යෙදුමෙන් කියවන්න

7. 7

7. 7.

7. 7.

“සීලානි භන‍්තෙ, කිමත්‍ථියානි කිමානිසංසානි? සීලානි ආනන්‍ද, අවිප‍්පටිසාරත්‍ථානි” යාව විමුත‍්ති.

“ස්වාමීනි, (කුශල) ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු ද? කුමක් අනුසස් කොට ඇත්තාහු ද? ආනන්‍දය, ශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට ඇත්තාහු යැ.” විමුක්තිය දක්වා විස්තර යි. (දසකඞ්ගුත්තරයෙහි සූත්‍රය)

තත්‍ථ දුවිධො අත්‍ථො: පුරිසත්‍ථො ච වචනත්‍ථො ච.

එහි පුරුෂාර්‍ත්‍ථය ද වචනාර්‍ත්‍ථය දැයි අර්‍ත්‍ථය දෙවැදෑරුම් වෙයි.

තත්‍ථ කතමො පුරිසත්‍ථො: යායං න පච‍්ඡානුතාපිතා, අයං අවිප‍්පටිසාරො, අයං පුරිසත්‍ථො. යථා කොචි බ්‍රූහයති ඉමමත්‍ථ මාසෙවති සො භණෙය්‍ය, ‘කිඤ‍්ච මමෙත්‍ථ අධීනං තස‍්සත්‍ථාය ඉදං කිරියං ආරභාමී’ති. අයං පුරිසත්‍ථො.

එහි පුරුෂාර්‍ත්‍ථ කවරෙ යැ: යම් මේ පසුවැ නො තැවෙනබවක් ඇද්ද, මේ අවිප්පටිසාර යැ, මේ පුරුෂාර්‍ත්‍ථ යි. යම්සේ කිසිවෙක් (යමක්) වඩා ද, මේ අර්‍ත්‍ථය ආසේවන කෙරේ ද, හෙතෙම මෙසේ කියන්නේ යැ: ‘මෙහි ලා කිසිවක් මා අයත් වේ ද, ඒ සඳහා මේ ක්‍රියාව ආරම්භ කෙරෙමි යි, මේ පුරුෂාර්‍ත්‍ථ යි’.

තත්‍ථ කතමො වචනත්‍ථො: සීලානි කායිකං වා වාචසිකං වා සුචරිතං. අවිප‍්පටිසාරොති තත්‍ථ සීලස‍්ස වතස‍්ස ච භාසො යෙව අනඤ‍්ඤා සුකතකම‍්මතා සුචරිතං, අයං අවිප‍්පටිසාරො. එවං යාව විමුත‍්තීති එකමෙකස‍්මිං පදෙ ද‍්වෙ අත්‍ථා, පුරිසත්‍ථො ච වචනත්‍ථො ච. යථා ඉමම‍්හි සුත‍්තෙ එවං සබ‍්බෙසු සුත‍්තෙසු. ද‍්වෙ ද‍්වෙ අත්‍ථා. පරමත්‍ථො උත‍්තමත්‍ථො ච.

එහි වචනාර්‍ත්‍ථ කවරෙ යැ: සීලයෝ නම්: කායික හෝ වාචසික හෝ සුචරිත යැ. ‘අවිප්පටිසාර’ යනු: එහි ශීලයාගේ ද ව්‍රතයාගේ ද භාසය (දීප්තිය?) මැ යැ, අනෙකක් නො වේ. සුකෘත කර්‍ම ඇති බව සුචරිත යැ, මේ අවිප්පටිසාර යි. මෙසේ ‘විමුත්ති’ යනු දක්වා එකෙකි පදයෙහි පුරුෂාර්‍ත්‍ථ ද වචනාර්‍ත්‍ථ දැයි අර්‍ත්‍ථයෝ දෙදෙනෙක් වෙති. මේ සූත්‍රයෙහි යම් සේ ද, එපරිද්දෙන් සියලු සූත්‍රයන්හි පරමාර්‍ත්‍ථ ද උත්තමාර්‍ත්‍ථ දැයි දෙ දෙ අර්‍ත්‍ථයෝ වෙත්.

යං නිබ‍්බානසච‍්ඡිකං නිස‍්සාය යං සකං සච‍්ඡිකාතබ‍්බං භවති, සො වුච‍්චති කත‍්තබ‍්බස‍්ස කතාති. අයං පුන වෙවචනං සම‍්පජානාති. ඉමිනා නියුත‍්තත්‍ථමහිලබ‍්භන‍්ති වචනත්‍ථො.

(යං නිබ්බානසච්ජිකං ... වචනත්‍ථො? මුළු වාක්‍යයම ව්‍යාකුලය. විමසන්නේ මැනැවි.)

තත්‍ථ යං අත්‍ථං සාවකො අභිකඞ‍්ඛති, තස‍්ස යො පටිලාභො, අයං පුරිසත්‍ථො. යං යං භගවා ධම‍්මං දෙසෙති, තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස යා අත්‍ථවිඤ‍්ඤත‍්ති, අයං අත්‍ථො.

එහි යම් අර්‍ත්‍ථයක් ශ්‍රාවක කැමැති වේ ද, ඔහුගේ යම් ප්‍රතිලාභයෙක් වේ ද, මේ පුරුෂාර්‍ත්‍ථ යැ, බුදුහු යම් යම් දහමක් දෙසන සේක් ද, ඒ ඒ ධර්‍මයාගේ යම් අර්‍ත්‍ථවිඥප්තියක් ඇද්ද, මේ අර්‍ත්‍ථ යැ.

තත්‍ථ සීලානං අවිප‍්පටිසාරො අත්‍ථොපි ආනිසංසොපි. එසො ච ආනිසංසො යං දුග‍්ගතිං න ගච‍්ඡති, යථා තං භගවතා.

එහි ශීලයන්ගේ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ ද ආනිසංස ද වෙයි. තෙල ආනිසංසය ද දුගතියට නොයෙයි යන යමක් ඇද්ද එය යි. භාග්‍යවතුන් විසින් එය මෙසේ වදාරන ලද:

“එසානිසංසො ධම‍්මෙ සුචින‍්නෙ.

දාන සීලාදි කුශල ධර්‍මය පරිචිත කල්හි තෙල අනුසස් වෙයි:

න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී” අයං අත්‍ථො.

ධර්‍මචාරී පුද්ගල නිරයාදි දුගතියට නො යේ යයි. මේ අර්‍ත්‍ථ යි.

යං පුරිසො භාවනාභූමියං සීලානි ආරබ‍්භ සීලෙන සංයුත‍්තො හොති, එවං යාව විමුත‍්ති යථා සීලක‍්ඛන්‍ධො.

යම් හෙයකින් පුරුෂ භාවනාභූමියෙහි සිල් අරබයා සීලයෙන් යුක්ත වූයේ වේ ද, ශීල ස්කන්‍ධ යම්සේ ද එපරිදි විමුක්තිය දක්වා (විස්තර යි.)

තත්‍ථ යො ච අවිප‍්පටිසාරො අනුසයවසෙන නිද‍්දිට‍්ඨො, තං ච සීලං, අයං සීලක‍්ඛන්‍ධො. පාමොජ‍්ජපීතිපස‍්සද‍්ධීති ච සමාධින්‍ද්‍රියෙන, අයං සමාධික‍්ඛන්‍ධො. යං සමාහිතො යථාභූතං පජානාති, අයං පඤ‍්ඤාක‍්ඛන්‍ධො. ඉමෙ තයො ඛන්‍ධා සීලං සමාධි පඤ‍්ඤා ච.

එහි යම් අවිප්පටිසාරයෙන් අනුසය වශයෙන් දක්වන ලද ද. ඒ සීලය ද (අවිප්පටිසාර) විසින් දක්වන ලදි. මේ ශීලස්කන්‍ධ යි. පාමොජ්ජ පීති පස්සද්ධි යනු ද සමාධීන්‍ද්‍රියයෙන් (සංගෘහීත යැ.) මේ සමාධිස්කන්‍ධ යි. යම් හෙයෙකින් සමාහිත වූයේ තත්‍වාකාරයෙන් දැනගනී ද, මේ ප්‍රඥාස්කන්‍ධ යි. සීල සමාධි පඤ්ඤා යන මේ තුන් ස්කන්‍ධයෝ යි.

තථා සීලං, පරිපූරෙති යං විරියින්‍ද්‍රියං තෙන කාරණෙන සො සීලං පරිපූරෙති, අනුප‍්පන‍්නස‍්ස ච අකුසලස‍්ස අනුප‍්පාදාය වායමති. උප‍්පන‍්නස‍්ස ච පහානාය අනුප‍්පන‍්නස‍්ස ච කුසලස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස ච කුසලස‍්ස භිය්‍යොභාවාය, ඉති විරියින්‍ද්‍රියං නිද‍්දිට‍්ඨං. තත්‍ථ යො සමාධික‍්ඛන්‍ධො, ඉදං සමාධින්‍ද්‍රියං. පඤ‍්ඤාක‍්ඛන්‍ධො පඤ‍්ඤින්‍ද්‍රියං. තං චතුසු සම‍්මප‍්පධානෙසු දට‍්ඨබ‍්බං. තථා යො අනුප‍්පන‍්නස‍්ස ච අකුසලස‍්ස අනුප‍්පාදාය වායමති, ඉදං පඨමං සම‍්මප‍්පධානං. යං උප‍්පන‍්නස‍්ස ඉදං දුතියං, චත‍්තාරි සම‍්මප‍්පධානානි චතුසු ඣානෙසු පස‍්සිතබ‍්බානි. තථා සීලක‍්ඛන්‍ධෙන නෙක‍්ඛම‍්මධාතු ච ආදිකා.

එපරිද්දෙන් යම් විරියිඉන්‍ද්‍රියයක් ඇද්ද (එයින්) සිල් පුරයි. එ කරුණෙන් හේ සිල් පුරයි: නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කරයි, උපන් අකුශලයාගේ ප්‍රහාණය පිණිස ද නූපන් කුශලයාගේ ඉපැදීම පිණිස ද උපන් කුශලයාගේ බහුලභාවය පිණිස ද වෑයම් කරයි. මෙසේ විරියින්‍ද්‍රිය දක්වන ලදි. එහි යම් සමාධිස්කන්‍ධයෙක් ඇද්ද මේ සමාධින්‍ද්‍රිය යි. ප්‍රඥාස්කන්‍ධය පඤ්ඤින්‍ද්‍රිය යි. එය සතර සම්‍යක්ප්‍රධානයෙහි ලා දතයුතු. එසේ ම යමෙක් නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කෙරේ ද, මේ පළමුවන සම්මප්පධාන යැ, උපන් අකුශලයාගේ ... මේ දෙවැන්න යැ. සතර සම්‍යක්ප්‍රධානයෝ සතර ධ්‍යානයන්හි දැක්කයුත්තාහු යැ. එසේ මැ ශීලස්කන්‍ධයෙන් නෙක්ඛම්මධාතුව ද ආදිය වේ.

තයො ච විතක‍්කා නෙක‍්ඛම‍්මවිතක‍්කො අබ්‍යාපාදවිතක‍්කො අවිහිංසාවිතක‍්කො ච සාධාරණභූතා යා පියායමානස‍්ස පාමොජ‍්ජෙන ඉදං කායිකං සුඛං ආනිතං අනියමීති පෙමෙන? ඉදං දුක‍්ඛං. යො තත්‍ථ අවික‍්ඛෙපො, අයං සමාධි. ඉදං පඤ‍්චඞ‍්ගිකං පඨමං ඣානං.

නෙක්ඛම්මවිතක්ක යැ අව්‍යාපාදවිතක්ක යැ අවිහිංසාවිතක්කය දැයි සාධාරණ වූ තුන් විතර්‍කයෝ වෙති. (යා පියායමානස්ස ... ඉදං දුක්ඛං?) එහි යම් අවික්‍ෂේපයෙක් වේ ද මේ සමාධි යැ, මේ පඤ්චාංගික ප්‍රථමධ්‍යාන යි.

යා චෙතසිකා පස‍්සද‍්ධි සවිතක‍්කං සවිචාරං විරොධානං. යො කිලෙසො ච පරිදාහො, සො පඨමෙ ඣානෙ නිරුද‍්ධො. තත්‍ථ යා ච කිලෙසපස‍්සද‍්ධි යා ච විතක‍්කවිචාරානං පස‍්සද‍්ධි, උභයෙපි එතෙ ධම‍්මෙ පස‍්සද‍්ධියං. තත්‍ථ කායස‍්ස චිත‍්තස‍්ස ච සුඛං සුඛායනා, අයං පීතිසුඛිනො පස‍්සද‍්ධි, යොපි එකොදිභාවො චිත‍්තස‍්ස, තෙන එකොදිභාවෙන යං චිත‍්තස‍්ස අජ‍්ඣත‍්තං සම‍්පසාදනං, ඉදං චතුත්‍ථං ඣානඞ‍්ගං. ඉති අජ‍්ඣත‍්තං ච සම‍්පසාදො චෙතසො ච එකොදිභාවො පීති ච සුඛං ච, ඉදං දුතියං ඣානං චතුරඞ‍්ගිකං.

යම් චෛතසික පස්සද්ධියක් ඇද්ද, සවිතර්‍ක වූ සවිචාර වූ (විරෝධානං?) පරිදාහ වූ යම් ක්ලේශයෙකුත් ඇද්ද, එය ප්‍රථම ධ්‍යානයෙහි නිරුද්ධ යැ. එහි යම් කිලේසපස්සද්ධියකුත් ඇද්ද විතක්ක විචාරයන්ගේ යම් පස්සද්ධියකුත් ඇද්ද, තෙල දහම් දෙක මැ පස්සද්ධිවේ. (?) එහි කායයාගේ ද චිත්තයාගේ ද යම් සුවයෙක් සුඛාකාරයෙක් ඇද්ද, මේ ප්‍රීතිසුඛ ඇත්තහුගේ පස්සද්ධි වෙයි. චිත්තයාගේ යම් ඒකෝදිභාවයෙක් ඇද්ද ඒ ඒකෝදිභාවය හේතු කොට චිත්තයාගේ අධ්‍යාත්මයෙහි යම් සම්ප්‍රසාදයෙක් වේද, මේ සතරවැනි ධ්‍යානාඞ්ග යැ, මෙසේ අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද චිත්තයාගේ ඒකෝදිභාවය ද ප්‍රීතිය ද සුඛය ද යන මේ දෙවැනි ධ්‍යානය සතර අංගයෙක් ඇත්තේ යැ.

යො පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, තෙන අධිමත‍්තෙන සුඛෙන ඵරිත්‍වා සුඛං චෙතසිකං යං, සො පීතිවීතරාගො, එවං තස‍්ස පීතිවීතරාගතාය උපෙක‍්ඛං පටිලභති, සො පීතියා ච විරාගා උපෙක‍්ඛං පටිලභති, සුඛං ච පටිසංවෙදෙති, සති ච සම‍්මප‍්පඤ‍්ඤාය පටිලභති, සචෙ සති එකග‍්ගතා, ඉදං පඤ‍්චඞ‍්ගිකං තතියං ඣානං.

යමෙක් සැහැල්ලු වූ කය ඇතියේ සුව විඳී ද, ඒ අධිමාත්‍ර වූ සුඛයෙන් පැතිරැ යම් චෛතසික සුඛයක් විඳී ද, ඒ ප්‍රීතිවිරාගය යි. මේ මෙසේ ඒ ප්‍රිතිවිරාගතායෙන් උපේක්‍ෂාව ලබයි. හේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂාව ලබයි. කායික සුවය ද විඳී, සම්‍යක් ප්‍රඥායෙන් ස්මෘතිය ද ලබයි. (සචෙ සති ඒකග්ගතා?) මේ පඤ්චාඞ්ගික වූ තෘතීය ධ්‍යාන යි.

යං සුඛිනො චිත‍්තං සමාධියති, අයං එකග‍්ගතාය පරාවිධානො, විධානභාගියා පඨමෙ ඣානෙ අත්‍ථි චිත‍්තෙකග‍්ගතා නො චක‍්ඛුස‍්ස වෙදනා, සබ‍්බං පාරිපූරිං ගච‍්ඡති. යථා චතුත්‍ථෙ ඣානෙ තථා යා උපෙක‍්ඛා පස‍්සම‍්භයං සතිසම‍්පජඤ‍්ඤං චිත‍්තෙකග‍්ගතා ච, ඉදං චතුත්‍ථං ඣානං.

යම් හෙයෙකින් සුව ඇතියහුගේ සිත සමාධියට යේ ද, මේ ඒකාග්‍රතායෙන් (පරාවිධානෝ විධානාභාගියා?) ප්‍රථම ධ්‍යානයෙහි චිත්තෛකාග්‍රතා ඇත, චක්‍ෂුස්හුගේ වේදනා නො වේ. සියල්ල පිරීමට යෙයි. (?) චතුර්‍ත්‍ථධ්‍යානයෙහි යම්සේ ද, එපරිද්දෙන් යම් උපේක්‍ෂාවෙක් ඇද්ද, එය යටපත් කෙරෙමින් සතිසම්පජඤ්ඤය ද චිත්තෙකග්ගතාව ද වේ. මේ චතුර්‍ත්‍ථ ධ්‍යාන යි.

යථා සමාධි දස‍්සයිතබ‍්බො තථා පඤ‍්ඤින්‍ද්‍රියං තං චතුසු අරියසච‍්චෙසු පස‍්සිතබ‍්බං. යං සමාහිතො යථාභූතං පජානාති, සා පජානනා චතුබ‍්බිධා: අසුභතො අනිච‍්චතො, දුක‍්ඛතො අනත‍්තතො ච, යදාරම‍්මණං තං දුක‍්ඛං අරියසච‍්චං, යං පජානන‍්තො නිබ‍්බින්‍දති විමුච‍්චති අයං මග‍්ගො තථා යං කාමාසවස‍්ස පහානං භවාසවස‍්ස දිට‍්ඨාසවස‍්ස අවිජ‍්ජාසවස‍්ස, අයං නිරොධො, අප‍්පහීනභූමියං ආසවා සමුදයො ඉමානි චත‍්තාරි අරියසච‍්චානි යථා පඤ‍්ඤින්‍ද්‍රියං පස‍්සිතබ‍්බං යථායං සමාහිතො යථාභූතං පජානාති, අයං දස‍්සනභූමි, සොතාපත‍්තිඵලං ච. යථාභූතං පජානන‍්තො නිබ‍්බින්‍දතීති ඉදං තනුකං ච කාමරාගබ්‍යාපාදං සකදාගාමිඵලං ච. යං නිබ‍්බින්‍දති විරජ‍්ජති, අයං පඨමජ‍්ඣානභාවනාභූමි ච රාගවිරාගා චෙතොවිමුත‍්ති අනාගාමිඵලං ච. යං විමුත‍්ති වුච‍්චති, අයං අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති අරහත‍්තං ච.

යම්සේ සමාධි දැක්විය යුත්තේ ද, එසෙයින් පඤ්ඤින්‍ද්‍රිය දැක්වියැ යුතු. එය සතර ආර්‍ය්‍ය සත්‍යයෙහි ලා දැක්ක යුතු. සමාහිත වූයේ යම් දහමක් යථාභූත වැ දැනගනී ද, ඒ පජානනය සිව්වැදැරුම් වෙයි: අශුභ වශයෙන් දුඃඛ වශයෙන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැයි කියායි. යම් ආලම්බනයෙක් ඇද්ද, එය දුඃඛාර්‍ය්‍ය සත්‍ය යැ, යමක් දැන ගනිමින් නිර්වේදයට පැමිණේ ද විමුක්ත වේ ද, මේ මාර්‍ගසත්‍ය යැ, යම් කාමාස්‍රවයාගේ ප්‍රහාණයෙක් භවාසව - දිට්ඨාසව - අවිජ්ජාසවයාගේ ප්‍රහාණයෙක් ඇද්ද, මේ නිරෝධ යැ, අප්‍රහීණභුමියෙහි ආස්‍රවයෝ සමුදය සත්‍ය යැ. මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ යි. යම්සේ පඤ්ඤින්‍ද්‍රිය දැක්කයුතු ද, යම් සේ මේ (පුද්ගල) සමාහිත වූයේ යථාභූත වැ දැනගනී ද, මේ දර්‍ශනභූමි ද සෝතාපත්තිඵලය ද වේ. යථාභූතව විදසුන් නැණින් දැනගන්නේ නිර්වේදයට පැමිණෙයි යන මෙය තුනී වූ කාමරාගව්‍යාපාදය ද සකදාගාමිඵලය ද වෙයි. නිර්වේදයට විරාගයට පැමිණෙයි යන මෙය ප්‍රථමධ්‍යාන භාවනාභූමි ද රාගවිරාගචේතෝ විමුක්ති ද අනාගාමිඵල ද වෙයි. යමක් ‘විමුක්ති’ යි කියනු ලැබේ ද, මේ අවිජ්ජා විරාග පඤ්ඤාවිමුක්ති ද රහත් ඵල ද වේ.

ඉමෙ අවිප‍්පටිසාරා ච විරියින්‍ද්‍රියං ච චත‍්තාරො සම‍්මප‍්පධානා අවිප‍්පටිසාරා, තං ච උපරි යාව සමාධි, එවං තෙ චත‍්තාරි ඣානානි සමාධින්‍ද්‍රියං ච, යං සමාහිතො යථාභූතං පජානාති. ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා සීලපාරිපූරිමුපාදාය චාගසංහිතෙන ච නිබ‍්බෙධිකානං ච නිමිත‍්තානං අනාවිලමනා, ඉදං සතින්‍ද්‍රියං චත‍්තාරො සතිපට‍්ඨානා. යං පුන ඉමාය ධම‍්මදෙසනාය තීසු ඨානෙසු දිට‍්ඨොගමනකින්‍ද්‍රියං කිලෙසපහානෙන ච සෙක‍්ඛසීලං, ඉදං සද‍්ධින්‍ද්‍රියං චත‍්තාරි ච සොතාපත‍්තියඞ‍්ගානි ඵලානි. සමාධින්‍ද්‍රියානි සොපනියාහාරීනි සබ‍්බසුත‍්තෙසු නිද‍්දිසිතබ‍්බානි යං ඣානං පටිලභනං විරියගහිතං යෙව ඤාණං පටිස‍්සරතො, අයං සුතමයී පඤ‍්ඤා යො සමාධි පුබ‍්බාපරනිමිත‍්තාභාසො අනොමගතිතාය යථාකාමො, අයං චින‍්තාමයී පඤ‍්ඤා. යං තථා සමාහිතො යථාභූතං පජානාති, අයං භාවනාමයී පඤ‍්ඤා. අයං සුත‍්තනිද‍්දෙසො.

මේ අවිප්පටිසාරයෝ ද විරියින්‍ද්‍රිය ද සතර සම්‍යක්ප්‍රධානයෝ ද, අවිප්පටිසාරයෝ යි. එ ද මතුයෙහි සමාධිය දක්වා වෙයි. (ඉමෙ අවිප්පටිසාරා ච ... එසො සුත්තනිද්දේසො? මෙහි දක්වන විස්තරය බෙහෙවින් ආකූලව ඇත. විමසන්නේ මැනැවි.)

මේ අප්පටිසාරයෝ ද විරිය ඉන්‍ද්‍රිය ද, සතර සම්ප්‍රදානයෝද, අප්පටිසාරයෝම වෙති. එය මත්තෙහි සමාධිය දක්වා වේ. මෙසේ ඒ ධ්‍යාන සතරද සමාධි ඉන්‍ද්‍රිය ද සන්සිඳුනා වූ යමක් වේ ද එයද යථා පරිද්දෙන් දැන ගන්නේ ය. මේ සතර සතිපට්ඨානයෝ ශීලය සම්පූර්‍ණ කිරීමේ සිට පරිත්‍යාගයෙන් යුක්ත වූවන්ට ද, තියුණු අවබෝධයෙන් යුක්ත වූවන්ට ද නිමිති වූ නොකැලැල් සිත් ඇත්තේමය. මේ සතින්‍ද්‍රියයෙහි සතර සතිපට්ඨාන යයි. මේ ධර්‍ම දේශනාවෙත්, යමක් වනාහි ත්‍රිවිධ ස්ථානයන්හි ඉන්‍ද්‍රිය කෙලෙස් ප්‍රහාණයෙන් ශෛක්‍ෂ ශීලය වඩාද මෙය සද්ධා ඉන්‍ද්‍රිය වේ. සෝතාපත්ති අංග සතරෙහි ඵලයෝය. සමාධි ඉන්‍ද්‍රිය සියලු සූත්‍රයන්හිත් නිර්දේශ කර දක්වන ලද්දේ වෙයි. යම් ධ්‍යානයක් ලබන්නේ වීර්‍ය්‍යයෙන් ගන්නා ලද ඤාණයම ශ්‍රැතමය ප්‍රඥාව වේ. පූර්‍වාපර නිමිති නමැති ආලෝකයෙන් යම් සමාධියක් කැමති පරිදි ලබන්නේ ද එය ලාමක නොවන ගති ඇත්තේය. මෙය චින්තාමය ප්‍රඥාව හෙවත් සිතීමෙන් ඇති කරගන්නා වූ නුවණය. එසේ සන්සිඳුනු සිතින් යමක් ඇති පරිද්දෙන් දැන ගන්නේ ද මෙය භාවනාමය ප්‍රඥාවයි. මෙය සූත්‍රවල දක්වා ඇති ආකාරයයි.

ඉමං සුත‍්තං නිබ‍්බෙධභාගියං බුජ‍්ඣකාරධිකං බුජ‍්ඣිතබ‍්බං. යෙහි අඞ‍්ගෙහි සමන‍්නාගතා. තං බුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අඞ‍්ගානි බුජ‍්ඣිස‍්සන‍්ති, තෙන බොජ‍්ඣඞ‍්ගා. තථා ආදිතො යාව සීලං වතං චෙතනා කරණීයා, කිස‍්ස සීලානි පරිපූරෙති.

මේ සූත්‍ර ධර්‍මය තියුණු අවබෝධ ඇති, අවබෝධ කර ගැනීමෙහි සමත් ඇත්තන් විසින්ම අවබෝධ කරගත යුතුයි. යම් අංගයන්ගෙන් යුක්ත වූ එය අවබෝධ කර ගන්නහු ද එහි කොටස් අවබෝධ කර ගන්නහු ද එය බෝධි අංග නම් වේ. එසේ මුල සිට සීලය දක්වා සිතිවිල්ල කළ යුතුය. ආදියේ පටන් සීල චේතනා පුහුණු නො කරන්නේ නම් කෙසේ සිල් පිරෙන්නේද.

අනුප‍්පන‍්නස‍්ස ච අකුසලස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස ච අකුසලස‍්ස පහානාය අනුප‍්පන‍්නස‍්ස කුසලස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස ච කුසලස‍්ස භිය්‍යොභාවාය, ඉදං විරියං තස‍්ස තස‍්ස බුජ‍්ඣනකස‍්ස අඞ‍්ගන‍්ති. අයං විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමිනා විරියෙන ද‍්වෙ ධම‍්මා ආදිතො අවිප‍්පටිසාරො පාමොජ‍්ජඤ‍්ච යා පුන පීති අවිප‍්පටිසාරපච‍්චයා පාමොජ‍්ජපච‍්චයා, අයං පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, යං පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, අයං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො. තෙන කායිකසුඛමානීතං යං සුඛිනො චිත‍්තං සමාධියති, අයං සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො. යං සමාහිතො යථාභූතං පජානාති අයං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො. යා සීලමුපාදාය පඤ‍්චන‍්නං බොජ‍්ඣඞ‍්ගානං උපාදායානුලොමතා නිමිත‍්තායනා පීතිභාගියානං ච විසෙසභාගියානං ච අපිලාපනතාසහගතා හොති, අනවමග‍්ගො අයං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො. යං යථාභූතං පජානාති අච‍්චාරද‍්ධවිරියං කරොති, උද‍්ධච‍්චභූමීති කතා අභිපත්‍ථිතං පෙසෙති, කොසජ‍්ජභූමීති ගරහිතො රහිතෙහි අඞ‍්ගෙහි බුජ‍්ඣති යං චක‍්ඛුසමථපථං, සා උපෙක‍්ඛාති. තෙන සා උපෙක‍්ඛා තස‍්ස බොජ‍්ඣඞ‍්ගස‍්ස අඞ‍්ගන‍්ති කරිත්‍වා උපෙක‍්ඛා සම‍්බොජ‍්ඣඞ‍්ගොති වුච‍්චතෙ, එසො සුත‍්තනිද‍්දෙසො.

නූපන්නා වූ අකුසලයන්ගේ නො ඉපදීම පිණිසද, උපන්නා වූ අකුසලයන්ගේ ප්‍රහාණය පිණිසද, නූපන්නා වූ කුසලයන්ගේ ඉපදීම පිණිස ද, උපන්නා වූ කුසලයන්ගේ වැඩි දියුණුව පිණිසද, මේ වීර්‍ය්‍යය ය අවබෝධ කරගන්නාගේ අංගයෝ වෙති. මේ වීර්‍ය්‍යය බෝධි අංගයයි. මෙම වීර්‍ය්‍යයෙන් විපිළිසරට පත් නොවීම ද ප්‍රමුදිත බවද මුල සිටම පවත්නේමය.

විපිළිසරට පත් නොවීමෙන් හා ප්‍රමුදිත බවින් යුක්තවේ ද එය ප්‍රීති සම්බෝධි අංගයයි. යම් ප්‍රීති සහගත වූ මනසකින් සන්සුන් වේ ද නිවියේ ද මේ පස්සද්ධි බෝධි අංගයයි. ඔහු විසින් ශාරීරික සුවය එළවන ලද්දේ ද සැපවත් වූ සන්සුන් වූ සතකින් යුත්ත වේ ද එය සමාධි බෝධි අංගයයි. සමාහිත වූ සිතක් ඇති තැනැත්තේ එය යථා පරිදි දැන ගනී ද මේ ධම්මවිචය බෝධ්‍යංගයයි. සීලයේ පටන් බෝධි අංග පහක් දක්වා ගැළපෙන නිමිති ග්‍රහණය කරන්නන්ගේ ද ප්‍රීතියෙන් යුත්ත වන්නන්ගේ ද විශේෂතාවයන්ගෙන් නො ඉලිප්පෙන ස්වභාවයක් වේ ද, නොමගට නොයමක් වේ ද, මෙය සති බෝධි අංගයයි. යමක් ඇති පරිද්දෙන් දැනගනු ලබන්නේ ද දැඩි වීර්‍ය්‍යයෙන් ක්‍රියාත්මක කරන්නේ ද, උද්ධච්ච භූමිය සඳහා ප්‍රාර්‍ත්‍ථනා කරන ලද්දේද එම ප්‍රාර්‍ත්‍ථනා වෙන කෝසජ්ජ භූමිය ගර්‍හා කරන ලද්දේද වේ. චක්ඛු සම්පස්සජයෙන් යමක් අවබෝධ කර ගනී ද එය උපේක්‍ෂාවයි. එයින් එම උපේක්‍ෂාව නම් වූ බෝධි අංගයෙහි කොටසක් ලෙස ගෙන උපෙක්ඛා බෝධි අංගයයි කියන ලදි. මෙය සූත්‍ර නිර්දේශයයි.

1. තත්‍ථ කතමා දෙසනා: අස‍්මිං සුත‍්තෙ චත‍්තාරි අරියසච‍්චානි දෙසිතානි.

1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ දෙසන ලද්දාහු යැ.

2. තත්‍ථ කතමො විචයො: “සීලවතො අවිප‍්පටිසාරො” යාව විමුත‍්ති, ඉමිස‍්සාය පුච‍්ඡාය මිනිකිමත්‍ථස‍්සමීති’? ද‍්වෙ පදානි පුච‍්ඡා, ද‍්වෙ පදානි විසජ‍්ජනානි, ද‍්වීහි පදෙහි ද‍්වෙ අභිඤ‍්ඤා ද‍්වීහි චෙව පදෙහි විසජ‍්ජනා, කිං පුච‍්ඡති, නිබ‍්බාධිකං කායභූමිං. කම‍්මස‍්ස තථා හි පතිට‍්ඨා ච අසෙක‍්ඛෙ ධම‍්මෙ උප‍්පාදෙති.

2. එහි ‘විචය’ කවරෙ යැ: ‘සිල්වත්හට අවිප්පටිසාරය වෙයි, විමුක්තිය යනු දක්වා විස්තර යැ. මේ පුච්ඡායෙහි (මිනි කිමත්‍ථස්ස මීති?) පුච්ඡා පද දෙකෙකි, විසඳුම් පද දෙකෙකි. දෙපදයෙකින් දතයුතු දෙකෙකි, දෙපදයෙකින් විසඳුම් වෙති. කුමක් පුළුවුසී යැ යත්: කර්‍මයාගේ නිර්බාධ වූ කායභූමිය විචාරයි. ඒ එසේ මැ යැ. අශෛක්‍ෂ ධර්‍මයෙහි ප්‍රතිෂ්ඨාව ද උපයයි.

3. තත්‍ථ කතමා යුත‍්ති: “සීලවතො අවිප‍්පටිසාරො භවති”, කිං නිච‍්ඡන්‍දස‍්ස ච විරාගො අත්‍ථි, එසා යුත‍්ති.

3. එහි ‘යුක්ති’ කවර: සිල්වත්හට අවිප්පටිසාරය වෙයි, කිම නිච්ඡන්‍ද වූවහුට විරාගය ඇද්ද, තෙල යුත්ති යැ.

4. තත්‍ථ කතමං පදට‍්ඨානං: විරියං විරියින්‍දියස‍්ස පදට‍්ඨානං. සමාධි සමාධින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං.

4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: වීර්‍ය්‍යය විරියින්‍ද්‍රියට පදට්ඨාන යැ, සමාධිය සමාධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, වීර්‍ය්‍යය අදෝසයට පදට්ඨාන යැ, සමාධිය අලෝභයට පදට්ඨාන යැ, ප්‍රඥාව අමෝහයට පදට්ඨාන යැ, විරියින්‍ද්‍රිය සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන තුන් මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යැ, සමාධින්‍ද්‍රිය සම්මාසංකප්ප සම්මාවායාම සම්මාසමාධි යන තුන් මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යැ, පඤ්ඤින්‍ද්‍රිය සම්මාසති සම්මාදිට්ඨි යන දෙ මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යි.

5. තත්‍ථ කතමො, ලක‍්ඛණො: සීලක‍්ඛන්‍ධෙ වුත‍්තෙ සබ‍්බෙ තයො ඛන්‍ධා වුත‍්තා භවන‍්ති සීලම‍්හි වුත‍්තෙ සෙසධම‍්මානං සීලං හෙතු ච පච‍්චයො ච, තෙ සබ‍්බෙ ධම‍්මා වුත‍්තා හොන‍්ති, එකම‍්හි බොධියපක‍්ඛියධම‍්මෙ වුත‍්තෙ සබ‍්බෙ බොධඞ‍්ගමනීයා ධම‍්මා වුත‍්තා භවන‍්ති.

5. එහි ‘ලක්ඛණ’ කවරෙ යැ: ශීලස්කන්‍ධය කී කල්හි සියලු තුන් ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. ශීලය කී කල්හි ශේෂ ධර්‍මයන්ට ශීලය හේතු ද ප්‍රත්‍යය ද වෙයි. (එහෙයින්) ඒ සියලු ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. එක් බෝධිපාක්‍ෂික ධර්‍මයක් කී කල්හි සියලු මාර්‍ගඥාන බෝධියට යන ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉමස‍්මිං සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙ අවිප‍්පටිසාරෙන ඡන්‍දිකා තෙ සීලපාරිපූරී භවන‍්ති, පාමොජ‍්ජච‍්ඡන්‍දා අවිප‍්පටිසාරී පාරිපූරී. අයං එත්‍ථ භගවතො අධිප‍්පායො. -පෙ- අයං චතුබ්‍යූහො හාරො.

6. එහි ‘චතුබ්‍යුහ’ හාරය කවරෙ යත්: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අවිප්පටිසාරයෙහි ඡන්‍දය ඇත්තාහු ද, ඔහු සිල් පුරන්නාහු වෙති, ප්‍රාමෝද්‍යයෙහි ඡන්‍දය ඇත්තාහු අවිප්‍රතිසාරය පුරන්නාහු වෙත්. මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යැ ... මේ චතුබ්‍යුහ හාර යි.

7. තත්‍ථ කතමො ආවත‍්තො: ඉදං සුත‍්තං නිබ‍්බෙධභාගියං, යො නිබ‍්බෙධො අයං නිරොධො, යෙන නිබ‍්බින්‍දති, සො මග‍්ගො, යං නිරුජ‍්ඣති, තං දුක‍්ඛං, යං නිබ‍්බෙධගාමිනා මග‍්ගෙන පහීයති, සො සමුදයො, අයං ආවත‍්තො.

7. එහි ‘ආවට්ට’ හාර කවරෙ යැ: මේ සූත්‍රය නිබ්බේධභාගිය යැ, යම් නිර්වේදයෙක් වේ ද මේ නිරෝධ යැ, යමක් හේතු කොට නිර්වේදයට යේ ද, ඒ මාර්‍ග යැ, යමක් නිරුද්ධ වේ ද ඒ දුඃඛ යැ, යමක් නිර්‍වෙදගාමී මාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද, හේ සමුදය යැ, මේ ආවට්ටහාර යි.

8. තත්‍ථ කතමා විභත‍්තී: “සීලවතො අවිප‍්පටිසාරො”ති විභජ‍්ජබ්‍යාකරණීයං, පරාමසන‍්තස‍්ස නත්‍ථි අවිප‍්පටිසාරො, යාව දොසකතං කායෙන වා වාචාය වා අකුසලං ආරභති, කිඤ‍්චි’පිස‍්ස එවං හොති, සුකතං එතං සුචරිතං එතං නොච’ස‍්ස තෙන අවිප‍්පටිසාරෙන පාමොජ‍්ජං ජායති, යාව විමුත‍්ති, තස‍්ස සීලවතො අවිප‍්පටිසාරොති විභජ‍්ජබ්‍යාකරණීයං, අයං ‘විභත‍්තිහාරො’.

8. එහි ‘විභත්ති’ කවර යත්: “සීලවතෝ අවිප්පටිසාරො” යනු විභාග කොට ප්‍රකාශ කළයුතු යැ, (දෘෂ්ටි විසින්) පරාමර්‍ශ කරන්නහුට අවිප්පටිසාරයෙන් නැත, යම්තාක් කයින් හෝ වචනයෙන් හෝ ද්වේෂසහගත අකුශලය අරඹා ද, එතෙකුදු වත් ඔහුට මේ සිත වෙයි. ‘තෙල සුකෘත යැ තෙල සුචරිත යැයි’ ඔහුගේ ඒ අවිප්පටිසාරයෙන් ප්‍රාමෝද්‍යය නො ද උපදී, විමුක්ති දක්වා විස්තර යි. ඒ සිල්වත්හට අවිප්පටිසාරය වෙයි යනු විභාග කොට පැවැසියැ යුතු. මේ ‘විභත්තිහාර’ යි.

9. කත්‍ථ කතමො පරිවත‍්තනො: ඉමෙහි සත‍්තහි උපනිස‍්සය සම‍්පත‍්තීහි එකාදස උපනිසා විභත‍්තියං පජහන‍්ති, අයං පරිවත‍්තනො.

9. එහි ‘පරිවත්තහාර’ කවරෙ යැ: මේ සත්වැදෑරුම් උපනිශ්‍රය සම්පත්තීන්ගෙන් එකොළොස් කරුණක් දුරුකෙරෙති, මේ ‘පරිවත්තන’ හාර යි.

10. තත්‍ථ කතමො වෙවචනො: ඉමෙසං අරියධම‍්මානං බල බොජ‍්ඣඞ‍්ගවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං ඉමානි වෙවචනානි.

10. එහි ‘වෙවචන’ කවරෙ යත්: මේ ආර්‍ය්‍යධර්‍ම වූ බල - බොජඞ්ග - විමොක්ඛ - සමාධි - සමාපත්තීන්ට මේ වෙවචනයෝ යි.

11. තත්‍ථ කතමා පඤ‍්ඤත‍්ති: සීලවතො අවිප‍්පටිසාරොති සීලක‍්ඛන්‍ධො නෙක‍්ඛම‍්මපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං, නිස‍්සජ‍්ජපඤ‍්ඤත‍්ති ච එවං දස අඞ‍්ගානි ද‍්වීහි ද‍්වීහි අඞ‍්ගෙහි පඤ‍්ඤත‍්තානි.

11. එහි ‘පඤ්ඤත්ති’ කවර යත්: “සීලවතෝ අවිප්පටිසාරො” යි ශීලස්කන්‍ධය නෙක්ඛම්මපඤ්ඤත්තියෙන් පනවන ලද, (නිස්සජ්ජපඤ්ඤත්ති ච?) මෙසේ දස අඞ්ගයෝ දෙ දෙ අඞ්ගයෙකින් පනවන ලදහ.

12. තත්‍ථ කතමො ඔතරණො: ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං පඤ‍්චසු ඔතිණ‍්ණං යථායං පඨමං නිද‍්දිට‍්ඨං එවං ඉන්‍ද්‍රියාදිඛන්‍ධධාතුආයතනෙසු නිද‍්දිසිතබ‍්බානි.

12. එහි ‘ඕතරණ’ කවරෙ යත්: මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ, පඤ්ච ධර්‍මයන්හි අවතීර්‍ණ යැ, යම්සේ මෙය පළමු නිර්දේශ කරන ලද ද එපරිදි ඉන්‍ද්‍රියාදියෙහි ද ඛන්‍ධ - ධාතු - ආයතනයන් ද දැක්වියැ යුත්තාහ.

13. තත්‍ථ කතමො සොධනො හාරො: සීලවතො අවිප‍්පටිසාරොති න තාව සුද‍්ධො ආරම‍්භො, අවිප‍්පටිසාරිනො පාමොජ‍්ජන‍්ති න තාව සුද‍්ධො ආරම‍්භො, යානි එකාදස පදානි දෙසිතානි යදා, තදා සුද‍්ධො ආරම‍්භො, අයං සොධනො.

13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: “සීලවතෝ අවිප්පටිසාරො” යී තව (දැනගනු රිසි අර්‍ත්‍ථය නො නිමියෙන්) ආරම්භය ශුද්ධ නො වෙයි, “අවිප්පටිසාරිනෝ පාමොජ්ජං” යී තව ආරම්භය ශුද්ධ නො වෙයි. යම් එකොළොස් පදයෝ දෙසන ලද්දාහු ද එකල්හි දැනගනු රිසි අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ වේ. මේ ‘සෝධන’ හාර යි.

14. තත්‍ථ කතමො අධිට‍්ඨානො: සීලං වෙමත‍්තතාය පඤ‍්ඤත‍්තං, එවං දසපදානං.

14. එහි ‘අධිට්ඨාන’ හාර කවරෙ යැ: සීලය වේමත්තතායෙන් පනවන ලද, මෙසේ දසපදයන්ගේ පඤ්ඤත්ති දතයුතු.

15. සබ‍්බානි සීලක‍්ඛන්‍ධස‍්ස ආනිසංසො, තෙ ච පතිරූපදෙසවාසො ච පච‍්චයො. අත‍්තසම‍්මාපණිධානං ච හෙතු සමාධික‍්ඛන්‍ධස‍්ස සුඛං හෙතු, පස‍්සද‍්ධි පච‍්චයො, යෙන ඣානසහජාතී ච ඨානං හි ඣානඞ‍්ගා. අපරො පරියායො: කාමෙසු ආදීනවානුපස‍්සිතා සමාධිනො පච‍්චයො, නෙක‍්ඛම‍්මෙ ආනිසංසදස‍්සාවිතා හෙතු.

15. සියල්ල ශීලස්කන්‍ධයාගේ අනුසස් යැ, (තෙ ච?) ඔවුනට පතිරූපදේසවාසය ප්‍රත්‍ය යැ, ආත්මසම්‍යක්ප්‍රණීධානය හේතු යැ. සමාධිස්කන්‍ධයට සුඛය හේතු යැ, පස්සද්ධිය ප්‍රත්‍ය යැ. යම් හෙයෙකින් ධ්‍යානසහජාත වූ කාරණය මැ ධ්‍යානාඞ්ග වේ ද එහෙයිනි. අන් පරියායෙක් වෙයි: කාමයන්හි ආදීනව දක්නා බව සමාධියට ප්‍රත්‍යය වේ. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්දක්නා බව හේතු යි.

16. තත්‍ථ කතමො සමාරොපනො: යං විරියින්‍ද්‍රියං සො සීලක‍්ඛන්‍ධො, යං සීලං තං චත‍්තාරො සම‍්මප‍්පධානා යං ධම‍්මානුධම‍්මපටිපත‍්ති සො පාතිමොක‍්ඛසංවරො.

16. එහි ‘සමාරෝපණ’ කවරෙ යත්: යම් වීරියින්‍ද්‍රියයෙක් ඇද්ද, හේ සීල ස්කන්‍ධ යැ, යම් සීලයක් ඇද්ද එය සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, යම් ධම්මානුධම්මපටිපත්තියක් ඇද්ද, ඒ පාතිමොක්ඛසංවර යි.