7. 3
7. 3.
7. 3.
1. තත්ථ කතමො දෙසනාහාරො නාම: යා ච අභිජ්ඣා යො ච බ්යාපාදො යං ච උද්ධච්චං, අයං තණ්හා, යං ච ථිනමිද්ධං යං ච කුක්කුච්චං යා ච විචිකිච්ඡා, අයං දිට්ඨි. යා පන කායස්ස අකම්මනියතා කිඤ්චාපි තං මිද්ධං, නො තු සභාවකිලෙසතාය කිලෙසො, ඉති යා ච චිත්තසල්ලීයනා යා ච කායකම්මනියතා අයං පක්ඛෙපකිලෙසො න තු සභාවකිලෙසො, තත්ථ අත්තසඤ්ඤානුපචිතං කිලමථො.
1. එහි දේසනාහාර නම් කවරෙ යැ: යම් අභිධ්‍යාවක් යම් ව්‍යාපාදයෙක් යම් උද්ධච්චයෙක් වේ ද, මේ තණ්හා යැ, යම් ථීනමිද්ධයෙක් යම් කුක්කුච්චයෙක් යම් විචිකිච්ඡාවක් වේ ද මේ දිට්ඨි යැ. යළි නාමකායයාගේ යම් අකර්මණ්‍ය බවක් වේ ද, එය මිද්ධය වූයේ නමුදු ස්වභාවක්ලේශතායෙන් ක්ලේශයෙක් නො වේ. මෙසේ යම් චිත්තයාගේ හැකුළුණු බවකුත් යම් කාය අකර්මණ්‍ය බවකුත් වේ ද, මේ ප්රක්ෂේපක්ලේශයෙක, ස්වභාවක්ලේශයෙක් නො වේ. එහි ආත්මසංඥායෙන් අනුපචිත වූයේ ක්ලමථු යැ,
කුක්කුච්චානුපචිතං ථීන, යා චිත්තස්ස ලීයනා, ඉති ඉමෙ පඤ්ච, නීවරණා චත්තාරි නීවරණානි සභාවකිලෙසා, ථීනමිද්ධා නීවරණපක්ඛෙපකිලෙසො. යථා චත්තාරො ආසවා සභාවආසවතාය ආසවා, නො කු චිත්තසාසවතාය ආසවා සභාවතාය ආසවා. පක්ඛෙප ආසවතාය ආසවා. අථ පනාහ. සුක්කන්තං යෙන තෙ සම්පයුත්තා වා විප්පයුත්තා වා ආසවා, තෙයෙව එතෙ වත්තබ්බා සාසවා වා අනාසවා වා.
කුක්කුච්චයෙන් අනුපචිත වූයේ චිත්තයාගේ හැකිළීම වූ ථීන යැ. මෙසේ මේ පඤ්චනීවරණයෝ සතර නීවරණ වූවාහු ස්වභාව ක්ලේශයෝ යැ. ථීනමිද්ධය නීවරණයෙහි ලා ප්රක්ෂේපක්ලේශයෙකි. යම්සේ සතර ආස්‍රවයෝ ස්වභාවආස්රවතායෙන් ආස්‍රව වෙත් ද, එතෙකුදු වත් චිත්තයාගේ සාස්රවතායෙන් ආස්‍රව නොවූවාහු ස්වභාවතායෙන් ආස්‍රව වෙත් ද, (පකෙඛ?) ආස්‍රවභාවයෙන් ආස්‍රව වෙත්, එයින් කීහ: (සුත්තං තං ... සාසවා වා අනාසවා වා?)
2. තත්ථ කතමො විචයො: අභිජ්ඣා කාමතණ්හා රූපතණ්හා භවතණ්හා. යං වා පන කිඤ්චි අජ්ඣොසානගතං සාසවං අභිජ්ඣිතස්ස මෙත්තානුපස්සිය යො අනත්ථං චරති, තත්ථ යො බ්යාපාදං උප්පාදෙති, අචරි චරිස්සතීති. එවං පන ආඝාතවත්ථූනි කත්තබ්බානි.
2. එහි විචය කවරෙ යත්: අභිධ්‍යාව කාමතණ්හා යැ රූපතණ්හා යැ භවතණ්හා යි. යළි යම් කිසි අධ්‍යවසානයට ගිය සාස්‍රව වූ හටගත් අභිධ්‍යා ඇත්තකුගේ මෛත්‍රිය දැක යමෙක් අනර්‍ත්‍ථ කෙරේ ද, එහි යමෙක් ව්‍යාපාදය උපදවා ද, අනර්‍ත්‍ථ කළේය, කරන්නේ යයි. මෙසේ ආඝාතවස්තු විස්තර කළයුත්තාහු ය.
3. තස්සෙවං බ්යාපාදානුපස්සිස්ස කිලෙසො යො පරිදාහො කායකිලමථො අකම්මනියතා මිද්ධං චිත්තානුපස්සිස්ස පටිඝාතෙන ඛීයනා ඉදං ථීනමිද්ධං. තත්ථ අධිකරණඅවුපසමො, ඉදං උද්ධච්චං. යං කිං කථමීති ඉදං කුක්කුච්චං. යං යථා ඉදං සන්තීරණං, අයං විචිකිච්ඡා.
3. මෙසේ ව්‍යාපාදය දක්නා වූ ඔහුගේ ක්ලේශය යම් පරිදාහයෙක් කායක්ලමථුවක් අකර්මණ්යතායෙක් මිද්ධයක් වේ ද, චිත්තානුදර්ශී වූවහුගේ කෝපයෙන් දොස් පහළ කිරීමෙක් වේ ද, මේ ථීනමිද්ධ යැ, එහි අධිකරණයාගේ නොසන්හිඳීමෙක් වේ ද, මේ උද්ධච්ච යැ, යමක් කිමෙක කෙසේ ද? යන මේ කුක්කුච්ච යැ, යමක් මේ යම්සේ ද, එබඳු යයි යම් සන්තීරණයක් වේ ද මේ විචිකිච්ඡා යි.
4. තත්ථ අවිජ්ජා ච තණ්හා ච අත්ථි, ඉදං පරියුට්ඨානං. ආවරණං නීවරණං ඡදනං උපක්කිලෙසො ච අත්ථි, ඉදං කාමච්ඡන්දො කාමරාගපරියුට්ඨානස්ස පදට්ඨානං. බ්යාපාදො බ්යාපාදපරියුට්ඨානස්ස පදට්ඨානං. ථීනමිද්ධං ථීනමිද්ධපරියුට්ඨානස්ස පදට්ඨානං. උද්ධච්චකුක්කුච්චං අවිජ්ජාපරියුට්ඨානස්ස පදට්ඨානං, විචිකිච්ඡා විචිකිච්ඡාපරියුට්ඨානස්ස පදට්ඨානං, කාමරාගපරියුට්ඨානං අනුසයසංයොජනස්ස පදට්ඨානං, බ්යාපාදපරියුට්ඨානං පටිඝසංයොජනස්ස පදට්ඨානං, ථීනමිද්ධපරියුට්ඨානං මානසංයොජනස්ස පදට්ඨානං. අවිජ්ජාපරියුට්ඨානං ච විචිකිච්ඡාපරියුට්ඨානං ච දිට්ඨිසංයොජනසස පදට්ඨානං.
4. එහි අවිද්‍යාව ද තෘෂ්ණාව ද ඇත, මේ පරියුට්ඨාන යැ, ආවරණ නීවරණ ඡදන උපක්ලේශ ද ඇත. මේ කාමච්ඡන්දය කාමරාග පරියුට්ඨානයට පදට්ඨාන යැ, ව්‍යාපාදය ව්යාපාදපරියුට්ඨානයට පදට්ඨාන යැ, ථීනමිද්ධය ථිනමිද්ධපරියුට්ඨානයට පදට්ඨාන යැ, උද්ධච්චකුක්කුච්චය අවිද්‍යා පරියුට්ඨානයට පදට්ඨාන යැ, විචිකිච්ඡාව විචිකිච්ඡාපරියුට්ඨානයට පදට්ඨාන යැ, කාමරාගපරියුට්ඨානය අනුසය සංයෝජන දෙකට පදට්ඨාන යැ, ව්යාපාදපරියුට්ඨානය ප්රතිඝසංයෝජනයට පදට්ඨාන යැ, ථිනමිද්ධ පරියුට්ඨානය මානසංයෝජනයට පදට්ඨාන යැ, අවිඡ්ජාපරියුට්ඨානය හා විචිකිච්ඡාපරියුට්ඨානය ද දිට්ඨිසංයෝජනයට පදට්ඨාන යි.
5. තත්ථ කතමො ලක්ඛණො හාරො: කාමරාගපරියුට්ඨානෙ වුත්තෙ සබ්බානි පරියුට්ඨානානි වුත්තානි හොන්ති, සංයොජනෙසු වුත්තෙසු සබ්බසංයොජනානි වුත්තානි හොන්ති. අයං ලක්ඛණො හාරො.
5. එහි ලක්ඛණහාර කවරේ යැ: කාමරාගපරියුට්ඨානය කී කල්හි සියලු පරියුට්ඨානයෝ කියනලද්දාහු වෙති. සංයෝජනයන් කී කල්හි සියලු සංයෝජනයෝ කියන ලද්දාහු වෙත්. මේ ‘ලක්ඛණහාර’ යි.
6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: යෙ ඉමෙ පඤ්ච නීවරණාඣානපටිපක්ඛො, සො දුක්ඛසමුදයො. යං ඵලං, ඉදං දුක්ඛං. තත්ථ කාමච්ඡන්දස්ස නෙක්ඛම්මවිතක්කො. පටිපක්ඛො. බ්යාපාදස්ස අබ්යාපාදවිතක්කො පටිපක්ඛො. තිණ්ණං නීවරණානං අවිහිංසාවිතක්කො පටිපක්ඛො. ඉති ඉමෙ තයො විතක්කා, නෙක්ඛකම්මවිතක්කො සමාධික්ඛන්ධං භජති, අබ්යාපාදවිතක්කො සීලක්ඛන්ධං භජති, අවිහිංසාවිතක්කො පඤ්ඤාක්ඛන්ධං භාජති. ඉමෙ තයො ඛන්ධා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, නීවරණප්පහානාය සංවත්තති, යං නීවරණප්පහානං, අයං නිරොධො. ඉමානි චත්තාරි ධම්මානි. අයං චතුබ්යූහො හාරො.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යත්: යම් මේ පඤ්ච නීවරණ කෙනෙක් ධ්‍යානයට ප්රතිපක්ෂ ද හේ දුක්ඛසමුදය යැ, (එහි) යම් ඵලයක් ඇද්ද මේ දුක්ඛ යැ, එහි කාමච්ඡන්දයට නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්රතිපක්ෂ යැ, ව්‍යාපාදයට අව්‍යාපාදවිතර්‍කය ප්රතිපක්ෂ යැ, (ඉතිරි) තුන් නීවරණයන්ට අවිහිංසාවිතර්‍කය ප්රතිපක්ෂ යි. මෙසේ මේ තුන් විතර්කයෝ යි. නෙක්ඛම්ම විතර්කය සමාධිස්කන්ධය බෙජෙයි. අව්‍යාපාද විතර්කය ශීලස්කන්ධය බෙජෙයි. අවිහිංසාවිතර්‍කය ප්රඥාස්කන්ධය බෙජෙයි. මේ තුන් ස්ක්නධයෝ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය යි. එහි නීවරණප්‍රහාණය පිණිස පවතී. යම් නීවරණප්රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ සතර ධර්මයෝ වෙත්, මේ චතුබ්‍යුහ හාර යි.
7. තත්ථ කතමො ආවට්ටො හාරො: පඤ්චනීවරණානි. දස භවන්ති යදපි අජ්ඣත්තං සාරජ්ජති, තදපි නීවරණං. යදපි බහිද්ධා සාරජ්ජති, තදපි නීවරණං. එවං යාව විචිකිච්ඡා, ඉමෙ දස නීවරණා. අජ්ඣත්තබහිද්ධා කිලෙසා, ඉමානි ද්වෙ සංයොජනානි අජ්ඣත්තසංයොජනං ච බහිද්ධාසංයොජනං ච. තත්ථ අහන්ති අජ්ඣත්තං, මමන්ති බහිද්ධා. සක්කායදිට්ඨි අජ්ඣත්තං, එකසට්ඨි දිට්ඨිගතානි බහිද්ධා. යො අජ්ඣත්තං ඡන්දරාගො රූපෙසු අවීතරාගො භවති අවීතච්ඡන්දො. එවං යාව විඤ්ඤාණෙ, අයං අජ්ඣත්තා තණ්හා. යං ඡසු බාහිරෙසු ආයතනෙසු තීසු ච භවෙසු අජ්ඣොසානං, අයං බහිද්ධා තණ්හා ඉමානි ද්වෙ සච්චානි සංයොජනානි සංයොජනීයා ච ධම්මා, තත්ථ සංයොජනියෙසු ධම්මෙසු යා නිබ්බිදානුපස්සනා ච, අයං මග්ගො. යං සංයොජනප්පහානං අයං නිරොධො, අයං ආවත්තො හාරො.
7. එහි ‘ආවත්තහාර’ කවරෙ යැ: පඤ්චනීවරණයෝ දස නීවරණ කෙනෙක් වෙති. අධ්‍යාත්ම වස්තුයෙහි යම් දැඩි ඇලීමෙක් වේ ද, එ ද නීවරණ යැ, බාහිර වස්තුයෙහි යම් දැඩි ඇලීමෙකුත් වේ ද, එ ද නීවරණ යි. විචිකිච්ඡාව දක්වා මෙසේ යැ, මේ දස නීවරණයෝ යි. යම් අධ්‍යාත්ම බාහිර ක්ලේශයෝ වෙත් ද මොහු අධ්‍යාත්ම සංයෝජන ද බහිද්ධාසංයෝජන දැයි සංයෝජනයෝ දෙදෙනෙක් වෙති. එහි ‘මම’ යැ යනු අධ්‍යාත්ම යැ, ‘මාගේ’ යැ යනු බාහිර සංයෝජන යි. සත්කායදෘෂ්ටිය ආධ්‍යාත්ම යැ, එක්සැටක් දෘෂ්ටීහු බාහිරයෝ යි. අධ්‍යාත්ම රූපයන්හි යම් ඡන්‍දරාගයෙක් අවිගත රාගයෙක් අවිගත ඡන්දයෙක් වේ ද එයයි. ‘විඤ්ඤාණය’ දක්වා මෙසේ යි. මේ අධ්‍යාත්ම තෘෂ්ණා යි. සවැදැරුම් බාහිර ආයතනයන්හි ද තුන් භවයන්හි ද යම් බැසගෙන සිටීමෙක් වේ ද, මේ බාහිර තෘෂ්ණා යි. සංයෝජනයෝ ද සංයෝජනිය ධර්මයෝ ද යන මොහු (සමුදය දුක්ඛ යන) සත්‍යයෝ දෙදෙන වෙති. එහි සංයෝජනිය ධර්මයන්හි යම් බලවත් විදර්ශනාවක් වේ ද මේ මාර්ග යැ. යම් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ ආවත්තහාර යි.
8. තත්ථ කතමො විභත්තිහාරො: සංයොජනන්ති න එතං එකංසෙන, මානසංයොජනං දිට්ඨිභාගියන්ති න තං එකංසෙන අදිට්ඨමානං නිස්සාය මානං න පජහති. යො පඤ්ච උද්ධම්භාගියො මානො කිඤ්චාපි සො දිට්ඨිපක්ඛෙ සියා, න තු ඔරම්භාගියං සංයොජනං තස්ස පහානාය සංවත්තතීති. යො ච අහංකාරො න පවිද්ධො, යං පනස්ස එවං හොති, කදාසු නාමාහං තං සන්තං ආයතනං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමි. යං අරියා සන්තං ආයතනං උපසම්පජ්ජ විහරිස්සන්තීති. අයං අභිජ්ඣා න ච තං නීවරණං. අත්ථි පන අරහතො කායකිලෙසමිද්ධං ච ඔක්කමති, න ච තං නීවරණං තස්ස ථීනමිද්ධං නීවරණන්ති න එකංසෙන, අයං විභත්තිහාරො.
8. එහි “විභත්තිහාර” කවරෙ යැ: (සංයෝජනන්ති ... අයං විභන්තිහාරො?)
9. පරිවත්තනොති: පඤ්ච නීවරණා පඤ්චඞ්ගිකෙන ඣානෙන පහානං ගච්ඡන්ති, අයං තෙසං පටිපක්ඛො නීවරණො අසුකස්ස අයං තෙසං පටිපක්ඛො නීවරණො අසුකස්ස පහීනාති න අඤ්ඤානුමිනිතබ්බං, පරමත්ථමජ්ඣතනං, අයං පරිවත්තනා.
9. “පරිවත්තන” යනු: පඤ්චනීවරණයෝ පඤ්චාඞ්ගිකධ්යානයෙන් ප්‍රහාණයට යෙති. මේ ඒ අංගයන්ට ප්රතිපක්ෂ නීවරණය අසුවල්හට ප්‍රහීණ යයි (න අඤ්ඤානුමිනිතබ්බං පරමත්ථමජ්ඣත්තං?) මේ පරිවත්තනහාර යි.
10. තත්ථ කතමො වෙවචනො: කාමච්ඡන්දො ඡන්දරාගො පෙමං නිකන්තීති වෙවචනං. නීවරණං ඡදනං උපක්කිලෙසො පරියුට්ඨානන්ති වෙවචනං.
10. එහි ‘වෙවචනහාර’ කවරෙ යැ: කාමච්ඡන්ද යැ ඡන්දරාග යැ පෙම යැ නිකන්ති යැ යනු වෙවචන යි. නීවරණ යැ ඡදන යැ උපක්කිලේස යැ පරියුට්ඨාන යැ යනු වෙවචන යි.
11. පඤ්ඤත්තීති: අවිජ්ජාපච්චයා කිච්චපඤ්ඤත්තියා පඤ්ඤත්ති’ බ්යාපාදො වික්ඛෙපඤ්ඤත්තියා පඤ්ඤත්ති, ථීනමිද්ධං අසමුග්ඝාතපඤ්ඤත්තියා පඤ්ඤත්ති. එවං සබ්බෙපි එතෙ පඤ්ච නීවරණා ඉමම්හි සුත්තෙ වික්ඛෙපපඤ්ඤත්තියා පඤ්ඤත්ති.
11. “පඤ්ඤත්ති” යනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් (සංස්කාර) කෘත්යප්රඥප්තියෙන් පැනවීම යැ, ව්‍යාපාදය වික්ෂේපප්රඥප්තියෙන් පැනවීම යැ, ථීනමිද්ධය අසමුද්ඝාත ප්රඥප්තියෙන් පැනවීම යැ, මෙසේ සියලු මැ තෙල පඤ්ච නීවරණයෝ මේ සූත්‍රයෙහි වික්ෂේපප්රඥප්තියෙන් පැනවීම වේ.
12. තත්ථ කතමො ඔතරණො: ඉමෙ පඤ්ච නීවරණා අවිජ්ජා ච, තණ්හා ච, තත්ථ අවිජ්ජාමූලා නීවරණා යා තණ්හා ඉමෙ සඞ්ඛාරා, තෙ අවිජ්ජාපච්චයා, ඉමෙ ද්වෙ ධම්මා පඤ්චසු ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා, ආයතනෙසු ධම්මායතනං, ධාතුසු ධම්මධාතු, ඉන්ද්රියෙසු ඉමෙසං ධම්මානං පදට්ඨානං සුඛින්ද්රියස්ස ච සොමනස්සින්ද්රියස්ස ච ඉත්ථින්ද්රියස්ස ච පුරිසින්ද්රියස්ස ච
12. එහි “ඕතරණහාර” කවරෙ යැ: මේ පඤ්ච නීවරණයෝ අවිද්‍යාව ද තෘෂ්ණාව ද (මුල් කොට ඇත්තාහ.) එහි අවිද්‍යාව මුල් කොට ඇත්තාහු නීවරණයෝ යැ, යම් තෘෂ්ණාවක් ඇද්ද මොහු සංස්කාරයෝ යැ, ඒ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, මේ ධර්මයෝ දෙදෙන පඤ්ච ස්කන්ධයන් කෙරෙහි සංස්කාරස්කන්ධයෙහි බැසගෙන සිටියාහුය, ආයතනයන් කෙරෙහි ධර්මායතන යැ, ධාතුන් කෙරෙහි ධර්මධාතු යැ, ඉන්ද්රියයන් කෙරෙහි සුඛින්ද්රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද යන මේ ධර්මයන්ට පදට්ඨාන යි.
13. තත්ථ කතමො සොධනො හාරො: ඉදං සුත්තං යථා ආරබ්භ නික්ඛිත්තං සො අත්ථො භාසිතො ඉමෙහි පඤ්චහි පදෙහි.
13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: මේ සූත්‍රය යමක් අරබයා වදාරන ලද ද, ඒ අර්ත්ථය මේ පස්පදයෙන් වදාරන ලදී.
14. තත්ථ කාමච්ඡන්දො ච බ්යාපාදො ච විචිකිච්ඡා ච න එකත්තතාය පඤ්ඤත්තා. කාමාති න එකත්තතාය පඤ්ඤත්තා, අථ ඛලු වෙමත්තතාය පඤ්ඤත්තා. අයං අධිට්ඨානො හාරො.
14. එහි කාමච්ඡන්දය ද ව්‍යාපාදය ද විචිකිච්ඡාව ද සාමාන්‍යයෙන් (සමානභාවයෙන්) නො පනවන ලද ‘කාමා’ යනු එකත්තතායෙන් නො පනවන ලද, වැලි වේමත්තතා (විශේෂභාව) යෙන් පනවන ලදි. මේ ‘අධිට්ඨානහාර’ යි.
15. තත්ථ කතමො පරික්ඛාරො: කාමච්ඡන්දස්ස අයොනිසො මනසිකාරො සුභාරම්මණපච්චයො, සුභනිමිත්තං ච හෙතු බ්යාපාදස්ස අයොනිසො මනසිකාරො ආඝාතවත්ථූනි ච පච්චයො, පටිඝානුසයො හෙතු. ථීනමිද්ධස්ස පටිසංහාරො පච්චයො, පවත්තියා කිලමථා චලනා තං ච හෙතු. උද්ධච්චකුක්කුච්චස්ස රජනීයං ආරම්මණං අස්සාදියාකින්දියං තාව අපරිපුණ්ණං ඤාණං පච්චයො, කාමසඤ්ඤා ච දිට්ඨිඅනුසයො ච හෙතු. විචිකිච්ඡාය නව මානවිධා ආරම්මණං මානානුසයො, සොව පච්චයො, විචිකිච්ඡානුසයො හෙතු. එතෙ පඤ්ච ධම්මා සහෙතු සප්පච්චයා උප්පජ්ජන්ති.
15. එහි “පරික්ඛාරහාර” කවරෙ යැ: කාමච්ඡන්දයට ශුභාලම්බනය ප්‍රත්‍යය කොට ඇති අයෝනිසෝමනසිකාරය ද ශුභනිමිත්ත ද හේතු යැ, ව්‍යාපාදයට අයෝනිසෝමනසිකාරය ද ආඝාතවස්තු ද ප්‍රත්‍ය යැ, පටිඝානුසය හේතු වෙයි. ථීනමිද්ධයට (කාය - චිත්තයන්ගේ) හැකිළිම ප්‍රත්‍ය යැ, ප්‍රවෘත්තියෙහි, ක්ලමථුව ද චලනය ද හේතුයි. උද්ධච්චකුක්කුච්චයට ඇලුම් කටයුතු ආලම්බනය ද (අස්සාදියාකින්ද්රියං?) නො පිරිපුන් නුවණ ද ප්‍රත්‍ය යැ, කාමසංඥාව ද දෘෂ්ටිඅනුශය ද හේතු යි. විචිකිච්ඡාවට නව මානයට ආලම්බන වූ මානානුස්සය ද (සෝව?) ප්‍රත්‍ය යැ, විචිකිච්ඡානුසය හේතු යි. මේ පඤ්ච ධර්මයෝ සහේතු සප්‍රත්‍යය වැ උපදනාහුයි.
16. තත්ථ කතමො සමාරොපණො හාරො: ඉමෙ පඤ්ච නීවරණා චත්තාරොපි එතෙ ආසවා ගණ්ඩාපි එතෙ සල්ලාපි එතෙ උපාදානාපි එතෙ තෙසු එව. බාහිරෙසු ධම්මෙසු සංකිලෙසභාගියං සුත්තන්ති පඤ්ඤත්තිං ගච්ඡති. අයං සමාරොපණො හාරො.
16. එහි “සමාරෝපණහාර” කවරෙ යැ: මේ පඤ්ච නීවරණයෝ සතරදෙනෙක් ද මොහු ආස්‍රව ද ගණ්ඩ ද ශල්‍ය ද උපාදාන ද වෙත්. ඒ බාහිර ධර්මයන්හි මැ ‘සංකිලෙසභාගිය සූත්‍ර යැ’ යන ප්රඥප්තියට යෙයි. මේ සමාරෝපණහාර යි.
නිද්දිට්ඨං සංකිලෙසභාගියං සුත්තං
සංකිලෙසභාගිය සූත්‍රය දක්වනලදී.