7. 13
7. 13.
7. 13.
“යං චෙතෙති යං පකප්පෙති යං අනුසෙති” විත්ථාරෙන පච්චයො යං වා චෙතසිකං කායිකං ච වාචසිකං ච කම්මං. කිං කාරණා: චෙතසිකා හි චෙතනා මනොකම්මන්ති වුච්චතෙ, යං චෙතනාකම්මං තං චෙතසිකං ඉමං කායිකං ච වාචසිකං ච ඉමානි තීණි කම්මානි නිද්දිට්ඨානි.
“යම් අරමුණක් සිතා ද සිත්හි ලා පවත්වා ද අනුශය වශයෙන් පවතී ද” (අභිසමය සංයුත්ත - කළාරඛත්තියවග්ග - චේතනා සූත්‍රය) විස්තරයෙන් කියැයුතු යම් චෛතසික කර්මයක් හෝ වේද, එය කායිකකර්ම ද වාචසිකකර්මය ද වෙයි. කරුණු කිම යත්: ඒ එසේ මැය, සිත්හි උපදනා චේතනා මනෝකම්ම යයි කියනුලැබේ. යම් චේතනාකර්මයක් ඇද්ද එය චෛතසික කර්ම යැ, මේ කායකර්මය ද වාක්කර්‍මය දැයි මේ තුන් කර්මයෝ දක්වනලද්දාහු යැ.
කායකම්මවචීකම්මානි ච තානි කුසලානිපි යං කායෙන ච වාචාය ච ආරභති පරාමසති, අයං වුච්චති සීලබ්බතපරාමාසො.
ඒ කායකර්ම වාක්කර්මයෝ ද කුශල වූවාහු ද වෙති. යම් කර්මයක් කයිනුදු වචනයෙනුදු කෙර් නම්, දැඩිව ගනී නම්, මේ සීලබ්බතපරාමාස යයි කියනු ලැබේ.
සඞ්කප්පනා තෙ තිවිධා සඞ්ඛාරා පුඤ්ඤමයා අපුඤ්ඤමයා ආනෙඤ්ජමයා, තප්පච්චයා විඤ්ඤාණං තෙ ආරම්මණඅමතං හොති විඤ්ඤාණස්ස ඨිතියා.
ඒ සංකල්පනයෝ ද පුඤ්ඤමය අපුඤ්ඤමය අනෙඤ්ජමය යන ත්‍රිවිධ සංස්කාරයෝ වෙති. ඒ සංස්කාරප්‍රත්‍යයෙන් කර්මවිඥානය වෙයි. කර්‍මවිඥානයාගේ සිටීමට තෙල අරමුණ වේ.
යා සුභසඤ්ඤා සුඛසඤ්ඤා අත්තසඤ්ඤා ච ඉදං චෙතසිකං. යං රූපූපගං විඤ්ඤාණං තිට්ඨති රූපාරම්මණං රූපපතිට්ඨිතං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලතං ගච්ඡති, අයං සඞ්කප්පනා. ඉති යං විඤ්ඤාණට්ඨිතීසු ඨිතං පඨමාභිනිබ්බත්ති ආරම්මණවසෙන උපාදානං. ඉදං වුච්චති චෙතසිකන්ති.
යම් ශුභසංඥාවක් සුඛසංඥාවක් ආත්මසංඥාවක් ඇද්ද මේ චෛතසිකකර්ම යැ, රූපභවයට පමුණුවන යම් කර්මවිඥානයක් රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටී ද, නන්දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වැඩීමට පිහිටීමට විපුලබවට යේ ද, මේ සංකල්පනා යැ. මෙසේ විඥානස්ථිතීන්හි සිටී ආලම්බන වශයෙන් ප්රථමාභිනිෂ්පත්ති වූ යම් උපාදානයක් ඇද්ද, මේ චෛතසික යයි කියනුලැබේ යි.
තත්ථ ඨිතස්ස අරූපස්ස යා නිකන්ති අජ්ඣොසානං, ඉදම්පි සකම්පිතං. මනාපිකෙසු රූපෙසු පියරූපසාතරූපෙසු ආභොගො, ඉදං චෙතසිකං.
එහි සිටී අරූපයාගේ යම් නිකාන්තියක් බැසැගෙන සිටීමක් ඇද්ද, මේද සකම්පිත යැ. ප්‍රියස්වභාව මධුරස්වභාව වූ මනවඩන රූපයන්හි යම් අභෝගයෙක් ඇද්ද, මේ චෛතසික කර්ම යි.
යං චෙතෙති සත්තෙසු මනාපිකෙසු අභිජ්ඣාකායගන්ථො. පටිඝානුසයෙසු බ්යාපාදකායගන්ථො. සබ්බෙ චත්තාරො ගන්ථා, අයං පඤ්චසු කාමගුණෙසු පඨමාභිනිපාතො චිත්තස්ස. යා චෙතනා යස්ස තත්ථ අස්සාදානුපස්සිස්ස අනෙකා පාපකා අකුසලා ධම්මා චිත්තං අරූපවතියො හොන්ති. (?) පුග්ගලො රාගානුබද්ධභූතො තෙහි කිලෙසකාමෙහි යථාකාමකරණීයො, අයං වුච්චතෙ කාමෙසු පකප්පනා. එවං සබ්බෙ චත්තාරො ඔඝා.
යම් චේතනාවක් කෙරේ ද එය මනවඩන සත්ත්වයන් කෙරෙහි අභිධ්‍යාකායග්‍රන්‍ථ වෙයි, ප්රතිඝානුශයෙහි ව්‍යාපාදකායග්‍රන්‍ථ වෙයි, සියලු සතර ග්රන්ථයෝ වෙත්. මේ පඤ්චකාමගුණයන්හි චිත්තයාගේ ප්රථමාභිතිපාතය යි. යමක්හුගේ යම් චේතනාවක් ඇද්ද, එහි ආස්වාද වශයෙන් දක්නහුට නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ වෙත්. (චිත්තං අරූපවත්තියො හොන්ති?) රාගයෙන් බැඳුණු පුද්ගල ඒ ක්ලේශකාමයන් විසින් රිසිසේ කළහැකි වෙයි. මේ කාමයන්හි ප්‍රකල්පනා යයි කියනු ලැබේ. සියලු සතර ඕඝයෝ මෙසේ යි.
යං තෙහි කාමෙහි සංයුත්තො විහරති භාවිතො අජ්ඣොසන්නො, අයං චෙතනා. යස්ස තථායං අවීතරාගස්ස අවිගතපෙමස්ස තස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. දුක්ඛානුපරිවත්තිතං විඤ්ඤාණං හොති, සරිතස්ස වයධම්මසමුප්පාදො චිත්තං පරියාදියති. ඉදං වුච්චති පකප්පිතන්ති.
යමෙක් ඒ කාමයන් විසින් සංයුක්ත වූයේ භාවිත වූයේ බැසගන්නාලදුයේ වාස කෙරේ ද, මේ චේතනා යැ. එසේ මැ යමකුට මේ කාමචේතනා වේ ද අවීතරාග වූ අවිගත වූ ප්‍රේම ඇති ඔහුට ඒ කාමයන්ගේ විපරිනාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදිත්. දුක අනුව පවත්නා විඥානය වෙයි, (සරිතස්ස?) ව්යයධර්මයන්ගේ ඉපදීම සිත හාත්පසින් මැඩගනී. මේ ප්‍රකල්පිත යයි කියනු ලැබේ.
එවමෙකස්ස චෙතෙති ච පකප්පෙති ච විඤ්ඤාණස්ස ඨිති යා හොති, සා ච ඨිති ද්විධා: ආරම්මණට්ඨිති ච ආහාරට්ඨිති ච, තත්ථ යා ආරම්මණට්ඨිති, අයං නාමරූපස්ස පච්චයො, යා ආහාරට්ඨිති යා පුනබ්භවාභිනිබ්බත්තිකා ඨිති යා ච පොනොභවිකා ඨිති, අයං වුච්චති ආරම්මණං, තං හොති විඤ්ඤාණස්ස ඨිතියා තස්ස විඤ්ඤාණපච්චයා නාමරූපං යාව ජරාමරණං ච චෙතෙති.
(එවමෙකස්ස චේතෙති ච පකප්පේති ච?) විඥානයාගේ යම් සිටීමක් වේ ද, ඒ ස්ථිතිය අරම්මණට්ඨිති යැ ආහාරට්ඨිති යැයි දෙපරිදි වෙයි: එහි යම් ආලම්බනස්ථිතියක් වේ ද මේ නාමරූපයට ප්‍රත්‍යය වෙයි. යම් ආහාර ස්ථියක් වේ ද, පුනර්භවයෙහි උපත ඇතිකරන පුනර්භවයට හිත වූ යම් ස්ථිතියකුත් වේද, මේ ආලම්බන යයි කියනු ලැබේ. එය කර්ම විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ඒ විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. ජරාමරණ දක්වා චේතනා කෙරෙයි.
අථ ච පුන පත්ථයතෙ යතො න පොනොභවිකා අනාගතවත්ථූම්හි. අයං පටිපක්ඛො නිද්දිට්ඨො, න චෙතෙති න පත්ථයති අත ච දූසෙතීති දුවිධො නිද්දෙසො. අස්ස පුබ්බෙ හොති තං චෙතසිකං තං පකප්පීතං අසමූහිතං තප්පච්චයා. අයං විඤ්ඤාණස්ස ඨිති හොති.
යලි යම්හෙයකින් අනාගත වස්තු විෂයෙහි පුනර්භවය ඇති කරන ප්‍රාර්‍ත්‍ථනා නොවේද, මේ ප්රතිපක්ෂභාවය දක්වන ලදී. චේතනා නො කෙරෙයි, ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, එකෙකුදුවත් දූෂණ කෙරේ නුයි දෙවැදෑරුම් නිර්දෙශය වේ. (අස්ස පුබ්බේ ... අසමූහිතං තප්පච්චයා?) කර්‍මවිඥානයාගේ මේ ස්ථිතිය වේ.
අථවා තස්ස අනුසයා ආවීභවන්ති තප්පච්චයා තස්ස පුනබ්භවො නිබ්බත්තති. අථවා නං සංකීයතෙ අප්පෙතු ආගාරෙ වා. සුඛුමා වා සන්ති වා න සංකීයතෙ කාමෙ තං එවං නිච්චෙසුපි ආගාරෙසු ජාතො හොති. තං නයති යං නො කප්පෙතුං එවං සංඛාරා චෙතිතා පකප්පිතා ච ආරම්මණභූතා හොන්ති. (?) යා ච චෙතනා යා ච පකප්පනා යං ච වත්ථු නිබ්බත්තං. උභොපි එතෙ ආරම්මණං විඤ්ඤාණස්ස, තථා චෙතනාය ච සංකප්පනාය ච පත්ථනාය ච භූතා සත්තා චෙතෙති ච සඞ්කප්පෙති ච. යං සභවෙසනා න ච චෙතෙති න ච සඞ්කප්පෙති. කතමෙ ච සත්තා භූතා: යෙ ච තනුජාතා අණ්ඩජාපි අණ්ඩකා අනුභින්නා සංසෙදජා න ච සම්භින්නා, ඉමෙ භූතා, කතමෙ සම්භවෙසිනො: ගබ්භගතා අණ්ඩගතා සංසරන්තො ඉමෙ න චෙතෙන්ති න පත්ථෙන්ති න ච සඞ්කප්පෙන්ති. අනුසයෙන ච පුනබ්භවො නිබ්බත්තීති.
නොහොත් ඔහුට අනුසයයෝ පහළවෙති, ඒ හේතුයෙන් ඔහුට පුනර්භවය උපදී, නොහොත් (නංසංකීයතෙ ... ආරම්මණභූතා හොන්ති?) යම් චේතනාවකුත් යම් ප්රකල්පනයකුත් වේද, උපන් යම් වස්තුවකුත් ඇද්ද මේ දෙක මැ විඥානයට අරමුණු වෙයි. එසේ මැ චේතනාවට ද සංකල්පනාවට ද ප්රාර්ත්ථනාවට ද අරමුණු වේ. භූත (උපන්) සත්ත්වයෝ චේතනා ද සංකල්පනා ද කෙරෙයි, සම්භවය සොයන සත්ත්ව නො ද සිතයි නො ද සංකල්පන කෙරෙයි. උපන් සත්වයෝ කවරහ: යම් තනුබවට ගිය අණ්ඩජයෝ ද අණ්ඩකෝෂයෙන් නික්මුණාහු ද සම්භේදයට නොගිය සංසේදජයෝ ද යන මොහු භූතයෝ යි. සම්භවේසීහු කවරහ: ගර්භගත වැ අණ්ඩකෝෂගත වැ හැසිරෙන යම් සත්ත්ව කෙනෙක් ඇද්ද මොහු චේතනා නො කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, සංකල්පනා නො කෙරෙත්. අනුසය හේතුකොට (ඔවුන්ට) පුනර්භවය උපදී යයි.
යෙ භූතා සත්තා යෙ සම්භවෙසිනො, තෙ ථාවරා. යෙ වා සත්තා චෙතෙන්ති පත්ථෙන්ති ච යෙ ථාවරා, තෙ න ච චෙතෙන්ති න ච පත්ථෙන්ති න ච සඞ්කප්පෙන්ති අනුසයෙන ච සංසරන්ති.
යම් උපන් සත්ව කෙනෙක් ඇද්ද යම් සම්භවේසීහු වෙත් ද ඔහු ථාවරයෝ යැ, යම් සත්ව කෙනෙක් සිතත් ද පතත් ද යම් ථාවර සත්ව කෙනෙක් වෙත් ද ඔහු නො ද සිතති, නො ද පතති, නො ද සංකල්පනා කෙරෙත්. අනුසයහේතුයෙන් සංසරණය කෙරෙත්.
අපරො පරියායො: යෙ අරියපුග්ගලා සෙඛා, තත්ථ තෙ න ච චෙතෙන්ති, න ච සඞ්කප්පෙන්ති, අනුසයෙන පුන උප්පජ්ජන්ති.
අන්‍යත් පරියායයෙකි: යම් ශෛක්ෂ ආර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, නො ද සංකල්පන කෙරෙති, අනුසය වශයෙන් යළි උපදිත්.
අපරො පරියායො: යෙ සුඛුමා පාණා භූමිගතා උදකගතා චක්ඛුනො ආපාථං නාගච්ඡන්ති, තෙ න ච චෙතෙන්ති න ච සඞ්කප්පෙන්ති, අනුසයෙන ච සංසරන්ති.
අන්‍යත් පරියායයෙකි: භූමිගත වූ උදකගත වූ යම් සියුම් ප්‍රාණීහු ඇස්හමුවට නො පැමිණෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, සංකල්පනා නො ද කෙරෙති, අනුසය වශයෙන් සැරිසරත්.
අපරො පරියායො: බාහිකා (?) සබ්බෙ භික්ඛු අභිමානිකා. තෙ න ච චෙතෙන්ති. න ච පත්ථයන්ති, අනුසයෙන ච සංසරන්ති. න ච චෙතෙන්ති න ච සඞ්කප්පෙන්ති න ච අනුසෙන්ති. ආරම්මණම්පෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා.
අනිකුදු පරියායයෙකි: (බාහිකා?) සියලු භික්ෂූහු අධිගතාභිමාන ඇත්තාහු වෙති, ඔහු නො ද චේතනා කෙරෙහි නො ද ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, අනුසය හේතුයෙන් සැරිසරත්. නො ද චේතනා කෙරෙත් ද නො ද සංකල්පන කෙරෙත් ද, අනුසය නො වෙත් ද, තෙල අරමුණ ද විඥානයාගේ ස්ථිතිය පිණිස නො වේ.
න ච චෙතෙතීති: පරියුට්ඨානසමුග්ඝාතං දස්සෙති. න ච අනුසෙතීති: අසුසයසමුග්ඝාතං දස්සෙති. න ච චෙතෙතීති ඔළාරිකානං කිලෙසානං පහානං දස්සෙති. න ච අනුසෙතීති: සුඛුමානං කිලෙසානං පහානං දස්සෙති. න ච චෙතෙතීති: යෙන (?) භූමි ච. න ච පත්ථයතීති: සකදාගාමී අනාගාමී. න ච අනුසෙතීති අරහා. න ච චෙතෙතීති සීලක්ඛන්ධස්ස පටිපක්ඛෙන පහානං දස්සෙති. න ච පත්ථයතීති සමාධික්ඛන්ධස්ස පටිපක්ඛෙන පහානං දස්සෙති. න ච අනුසෙතීති පඤ්ඤාක්ඛන්ධස්ස පටිපක්ඛෙන පහානං දස්සෙති. න ච චෙතෙතීති අපුඤ්ඤමයානං සඞ්ඛාරානං පහානං දස්සෙති. න ච අනුසෙතීති ආනෙඤ්ජමයානං සඞ්ඛාරානං පහානං දස්සෙති. න ච චෙතෙතීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, න ච පත්ථයතීති අඤ්ඤින්ද්රියං, න ච අනුසෙතීති අඤ්ඤාතාවිනො ඉන්ද්රියං. න ච චෙතෙතීති මුදුකා ඉන්ද්රියභාවනා, න ච පත්ථයතීති මජ්ඣඉන්ද්රියභාවනා, න ච අනුසෙතීති අධිමත්තා ඉන්ද්රියභාවනා. අයං සුත්තත්ථො.
‘න ච චේතෙති’ යි (ක්ලේශ) පරියුට්ඨානයාගේ නැසීම දක්වයි. ‘න ච අනුසෙ’ති යි අනුසයයන්ගේ නැසීම දක්වයි, ‘න ච චේතෙති’ යි ඖදාරික ක්ලේශයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි සියුම් කෙලෙසුන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි (සේන භූමි ච?) ‘න ච පත්ථයති’ යි සකදාගාමී අනාගාමී භූමි ද, ‘න ච අනුසෙති’ යි රහත්භූමි ද (දක්වයි,) ‘න ච චේතෙති’ යි ශීලස්කන්ධයට ප්රතිපක්ෂයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච පත්ථයති’ යි සමාධිස්කන්ධයට ප්රතිපක්ෂයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි ප්රඥාස්කන්ධයට ප්රතිපක්ෂයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි අපුණ්යමය සංඛාරයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච පත්ථයති’ යි පුණ්‍යමය සංස්කාරයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි ආනෙඤ්ජමය සංස්කාරයන්ගේ ප්රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද, ‘න ච පත්ථයති’ යි අඤ්ඤින්‍ද්‍රිය ද, ‘න ච අනුසෙති’ යි අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දක්වයි. ‘න ච චේතෙති’ යි මෘදු වූ ඉන්ද්රියභාවනාව ද ‘න ච පත්ථයති’ යි මධ්‍ය වූ ඉන්ද්රියභාවනාව ද ‘න ච අනුසෙති’ යි අධිමාත්‍ර වූ ඉන්ද්රියභාවනාව ද දක්වයි. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. තත්ථ කතමා දෙසනා: ඉධ සුත්තෙ චත්තාරි සච්චානි දෙසිතානි.
1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි චතුස්සත්‍යය දේශිත යි.
2-3. යං ච චෙතයිතං යං ච පකප්පිතං අත්ථි එතං ආරම්මණං චිත්තං පතිට්ඨාති විචිනාති යුජ්ජති. න ච චෙතෙතීති න ච පත්ථයතීති අත්ථි එතං ආරම්මණං අනුසයෙ විඤ්ඤාණමිති විචීනයති යුජ්ජති න ච චෙතෙති න ච පත්ථයති. අනුසයප්පහානා විඤ්ඤාණට්ඨිතිං න ගවෙසන්ති. විචයන්තං යුජ්ජති. අයං යුත්ති විචයො.
2-3. යම් චේතයිතයකුත් යම් පකප්පිතයකුත් ඇද්ද, යම් තැනෙක සිත පිහිටා නම් විචිනනය කෙරේ නම් තෙල අරමුණ ඇත. (එයින් දේශනාව) යෙදෙයි. න ච චේතෙති න ච පත්ථයති, යි තෙල අරමුණ ඇත. අනුසය ඇති කල්හි කර්මවිඥානය වේ යයි විචිනනය කෙරෙයි යනු යෙදෙයි. නො ද චේතනා කෙරෙයි, නො ද පතයි, අනුශය ප්‍රහාණයෙන් විඥානස්ථිතිය ගවේෂණය නො කෙරෙත්. ඒ විචය යෙදෙයි. මේ යුත්ති හා විචය යි.
4. තත්ථ කතමො පදට්ඨානො: චෙතනාපරියුට්ඨානං චෙතනාපරියුට්ඨානස්ස පදට්ඨානං. සඞ්කප්පනං උපාදානස්ස පදට්ඨානං. අනුසයො පරියුට්ඨානස්ස පදට්ඨානං, තෙසං ඡන්දරාගවිනයාය භාවනා භවරාගස්ස පහානං.
4. එහි පදට්ඨාන කවරෙ යැ: චේතනාපරියුට්ඨානය චේතනාපරියුට්ඨානයට පදට්ඨාන යැ, සංකල්පනය උපාදානයට පදට්ඨාන යැ, අනුසය පරියුට්ඨානයට පදට්ඨාන යැ, ඔවුන්ගේ ඡන්දරාග විනාශය පිණිස භාවනාව භවරාගයාගේ ප්රහාණය වේ.
5. තත්ථ කතමො ලක්ඛණො: යං චෙතසිකන්ති වෙදයිතං පකප්පිතං උග්ගහිතං විඤ්ඤාතං තං විඤ්ඤාණං ආරම්මණම්පි පච්චයොපි.
5. එහි ලක්ඛණ කවරෙ යැ: ‘චේතසික’ යයි වෙදයිතයක් ප්රකල්යතයක් දැඩිව ගන්නා ලද්දක් විඥානයක් ඇද්ද ඒ විඤ්ඤාණය ආලම්බන ද ප්‍රත්‍යය ද වේ.
6. තත්ථ කතමො චතුබ්යූහො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ පුනබ්භවං න ඉච්ඡන්ති, තෙ න චෙතයිස්සන්ති න ච පත්ථයිස්සන්තීති. අයං අධිප්පායො.
6. එහි චතුබ්‍යුහ කවරෙ යැ: මේ සූත්‍රයෙහි, භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් පුනර්භවය නො කැමැති වෙත් නම් ඔහු චේතනා නො කරන්නාහු යැ, නො ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු යැ යන මේ අධිප්‍රාය යි.
7. ආවට්ටොති: යා ච චෙතනා පත්ථනා ච අනුසයො ච විඤ්ඤාණට්ඨිති පහානා ච, ඉමානි ද්වෙ සච්චානි.
7. ආවත්ත යනු: යම් චේතනාවක් ප්‍රාර්‍ත්‍ථනාවක් අනුශයක් වේ ද, යම් විඥානස්ථිති ප්‍රහාණයකුත් වේ ද, මොහු සත්‍යයෝ දෙදෙනෙකි.
8. විභත්තීති: නත්ථි විභත්තියා භූමි.
8. විභත්ති යනු: මෙහි විභත්තිහාරයට භූමි නැති.
9. පරිවත්තනා පන පටිපක්ඛං සුත්තං.
9. පරිවත්තනා වැළිත් ප්රතිපක්ෂ සූත්‍රය යි.
10. තත්ථ කතමො වෙවචනො: චෙතනා රූපසඤ්චෙතනා යාච ධම්මසඤ්චෙතනා. සො අනුසයො තෙ සත්ත අනුසයා.
10. එහි වෙවචන කවරෙ යැ: රූපසංචේතනාව පටන් ධම්මසංචේතනා දක්වා චේතනා යැ, යම් අනුසයයෙක් ඇද්ද ඔහු සප්ත අනුශයෝ යි.
11. පඤ්ඤතීති: චෙතනා පරියුට්ඨානපඤ්ඤත්තියා පඤ්ඤත්තා. සඞ්කප්පනං උපාදානපඤ්ඤත්තියා පඤ්ඤත්තං. අනුසයො හෙතුපඤ්ඤත්තියා පඤ්ඤත්තා. විඤ්ඤාණට්ඨිති උපපත්තිහෙතුපඤ්ඤත්තියා පඤ්ඤත්තා. චෙතනා සඞ්කප්පනා අනුසයො සමුච්ඡෙදො ඡන්දරාගවිනයපඤ්ඤත්තියා පඤ්ඤත්තො. පඨමෙ කෙචි ද්වීහි පරිවත්තකෙහි පටිච්චසමුප්පාදො ඉදප්පච්චයතාය මජ්ඣපඤ්ඤත්ති. (?)
11. පඤ්ඤත්ති යනු: චේතනාව පරියුට්ඨානපඤ්ඤත්තියෙන් පනවනලදු. සංකල්පනය උපාදානපඤ්ඤප්තියෙන් පනවනලද, අනුසය හේතුපඤ්ඤත්තියෙන් පනවනලද, විඤ්ඤාණට්ඨිතිය උපප්රාප්තිහේතු ප්රඥප්තියෙන් පනවනලදු, චේතනා සංකල්පනා අනුශය සමුච්ඡේදය ඡන්දරාගවිනයප්රඥප්තියෙන් පනවන ලද, (පඨමෙ කෙචි ... මජ්ඣපඤ්ඤත්ති?)
12. ඔතරණොති: ද්වීහි පරිවත්තකෙහි දුක්ඛං ච සමුදයො ච, මජ්ඣිමකෙහි මග්ගො ච නිරොධො ච.
12. ඕතරණ යනු: පරිවත්තක දෙකකින් දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද, මධ්‍යම පරිවර්තකයන්ගෙන් මාර්‍ගසත්‍යය ද නිරෝධසත්‍යය ද දක්වන ලද වේ.
13. සොධනොති: සුත්තෙ සුත්තස්ස ආරම්භො.
13. සෝධන යනු: සූත්‍රයෙහි ලා සූත්‍රයාගේ ආරම්භය (දැනගනුකැමැති අර්ත්ථය) වේ.
14. අධිට්ඨානොති: යං චෙතයිතං සබ්බං අධිට්ඨානෙන එකත්තතාය පඤ්ඤත්තං. ‘සඞ්කප්පිත’න්ති උපාදානෙකත්තතාය පඤ්ඤත්තං විඤ්ඤාණං එකත්තතාය පඤ්ඤත්තං.
14. අධිට්ඨාන යනු: යම් චේතයිතයෙක් ඇද්ද සියල්ල අධිට්ඨානහාරයෙන් ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් පනවනලද. ‘සංකප්පිතං’ යනු උපාදාන එකත්තතායෙන් පනවනලද, කර්මවිඥාන ඒකත්තතායෙන් පනවන ලදි.
15. පරික්ඛාරොති: සුඛං ච ආරම්මණං අයොනිසො මනසිකාරො චෙතනා හෙතුපච්චයතාය පච්චයො. විඤ්ඤාණස්ස පතිට්ඨානො ධම්මො ආරම්මණපච්චයතාය පච්චයො. තස්ස මනසිකාරො හෙතුපච්චයතාය පච්චයො.
15. පරික්ඛාර යනු: සුඛාරම්මණය ද අයෝනිසෝමනසිකාරය චේතනා යන මේ හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. විඥානයට ප්‍රතිෂ්ඨා වූ ධර්මය ආලම්බන ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. ඒ ධර්මයාගේ මනසිකාරය හේතුප්රත්යායෙන් ප්‍රත්‍යය වේ.
16. තත්ථ කතමො සමාරොපනො: ඉදං සුත්තං සඤ්ඤිතං (?) තත්ථ චෙතෙති විසජ්ජනා ඉති නිද්දිසිතබ්බා, තස්ස දිට්ඨියා විඤ්ඤාණපච්චයා නාමරූපං යාව ජරාමරණං. අයං සමාරොපනො.
16. එහි සමාරොපනහාර කවරෙ යැ: මේ සූත්‍රය (සඤ්ඤිතං?) එහි චේතනා කෙරෙයි (යනු) විසඳුම යයි දැක්වියයුත්තීය (?) (තස්ස දිට්ඨයා?) විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, ජරාමරණ දක්වා විස්තර කළයුතු යැ. මේ සමාරොපනහාර යි.
ආරම්මණමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො. නාමරූපනිරොධා යාව ජරාමරණනිරොධො.
තෙල ආරම්මණය කර්‍මවිඥානයාගේ ස්ථිතිය පිණිස නො වෙයි. විඥානයාගේ නිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ජරාමරණනිරෝධය දක්වා විස්තර කළ යුතු.