යෙදුමෙන් කියවන්න

7. 10

7. 10.

7. 10.

තත්‍ථ කතමං සුත‍්තං සඞ‍්කිලෙසභාගියං: යතො ච කුසලෙහි ධම‍්මෙහි න විරොධති, න වඩ‍්ඪති, ඉමං ආදීනවං භගවා දෙසෙති, “තස‍්මා ඡන‍්නං විවරෙථ, එවං තං නාතිවස‍්සති”, තතො ආදීනවතො විවරෙය්‍යාති තං තීහි ධම‍්මෙහි නාභිධංසිතාති අසුභසඤ‍්ඤාය රාගෙන නාභිධංසීයති මෙත‍්තාය දොසෙන නාභිධංසීයති, විපස‍්සනාය මොහෙන නාභිධංසීයති. එවං ච සො යො යො ධම‍්මො පටිපක‍්ඛො තම‍්හි තම‍්හි ධම‍්මෙ පරිපූරිස‍්සති. යො තස‍්ස ධම‍්මස‍්ස අකුසලො ධම‍්මො පටිපක‍්ඛො තෙන නාධිවාසීයති.

එහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ: යම් හෙයකින් කුශලධර්‍මයන් හා විරුද්ධ නො වේද, නො වැඩේ ද, බුදුහු මේ ආදීනවය දෙසනසේක. “එහෙයින් පිළිසන් වූ ඇවත ප්‍රකට කරන්නේ යැ, මෙසේ ඒ ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.” ඒ ආදීනව හෙයින් විවෘත කරන්නේ යයි හේ තුන් දහමකින් නො මඩනාලද වෙයි. අශුභසංඥාවෙන් රාගය විසින් නො මඩනා ලැබෙයි. මෛත්‍රිභාවනායෙන් ද්වේෂය විසින් නො මඩනාලැබෙයි, විදර්‍ශනායෙන් මෝහය විසින් නො මඩනා ලැබේ. මෙසේ හෙතෙම යම් යම් ධර්‍මයෙක් ප්‍රතිපක්‍ෂ වේ නම් ඒ ඒ ධර්‍මයෙහි පරිපූර්‍ණ වන්නේ ය. ඒ ධර්‍මයට යම් අකුශලධර්‍මයෙක් ප්‍රතිපක්‍ෂ වේ නම් (තෙන නාධිවාසීයති?)

අපරො පරියායො: යෙ ඉමෙ ධම‍්මා අත‍්තනා න සක‍්කොති වුට‍්ඨානං තෙ එතෙ ධම‍්මා දෙසිතා ඡන‍්නමතිවස‍්සතීති. තෙහි විතක‍්කං යෙන ච සක‍්කා පුන දෙසිතං චිත‍්තං විභාවෙතුං පරියොදාපෙතුං විවෙකනින‍්නස‍්ස විවෙකපොණස‍්ස විවෙකපබ‍්භාරස‍්ස වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලතං ආපජ‍්ජති කුසලෙසු ධම‍්මෙසු, සෙය්‍යථාපි නාම උප‍්පලං වා කුමුදං වා පදුමං වා උදකෙ සුක‍්කපක‍්ඛෙ චන්‍දො යාව රත‍්ති යාව දිවසො ආගච‍්ඡති, තස‍්ස වුද‍්ධියෙව පාටිකඞ‍්ඛිතබ‍්බා, න පරිහානි එවං විධං තං චිත‍්තං නාභිධංසීයති.

අනෙකුදු පරියායයෙක් වෙයි: යම් මේ ධර්‍ම කෙනෙක් තමා විසින් නැඟීසිටීමට නො හැකි වෙත් ද, තෙල ධර්‍මයෝ දෙසනලදහ. “ඡන්නමතිවස්සති” යි. (තෙහි විතක්කං?) යමකු විසින් යලි දෙසනලද චිත්තය දක්වන්නට පිරිසිදු කරන්නට හැකි වේද, විවේකයට නැමුණු විවේකයට ප්‍රවණ වූ විවේකයට බරවූවහුගේ සිත කුශලධර්‍මයන්හි වැඩීමට මහත්බවට පැමිණෙයි. යම්සේ ජලයෙහි හටගත් උපුලක් හෝ කුමුදක් හෝ පියුමක් හෝ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා යම් රැයකට යම් දිනයකට පැමිණේ නම් (එකල්හි) ඒ පද්මයාගේ වැඩීමට කැමැති විය යුත්තී ද, පරිහානියෙක් නොවේ ද, එබඳු ව ඒ සිත නො මඩනාලැබෙයි.

අපරොපෙත්‍ථ සො අසඨො අකූටො අමායාවී උජු පුරිසො යථාභූතං අත‍්තානං ආවීකරොති. තත්‍ථ යො ඡාදෙති, තස‍්ස අකුසලා ධම‍්මා චිත‍්තං අනුධංසෙන‍්ති. විවටං නාතිවස‍්සතීති යො පන හොති අසඨො අකූටො අමායාවී උජු පුරිසො යථාභූතං අත‍්තානං ආවීකරොති, තස‍්ස චිත‍්තං අකුසලෙහි ධම‍්මෙහි න විද‍්ධංසීයති. අයං සුත‍්තත්‍ථො.

මෙහි අන්‍ය වූ ද යමෙක් සඨ නොවූයේ කූට නොවූයේ මායා රහිත වූයේ වේ ද ඍජු පුරුෂ වූ හෙතෙම ඇතිසැටියෙන් තමා ප්‍රකාශ කෙරෙයි. එහි යමෙක් (ඇවත) වසා නම් අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත වනසති. “විවටං නාතිවස්සති” යනු වැලි යමෙක් සඨ නොවේ ද, කූට නොවේ ද, මායා රහිත වේද, ඍජු පුරුෂ වූයේ යථාභූත වැ තමා ප්‍රකාශ කෙරේද, ඔහුගේ සිත අකුශලධර්‍මයන් විසින් නො මඩනා ලැබේ. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.

1. තත්‍ථ කතමා දෙසනා: ඉධ දෙසිතා දස අකුසලකම‍්මපථා අධිවස‍්සනතාය, දස කුසලකම‍්මපථා අධිවස‍්සනතාය අකුසලෙහි න විසුජ‍්ඣති යථා වුත‍්තං භගවතා “චිත‍්තසඞ‍්කිලෙසා භික‍්ඛවෙ සත‍්තා සඞ‍්කිලිස‍්සන‍්තී” ති.

1. එහි දේශනා කවර යැ: මෙහි අධිවස්සනතායෙන් දශ අකුශලකර්‍මපථයෝ දෙසන ලද්දාහු ය, අනධිවස්සනතායෙන් දශ කුශලකර්‍මපථයෝ දෙසන ලද්දාහු ය, (ක්ලේශයන්ගේ) අධිවර්‍ෂණභාවයෙන් අකුශලයන්ගෙන් විශුද්ධ නොවේ. භාග්‍යවතුන් විසින් වදාරනලද මැය: “මහණෙනි, සිත කිලිටිවීමෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය” යි.

2. තත්‍ථ කතමො විචයො: යස‍්සෙවං චිත‍්තං අවිද‍්ධංසීයති, තස‍්ස බුජ‍්ඣිතස‍්ස යං භවෙය්‍ය කූටෙය්‍යං, තං ආනන‍්තරියෙනපි සත්‍ථරි වා ගුණානුකම‍්පනතාය. අයං විචයො.

2. එහි විචය කවරෙ යැ: මෙසේ යමකුගේ සිත (කෙලෙසුන් විසින්) නො මඩනා ලැබේ ද, (තස්ස බුජ්ඣිතස්ස ... සත්‍ථරි වා ගුණානුකම්පනතාය?) මේ විචය යි.

3. තත්‍ථ කතමා යුත‍්ති: එවං අවිද‍්ධාසීයන‍්තං චිත‍්තං වුට‍්ඨාති, වුට‍්ඨිතං පතිට‍්ඨහති කුසලෙසු ධම‍්මෙසූති අත්‍ථි එසා යුත‍්ති.

3. එහි යුත්ති කවර යැ: මෙසේ නො මඩනාලබන සිත කෙලෙසුන් කෙරෙන් නැඟීසිටී, නැඟීසිටියේ කුශලධර්‍මයන් හි පිහිටා යයි. මේ යුත්ති ඇත.

4. පදට‍්ඨානන‍්ති: “ඡන‍්නමතිවස‍්සතී”ති ඡන‍්නං අසංවරානං පදට‍්ඨානං, “විවටං නාතිවස‍්සතී”ති අඡන‍්නං සංවරණානං “තස‍්මා ඡන‍්නං විවරෙථ විවටං නාතිවස‍්සතී”ති දෙසනාය පදට‍්ඨානං.

4. පදට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඇවැත් වැසීම අසංවරයන්ට පදට්ඨාන යැ, “විවටං නාතිවස්සති” යනු: නො වැසීම සංවරයන්ට පදට්ඨාන යැ, තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු දේසනාවට පදට්ඨාන යි.

5. ලක‍්ඛණොති: “ඡන‍්නමතිවස‍්සතී”ති යෙ කෙචි විචිත‍්තෙන ඡන‍්නෙන එකලක‍්ඛණා ධම‍්මා සබ‍්බෙ තෙ විද‍්ධංසීයන‍්ති. “තස‍්මා ඡන‍්නං විවරෙථ විවටං නාතිවස‍්සතී”ති යෙ කෙචි තෙන අච‍්ඡන‍්නෙන එකලක‍්ඛණා ධම‍්මා සබ‍්බෙ තෙ නාතිවස‍්සන‍්තී”ති. ලක‍්ඛණො හාරො.

5. ලක්ඛණ යනු: “ඡන්නමතිවස්සති” යනු: විචිත්‍ර වූ ඡන්නයෙන් සමාන ලක්‍ෂණ වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝ මඩනාලැබෙත්. “තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු: ඒ නො වැසීමෙන් සමාන ලක්‍ෂණ වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සියලු ධර්‍මයෝ (කෙලෙසුන් විසින්) අතිශයින් නො තෙමා යයි. ලක්ඛණහාර යි.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉමම‍්හි සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙසං කෙසඤ‍්චි චිත‍්තං අකුසලා ධම‍්මා අධිපටිදෙසිතා තෙ යථාධම‍්මං පටිකරිස‍්සන‍්තීති අයං තත්‍ථ භගවතො අධිප‍්පායො, අයං චතුබ්‍යූහොහාරො.

6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කිසි කෙනෙකුගේ සිත අකුශලධර්‍මයෝ (අධිපටිදේසිතා?) ඔහු දහම් වූ පරිදි පිළියම් කරන්නාහුය යන මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. මේ චතුබ්‍යුහහාර යි.

7. ආවත‍්තොති: යං ඡන‍්නං තං දුවිධං කම‍්පමානං සමුච‍්ඡිතබ‍්බො, ආනන‍්තරියසමාධීනං. තත්‍ථ පස‍්සද‍්ධීයං ච මානො ආසවෙ වඩ‍්ඪෙති. අස‍්සද‍්ධියෙන ච පමාදං ගච‍්ඡති. පමාදෙන ඔනමති, උන‍්නළභාවං ගච‍්ඡති. වුත‍්තං හෙතං භගවතා “උන‍්නළානං පමත‍්තානං තෙසං වඩ‍්ඪන‍්ති ආසවා”ති. චත‍්තාරි තානි උපාදානානි, යානි චත‍්තාරි උපාදානානි තෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා භවන‍්ති. ඉමානි සච‍්චානි දුක‍්ඛං ච සමුදයො ච. “තස‍්මා ඡන‍්නං විවරෙථා”ති යෙන හෙතුනා තෙ ආසවා වඩ‍්ඪන‍්ති, තෙසං පහීනත‍්තා ආසවා පහීයන‍්තෙ, තත්‍ථ අප‍්පමාදෙන අස‍්සද‍්ධියං පහීයති, උද‍්ධච‍්චකුක‍්කුච‍්චප‍්පහානෙන ඔළාරිකතා, තස‍්ස ද‍්වෙ ධම‍්මා සමථො ච භාවනා ච පාරිපූරිං ගච‍්ඡන‍්ති. යො තෙසං ආසවානං ඛයො, අයං නිරොධො. ඉමානි චත‍්තාරි සච‍්චානි. අයං ආවට‍්ටො.

7. ‘ආවත්ත’ යනු: ඡන්න වූ යම් (සිතක්) ඇද්ද එය ද්විවිධ යැ, (කම්පමානං ... පස්සද්ධියං ච?) මානය ආස්‍රවයන් වඩයි. අශ්‍රද්ධායෙන් ප්‍රමාදයට යෙයි, ප්‍රමාදයෙන් අවනම්න වෙයි, උද්ගත මානනළ ඇති බවට යෙයි. භාග්‍යවතුන් විසින් තෙල වදාරන ලද මැය: “උද්ගත මානනළ ඇති ප්‍රමත්ත වූ ඔවුන්ට ආස්‍රවයෝ වැඩෙත්” යයි. ඒ ආස්‍රවයෝ සතර උපාදාන වෙති, ඔහු පඤ්ච උපාදානස්කන්‍ධයෝ වෙත්. මේ දුක්ඛ සමුදය යන සත්‍යයෝ යි. “තස්මා ඡන්නං විවරෙථ” යනු: යම් හෙයකින් ඒ ආස්‍රවයෝ වැඩෙත් ද, ඔවුන් ප්‍රහීණ හෙයින් ආස්‍රවයෝ ප්‍රහීණ වෙත්. එහි අප්‍රමාදය හේතු කොට අශ්‍රද්ධාව ප්‍රහීණ වෙයි. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ප්‍රහාණයෙන් ඖදාරික බව ප්‍රහීණ වෙයි, ඔහුට සමථය ද භාවනා ද යන ධර්‍මයෝ දෙදෙන පිරීමට යෙත්. ඒ ආස්‍රවයන්ගේ යම් ගෙවීමෙක් වේද මේ නිරෝධ යැ, මේ සතර සත්‍යයෝ යි. මේ ආවට්ටහාර යි.

8. තත්‍ථ කතමො විභත‍්තිහාරො: “ඡන‍්නමතිවස‍්සතී”ති න එකංසො, කිං කාරණං: යස‍්ස අස‍්සා නිවත‍්තනා යථාපි සෙඛානං, යථා වුත‍්තං භගවතා:

8. එහි විභත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු ඒකාන්ත නො වෙයි. කරුණු කිම යත්: (යස්ස අස්සා නිවත්තනා යථාපි සේඛානං?) භාග්‍යවතුන් විසින් වදාරන ලද:

“කිඤ‍්චාපි සො කම‍්මං කරොති පාපකං කායෙන වාචා උද චෙතසා වා අභබ‍්බො සො තස‍්ස පටිච‍්ඡාදාය අභබ‍්බතා දිට‍්ඨපදස‍්ස වුත‍්තා”ති.

ශෛක්‍ෂ පුද්ගල යම් හෙයකින් කයින් වචනයෙන් සිතින් හෝ අකුශලයක් කරන්නේ නමුදු ඒ පාපය සැඟවීමට හෝ අභව්‍ය වෙයි. දක්නාලද නිර්‍වාණපද ඇත්තහුගේ (පාපය සැඟවීමෙහි) අභව්‍යබව වේ යයි.

කිඤ‍්චාපි තෙසං නිවාරණං චිත‍්තං හොති, අපි තු අප‍්පච‍්චයා සමායෙ ච තෙ නිද‍්දිසිතබ‍්බා. අයං විභත‍්තිහාරො.

යම් හෙයකින් ඔවුන්ගේ නිවාරණ චිත්තය වේ ද, එතෙකුදුවත් (අප්පච්චයා සමායෙ ච?) ඔහු දැක්විය යුත්තාහු ය. මේ විභත්තිහාර යි.

9. තත්‍ථ කතමො පරිවත‍්තනො හාරො: “ඡන‍්නමතිවස‍්සතී”ති යස‍්ස යෙ ධම‍්මා සබ‍්බං අනවිවටං අතිවස‍්සීයති විවටං නාතිවස‍්සති අවගුණන‍්තං නාතිවස‍්සති. අයං පරිවත‍්තනො හාරො.

9. එහි පරිවත්තනහාර කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: යමකුගේ (යෙධම්මා?) සියලු අකුශලය අවිවෘත වේ ද, හේ කෙලෙස්වැස්සෙන් අතිශයින් තෙමනු ලැබෙයි. විවෘත කළ ඇවැත් ඇත්තහු අතිශයින් නො තෙමයි. (අවගුණං තං නාති වස්සති?) මේ පරිවත්තනහාර යි.

10. තත්‍ථ කතමො වෙවචනො හාරො: ඡන‍්නන‍්ති ආවුතං නිවුතං පිහිතං පටිකුජ‍්ජිතං සඤ‍්ඡන‍්නං පරොධං, විවටං නාතිවස‍්සතී”ති යස‍්ස තෙ ධම‍්මා පබ‍්බජ‍්ජිතා විනොදං නාධිවස‍්සිතා වන‍්තීකතාති. අයං වෙවචනො හාරො:

10. එහි වෙවචනහාර කවරෙ යැ: “ඡන්නං” යනු: ආවුත යැ නිවුත යැ පිහිත යැ පටිකුජ්ජිත යැ සඤ්ඡන්න යැ පරෝධ යැ (මේ වෙවචන යැ) “විවටං නාතිවස්සති” යනු: (යස්ස තෙ ... වන්තීකතාති?) මේ වෙවචනහාර යි.

11. තත්‍ථ කතමො පඤ‍්ඤත‍්ති හාරො: “ඡන‍්නමතිවස‍්සතී”ති කිලෙසභාගියපඤ‍්ඤත‍්තං. ‘විවටං නාතිවස‍්සතී’ති සධම‍්මකිච‍්චං යං පටිපදාපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං “තස‍්මා ඡන‍්නං විවරෙථා”ති අනුසාසනපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. “විවටං නාතිවස‍්සතී”ති නික‍්ඛෙපපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. අයං පඤ‍්ඤත‍්ති හාරො.

11. එහි පඤ්ඤත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු: කෙලෙස් කොටසින් පනවනලද, “විවටං නාතිවස්සති” යනු: (සධම්මකිච්චං යං?) ප්‍රතිපදා ප්‍රඥප්තියෙන් පනවන ලද, “තස්මා ඡන්නං විවරෙථ” යනු: අනුශාසනා ප්‍රඥප්තියෙන් පනවන ලද, “විවටං නාතිවස්සති” යනු: නික්‍ෂේපප්‍රඥප්තියෙන් පනවන ලදි. මේ ප්‍රඥප්තිහාර යි.

12. තත්‍ථ කතමො ඔතරණො හාරො: ‘ඡන‍්නමතිවස‍්සතී’ති තයො කිලෙසා. රාගො දොසො මොහො, තෙසු ඡන‍්නෙසු සඞ‍්ඛාරක‍්ඛන්‍ධො -පෙ- තෙ පුරා යථා නිද‍්දිට‍්ඨං ඛන්‍ධධාතුආයතනෙසු අයං ඔතරණො හාරො.

12. එහි ඕතරණහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු: රාග දෝස මෝහ යන තුන් ක්ලේශයෝ යැ, ඔවුන් වැසුණු කල්හි සංඛාරක්ඛන්‍ධ වෙයි, ... ඔහු ඛන්‍ධ ධාතු ආයතනයන්හි පළමු දක්වනලද පරිදි වෙත්. මේ ඕතරණහාර යි.

13. තත්‍ථ කතමො සොධනො හාරො: යෙනාරම‍්භෙන ඉදං සුත‍්තං භාසති සො ආරම‍්භො නියුත‍්තො.

13. එහි සෝධනහාර කවරෙ යත්: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය වදාරත්ද, ඒ ආරම්භය දක්වන ලදී.

14. අධිට‍්ඨානොති: ඡන‍්නමතිවස‍්සතී’ති එකත‍්තතාය පඤ‍්ඤත‍්තං, කිං කාරණං: ඉදං හි අතිවස‍්සතීති ඉමස‍්ස ච අතිවස‍්සති එවං ච අතිවස‍්සතීති අයං වෙමත‍්තතාය යා පුනසාධාරණෙහි ලක‍්ඛණෙහි පඤ‍්ඤාපීයති. සා එකත‍්තපඤ‍්ඤත‍්ති.

14. අධිට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඒකත්තතා (සාමාන්‍යයෙන්) පනවන ලද, කරුණු කිම යත්: “අතිවස්සති” යන මේ යම් හෙයකින් වැසුණු ඇවැත් ඇති මොහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, මෙසේත් අතිශයින් තෙමා යයි මේ වේමත්තතායෙන් වදාරනලද ද එහෙයිනි. යම් ප්‍රඥප්තියක් සාධාරණ ලක්‍ෂණයෙන් පනවනු ලබා ද ඒ ඒ පැනැවීම් ඒකත්තපඤ්ඤත්ති වේ.

15. තත්‍ථ කතමො පරික‍්ඛාරො: යං ච තං අතිවස‍්සීයන‍්ති, තස‍්ස ද‍්වෙ හෙතූ ද‍්වෙ පච‍්චයා අකුසලපසුතෙව වාචකත‍්තාභිරති ච. ඉමෙ ද‍්වෙ අයොනිසොමනසිකාරො ච. කුසලා ධම‍්මා වොපසග‍්ගා ච. ඉමෙ ද‍්වෙ පච‍්චයා.

15. එහි පරික්ඛාර කවරෙ යත්: (යං ච තං අතිවස්සීයන්ති ... ඉමෙ දෙව පච්චයා? මෙහි වාක්‍යය මුළුල්ල ව්‍යාකූල යැ.)

16. තත්‍ථ කතමො සමාරොපනො: “ඡන‍්නමතිවස‍්සතී” ති වෙමති පස‍්සතීති ඡන‍්නං යං පරිග‍්ගහිතුං යං අදෙසිතුං අප‍්පස‍්සුතං යං කථංකථා විභූතෙන අකුසලමූලෙන යං තණ‍්හාය ච තෙ වඩ‍්ඪති දොසාති සන‍්නිත්‍වා තෙ අප‍්පසක‍්ඛයෙන සඞ‍්ඛාරා සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, අයං සමාරොපනො. යං පුන තථා දෙසනා, තස‍්සෙව කුසලා ධම‍්මා වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලතමාපජ‍්ජති. තස‍්ස සඞ‍්ඛාරනිරොධා අයං සමාරොපනො.

16. එහි සමාරෝපන කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: (වෙමති පස්සතීති ... අප්පසක්ඛයෙන සංඛාරා? මේ වාක්‍යය ද අතිශයින් ව්‍යාකූල යි.) සංඛාරප්‍රත්‍යයෙන් කර්‍මවිඥානය වෙයි. මේ සමාරෝපන යැ, යළි (තථා දේසනා?) ඔහුට මැ කුශලධර්‍මයෝ වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙයි. ඔහුට සංඛාරනිරෝධයෙන් (කර්‍මවිඥානයාගේ නිරෝධය වෙයි.) මේ සමාරෝපන යි.