යෙදුමෙන් කියවන්න

7. 11

7. 11.

7. 11.

“චත‍්තාරො පුග‍්ගලා: තමො තමපරායනො”ති -පෙ- තත්‍ථ කතමො වුච‍්චතෙ තමො නාම: යො තමො අන්‍ධකාරො, යථාවුත‍්තං භගවතා ‘යථා අන්‍ධකාරො තස‍්මිං භයානකෙ සකම‍්පිධාතුපුරිසො න පස‍්සති එවමෙව අඤ‍්ඤාණතො තමො පනන්‍ධකාරො පාපකසකම‍්මසවිපාකං න සද‍්ධො හොති (?) ඉති එවං ලක‍්ඛණතා අඤ‍්ඤාණං තමො අවිජ‍්ජා මොහො, යෙන සත‍්තා යථාභූතං නප‍්පජානන‍්ති, ඉති වුච‍්චති තමො’ති.

පුද්ගලයෝ සතර දෙනෙකි: (නීචකුලයෙහි ඉපදීම ආදි) අඳුරෙන් යුක්ත වූ (කාය දුශ්චරිතාදියෙන් යළි) නිරයඅඳුරට යන පුඟුලා යැ ... (යනාදි චතුක්කංගුත්තරයෙහි සූත්‍රය.) එහි ‘තම’ නම් කවරෙ යැ: යම් තමසෙක් අන්‍ධකාරයෙක් වේ ද එය යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “බිය එළවන ඒ අඳුරෙහි පුරුෂ ස්වකීය ස්වභාවය පවා නො දකී ද, එසෙයින් ම නො දැනීමෙන් තම සංඛ්‍යාත මොහඳුර ඇතියේ සවිපාක වූ ලාමක අකුශලකර්‍මය නො දකී? මෙබඳු ලක්‍ෂණ ඇති අවිජ්ජා මෝහ නම් වූ නො දැනීම ‘තම’ නම් වේ. යම් හෙයකින් සත්‍වයෝ යථාභූත වැ (ඇතිසැටියෙන්) නො දනිත්ද, එහෙයින් ‘තම’ යයි කියනු ලැබේ.

සො තිණ‍්ණං චක‍්ඛූනං තමො: මංසචක‍්ඛුනො දිබ‍්බචක‍්ඛුනො පඤ‍්ඤාචක‍්ඛුනො, ඉමෙසං චක‍්ඛුනං ඉධ තමො නිද‍්දිසීයති අඤ‍්ඤාණන‍්ති.

එය මංසචක්ඛු දිබ්බචක්ඛු පඤ්ඤචක්ඛු යන තුන් චක්‍ෂුන්ගේ අඳුර යැ, මෙහි මේ තුන් චක්‍ෂුන්ගේ නො දැනීම ‘තම’ යයි දක්වනු ලැබේ.

තත්‍ථ කතමං අඤ‍්ඤාණං අදස‍්සනං: අථ නිස‍්සයෙ යං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං, හෙතුම‍්හි අඤ‍්ඤාණං පච‍්චයම‍්හි අඤ‍්ඤාණං තස‍්ස අඤ‍්ඤාණිනො සමාධි භූතස‍්ස එසො නිස‍්සන්‍දො: යං න ජානාති ඉදං සෙවිතබ‍්බං ඉදං න මනසිකාතබ‍්බන‍්ති. සො තෙන තමෙන නිද‍්දිසීයති, තමොපි යථා වුච‍්චති. මූළ‍්හොති එවං චෙතනා, තෙන තමෙන සො පුග‍්ගලො වුච‍්චති තමොති, සො තෙන තමෙන අසමූහතෙන අසමුච‍්ඡින‍්නෙන තප‍්පරමො භවති තප‍්පරායනො, අයං වුච‍්චති පුග‍්ගලො තමො තමපරායනොති. පරායනොයෙව ධම‍්මො මනසිකාතබ‍්බො යො තමො දහති අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨපෙති, තෙ චස‍්ස ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති. සො සුතමයාය පඤ‍්ඤාය සමනුපස‍්සති.

එහි අඤ්ඤාණ සංඛ්‍යාත අදර්‍ශනය කවරෙ යැ: (අථ නිස්සයෙ?) පූර්‍වාන්තයෙහි නොදැනීම යැ අපරාන්තයෙහි නො දැනීම යැ පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම යැ, හේතුයෙහි නො දැනීම යැ ප්‍රත්‍යයෙහි නො දැනීම යැ යන යම් නො දැනීමෙක් ඇද්ද එයයි. ඒ නො දන්නහුගේ (සමාධිභූතස්ස?) තෙල ඵලය වෙයි: මේ සෙවියැ යුතු යැ, මේ නො මෙනෙහි කළයුතු යැයි යම් නො දැනීමක් ඇද්ද ඒ පුද්ගල ඒ නොදැනීම හේතුකොට තමසින් යුක්ත යයි දක්වනු ලැබේ. (සො තෙ නමෙන ... වුච්චති තමෝති?) හෙතෙම නො නසනලද සමුච්ඡේද නො කරනලද ඒ තමස හේතු කොට එය (නොදැනීම) පරම කොට ඇත්තේ එය පරායන කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනු ලැබේ. (පරායනෝ යෙව ධම්මෝ මනසිකාතබ්බො?) යමෙක් තම සංඛ්‍යාත නො දැනීම දුරු කෙරේ ද දැනීමට සිත එළවා ද ඔහුට ඒ ධර්‍මයෝ දර්‍ශනය වටහත්. හෙතෙම ශ්‍රැතමය ප්‍රඥායෙන් දකී.

තත්‍ථ කතමො තමො ජොතිපරායනො, සො තෙන පඤ‍්ඤාවසෙන ඉරීයති එවං තස‍්සෙව ඉරීයන‍්තස‍්ස පරායනො භවති. අයං වුච‍්චතෙ පුග‍්ගලො තමො ජොතිපරායනො.

එහි ‘තමෝජෝතිපරායන’ පුද්ගල කවරෙ යත්: හෙතෙම ඒ ප්‍රඥාවශයෙන් පවතී. මෙසේ පවත්නාවූ ඔහුට (ස්වර්‍ග සංඛ්‍යාත අලෝකය) පරායන වෙයි. මේ පුද්ගල (අඳුරෙන් එලියට යන) තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො පුග‍්ගලො තමො ජොතිපරායනො: තත්‍ථ වුච‍්චති ජොති නාම: යං තස‍්සෙව තමස‍්ස පටිපක‍්ඛෙන යෙ ච ධම‍්මා අන‍්තමසො ඤාණාලොකො, සො සුතධම‍්මො පුග‍්ගලො තමො ජොතිපරායනො, තත්‍ථ වුච‍්චතෙ: සො’යං පුග‍්ගලො තමො ජොතිපරායනො, සො යදි තථාරූපං කල්‍යාණමිත‍්තං පටිලභති, යො නං අකුසලතො ච නිවාරෙති භාවිතකුසලතාය භාවී (?) නියොජෙතීති.

එහි ජෝතිජෝතිපරායන (එළියෙන් එලියට යන) පුද්ගල කවරෙ යත්: එහි ලා කියනු ලැබේ. ජෝති නම්: ඒ තමසට ප්‍රතිපක්‍ෂවශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය යි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල ‘තමෝජෝතිපරායන’ යැ, එහි මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ. හේ ඉදින් එබඳු කලණ මිතුරකු ලබා ද, යමෙක් ඔහු අකුශලයෙන් වළකා ද භාවිතකුශලතායෙහි යොදවා ද, එබඳු වූ කලණ මිතුරෙකි.

එවං ච සද‍්ධම‍්මං දෙසෙති: ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අකුසලා, ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ ධම‍්මා සෙවිතබ‍්බා, ඉමෙ ධම‍්මා න සෙවිතබ‍්බා, ඉමෙ ධම‍්මා භජිතබ‍්බා, ඉමෙ ධම‍්මා න භජිතබ‍්බා, ඉමෙ ධම‍්මා උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා, ඉමෙ ධම‍්මා න උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා, ඉමෙ ධම‍්මා මනසිකාතබ‍්බා, ඉමෙ ධම‍්මා න මනසිකාතබ‍්බාති. පචචතෙ සඤ‍්ඤාය යථා සඤ‍්ඤායති සතින්‍ද්‍රියති සතින්‍ද්‍රියාති (?) සො එවං පජානාති: ඉමෙ ධම‍්මා කුසලා ඉමෙ ධම‍්මා අකුසලා. ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ ධම‍්මා සෙවිතබ‍්බා, ඉමෙ ධම‍්මා න සෙවිතබ‍්බා. ඉමෙ ධම‍්මා භාවෙතබ‍්බා, ඉමෙ ධම‍්මා න භාවෙතබ‍්බා, ඉමෙ ධම‍්මා උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා, ඉමෙ ධම‍්මා න උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා. ඉමෙ ධම‍්මා මනසිකාතබ‍්බා, ඉමෙ ධම‍්මා න මනසිකාතබ‍්බාති. සො තෙ ධම‍්මෙ සුස‍්සූසති සොතං ඔදහති, අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨාපෙති, තෙ චස‍්ස ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, සො සුතමයාය පඤ‍්ඤාය සමන‍්නාගතො, සො තෙන පච‍්චයවසෙන ඉරීයති එවං සො ඉරීයන‍්තො තප‍්පරමො භවති තප‍්පරායනො. අයං වුච‍්චතෙ පුග‍්ගලො තමො ජොතිපරායනො.

මෙසේත් සදහම් දෙසයි: ‘මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් භජනය කළ යුතු යැ මේ දහම් භජනය නොකළයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළයුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැ’ යි (පච්චතෙ සඤ්ඤාය යථා සඤ්ඤායති සතින්‍ද්‍රියානි?) හේ මෙසේ දැනගනී: ‘මේ දහම්හු කුශලයෝ යැ මේ දහම්හු අකුශලයෝ යැ මේ දහම්හු සාවද්‍යයෝ යැ මේ දහම්හු අනවද්‍යයෝ යැ මේ දහම්හු සේවිතව්‍යයෝ යැ මේ දහම්හු න සේවිතව්‍යයෝ යැ මේ දහම්හු වැඩියයුත්තාහු යැ මේ දහම්හු නො වැඩියැයුත්තාහු යැ මේ දහම්හු උපදවා විසිය යුත්තාහු යැ මේ දහම්හු උපදවා නො විසියැයුත්තාහු යැ මේ දහම්හු මෙනෙහි කළයුත්තාහු යැ මේ දහම්හු නො මෙනෙහි කළයුත්තාහු යැ’ යි. හේ ඒ දහම් අසනු කැමැති වෙයි. ඇසීමට කන නමයි, දැනගැනීමට සිත එළවයි. ඔහුට ඒ ධර්‍මයෝ දැනීම වටහත්. හේ ශ්‍රැතමයඥානයෙන් සමන්‍විත වූයේ, හේ ඒ ප්‍රත්‍යය වශයෙන් පවතී. මෙසේ පවත්නාවූ හෙතෙම එය පරම කොට ඇත්තේ එය පිහිට කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො පුග‍්ගලො ජොති තමපරායනො: ජොති නාම යං තස‍්සෙව තමස‍්ස පටිපක‍්ඛෙන යෙ ධම‍්මා අන‍්තමසො ඤාණාලොකො, සො සුතධම‍්මො කතමො උච‍්චතෙ පඤ‍්ඤායතො පණ‍්ඩිතොති වුච‍්චතෙ, සො එවං පජානාති: ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අකුසලා, ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ ධම‍්මා සෙවිතබ‍්බා, ඉමෙ ධම‍්මා න සෙවිතබ‍්බා, ඉමෙ ධම‍්මා භාවෙතබ‍්බා. ඉමෙ ධම‍්මා න භාවෙතබ‍්බා, ඉමෙ ධම‍්මා උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා, ඉමෙ ධම‍්මා න උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා, ඉමෙ ධම‍්මා මනසිකාතබ‍්බා, ඉමෙ ධම‍්මා න මනසිකාතබ‍්බාති. ඉධ පන පාපමිත‍්තසංසෙවනො පාපමිත‍්තවසානුගො අකුසලෙ ධම‍්මෙ අභිවඩ‍්ඪෙති, කුසලෙ ධම‍්මෙ පජහති. සො තෙන පමාදෙන පච‍්චයසඤ‍්ඤා අමනසිකත්‍වා අසති අසම‍්පජඤ‍්ඤං ආසෙවති. තයා යො පටිපක‍්ඛො තමො, සො තං පවඩ‍්ඪෙති. සො තමාහි භූතො තමපරායනො තමපරමො චෙව භවති. අයං වුච‍්චති පුග‍්ගලො ජොති තමපරායනො.

එහි ජෝතිතමපරායන පුද්ගල කවරෙ යත්: ‘ජෝති’ නම්, යම් කරුණෙකින් ඒ තමසට මැ ප්‍රතිපක්‍ෂ වශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය වේ ද එයයි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල (පඤ්ඤායතෝ?) පණ්ඩිත යයි කියනු ලැබේ. හේ මෙසේ දැනගනී: මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් වැඩියැයුතු යැ මේ දහම් නො වැඩියැයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළ යුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැයි. මෙහි වැලිත් පාපමිත්‍රයන් සේවනය කරනුයේ පාපමිත්‍රයන්ගේ වසයට පැමිණියේ අකුශලධර්‍මයන් වඩයි. කුශලධර්‍මයන් දුරු කෙරෙයි. හේ ඒ ප්‍රමාදය හේතු කොටගෙන (පච්චයසඤ්ඤා?) මෙනෙහි නො කොට අසති අසම්පජඤ්ඤය ඇසුරු කෙරෙයි, (තයා?) ඊට ප්‍රතිපක්‍ෂ වූ යම් තමසෙක් වේ ද හේ ඒ තමස (අඳුර) වඩයි, හේ ඒ තමසින් මඩනාලදුයේ තමස පරායන කොට ඇත්තේ තමස පරම කොට ඇත්තේ ද වෙයි. මේ පුද්ගල ‘ජෝතිතමපරායන’ යයි කියනුලැබේ.

තත්‍ථ කතමො පුග‍්ගලො ජොති ජොතිපරායනො: තත්‍ථ වුච‍්චතෙ: සොයං පුග‍්ගලො කල්‍යාණමිත‍්තස‍්ස සන‍්නිස‍්සිතො භවති සක‍්කා සංයොගී (?) කුසලං ගවෙසී සො කල්‍යාණමිත‍්තෙ උපසඞ‍්කමිත්‍වා පරිපුච‍්ඡති, පරිපඤ‍්හයති, කිං කුසලං? කිං අකුසලං? කිං සාවජ‍්ජං, කිං අනවජ‍්ජං? කිං සෙවිතබ‍්බං, කිං න සෙවිතබ‍්බං? කිං භාවෙතබ‍්බං කිං න භාවෙතබ‍්බං? කිං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බා, කිං න උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං? කිං මනසිකාතබ‍්බං, කිං න මනසිකාතබ‍්බං? කථං සංකිලෙසො හොති, කථා වොදානං හොති? කථං පවත‍්ති හොති කථං නිවත‍්ති හොති? කථං බද‍්ධො හොති, කථං මොක‍්ඛො හොති? කථං සක‍්කායසමුදයො හොති, කථං සක‍්කායනිරොධො හොතීති?

එහි ‘ජෝතිජෝතිපරායන’ පුද්ගල කවරෙ යැ: එහි ලා කියනු ලැබේ: මේ පුද්ගල කල්‍යාණමිත්‍රයකුගේ නිශ්‍රය ඇත්තේ වෙයි. (සක්කා සංයෝගී?) කුශලය සොයන්නා වූ හේ කලණමිතුරන් කරා එළැඹ පුළුවුස්සි, ප්‍රශ්න කෙරෙයි: කුසල් කිමැ? අකුසල් කිමැ? සාවද්‍යය කිමැ? අනවද්‍යය කිමැ? කුමක් සෙවියැයුතු යැ? කුමක් නො සෙවියැයුතු යැ? කුමක් වැඩියැයුතු යැ? කුමක් නො වැඩියැයුතු යැ? කුමක් උපදවා විසියැයුතු යැ? කුමක් උපදවා නො විසියැයුතු යැ? කුමක් මෙනෙහි කළයුතු යැ? කුමක් නො මෙනෙහි කළයුතු යැ? කිසෙයින් කෙලෙසීම වේ ද? කිසෙයින් පිරිසිදු වේ ද? කිසෙයින් (සසර) පැවැත්ම වේ ද? කිසෙයින් නැවැත්ම වේ ද? කිසෙයින් බැඳුණේ වේ ද? කිසෙයින් මිදීම වේ ද? කිසෙයින් සත්කායසමුදය වේ ද? කිසෙයින් සත්කාය නිරෝධය වේ දැ’යි.

සො එත්‍ථ දෙසිතං යථා උපට‍්ඨිතං තථා සම‍්පටිපජ‍්ජන‍්තො සො එවං පජානාති: ඉමෙ ධම‍්මා කුසලා ඉමෙ ධම‍්මා අකුසලා -පෙ- එවං සක‍්කායසමුදයො හොති, එවං සක‍්කායනිරොධො හොතීති. (විත්‍ථාරෙන කාතබ‍්බං.) සො තෙ ධම‍්මෙ අධිපාටිකඞ‍්ඛති, එවං ලක‍්ඛණං ඤාණං විජ‍්ජාආලොකං වඩ‍්ඪෙති. සො පුග‍්ගලො තප‍්පරමො භවති තප‍්පරායනො. අයං වුච‍්චතෙ පුග‍්ගලො ජොති ජොතිපරායනො.

හේ මෙහි දෙසන ලද්ද යම්සේ අවබෝධ කෙරේ ද එසේ මොනොවට පිළිපදනේ හේ මෙසේ දැනගනී: මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ ... මෙසේ සත්කායසමුදය වෙයි, මෙසේ සත්කායනිරෝධය වේ යයි. (විස්තරයෙන් ප්‍රකාශ කළ යුතු) හේ ඒ ධර්‍මයන් (අධිපාටිකඞ්ඛාති?) මෙබඳු ලක්‍ෂණ ඇති ඥානය මාර්‍ගඥානවිද්‍යාලෝකය වඩයි. ඒ පුද්ගල තත්පරම වූයේ තත්පරායන වූයේ වේ. මේ පුද්ගල ජෝතිජෝති පරායනයයි කියනු ලැබේ.

තත්‍ථ කතමො පුග‍්ගලො තමො තමපරායනො: යො අකුසලං ධම‍්මං දීපෙති, තං භාවනාය හීනාසු ගතීසු උප‍්පත‍්තිං දස‍්සෙති, තප‍්පරමො භවති තප‍්පරායනො. අයං වුච‍්චතෙ පුග‍්ගලො තමො තමපරායනො.

එහි තමෝතමපරායන පුද්ගල කවරෙ යැ: යමෙක් අකුශලධර්‍මය දක්වා ද ඒ අකුශලය වැඩීමෙන් අපායාදි හීනගතියෙහි උත්පත්තිය ලබයි. ඒ අකුශලය පරම කොට ඇත්තේ තත්පරායන වූයේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනුලැබේ.

තත්‍ථ යො පුග‍්ගලො තමො ජොතිපරායනො, සො තමෙන අකුසලස‍්ස කම‍්මස‍්ස විපාකං දස‍්සෙති. තමෙති යං චක‍්ඛු කල්‍යාණමිත‍්තස‍්ස වසෙන අකුසලෙ ධම‍්මෙ පජහති කුසලෙ ධම‍්මෙ අභිවඩ‍්ඪති.

එහි යම් පුඟුලෙක් ‘තමෝජෝතිපරායන’ වේ ද, හේ තමසින් අකුශලකර්‍මයාගේ විපාකය දක්වයි, (තමෙති?) හේ කල්‍යාණමිත්‍රයාගේ වශයෙන් අකුශලධර්‍මයන් දුරු කෙරෙයි. කුසල්දහම් වඩයි.

තත්‍ථ සො ච පණීතාසු ගතිසු උප‍්පත‍්තිං දස‍්සෙති, තප‍්පරමො තෙන වුච‍්චතෙ තමො ජොතිපරායනො.

එහි යමෙක් ප්‍රණීතගතියෙහි උත්පත්තිය දක්වා ද එය පරම කොට ඇත්තේ වේ ද, එහෙයින් ‘තමෝජෝතිපරායන’ යයි කියනු ලැබේ.

තත්‍ථ යො පුග‍්ගලො ජොති තමපරායනො කුසලස‍්ස කම‍්මවිපාකං දස‍්සෙති. යං චක‍්ඛු පාපමිත‍්තසංසග‍්ගෙන පාපමිත‍්තූපසෙවනෙන පාපමිත‍්තවසානුගො අකුසලං ධම‍්මං අභිවඩ‍්ඪති. තං භාවනාය හීනාසු ගතිසු උප‍්පත‍්තිං දස‍්සෙති. තප‍්පරමො තෙන වුච‍්චතෙ ජොති තමපරායනො.

යම් පුඟුලෙක් ජෝතිතමපරායන වූයේ කුශලකර්‍මයාගේ විපාකය දක්වා ද, (යම් ඇසක්?) පාපමිත්‍රසංසර්‍ගයෙන් පාපමිත්‍රසේවනයෙන් පාපමිත්‍රයන්ගේ වශයට පැමිණියේ අකුශලධර්‍මය වඩයි. එය වැඩීමෙන් හීනගතීන්හි උත්පත්තිය දක්වයි. එය පරම කොට ඇත්තේ වෙයි, එයින් ජෝතිතමපරායන යයි කියනු ලැබේ.

තත්‍ථ යො පුග‍්ගලො ජොති ජොතිපරායනො, සො ජොති තභාවතාය යාව පණිතාසු ගතිසු උප‍්පත‍්ති. දස‍්සෙති තප‍්පරමො. තෙනාහ ජොති ජොතිපරායනො.

එහි යම් පුඟුලෙක් ජෝතිජෝතිපරායන වේ ද, හේ ජෝතිතභාවයෙන් එය පරම කොට ඇත්තේ ප්‍රණීත ගතීන්හි උපත දක්වයි. එයින් ජෝතිජෝතිපරායන යයි වදාළහ.

ජොතිතමපරායනෙන දසඅකුසලානං ධම‍්මානං උදයං දස‍්සෙති. තමෙන පුග‍්ගලෙන අකුසලානං කම‍්මානං විපාකං දස‍්සෙති න අකුසලානං ධම‍්මානං විපාකං දස‍්සෙති. තමෙන අට‍්ඨ මිච‍්ඡත‍්තානි දස‍්සෙති. ජොතිනා අට‍්ඨ සම‍්මත‍්තානි දස‍්සෙති ජොතිනා තමපරායනෙන දස අකුසලකම‍්මපථෙ දස‍්සෙති. ජොතිනා පණීතත‍්තං දස‍්සෙති. තමෙන ජොතිපරායනෙන අතපනීයං ධම‍්මං දස‍්සෙති. ජොතිනා තමපරායනෙන තපනීයං ධම‍්මං දස‍්සෙති. අයං සුත‍්තත්‍ථො.

ජෝතිතමපරායන වීමෙන් දසඅකුශල ධර්‍මයන්ගේ උදය දක්වයි, තම පුද්ගලයාගෙන් අකුශලකර්‍මයන්ගේ විපාකය දක්වයි, අකුශලධර්‍මයන්ගේ විපාකය නො දක්වයි. තමසින් අටවැදෑරුම් මිච්ඡත්තයන් දක්වයි, ආලෝකයෙන් අටවැදෑරුම් සම්මතයන් දක්වයි, ජෝතිතමපරායනයෙන් දස අකුශලකර්‍මපථයන් දක්වයි. ආලෝකයෙන් ප්‍රණීත බව දක්වයි, තම ජෝතිපරායනයෙන් අතපනීය ධර්‍මය දක්වයි, ජෝතිතමපරායනයෙන් තපනීය ධර්‍මය දක්වයි, මේ සූත්‍රාර්‍ත්‍ථ යි.

1. තත්‍ථ කතමො දෙසනාහාරො: ඉමම‍්හි සුත‍්තෙ කිං දෙසිතං. තත්‍ථ වුච‍්චතෙ: ඉමම‍්හි සුත‍්තෙ කුසල කුසලා ධම‍්මා දෙසිතා. කුසලා කුසලානං ච ධම‍්මානං විපාකො දෙසිතො. හීනප‍්පණිතානං ච සත‍්තානං ගතිනානාකරණං දෙසිතං. අයං දෙසනාහාරො.

1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසන ලද ද, එහි ලා කියනු ලැබේ: මේ සූත්‍රයෙහි කුශලාකුශල ධර්‍මයෝ දේශිතයහ, කුශලාකුශලධර්‍මයන්ගේ විපාකය ද දේශිත යැ. හීනප්‍රණීත සත්‍වයන්ගේ ගතිනානාත්‍වය ද දෙසන ලදී. මේ දේසනාහාර යි.

2. 3: තත්‍ථ කතමො විචයො හාරො. අකුසලස‍්ස කම‍්මස‍්ස යො විපාකං පච‍්චනුභොති, තත්‍ථ ඨිතො අකුසලෙ ධම‍්මෙ උප‍්පාදියති විචයං තං යුජ‍්ජති. කුසලස‍්ස කම‍්මස‍්ස යො විපාකං පච‍්චනුභොති, තත්‍ථ ඨිතො කුසලෙ ධම‍්මෙ උප‍්පාදීයති විචයං තං යුජ‍්ජති. අයං විචයො යුත‍්ති ච.

2-3. එහි විචයහාර කවරෙ යැ: යමෙක් අකුශලකර්‍මයාගේ විපාකය විඳී ද, එහි සිටියේ අකුශලධර්‍මයන් උපදවයි යන විචය යෙදෙයි. යමෙක් කුශලකර්‍මයාගේ විපාකය විඳී ද, එහි සිටියේ කුශලධර්‍මයන් උපදවයි යන විචය යෙදෙයි. මේ විචය ද යුත්ති ද වේ.

4. තත්‍ථ කතමො පදට‍්ඨානො හාරො: යො පුග‍්ගලො ජොති, සො පච‍්චවෙක‍්ඛණාය පදට‍්ඨානං, යො පුග‍්ගලො තමො, සො තමාදින‍්නං, වානුපස‍්සනාය පදට‍්ඨානන‍්ති දස‍්සෙති. තමෙන ජොතිපරායනෙන අප‍්පමාදස‍්ස පදට‍්ඨානං දස‍්සෙති. තමො අවිජ‍්ජාය ච දිට‍්ඨියා ච පදට‍්ඨානං දස‍්සෙති, ජොතිනා තමපරායනෙන පමාදස‍්ස ච දිට‍්ඨියා ච පදට‍්ඨානං දස‍්සෙති. අයං පදට‍්ඨානො.

4. එහි පදට්ඨානහාර කවරෙ යැ: යම් ජෝතිපුද්ගලයෙක් වේ ද, හේ ප්‍රත්‍යවේක්‍ෂාවට පදට්ඨාන යැ, යම් තමපුද්ගලයෙක් වේ ද හේ (තමාදින්නං?) අනුපස්සනාවට පදට්ඨාන යයි දක්වයි. ජෝතිපරායන වූ තමසින් අප්‍රමාදයට පදට්ඨාන දක්වයි, තමස අවිද්‍යාවට ද දෘෂ්ටියට ද පදට්ඨාන දක්වයි. තමපරායන වූ ජෝති (ආලෝක) යෙන් ප්‍රමාදයට ද දෘෂ්ටියට ද පදට්ඨාන දක්වයි. මේ පදට්ඨානහාර යි.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො හාරො: තමෙන තමපරායනෙන අවිජ‍්ජාය නිද‍්දිට‍්ඨාය සබ‍්බකිලෙසධම‍්මා නිද‍්දිට‍්ඨා හොන‍්ති. තමෙන ජොතිපරායනෙන ජොති විජ‍්ජාය නිද‍්දිට‍්ඨාය සබ‍්බෙ බොධිපක‍්ඛියධම‍්මා නිද‍්දිට‍්ඨා හොන‍්ති. ජොතිතමපරායනෙන පමාදො නිද‍්දිට‍්ඨො හොති. තමෙන ජොතිපරායනෙන අප‍්පමාදො නිද‍්දිට‍්ඨො හොති අයං ලක‍්ඛණො හාරො.

5. එහි ලක්ඛණහාර කවරෙ යැ: තමපරායන වූ තමසින් ‘තමෝ’ යි අවිද්‍යාව දැක්වූ කල්හි සියලු කෙලශ ධර්‍මයෝ දක්වනලද්දාහු වෙති, ජෝතිපරායන වූ තමසින් ‘ජෝති’ යි විද්‍යාව නිර්දිෂ්ට කල්හි සියලු බෝධිපාක්‍ෂික ධර්‍මයෝ දක්වනලද්දාහු වෙති, ජෝතිතම පරායනයෙන් ප්‍රමාදය දක්වනලද වෙයි, තමෝජෝතිපරායනයෙන් අප්‍රමාදය නිර්දිෂ්ට වේ. මේ ලක්ඛණහාර යි.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉමම‍්හි සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙ සත‍්තා නීචකුලිනො න තෙ ඉමං සුත්‍වා කුසලෙ ධම‍්මෙ සමාදාය වත‍්තිස‍්සන‍්ති, යෙ සත‍්තා උච‍්චකුලිනො, තෙ ඉමං ධම‍්මදෙසනං සුත්‍වා භිය්‍යොසොමත‍්තාය කුසලෙ ධම‍්මෙ සමාදාය වත‍්තිස‍්සන‍්තීති. අයං චතුබ්‍යූහො හාරො, භූමියං උපදෙසො.

6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: නීචකුලීන වූ යම් යම් සත්‍ව කෙනෙක් ඇද්ද ඔහු මේ ධර්‍මය අසා කුශල ධර්‍මයන් සමාදන්වගෙන පවත්නාහු යැ, යම් සත්‍ව කෙනෙක් උච්චකුලීන වෙත් ද, ඔහු මේ ධර්‍මදේශනාව අසා අධිකප්‍රමාණයෙන් කුශලධර්‍මයන් සමාදන් වැ පවත්නාහු යයි. මේ චතුබ්‍යුහහාර යි. (භූමියං උපදෙසො?)

7. තත්‍ථ කතමො ආවට‍්ටො හාරො: යා අවිජ‍්ජාතොප‍්පභුති තණ‍්හා, අයං සමුදයො. යො තමොතමපරායනො, ඉදං දුක‍්ඛං, ඉමානි ද‍්වෙ සච‍්චානි දුක‍්ඛං ච සමුදයො ච. ජොති යෙන සුත‍්තෙන ධම‍්මෙන පඤ‍්ඤාපීයති, යො ධම‍්මො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස පදට‍්ඨානං. තෙන අමොහෙන තීණි කුසලමූලානි පාරිපූරිං ගච‍්ඡන‍්ති, සග‍්ගස‍්ස පදට‍්ඨානං.

7. එහි ආවත්තහාර කවරෙ යැ: අවිද්‍යායෙහි පටන් යම් තෘෂ්ණාවක් ඇද්ද, මේ සමුදය යැ. යම් තමෝතමපරායනයෙක් ඇද්ද, මේ දුක්ඛ යැ. මේ දුක්ඛය ද සමුදය ද යන සත්‍ය දෙක යැ. යම් සූත්‍රයෙකින් ධර්‍මයෙකින් ජෝති (ආලෝකය) පනවනු ලැබෙ ද ඒ ධර්‍මය පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, ඒ අමෝහය හේතු කොට ත්‍රිවිධ කුශලමූලයෝ පිරීමට යෙත්. එය ස්වර්‍ගයට පදට්ඨාන යි.

8-9. තත්‍ථ කතමො විභත‍්ති: තමොතමපරායනොති න එකං සෙන, කිං කාරණං: අත්‍ථි තමො ච භවො අපරාපරියවෙදනීයෙන ච කුසලෙන ජොතිනා පුග‍්ගලෙන සහොපත‍්තිභාවෙ, අත්‍ථි ජොති ච භවො අපරාපරියවෙදනීයෙන ච අකුසලෙන තමෙන පුග‍්ගලෙන සභොපත‍්තිභාවෙ, පරිවත‍්තනා තමෙසු පටිපක‍්ඛොති ජොතිනා තමපරායනො.

8-9. එහි විභත්ති කවරැ: තමෝතමපරායනෝ (යනු) ඒකාන්තයෙන් නොවේ. කරුණු කිම යත්: තම (අඳුරු වූ) භවය ද ඇත, අපරාපරිය වේදනීය කුශලයක් හේතුකොට ජෝති පුද්ගලයකු සමග (සහෝපත්ති භාවෙ?) ජෝති භවයෙක් ද ඇත. අපරාපරියවේදනීය අකුශලයක් හේතු කොට තම පුද්ගලයකු සමග (සහෝපත්ති භාවෙ?)

10. තත්‍ථ කතමො වෙවචනො: යො තමො සො එවං අත‍්තව්‍යාබාධාය. පටිපන‍්නො, සො අස‍්සද‍්ධාය බාලො අකුසලො අව්‍යත‍්තො අනාදීනවදස‍්සී යො ජොති යො අත‍්තහිතාය පටිපන‍්නො පණ‍්ඩිතො කුසලො ව්‍යත‍්තො ආදීනවදස‍්සී. අයං වෙවචනො.

10. එහි වෙවචන කවරෙ යැ: යම් තමසෙක් වේ ද හේ මෙසේ ආත්මවධය පිණිස පිළිපන්නේ වෙයි. හේ අශ්‍රද්ධායෙන් යුත් බාල අදක්‍ෂ වූයේ අව්‍යක්ත වූයේ ආදීනව නො දක්නේ වෙයි. යමෙක් ජෝති වූයේ ද හේ ආත්මහිතයට පිළිපන්නේ පණ්ඩිත වූයේ දක්‍ෂ වූයේ ව්‍යක්ත වූයේ ආදීනව දක්නාසුලු වේ. මේ වෙවචන යි.

11. තත්‍ථ කතමො පඤ‍්ඤත‍්ති: යො පුග‍්ගලො විපාකපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤාපීයති ජොති කුසලධම‍්මූපපත‍්තීපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤාපීයති. කුසලධම‍්මවිපාකපඤ‍්ඤත‍්තියා චාති.

11. එහි පඤ්ඤත්ති කවරැ: යම් පුඟුලෙක් විපාකප්‍රඥප්තියෙන් ජෝති වූ හේ කුශලධර්‍මයන්ට පැමිණීමෙන් කුශලධර්‍මයන්ගේ විපාකප්‍රත්‍යයෙන් ද පනවනු ලැබේ යයි.

12. ඔතරණොති: යෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා යං ච ජරාමරණං යා ච අවිජ‍්ජා, තං පදට‍්ඨානං. නිද‍්දෙසෙන (?) විජ‍්ජුප‍්පාදා අවිජ‍්ජානිරොධො, යො යාව ජරාමරණනිරොධො. ඉමෙ ද‍්වෙ ධම‍්මා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා. ධම‍්මධාතු ධම‍්මායතනං ච පදට‍්ඨානං, නිද‍්දෙසෙන ධාතුසු.

12. ඕතරණ යනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් යම් සංස්කාර කෙනෙක් ඇද්ද, යම් ජරාමරණයකුත් යම් අවිද්‍යාවකුත් ඇද්ද, එය පදට්ඨාන යැ, නිර්දේශයෙන් (?) විද්‍යොත්පාදය අවිද්‍යා නිරෝධය වෙයි. ජරාමරණනිරෝධය දක්වා (කියැයුතු යැ.) මේ ධර්‍මයෝ දෙදෙන සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්නයෝ යැ, ධර්‍මධාතු ද ධර්‍මායතන ද පදට්ඨාන යි. (නිද්දේසේන ධාතුසු?)

13. තත්‍ථ කතමො සොධනො: ඉමස‍්ස සුත‍්තස‍්ස දෙසිතස‍්ස ආරම‍්භො. (සුද‍්ධො.)

13. එහි සෝධන කවරෙ යැ: දේසිත වූ මේ සූත්‍රයාගේ ආරම්භය (ශුද්ධ යැ.)

14. අධිට‍්ඨානොති: තමොති භගවා බ්‍රවීති, න එකං පුග‍්ගලං දෙසෙති. යාවතා සත‍්තානං ගති, තත්‍ථ යෙ දුච‍්චරිතධම‍්මෙන උපපන‍්නා, තෙ බහුලාධිවචනෙන තමො නිද‍්දිසති. යා ජොති සබ‍්බසත‍්තෙසු කුසලධම‍්මුපපත‍්ති සබ‍්බං තං ජොතීති අභිලපති, අයමෙකතා පච‍්චයො යොනිසොමනසිකාරපඤ‍්ඤත‍්ති චතුන‍්නං මහාභූතානං පුග‍්ගලානං.

14. ‘අධිට්ඨාන’ යනු: භාග්‍යවතුන් වහන්සේ ‘තමෝ’ යී වදාරති. එක් පුද්ගලයකු නො දෙසනසේක. සත්‍වයන්ගේ ගතිය යම්තාක් වේ ද, එහි යම් කෙනෙක් දුශ්චරිත ධර්‍මයෙන් යුක්ත වූවාහු ද බහුලාධිවචනයෙන් තමස දක්වයි, යම් ජෝතියෙක් වේ ද (එය) සියලු සත්‍වයන් කෙරෙහි කුශලධර්‍මයන්ගේ ඉපදීම යැ, ඒ සියල්ල ජෝති යයි පවසයි. (අයමෙකතාපච්චයො?) සතර මහාභූත ඇති? පුද්ගලයන්ගේ යෝනිසෝමනසිකාර පඤ්ඤත්ති යැ.

15. තත්‍ථ කතමො පරික‍්ඛාරො: අකුසලස‍්ස පාපමිත‍්තතා පච‍්චයො, අයොනිසොමනසිකාරො හෙතු. කුසලස‍්ස කල්‍යාණමිත‍්තතා පච‍්චයො, යොනිසොමනසිකාරො හෙතු.

15. එහි පරික්ඛාර කවරෙ යැ: අකුශලයට පාපමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, අයෝනිසෝමනසිකාරය හේතු යි. කුශලයට කල්‍යාණමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, යෝනිසෝමනස්කාර හේතු යි.

16. තස‍්ස කතමා සමාරොපනා: “ඉධෙකච‍්චො නීචෙ කුලෙ පච‍්චාජාතො හොතී”ති නීචෙ කුලෙ පච‍්චාජාතො රූපෙසු සද‍්දෙසු ගන්‍ධෙසු රසෙසු ඵස‍්සෙසු, සො අනුප‍්පන‍්නො සබ‍්බම‍්හි මානුස‍්සකෙ උපභොගපරිභොගෙ. ජොති පණීතෙසු කුලෙසු උපපන‍්නො සබ‍්බම‍්හි මානුසකෙ උපභොගපරිභොගෙ උපපන‍්නොති.

16. එහි සමාරෝපනා කවරැ: “මෙලොවැ කිසිවෙක් නීචකුලයෙහි උපන්නේ වේ” යයි නීචකුලයෙහි උපන්නේ රූප සද්ද ගන්‍ධ රස ඵස්සයන්හි ද හේ සියලු මානුසික උපභෝග පරිභෝගයෙහි ද සමෘද්ධ නො වූයේ වෙයි. ජෝති පුද්ගල ප්‍රණීත කුලයන්හි උපන්නේ සියලු මානුසික උපභෝග පරිභෝගයෙහි සමෘද්ධ වූයේ යයි.