යෙදුමෙන් කියවන්න

7. 4

7. 4.

7. 4.

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති ගාථා.

“මනෝපුබ්බඞ්ගමා ධම්මා” යන ගාථාව මෙසේ යැ:

1. තත්‍ථ කතමො දෙසනාහාරො: ඉමම‍්හි සුත‍්තෙ කො අත්‍ථො ඛන්‍ධවවත්‍ථානෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධං දෙසෙති, ධාතුවවත්‍ථානෙන මනො විඤ‍්ඤාණධාතුං. ආයතනවවත්‍ථානෙන මනායතනං, ඉන්‍ද්‍රියවවත්‍ථානෙන මනින්‍ද්‍රියං. තස‍්සං කිං පුබ‍්බඞ‍්ගමා ධම‍්මා, සංඛිත‍්තෙන ඡ ධම‍්මා පුබ‍්බඞ‍්ගමා ධම‍්මා, කුසලමූලානි ච අකුසලමූලානි ච අනිමිත‍්තං ඉමම‍්හි සුත‍්තෙ කුසලමූලං දෙසිතං. තත්‍ථ කතමා මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා මනො තෙසං සුබ‍්බඞ‍්ගමං, යථාපි රාජා පුබ‍්බඞ‍්ගමො, එවමෙව ධම‍්මානං මනො පුබ‍්බඞ‍්ගමො.

1. එහි “දේසනාහාරය” කවරෙ යැ: මේ සූත්‍රයෙහි අර්‍ත්‍ථ කවරැ: ඛන්‍ධවවත්‍ථානයෙන් විඥානස්කන්‍ධය දේශනා කෙරෙති. ධාතුවවත්‍ථානයෙන් මනෝවිඤ්ඤාණධාතු ද. ආයතනවවත්‍ථානයෙන් මනායතනය ද, ඉන්‍ද්‍රියවවත්‍ථානයෙන් මනින්‍ද්‍රිය ද දෙසන සේක. ඒ ගාථායෙහි පූර්‍වඞ්ගම ධර්‍මයෝ කවරහු ද: සැකෙවින් ධර්‍මයෝ සදෙනෙක් පූර්‍වඞ්ගම ධර්‍මයෝ යි. නිමිත්තරහිත වැ කුශලමූලයෝ ද අකුශලමූලයෝ ද වෙති. මේ සූත්‍රයෙහි කුශලමූලය දේශිත යි. එහි මනෝපුබ්බඞ්ගම ධර්‍මයෝ කවරහ: ඒ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යැ, යම්සේ බලසෙනඟට රජ පූර්‍වඞ්ගම ද, එසෙයින් මැ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යි.

තත්‍ථ තිවිධානං පුබ‍්බඞ‍්ගමානං නෙක‍්ඛම‍්මච‍්ඡන්‍දෙන අබ්‍යාපාදච‍්ඡන්‍දෙන අවිහිංසාච‍්ඡන්‍දෙන, ආලොභස‍්ස නෙක‍්ඛම‍්මච‍්ඡන්‍දෙන පුබ‍්බඞ‍්ගමො අදොසස‍්ස අබ්‍යාපාදච‍්ඡන්‍දෙන පුබ‍්බඞ‍්ගමො, අමොහස‍්ස අවිහිංසාච‍්ඡන්‍දෙන පුබ‍්බඞ‍්ගමො.

එහි නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තෙවැදෑරුම් පූර්‍වඞ්ගමයන් අතුරෙන් අලෝභයට නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අදෝසයට අව්‍යාපාදච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අමෝහයට අවිහිංසාච්ඡන්‍දයෙන් පෙරදැරි වේ.

තත්‍ථ ‘මනොසෙට‍්ඨා’ති මනසා ඉමෙ ධම‍්මා උස‍්සටා, මනෙන වා නිම‍්මිතා, මනොව ඉමෙසං ධම‍්මානං සෙට‍්ඨොති මනොව ඉමෙසං ධම‍්මානං ජෙට‍්ඨොති මනොව ඉමෙසං ධම‍්මානං ආධිපච‍්චං කරොතීති මනොසෙට‍්ඨා.

එහි “මනෝසෙට්ඨා” යනු: මේ දහම්හු මනසින් උත්කෘෂ්ටයහ, නොහොත් සිතින් නිර්මිතයහ, සිත මැ මේ දහමුන්ට ශ්‍රේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට ජ්‍යේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට අධිපතිබව කෙරේ නු යි ‘මනෝසෙට්ඨ’ නම් වෙති.

මනොජවා’ති යත්‍ථ මනො ගච‍්ඡති, තත්‍ථ ඉමෙ ධම‍්මා ගච‍්ඡන‍්තීති මනොජවා. යථා වාතො සීඝං ගච‍්ඡති අඤ‍්ඤො වා කොචි සීඝං ගාමිකො වුච‍්චතෙ වාතජවො’ති පක‍්ඛිගාමීකොති, එවමෙව ඉමෙ ධම‍්මා මනෙන සම‍්පජායමානා ගච‍්ඡන‍්ති, තත්‍ථ ඉමෙ ධම‍්මා ගච‍්ඡන‍්තීති මනොජවාති.

“මනෝජවා” යනු: යම් තැනෙක සිත යේ ද, මේ දහම්හු එහි යෙත් නු යි “මනෝජව” නම් වෙති. යම්සේ වාතය වහා යේ ද, වහා යන අන් කිසිවෙක් වේ ද, වාතජව යයි පක්‍ෂිගාමික යයි කියනු ලැබේ ද, එසෙයින් මැ මේ දහම්හු සිතින් උපදවනු ලබන්නාහු යෙති. එහි මේ දහම්හු යෙත් නු යි ‘මනෝජව’ නම් වෙත්.

තෙ තිවිධා ඡන්‍දසමුදානිතා අනාවිලතා ච සඞ‍්කප‍්පො. සත‍්තවිධා ච කායිකං සුචරිතං වාචසිකං සුචරිතං, තෙ දස කුසලකම‍්මපථා.

ඔහු ත්‍රිවිධ වෙති: ඡන්‍දයෙන් උපදවනලද්දාහු ද අනාවිල සංකල්ප ඇත්තාහු ද වෙති. කායික සුචරිතය වාචසික සුචරිත යැයි සත්වැදෑරුම් ද වෙති. ඔහු දස කුශලකර්‍මපථයෝ වෙත්.

තත්‍ථ “මනසා චෙ පසන‍්නෙන”ති මනොකම‍්මං. “භාසති වා”ති වචීකම‍්මං. “කරොති වා”ති කායකම‍්මං. ඉමෙහි ඉමස‍්මිං සුත‍්තෙ දස කුසලකම‍්මපථා පරමාපි සන‍්තා සීලවා සො භවති නිචත‍්තියං න ලොකනිය්‍යානාය, වාසනාභාගියං සුත‍්තං භවති. අයං දෙසනා.

එහි “මනසා චෙ පසන්නෙන” යනු: මනඃකර්‍ම යැ, ‘භාසති වා’ යනු වාක්කර්‍ම යැ, “කරෝති වා” යනු කායකර්‍ම යි. මේ පදයන්ගෙන් මේ සූත්‍රයෙහි දස කුශලකර්‍ම පථයෝ පරම වූවාහු නමුදු සිල්වත් වූ හේ වට්ටයෙහි වෙයි, ලෝකනිර්‍ය්‍යාණය පිණිස නොවේ. වාසනාභාගියසූත්‍ර වෙයි. මේ දේසනාහාර යි.

2. තත්‍ථ කතමො විචයො හාරො: “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා” ති කුසලමූලානි ච අට‍්ඨඞ‍්ගසම‍්මත‍්තානි. ඉදං සුත‍්තං.

2. එහි ‘විචයහාර’ කවරෙ යැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු මේ සූත්‍රය අෂ්ටාඞ්ගසම්‍යක්ත්‍ව ඇති කුශලමූලයෝ ද වෙත්.

3. යුත‍්තීති: දසන‍්නං කුසලකම‍්මපථානං යො විපාකො සො සුඛවෙදනීයො අබ්‍යාපාදස‍්සඞ‍්ගමානො. “ඡායාව අනපායිනී”ති අනුගච‍්ඡති, අත්‍ථි එසා යුත‍්ති.

3. ‘යුත්ති’ යනු: දශ කුශලකර්‍මපථයන්ගේ යම් විපාකයෙක් ඇද්ද හේ සුඛවේදනීය වූයේ (අව්‍යාපාදස්සඞ්ගමානෝ?) ‘ඡායාව අනපායිනී’ යනු අනුව යෙයි. තෙල යුක්තිය ඇති.

4. පදට‍්ඨානන‍්ති: අට‍්ඨාරසන‍්නං මනොපවිචාරානං පදට‍්ඨානං. “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති සබ‍්බකුසලපක‍්ඛස‍්ස ඉමෙ ධම‍්මා පදට‍්ඨානං. “මනසා චෙ පසන‍්නෙනා”ති යො චෙතසො පසාදො, ඉදං සද‍්ධින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං. “භාසති වා”ති සම‍්මාවාචාය, “කරොති වා”ති සම‍්මාකම‍්මන‍්තස‍්ස ච සම‍්මාවායාමස‍්ස පදට‍්ඨානං.

4. “පදට්ඨාන” යනු: අටළොස්වැදෑරුම් මනෝපවිචාරයන්ට ආසන්න කාරණ වෙයි. ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු: සියලු කුශලපක්‍ෂයට මේ ධර්‍මයෝ පදට්ඨාන යැ, ‘මනසා චෙ පසන්නෙන’ යනු: චිත්තයාගේ යම් ප්‍රසාදයෙක් ඇද්ද මේ පැහැදීම සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ. ‘භාසති වා’ යනු: සම්‍යග්වචනයට පදට්ඨාන යැ. ‘කරෝති වා’ යනු: සම්‍යක්කර්‍මාන්තයට ද සම්‍යග්ව්‍යායාමයට ද පදට්ඨාන යි.

5. ලක‍්ඛණොති: ඉති පුබ‍්බඞ‍්ගමා ධම‍්මාති වෙදනාපුබ‍්බඞ‍්ගමාපි එතෙ, සඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමාපි එතෙ, සඞ‍්ඛාරපුබ‍්බඞ‍්ගමාපි එතෙ. යෙ කෙචි ධම‍්මා සහජාතා සබ‍්බෙ පුබ‍්බඞ‍්ගමා එතෙසං ධම‍්මානං. “තතො නං සුඛමන්‍වෙතී”ති සොමනස‍්සම‍්පි නං අන්‍වෙති යං සුසුඛච‍්ඡායා තදපි නං සුඛං තදපි අන්‍වෙති.

5. “ලක්ඛණ” යනු: මෙසේ ‘පුබ්බඞ්ගමා ධම්මා’ යනු මොහු වේදනාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංඥාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංස්කාරපූර්‍වඞ්ගම වූවාහු ද වෙත්. තෙල දහමුන්ට යම් කිසි ධර්‍ම කෙනෙක් සහජාත වූවාහු ද ඒ සියල්ලෝ පූර්‍වඞ්ගම වෙත්. ‘තතො නං සුඛමන්වෙති’ යනු: සොම්නස ද ඔහු අනුව යෙයි, යම් සුව එළවන සෙවණැල්ලක් ඇද්ද (එමෙන්) සුවය ඔහු අනුව යෙයි.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ‘මනොපුබ‍්බඞ‍්ගමා’ති න ඉදං එකාධිවචනං කිං කාරණා, සබ‍්බෙ යෙව ඉමෙ ඡ විඤ‍්ඤාණකායා, ඉමම‍්හි භගවතො කො අධිප‍්පායො: යෙ සුඛෙන අත්‍ථිකා, තෙ මනං පසාදෙන‍්තීති අයං ඉමම‍්හි සුත‍්තෙ භගවතො අධිප‍්පායො. අත්‍ථො පුබ‍්බෙයෙව නිද‍්දිට‍්ඨො.

6. එහි ‘චතුබ්‍යුහහාරය’ කවරෙ යැ: ‘මනෝපුබ්බඞ්ගමා’ යන මෙය ඒකාධිවචන නො වෙයි. කරුණු කිම යත්: මොහු සියලු මැ ෂඩ්විඥානකායයෝ වෙති. මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් සුව කැමැත්තාහු වෙත් ද, ඔහු සිත පහදවා ගනිති, යන මේ මෙමැ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. අර්‍ත්‍ථ පළමු මැ දක්වන ලද්දේ යි.

7. යානි හි කුසලමූලානි, තානි අට‍්ඨානිසංසමත‍්තා හෙතු, අයං අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. දස ඨානානි දෙසනාහෙතූනි දෙසනාපච‍්චයා නිද‍්දෙසනා ච. තත්‍ථ යං මඤ‍්ඤෙ දුක‍්ඛෙන සහ නාමරූපං විඤ‍්ඤාණසම‍්මන‍්ති අඞ‍්ගෙන කුසලමූලං පහීයති. අයං අප‍්පහීනභූමියං සමුදයො. යං තෙසං පහානං, අයං නිරොධො ඉමානි චත‍්තාරි සච‍්චානි. අයං ආවට‍්ටො හාරො.

7. යම් කුශලමූල කෙනෙක් වෙත් ද, ඔහු අෂ්ට ආනිශංසමාත්‍ර වූවාහු හේතු යැ, මේ අෂ්ටාඞ්ගික මාර්‍ග යි. (දස ඨානානි ... කුසලමූල පහීයති?) මේ අප්‍රහීණභූමියෙහි සමුදය යැ, ඔවුන්ගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යැ, මේ සතර සත්‍යයෝ යි. මේ ආවත්තහාර යි.

8. විභත‍්තී ති:

8. විභත්ති යනු:

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා - මනොසෙට‍්ඨා මනොජවා, මනසා චෙ පසන‍්නෙන - භාසති වා කරොති වා, තතො නං සුඛමන්‍වෙති - ඡායාව අනපායිනී”ති.

වේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිත පසුපස යන්නාහ. ඉදින් පහන් සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නොහැර යන සෙවණැල්ලක් සෙයින් කායික චෛතසික විපාක සුඛය ඒ පුද්ගලයා කැටිව යේ යයි.

තං න එකංසෙන සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා පන හොති. තස‍්ස වා මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස සකසත්‍ථෙ චිත‍්තං පසාදෙති තෙන ච පසන‍්නෙන චිත‍්තෙන භාසති බ්‍යාකරොති න තං සුඛමන්‍වෙති න ඡායාව අනුගාමිනී, දුක‍්ඛමෙව තං අන්‍වෙති. යථා මහන‍්තං චක‍්කං පදමන්‍වෙති, ඉදං තං විභජ‍්ජබ්‍යාකරණීයං, මනසා චෙ පසන‍්නෙන කායකම‍්මං වචීකම‍්මං සුඛවෙදනීයන‍්ති සම‍්මග‍්ගතෙ සුඛවෙදනීයං මිච‍්ඡාගතෙ. දුක‍්ඛවෙදනීයං අයං විභත‍්ති.

එය ඒකාන්තයෙන් මහණකුට හෝ බමුණකුට හෝ නො වෙයි, ඒ මිසදිටු ඇත්තහුට හෝ ස්වකීය ශාස්ත්‍රයෙහි සිත පහදවා නම්, යළි ඒ පහන් සිතින් යුතුව කියා නම් පවසා නම් ඔහු කරා සුවය නො එයි. සෙවණැල්ලක් මෙන් අනුව යන්නී නො වෙයි, දුක ම ඔහු අනුව යෙයි. යම්සේ මහත් වූ චක්‍රය විය අනුව යේ ද එමෙනි. මේ විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. ඉදින් පහන් සිතින් යුතුවැ කළ කායකර්‍මය වාක්කර්‍මය සම්‍යග්ගත කල්හි සුඛවේදනීය යි ද මිත්‍ථ්‍යාගත කල්හි දුඃඛවේදනීය යි ද පැවැසියැ යුතු වේ. ‘විභත්තිහාර’ යි.

9. තත්‍ථ කතමො පරිවත‍්තනො හාරො: “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති යං මනසා පදුට‍්ඨෙන භාසති වා කරොති වා දුක‍්ඛමස‍්සානුගාමිනී, එතානියෙව ද‍්වෙ සුත‍්තානි භාසිතානි, එස එව ච පටිපක‍්ඛො, යදිදං. . . .

9. එහි පරිවත්තනහාර කවරෙයැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යි ප්‍රදුෂ්ට වූ සිතින් යුක්තව යමක් කියා හෝ කෙරෙයි හෝ විපාක දුක ඔහු අනුව යනු වෙයි. තෙල දෙ සුත මැ වදාරනලදහු යැ. යළි මෙය මැ ප්‍රතිපක්‍ෂ වෙයි, ...

10. වෙවචනන‍්ති: මනො චිත‍්තං විඤ‍්ඤාණං මනින්‍ද්‍රියං මනොවිඤ‍්ඤාණධාතු.

10. “වෙවචන” යනු: ‘මන චිත්ත විඤ්ඤාණ මනින්‍ද්‍රිය මනෝවිඤ්ඤාණධාතු’ යන මේ යි.

11. පඤ‍්ඤත‍්තීති: “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති අයං මනො කිඤ‍්චි පඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. “ධම‍්මා”ති කුසලකම‍්මපථපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. “මනොසෙට‍්ඨා”ති විසිට‍්ඨපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං “මනොජවා”ති. සහ පඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. ‘චිත‍්ත’න‍්ති නෙක‍්ඛම‍්මපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. - “මනසා චෙ පසන‍්නෙනා”ති සද‍්ධින්‍ද්‍රියපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං, “මනසා චෙ පසන‍්නෙනා”ති අනාවිලසඞ‍්කප‍්ප දුතියජ‍්ඣානපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. “මනසා චෙ පසන‍්නෙනා”ති අස‍්සද‍්ධානං පටිපක‍්ඛපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං, ‘භාසති වා’ති සම‍්මාවාචා පඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. “කරොති වා”ති සම‍්මාකම‍්මන‍්තපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං, “තතො නං සුඛමන්‍වෙති”ති ඣානසමාධානං. ඉන්‍ද්‍රියෙසු මනින්‍ද්‍රියං. පටිච‍්චසමුප‍්පාදෙ විඤ‍්ඤාණං.

11. පඤ්ඤත්ති යනු: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යි මේ මනස කිසි ප්‍රඥප්තියෙකින් පනවල ලද, ‘ධම්මා’ යනු කුශලකර්‍මපථප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනෝසෙට්ඨා’ යනු විශිෂ්ටප්‍රඥප්තියෙන් පනවනලද, ‘මනෝජවා’ යනු සමග යන ප්‍රඥප්තියෙන් පනවන ලද, ‘චිත්තං’ යනු නෛෂ්ක්‍රම්‍යප්‍රඥප්තියෙන් පනවනලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු සිද්ධින්‍ද්‍රියප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු අනාවිල සංකල්ප ඇති ද්විතීයධ්‍යානප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු ශ්‍රද්ධා නැතියනට ප්‍රතිපක්‍ෂභාව ප්‍රඥප්තියෙක් පනවන ලද, ‘භාසති වා’ යනු සම්‍යග්වචනප්‍රඥප්තියෙන් පනවල ලද, ‘කරෝතිවා’ යනු සම්‍යක්කර්‍මාන්තප්‍රඥප්තියෙන් පනවනලද, ‘තතො නං සුඛමන්වෙති’ යනු ධ්‍යානයෙහි (සිත) පිහිටුවීම යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි මනින්‍ද්‍රිය යැ, පටිච්චසමුප්පාදයෙහි විඥාන යි.

12. ඔතරණොති: “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති මෙත‍්තා ච මුදිතා ච ඣානෙසු දුතියං ඣානං තතියං ච. ඛන්‍ධෙසු සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො, ධාතුසු ධම‍්මධාතු, ආයතනෙසු ධම‍්මායතනං,

12. “ඕතරණ” යනු: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු මෛත්‍රිය ද මෘදුත්‍වය ද වෙයි, ධ්‍යානයන් කෙරෙහි ද්විතීයධ්‍යානය හා තෘතීයධ්‍යානය ද වෙයි. ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි. ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ. ආයතනයන් කෙරෙහි ධර්‍මායතන යැ.

යං කුසලං ඉන්‍ද්‍රියෙසු සුඛින්‍ද්‍රියං ච සොමනස‍්සින්‍ද්‍රියං ච පදට‍්ඨානං, ඉමෙසං ධම‍්මානං පටිච‍්චසමුප‍්පන‍්නානං ඵස‍්සපච‍්චයා සුඛවෙදනීයො ඵස‍්සො සුඛවෙදනා, මනොපවිචාරෙසු සොමනස‍්සවිචාරො, ඡත‍්තිංසෙසු පඨමපදෙසු ඡ සොමනස‍්ස නෙක‍්ඛම‍්මස‍්සිතා. ඉති අයං ඔතරණො හාරො.

ඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද පදට්ඨාන යි. ප්‍රතීත්‍යසමුත්පන්න වූ මේ ධර්‍මයන්ට ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛවේදනීය වූ ස්පර්‍ශය සුඛවේදනාව දනවයි. මනෝපවිචාරයන් කෙරෙහි සොම්නස්සහගත විචාරය වෙයි. සතිස් ප්‍රථම පදයන් කෙරෙහි සොම්නස් සහගත නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළ සපදයෝ වෙත් යයි. මේ ‘ඕතරණ’ හාර යි.

13. තත්‍ථ කතමො සොධනො හාරො: යං අත්‍ථං ආරබ‍්භ ඉදං සුත‍්තං භාසිතං, සො අත්‍ථො නියුත‍්තො, එතමත්‍ථං ආරබ‍්භ සුත‍්තං, අයං සොධනො හාරො.

13. එහි ‘සෝධනහාර’ කවරෙ යත්: යම් අර්‍ත්‍ථයක් අරභයා මේ සූත්‍රය දෙසන ලද ද, ඒ අර්‍ත්‍ථය දක්වන ලද, සූත්‍රය තෙල කරුණ සඳහා යි. මේ ‘සෝධන’ හාර යි.

14. තත්‍ථ කතමො අධිට‍්ඨානො හාරො: “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති වෙමත‍්තපඤ‍්ඤත‍්ති න එකත‍්තපඤ‍්ඤත‍්ති, “ධම‍්මා’ති එකත‍්තතා න වෙමත‍්තපඤ‍්ඤත‍්ති. “මනසා චෙ පසන‍්නෙනා”ති සො පසාදො දුවිධො අජ‍්ඣත‍්තං ච අබ්‍යාපාදාවික‍්ඛම‍්භනතො බහිද‍්ධා ච ඔකප‍්පනතො. සො අජ‍්ඣත‍්තපසාදො දුවිධො සමුග‍්ඝාතපසාදො ච වික‍්ඛම‍්භනපසාදො ච බ්‍යාපාදපරියුට‍්ඨානං. විඝාතො න මූලපසාදො ජාතමූලම‍්පි වා. පසාදො සබ්‍යාපාදං විඝාතෙන “තතො නං සුඛමන්‍වෙතී”ති සුඛං කායිකං ච චෙතසිකං ච, අප‍්පියවිප‍්පයොගො’පි පියසම‍්පයොගො’පි නෙක‍්ඛම‍්මසුඛම‍්පි පුථුජ‍්ජනසුඛම‍්පි පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගම‍්පි චෙතසිකං සුඛං. යම‍්පි පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, තම‍්පි කායිකං සුඛං, බොජ‍්ඣඞ‍්ගා ච චෙතසිකං සුඛං යම‍්පි පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, තම‍්පි තඤ‍්ච සුඛපදට‍්ඨානං පඤ‍්ඤත‍්තියා යථාවුත‍්තං තං අපරාමට‍්ඨං කුසලානං ධම‍්මානං. “අන්‍වෙතී”ති අප‍්පනා සන්‍දිස‍්සති න වායං වා පත‍්තභූතො අන්‍වෙති. තදිදං සුත‍්තං ද‍්වීහි ආකාරෙහි අධිට‍්ඨාතබ‍්බං හෙතුනා ච යො පසන‍්නමානසො විපාකෙන ච යො දුක‍්ඛවෙදනීයො.

14. එහි ‘අධිට්ඨානහාර’ කවරෙ යත්: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු වේමත්ත පඤ්ඤත්ති යැ, ඒකත්‍වප්‍රඥප්ති නො වෙයි. “ධම්මා” යනු ඒකත්තතා යැ, වේමත්ත පඤ්ඤත්ති නො වෙයි, ‘මනසා චෙ පසන්නෙන’ යනු ඒ ප්‍රසාදය අව්‍යාපාදවිෂ්කම්භණයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ද ඔකප්පන වශයෙන් බාහිරප්‍රසාදය දැයි දෙවැදෑරුම් වෙයි. ඒ අධ්‍යාත්මප්‍රසාදය සමුද්ඝාතප්‍රසාදය ද විෂ්කම්භණප්‍රසාදය දැයි දෙවැදෑරුම් වෙයි. (බ්‍යාපාද පරියුට්ඨානං ... විඝාතෙන?) “තතො නං සුඛමන්වෙති” යනු සුඛය කායික චෛතසික වෙයි. අප්‍රියයන්ගේ විප්‍රයෝගය ද ප්‍රියයන්ගේ සම්ප්‍රයෝගය ද නෛෂ්ක්‍රම්‍යසුඛය ද පෘථග්ජනසුඛය ද ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ද චෛතසිකසුඛ යැ, සැහැල්ලු වූ කය ඇතියේ යම් සුවයක් විඳි ද ඒ ද කායිකසුඛ යැ, බෝධ්‍යඞ්ගයෝ චෛතසිකසුඛ යැ, සැහැල්ලු වූ කය ඇතියේ යම් සුවයක් විඳී ද ඒ සුවය ද ප්‍රඥප්තියෙන් සුඛයට පදට්ඨාන වූ යථෝක්ත වූ ඒ සුඛය කුශලධර්‍මයන් විසින් අපරාමෘෂ්ට යැ. ‘අන්වෙති’ යනු අර්‍පණාව දක්නා ලැබෙයි. මෙය පාත්‍රවූයේ නො ද අනුව යෙයි. මේ සූත්‍රය පහන් සිත් ඇති යමෙක් වේ ද හේ හේතු වශයෙන් ද, දුක්ඛවේදනීය වූ යමෙක් වේ ද හේ විපාක වශයෙන් දැයි දෙ ආකාරයෙකින් අධිෂ්ඨාතව්‍ය යි.

15. පරික‍්ඛාරො’ති භගවා පඤ‍්චසතෙන භික‍්ඛුසඞ‍්ඝෙන නගරං පවිසති රාජගහං. තත්‍ථ මනුස‍්සො පුග‍්ගලො භගවන‍්තං පරිවිසති, තස‍්ස පසාදො උප‍්පන‍්නො, කුසලමූලපුබ‍්බයොගාවචරොපි සො අඤ‍්ඤෙසං ච අක‍්ඛාති ඉදං වාචං භාසති: ‘ලාභා තෙසං යෙසං නිවෙසනං භගවා පවිසති අම‍්හාකම‍්පි යදි භවෙය්‍ය මයම‍්පි භගවතො සම‍්පසාදං ලච‍්ඡම‍්හා’ති. යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා ‘නමො භගවතො, නමො භගවතො’ති අබ්‍යාපාදමනො එකමන‍්තෙ අට‍්ඨාසි. තදනන‍්තරෙ භගවා ඉමං සුත‍්තං අභාසිත්‍ථ: “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති. සබ‍්බං සුත‍්තං තත්‍ථ පරෙසං භාසති, ඉදං වාචා කම‍්මං. යං අඤ‍්ජලිං පණාමෙති, ඉදං කායකම‍්මං. යො මනො පසාදො ඉදං මනොකම‍්මං. තත්‍ථ යං පරෙසං පකාසෙති භාසති වණ‍්ණං යෙසං භගවා නිවෙසනං ගච‍්ඡතී’ති සබ‍්බං තස‍්ස අලොභො කුසලමූලං, යං භගවති මෙත‍්තචිත‍්තං. තස‍්ස අදොසො කුසලමූලං, යං අඤ‍්ජලිං පණාමෙති, මානං ච නිග‍්ගණ‍්හාති, තත්‍ථස‍්ස අමොහො කුසලමූලං පාතුභවති.

15. “පරික්ඛාර” යනු: භාග්‍යවත්හු පන්සියක් භික්‍ෂුසංඝයා සමග රජගහනුවරට පිවිසෙන සේක. එහි මිනිස් පුඟුලෙක් භාග්‍යවතුන් වළඳවයි, ඔහුට ප්‍රසාදය උපන, කුසල්මුල් ඇති පූර්‍වයෝගාවචර වූ ද හෙතෙම අන්‍යයනට ද කියයි. මේ වදන් පවසයි: ‘යම් කෙනකුන්ගේ නිවෙස්නට බුදුහු පිවිසෙත් ද, ඔවුනට ලාභෙයෙක, අපට ද ඉදින් (දේයධර්‍මයෙක්) වී නම් ඇපිදු භාග්‍යවතුන් වහන්සේගේ සම්ප්‍රසාදය ලබන්නම්හ’ යි. භාග්‍යවත්හු යම් තැනෙක ද එ තැන්හි ඇඳිලිබැඳ, ‘භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා’යි අව්‍යාපාද සිත් ඇතියේ එක්පසෙක සිටියේය. ඊට අනතුරුව බුදුහු මේ සූත්‍රය වදාළහ: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යි. සියලු සූත්‍රය (දැක්වියයුතු). එහි යමක් පරහට කියා ද, මෙය වාක්කර්‍ම යැ, යම් ඇඳිලි බැඳීමෙක් ඇද්ද මේ කායකර්‍ම යැ, යම් මනස්ප්‍රසාදයෙක් ඇද්ද මේ මනඃකර්‍ම යැ, එහි යමක් මෙරමාහට පවසා ද ‘බුදුහු යම් කෙනකුන්ගේ නිවෙස්නට වඩිතී, ගුණ කියා ද, සියල්ල ඔහුගේ අලෝභකුශලමූල යැ, භාග්‍යවතුන් කෙරෙහි යම් මෙත්සිතක් ඇද්ද එය ඔහුගේ අදෝසකුසලමූල යැ, ඇඳිලිබැඳීම යැ යන යමක් ඇද්ද මානයත් නිග්‍රහ කෙරේ ද එහි දී ඔහුට අමෝහකුසලමූලය පහළ වෙයි.

යං උළාරපඤ‍්ඤං පටිලභති, ඉදමස‍්ස දිට‍්ඨිවිපල‍්ලාසප‍්පහානං. යො තථායෙව සංවරො හොති, ඉදමස‍්ස සඤ‍්ඤාවිපල‍්ලාසප‍්පහානං, යං මනස‍්ස පසාදනං, ඉදමස‍්ස චිත‍්තවිපල‍්ලාසප‍්පහානන‍්ති අකුසලවිපල‍්ලාසානං වික‍්ඛම‍්භනං පහානං පච‍්චයො.

යම් උදාර ප්‍රඥාවක් උපදවා ද මේ ඔහුගේ දිට්ඨිවිපල්ලාසය ප්‍රහීණවීම යැ, එසේ මැ යම් සංවරයෙක් වේ ද, මේ ඔහුගේ සඤ්ඤාවිපල්ලාසය ප්‍රහීණවීම යැ, චිත්තයාගේ යම් පැහැදීමක් ඇද්ද මේ ඔහුගේ චිත්තවිපල්ලාසය ප්‍රහීණවීම යැයි. අකුශලවිපර්‍ය්‍යාසයන්ගේ විෂ්කම්භණය ප්‍රහාණයට ප්‍රත්‍යය වේ.

තීණි කුසලමූලානි යො අනාවිලචිත‍්තසඞ‍්කප‍්පො, සො තස‍්ස මනසිකාරොති වුච‍්චති, යං කිලෙසෙහි වික‍්ඛම‍්භනං ඉති විපල‍්ලාසා ච ආරම‍්මණා සප‍්පච‍්චයතාය පච‍්චයො, කුසලමූලානි ච සන‍්නිස‍්සයතාය පච‍්චයො, සො ච මනසිකාරො හෙතුනා ඉමිනා පච‍්චයෙන චිත‍්තං උප‍්පන‍්නං. තත්‍ථ යං සත‍්තාරම‍්මණං චිත‍්තං පවත‍්තං අයං බුද‍්ධානුස‍්සති. යම‍්පි භගවතො ගුණෙ මනසිකරොති, අයමස‍්ස ධම‍්මානුස‍්සති. තත්‍ථ සතිසම‍්පජඤ‍්ඤං හෙතු, අයං ච පච‍්චයො, වාචා පඤ‍්ඤාහෙතු, විතක‍්කවිචාරා පච‍්චයො. කායසඞ‍්ඛාරා කම‍්මස‍්ස අභිසඞ‍්ඛාරො නාම හෙතු වා අප‍්පච‍්චයො සුඛවෙදනීයස‍්ස කම‍්මස‍්ස උපචයො හෙතුකා කම‍්මස‍්ස පච‍්චයො.

තුන් කුශලමූලයෝ වෙති, යම් අනාවිල චිත්තසංකල්පයෙක් වේ ද එය ඔහුගේ මනසිකාර යයි කියනු ලැබේ. ක්ලේශයන්ගේ (ක්ලෙසෙහි?) යම් විෂ්කම්භණයක් වේ ද, මෙසේ විපල්ලාසයෝ ද ආලම්බනසප්‍රත්‍යයතායෙන් ප්‍රත්‍යය වෙයි. කුසලමූලයෝ ද සන්නිශ්‍රයතායෙන් ප්‍රත්‍යය වෙයි, ඒ මනසිකාරය ද මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් උපන් වෙයි. එහි ශාස්තෲන් වහන්සේ අරමුණු කොට යම් සිතක් පවතී ද, මේ බුද්ධානුස්මෘති යැ, යම් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කෙරේ ද, මේ ඔහුගේ ධර්‍මානුස්මෘති යැ, එහි සතිසම්පජඤ්ඤය හේතු යැ, මේ ප්‍රත්‍යය ද වෙයි, වචනය ප්‍රඥාවට හේතු යැ, විතර්‍ක විචාරයෝ ප්‍රත්‍ය යැ, කායසංස්කාරයෝ කර්‍මයාගේ අභිසංස්කාර නම, හේතු හෝ යි.

16. තත්‍ථ කතමො සමාරොපනො හාරො: මනසායෙව පසන‍්නෙන සතොයෙවෙත්‍ථ පසන‍්නො අපිච චිත‍්තවොදානා සත‍්තා විමුච‍්චන‍්තීති තෙන සත‍්තා චිත‍්තපුබ‍්බඞ‍්ගමා චිත‍්තෙන පසන‍්නෙන චෙතනාපි තත්‍ථ චිත‍්තභූතා භවන‍්තීති පටිඝා අයං චෙතනානං පසාදෙන කායො චස‍්ස පසාදො සො ච ආරභති පසාදෙන පසන‍්නො සඤ‍්ඤානන‍්ති චස‍්ස අවිපරීතා, සො පඤ‍්චවිධො වික‍්ඛම‍්භනා, කායපස‍්සම‍්භනායෙවාපසාදො චිත‍්තසිතො, චිත‍්තං පන පුබ‍්බංයෙව පසන‍්නං. අයං සමාරොපනා. එවං පඤ‍්චුන‍්නම‍්පි පසාදො. “තතො නං සුඛමන්‍වෙතීති කතමං භගවා නිද‍්දිසති: න හි අත‍්තසච‍්චං තස‍්ස කම‍්මස‍්ස විපාකො අන්‍වෙති, තස‍්ස උපායො අනුගච‍්ඡති, යදා සිතපච‍්චයා උප‍්පජ‍්ජතෙ සොමනස‍්සං අවිප‍්පටිසාරොපි අන්‍වෙති. අයං සමාරොපනො හාරො.

16. එහි ‘සමාරෝපන’ හාරය කවරෙ යැ: පහන්වූ සිත මැ හේතු කොටගෙන මෙහි විද්‍යමානවූ මැ ප්‍රසාදය වෙයි. තවද චිත්තයාගේ ව්‍යවදානයෙන් සත්‍වයෝ විමුක්ත වෙත්නුයි සත්‍වයෝ පහන් සිතින් සිත පෙරදැරි කොට ඇත්තාහු වෙති. (චේතනාජි තත්‍ථ ... එවං පඤ්චන්නම්පි පසාදො? මේ වාක්‍ය ප්‍රදේශය අතිශයින් ව්‍යාකූලව ඇත.)

“තනෝ නං සුඛමන්වෙති” යි බුදුහු කවරකු දක්වනසේක් ද යත්: (අත්තසච්චං?) ඒ කර්‍මයාගේ විපාකය නො මැ අනුව යෙයි, ඔහුගේ උපාය අනුව යෙයි? යම් කලෙක සිනාසීම් හේතුයෙන් සොම්නස උපදී ද එකල අවිප්‍රතිසාරය ද ඔහු අනුව යෙයි. මේ ‘සමාරොපනහාර’ යි.