හාරසඞ්ඛෙපො අට්ඨකථා
හාරසඞ්ඛෙපො
හාරසඞ්ඛෙපො
යා පන අස්සාදාදීනවතාතිආදිකා නිද්දෙසගාථා, තාසු අස්සාදාදීනවතාති අස්සාදො ආදීනවතාති පදවිභාගො. ආදීනවතාති ච ආදීනවො එව. කෙචි “අස්සාදාදීනවතො”ති පඨන්ති, තං න සුන්දරං. තත්ථ අස්සාදීයතීති අස්සාදො, සුඛං සොමනස්සඤ්ච. වුත්තඤ්හෙතං – “යං, භික්ඛවෙ, පඤ්චුපාදානක්ඛන්ධෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අස්සාදො”ති (ම· නි· 1.166; සං· නි· 3.26). යථා චෙතං සුඛං සොමනස්සං, එවං ඉට්ඨාරම්මණම්පි. වුත්තම්පි චෙතං – “සො තදස්සාදෙති තං නිකාමෙතී”ති “රූපං අස්සාදෙති අභිනන්දති, තං ආරබ්භ රාගො උප්පජ්ජතී”ති (පට්ඨා· 1.1.424), “සංයොජනීයෙසු, භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො”ති (සං· නි· 2.53) ච . අස්සාදෙති එතායාති වා අස්සාදො, තණ්හා. තණ්හාය හි කාරණභූතාය පුග්ගලො සුඛම්පි සුඛාරම්මණම්පි අස්සාදෙති. යථා ච තණ්හා, එවං විපල්ලාසාපි. විපල්ලාසවසෙන හි සත්තා අනිට්ඨම්පි ආරම්මණං ඉට්ඨාකාරෙන අස්සාදෙන්ති, එවං වෙදනාය සබ්බෙසං තෙභූමකසඞ්ඛාරානං තණ්හාය විපල්ලාසානඤ්ච අස්සාදවිචාරො වෙදිතබ්බො.
අසසාදාදීනවතො යන යම් ආරම්භක නිද්දේස ගාථා වේ ද ඒවායේ අසසාදාදීනවතා යන තැන අස්සාදො ආදීනවතා යනු පද විභාගයයි. ආදීනවතා යනු ද ආදීනවයමය. ඇතැමෙක් අස්සාදාදීනවතො යැයි කියවත්. එය යහපත් නොවේ. එහි ආශ්වාද කෙරේනුයි අස්සාද නමි. සුඛය ද සොම්නස ද යන දෙකයි. එය ‘යං භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්ධෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අසසාදො’ යැයි (මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී) කියන ලදි. සුඛය ද සොම්නස ද මෙසේ ඉෂ්ටාරම්මණය ද හඟවයි. එය ද ‘සො තදස්සාදෙති තං නිකාමෙතීති. රූපං අසසාදෙති අභිනන්දති. තං ආරබ්භ රාගො උපපජ්ජති. සංයොජනීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපසසිනො’ යැයි කියන ලදි. මෙයින් ආශ්වාද කෙරේනුයි හෝ අස්සාද නමි. තණ්හාවයි. හේතුව ඒ තෘෂ්ණාවෙන් පුද්ගලයා සුඛය ද සුඛ සහගත අරමුණ ද ආශ්වාදනය කෙරේ. තෘෂ්ණාව යම්සේ ද විපල්ලාසයෝත් මෙසේමය. සත්ත්වයෝ විපර්යාස වශයෙන් අනිටු අරමුණ ද ඉෂ්ටාකාරයෙන් ආශ්වාදනය කෙරෙත්. මෙසේ වේදනාවේ ද සියලු ත්‍රෛභූමක සංස්කාරයන්ගේ ද තණ්හාවේ ද විපල්ලාසයන්ගේ ද ආශ්වාද විචාරය දත යුතුයි.
කථං පන දුක්ඛාදුක්ඛමසුඛවෙදනානං අස්සාදනීයතාති? විපල්ලාසතො සුඛපරියායසබ්භාවතො ච. තථා හි වුත්තං – “සුඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා. දුක්ඛා වෙදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛා”ති (ම· නි· 1.465). තත්ථ වෙදනාය අට්ඨසතපරියායවසෙන, තෙභූමකසඞ්ඛාරානං නික්ඛෙපකණ්ඩරූපකණ්ඩවසෙන, තණ්හාය සංකිලෙසවත්ථුවිභඞ්ගෙ නික්ඛෙපකණ්ඩෙ ච තණ්හානිද්දෙසවසෙන, විපල්ලාසානං සුඛසඤ්ඤාදිවසෙන ද්වාසට්ඨිදිට්ඨිගතවසෙන ච විභාගො වෙදිතබ්බො.
දුක්ඛ අදුක්ඛ අසුබ වේදනාවන්ගේ ආශ්වාදනීයත්වය කෙබඳු ද? විපර්යාස වශයෙන් ද සුඛ පර්යාය සද්භාවයෙන් ද එය වේ. එහෙයින්ම ‘සුඛා ඛො ආවුසො විසාඛ වෙදනා ඨිතිසුඛා විපරිනාම දුක්ඛා, දුක්ඛාවෙදනා ඨිති දුක්ඛා විපරිනාම සුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණ සුඛා අඤ්ඤාණ දුක්ඛා’ යයි (චුල්ලවෙදල්ල සූත්‍රයේදී) කියන ලදි. එහි වේදනාවට අෂ්ටශත (එක්සිය අටක්) පර්යාය වශයෙන් ද, ත්‍රෛභූමක සංස්කාරයන්ට නික්ඛෙප කාණ්ඩ, රූප කාණ්ඩ වශයෙන් ද, තෘෂ්ණාවට සංකිලෙස වස්තු විභංගයෙහි ද නික්ඛෙප කාණ්ඩයේ ද තණ්හා නිර්දේශ වශයෙන් ද, විපල්ලාසයන්ට සුභ සංඥා ආදී වශයෙන් දෙසැටක් වූ දෘෂ්ටි වශයෙන් ද විභාගය දතයුතුයි.
ආදීනවො දුක්ඛා වෙදනා තිස්සොපි වා දුක්ඛතා. අථ වා සබ්බෙපි තෙභූමකා සඞ්ඛාරා ආදීනවො. ආදීනං අතිවිය කපණං වාති පවත්තතීති හි ආදීනවො, කපණමනුස්සො, එවංසභාවා ච තෙභූමකා ධම්මා අනිච්චතාදියොගෙන. යතො තත්ථ ආදීනවානුපස්සනා ආරද්ධවිපස්සකානං යථාභූතනයොති වුච්චති. තථා ච වුත්තං – “යං, භික්ඛවෙ, පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ආදීනවො”ති. තස්මා ආදීනවො දුක්ඛසච්චනිද්දෙසභූතානං ජාතියාදීනං අනිච්චතාදීනං ද්වාචත්තාලීසාය ආකාරානඤ්ච වසෙන විභජිත්වා නිද්දිසිතබ්බො.
ආදීනවය නම් දුක් වේදනාවයි. තෙවැදෑරුම් වූ දුක්ඛ භාවයයි. එසේ නැතහොත් සියලුම ත්‍රෛභූමික සංස්කාරයෝ ආදීනවයෝය. අදීන වූ ඉතා කෘපණ වූ පැවැත්ම පවතීනුයි ආදීනව නමි. දිළිඳු මනුෂ්‍යයාය. අනිත්යාදියෝගයෙන් ත්‍රෛභූමක ධර්මයෝ මෙවැනි ස්වභාව ඇත්තාහ. යම්හෙයකින් එහි ආදීනවානුපස්සනය අරඹන ලද විදර්ශනාව ඇත්තවුන්ගේ භූත නය යැයි කියනු ලැබේ. එසේ ද කියන ලදි. ‘යං භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මා. අයං පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ආදීනවො’ යනුවෙනි. එහෙයින් දුක්ඛ සත්‍යය නිර්දේශ වූ ජාති ආදී අනිත්යාදියේ ආදීනවය දෙසාළිස් ආකාර වශයෙන් බෙදා නිර්දේශ කළයුතුය.
නිස්සරති එතෙනාති නිස්සරණං, අරියමග්ගො. නිස්සරතීති වා නිස්සරණං නිබ්බානං. උභයම්පි සාමඤ්ඤනිද්දෙසෙන එකසෙසෙන වා “නිස්සරණ”න්ති වුත්තං. පි-සද්දො පුරිමානං පච්ඡිමානඤ්ච සම්පිණ්ඩනත්ථො. තත්ථ අරියමග්ගපක්ඛෙ සතිපට්ඨානාදීනං සත්තත්තිංසබොධිපක්ඛියධම්මානං කායානුපස්සනාදීනඤ්ච තදන්තොගධභෙදානං වසෙන නිස්සරණං විභජිත්වා නිද්දිසිතබ්බං.
මෙය කරණ කොටගෙන යේනුයි නිස්සරණ නම් වේ. ආර්ය මාර්ගයයි. නැතහොත් නික්මේ නුයි නිස්සරණ නම් වේ. නිවනයි. දෙකම සාමාන්‍ය නිර්දේශයෙන් හෝ එකකින් හෝ යෑම වේ යැයි කියන ලද්දේ වෙයි. පි ශබ්දය පළමු පදවල ද පසුපදවල ද එක්කිරීම් අර්ථයයි. එහිදී ආර්ය මාර්ග පක්ෂයෙහි සතිපට්ඨාන ආදී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේත් කායානුපස්සනා ආදියේත් නිස්සරණය ඊට ඇතුළත් ප්‍රභේද ලෙසින් බෙදා දැක්විය යුතුය.
නිබ්බානපක්ඛෙ පන කිඤ්චාපි අසඞ්ඛතාය ධාතුයා නිප්පරියායෙන විභාගො නත්ථි. පරියායෙන පන සොපාදිසෙසනිරුපාදිසෙසභෙදෙන. යතො වා තං නිස්සටං, තෙසං පටිසම්භිදාමග්ගෙ (පටි· ම· 1.3) දස්සිතප්පභෙදානං චක්ඛාදීනං ඡන්නං ද්වාරානං රූපාදීනං ඡන්නං ආරම්මණානං තංතංද්වාරප්පවත්තානං ඡන්නං ඡන්නං විඤ්ඤාණඵස්සවෙදනාසඤ්ඤාචෙතනාතණ්හාවිතක්කවිචාරානං පථවීධාතුආදීනං ඡන්නං ධාතූනං දසන්නං කසිණායතනානං අසුභානං කෙසාදීනං ද්වත්තිංසාය ආකාරානං පඤ්චන්නං ඛන්ධානං ද්වාදසන්නං ආයතනානං අට්ඨාරසන්නං ධාතූනං ලොකියානං ඉන්ද්රියානං කාමධාතුආදීනං තිස්සන්නං ධාතූනං කාමභවාදීනං තිණ්ණං තිණ්ණං භවානං චතුන්නං ඣානානං අප්පමඤ්ඤානං ආරුප්පානං ද්වාදසන්නං පටිච්චසමුප්පාදඞ්ගානඤ්චාති එවමාදීනං සඞ්ඛතධම්මානං නිස්සරණභාවෙන ච විභජිත්වා නිද්දිසිතබ්බං.
නිර්වාණ පක්ෂයෙහි දී අසංඛත ධාතුවේ නිෂ්පර්යාය විභාගයක් කෙසේවත් නැත. පර්යාය වශයෙන් වනාහි සොපාදිසේස නිරුපාදිසේස භේදයෙන් (විභාගයක් ඇත.) යම්හෙයකින් එය නිදහස් වූයේ ද පටිසම්භිදා මග්ගයෙහි දක්වන ලද ඒ චක්ෂු ආදී සදොර, රූපාදී අරමුණු හය, ඒ ඒ දොරටුවෙහි පැවති සයක් සයක් වූ විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, තෘෂ්ණා, විතර්ක, විචාරයන්, පඨවි ධාතු ආදී ධාතු සය, දස කසිණ, කෙස් ආදී දෙතිස් ආකාර ඇති අසුභයන්, පංචස්කන්ධය, දොළොස් ආයතන, අටළොස් ධාතු, ලෞකික ඉන්ද්රිය, කාමධාතු ආදී ත්‍රිවිධ ධාතු, කාම භව ආදී ත්‍රිවිධ භවයන්, අප්පමඤ්ඤා හා ආරුප්‍ය වූ ධ්‍යාන සතර, ද්වාදශ පටිච්ච සමුප්පාද අංග යන මේ ආදී සංඛත ධර්මයන්ගේ නිස්සරණ භාවයෙන් ද බෙදා දැක්විය යුතුයි.
ඵලන්ති දෙසනාඵලං. කිං පන තන්ති? යං දෙසනාය නිප්ඵාදීයති. නනු ච නිබ්බානාධිගමො භගවතො දෙසනාය නිප්ඵාදීයති. නිබ්බානඤ්ච “නිස්සරණ”න්ති ඉමිනා වුත්තමෙවාති? සච්චමෙතං, තඤ්ච ඛො පරම්පරාය. ඉධ පන පච්චක්ඛතො දෙසනාඵලං අධිප්පෙතං. තං පන සුතමයඤාණං. අත්ථධම්මවෙදාදිඅරියමග්ගස්ස පුබ්බභාගප්පටිපත්තිභූතා ඡබ්බිසුද්ධියො. යඤ්ච තස්මිං ඛණෙ මග්ගං අනභිසම්භුණන්තස්ස කාලන්තරෙ තදධිගමකාරණභූතං සම්පත්තිභවහෙතු ච සියා. තථා හි වක්ඛති – “අත්තානුදිට්ඨිං ඌහච්ච, එවං මච්චුතරො සියාති (සු· නි· 1125; කථා· 226; චූළනි· මොඝරාජමාණවපුච්ඡා 144, මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 88; නෙත්ති· 5; පෙටකො· 22) ඉදං ඵල”න්ති, “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරින්ති ඉදං ඵල”න්ති (ජා· 1.10.102-103; 1.15.385) ච. එතෙන නයෙන දෙවෙසු ච මානුසෙසු ච ආයුවණ්ණබලසුඛයසපරිවාරආධිපතෙය්යසම්පත්තියො උපධිසම්පත්තියො චක්කවත්තිසිරී දෙවරජ්ජසිරී චත්තාරි සම්පත්තිචක්කානි සීලසම්පදා සමාධිසම්පදා තිස්සො විජ්ජා ඡ අභිඤ්ඤා චතස්සො පටිසම්භිදා සාවකබොධි පච්චෙකබොධි සම්මාසම්බොධීති සබ්බාපි සම්පත්තියො පුඤ්ඤසම්භාරහෙතුකා භගවතො දෙසනාය සාධෙතබ්බතාය ඵලන්ති වෙදිතබ්බා.
ඵලං යනු දේශනා ඵලයයි. ඒ කුමක්ද? දේශනාවෙන් යමක් නිෂ්පාදනය කෙරේ ද එයයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් නිර්වාණාධිගමය නිෂ්පාදනය නො කෙරේ ද? නිවන ද නිස්සරණය ද මෙයින් කියන ලද්දේමය. මෙය සත්‍යයකි. එය ද පරම්පරා වශයෙනි. මෙහි දී වනාහි ප්රත්යවේක්ෂා කරන තැනැත්තාගේ දේශනා ඵලය අදහස් කරන ලදි. එය වනාහි සුතමය ඤාණයයි. ආර්ය මාර්ගයට පූර්ව භාගයෙහි වූ ප්‍රතිපත්ති වූ අර්ථ ධර්ම ඥාන ආදී ෂඩ්විධ විශුද්ධීන්ය. එකෙණෙහි ආර්ය මාර්ගයට නොපැමිණි පුද්ගලයාට වෙනත් විටෙක එය ලැබීමට හේතු වූ සම්පත්ති භව හේතුවක් වන්නේය. එහෙයින් අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා යයි ද ඉදං ඵලං යයි ද ධම්මො භවෙ රක්ඛති ධම්මචාරිං යයි ද ඉදං ඵලං යයි ද කියනු ලැබේ. මේ ක්‍රමයෙන් දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද ආයුෂය, වර්ණය, බලය, සැපය, යසස, පිරිවර ආධිපත්‍යය යන සම්පත්තීහු, උපධි සම්පත්, චක්‍රවර්ති ශ්රීය, දිව්යරාජ්යශ්රීය, සතර වැදෑරුම් සම්පත් චක්‍රය, සීල සම්පත්තිය, සමාධි සම්පදාව, ත්‍රිවිද්‍යා, ෂඩභිඥා, චතු ප්‍රතිසම්භිදා, ශ්‍රාවක බෝධිය, ප්රත්යෙකබෝධිය, සම්මා සම්බෝධිය යන සියලු සම්පත් පුණ්‍ය සම්භාර හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කරණ කොටගෙන සාධානය කළයුතු බැවින් ඵලය යැයි දතයුතුයි.
උපායොති අරියමග්ගපදට්ඨානභූතා පුබ්බභාගප්පටිපදා. සා හි පුරිමා පුරිමා පච්ඡිමාය පච්ඡිමාය අධිගමූපායභාවතො පරම්පරාය මග්ගනිබ්බානාධිගමස්ස ච හෙතුභාවතො උපායො. යා ච පුබ්බෙ වුත්තඵලාධිගමස්ස උපායපටිපත්ති. කෙචි පන “සහ විපස්සනාය මග්ගො උපායො”ති වදන්ති, තෙසං මතෙන නිස්සරණන්ති නිබ්බානමෙව වුත්තං සියා. ඵලං විය උපායොපි පුබ්බභාගොති වුත්තං සියා, යං පන වක්ඛති “සබ්බෙ ධම්මා…පෙ… විසුද්ධියාති (ධ· ප· 279; ථෙරගා· 678) අයං උපායො”ති. එත්ථාපි පුබ්බභාගප්පටිපදා එව උදාහටාති සක්කා විඤ්ඤාතුං. යස්මා පන “තෙ පහාය තරෙ ඔඝන්ති ඉදං නිස්සරණ”න්ති අරියමග්ගස්ස නිස්සරණභාවං වක්ඛති. අරියමග්ගො හි ඔඝතරණන්ති.
උපායො යනු ආර්ය මාර්ගයට සමීප කරුණ පූර්වභාග ප්‍රතිපදාවයි. එය වනාහි පළමු පළමු හා පශ්චිම පශ්චිම අධිගමයන්ට උපාය බැවින් පරපුර කරණ කොටගෙන මාර්ග නිර්වාණාධිගමයට ද හේතුවන බැවින් උපාය නම් වේ. යමක් මුලින් කියන ලද ඵලය අවබෝධ කරගැනීමට උපාය ප්‍රතිපත්තිය වේ ද, ඇතැමෙක් විදර්ශනාව සමග ඒ මාර්ගය උපාය යැයි කියත්. ඔවුන්ගේ අදහස අනුව නිස්සරණ යනු නිවනමැයි කියන ලද්දේ වන්නේය. ඵලය මෙන් උපාය ද පූර්වභාගය යැයි කියන ලද්දේ වන්නේය. සබ්බෙ ධම්මා -පෙ- විසුද්ධියාති අයං උපයො යි යමක් කියනු ලැබේ ද, මෙහි ද පූර්වභාග පටිපදාවම ගෙනහැර දක්වන ලදැයි දැනගන්නට පුළුවන. යම්හෙයකින් තෙ පහාය තරෙ ඔඝං, ඉදං නිස්සරණං යි ආර්ය මාර්ගයේ නිස්සරණ භාවය කියනු ලැබේ ද ඒ ආර්ය මාර්ගයම ඕඝතරණය වේ.
ආණත්තීති ආණාරහස්ස භගවතො වෙනෙය්යජනස්ස හිතසිද්ධියා “එවං පටිපජ්ජාහී”ති විධානං. තථා හි වක්ඛති “සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජාති (සු· නි· 1125; කථා· 226; නෙත්ති· 5; පෙටකො· 22; චූළනි· මොඝරාජමාණවපුච්ඡා 144, මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 88) ආණත්තී”ති.
ආණත්ති යනු හික්මවිය යුතු ජනයාගේ හිතසිද්ධිය පිණිස මෙසේ පිළිපදින්න යනුවෙන් වූ අණ දීමට සුදුසු භාග්‍යවතුන් වහන්සේගේ විධානයයි. එසේම සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජා ති ආණත්ති යි කියනු ලැබේ.
යොගීනන්ති චතුසච්චකම්මට්ඨානභාවනාය යුත්තප්පයුත්තානං වෙනෙය්යානං, අත්ථායාති වචනසෙසො. දෙසනාහාරොති එතෙසං යථාවුත්තානං අස්සාදාදීනං විභජනලක්ඛණො සංවණ්ණනාවිසෙසො දෙසනාහාරො නාමාති අත්ථො. එත්ථාහ – කිං පනෙතෙසං අස්සාදාදීනං අනවසෙසානං වචනං දෙසනාහාරො, උදාහු එකච්චානන්ති? නිරවසෙසානංයෙව. යස්මිඤ්හි සුත්තෙ අස්සාදාදීනවනිස්සරණානි සරූපතො ආගතානි, තත්ථ වත්තබ්බමෙව නත්ථි. යත්ථ පන එකදෙසෙන ආගතානි, න වා සරූපෙන. තත්ථ අනාගතං අත්ථවසෙන නිද්ධාරෙත්වා හාරො යොජෙතබ්බො. අයඤ්ච අත්ථො දෙසනාහාරවිභඞ්ගෙ ආගමිස්සතීති ඉධ න පපඤ්චිතො.
යොගීනං යනු චතුසත්‍ය කර්මස්ථාන භාවනාවෙහි යෙදුණු විනේය ජනයාගේය. අත්ථාය යනු වචන ශේෂයකි. දෙසනා හාරො යනු මුලින් කියන ලද මේ ආශ්වාද ආදියේ බෙදීම් ලක්ෂණය වන සංවර්ණනා විශේෂය දේශනා හාර නම් වේය අර්ථයයි. මෙහිදී කියන ලදි. ඒ ඉතිරි වූ ආශ්වාද ආදියේ කවර වචනයක් දේශනාහාරය වේ ද? නැතහොත් එක් පිරිසකගේ ද? ඉතිරි නොවූ දෙයෙහිමය. යම් සූත්‍රයක ආශ්වාද ආදීනව නිස්සරණයන් ස්වරූප වශයෙන් ආයේ ද එහි කිවයුතු දෙයක් නැත. යම් සූත්‍රයක ස්වරූප වශයෙන් නොව ඒකදේශ වශයෙන් පැමිණියේ ද එහි නොපැමිණි දෙය අර්ථ වශයෙන් වෙන්කොට හාරය යෙදිය යුතුය. මේ අර්ථය දේශනාහාර විභංගයෙහි එන්නේයැයි මෙහිදී විස්තර නොකරන ලදි.
යං පුච්ඡිතන්ති යා පුච්ඡා, විචියමානාති වචනසෙසො. විස්සජ්ජිතං අනුගීතීති එත්ථාපි එසෙව නයො. තත්ථ විස්සජ්ජිතන්ති විස්සජ්ජනා, සා එකංසබ්යාකරණාදිවසෙන චතුබ්බිධං බ්‍යාකරණං. ච-සද්දො සම්පිණ්ඩනත්ථො, තෙන ගාථායං අවුත්තං පදාදිං සඞ්ගණ්හාති. තා පන පුච්ඡාවිස්සජ්ජනා කස්සාති ආහ “සුත්තස්සා”ති. එතෙන සුත්තෙ ආගතං පුච්ඡාවිස්සජ්ජනං විචෙතබ්බන්ති දස්සෙති. යා ච අනුගීතිති වුත්තස්සෙව අත්ථස්ස යා අනු පච්ඡා ගීති අනුගීති, සඞ්ගහගාථා, පුච්ඡාය වා අනුරූපා ගීති. එතෙන පුබ්බාපරං ගහිතං. බ්යාකරණස්ස හි පුච්ඡානුරූපතා ඉධ පුබ්බාපරං අධිප්පෙතං. යා “පුච්ඡානුසන්ධී”ති වුච්චති. පුරිමං “සුත්තස්සා”ති පදං පුබ්බාපෙක්ඛන්ති පුන “සුත්තස්සා”ති වුත්තං. තෙන සුත්තස්ස නිස්සයභූතෙ අස්සාදාදිකෙ පරිග්ගණ්හාති. එත්තාවතා විචයහාරස්ස විසයො නිරවසෙසෙන දස්සිතො හොති. තථා ච වක්ඛති විචයහාරවිභඞ්ගෙ “පදං විචිනති…පෙ… අනුගීතිං විචිනතී”ති.
යං පුච්ඡිතං යනු යම් විමසීමකි. විචියමානා යනු වචන ශේෂයකි. විස්සජ්ජිතං අනුගීති යන මෙහිද මේ ක්‍රමයමැයි. එහි විස්සජ්ජිතං යනු විසඳීමයි. එය ඒකංස ව්‍යාකරණ ආදී වශයෙන් සිව්වැදෑරුම් ව්‍යාකරණයයි. ච ශබ්දය සම්පිණ්ඩනය කිරීම් අර්ථයයි. එයින් ගාථාවෙහි නොකියන ලද පදාදිය ගණන් ගැනෙයි. ඒ ඇසීම හා විසඳීම කවරක ද? සූත්‍රයේ යැයි කියන ලදි. මෙයින් සූත්‍රයේ ආ පුච්ඡා විස්සජ්ජනය විමසිය යුතුයයි දක්වයි. යා ච අනුගීති යි කියන ලද අර්ථයේම යම් පසු ගායනයක් වේද එය අනුගීති නමි. සංග්‍රහ ගාථාවයි. විමසීමට අනුරූප වූ හෝ ගීතියයි. මෙයින් පෙර පසුව ගන්නා ලදි. යමක් පුච්ඡානුසන්ධි යයි කියනු ලැබේ ද ව්‍යාකරණයේ පිළිවිසීම් අනුරූපතාව මෙහි පුබ්බාපර නම් වේ. පුරිමං සුත්තස්ස යන පදය මුල බලමින් නැවත සූත්‍රයේ යැයි කියන ලදි. එයින් සූත්‍රයට ආශ්‍රය වූ ආශ්වාද ආදිය අල්ලා ගනී. මෙපමණකින් විචය හාරයේ විෂය නිරවශේෂ වශයෙන් දක්වන ලද්දේ වෙයි. එසේම විචයහාර විභංගයෙහි පදං විචින්ති -පෙ- අනුගීතිං විචින්ති යි කියනු ලැබේ.
තත්ථ සුත්තෙ සබ්බෙසං පදානං අනුපුබ්බෙන අත්ථසො බ්යඤ්ජනසො ච විචයො පදවිචයො. “අයං පුච්ඡා අදිට්ඨජොතනා දිට්ඨසංසන්දනා විමතිච්ඡෙදනා අනුමතිපුච්ඡා කථෙතුකම්යතාපුච්ඡා සත්තාධිට්ඨානා ධම්මාධිට්ඨානා එකාධිට්ඨානා අනෙකාධිට්ඨානා සම්මුතිවිසයා පරමත්ථවිසයා අතීතවිසයා අනාගතවිසයා පච්චුප්පන්නවිසයා”තිආදිනා පුච්ඡාවිචයො වෙදිතබ්බො. “ඉදං විස්සජ්ජනං එකංසබ්යාකරණං විභජ්ජබ්යාකරණං පටිපුච්ඡාබ්යාකරණං ඨපනං සාවසෙසං නිරවසෙසං සඋත්තරං අනුත්තරං ලොකියං ලොකුත්තර”න්තිආදිනා විස්සජ්ජනවිචයො.
ඒ සූත්‍රයෙහි සියලු පදයන්ගේ අනුපිළිවෙලින් අර්ථ වශයෙන් ද ව්‍යඤ්ජන වශයෙන් ද වූ විමසීම පදවිචයයි. මේ පෘච්ඡාවයි. අදිට්ඨජෝතන, දිට්ඨ සංසන්දන, විමතිච්ඡේදන, අනුමති පුච්ඡන, කථෙතු කම්‍යතා පුච්ඡන, සත්තාධිට්ඨාන, ධම්මාධිට්ඨාන, එකාධිට්ඨාන, අනෙකාධිට්ඨාන, සම්මුති විසය, පරමත්ථ විසය, අතීත විසය, අනාගත විසය, වර්තමාන විසය යනාදියෙන් පුච්ඡා විචය දතයුතුය. මේ විසඳීමයි. ඒකංස ව්‍යාකරණය, විභජ්ජ ව්‍යාකරණය, පටිපුච්ඡා ව්‍යාකරණ, ඨපනය, සාවසේස, නිරවසේස, සඋත්තර, අනුත්තර, ලෝකිය, ලෝකුත්තර යනාදියෙන් විස්සජ්ජන විචය වේ.
“අයං පුච්ඡා ඉමිනා සමෙති, එතෙන න සමෙතී”ති පුච්ඡිතත්ථං ආනෙත්වා විචයො පුබ්බෙනාපරං සංසන්දිත්වා ච විචයො පුබ්බාපරවිචයො. “අයං අනුගීති වුත්තත්ථසඞ්ගහා අවුත්තත්ථසඞ්ගහා තදුභයත්ථසඞ්ගහා කුසලත්ථසඞ්ගහා අකුසලත්ථසඞ්ගහා”තිආදිනා අනුගීතිවිචයො. අස්සාදාදීසු සුඛවෙදනාය “ඉට්ඨාරම්මණානුභවනලක්ඛණා”තිආදිනා, තණ්හාය “ආරම්මණග්ගහණලක්ඛණා”තිආදිනා, විපල්ලාසානං “විපරීතග්ගහණලක්ඛණා”තිආදිනා, අවසිට්ඨානං තෙභූමකධම්මානං “යථාසකලක්ඛණා”තිආදිනා සබ්බෙසඤ්ච ද්වාවීසතියා තිකෙසු ද්වාචත්තාලීසාධිකෙ ච දුකසතෙ ලබ්භමානපදවසෙන තංතංඅස්සාදත්ථවිසෙසනිද්ධාරණං අස්සාදවිචයො.
මේ විමසීම මේ සමග ගැළපෙයි. මෙය සමග නොගැළපෙයි යනුවෙන් විමසන ලද අර්ථය ගෙනවුත් විචයය පූර්වාපරව සසඳා විමසීම පුබ්බාපර විචයයි. මේ අනුගීතියයි. වුත්තත්ථ සංගහ අවුත්තත්ථ සංගහ, තදුභයත්ථ සංගහ, කුසලත්ථ සංගහ, අකුසලත්ථ සංගහ ආදියෙන් අනුව ගැයීම අනුගීති විචයයයි. ආශ්වාදාදියෙහි සුඛ වේදනාවෙහි ඉෂ්ට අරමුණු අනුභව කිරීම් ලක්ෂණය යනාදියෙන්, තෘෂ්ණාවෙන් අරමුණ ගැනීම් ලක්ෂණය ආදියෙන්, විපර්යාසයන්ගේ වෙනස්ව ගැනීම් ලක්ෂණය ආදියෙන්, ඉතිරි ත්‍රෛභූමක ධර්මයන්ගේ ඇති ස්වභාව ලක්ෂණය ආදියෙන් සියලු දෙවිසි තිකවල ද දුක එකසිය විසිදෙකෙහිද ලැබෙන පද ලෙසින් ඒ ඒ ආශ්වාද අර්ථ විශේෂ වෙන්කිරීම අස්සාද විචයයි.
දුක්ඛවෙදනාය “අනිට්ඨානුභවනලක්ඛණා”තිආදිනා, දුක්ඛසච්චානං “පටිසන්ධිලක්ඛණා”තිආදිනා, අනිච්චතාදීනං ආදිඅන්තවන්තතාය අනිච්චන්තිකතාය ච “අනිච්චා”තිආදිනා සබ්බෙසඤ්ච ලොකියධම්මානං සංකිලෙසභාගියහානභාගියතාදිවසෙන ආදීනවවුත්තියා ඔකාරනිද්ධාරණෙන ආදීනවවිචයො. නිස්සරණපදෙ අරියමග්ගස්ස ආගමනතො කායානුපස්සනාදිපුබ්බභාගප්පටිපදාවිභාගවිසෙසනිද්ධාරණවසෙන නිබ්බානස්ස යථාවුත්තපරියායවිභාගවිසෙසනිද්ධාරණවසෙනාති එවං නිස්සරණවිචයො. ඵලාදීනං තංතංසුත්තදෙසනාය සාධෙතබ්බඵලස්ස තදුපායස්ස තත්ථ තත්ථ සුත්තවිධිවචනස්ස ච විභාගනිද්ධාරණවසෙන විචයො වෙදිතබ්බො. එවං පදපුච්ඡාවිස්සජ්ජනපුබ්බාපරානුගීතීනං අස්සාදාදීනඤ්ච විසෙසනිද්ධාරණවසෙනෙව විචයලක්ඛණො “විචයො හාරො”ති වෙදිතබ්බො.
දුක් වේදනාවෙන් අනිටු දේ අනුභව කිරීම් ලක්ෂණයේ ආදියෙන්, දුක්ඛ සත්‍ය ධර්මයන්ගේ ප්රතිසන්ධි ලක්ෂණය ආදියෙන්, අනිත්‍ය බව ආදියේ අග මුල ඇති බැවින් අනිත්‍යය යන කථාවේ අනිත්‍යය යනාදියෙන්, සියලු ලෞකික ධර්මයන්ගේ සංකිලෙස භාගිය, හාන භාගිය බව ආදී වශයෙන් ආදීනව කීම තුළින් ලාමක භාවය වෙන් කිරීමෙන් ආදීනව විචය වෙයි. නිස්සරණයට කරුණු වූ ආර්ය මාර්ගයට පැමිණෙන හෙයින් කායානුපස්සනා ආදී වූ පූර්වභාග ප්‍රතිපදා විභාග විශේෂයන් නිර්ධාරණය කිරීම් වශයෙන් ද යන මේ ක්‍රමයෙන් නිස්සරණ සෙවීම වේ. ඵලාදීන්ගේ ඒ ඒ සූත්‍ර දේශනා මගින් සාධනය කළයුතු ඵලයෙහි ද ඊට උපාය වූ ඒ ඒ සූත්‍ර වචනයේ ද විභාගය නිර්ධාරණය කිරීම් වශයෙන් සෙවීම දතයුතුයි. මෙසේ පදයන් පිළිබඳ ඇසීම් විසඳීම් පූර්වාපර අනුගීතීන්ගේ ආශ්වාද ආදීනවයන් ද විශේෂ නිර්ධාරණ, වශයෙන්ම සෙවීම් ලක්ෂණය විචයහාරය යැයි දතයුතුයි.
සබ්බෙසන්ති සොළසන්නං. භූමීති බ්යඤ්ජනං සන්ධායාහ. බ්යඤ්ජනඤ්හි මූලපදානි විය නයානං හාරානං භූමි පවත්තිට්ඨානං, තෙසං බ්යඤ්ජනවිචාරභාවතො. වුත්තඤ්හි – “හාරා බ්යඤ්ජනවිචයො”ති, පෙටකෙපි හි වුත්තං – “යත්ථ ච සබ්බෙ හාරා, සම්පතමානා නයන්ති සුත්තත්ථං. බ්යඤ්ජනවිධිපුථුත්තා”ති. ගොචරොති සුත්තත්ථො. සුත්තස්ස හි පදත්ථුද්ධාරණමුඛෙන හාරයොජනා. තෙසං බ්යඤ්ජනත්ථානං. යුත්තායුත්තපරික්ඛාති යුත්තස්ස ච අයුත්තස්ස ච උපපරික්ඛා. “යුත්තායුත්තිපරික්ඛා”තිපි පාඨො, යුත්තිඅයුත්තීනං විචාරණාති අත්ථො. කථං පන තෙසං යුත්තායුත්තජානනා? චතූහි මහාපදෙසෙහි අවිරුජ්ඣනෙන. තත්ථ බ්යඤ්ජනස්ස තාව සභාවනිරුත්තිභාවො අධිප්පෙතත්ථවාචකභාවො ච යුත්තභාවො. අත්ථස්ස පන සුත්තවිනයධම්මතාහි අවිලොමනං . අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන පරතො ආවි භවිස්සති. හාරො යුත්තීති නිද්දිට්ඨොති එවං සුත්තෙ බ්යඤ්ජනත්ථානං යුත්තායුත්තභාවවිභාවනලක්ඛණො යුත්තිහාරොති වෙදිතබ්බො.
සබ්බෙසං යනු දහසෙයහිය. භූමි යනු බ්‍යඤ්ජනය සඳහා කියන ලදි. බ්‍යඤ්ජනය වනාහි මූලපදයන් මෙන් නයවලට හා හාරයන්ට භූමි වෙයි. ප්රවෘත්ති ස්ථානයකි. ඒවායේ බ්‍යඤ්ජන විචාරභාවය නිසාය. හාරා බ්‍යඤ්ජන විචයො යැයි කියන ලද්දේමය. පේටකෝපදේශයේ ද ‘යත්ථ ච සබ්බෙ හාරා, සම්පතමානා නයන්ති සුත්තත්ථං බ්‍යඤ්ජන විධි පුථුත්තා’ යැයි කියන ලදි. ගොචරො යනු සූත්රාර්ථයයි. සූත්‍රයේ පදාර්ථයන් උපුටා දැක්වීම් මුඛයෙන් හාරයන් යෙදීමයි. තෙසං යනු බ්යඤ්ජනාර්ථයන්ගේය. යුත්තායුත්තපරික්ඛා යනු සුදුසු දෙයෙහි ද නුසුදුසු දෙයෙහි ද විමසා බැලීමයි. යුත්තායුත්ති පරික්ඛා යයි ද පාඨයක් වේ. යුක්ති අයුක්තීන්ගේ විචාරය යන අර්ථයයි. ඔවුන්ගේ යුක්තායුක්තභාවය දැනගැනීම කෙසේ වේ ද? සතර මහාපදේශයන් නොනැසීමෙනි. එහි බ්‍යඤ්ජනයන්ගේ ස්වභාව නිරුක්ති භාවය ද අධිප්රේතාර්ථය ප්‍රකාශ කරවන බව ද යුක්ත භාවයයි. සූත්‍ර විනය ධර්මතාවන්ගෙන් අර්ථය නොනැසීමයි. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වනාහි පසුව ප්‍රකට වන්නේය. හාරො යුත්තීති නිද්දිට්ඨො යනු මෙසේ සූත්‍රයෙහි ව්යඤ්ජනාර්ථයන්ගේ යුක්තායුක්ත භාවය විභාවනය කරන ලක්ෂණය යුත්ති හාරය යැයි දතයුතුය යනුයි.
ධම්මන්ති යං කිඤ්චි සුත්තාගතං කුසලාදිධම්මමාහ. තස්ස ධම්මස්සාති තස්ස යථාවුත්තස්ස කුසලාදිධම්මස්ස. යං පදට්ඨානන්ති යං කාරණං, යොනිසොමනසිකාරාදි සුත්තෙ ආගතං වා අනාගතං වා සම්භවතො නිද්ධාරෙත්වා කථෙතබ්බන්ති අධිප්පායො. ඉතීති එවං, වුත්තනයෙනාති අත්ථො. යාව සබ්බධම්මාති යත්තකා තස්මිං සුත්තෙ ආගතා ධම්මා, තෙසං සබ්බෙසම්පි යථානුරූපං පදට්ඨානං නිද්ධාරෙත්වා කථෙතබ්බන්ති අධිප්පායො. අථ වා යාව සබ්බධම්මාති සුත්තාගතස්ස ධම්මස්ස යං පදට්ඨානං, තස්සපි යං පදට්ඨානන්ති සම්භවතො යාව සබ්බධම්මා පදට්ඨානවිචාරණා කාතබ්බාති අත්ථො. එසො හාරො පදට්ඨානොති එවං සුත්තෙ ආගතධම්මානං පදට්ඨානභූතා ධම්මා තෙසඤ්ච පදට්ඨානභූතාති සම්භවතො පදට්ඨානභූතධම්මනිද්ධාරණලක්ඛණො පදට්ඨානො නාම හාරොති අත්ථො.
ධම්මං යනු සූත්‍රාගත යම්කිසි කුසලාදී ධර්මයක් කියන ලදි. තස්ස ධම්මස්ස යනු ඒ කුසලාදී ධර්මයටය. යං පදට්ඨානං යනු යෝනිසෝ මනසිකාර ආදී වූ සූත්‍රයේ ඇති හේ නොමැති යම් කරුණක් සම්භවයෙන් උදුරා කිය යුතුය යන අදහසයි. ඉති යනු මෙසේය. කියන ලද ක්‍රමයෙන් යන අර්ථයයි. යාව සබ්බධම්මා යනු ඒ සූත්‍රයේ ආ යම් පමණ කරුණු වේ ද ඒ සියල්ලේම ද යථානුරූපී වූ පදස්ථානය උදුරා කියයුතුය යන අදහසයි. එසේ නැතහොත් යාව සබ්බ ධම්මා යනු සූත්‍රාගත ධර්මයේ යම් පදස්ථානයක් වේ ද එහි ද යම් පදස්ථානයක් යැයි සම්භවයෙන් සියලු ධර්මයෝ යම් පමණක් පදස්ථාන විචාරය කළයුතුය යන අර්ථයයි. එසො හාරො පදට්ඨානො යනු සූත්‍රයේ ආ කරුණුවලට පදස්ථාන වූ ධර්මයෝ ඒවාට ද පදස්ථාන වූහයි සම්භ වන බැවින් පද ස්ථාන වූ ධර්මයන් නිර්ධාරණය කරන ලක්ෂණය පදට්ඨාන නම් වේ. හාරය යන අර්ථයයි.
වුත්තම්හි එකධම්මෙති කුසලාදීසු ඛන්ධාදීසු වා යස්මිං කිස්මිඤ්චි එකධම්මෙ, සුත්තෙ සරූපතො නිද්ධාරණවසෙන වා කථිතෙ. යෙ ධම්මා එකලක්ඛණා කෙචීති යෙ කෙචි ධම්මා කුසලාදිභාවෙන රූපක්ඛන්ධාදිභාවෙන වා තෙන ධම්මෙන සමානලක්ඛණා. වුත්තා භවන්ති සබ්බෙති තෙ සබ්බෙපි කුසලාදිසභාවා, ඛන්ධාදිසභාවා වා ධම්මා සුත්තෙ අවුත්තාපි තාය සමානලක්ඛණතාය වුත්තා භවන්ති ආනෙත්වා සංවණ්ණනාවසෙනාති අධිප්පායො. එත්ථ ච එකලක්ඛණාති සමානලක්ඛණා වුත්තා. තෙන සහචාරිතා සමානකිච්චතා සමානහෙතුතා සමානඵලතා සමානාරම්මණතාති එවමාදීහි අවුත්තානම්පි වුත්තානං විය නිද්ධාරණං වෙදිතබ්බං. සො හාරො ලක්ඛණො නාමාති එවං සුත්තෙ අනාගතෙපි ධම්මෙ වුත්තප්පකාරෙන ආගතෙ විය නිද්ධාරෙත්වා යා සංවණ්ණනා, සො ලක්ඛණො නාම හාරොති අත්ථො.
වුත්තම්හි එකධම්මෙ යනු කුසලාදි වූ හෝ ස්කන්ධාදී වූ හෝ යම්කිසි එක් කරුණක් කියවෙන සූත්‍රයක ස්වරූප වශයෙන් හෝ නිර්ධාරණ වශයෙන් හෝ කියන ලද දෙයෙහිය. යෙ ධම්මා එක ලක්ඛණා කෙචි යනු යම්කිසි ධර්මයෝ කුශලාදිභාවයෙන් හෝ රූපස්කන්ධාදී ස්වභාවයෙන් හෝ ඒ ධර්මය හා සමාන ලක්ෂණ ඇති යනුයි. වුත්තා භවන්ති සබ්බෙ යනු ඒ සියල්ලම කුශලාදී ස්වභාව හෝ ස්කන්ධාදී ස්වභාව හෝ ඇති ධර්මයෝ සූත්‍රයේ නොකියන ලද මුත් ඒ සමාන ලක්ෂණ ඇති බැවින් කියන ලද්දෝ වෙත්. රැගෙන වර්ණනා කිරීම් වශයෙන් යන අදහසයි. මෙහි ද එකලක්ඛණා යනු හේතු වශයෙන් ද සමාන ප්‍රතිඵල වශයෙන් ද සමාන අරමුණු වශයෙන් ද මේ ආදී වූ නොකියන ලද දෙයෙහි ද කියන ලද දෙයෙහි මෙන් නිර්ධාරණය දතයුතුයි. සො හාරො ලක්ඛණො නාම යැයි මෙසේ සූත්‍රයේ නොආ කල්හි ද ධර්මයේ කියන ලද ආකාරයෙන් පැමිණි කල්හි මෙන් නිර්ධාරණය කොට යම් සංවර්ණනාවක් වේ ද එය ලක්ඛණා නම් හාරය යන අර්ථයයි.
නෙරුත්තන්ති නිරුත්තං, පදනිබ්බචනන්ති අත්ථො. අධිප්පායොති බුද්ධානං සාවකානං වා තස්ස සුත්තස්ස දෙසකානං අධිප්පායො. බ්යඤ්ජනන්ති බ්යඤ්ජනෙන, කරණෙ හි එතං පච්චත්තං. කාමඤ්ච සබ්බෙ හාරා බ්යඤ්ජනවිචයා, අයං පන විසෙසතො බ්යඤ්ජනද්වාරෙනෙව අත්ථපරියෙසනාති කත්වා “බ්‍යඤ්ජන”න්ති වුත්තං. තථා හි වක්ඛති – “බ්යඤ්ජනෙන සුත්තස්ස නෙරුත්තඤ්ච අධිප්පායො ච නිදානඤ්ච පුබ්බාපරානුසන්ධි ච ගවෙසිතබ්බා”ති. අථාති පදපූරණමත්තං. දෙසනානිදානන්ති නිදදාති ඵලන්ති නිදානං, කාරණං, යෙන කාරණෙන දෙසනා පවත්තා, තං දෙසනාය පවත්තිනිමිත්තන්ති අත්ථො. පුබ්බාපරානුසන්ධීති පුබ්බෙන ච අපරෙන ච අනුසන්ධි. “පුබ්බාපරෙන සන්ධී”තිපි පාඨො, සුත්තස්ස පුබ්බභාගෙන අපරභාගං සංසන්දිත්වා කථනන්ති අත්ථො. සඞ්ගීතිවසෙන වා පුබ්බාපරභූතෙහි සුත්තන්තරෙහි සංවණ්ණියමානස්ස සුත්තස්ස සංසන්දනං පුබ්බාපරානුසන්ධි. යඤ්ච පුබ්බපදෙන පරපදස්ස සම්බන්ධනං, අයම්පි පුබ්බාපරානුසන්ධි. එසො හාරො චතුබ්යූහොති එවං නිබ්බචනාධිප්පායාදීනං චතුන්නං විභාවනලක්ඛණො චතුබ්යූහො හාරො නාමාති අත්ථො.
නෙරුත්තං යනු නිරුක්තියයි. පද නිර්වචනය යන අර්ථයයි. අධිප්පායො යනු බුදුවරුන්ගේ හෝ ශ්‍රාවකයන්ගේ ඒ සූත්‍රය දේශනා කළ අයගේ අදහසයි. බ්යඤ්ජනං යනු ව්යඤ්ජනයෙනි. එය කරණාර්ථයේ ප්‍රථමා වචනයකි. ඒකාන්තයෙන් සියලු හාරයෝ බ්‍යඤ්ජන විචය වේ. විශේෂ වශයෙන් මෙය වනාහි ව්‍යඤ්ජන වාරයෙහිම අර්ථ සෙවීම කොට ව්‍යඤ්ජනය යැයි කියන ලදි. එහෙයින්ම බ්යඤ්ජනෙන සුත්තස්ස නෙරුත්තඤ්ච අධිප්පායො ච නිදානඤ්ච පුබ්බාපරානුසන්ධිච ගවෙසිතබ්බා යැයි කියනු ලැබේ. අථ යනු පද පූරණ නිපාත මාත්‍රයකි. දෙසනා නිදානං යනු, ඵලය ගෙන දෙයි යනු නිදානයයි. කාරණයයි. යම් කරුණකින් දේශනාව පැවැත්තේ ද එය දේශනාවේ ප්රවෘත්ති නිමිත්තය යන අර්ථයයි. පුබ්බාපරානුසන්ධි යනු පූර්වයෙන් ද පසුව ද වූ අනුසන්ධියයි. පුබ්බාපරෙන සන්ධී යැයි ද පාඨයකි. සූත්‍රයේ මුල් කොටස පසු කොටස හා සසඳා ප්‍රකාශ කිරීම යන අර්ථයයි. සංගීති වශයෙන් හෝ පූර්වාපර වූ වෙනත් සූත්‍රවලින් සංවර්ණනා කරනු ලබන සූත්‍රයේ සැසඳීම පූර්වාපර අනුසන්ධියයි. පූර්ව පදය හා පර පදය අතර යම් සම්බන්ධයක් වේ නම් මෙය ද පුර්වාපර අනුසන්ධියයි. එසො හාරො චතු බ්යූහො යනු මෙසේ නිර්වචන අධිප්රායාදී සතරේ විභාවන ලක්ෂණය චතුබ්යූහ හාර නම් වේ වන අර්ථයයි.
එකම්හි පදට්ඨානෙති එකස්මිං ආරම්භධාතුආදිකෙ පරක්කමධාතුආදීනං පදට්ඨානභූතෙ ධම්මෙ දෙසනාරුළ්හෙ සති. පරියෙසති සෙසකං පදට්ඨානන්ති තස්ස විසභාගතාය අග්ගහණෙන වා සෙසකං පමාදාදීනං ආසන්නකාරණත්තා පදට්ඨානභූතං කොසජ්ජාදිකං ධම්මන්තරං පරියෙසති පඤ්ඤාය ගවෙසති, පරියෙසිත්වා ච සංවණ්ණනාය යොජෙන්තො දෙසනං ආවට්ටති පටිපක්ඛෙති වීරියාරම්භාදිමුඛෙන ආරද්ධසුත්තං වුත්තනයෙන පමාදාදිවසෙන නිද්දිසන්තො දෙසනං පටිපක්ඛතො ආවට්ටෙති නාම. ආවට්ටො නාම සො හාරොති දෙසනාය ගහිතධම්මානං සභාගවිසභාගධම්මවසෙන ආවට්ටනලක්ඛණො ආවට්ටො හාරො නාමාති අත්ථො.
එකම්හි පදට්ඨානෙ යනු ආරම්භ ධාතු ආදී වූ එකෙක්හි පරක්කම ධාතු ආදීන්ගේ පදස්ථාන වූ ධර්මයක් දේශනාවට නැංවුණු කල්හිය. පරියෙසති සෙසකං පදට්ඨානං යනු එය අසමාන බැවින් නොගැන්මෙන් හෝ සෙස්ස ප්රමාදාදීන්ගේ සමීප කරුණු නිසා පදස්ථාන භූත වූ දක්ෂ බව ආදි වෙනත් ධර්මයක් සොයයි. ප්‍රඥාවෙන් ගවේෂණය කරයි. සොයා සංවර්ණනාව හා යොදමින් දේශනා කිරීමයි. ආවට්ටති පටිපක්ඛෙ යනු වීර්යාරම්භාදී මුඛයෙන් පටන්ගත් සූත්‍රය කියන ලද ක්‍රමයෙන් ප්රමාදාදී වශයෙන් දක්වමින් දේශනාවට ප්රතිපක්ෂ බැවින් කැරකෙයි. ආවට්ටො නාම සො හාරො යනු දේශනාවෙන් ගන්නා ලද ධර්මයන් සභාග විෂභාග ධර්ම වශයෙන් කැරකෙන ලක්ෂණය ආවට්ට හාර නමැයි යන අර්ථයි.
ධම්මන්ති සභාවධම්මං, තං කුසලාදිවසෙන අනෙකවිධං. පදට්ඨානන්ති යස්මිං පතිට්ඨිතෙ උත්තරි ගුණවිසෙසෙ අධිගච්ඡති, තං විසෙසාධිගමනකාරණං. භූමින්ති පුථුජ්ජනභූමි දස්සනභූමීති එවමාදිකං භූමිං. විභජ්ජතෙති විභාගෙන කථෙති. සාධාරණෙති දස්සනපහාතබ්බාදිනාමවසෙන වා පුථුජ්ජනසොතාපන්නාදිවත්ථුවසෙන වා සාධාරණෙ අවිසිට්ඨෙ සමානෙති අත්ථො. වුත්තවිපරියායෙන අසාධාරණා වෙදිතබ්බා. නෙය්යො විභත්තීති යථාවුත්තධම්මාදීනං විභජනො අයං හාරො විභත්තීති ඤාතබ්බොති අත්ථො. තස්මා සංකිලෙසධම්මෙ වොදානධම්මෙ ච සාධාරණාසාධාරණතො පදට්ඨානතො භූමිතො ච විභජනලක්ඛණො “විභත්තිහාරො”ති දට්ඨබ්බං.
ධම්මං යනු ස්වභාව ධර්මයයි. එය කුසල ආදී වශයෙන් නන් වැදෑරුම්ය. පදට්ඨානං යනු යමක පිහිටියාහු, උතුරු ගුණ විශේෂයන් ලබයි නම් ඒ විශේෂ අධිගමයට කරුණු වන දේය. භූමිං යනු පෘථග්ජන භූමිය දර්ශන භූමිය යන මේ ආදී වූ භූමියයි. විභජතෙ යනු විභාග වශයෙන් කියයි යනුයි. සාධාරණෙ යනු දර්ශන ප්‍රහාතව්‍ය ආදී නාම වශයෙන් හෝ පෘථග්ජන සෝවාන් ආදී වස්තු වශයෙන් හෝ සාධාරණ දෙයෙහිය. අවිශිෂ්ට වූ සමාන වූ යන අර්ථයයි. කියන ලද ක්‍රමයෙන් අසාධාරණයන් දතයුතුයි. නෙය්යො විභත්ති යනු ප්‍රකාශ කරන ලද ධර්මාදීන්ගේ බෙදීමයි. මෙම හාරය විභත්ති යැයි දතයුතුය යන අර්ථයයි. එහෙයින් අපිරිසිදු ධර්මයන් ද පිරිසිදු ධර්මයන් ද සාධාරණ අසාධාරණ වශයෙන් ද පදස්ථාන වශයෙන් ද භූමි වශයෙන් ද බෙදා දක්වන ලක්ෂණය විභත්ති හාරය යැයි දතයුතුය.
නිද්දිට්ඨෙති කථිතෙ සුත්තෙ ආගතෙ, සංවණ්ණිතෙ වා. භාවිතෙති යථා උප්පන්නසදිසා උප්පන්නාති වුච්චන්ති, එවං භාවිතසදිසෙ භාවෙතබ්බෙති අත්ථො. පහීනෙති එත්ථාපි එසෙව නයො. පරිවත්තති පටිපක්ඛෙති වුත්තානං ධම්මානං යෙ පටිපක්ඛා, තෙසං වසෙන පරිවත්තෙතීති අත්ථො. එවං නිද්දිට්ඨානං ධම්මානං පටිපක්ඛතො පරිවත්තනලක්ඛණො “පරිවත්තනො හාරො”ති වෙදිතබ්බො.
නිද්දිට්ඨො යනු කියන ලද්දෙහිය. සූත්‍රයේ ආ හෝ සංවර්ණනා කරන ලද දෙයෙහිය. භාවිතෙ යනු යම්සේ උපන්නා හා සමාන දේ උපන්නේ යැයි කියනු ලැබෙත් ද මෙසේ භාවිතයට සමාන වූ යනුයි. පහිණො යන මෙහි ද මේ ක්‍රමයමැයි. පරිවත්තති පටිපක්ඛෙ යනු කියන ලද ධර්මයන්ට ප්රතිපක්ෂ වූ යමක් වේ ද ඒවාට අනුව පරිවර්තනය වෙයි යන අර්ථයයි. මෙසේ නිර්දේශ කරන ලද ධර්මයන්ට ප්රතිපක්ෂව පෙරලෙන සුලු ලක්ෂණය පරිවත්තන හාරය යැයි දතයුතුය.
විවිධානි එකස්මිංයෙව අත්ථෙ වචනානි විවචනානි, විවචනානි එව වෙවචනානි, පරියායසද්දාති අත්ථො. තානි වෙවචනානි. බහූනීති අනෙකානි. තු-සද්දො අවධාරණෙ. තෙන බහූ එව පරියායසද්දා වෙවචනහාරයොජනායං කථෙතබ්බා, න කතිපයාති දස්සෙති . සුත්තෙ වුත්තානීති නවවිධසුත්තන්තසඞ්ඛාතෙ තෙපිටකෙ බුද්ධවචනෙ භාසිතානි. එත්ථාපි තු-සද්දස්ස අත්ථො ආනෙත්වා යොජෙතබ්බො, තෙන පාළියං ආගතානියෙව වෙවචනානි ගහෙතබ්බානීති වුත්තං හොති. එකධම්මස්සාති එකස්ස පදත්ථස්ස. යො ජානාති සුත්තවිදූති යථා “සප්පිස්ස ජානාහී”ති වුත්තෙ “සප්පිනා විචාරෙහි, සප්පිං දෙහි, දෙථා”ති වා ආණාපෙතීති අත්ථො, එවං යො සුත්තකොවිදො ධම්මකථිකො එකස්ස අත්ථස්ස බහූපි පරියායසද්දෙ විචාරෙති විභාවෙති යොජෙතීති අත්ථො. වෙවචනො නාම සො හාරොති තස්ස අත්ථස්ස වුත්තප්පකාරපරියායසද්දයොජනාලක්ඛණො වෙවචනහාරො නාම. තස්මා එකස්මිං අත්ථෙ අනෙකපරියායසද්දයොජනාලක්ඛණො “වෙවචනහාරො”ති වෙදිතබ්බං.
එකම අර්ථයක විවිධ වචන යෙදීම විවචන නමි. විවචනයන්ම වෙවචන නම් වේ. පර්යාය ශබ්ද යන අර්ථයයි. ඒ වේවචනයන්ය. බහූනි යනු නොයෙක් යනුයි. තු ශබ්දය අවධාරණයෙහිය. එහෙයින් බොහෝ පර්යාය ශබ්දයෙන් වේවචනහාරය යෙදීමේදී කිවයුතුය. කිහිපයක් යැයි නොදක්වයි. සුත්තෙ වුත්තානි යනු නවවැදෑරුම් සූත්‍රාන්ත සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධවචනයෙහි කියන ලද්දේය. මෙහිදී ද තු ශබ්දයේ අර්ථය ගෙනවුත් යෙදිය යුතුය. එහෙයින් පෙළෙහි ආ වේවචනයන්ම ගතයුතු යැයි කියන ලද්දේ වෙයි. එකධම්මස්ස යනු එක් පදාර්ථයකය. යො ජානාති සුත්තවිදු යනු යම් සේ ගිතෙල් ගැන දනිහිදැයි කී කල්හි ගිතෙලින් විචාරහි ද ගිතෙල් දෙවු යැයි අණකරයි යන අර්ථයයි. මෙසේ සූත්‍රයෙහි දක්ෂ යම් ධර්ම කථිකයෙක් එක් පදයක බොහෝ පර්යාය ශබ්ද විමසයි ද විභාවනය කරයි ද යොදයි ද යන අර්ථයයි. වෙවචනො නාම සො හාරො යන ඒ අර්ථය ගැන කියන ලද ආකාර ඇති පර්යාය ශබ්ද යෙදීම් ලක්ෂණය වේවචන හාර නම් වේ. එහෙයින් එක් අර්ථයක නොයෙක් පර්යාය ශබ්ද යෙදීම් ලක්ෂණය වෙවචන හාර නම් වේ.
ධම්මන්ති ඛන්ධාදිධම්මං. පඤ්ඤත්තීහීති පඤ්ඤාපනෙහි පකාරෙහි ඤාපනෙහි, අසඞ්කරතො වා ඨපනෙහි. විවිධාහීති නික්ඛෙපප්පභවාදිවසෙන අනෙකවිධාහි. සො ආකාරොති යො එකස්සෙවත්ථස්ස නික්ඛෙපප්පභවපඤ්ඤත්තිආදිවසෙන අනෙකාහි පඤ්ඤත්තීහි පඤ්ඤාපනාකාරො. ඤෙය්යො පඤ්ඤත්ති නාම හාරොති පඤ්ඤත්තිහාරො නාමාති ඤාතබ්බො. තස්මා එකෙකස්ස ධම්මස්ස අනෙකාහි පඤ්ඤත්තීහි පඤ්ඤාපෙතබ්බාකාරවිභාවනලක්ඛණො “පඤ්ඤත්තිහාරො”ති වෙදිතබ්බං.
ධම්මං යනු ස්කන්ධාදී ධර්මයෝය. පඤ්ඤත්තීහි යනු පනවන ලද ප්‍රකාර වශයෙන් හඟවන ලද හෝ අසංකර වශයෙන් තබන ලද දේවලින් යනුයි. විවිධාහි යනු බහාතැබීම ආදී වශයෙන් නන් වැදෑරුම් ලෙසිනි. සො ආකාරො යනු එකම අර්ථයට නික්ෂේප ප්‍රභව ප්රඥප්ති ආදී වශයෙන් නොයෙක් ප්රඥප්තීන්ගෙන් පනවන ආකාරයයි. ඤෙය්යො පඤ්ඤත්ති නාම හාරො යනු පඤ්ඤත්ති නාම හාරය යැයි දතයුතුය යනුයි. එහෙයින් එක් එක් ධර්මය නොයෙක් ප්රඥප්තීන්ගෙන් පැනවිය යුතු ආකාරය ප්‍රකට කරන ලක්ෂණය පඤ්ඤත්ති හාරය යැයි දතයුතුය.
පටිච්චුප්පාදොති පටිච්චසමුප්පාදො. ඉන්ද්රියඛන්ධාති ඉන්ද්රියානි ච ඛන්ධා ච. ධාතුආයතනාති ධාතුයො ච ආයතනානි ච. එතෙහීති යො ද්වාදසපදිකො පච්චයාකාරො යානි ච ද්වාවීසතින්ද්රියානි යෙ ච පඤ්චක්ඛන්ධා යා ච අට්ඨාරස ධාතුයො යානි ච ද්වාදසායතනානි, එතෙහි සුත්තෙ ආගතපදත්ථමුඛෙන නිද්ධාරියමානෙහි. ඔතරති යොති යො සංවණ්ණනානයො ඔගාහති, පටිච්චසමුප්පාදාදිකෙ අනුපවිසතීති අත්ථො. ඔතරණො නාම සො හාරොති යො යථාවුත්තො සංවණ්ණනාවිසෙසො, සො ඔතරණහාරො නාම. ච-සද්දෙන චෙත්ථ සුඤ්ඤතමුඛාදීනං ගාථායං අවුත්තානම්පි සඞ්ගහො දට්ඨබ්බො. එවං පටිච්චසමුප්පාදාදිමුඛෙහි සුත්තත්ථස්ස ඔතරණලක්ඛණො ඔතරණො හාරො නාමාති වෙදිතබ්බං.
පටිච්චුප්පාදො යනු ප්‍රතීත්‍ය සමුත්පාදයයි. ඉන්ද්රියබන්ධා යනු ඉන්ද්රියයෝ ද ස්කන්ධයෝ ද යනුයි. ධාතු ආයතනානි යනු ධාතූහු ද ආයතනයෝ ද යනුයි. එතෙහි යනු දොළොස් පදයක් ඇති යම් ප්රත්යයාකාරයක් වේ ද යම් දෙවිසි ඉන්ද්රියයෝ වෙත් ද යම් පංචස්කන්ධයක් වේද යම් අටළොස් ධාතූහු වෙත් ද යම් දොළොස් ආයතනයක් වේ ද ඒවායින් සූත්‍රාගත පදාර්ථවලට අනුව නිර්ධාරණය කරන යනුයි. ඔතරති යො යනු යම් සංවර්ණනා න්‍යායක් බැස ගනී ද එයයි. පටිච්චසමුප්පාදාදියට අනුප්‍රවේශ වේ යන අර්ථයයි. ඔතරණො නාම සො හාරො යනු පෙර කියන ලද යම් සංවර්ණනා විශේෂයක් වේ ද එය ඔතරණ හාර නම් වේ. මෙහි ච ශබ්දයෙන් සුඤ්ඤතමුච ආදී ගාථාවෙහි නොකියන ලද කරුණුවලද සංග්‍රහය දතයුතුය. මෙසේ පටිච්චසමුප්පාද ආදී ප්රමුඛ වූ සූත්රාර්ථවල ඔතරණ ලක්ෂණය ඔතරණ හාරය නම් වේ යැයි දතයුතුය.
විස්සජ්ජිතම්හීති බුද්ධාදීහි බ්යාකතෙ. පඤ්හෙති ඤාතුං ඉච්ඡිතෙ අත්ථෙ. ගාථායන්ති ගාථාරුළ්හෙ. ඉදඤ්ච පුච්ඡන්තා යෙභුය්යෙන ගාථාබන්ධවසෙන පුච්ඡන්තීති කත්වා වුත්තං. යමාරබ්භාති සා පන ගාථා යං අත්ථං ආරබ්භ අධිකිච්ච පුච්ඡිතා, තස්ස අත්ථස්ස. සුද්ධාසුද්ධපරික්ඛාති පදං සොධිතං, ආරම්භො න සොධිතො, පදඤ්ච සොධිතං ආරම්භො ච සොධිතොති එවං පදාදීනං සොධිතාසොධිතභාවවිචාරො . හාරො සො සොධනො නාමාති යථාවුත්තවිචාරො සොධනො හාරො නාම. එවං සුත්තෙ පදපදත්ථපඤ්හාරම්භානං සොධනලක්ඛණො “සොධනො හාරො”ති වෙදිතබ්බං.
විස්සජ්ජිතම්හි යනු බුද්ධාදීන් විසින් විවරණය කරන ලද විට යනුයි. පඤ්හෙ යනු දැනගන්නට කැමති අර්ථයේය. ගාථායං යනු ගාථාවට නගන ලද්දෙහිය. මෙය ද විමසන්නාහු ගාථා බන්ධන වශයෙන් විමසතියි කියන ලදි. යමාරම්භාති යනු ඒ ගාථාව යම් අර්ථයක් අරභයා/හේතු කරගෙන විමසන ලද ද ඒ අර්ථයේය. සුද්ධාසුද්ධපරික්ඛා යනු පදය ශෝධනය කරන ලදි. ආරම්භය ශෝධනය නොකරන ලදි. පදය ද ශෝධනය කරන ලදි. ආරම්භය ද ශෝධනය කරන ලදැයි මෙසේ පාදාදීන්ගේ ශෝධිත අශෝධිත භාවය විමසීමයි. හාරො සො සොධනො නාම යනු කියන ලද පරිදි සොධන විචාර හාරයයි. මෙසේ සූත්‍රයේ පද පදාර්ථ ප්‍රශ්න ඇරඹුම් ආදියේ ශෝධන ලක්ෂණය සොධන හාරය යැයි දතයුතුයි.
එකත්තතායාති එකස්ස භාවො එකත්තං, එකත්තමෙව එකත්තතා, තාය එකත්තතාය. එක-සද්දො චෙත්ථ සමානසද්දපරියායො, තස්මා සාමඤ්ඤෙනාති අත්ථො. විසිට්ඨා මත්තා විමත්තා, විමත්තාව වෙමත්තං, තස්ස භාවො වෙමත්තතා, තාය වෙමත්තතාය, විසෙසෙනාති අත්ථො. තෙ න විකප්පයිතබ්බාති යෙ ධම්මා “දුක්ඛං සමුදයො”තිආදිනා සාමඤ්ඤෙන, “ජාති ජරා කාමතණ්හා භවතණ්හා”තිආදිනා විසෙසෙන ච සුත්තෙ දෙසිතා, තෙ “කිමෙත්ථ සාමඤ්ඤං, කො වා විසෙසො”ති එවං සාමඤ්ඤවිසෙසවිකප්පනවසෙන න විකප්පයිතබ්බා. කස්මා? සාමඤ්ඤවිසෙසකප්පනාය වොහාරභාවෙන අනවට්ඨානතො කාලදිසාවිසෙසාදීනං විය අපෙක්ඛාසිද්ධිතො ච. යථා හි “අජ්ජ හිය්යො ස්වෙ”ති වුච්චමානා කාලවිසෙසා අනවට්ඨිතසභාවා “පුරිමා දිසා පච්ඡිමා දිසා”ති වුච්චමානා දිසාවිසෙසා ච, එවං සාමඤ්ඤවිසෙසාපි. තථා හි “ඉදං දුක්ඛ”න්ති වුච්චමානං ජාතිආදිඅපෙක්ඛාය සාමඤ්ඤම්පි සමානං සච්චාපෙක්ඛාය විසෙසො හොති. එස නයො සමුදයාදීසුපි. එසො හාරො අධිට්ඨානොති එවං සුත්තාගතානං ධම්මානං අවිකප්පනවසෙන සාමඤ්ඤවිසෙසනිද්ධාරණලක්ඛණො අධිට්ඨානො හාරො නාමාති අත්ථො.
එකන්තාය යන්න (මෙසේ විග්රහ වේ.) එක් දෙයක ස්වභාවය එකත්ත නම් වේ. එකක් බවම එකත්තතා නමි. ඒ ඒකත්තතාවෙන්ය. මෙහි ඒක ශබ්දය සමාන ශබ්ද පර්යායකි. එහෙයින් සමානත්වයෙන් යන අර්ථයයි. විශිෂ්ට වූ ප්‍රමාණය විමත්ත නමි. විමත්ත බව ම වේමත්ත නමි. එහි ස්වරූපය වෙමත්තතාවයි. ඒ වේමත්තතාවෙනි. විශේෂයෙන් යන අර්ථයයි. තෙ න විකප්පයිතබ්බා සාමාන්‍යයෙන් ද ජාති ජරා කාම තණ්හා භව තණ්හා ආදී වශයෙන් විශේෂයෙන් ද සූත්‍රයෙහි දේශනා කරන ලදි. මෙහි ඒ සාමාන්‍ය භාවය නම් කුමක් ද? කවර නම් විශේෂයක් ද? මෙසේ සාමාන්‍ය විශේෂතා දැක්වීම් වශයෙන් විකල්පනය නොකළ යුතුය. කවර හෙයින්ද? සාමාන්‍ය විශේෂ කල්පනයෙන් ව්යවහාරත්වයෙන් කාල දිශා විශේෂයන්ගේ අනවස්ථානයෙන් මෙන් අපේක්ෂාවෙන් සිද්ධවන බැවිනි. යම්සේ වනාහි අද ඊයේ හෙටයැයි කියනු ලබන්නේ කාල විශේෂයෝ නොවෙනස් ස්වභාව ඇත්තෝය. පෙරදිග පැසුළු දිග යැයි කියනු ලබන්නේ දිශා විශේෂය ද කියවේ. සාමාන්‍ය විශේෂ දෙක ද මෙබඳුය. එසේම මේ දුක යැයි කියනු ලබන්නේ ජාති ආදිය අපේක්ෂාවෙන් සත්යාපේක්ෂාවෙන් විශේෂ වෙයි. සමුදය ආදියේ ද මේ ක්‍රමයමැයි. එසො හාරො අධිට්ඨානො යනු මෙසේ සූත්‍රාගත ධර්මයන් අවිකල්පන වශයෙන් සාමාන්‍ය විශේෂතා දැක්වීමේ ලක්ෂණය අධිට්ඨාන නම් හාරය නමැයි යන අර්ථයයි.
යෙ ධම්මාති යෙ අවිජ්ජාදිකා පච්චයධම්මා. යං ධම්මන්ති යං සඞ්ඛාරාදිකං පච්චයුප්පන්නධම්මං. ජනයන්තීති නිබ්බත්තෙන්ති. පච්චයාති සහජාතපච්චයභාවෙන. පරම්පරතොති පරම්පරපච්චයභාවෙන, අනුරූපසන්තානඝටනවසෙන පච්චයො හුත්වාති අත්ථො. උපනිස්සයකොටි හි ඉධාධිප්පෙතා. පුරිමස්මිං අවසිට්ඨො පච්චයභාවො. හෙතුමවකඩ්ඪයිත්වාති තං යථාවුත්තපච්චයසඞ්ඛාතං ජනකාදිභෙදභින්නං හෙතුං ආකඩ්ඪිත්වා සුත්තතො නිද්ධාරෙත්වා යො සංවණ්ණනාසඞ්ඛාතො, එසො හාරො පරික්ඛාරොති එවං සුත්තෙ ආගතධම්මානං පරික්ඛාරසඞ්ඛාතෙ හෙතුපච්චයෙ නිද්ධාරෙත්වා සංවණ්ණනලක්ඛණො පරික්ඛාරො හාරොති අත්ථො.
යෙ ධම්මා යනු අවිද්‍යා ආදී වූ යම් ප්‍රත්‍ය ධර්මයක් වේ ද ඒවාය. යං ධම්මං යනු සංස්කාර ආදී වූ යම් ප්‍රත්‍යුත්පන්න (හේතුවලින් හටගත්) ධර්මයක් වේ ද, ඒවාය. ජනයන්ති යනු නිපදවත් යනුයි. පච්චයා යනු සහජාත ප්‍රත්‍ය වශයෙන් වූ ස්වභාවයෙනි. පච්චයා යනු සහජාත ප්‍රත්‍ය වශයෙන් වූ ස්වභාවයෙනි. පරම්පරතො යනු පරම්පර ප්‍රත්‍ය ස්වරූපයෙනි. අනුරූපව සන්තානයේ ගැටීම් වශයෙන් ප්‍රත්‍ය වී යන අර්ථයයි. උපනිශ්‍රය කෙළවරම මෙහිදී අදහස් කරන ලදි. පළමුවැන්නෙහි ඉතිරි වූ ප්‍රත්‍ය ස්වරූපයයි. හෙතුමවකඩ්ඪයිත්වා යනු කියන ලද ප්‍රත්‍ය සංඛ්‍යාත වූ ජනක ආදි වශයෙන් වෙන් වූ ඒ හේතුව ඇදගෙන සූත්‍රයෙන් උපුටා යම් සංවර්ණනා සංඛ්‍යාත විවරණය කෙරෙයි ද එයයි. එසො හාරො පරික්ඛාරො යනු මෙසේ සූත්‍රයෙහි ආ ධර්මයන් පරික්ඛාර සංඛ්‍යාත හේතු ප්‍රත්‍යයෙහි නිර්ධාරණය කොට වර්ණනා කිරීම් ලක්ෂණයයි. පරික්ඛාර හාරො යන අර්ථයයි.
යෙ ධම්මාති යෙ සීලාදිධම්මා. යංමූලාති යෙසං සමාධිආදීනං මූලභූතා, තෙ තෙසං සමාධිආදීනං පදට්ඨානභාවෙන සමාරොපයිතබ්බාති සම්බන්ධො. යෙ චෙකත්ථා පකාසිතා මුනිනාති යෙ ච රාගවිරාගාචෙතොවිමුත්තිසෙක්ඛඵලකාමධාතුසමතික්කමනාදිසද්දා අනාගාමිඵලත්ථතාය එකත්ථා බුද්ධමුනිනා පරිදීපිතා, තෙ අඤ්ඤමඤ්ඤවෙවචනභාවෙන සමාරොපයිතබ්බාති සම්බන්ධො. සමාරොපනඤ්චෙත්ථ සුත්තෙ යථාරුතවසෙන නිද්ධාරණවසෙන වා ගය්හමානස්ස සික්ඛත්තයසඞ්ඛාතස්ස සීලාදික්ඛන්ධත්තයස්ස පරියායන්තරවිභාවනමුඛෙන භාවනාපාරිපූරිකථනං, භාවනාපාරිපූරී ච පහාතබ්බස්ස පහානෙනාති පහානසමාරොපනාපි අත්ථතො දස්සිතා එව හොති. එස සමාරොපනො හාරොති එස සුත්තෙ ආගතධම්මානං පදට්ඨානවෙවචනභාවනාපහානසමාරොපනවිචාරණලක්ඛණො සමාරොපනො නාම හාරොති අත්ථො.
යෙ ධම්මා යනු යම් සීලාදී ධර්මයක් වේ ද එයයි. යං මූලා යනු සමාධි ආදී වූ යමක මූල හේතුව වූ යනුයි. ඒවා ඒ සමාධි ආදීන්ට හේතුවන බැවිනි. සමාරොපයිතබ්බා යනු සම්බන්ධයයි. යෙ චෙකත්ථා පකාසිතා මුනිනා යනු රාග විරාග චෙතො විමුත්ති සෙක්ඛපල කාමධාතු සමතික්කමන ආදී ඒකාර්ථවත් යම් ශබ්දයක් අනාගාමි ඵලය පිණිස බුද්ධ මුනීන්ද්රයන් විසින් දක්වන ලද ද එය යනුයි. ඒවා අන්‍යොන්‍ය වූ සමාන වචන ලෙස දැක්විය යුතුය යන සම්බන්ධයයි. මෙහි සමාරෝපණය යනු සූත්‍රයෙහි කියන ලද පරිදි හෝ නිර්ධාරණය කිරීම් වශයෙන් හෝ ගනු ලබන ශික්ෂාත්රය සංඛ්‍යාත වූ ශීලාදී කොටස් තුනට සමාන වචන දැක්වීම් වශයෙන් භාවනා පරිපූර්ණත්වය පිළිබඳ ප්‍රකාශ කථනයයි. භාවනා පරිපූර්ණත්වය ද ප්රහාණය කළ යුතු දේ ප්රහාණය කිරීමෙන් වූ ප්‍රහාණ සමාරෝපණය ද අර්ථ වශයෙන් දක්වන ලද්දේම වේ. එස සමාරොපනො හාරො යනු සූත්‍රාගත ධර්මයන් පිළිබඳ මේ පදට්ඨාන වෙවචන භාවනා ප්‍රහාණ සමාරෝපනයන් විමසීමේ ලක්ෂණයයි. සමාරොපන නම් හාරය යන අර්ථයි.