යෙදුමෙන් කියවන්න

අධිට‍්ඨානහාරවිභඞ‍්ගො

3. 1. 14.

3. 1. 14.

අධිට‍්ඨානහාරවිභඞ‍්ගො

අධිට්ඨානහාරවිභඞ්ගය

තත්‍ථ කතමො අධිට‍්ඨානො හාරො: “එකත‍්තතාය ධම‍්මා යෙ පි ච වෙමත‍්තතාය නිද‍්දිට‍්ඨා” ති. යෙ තත්‍ථ නිද‍්දිට‍්ඨා තථා තෙ ධාරයිතබ‍්බා.

එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “ඒකත්තතාය ධම්මා යෙ’පි ච වේමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්‍ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)

‘දුක‍්ඛ’න‍්ති එකත‍්තතා, තත්‍ථ කතමං දුක‍්ඛං: ජාති දුක‍්ඛා, ජරා දුක‍්ඛා, ව්‍යාධි දුක‍්ඛො, මරණං දුක‍්ඛං, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා: රූපා දුක‍්ඛා, වෙදනා දුක‍්ඛා, සඤ‍්ඤා දුක‍්ඛා, සඞ‍්ඛාරා දුක‍්ඛා, විඤ‍්ඤාණං දුක‍්ඛං’. අයං වෙමත‍්තතා.

‘දුක්ඛ’ යනු ඒකත්‍ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්‍ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් හා සම්ප්‍රයෝගය දුක යැ ප්‍රියයන් කෙරෙන් විප්‍රයෝගය දුක යැ රිසිවූ යමක් නො ලබා නම් එද දුක යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්ඛයහ. රූප දුක් යැ වේදනා දුක් යැ සංඥා දුක් යැ සංස්කාර දුක් යැ විඥානය දුක් යි: මේ දුඃඛසත්‍යයාගේ විශේෂ ප්‍රකාශ කළ හෙයින් වේමත්තතා යි.

‘දුක‍්ඛසමුදයො’ති එකත‍්තතා, ‘තත්‍ථ කතමො දුක‍්ඛසමුදයො: යා’යං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථීදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා, අයං වෙමත‍්තතා.

‘දුක්ඛසමුදය’ යනු ඒකත්තතා (සාමාන්‍ය) යැ, ‘එහි දුක්ඛසමුදය කවරෙ යැ: පුනර්‍භවය ඇතිකරන නන්‍දිරාගය හා සහගත වූ ඒ ඒ භවයෙහි සිත් අලවන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මේ වේමත්තතා (විශේෂතා) යි.

‘දුක‍්ඛනිරොධො’ති එකත‍්තතා. ‘තත්‍ථ කතමො දුක‍්ඛනිරොධො: යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො.’ අයං වෙමත‍්තතා.

‘දුක්ඛනිරෝධ’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධ කවරෙ යැ: ඒ ත්‍රිවිධ තෘෂ්ණාවගේ මැ යම් නිරවශේෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ වීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් අනාලයෙක් ඇද්ද එය යි. මේ වේමත්තතා යි.

‘දුක‍්ඛනිරොධගාමිනීපටිපදා’ති එකත‍්තතා. තත්‍ථ කතමා දුක‍්ඛ නිරොධගාමිනී පටිපදා: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.’ අයං වෙමත‍්තතා.

‘දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධගාමිනී පටිපදා කවර: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වාචා යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ වේමත්තතා යි.

‘මග‍්ගො’ති එකත‍්තතා. ‘තත්‍ථ කතමො මග‍්ගො: නිරයගාමී මග‍්ගො තිරච‍්ඡානයොනිගාමී මග‍්ගො පෙත‍්තිවිසයගාමී මග‍්ගො අසුරයොනිගාමියො මග‍්ගො සග‍්ගගාමියො මගෙගො මනුස‍්සගාමී මග‍්ගො නිබ‍්බානගාමී මග‍්ගො’. අයං වෙමත‍්තතා.

‘මග්ග’ යනු ඒකත්තතා යැ. ‘එහි මාර්‍ග කවරෙ යැ: නිරයගාමී (නිරයට යන) මාර්‍ග යැ තිරශ්චීනයෝනිගාමී මාර්‍ග යැ ප්‍රේත්‍යවිෂයගාමී මාර්‍ග යැ අසුරයෝනියට හිතවූ මාර්‍ග යැ ස්වර්‍ගගාමී මාර්‍ග යැ මනුෂ්‍යලෝකගාමී මාර්‍ග යැ නිර්‍වාණගාමී මාර්‍ග යි. මේ (මාර්‍ගයාගේ) විශේෂතා යි.

‘නිරොධො’ති එකත‍්තතා. ‘තත්‍ථ කතමො නිරොධො: පටිසඞ‍්ඛා නිරොධො, අප‍්පටිසඞ‍්ඛානිරොධො, අනුනයනිරොධො, පටිඝනිරොධො, මානනිරොධො, මක‍්ඛනිරොධො, පලාසනිරොධො, ඉස‍්සානිරොධො, මච‍්ඡරියනිරොධො, සබ‍්බකිලෙසනිරොධො. අයං වෙමත‍්තතා.

නිරෝධ යනු ඒකත්තතා යැ. එහි නිරෝධ කවරෙ යැ: අනිත්‍යාදි වශායෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රතිපක්‍ෂභාවනාවෙන් නිරෝධ යැ සංඛතධර්‍මයෙන්ගේ සරසනිරෝධ යැ හෙවත් ක්‍ෂණික නිරෝධ යැ අනුනයනිරෝධ යැ ප්‍රතිඝනිරෝධ යැ මානනිරෝධ යැ මක්ඛනිරෝධ යැ පලාස (යුගග්‍රාහ) නිරෝධ යැ ඊර්‍ෂ්‍යයානිරෝධ යැ මාත්සර්‍ය්‍යයනිරෝධ යැ සර්‍වක්ලේශයන්ගේ නිරෝධ යි. මේ නිරෝධයාගේ වේමත්තතා යි.

‘රූප’න‍්ති එකත‍්තතා. ‘තත්‍ථ කතමං රූපං චාතුම‍්මහාභූතිකං රූපං චතුන‍්නං ච මහාභූතානං උපාදාය රූපස‍්ස පඤ‍්ඤත‍්ති. තත්‍ථ කතමානි චත‍්තාරි මහාභූතානි: පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු.

‘රූප’ යනු ඒකත්තතා යැ. එහි රූප කවරෙ යැ: සතර මහාභූතයන්ගෙන් හටගත් රූප යැ සතර මහාභූතයන් නිසා රූපයාගේ ප්‍රඥප්ති වෙයි. එහි සතර මහාභූතයෝ කවරහ: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තේජෝධාතු යැ වායුධාතු යි.

ද‍්වීහි ආකාරෙහි ධාතුයො පරිගණ‍්හාති සඞ‍්ඛෙපෙන ච විත්‍ථාරෙන ච. කථං විත්‍ථාරෙන ධාතුයො පරිගණ‍්හාති: වීසතියා ආකාරෙහි පඨවීධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති. ද‍්වාදසහි ආකාරෙහි ආපොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති. චතූහි ආකාරෙහි තෙජොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති. ඡහි ආකාරෙහි වායොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති.

සංක්‍ෂේපයෙන් ද විස්තාරයෙන් දැයි දෙයාකාරයෙකින් ධාතුන් පරිග්‍රණය කෙරෙයි: කිසෙයින් විස්තර විසින් ධාතුන් පරිග්‍රහණ කෙරෙයි යත්: විසිආකාරයෙකින් පෘථිවිධාතුව විස්තර විසින් පිරිගනී, දොළොස්අයුරෙකින් අබ්ධාතුව විස්තර විසින් පිරිගනී, සියුඅයුරෙකින් තේජෝධාතුව විස්තර විසින් පිරිගනී, සයාකාරයෙකින් වායෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.

කතමෙහි වීසතියා ආකාරෙහි පඨවීධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති: ‘අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරූ අට‍්ඨී අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං මත්‍ථලුඞ‍්ගන‍්ති. ඉමෙහි වීසතියා ආකාරෙහි පඨවීධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති.

කවර විසිඅයුරින් පෘථිවිධාතුව විස්තර විසින් පිරිගනී යැ යත්: මේ කයෙහි කෙස් ඇත, ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදවත අක්මා දලබුව බඩදිව පපුමස අතුණු අතුණුබහන් නොපැසුණු අහර පැසුණු අහර හිස්කබලෙහි සිටි හිස්මුල් යන මොහු ඇති. මේ විසිආකාරයෙන් පෘථිවිධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.

කතමෙහි ද‍්වාදසහි ආකාරෙහි ආපොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති: ‘අත්‍ථි ඉමස‍්මිං කායෙ පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තන‍්ති. ඉමෙහි ද‍්වාදසහි ආකාරෙහි ආපොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති.

කවර දොළොස්අයුරින් ආපෝධාතුව විස්තර විසින් පිරිගනී යැ යත්: මේ කයෙහි පිත් සෙම් සැරව ලේ සෝදිය මේදස් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූ ඇතැ’ යි මේ දොළොස් අයුරින් ආපෝධාතුව පරිග්‍රහණ කෙරෙයි.

කතමෙහි චතූහි ආකාරෙහි තෙජොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති: ‘යෙන ච සන‍්තප‍්පති යෙන ච ජීරීයති යෙන ච පරිඩය‍්හති යෙන ච අසිතපීතඛායිතසාහිතං සම‍්මා පරිණාමං ගච‍්ඡතී’ති, ඉමෙහි චතූහි ආකාරෙහි තෙජොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති.

කවර සතර අයුරින් තේජෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි යත්: මේ තේජෝධාතුවකින් තැවේ ද, යම් තේජෝධාතුව ජරාවට පැමිණේ ද, යම් තේජෝධාතුවකින් පරිදාහයට පැමිණේ ද, යම් තේජෝධාතුවකින් අසිත යැ පීත යැ ඛායිත යැ සායිත යැ යන මේ මනාකොට පරිණාමයට යේ ද, උක්තප්‍රකාර වූ මේ සතර ආකාරයෙන් තේජෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.

කතමෙහි ඡහි ආකාරෙහි වායොධාතු විත්‍ථාරෙන පරිගණ‍්හාති: ‘උද‍්ධංගමා වාතා අධොගමා වාතා කුච‍්ඡිසයා වාතා කොට‍්ඨසයා වාතා අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා අස‍්සාසො පස‍්සාසො ඉති’ ඉමෙහි ඡහි ආකාරෙහි වායොධාතුං විත්‍ථාරෙන පරිගණ‍්හාති.

කවර ෂඩාකාරයෙන් වායෝධාතුව විස්තර විසින් පිරිගන් යැ යත්: උද්ගාරාදිය ඇති කරන ඌර්ධ්වඞ්ගම වාත යැ මල මූ ආදිය බැහැරකරන අධෝගම වාත යැ අතුණින් පිටත්හි වූ වාත යැ අතුණු ඇතුළත්හි වූ වාත යැ ධමනිජාලානුසාරයෙන් සියලු සිරුරැ අඟපසඟ අනුවපැතිරෙනුවු සම්මිඤ්ජන පසාරණාදිය උපදවන වාත යැ ආශ්වාස ප්‍රාශ්වාස යැ යන මේ ෂඩාකාරයෙන් වායෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.

එවං ඉමෙහි ද‍්වාවත‍්තාරීසාය ආකාරෙහි විත්‍ථාරෙන ධාතුයො සහාවභාවතො උපලක‍්ඛයන‍්තො තුලයන‍්තො පරියොගාහන‍්තො පරිවීමංසන‍්තො පච‍්චවෙක‍්ඛන‍්තො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සති කායං වා කායපදෙසං වා: යථා චන්‍දනිකං පවිචිනන‍්තො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සෙය්‍ය, යථා සඞ‍්ඛාරධානං පවිචිනන‍්තො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සෙය්‍ය, යථා වච‍්චකුටිං පවිවීනන‍්තො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සෙය්‍ය, යථා සීවථිකං පවිචිනන‍්තො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සෙය්‍ය, එවමෙවං ඉමෙහි ද‍්වාවත‍්තාරීසාය ආකාරෙහි එවං විත්‍ථාරෙන ධාතුයො සහාවභාවතො උපලක‍්ඛයන‍්තො තුලයන‍්තො පරියොගාහන‍්තො පරිවීමංසන‍්තො පච‍්චවෙක‍්ඛන‍්තො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සති කායං වා කායපදෙසං වා. තෙනාහ භගවා:

මෙසේ මේ දෙසාලිස් ආකාරයෙන් විස්තර වශයෙන් ධාතූන් ස්වභාව ලක්‍ෂණ විසින් උපධාරණය කරනුයේ තුලනය කරනුයේ පර්‍ය්‍යාවගාහන කරනුයේ හාත්පසින් විමසනුයේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ කය හෝ කායප්‍රදේශයක් හෝ ගතයුතු කිසිවක් නො දකී. යම්සේ ගම්දොර ගවරවළක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, යම්සේ කසළගොඩක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, යම්සේ වැසිකිළියක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, යම්සේ අමුසොහොනක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, එපරිදි මැ මේ දෙසාලිස් ආකාරයෙන් මෙසේ විස්තර විසින් ධාතූන් ස්වභාවලක්‍ෂණ වශයෙන් උපධාරණය කරනුයේ තුලනය කරනුයේ විමසා බලනුයේ විමංසනය කරනුයේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ කය හෝ කායප්‍රදේශයක් හෝ ගතයුතු නොදකී. එයින් වදාළහ, බුදුහු:

“යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු, පඨවීඛාතුරෙවෙසා තං නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා පඨවීධාතුයා නිබ‍්බින්‍දති පඨවීධාතුයා චිත‍්තං විරාජෙති. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු, -පෙ- යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු -පෙ- යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා තං නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා වායොධාතුයා නිබ‍්බින්‍දති වායොධාතුයා චිත‍්තං විරාජෙති. අයං වෙමත‍්තතා.

“යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද යම් බාහිර පෘථිවිධාතුවකුත් ඇද්ද තෙල පෘථිවිධාතු මැ ය, ඒ පෘථිවිධාතුව ‘තෙල මාගේ නොවෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’ යි මෙසේ මෙය යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ, මෙසේ තෙල පෘථිවිධාතුව සම්‍යක්ප්‍රඥායෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත නොඅලවයි. යම් ආධ්‍යාත්මික ආපෝධාතුවක් ඇද්ද යම් බාහිර ආපෝධාතුවකුත් ඇද්ද ... යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් ඇද්ද යම් බාහිර තේජෝධාතුවකුත් ඇද්ද … යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් ඇද්ද යම් බාහිර වායෝධාතුවකුත් ඇද්ද තෙල වායෝධාතු’මැ ය, එය ‘මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’ යි මෙසේ මෙය යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ මෙසේ තෙල යථාභූතව සම්‍යග්ඥානයෙන් දැක වායෝධාතුයෙහි උකටලී වෙයි, වායෝධාතුයෙහි සිත නො අලවයි.” මේ ධාතූන්ගේ වේමත්තතා (විශේෂතා) යි.

‘අවිජ‍්ජා’ති එකත‍්තතා. ‘තත්‍ථ කතමා අවිජ‍්ජා: දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං. යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසල‍්ලක‍්ඛණා

අවිජ්ජා යනු ඒකත්තතා යැ. එහි අවිජ්ජා කවර යැ: දුඃඛසත්‍යයෙහි නොදැනීම දුක්ඛසමුදයෙහි නොදැනීම දුක්ඛනිරෝධයෙහි නොදැනීම දුක්ඛනිරෝධගාමිනී පටිපාදයෙහි නොදැනීම පූර්‍වාන්තයෙහි නොදැනීම අපරාන්තයෙහි නොදැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නොදැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නොදැනීමයි. මෙබඳුවූ යම් නොදැනීමක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (ධර්‍මස්වාභාවය) නො සැලැකීමෙක්

අනුපලක‍්ඛණා අපච‍්චුපලක‍්ඛණා අසමපෙක‍්ඛණං අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්මොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වෙමත‍්තතා.

අනුපලක්‍ෂණයෙක් අප්‍රත්‍යුපලක්‍ෂණයෙක් සමව නොබැලීමෙක් ප්‍රත්‍යක්‍ෂ නොකිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපචිත්‍රතායෙක් බාලබවෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහඅකුශලමූලයෙක් ඇද්ද, එයයි. මේ අවිද්‍යාවගේ වේමත්තතා යි.

‘විජ‍්ජා’ති එකත‍්තතා, ‘තත්‍ථ කතමා විජ‍්ජා: දුක‍්ඛෙ ඤාණං දුක‍්ඛසමුදයෙ ඤාණං දුක‍්ඛනිරොධෙ ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං පුබ‍්බන‍්තෙ ඤාණං අපරන‍්තෙ ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ ඤාණ ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු ඤාණං. යා එවරූපා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයෙ සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරි මෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං.’ අයං වෙමත‍්තතා.

‘විජ්ජා’ යනු ඒකත්තතා යැ. එහි විජ්ජා කවර යැ: දුඃඛසත්‍යයෙහි දැනීම දුක්ඛ සමුදයෙහි දැනීම දුක්ඛනිරෝධයෙහි දැනීම දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපාදයෙහි දැනීම පූර්‍වාන්තයෙහි දැනීම අපරාන්තයෙහි දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි දැනීම යි. යම් මෙබඳුවූ ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදිධර්‍මයන්ගේ ලක්‍ෂණවශයෙන්) විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිතබවෙක් කෞශල්‍යයෙක් නිපුණබවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂාවෙක් භූරී (පෘථුල) ප්‍රඥාවෙක් ධාරණප්‍රඥාවෙක් පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්‍යග්ඥානයෙක් ප්‍රඥාප්‍රතොදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥා ඉන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙන් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙක් වේ ද එයයි. මේ විද්‍යාවගේ වේමත්තතා යි.

‘සමාපත‍්තී’ති එකත‍්තතා. තත්‍ථ කතමා සමාපත‍්ති: සඤ‍්ඤාසමාපත‍්ති අසඤ‍්ඤාසමාපත‍්ති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාසමාපත‍්ති විභූතසඤ‍්ඤාසමාපත‍්ති නිරොධසඤ‍්ඤාසමාපත‍්ති. අයං වෙමත‍්තතා.

‘සමාපත්ති’ යනු ඒකත්තතා යැ. එහි සමාපත්ති කවර යැ: (සංඥායෙන් යුත්) සංඥාසමාපත්ති යැ (සංඥාවිරාග භාවනාවශයෙන් පැවැති අසංඥභවෝපප්‍රාප්තිය උපදවන) අසංඥසමාපත්ති යැ නෛවසංඥානාසංඥාසමාපත්ති යැ (විඤ්ඤාණඤ්චායතනසමාපත්ති සංඛ්‍යාත) විභූතසංඥාසමාපත්ති යැ නිරෝධසංඥාසමාපත්ති යි. මේ වේමත්තතා යි.

‘ඣායී’ති එකත‍්තතා. තත්‍ථ කතමො ඣායි: අත්‍ථි සෙඛො ඣායි, අත්‍ථි අසෙඛො ඣායි, අත්‍ථි නෙවසෙඛො නාසෙඛො ඣායී, ආජානීයො ඣායි, අස‍්සඛලුඞ‍්කො ඣායී, දිට‍්ඨුත‍්තරො ඣායී, තණ‍්හුත‍්තරො ඣායී, පඤ‍්ඤූත‍්තරො ඣායීති. අයං වෙමත‍්තතා.

‘ඣයී’ යනු ඒකත්තතා යැ. එහි ඣයී (ධ්‍යාන කරනුයේ) කවරෙ යැ: ශෛක්‍ෂ වූ ධ්‍යාන කරන්නෙක් ඇත, අශෛක්‍ෂ වූ ධ්‍යාන කරන්නෙක් ඇත, නේවසේඛනාසේඛ වූ (පුහුදුන්) ධ්‍යානකරන්නෙක් ඇත, ආජානේය අශ්වයකු බඳු ව ධ්‍යාන කරන්නේ යැ අස්කුණ්ඩයකු බඳුව ධ්‍යාන කරන්නේ යැ දෘෂ්ටිගතිකව ධ්‍යානලාභී වූ ධ්‍යාන කරන්නේ යැ තෘෂ්ණාගතිකව ධ්‍යානකරනුයේ යැ ප්‍රඥාධිකව ලක්‍ෂණොපනිධ්‍යානයෙන් ධ්‍යාන කරන්නේ යයි. මේ වේමත්තතා යි.

‘සමාධී’ති එකත‍්තතා. තත්‍ථ කතමො සමාධි: සරණො සමාධි, අරණො සමාධි, සවෙරො සමාධි, අවෙරො සමාධි, සබ්‍යාපජ‍්ඣො සමාධි, අබ්‍යාපජ‍්ඣො සමාධි, සප‍්පීතිකො සමාධි, නිප‍්පීතිකො සමාධි, සාමිසො සමාධි, නිරාමිසො සමාධි, සසඞ‍්ඛාරො සමාධි, අසඞ‍්ඛාරො සමාධි එකංසභාවිතො සමාධි, උභයංසභාවිතො සමාධි, උභතොභාවිතභාවනො සමාධි, සවිතක‍්කසවිචාරො සමාධි, අවිතක‍්කවිචාරමත‍්තො සමාධි, අවිතක‍්කඅවිචාරො සමාධි, හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි විසෙසභාගියො සමාධි, නිබ‍්බෙධභාගියො සමාධි, ලොකියො සමාධි, ලොකුත‍්තරො සමාධි, මිච‍්ඡාසමාධි, සම‍්මාසමාධි, අයං වෙමත‍්තතා.

‘සමාධි’ යනු ඒකත්තතා යැ. එහි සමාධි කවරෙ යැ: අකුශලචිත්තෛකාග්‍රතා සංඛ්‍යාත සරණසමාධි ය කුශලාව්‍යාකෘත වූ (ලෝකෝත්තර වූ) අරණසමාධි යැ ප්‍රතිඝචිත්තයෙහි ඒකාග්‍රතා සංඛ්‍යාත සවේරසමාධි යැ මෙත්තාචෙතොවිමුත්ති සංඛ්‍යාත අවෙර සමාධි යැ සප්‍රතිඝ වූ සව්‍යාපජ්ඣසමාධි යැ අප්‍රතිඝ වූ අබ්‍යාපජ්ඣ සමාධි යැ සප්‍රීතික සමාධි යැ නිෂ්ප්‍රීතිකසමාධි යැ ලෞකික වූ සාමිසසමාධි යැ ලෝකෝත්තර වූ නිරාමිස සමාධි යැ දන්‍ධාභිඥ වූ සසංඛාරසමාධි යැ ක්‍ෂිප්‍රාභිඥ වූ අසංඛාරසමාධි යැ ශුෂ්කවිදර්‍ශකයාගේ ඒකංසභාවිත සමාධි යැ ශමථයානිකයාගේ උහයංසභාවිත සමාධි යැ (කායසක්ඛී පුද්ගලයාගේ ද උභතෝභාගවිමුත්තයාගේ ද) උභතෝභාවීතභාවන සමාධි යැ සවිතර්‍ක සවිචාර සමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර වූ සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ (අප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානාදි) හානභාගිය සමාධි යැ (තදනුධම්මතා සතිය පිහිටීම් වශයෙන්) ඨීතිභාගිය සමාධි යැ විශේෂාධිගමය පිණිස පවත්නා විශේෂභාගිය සමාධි යැ නිබ්බේධභාගිය සමාධි යැ ලෞකික සමාධි යැ ලෝකෝත්තර සමාධි යැ මිථ්‍යාසමාධි යැ සම්‍යක්සමාධි යැ යන මේ සමාධි නම් වේ. මේ සමාධිහුගේ වේමත්තතා යි.

‘පටිපදා’ති එකත‍්තතා. ‘තත්‍ථ කතමා පටිපදා: ආගාළ‍්හා පටිපදා, නිජ‍්ඣාමා පටිපදා, මජ‍්ඣිමා පටිපදා, අක‍්ඛමා පටිපදා, ඛමා පටිපදා, සමා පටිපදා, දමා පටිපදා, දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා’ති. අයං වෙමත‍්තතා.

‘පටිපදා’යනු ඒකත්තතා යැ. එහි පටිපදා කවර යැ: කාමසුඛානුයෝග සංඛ්‍යාත ආගාළ්හපටිපදා යැ අත්තකිලමථානුයෝග සංඛ්‍යාත නිජ්ඣාමපටිපදා යැ මධ්‍යමප්‍රතිපදා යැ ප්‍රධන්භූමියෙහි ශීතාදිය නො ඉවසන අක්ඛමපටිපදා යැ ශීතාදිය ඉවසන ඛමපටිපදා යැ උපන් කාමාදි විතර්‍කයන් සන්හිඳුවන සමපටිපදා යැ මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන් දමනය කරන දමපටිපදා යැ දන්‍ධාභිඤ්ඤ වු දුක්ඛපටිපදා යැ ඛිප්පාභිඤ්ඤවු දුක්ඛපටිපදා යැ දන්‍ධාභිඤ්ඤ වු සුඛපටිපදා යැ ඛිප්පාභිඤ්ඤවු වු සුඛපටිපදා යි. මේ පටිපදායෙහි වේමත්තතා යි.

‘කායො’ති එකත‍්තතා. තත්‍ථ කතමො කායො: නාමකායො රූපකායො ච. තත්‍ථ කතමො රූපකායො: කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තං මත්‍ථලුඞ‍්ගන‍්ති. අයං රූපකායො. නාමකායො නාම වෙදනා සඤ‍්ඤා චෙතනා චිත‍්තං ඵස‍්සො මනසිකාරොති අයං නාමකායොති. අයං වෙමත‍්තතා.

‘කාය’ යනු ඒකත්තතා යැ. එහි කාය කවර යැ: නාමකාය ද රූපකාය ද වෙයි. එහි රූපකාය කවරෙ යැ: කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදවත අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් සැරව ලේ සෝදිය මේදස් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූ හිස්මුල් යන මේ යැ. මේ රූපකාය යි. නාමකාය නම්: වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඵස්ස මනසිකාර යන මේ නාමකාය යි. මේ වේමත්තතා යි.

එවං යො ධම‍්මො යස‍්ස ධම‍්මස‍්ස සමානභාවො, සො ධම‍්මො තස‍්ස ධම‍්මස‍්ස එකත‍්තතාය එකීභවතී, යෙන යෙන වා පන විලක‍්ඛණො තෙන තෙන වෙමත‍්තතං ගච‍්ඡති. එවං සුත‍්තෙ වා වෙය්‍යාකරණෙ වා ගාථායං වා පුච‍්ඡිතෙන වීමංසිතබ‍්බං, කිං එකත‍්තතාය පුච‍්ඡති උදාහු වෙමත‍්තතායාති. යදි එකත‍්තතාය පුච‍්ඡිතං, එකත‍්තතාය විස‍්සජ‍්ජයිතබ‍්බං. යදි වෙමත‍්තතාය පුච‍්ඡිතං, වෙමත‍්තතාය විස‍්සජ‍්ජයිතබ‍්බං. යදි සත‍්තාධිට‍්ඨානෙන පුච‍්ඡිතං, සත‍්තාධිට‍්ඨානෙන විස‍්සජ‍්ජයිතබ‍්බං. යදි ධම‍්මාධිට‍්ඨානෙන පුච‍්ඡිතං, ධම‍්මාධිට‍්ඨානෙන විස‍්සජ‍්ජයිතබ‍්බං. යථා යථා වා පන පුච‍්ඡිතං. යථා යථා විස‍්සජ‍්ජයිතබ‍්බං. තෙනාහ ආයස‍්මා මහාකච‍්චානො “එකත‍්තතාය ධම‍්මා’ති.

මෙසේ ජාති ආදි යම් ධර්‍මයෙක් එයින් අන්‍ය වූ ජරා ආදි අන් ධර්‍මයකට දුක්ඛාදි භාවයෙන් සමානබව ඇද්ද, ඒ ජාත්‍යාදි ධර්‍මය ඒ ජරාදි ධර්‍මයට (දුක්ඛාදි) සමානස්වභාවයෙන් (සමානශබ්දාභිධෙයත්‍වයෙන්) ඒකත්‍වය ට පැමිණෙයි. (මේ ඒකත්‍ව ලක්‍ෂණ යැ.) යළි යම් යම් ස්වභාවයෙකින් (යම් ධර්‍මයෙක් යම් ධර්‍මයකට) විසදෘශ ලක්‍ෂණ ඇද්ද ඒ ඒ ස්වභාවයෙන් (ඒ ධර්‍මය ඒ ධර්‍මයට) වේමත්තතාවට - විසදෘශබවට පැමිණෙයි. (මේ වේමත්තතායෙහි ලක්‍ෂණ යැ.) මෙසේ සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ ගාථායෙහි හෝ පුළුවුස්නා ලද්දහු විසින් කිම එකත්තතායෙන් විචාරා ද නොහොත් වේමත්තතායෙන් විචාරා දැයි විමසියැ යුතු ය. ඉදින් එකත්තතායෙන් පුළුවුස්නාලද නම් එකත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් වේමත්තතායෙන් පුළුවුස්නාලද නම්, වේමත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් සත්ත්‍වප්‍රඥප්තිමුඛයෙන් පුළුවුස්නා ලද නම්, සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් විසඳියැ යුතු ය. ඉදින් ධර්‍ම වශයෙන් පුළුවුස්නා ලද නම්, ධර්‍මවශයෙන් විසඳියැ යුතු ය. යළි යම් යම් පරිද්දෙකින් පුළුවුස්නාලද නම් ඒ ඒ පරිදිදෙන් විසඳියැ යුත්තේ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකත්තතාය ධම්මා” යනාදිය.

නියුත‍්ති අධිට‍්ඨානො හාරො

අධිට්ඨානහාරය යොදන ලද්දේ යි.