යෙදුමෙන් කියවන්න

පඤ‍්ඤත‍්තිහාරවිභඞ‍්ගො

3. 1. 11.

3. 1. 11.

පඤ‍්ඤත‍්තිහාරවිභඞ‍්ගො

පඤ්ඤත්තිහාරවිභඞ්ගය

තත්‍ථ කතමො පඤ‍්ඤත‍්තිහාරො: “එකං භගවා ධම‍්මං පඤ‍්ඤත‍්තීහි විවිධාහි දෙසෙතී”ති. යා පකතිකථාය දෙසනා අයං නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති. කා ච පකතිකථාය දෙසනා: චත‍්තාරි සච‍්චානි, යථා භගවා ආහ: “ඉදං දුක‍්ඛ”න‍්ති. අයං පඤ‍්ඤත‍්ති පඤ‍්චන‍්නං ඛන්‍ධානං ඡන‍්නං ධාතූනං අට‍්ඨාරසන‍්නං ධාතූනං ද‍්වාදසන‍්නං ආයතනානං දසන‍්නං ඉන්‍ද්‍රියානං නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති.

එහි පඤ්ඤත්තිහාරය කවර යැ: ‘ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යනාදි නිද්දේසගාථා යැ, ප්‍රකෘතිකථායෙන් (භාග්‍යවතුන් වහන්සේගේ ස්වාභාවිකධර්‍මකථායෙන්) යම් දේශනාවක් ඇද්ද මේ (වෛනෙයසන්තානයෙහි යථාභිප්‍රේතාර්‍ත්‍ථ නික්‍ෂේප කෙරෙයි - තබා නුයි) ‘නික්ඛෙපපඤ්ඤත්ති’ නම. යළි ප්‍රකෘතිකථායෙන් කරන දේශනා කවර: චතුස්සත්‍යයෝ යි. “ඉදං දුක්ඛං”යි බුදුහු මෙසේ වදාළහ. (අතීතාදි අනේක භේදභින්න වූ රූපාරූපධර්‍මයන් ප්‍රභේද නොකොට පීළනාදි අර්‍ත්‍ථසාමාන්‍යයෙන් එක්රැස් කොට ගැනීමට කාරණ වූ) ‘දුක්ඛං’ යන මේ ප්‍රඥප්තියෙක, එය පඤ්චස්කන්‍ධයන්ගේ ෂඩ්ධාතුන්ගේ අටළොස් ධාතුන්ගේ දොළොස් ආයතනයන්ගේ දස ඉන්‍ද්‍රියයන්ගේ නික්‍ෂේපප්‍රඥප්ති යි.

“කබලිංකාරෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දි අත්‍ථි තණ‍්හා, පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං, යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං, අත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුඩ‍්ඪි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුඩ‍්ඪි අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභි නිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං, යත්‍ථ අත්‍ථි ආයතිං ජාතිජරාමරණං සසොකං තං භික‍්ඛවෙ සදරං සඋපායාසන‍්ති වදාමි,

“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය (ගෙහසිත සොම්නස) ඇද්ද තෘෂ්ණා ඇද්ද, ඒ තෘෂ්ණායෙහි ප්‍රතිසන්‍ධිජනක විඥානය පිහිටියේ වැඩුණේ වෙයි, යම් ත්‍රෛභූමක වර්‍තයෙහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේත් වේ ද, ඒ ත්‍රෛභූමක වර්‍තයෙහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, ඒ නාමරූපයෙහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධිය ඇද්ද එහි මත්තෙහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එහි ස්කන්‍ධන්ගේ අභිනිර්‍වෘතිලක්‍ෂණ ජාතිය හා පරිපාක - භේදලක්‍ෂණ ජරාමරණ ඇත. යම් තැනෙක මතුයෙහි ජාතිජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝක සහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.

ඵස‍්සෙ චෙ -පෙ- මනොසඤ‍්චෙතනාය චෙ -පෙ- විඤ‍්ඤාණෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දි අත්‍ථි තණ‍්හා පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං, යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං, අත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුඩ‍්ඪි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුඩ‍්ඪි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං, යත්‍ථ අත්‍ථි ආයතිං ජාතිජරාමරණං සසොකං තං භික‍්ඛවෙ සදරං සඋපායාසන‍්ති වදාමි” අයං පභවපඤ‍්ඤත‍්ති දුක‍්ඛස‍්ස ච සමුදයස‍්ස ච.

ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද, එහි පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, එතැන්හි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇද්ද, එතැන්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එතැන්හි මතු ජාති ජරා මරණ ඇත. යම් තැනෙක මත්තෙහි ජාති ජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝකසහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.” මේ දේශනාව දුක්ඛසත්‍යයාගේ ද සමුදයසත්‍යයාගේ ද පභව (සමුට්ඨාන) ප්‍රඥප්ති යි. (විපාකවට්ටයාගේ ද සංස්කාරයන්ගේ ද තෘෂ්ණාප්‍රත්‍යයභාවය දැක්වූ හෙයිනි.)

“කබලිංකාරෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ නත්‍ථි රාගො නත්‍ථි නන්‍දි නත්‍ථි තණ‍්හා, අප‍්පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං අවිරූළ‍්හං, යත්‍ථ අප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං, නත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ නත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, නත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුඩ‍්ඪි. යත්‍ථ නත්‍ථි සඞ‍්ඛාරානං වුඩ‍්ඪි, නත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, යත්‍ථ නත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, නත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං, යත්‍ථ නත්‍ථි ආයතිං ජාතිජරාමරණං අසොකං තං භික‍්ඛවෙ අදරං අනුපායාසන‍්ති වදාමි. ඵස‍්සෙ චෙ -පෙ- මනොසඤ‍්චෙතනාය චෙ -පෙ- විඤ‍්ඤාණෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ නත්‍ථි රාගො නත්‍ථි නන්‍දි නත්‍ථි තණ‍්හා, අප‍්පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං අවිරූළ‍්හං. යත්‍ථ අප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං, නත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ නත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, නත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුඩ‍්ඪි. යත්‍ථ නත්‍ථි සඞ‍්ඛාරානං වුඩ‍්ඪි, නත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ නත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, නත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං, යත්‍ථ නත්‍ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික‍්ඛවෙ අදරං අනුපායාසන‍්ති වදාමි” අයං පරිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති දුක‍්ඛස‍්ස, පහාන පඤ‍්ඤත‍්ති සමුදයස‍්ස, භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති නිරොධස‍්ස.

“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය නැද්ද නන්‍දිය නැද්ද තෘෂ්ණා නැද්ද එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනක ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ ද නොවැඩුණේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනක නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැද්ද එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි ආයති පුනර්‍භවයාගේ අභිනිර්‍වෘතියෙක් නැත. යම් තැනක මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නැද්ද, එහි මතුයෙහි ජාති ජරා මරණ නැත. යම් තැනක මතු ජාති ජරා මරණ නැද්ද, මහණෙනි, එය ශෝක රහිත යැ දරථ රහිත යැ උපාසය රහිත යැයි කියමි. ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැද්ද නන්‍දි නැද්ද තෘෂ්ණා නැද්ද, එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනෙක විඥානය නොපිහිටියේ නොවැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය නැද්ද, එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැද්ද, එහි මතු ජාති ජරා මරණ නැත. යම් තැනෙක මතු ජාති ජරා මරණ නැද්ද, එතැන අශෝක යැ දරථ රහිත යැ අනුපාසාස යැයි කියමි”. මේ දේශනාව දුඃඛසත්‍යයාගේ පරිඥාප්‍රඥප්ති යැ, සමුදය සත්‍යයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ, මාර්‍ගසත්‍යයාගේ භාවනාප්‍රඥප්ති යැ, නිරෝධසත්‍යයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.

“සමාධිං භික‍්ඛවෙ භාවෙථ අප‍්පමත‍්තො නිපකො සතො, සමාහිතො භික‍්ඛවෙ භික‍්ඛු යථාභූතං පජානාති, කිඤ‍්ච යථාභූතං පජානාති: චක‍්ඛුං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති රූපා අනිච‍්චාති යථාභූතං පජානාති, චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං පජානාති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනිච‍්චොති යථාභූතං පජානාති, ධම‍්මා අනිච‍්චාති යථාභූතං පජානාති, මනොවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, මනොසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං පජානාති, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති.” අයං භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, පරිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති දුක‍්ඛස‍්ස, පහානපඤ‍්ඤත‍්ති සමුදයස‍්ස, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති නිරොධස‍්ස.

“මහණෙනි, අප්‍රමත්ත වූයේ ප්‍රඥාවත්ව ස්මෘති ඇතියේ සමාධිය වඩව, මහණෙනි, (උපාචාර අපර්‍ණා සමාධියෙන්) සමාහිත වු මහණ යථාස්වභාවයෙන් දැනගනී, කුමක් යථාභූත ව දැනගනී ද යත්: චක්‍ෂුස අනිත්‍ය යයි යථාභූතව දැනගනී. රූපයෝ අනිත්‍යයහ යි යථාභූතව දැනගනී, චක්‍ෂුර්විඥානය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී නම් එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජීහ්වාව ... කායය ... මනස අනිත්‍ය යයි යථාභූතව දැනගනී, ආලම්බන ධර්‍මයෝ අනිත්‍ය වූහ’ යි යථාභූතව දැනගනී, මනෝවිඤ්ඤාණය අනිත්‍ය යයි යථාභූතව දැන ගනී, මනෝසම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී ද එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී.” මේ දේශනාව මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුඃඛයාගේ පරිඥා ප්‍රඥප්ති යැ සමුදයාගේ ප්‍රහාණ ප්‍රඥප්ති යැ නිරෝධයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.

“රූපං රාධ විකිරථ විධමථ විද‍්ධංසෙථ විකීළනිකං කරොථ (පඤ‍්ඤාය) තණ‍්හක‍්ඛයාය පටිපජ‍්ජථ. තණ‍්හක‍්ඛයා දුක‍්ඛක‍්ඛයො දුක‍්ඛක‍්ඛයා නිබ‍්බානං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං විකිරථ විධමථ විද‍්ධංසෙථ විකීළනිකං කරොථ (පඤ‍්ඤාය) තණ‍්හක‍්ඛයාය පටිපජ‍්ජථ. තණ‍්හක‍්ඛයා දුක‍්ඛක‍්ඛයො, දුක‍්ඛක‍්ඛයා නිබ‍්බානං” අයං නිරොධපඤ‍්ඤත‍්ති නිරොධස‍්ස, නිබ‍්බිදාපඤ‍්ඤත‍්ති අස‍්සාදස‍්ස, පරිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති දුක‍්ඛස‍්ස, පහානපඤ‍්ඤත‍්ති සමුදයස‍්ස, භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති නිරොධස‍්ස.

“රාධය, රූපය විසුරුව විධමන කරව විධ්වංසන කරව ක්‍රීඩාවිගමය කරව, (ප්‍රඥායෙන්) තෘෂ්ණාක්‍ෂය පිණිස පිළිපදුව. තෘෂ්ණාක්‍ෂය වීමෙන් දුඃඛක්‍ෂය වෙයි. දුක්ඛක්‍ෂය වීමෙන් නිර්‍වාණය වෙයි. වේදනාව ... සඤ්ඤාව ... සඞ්ඛාරයන් ... විඤ්ඤාණය විකිරණ විධමන විධ්වංසන කරව, ක්‍රීඩාවිගමය කරව, (ප්‍රඥායෙන්) තෘෂ්ණාක්‍ෂය පිණිස පිළිපදුව, තෘෂ්ණාව ක්‍ෂය වීමෙන් දුක් ක්‍ෂය වෙයි. දුක් ක්‍ෂයවීමෙන් නිර්‍වාණය වේ.” මේ දේශනාව නිරෝධ සත්‍යයාගේ රෝධ සංඛ්‍යාත තෘෂ්ණානිරෝධය පැනවීම යැ ආස්වාදයාගේ නිබ්බිදා ප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඤ්ඤාපඤ්ඤත්ති යැ සමුදයාගේ පහානපඤ්ඤත්ති යැ මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති යැ නිරෝධයාගේ සච්ඡිකිරියා පඤ්ඤත්ති යි.

“සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති” අයං පටිවෙධපඤ‍්ඤත‍්ති සච‍්චානං, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති දස‍්සනභූමියා, භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති දස‍්සනභූමියා, භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති සොතාපත‍්තිඵලස‍්ස.

“හේ (තෘෂ්ණාව තබා ත්‍රෛභූමක පඤ්චස්කන්‍ධය) ‘මේ දුක’ යි ඇති සැටියෙන් දැනගනී. ‘මේ (තෘෂ්ණාව) දුක්ඛ සමුදය යැ’ යි ඇති සැටි දැන ගනී. ‘මේ (නිවන) දුක්ඛ නිරෝධ යැයි යථාභූතව දැනගනී, මේ (අරි අටඟිමග) දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැයි යථාභූතව දැන ගනී.” මෙය චතුස්සත්‍යයන්ගේ ප්‍රතිවේධ ප්‍රඥප්ති යැ දර්‍ශන භූමි (ස්‍රෝතාපත්ති මාර්‍ගයාගේ) නික්‍ෂේප ප්‍රඥප්ති යැ මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති යැ සෝතාපත්ති ඵලයාගේ සච්ඡිකිරියාපඤ්ඤත්ති යි.

“සො ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවා අසෙසං නිරුජ‍්ඣන‍්තීති යථාභූතං පජානාති” අයං උප‍්පාදපඤ‍්ඤත‍්ති ඛයෙ ඤාණස‍්ස, ඔකාසපඤ‍්ඤත‍්ති අනුප‍්පාදෙ ඤාණස‍්ස, භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, පරිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති දුක‍්ඛස‍්ස, පහානපඤ‍්ඤත‍්ති සමුදයස‍්ස, ආරම‍්භපඤ‍්ඤත‍්ති විරියින්‍ද්‍රියස‍්ස, ආසාටනාපඤ‍්ඤත‍්ති ආසාටිකානං, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති භාවනාභූමියා, අභිනිඝාතපඤ‍්ඤත‍්ති පාපකානං අකුසලානං ධම‍්මානං.

හේ, “මොහු ආස්‍රවයෝ ය’ යි තත්වූ පරිදි දැන ගනී, ‘මේ ආස්‍රව සමුදය’ යි යථාභූතව දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධය’ යි යථාභූතව දැනගනී, ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි යථාභූතව දැනගනී, මේ ආස්‍රවයෝ නිරවශේෂව නිරුද්ධ වෙතී යථාභූතව දැනගනී” මේ ආස්‍රවක්‍ෂයඥානයාගේ උත්පාදප්‍රඥප්ති යැ, අනුත්පාදඥානයාගේ ස්ථාන ප්‍රඥප්ති යැ, මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඥාප්‍රඥප්ති යැ සමුදයයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ විරියින්‍ද්‍රියයාගේ ආරම්භ ප්‍රඥප්ති යැ ක්ලේශආසාටිකා (ඉහඳ) වන්ගේ නීහරණ ප්‍රඥප්ති යැ භාවනාභුමිය පිළිබඳ නික්‍ෂේප ප්‍රඥප්ති යැ ලාමක අකුශල ධර්‍මයන්ගේ අභිඝාත (නැසීම) ප්‍රඥප්ති යි.

“ඉදං දුක‍්ඛන‍්ති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ‍්ඤා උදපාදි විජ‍්ජා උදපාදි ආලොකො උදපාදි, අයං දුක‍්ඛසමුදයොති මෙ භික‍්ඛවෙ -පෙ- අයං දුක‍්ඛනිරොධොති මෙ භික‍්ඛවෙ -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි ඤාණං පඤ‍්ඤා උදපාදි විජ‍්ජා උදපාදි ආලොකො උදපාදි” අයං දෙසනාපඤ‍්ඤත‍්ති සච‍්චානං, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති සුතමයියා පඤ‍්ඤාය, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියස‍්ස, පවත‍්තනාපඤ‍්ඤත‍්ති ධම‍්මචක‍්කස‍්ස.

“මහණෙනි, ‘මේ දුඃඛසත්‍යය’ යි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මවිෂයෙහි නුවණැස උපන, සත්‍යඥාන උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. මහණෙනි, ‘මේ දුක්ඛසමුදය’ යි මා විසින් ... මහණෙනි, ‘මේ දුක්ඛනිරෝධය’ යි මා විසින් ... මහණෙනි, ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යයි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, සත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ චතුස්සත්‍යයන්ගේ දේශනාප්‍රඥප්ති යැ ශ්‍රැතමයි ප්‍රඥාවගේ නික්‍ෂේප ප්‍රඥප්ති යැ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයාගේ සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥප්ති යැ ධර්‍මචක්‍රයාගේ ප්‍රවර්‍තනප්‍රඥප්ති යි.

“තං ඛො පනිදං දුක‍්ඛං පරිඤ‍්ඤෙය්‍යන‍්ති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ‍්ඤා උදපාදි විජ‍්ජා උදපාදි ආලොකො උදපාදි. සො ඛො පනායං දුක‍්ඛසමුදයො පහාතබ‍්බොති මෙ භික‍්ඛවෙ -පෙ- සො ඛො පනායං දුක‍්ඛනිරොධො සච‍්ඡිකාතබ‍්බොති මෙ භික‍්ඛවෙ -පෙ- සා ඛො පනායං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා භාවෙතබ‍්බාති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ‍්ඤා උදපාදි විජ‍්ජා උදපාදි ආලොකො උදපාදි” අයං භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති චින‍්තාමයියා පඤ‍්ඤාය, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති අඤ‍්ඤින්‍ද්‍රියස‍්ස.

“තවද මහණෙනි, මේ දුක්ඛසත්‍යය දතයුතු (ඉක්මැවියයුතු) යයි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. යළි මහණෙනි, මේ දුක්ඛසමුදය මා විසින් ප්‍රහාණය කළයුතු යයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමීනීපටිපදාව මා විසින් වැඩියයුත්තීය යයි පෙර නො ඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ චින්තාමයි ප්‍රඥාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ අඤ්ඤින්‍ද්‍රියයාගේ සච්ඡිකිරියාපඤ්ඤත්ති යි.

“තං ඛො පනිදං දුක‍්ඛං පරිඤ‍්ඤාතන‍්ති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ‍්ඤා උදපාදි විජ‍්ජා උදපාදි ආලොකො උදපාදි. සො ඛො පනායං දුක‍්ඛසමුදයො පහීනොති මෙ භික‍්ඛවෙ -පෙ- සො ඛො පනායං දුක‍්ඛනිරොධො සච‍්ඡිකතොති මෙ භික‍්ඛවෙ -පෙ- සා ඛො පනායං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා භාවිතාති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ‍්ඤා උදපාදි විජ‍්ජා උදපාදි ආලොකො උදපාදි” අයං භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති භාවනාමයියා පඤ‍්ඤාය, සච‍්ඡිකිරියාපඤ‍්ඤත‍්ති අඤ‍්ඤාතාවිනො ඉන්‍ද්‍රියස‍්ස, පවත‍්තනාපඤ‍්ඤත‍්ති ධම‍්මචක‍්කස‍්ස.

තවද මහණෙනි, මේ දුක්ඛසත්‍යය මා විසින් පරිඥාත යැයි පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘතඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. යළි මහණෙනි, මේ දුක්ඛසමුදය මා විසින් ප්‍රහීණ යැයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධය මා විසින් පසක්කරන ලදැයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමීනීපටිපදාව මා විසින් වඩන ලදැයි පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘතඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ මාර්‍ගයාගේ භාවනා ප්‍රඥප්ති යැ භාවනාමයි ප්‍රඥාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ අඤ්ඤාතාවී ඉන්‍ද්‍රියයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යැ ධර්‍මචක්‍රයාගේ ප්‍රවර්‍තන ප්‍රඥප්ති යි.

1. “තුලමතුලඤ‍්ච සම‍්භවං භවසඞ‍්ඛාරමවස‍්සජි මුනි, අජ‍්ඣත‍්තරතො සමාහිතො අභිදා කවචමිවත‍්තසම‍්භවං”ති.

1. බුද්ධමුනිහු කාමාවචර කර්‍මය ද (අතුලවූ) මහද්ගත කර්‍මය ද නොහොත් කාමාවචර රූපාවචර කර්‍මය හා අරූපාවචරකර්‍මය ද ඒ භවහේතුක කර්‍ම රැස්කරන පුනර්‍භවසංස්කාරය දුරුකළහ. (නොහොත් අතුල වූ නිවන ද භවය ද තුලනය කරමින් ස්කන්‍ධමූල වූ භවසංස්කාරය ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දුරුකළහ.) විදර්‍ශනා විසින් අධ්‍යාත්මයෙහි ඇලුණාහු උපචාර අපර්‍ණාසමාධීන් සමාහිතව (යුද්ධශීර්‍ෂයෙහි මහා යෝධයෙක්) සන්නාහය මෙන් ආත්මසම්භව වූ සියලු ක්ලේශජාතය බිඳලූහ’ යි.

‘තුල’න‍්ති සඞ‍්ඛාරධාතු; ‘අතුල’න‍්ති නිබ‍්බානධාතු; තුලමතුලඤ‍්ච සම‍්භව’න‍්ති අභිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති සබ‍්බධම‍්මානං, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති ධම‍්මපටිසම‍්භිදාය; ‘භවසඞ‍්ඛාරමවස‍්සජි මුනී’ති පරිච‍්චාගපඤ‍්ඤත‍්ති සමුදයස‍්ස, පරිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති දුක‍්ඛස‍්ස, ‘අජ‍්ඣත‍්තරතො සමාහිතො’ති භාවනාපඤ‍්ඤත‍්ති කායගතාය සතියා, ඨිතිපඤ‍්ඤත‍්ති චිත‍්තෙකග‍්ගතාය, ‘අභිදා කවවමිවත‍්තසම‍්භව’න‍්ති අභිනිබ‍්බිදාපඤ‍්ඤත‍්ති චිත‍්තස‍්ස, උපාදානපඤ‍්ඤත‍්ති සබ‍්බඤ‍්ඤුතාය, පදාලනාපඤ‍්ඤත‍්ති අවිජ‍්ජණ‍්ඩකොසානං. තෙනාහ භගවා: ‘තුලමතුලඤ‍්ච සම‍්භව’න‍්ති.

(මේ දේශනායෙහි) ‘තුලං’ යනු සංස්කාරධාතු යැ ‘අතුලං’ යනු නිර්‍වාණධාතු යැ ‘තුලමතුලං ච සම්භවං’ යනු සියලු ධර්‍මයන්ගේ අභිඥාප්‍රඥප්ති යැ ධර්‍මප්‍රතිසම්භිදාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ ‘භවසඞ්ඛාරමවස්සජි මුනි’ යනු සමුදයයාගේ පරිත්‍යාගප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඥාප්‍රඥප්ති යැ ‘අජ්ඣත්තරතො සමාහිතො’ යනු කායගතාසතියගේ භාවනාප්‍රඥප්ති යැ චිත්තේකග්ගතාවගේ ස්ථිතිප්‍රඥප්ති යැ ‘අභිදා කවවමීවත්තසම්භවං’ යනු (ආයුසංස්කාරය හැරීම් වශයෙන්) චිත්තයාගේ අභිනිබ්බිදා (අභිනීහරණ) ප්‍රඥප්ති යැ සර්‍වඥභාවයාගේ ග්‍රහණප්‍රඥප්ති යැ අවිද්‍යාණ්ඩකෝෂයන්ගේ ප්‍රදාලනාප්‍රඥප්ති යි. එයින් වදාළහ, බුදුහු: “තුලමතුලං ච සම්භවං” යී.

2. “යො දුක‍්ඛමද‍්දක‍්ඛි යතො නිදානං කාමෙසු සො ජන‍්තු කථං නමෙය්‍ය, කාමා හි ලොකෙ සඞ‍්ගොති ඤත්‍වා තෙසං සතීමා විනයාය සික‍්ඛෙ”ති

2. ආරබ්ධවිදර්‍ශක වූ යමෙක් සියලු ත්‍රෛභූමක දුඃඛය දුටුයේ ද යම් හේතුවකින් දුක උපදී නම් ඒ කාරණා වූ තෘෂ්ණාවත් දකී ද ඒ පටිපන්නක පුරුෂ සවස්තුක වු ක්ලේශකාමයන්හි කවර කරුණෙකින් නැමේ ද (නො නැමේ මැයැ.) යම් හෙයෙකින් මෙලොවැ කාමයෝ (පසමිතුරු වෙත් ද එහෙයින්) බන්‍ධනයෙකැයි දැන ස්මෘතිමත් වූයේ ඒ කාමයන්ගේ විනය පිණිස ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.

‘යො දුක‍්ඛ’න‍්ති වෙවචනපඤ‍්ඤත‍්ති ච දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාපඤ‍්ඤත‍්ති ච, ‘යතො නිදාන’න‍්ති පභවපඤ‍්ඤත‍්ති ච සමුදයස‍්ස පහානපඤ‍්ඤත‍්ති ච, ‘අද‍්දක‍්ඛී’ති වෙවචනපඤ‍්ඤත‍්ති ච ඤාණචක‍්ඛුස‍්ස පටිවෙධපඤ‍්ඤත‍්ති ච, කාමෙසු සො ජන‍්තු කථං නමෙය්‍යා’ති වෙවචනපඤ‍්ඤත‍්ති ච කාමතණ‍්හාය අභිනිවෙස පඤ‍්ඤත‍්ති ච, කාමාහි ලොකෙ සඞ‍්ගොති ඤත්‍වා’ති පච‍්චත්‍ථිකතො දස‍්සනපඤ‍්ඤත‍්ති කාමානං, කාමා හි අඞ‍්ගාරකාසූපමා මංසපෙසූපමා පාවකකප‍්පා පපාත උරගොපමා ච. ‘තෙසං සතිමා’ ති අපචයපඤ‍්ඤත‍්ති පහානාය, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති කායගතාය සතියා, භාවනාපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, ‘විනයාය සික‍්ඛෙ’ති පටිවෙධපඤ‍්ඤත‍්ති රාගවිනයස‍්ස දොසවිනයස‍්ස මොහවිනයස‍්ස, ‘ජන‍්තූ’ති වෙවචනපඤ‍්ඤත‍්ති යොගිස‍්ස, යදා හි යොගී කාමා සඞ‍්ගොති පජානාති, සො කාමානං අනුප‍්පාදාය කුසලෙ ධම‍්මෙ උප‍්පාදයති, සො අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය වායමති. අයං වායාමපඤ‍්ඤත‍්ති අප‍්පත‍්තස‍්ස පත‍්තියා, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති ඔරමත‍්තිකාය අසන‍්තුට‍්ඨියා. තත්‍ථ සො උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා.

‘යො දුක්ඛං’ යනු දුඃඛසත්‍යයාගේ වෙවචන ප්‍රඥප්ති ද පරිඤ්ඤා ප්‍රඥප්ති ද වෙයි, ‘යතෝ නිදානං’ යනු සමුදයසත්‍යයාගේ ප්‍රභවප්‍රඥප්ති ද ප්‍රහාණප්‍රඥප්ති ද වෙයි, ‘අද්දක්ඛි’ යනු ඥානචක්‍ෂුස්හුගේ වෙවචනප්‍රඥප්ති ද ප්‍රතිවේධප්‍රඥප්ති ද වෙයි, ‘කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය’ යනු කාමතෘෂ්ණාවගේ වෙවචනප්‍රඥප්ති ද අභිනිවේශප්‍රඥප්ති ද වෙයි ‘කාමා හි ලෝකේ සඞ්ගොති ඤත්‍වා’ යනු කාමයන් පසමිතුරු හෙයින් දර්‍ශනය පැනවීම යැ ඒ එසේ මැය - කාමයෝ අඞ්ගාරකර්ෂුවකට බඳු උපමා ඇතියහ, මස් වැදැල්ලකට බඳු උපමා ඇතියහ, දිලිසෙන ගින්නක් බන්දහ, ප්‍රපාතයකට හා උරගුන්ට බඳු උපමා ඇතියහ, ‘තෙසං සතිමා’ යනු ප්‍රහාණයාගේ අපචයපඤ්ඤත්ති ද කායගතා සතියගේ නික්ඛෙපපඤ්ඤත්ති ද මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති ද වෙයි. ‘විනයාය සික්ඛෙ’ යනු රාගවිනයාගේ දෝසවිනයාගේ මෝහවිනයාගේ ප්‍රතිවේධප්‍රඥප්ති යැ ‘ජන්තු’ යනු යෝගීහුගේ වෙවචනප්‍රඥප්ති යැ ඒ එසේ මැය - යම් කලෙක යෝගාවචර ‘කාමයෝ සඞ්ගයෙකැ’ යි දැන ගනී ද එකළ හේ කාමයන්ගේ අනුත්පාදය පිණිස කුශල ධර්‍මයන් උපදවයි, හේ නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස වෑයම් කරයි, මේ නොපත් මාර්‍ගඵලයන්ගේ ප්‍රාප්තිය පිණිස වායාමපඤ්ඤත්ති යැ, අල්පමාත්‍රගුණයෙන් සතුටු නොවීම පිළිබඳ නික්ඛෙපපඤ්ඤත්ති යැ, එහි ඒ යෝගාවචර උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස

වායමතී’ති අයං අප‍්පමාදපඤ‍්ඤත‍්ති භාවනාය, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති විරියින්‍ද්‍රියස‍්ස, ආරක‍්ඛපඤ‍්ඤත‍්ති කුසලානං ධම‍්මානං, ඨිතිපඤ‍්ඤත‍්ති අධිචිත‍්තසික‍්ඛාය. තෙනාහ භගවා. “යො දුක‍්ඛමද‍්දක‍්ඛි යතො නිදාන”න‍්ති.

වෑයම් කෙරෙයි යන මෙය භාවනාව පිළිබඳ අප්පමාද පඤ්ඤත්ති යැ විරියින්‍ද්‍රියයාගේ නික්ඛෙපපඤ්ඤත්ති යැ කුශලධර්‍මයන්ගේ ආරක්ඛ පඤ්ඤත්ති යැ අධිචිත්තශික්‍ෂාව පිළිබඳ ර්‍ඨතිපඤ්ඤත්ති යි. එයින් වදාළහ බුදුහු; “යො දුක්ඛමද්දික්ඛි යතෝ නිදානං” යි.

3. “මොහසම‍්බන්‍ධනො ලොකො භබ‍්බරූපොව දිස‍්සති උපධිසම‍්බන්‍ධනො බාලො තමසා පරිවාරිතො, අස‍්සිරී විය ඛායති පස‍්සතො නත්‍ථි කිඤ‍්චනං”ති.

3. මේ ලෝවැසිතෙම අවිද්‍යාහේතුක සංයෝජනයන්ගේ බැඳුණේ (විපරිතා ධ්‍යාශය ඇතියේ මායා සාඨෙය්‍ය දෙකින් වැසුණුපියවි ඇතියේ) භව්‍යස්වරූපයක් මෙන් දක්නාලැබෙයි, ක්ලේශ අභිසංස්කාරෝපධීන් විසින් බැඳුණු බාලතෙමේ සම්මොහතමසින් පරිවෘත වූයේ (පණ්ඩිතනයට) නිශ්ශ්‍රීකයකු මෙන් වැටැහෙයි, නුවණැසින් දක්නහුට ගතයුතු කිසිවක් නැති’ යි.

‘මොහසම‍්බන්‍ධනො ලොකො’ති දෙසනාපඤ‍්ඤත‍්ති විපල‍්ලාසානං, ‘භබ‍්බරූපොච දිස‍්සතී’ති විපරීතපඤ‍්ඤත‍්ති ලොකස‍්ස, උපධිසම‍්බන්‍ධනො බාලො’ති පභවපඤ‍්ඤත‍්ති පාපකානං ඉච‍්ඡාවචරානං, කිච‍්චපඤ‍්ඤත‍්ති පරියුට‍්ඨානානං, බලවපඤ‍්ඤත‍්ති කිලෙසානං, විරූහනාපඤ‍්ඤත‍්ති සඞ‍්ඛාරානං, තමසා පරිවාරිතො’ති දෙසනාපඤ‍්ඤත‍්ති අවිජ‍්ජන්‍ධකාරස‍්ස වෙවචනපඤ‍්ඤත‍්ති ච. අස‍්සිරී විය ඛායතී’ති දස‍්සනපඤ‍්ඤත‍්ති දිබ‍්බචක‍්ඛුස‍්ස, නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති පඤ‍්ඤාචක‍්ඛුස‍්ස, ‘පස‍්සතො නත්‍ථි කිඤ‍්චන’න‍්ති පටිවෙධපඤ‍්ඤත‍්ති සත‍්තානං, රාගො කිඤ‍්චනං දොසො කිඤ‍්චනං මොහො කිඤ‍්චනං. තෙනාහ භගවා: “මොහොසම‍්බන්‍ධනො ලොකො”ති.

‘මෝහසම්බන්‍ධනෝ ලෝකෝ’ යනු විපල්ලාසයන්ගේ දේශනාපඤ්ඤත්ති යැ ‘හබ්බරූපෝච දිස්සති’ යනු ලෝකයාගේ විපරීතපඤ්ඤත්ති යැ ‘උපධිසම්බන්‍ධනෝ බාලො’ යනු ලාමක ඉච්ඡාවචරයන්ගේ ප්‍රභවප්‍රඥප්ති යැ පරියුට්ඨානයන්ගේ කෘත්‍ය ප්‍රඥප්ති යැ ක්ලේශයන්ගේ බලවපඤ්ඤත්ති යැ සංස්කාරයන්ගේ විරූහනාපඤ්ඤත්ති යැ, ‘තමසා පරිවාරිතො’ යනු අවිද්‍යාන්‍ධරකාරයාගේ දේශනාප්‍රඥප්ති යැ වෙවචනප්‍රඥප්ති ද වෙයි, ‘අස්සරී විය ඛායති’ යනු දිව්‍යචක්‍ෂුස්හුගේ දර්‍ශනප්‍රඥප්ති යැ ප්‍රඥාවක්‍ෂුස්හුගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ, ‘පස්සතෝ නත්‍ථි කිඤ්චනං’ යනු සත්ත්‍වයන්ගේ ප්‍රතිවේධ ප්‍රඥප්ති යැ, රාගය කිඤ්චන යැ දෝසය කිඤ්චන යැ මෝහය කිඤ්චන යි. එයින් වදාළහ බුදුහු “මෝහසම්බන්‍ධනෝ ලෝකෝ” යි.

“අත්‍ථි භික‍්ඛවෙ අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, නො චෙ තං භික‍්ඛවෙ අභවිස‍්ස අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, න ඉධ ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායෙථ. යස‍්මා ච ඛො භික‍්ඛවෙ අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, තස‍්මා ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායතී”ති.

“මහණෙනි (හේතුප්‍රත්‍යයසමවායෙන්) නූපන් (හේතු රහිත වැ තෙමේ මැ) නො පහළ වූ (හේතු ප්‍රත්‍යයෙන්) නො කරනලද ප්‍රත්‍යයෙන් අසංස්කෘත වූ නිර්‍වාණධාතුව පරමාර්‍ත්‍ථවශයෙන් ඇත. මහණෙනි, අජාත අභූත අකත අසඞ්ඛත වූ ඒ නිර්‍වාණධාතුව ඉදින් නො වී නම්, මේ ලෝකයෙහි හේතුප්‍රත්‍යයෙන් උපන් හටගත් කරනලද සියලු සඞ්ඛතධර්‍මයාගේ නිස්සරණයෙක් නො පැනෙන්නේය, තව ද මහණෙනි, යම් හෙයකින් අජාත අභූත අකත අසඞ්ඛත වූ නිර්‍වාණධාතුව ඇද්ද, එහෙයින් ජාත වූ භූත වූ කෘතවූ හේතුප්‍රත්‍යයන් විසින් සමවායෙන් කරනලද ධර්‍මජාතයාගේ නිස්සරණය පැනේ” යයි වදාළසේක.

‘නො චෙතං භික‍්ඛවෙ අභවිස‍්ස අජාතං අභූතං අකතං අසඞ‍්ඛත’න‍්ති දෙසනාපඤ‍්ඤත‍්ති නිබ‍්බානස‍්ස වෙවචනපඤ‍්ඤත‍්ති ච, ‘න ඉධ ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායෙථා’ති වෙවචනපඤ‍්ඤත‍්ති සඞ‍්ඛතස‍්ස උපනයන පඤ‍්ඤත‍්ති ච, ‘යස‍්මා ච ඛො භික‍්ඛවෙ අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ‍්ඛත’න‍්ති වෙවචනපඤ‍්ඤත‍්ති නිබ‍්බානස‍්ස ජොතනාපඤ‍්ඤත‍්ති ච, ‘තස‍්මා ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායතී’ති අයං වෙවචනපඤ‍්ඤත‍්ති නිබ‍්බානස‍්ස, නීයාණිකපඤ‍්ඤත‍්ති මග‍්ගස‍්ස, නිස‍්සරණපඤ‍්ඤත‍්ති සංසාරතො. තෙනාහ භගවා: ‘නො චෙ තං භික‍්ඛවෙ අභවිස‍්සා’ති.

‘නො චේතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ දේශනාපඤ්ඤත්ති ද වෙවචනපඤ්ඤත්ති ද වෙයි, ‘න ඉධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ’ යනු සඞ්ඛතයාගේ වෙවචනපඤ්ඤත්ති ද උපනයනපඤ්ඤත්ති ද වෙයි, ‘යස්මා ච ඛො භික්ඛවෙ අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ වෙවචනපඤ්ඤත්ති ද ජෝතනාපඤ්ඤත්ති (ප්‍රතිඥා කළ අර්‍ත්‍ථසිද්ධිය ප්‍රකාශ කිරීම) ද වෙයි, ‘තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති’ යනු මේ නිර්‍වාණයාගේ වෙවචන පඤ්ඤත්ති ද, මාර්‍ගයාගේ නෛර්‍ය්‍යාණිකප්‍රඥප්ති ද, සංසාරයෙන් නික්මයෑම පැනවීම ද වේ. එයින් වදාළහ, බුදුහු: “නො වෙතං භික්ඛවෙ අභවිස්ස” යනාදිය.

තෙනාහ ආයස‍්මා මහාකච‍්චායනො: “එකං භගවා ධම‍්මං පඤ‍්ඤත‍්තීහි විවිධාහි දෙසෙතී”ති.

එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යි.

නියුත‍්තො පඤ‍්ඤත‍්තිහාරො.

පඤ්ඤත්තිහාරය යොදනලද්දේ යි.