පරිවත‍්තන හාරවිභඞ‍්ගො
3. 1. 9.
3. 1. 9.
පරිවත‍්තන හාරවිභඞ‍්ගො
පරිවත්තනහාරවිභඞ්ගය
තත්‍ථ කතමො පරිවත‍්තනො හාරො? “කුසලාකුසලෙ ධම‍්මෙ”ති. සම‍්මාදිට‍්ඨිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස මිච‍්ඡාදිට‍්ඨි නිජ‍්ජිණ‍්ණා භවති, යෙ චස‍්ස මිච‍්ඡාදිට‍්ඨිප‍්පච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා තෙ චස‍්ස නිජ‍්ජිණ‍්ණා හොන‍්ති, සම‍්මාදිට‍්ඨිප‍්පච‍්චයා චස‍්ස අනෙකෙ කුසලා ධම‍්මා සම‍්භවන‍්ති, තෙ චස‍්ස භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. සම‍්මාසංකප‍්පස‍්ස පුරිසපුග‍්ගලස‍්ස මිච‍්ඡාසංකප‍්පො නිජ‍්ජිණ‍්ණො භවති, යෙ චස‍්ස මිච‍්ඡාසඞ‍්කප‍්පපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා, තෙ චස‍්ස නිජ‍්ජිණ‍්ණා හොන‍්ති, සම‍්මාසඞ‍්කප‍්පපච‍්චයා චස‍්ස අනෙකෙ කුසලා ධම‍්මා සම‍්භවන‍්ති, තෙ චස‍්ස භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, එවං සම‍්මාවාචස‍්ස -පෙ- සම‍්මාකම‍්මන‍්තස‍්ස - සම‍්මාආජීවස‍්ස - සම‍්මාවායාමස‍්ස - සම‍්මාසතිස‍්ස - සම‍්මාසමාධිස‍්ස - සම‍්මාවිමුත‍්තිස‍්ස - සම‍්මාවිමුත‍්තිඤාණදස‍්සනස‍්ස පුරිසපුග‍්ගලස‍්ස මිච‍්ඡාවිමුත‍්තිඤාණදස‍්සනං නිජ‍්ජිණ‍්ණං භවති, යෙ චස‍්ස මිච‍්ඡාවිමුත‍්තිඤාණදස‍්සනපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා, තෙ චස‍්ස නිජ‍්ජිණ‍්ණා හොන‍්ති, සම‍්මාවිමුත‍්තිඤාණදස‍්සනපච‍්චයා චස‍්ස අනෙකෙ කුසලා ධම‍්මා සම‍්භවන‍්ති, තෙ චස‍්ස භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති.
එහි පරිවත්තනහාරය කවරෙ යැ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදි නිද්දේස ගාථා යැ, (පූර්‍වභාගසම්‍යග්දෘෂ්ටියෙන් හෝ මාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් හෝ) සම්‍යග්දෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාදෘෂ්ටිය (පූර්‍වනයින් විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව, පශ්චිමනයින් ශ්‍රෝතාපත්තිමාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් සමුච්ඡන්නව) ප්‍රහීණ වෙයි. ඔහුට මිථ්‍යාදෘෂ්ටිහේතුයෙන් යම් අනේකප්‍රකාර වු ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් නිර්ජිර්‍ණ වූවාහු (ප්‍රහීණ කරනලද්දාහු) වෙත්. සම්‍යග්දෘෂ්ටිහේතුයෙනුදු ඔහුට නොයෙක් (ශමථ විදර්‍ශනා) කුශලධර්‍මයෝ උපදිත්, ඔහුට ඒ කුශලධර්‍මයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. සම්‍යක්සංකල්ප ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාසංකල්පය නිර්ජිර්‍ණ (ප්‍රහීණ) වෙයි. ඔහුට මිථ්‍යාසංකල්ප හේතුයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහුට අකුශලධර්‍මයෝ ද ප්‍රහීණ වෙත්. සම්‍යක්සංකල්පහේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්‍මයෝ උපදිත්, ඔහුට කුශලයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. (මෙසේ) සම්‍යග්වචන ඇති ... සම්‍යක්කර්‍මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්විමුක්ති ඇති - සම්‍යග්විමුක්තිඥානදර්‍ශන ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශනය ප්‍රහීණ වෙයි, ඔහුට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශන හේතුයෙන් යම් අනේකප්‍රකාර වු ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් ප්‍රහීණ කරනලද්දාහු වෙත්. සම්‍යග්විමුක්තිඥානදර්‍ශන හේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්‍මයෝ උපදිත්. ඒ කුශලධර්‍මයෝ ද ඔහුට භාවනායෙන් පාරිපූරියට යෙත්.
යස‍්ස වා පාණාතිපාතා පටිවිරතස‍්ස පාණාතිපාතො පහීනො හොති, අදින‍්නාදානා පටිවිරතස‍්ස අදින‍්නාදානං පහීනං හොති, බ්‍රහ‍්මචාරිස‍්ස අබ්‍රහ‍්මචරියං පහීනං හොති, සච‍්චවාදිස‍්ස මුසාවාදො පහීනො හොති, අපිසුනවාචස‍්ස පිසුනාවාචා පහීනා හොති, සණ‍්හවාචස‍්ස ඵරුසා වාචා පහීනා හොති, කාලවාදිස‍්ස සම‍්ඵප‍්පලාපො පහීනො හොති, අනභිජ‍්ඣාලුස‍්ස අභිජ‍්ඣා පහීනා හොති, අබ්‍යාපන‍්නචිත‍්තස‍්ස බ්‍යාපාදො පහීනො හොති, සම‍්මාදිට‍්ඨිස‍්ස මිච‍්ඡාදිට‍්ඨි පහීනා හොති.
තවද ඒ පණිවායෙන් වැළැකුණුහට ප්‍රාණවධය ප්‍රහීණ වෙයි, අයිනාදනින් වෙන්වූවහුට අදින්නාදානය ප්‍රහීණ වෙයි, බඹසර ඇත්තහුට අබ්‍රහ්මචරිය ප්‍රහීණ වෙයි, සත්‍යවාදීහට මෘෂාවාදය ප්‍රහීණ වෙයි, පිසුනුබස් නැතියහුට පිසුනුවාක් ප්‍රහීණ වෙයි, සිලුටුවදන් ඇතියහුට පරුෂවාක් ප්‍රහීණ වෙයි, කාලවාදීහට සම්ඵප්‍රලාප ප්‍රහීණ වෙයි, අනභිධ්‍යාලූහට අභිධ්‍යා ප්‍රහීණ වෙයි, අව්‍යාපන්න සිත් ඇතියහුට ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇතියහුට මිථ්‍යාදෘෂ්ටි ප්‍රහීණ වේ.
යෙ ච ඛො කෙචි අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං ගරහන‍්ති, නෙසං සන්‍දිට‍්ඨිකා සහධම‍්මිකා ගාරය‍්හා වාදානුවාදා ආගච‍්ඡන‍්ති. සම‍්මාදිට‍්ඨිං ච තෙ භවන‍්තො ධම‍්මං ගරහන‍්ති. තෙන හි යෙ මිච‍්ඡාදිට‍්ඨිකා තෙසං භවන‍්තානං පුජ‍්ජා ච පාසංසා ච. (එවං) සම‍්මාසඞ‍්කප‍්පං -පෙ- සම‍්මාවාචං - සම‍්මාකම‍්මන‍්තං - සම‍්මාආජීවං - සම‍්මාවායාමං - සම‍්මාසතිං - සම‍්මාසමාධිං - සම‍්මාවිමුත‍්තිං - - සම‍්මාවිමුත‍්තිඤාණදස‍්සනඤ‍්ච තෙ භවන‍්තො ධම‍්මං ගරහන‍්ති. තෙන හි යෙ මිච‍්ඡාවිමුත‍්තිඤාණදස‍්සනා තෙසං භවන‍්තානං පුජ‍්ජා ච පාසංසා ච.
තවද යම් කෙනෙක් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ගරහත් ද, ඔවුනට සාන්දෘෂ්ටික වූ සකාරණ වු ගැරැහියැ යුතු වාදානුවාදයෝ පැමිණෙත්. එ භවත්හු සම්‍යග්දෘෂ්ටි ධර්‍මය ද ගරහත්. එකරුණෙන් ම ඒ භවත්නට යම් මිථ්‍යාදෘෂ්ටික කෙනෙක් වෙත් ද, ඔහු පිදිය යුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්. (මෙසේ) සම්‍යක්සංකල්පය ... සම්‍යග්වචනය - සම්‍යක්කර්‍මාන්තය - සම්‍යගාජීවය - සම්‍යග්ව්‍යායාමය - සම්‍යක්ස්මෘතිය - සම්‍යක්සමාධිය - සම්‍යග්විමුක්තිය - ඒ භවත්හු සම්‍යග්විමුක්තිඥානදර්‍ශන ධර්‍මය ගරහත්, එ කරුණෙන් ම ඒ භවත්නට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශන ඇති යම් කෙනෙක් වෙත් ද, ඔහු පිදියයුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්.
යෙ ච ඛො කෙචි එවමාහංසු: භුඤ‍්ජිතබ‍්බා කාමා පරිභුඤ‍්ජිතබ‍්බා කාමා ආසෙවිතබ‍්බා කාමා නිසෙවිතබ‍්බා කාමා භාවයිතබ‍්බා කාමා බහුලීකාතබ‍්බා කාමා”ති. කාමෙහි වෙරමණී තෙසං අධම‍්මො. යෙ වා පන කෙචි එවමාහංසු: “අත‍්තකිලමථානුයොගො ධම‍්මො”ති, නීයාණිකො තෙසං ධම‍්මො අධම‍්මො. යෙ ච ඛො කෙචි එවමාහංසු: “දුක‍්ඛො ධම‍්මො” ති, සුඛො තෙසං ධම‍්මො අධම‍්මො. යථා වා පන භික‍්ඛුනො සබ‍්බසඞ‍්ඛාරෙසු අසුභානුපස‍්සිනො විහරතො සුභසුඤ‍්ඤා පහීයන‍්ති,
යළි තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “වස්තුකාමයෝ වැළැඳියයුත්තාහ, වස්තුකාමයෝ පරිභෝග කළයුත්තාහ, වස්තුකාමයෝ ආසේවන කළයුත්තාහ, වස්තුකාමයෝ නිරතුරු සේවන කළයුත්තාහ, ක්ලේශකාමයෝ වැඩියයුත්තාහ, ක්ලේශකාමයෝ බහුලකළයුත්තාහ” යි. ඔවුනට කාමයන් කෙරෙන් වෙන්වීම අධර්‍ම යැ. යළි යම් කෙනෙක් මෙසේ හෝ කියත් ද: “අත්තකිලමථානුයෝගය ධර්‍ම” යැයි ඔවුනට නෛර්‍ය්‍යාණික වු විදර්‍ශනාව සමග ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය අධර්‍ම යැ. තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “පව් නසම්හයි කරන ශරීරතාපන දුඃඛය ධර්‍ම” යැයි. ඔවුනට අනවද්‍ය ප්‍රත්‍යයපරිභෝගසුඛ සංඛ්‍යාත ධර්‍මය අධර්‍මය යැ. තවද (සුභසඤ්ඤාදි පරිවර්‍තන) මෙසේ යැ: සියලු ත්‍රෛභූමක සංස්කාරයන්හි අශුභානුදර්ශි ව වාසය කරන මහණහට අශුභයෙහි ශුභ යැයි ගන්නා විපරීත සංඥා ප්‍රහීණ වෙයි,
දුක‍්ඛානුපස‍්සිනො විහරතො සුඛසඤ‍්ඤා පහීයන‍්ති, අනිච‍්චානු පස‍්සිනො විහරතො නිච‍්චසඤ‍්ඤා පහීයන‍්ති, අනත‍්තානුපස‍්සිනො විහරතො අත‍්තසඤ‍්ඤා පහීයන‍්ති, යං යං වා පන ධම‍්මං රොචයති වා උපගච‍්ඡති වා තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස යො පටිපක‍්ඛො ස‍්වාස‍්ස අනිට‍්ඨිතො අජ‍්ඣාපන‍්නො භවති. තෙනාහ, ආයස‍්මා මහාකච‍්චානො: “කුසලා කුසලෙ ධම‍්මෙ”ති.
දුඃඛානුදර්ශීව වාසය කරන්නහුට දුඃඛයෙහි සුඛ යැයි ගන්නා සංඥා ප්‍රහීණ වෙයි, අනිත්‍යානුදර්ශීව වාසය කරන්නහුට අනිත්‍යයෙහි නිත්‍ය යයි ගන්නා විපරීතසංඥා ප්‍රහීණ වෙයි, අනාත්මානුදර්ශීව වාසය කරන්නහුට ආත්මසංඥා ප්‍රහීණ වෙයි. තවද යම් යම් ධර්‍මයක් රුචි කෙරෙයි හෝ පැමිණෙයි හෝ වේ ද ඒ ඒ ධර්‍මයට ප්‍රතිපක්‍ෂ වූ යම් ධර්‍මයෙක් ඇද්ද ඒ ධර්‍මයට ඊට අනිෂ්ට හෙයින් අභ්‍යුපගත වූයේ - දන්නාලද්දේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදිය.
නියුත‍්තො පරිවත‍්තනො හාරො.
පරිවත්තනහාරය යොදන ලද්දේ යි.