යෙදුමෙන් කියවන්න

7. 6

7. 6.

7. 6.

“උද‍්ධං අධො සබ‍්බධි විප‍්පමුත‍්තො”ති ගාථා: තත්‍ථ කිං උද‍්ධං නාම, යං ඉතො උද‍්ධං භවිස‍්සති අනාගාමී, ඉදං උද‍්ධං, අධො නාම, යමතික‍්කන‍්තමතීතං, ඉදමවොච උදානතන‍්ති තත්‍ථ අතීතෙන සස‍්සතදිට‍්ඨි පුබ‍්බන‍්තකප‍්පිකානං අපරන‍්තදිට‍්ඨි කෙසඤ‍්චි, උච‍්ඡෙදට‍්ඨිං යං වුත‍්තකප‍්පිකානං ඉමා චෙව දිට‍්ඨියො උච‍්ඡෙදදිට‍්ඨි ච සස‍්සතදිට‍්ඨි ච.

“උද්ධං අධෝ සබ්බධි විප්පමුත්තො” යන ගාථාව යැ:

එහි ‘උද්ධ’ නම් කිමැ: මේ කාමධාතුයෙන් උඩ යම් අනාගාමී රූපාරූපධාතුයෙක් වේ ද මේ උද්ධ නමැ. ‘අධෝ’ නම් යමක් ඉක්මැ වූයේ අතීත වේ ද (බුදුහු) මේ උදාන පාළිය වදාළහ. එහි අතීතයෙන් පූර්‍වාන්තකල්පිකයන්ගේ ශාශ්වතදෘෂ්ටිය ද කිසි කෙනෙකුන්ගේ අපරාන්තදෘෂ්ටිය ද. (යං වුත්තකප්පිකානං?) මේ දෘෂ්ටීහු ද උච්ඡේද දෘෂ්ටිය ද ශාස්වත දෘෂ්ටිය ද වෙත්.

තත්‍ථායං සස‍්සතදිට‍්ඨි: ඉමානි පන‍්නරසපදානි සක‍්කායදිට‍්ඨි සස‍්සතං භජන‍්ති: රූපවන‍්තං මෙ අත‍්තා, අත‍්තනි මෙ රූපං, රූපස‍්මිං මෙ අත‍්තා’ති යදුච‍්චතෙ පඤ‍්ඤං පරිදහන‍්ති. [?] යා උච‍්ඡෙදදිට‍්ඨි සා පඤ‍්ච පදානි උච‍්ඡෙදං භජන‍්ති තෙ’තං ජීවං තං සරීර’න‍්ති පස‍්සන‍්ති, රූපං මෙ අත‍්තා’ති තථාරූපා චතුබ‍්බිධා සක‍්කායදිට‍්ඨි උච‍්ඡෙදෙන ච සස‍්සතෙන ච, එවං පඤ‍්චසු ඛන්‍ධෙසු වීසතිවත්‍ථුකාය දිට‍්ඨියා පන‍්නරස පදානි පුබ‍්බන‍්තං භජන‍්ති සස‍්සතදිට‍්ඨියා පඤ‍්ච පදානි අපරන‍්තං භජන‍්ති උච‍්ඡෙද දිට‍්ඨියා.

එහි මේ ශාශ්වත දෘෂ්ටි යැ: සක්කායදෘෂ්ටි වූ මේ පසළොස් පදයෝ ශාශ්වතදෘෂ්ටිය බෙජෙති: මාගේ ආත්මය රූපවත් යැ, මාගේ ආත්මයෙහි රූපය ඇත, රූපයෙහි මාගේ ආත්මය ඇතැයි (යදුච්චතෙ පඤ්ඤං පරිදහන්ති?) යම් උච්ඡේදදෘෂ්ටියක් ඇද්ද, එය පඤ්චපද කෙනෙක් උච්ඡේදය බෙජෙත්. ඔහු ‘ජීවයත් එය යැ, ශරීරයත් එය’ යි දකිත්. රූපය මාගේ යැ, මාගේ ආත්මය යි කියා යි. එබඳු උච්ඡේදයෙන් ද ශාශ්වතයෙන් ද යුක්තව සත්කායදෘෂ්ටිය චතුර්විධ යැ, මෙසේ පඤ්චස්කන්‍ධයෙහි විංශද්වස්තුක දෘෂ්ටියෙන් පසළොස් පද කෙනෙක් ශාශ්වතදෘෂ්ටියෙන් පූර්‍වාන්තය බෙජෙති. පස් පද කෙනෙක් උච්ඡේදදෘෂ්ටියෙන් අපරාන්තය බෙජෙත්.

තත්‍ථ අයමහමස‍්මීති පස‍්සන‍්තො රූපං අත‍්තතො සමනුපස‍්සති, සො උච‍්ඡෙදවාදී, රූපවන‍්තඤ‍්ච අත‍්තානං, අත‍්තනි ච රූපං රූපස‍්මිං වා අත‍්තා’ති සො පස‍්සති චාති ඉති උච‍්ඡෙදදිට‍්ඨි ච, අත‍්තතො පටිස‍්සරති සස‍්සතදිට‍්ඨි පුබ‍්බන‍්තතො ච පටිස‍්සරති. අයමහමස‍්මී’ති න සමනුපස‍්සති. තස‍්ස දිට‍්ඨාසවා පහානං ගච‍්ඡන‍්ති. සො තීසු අද‍්ධාසු පුබ‍්බන‍්තෙ ච අපරන‍්තෙ ච තෙන තෙන නිද‍්දිට‍්ඨානෙව. උද‍්ධං අධො සබ‍්බධි වීතරාගො ‘අහමස‍්මි’ති න අනුපස‍්සතීති ඉමිනා ද‍්වාරෙන ඉමිනා පයොගෙන ඉමිනා උපායෙන. ඉදං දස‍්සනභූමි ච සොතාපත‍්තිඵලං ච. සො අරියො පයොගො අනභාවංගතෙන සංසාරෙන, අපුනබ‍්භවායාති යො කොචි අරියො පයොගො අපුනබ‍්භවාය මුදූනි වා පඤ‍්චින්‍ද්‍රියානි මජ‍්ඣානි අධිමත‍්තානි වා සබ‍්බං පුනබ‍්භවපහානාය සංවත‍්තන‍්ති. ‘අහ’න‍්ති දිට‍්ඨොඝො කාමොඝො භවොඝො අවිජ‍්ජොඝො ච ඔධිසො.

එහි ‘මේ මම් වෙමි’ දක්නේ රූපය ආත්මවශයෙන් දෘෂ්ටිසමනුපස්සනායෙන් දකී, හේ උච්ඡේදවාදී වෙයි. ආත්මය රූපවත් යයි ද ආත්මයෙහි රූපය ඇතැයි ද රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, (හේ ශාශ්වතවාදී වෙයි.) මෙසේ උච්ඡේදදෘෂ්ටිය ද (අත්තතෝ පටිස්සරති සස්සතදිට්ඨි පුබ්බත්‍තතෝ ච පටිස්සරති?) ‘මේ මම් වෙමි’ (විප්පමුත්ත මහණ) නො දකී, ඔහුට දෘෂ්ටි-ආස්‍රවයෝ ප්‍රහාණයට යෙති. හේ කාලත්‍රයෙහි ද පූර්‍වාන්තයෙහි ද අපරාන්තයෙහි ද ඒ ඒ (නිද්දිට්ඨානෙන?) උඩ රූපාරූපධාතුයෙහි ද යට කාම ධාතුයෙහි ද සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි වීතරාග වූයේ ‘මම් වෙමි.’ මේ ද්වාරයෙන් මේ ප්‍රයෝගයෙන් මේ උපායෙන් නො දකී යයි. මේ දර්‍ශන භූමි ද සෝතාපත්ති ඵලය ද වෙයි. (ඒ ආර්‍ය්‍යප්‍රයෝගය අනභාවයට ගිය සංසාරයෙන් යුක්ත වූයේ?) “අපුනබ්භවාය” යනු යම් කිසි ආර්‍ය්‍ය ප්‍රයෝගයෙක්? පුනර්‍භව නොවනු පිණිස වේ ද, මෘදු වූ හෝ මධ්‍ය වූ හෝ අධිමාත්‍ර වූ හෝ පඤ්චේන්‍ද්‍රියයෝ සියලු පුනර්‍භව ප්‍රහාණය පිණිස පවත්නාහුය. ‘අහං’ යනු අවධිවශයෙන් දිට්ඨෝඝය කාමෝඝය භවෝඝය අවිජ්ජෝඝය ද වෙයි.

1. තත්‍ථ දෙසනාහාරෙන චත‍්තාරි සච‍්චානි. පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සොතාපත‍්තිඵලෙන ච ද‍්වෙ සච‍්චානි මග‍්ගො ච නිරොධො ච. සක‍්කායසමුදයෙන ද‍්වෙ සච‍්චානි දුක‍්ඛං ච සමුදයො ච, අයං දෙසනා හාරො.

1. එහි දේසනාහාරයෙන් චතුස්සත්‍යයෝ (දැක්විය යුත්තාහ.) පඤ්චේන්‍ද්‍රියයන්ගෙන් ද සෝතාපත්තිඵලයෙන් ද මාර්‍ගසත්‍යය ද නිරෝධසත්‍යය ද යන සත්‍යයෝ දෙදෙන වෙති. සක්කායසමුදයෙන් දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද යන සත්‍යයෝ දෙදෙන වෙත්. මේ ‘දේසනාහාර’ යි.

2. තත්‍ථ කතමො විචයො: ‘අයමහමස‍්මී’ති අසමනුපස‍්සන‍්තො තීණි දස‍්සනා පහාතබ‍්බානි, සංයොජනානා පජහති, අයං විචයො.

2. එහි ‘විචයහාර’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ නොදක්නේ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වු තුන් සංයෝජනයන් දුරු කෙරෙයි. මේ ‘විචය’ හාර යි.

3. තත්‍ථ කතමා යුත‍්ති: තිවිධා පුග‍්ගලා, කොචි උග‍්ඝටිතඤ‍්ඤූ කොචි විපඤ‍්චිතඤ‍්ඤූ කොචි නෙය්‍යො, උග‍්ඝටිතඤ‍්ඤූ තික‍්ඛින්‍ද්‍රියො ච තතො විපඤ‍්චිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො තතො මුදින්‍ද්‍රියො නෙය්‍යො.

3. එහි ‘යුත්ති’ කවර යත්: පුද්ගලයෝ ත්‍රිවිධ වෙත්: කිසිවෙක් උග්ඝටිතඤ්ඤු යැ කිසිවෙක් විපඤ්චිතඤ්ඤු යැ කිසිවෙක් නෙය්‍ය යැ. උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්‍ද්‍රිය ද වෙයි, විපඤ්චිතඥ පුද්ගල ඊට වඩා මුදින්‍ද්‍රිය යැ, නෙය්‍ය පුද්ගල ඊට වඩා මුදින්‍ද්‍රිය යි.

තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤූ තික‍්ඛින්‍ද්‍රියතාය දස‍්සනභූමිමාගම‍්ම සොතාපත‍්තිඵලං පාපුණාති, එකබීජකො භවති. අයං පඨමො සොතාපන‍්නො. විපඤ‍්චිතඤ‍්ඤූ මුදූහි ඉන්‍ද්‍රියෙහි දස‍්සනභූමිමාගම‍්ම සොතාපත‍්තිඵලං පාපුණාති, කොලංකොලො ච හොති. අයං දුතියො සොතාපන‍්නො, තත්‍ථ නෙය්‍යො දස‍්සනභූමිමාගම‍්ම සොතාපත‍්තිඵලං පාපුණාති සත‍්තක‍්ඛත‍්තුපරමො ච භවති. අයං තතියො සොතාපන‍්නො.

එහි උග්ඝටිතඤ්ඤු පුද්ගල තික්ඛින්‍ද්‍රියතායෙන් දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්ති ඵලයට පැමිණෙයි. ඒකබීජී වෙයි. මේ පළමුවන සෝතාපන්න යැ. විපඤ්චිතඤ්ඤු පුද්ගල මෘදු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි, කොලංකොල ද වෙයි. මේ දෙවැනි සෝතාපන්න යැ. එහි නෙය්‍ය පුද්ගල දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි සෝතාපන්න පුද්ගල යි.

තත්‍ථ එසා යුත‍්ති මුදුමජ‍්ඣිමත‍්තෙහි ඉන්‍ද්‍රියෙහි මුදුමජ‍්ඣාධිමත‍්තං භූමිං සච‍්ඡිකරෙය්‍ය, සක‍්කායදිට‍්ඨිප‍්පහානෙන වා දිට‍්ඨිගතානි පජහති. අයං යුත‍්තී.

එහි තෙල යුක්ති ඇත, මෘදු - මධ්‍යාධිමාත්‍ර වූ ඉන්‍ද්‍රියයන්ගෙන් මෘදු මධ්‍ය අධිමාත්‍ර වූ භූමිය පසක් කරන්නේ යැ, නොහොත් සත්කායදෘෂ්ටි ප්‍රහාණයෙන් දෘෂ්ටිගතයන් දුරු කරන්නේ යි. මේ ‘යුක්තිහාර’ යි.

4. තත්‍ථ කතමො පදට‍්ඨානො: තත්‍ථ සක‍්කායදිට‍්ඨි සබ‍්බමිච‍්ඡාදිට‍්ඨියා පදට‍්ඨානං, සක‍්කායො නාමරූපස‍්ස පදට‍්ඨානං, නාමරූපං සක‍්කායදිට‍්ඨියා පදට‍්ඨානං, පඤ‍්ච ඉන්‍ද්‍රියානි රූපීනි රූපරාගස‍්ස පදට‍්ඨානං, සළායතනං අහඞ‍්කාරස‍්ස පදට‍්ඨානං.

4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: එහි, සත්කායදෘෂ්ටිය සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටියට පදට්ඨාන යැ, සත්කායදෘෂ්ටිය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය සක්කායදිට්ඨියට පදට්ඨාන යැ. රූපී පඤ්චේන්‍ද්‍රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, ෂඩායතනය අහඞ්කාරයට පදට්ඨානයි. (මේ පදට්ඨාන යි.)

5. තත්‍ථ කතමො ලක‍්ඛණො: ද‍්වීසු දිට‍්ඨීසු පහීනාසු තත්‍ථ එකසට‍්ඨි දිට‍්ඨිගතානි පහානං ගච‍්ඡන‍්ති, උද‍්ධං ච අධො ච වීතරාගො සබ‍්බරජනීයෙසු වීතරාගො හොති. තජ‍්ජා පරභූමියං, ඉදං පච‍්චයන‍්ති යථාභූතං පස‍්සති. සො සබ‍්බපටිච‍්චසමුප‍්පාදං ආමසති. අයං ලක‍්ඛණො හාරො.

5. එහි ‘ලක්ඛණහාර’ කවරෙ යැ: ශාශ්වත උච්ඡේද යන දෘෂ්ටි දෙක ප්‍රහීණ කල්හි එහි එක්සැටක් දෘෂ්ටිගතයෝ ප්‍රහාණයට යෙති. උඩ ද යට ද වීතරාග වූයේ සියලු රජනීය ධර්‍මයන්හි විගතරාග වෙයි. තද්ජනිත වූ පරභූමියෙහි මේ ප්‍රත්‍ය යයි ඇතිසැටියෙන් දකී, හේ සියලු ප්‍රතීත්‍යසමුත්පාදය ආමර්‍ෂණ කෙරෙයි. මේ ‘ලක්ඛණ’ හාර යි.

6. තථෙ කතමො චතුබ්‍යූහො හාරො: ඉමම‍්හි සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙ සත‍්තා යෙනාභිරමිස‍්සන‍්ති, තෙ දිට‍්ඨිප‍්පහානාය වායමිස‍්සන‍්ති. අයමෙත්‍ථ භගවතො අධිප‍්පායො, අයං චතුබ්‍යූහො හාරො.

6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් සත්‍ව කෙනෙක් යම් කරුණෙකින් අභිරමණය කරන්නාහු ද, ඔහු දෘෂ්ටිප්‍රහාණය පිණිස වෑයම් කරන්නාහු යැ, මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි. මේ ‘චතුබ්‍යුහ’ හාර යි.

7. තත්‍ථ කතමො ආවට‍්ටො හාරො: යානිමානි මුදූනි පඤ‍්චින්‍ද්‍රියානි තානි තානි ඔරම‍්භාගියානි පඤ‍්චින්‍ද්‍රියානි, සබ‍්බෙන සබ‍්බං සමූහන‍්ති අභිජ‍්ඣං බ්‍යාපාදො ච භාවනාවසෙන න සෙඛාය විමුත‍්තියා බලං සද‍්ධා, උද‍්ධම‍්භාගියානි දිට‍්ඨිවසෙන බලං සද‍්ධා විරියින්‍ද්‍රියං ආරභිතත‍්තා සතින්‍ද්‍රියං මග‍්ගහිතත‍්තා අච‍්චන‍්තං නිට‍්ඨං ගච‍්ඡන‍්ති. තත්‍ථ යානි ඉන්‍ද්‍රියානි, අයං මග‍්ගො, සංකිලෙසප‍්පහානං අයං නිරොධො, ආයතිං අනුප‍්පාදධම‍්මො, ඉදං දුක‍්ඛං, අයං ආවට‍්ටො හාරො.

7. එහි ‘ආවට්ටහාර’ කවරෙ යැ: යම් මේ මෘදු වූ පඤ්චින්‍ද්‍රිය කෙනෙක් වෙත් ද, ඔහු ඕරම්භාගිය පඤ්චින්‍ද්‍රියයෝ යි. අභිධ්‍යාව හා ව්‍යාපාදය ද සියල්ලෙන් සියල්ල සමූහනය කෙරෙත්. භාවනාවශයෙන් ශෛක්‍ෂවිමුක්තිහුගේ ශ්‍රද්ධාබලය වේ. (උද්ධංභාගියානි දිට්ඨිවසේන බලං සද්ධා?) විරියින්‍ද්‍රිය ආරබ්ධ බැවින් ද සතින්‍ද්‍රිය මාර්‍ගයට හිත බැවින් ද අත්‍යන්තනිෂ්ඨාවට යෙති. එහි යම් ඉන්‍ද්‍රිය කෙනෙක් ඇද්ද මේ මාර්‍ග යැ, සංකිලේස ප්‍රහාණය නිරෝධ යැ, මතුයෙහි අනුත්පාදස්වභාව යන මේ දුක්ඛ යැ. (?) මේ ‘ආවට්ටහාර’ යි.

8. තත්‍ථ කතමො විභත‍්තිහාරො: ‘අයමහමස‍්මී’ති යො සමනුපස‍්සති, සො ච ඛො අධිමත‍්තෙන ලොකිකායං භූමියං න තු අරියෙන පයොගෙන සො සක‍්කායදිට‍්ඨිං පජහති. යං වුච‍්චති තජ‍්ජාය භූමියං අධිමත‍්තාය. තත්‍ථ තජ‍්ජාය භූමියං පඤ‍්චහි ආකාරෙහි අධිමත‍්තතං පටිලභති: සීලෙන වතෙන බාහුසච‍්චෙන සමාධිනා නෙක‍්ඛම‍්මසුඛෙන. තත්‍ථ අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී අධිමානං ගණ‍්හාති. එතස‍්මිං යෙව වත්‍ථුප‍්පත‍්තියං භගවා ඉදං සුත‍්තං භාසති, ‘සීලවා වතමත‍්තෙනා’ති. තත්‍ථ යො අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී තස‍්ස යො සමාධි සො සාමිසො කාපුරිසසෙවිතො පන සො, කාපුරිසා වුච‍්චන‍්ති පුථුජ‍්ජනා. ආමිසං යං ච අරියමග‍්ගමාගම‍්ම ලොකිකං අනරියං තෙන සමාධි හොති අනරියො කාපුරිසසෙවිතො, යො පන අරියාකාරෙන යථාභූතං න ජනාති න පස‍්සති, සො අධිගමනං පජහති යො අරියෙන සමාධිනා අකාපුරිසසෙවිතෙන නිරාමිසෙන නීයාති, තත්‍ථ අකාපුරිසා වුච‍්චන‍්ති අරියපුග‍්ගලා. යො තෙහි සෙවිතො සමාධි, සො අකාපුරිසසෙවිතො. තස‍්මා එතං විභජ‍්ජ ව්‍යාකරණීයං අයමහමස‍්මී’ති අනානුපස‍්සී තථාගතොති.

8. එහි ‘විභක්ති’ හාර කවරෙ යැ: “මේ මම් වෙමි” යමෙක් (දිට්ඨි විසින්) දකී ද, හේ වූ කලි අධිමාත්‍ර වූ ලෞකික භූමියෙහි යැ, හේ ආර්‍ය්‍ය ප්‍රයෝගයෙන් සක්කායදිට්ඨිය නො හරී. අධිමාත්‍ර වූ තජ්ජනිත භූමියෙහි යම් ප්‍රහාණයෙක් කියනුලැබේ ද එය යි. (?) එහි පස් ආකාරයෙකින් තජ්ජනිත භූමියෙහි අධිමාත්‍ර බව ලබයි: ශීලයෙන් ව්‍රතයෙන් බහුශ්‍රුත බැවින් සමාධියෙන් නෛෂ්ක්‍රම්‍යසුඛයෙන් යන පස්අයුරෙනි. එහි නොපත් මාර්‍ගයෙහි ප්‍රාප්ත යැ යන සංඥා ඇතියේ අධිමානය ගනී. මේ වස්තුහුගේ උත්පත්තියෙහි මැ බුදුහු මේ සූත්‍රය වදාරති: “ව්‍රතමාත්‍රයෙන් සිල්වත් වේ” යයි. එහි යමෙක් අප්පත්තයෙහි පත්තසඤ්ඤී වේ ද, ඔහුගේ යම් සමාධියෙක් වේ ද ඒ සමාධිය සාමිස යැ යළි ඒ සමාධිය කාපුරුෂසේවිත යැ, ‘කාපුරිය’ යි පෘථග්ජනයෝ කියනු ලැබෙත්. ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණ යම් ආමිසයක් (?) ලෞකික අනාර්‍ය්‍ය වේ ද, එහෙයින් සමාධිය අනාර්‍ය්‍ය කාපුරුෂසේවිත වෙයි, යළි යමෙක් ආර්‍ය්‍යාකාරයෙන් යථාභූත වැ නො දනී ද නො දකී ද, හේ අධිගමය දුරු කෙරෙයි. යමෙක් අකාපුරුෂසේවිත වූ නිරාමිස වූ ආර්‍ය්‍ය සමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරේද එහි ‘අකාපුරිස’ යි ආර්‍ය්‍ය පුද්ගලයෝ කියනු ලැබෙත්. ඒ ආර්‍ය්‍යයන් විසින් සෙවුනාලද යම් සමාධියෙක් වේ ද, ඒ සමාධිය ‘අකාපුරිස සේවිත’ නම් වේ. එහෙයින් තෙල ‘අයමහමස්මීති අනානුපස්සී තථාගතො’ යනු විභාග කොට ප්‍රකාශ කළයුතු යි. මේ ‘විභත්තිහාර’ යි.

9. තත්‍ථ කතමා පරිවත‍්තනා: ඉමාය දස‍්සනභූමියා කිලෙසා පහාතබ‍්බා, තෙහි පහීයන‍්ති අනිද‍්දිට‍්ඨාපි භගවතා නිද‍්දිසිතබ‍්බායො.

9. එහි ‘පරිවත්තනහාර’ කවරෙ යැ: මේ දර්‍ශනභූමියෙන් ක්ලේශයෝ ප්‍රහීණ කළ යුත්තාහුය, (තෙහි?) ප්‍රහීණ කරනු ලැබෙත්. භාග්‍යවතුන් විසින් නොදක්වන ලද්දාහු නමුදු දැක්වියැයුත්තාහුය.

10. තත්‍ථ කතමං වෙවචනං: යා සක‍්කායදිට‍්ඨියා අත‍්තදිට‍්ඨියා. අයං භූමි, යෙ කිලෙසා පහාතබ‍්බා, තෙ අප‍්පහීයන‍්ති. අනිද‍්දිට‍්ඨාපි භගවතා සස‍්සතදිට‍්ඨි ච උච‍්ඡෙදදිට‍්ඨි ච, සා පරියන‍්තදිට‍්ඨි ච, යා අපරියන‍්තදිට‍්ඨි ච. සා සස‍්සතදිට‍්ඨි ච, යා උච‍්ඡෙදදිට‍්ඨි සා නත්‍ථිකාදිට‍්ඨි. යා සස‍්සතදිට‍්ඨි, සා අකිරියදිට‍්ඨි, ඉදං වෙවචනං.

10. එහි ‘වෙවචන’ කවරැ: සත්කායදෘෂ්ටියට ආත්මදෘෂ්ටියට යම් මේ භූමියක් ඇද්ද, යම් ක්ලේශ කෙනෙක් ප්‍රහීණ කළ යුත්තාහු ද, ඔහු ප්‍රහීණ නොවෙත්. (?) (අනිද්දිට්ඨාපි භගවතා ... සා අකිරිය දිට්ඨි? ව්‍යාකුල තැනෙකි) මේ වෙවචන යි.

11. තත්‍ථ කතමා පඤ‍්ඤත‍්ති: තණ‍්හා සංයොජනපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා, මග‍්ගො පටිලාභපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තො. ඉන්‍ද්‍රියා පටිලාභපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තාති.

11. එහි ‘පඤ්ඤත්ති’ කවරැ: තණ්හාව සංයෝජනපඤ්ඤත්තියෙන් පනවන ලදු, මාර්‍ගය ප්‍රතිලාභපඤ්ඤත්තියෙන් පනවන ලද. ඉන්‍ද්‍රියයෝ ප්‍රතිලාභපඤ්ඤත්තියෙන් පනවන ලදහු යැ.

12. තත්‍ථ කතමො ඔතරණො: සක‍්කායො දුක‍්ඛං දස‍්සනා පහාතබ‍්බො. සමුදයො මග‍්ගො ඉන්‍ද්‍රියානි තානි ච නිද‍්දිට‍්ඨානි ඛන්‍ධධාතුආයතනෙසු.

12. එහි ‘ඕතරණ’ කවරෙ යැ: සත්කායය දුඃඛසත්‍ය යැ, දර්‍ශනයෙන් ප්‍රහීණ කළ යුත්තේ යැ, සමුදය ද මාර්‍ගය ද ඉන්‍ද්‍රියයෝ ද ස්කන්‍ධ ධාතු ආයතනයන්හි ලා දක්වනලද්දාහු යි.

13. තත්‍ථ කතමො සොධනො හාරො: යඤ‍්හි ආරබ‍්භ භගවතා ඉදං සුත‍්තං භාසිතං, සො ආරම‍්භො නිද‍්දිට‍්ඨො.

13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: යම් කරුණක් අරබයා භාග්‍යවතුන් විසින් මේ සූත්‍රය වදාරන ලද ද, ඒ (දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත) ආරම්භය දක්වන ලදි.

15. තත්‍ථ කතමො පරික‍්ඛාරො: නාමරූපස‍්ස හෙතු පච‍්චයොපි විඤ‍්ඤාණං හෙතු බීජං. තෙන අවිජ‍්ජා ච සඞ‍්ඛාරා ච පච‍්චයො. නිවන‍්තනියො න අපරො පරියායො සබ‍්බභවො, යෙ ච සබ‍්බභවස‍්ස හෙතු පරභණ‍්ඩපච‍්චයො, [?] ඉති සම‍්මාදිට‍්ඨියා පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො පච‍්චයො. යා පඤ‍්ඤා උප‍්පාදෙති. එසා හෙතු සම‍්මාදිට‍්ඨියා, සම‍්මාසඞ‍්කප‍්පො භවති, යා සම‍්මාසමාධි. අයං පරික‍්ඛාරො.

15. එහි ‘පරික්ඛාර’ කවරෙ යැ: නාමරූපයට විඤ්ඤාණය හේතු ද ප්‍රත්‍යය ද වෙයි. (තණ්හා සංඛ්‍යාත) බීජය හේතු යැ, එහෙයින් අවිද්‍යාව ද සංස්කාරයෝ ද ප්‍රත්‍ය ය,. (නිවත්තනියො. ... පරභණ්ඩපච්චයො?) මෙසේ සම්මාදිට්ඨියට පරතෝඝෝසය ද යෝනිසෝමනස්කාර ද ප්‍රත්‍යය වෙයි. යම් ප්‍රඥාවක් උපදවා ද, තෙල ප්‍රඥාව සම්මා දිට්ඨියට හේතු යැ, එයින් සම්මාසංකල්ප උපදී. (යා සම්මා සමාධි?) මේ පරික්ඛාර යි.

16. තත්‍ථ කතමො සමාරොපනො: ‘අයමහමස‍්මී’ති අසමනුපස‍්සී දුක‍්ඛතො රොගතො -පෙ- (පන‍්නරස පදානි.)

16. එහි ‘සමාරෝපන’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ දෘෂ්ටිවශයෙන් නො දක්නේ දුක්ඛ වශයෙන් රෝග වශයෙන් දකී. (පසළොස් පදයෝ දැක්විය යුත්තාහු ය.)