යෙදුමෙන් කියවන්න

පරික‍්ඛාරහාරවිභඞ‍්ගො

3. 1. 15.

3. 1. 15.

පරික‍්ඛාරහාරවිභඞ‍්ගො

පරික්ඛාරහාරවිභඞ්ගය

තත්‍ථ කතමො පරික‍්ඛාරො හාරො: “යෙ ධම‍්මා යං ධම‍්මං ජනයන‍්ති”ති. යො ධම‍්මො යං ධම‍්මං ජනයති, තස‍්ස සො පරික‍්ඛාරො. කිංලක‍්ඛණො පරික‍්ඛාරො: ජනකලක‍්ඛණො පරික‍්ඛාරො. ද‍්වෙ ධම‍්මා ජනයන‍්ති: හෙතු ච පච‍්චයො ච. තත්‍ථ කිංලක‍්ඛණො හෙතු, කිංලක‍්ඛණො පච‍්චයො: අසාධාරණලක‍්ඛනො හෙතු, සාධාරණලක‍්ඛනො පච‍්චයො. යථා කිං භවෙ: යථා අංකුරස‍්ස නිප‍්ඵත‍්තියා බීජං අසාධාරණං,

එහි පරික්ඛාරහාරය කවරෙ යැ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදි නිද්දේසගාථා යැ. යම් හේතු ප්‍රත්‍යය ධර්‍මයෙක් යම් ඵලධර්‍මයක්හු උපදවා ද, ඒ ඵල ධර්‍මයට ඒ හේතුප්‍රත්‍යයධර්‍මය පරිෂ්කාර යි. පරික්ඛාරය කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ යැ යත්: පරික්ඛාරය ජනක ලක්‍ෂණ යැ. ධර්‍මයෝ දෙදෙනෙක් (ඵලය) උපදවති, හේතු ද ප්‍රත්‍යය ද යන දෙක යි. ඒ දෙදෙනා අතුරෙහි හේතුව කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ ද, ප්‍රත්‍යය කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ ද යත්: හේතුව අසාධාරණ ලක්‍ෂණ යැ, ප්‍රත්‍යය සාධාරණ ලක්‍ෂණ යි . ඒ කුමක් මෙන් වේ ද යත්: ඒ මෙසේ යැ, අඞ්කුරයාගේ නිෂ්පත්තියට (හටගැනීමට) බීජය අසාධාරණ කාරණ යැ,

පඨවී ආපො ච සාධාරණා. අඞ‍්කුරස‍්ස හි පඨවී ආපො ච පච‍්චයො, සභාවො හෙතු, යථා වා පන ඝටෙ දුද‍්ධං පක‍්ඛිත‍්තං දධි භවති, න චත්‍ථි එකකාලසමවධානං දුද‍්ධස‍්ස ච දධිස‍්ස ච, එවමෙව නත්‍ථි එකකාලසමවධානං හෙතුස‍්ස ච පච‍්චයස‍්ස ච.

පඨවිය ද ආපය ද සාධාරණ කාරණ වෙත්. එසේ මැය අඞ්කුරයට පඨවිය ද ආපය ද ප්‍රත්‍යය යැ, (සමාන ඵල නිපදවන හෙයින්) සමානභාව වූ බීජය හේතු යි. තව ද යම්සේ කළයෙහි කිරි බහාලන ලදුයේ දිහි වෙයි, දුග්ධ (කිරි)යාගේ ද දධියගේ ද සමකල් ව එක්වීමෙක් නො ද ඇති. (කාලාන්තරයෙහි කිරි දිහිබවට පැමිණෙයි, ප්‍රත්‍යයාන්තරසමායෝගය එයිනි.) එපරිදි මැ හේතුහුගේත් ප්‍රත්‍යයාගේත් සමකල්ව එක්ව සිටීමෙක් නැති. (හේතු ඵලයන්ගේ මෙන් ද ඒකකාලසමවධානයෙක් හේතු ප්‍රත්‍යයන්ගේ ද නැත. ප්‍රත්‍යය ඵලය හා ඒකාන්තයෙන් හින්නකාල නො වේ. මෙසේ හේතුප්‍රත්‍යයන්ගේ ද විශේෂය වේ.)

අයං හි සංසාරො සහෙතුසප‍්පච‍්චයො නිබ‍්බත‍්තො. වුත‍්තං හි: “අවිජ‍්ජාපච‍්චාය සඞ‍්ඛාරා, සඞ‍්ඛාරාපච‍්චයා විඤ‍්ඤාණං”. එවං සබ‍්බො පටිච‍්චසමුප‍්පාදො. ඉති අවිජ‍්ජා අවිජ‍්ජාහෙතු, අයොනිසො මනසිකාරො පච‍්චයො. පුරිමිකා අවිජ‍්ජා පච‍්ඡිමිකාය අවිජ‍්ජාය හෙතු. තත්‍ථ පුරිමිකා අවිජ‍්ජා අවිජ‍්ජානුසයො, පච‍්ඡිමිකා අවිජ‍්ජා අවිජ‍්ජාපරියුට‍්ඨානං. පුරිමිකො අවිජ‍්ජානුසයො පච‍්ඡිමිකස‍්ස අවිජ‍්ජාපරියුට‍්ඨානස‍්ස හෙතුභූතො පරිබ්‍රූහනාය බීජඞ‍්කුරො විය සමනන‍්තරහෙතුතාය. යං පන යත්‍ථ ඵලං නිබ‍්බත‍්තති, ඉදං තස‍්ස පරම‍්පරහෙතුතාය හෙතුභූතං. දුවිධො හි හෙතු: සමනන‍්තරහෙතු පරම‍්පරහෙතු ච. එවං අවිජ‍්ජායපි දුවිධො හෙතු: සමනන‍්තරහෙතු පරම‍්පරහෙතු ච.

මේ සංසාරය වනාහි සහේතුසප්‍රත්‍යය වැ උපන්නේ යැ, වදාරනලද මැ ය: “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි.” මෙසේ සියලු පටිච්චසමුප්පාදය වේ. මෙපරිද්දෙන් අවිද්‍යාව අවිද්‍යාවට හේතු යි, අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වේ. පූර්‍වයෙහි වූ අවිද්‍යාව පශ්චිම වූ අවිද්‍යාවට හේතු වෙයි. එහි පූර්‍ව වූ අවිද්‍යාව (අප්‍රහීණව පුනපුනා උපදනා හෙයින්) අවිද්‍යානුශය ය, පසුව උපන් අවිද්‍යාව (කුශලචිත්තය පැහැරගන්නා හෙයින්) අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. පූර්‍ව වූ අවිද්‍යානුශය පශ්චිම වූ අවිජ්ජාපරියුට්ඨානයාගේ වැඩීම ට හේතුවුයේ බීජයට අඞ්කුරය මෙන් සමනන්තරහේතුභාවයෙනි. (බීජය අඞ්කුරයට සමනන්තර හේතුයෙන් හේතු වෙයි, අඞ්කුරයෙන් හටගත් ඵලයාගේ බීජයට ද පළමු බීජය පරම්පරහේතුයෙන් හේතු වෙයි. මෙසේ අවිද්‍යාවගේ හේතුභාවය ද දතයුතු යැ) යළි යම් තැනකැ යම් ඵලයක් උපදී ද, මේ බීජය ඒ ඵලයට පරම්පරහේතුභාවයෙන් හේතු වූයේ යි. ඒ එසේ මැ යැ. හේතු ව ද්විවිධ වෙයි: සමනන්තරහේතු ද පරම්පරහේතු ද කියා යි. මෙපරිද්දෙන් අවිද්‍යාවගේ ද හේතුව දෙවැදෑරුම් වෙයි: සමනන්තරහේතු ද පරම්පරහේතු ද කියා යි.

යථා වා පන ථාලකඤ‍්ච වට‍්ටි ච තෙලඤ‍්ච පදීපස‍්ස පච‍්චයභූතං, න සභාවහෙතු, න හි සක‍්කා ථාලකං ච වට‍්ටිං ච තෙලඤ‍්ච අනග‍්ගිකං දීපෙතුං, පදීපස‍්ස පච‍්චයභූතං. පදීපො විය සභාවො හෙතු හොති. ඉති සභාවො හෙතු, පරභාවො පච‍්චයො, අජ‍්ඣත‍්තිකො හෙතු, බාහිරො පච‍්චයො. ජනකො හෙතු, පරිග‍්ගාහකො පච‍්චයො, අසාධාරණො හෙතු, සාධාරණො පච‍්චයො.

තව ද යම්සේ ප්‍රදීපයට ප්‍රත්‍යය වූ පහන්කබල ද වැටිය ද තෙල් ද සමාන කාරණ වූ හේතු නො වේ ද, යම්හෙයෙකින් පහනට ප්‍රත්‍යය වු පහන්කබල ද වැටිය ද තෙල් ද ගිනි නැතිව දල්වන්නට නොහැකි වේ ද එහෙයිනි. ප්‍රදීපය මෙන් සමානභාව හේතුව වෙයි. මෙසේ (පහන දැල්වීමට ගින්න මෙන්) සමානභාවය හේතු යැ. (පහන්කබල වැටිය තෙල් මෙන් අසමාන වූ) අන්‍යභාවය ප්‍රත්‍යය යැ, නියතඅධ්‍යාත්මයෙහි වූයේ හේතු යැ, බාහිර වූයේ ප්‍රත්‍යය යැ, ජනක වූයේ හේතු යැ, පරිග්‍රාහක (උපස්තම්භක) වූයේ ප්‍රත්‍යය යැ, අසාධාරණ(ආවේණික) වූයේ හේතු යැ, සාධාරණ (අන්‍ය ප්‍රත්‍යයොත්පන්නයනට ද සමාන) වූයේ ප්‍රත්‍යය යි.

අවුපච‍්ඡෙදත්‍ථො සන‍්තතිඅත්‍ථො, නිබ‍්බත‍්තිඅත්‍ථො ඵලත්‍ථො, පටිසන්‍ධිඅත්‍ථො පුනබ‍්භවත්‍ථො, සම‍්පළිබොධත්‍ථො පරියුට‍්ඨානත්‍ථො, අසමුග‍්ඝාතත්‍ථො අනුසයත්‍ථො, අසම‍්පටිවෙධත්‍ථො අවිජ‍්ජත්‍ථො, අපරිඤ‍්ඤාතත්‍ථො විඤ‍්ඤාණස‍්ස බීජත්‍ථො. යත්‍ථ අවුපච‍්ඡෙදො තත්‍ථ සන‍්තති, යත්‍ථ සන‍්තති තත්‍ථ නිබ‍්බත‍්ති, යත්‍ථි නිබ‍්බත‍්ති තත්‍ථ ඵලං, යත්‍ථ ඵලං තත්‍ථ පටිසන්‍ධි, යත්‍ථ පටිසන්‍ධි තත්‍ථ පුනබ‍්භවො, යත්‍ථ පුනබ‍්භවො තත්‍ථ පළිබොදො, යත්‍ථ පළිබොධො තත්‍ථ පරියුට‍්ඨානං,

අනුපච්ඡින්න වු (නොසිඳිණු) හේතුප්‍රත්‍යය සංඛ්‍යාත කාරණයාගේ හා ඵලයාගේ අවුපච්ඡේදාර්‍ත්‍ථය කාරණඵල සම්බන්‍ධ හෙයින් සන්තති අර්‍ත්‍ථය යැ, (කාරණාඵලභාවයෙන් සම්බන්‍ධ බව සන්තති නම, කාරණඵලයන්ගේ නො සිඳි පැවැත්ම අවුපච්ඡේද නම, යම් ඵලයෙක් අන්‍යත්ඵලයකට කාරණ නොවී නිරුද්ධ වේ නම් එය උපච්ඡින්න නම් වෙයි රහත්හුගේ චුතිචිත්තය මෙනි. යම් ඵලයෙක් තමහට අනුරූප වූ ඵලයකට හේතු වී නිරුද්ධ වේ නම්, එය අනුපච්ඡින්න වූයේ මැ වෙයි, හේතුඵල සම්බන්‍ධය විද්‍යමාන හෙයිනි.) කාරණයෙන් උපන් ඵලයාගේ නිර්‍වෘතිඅර්‍ත්‍ථය ඵලාර්‍ත්‍ථ යැ, අනන්තරභව පටිසන්‍ධාන වශයෙන් පවත්නා ප්‍රතිසන්‍ධිඅර්‍ත්‍ථය පුනර්‍භවාර්‍ත්‍ථ යැ, සම්‍යක්ප්‍රතිපදාව බාධාකරන සම්පළිබෝධාර්‍ත්‍ථය පරියුත්‍ථානාර්‍ත්‍ථ යැ, ආර්‍ය්‍යමාර්‍ගයෙන් කෙලෙසුන් මුලුසුන් නොකළ අර්‍ත්‍ථය අනුශයාර්‍ත්‍ථ යැ, චතුස්සත්‍යයාගේ අසම්ප්‍රතිවේධාර්‍ත්‍ථ අවිද්‍යාර්‍ත්‍ථ යැ, අපරිඥාතාර්‍ත්‍ථය ප්‍රතිසන්‍ධි විඥානයාගේ නාමරූපඞ්කුරයට කාරණහේයින් බීජාර්‍ත්‍ථ යි. යම් රූපාරූපප්‍රවෘත්තියෙක්හි හේතුඵලයන්ගේ අනුපච්ඡේදය වේ ද එහි සන්තතිව්‍යවහාරය වෙයි, යම් තැනෙක සන්තතිය ඇද්ද එහි නිර්‍වෘතිය වෙයි, යම් තැනෙක නිර්‍වෘතිය ඇද්ද එහි ඵලය වෙයි, යම් තැනෙක ඵලය ඇද්ද එහි ප්‍රතිසන්‍ධිය වෙයි, යම් තැනෙක ප්‍රතිසන්‍ධිය වේ ද එහි පුනර්‍භවය වෙයි, යම් තැනෙක පුනර්‍භවය ඇද්ද එහි පළිබෝධය (කුසල්සිතට බාධාකාරීම) වෙයි, යම් තැනෙක පළිබෝධය වේ ද,

යත්‍ථ පරියුට‍්ඨානං තත්‍ථ අසමුග‍්ඝාතො, යත්‍ථ අසමුග‍්ඝාතො තත්‍ථ අනුසයො, යත්‍ථ අනුසයො තත්‍ථ අසම‍්පටිවෙධො, යත්‍ථ අසම‍්පටිවෙධො තත්‍ථ අවිජ‍්ජා, යත්‍ථ අවිජ‍්ජා තත්‍ථ සාසවං විඤ‍්ඤාණං අපරිඤ‍්ඤාතං, යත්‍ථ සාසවං විඤ‍්ඤාණං අපරිඤ‍්ඤාතං තත්‍ථ බීජත්‍ථො.

එහි ක්ලේශයන්ගේ පර්‍ය්‍යුත්‍ථානය වෙයි, යම් තැනෙක පර්‍ය්‍යුත්‍ථානය ඇද්ද එහි ක්ලේශයන්ගේ අසමුද්ඝාතය වෙයි, යම් තැනෙක අසමුද්ඝාතය වේ ද එහි අනුශය වෙයි, යම් තැනෙක අනුශය ඇද්ද එහි සත්‍යයන්ගේ අසම්ප්‍රතිවේධය වෙයි, යම් තැනෙක අසම්ප්‍රතිවේධය ඇද්ද එහි අවිද්‍යාව වෙයි, යම් තැනෙක අවිද්‍යාව වේ ද එහි අපරිඥාත වූ සාස්‍රව විඥානය වෙයි, යම් තැනෙක අපරිඥාත වූ ආස්‍රවසහිත විඥානය වේ ද එහි ප්‍රතිසන්‍ධිවිඥානයාගේ විජාර්‍ත්‍ථය වේ.

සීලක‍්ඛන්‍ධො සමාධික‍්ඛන්‍ධස‍්ස පච‍්චයො, සමාධික‍්ඛන්‍ධො, පඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස පච‍්චයො, පඤ‍්ඤාක‍්ඛන්‍ධො විමුත‍්තික‍්ඛන්‍ධස‍්ස පච‍්චයො, විමුත‍්තික‍්ඛන්‍ධො විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධස‍්ස පච‍්චයො. තිත්‍ථඤ‍්ඤූතා පීතඤ‍්ඤූතාය පච‍්චයො, පීතඤ‍්ඤුතා පත‍්තඤ‍්ඤුතාය පච‍්චයො, පත‍්තඤ‍්ඤුතා අත‍්තඤ‍්ඤුතාය පච‍්චයො.

ශීලස්කන්‍ධය සමාධිස්කන්‍ධයට ප්‍රත්‍යය වෙයි, සමාධිස්කන්‍ධය ප්‍රඥාස්කන්‍ධයට ප්‍රත්‍යය වෙයි, ප්‍රඥාස්කන්‍ධය ඵලසමාධි සංඛ්‍යාත විමුක්තිස්කන්‍ධයට ප්‍රත්‍යය වෙයි, විමුක්තිස්කන්‍ධය ප්‍රත්‍යවේක්‍ෂාඥාන සංඛ්‍යාත විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයට ප්‍රත්‍යය වේ. තීර්‍ත්‍ථ සංඛ්‍යාත බහුශ්‍රැතයන් ඇසිරිකරන බව ධර්මොපසංහිත ප්‍රීතියට ප්‍රත්‍යය වෙයි, පීතඤ්ඤැතාව පත්තඤ්ඤැතා සංඛ්‍යාත භාවනායෙන් විශේෂප්‍රාප්තිය දැනීමට ප්‍රත්‍යය වෙයි, පත්තඤ්ඤැතාව අත්තඤ්ඤැතාව සංඛ්‍යාත පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍විත වූ ආත්ම ස්වභාව දැනීමට ප්‍රත්‍යය වේ.

යථා වා පන චක‍්ඛුං ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං, තත්‍ථ චක‍්ඛු ආධිපතෙය්‍යපච‍්චයතාය පච‍්චයො, රූපා ආරම‍්මණපච‍්චයතාය පච‍්චයො, ආලොකො සන‍්නිස‍්සයතාය පච‍්චයො, මනසිකාරො සභාවො හෙතු. සඞ‍්ඛාරා විඤ‍්ඤාණස‍්ස පච‍්චයො, සභාවො හෙතු. විඤ‍්ඤාණං නාමරූපස‍්ස පච‍්චයො, සභාවො හෙතු. නාමරූපං සළායතනස‍්ස පච‍්චයො, සභාවො හෙතු. සළායතනං ඵස‍්සස‍්ස පච‍්චයො, සභාවො හෙතු. ඵස‍්සො වෙදනාය පච‍්චයො, සභාවො හෙතු. වදෙනා තණ‍්හාය පච‍්චයො, සභාවො හෙතු. තණ‍්හා උපාදානස‍්ස පච‍්චයො, සභාවො හෙතු. උපාදානං භවස‍්ස පච‍්චයො, සභාවො හෙතු. භවො ජාතියා පච‍්චයො සභාවො හෙතු. ජාති ජරාමරණස‍්ස පච‍්චයො, සභාවො හෙතු. ජරාමරණං සොකස‍්ස පච‍්චයො, සභාවො හෙතු. සොකො පරිදෙවස‍්ස පච‍්චයො, සභාවො හෙතු. පරිදෙවො දුක‍්ඛස‍්ස පච‍්චයො, සභාවො හෙතු. දුක‍්ඛං දොමනස‍්සස‍්ස පච‍්චයො, සභාවො හෙතු. දොමනස‍්සං උපායාසස‍්ස පච‍්චයො, සභාවො හෙතු. එවං යො කොචි උපනිස‍්සයො, සබ‍්බො සො පරික‍්ඛාරො. තෙනාහ ආයස‍්මා මහාකච‍්චායනො: “යෙ ධම‍්මා යං ධම‍්මං ජනයන‍්තී”ති.

තවද යම්පරිදි චක්‍ෂුරින්‍ද්‍රියය ද රූපාලම්බනයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී ද, එහි චක්‍ෂුරින්‍ද්‍රිය අධිපතිභාව (ඉන්‍ද්‍රිය) ප්‍රත්‍යයභාවයෙන් (චක්‍ෂුර්විඥානයට) ප්‍රත්‍යය වෙයි, රූපාලම්බනයෝ ආරම්මණප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි, ආලෝකය උපනිශ්‍රය ප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි, මනසිකාර සංඛ්‍යාත ක්‍රියාමනෝධාතුව (චක්‍ෂුර්විඥානය හා සමාන බැවින්) සභාව හේතු යි. කුශලාදි අභිසංස්කාරයෝ ප්‍රතිසන්‍ධිවිඥානයට ප්‍රත්‍යය වෙයි, (නාමස්කන්‍ධභාවයෙන් සමාන හෙයින්) සභාව හේතු යි. ප්‍රතිසන්‍ධිවිඥානය නාමරූපයට ප්‍රත්‍යය වෙයි, සමානභාවය හේතු යැ. නාමරූපය සළායතනට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ, සළායතනය ඵස්සයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. ඵස්සය වේදනාවට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. වේදනාව තණ්හාවට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. තණ්හාව උපාදානයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. උපාදානය භවයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. භවය ජාතියට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. ජාතිය ජරාමරණයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. ජරාමරණය සෝකයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. සෝකය පරිදේවයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. පරිදේවය දුක්ඛයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. දුක්ඛය දෝමනස්සයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. දෝමනස්සය උපායාසයට ප්‍රතයය වෙයි, සභාව හේතු යි. මෙසේ යම් කිසි උපනිශ්‍රයප්‍රත්‍යයෙක් ඇද්ද එ හැම (ස්වකීය ඵලය පරිෂ්කරණ - අභිසංස්කරණ කරන හෙයින්) ‘පරික්ඛාර’ නම් වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදිය.

නියුත‍්තො පරික‍්ඛාරො හාරො.

පරික්ඛාරහාරය යොදන ලද්දේ යි.