7. 8
7. 8.
7. 8.
යස්ස සෙලූපමං චිත‍්තන‍්ති ගාථා:
“යස්ස සෙලූපමං චිත්තං” යන (උදාන) ගාථාව.
සෙලූපමන‍්ති උපමං යථා සෙලො වාතෙන න කම‍්පති න උණ‍්හෙන ස සීතෙන සංකම‍්පති, යථා අනෙකෙ අචෙතනා තෙ උණ‍්හෙන මිලායන‍්ති, සීතෙන අවසුස‍්සන‍්ති, වාතෙන භිජ‍්ජන‍්ති, න එවං සෙලො, පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං. විරියං අදොසස‍්ස පදට‍්ඨානං. සමාධි අලොභස‍්ස පදට‍්ඨානං, පඤ‍්ඤා අමොහස‍්ස පදට‍්ඨානං. විරියින්‍ද්‍රියං තිණ‍්ණං මග‍්ගඞ‍්ගානං පදට‍්ඨානං. සම‍්මාවාචාය, සම‍්මාකම‍්මන‍්තස‍්ස, සම‍්මාආජීවස‍්ස. සමාධින්‍ද්‍රියං තිණ‍්ණං මග‍්ගඞ‍්ගානං පදට‍්ඨානං: සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවායාමස‍්ස සම‍්මාසමාධිනො. පඤ‍්ඤින්‍ද්‍රියං ද‍්වින‍්නං මග‍්ගඞ‍්ගානං පදට‍්ඨානං: සම‍්මාසතියා සම‍්මාදිට‍්ඨියා ච. යථා සෙලො සබ‍්බපච‍්චත්‍ථිකෙහි අකරණීයො එවං තං චිත‍්තං සබ‍්බකිලෙසෙහි න කම‍්පතීති, අයං අමොහො. “විරත‍්තං රජනීයෙසු” ති අයං අලොභො. “කොපනෙය්‍යෙ න කුප‍්පතී”ති අයං අදොසො.
“සෙලූපමං” යි උපමා යැ, යම්සේ ශෛල පර්‍වතයෙක් වාතයෙන් නො සැලේ ද, උණුසුමින් නො තැවේ ද, සීතයෙන් නො හැකිළේ ද, අතිශයින් නො සැලේ ද, යම් සේ නොයෙක් අචේතනයෝ උණුසුමින් මැලවෙත් ද සීතයෙන් හැකිළෙත් ද, ශෛලපර්‍වතය එසේ නො වේ. යම්සේ ශෛලය (වාතාදි) විරුද්ධ හේතුන් විසින් නො මැඩලියැහේ ද, එසෙයින් ඒ (සෙලූපම) සිත සියලු කෙලෙසුන් විසින් නො සැලේ යන මේ අමෝහ යැ, “විරත්තං රජනීයෙසු” යන මේ අලෝභ යැ, “කෝපනෙය්‍යෙ න කුප්පති” යන මේ අදෝස යි.
තත්‍ථ පඤ‍්ඤා අමොහො කුසලමූලං, අලොභො අලොභො යෙව, අදොසො අදොසො යෙව. ඉමෙහි තීහි කුසලමූලෙහි සෙක‍්ඛභූමියං ඨිතො අසෙඛමග‍්ගං උප‍්පාදෙති. සෙඛභූමී සමතික‍්කම‍්ම ධම‍්මෙ උප‍්පාදෙති, සා ච සම‍්මා විමුත‍්ති, යං ච විමුත‍්තිරසඤාණදස‍්සනං ඉමෙ දස අසෙඛානං අරහතං ධම‍්මා.
එහි ප්‍රඥාව අමෝහකුසලමූල යැ, අලෝභය අලෝභකුසලමූලය මැය, අදෝසය අදෝසකුසලමූල මැයි. මේ තුන් කුසල මූලයන්ගෙන් ශෛක්‍ෂභූමියෙහි සිටියේ අශෛක්‍ෂමාර්‍ගය උපදවයි. සේඛභූමිය ඉක්මවා ධර්‍මයන් උපදවයි. ඒ සම්මා විමුත්තිය ද යම් විමුක්තිරසඥානදර්‍ශනයෙක් වී නම් එ ද යන මේ දසය අශෛක්‍ෂ වූ රහතුන්ගේ ධර්‍මයෝ යි.
තත්‍ථ අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන චතුබ‍්බිධා භාවනාපි ලබ‍්භති: සීලභාවනා කායභාවනා චිත්තභාවනා පඤ‍්ඤාභාවනා ච. තත්‍ථ සම‍්මාකම‍්මන‍්තෙන සම‍්මාආජීවෙන ච කායො භාවිතො, සම‍්මාවාචාය සම‍්මාවායාමෙන ච සීලං භාවිතං. සම‍්මාසඞ‍්කප‍්පෙන සම‍්මාසමාධිනා ච චිත‍්තං භාවිතං. සම‍්මාදිට‍්ඨියා සම‍්මාසතියා ච පඤ‍්ඤා භාවිතා, ඉමාය චතුබ‍්බිධාය භාවනාය ද‍්වෙ ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති: චිත‍්තං පඤ‍්ඤා ච, චිත‍්තභාවනාය සමථො පඤ‍්ඤාභාවනාය විපස‍්සනා.
එහි අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් සීලභාවනා කායභාවනා චිත්තභාවනා පඤ්ඤාභාවනා ද යන සිව්වැදෑරුම් භාවනා ද ලැබෙයි. එහි සම්‍යක් කර්‍මාන්තයෙන් ද සම්‍යගාජීවයෙන් ද කය භාවිත වෙයි, සම්‍යක්වචනයෙන් ද සම්‍යග්ව්‍යායාමයෙන් ද සීලය භාවිත යැ, සම්‍යක් සංකල්පයෙන් ද සම්‍යක්සමාධියෙන් ද චිත්තය භාවිත යැ, සම්මාදිට්ඨයෙන් ද සම්මාසතියෙන් ද ප්‍රඥාව භාවිත යි. මේ චතුර්විධ භාවනායෙන් චිත්තය ප්‍රඥාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්, චිත්තභාවනායෙන් සමථය ද පඤ්ඤාභාවනායෙන් විදර්‍ශනා ද වෙයි.
තත්‍ථ පඤ‍්ඤා අවිජ‍්ජාපහානෙන චිත‍්තං උපක‍්කිලෙසෙහි අමිස‍්සීකතන‍්ති පඤ‍්ඤාභාවනාය චිත‍්තභාවනං යෙව පරිපූරෙති. එවං යස‍්ස සුභාවිතං චිත‍්තං කුතො නං දුක‍්ඛමෙස‍්සතීති. අපි ච ඛො පන තස‍්ස ආයස‍්මතො අබ්‍යාපාදධාතු අවිමුත‍්තා, න සො පෙතං සමාපන‍්නො තස‍්ස සඞ‍්ඛාපහාරං දෙති (?), සඞ‍්ඛාවිතක‍්කිතෙ සරීරෙ දුක‍්ඛං න වෙදියති. අයං සුත‍්තත්‍ථො.
එහි ප්‍රඥාව අවිද්‍යාප්‍රහාණයෙන් සිත උපක්ලේශයන්ගෙන් වෙන්කරනලද නුයි ප්‍රඥා භාවනායෙන් චිත්තභාවනාව මැ පරිපූරණය කෙරෙයි. මෙසේ යමක්හුගේ සිත මොනවට වඩනලද ද, කුමක් හෙයින් ඔහු කරා දුක පැමිණේ දැ’ යි, තවද ඒ ආයුෂ්මත්හට අව්‍යාපාද ධාතුව අවිමුක්ත යැ, හේ තෙල සමවතට නො සමවත් නමුදු ඔහුට (සඞ්ඛාපහාරං දෙති?) නුවණින් දැන විතර්කිත වූ සිරුර ඇති කල්හි දුක් වේදනා නො වේ. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. තත්‍ථ කතමං දෙසනා: ඉමම‍්හි සුත‍්තෙ දස අසෙඛා අරහත‍්තධම‍්මා දෙසිතා, අප‍්පමාණා ච සමාධිභාවනා.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි දශ අශෛක්‍ෂ වූ අර්‍හත්‍වධර්‍මයෝ ද, අප්‍රමාණ වූ සමාධිභාවනා ද වදාරන ලද්දාහු යැ.
2. තත්‍ථ කතමො විචයො: සෙලූපමතා යෙ යෙ ධම‍්මා වෙදනීයසුඛදුක‍්ඛොපගතා, තෙ සබ‍්බෙ නිරූපං වානුපස‍්සන‍්තානං වූපගතො කායතො වෙදයිතපරික‍්ඛාරො අප‍්පවත‍්තිගො දුක‍්ඛං න වෙදියති.
2. එහි ‘විචය’ කවරෙ යත්: ශෛලෝපමා බව ඇති යම් යම් ධර්‍ම කෙනෙක් වින්ද යුතු වූ සුවදුක් දෙකට පැමිණියාහු ද ඒ සියලු දහම්හු රූප නැත්තකු මෙන් දක්නවුන්ට කයින් වෙන්ව ගිය වේදනාහේතුව නො පවත්නා හෙයින් (?) දුක නො විඳී.
3. තත්‍ථ කතමා යුත‍්ති: යස‍්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක‍්ඛමෙස‍්සතීති.
3. එහි ‘යුත්ති’ කවරැ: යමක්හු විසින් මෙසේ සිත භාවිත ද කුමක් හෙයින් ඔහු කරා දුක පැමිණේ දැයි.
4. තීසු භාවනාසු දුක‍්ඛං නක‍්ඛමති චිත‍්තං චිත‍්තභාවනාය ච නිරොධභාවනාය ච ආනන‍්තරිකා සමාධිභාවනාය ච. ඉති “යස‍්සෙවං භාවිතං චිත‍්ත”න‍්ති සමාධි ඵලස‍්ස පදට‍්ඨානං.
4. චිත්තභාවනා නිරෝධ භාවනා ආනන්තරික සමාධි භාවනා ද යන තුන් භාවනාවන්හි චිත්තය දුක නො ඉවසයි. මෙසේ “යසේසවං භාවිතං චිත්තං” යනු සමාධි ඵලයට පදට්ඨාන යි.
පළමු දැක්වූ පරිදි සිත් භාවිත වූවාහු පඤ්ඤා සීල කාය චිත්ත යන මේ වඩන ලද වෙයි. (සීලම්පි සුභාවිතං ... නාගච්ඡන්ති?)
5. තත්‍ථ කතමො ලක‍්ඛණො: “යස‍්සෙවං භාවිතං චිත‍්ත”න‍්ති චිත‍්තානි භාවිතානි යථා පඨමං නිද‍්දිට‍්ඨානි: පඤ‍්ඤා සීලං කායො චිත‍්තං. සීලම‍්පි සුභාවිතං කායිකචෙතසිකං ච ඨිතත‍්තා නානුපකම‍්පතීති වෙදනාපි තථා සඤ‍්ඤාපි සඞ‍්ඛාරාපි. කුතො නං දුක‍්ඛමෙස‍්සතීති සුඛම‍්පි නානුගච‍්ඡති, අදුක‍්ඛමසුඛම‍්පි නාගච‍්ඡන‍්ති.
5. එහි ලක්ඛණ කවරෙ යැ: යස්සෙවං භාවිතං චිත්තං යනු, [missing trans?]
6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉධ භගවතො කො අධිප‍්පායො: යෙ දුක‍්ඛෙන අට‍්ටිතා භවිස‍්සන‍්ති තෙ එවරූපාහි සමාපත‍්තීහි විහරිස‍්සන‍්ති. අයමෙත්‍ථ භගවතො අධිප‍්පායො. යෙ ච අප‍්පසන‍්නා, තෙ හි භවිස‍්සන‍්ති. පසන‍්නානං ච පීතිපාමොජ‍්ජං භවිස‍්සති, අයමෙත්‍ථ භගවතො අධිප‍්පායො.
6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යැ: මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් දුකින් පීඩිත වන්නාහු ද ඔහු මෙබඳු සමවතින් යුක්ත වැ වාස කරන්නාහ, යන මේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ අදහස යි. යම් කෙනෙක් නො පහන් වූවාහු ද ඔහු ප්‍රසන්නයො වන්නාහ, ප්‍රසන්න වූවන්ගේ ද ප්‍රීතිප්‍රාමෝද්‍යය වන්නේය. මේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
7. ආවට‍්ටොති: නත්‍ථි ආවට‍්ටනස‍්ස භූමි.
7. ‘ආවට්ටො’ යනු: (මෙහි) ආවට්ටහාරයට භූමි නැති.
8. විභත‍්තීති: “යස‍්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක‍්ඛමෙස‍්සතී”ති දුවිධො නිද‍්දෙසො: දුක‍්ඛහෙතුනිද‍්දෙසො ච, පටිපක‍්ඛනිද‍්දෙසො ච. කො සො දුක‍්ඛහෙතු. යතො දුක‍්ඛං ආගච‍්ඡති. පටිපක‍්ඛනිද‍්දෙසො ච. කුතො එවරූපස‍්ස දුක‍්ඛං න ආගමිස‍්සතීති නිද‍්දිට‍්ඨං.
8. “විභත්ති” යනු: “යස්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සති” යනු: දුක්ඛහේතු නිද්දේස යැ, පටිපක්ඛනිද්දේසය දැයි නිර්‍දෙශය දෙවැදෑරුම් යැ. ඒ දුක්ඛ හේතු කවරෙ යැ, යම් හේතුයෙකින් දුක පැමිණේ ද, ප්‍රතිපක්‍ෂ නිර්දේශ ද වෙයි. කුමක් හෙයින් මෙබඳු පුඟුල්හට දුක නො එන්නේ දැයි දක්වනලදි.
9. පරිවත‍්තනොති: කුතො නං දුක‍්ඛමෙස‍්සතීති යං චෙතසිකං සුඛං අනුපාදිසෙසා අයං නත්‍ථි, සොපාදිසෙයා අයං අත්‍ථි. පුනඑවමාහංසු: තංඛණං තංමුහුත‍්තං උභයමෙව අවෙදයිතං සොපාදිසෙසං යං ච අනුපාදිසෙසං යං ච තංඛණං තංමුහුත‍්තං අනුපාදිසෙසං යං ච සොපාදිසෙසං ච අවෙදයිතං. සුඛමාපන‍්නසස අනාවත‍්තිකන‍්ති. අයමෙත්‍ථ විසෙසො. පරිවත‍්තනො.
9. “පරිවත්තන” යනු: “කුතො නං දුක්ඛමෙස්සති” යනු: යම් චෛතසික සුඛයක් අනුපාදිසේස වී ද මෙය නැත, සෝපාදිසේස වූ මේ සුවය ඇත, යළි මෙසේ කීහු: ඒ ඇසිල්ලෙහි ඒ මොහොතෙහි ඒ දෙක මැ අවේදයිත යැ, සෝපාදිසේස යි. අනුපාදිසේස වූ යම් සුවයකුත් ඇද්ද, යම් සුවයකුත් එකෙණෙහි ඒ මොහොතෙහි අනුපාදිසේස සෝපාදිසේස වූ අවේදයිත වූ සුවයට පැමිණියහුගේ සුවය අනාවත්තික යැ, යන මේ මෙහි විසේස යි. මේ පරිවත්තනා යි.
10. තත්‍ථ කතමො වෙවචනො: යස‍්සෙවං භාවිතං චිත‍්තං වා භාවිතං සුභාවිතං අනුට‍්ඨිතං වත්‍ථුකතං සුසමාරද‍්ධං. චිත‍්තන‍්ති මනො විඤ‍්ඤාණං මනින්‍ද්‍රියං මනොවිඤ‍්ඤාණධාතු.
10. එහි ‘වෙවචන’ කවරෙ යැ: මෙසේ යමක්හුගේ භාවිත චිත්තය වේ ද එය භාවිත යැ සුභාවිත යැ අනුට්ඨිත යැ වත්‍ථුකත යැ සුසමාරද්ධ යැ, ‘චිත්තං’ යනු: මන යැ විඤ්ඤාණ යැ මනින්‍ද්‍රිය යැ මනෝවිඤ්ඤාධාතු යැ යනු වෙවචන යි.
11. තත්‍ථ කතමා පඤ‍්ඤත‍්ති: චිත‍්තං මනොසඞ‍්ඛාරා වූපසමපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා, සමාධි අසෙඛපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තො, දුක‍්ඛං උච‍්ඡින‍්නපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං.
11. එහි ‘පඤ්ඤත්ති’ කවරැ: චිත්ත යැ මනෝසංඛාරයෝ යැ යන මොහු ව්‍යුපශම ප්‍රඥප්තියෙන් පනවනලදහ, සමාධිය අසේඛපඤ්ඤත්තියෙන් පනවනලද, දුක්ඛය උච්ඡින්නපඤ්ඤත්තියෙන් පනවන ලදි.
12. තත්‍ථ කතමො ඔතරණො: චිත‍්තෙ නිද‍්දිට‍්ඨෙ පඤ‍්චක‍්ඛන්‍ධා නිද‍්දිට‍්ඨා හොන‍්ති, අයං ඛන්‍ධෙසු ඔතරණො. මනොවිඤ‍්ඤාණධාතුයා නිද‍්දිට‍්ඨාය අට‍්ඨාරස ධාතුයො නිද‍්දිට‍්ඨා හොන‍්ති, අයං ධාතුසු ඔතරණො, මනායතනෙ නිද‍්දිට‍්ඨෙ සබ‍්බානි ආයතනානි නිද‍්දිට‍්ඨානි හොන‍්ති, තත්‍ථ මනායතනං නාමරූපස‍්ස පදට‍්ඨානං, නාමරූපපච‍්චයා සළායතනං, තථා පටිච‍්චසමුප‍්පාදෙ, අයං ඔතරණො.
12. එහි ඕතරණ කවරෙ යැ: චිත්තය නිර්දිෂ්ට කල්හි පඤ්චස්කන්‍ධයෝ දක්වන ලද්දාහු වෙති, මේ ස්කන්‍ධයන්හි අවතරණ යැ, මනෝවිඤ්ඤාණධාතුව දක්වන ලද කල්හි අටළොස් ධාතූහු දක්වන ලද්දාහු වෙති. මේ ධාතුන් කෙරෙහි අවතරණ යැ, මනායතනය නිර්දිෂ්ට කල්හි සියලු ආයතනයෝ දක්වන ලද්දාහු වෙති. එහි මනායතනය නාමරූපයට පදට්ඨාන යැ, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි. එපරිද්දෙන් පටිච්චසමුප්පාදයෙහි පදට්ඨාන වෙයි. මේ ඕතරණ හාර යි.
13. තත්‍ථ කතමො සොධනො: සුද‍්ධොයෙව ආරම‍්භො.
13. එහි ‘සෝධන’ කවරෙ යැ: ආරම්භය සුද්ධ මැ යි.
14. තත්‍ථ කතමො අධිට‍්ඨානො: ජළින්‍ද්‍රියං භාවනා එකත‍්තතායං පඤ‍්ඤත‍්ති, ඡට‍්ඨිතෙන කායො එකත‍්තතාය පඤ‍්ඤත‍්තො.
14. එහි ‘අධිට්ඨාන’ කවරෙ යැ: ෂඩින්‍ද්‍රියය භාවනාඒකත්තතායෙහි පඤ්ඤත්ති යැ. (ජට්ඨිතෙන?) එය එකත්තතායෙන් පනවන ලද.
15. තත්‍ථ කතමො පරික‍්ඛාරො: චිත‍්තස‍්ස පුබ‍්බහෙතු සමුප‍්පාදාය මනසිකාරො ච තප‍්පොණතා ච යං අසමාහිතභූයං ච විසෙසධම‍්මානං අභාවිතත‍්තා චිත‍්තසතතං ගච‍්ඡති, සචෙ සමාධිනො සුඛං හෙතු, අවිප‍්පටිසාරො පච‍්චයො, අයං හෙතු අයං පච‍්චයො. පරික‍්ඛාරො.
15. එහි ‘පරික්ඛාර’ කවරෙ යැ: චිත්තයාගේ පූර්‍වහේතු සමුත්පාදය පිණිස මනසිකාරය ද තත්ප්‍රවණබව ද අසමාහිත භූමියෙහිදු විශේෂධර්‍මයන් අභාවිත බැවින් (චිත්ත සතතං ගච්ඡති?) ඉදින් සමාධියට සුඛය හේතු යැ, අවිප්පටිසාරය ප්‍රත්‍යය වෙයි. මේ හේතු යැ, මේ ප්‍රත්‍ය යි. ‘පරික්ඛාර’ හාර යි.
16. තත්‍ථ කතමා සමාරොපනා: යස‍්සෙවං භාවිතන‍්ති තස‍්ස ධම‍්මා සමාරොපයිතබ‍්බා, කායො සීලං පඤ‍්ඤා භාවිතචිත‍්තන‍්ති, අනභිරතං අන්‍යනතං අනෙකං අනූනං අනාපජ‍්ජාසත‍්තං අයං සමඤ‍්ඤායතනා න තස‍්ස සෙක‍්ඛස‍්ස සම‍්මාසමාධි, සබ‍්බෙ අසෙක‍්ඛා දස අරහතං ධම‍්මා නිද‍්දිට‍්ඨා හොන‍්ති.
16. එහි ‘සමාරෝපනා’ කවරැ: ‘යස්සෙවං භාවිතං’ යනු: ඔහුට කාය යැ සීල යැ පඤ්ඤා යැ භාවිතචිත්ත යැ යන දහම්හු සමාරෝපණය කළයුත්තාහු යැ. (අනභිරතං ... න තස්ස?) සියලු අශෛක්‍ෂ වූ රහතුන්ගේ දස දහම්හු දක්වනලද්දාහු වෙත්.
අසෙඛභාගියානි සුත‍්තානි.
අසේඛභාගිය සූත‍්‍රයෝ යි.