යෙදුමෙන් කියවන්න

7. 9

7. 9.

7. 9.

“යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය”.

“ස්වාමීනි, එකැතින් යම් මහණක්හට කයෙහි කාගියාසී නො එළඹසිටියා ද, හේ මෙහි එක්තරා සබ්‍රම්සරකු ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මයන්නේ යැ.”

සො ආයස‍්මා ඉමස‍්මිං විප‍්පටිජානාති ද‍්වෙ පජානි පටිජානාති චිත‍්තභාවනායං ච දිට‍්ඨියා පහානං, කායභාවනායං ච දිට‍්ඨිප‍්පහානං, කායභාවනායං ච තණ‍්හාපහානං, යං පඨමං උපමං කරොති. අසුචිනාපි සුචිනාපි පඨවී නෙව අට‍්ටීයති. න ජිගුච‍්ඡති න පීතිපාමොජ‍්ජං පටිලභති එවමෙව හි පඨවීසමෙන සො චෙතසා විපුලෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන විහාරාමීති.

ඒ ආයුෂ්මත් මෙහි විරුද්ධ වැ පිළින කෙරෙයි, (ද්වෙ පජානි පටිජානාති?) චිත්ත භාවනායෙහි දෘෂ්ටිප්‍රහාණය ද කායභාවනායෙහි දෘෂ්ටිප්‍රහාණය ද කායභාවනායෙහි තෘෂ්ණාප්‍රහාණය දැයි. පළමු කොට යම් උපමාවක් කෙරේ ද, එහි පොළොව අසුචියෙනුදු සුචියෙනුදු නො මැ පීඩිත වෙයි, ජුගුප්සා නො කෙරෙයි, ප්‍රීතිප්‍රමෝද්‍යය නො ලබයි, එසෙයින් ම හේ පෘථිවී සමවූ මහත් අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් යුක්ත වැ වෙසෙමි.

ඉති සො ආයස‍්මා කිං පටිජානාති: කායභාවනාය සුඛින්‍ද්‍රියපහානං පටිජානාති, චිත‍්තභාවනාය සොමනස‍්සින්‍ද්‍රියපහානං පටිජානාති, කායිකා වෙදනා රාගානුසයමනුගතානං සුඛින්‍ද්‍රියං පටික‍්ඛිපති. න හි වෙදනාක‍්ඛන්‍ධං යා චෙතසිකා සුඛවෙදනා, තත්‍ථ අයං පටිලාභපච‍්චයා උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං. සො තං පටික‍්ඛිපති, න හි මනොසම‍්ඵස‍්සජං වෙදනං. තත්‍ථ චතුසු මහාභූතෙසු රූපක‍්ඛන්‍ධස‍්ස අනුසයපටිඝප‍්පහානං භණති. කාමෙ රූපං ච තං ච අසෙඛභූමියං.

මෙසේ ඒ ආයුෂ්මත් (ශාරිපුත්‍රයන් වහන්සේ) කුමක් පිළින කෙරෙති යත්: කාය භාවනායෙන් සුඛින්‍ද්‍රියයාගේ ප්‍රහාණය පිළින කෙරෙති, චිත්තභාවනායෙන් සෝමනස්සින්‍ද්‍රියප්‍රහාණය පිළින කෙරෙති, කායික වේදනා රාගානුසය අනුව ගියවුන්ගේ සුඛින්‍ද්‍රිය ප්‍රතික්‍ෂේප කෙරෙති, යම් කායික සුඛවේදනාවක් ඇද්ද එය වේදනාස්කන්‍ධ නො මැ වෙයි. එහි මේ ප්‍රතිලාභ හේතුයෙන් සුව සොම්නස් උපදී. හේ එය ප්‍රතික්‍ෂේප කෙරෙයි. මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නො මැ වෙයි. එහි සතර මහාභූතයන් කෙරෙහි රූපස්කන්‍ධයාගේ අනුශය ප්‍රතිඝප්‍රහාණය ප්‍රකාශ කෙරෙයි. කාමභවයෙහි රූපය ද (...?) එ ද අශෛක්‍ෂභූමියෙහි යැ.

කායෙ කායානුපස‍්සනා දිට‍්ඨධම‍්මසුඛවිහාරං ච. බලෙන ච උස‍්සාහෙන ච සබ‍්බං මනසි කතත‍්තානං පහානං? මෙදකථාලිකාය ච පුරිසෙන ච මණ‍්ඩනකජාතිකෙන එතෙහි ඉමස‍්ස මාතාපිතූසම‍්භූතං පච‍්චවෙක‍්ඛණං, සො කායෙන ච කායානුපස‍්සනාය ච චිත‍්තෙන ච චිත‍්තානුපස‍්සනාය ච ද‍්වෙ ධම‍්මෙ ධාරෙති. කායකිලෙසවත්‍ථුං චිත‍්තෙන ච චිත‍්තසන‍්නිස‍්සයෙ චිත‍්තෙන සුභාවිතෙන සත‍්තන‍්නං ච සමාපත‍්තීනං විහරිතුං පටිජානාති.

කයෙහි කායානුපස්සනාව ඉහාත්මසුඛවිහරණය ද (බලෙන ච උස්සාහෙන ච සබ්බං මනසිකත්තානං පහානං?) මේදකථාලිකා - උපමායෙන් ද මණ්ඩනස්වභාව ඇති පුරුෂයාගේ උපමායෙන් ද යන මෙයින් මේ මාතෘපීතෘසම්භූත වූ කය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම වෙයි. හේ කයින් ද කායානුපස්සනායෙන් ද සිතින් චිත්තානුපස්සනායෙන් ද සත් සමාපත්තීන්ට සමවැද විසීමට පිළින කෙරෙයි.

ගහපතිපුත‍්තොපමතාය ච යථා ගහපතිපුත‍්තස‍්ස නානාරඞ‍්ගානං වත්‍ථානං කරණ‍්ඩකො පුණ‍්ණො භවෙය්‍ය, සො යං යදෙව වත්‍ථයුගං පුබ‍්බන‍්හසමයෙ ආකඞ‍්ඛති, පුබ‍්බන‍්හසමයෙ නිබ‍්බාපෙති: එවං මජ‍්ඣන‍්හසමයෙ සායන‍්හසමයෙ, එවමෙව සො ආයස‍්මා චිත‍්තස‍්ස සුභාවිතත‍්තා යථාරූපෙන විහාරෙන ආකඞ‍්ඛති පුබ‍්බන‍්හසමයං විහරිතුං, තථාරූපෙන පුබ‍්බන‍්හසමයං විහරති. මජ‍්ඣන‍්හසමයෙ සායන‍්හසමයෙ, තෙන වෙස ආයස‍්මතා උපමාය මෙ ආසිතාය පඨවී වා අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා භාවිතචිත‍්තෙන, තෙන සො ආයස‍්මා ඉදං අට‍්ඨවිධං භාවනං පටිජානාති. චතුසු මහාභූතෙසු කායභාවනං, උපකචණ‍්ඩාලං පුරිසමෙදකථාලීකාසු චිත‍්තභාවනං, ඉමාහි භාවනාහි තාය භාවනාය ච සමථා පාරිපූරිමන‍්තෙහි ඉමෙහි චතූහි පඤ‍්ඤාපාරිපූරිමන‍්තෙහි.

ගෘහපතිපුත්‍රෝපමායෙහි යම්සේ ගෘහපතිපුත්‍රයක්හුගේ නානාවර්‍ණ ඇති වස්ත්‍රයෙන් පිරුණු පේළායෙක් වේ ද, හේ යම් යම් වස්ත්‍රයුගලයෙක් පෙරවරුයෙහි රිසි වේ නම් එය පෙරවරුයෙහි (නිබ්බාපේති?) හඳියි. මැදිදවල්හිදු සවස්හිදු එසේ මැය. එපරිද්දෙන් ඒ ආයුෂ්මත් සිත සුභාවිත හෙයින් යම්බඳු විහරණයෙකින් පෙරවරුයෙහි වාසය කරන්නට රිසිවේ නම් පෙරවරුයෙහි ඒ විහරණයෙන් වෙසෙයි, මධ්‍යහ්නයෙහිදු සවස්හිදු එපරිදි වෙසෙයි, (තෙන වෙස ... භාවිතචිත්තේන?) එහෙයින් ඒ ආයුෂ්මත් මේ අටවැදෑරුම් භාවනාව පිළින කෙරෙයි. සතර මහාභූතයන්හි කායභාවනාව ද, උපකචණ්ඩාල පුරුෂ මේදස් පිරූ සැළිය යන මෙහි චිත්තභාවනාව ද වෙයි. (ඉමාහි භාවනාහි ... පාරිපූරි මන්තෙහි?)

කථං උපකචණ‍්ඩාලං පටිකූලෙසු ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති: කායො පකතියා අප‍්පටිකූලං, කායෙ උද‍්ධුමාතකසඤ‍්ඤා සඞ‍්ඛිත‍්තෙන නව සඤ‍්ඤා ඉමෙ පටිකූලා ධම‍්මා චෙසො ආයස‍්මා පටිකූලතො අජිගුච‍්ඡිතො කායගතාසතියා භාවනානුයොගමනුයුත‍්තො විහරති, න හි තස‍්ස ජිගුච‍්ඡතාය චිත‍්තං පටිකූලති.

උපකචණ්ඩාලෝපමාව? කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇතිව වෙසෙයි යත්: කය පියෙවින් අප්‍රතිකූල යැ, කයෙහි උද්ධුමාතකසංඥාව ද සැකෙවින් නව සංඥාවෝ ද යන මේ ප්‍රතිකූල ධර්‍මයෝ තෙල ආයුෂ්මත් පිළිකුල් විසින් ජුගුප්සා නොකරනු යේ කායගතාසති භාවනානුයෝගයෙහි යෙදී වාස කෙරෙයි. ඔහුගේ සිත ජුගුප්සතායෙන් නො මැ ප්‍රතිකූල වෙයි.

කථං අප‍්පටිකූලෙසු ධම‍්මෙසු පටිකූලසඤ‍්ඤී විහරතීති: කායො සබ‍්බලොකස‍්ස අප‍්පටිකූලො, තං සො ආයස‍්මා අසුභසඤ‍්ඤාය විහරති, එවං අප‍්පටිකූලෙසු ධම‍්මෙසු පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් අප්පටිකූල දහම්හි පටිකූල සංඥා ඇති වැ වෙසෙයි යත්: කය සියලු ලෝවැසියාට අප්‍රතිකූල යැ, ඒ ආයුෂ්මත් කයෙහි අශුභසංඥායෙන් යුතු යැ වාසය කෙරෙයි. මෙසේ අප්‍රතිකූලධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා වැ වාස කෙරෙයි.

කථං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච අප‍්පටිකූලසඤ‍්ඤී විහරතීති: අපි සබ‍්බො’යං ලොකස‍්ස යමිදං මුණ‍්ඩො පත‍්තපාණී කුලෙසු පිණ‍්ඩාය විචරති, තෙන ච සො සුවණ‍්ණදුබ‍්බන‍්නෙන අප‍්පටිකූලසඤ‍්ඤී චිත‍්තෙන ච කායෙන නිබ‍්බිදාසහගතෙන අප‍්පටිකූලසඤ‍්ඤී. එවං පටිකූලෙසු අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූල ධර්‍මයන්හි ද අප්‍රතිකූලසංඥා වැ වාස කෙරෙයි යත්: යම් හෙයකින් මේ ආයුෂ්මත් මුඩු කළ හිස ඇති වැ අතින් ගත් පාත්‍ර ඇති වැ කුලයන්හි පිඬු සිඟා හැසිරේ ද, එයින් හේ සුවර්‍ණදුර්‍වර්‍ණයෙන් අප්‍රතිකූල සංඥා ඇති වැ නිර්වේද සහගත වූ සිතින් ද කයින් ද යුක්ත වැ අප්‍රතිකූල සංඥා ඇති වෙයි, මෙසේ ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද දහම්හි අප්‍රතිකූල සංඥා ඇති වැ වාස කෙරෙයි.

කථං පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති: අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු සුභසඤ‍්ඤිනො ඉත්‍ථිරූපෙ, පටිකූලෙසු ච ජිගුච‍්ඡිනො විනීලකවිපුබ‍්බකෙ, තත්‍ථ සො ආයස‍්මා අප‍්පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් ප්‍රතිකූල ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: අප්‍රතිකූල ධර්‍මයන්හි ස්ත්‍රිරූපයෙහි ශුභසංඥා ඇත්තහුට ද විනීලක විපුබ්බක අශුභයන්හි ජුගුප්සා ඇත්තහුට ද (අප්පටිකූල සංඥා වෙයි.) එහි ඒ ආයුෂ්මත් (ධාතුමනසිකාර වශයෙන්) අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.

කථං පටිකූලෙසු ධම‍්මෙසු තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා උපෙක‍්ඛකො විහරති සතො ච සම‍්පජානො ච: අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු සුභසඤ‍්ඤිනො ඉත්‍ථිරූපෙ පටිකූලෙසු ච ජිගුච‍්ඡිනො විනීලකවිපුබ‍්බකෙ තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා ‘නෙතං මම නෙසො’හමස‍්මි නෙසො මෙ අත‍්තා’ති විහරති. එවං තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො.

කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි (පටිකූල අප්පටිකූල යන) දෙක දුරුකොට සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: ස්ත්‍රීරූපයෙහි ශුභසංඥා ඇතියේ අප්‍රතිකූල ධර්‍මයන්හි ද විනීලක විපුබ්බක කයෙහි ජුගුප්සා ඇතියේ ප්‍රතිකූල ධර්‍මයන්හි ද එ දෙක දුරුකොට “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි සලකා වෙසෙයි. මෙසේ (පටිකූල අප්පටිකූල යන) දෙක දුරැලා සිහි නුවණ ඇතියේ උපේක්‍ෂක වැ වෙසේ.

අපරො පරියායො: තෙධාතුකෙ ලොකසන‍්නිවාසෙ සබ‍්බබාලපුථුජ‍්ජනානං අප‍්පටිකූලසඤ‍්ඤා. තත්‍ථ ච ආයස‍්මා සාරිපුත‍්තො පටිකූලසඤ‍්ඤී විහරති. එවං අප‍්පටිකූලෙසු ධම‍්මෙසු පටිකූලසඤ‍්ඤී විහරති.

අන්‍යත් පරියායයෙක් වෙයි: ත්‍රෛධාතුක ලෝකසන්නිවාසයෙහි සියලු බාලපෘථග්ජනයනට අප්‍රතිකූලසංඥා වෙයි. එහිදු ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ප්‍රතිකූලසංඥා ඇති වැ වාසයකරන සේක. මෙසේ අප්‍රතිකූලධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.

කථං පටිකූලෙසු ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති: පටිකූලසඤ‍්ඤිනො සබ‍්බසෙඛා. ඉධ (කා) තෙධාතුකෙ සබ‍්බලොකෙ. තත්‍ථ කතමො භූමිප‍්පත‍්තො සමාධිඵලෙ සච‍්ඡිකතො අප‍්පටිකූලසඤ‍්ඤී විහරති. කිං කාරණං; න හි තං අත්‍ථි යස‍්ස ලොකස‍්ස පහානාය පටිකූලසඤ‍්ඤී උප‍්පාදෙය්‍ය.

කිසෙයින් ප්‍රතිකූල ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: සියලු ශෛක්‍ෂයෝ මේ ත්‍රෛධාතුක සර්‍වලෝකයෙහි ප්‍රතිකූලසංඥා ඇත්තාහුය. (තත්‍ථ කතමෝ ... උප්පාදෙය්‍ය?)

කථං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු පටිකූලසඤ‍්ඤී විහරති: තෙධාතුකෙ ලොකසන‍්නිවාසෙ යාව කාමලොකභූමතා හි රාගානං වීතරාගානං පටිකූලසමතා, රූපාරූපධාතුං අප‍්පටිකූලසමතා තත්‍ථ ච ආයස‍්මා සාරිපුත‍්තො පටිකූලසඤ‍්ඤී විහරති. එවං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි යත්: ත්‍රෛධාතුක ලෝකසන්නිවාසයෙහි යම්තාක් කාමලෝකභූමිය වේ ද, (එහි) රාගීන්ට ද වීතරාගීන්ට ද ප්‍රතිකූලසමතාව වෙයි. රූපාරූපාධාතුයෙහි අප්‍රතිකූලසමතා වෙයි. එහිදු ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙති. මෙසේ ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.

කථං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති: යං කිඤ‍්චි පරතො දුරුත‍්තානං දුරාගතානං වචනපථානං තං වචනං අප‍්පටිකූලං යාවතා වාචසො අප‍්පතිරූපා තථා ජනස‍්ස අප‍්පටිකූලසඤ‍්ඤා. තත්‍ථ ආයස‍්මා සාරිපුත‍්තො අභිඤ‍්ඤාය සච‍්ඡිකතො අප‍්පටිකූලසඤ‍්ඤී විහරති, එවං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි යත්: (යංකිඤ්චි පරතෝ ... ජනස්ස අප්පටිකූලසඤ්ඤා?) එහි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කළාහු අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙති. මෙසේ ප්‍රතිකූල වු ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.

කථං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො: යං ච නෙසං සමනුපස‍්සති යෙ ධම‍්මා දුච‍්චරිතා, තෙ ධම‍්මා අප‍්පටිකූලා, තත්‍ථ ආයස‍්මා සාරිපුත‍්තො ඉති පටිසඤ‍්චික‍්ඛති යෙ ධම‍්මා දුච‍්චරිතා තෙ ධම‍්මා අනිට‍්ඨවිපාකා, යෙ ධම‍්මා සුචරිතා, තෙ ආචයගාමිනො. සො ච සුචරිතං ආචයගාමිනිං කරිත්‍වා දුච‍්චරිතං අනිට‍්ඨවිපාකං කරිත්‍වා තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා උපෙක‍්ඛකො විහරති.

කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ඒ ප්‍රතිකූල අප්‍රතිකූල දෙක දුරුකොට සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: යම් දුශ්චරිත ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයෝ ඔවුන්ට අප්‍රතිකූල වූවාහු දකී ද, එහි ලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ මෙසේ සලකති: ‘යම් ධර්‍ම කෙනෙක් දුශ්චරිත වෙත් ද, ඒ දහම්හු අනිෂ්ටවිපාකයෝ යැ, යම් සුචරිත ධර්‍ම කෙනෙක් වෙත් ද ඔහු ආචයගාමීහු’ යැයි. ඒ ශාරිපුත්‍රයන් වහන්සේ සුචරිතය ආචයගාමිනී කොට දුශ්චරිතය අනිෂ්ට විපාක කොට එ දෙක දුරුකොට උපේක්‍ෂක වැ වාසය කෙරෙත්.

අථ පචිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලෙසු ච පටිකූලසඤ‍්ඤී විහරති. තණ‍්හා පටිකූලධම‍්මා කිං කාරණං: තණ‍්හාවසෙන හි සත‍්තා ද‍්වීහි ධම‍්මෙහි සත‍්තා කබළීකාරෙ ආහාරෙ රසතණ‍්හාය සත‍්තා, ඵස‍්සෙ සුඛසඤ‍්ඤාය සත‍්තා. තත්‍ථායස‍්මා සාරිපුත‍්තො කබළීකාරෙ ච ආහාරෙ පටිකූලසඤ‍්ඤී විහරති, ඵස‍්සෙ ච දුක‍්ඛසඤ‍්ඤී විහරති. එවං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච පටිකූලසඤ‍්ඤී විහරති.

ඉක්බිති ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. තෘෂ්ණාව ප්‍රතිකූල ධර්‍ම යැ, කරුණු කිම යත්: ඒ එසේ මැය, සත්‍වයෝ තෘෂ්ණා වශයෙන් ධර්‍ම දෙකෙකින් ඇලුණහුය. කවලීකාරාහාරයෙහි රසතෘෂ්ණාවෙන් ඇලුණහු යැ, ස්පර්‍ශාහාරයෙහි සුඛසංඥාවෙන් ඇලුණාහු යැ, එහි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ කවලීකාරාහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙති, ස්පර්‍ශයෙහි ද දුඃඛසංඥා ඇති වැ වෙසෙත්. මෙසේ ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥ වැ වෙසෙයි.

කථං පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති: තණ‍්හාක‍්ඛයං අනුත‍්තරං නිබ‍්බානං, තථා බාලපුථුජ‍්ජනානං පටිකූලසඤ‍්ඤා පහතසඤ‍්ඤා ච. තත්‍ථායස‍්මතො සාරිපුත‍්තස‍්ස අප‍්පටිකූලසඤ‍්ඤා අබ්‍යාපාදසඤ‍්ඤා ච සාමං පඤ‍්ඤාය පස‍්සිත්‍වා, එවං පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූලසංඥී වැ වෙසෙයි යත්: තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණය අනුත්තර යැ, එතෙකුදුවත් බාල පුහුදුනන්ට ප්‍රතිකූල සංඥා ද (පහතසඤ්ඤා ච?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට තුමූ මැ ප්‍රඥායෙන් දැක අප්‍රතිකූලසංඥා ද අව්‍යාපාදසංඥා ද වෙයි. මෙසේ ප්‍රතිකූල ධර්‍මයන්හිදු අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.

කථං පටිකූලෙසු ච අප‍්පටිකූලෙසු ච ධම‍්මෙසු අප‍්පටිකූලසඤ‍්ඤී විහරති: තතියෙ ච නිබ‍්බානෙ පටිකූලසඤ‍්ඤිනො යසෙන ච කිත‍්තියා ච අප‍්පටිකූලසඤ‍්ඤිනො. තත්‍ථායස‍්මා සාරිපුත‍්තො අස‍්සාදං ච ආදීනවං ච නිස‍්සරණං ච යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පටිජානන‍්නො පටිකූලං ච අප‍්පටිකූලං ච ධම‍්මං තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා අප‍්පටිකූලසඤ‍්ඤී විහරති.

කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: (තතියෙ ච නිබ්බානෙ යසේන ච කිත්තියා ච අප්පටිකූලසඤ්ඤීනෝ?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුයේ සම්‍යක්ප්‍රඥායෙන් දන්නාසේක් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ධර්‍මය එ දෙක දුරුකොට අප්‍රතිකූල සංඥා ඇති වැ වාසය කරනසේක.

කථං පටිකූලං ච අප‍්පටිකූලං ච ධම‍්මං තදුභයං අභිනිවජ‍්ජයිත්‍වා උපෙක‍්ඛකො විහරති සතො ච සම‍්පජානො ච: යං ච සමනුපස‍්සති අනුනයො අප‍්පටිකූලො ධම‍්මො පටිඝො ච පටිකූලො ධම‍්මො, තත්‍ථායස‍්මා සාරිපුත‍්තො අනුනය පටිඝප‍්පහීනත‍්තා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො ච. යඤ‍්චස‍්ස සමනුපස‍්සති, අයං පඤ‍්චවිධා අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා අයං සුත‍්තනිද‍්දෙසො.

කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මය ඒ දෙක දුරුකොට සිහි නුවණ ඇතියේ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: අනුනය අප්‍රතිකූල ධර්‍මයෙකැයි ද ප්‍රතිඝය ප්‍රතිකූල ධර්‍මයෙකැයි ද යම් හෙයෙකින් දකී ද, එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ අනුනය ප්‍රතිඝ දෙක ප්‍රහීණ කළ හෙයින් සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වූවාහු වාසය කෙරෙති. යම් සමනුපස්සනාවක් වේ ද මේ අනුත්තර වූ පඤ්චවිධ ඉන්‍ද්‍රියභාවනා යි. මේ සූත්‍රනිර්දේශ යි.

1. තත්‍ථ කතමො දෙසනාහාරො: ඉමම‍්හි සුත‍්තෙ කිං දෙසිතං. තත්‍ථ වුච‍්චතෙ - ඉමම‍්හි සුත‍්තෙ දිට‍්ඨධම‍්මසුඛවිහාරො දෙසිතො, තථා විමුත‍්තිං චිත‍්තං පච‍්චවෙක‍්ඛණා ච අධිපඤ‍්ඤාධම‍්මං දෙසිතං.

1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි කුමක් දේශිත ද: එහි ලා කියනු ලැබේ. මේ සූත්‍රයෙහි දිට්ඨධම්මසුඛවිහරණය දෙසනලද්දේ ය. එසේ මැ විමුක්ත චිත්තය ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධිප්‍රඥාධර්‍මය ද දෙසනලද්දේ යි.

2. තත්‍ථ කතමො විචයො: යෙ කායෙ කායානුපස‍්සිනො විහරන‍්ති තෙසං චිත‍්තං අනුනයපටිඝෙන න විහරති, අනුනයපටිඝෙන චා’භිරමමානස‍්ස චිත‍්තං සම‍්මග‍්ගතං භවිස‍්සතීති භාවනාය ඵලමෙතං අයං විචයො හාරො.

2. එහි විචය කවරෙ යැ: යම් කෙනෙක් කයෙහි කායානුදර්ශී වැ වෙසෙත් ද, ඔවුන්ගේ සිත අනුනය ප්‍රතිඝයෙන් යුක්තව නො පවතී, අනුනය ප්‍රතිඝ දෙකින් (අභිරමමානස්ස?) සිත සම්‍යග්ගත වන්නේනුයි තෙල භාවනා ඵල යි. මේ විචයහාර යි.

3. තත්‍ථ කතමො යුත‍්තිහාරො: කායභාවනාය ච චිත‍්තභාවනාය ච න කිඤ‍්චි සබ්‍රහ‍්මචාරී අතිමඤ‍්ඤීස‍්සතීති අත්‍ථි එසා යුත‍්ති. අයං යුත‍්තිහාරො.

3. එහි යුත්තිහාර කවරෙ යැ: කායභාවනායෙන් ද චිත්තභාවනායෙන් ද කිසි සබ්‍රහ්මචාරී කෙනෙක් ඉක්මවා නො සිතන්නාහු යැ යන තෙල යුත්ති ඇත. මේ යුත්ති හාර යි.

4. තත්‍ථ කතමො පදට‍්ඨානො හාරො: කායභාවනාය පඨමස‍්ස සති උපට‍්ඨානස‍්ස පදට‍්ඨානං. යා පඨවීසමචිත‍්තතා සා අනිච‍්චානුපස‍්සනාය පදට‍්ඨානං.

4. එහි පදට්ඨානහාර කවරෙ යැ: කායභාවනාව පළමුවන සතිපට්ඨානයට පදට්ඨාන යැ, යම් පෘථිවිසම චිත්තතාවක් ඇද්ද ඕ අනිත්‍යානුදර්‍ශනාවට පදට්ඨාන යි.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො: යං පඨවීසමෙන චෙතසා විහරති අත‍්තානුපස‍්සී, පඨවීසමෙන ගිහී විහරති. කො අත්‍ථො පඨවීසමෙනාති: යථා යෙ ච සෙලොපමතාය අකම‍්මයුත‍්තා, එවමෙව පඨවීසමො අයං හිරියතාය, අයං ලක‍්ඛණො.

5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් ආත්මානුදර්ශී වැ පඨවිසම සිතින් යුක්ත වැ වෙසේ ද, ගෘහී තෙම පඨවිසම සිතින් යුක්ත වැ වෙසෙයි, ‘පඨවීසමෙන’ යනු කවර අර්‍ත්‍ථ යැ: යම්සේ යම් කෙනෙක් ශෛලෝපමභාවයෙන් ක්‍රියායෙහි නොයෙදුණාහු ද, එසෙයින් මැ පඨවිසම වූයේ (අයං හිරියතාය?) මේ ලක්ඛණහාර යි.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉමම‍්හි බ්‍යාකරණෙ කො තස‍්ස ආයස‍්මතො අධිප‍්පායො: යෙ කෙචි අරහන‍්තා ඉන්‍ද්‍රියභාවනං ආකඞ‍්ඛන‍්ති තෙ පඨවීසමං උප‍්පාදයිස‍්සන‍්තීති. අයං අධිප‍්පායො.

6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ වෙය්‍යාකරණයෙහි ඒ ආයුෂ්මත්හුගේ අභිප්‍රාය කවරේ යැ: යම් රහත් කෙනෙක් ඉන්‍ද්‍රියභාවනාව කැමැති වෙත් ද, ඔහු පඨවීසම (චිත්තය) උපදවන්නාහු යැ යන මේ අභිප්‍රාය යි.

7. තත්‍ථ කතමො ආවට‍්ටොති: නත්‍ථි ආවට‍්ටස‍්ස භූමි.

7. එහි ආවත්තහාර කවරෙ යැ: එහි ආවත්තහාරයට භූමි නැති.

8. තත්‍ථ කතමා විභත‍්ති: යො කායානුපස‍්සී විහරති, සො පඨවීසමං චිත‍්තං පටිලභිස‍්සතීති න එකංසෙන, කිං කාරණං: යෙ ඛණ‍්ඩකාදීජින‍්නකාදිකම‍්මකාරිනො න තෙ පඨවිසමචිත‍්තං පවිලභන‍්ති. සබ‍්බා කායගතාසති සෙඛභාවනාය නිබ‍්බානං ඵලං. අයං විභත‍්ති.

8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කායානුදර්ශී වැ වෙසේ ද, හේ පඨවිසම චිත්තය ලබන්නේ යැ යනු ඒකාන්තයෙන් නැත. කරුණු කිම යත්: යම් කෙනෙක් ඛණ්ඩතාදි ඡන්නතාදි කර්‍ම කරන්නාහු වෙත් ද ඔහු පඨවීසම චිත්තය නො ලබති. සියලු කායගතාසතිය ශෛක්‍ෂභාවනායෙහි නිර්‍වාණඵලය වේ. මේ විභත්තිහාර යි.

9. තත්‍ථ කතමො පරිවත‍්තනො හාරො: යෙ කායානුපස‍්සිනො විහරිස‍්සන‍්ති, තෙසං යෙව කායපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අයං පරිවත‍්තනො හාරො.

9. එහි පරිවත්තනහාර කවරෙ යැ: යම් කෙනෙක් කායානුදර්ශී වැ වාසයකරන්නාහු ද, ඔවුන්ට මැ කායප්‍රත්‍යයෙන් විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ උපදනාහුය. මේ පරිවත්තනහාර යි.

10. තත්‍ථ කතමො ඔතරණො: සත‍්තෙසු ච පඤ‍්චක‍්ඛන්‍ධා අවිතිණ‍්ණා බාවීසතින්‍ද්‍රියානි, තථා යං මනින්‍ද්‍රියං තං මනොධාතු මනායතනං ච. යං සමාධින්‍ද්‍රියං තං ධම‍්මධාතු ධම‍්මායතනං ච. අයං ඔතරණො හාරො.

10. එහි ඕතරණහාර කවරෙ යැ: සත්‍වයන් කෙරෙහිදු පඤ්ච ස්කන්‍ධයෝ අවිතීර්‍ණ වූවාහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ වෙත්. එසේ මැ යම් මනින්‍ද්‍රියයෙක් ඇද්ද එය මනෝධාතු මනායතන ද වෙයි. යම් සමාධින්‍ද්‍රියයක් ඇද්ද එය ධම්මධාතු ධම්මායතන ද වේ. මේ ඕතරණහාර යි.

11. තත්‍ථ කතමො සොධනො හාරො: යෙ ච මනසා චත‍්තාරො භාවෙතබ‍්බා, තෙ සබ‍්බෙ භාවිතා, යං තං මනෙන පහීනෙ පත‍්තබ‍්බං සබ‍්බත්‍ථ එතස‍්ස ච අත්‍ථා ආරම‍්භො, සො අත්‍ථො සුද‍්ධො. අයං සොධනො හාරො.

11. එහි සෝධනහාර කවරෙ යැ: මේ සතර ධර්‍ම කෙනෙක් සිතින් වැඩිය යුත්තාහු ද, ඔහු සියල්ලෝ වඩනලද්දාහු යමක් සිතින් (පහීනෙ පත්තබ්බතං?) සියලු තැන්හි මෙ ද සඳහා ආරම්භය වෙයි. ඒ අර්‍ත්‍ථය ශුද්ධ යැ. මේ සෝධනහාර යි.

12. තත්‍ථ කතමො අධිට‍්ඨානො: අයං සමාධි එකත‍්තතාය පඤ‍්ඤත‍්තො ඡ කායා එකත‍්තතාය පඤ‍්ඤත‍්තා පඤ‍්චින්‍ද්‍රියානි රූපීනි රූපකායො. ඡ වෙදනාකායා වෙදනාකායො. ඡ සඤ‍්ඤාකායා සඤ‍්ඤාකායො. ඡ චෙතනාකායා චෙතනාකායො ඡ විඤ‍්ඤාණකායා විඤ‍්ඤාණකායො. සබ‍්බෙපි එතෙ ධම‍්මා ධම‍්මකායොති යෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. අයං අධිට‍්ඨානො.

12. එහි අධිට්ඨානහාර කවරෙ යැ: මේ සමාධිය ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් පනවන ලද, ෂට්කායයෝ ඒකත්තතායෙන් පනවනලදහ. රූපී පඤ්චේන්‍ද්‍රියයෝ රූප කාය යැ, ෂඩ්වේදනාරාශිය වේදනාකාය යැ, ෂට්සංඥාරාශිය සංඥාකාය යැ, ෂට්චේතනාවෝ චේතනාකාය යැ, ෂඩ්විඥානයෝ විඥානකාය යැ, තෙල සියලු මැ ධර්‍මයෝ ධර්‍මකාය යි මැ ගිණීමට යෙත්. මේ අධිට්ඨානහාර යි.

13. පරික‍්ඛාරොති: සමාපත‍්තිකොසල‍්ලං ච වීථිකොසල‍්ලං ච හෙතු. යං ච ගොචරකොසල‍්ලං යං ච කල‍්ලතාකොසල‍්ලං පච‍්චයො. වොදානකොසල‍්ලං හෙතු, කල‍්ලතාකොසල‍්ලං පච‍්චයො. සුඛං හෙතු, අබ්‍යාපජ‍්ඣං පච‍්චයො. අයං පරික‍්ඛාරො.

13. පරික්ඛාර යනු: සමාපත්ති කෞශල්‍යයද වීථිකෞශල්‍යය ද හේතු යැ, ගෝචර කෞශල්‍යය ද කල්‍යතා (වශීභාවයෙහි) කෞශල්‍යය ද ප්‍රත්‍ය යැ. ව්‍යවදානකෞශල්‍යය හේතු යැ, කල්‍යතාකෞශල්‍යය ප්‍රත්‍යයැ, සුඛය හේතු යැ, නිදුක්බව ප්‍රත්‍ය යැ, මේ පරික්ඛාරහාර යි.

14. තත්‍ථ කතමො සමාරොපනො: යථා පඨවී සුචිම‍්පි නික‍්ඛිපන‍්තෙ අසුචිම‍්පි නික‍්ඛිපන‍්තෙ තාදිසායෙව, එවං කායො මනාපිකෙහිපි ඵස‍්සෙහි අමනාපිකෙහිපි ඵස‍්සෙහි තාදිසොයෙව, පටිඝසම‍්ඵස‍්සෙන වා සුඛාය වෙදනාය තාදිසං යෙව චිත‍්තං. ඉදං සුත‍්තං විභත‍්තං ස උපමං උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස පුග‍්ගලස‍්ස විභාගෙන. තත්‍ථ සමාරොපනාය අවකායො නත්‍ථි.

14. එහි සමාරෝපන කවරෙ යැ: යම්සේ පෘථිවිය පවිත්‍ර දැ බහාලන කල්හිදු අපවිත්‍ර දැ බහාලන කල්හිදු එබඳු මැ වේ ද, එසෙයින් කය මනවඩන පහසින් ද අමනාපික පහසින් ද එබඳු මැ වෙයි. පටිඝසම්ඵස්සයෙන් හෝ සුඛවේදනාවෙන් හෝ සිත එබඳු මැ වේ. උපමා සහිත වූ මේ සූත්‍රය උද්ඝටිතඥ පුද්ගලයාගේ විභාගයෙන් විභාග කරන ලදි. එහි සමාරෝපනයට අවකාශයෙක් නැති.