යෙදුමෙන් කියවන්න

7. 5

7. 5.

7. 5.

මහානාම සක‍්කස‍්ස සුත‍්තං.

මහානාම සූත්‍රය

“ඉමම‍්හි චාහං සමයෙ (අසතො අසම‍්පජානො) කාලං කරෙය්‍යං කා මමස‍්ස ගති කො අභිසම‍්පරායොති මා භායී මහානාම මා භායී මහානාම, අපාපකං තෙ මරණං භවිස‍්සති අපාපිකා කාලකිරියා, යස‍්ස කස‍්සචි මහානාම දීඝරත‍්තං සද‍්ධාපරිභාවිතං චිත‍්තං, සීලපරිභාවිතං සුතපරිභාවිත”න‍්ති) (විත්‍ථාරෙන කාතබ‍්බං.)

(වහන්ස) මෙසමයෙහි මම් ස්මෘති රහිතයෙම් සම්‍යග්ඥාන නැතියෙම් කලුරිය කෙරෙම් නම් මාගේ ගති කවරක් වෙයි ද පරලොව කුමක් වේ දැ’ යි. ‘මහානාමය, නහමක් බියපත් ව, මහානාමය, නහමක් බියපත් ව, තොපගේ මරණය අලාමක වන්නේ යැ. කාලක්‍රියාව අලාමක වන්නී යැ. මහානාමය, යම් කිසිවක්හුගේ චිත්තය දීර්‍ඝරාත්‍රයෙහි ශ්‍රද්ධායෙන් පරිභාවිත (වඩන ලද) ද ශීලයෙන් පරිභාවිත ද ශ්‍රැතයෙන් පරිභාවිත දැ’ යි (විස්තරයෙන් දැක්වියැ යුතු.)

1. චාගෙන ච පඤ‍්ඤාය ච කිං දස‍්සෙති: යා සද‍්ධා සා චෙතසො පසාදො, යා අනාවිලසඞ‍්කප‍්පතා සා සද‍්ධා, කිං කාරණා: අනාවිලලක‍්ඛණත‍්තා, අනාවිලලක‍්ඛණා හි සද‍්ධා, අපරෙ ආහු, ගුණපාරිසුද‍්ධිනිට‍්ඨාගමනලක‍්ඛණා, යං ච අපරෙ වා වචනපටිග‍්ගහලක‍්ඛණා සද‍්ධා.

1. ත්‍යාගයෙන් ද ප්‍රඥායෙන් ද කුමක් දක්වා ද යත්: යම් ශ්‍රද්ධාවක් ඇද්ද ඕ චිත්තයාගේ ප්‍රසාදය යැ. යම් අනාවිලසංකල්පනායෙක් ඇද්ද ඕ ශ්‍රද්ධා යැ කරුණු කිම යත්: අනාවිලලක්‍ෂණ ඇති බැවිනි. එසේ මැය ශ්‍රද්ධාව අනාවිලලක්‍ෂණ ඇත්තී යැ අන්‍යයෝ මෙසේ කීහු: ගුණපාරිශුද්ධිය නිෂ්ඨා කොට දැනීම ලක්‍ෂණ වන්නී යැයි නොහොත් අන්‍යයෝ ශ්‍රද්ධාව වචන පිළිගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යයි කියත්.

අපරො පරියායො: අත‍්තානං යදි එවං ඔකප‍්පෙති “නාහං කිඤ‍්චි ජානාමීති, එසො අහං තත්‍ථ අනුඤ‍්ඤත‍්තා අනඤ‍්ඤථා ති අයං සද‍්ධාති. අපරො පරියායො: එකසට‍්ඨියා දිට‍්ඨිගතානං ආදීනවානුපස‍්සනා අනිච‍්චං දුක‍්ඛමනත‍්තා’ති. තෙන ච පදිට‍්ඨං භවති යථා ගම‍්භීරෙ උදපානෙ උදකං චක‍්ඛුනා පස‍්සති න ච කායෙන අභිසම‍්භූනාති, එවමස‍්ස අරියා නිජ‍්ඣානක‍්ඛන‍්තියා දිට‍්ඨි භවති, න ච සමජිකතා, අයං වුච‍්චති සද‍්ධා. සා ච ලොකිකා. අපරො පරියායො: ඛමති පුථුජ‍්ජනභූතස‍්ස වීසති ජාතිකො සක‍්කායාධීනා න නිවෙසො, එතං එකන‍්ති නයසඤ‍්ඤා යථාභූතං දිට‍්ඨියා තු ඛලු මුදූහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි දස‍්සනමග‍්ගෙන පහීනා භවන‍්ති. දිට‍්ඨෙකට‍්ඨා ච කිලෙසා, අයං සද‍්ධා.

අන්‍යත් පාර්‍ය්‍යායයෙකි : ඉදින් තමා මෙසේ අවකල්පන කෙරේ ද ‘මම් කිසිවක් නො දනිමි. තෙල මම් එහි (අනුඤ්ඤත්තා අනඤ්ඤථා?) මේ ශ්‍රද්ධා වේ යයි. අනිත් පරියායකුදු වෙයි: එක් සැටක් දෘෂ්ටිගතයන්ගේ ආදීනව නුවණින් දැකීමෙන් අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැයි මොනවට දක්නා ලද වෙයි. යම්සේ ගැඹුරු කූපයෙක ජලය ඇසින් දකී ද නො ද කයින් අවබෝධ කෙරේ ද එපරිද්දෙන් ඔහුට ආර්‍ය්‍ය ...

නො ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද වෙයි. මේ ශ්‍රද්ධා යයි කියනු ලැබේ. එ ද ලෞකික ශ්‍රද්ධා යි. අනිත් පර්‍ය්‍යායයෙක් වෙයි: (මෙ ද ආකූල තැනෙකි.)

සොතාපත‍්තඞ‍්ගමුදුක‍්ඛායං භූමියං පරිපුණ‍්ණා වුච‍්චති. තස‍්මිංයෙව භූමියං සෙක‍්ඛසීලං අරියා ධාරයන‍්ති වුච‍්චති, තස‍්මිංයෙව භූමියං මුදුපඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති වුච‍්චති, තස‍්මිංයෙව භූමියං ඛන්‍ධෙහි අනත්‍ථිකතා, අයං චාගො. තස‍්මා සද‍්ධා චාගාධිට‍්ඨානෙන නිද‍්දිසිතබ‍්බා. යතිකෙන භිය්‍යො මනෙන සා හිස‍්ස විපරීතා දිට‍්ඨිකා අසද‍්ධා, සා නයනඋපධීසු සමත‍්තා සමාදින‍්නා තත්‍ථ සද‍්ධින්‍ද්‍රියං යො කාමං පරිවිසති ඉති සන‍්තපාපපටිනිස‍්සග‍්ගා න චාගාධිට‍්ඨානං, පඤ‍්ඤින්‍ද්‍රියෙන පඤ‍්ඤාධිට‍්ඨානං, සීලෙන උපසමාධිට‍්ඨානං. ඉමෙ චත‍්තාරො ධම‍්මා සීලං පරිභාවයන‍්ති සද‍්ධා සීලං චාගො ච පඤ‍්ඤාති.

ඒ සෝතාපත්ති භූමියෙහි මැ මෘදු වූ ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. ඒ භූමියෙහි මැ ස්කන්‍ධයන්ගෙන් අනත්‍ථික බව වෙයි, මේ ත්‍යාගය යැ, එහෙයින් ශ්‍රද්ධාව ත්‍යාගාධිෂ්ඨානයෙන් දැක්වියැ යුත්තී යැ. (යතිකෙන භිය්‍යො මනෙන?) ඒ ඔහුගේ විපරීත දෘෂ්ටි ඇති බව අශ්‍රද්ධා යැ. (සා නයනඋපධීසු?) රැස්කරනලද සමාදන් කොට ගන්නා ලද වෙයි. එහි සද්ධින්‍ද්‍රියය යමෙක් කාමය දුරලා ද මෙසේ විද්‍යමාන පාපය දුරලීමෙන් ත්‍යාගාධිෂ්ඨාන නො වෙයි. පඤ්ඤින්‍ද්‍රියයෙන් පඤ්ඤාධිට්ඨාන වෙයි. සීලයෙන් උප සමාධිට්ඨාන වෙයි, ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන මේ සතර ධර්‍මයෝ ශීලය පරිභාවන කෙරෙත්.

තත්‍ථ සද‍්ධාය ඔඝං තරති. යං සීලං, අයං අප‍්පමාදො, යො චාගො, ඉදං පඤ‍්ඤාය කම‍්මං. යා පඤ‍්ඤා, ඉදං පඤ‍්ඤින්‍ද්‍රියං, තත්‍ථ යං පඤ‍්ඤින්‍ද්‍රියං, තං තීසු අවෙච‍්චපසාදෙසු. යං සීලං තං සද‍්ධින්‍ද්‍රියෙසු. යො චාගො සො චතුසු ඣානෙසු. යා පඤ‍්ඤා, සා සච‍්චෙසු. සති සබ‍්බත්‍ථගාමිනී. තස‍්ස සෙක‍්ඛස‍්ස භද‍්දිකා ගති භද‍්දිකො අභිසම‍්පරායො.

එහි ශ්‍රද්ධායෙන් චතුරෝඝය තරණය කෙරෙයි. යම් සීලයක් ඇද්ද මේ අප්‍රමාද යැ. යම් ත්‍යාගයෙක් ඇද්ද මේ ප්‍රඥාවගේ කර්‍ම යැ, යම් ප්‍රඥාවක් ඇද්ද මේ පඤ්ඤින්‍ද්‍රිය යැ, එහි යම් පඤ්ඤින්‍ද්‍රියයෙක් ඇද්ද එය තුන් අවෙත්‍යප්‍රසාදයන් හි වෙයි, යම් ශීලයක් ඇද්ද එය සද්ධින්‍ද්‍රියයෙහි වෙයි. යම් ත්‍යාගයෙක් ඇද්ද හේ සතර ධ්‍යානයන්හි වෙයි, යම් ප්‍රඥාවක් ඇද්ද ඒ සත්‍යයන්හි වේ. ස්මෘතිය සර්‍වත්‍රගාමිනී වේ. ඒ ශෛක්‍ෂයාගේ ගතිය භද්‍ර (සොඳුරු) වන්නීය. අභිසම්පරාය (පරලොව) භද්‍ර වන්නේ යි.

තස‍්ස සම‍්මුට‍්ඨසතිකස‍්ස සීලං කරොන‍්තස‍්ස න තාය සම‍්මුට‍්ඨසතිතාය තානි වා ඉන්‍ද්‍රියානි තං වා කුසලමූලං කම‍්මවිපාකං භවති. තස‍්ස තිකස‍්ස අත්‍ථනිද‍්දෙසො: තත්‍ථ සද‍්ධා සීලං චාගො පඤ‍්ඤා චත‍්තාරො ධම‍්මා. යා සද‍්ධා යා ච පඤ‍්ඤා ඉදං මනොසුචරිතං, යං සීලං, ඉදං කායිකං වාචයිකං සුචරිතං. යො චාගො ඉදං චෙතසිකං අලොභො සුචරිතං, ඉති චිත‍්තෙ ගහිතෙ පඤ‍්චක‍්ඛන්‍ධා ගහිතා භවන‍්ති. ඉමෙහි ධම‍්මෙහි සුචරිතං ඉදං දුක‍්ඛං ච අරියසච‍්චං පදට‍්ඨානං මග‍්ගස‍්ස.

ඒ මුළා සිහි ඇත්තහුගේ සීලය හෝ ඒ මුළා සිහි ඇතිබව හේතු කොට ගෙන ඒ ඉන්‍ද්‍රිය හෝ ඒ කුශලමූලය හෝ කර්‍ම විපාක නොවේ. ඒ ත්‍රිකයාගේ මේ අර්‍ත්‍ථනිර්දේශ යැ: එහි ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා යන සතර ධර්‍මයෝ වෙති, එහි යම් ශ්‍රද්ධාවකුත් යම් ප්‍රඥාවකුත් ඇද්ද මේ මනෝසුචරිත යැ. යම් ශීලයක් ඇද්ද මේ කායික වාචසික සුචරිත යැ, යම් ත්‍යාගයෙක් ඇද්ද මේ චෛතසික වූ අලෝභ සංඛ්‍යාත සුචරිත යැ, මෙසේ චිත්තය ගත් කල්හි පඤ්චස්කන්‍ධයෝ ගන්නාලද්දාහු වෙති. මේ ධර්‍මයන්ගෙන් සුචරිතය ගන්නාලද වෙයි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය ද මාර්‍ගයට පදට්ඨාන ද වේ.

2. තත්‍ථ කතමො විචයො හාරො: යා ච සද‍්ධා යං ච සීලං, තං කිස‍්ස කරොති. යා සද‍්ධතාය භගවන‍්තං අනුස‍්සරති මත‍්තෙනපි හත්‍ථිනා සමාගතො, අස‍්සගොකුක‍්කරෙහි සබ‍්බං සීලෙන නප‍්පටිපජ‍්ජති කායෙන වා වාචාය වා, ඨානං විසාරදො භවතීති අවිප‍්පටිසාරී, පඤ‍්ඤා යස‍්ස පඤ‍්ඤත‍්තං උපට‍්ඨපෙති, තස‍්ස අඛණ‍්ඩස‍්ස සීලං යං න පච‍්ඡිතස‍්සම‍්මොහස‍්ස අකුසලචිත‍්තං උප‍්පජ‍්ජති මිච‍්ඡාදිට‍්ඨිසහගතං වා, අයං විචයො හාරො.

2. එහි ‘විචයහාර’ කවරෙ යත්: යම් ශ්‍රද්ධාවකුත් ශීලයකුත් ඇද්ද, එයින් කුමක් කෙරෙයි යත්: ශ්‍රද්ධායෙන් භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙයි, මතැතක්හු සමග එක්වූයේ අශ්ව ගව ශුනකයන් සමග එක්වූයේ සියල්ල ශීලය හේතු කොටගෙන (නප්පටි පජ්ජති?) කයින් හෝ වචනයෙන් හෝ විශාරද වේ නුයි අවිප්‍රනීසාරී වේ (පඤ්ඤා යස්ස තස්සං මෝහස්ස?) අකුශලචිත්තය උපදී, මිථ්‍යාදෘෂ්ටිසහගත චිත්තය හෝ උපදී. මේ විචයහාර යි.

3. ධම‍්මවාදිනො භාද‍්දිකාගති භවිස‍්සති අත්‍ථි එසා යුත‍්ති.

3. ධර්‍මවාදීහුගේ භද්‍ර වූ ගති වන්නීයැ යන තෙල යුක්ති ඇති.

4. තත්‍ථ කතමො පදට‍්ඨානො හාරො: යමිදං චිත‍්තං දීඝරත‍්තං පරිභාවිතං සද‍්ධාය සීලෙන චාගෙන පඤ‍්ඤාය සමාධිනා පඨමජ‍්ඣානස‍්ස පදට‍්ඨානං, යා සද‍්ධා අස‍්ස අනාවිලසඞ‍්කප‍්පා තං දුතියජ‍්ඣානස‍්ස පදට‍්ඨානං, තීණි ච අවෙච‍්චප‍්පසාදා, යං සීලං තං අරියකන‍්තං තං සීලක‍්ඛන්‍ධස‍්ස පදට‍්ඨානං. යා පඤ‍්ඤා සා පඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස පදට‍්ඨානං. ඉමෙ ච ධම‍්මා ඉදං ච චිත‍්තං එකොදිභුතසමාධිස‍්ස පදට‍්ඨානං. සද‍්ධා සද‍්ධින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං. චාගො සමාධින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං. පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං, සද‍්ධා ච පඤ‍්ඤා ච විපස‍්සනාය පදට‍්ඨානං, සීලං ච චාගො ච සමථස‍්ස පදට‍්ඨානං. සද‍්ධා ච පඤ‍්ඤා ච අවිජ‍්ජාවිරාගාය පඤ‍්ඤාවිමුත‍්තියා පදට‍්ඨානං, සීලං ච චාගො ච රාගවිරාගාය චෙතොවිමුත‍්තියා පදට‍්ඨානං.

4. එහි ‘පදට්ඨානහාර’ කවරෙ යැ: යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි ශ්‍රද්ධායෙන් ශීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥායෙන් සමාධියෙන් පරිභාවිත ද ඒ සිත ප්‍රථමධ්‍යානයට පදට්ඨාන යැ, යම් ශ්‍රද්ධාවක් අනාවිල සංකල්ප වේ ද එය ද්විතීයධ්‍යානයට පදට්ඨාන යැ, තුන් අවෙත්‍යප්‍රසාදයෝ ද වෙති. යම් ශීලයක් ඇද්ද, එය ආර්‍ය්‍යකාන්ත යැ, එය ශීලස්කන්‍ධයට පදට්ඨාන යැ, යම් ප්‍රඥාවක් ඇද්ද එය ප්‍රඥාස්කන්‍ධයට පදට්ඨාන යැ, මේ ධර්‍මයෝ ද මේ චිත්තය ද ඒකෝදිභූත සමාධියට පදට්ඨාන යැ, ශ්‍රද්ධාව සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ත්‍යාගය සමාධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් විදර්‍ශනාවට පදට්ඨාන යැ, ශීලයත් ත්‍යාගයත් සමථයට පදට්ඨාන යැ, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුක්තියට පදට්ඨාන යැ, ශීලයත් ත්‍යාගයත් රාගවිරාග චේතෝවිමුක්තියට පදට්ඨාන යි.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො හාරො: විඤ‍්ඤාණෙ වුත‍්තෙ සද‍්ධා සති භාවිතා සබ‍්බෙ පඤ‍්චක‍්ඛන්‍ධා වුත‍්තා භවන‍්ති, සද‍්ධාය භණිතාය සබ‍්බානි සත‍්තධනානි භණිතානි හොන‍්ති. සද‍්ධාධනං -පෙ- සීලක‍්ඛන්‍ධෙ වුත‍්තෙ සමාධික‍්ඛන්‍ධො ච පඤ‍්ඤාක‍්ඛන්‍ධො ච වුත‍්තා භවන‍්ති, යං තං චිත‍්තං දීඝරත‍්තං පරිභාවිතං, පච‍්ඡිමකෙ කාලෙ න තදනුපරිවත‍්තී භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. තත්‍ථ සඤ‍්ඤාපි තදනුපරිවත‍්තිතී භවති. යෙපි තජ‍්ජාතිකා ධම‍්මා, තෙපි තදනුපරිවත‍්තිනො භවන‍්ති, රූපසඤ‍්ඤා රූපසඤ‍්චෙතනානුපස‍්සනමනසිකාරො, එවං ඡන‍්නං ආයතනානං විඤ‍්ඤාණකායෙ. අයං ලක‍්ඛණො හාරො.

5. ‘එහි ලක්ඛණහාර’ කවරෙ යැ: විඤ්ඤාණය කී කල්හි සද්ධා සති දෙකින් භාවිත වූ සියලු පඤ්චස්කන්‍ධයෝ කියනලද්දාහු වෙති, ශ්‍රද්ධාව කී කල්හි සද්ධාධනය ... යන සියලු සප්ත ධනයෝ කියන ලද්දාහු වෙති. ශීලස්කන්‍ධය කී කල්හි සමාධිස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද කියන ලද්දාහු වෙත්.

යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි පරිභාවිත ද පශ්චිම කාලයෙහි තදනුපරිවර්තී නො වන්නේය යන තෙල කරුණ නො වේ. එහි සංඥාව ද තදනුපරිවර්තිනී වෙයි. තත්ස්වභාව ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඔහුදු තදනුපරිවර්තීහු වෙත්. රූපසංඥාව රූපසඤ්චේතනානු දර්‍ශන මනසිකාර යැ. ෂඩායතනයන්ගේ විඤ්ඤාණකායයෙහි ද මෙසේ යි. මේ ‘ලක්ඛණහාර’ යි.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉධ සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙ භද‍්දිකං ගතිං ආකඞ‍්ඛෙය්‍යුං, භද‍්දිකඤ‍්චඅභිසම‍්පරායං, තෙ සද‍්ධං සීලං චාගං පඤ‍්ඤං ච මනසි කරිස‍්සන‍්ති. අයං අධිප‍්පායො, යෙ චඤ‍්ඤෙපි සත‍්තා තථාගතස‍්ස සම‍්මුඛං න පටියුජ‍්ජන‍්තෙ ඉමං ධම‍්මං සොතා අවිප‍්පටිසාරකං කාලං කරිස‍්සන‍්තීති. අයං අධිප‍්පායො.

6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යත්: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරෙ යත්: යම් කෙනෙක් භද්‍ර (සොඳුරු) වූ ගතිය ද භද්‍ර වූ අභිසම්පරාය (පරලොව) ද කැමැතිවන්නාහු නම් ඔහු ශ්‍රද්ධාව ශීලය ත්‍යාගය ප්‍රඥාව ද මෙනෙහි කරන්නාහු යැ, මේ අධිප්‍රාය යැ, (අදහස යැ.) යම් අන්‍ය සත්‍ව කෙනෙකුදු තථාගතයන් වහන්සේගේ සම්මුඛයට නො පැමිණියාහු ද ඔහු මේ ධර්‍මය අසා විපිළිසර රහිත වැ කලුරියකරන්නාහු යැ යනු භාග්‍යවතුන් වහන්සේගේ මේ අදහස යි.

7. තත්‍ථ කතමො ආවට‍්ටො හාරො: ඉදම‍්පි චත‍්තාරො ධම‍්මා; සද‍්ධා ච පඤ‍්ඤා ච අස‍්සද‍්ධියං ච අවිජ‍්ජං ච හනන‍්ති. සීලං ච චාගො ච තණ‍්හං ච දොසං ච හනන‍්ති. තස‍්ස ද‍්වෙ මූලානි පහීයන‍්ති, දුක‍්ඛං නිවත‍්තෙති, අප‍්පහීනභූමියං ච ද‍්විමූලානි පඤ‍්චක‍්ඛන්‍ධා. ද‍්වෙ අරියසච‍්චානි සමථො ච විපස‍්සනා ච. ද‍්වින‍්නං මූලානං පහානං. ඉමානි ද‍්වෙ සච‍්චානි නිරොධො ච මග‍්ගො ච. අයං ආවත‍්තො හාරො.

7. එහි ‘ආවට්ටහාර’ කවරෙ යැ: මේ ද සතර ධර්‍ම කෙනෙක් වෙති, ශ්‍රද්ධාව ද ප්‍රඥාව ද යන දෙදෙන අශ්‍රද්ධාවත් අවිද්‍යාවත් නසති. ශීලය ද ත්‍යාගය ද යන දෙදෙන තෘෂ්ණාවත් ද්වේෂයත් නසති. ඔහුගේ (ලෝභ දෝස යන) මූලයෝ දෙදෙන ප්‍රහීණ වෙති. දුක නවතාලයි, අප්‍රහීණ භූමියෙහිදු (ද්විමූලානි පඤ්චක්ඛන්‍ධා?) සමථය ද විපස්සනාව ද ආර්‍ය්‍ය සත්‍යයෝ දෙදෙනෙක් වෙති. එය (ලෝභ දෝස යන) දෙමූලයන්ගේ ප්‍රහාණය වෙයි. මේ නිරෝධය ද මාර්‍ගය ද යන සත්‍යයෝ දෙදෙන වෙත්. (මේ විවරණය ව්‍යාකූලය?) මේ ආවත්තහාර යි.

8. තත්‍ථ කතමා විභත‍්තී: යං තං චිත‍්තං සද‍්ධාපරිභාවිතං -පෙ- සචෙ පුථුජ‍්ජනස‍්ස තස‍්සපි භද‍්දිකා ගති භවිස‍්සතීති න එකංසෙන, තස‍්ස කම‍්මං දිට‍්ඨෙයෙව ධම‍්මෙ විපාකන‍්ති පච‍්චෙස‍්සති. අපරම‍්හි වා පරියායෙ භවිස‍්සති. යං වා අතීතං විපාකාය පච‍්චුපට‍්ඨිතං. තප‍්පච‍්චයානි චෙතනානි යෙ යථා මහාකම‍්මවිභඞ‍්ගෙ තෙනායං විභජ‍්ජ බ්‍යාකරණීයො නිද‍්දෙසො ධම‍්මචාරිනො යා භද‍්දිකා ගතීති.

8. එහි ‘විභක්ති’ කවර යැ: යම් සිතක් ශ්‍රද්ධායෙන් පරිභාවිත ද ... ඉදින් ඒ පුහුදුන්හුගේ ද භද්‍ර වූ ගතිය වන්නේ යැ යනු ඒකාන්ත නොවේ. ඔහුගේ කර්‍මය ඉහාත්මයෙහි මැ විපාක ඇතැයි කැමැති වන්නේය. අපරපරියාය භවයෙහි හෝ වන්නේ යැ, යම් අතීත කර්‍මයක් හෝ විපාක පිණිස එළඹැ සිටියේ ද, චේතනාවෝ එය ප්‍රත්‍යය කොට ඇත්තාහු යැ, යම් (නිර්දේශ කෙනෙක්) මහාකර්‍මවිභඞ්ගයෙහි ආවාහු ද, එකරුණෙන් ‘ධර්‍මචාරීහුගේ යම් භද්‍ර වූ ගති වෙයි,’ යන මේ විභාග කොට ප්‍රකාශ කළයුතු නිර්දේශයෙකි.

9. තත්‍ථ කතමා පරිවත‍්තනා: අස‍්සද‍්ධියං දුස‍්සීල්‍යං මච‍්ඡෙරං දුප‍්පඤ‍්ඤං ච පටිපක‍්ඛෙන පහීනා භවන‍්ති, අයං පරිවත‍්තනා.

9. එහි ‘පරිවත්තනා’ කවර යත්: ශ්‍රද්ධා රහිත බව ද දුශ්ශීල බව ද මසුරු බව ද දුෂ්ප්‍රාඥ බව ද (යන මේ) ප්‍රතිපක්‍ෂභාවයෙන් ප්‍රහීණ වූවාහු වෙත්. මේ ‘පරිවත්තනා’ යි.

10. තත්‍ථ කතමං වෙවචනං: යං තං චිත‍්තං දීඝරත‍්තං පරිභාවිතං චිත‍්තං මනො විඤ‍්ඤාණං -පෙ- යා සද‍්ධා සා සද‍්ධාබලං සද‍්ධින්‍ද්‍රියං යං සීලං, තං සුචරිතං, සංයමො නියමො දමො ඛන්‍ධතා, ඉමානි තස‍්ස වෙවචනානි. යො චාගො සො පටිනිස‍්සග‍්ගො අලොභො වොස‍්සග‍්ගො චාගාධිට‍්ඨානං යා පඤ‍්ඤා සා පඤ‍්ඤතා පඤ‍්ඤප‍්පභා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං.

10. එහි ‘වෙවචන’ කවරෙ යත්: යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි පරිභාවිත ද එය චිත්ත යැ නම යැ විඤ්ඤාණ යැ ... යම් ශ්‍රද්ධාවක් ඇද්ද එය සද්ධාබල යැ සද්ධින්‍ද්‍රිය යැ ... යම් සීලයක් ඇද්ද එය සුචරිත යැ සංයම යැ නියම යැ දම යැ ඛන්‍ධතා යැ, මොහු ඒ සීලයට වෙවචන යැ, යම් ත්‍යාගයෙක් ඇද්ද එය පටිනිස්සග්ග යැ අලෝභ යැ වොස්සග්ග යැ චාගාධිට්ඨාන යැ යනු වෙවචන යි. යම් ප්‍රඥාවක් ඇද්ද එය පඤ්ඤතා යැ පඤ්ඤප්පභා යැ පඤ්ඤින්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ යනු වෙවචන යි.

11. තත්‍ථ කතමා පඤ‍්ඤත‍්ති: යං තං චිත‍්තං බීජපඤ‍්ඤාත‍්තියා පඤ‍්ඤත‍්තං, පරිභාවනා වාසනාපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං සද‍්ධා පසාදපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා, සීලං සුචරිතපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං චාගො පුඤ‍්ඤකිරියපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තො. පඤ‍්ඤා වීමංසාපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා. ඉමෙ තයො ධම‍්මා සද‍්ධා සීලං චාගො පඤ‍්ඤවතො පාරිසුද‍්ධිං ගච‍්ඡන‍්ති.

11. එහි ‘පඤ්ඤත්ති’ කවර යැ: යම් සිතක් ඇද්ද එය විජපඤ්ඤත්තියෙන් පනවන ලද, පරිභාවනාව වාසනාපඤ්ඤත්තියෙන් පනවන ලද, ශ්‍රද්ධාව පසාදපඤ්ඤත්තියෙන් පනවන ලද, සීලය සුචරිතපඤ්ඤත්තියෙන් පනවන ලද, ත්‍යාගය පුණ්‍යක්‍රියාපඤ්ඤත්තියෙන් පනවන ලද, ප්‍රඥාව වීමංසාපඤ්ඤත්තියෙන් පනවන ලද, සද්ධා සීල චාග යන මේ තුන් ධර්‍මයෝ ප්‍රඥාවත්හුගේ පාරිශුද්ධියට යෙත්.

12. තත්‍ථ කතමො ඔතරණො: යං චිත‍්තං තං ඛන්‍ධෙසු විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ධාතුසු මනොවිඤ‍්ඤාණධාතු, ආයතනෙසු මනායතනං. යෙ චත‍්තාරො ධම‍්මා තෙ ඛන්‍ධෙසු සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ පරියාපන‍්නා -පෙ- ධාතුසු ආයතනෙසු.

12. එහි ‘ඕතරණ’ හාර කවරෙ යැ: යම් චිත්තයක් ඇද්ද එය ස්කන්‍ධයන් කෙරෙහි ‘විඤ්ඤාණක්ඛන්‍ධ යැ, ධාතූන් කෙරෙහි මනෝවිඤ්ඤාණධාතු යැ, ආයතනයන් කෙරෙහි මනායතන යි. යම් සතර ධර්‍ම කෙනෙක් වෙත් ද ඔහු ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධ පර්‍ය්‍යාපන්නයෝ යැ ... ධාතූන් කෙරෙහි ආයතනයන් කෙරෙහි (?)

13. තත්‍ථ කතමො සොධනො හාරො: ඉදං භගවතො භාසිතං මහානාමෙන සක‍්කෙන පුච‍්ඡිතෙන, සබ‍්බං තං නියුත‍්තං.

13. එහි ‘සෝධන’ හාර කවරෙ යැ: මහානාම ශාක්‍යයා විසින් පුළුවුස්නාලදු වැ මේ භාග්‍යවතුන් වහන්සේගේ භාසිත වෙයි. ඒ සියල්ල (සියලු පූච්ඡීතය) නියුක්ත යි.

14. තත්‍ථ කතමො අධිට‍්ඨානො: ඉදං චිත‍්තං වෙමත‍්තතාය පඤ‍්ඤත‍්තං, අකුසලෙහි චිත‍්තෙහි අපරිභාවිතෙහි, පරිභාවිතන‍්ති යානි

14. එහි ‘අධිට්ඨාන’ හාර කවරෙ යැ: මේ චිත්තය අපරිභාවිත වූ අකුශල චිත්තයන් හේතු කොට විශේෂතායෙන් පනවන ලද ‘පරිභාවිතං’ යී

පුන පරිභාවිතානි, අඤ‍්ඤෙසම‍්පි තත්‍ථ උපාදාය පඤ‍්ඤත‍්තං, සබ‍්බෙපිමෙ චත‍්තාරො ධම‍්මා එකත‍්තතාය පඤ‍්ඤත‍්තා, භද‍්දිකා ගතීති කාමභොගිනො, නෙව රූපධාතු අරූපධාතු. මනුස‍්සාති, සබ‍්බා භද‍්දිකා ගති තදෙව කථාය පඤ‍්ඤත‍්තං, අයං පඤ‍්ඤත‍්ති.

යළි අන්‍යයන්ගේ ද පරිභාවිත වූ යම් සිතක් ඇද්ද එය නිසා පනවන ලද මේ සියලු මැ ශ්‍රද්ධාදි සතර ධර්‍මයෝ ඒකත්තතා (සාමාන්‍යභාව) යෙන් පනවන ලදහු යැ. ‘භද්දිකා ගති’ යි කාමභෝගීහුගේ ගති යයි. රූපධාතු අරූපධාතු නො මැ වෙයි. ‘මනුස්සා’ යනු සියලු මිනිස්ගතිය භද්‍ර වෙයි. එය මැ (කථාය පඤ්ඤත්තං ?) මේ ‘පඤ්ඤත්ති’ හාර යි.

15. තත්‍ථ කතමො පරික‍්ඛාරො: චිත‍්තස‍්ස ඉන්‍ද්‍රියානි පච‍්චයො ආධිපතෙය්‍යපච‍්චයතාය, මනසිකාරො හෙතුපච‍්චයතාය පච‍්චයො. සද‍්ධාය ලොකිකා පඤ‍්ඤා හෙතුපච‍්චයතාය පච‍්චයො යොනිසො ච මනසිකාරො පච‍්චයො. සීලස‍්ස පතිරූපදෙසවාසො පච‍්චයො. අත‍්තසම‍්මාපණිධානං ච හෙතු. චාගස‍්ස අලොභො හෙතු, අවිප‍්පටිසාරො ච හෙතුපච‍්චයො. පඤ‍්ඤාය පරතො ච ඝොසො අජ‍්ඣත‍්තං ච යොනිසොමනසිකාරො හෙතුපච‍්චයො.

15. එහි ‘පරික්ඛාරහාර’ කවරෙ යැ: චිත්තයට ඉන්‍ද්‍රියයෝ ආධිපතෙය්‍යප්‍රත්‍යතායෙන් ප්‍රත්‍ය වෙයි. මනසිකාරය හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධාවට ලෞකික ප්‍රඥාව හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍ය වෙයි. යෝනිසෝමනසිකාරය ද ප්‍රත්‍ය වෙයි. සීලයට පතිරූපදේසවාසය ප්‍රත්‍ය වෙයි. අත්තසම්මාපණිධානය ද හේතු වෙයි. ත්‍යාගයට අලෝභය හේතු යැ, අවිප්පටිසාරය ද හේතුප්‍රත්‍ය වෙයි. ප්‍රඥාවට පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝමනස්කාර ද හේතු ප්‍රත්‍යය වේ.

16. තත්‍ථ කතමො සමාරොපනො: යං තං චිත‍්තං දීඝරත‍්තං පරිභාවිතන‍්ති චෙතසිකාපි. එත්‍ථ සබ‍්බෙ ධම‍්මා පරිභාවිතා භද‍්දිකා තෙති භවිස‍්සති, භද‍්දකො උප‍්පත‍්තිකො අභිසම‍්පරායො. ඉති යෙ කෙචි මානුසකා උපභොගපරිභොගා, සබ‍්බෙ භද‍්දිකා ගතියෙව. අයං සමාරොපනො.

16. එහි ‘සමාරෝපන’ හාර කවරෙ යැ: “යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං” යී චෛතසිකයෝ ද කියන ලදහු වෙත්. මෙහි සියලු (ශ්‍රද්ධාදි) ධර්‍මයෝ වඩනලද්දාහු තොපගේ ගතිය භද්‍ර වන්නීය. උපප්‍රාප්තික වූ පරලෝකය භද්‍ර වන්නේ යැ, මෙසේ මානුෂ්‍යක වූ යම් කිසි උපභෝග පරිභෝගයෝ වෙත් ද, ඒ සියල්ල භද්‍ර වූ ගති මැ වේ යයි. මේ ‘සමාරෝපන’ හාර යි.