ති ච වුච්චති.
ඔලොකෙත්වා යනු පඨම ආදී දිශා වශයෙන් සලකා බලා යනුයි. දිසාලොචනෙන යනු උපකාර වූ දිශාවන් බලන ඇසින්ය. යම් විධියකින් ඒ ඒ අර්ථ නය යොදනු පිණිස දිශාවන් බලත් ද එම විධිය දිශා විලෝචනයයි. මෙසේ හෝ එහි අර්ථය දතයුතුයි. උක්ඛිපිය යනු උපුටා යනුයි. දිශාභූත ධර්මය සූත්‍රයෙන් නිර්ධාරණය (වෙන්) කොට යන අර්ථයයි. උක්ඛිපිය යො සමානෙති යැයි ද කියත්. එහි අර්ථය යමක් ඒ දිශාභූත ධර්මයන්ගේ ගෙන ඒම කෙරේ ද එය යනුයි. යං යනු ක්‍රියා පරාමර්ශනය කරන්නක් හෝ වේ. සමානෙති යනු ඒ ඒ අර්ථය යෙදීම් වශයෙන් එකවිට මනාව අර්ථය ගෙනඑයි යනුයි. කවරහු ගෙන එත් ද? සියලු කුසල අකුසලයන්ය. ඒ ඒ නයට දිශා වූ දෙයෙහිය. අයං නයො යන්නෙහි සමානෙති යන මෙහි යම් ඒ ඒ නය දිශා භූත ධර්මයන්ගේ ගෙනඒමක් වේ ද එය අංකුසො නාම නය වේය යන අර්ථයයි. එය ද වොහාර නය කම්ම නය යැයි දෙවැදෑරුම්ව කියනු ලැබේ.
එවං හාරෙ නයෙ ච නිද්දිසිත්වා ඉදානි නෙසං යොජනක්කමං දස්සෙන්තො “සොළස හාරා පඨම”න්තිආදිමාහ. තත්ථ පඨමං සොළස හාරා “යොජෙතබ්බා”ති වචනසෙසො. හාරසංවණ්ණනා පඨමං කාතබ්බා බ්යඤ්ජනපරියෙට්ඨිභාවතොති අධිප්පායො. දිසලොචනතොති දිසාලොචනෙන, අයමෙව වා පාඨො. අඞ්කුසෙන හීති හි-සද්දො නිපාතමත්තං. සෙසං උත්තානමෙව.
මෙසේ හාරයන් ද න්‍යායන් ද දක්වා දැන් ඔවුන්ගේ යෙදුම් ක්‍රමය දක්වමින් සොළසහාරා පඨමං යනාදිය කීවේය. එහි පළමුව සෝළස හාරයන් යෙදිය යුතුය යන වචන ශේෂයකි. ව්‍යඤ්ජන සෙවීම් වශයෙන් හාර සංවර්ණනය පළමුව කළයුතුය යන අදහසයි. දිසාලොචනතො යනු දිශාවන් බැලීමෙනි. මෙයම පාඨයක් හෝ වේ. අංකුසෙන හි යන තැන හි ශබ්දය නිපාත මාත්‍රයකි. සෙසු පදයන්ගේ අර්ථ ප්‍රකටමය.