පකිණ්ණක නිද්දෙසො
7. 1.
7. 1.
පකිණ්ණක නිද්දෙසො
ප්රකීර්ණක නිර්දෙශය
ඣානං විරාගො, ‘චත්තාරි ඣානානි’ විත්ථාරෙන කාතබ්බානි තානි දුවිධානි: බොජ්ඣඞ්ගවිප්පයුත්තානි ච බොජ්ඣඞ්ගසම්පයුත්තානි ච. තත්ථ බොජ්ඣඞ්ගවිප්පයුත්තානි බාහිරකානි, බොජ්ඣඞ්ගසම්පයුත්තානි අරියපුග්ගලානි.
1. ධ්‍යානය විරාග යැ. සතර ධ්‍යානයෝ විස්තර කළයුත්තාහු යැ. ඒ ධ්‍යානයෝ බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවාහු ද බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවාහු දැ යි දෙවැදෑරුම් වෙති. එහි බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවෝ ශාසනයෙන් බැහැර වූවාහු යැ, බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවෝ ආර්‍ය්‍ය පුද්ගලයන් පිළිබඳ වූවාහු යි.
තත්ථ යෙන ඡ පුග්ගලමූලානි තෙසං නික්ඛිපිත්වා රාගචරිතො දොසචරිතො මොහචරිතො රාගදොසචරිතො රාගමොහචරිතො දොසමොහචරිතො සමභාගචරිතො, ඉති ඉමෙසං පුග්ගලානං ඣානං සමාපජ්ජිතානං පඤ්ච නීවරණානි පටිපක්ඛො, කෙසං පටිඝාතාය යථා අසමත්ථො තීණි අකුසලමූලානි නිග්ගණ්හාති. ලොභෙන අකුසලමූලෙන අභිජ්ඣා ච උද්ධච්චං ච උප්පිලවතං අලොභෙන කුසලමූලෙන නිග්ගණ්හාති, කුක්කුච්චං ච විචිකිච්ඡා ච මොහපක්ඛෙ, තං අමොහෙන නිග්ගණ්හාති, දොසො ච ථීනමිද්ධං ච දොසපක්ඛො තං අදොසෙන නිග්ගණ්හාති.
2. එහි පුද්ගලමූලයෝ සදෙනෙක් වෙති: රාගචරිත යැ, දෝසචරිත යැ, මෝහචරිත යැ, රාගදෝසචරිත යැ, රාගමෝහචරිත යැ, දෝසමෝහචරිත යැ, සමභාගචරිත යි. මෙසේ ධ්‍යානයට සමවන් මේ පුද්ගලයන්ට පඤ්චනීවරණයෝ ප්රතිපක්ෂ වෙති. ඔවුන්ගේ නැසීම පිණිස අසමර්ත්ථ වූයේ තුන් අකුශලමූලයන් නිගන්නේ වෙයි: ලෝභඅකුශල මූලයෙන් අභිධ්‍යාවත් උද්ධච්චයත් උත්ප්ලවනය වනුයේ අලෝභ කුශලමූලයෙන් එය නිගනී. කුක්කුච්චයත් විචිකිච්ඡාවත් මෝහපක්ෂ යැ. එය අමෝහ කුශලමූලයෙන් නිගනී. ද්වේෂයත් ථීනමිද්ධයත් ද්වේෂපක්ෂයෙහි වූයේ යැ, එය අදෝසකුසලමූලයෙන් නිගනී.
තත්ථ අලොභස්ස පාරිපූරියා නෙක්ඛම්මවිතක්කං විතක්කෙති, තත්ථ අදොසස්ස පාරිපූරියා අව්යාපාදවිතක්කං විතක්කෙති, තත්ථ අමොහස්ස පාරිපූරියා අවිහිංසාවිතක්කං විතක්කෙති.
එහි අලෝභයාගේ පාරිපූරිය පිණිස නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය විතර්ක කෙරෙයි. අදෝසයාගේ පාරිපූරිය පිණිස අව්‍යාපාදවිතර්‍කය විතර්ක කෙරෙයි. අමෝහයාගේ පාරිපූරිය පිණිස අවිහිංසා විතර්කය විතර්ක කෙරෙයි.
තත්ථ අලොභස්ස පාරිපූරියා විවිත්තො හොති කාමෙහි, තත්ථ අදොසස්ස පාරිපූරියා අමොහස්ස පාරිපූරියා ච විවිත්තො හොති පාපකෙහි අකුසලෙහි ධම්මෙහි.
එහි අලෝභයාගේ පිරීම පිණිස කාමයන්ගෙන් වෙන්වූයේ වෙයි. එහි අදෝසයාගේ පිරීමට ද අමෝහයාගේ පිරීමට ද ලාමක අකුශලධර්‍මයන්ගෙන් වෙන්වූයේ වෙයි.
සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.
3. විතර්ක සහිත වූ විචාර සහිත වූ නීවරණයන්ගේ වෙන්වීමෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පළමුවන දැහැනට පැමිණ වාස කෙරෙයි.
විතක්කොති තයො විතක්කා: නෙක්ඛම්මවිතක්කො අව්යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො, තත්ථ පඨමාභිනිපාතො විතක්කො, පටිලද්ධස්ස’ විචරණං විචාරො, යථා පුරිසො දූරතො පුරිසං පස්සති ආගච්ඡන්තං, න ච තාව ජානාති එසො ඉත්ථීති වා පුරිසොති වා, යදා තු පටිලභති ඉත්ථීති වා පුරිසොති වා එවං වණ්ණොති වා එවංසණ්ඨානොති වා, ඉමෙ විතක්කයන්තො උත්තරිං උපපරික්ඛති කින්නු ඛො අයං සීලවා උදාහු දුස්සීලො අඩ්ඪො වා දුග්ගතො’ති වා. එවං විචාරො විතක්කෙ අප්පෙති, විචාරො චරීයති ච අනුවත්තති ච.
විතක්ක යනු: නෙක්ඛම්මවිතක්ක අව්‍යාපාදවිතක්ක අවිහිංසාවිතක්ක යන තුන් විතර්කයෝ යි. එහි අරමුණෙහි සිත පළමුව නඟාලීම ‘විතක්ක’ නම් වෙයි, ලැබූ අරමුණෙහි සිත හැසිරැවීම ‘විචාර’යැ, ඒ මෙසේ යැ: පුරුෂයෙක් දුරින් එන පුරුෂයකු දකී, තෙලෙ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැයි තව නො දනී. යම් කලෙක වනාහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැ මෙබඳු වර්ණ ඇත්තේ හෝ මෙබඳු සටහන් ඇත්තේ හෝ යැයි දැනගනී ද, මෙසේ විතර්ක කරනුයේ මත්තෙහි විමසයි: කිමැ මේ තෙමේ සිල්වත් ද නොහොත් දුශ්ශීල ද ධනවත් හෝ දුප්පත් හෝ දැයි මෙසේ විචාරය විතර්කයෙහි පිහිටුවයි. විචාරය අරමුණෙහි හසුරුවනු ලබන්නේ ද අනුව පවත්නේ ද වේ.
යථා පක්ඛී පුබ්බං ආයූහති, පච්ඡා නායූහති, යථා ආයූහනා එවං විතක්කො, යථා පක්ඛානං පසාරණං එවං විචාරො අනුපාලෙති විතක්කෙති විචරති විචාරෙති. විතක්කයති විතක්කෙති, අනුවිචරති විචාරෙති.
යම්සේ පක්ෂි තෙම පළමුව වෑයම් කෙරේ ද, පසුව වෑයම් නො කෙරේ ද, ආයුහනය (වෑයම් කිරීම) යම්සේ ද විතර්කය එබඳු යැ, පක්ෂප්රසාරණය යම්සේ ද, විචාරය එබඳු යැ, අනුපාලන විතර්කන විවරණ විචාරණ විතර්කණ අනුවිවරණ විචාරණ කෙරේයයි.
කාමසඤ්ඤාය පටිපක්ඛො විතක්කො, ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය ච පටිපක්ඛො විචාරො, විතක්කානං කම්මං අකුසලස්ස අමනසිකාරො, විචාරානං කම්මං ජෙට්ඨානං සංවාරණා.
විතර්කය කාමසංඥාවට ප්රතිපක්ෂ යැ, විචාරය ව්‍යාපාදසංඥාවට ද විහිංසාසංඥාවට ද ප්රතිපක්ෂ යැ, විතර්කයන්ගේ කර්මය අකුශලය නො මෙනෙහි කිරීම යැ, විචාරයන්ගේ කර්මය (ජෙට්ඨානං) ද සංවාරණ යැ.
යථා පලිකො තුණ්හිකො සජ්ඣායං කරොති එවං විතක්කො, යථා තංයෙව අනුපස්සති එවං විචාරො. යථා අපරිඤ්ඤා එවං විතක්කො, යථා පරිඤ්ඤා එවං විචාරො. නිරුත්තිපටිසම්භිදායං ච පටිභානපටිසම්භිදායං ච විතක්කො ධම්මපටිසම්භිදායං ච අත්ථපටිසම්භිදායං ච විචාරො, කල්ලතාකොසල්ලත්තං චිත්තස්ස විතක්කො, අභිනීහාරකොසල්ලං චිත්තස්ස විචාරො, ඉදං කුසලං ඉදං අකුසලං ඉදං පහාතබ්බං ඉදං සච්ඡිකාතබ්බන්ති විතක්කො, යථා පහානං ච සච්ඡිකිරියා ච එවං විචාරො.
යම්සේ පලික? නො බෙණෙමින් සජ්ඣායනා කෙරේ ද, විතර්කය එබඳු යැ, යම්සේ ඒ සජ්ඣායනය මැ නුවණින් දකී ද, විචාරය එබඳු යි. අපරිඥාව යම්සේ ද විතර්කය එබඳු යැ, පරිඥාව යම්සේ ද විචාරය එබඳු යි. නිරුක්තිපටිසම්භිදායෙහි ද පටිභානපටිසම්භිදායෙහි ද විතර්කය වෙයි. ධම්මපටිසම්භිදායෙහි ද අත්‍ථපටිසම්භිදායෙහි ද විචාරය වෙයි. චිත්තයාගේ කල්‍යතාකෞශල්‍යය (වශීභාවයෙන්, ප්‍රගුණ කළ බව) විතර්ක යැ, චිත්තයාගේ අභිනීහාරයෙහි කුශලබව විචාර යැ, මේ කුශල යැ මේ අකුශල යැ මේ භාවිතව්‍ය යැ මෙය ප්‍රහාතව්‍ය යැ මේ ප්රත්යක්ෂ කටයුතු යැ යනු විතර්ක යැ, එපරිදි ප්රහාණය ද භාවනාව ද ප්රත්යක්ෂ කිරීම ද විචාරය යි.
ඉමෙසු විතක්කවිචාරෙසු ඨිතස්ස දුවිධං දුක්ඛං න උප්පජ්ජති කායිකං ච චෙතසිකං ච, දුවිධං සුඛං උප්පජ්ජති: කායිකං ච චෙතසිකං ච ඉති විතක්කජනිතං චෙතසිකං සුඛං පීති. කායිකං සුඛං කායිකො යෙව. යා තත්ථ චිත්තස්ස එකග්ගතා, අයං සමාධී. ඉති පඨමං ඣානං පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං.
මේ විතර්ක විචාරයන්හි සිටියහුට කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් දුක නූපදී, කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් සුවය උපදී, මෙසේ විතර්කයෙන් උපන් චෛතසික සුඛය ප්‍රීතිය යි, කායික සුඛය කායික වු මැ සුඛය යි. එහි චිත්තයාගේ යම් ඒකාග්‍රතායෙක් වේ ද මේ සමාධි යි. මෙසේ ප්‍රථමධ්‍යානය පඤ්චාඞ්ගයෙකින් ප්‍රහීණ වූයේ පඤ්චාඞ්ගයෙකින් සමන්විත වූයේ වේ.
තෙසං යෙව විතක්කවිචාරානං අභික්ඛණං ආසෙවනාය තස්ස තප්පොණමානසං හොති, තස්ස විතක්කවිචාරා ඔළාරිකා ඛායන්ති. යං ච පීතිසුඛං ච නෙක්ඛම්මං ච ඔළාරිකං භවති. අපි ච සමාධිජා පීති රති ච ජායති තස්ස විචාරාරම්මණං. තෙසං වූපසමා අජ්ඣත්තං චෙතො සම්පසීදති. යෙ විතක්කවිචාරා ද්වෙ ධම්මානුස්සරිතබ්බා, පච්චුප්පන්නාදරණිතබ්බං. තෙසං වූපසමා එකොදිභාවං චිත්තෙකග්ගතං හොති. තස්ස එකොදිභාවෙන පීති පාරිපූරිං ගච්ඡති, යා පීති තං සොමනස්සින්ද්රියං, යං සුඛං තං සුඛින්ද්රියං, යා චිත්තෙකග්ගතා අයං සමාධි. තං දුතියං ඣානං චතුරඞ්ගසමන්නාගතං. සො පීතියා විරාගා යාති ඔජහි ජල්ලසංගහං.
ඒ විතර්‍කවිචාරයන් ම නිරතුරු ආසේවනය හේතුකොටගෙන ඔහුගේ තත්ප්‍රවණ වූ මනස වෙයි. ඔහුට විතර්කවිචාරයෝ ඖදාරික ව වැටැහෙත්, යම් ප්‍රීතිය හා සුඛයකුත් නෛෂක්රම්යයකුත් ඖදාරික වේ ද, එතෙකුදුවත් ඔහුට විචාරය අරමුණුකොට සමාධියෙන් උපන් ප්‍රීතියත් රතියත් උපදී. ඒ ප්රීතිරති යන මොවුන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සිත පහදී විතක්ක විචාර යන යම් ධර්මයෝ දෙදෙනෙක් සිහිකළ යුත්තාහු ද, (පච්චුප්පන්නදරණිතබ්බං?) ඔවුන්ගේ සන්හිඳීමෙන් ඒකෝදිභාවයෙන් වූ සිතෙහි එකඟබව වෙයි. ඔහුට ඒකෝදිභාවය, හේතුකොට ප්‍රීතිය පිරීමට යෙයි. යම් ප්‍රීතියක් වේ ද එය සෝමනස්සින්‍ද්‍රිය යැ, යම් සුඛයෙක් වේ ද එය සුඛින්ද්රිය යැ, යම් සිතෙහි එකඟබවක් ඇද්ද මේ සමාධිය යි. ඒ දෙවැනි දැහැන සිව් අඟෙකින් සමන්වාගත වේ. හේ ප්‍රීතියගේ විරාගයෙන් (යාති ඕජහි ජල්ලසංගතං?)
තත්ථ සොමනස්සචිත්තමුපාදානන්ති ච සො තං විචිනන්තො උපෙක්ඛමෙව මනසිකරොති. සො පීතියා විරාගා උපෙක්ඛකො විහරති. යථා ච පීතියා සුඛමානීතං. තං කායෙන පටිසංවෙදෙති සම්පජානො විහරති. යෙන සතිසම්පජඤ්ඤෙන උපෙක්ඛාපාරිපූරිං ගච්ඡති, ඉදං තතියං ඣානං චතුරඞ්ගසමන්නාගතං.
ඒ දෙවැනි දැහැනෙහි සොම්නස් සහගත සිත උපාදානයෙකැයි ද හේ එය විමසනුයේ උපේක්ෂාව මැ මෙනෙහි කෙරෙයි. හේ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්ෂා ඇති වැ වාස කෙරෙයි, යම් පරිදි ප්‍රීතිය හේතුකොටගෙන සුවය එළවනලද ද ඒ සුවය කයින් විඳි සම්‍යක් ඥාන ඇති වැ වාස කෙරෙයි. යම් සතිසම්පජඤ්ඤයෙකින් උපේක්ෂාව පිරීමට යේ ද එයයි. මේ තුන්වැනි දැහැන සතර අඟෙකින් සමන්වාගත වේ.
තථා කායිකස්ස සුඛස්ස පහානාය පඨමෙ ඣානෙ සොමනස්සින්ද්රියං නිරුජ්ඣති. දුතියෙ ඣානෙ දුක්ඛින්ද්රියං නිරුජ්ඣති, සො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
එසේමැ කායික සුඛයාගේ ප්රහාණය පිණිස ප්‍රථමධ්‍යානයෙහි සෝමනස්සින්‍ද්‍රිය නිරුද්ධ වෙයි. ද්විතීයධ්‍යානයෙහි දුක්ඛින්ද්රිය නිරුද්ධ වෙයි. හේ සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්වයෙහි තුන්වැනි දැහැනෙහි මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිව්වැනි දැහැන උපයා වාස කෙරෙයි.
තත්ථ චතූහි ඉන්ද්රියෙහි උපෙක්ඛාපසාදා හොති, දුක්ඛින්ද්රියෙන දොමනස්සින්ද්රියෙන සුඛින්ද්රියෙන සොමනස්සින්ද්රියෙන ච. තෙසං නිරොධා උපෙක්ඛාසම්පජඤ්ඤං හොති, තත්ථ සුඛින්ද්රියෙන සොමනස්සින්ද්රියෙන ච අසති හොති, තෙසං නිරොධා සතිමා හොති, දුක්ඛින්ද්රියෙන දොමනස්සින්ද්රියෙන ච අසම්පජඤ්ඤං, තෙසං නිරොධා සම්පජඤ්ඤං හොති, ඉති උපෙක්ඛාය ච සඤ්ඤා, සතො සම්පජානො චිත්තෙකග්ගතා ච, ඉදං වුච්චතෙ චතුත්ථං ඣානං.
එහි දුක්ඛින්ද්රිය දෝමනස්සින්‍ද්‍රිය සුඛින්ද්රිය සෝමනස්සින්‍ද්‍රිය ද යන සතර ඉන්ද්රියයන්ගෙන් උපේක්ෂාප්රසාදය වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් උපේක්ෂා සම්ප්‍රජන්‍යය වෙයි. එහි සුඛින්ද්රියයෙන් ද සෝමනස්සින්‍ද්‍රියයෙන් ද අසතිය වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් ස්මෘතිමත් වේ. දුක්ඛින්ද්රියයෙන් ද දෝමනස්සින්ද්රියයෙන් අසම්පජඤ්ඤ වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් සම්‍යග්ඥානය වේ. මෙසේ (උපෙක්ඛාය ච සඤ්ඤා?) සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ චිත්තයාගේ ඒකාග්‍රතාව ද වේ. මේ සතරවැනි දැහැන යයි කියනු ලැබේ.
තත්ථ යො රාගචරිතො පුග්ගලො තස්ස සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච, යො දොසචරිතො පුග්ගලො තස්ස දුක්ඛින්ද්රියං ච දොමනස්සින්ද්රියං ච, යො මොහචරිතො පුග්ගලො තස්ස අසති ච අසම්පජඤ්ඤං ච.
එහි යම් රාගචරිත ඇති පුද්ගලයෙක් වේ ද ඔහුට සුඛින්ද්රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි, යම් දෝසචරිත පුද්ගලයෙක් වේ ද ඔහුට දුක්ඛින්ද්රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. යම් මෝහචරිත පුද්ගලයෙක් වේ ද ඔහුට අසතිය ද අසම්පජඤ්ඤය ද වේ.
තත්ථ රාගචරිතස්ස පුග්ගලස්ස තතියෙ ඣානෙ චතුත්ථෙ ච අනුනයො නිරුජ්ඣති, දොසචරිතස්ස පඨමෙ ඣානෙ දුතියෙ ච පටිඝං නිරුජ්ඣති. මොහචරිතස්ස පුග්ගලස්ස පඨමෙ ඣානෙ දුතියෙ ච අසම්පජඤ්ඤං නිරුජ්ඣති, තතියෙ ඣානෙ චතුත්ථෙ ච අසති නිරුජ්ඣති, එවමෙව තෙසං තිණ්ණං පුග්ගලානං චත්තාරි ඣානානි වොදානං ගමිස්සන්ති.
එහි රාගචරිත පුද්ගලයාට තෙවැනි දැහැනෙහි ද සිව්වැනි දැහැනෙහි ද අනුනය නිරුද්ධ වෙයි. දෝසචරිතයාට පළමුවැනි දැහැනෙහි ද දෙවැනි දැහැනෙහි ද ප්‍රතිඝය නිරුද්ධ වෙයි. මෝහචරිත පුද්ගලයාට පළමුවන දැහැනෙහි ද දෙවැනි දැහැනෙහි ද අසම්පජඤ්ඤය නිරුද්ධවෙයි. තෙවැනි දැහැනෙහි ද සිව්වැනි දැහැනෙහි ද අසතිය නිරුද්ධ වේ. මෙසෙයින් ඒ තුන් පුද්ගලයන්ට සතර ධ්‍යානයෝ ව්‍යවදානයට යන්නාහුය.
තත්ථ රාගදොසචරිතස්ස පුග්ගලස්ස අසම්පජඤ්ඤං ච අනුනයො ච පටිඝං ච, තෙන හානභාගියං ඣානං හොති. තත්ථ රාගමොහචරිතස්ස පුග්ගලස්ස අනුනයත්තං ච ආදීනවං දස්සිතා, තං තස්ස හානභාගියං ඣානං හොති, තත්ථ දොසමොහචරිතස්ස පුග්ගලස්ස පටිඝො ච අසති ච අසම්පජඤ්ඤං ච ආදීනවං දස්සිතා, තෙන තස්ස හානභාගියං ඣානං හොති. තත්ථ රාගදොසමොහසමභාගචරිතස්ස පුග්ගලස්ස විසෙසභාගියං ඣානං හොති.
එහි රාගදෝසචරිත ඇති පුද්ගලයාට අසම්පජඤ්ඤය ද අනුනය ද පටිඝය ද වෙයි. එහෙයින් හානභාගිය ධ්‍යානය වේ. එහි රාග මෝහචරිත පුද්ගලයාට අනුනය බව ද ආදීනව කොට දක්වන ලද, එය ඔහුට හානභාගිය ධ්‍යාන වෙයි. එහි දෝසමෝහචරිත පුඟුල්හට ප්‍රතිඝය ද අසතිය ද අසම්පජඤ්ඤය ද ආදීනව කොට දක්වන ලදහ. එයින් ඔහුව හානභාගිය ධ්‍යානය වෙයි. එහි රාගදෝසමෝහ සමභාග චරිත ඇති පුඟුල්හට විශේෂභාගිය ධ්‍යානය වේ.
ඉමානි චත්තාරි ඣානානි සත්තසු පුග්ගලෙසු නිද්දිසිතබ්බානි චතුසු ච සමාධීසු: ඡන්දසමාධිනා පඨමං ඣානං, විරියසමාධිනා දුතියං ඣානං, චිත්තසමාධිනා තතියං ඣානං, වීමංසාසමාධිනා චතුත්ථං ඣානං. අප්පණිහිතෙන පඨමං ඣානං, සුඤ්ඤතාය දුතියං ඣානං, අනිමිත්තෙන තතියං ඣානං, ආනාපානසතියා චතුත්ථං ඣානං, කාමවිතක්කව්යාපාදානං ච තං තං වූපසමෙන පඨමං ඣානං හොති, විතක්කවිචාරානං වූපසමෙන දුතියං ඣානං, සුඛින්ද්රියසොමනස්සින්ද්රියානං වූපසමෙන තතියං ඣානං, කායසඞ්ඛාරානං වූපසමෙන චතුත්ථං ඣානං ච. චාගාධිට්ඨානෙන පඨමං ඣානං, සච්චාධිට්ඨානෙන දුතියං ඣානං, පඤ්ඤාධිට්ඨානෙන තතියං ඣානං, උපසමාධිට්ඨානෙන චතුත්ථං ඣානං, ඉමානි චත්තාරි ඣානානි සඞ්ඛෙපනිද්දෙසෙන නිද්දිට්ඨානි.
මේ සතර ධ්‍යානයෝ පුඟුලන් සත්දෙනකුන් කෙරෙහි ලා සතර සමාධීන්හි ද දැක්විය යුත්තාහ: ඡන්දසමාධියෙන් ප්‍රථමධ්‍යානය ද විරියසමාධියෙන් ද්විතීයධ්‍යානය ද චිත්තසමාධියෙන් තෘතීයධ්‍යානය ද විමංසා සමාධියෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද, යලි අප්පණිහිත සමාධියෙන් ප්‍රථම ධ්‍යානය ද ශුන්‍යතායෙන් ද්විතීය ධ්‍යානය ද අනිමිත්ත සමාධියෙන් තෘතීයධ්‍යානය ද ආනාපාන සතියෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද වෙයි. කාමවිතර්ක ව්‍යාපාදයන්ගේ ද සන්හිඳීමෙන් ප්‍රථමධ්‍යානය වෙයි, විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ද්විතීයධ්‍යානය ද සුඛින්ද්රිය සෝමනස්සින්ද්රියයන්ගේ සන්හිඳීමෙන් තෘතීයධ්‍යානය ද කායසංකාරයන්ගේ සන්හිඳීමෙන් චතුර්ත්ථ ධ්‍යානය ද වෙයි. යළි ත්‍යාගාධිෂ්ඨානයෙන් ප්‍රථමධ්‍යානය ද සත්‍යාධිෂ්ඨානයෙන් ද්විතීය ධ්‍යානය ද ප්‍රඥාධිෂ්ඨානයෙන් තෘතීය ධ්‍යානය ද උපේක්ෂාධිෂ්ඨානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද වේ. මේ සතර ධ්‍යානයෝ සංකේෂපනිර්දේශයෙන් නිර්දේශ කරන ලද්දාහු යි.
තත්ථ සමාධින්ද්රියං පාරිපූරිං ගච්ඡති. අනුවත්තනකානි චත්තාරි, තත්ථ යො පඨමං ඣානං නිස්සාය ආසවක්ඛයං පාපුණාති, සො සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය දොමනස්සින්ද්රියපටිපක්ඛෙන. යො දුතියං ඣානං නිස්සාය ආසවක්ඛයං පාපුණාති, සො සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය දුක්ඛින්ද්රියපටිපක්ඛෙන, යො තතියං ඣානං නිස්සාය ආසවක්ඛයං පාපුණාති, සො සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය සොමනස්සින්ද්රියපටිපක්ඛෙන, සො සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය සුඛින්ද්රියපටිපක්ඛෙන ගතො.
ඒ ධ්‍යානයෙහි සමාධීන්‍ද්‍රිය පිරීමට යෙයි, සතරධ්යානයෝ අනුවර්තකයෝ යි. එහි යමෙක් ප්‍රථම ධ්‍යානය නිසා ආස්රවක්ෂයට පැමිණේ ද හේ සුඛපටිදායෙන් දන්‍ධාභිඥායෙන් දෝමනස්සින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂභාවයෙන් ආස්රවක්ෂයට පැමිණෙයි. යමෙක් ද්විතීයධ්‍යානය නිසා ආස්රවක්ෂයට පැමිණේ ද හේ සුඛපටිපදායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් දුක්ඛින්ද්රියට ප්රතිපක්ෂ භාවයෙන් ආස්රවක්ෂයට පැමිණෙයි. යමෙක් තෘතීයධ්‍යානය නිසා ආස්රවක්ෂයට පැමිණේ ද හෙතෙම සුඛපටිපදායෙන් දන්‍ධාභිඥායෙන් සෝමනස්සින්ද්රියට ප්රතිපක්ෂ භාවයෙන් ආස්රවක්ෂයට පැමිණෙයි. යමෙක් චතුර්ත්ථ ධ්‍යානය නිසා ආස්රවක්ෂයට පැමිණේ ද හේ සුඛපටිපදායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් සුඛින්ද්රියට ප්‍රතිපක්‍ෂභාවයෙන් ආස්රවක්ෂයට ගියේ වේ.
පකිණ්ණක නිද්දෙසො.
ප්රකීර්ණක නිර්දේශ යි.