යෙදුමෙන් කියවන්න

7. 14

7. 14.

7. 14.

තත්‍ථ කතමං සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච අසෙඛභාගියං ච සුත‍්තං: “අයං ලොකො සන‍්තාපජාතො යාව “යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා භවෙන භවස‍්ස විප‍්පමොක‍්ඛමාහංසු”. සංකිලෙසභාගියං “උපධීහි පටිච‍්ච දුක‍්ඛමිදං සම‍්භොති,” (යා තා පන “භවතණ‍්හා පහීයති, විභවං නාභිනන්‍දතී”ති අයං නිබ‍්බෙධො, “තස‍්ස නිබ‍්බුතස‍්සභික‍්ඛුනො අනුපාදානා පුනබ‍්භවො න හොති” උපච‍්චගා සබ‍්බභවානි තාදී”ති අසෙඛභාගියං.

එහි සංකිලෙසභාගිය නිබ්බේධභාගිය අසේඛභාගිය ද වූ සූත්‍රය කවරෙ යැ: “මේ සත්‍ව ලෝක තෙමේ (ඥාතිව්‍යසනාදීන්) උපන් ශෝකසන්තාප ඇත්තේ” යැ යනු පටන් “යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් භවයාගේ නොහොත් භවදෘෂ්ටියෙන් භවයාගේ මිදීම (ශුද්ධිය) කියත් ද” යනු දක්වා සංකිලෙසභාගිය වෙයි. “ඛන්‍ධාදි” උපධීන් නිසා මේ සසරදුක හටගනී.” (යනු සංකිලේස යි) “භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වෙයි” යන මේ නිබ්බේධ යැ. “ඒ කෙලෙස්පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ.” “සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යැ” යනු ආසේඛභාගිය යි.

තත්‍ථ “සන‍්තාපජාතො”ති: රාගජො සන‍්තාපො දොසජො මොහජොති තෙසං සත‍්තානං ඨානං දස‍්සෙති. “ලොකො සන‍්තාපජාතො”ති ඵස‍්සො තිවිධො: සුඛවෙදනීයො දුක‍්ඛවෙදනීයො අදුක‍්ඛමසුඛවෙදනීයො තත්‍ථ සුඛවෙදනීයො ඵස‍්සො රාගසන‍්තාපො, දුක‍්ඛවෙදනීයො දොසසන‍්තාපො, අදුක‍්ඛමසුඛවෙදනීයො මොහසන‍්තාපො. යථා ච භගවා ආහ. හත්‍ථකස‍්ස ආළවකස‍්ස ගොමග‍්ගෙ “යෙහි ගහපති පුත‍්තො රාගජෙහි දොසජෙහි මොහජෙහි සන‍්තාපෙහි දුක‍්ඛං සුපති, තෙ මම සන‍්තාපා න සන‍්තී”.

එහි “සන්තාපජාතො” යනු: රාගයෙන් උපන් සන්තාප යැ ද්වේෂයෙන් මෝහයෙන් උපන් සන්තාප යි. “ලෝකෝ සන්තාපජාතො” යී ඒ සත්‍වයන්ගේ ස්ථානය දක්වයි. ඵස්සය තෙවැදෑරුම් යැ: සුඛවේදනීය යැ දුක්ඛවේදනීය යැ අදුක්ඛමසුඛවේදනීය යි. එහි සුඛවේදනීය ඵස්සය රාගසන්තාප යැ, දුක්ඛවේදනීය ඵස්සය දෝසසන්තාප යැ, අදුක්ඛම සුඛවේදනීය ඵස්සය මෝහසන්තාප යි. ගෝමගැ වැඩහුන් බුදුහු හත්‍ථකආළවක කුමරුට මෙසේ වදාළහ: “ගැහැවිපුත් රාගයෙන් උපන් ද්වේෂයෙන් උපන් මෝහයෙන් උපන් යම් සන්තාපයකින් දුකසේ හොවී ද ඒ සන්තාපයෝ මට නො වෙති.”

“රොදං වදති අත‍්තතො”ති: තෙහි සන‍්තාපෙහි සන‍්තාපිතො තිවිධං විපල‍්ලාසං පටිලභති: සඤ‍්ඤාවිපල‍්ලාසං චිත‍්තවිපල‍්ලාසං දිට‍්ඨිවිපල‍්ලාසං. තත්‍ථ අසුභෙ සුභන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො, දුක‍්ඛෙ සුඛන‍්ති චිත‍්තවිපල‍්ලාසො, අනිච‍්චෙ නිච‍්චන‍්ති අනත‍්තනි අත‍්තාති දිට‍්ඨිවිපල‍්ලාසො.

“තමා විසින් පහස්නාලද දුක (මෙබන්දක් සතුරකුටත් නො වේව’ යි) වැලැපෙමින් කියයි. (‘රෝගං’ යන පාඨයෙහි පහස් හේතුයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි.) යනු: ඒ සන්තාපයන් විසින් තවනලදුයේ සඤ්ඤාවිපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස යන ත්‍රිවිධ විපර්‍ය්‍යාසයට පැමිණෙයි. එහි අශුභයෙහි ශුභ යයි සඤ්ඤාවිපල්ලාස යැ, දුඃඛයෙහි සුඛ යයි චිත්තවිපල්ලාස යැ, අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යයි දිට්ඨීවිපල්ලාස යි.

යථා චිත‍්තස‍්ස විපල‍්ලාසො සඤ‍්ඤා-දිට‍්ඨි තෙ තිවිධා විතක‍්කා: චිත‍්තවිතක‍්කො විපල‍්ලාසො, සඤ‍්ඤාවිතක‍්කො විපල‍්ලාසො, දිට‍්ඨිවිතක‍්කො විපල‍්ලාසොපි. තත්‍ථ අවිජ‍්ජා විපල‍්ලාසො ගොචරා ගතිපතෙය්‍යභූමි, (?) යථා හි තං සඤ‍්ජානාති යථා විජානාති යථා සඤ‍්ජානාති ච විජානාති ච. යථා ඛන‍්ති චෙතෙති ඉමෙ චත‍්තාරො විපල‍්ලාසා. සත‍්තා යෙහි චතුබ‍්බිධං අත‍්තභාවවත්‍ථුං රොගභූතං ගණ‍්ඩභූතං ‘අත‍්තා’ති වදන‍්ති. “රොදං වදති අත‍්තතො”ති අයං ආවට‍්ටො.

චිත්තසඤ්ඤාදිට්ඨි යම්සේ විපල්ලාස වෙත් ද, ඔහු ත්‍රිවිධ විතර්‍කයෝ වෙති, චිත්තවිතර්‍කය විපල්ලාස යැ, සංඥාවිතර්‍කය විපල්ලාස යැ, දෘෂ්ටිවිතර්‍කය විපල්ලාස යි. එහි අවිජ්ජාවිපල්ලාසය (ගෝචරා ගතිපතෙය්‍යභූමි?) යම් සේ ඒ අවිද්‍යාව හැඳිනගනී ද වෙසෙසින් දැනගනී ද යම්සේ හඳුනන්නේත් දැනගන්නේත් වේ ද යම්සේ රුචිකෙරේ ද සිතා ද මේ සතර විපල්ලාසයෝ යැ. සත්‍වයෝ යම් විපල්ලාසයකින් රෝගයක් බඳු වූ ගඬක් බඳු වූ සිව්වැදෑරුම් ආත්මභාවවස්තුව ආත්මයයි කියත් ද එබඳු විපල්ලාසයෝ යි. “රෝදං වදති අත්තතෝ” යි මේ ආවට්ට යි.

“යෙන යෙන හි මඤ‍්ඤති තතො නං හොති අඤ‍්ඤථා”ති ‘සුභ’න‍්ති මඤ‍්ඤති න තථා හොති. එවං ‘සුඛ’න‍්ති ‘නිච‍්චං අත‍්තා’ති සො අඤ‍්ඤථා භවමෙව සන‍්තං අනාගතං භවං පත්‍ථෙති. තෙන වුච‍්චති භවරාගො’ති භවමෙවාභිනන්‍දතීති යං අභිනන්‍දති තං දුක‍්ඛන‍්ති, පඤ‍්චක‍්ඛන්‍ධෙ නිද‍්දිසති යං ච තප‍්පච‍්චයා සොකපරිදෙවදුක‍්ඛං තස‍්ස හි භාවෙස‍්සති. එත‍්තාවතා සඞ‍්කිලෙසො හොති. පහානත්‍ථං ඛො පන බ්‍රහ‍්මචරියං වුස‍්සති තිණ‍්ණං සන‍්තාපානං, ඡන්‍දරාගවිනයො හොති.

“යම් යම් පරිද්දෙකින් තමාගේ දුකට පිළියම් සිතත් ද ඒ දුකට එයින් අන්පරිද්දෙකින් පිළියම් කටයුතු වෙයි” යනු ‘ශුභ’ යයි සිතයි, එපරිදි ශුභ නො වෙයි, එසෙයින් සුඛ යැ නිත්‍ය යැ ආත්ම යයි සිතයි, (එපරිදි නො වේ.) හේ අන්පරිද්දෙකින් වන්නාවූ මැ අනාගත භවය පතයි. එයින් කියලු ලැබේ, “භවරාග” යයි. “භවමෙවාභිනන්‍දති” යනු: යමක් අභිනන්‍දනා කෙරේ ද එය දුක යයි පඤ්ච ස්කන්‍ධයන් දක්වයි. ඒ හේතුයෙන් යම් ශෝක පරිදේව දුඃඛයක් වේද ඔහුට ඒ දුක වන්නේය (තස්ස හි භාවේස්සති?) මෙතෙකින් සංකිලේසය වේ. තුන් සන්තාපයන්ගේ ප්‍රහාණය පිණිස මගබඹසර වෙසෙයි, (එයින්) ඡන්‍දරාගවිනය වේ.

“උපධීහි පටිච‍්ච දුක‍්ඛමිදං සම‍්භොතී”ති යෙ භවමෙවාභිනන්‍දන‍්ති තං භයං, යස‍්ස භායති තං දුක‍්ඛං, තස‍්ස දුක‍්ඛස‍්ස පහානාමාහ. සබ‍්බසො උපාදානානං ඛයා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවොති.

“උපධී හි පටිච්ච දුක්ඛමිදං භවති” යනු: යම් කෙනෙක් භවය මැ කැමැති වෙත් ද, එය (විපරිණාමස්වභාව හෙයින්) බියෙකි. යම් (ජරාමරණාදියෙකින්) බිය වේද, එය දුකෙකි. ඒ දුඃඛයාගේ ප්‍රහාණය වදාළහ, සර්‍වප්‍රකාරයෙන් උපාදානයන්ගේ ක්‍ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ’ යි.

චත‍්තාරො විපල‍්ලාසා යථා නිද‍්දිට‍්ඨඋපාදානමාහ. තත්‍ථ පඨමො විපල‍්ලාසො කාමූපාදානං, දුතියං දිට‍්ඨූපාදානං, තතියං සීලබ‍්බතූපාදානං, චතුත්‍ථං අත‍්තවාදූපාදානං. තෙසං යො ඛයො නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවො, උපධිපහානා දුක‍්ඛනිරොධමාහ.

සතර විපල්ලාසයෝ යථානිර්දිෂ්ට වූ උපාදානය කියති. එහි ප්‍රථම විපල්ලාසය කාමූපාදාන යැ, දෙවැන්න දිට්ඨූපාදාන යැ, තෙවැන්න සීලබ්බතූපාදාන යැ, සතරවැන්න අත්තවාදූපාදාන යි. ඔවුන්ගේ යම් ක්‍ෂයවීමෙක් ඇද්ද (එකල්හි) දුඃඛයාගේ සම්භවයෙක් නැත. උපධීන්ගේ ප්‍රහාණයෙන් දුක්ඛනිරෝධය වදාළහ.

එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො. භවතණ‍්හා පහීයති විභවං නාභිනන්‍දතීති.

මෙසේ (ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන්) තෙල භව යයි කියන ලද පඤ්චස්කන්‍ධය තත් වූ පරිදි විදර්‍ශනාසහිත මාර්‍ගඥානයෙන් දක්නහුට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, විභව සංඛ්‍යාත උච්ඡේදය ද නො කැමැති වේ’ යයි.

දස‍්සනභූමිං මන‍්තෙති, “සබ‍්බසො තණ‍්හානං ඛයා නිබ‍්බාන’න‍්ති ද‍්වෙ විමුත‍්තියො කථෙති: රාගවිරාගං ච අවිජ‍්ජාවිරාගං ච. “තස‍්ස භික‍්ඛුනො”ති අනුපාදිසෙසනිබ‍්බානධාතුං මන‍්තෙති. අයං සුත‍්තස‍්ස අත්‍ථනිද‍්දෙසො.

දර්‍ශනභූමිය පවසයි. සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් නිර්‍වාණය වේ යයි රාගවිරාගචේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්ති වදාරති. “තස්ස භික්ඛුනෝ” යි අනුපාදිසේස නිර්‍වාණධාතුව වදාරත්. මේ සූත්‍රයාගේ අර්‍ත්‍ථනිර්දේශයි.

2-3 තත්‍ථ කතමො විචයො: යස‍්ස යත්‍ථ පරිළාහෙති තස‍්ස පරිඩය‍්හන‍්තස‍්ස සො යථා භූතං නත්‍ථි නිබ‍්බින්‍දති ච, අයං විචයො ච යුත‍්ති ච.

2-3. එහි විචය කවරෙ යැ: යම් තැනෙක යමකුට පරිදාහය වේ ද, දැවෙන්නාවූ ඔහුට (සො යථාභූතං නත්‍ථි?) නිර්වේදයට පැමිණෙන්නේ ද වෙයි. මේ විචය ද යුත්ති ද වේ.

4. පදට‍්ඨානො: රාගජො පරිළාහො සුඛින්‍ද්‍රියස‍්ස සොමනස‍්සීන්‍ද්‍රියස‍්ස ච පදට‍්ඨානං, දොසජො පරිළාහො දුක‍්ඛින්‍ද්‍රියස‍්ස දොමනස‍්සින්‍ද්‍රියස‍්ස ච පදට‍්ඨානං. මොහජො පරිළාහො උපෙක‍්ඛින්‍ද්‍රියස‍්ස දොමනස‍්සින්‍ද්‍රියස‍්ස ච පදට‍්ඨානං.

4. පදට්ඨාන කවරෙ යැ: රාගයෙන් උපන් පරිදාහය සුඛින්‍ද්‍රියට ද සෝමනස්සින්‍ද්‍රියට ද පදට්ඨාන යැ, දෝසජපරිළානය දුක්ඛින්‍ද්‍රියට ද දෝමනස්සින්‍ද්‍රියට ද, පදට්ඨාන යැ, මෝහයෙන් උපන් පරිළාහය උපෙකඛින්‍ද්‍රියට ද දෝමනස්සින්‍ද්‍රියට ද පදට්ඨාන යි.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො හාරො: ඵස‍්සපරෙතො වෙදනාපරෙතො සඤ‍්ඤාපරෙතොපි සඞ‍්ඛාරපරෙතොපි යෙන යෙන මඤ‍්ඤති යදි සුභනිමිත‍්තෙන යදි සුඛනිමිත‍්තෙන යදි නිච‍්චනිමිත‍්තෙන යදි අත‍්තනිමිත‍්තෙන අසුභෙ සුභන‍්ති මඤ‍්ඤති, එවං සබ‍්බං, රාගජෙ පරිළාහෙ වුත‍්තෙ චත‍්තාරො පරිළාහා වුත‍්තා භවන‍්ති. රාගජො දොසජො මොහජො දිට‍්ඨිජො ච, රාගං වදාමීති අත‍්තතො වදති. සබ‍්බානි පන‍්නරසපදානි, අනිච‍්චං දුක‍්ඛන‍්ති.

5. එහි ලක්ඛණහාර කවරෙ යැ: ඵස්සයෙන් මඩනා ලදුයේ වේදනායෙන් - සංඥායෙන් - සංස්කාරයෙන් ද මඩනාලදුයේ යම් යම් පරිද්දෙකින් ඉදින් ශුභනිමිත්ත වශයෙන් හෝ සුඛනිමිත්ත වශයෙන් හෝ නිත්‍යනිමිත්ත වශයෙන් හෝ ආත්මනිමිත්ත වශයෙන් හෝ (තෘෂ්ණා විසින්) සිතා ද, අශුභයෙහි ශුභ යයි සිතයි, මෙසේ සියල්ල කියැයුතු. රාගජපරිළාහය කී කල්හි සතර පරිදාහයෝ කියනලද්දාහු වෙති. රාගජ යැ දෝසජ යැ මෝහජ යැ දිට්ඨජ යැ යන සතර යි. “රාගං වදාමි” යනු ආත්මවශයෙන් කියයි. සියලු පසළොස් පදයෝ වෙති. (අනිච්චං දුක්ඛන්ති?)

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො: ඉධ සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙ පරිළාහෙන න ඉච‍්ඡන‍්ති තෙ භවං නාභිනන්‍දන‍්ති. යෙ භවං නාභිනන්‍දන‍්ති තෙ පරිනිබ‍්බායන‍්ති. අයං අධිප‍්පායො.

6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් පරිදාහයෙන් නො රිසි වෙත් ද, ඔහු භවය නො කැමැති වෙති, යම් කෙනෙක් භවය නො කැමැති වෙත් ද ඔහු පිරිනිවෙත්. මේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.

7. තත්‍ථ කතමො ආවට‍්ටො: සඞ‍්කිලෙසභාගියෙන දුක‍්ඛං ච සමුදයං ච නිද‍්දිසති. නිබ‍්බෙධභාගියෙන මග‍්ගං ච නිරොධං ච.

7. එහි ආවට්ටහාර කවරෙ යැ: සංකිලෙසභාගිය සූත්‍රයෙන් දුක්ඛය ද සමුදය ද දක්වයි, නිබ්බේධභාගිය සූත්‍රයෙන් මග්ගය ද නිරෝධය ද දක්වයි.

8. තත්‍ථ කතමො විභත‍්ති හාරො: සන‍්තාපජාතො රොගජාතො, රොදං වදති අත‍්තනො, තං න එකංසෙන හෙති අමනසිකාරා සන‍්තාපජාතො ඛො න ච රොදං අත‍්තනො වදති.

8. එහි විභත්තිහාර කවරෙ යැ: හටගත් සන්තාප ඇතියේ හටගත් රෝග ඇතියේ යැ, “රෝදං වදති අත්තනෝ” යනු: එය ඒකාන්තයෙන් නො වෙයි. නො මෙනෙහි කිරීම හේතු කොට උපන් සන්තාප ඇතියේ වැලැපෙමින් තමහට වන් දුක නො ද කියයි.

9. තත්‍ථ කතමො පරිවත‍්තනො: පක‍්ඛපටිපක‍්ඛනිදස‍්සනත්‍ථං භූමි පරිවත‍්තනාය,

9. එහි පරිවත්තන කවරෙ යැ: පක්‍ෂ ප්‍රතිපක්‍ෂ දැක්වීම සඳහා පරිවත්තනහාරයට භූමි වෙයි.

10. තත්‍ථ කතමො වෙවචනො හාරො: රොගං ච අත‍්තතො වදති, සල‍්ලං අත‍්තතො වදති. පන‍්නරස පදානි සබ‍්බානි වත‍්තබ‍්බානි.

10. එහි වෙවචනහාර කවරෙ යැ: රෝගය ආත්මහෙයින් කියයි. සල්‍යය ආත්ම හෙයින් කියයි. සියලු පසළොස් පදයෝ කියැයුත්තාහු යි.

11. තත්‍ථ කතමා පඤ‍්ඤත‍්ති: සන‍්තාපජාතො’ති දොමනස‍්සපදට‍්ඨානං, සබ‍්බෙ වචනපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤපෙති. රොගං වදති අත‍්තතො, විපල‍්ලාසො සඞ‍්කිලෙසපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤපෙති. යං අභිනන්‍දති -පෙ- තං දුක‍්ඛන‍්ති විපල‍්ලාසනික‍්ඛෙපපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා, තෙ අකතසත‍්තා ලොකා මජ‍්ඣෙන වෙමත‍්තතාය පඤ‍්ඤත‍්තා.

11. එහි පඤ්ඤත්ති කවරැ: ‘සන්තාපජාතො’ යනු දොම්නසට පදට්ඨාන යැ, සියල්ල වචනපඤ්ඤත්තියෙන් (?) පනවයි, ‘රෝගං වදති අත්තතෝ’ යනු: විපල්ලාස යැ (එය) සංකිලේසපඤ්ඤත්තියෙන් පනවයි, ‘යං අභිනන්‍දති -පෙ- තං දුක්ඛං’ යනු විපල්ලාසනික්ඛේපපණ්ණත්තියෙන් පනවන ලද. (තෙ අකතසත්තා ... පඤ්ඤත්තා?)

12. තත්‍ථ කතමො ඔතරණො: සන‍්තාපජාතො’ති තීණි අකුසලමූලානි, තෙ සංඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා, ධාතුසු ධම‍්මධාතු, ආයතනෙසු ධම‍්මායතනං, ඉන්‍ද්‍රියෙසු ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ච පදට‍්ඨානං.

12. එහි ඕතරණහාර කවරෙ යැ: ‘සන්තාපජාතො’ යනු: තුන් අකුශලමූලයෝ යැ, ඒ සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධයෙහි බැසගෙන සිටියාහු යැ, ධාතුන් කෙරෙහි ධම්ම ධාතු යැ ආයතනයන් කෙරෙහි ධම්මායතන යැ ඉන්‍ද්‍රියයන් කෙරෙහි ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ද වෙයි. මේ පදට්ඨාන යි.

13. තත්‍ථ කතමො සොධනො: සුද‍්ධො සුත‍්තස‍්ස ආරම‍්භො.

13. එහි සෝධන කවරෙ යැ: සූත්‍රයාගේ ආරම්භය ශුද්ධ යි.

14. තත්‍ථ කතමො අධිට‍්ඨානො හාරො: පරිළාහො’ති යෙ සත‍්තා ලොකා එකත‍්තපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා, තෙ අකතසත‍්තා ලොකා මජ‍්ඣෙන වෙමත‍්තතාය පඤ‍්ඤත‍්තා.

14. එහි අධිට්ඨානහාර කවරෙ යැ: ‘පරිළාහො’ යනු: යම් ලෝවැසි සත්‍ව කෙනෙක් ඒකත්‍ව (සාමාන්‍ය) ප්‍රඥප්තියෙන් පනවනලද්දාහු ද ඔහු (අකතසත්තා ලෝකා මජ්ඣෙන?) වේමත්තතායෙන් පනවනලද්දාහුයි.

15. තත්‍ථ කතමො පරික‍්ඛාරො: ‘සන‍්තාපජාතොති අයොනිසොමනසිකාරො හෙතු, විපල‍්ලාසං ච පච‍්චයො. තත්‍ථ ද‍්වීහි ධම‍්මෙහි අත‍්තා අභිනිවිට‍්ඨා චිත‍්තං ච චෙතසිකං ච ධම‍්මෙ උභයානි තස‍්ස විපරීතෙන පරාමසතො.

15. එහි පරික්ඛාර කවරෙ යැ: ‘සන්තාපජාතො’ යනු: අයෝනිසෝ මනසිකාරය හේතු යැ, විපල්ලාසය ප්‍රත්‍ය යැ, එහි ධර්‍ම දෙකකින් (අත්තා අභිනිවිට්ඨා ... පරාමසතෝ?)

අපරො පරියායො: චෙතයිකෙහි ධම‍්මෙහි අත‍්තසඤ‍්ඤා අනත‍්තසඤ‍්ඤං සමුග‍්ඝාතෙති. අපරො පරියායො: අනිච‍්චසඤ‍්ඤා චෙතසිකෙසු ධම‍්මෙසු, න තු අත‍්තසඤ‍්ඤා. ඉදං වුච‍්චති චිත‍්තන‍්ති වා මනොති වා විඤ‍්ඤාණන‍්ති වා, ඉදං දීඝරත‍්තං අබ‍්භුග‍්ගතං එතං මම, එසො ‘හමස‍්මි, එසො, මෙ අත‍්තා’ති. තත්‍ථ චෙතසිකා ධම‍්මානුපස‍්සනා, එසාපි ධම‍්මසඤ‍්ඤා. තස‍්ස කො හෙතු, කො පච‍්චයො. අහඞ‍්කාරො හෙතු, මමඞ‍්කාරො පච‍්චයො.

අන්‍ය පරියායයෙකි: චෛතසිකධර්‍මයන් හේතු කොට ආත්මසංඥාව අනාත්ම සංඥාව නසයි. අන්‍යත් පරියායයෙකි: චෛතසිකධර්‍මයන්හි අනිත්‍යසංඥාව වෙයි. ආත්මසංඥාව නොවේ. මෙය චිත්ත යැ හෝ මනෝ යැ හෝ විඤ්ඤාණ යැ හෝ යයි කියනු ලැබේ. ‘තෙල මාගේ යැ තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යන මේ දීර්‍ඝකාලයෙහි උපන්නේ යැ, එහි චෛතසික වූ ධම්මානුපස්සනාව යැ, මෙ ද ධර්‍ම සංඥා වෙයි, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: අහංකාරය හේතු යැ, මමංකාරය ප්‍රත්‍යය යි.

16. තත්‍ථ කතමො සමාරොපනො: අයං ලොකො සන‍්තාපජාතො’ති අකුසලං මන‍්තෙති, විඤ‍්ඤාණං නාමරූපස‍්ස පච‍්චයො, යාව ජරාමරණන‍්ති. අයං සමාරොපනො.

16. එහි සමාරෝපන කවරෙ යැ: ‘අයං ලෝකෝ සන්තාපජාතො’ යි අකුශලය කියයි. විඤ්ඤාණය නාමරූපයට ප්‍රත්‍යය වෙයි. ‘ජරාමරණං’ යනු දක්වා කියැයුතු. මේ සමාරෝපන යි.

‘එවමෙතං යථාභූතං සම‍්මපඤ‍්ඤාය පස‍්සති’ අකුසලමූලානං පහානං. තත්‍ථ අවිජ‍්ජානිරොධො, අවිජ‍්ජානිරොධා යාව ජරාමරණනිරොධො. අයං සමාරොපනො.

‘එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති’ යනු: අකුශලමූලයන්ගේ ප්‍රහාණ යැ, එහි අවිජ්ජානිරෝධය වෙයි. අවිජ්ජානිරෝධයෙන් ජරාමරණනිරෝධය දක්වා කියැයුතු, මේ සමාරොපනහාර යි.