යෙදුමෙන් කියවන්න

7. 12

7. 12.

7. 12.

තත්‍ථ කතමං සංකිලෙසභාගියං නිබ‍්බෙධභාගියං ච සුත‍්තං: “න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා”ති ගාථා. කෙන කාරණෙන තං බන්‍ධනං දළ‍්හං, චතූහි කාරණෙහි ඉස‍්සරියෙන සක‍්කා මොචෙතුං ධනෙන වා අඤ‍්ඤෙන වා යාචනාය වා පරායනෙන වා, යෙසු ච අයං රාගො මණිකුණ‍්ඩලෙසු පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා, ඉදමස‍්ස චෙතසිකබන්‍ධනං, තං න සක‍්කා ඉස‍්සරියෙන වා ධනෙන වා අඤ‍්ඤෙන වා යාචනාය වා පරායනෙන වා මොචෙතුං, න ච තත්‍ථ කොචි අත්‍ථි පාටිභොගො. ඉමිනා බන්‍ධනතො මොචයිතා දෙවො වා මනුස‍්සො වා යදිදං බන්‍ධනං රාගානුසයෙන ච ඡසු බාහිරෙසු ච ආයතනෙසු බජ‍්ඣති. රූපෙසු රූපතණ‍්හා බන්‍ධති, යාව ධම‍්මෙසු ධම‍්මතණ‍්හා, යො ඉධ ලොකෙ බද‍්ධො පරලොකස‍්මිං බද‍්ධො නීයති, සො බද‍්ධො ජායති, බද‍්ධො මීයති, බද‍්ධො අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡති, න සක‍්කා මොචෙතුං අඤ‍්ඤත්‍ර අරියධම‍්මෙන ඉමං ච බන්‍ධනං. මරණභවං ච උපපත‍්තිභවං ච භයතො විදිත්‍වා ඡන්‍දරාගං පජහති. සො ඉමං ඡන්‍දරාගං පජහිත්‍වා අතික‍්කමති ඉමං ච ලොකං ඉතො පරං දුතියං.

එහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද සූත්‍රය කවරෙ යැ: “න තං දළ්හං බන්‍ධනමාහු ධීරා” යන (කෝසලසංයුක්තයෙහි) ගාථාව යැ. කවර කරුණෙකින් ඒ බන්‍ධනය දැඩි වේ ද: සතර කරුණෙකිනි, අධිපති බැවින් මුදන්නට හැකි යැ, ධනයෙන් හෝ අන්ලෙසකින් හෝ අයැදීමෙන් හෝ ගැතිබැවින් හෝ මුදන්නට හැකි යැ, මේ රාගය යම් මිණිකොඬොල්හි දූ දරුවන් කෙරෙහි දු දාරාවන් කෙරෙහි දු යම් අපේක්‍ෂාවක් ඇද්ද, මේ ඔහුගේ චෛතසික බන්‍ධනය වෙයි. එය අධිපතිබැවින් හෝ ධනයෙන් හෝ අනෙකෙකින් හෝ යැදීමෙන් හෝ ගැතිවීමෙන් හෝ මුදන්නට නො හැක්ක, එහි කිසි ඇපයෙක් නො ද ඇති. යම් මේ බන්‍ධනයක් රාගානුසයෙන් ද ෂඩ්බාහිර ආයතනයන්හි ද බැඳේ නම් මේ බැඳුමෙන් රූපතණ්හාව රූපයන් හි බඳියි, ධර්‍මයන්හි ධර්‍මතෘෂ්ණාව දක්වා (විස්තර කළයුතු.) යමෙක් මෙලොවැ බැඳුණේ පරලොවත් බැඳුණේ පමුණුවනු ලැබේ ද, හේ බැඳුණේ උපදියි, බැඳුණේ මියැයෙයි, බැඳුණේ මෙලොවින් පරාලොවට යයි. මේ බන්‍ධනය ද ආර්‍ය්‍ය ධර්‍මයෙන් හැර මුදන්නට නො හැක්ක. මරණභවය ද උපප්‍රාප්ති භවය ද භයවශයෙන් දැන ඡන්‍දරාගය දුරුකෙරෙයි. හේ මේ ඡන්‍දරාගය හැරපියා මේ ලෝකය ද මෙයින් මත්තෙහි දෙවැනි ලෝකය ද ඉක්මවයි.

තත්‍ථ යං බන්‍ධනා සඞ‍්ඛාරානං පහානං ඉදං වුච‍්චති උභයෙසු ඨානෙසු විරියං ගන්‍ධපරිවාතො සුමුනි නොපලිප‍්පති තථෙව පරිග‍්ගහෙසු පුත‍්තෙසු දාරෙසු ච අබ‍්බුළ‍්හො සල‍්ලොති තස‍්සායෙව

එහි බන්‍ධනයෙන් සංස්කාරයන්ගේ යම් ප්‍රහාණයක් ඇද්ද, මෙය (කායික චෛතසික) උභයස්ථානයෙහි , වීර්‍ය්‍ය යයි කියනු ලැබේ. (ගන්‍ධපරිවාතො සුමුනි?) නො තැවැරෙයි. එසේ මැ පරිග්‍රහවස්තුන්හිදු අඹුදරුවන් කෙරෙහිදු උපුළ ශල්‍ය ඇත්තේ යයි

තණ‍්හාය පහානං දස‍්සෙති. අයං තණ‍්හාමූලස‍්ස පහානා වරෙථ අප‍්පමත‍්තොති කාමො පමාදවත‍්තති පහානාය නෙක‍්ඛම‍්මාභිරතො අප‍්පමාදවිහාරී භවති. තස‍්ස ආසයං පහානාය නෙව ඉමං ලොකං ආසිංසති න පරං ලොකං න ඉධලොකනිස‍්සිතං පියරූපං සාතරූපං ආකඞ‍්ඛති, නාපි පරලොකනිස‍්සිතං පියරූපං සාතරූපං ආකඞ‍්ඛති. තෙන වුච‍්චතෙ “නාසිංසතෙ ලොකමිමං පරංවා”ති.

ඒතෘෂ්ණාවගේ මැ ප්‍රහාණය දක්වයි. මේ තෘෂ්ණාමූලයාගේ (පහානා වරෙ?) අප්‍රමත්ත වූයේ යයි (කාමෝ පමාද වත්තති?) ප්‍රහාණය පිණිස නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණේ අප්‍රමාදවිහාරී වෙයි. ඒ ප්‍රමාදයාගේ ආශයප්‍රහාණයෙන් මෙලොව ද පරලොව ද ආශංසනය නො කෙරෙයි. මෙලොව ඇසිරිකළ ප්‍රියරූප මධුරරූප නො කැමැති වෙයි. පරලොව ඇසිරිකළ ප්‍රියරූප සාතරූප ද නො කැමැති වෙයි. එයින් කියනු ලැබේ: “නාසිංසතෙ ලෝකමිමං පරං ච” යි.

යං තස‍්ස පහානං තං ඡෙදනං අට‍්ඨකවග‍්ගියෙසු මුනිනා නිද‍්දිට‍්ඨං. සො ඉධ විරොධො අට‍්ඨකවග‍්ගියෙසු නාසිංසනං ඉධ අන්‍යථා තථායං තණ‍්හා, තස‍්ස පරිග‍්ගහස‍්ස වත්‍ථුකාමස‍්ස එකගාථාය එතෙ සබ‍්බෙ කාමා දස‍්සිතා. තෙන භගවා දෙසෙති:

ඒ ආකාඞ්ක්‍ෂාවගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද, එය මුනිහු විසින් අෂ්ටකවර්‍ගයෙහි ‘ඡේදනං’ යී දක්වනලදි. අෂ්ටකවර්‍ගයෙහි ඒ විරෝධය වෙයි. මේ (කොසලසංයුත්තයෙහි) “නාසිංසනං” යි අන් පරිද්දෙකින් එයි. එසෙයින් මේ තෘෂ්ණාව ඊට පරිග්‍රහ වූ වස්තුකාමය එක් ගාථායෙහි මේ සියලු කාමයෝ දක්වනලදහ. බුදුහු එයින් වදාරති:

“එතම‍්පි ජෙත්‍වාන පරිබ‍්බජන‍්ති. අනපෙක‍්ඛිනො සබ‍්බකාමෙ සහායා”ති.

වස්තුකාම ක්ලේශකාමයෙහි අපේක්‍ෂා නැත්තාහු තෙල බන්‍ධනය සිඳපියා කම්සුව හැරපියා ගිහිගෙන් නික්මැ යෙත් යයි.

ඉමිස‍්සා ගාථාය ද‍්විධා නිද‍්දෙසො: සංසදෙනනිද‍්දෙසො ච සමයනිද‍්දෙසො ච, යථා අයං ගාථා සංකිලෙසභාගියං ච, එවං තාය ගාථාය සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච විසජ‍්ජනා. යථායං ගාථා එවං සබ‍්බගාථාසු ව්‍යාකරණෙසු වා, නිද‍්දිට‍්ඨං සුත‍්තං.

මේ ගාථායෙහි දෙපරිද්දෙකින් නිර්දේශ වෙයි: සංසන්‍දන නිර්‍දෙශය ද සමය නිර්‍දෙශය දැයි, යම්සේ මේ ගාථාව සංකිලේසභාගියත් නිබ්බෙධභාගියත් වේ ද, එසෙයින් ඒ ගාථායෙහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද විසඳුම වෙයි. මේ ගාථාව යම්සේ ද සියලු ගාථාවන්හිදු වෙය්‍යාකරණයන්හිදු මෙසේ යි. සූත්‍රය නිර්දිෂ්ට යි.

1. තත්‍ථ කතමා දෙසනා: ඉමං සුත‍්තං කෙනාධිප‍්පායෙන දෙසිතං, යෙ රාගචරිතා සත‍්තා, තෙ කාමෙ පජහිස‍්සන‍්තීති අයං තත්‍ථ භගවතො අධිප‍්පායො.

1. එහි දේසනා කවරැ: මේ සූත්‍රය කවර අදහසකින් දෙසනලද ද යත්: යම් රාගචරිත සත්‍ව කෙනෙක් වෙද්ද ඔහු කාමයන් දුරුකරන්නාහයි මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.

2. තත්‍ථ කතමො විචයො: යස‍්ස දසවත්‍ථුකා කිලෙසා උත‍්තිණ‍්ණා වන‍්තා විදිතා. කතමෙ දසවිධාති: කිලෙසකාමා ච ඔරම‍්භාගියඋද‍්ධම‍්භාගියා ච සඤ‍්ඤොජනා දසවත්‍ථුකානි ආයතනානි. අයං විචයො.

2. එහි විචය කවරෙ යැ: යමක්හු විසින් දසවස්තුක ක්ලේශයෝ උත්තීර්‍ණ වූවාහු මුදනලද්දාහු දන්නාලද්දාහු වෙත් ද, කවර දසවිධ වූවාහු ද යත්: ක්ලේශකාමයෝ ද ඕරම්භාගිය උද්ධම්භාගිය සංයෝජනයෝ ද දසවස්තුක ආයතනයෝ ද යන මොහු යි. මේ විචය යි.

3. තත්‍ථ කතමා යුත‍්ති: යෙ සාරත‍්තා තෙ දළ‍්හබන්‍ධනෙන බජ‍්ඣන‍්ති අත්‍ථි එසා යුත‍්ති.

3. එහි යුත්ති කවරැ: යම් කෙනෙක් ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ඇලුණා හු ද, ඔහු දැඩි බැඳුමෙන් බැඳුණාහු වෙත්. තෙල යුත්ති ඇත.

4. තත්‍ථ කතමො පදට‍්ඨානො: සාරත‍්තො මණිකුණ‍්ඩලෙසූති මමඞ‍්කාරස‍්ස පදට‍්ඨානං, අපෙක‍්ඛාති අතීතවත්‍ථුස‍්ස සාරාගස‍්ස පදට‍්ඨානං. එතම‍්පි ජෙත්‍වාති භාවනාය පදට‍්ඨානං.

4. එහි පදට්ඨාන කවරෙ යැ: මිණිකොඬොල්හි ඇලුණේ මමංකාරයට පදට්ඨාන යැ, ‘අපෙක්ඛා’ යනු අතීත වස්තුක වූ රාග ඇත්තහුට පදට්ඨාන යැ, ‘එතම්පි ජෙත්‍වා’ යනු භාවනාවට පදට්ඨාන යි.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො: සාරත‍්තචිත‍්තො මණිකුණ‍්ඩලෙසු යො අහඞ‍්කාරෙ විසත‍්තො මමඞ‍්කාරෙ විසත‍්තො, සො පුත‍්තදාරෙ සාරත‍්තො ඛෙත‍්තවත්‍ථුස‍්මිං සාරත‍්තො. අයං ලක‍්ඛණො හාරො.

5. එහි ලක්ඛණ කවරෙ යැ: යමෙක් මිණිකොඬොල්හි ඇලුණු සිත් ඇත්තේ අහංකාරයෙහි වෙසෙසින් ඇලුණේ ද මමංකාරයෙහි වෙසෙසින් ඇලුණේ ද හේ අඹුදරුවන් කෙරෙහි ඇලුණේ කෙත්වත්හි ඇලුණේ වෙයි. මේ ලක්ඛණහාර යි.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො: ඉධ සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යො නිබ‍්බානෙන ඡන්‍ද්‍රිකා භවිස‍්සන‍්ති තෙ පුත‍්තදාරෙසු තණ‍්හං පජහිස‍්සන‍්ති, අයං තත්‍ථ භගවතො අධිප‍්පායො. අයං චතුබ්‍යූහො හාරො.

6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් නිවනෙහි රුචි ඇත්තාහු වෙත් ද, ඔහු අඹුදරුවන් කෙරෙහි තෘෂ්ණාව හරනාහු යැ. මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රායයි. මේ චතුබ්‍යුහහාර යි.

7. තත්‍ථ කතමො ආවට‍්ටො: යා පුත‍්තදාරෙසු තණ‍්හා අයං සමුදයො. යෙ උපාදින‍්නක‍්ඛන්‍ධා තෙ යෙ ච බාහිරෙසු රූපෙසුපරිග‍්ගහො, ඉදං දුක‍්ඛං. යං තත්‍ථ ඡෙදනීයං, අයං නිරොධො. යෙන භිජ‍්ජති, අයං මග‍්ගො. ඉමානි චත‍්තාරි සච‍්චානි.

7. එහි ආවත්තහාර කවරෙ යැ: අඹුදරුවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇද්ද මේ සමුදය යැ, යම් උපාදින්නස්කන්‍ධ කෙනෙක් ඇද්ද ඔහු ද යම් බාහිර රූපයන්හි පරිග්‍රහයෙක් ඇද්ද, මේ දුක යැ, එහි යම් සිඳියැයුත්තෙක් ඇද්ද, මේ නිරෝධ යැ, යමකින් බිඳේ ද මේ මාර්‍ග යැ. මේ සතර සත්‍යයෝ යි.

8. විභත‍්තීති: නත්‍ථි විභත‍්තියා භූමි.

8. විභත්ති යනු: මෙහි විභත්තිහාරයට භූමි නැති.

9. පරිවත‍්තනොති: පටිපක‍්ඛො නිද‍්දිට‍්ඨො.

9. පරිවත්තන යනු: ප්‍රතිපක්‍ෂය දක්වන ලද්දේය.

10. තත්‍ථ කතමො වෙවචනො: නිද‍්දිට‍්ඨො වෙවචනො.

10. එහි වෙවචනහාර කවරෙ යැ: වේවචන දක්වනලද්දේ යි.

11. තත්‍ථ කතමො ඔතරණො: අත්‍ථි තණ‍්හා එකො සත‍්තො ඔතිණ‍්ණො තප‍්පච‍්චයා විඤ‍්ඤාණං, යාව ජරාමරණං, යා තත්‍ථ වෙදනා අයං අවිජ‍්ජා, විජ‍්ජුප‍්පාදා අවිජ‍්ජානිරොධො, යාව ජරාමරණනිරොධො.

11. එහි ඕතරණ කවරෙ යැ: තෘෂ්ණාව ඇත, සත්‍ව තෘෂ්ණායෙන් මඩනාලදුයේ වෙයි, ඒ තෘෂ්ණාප්‍රත්‍යයෙන් විඥානය වෙයි, ජරාමරණ දක්වා (කියැයුතු). එයි යම් වේදනාවක් ඇද්ද මේ අවිද්‍යා යැ. මාර්‍ගඥානවිද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි. ජරාමරණනිරෝධය දක්වා කියැයුතු.

12. තත්‍ථ කතමො සොධනො: සුද‍්ධො ගාථාය ආරම‍්භො.

12. එහි සෝධනහාර කවරෙ යැ: ගාථායෙහි ආරම්භය ශුද්ධ යි.

13. තත්‍ථ කතමො අධිට‍්ඨානො: “න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා”ති එකත‍්තතාය පඤ‍්ඤත‍්තා, න වෙමත‍්තතාය. චත‍්තාරො රාගා: කාමරාගො රූපරාගො භවරාගො දිට‍්ඨිරාගො චා’ති එකත‍්තතාය පඤ‍්ඤත‍්තා.

13. එහි අධිට්ඨාන කවරෙ යැ: “න තං දළ්හං බන්‍ධනමාහු ධීරා” යනු ඒකත්තතා (සාමාන්‍ය) යෙන් පනවනලදු, වේමත්තතායෙන් නොවේ. කාමරාග රූපරාග භවරාග දිට්ඨිරාග යන සතර රාගයෝ ඒකත්තතායෙන් පනවනලදහු යි.

14. තත්‍ථ කතමො පරික‍්ඛාරො: යෙසං රාගො මණිකුණ‍්ඩලෙසු තස‍්ස සුභසඤ‍්ඤා හෙතු, අනුබ්‍යඤ‍්ජනසො ච නිමිත‍්තග‍්ගාහො පච‍්චයො. යාය තෙ ඡින‍්නානි තස‍්ස අසුභසඤ‍්ඤා හෙතු, නිමිත‍්තග‍්ගහනඅනුබ්‍යඤ‍්ජනග‍්ගහනවිනොදනං පච‍්චයො.

14. එහි පරික්ඛාර කවරෙ යැ: මණිකුණ්ඩලයන්හි යම් කෙනකුන්ගේ රාගය වේ ද, ඒ රාගයට ශුභසංඥාව හේතු යැ, අනුබ්‍යඤ්ජනවශයෙන් නිමිත්තග්‍රාහය ප්‍රත්‍ය යි. යම් කරුණෙකින් ඒ මිණිකොඬොල් දිරුවාහු ද ඊට අශුභසංඥාව හේතු යි. නිමිත්තග්‍රහණ අනුව්‍යඤ්ජනග්‍රහණය දුරැලීම ප්‍රත්‍ය යි.

15. තත්‍ථ කතමො සමාරොපනො: සාරත‍්තො මණිකුණ‍්ඩලෙසු සම‍්මූළ‍්හවිධො දුට‍්ඨාතිපි එතම‍්පි ඡෙත්‍වාන පරිබ‍්බජන‍්තීති තං පරිඤ‍්ඤාතත්‍ථං පරිවජ‍්ජිතත්‍ථං පජහිතා. අයං සමාරොපනො.

15. එහි සමාරෝපන කවරෙ යැ: මණිකුණ්ඩලයන්හි ඇලුණේ සම්මූඪ වූයේ වෙයි. (දුට්ඨාතිපී?) තෙල බන්‍ධනය ද සිඳපියා නික්මැයෙත් යයි. (තං පරිඤ්ඤාතත්‍ථං පරිවජ්ජිතත්‍ථං පජහිතා?) මේ සමාරොපනහාර යි.