හාරසම්පාතභූමි
7. 2.
7. 2.
හාරසම්පාතභූමි
හාරසම්පාතභූමි
යානි චත්තාරි ඣානානි, තෙසං ඣානානං ඉමානි අඞ්ගානි, තෙසං අඞ්ගානං සමූහො අස්ස අඞ්ගා, අයං ඣානභූමි කො විසෙසොති අස්ස විසෙසො: ඉමෙ සම්හාරා, තෙහි අයං සමුදාගමො, තස්ස සමුදාගමස්ස අයං උපනිසා තාය උපනිසාය අයං භාවනා, තස්සා භාවනාය අයං ආදීනවො, තෙන අයං පරිහානි. කස්ස පරිහානීති: තදුපගජ්ඣායිනො තං යථාභණිතං පච්චවෙක්ඛන්තො අයං විසෙසො, තෙන විසෙසෙන අයං අස්සාදො, සො කස්ස අස්සාදො: ආජානීයජ්ඣායිනො, තස්ස ආජානීයජ්ඣායිනො, ඉදං කල්ලතා කොසල්ලෙ ඨිතජ්ඣානං අනොමද්දියතං ගච්ඡති ඣානබලං, ඣානබලෙ ඨිතස්ස අයං පාරමිප්පත්තස්ස ඉමානි ඣානඞ්ගානි අනාවිලසඞ්කප්පො පඨමෙ ඣානෙ ඣානඞ්ගානි භාවී. සා පීති තදනුසාරිත්තාව පඨමෙ ඣානෙ ඣානඞ්ගං තස්සඞ්ගුනො ච ධම්මා තදභිසන්නිතාය ච. [?]
යම් සතර ධ්‍යාන කෙනෙක් වෙත් ද ඒ ධ්‍යානයන්ගේ මේ අංගයෝ වෙති, ඒ අංගයන්ගේ සමූහය ධ්‍යානභූමි යැ, ඒ ධ්‍යානයාගේ විශේෂය කවරෙ යත්: මේ ධ්යානසම්භාරයෝ යැ, ඒ සම්භාරයන්ගෙන් ධ්‍යානයාගේ ඉපදීම වෙයි, ධ්‍යානයාගේ ඉපදීමට මේ කාරණයැ, එකරුණෙන් ධ්‍යානයාගේ වැඩීම වෙයි. වැඩීමෙන් මේ ආදීනව යැ එයින් මේ පරිහානිය වෙයි. කවරක්හුගේ පරිහානිය ද යත්: ඊට පැමිණි ධ්යායීහුගේ යැ, එය යථෝක්ත පරිදි ප්රත්යවේක්ෂා කරනුයේ මේ විශේෂය වෙයි, ඒ විශේෂයෙන් මේ ආස්වාදය වෙයි. ඒ කවරක්හුගේ අස්වාදය ද යත්: ආජානීය ධ්‍යායී (රහත්) හුගේ යැ, ඒ රහත්හුගේ හෝ ආර්ය්යධ්යායීහුගේ මේ සමර්ත්ථභාව කෞශල්‍යයෙහි සිටි ධ්‍යානය නො මැඩිය හැකි බවට යෙයි. මේ ධ්යානබලය යි. ධ්‍යානබලයෙහි සිටියහුගේ මේ ධ්‍යානාඞ්ගයෝ (කාම සංකල්පාදීන්) නොකැලඹුණු සංකල්ප ඇතියේ (පඨමෙඣානෙ … තදභියන්නීතාය ච?)
පීති දුතියෙ ඣානෙ ඣානඞ්ගධම්මතා ඛො පන තථා පවත්තස්ස සහගතං ඣානඞ්ගධම්මං සසුඛතාය අජ්ඣත්තං සම්පසාදො දුතියෙ ඣානෙ ඣානඞ්ගං මනොසම්පසාදනතාය තදභිසන්නතාය ච. පීති දුතියෙ ඣානෙ ඣානඞ්ගං අජ්ඣත්තං සම්පසාදනං සමාධිජං පීතිසුඛං දුතියෙ ඣානෙ ඣානඞ්ගං, චෙතසො එකොදිභාවො තතියෙ ඣානෙ ඣානඞ්ගං, උපෙක්ඛා ඵස්සතා තතියෙ ඣානෙ ඣානඞ්ගං, සුඛං තස්ස අඞ්ගන්ති ච. චෙතසො එකොදිභාවො චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං. උපෙක්ඛා අදුක්ඛමසුඛා චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං, අභිනිසාභූමි උපෙක්ඛාසතිපාරිසුද්ධි චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං, සතිපාරිසුද්ධි ච අනෙකජ්ඣා (න) භූමීසු ඣානඞ්ගසමායුත්තා පීති චෙතසො එකොදිභාවො චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං.
ප්‍රීතිය ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග ධර්මතා වෙයි. එසේ පැවැතියහුට ප්‍රීති සහගත ධ්‍යානාඞ්ග ධර්මතා සුඛ සහිත බැවින් සිත පහදවන බැවින් ද ඒ ප්‍රසාදයෙන් පැතිරුණු බැවින් ද අධ්‍යාත්මයෙහි පැහැදීම ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි, අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. චිත්තයාගේ එකඟබව තෘතීයධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. උපේක්‍ෂායෙන් පහස්නාබව තෘතීයධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. සුඛය ඒ තෘතියධ්‍යානයාගේ අංග වෙයි. චිත්තයාගේ ඒකෝදිභාවය සතරවැනි ධ්‍යානයෙහි ධ්‍යානාංග වෙයි. නොදුක් නොසුව වූ උපේක්ෂාව චතුර්ත්ථධ්යානයෙහි ධ්‍යානාංග වෙයි. (අභිනිසා භූමි) උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය චතුර්ත්ථධ්යානයෙහි ධ්‍යානාඞ්ග යැ, ස්මෘතිපාරිශුද්ධිය ද නොයෙක් ධ්යානභූමීන්හි ධ්‍යානාඞ්ගයන් හා යෙදුණු ප්‍රීතිය ද චිත්තයාගේ ඒකෝදිභාවය දි චතුර්ත්ථ ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වේ.
තත්ථ කතමා ඣානභූමි: සවිතක්කෙ සවිචාරෙ විවෙකානුගතා පඨමෙ ඣානෙ ඣානභූමි, අවිතක්කෙ අවිචාරෙ අජ්ඣත්තං සම්පසාදනං ජනිතං පීතිමනුගතා දුතියෙ ඣානෙ ඣානභූමි. සුඛසාතසමොහිතා සප්පීතිකා තතියෙ ඣානෙ ඣානභූමි, තස්ස සුඛදුක්ඛසහගතා අභිනීහාරසහගතා චතුත්ථෙ ඣානෙ ඣානභූමි, අප්පමාණසහගතා සත්තාරම්මණා පඨමෙ ඣානෙ ඣානභූමි, විමොක්ඛසහගතා විමොක්ඛෙසු තතියෙ ඣානෙ ඣානභූමි. අනුපස්සනාසහගතා කායසඞ්ඛාරා ධම්මා චතුත්ථස්ස ඣානස්ස භූමි.
එහි ධ්‍යානභූමි කවර යත්: සවිතර්ක වු සවිචාර වූ ප්‍රථමධ්‍යානයෙහි නීවරණ විවේකය අනුව ගිය ධ්‍යානභූමි වෙයි. අවිතර්ක අවිචාර වූ ද්විතීය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ප්‍රීතිය අනුව ගිය ධ්‍යාන භූමි වෙයි. තෘතීය ධ්‍යානයෙහි සුඛසහගත වූ සප්‍රීතික වූ ධ්‍යාන භූමි වෙයි. චතුර්ත්ථධ්යානයෙහි (සුඛදුක්ඛසහගතා?) අභිනීහාර සහගත වූ ධ්‍යාන භූමි වෙයි. (යළි) ප්‍රථම ධ්‍යානයෙහි අප්‍රමාණ සහගත සත්වයන් අරමුණු කොට ඇති ධ්‍යාන භූමි වෙයි. ද්විතීය ධ්‍යානයෙහි රූප සංඥීන් කෙරෙහි අභිභුමි ආයතන සහගත වූ ධ්‍යාන භූමි වෙයි. තෘතීය ධ්‍යානයෙහි විමෝක්‍ෂයන්හි විමෝක්ෂ සහගත වූ ධ්‍යාන භූමි වෙයි. අනුපස්සනා සහගත වූ කායසංඛාර ධර්මයෝ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ භූමි වේ.
තත්ථ කතමෙ ඣානවිසෙසා: විවිච්චෙව කාමෙහි විවිච්ච පාපකෙහි [?] අකුසලෙහි ධම්මෙහි චිත්තචෙතසිකසහගතා. කාමධාතුසමතික්ක මනතාපි, අයං ඣානවිසෙසො. අවිතක්කා චෙව අවිචාරා ච සප්පීතිකාය සතිසහගතාය පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, අයං ඣානවිසෙසො. අවිතක්කාය භූමියා අවිචාරෙයෙව සති අනුගතා උපෙක්ඛාසහගතා මනසිකාරා සමුදාචරන්ති, තදනුධම්මතා ච සති සණ්ඨහති, තං ච භූමිං උපසම්පජ්ජ විහරති, අයං ඣානවිසෙසො. සතිපාරිසුද්ධිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං උපසම්පජ්ජ විහරති, අයං ඣානවිසෙසො. විඤ්ඤාණඤ්චායතනසහගතාය භූමියං ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං උපසම්පජ්ජ විහරති, අයං ඣානවිසෙසො.
එහි ධ්‍යාන විශේෂයෝ කවරහ: කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන්ව (පාපකෙහි?) ශේෂ නීවරණ සංඛ්‍යාත අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව චිත්ත චෛතසික සහගත බව ද කාම ධාතුව ඉක්මවන බව ද මේ ධ්‍යාන විශේෂ යැ, සප්‍රීතික ස්මෘති සහගත ධ්‍යාන භූමියෙහි අවිතර්ක වූ ද අවිචාර වූ ද ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවත්නාහ. මේ ධ්‍යාන විශේෂ යැ, අවිතර්ක භූමියෙහි ස්මෘතිය අනුවැ ගිය උපේක්ෂා සහගත මනසිකාරයෝ පවත්නාහ. ඒ (තෘතීය ධ්‍යාන) භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්‍යාන විශේෂ යැ, ස්මෘති පාරිශුද්ධිය සහ ගිය සංඥාමනසිකාරයෝ පවත්නාහ. ඒ ධ්‍යාන භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්‍යාන විශේෂ යැ, විඤ්ඤාණඤ්චායතන සහගත භූමියෙහි ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහ. ඒ භූමියට ද එළඹැ වාසයකෙරෙයි. මේ ධ්‍යාන විශේෂ යි.
තත්ථ කතමෙ ඣානසම්භාරා: නෙක්ඛම්මවිතක්කො සම්භාරො කාමවිතක්කවිනොදනාධිප්පායතා, අබ්යාපාදවිතක්කො සම්භාරො බ්යාපාදවිතක්කපටිවිනොදනාධිප්පායතා, අවිහිංසාවිතක්කො සම්භාරො විහිංසාවිතක්කපටිවිනොදනාධිප්පායතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා අප්පිච්ඡතා සම්භාරො පරිසුද්ධාජීවො. චතුන්නං සමාපත්තීනං සම්භාරො අකම්මස්ස විහාරිතා, මග්ගසම්භාරො සමාපත්තිපජ්ජනතා, ඵලසම්භාරො ඣානනිබ්බත්තිතාය ඣානසමුදාගමො, කුසලහෙතු යං ඣානං සමුදයං ගච්ඡති. කො ච න කුතොචි නෙක්ඛම්මප්පත්තා සමුදාගච්ඡන්ති, ආලම්බනිරොධසමාධි සන්තො සමුදාගච්ඡන්ති, අවීතික්කන්තා සමුදාගච්ඡන්ති සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං පහානාය තෙ ච අබ්යාපජ්ජතාය සමුදාගච්ඡන්ති. තං පන සන්ධාය සමුදාගච්ඡන්ති. අපරිදාහනාය සමුදාගච්ඡන්ති. ඣානසමුදාගමො.
එහි ධ්යානසම්භාරයෝ කවරහ: කාමවිතර්‍කයන්ගේ දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍ය විතර්කය ධ්යානසම්භාරයෙක, ව්‍යාපාදවිතර්‍කය දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් අව්‍යාපාද විතර්කය සම්භාරයෙක, විහිංසා විතර්කය දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් අවිහිංසා විතර්කය සම්භාරයෙක, පරිශුද්ධවූ ආජීවය ඉන්ද්රියයන්හි පියු දොර ඇති බවට අල්පේච්ඡතාවට සම්භාර යැ, අකර්මවිහාරී බව සතර සමාපත්තීන්ට සම්භාර යැ, සමවත් සමවදනා බව මාර්ගසම්භාර යැ, ධ්‍යාන නිපදවන ලද බැවින් ධ්‍යානයාගේ සමුදාගමය ඵල සම්භාර යැ. මේ ධ්‍යාන සමුදාගම යි.
තත්ථ කතමා උපනිසා: කල්යාණමිත්තතා ඣානස්ස උපනිසා, කල්යාණසම්පවඞ්කතා ඣානස්ස උපනිසා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා ඣානස්ස උපනිසා, අසන්තුට්ඨිතා කුසලෙසු ධම්මෙසු සද්ධම්මසවනං ඣානස්ස උපනිසා, සංවෙජනීයෙ ඨානෙ සංවිගස්ස යොනිසොපධානං ඣානස්ස උපනිසා, අයං ඣානොපනිසා.
එහි උපනිසා (හේතු) කවර යත්: කලණමිතුරන් ඇති බව ධ්‍යානයට කාරණ වෙයි. කලණමිතුරන් කෙරෙහි නැමුණු බව ධ්‍යානයට කාරණ යැ, ඉන්ද්රියයන්හි පියූ දොර ඇතිබව ධ්‍යානයට කාරණ යැ, කුසල්දහම් හි අසන්තුට්ඨිතාව ධ්‍යානයට කාරණයැ, සද්ධර්ම ශ්‍රවණය ධ්‍යානයට කාරණ යැ, සංවේග දැනැවියැයුතු තැනැ සංවේග ඇතියහුගේ නුවණින් ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම ධ්‍යානයට කාරණ වේ. මේ ධ්‍යාන හේතුයි.
තත්ථ කතමා භාවනා: මෙත්තාසෙවනා අබ්යාපාදවිතක්කභාවනා, කරුණාසෙවනා අවිහිංසාවිතක්කභාවනා, මුදිතාභාවනා පීතිසුඛසම්පජඤ්ඤා කාරිතා, උපෙක්ඛාභාවනා පස්සවනා උපෙක්ඛාභාවනා අපස්සවතා උපෙක්ඛා ච අජ්ඣුපෙක්ඛා ච අසුභසඤ්ඤාභාවනා දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා භවසන්ධාභිඤ්ඤා භවසන්ධානං, යා ඡබ්බිධා භාවනා භාවිතා බහුලීකතා අනුට්ඨිතා වත්ථුකතා යානීකතා පරිචිතා සුසමාරද්ධා, අයං භාවනා.
එහි භාවනා කවර යත්: මෛත්රිසේවනය අව්යාපාදවිතර්ක භාවනා යැ, කරුණාසේවනය අවිහිංසා විතර්ක භාවනා යැ, මුදිතා භාවනාව ප්‍රීති සුඛ සම්ප්‍රජන්‍යකාරී බව යැ, උපේක්ෂා භාවනාව (පස්සවතා ... අජ්ඣුපෙක්ඛා ච?) අශුභසංඥා භාවනාව (දුක්ඛා පටිපදා ... සුසමාරද්ධා?) මේ භාවනායි.
එවං භාවයන්තස්ස අයං ආදීනවො: පඨමෙ ඣානෙ සඞ්ඛාරසමන්නාගතො එසො ධම්මො අස්සුතො සාසවො. සචෙ එස ධම්මො අයං සීලො ආසන්නපටික්ඛො ච එස ධම්මො කාමොපතිචාරො සමාපත්තීනං ච සබ්බොළාරිකො එස ධම්මො විතක්කවිචාරො ච, තත්ථ චිත්තං ඛොහෙති, කායො චෙත්ථ කිලමති, කායම්හි චෙත්ථ කිලන්තෙ චිත්තං විහඤ්ඤති, අනභිනීහාරක්ඛමො ච අභිඤ්ඤානං, ඉමෙ ආදීනවා පඨමෙ ඣානෙ.
මෙසේ භාවනා කරනුවහුට මේ ආදීනවයැ: ප්‍රථමධ්‍යානයෙහි සංස්කාර සමන්වාගත වූ තෙල දහම අස්සුත යැ සාස්‍රව යැ ශීලය ආසන්න ප්රතිපක්ෂ වූයේ ද තෙල දහම (කාමෝපතිචාරො පතිවිචාරො?) සමාපත්තීන් අතුරෙනුදු සියල්ලට ඖදාරික යැ, තෙල දහම විතර්ක විචාර ඇත්තේ ද වෙයි. එහි සිත ආලෝලන කෙරෙයි. මෙහි කය ද වෙහෙසට පැමිණෙයි. මෙහි කය වෙහෙසට පත්කල්හි සිත ගැටෙයි, එහෙයින් අභිඥාවන්ගේ අභිනීහාරයට අසමර්ත්ථ වෙයි. ප්‍රථමධ්‍යානයෙහි මේ ආදීනවයෝ යි.
දුතියෙ ඣානෙ ඉමෙ ආදීනවා: පීතිඵරණසහගතො ච එසො ධම්මො, න සමුදාචාරස්සෙති චිත්තං. අසොධයං උපගමො චෙස ධම්මො. උපගමිපරිස්සයො දොමනස්සපච්චත්ථිකො චෙස ධම්මො. තත්ථ තත්ථ යුත්තීතං පීති, පරජ්ජතො චෙස ධම්මො දුක්කරං හොති, අවත්තසන්තාසභූමිපරිවජ්ජයන්තො චතුසු දුක්ඛතාසු එස ධම්මො අනුවිද්ධාපනසද්ධාය දුක්ඛතාය ච න පලිබොධදුක්ඛතාය ච අභිඤ්ඤාදුක්ඛතාය ච රොගදුක්ඛතාය ච, ඉමෙ ආදීනවා දුතියෙ ඣානෙ.
ද්විතීය ධ්‍යානයෙහි මේ ආදීනවයෝ වෙති: තෙල ද්විතීය ධ්‍යාන ධර්මය ප්රීතිඵරණයෙන් යුක්ත වූයේ ද (නසමුදාවාරස්සෙති ... රෝග දුක්ඛ තාය ච? මෙහිදු අරුත් නගා ගැනීම දුෂ්කර විය.) මේ ද්විතීය ධ්‍යානයෙහි ආදීනවයෝ යි.
තත්ථ කතමො ආදීනවා තතියෙ ඣානෙ: උපෙක්ඛාසුඛසහගතාය තත්ථ සාතාවීනං පඤ්චන්නං උපෙක්ඛාසුඛං පරිවත්තිතො එස ධම්මො තෙන නිච්චසඤ්ඤිතානං ච, යං හොති දුක්ඛූපනිසං සුඛං චිත්තස්ස සඞ්ඛොභතං උපාදාය සුඛදුක්ඛාය ගතො භවති. සුඛදුක්ඛානුගතං ච උපාදාය අනභිනීහාරක්ඛමං චිත්තං හොති. අභිඤ්ඤාය සච්ඡිකිරියාසු සබ්බෙපි චෙතෙ ධම්මා තීසු ඣානසමාපත්තීසු චතූහි ච දුක්ඛතාහි අනුවිද්ධානං සා භයා දුක්ඛතාය පලිබොධදුක්ඛතාය ච අභිඤ්ඤාදුක්ඛතාය ච රොගදුක්ඛතාය ච, ඉමෙ ආදීනවා තතියෙ ඣානෙ.
එහි තෘතීයධ්‍යානයෙහි ආදීනවයෝ කවරහ: තත්‍රමජ්ඣත්තුපෙක්ඛා සුවයෙන් යුත් ඒ ධ්‍යානයෙහි සුවවිඳුනා පුද්ගලයන්ට ද එය නිත්‍ය යැ යන සංඥා ඇතියනට ද උපේක්ෂා සුඛය පරිවර්තන වන හෙයින් තෙල තෘතීයධ්යානධර්මය දුකට කාරණ වූ සුවය චිත්තයාගේ කැලඹුණු බව නිසා සුව දුක් පිණිස වෙයි. සුවදුක් අනුගත නිසා සිත අභිනීහාරක්‍ෂම නොවෙයි. මේ සියලු මැ ධර්මයෝ අභිඥායෙන් ප්රත්යක්ෂ කටයුතු වූ තුන් ධ්‍යාන සමාපත්තීන්හි චතුර්විධ දුක්ඛතායෙන් අනුවිද්ධයනට (සාභයා?) දුක්ඛතා පිණිස ද පළිබෝධ දුක්ඛතා පිණිස ද අභිඥාදුඃඛතා පිණිස ද පවත්නාහුය. තුන්වැනි ධ්‍යානයෙහි මේ ආදීනවයෝ යි.
තත්ථ කතමෙ ආදීනවා චතුත්ථෙ ඣානෙ: ආකිඤ්චඤ්ඤාසමාපත්තිතාවතෙ ධම්මානුසමාපත්තිකා එතිස්සා ච භූමියං සාතානං බාලපුථුජ්ජනානං අනෙකවිධානි දිට්ඨිගතානි උප්පජ්ජන්ති. ඔළාරිකසුඛුමාහි ච රූපසඤ්ඤාහි අනුවිද්ධානි එතානි ඣානානි, සදා අනුදයමෙත්තාඣානකලාදනුකලාය සාධාරණා දුක්කරා ච සබ්බෙ චත්තාරො මහාසම්භාරා, සමුදාගතානි ච එතානි ඣානානි අඤ්ඤමඤ්ඤං නිස්සාය සමුදාගච්ඡන්ති. එත්ථ සමුදාගතා ච එතෙ ධම්මා න සමත්තා හොන්ති. අසමුග්ගහිතනිමිත්තා ච එතෙ ධම්මා පරිහායන්ති නිරුජ්ඣන්ති ච එතෙ ධම්මා න උපාදියන්ති නිරුජ්ඣඞ්ගානි ච, එතෙසං ධම්මානං ඣානානි නිමිත්තානි න ඣානනිමිත්තසඤ්ඤා වොකිරති. අප්පටිලද්ධපුබ්බා ච ඣායීවසෙන ච භවති, ඉමෙහි ආදීනවෙහි. අයං ඣානපරිහානි.
එහි චතුර්ත්ථධ්යානයෙහි ආදීනව කවරහ: (ආකිඤ්චඤ්ඤා ... සමාපත්තිකා?) තෙල චතුර්ත්ථධ්යාන භූමියෙහි ශක්ත වූ බාලපෘථග්ජනයනට නන්වැදෑරුම් දෘෂ්ටිගතයෝ උපදිත්, තෙල ධ්‍යානයෝ ඖදාරික වූ ද සූක්ෂම වූ ද රූපසංඥාවන්ගෙන් අනුවිද්ධයහ, හැම කල්හි (අනුදය ... සාධාරණ?) සියලු සතර මහාසම්භාරයෝ දුෂ්කර වූවාහු ද වෙති, උපන්නාවූ ද තෙල ධ්‍යානයෝ ඔහුනොවුන් නිසා උපදිත්. මෙහි උපන්නාවූ ද තෙල ධර්මයෝ රැස් නොවෙති, මොනොවට නොගත් නිමිත්ත ඇති තෙල දහම්හු පිරිහෙති, නිරුද්ධ වෙත්. තෙල දහම්හු නිරුද්ධ වූ අංගයනුදු (යළි) නොගනිත්. (එතෙසං ... ඉමෙහි ආදීනවෙහි?) මේ ධ්යානපරිහානිය යි.
නිරොධසමාපත්තියා අපටිසඞ්ඛාය අවසෙසසඤ්ඤිනො ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, සො නිරොධසමාපත්තිතො පරිහායති. ආනෙඤ්ජසඤ්ඤිනො අසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්ඤායතනසහගතා මනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං න පජානාති, සො තතො පරිහායති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං න පජානාති, සො තතො පරිහායති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාසහගතා -පෙ- (විත්ථාරෙන යාව පඨමෙ ඣානෙ කාමසඤ්ඤාසභාගතා කාතබ්බා.
නිරෝධසමාපත්තිය ප්රත්යවේක්ෂා නොකොට අවශේෂ සංඥා ඇත්තහුට ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සංඥා මනස්කාරයෝ පවත්නාහු නම් හේ නිරෝධ සමාපත්තියෙන් පිරිහෙයි. අසංඥායතනයට සමවන් ආනෙඤ්ජසංඥා ඇත්තහුට ආකිඤ්චඤ්ඤායතන සහගතවු මනසිකාරයෝ පවත්නාහු නම් (හේ) ඒ ආකිඤ්චඤ්ඤායතන භූමියත් නොදනී නම් හේ ඒ සමවතින් පිරිහෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සහගත වු සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහු නම් ඒ භූමියත් නොදනී නම් හේ ඒ සමවතින් පිරිහෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට රූප සංඥා සහගත වූ ... (ප්‍රථමධ්‍යානයෙහි කාම සංඥා සහගතා යනු දක්වා විස්තරයෙන් ප්‍රකාශ කළයුතු.)
ස කිස්ස පරිහායති, කලඞ්කජ්ඣානො කලඞ්කං ඣායති පරිසමන්තතො ඣායති, භින්දන්තො ඣායති, න සඤ්ජායති, ආයූහන්තො ඣායති, කිඤ්චි ච න පරිචීතො ඣායති, අතිවිධාවන්තො ඣායති, අතිමඤ්ඤන්තො ඣායති, කායසඞ්ඛාරෙ අප්පටිප්පස්සම්භිතෙ ඣායති, පරියුට්ඨානස්ස නිස්සරණං අජානන්තො ඣායති, නීවරණාහිභූතො ඣායති, අස්සාදප්පත්තිං මනසිකරොන්තො. ඣානස්ස අස්සාදො කාමරාගහෙතූනං ධම්මානං උදයොති, නිරුද්ධඞ්ගානි එතෙසං ධම්මානං ඣානානි උපරිමා සුඛූපෙක්ඛා කාමකම්මකිලෙසානං පහානං අස්සාදො, එවං ඛො පුන ඣානස්ස අස්සාදො, මහාසම්බාධසම්පීළිතෙ. ලොකසන්නිවාසෙ අසම්බාධොකාසොති විගමෙස්සමිදං ඣානප්පහානා. අයං පරිරොධමප්පලිරොධලොකසන්නිවාසෙ එසනියමිදං ඣානං අනමතග්ගසංසාරසමාපන්නානං සත්තානං සංසාරප්පහානනානිසංසො යමිදං ඣානස්ස අස්සාදො. කායස්ස අඣානියඣායිනො භවති අඣානියඣානියඣායීති. අපරාමසන්තො අඣානියඣායිතංඣායති. යානි කලඞ්කඣායිනො පදානි තානි අනුමිතානි පටිපක්ඛෙ ඣානානි උපරිමා සුඛූපෙක්ඛා කාමකම්මකිලෙසානං අස්සාදො, එවං ඛො පුන ඣානස්ස අස්සාදො මහාසම්බාධසම්පිළිතෙ, ලොකසන්නිවාසෙ අසම්බාධොකාසො විගමෙස්සමිදං ඣානප්පහානා. අයං පලිරොධමප්පලිරොධලොකසන්නිවාසෙ එසනියමිදං ඣානං අනමතග්ගසංසාරසමාපන්නානං සත්තානං සංසාරප්පහානානිසංසො, යමිදං ඣානස්ස අස්සාදො කායස්ස අඣානියඣායිනො භවති අඣානියඣානියඣානියීති. අපරාමසන්තො අඣානියඣායී තං ඣායති, යානි කලඞ්ඛජ්ඣායිනො පදානි තානි අනුමිතානි පටිපක්ඛෙ.
හේ කවර හෙයින් පිරිහෙයි යත්: කලඞ්කධ්යාන ඇතියෙ කලඞ්ක ආලම්බනයක් ධ්‍යාන කෙරෙයි. (අරමුණ) අවටින් ධ්‍යාන කෙරෙයි. (අරමුණ) බිඳුමින් ධ්‍යාන කෙරෙයි. මොනොවට ධ්‍යාන නොකෙරෙයි. ආයූහන කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. අපරිචිත වැ අල්පමාත්රයක් ද ධ්‍යාන කෙරෙයි. ඉතා වෙලෙවි යැ ධ්‍යාන කෙරෙයි. අතිමාන කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. නොසන්හිඳුවන ලද කායසංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) ඇති කල්හි ධ්‍යාන කෙරෙයි. පර්ය්යුත්ථානයාගේ නිස්සාරණය නො දන්මින් ධ්‍යාන කෙරෙයි. කාමරාගයට හේතු වූ ධර්මයන්ගේ උදය ධ්‍යානයාගේ ආස්වාද යැ යි ආස්වාද ප්‍රාප්තිය මෙනෙහි කෙරෙමින් නීවරණයන් විසින් මඩනාලද්දේ ධ්‍යාන කෙරෙයි. නිරුද්ධ ධ්‍යානාඞ්ගයෝ තෙල දහමුන්ගේ ධ්‍යාන වූවාහු සුඛ උපේක්ෂා උපරිම වූවාහු වෙති. කාමකර්මක්ලේශයන්ගේ ප්රහාණය ආස්වාද වෙයි. මෙසේ පුනර්ධ්යානාස්වාද තෙම මහා සම්බාධදයෙන් සම්පීඩිත වූ ලෝකසන්නිවාසයෙහි සම්බාධ රහිත අවකාශ ඇතියෙ යැ යි වෙන් වන්නෙම් නම් මේ ධ්යානප්රහාණ යි, යම් ධ්‍යානයෙක් ඇද්ද පරිරෝධ අපරිරෝධ ලෝකසනානිවාසයෙහි මෝ එසනියමිදං? ධ්‍යානයාගේ යම් ආස්වාදයෙක් ඇද්ද මේ වූ කලි අනවරාග්ර සංසාරයට පැමිණි සත්වයන්ගේ සංසාරප්රහාණය ආනිසංස කොට ඇතියෙ යැ, ආලම්බනකාය අඣානියඣානීහට (ධ්යානාර්හ නොවූ අරමුණ ධ්‍යාන කරන්නාට) “අඣානියඣායී” යැ යන සිත් වෙයි. අඣානියඣායී තෙම එ අරමුණ පරාමර්ශ නො කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. කලංකධ්යායීහු සම්බන්ධ යම් පද කෙනෙක් ඇත් නම් ඔහු ප්රතිපක්ෂයෙහි ලා අනුමිත වෙති.
තත්ථ කතමං ඣානකොසල්ලං: සමාපත්තිකොසල්ලං ඣානකොසල්ලං ඣානවිසෙසකොසල්ලං ඣානකොසල්ලං, ඣානන්තරිකකොසල්ලං ඣානකොසල්ලං, සමාපත්තිවුට්ඨානකොසල්ලං ඣානකොසල්ලං, ඣානෙ සභාවකොසල්ලං ඣානකොසල්ලං, ඣානෙ ආදීනවකොසල්ලං ඣානකොසල්ලං ඣානෙ නිස්සරණකොසල්ලං ඣානකොසල්ලං ඣානඵලෙන උපාදායකොසල්ලං ඣානඵලෙන පටිසඞ්ඛානඵලෙ අපරිහානධම්මතා නිබ්බත්තිඣානෙ ච කීළිතාවී විසෙසභාගියං ඣානං පටිලභති ඉදං පනස්සාති භවහාරිතා ච ආරම්මණනිමිත්තගාහො නඅභිනීහාරබලං, චිත්තෙකග්ගතානිමිත්තා සුගතිසහිතා සමථබලෙන අසංසීදනං ච ඣානෙ මග්ගඵලං සමථං පවත්තෙ සමාධිනො උපෙක්ඛා පටිපුබ්බාපරනිමිත්තාසයො පග්ගාහිනො සතිබලං තං පවත්තිතානං ච විපස්සනානං සමඤ්ඤාබලෙ.
එහි ධ්‍යාන කෞශල්‍යය කවරෙ යත්: සමාපත්තියෙහි කුශල බව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන විශේෂයෙහි කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්යානානන්තරික කෞශල්‍යය ධ්‍යාන කෞශල්‍ය යැ, සමවතින් නැඟී සිටීමේ කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන ස්වභාවයෙහි කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානයෙහි ආදීනව දැනීමේ කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානයෙහි නිස්සරණ කෞශල්‍යය ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන ඵලයෙන් (ග්‍රහණ) කෞශල්‍යය වෙයි. ධ්‍යාන ඵලයෙන් පටිසංඛාන ඵලයෙහි නොපිරිහෙන ස්වභාව ද උපන් ධ්‍යානයෙහි වශී වූයේ ද විශේෂභාගී ධ්‍යානය ලබයි. (ඉදං පනස්සා ... සමඤ්ඤා බලො?)
2-3. තත්ථ කතමා ඣානපාරමිතා: සුපාරමිතා මෙත්තා “කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා”ති යම්හි සුත්තෙ දෙසනාය වොහාරෙන ද්වෙ සච්චානි නිද්දිට්ඨානි දුක්ඛං ච සමුදයො ච. විචයෙන හාරෙන. යෙ සංයොජනීයෙසු ධම්මෙසු වජ්ජං න පස්සන්ති, තෙ ඔඝං තරිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. න තරිස්සන්තීති අත්ථි, එසා යුත්ති ච විචයො ච.
2-3. එහි ධ්‍යාන පාරිමිතා (උත්කර්ෂයට පැමිණි චතුර්ත්ථ ධ්‍යාන භාවනාව) කවර යත්: (සුපාර මිතා මෙත්තා?) “කාමෙසු සත්තා කාමසංගසත්තා” යි යම් සූත්‍රයෙක දේශනා ව්‍යවහාරයෙන් දුක්ඛය ද සමුදය ද යන විචය හාරයෙන් දක්වන ලද්දාහු ය. යම් කෙනෙක් සංයෝජනීය ධර්මයන්හි දෝෂය නොදක්නාහු ද ඔහු කාමාදි ඕඝය තරණය කරන්නාහුය යන තෙල කරුණ නොවේ. තරණය නොකරන්නාහ යන කරුණ ඇත. මේ යුක්ති ද විචය ද වෙයි.
4. ඉදං නු කිස්ස පදට්ඨානං: කාමෙසු සත්තාති: පඤ්ච කාමගුණා තං කාමතණ්හාය පදට්ඨානං, සංයොජනෙ වජ්ජමපස්සමානාති. අවිජ්ජාය පදට්ඨානං, නහිජාතු සංයොජනසඞ්ගසත්තා ඔඝං තරෙය්යුං විපුලං මහන්තන්ති: උපාදානස්ස පදට්ඨානං.
4. මේ කුමකට පදට්ඨාන ද? කාමෙසු සත්තා යනු පඤ්චකාමගුණයෝ යැ, එය කාම තණ්හාවට පදට්ඨාන යැ. “සංයෝජනෙ වජ්ජමපස්සමානා” යනු අවිජ්ජාවට පදට්ඨාන යැ. “න හි ජාතු සංයෝජනසංගසත්තා ඕඝං තරෙය්යුං විපුලං මහන්තං” යනු උපාදානයට පදට්ඨාන යි.
5. කාමෙසු සත්තාති: කාමා ද්විධා වත්ථුකාමා ච කිලෙසකාමා ච, තත්ථ කිලෙසකාමා කාමතණ්හා, කාමතණ්හාය යුත්තා භවන්ති රූපතණ්හා භවතණ්හා, ලක්ඛණෙන හාරෙන, සංයොජනෙ වජ්ජමපස්සමානාති: සංයොජනස්ස, යො තත්ථ ඡන්දරාගො තස්ස කිං පදට්ඨානං: සුඛා වෙදනා ද්වෙ ච ඉන්ද්රියානි, සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච, ඉති සුඛාය වෙදනාය ගහිතාය තයොපි වෙදනා ගහිතා හොන්ති. වෙදනාක්ඛන්ධෙ ගහිතෙ සබ්බෙ පඤ්චක්ඛන්ධා ගහිතා හොන්ති. රූපසද්දගන්ධරසඵොට්ඨබ්බා ගහිතා, වත්ථුකාමෙසු ගහිතෙසු සබ්බානි ඡ බාහිරානි ආයතනානි ගහිතානි හොන්ති. අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු යො සත්තො අයං වුච්චතෙ ලක්ඛණො හාරො.
5. ‘කාමෙසු සත්තා’ යනු කාමයෝ වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි දෙවැදෑරුම් වෙති: එහි ක්ලේශකාමයෝ කාමතණ්හා යැ, ලක්ඛණහාරයෙන් රූපතණ්හා භව තණ්හා (දෙක) කාමතණ්හාව හා යෙදුණාහු වෙති. “සංයෝජනෙ වජ්ජමපස්සමානා” යනු (සංයෝජනස්ස?) එහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද ඒ ඡන්දරාගයට කුමක් පදට්ඨාන වෙයි යත්: සුඛවේදනාව ද සුඛින්ද්රිය සෝමනස්සින්‍ද්‍රිය යන ඉන්ද්රිය දෙක ද පදට්ඨාන වෙති. මෙසේ සුඛවේදනාව ගත් කල්හි තුන් වේදනාවෝ ම ගන්නා ලද්දාහු වෙති. වේදනා ස්කන්ධය ගත් කල්හි සියලු පඤ්චස්කන්ධයෝ ගන්නා ලද්දාහු වෙති. රූප - සද්ද - ගන්ධ - රස - ඵොට්ඨබ්බා ගන්නා ලද්දාහු වස්තුකාමයන් ගත් කල්හි සියලු සවැදැරුම් බාහිර ආයතනයෝ ගන්නා ලද්දාහු වෙති. අජ්ඣත්තික බාහිර ආයතනයන්හි යමෙක් ඇලුණේ ද (?) මේ ලක්ෂණ හාර යයි කියනු ලැබේ.
6. තත්ථ යො ඔළාරිකම්හි කිලෙසෙ අජ්ඣාවසිතො සබ්බකිලෙසෙසු සො න තතො සුඛුමතරෙසු න වීතරාගො භවති. තත්ථ බාහිරසංයොජනං මමන්ති, අජ්ඣත්තසංයොජනං අහන්ති.
6. එහි යමෙක් ඖදාරික ක්ලේසයෙහි බැසගෙන සිටියේ ද හේ සියලු ක්ලේශයන්හි (බැසගෙන සිටියේයි.) එයින් ඉතා සියුම් වූ ක්ලේශයන්හි, වීතරාග නො වූයේ වේ. එහි මාගේ යැ යනු බාහිර සංයෝජන යැ. ‘මම’ යැ යනු අධ්‍යාත්ම සංයෝජන යි.
තත්ථ භගවතො කො අධිප්පායො: යෙ ඔඝං තරිතුකාමා තෙ සංයොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරිස්සන්තීති, අයමෙත්ථ භගවතො අධිප්පායො, කාමෙසු සත්තාති යෙසු ච සත්තා, යෙන ච සත්තා, යෙසං ච සත්තා, අයං චතුබභිධො ආකාරො සබ්බෙසං හාරභාගියො.
එහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරෙ යත් ; යම් කෙනෙක් ඕඝය තරණය කරනු කැමැති වෙත් ද ඔහු සංයෝජනීය ධර්මයන්හි ආදීනව නුවණින් දකිමින් වාස කරන්නාහු යැ යනු මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය යි. ‘කාමෙසු සත්තා’ යනු යම් වස්තුකාමයන්හි ඇලුණාහු ද යම් ක්ලේශකාමයකින් ඇලුණාහු ද යම් කෙනෙකුන්ගේ හේතුයෙන් ඇලුණාහු ද මේ චතුර්විධ ආකාරය (සබ්බේසං හාරභාගියො?)
තත්ථ කතමානි තීණි විපල්ලාසානි පදට්ඨානානි ච: චිත්තවිපල්ලාසස්ස දිට්ඨිවිපල්ලාසස්ස සඤ්ඤාවිපල්ලාසස්ස තයො විපල්ලාසා තීණි අකුසලමූලානි පදට්ඨානං, තීණි අකුසලමූලානි හීනප්පණිතකාරියකම්මස්ස පදට්ඨානං, චතුන්නං ච උපාදානානං දොසො අකුසලමූලං දිස්සති, හීනප්පණීතකාරියකම්මස්ස පදට්ඨානං, යථා මාතුයා වා පිතුනො වා අඤ්ඤතරස්ස වා පුන උළාරස්ස භික්ඛුනො අභයං දෙති. තත්ථ අඤ්ඤො මිච්ඡාපටිපජ්ජෙය්ය කායෙන වා වාචාය වා. තත්ථ යො බ්යාපාදමුපාදාය තෙසං උළාරානං රක්ඛාවරණගුත්තියා අනුපාලයන්තො යො උළාරානං අභයං දෙති, තෙසං අභයෙ දින්නෙ සො තත්ථ මිච්ඡා පටිපජ්ජෙය්ය. තත්ථ සො ව්යාපාදං උපාදියන්තො දොසජං කම්මං
එහි තුන් විපල්ලාසයෝ ද පදට්ඨානයෝ ද කවරහ යත්: චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස සඤ්ඤාවිපල්ලාස යයි තුන් විපල්ලාසයෝ වෙති. (ඔවුන්ට) තුන් අකුශල මූලයෝ පදට්ඨාන යැ, තුන් අකුශල මූලයෝ හීන ප්රණීතකාර්ය වූ කර්මයට පදට්ඨාන යැ, සතර උපාදානයන්ට ද දෝස අකුසල මූලය හීන ප්‍රණීත කාර්ය වූ කර්මයට පදට්ඨාන වූයේ දක්නා ලැබෙයි. ඒ මෙසේ යැ, මවට හෝ පියාට හෝ යළි අන්‍යතර ගුණවත් මහණක්හට හෝ අභය දෙයි, එහි අනෙකෙක් කයින් හෝ වචනයෙන් හෝ අයථායෙන් පිළිපදනේයැ එහි යමෙක් ප්‍රදෝෂය නිසා ඒ උදාර වූවනට රක්ෂා වරණ ගෝපනයෙන් පාලනය කරනුයේ වේ ද යමෙක් උදාරයනට අභය දේ ද ඔවුනට අභය දුන් කල්හි යමෙක් ඔවුන් කෙරෙහි අයථායෙන් පිළිපදනේ ද හේ ඔවුන් කෙරෙහි ව්‍යාපාද කරනුයේ දෝසජ වූ අකුශලකර්මය කෙරෙයි. (යො තත්ථ අසාධු ... නීවරණ වනාහි?) ඔහු සතර උපාදානයෝ වෙති.
කරොති, යො තත්ථ අසාධු ඉන්ද්රියා නීවරණං යං තෙසං අභයං දක්ඛිණතො සඤ්ඤං ඉදං පණීතං කාරණං යො පුන මිච්ඡාපටිපත්ති අයං බ්යාපාදො හීනගමීවකම්මං ලොභො මොහො ච ඉමානි නීවරණවචනාති තානි චත්තාරි උපාදානානි, තෙහි චතුහි උපාදානෙහි යො සො උපාදානො ඉත්ථි වා පුරිසො වා තෙසං පඤ්චක්ඛන්ධානං, තෙයෙව උපාදානා සමුදයො, ඉදං දුක්ඛං ච සමුදයො ච. සොයෙව දෙසනාහාරො.
ඒ සතර උපාදානයන්ගෙන් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ උපාදාන සහිත වේ ද ඒ පඤ්ච ස්කන්‍ධයනට (දුක්ඛ?) ඒ උපාදානයෝ මැ සමුදය යි. මේ දුක්ඛය ද සමුදය ද වේ. එය මැ දේසනාහාර යි.
7. තත්ථ කාමෙසු යෙ න රජ්ජන්ති, තෙ ආදීනවානුපස්සනාය පජ්ජන්ති, ඉතිස්ස කාමධාතුයා නික්ඛමිතුකාමතා, අයං වුච්චති. නෙක්ඛම්මච්ඡන්දො, යො තත්ථ අනභිසඞ්ඛාරානං කිඤ්චි විසොධෙති තස්ස ධාවරා වා? අයං අබ්යාපාදච්ඡන්දො, කිඤ්චි න විහිංසති, අයං විහිංසා ඡන්දො ඉති නෙක්ඛම්මාභිනීහතා තයො ඡන්දා, නෙක්ඛම්මච්ඡන්දො අබ්යාපාදච්ඡන්දො අදොසො, අවිහිංසාඡන්දො අමොහො, ඉමානි තීණි කුසලමූලානි අට්ඨසු සම්මත්තෙසු පරහිතානි, තෙසං යෙව චතුන්නං උපාදානානං නිරොධාය සංවත්තන්ති, සචෙ වා පුන කම්මං කරෙය්ය කණ්හං වා සුක්කං වා, තස්ස විපාකහානාය සංවත්තන්ති. ඉදං කම්මං අකණ්හං අසුක්කං කම්මක්ඛයාය සංවත්තති. තත්ථ යො තිණ්ණං අකුසලමූලානං නිරොධො, අයං නිරොධො, සොයෙව ධම්මො තත්ථ පටිපදානි, ඉමානි ද්වෙ සච්චානි, ඉමානි චත්තාරි සච්චානි. ආවට්ටො හාරො.
7. එහි යම් කෙනෙක් කාමයන්හි නො ඇලෙත් ද ඔහු ආදීනවානුපස්සනායෙහි යෙදෙති. මෙසේ ඔහුගේ කාමධාතුයෙන් නික්ම යනු කැමැති බව වේ. මේ නෛෂ්ක්රම්යච්ඡද යයි කියනු ලැබේ. (යො තත්ථ ... ධාවරා වා?) මේ අව්යාපදච්ඡන්ද යැ. කිසිවකුට හිංසා නො කෙරේ ද, මේ අවිහිංසාඡන්‍දය යි. මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යැ. මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යැ, මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්දය අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තුන් ඡන්දයෝ වෙති. එහි නෙක්ඛම්මච්ඡන්දය අලෝභ යැ, අව්යාපාදච්ඡන්දය අදෝස යැ, අවිහිංසාඡන්‍දය අමෝහ යි, මේ තුන් කුශලමූලයෝ අෂ්ටසම්මත්තධර්මයන්හි සංග්‍රහ වෙති. එ මැ සතර උපාදානයන්ගේ නිරෝධය පිණිස පවත්නාහුය, ඉදින් යලි කෘෂ්ණ වූ හෝ ශුක්ල වූ හෝ කර්මයක් කරන්නේ නම්, ඒ කර්මයාගේ විපාක හානිය පිණිස පවත්නාහ. අකණ්හ අසුක්ක වූ මේ කර්මය කර්මක්ෂය පිණිස පවතී. එහි තුන් අකුසල මූලයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යැ, ඒ ධර්මය මැ එහි ප්‍රතිපදා වේ යැයි මේ (නිරෝධ මග්ග යන) සත්‍යයෝ දෙදෙනා වෙති. මේ (චතුස්සත්‍ය යෝ යි), ආවත්ත හාර යි.
8. “කාමෙසු සත්තා”ති යෙ සෙක්ඛා, තෙ එකෙනෙවාකාරෙන සත්තා, යෙ පුථුජ්ජනා, තෙ ද්වීහාකාරෙහි සත්තා. තත්ථායං පඤ්හො යො විභජ්ජබ්යාකරණීයෙ වත්තබ්බො. කිඤ්චාපි සොතාපන්නො පටිසෙවති, නො ච ඛො අභිනිවෙසෙ සත්තො සො හි අපචයාය පහදති, න උපචයාය සෙක්ඛො හි කිලෙසවසෙන කාමෙ පටිසෙවති. පුථුජ්ජනො පන කිලෙසසමුට්ඨානාය කාමෙ පටිසෙවති. තත්ථ කාමෙසු සත්තානං චතුඔඝං තරිස්සතීති විභජ්ජබ්යාකරණීයො. අයං විභත්ති.
8. “කාමෙසු සත්තා” යනු යම් ශෛක්ෂ කෙනෙක් වෙත් ද, ඔහු එක් මැ අයුරෙකින් ඇලුණාහු යැ, යම් පුහුදුන් කෙනෙක් වෙත් ද, ඔහු දෙ අයුරෙකින් ඇලුණාහු යැ, එහි මේ ප්රශ්නය බෙදා විසදියැ යුතු යයි කියැයුතු යැ, එකෙක් ඇත: ස්‍රෝතාපන්න පුද්ගල (කාමයන්) සේවනය කෙරෙයි, නොද අභිනිවේසයෙන් ඇලුණේ වෙයි, හේ වනාහි අපචය පිණිස වෑයම් කෙරෙයි, උපචය පිණිස නො වේ. ශෛක්ෂ වූ කලි කෙලෙස් විසින් කාමයන් යෙවුනේ යැ, පුහුදුන් පුද්ගල වැලිත් ක්ලේශයන් ඉපැදීම පිණිස කාමයන් සේවන කෙරෙයි. එහි කාමයන්හි ඇලුණවුන්ගේ චතුරෝඝ තරණය කරන්නේ යැ යන කරුණ විභාග කොට විසඳියැ යුත්තේ යි. විභත්තිහාර යි.
9. ‘පරිවත්තනො’ති කාමෙ යෙ නෙව සජ්ජන්ති න ච සංයොජනෙහි සංයුත්තා, තෙ ඔඝං තරිස්සන්ති විපුලං මහන්තන්ත’න්ති. අයං සුත්තස්ස පටිපක්ඛො.
9. “පරිවත්තන” යනු යම් කෙනෙක් කාමයන්හි නො මැ ඇලෙත් ද, සංයෝජනයන් හා නො යෙදෙත් ද, ඔහු විපුල වූ මහත් වූ ඕඝය තරණය කරන්නාහු යැ, යන මේ සූත්‍රයාගේ ප්රතිපක්ෂ යි.
10. ‘වෙවචන’න්ති යො කාමෙසු සත්තො යො ච තත්ථ කාමානං ගුණො තත්ථ විසො සත්තො යෙපි කාමානං ආහාරා ධම්මා තත්ථ විසො සත්තො තත්ථිමං කාමානං වෙවචනං, පංකො රාජො සල්ලං ගණ්ඩො ඊති උපද්දවොති. යානි වා පන අඤ්ඤානි වෙවචනානි. තත්ථ විසො සත්තොති වෙවචනං සත්තො බන්ධො මුච්ඡිතො ගථිතො අජ්ඣොසිතො කාමෙ අජ්ඣාපන්නො පරිමුත්තො තබ්බහුලවිහාරීති. යානි වා පන අඤ්ඤානි වෙවචනානි, අයං වෙවචනො නාම.
10. “වෙවචන” යනු ; යමෙක් කාමයන්හි ඇලුණේ ද, එහි යම් කාමගුණයෙකුත් වේ ද, එහි පිවිසියේ ඇලුණේ වෙයි. කාමයන්ට ආහාර වූ යම් ධර්ම කෙනෙක් වෙත් ද, එහි පිවිසියේ ඇලුණේ වෙයි, එහි මේ කාමයන්ට වෙවචන යැ: ‘පාක යැ රජස් යැ ශල්‍ය යැ ගණ්ඩ යැ ඊති යැ උපද්‍රව’ යැයි යළි යම් අන්‍යත් වෙවන කෙනෙක් ඇද්ද ඔහු’යි. එහි පිවිසියේ යනු වෙවචන යි. ‘සත්ත යැ බන්ධ යැ මුච්ඡන යැ ගථිත යැ අජ්ඣෝසීත යැ කාමයෙහි අජ්ඣාපන්න යැ පරිමුත්ත යැ තබ්බහුල විහාරි යැයි, යළි යම් අන්යක් වෙවචින වෙත් ද ඔහු යි, මේ වෙවචන” නමි.
11. කාමප්පචාරපඤ්ඤත්තියා කිලෙසගොචරපඤ්ඤත්තියා පඤ්ඤත්තං චිත්තන්ති වෙවචනං, සත්තො තබ්බහුලවිහාරීති යානා වා පන අඤ්ඤානි. ඉමෙ කාමප්පචාරපඤ්ඤත්තියා කිලෙසගොචරපඤ්ඤත්තියා පඤ්ඤත්තා බීජපඤ්ඤත්තියා පඤ්ඤත්තා, සඞ්ඛාරා සංයොජනපඤ්ඤත්තියා පඤ්ඤත්තා, උපාදානං හෙතූපඤ්ඤත්තියා පඤ්ඤත්තං, පුග්ගලො පුග්ගලපඤ්ඤත්තියා පඤ්ඤත්තො.
11. කාමෝපචාරපඤ්ඤත්තියෙන් ක්ලේශගෝචර ප්රඥප්තියෙන් පනවන ලද ‘චිත්ත’ යනු වෙවචන යැ, ‘සත්ත’ යැ ‘තබ්බහුලවිහාරී’ යනු ද යළි යම් අන්‍යත් වෙවචන වෙත් ද මොහු කාමෝපචාර පණ්ණත්තියෙන් ක්ලේසගෝචර පඤ්ඤත්තියෙන් වීජපඤ්ඤත්තියෙන් පනවන ලද්දාහු යැ, සංස්කාරයෝ සංයෝජන පඤ්ඤත්තියෙන් පනවන ලදහ, උපාදානය හේතුපඤ්ඤත්තියෙන් පනවන ලද, පුද්ගල පුග්ගල පඤ්ඤත්තියෙන් පනවන ලදි.
12. ඔතරණො’ති ඉමාය පටිච්චසමුප්පාදො දුක්ඛං ච සමුදයො ච. යෙ කිලෙසා යෙ සඞ්ඛාරා සංයොජනානි ච පඤ්චසු ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධො ධම්මායතනෙසු අකුසලා ධම්මායතානි, ඉන්දියෙසු සුඛින්ද්රියං ච, සොමනස්සින්ද්රියං ච. අයං ඉන්දියොතරණො:
12. “ඕතරණ” යනු මේ දේශනායෙන් පටිච්චසමුප්පාදයෙ, දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍යය ද, යම් කෙලෙස් කෙනෙක් යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද, සංයෝජනයෝ ද, පඤ්චස්කන්ධයන් කෙරෙහි සංස්කාර ස්කන්ධය ද, ධර්මායතනයන් කෙරෙහි අකුශලධර්මායතනයෝ ද, ඉන්ද්රියයන් කෙරෙහි සුඛින්ද්රිය හා සෝමනස්සින්‍ද්‍රිය ද, දැක්විය යුත්තාහ. මේ ඉන්ද්රියෝ තරණ ය.
13. සොධනොති එත්තකො, එසෙව ආරම්භො නිද්දිසිතබ්බො සුත්තත්ථො.
13. “සෝධන” යනු මෙතෙක් මෙ මැ දැනගනු කැමැති අර්ත්ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ යැ, සූත්‍රාර්‍ත්‍ථය දැක්වියැ යුතු.
14. ‘අධිට්ඨානො’ති ඉමෙ ධම්මා අත්ථි එකත්තතාය පඤ්ඤත්තා, අත්ථි වෙමත්තතාය. යෙ සඤ්ඤා බාහිරො කාමෙ? තෙ වෙමත්තතාය පඤ්ඤත්තා. පඤ්චසු කාමගුණෙසු සත්තාති පරියුට්ඨානවිපල්ලාසා වෙමත්තතාය පඤ්ඤත්තා. ‘ඔඝං තරෙය්යුං විපුලං මහත්ත’න්ති අවිජ්ජා එකත්තතාය පඤ්ඤත්තා.
14. “අධිට්ඨාන” යනු මේ ධර්මයෝ (සාමාන්‍යයෙන් දේසිත හෙයින්) එකත්තතායෙන් පනවන ලද්දාහු ඇත, විසේසදෙසින වූ වේමත්තතායෙන් පනවන ලද්දාහු ඇති, බාහිර කාමයෙහි යම් සංඥා කෙනෙක් ඇද්ද (?) ඔහු වේමත්තතායෙන් (වෙසෙසින්) පනවන ලදහ. පස්කම් ගුණයෙන් ශක්ත වූහ’යි පරියුට්ඨාන විපල්ලාසයෝ වේමත්තතායෙන් පනවන ලදහ. ඕඝං තරෙය්යුං විපුලං මහන්තං යි අවිද්‍යාව ඒකක්තතායෙන් පනවන ලදු.
15. ‘පරික්ඛාරො’ති තස්ස කො හෙතු කො පච්චයො: ආරම්මණපච්චයතාය පච්චයො. අයොනිසො ච මනසිකාරො සන්නිස්සයස්ස පච්චයතාය පච්චයො. අවිජ්ජා සමනන්තරපච්චයතාය පච්චයො. රාගානුසයො හෙතුපච්චයතාය පච්චයො. අයං හෙතු, අයං පච්චයො.
15. “පරික්ඛාර” යනු ඒ ධර්මයට හේතු කවරෙ යැ ප්‍රත්‍යය කවරෙ යැ; ආරම්මණ ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි, අයෝනිසෝමනසිකාරය සන්නිශ්‍රය ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි, අවිද්‍යාව සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙයි. රාගානුසය හේතු ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.
16. සමාරොපනො පච්චයො’ති යෙ කාමෙසු සත්තා සුගතා සුරූපා”ති අයං කාමධාතුයා ඡන්දො රාගො, තෙ අපුඤ්ඤමයා සඞ්ඛාරා. තෙ කිංපච්චයා, අවිජ්ජාපච්චයා. තෙ කිස්ස පච්චයා, විඤ්ඤාණස්ස පච්චයා. ඉති අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. -පෙ- (යාව ජරාමරණං) එවමෙතස්ස කෙවලස්ස මහතො දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. (එකං සුත්තං ගතං. පඤ්චනීවරණීකං සුත්තං කාතබ්බං.)
16. “සමාරෝපණපච්චය” යනු යම් සංඛාර කෙනෙක් “කාමෙසු සත්තා සුගතා සුරූපා” යි මේ කාමධාතුයෙහි ඡන්ද යැ රාග යැ, ඔහු අපුණ්යමය සංඛාරයෝ යැ, ඔහු කුමක් ප්‍රත්‍යය කොට ඇත්තාහු ද: අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. ඔහු කුමකට ප්‍රත්‍යය වෙත් ද: විඥ්ඥානයට ප්‍රත්‍යය වෙති. මෙසේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥ්ඥානය වෙයි. ... (ජරාමරණ දක්වා විස්තර කළ යුතු යැ.) මෙසේ තෙල කේවල වූ මහත් වූ දුඃඛස්කන්ධයාගේ සමුදය වේ. (තෙල සූත්‍රය කාමච්ඡන්ද වශයෙන් කියන ලද, පඤ්චනීවරණික කොට සූත්‍රය විස්තර කළ යුතු).